Friday, April 29, 2016

මෑං පවර් ස්ථීර කිරීම

මෑන් පවර් කියලා කට්ටියක් අර්ධ රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල වගේ  ආයතන වලට බදවා ගෙන ඉන්නවා..මේ අය ස්ථීර කරන්න කියලා විවිධ ආකාරයේ කලබල විටින් විට ඇතිවෙනවා.. මේ බදවා ගැනීම් සම්බන්ධ පොදු ගතිගුණ කීපයක් ගැන අපි මදක් සලකා බලමු.. 

ආයතන තුල යහපත් මානව සම්පත් කළමනාකරන ක්‍රමවේදයක් නොමැති වීම 


ආයතනයක ඉහල නිලවලදි පරිපාලනය කියන්නෙ නිකාංම උදේ ඇවිත් කොල වලට අත්සන් කරල යන එක නෙමෙයි.. යම් යම් දේවල් ආයතනය වෙනුවෙන් හිතන්න මතන්න ඕනි. ආයතනයේ මෙහෙයුම් කරගෙන යන්න සේවකයින් බදවාගැනීමත් එහෙමයි.. ආයතනික මෙහෙයුම් කරගෙන යන්න සේවකයින් අවශ්‍යයි කියලා මැද ස්ථර මගින් ඉහලට දැනුම් දෙනවා.. 

එතැනදී මැද සහ ඉහල ස්ථරය එකතුවෙලා මේකට විසදුම් හොයාගන්නට ඕනි..අලුතින් සේවකයින් බදවාගත්තා කියලා අලුත් ආදායමක්..අලුතින් වියදම් අඩුවීමක් වෙන්නෙ නැතුව තියෙන ආදායමම තවදුරටත් සේවකයින්ට සුබසාධනයටම වියදං වෙනෝ නම් එතන ගැටළුවක් තියෙනවා.. 

මේ කිව්වෙ ඉතාම සරලව..ආයතනයක සේවකයින් සදහා පුරප්පාඩු ඇතිවීම හා ඒ හිදැස පිරවීමට තියෙන එකම විසදුම නව සේවකයින් අනුයුක්ත කිරීමම නෙමෙයි.. දැන් දැන් ආයතන වල සේවාවන් විවිධ අන්දමින් නවීකරනය වුනු පද්ධතින් වලට ඇතුලත් කරනවා..උදාහරණ විදියට මම ක්‍රෙඩිට් කාඩ් එක ගත්ත මුල් දවස්වල ඒකෙ බැලන්ස් බලන්න වෙන්නෙ කස්ටමර් කෙයාර් ගෑනුලමයෙක් ගෙන්..ඒත් දැන් ඒ කොම්පැනියෙන් ඒක ස්වයංක්‍රීය කරලා.. අංකය ගහල රහස් අංකයත් ගැහුවාම ටෙලිපෝන් එකෙන් ම බැලන්ස් එක සහ විස්තර ගොඩක් ගන්න පුලුවනි.. ඇතැම් සමාගම් වල යම් යම් කටයුතු පරිඝනක ගත කරලා පාරිබෝගිකයාට ගැටලු තියේනං ඒ පරිඝනක ගත ක්‍රමවේදයෙන් රපෝර්තු කරන්න පුලුවනි.. ලංකා බැංකුව වගේ රාජ්‍ය බැංකු පවා දැන් ඔන්ලයින් එකවුන්ට් තබාගන්න සිය ගනුදෙනුකරුවන් දිරිමත් කරනවා.. 

මේක සේවා අංශයට ගියොත් මම දැකල තියෙනවා ඩී ඇච් ඇල් කියන බඩු භාන්ඩ බෙදාහරින කොම්පැනියෙ වැඩකරන අය ගාව පොඩි මැසිමක් වගේ එකක් තියෙනවා..ඒකෙන් ඒ පාර්සලය ගැන විස්තර පාර්සලය ලබන්නා ගැන විස්තර ආදිය යාවත්කාලීන වෙනවා.. ඒ වගේම එක්තරා ඔෆිස් මැෂින් රෙපයාර් කරන සමාගමක වැඩකරන තාක්ෂණික අයට ඇන්ඩොයිඩ් ඇප් එකක් දීල.. ඒ ඇප් එකෙන් එක තැනක වැඩ ඉවර වුනාම කෙලින්ම වැඩපොලට වැඩ ඉවරයි කියල දැනුන් දෙන්න පුලුවනි.. ඒ කියන්නෙ ඔන්න හතරෙ කනුවෙ ඔපිස් එකක මැසිමක් කැඩිල ගිහින් හැදුව කියමු.. ඊලගට එනවා පෝලට් එකක් 4.5 කණුව ගාව.. ආයිත් ඔෆිස් ඇවිත් ඉස්සර කාලෙ වගේ 4.5 කනුවෙ කොම්පැනියෙ පෝල්ට් එකෙ විස්තර අරං යන්න ඕනි නෑ.. ඉබේම පෝන් එකට අලුතින් ලගපාත තියෙන පෝල්ට් එක හෝ රාජකාරිය රපෝර්තු වෙනවා.. 

මේවා විප්ලවීය භාෂාවෙන් කියනවා නම් සේවකයින්ගේ ශ්‍රමය සූරාකන ක්‍රමවේද.. නමුත් සල්ලි තියෙන මිනිහෙක් බිස්නස් එකක් සේවාවක් පටන් ගන්නෙ දානපතියෙක් පංසලක් පල්ලියක් , දන්සැලක් පටන්ගන්න පරම පිවිතුරු චේතනාවෙන් නෙමෙයි.. සේවකයින්ට සැලකිම තියෙන්න ඕනි තමයි.. ආයෝජකයින් ව්‍යාපාරිකයින් විදියට ඔවුන් හිතන්නෙ තමුන් ආයෝජනය කරන මුදලින් ලාභ ලබන්න... කොයි තරම් විප්ලවීය කතාන්දර කිව්වත් දැන් ලංකාවෙ තියෙන අතලොස්සක් වූ කොම්පැනි ටිකත් මේක දාල වෙන රටවලට ගියොත්..රක්ෂාව නැතිවෙන අයට රක්ෂා දෙන්න රතු පක්ෂ වලට බෑ.. හැමදේකම මැදක් තියෙන්න ඕනි.. රජය විසින් වැඩිවශයෙන් කම්කරුවගේ පැත්ත අරගෙන කම්කරුවා සුඛිත මුදිත කරන්න ගියොත් මෙහෙ කම්කරුවො එක්ක කරන්න බෑ කියලා මෙහෙ කොම්පැනි දාන්න ඉන්න දේශීය සල්ලිකාරයොත් මීට වඩා කම්කරු කේස් වලට අවධානය අඩු දූපතකට යන්නට යනවා.. 

ඉතිං ඉස්තීර කරන්න කියලා මොර දෙන සේවකයින් ඉන්න ආයතන වලට පෝඩ්ඩක් ඔලුව දැම්මොත් මේ සේවකයින් බදවාගැනිම් වල තිබුන ලොකු අවුල් කීපයක් ඔබට බලාගන්න පුලුවනි..ඇතැම් අර්ධ රාජ්‍ය සංස්ථාපිත මන්ඩල වල සේවකයින් බදවා ගනිද්දි මෑන්පවර් ක්‍රමයට ගත්තාට ඒ මෑන්පවර් සමාගම් කොහෙන් පාත්වුන ඒවාද කියලා සිතාගන්නට බෑ.. ඒ සමහර ඒවා ඒ ආයතන වල ඉදලා විශ්‍රාම ගිය අය පටන් ගත් ඒවා..ඇතැම් ආයතන වලින් සේවකයින් සපයන්නෙ අදාල ආයතනයට විතරයි.. නිසි ශක්තිමත් පදනමක් ඒ මෑන්පවර් සේවා සපයන ආයතන වලට නෑ.. රජයට යාන්තම් හරි ගෑවිච්චි සමාගම් වල තියෙන තවත් පොදු ලක්ෂනයක් තමයි මෑන් පවර් ක්‍රමයට ආවත් බොහෝ සේවකයින් ඇවිත් තියෙන්නෙ දේශපාලන හිතවත් කම්වලට...නැත්නම් විවිධ මාර්ගයේ ඇදුනුම් කම් වලට.. ඒ ඇතැම් සමාගම් වලදි මෑන්පවර් ක්‍රමය හරහා බදවාගත්තත් බදවාගැනීමේ පටිපාටිය ලොල් සහගතයි.. කුමන පදනමක් මත මොන සුදුසුකම් මත බදවාගත්තාද කියලා හිතාගන්නත් බෑ ඉන්න අයගේ සුදුසකම් වල පරාසය දැක්කාම.. 

ස්ථිර කිරීම සහ සුදුසුකම් 

මෑන්පවර් සේවකයින් ස්ථිර කරන්න කියලා උද්ඝෝෂනය කරන කොට ඒකට ඒ අය හේතු දක්වනවා.. එයින් එක් හේතුවක් තමයි මේ සේවකයින් වැඩට ආපු දා සිට කලක් තිස්සේ ඒ අදාල ආයතනයේ තුල රාජකාරි තමයි කරලා තියෙන්නෙ.. එතකොට ඒ ආයතන වල වැඩකරන ස්ථිර සේවකයින් විශාල ප්‍රතිලාභ රාශියක් ගනිද්දි ඒ සමානවම වැඩ කරන මෑන්පවර් අය ගන්නෙ සොච්චමක් වූ වැටුපක් සහ වරප්‍රසාද ටිකක් විතරයි.. 

මෙතනදි ඇදෙන තවත් දෙයක් තමයි සුදුසුකම්.. රාජ්‍ය අංශයට සම්බන්ධ වූ සමාගම් වලට බදවාගත්ත මෑන්පවර් සේවකයින් බොහෝවිට බදවාගන්නේ පහල මට්ටමේ නිලතල වලට..තාක්ෂණික, පාරිබෝගික සේවා, ලිපිකරු, යෙදවුම් සහායක, වගේ තනතුරු වලට තමයි මේ අය බදවාගන්නෙ.  දැන් කාලෙ බදවාගැනීමේ පටිපාටිවලට අනුව නම් සාමාන්‍ය පෙල වගේ එකක් අසමත් නම් ඒ මනුස්සයාට යන්න පුලුවන් ජොබ් ගාන බොහොම අඩුයි.. එ් පුද්ගලයා අසමත් වන්නේ විශය දැනුමෙන්..නමුත් ආයතනයක පහල මට්ටමේ සේවකයින් ගාව විශේෂයේන කාර්මිකයින් සහ තාක්ෂණ ශිල්පීන් ගාව වැඩිපුර තියෙන්න ඕනි අතේ හුරුව නැත්නම් ශිල්පීය නිපුනතාවය.. ඉතිං මේ ශිල්පීය නිපුනතාවය අර විශයානුබද්ධ විභාග සමර්ථ වීමේ නිපුනතාවයට වඩා වෙනස්.. 

 අවාසනාවකට වගේ ලංකාවේ කාර්මික සහ පහල මට්ටමේ සේවාවන් වලට බදවාගැනීමේදීත් සාමාන්‍ය පෙල උසස් පෙල ආදී දේවල් දැන් දැන් බලනවා.. සමහර විට ආයතන වලට එතකොට එන ඉල්ලුම් පත් ප්‍රමාණය අඩු නිසා ඒක ලේසි ඇති.. අත් හුරුව සහ කාර්මික හැකියාව ඇති පුද්ගලයෙක්ට රක්ෂාවක් ලබාගන්න තියෙන ලොකු බාදාවක් තමයි තමුන්ගේ කාර්මික වැඩවලට ලොකු වනපොත් කාරයින් අහසින් සැපත් වීම.. කටපාඩම් විභාග සමර්ථයෝ ගොඩාරියක් ඉන්නකොට අර වැඩකරන්න ආස වැඩකරන්න කැමති ඒත් විෂය දැනුම අසමත් වෙච්චි ඒත් අත් හුරු හොදටම තියෙන කෙනාට අසාධාරනයක් වෙනවා.. 

ඉතිං මේ අසමත් වෙන පිරිස ඊලගට යොමු වෙන්නෙ දේශපාලනයට..ඇතැම් විට සමත් පිරිසත් දේශපාලකයින් පිටුපසම යනවා.. මේ අය ගිහින් මොනවාහරි ක්‍රමයකින් ආයතනයක මෑන්පවර් කොන්ත්‍රාක් පදනම මත එල්ලිලා අනේ අපි මුන්ව අයින් කරයිද දන් නෑ කියන පරාන බයේ අවුරුදු ගනන් කට්ට කාගෙන කැපවීමෙන් වැඩ කරනවා.. නමුත් කවදාහරි ස්ථිර කරන්න කතා කරද්දි ලොකු අය ආයෙත් මුලට යනවා..ආයතනයේ ඉන්න වැඩ කරන වැඩ දන්න හැමදාම මේකෙ එල්ලිලා හිටපු මෑන්පවර් හාල්කෑලි ටික අමතක කරලා අලුතින් උගත්තු ඒ තනතුරු වලට බදවාගන්න කියලා ඉහල නිළධාරින් නැවතත් කියනවා.. බදවාගැනීමේ පටිපාටි ආදිය හැදුවත් එක්කෝ කාලෙකින් කවුරුවත් දැකපු නැති පරණ පටිපාටියක් අහුල ගන්නවා නැත්තං දාන්න පුලුවන් බැරියර් හැටක් විතර දාල සුදුසුකම් රැසක් දාල සුපර් මෑන්ලා සේවයට ගන්න අටියෙන් වාගේ අලුත් බදවාගැනීමේ සුදුසුකම් සකස් කරනවා.. 

උගතුන්ගේ අතිරික්තය නිසා උගතුන් පහල තැන්වල පියන් වැඩවලටත් දැන් දැන් යොමුවනවා..ඒ නිසා ලොකුවටම අසාධාරනයට ලක්වෙන පිරිසක් තමයි තමුන්ට විශය දැනුම නොමැති වීම නිසාම සමාජයෙන් නොයෙක් තැන්වලදී අසමත් වෙන පිරිස..ඔවුන් එක පැත්තකින් යම් යම් නොහැකියාවන් නිසා සමාජයෙන් කොන් වෙනවා..අනික් පැත්තෙන් උගත්තු ඇවිල්ලා එයාලගේ උගත් මට්ටමේ රැකියා හොයාගන්න නැතුව හැම දේකටම කඩා පාත්වෙන්න ගත්තාම අර නූගත් අයට තිබුන රස්සාවක් කරන්න තිබුන අවස්ථාවලුත් නැති වෙනවා.. 

එක්තරා මම දන්න ආයතනයක මීට වසර 30-40කට පෙර  බදවා ගනිද්දි බැලුවෙ ගස් නගින්න පුලුවන්ද සහ බයිසිකල් පදින්න පුලුවන්ද කියලා විතරයි..මොකද ආයතනයේ වැඩිපුරම තියෙන්නෙ කනු වල නගින්නයි.. කනු තියෙන තැන්වලට බයිසිකලෙන් යන්නයි විතරයි.. නමුත් අද ඒ ආයතනයට තාක්ෂණික සේවකයෙක් ගනිද්දි ලොකු ලොකු දේවල් ටිකක් බලලා මහ පන්ඩිත මහත්තයෙක් අර තාක්ෂණික තනතුරට බදවාගන්නවා..තාමත් අර සමාගමේ කණු තියෙනවා..තාමත් බයිසිකල් එකේ පැදං ගිහින් හෝ සේවාව ලබාදිමේ අවශ්‍යතාවය දැඩිව තියෙනවා..නමුත් අලුතින් බදවාගන්න පණ්ඩිතයින්ට කණු නගින්නත් බෑ.. බයිසිකල් පදින්නත් බෑ.. ඉතිං අලුතින් එවුන් බදවගෙන ඉන් පස්සෙ උන්ට යන්න කැබ් වෑන් වගේ වාහන ගන්නත් වෙනවා.. ඉන් පස්සෙ උන්ට කනු නගින්න බැරි නිසා අලුතින් අර කොම්පෙසර් දාල උස්සලා කනුව ගාවට වඩම්මන බකට්  තියෙන වාහන මිලියන ගනන් දීල ගේන්නත් ආයතනයට සිද්ද වෙනවා..

 ඇත්තටම පණ්ඩිත උන්නැහේලා බදවාගෙන රැස්පට් බලනවාට වඩා වැඩකරන්න කැමති කුනු ගාගෙන ගස් නගින්න කැමති වෑර් එකක් අමුණලා කොරන වැඩක්..තාක්ෂණික දෙයක් හත් අට වතාවක් හෝ දහ දොලොස් වතාවක් කරන විදිය බලලා හරි අල්ලගන්න ඇහැක් ටිකක් මැටි පහේ කොටසකුත් තාක්ෂණික සේවාවට ආවානම් අර කොම්පැනියට වැදගත් වෙයි.. ඒ වගේම ඒ වගේ පහල මට්ටමේ අයගේ බොහෝවිට මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ හැකියාව උගත් අයට වඩා වැඩියි කියලා මම බොහෝ අවස්ථාවලදි දැකල තියෙනවා.. 

මෑන්පවර් පිරිසක් උද්ගෝෂණය කරද්දි පොදු මහජනතාවට ඔය මොකද්ද කියල තේරෙන්නෙ නෑ.. ටිකක් ඕක ගැන දන්න අය දන්නවා මේ ඉන්නෙ මේ ආයතනයේ වැඩ කරන ඇත්තටම බැහල වැඩ කරන මිනිස්සු ටික කියලා.. ඒ වගේම ඒ අය බොහෝවිට දන්නවා මේ අයට ලැබෙන්නෙ අඩු වරප්‍රසාද තමයි කියලත්. පාරෙ ඉන්න මෑන්පවර් සේවකයෝ පාරෙ ඉන්නෙ ආයතනයේ සහ ක්‍රමයේ වරදක් නිසා..ඒක සේවකයින්ගේ විතරක් වැරැද්දක් නෙමෙයි.. යම්කිසි ආයතනයක සේවකයින් පිරිසක් මහාමාර්ගයේ උද්ඝෝෂනය කරන එකට ආයතන පාලනය වගකියන්න ඕනි.. ඒ වගේම ඒක රජයට සම්බන්ධ සහ හැම දේකදිම රජයට බැදීමක්  තියෙනවා කියල පේනවනම් ඒකට රජයත් වග කියන්නට ඕනි.. 

ඕකුන් මැට්ටො..ඕකුන් එක එකාගෙ පස්සෙ ගිහිල්ල රස්සාව ගත්ත බත් ගොට්ටො.. උන්ට ඇහැක්කෙ ඕව විතරයි.. මෑන්පවර් එනවද බං ඔලුව තියෙන එකෙක්, මුන් පන්නලා දාන්න ඕනි, මුන්ට ඇහැක් වැඩක් නෑ.. වගේ කතාන්දර කියන්න කලිං පොඩ්ඩක් හිතල බලන්න ඇත්තටම ඒ ආයතන වගකීමෙන් වැඩ කලානම්. ඔය උගත් නිළධාරින් බලධාරින් නියම විදියට මහත්මා විදියට තීරණ ගත්ත නම්.. උසස් තැන් වල ඉන්න ලොක්කො ගන්න පඩියට  ලැබෙන වරප්‍රසාද වලට අනුව ආයතනය ගැන හිතුව නම් අර වගේ ආයතනය ඇතුලෙ ඉන්න ඒත් ඒකෙම නොවෙන. අපේ නොවන අපේම සේවකයෙක් හිටියා.. කියල සේවකයින් පිරිසක් පාරෙ ඉන්න බෑ.. 

විදේශිය විදියට හිතුවොත් ආගමට අනුව හිතුවොත් අස්ථිර ලෝකෙ ඉස්ථිර රස්සාවක් හොයන එක විහිලුවක්.. නමුත් සමාජයේ මොනම හරි අවස්ථාවකට සහභාගි වෙද්දි ඒ සමාගමේ නම් මිනිස්සු අහනවා ඔහේ මෑන්පවර්ද නැත්තං ස්ථිරද කියලා..  ණයක් ගන්න බැංකුවක් ලගට ගිහින් මෑන්පවර් සේවකයෙක් ඉද්දි ඒ මිනිහාගෙන් බැංකුව ප්‍රශ්ණ කරන්නෙ හරියට එෆ් සී අයි ඩී එකෙන් ප්‍රශ්ණ කරනවා වගේ..ඒ අහලත් බාධා බරගානක් වැටෙනවා පොඩි පහේ ණයක් ගන්න ගියත්.. මෑන්පවර් සේවකයෙක් මලමාලියෙක් බලන්න ගියත් මනමාලි පාර්සවේ එවුං අහනවා ඔහේ ඕකෙ ඉස්තිරද මෑන්පවර්ද කියලා.. ගෑනු ලමේක්ට වුනත් ඉතිං ඒ සරණම තමයි.. ටිකක් යමක් කමක් යසට තියෙන හොදට පුරවපු ජම්බු පෙනුමක් තියෙන කෙල්ලෙක් ඒ ආයතනයෙන් එලියට එද්දි පිට කොල්ලො ටිකක් ඒකි ගැන කතා වෙනවා.. නමුත් ඒ අතර එකෙක් ඇතැම් විට කියනවා..වැඩන් නෑ බං.. ඕකි මෑන්පවර්.. කියලා.. 

මිනිස්සු රක්ෂාවේ ස්වභාවය අනුව කොන් කරන එක හෝ කොන්වෙන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒත් නුසුදුසු දේවල් ගොඩක් කිසිම හිරිකිතයක් නැතුව එදිනෙදා දේවල් වගේ සිද්ද වෙන රටකදි මෑන්පවර් සේවකයෙක් කියන්නෙ  ලැබෙන වැටුප සම්බන්ධ ගැටළුවක්ම විතරක් නෙමෙයි.. එතනින් එහාට ගියාම සමාජිය පිලිගැනීම ගැන කතාවස්තුවකුත් ඒ හා සමපාතවම තියෙනවා.. 

ප. ලි 
1. මම උසස් පෙළ ගණිත අංශයෙන් විශයන් තුනටම සම්මාන සාමාර්ථ සහිතව සමත් වුන අයෙක්. 
2. දැනට ලංකාවෙ විශාල සමාගමක කුඩා තනතුරක සතුටින් සේවය කරනවා. 
3. මගේ ගම මැදමුලනට කිට්ටුව වුනත් මම රැකියාවට ආවෙ රාජපක්ෂ අනුහසින් නම් නෙමෙයි. 

මේ කාරණා දැම්මෙ ඇතැම් අය මේ වගේ ලිපි දැම්මාම, ලියන්නාගේ පුද්ගලික තොරතුරු සහ ඒ අනුව ගණනය කරලා ලියන කෙනාගේ මනෝ විශ්ලේශන කරන්න ගොඩක් මහන්සි වෙනවා.. ඉතිං එයාලට පහසු වෙයි මේ වගේ මං ගැන තොරතුරු දැම්මහම. 

Thursday, April 28, 2016

දේශපාලකයින් නැති ලෝකයක්

ඉස්සර ලංකාවෙ තිබුනෙ රාජ පාලනයක්. මෙතනදි රජතුමා කවුද කියලා තෝරන්න අපිට බෑ. නමුත් රජතුමාට හිතුමතේ ඔක්කෝම කරන්න පුලුවන් කම තිබුනාද? මම හිතන්නෙ එහෙම තත්වයක් සම්පූර්ණයෙන්ම තිබුනෙ නෑ.. 
ආගමික නායකයින්..ප්‍රාෙද්ශිය නායකයින් වගේ වැදගත් තනතුරු සහ ඇමති මන්ඩලයේ තීරණ වලට රජතුමාට අවනත වන්න සිද්ද වුනා.. 

දැන් අපි නායකයින් තෝරලා වැඩිම මනාපයෙන් වෙන් කරලා පත්කරගන්නවා.. එහෙම අය ඉන් පස්සෙ කරන දේවල් දිහා බල බල වැඩියෙන්ම කරන්නෙ බනින එක නෙව.. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් සීයේට අසූවක් විතර හරිම කැමතියි දේශපාලනයට බනින්න. 

කෝච්චියෙ එන ගමන් මිනිස්සු තමුන්ගේ දරුවා හොරපාරෙන් ඉස්කෝලයට දාගන්න හැටි කතාවෙනවා.. හොරට සීට් බුක් කරගන ට්‍රිප් යන්න කතා කරනවා.. තමුන්ගේ වැඩක් කන්තෝරුවකින් දන්න අදුනන කෙනෙක් ලව්ව ලේසියෙන් කරගන්න හැටි කතා කරනවා.. ඒ වගේ පවතින ක්‍රමය වයලේට් කරන හෙවත් ඒ අතරින් රිංගා යන්න හොයන ගමන්ම දේශපාලකයින්ටත් පස් පඩංගුවේ බනිනවා.. 

දේශපාලකයො මේ රටට වැඩියි.. චාර්මි සෑම් නැමැති අය ෆේස්බුක් එකේ පොඩි සමීක්ෂනයක් කරල තිබුනා ප්‍රාෙද්ශීය සභා නගර සභා මැතිවරණ පවත්වා ඒවා පිහිටුවලා නැති නිසා දැන් වෙලා තියෙන අවුල් මොකක්ද කියලා..කිහිප පොලක්ම අදහස් දක්වා තිබුනා. බොහෝ දෙනාට අනුව ලොකු අවුලක් වෙලා නෑ..කලිං විදියටම ඒ තැන් වල වැඩ සිද්ද වෙනවා. 

කුනු අදින එක, පිරිසිදු කරන එක, නගරයේ ගමේ කුඩා පාරවල් හදන එක, සනීපාරක්ෂක කටයුතු ගැන බලන එක වගේ කුඩා විශය පථයක් තමයි පලාත පාලන ආයතන වලට පැවරෙන්නේ.. ඉතිං ඔය කටයුතු වලට අපි හත් අටදෙනෙක් තෝරා පත් කරලා..ඒ කස්ටියට තව පඩිත් දීල නඩත්තු කරන එක වැඩක් තියේද? මම නම් හිතන්නෙ ඕවා දැන් කරගෙන යන විදියටම නිළධාරින්ට ම පවත්වාගෙන යන්න දෙනවා නම් හොදයි.. 

නිළධාරින් කියන ජාතිය පාලනය කරන එක ලොකු අමාරුවක් නෑ.. ආයතන සංග්‍රහය සහ නීති රෙගුලාසි බර ගානක් තියෙනවා සහ ඕනි නම් තව ඇතිකරගන්න පුලුවන් නිළධාරින් පාලනය කරන්න.. නමුත් බටු ඇට වගේ ඉන්න පොඩි දේශපාලුවෝ පාලනය කරන එක ඒ තරං ලේසි නෑ.. මොකද උන්ට රට වටේ කනෙක්ෂන්. එක එක තැන්වල ඇමිනිලා මහ ජාලයක් වගේ උන් ඉන්නෙ. 

කොළඹ පිටකොටුවෙ දැනට ෆ්ලෝටින් මාකට් හදාල තියෙන හරියෙ බේරේ වැව හරිම ගදයි.. මේ බේරේ වැව කියන්නෙ මම දන්න කාලෙ ඉදලා කොළපාට වතුර තියෙන මහ අපිරිසිදු තැනක්.. ඒකෙ නීලහරිත ඇල්ගී ඇර සතෙක් කුරුල්ලෙක් වත් ඉන්නවා මම නම් දැකල නෑ.. බොහොම නරක විදියට අපිරිසිදු වෙච්චි ජලාශයක් තමයි බේරෙ වැව.. 

බේරේ වැව කියන්නෙ විසාල එකක් නෙමෙයි.. පොඩි ඇලවල් කිහිපයකින් සමන්විත එකක්.. මේ බේරෙ වැව හරියට පිරිසිදුකරගන්න කොළඹ නගර සභාවට කවදාවත් හැකියාවක් නෑ.. ඕකෙ වතුර පිරිසිදු කරල ලස්සනට තියාගන්න මිනිස්සුන්ට අඩුතරමෙ දැඩි දුගදවත් නැති කරන්න දිගුකාලින ක්‍රියාමාර්ගයක් මේ කොළඹ නගර සභාවට නැහැ.. 

නගරයක පාලනය සහ නගර අලංකරණය ප්‍රධාන වශයෙන් බාර වෙන්නෙ නගර සභාවට..රටේ ආරක්ෂක ලේකම්ලා ලංකාවෙදි නගර අලංකාර වැඩ කලාට ඇත්තටම සාමාන්‍ය විදියට නම් අයිති නගර සභාවට.. කොළඹ නගර සභාවෙ දැන් දන්න කියන කාලෙක ඉදලා ඉන්න දේසපාලුවන්ට මේ නගරයේ තියෙන ජලාශ්‍ය පිරිසිදු කරලා හොදට තියාගන්න එක ගැන කිසිම අදහසක් නෑ.. 

කොළඹ නගර සභාව වරක් ත්‍රී රෝද රථ රියදුරු මහත්මයෙකුගේ බලයට නතු වෙනවා..එම අවස්ථාවේදී වැඩි මනක් දැනුමක් නොතිබූ එතුමා නෙමෙයි සැබැවින්ම නගරයේ පාලන කටයුතු මෙහෙයවූයේ නගර සභාවේ හිටිය නිළධාරි මහත්වරු.. 

අපි ප්‍රධාන නගර ගම් වලින් නියෝජිතයින් තෝරලා යවනවා ඔ්‍ය සබා වලට.. නමුත් අර නිළධාරි විතරක් ඉන්න කාලෙට වඩා වැඩි දෙයක් මේ අපේ නියෝජිතයින් ගියාය කියලා සිද්ද වෙන පාටක් නෑ.. ඇතැම් තැන්වල කුනු කදු  ඇදීම, පැල හිටවීම වැනි පොඩි පහේ සෝබන තිබුනත් දේශපාලකයින් නැතුව නිළධාරින් ිහටියත් ඒ අය අක්ක කතා බහ කරලා ඒ වගේ වැඩ අපිට පිලියෙල කරගන්න හැකියාවක් තියෙනවා. 

රටේ ඉහල සිට පහලට දේශපාලකයින්ට මහා විසාල දැක්මක් නෑ.. හැමෝටම තියෙන්නෙ සිල්ලර බලාපොරොත්තු ටිකක් විතරයි.. ඇත්තටම මම හිතන විදියට දැන් වගේ අපි විසින් ඔසවලා පත් කරලා මහත් කරලා යවලා අපිව පාලනේට තෝර ගන්නවාට වැඩිය හොදට ඉස්සර කාලේ පාලනේ සිද්ද වෙන්න ඇති.. කොටින්ම අපේ රජෙක් හිටිය කාලෙටත් වඩා පරදේස සුද්දෝ ඇවිත් නිල බලෙන් මෙහෙ පාලනය කරපු කාලෙ මීට වඩා ලස්සන වෙන්න ඇති.. සිංහල භාෂාව, ආගම, සාහිත්‍යය, කලාව සුද්දගේ කාලේ කියලා නෑ යම්කිසි මට්ටමකට දියුනු වුනා. 

රටවල් දෙකක් විදියට ගත්තාම ඉන්දියාව සහ චීනය විශාල ජනගහනයක් සහ භූමියක් තියෙන රටවල් දෙකක්.. මේ දෙකේ භෞතික සහ වර්ථමාන සමාජිය ආර්ථික හා බහුතර මිනිසුන්ගේ සමාජ තත්වය බැලුවාම චීන නාගරික ජනගහනය ඉන්දීය නාගරික ජනගහනයට වඩා සනීපෙන් සැපෙන් ඉන්නවා.. එයාලට ප්‍රජාචන්ච්‍රවාදය.. මැතිවරණ නිදහස වගේ වචන වැඩිය ඇහෙන්නෙ නෑ.. නමුත් සමාජ ආර්ථික මට්ටම අතින් චි්න නාගරිකයා ඉන්දියාවේ නාගරිකයාට වඩා සැපෙන් සිටින වගක් තමයි පේන්නෙ.. 

ඉන්දියාවෙ නායකයො තෝරන්නේ මිනිස්සු ඡන්ද දාල..අපෙ වගේම මිනිස්සු තමුන්ගේ නායකයා තෝරනවා.. නමුත් චීනයේදී නායකයා තෝරන්නේ එහෙම හිතුමනාපෙට නෙමෙයි.. හරියට නිළධාරින් පාලනය කරනවා වගේ වැසුනු ක්‍රමයක් තමයි චීනයේ තියෙන්නෙ.. රටක් විදියට චීනයේ භෞතික දියුනුව එක්ක ඉන්දියාවට හැරෙන්නට වත් බෑ... 

නිදහස, ප්‍රජාචන්ච්‍ර වාදය වගේ දේවල් නැති වුනත් චීනෙ මිනිස්සු හොදට කාල ඇදල ඉන්නවා කියල පේනවා අඩුවසේන් නාගරික සෙට් එක හරි.. චීනෙත් ගම් නම් අජූතයි කියල තමයි කියන්නෙ.. නමුත් ඉතිං ඉන්දියාවෙ ගම් කියන්නෙත් ඒ වගේම ජාතියක් නෙව.. 

අපි තෝරලා අපිම පත් කරලා අපිටම බනින්න සිද්ද වෙනවාට වඩා මේක පරම්පරාවෙන් පරම්පරාවට ගියානං හොදයි කියල මට අනේකවාරයක් හිතිල තියෙනවා. හරියට අවුුරුදු උත්සවේක වට්ටක්කා ගෙඩියක් පාස් කරගන්නවා වගේ 1948 ඉදලා අපි රට කියන වට්ටක්ක ගෙඩිය කට්ටිය බරගානක් අතට දුන්නා..දැන් නං ඒක නරක්වෙන්නත් ගිහින්.. ඒත් තාමත් අපි තව කෙනෙක් හොයනවා වට්ටක්ක ගෙඩිය බාරදෙන්න.. මං හිතන්නෙ අපි ලබාගත්ත නිදහස ප්‍රජාචන්ච්‍රවාදය සර්වජන ඡන්ද බලය කියන්නෙ ඕකට වෙන්න ඇති. 

Sunday, April 24, 2016

කළුවර සොහොන

මහරෑක
පාලු සොහොනක් ළග
ගසෙක එල්ලුන මා වවුලන්
පමණක් අවදියෙන්
කෑ ගසයි එල්ලී 

ඈත දවසක
ජීවිතේ එක් කොණක
මතක පෙත් මිහිදන්ව 
සොහොන් කොත් පමණක්
මැවේ වී මතකයට

මෝහිනී
වෙලා ආවත්
රෙදි ඇතුව  හෝ නැතුව
ආදරෙයි මම හැමදාකටම 
ඔව් සිරා බොක්කෙන්ම 

බියවී ගල් ගැසෙන්නට
වසඟ වී වෙව්ලන්නට
බිද දමා මා කලුවරට
සුදු එලිය වත්..මිහිරක්
මොහොතක් හිතන්නට.. 


Friday, April 22, 2016

ඉන්දුනීසියාව 2

දැන් අපේ යාලුවො හැමෝම දන්නවා අපිට ඉන්දුනීසියාවත් ඔන් එරයිවල් විසා ගහනවා කියලා..ඒ කියන්නෙ සිංගප්පූරු මැලේසියා යනවා වගේ ලේසියෙන් දැන් ඉන්දුනීසියාවට ගොඩබහින්න ඇහැකි.. ඉන්දියාවෙ තියෙන බොරු ඔන් එරයිවල් වීස එක ගහගන්න අපි අමතර ඩොලර් 50-60 ක ගානක් දෙන්න ඕනි.නමුත් ඉන්දුනීසියාවෙ එහෙම නෑ ගිය ගමන් වදිනවා ලු සිංගප්පූරු මැලේසිය වගේ.. 

ඉන්දුනීසියාව දූපත් 17000කටත් වඩා තියෙන දුපත් පිරුන රටක්. මේ දූපත් වලින් සිංගප්පූරුවට කිට්ටුම ජනප්‍රිය දූපත තමයි බටම් දූපත. 
මස් ගන්න වනිතාවක් 

බටම් දූපත් සවාරිය.. 

බටම් දූපතේ ඇත්තටම කියන්නෙ බටම්ද බොටම්ද කියලා නං මං දන්නෙ නෑ. නමුත් සිංගප්පූරුවේ ඉන්න සැමන් පැක් වෙච්චි වගේ ඉන්න පිරිස ආතල් එකක් ගන්න යන්නෙ බටම් වලට.. බටම් වලට වන් ඩේ ට්‍රිප් තියෙනවා.. සිංගා ඉඳන් බටම් වලට බෝට්ටුවෙ විනාඩි 40කින් විතර බටම් වලට ලගාවෙන්න පුලුවන්ලු.. බටම් කියන්නෙ කුඩා දූපතක්..නමුත් සිංගප්පූරු වැසියන්ගෙන් සහ සිංගප්පූරුවට රාජකාරි වැඩවලට පැමිණෙන ලොව පුරා වැසියන්ගේ ගිමන් නිවන තැනක් විදියට බටම් දූපත සැලකෙනවා.. 
බටම් දූපතේ සැප නවාතැන් 
ඉන්දුනීසියාවේ තියන ලක්ෂන වෙරලවල් සහ දූපත් එක්ක බැලුවාම බටම් කියන්නෙ මහා ලක්ෂණ සිත් ඇදගන්නා සුලු එකක් නෙමෙයි..නමුත් සිංගා වල ඉදලා තියෙන දුර අඩු නිසා එක දවසේ ටුවර් වලට බටම් ගිහින් එන අයත් ඉන්නවා.. 

මේ බටම් දූපතේ තිබෙන සංචාරක සංස්කෘතිය විශාල නයි්ට් ක්ලබ්, ඩීජේ, අවන්හල්, සාප්පු සවාරි..ආදියෙන් සම්පූර්ණ වෙලා තිබෙනවා. මසාජ් හොද එක වගේම මසාජ් ප්ලස් එකත් බටම් වල තිබෙනවා..ගණිකා වෘත්තිය ඉන්දුනීසියාවෙ තහනම්.. ඒත් බටම් ගියාම ලේසියෙන් ඒ ආතල් එක ලබාගන්නත් පුලුවනි.. 
බටම් දූපතේ සේයාරුවක් 
මේක සිංගා පීපල් ලගේ විනෝද ඩෙස්ටිනේසන් එක කියන්නෙ බඩු පොට් එක කියන අදහසින් විතරක් නෙමෙයි..කාන්තා පාර්ශවයත් මෙහෙ ඇවිත් ජල ක්‍රීඩා, කිමිදීම, කඹ වලින් පැනීම, ආදී වෙරළාශ්‍රිත ක්‍රීඩා ආදියේ නිරත වෙනවා.. ඇත්තටම කාටහරි සිංගප්පුරුවට ගිහින් දවස් තුන හතරක ඉන්න චාන්ස් එක වැදුනොත් වීසත් නිකංම ලැබෙන එකේ බටම් පැත්තේ රවුමක් දාල එන්න ගියාට වරදක් නෑ.. හැබැයි සිංග ඉදලා බෝට්ටුවෙන් එහෙට සෙත්තපෝච්චි වුනාම වීස එක වැදීම නම් කෝමද දන් නෑ..කෝමත් ඉතිං බෝට්ටුවට නගින්න කලිං ඕවා චෙක් කරලා බලනවා ඇති නෙ..මේක නිකං ජින්නයි උපාලියි මඩොල් දූවට ගියා වගේ යන බෝට්ටු ගමනක් නෙමෙයි නෙව.. 


බාලි ලොම්බොක් 

බාලි කියන්නෙ ඉන්දුනීසියාව යටත් විජිතයක් කාලෙ ඉදලාම සංචාරකයින්ට වෙන්කරපු සංචාරක පැත්තක්..ඉන්දුනීසියාව මුස්ලිම් රටක් වුනාට බාලි දූපතේ බහුතරය හින්දු  ජාතිකයින්. බාලි දූපත සාමාන්‍යෙයන් බජට් සංචාරකයින් වගේම ලෝකයේ ජනප්‍රිය තරු එහෙමත් ගොඩ බහින පලාතක්. බාලි වල ලක්ෂන මුහුදු වෙරලවල්, ආවේනික සංස්කෘතික අංග, ඉන්දුනීසියානු වගාවන් , අලි නැරඹීම සහ අලි සමග සෙල්ලම් කිරීම්.. කිමිදීම්, මුහුද මත ලිස්සන ක්‍රීඩා, සතුන් නැරඹීම්..ඉන්දුනීසියානු ආහාර රස විදීමේ අවස්ථා ආදී විශාල වශයෙන් පැතිරුන සංචාරක ආතල් ගොඩාරියක් තියෙනවා.. 
බාලි දූවේ ඇවිදින දේශිය වනිතාවක් 
බාලි වගේම බාලි වලට ලග පාත ලොම්බොක් වගේ දිවයිනුත් දැන් දැන් සංචාරක ව්‍යෘපාරයට රුකුලක් වෙලා තියෙනවා.. කොළඹ ඉදලා යනවා නම් බාලි ඩෙන්පසර් වලට කෙලින්ම යතෑකි මැලේසියාවට ගිහින්. මැලේසියාවේ ඉදලා බොහොම ලාබෙට බාලි වලට වගේම ඉන්දුනිසියාවේ බොහෝ තැන්වලට ගුවන් ගමන් තියෙනවා.. සාපේක්ෂව ඉන්දුනීසියාව ඇතුලත ගුවන් ගමන් ගාස්තු එහෙම සැලකිය යුතු ලෙස අඩුයි.. පැය තුනක විතර ගුවන් ගමනක් යන්න වියදං වෙන්නෙ රුපියල් පන් හය දාහක් විතරයි.. 
බාලි අසල වෙරලේ විනෝදවෙන සංචාරක පවුලක් 

ගිණිකඳු 

මේ ලෝකය ඇවිල්ලා බෝලාකාර දොඩමක් වගේ වුනාට මේක දොඩං ලෙල්ලෙන් සම්පූර්ණයෙන් වැහැන වගේ සම්පූර්ණයෙන් වැසුන අවුටර් එකක් නෑ. භූ තැටි වශයෙන් වෙන්වෙලා තමයි මේ ලෝකෙ ධාතුව පවතින්නෙ. ලෝක ධාතුවේ අභ්‍යන්තරයේ හටගන්නා විපිලියාස කරණකොට ගෙන භූමිකම්පා සහ ගිණිකදු ඇතිවෙනවා.. ඇත්තටම ලෝකය දොඩමකට වඩා මේ කෑලි කෑලි අවුටර් එක ගැන හිතුවම මේක නිකං ෆුබ් බෝලයක් වගේ..නැත්තං හොදට ඉදිලා පැලුන කැකිරි ගෙඩියක් වගේ.. 
mount bromo 
අපේ පූරුවෙ මොකක් හරි එකකට ලංකාව ගාවින් මේ පැලුං යන්නෙ නෑ.. දැන් අපි මදකට හිතමු හොදට ඉදුනු අඹයක් ගැන..ඒක පැලුනොත් හරි කැපුනොත් හරි ඒ කැපුන තැනින් නෙව ඇතුලෙ තියන ධෘතුව එලියට එන්නෙ..ලෝ ධෘතුවත් ආන්න ඒ වගේ.. ලෝකයේ භූතැටි වල පැලුම් තිබෙන තැන්වලින් තමයි විඩින් විඩ මේ ලෝ ධාතුව ලෝදිය විදියට එලියට එන්නෙ. මේ ලෝදිය පලවෙනි තට්ටුව ඇවිත් ඝන වෙනවා..ඉන් පස්සෙ දෙවනි තට්ටුවත් ඇවිත් ඝන වෙනවා.. ටික කාලෙකින් මේක නොදැනුවත්වම ලෝදිය එන හිල වටේට මහ කන්දක් නිර්මාණය වෙනවා.. ඒ වගේම භූ පැලුම් වලදි එක් භූ තැටියක් අනෙකේ වැදුනහමත් ඇතැම් වෙලාවට එතන මහ කන්දක් නිර්මාණය වෙනවා.. මහා හිමාලය කදුවැටිය නිර්මාණය වෙල තියෙන්නෙ මේ ජංගි කෑල්ල වගේ තියෙන ඉන්දියාව ගිහින් මහ බඩක් වගේ තියෙන ආසියා මහද්වීපයේ වැදිච්ච නිසා.. ඒ නිසා තමයි නේපාලය වගේ රටවල භූමිකම්පා නිතර ඇතිවෙන්නෙ. 
Mount Rinjini @ Lombok 
ඉන්දුනීසියාව කියන්නෙ මේ භූමිකම්පා සහ ගිණිකදු ආතල් එක සැරටම තියෙන රටක්. මේ විදියෙ තවත් දියුනු ජනප්‍රිය රටක් තමයි ජපානය.. කොහොමින් හරි සක්‍රිය ගිණිකදු වගේම අක්‍රිය වෙලා තාමත් රස්නේ තියනවා වගේ පේන ගිණිකදු කීපයක්ම ඉන්දුනීසියාවේ තියෙනවා.ජාවා දූපතේ හෙවත් ඉන්දුනීසියාවේ ජකර්තා සුරබයා යෝග්‍යා ආදී නගර කිහිපයක්ම පිහිටා තිබෙන මිනිස් ක්‍රියාකාරකම් වලින් සක්‍රියම දූපත වෙන ජාවා දූපතේ මවුන්ට් බ්‍රෛාමෝ ඒ විදියේ ජනප්‍රිය ගිනිකන්දක්..මේ ගිණිකදු තියෙන්නෙ ජාවා දූපතේ විතරක් නෙමෙයි.. සුමාත්‍රා, බාලි, ලොම්බොක්, පැපුවා ආදී හැම පැත්තකම වගේ ගිණිකදු තියෙනවා.. ඇතැම් ඒවාට පෙලක් කාලවලදි යන්න දෙන් නෑ ..මොකද බඩු පැකට් වෙයි කියල තියෙන අවදානම නිසා.. 
Active Volcano @ Papua 
මේ කදු වලින් උසම ටික වුනත් අපිට ඈතින් දැක බලාගන එන්නත් ලේසි නෑ..මේක නිකං සමනොල බලලා නුවරඑලි ගිහින් පිදුරුතලාගලත් බලලා ඉන් පස්සෙ ඊලග දවසෙ දඹූලු ගිහින් සීගිරිත් බලාල එනවා වගේ ලේසි නෑ..මොකද මේ රට ෆ්ලැට් ලෑන්ඩ් එකක් නෙමෙයි..දූපත් ගොඩක් අනික මේ එක එක ස්ථාන අතර සමහර විට ගුවනින් ගියත් පෑ දෙක තුනක ගමනක් තිබෙනවා.. 


සත්තු වෘක්ෂලතා ආදිය 

ඉන්දුනිසියාවේ ලන්න ලක්ෂණ කබරු වගෙ සත්තු ජාතියක් ඉන්නවා කොමොඩෝ කියලා..උන් ටිකක් සැර ජාතියක්.. ගෑනුන්ට මාස් මාරුවෙන කාලවලට ඒ කොමොඩෝ ඉන්න වනෝද්‍යානයට යන්න දෙන්නේ නෑ..මොකෝ මේ කබරු ජාතිය ලේ වලට යම්කිසි ආකර්ශනයක් දක්වනවා.. ඔය විදියට ලේ වලට ලව් කරපු අපි දන්න එක්කෙනක් තමයි ඩ්‍රැකියුලා..පොරටත් ලේ සුවදට පිකප් වෙන ගතියක් තිබුනා..බාගෙදා ඒ ඩ්‍රැකියුල හිටපු කාලෙත් ගෑනුන්ට අසුවල් ලෙඩ් තියෙන කාලෙට ඩ්‍රැකියුලාගේ සෙන්සර් අවුට් යන්නට ඇති. 
Love story of Komodo Dragon 

ගහකොල සතා සීපාවා පිරුනු සදාහරිත නිවර්ථන වනාන්තර පරිසරයක් වගේම මුහුද ආශ්‍රිතව ඇති සමුද්‍ර ජීවින් පිරුන ලක්ෂන උද්‍යාන ඉන්දුනිසියාවේ තිබෙනවා..ඇතැම් විට අපි ගොඩබිම දකින විසාල අලි, කබරු සහ සිව්පා සතුන් සමහර දිවයින් වලදී මුහුද දිගේ පීනාගෙන ගොසින් මුහුදු ආහාර ලබාගන්නා අවස්ථාද තිබෙනවා.. 
Near Komodo Island

සිද්ධස්ථාන 

ඉන්දියාවේ කුෂාණවරු හිටිය කාලේ බුදුදහමේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කාලයක්..ඒ කාලේ කොයි තරං බලයක් තිබුනාද කිව්වොත් ඔය ඉන්දුනීසියාව වියට්නාමය, ලාඕසය, චීනය වගේ ආසියාවේ විශාල පදාසයක බුදුදහම සරුවට පැතිරුනා.. පසුව ඉන්දියාව සහ බොහෝ රටවල් මුස්ලිම් ආක්‍රමණ වලට යට යට වුනා.. මුස්ලිම් කියන්නෙ පිලිම අදහන්නෙ නැති ජාතියක් නේ..අනික සාමාන්‍යෙයන් මුස්ලිම් රටවල අනික් ආගම් වලට ගරු කිරිමත් ටිකක් අඩුයි නෙව.. 
Borobudur 
ඒ බණ කෙසේ වෙතත් මේ ඉන්දුනීසියාව දැනටත් ඉතුරු වෙලා වැදපුදාගන්න පුලුවන් මට්ටමේ බෞද්ධ සිද්ධස්ථාන තිබෙනවා.. සංඛ්‍යාත්මකව ගත්තොත් ලංකාවෙ ඉන්න බෞද්ධයින් සංඛ්‍යාවට වඩා ගනනක් ඉන්දුනීසියාවේ ජීවත්වෙනවා.. නමුත් ඒක ඔවුන්ගේ සමස්ථ  ජනගහනයෙන් සීයේට එකක් වත් නෑ..මේ කුෂාන් රාජ සමයේ ඉන්දුනීසියාවේ ඉදිකලා කියලා සැලකෙන පිළිම චෛත්‍ය ආරාම ඇතුලත් මහා විශාල ප්‍රෙද්ශයක පැතිරුණ නටඹුන් රාශියක් තිබෙනවා.එයින ඇතැම් පිළිම සහ නිර්මාණ තවමත් අපිට දැකබලාගන්න බොහොම යසට ඉතුරු වෙලා තියෙනවා.. 
බෝරොබුදුර් සිද්ධස්ථානයේ පැතිකඩක් 
මෙයින් ප්‍රධාන තැනක් ගන්නෙ ජාවා දපතේ යෝග්‍යාකර්තා කියන නගරාසන්නේ තියෙන බොරෝබුදුර් කියන සංකීර්ණය. මෙතැනට ඉර පායන දර්ශනයත් සංචාරකයින්ගේ සිත් ගත් එකක්.. පාන්දරම ගිහින් එතනට ඉර වැටෙන හැටි බලන එක මම හිතන්නෙ සිරිපා ගිහින් ඉර සේවේ බලනවා වගේ රාජකාරියක් වෙන්න ඇති. 
මුහුදට යට වුනු ඉපැරණි සිද්ධස්ථානයක් 
මේක ඇත්තටම ගයිඩ් එකක් නෙමෙයි.. ගයිඩ් එකක් නම් මීට වඩා ඒ ස්ථාන වලට යන එන විදිය..ලගම ටවුම..එයාපෝට් මොනවද? කොහොමද යන්නෙ ආදිය තියෙන්න එපායැ.. මට ඇත්තටම ඕනි වුනේ ඉන්දුනිසියාවේ බලන්නට තියෙන්නෙ මොනවද එහේ ගිහි්න අපිට කොරන්න ඇහැක්කෙ මොනවද කියාල අදහසක් ගන්න යමක් ලියන්නයි. 

අන්තර්ජාලයේ නම් ඉන්දුනිසියාව ගැන සාර්ථක උපදෙස් රැසක් තිබෙනවා.. මම මේ කොහෙවත් ගිහේ නැතුව මෙහෙම ලියන එකේ අවුලකුත් තියෙනවා..මං ඒක නෑ කියන්නෙ නෑ.. ඒත් ඉතිං යන කෙනෙක්ට හරි වැදගත් වෙයි නෙව..ලියා තිබුනාම. මේ තැන්වලට ඇත්තටම ගියාම මේ පිංතුර තරම්ම ලස්සන නැතිවෙයි..දැන් තියෙන කැමරා සහ තාක්සනේ නිසා පාරෙ ඉන්න නාටු බල්ල වුනත් බොහොම යසට පේනවා නෙව.. 

ප. ලි අප්‍රේල් 24ඉරිදා  උදේ  9සිට ට හවස 3 වෙනකල් පොඩි වැඩක් තියෙනවා රාජගිරිය හේවාවිතරණ විද්‍යාලයේ...නැසිගිය බ්ලොග් කරුවෙකු වූ ඔබා මාමාට පිං පිණිස පවත්වන ලේ දක්දීමක් එදාට හේවාවිතාරණ විද්‍යාලයේ දී පැවැත්වෙනවා.. ලේ ටිකක් දෙන්න. සයිබර් යාලුවො හම්බෙලා පොඩි කයියක් දාන්න. පොඩ්ඩක් අතීත කාමය එක්ක සෙට් වෙලා කතාබහක යෙදෙන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා.. බ්ලොග් බලන අය බලපු අය ලියන අය නොලියන අය ලියල නවත්තපු අය.. සහ මේ කිසිවක් නොදන්න අයටත් ලේ ටිකක් දීල තව කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න අවස්ථාව එදාට ලැබෙනවා.. මාත් ටිකක් දවල්වෙන්න ඒ පැත්තෙ ඇවිත් යන්න හිතං ඉන්නවා.. 

Thursday, April 21, 2016

ගෑනු නිදහස


 පහුගිය දවසක පාන්දර 6ට විතර මාතර බස් නැවතුමට ආවා මහරගම යන්න. මම නැග්ග හයිවේ බස් එකක. ඒකෙ රියදුරු ගෑනු කෙනෙක්. මට හිතෙන විදියට මෙයා තමයි අර දැන් ටික කලකට පෙර හයිවේ බස් වලට ටර්න් එක දෙනකොට මෙයා ගෑනියෙක් නිසා මෙයාව නොසලක හරිනවා කියලා ලොකු පෙරලියක් කරපු ගෑනු කෙනා. 

පාන්දර 6 ට බස් එක ස්ටෑන්ඩ් ගේන්න අඩු තරමින් මේ ගෑනු මනුස්සයා පාන්දර 5ට වත් නැගිටින්න ඕනි. එතකොට සීරුවෙන් කල්පනා කරල බැලුවොත් ලංකාවේ බහුතර කාන්තාවන් විසින් සිදු කරන පාන්දර චරිතාංගය සම්පූර්ණයෙන්ම මේ රියදුරු කාන්තාවගෙන් ගිලිහෙනවා..

ලාංකිය මැද පන්තියේ කතුන් බහුතරයක් පාන්දර නැගිටිනවා..දරුවන් සකසනවා..සැමියාට තේ වතුර හදනවා..කෑම හදනවා.. සහ එයා වැඩට යනවා නම් ඒකට ලෑස්ති වෙනවා.. ඉතිං අර පාන්දර 5ට ගෙදරින් වැඩට යන්න වෙන කෙනෙක්.. මම හිතන්නෙ එයාට අපෙ සමාජය විසින් පවරා ඇති කාන්තා වගකීම් සහ යුතුකම් සැට් එකක් බෝස් ගාල ගැලවිලා යනවා..

කාන්තාවන් ගැන කතාකරනකොට අපේ සමාජයේ බහුතර දෙනාගේ අදහස වෙන්නෙ කාන්තාවන් රැකගන්න කාන්තාවන්ට වෙනමම නීති රෙගුලාසි අනපනත් ගෙනල්ලා එයාල රැකගන්න ඕනි කියලා.. මේක හරියට නිකං කැලේ ඉන්න සත්තු රකින්න උන් වෙනම කූඩු වලට දාල රැකගන්න හදනවා වගේ වැඩක්..කූඩු කිව්වම ටිකක් අවුල් නම් නිකං ලොකු පරිසරයක් උන්ට වෙන්කරලා දෙන රිදියගම පාක් එක වගේ එකක්..

මේ විදියට එක් එක්කෙනාට වෙන වෙනම නීති හදන එක අවුලක්.. ප්‍රසූත නිවාඩු, ගර්භනී සමය වගේ විශේෂම අවස්ථාවන් වලට හැරෙන්න කාන්තාවන්ට වෙනමම අවකාශ හදන එක මිනිස් සම්බන්ධතා වලට හොද දෙයක් නෙමෙයි. කාන්තා බස්, කාන්තා කෝච්චි පෙට්ටි, කාන්තා විවේකාගාර වගේ දේවලුත් ඇත්තටම වැදගත් නැති දේවල්. මම මෑතකදි කියවූ එක විදේශ රටක ආටිකල් එකක තිබුනෙ වැසිකිලි වල පවා ගෑනු පිරිමි බේධය නැතිකිරීම ගැන ඒ රටවල කතාවෙනවාලු.. ට්‍රාන්ස්ජෙන්ඩර උන්ට යන්න තැනක් නැති වීම එක හේතුවක්..අනික් හේතුව ඒක අනවශ්‍ය බෙදීමක් වීඹ නිසා වෙන කරදරය..උදාහරණ විදියට පොඩි ගෑනුලමයෙක්ව රැගෙන ගමනක් යන පියෙක් වැසිකිලි අවශ්‍යතාවකදි තරමක් අපහසුතාවයට පත්වෙනවා..

කාන්තා අයිතින් කාන්තාවන්ට වන පීඩා ආදිය ගැන කතා කරද්දි බොහෝ ලාංකික ලේඛකයින් සහ දේශකයින් පාවිච්චි කරන්නෙ ඉතාම බාල මට්ටමේ උදාහරණ..බස් එකේ කාන්තාවට වන හිරිහැර.. ඇයට මගතොටදි වෙන අතවර.. වගේ පොලිස්සියේ පැමිණිල්ලකින් විසදග ගත හැකි දේවල් මහා විසාල තීරණ ගන්න තැන්වල පවා ගජරාමෙට කතා වෙනවා.. ඊට වඩා මහා පරිමාණයෙන් ගියොත් රැකියා වෙළදපොල තුල කාත්නාවන්ට සිදුවන වෙනස් කොට සැලකීම් ආදිය ගැන ලොකු කතාබහක් නෑ.

මම හිතන්නෙ කාන්තාව ගැන කතාකරන්න කාන්තාව වෙනුවෙන් පෙනිසිටින්න යම් කිසි පුද්ගලයෙක් ට සැබෑ ඌමනාවක් තියේ නං එයාට පුලුවන් වෙන්න ඕනි සමාජය විසින් නියමිත වෙලා තියෙන කාන්තා වැඩකටයුතු ටික ඒ විදියටම කරන්න.. සරලවම කිව්වොත් හවුස් වයිෆ් වැඩේ සාර්ථකව කල හැකි පිරිමියෙක් සිටීද ඔහු කාන්තාවගේ ගැලවුම්කාරීත්වය පිණිස පෙනීසිටීමට සුදුස්සෙක් බවට පත්වෙනවා. හවුස් වයිෆ් වෙනවා කියන්නෙ රෙදි හේදීම, කෑම සෑදිම, ගෙවල් අස් පරස් කිරීම, මාකට් යෑම..ආදී කාන්තාව වෙනුවෙන් වෙන් වෙල තියෙන රාජකාරි ටික අකුරටම කරන්නට ඇහක් වීම..

කාන්තාව ගැන ටෝක්ස් දෙන ලියන කියන ඇතැමුන් කාන්තාව එක්ක ගෙදර ජිවිතේ ගත කරන්නෙ සැප හෝටලේකට ගිහින් කාලය ගත කරනවා වගේ සනීපයෙන්.. ඔහුට අවශ්‍ය සියලු දේ ලිංගික සතුට පවා ඔහුගේ අභිමතය පරිදි සිය පවුල විසින් සප්ලයි කරනවා..මෙයාට තියෙන්නෙ වයිෆ්ට කැමති මොනා හරි කරලා එයාව සතුටින් තියලා ලස්සනට පවුල ගෙනියන එක විතරයි..

කාන්තාවන් විදියට කරන් පුලුවන් ජොබ් මේවාය..මේවා නම් කරන්නට බැරිය කියලා ලොකු බැරියර් එකක් අපේ සමාජයෙ ්තියෙනවා.. රියදුරු රැකියාවට අර ඉහත කී හයි වේ බස් කාන්තාව බලෙන්ම ගියා මිසෙක ලේසියෙන් ගෑනු ඩ්‍රයිවර්ස්ල බදවාගැනීමක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම තාක්ෂණික සේවාවන් බොහොයමක කාන්තාවන් යොදාගන්නෙ ඉතාම අඩුවෙන්..

ඒ වගේම සමාජය විසින් කාන්තාව විසින් කල යුතු කියල තියෙන ගේ දොර වැඩ ඉවුම් පිහුම්..ලමයි සකස් කිරීම් ආදියත් එක්ක, කාන්තාව ජොබ් එකක් කරනවා කියන්නෙ වැඩ කාරියෙක් වැඩට ගන්නෙ නැත්තං ඒක ජොබ් දෙකක් වෙනවා..

මේතනදි සම්පූර්ණයෙන්ම පිරිමියා ගෘහණිය කරන වැඩ කිරීම විසදුමක් නෙමෙයි..ඒ මිනිහත් වැඩට යන්න එපායැ. එහෙම නෙමෙයි වෙන්න ඕනි..එක එක්කෙනා වැඩ වෙන්කරගෙන ඉන්න ඒවා හුවමාරු කරගන්න එක. නමුත් ඒක ලේසි වැඩක් නම් නෙමෙයි.

රුද්‍රමාදේවී කියන්නෙ 1200 වගේ කාලේ ඉන්දියාවෙ එක්තරා පලාතක හිටපු රජෙක්..රජෙක් වුනාට එයා ගෑනියෙක්.. ඉන්දීය සිරිත් අනුව ගෑනු කෙනෙක්ට රජ වෙන්න බෑ කියන බැරියර් එක එදාත් තිබුනා.රුද්‍රමා උපදිනකොටම එයා ගෑනු නෙමෙයි පිරිමි කියලා තමයි රටේ පතුරුවන්නෙ. හේතුව තමයි හැමෝම බලාපොරොත්තු වුනේ පිරිමි දරු උපතක්.. රුද්‍රමා පිරිමි ලමෙයක්ය කියලා තමයි රුද්‍රමාව කුඩා කල ඇති දැඩි කරන්නේ.. ඒ නිසා ඒ ගෑනුකම හංගන් ඉන්න පිරිමි දරුවාට මුලු රටම ආදරය කරනවා..යාබද රටවල සිටින සතුරන් පවා ඒ පිරිමි දරුවාට බිය වෙනවා.ඇය පිරිමි කුමාරයකු විදියටම සියලුම ශිල්ප සාර්ථකව හදාරනවා.. . නමුත් කලක් ගත වනවිට හැමෝටම තේරෙනවා ඇය ගැහැනියක්..

රුද්‍රමාදේවි කියන්නෙ තෙළිගු ෆිල්ම් එකක්..හැබැයි මෙහෙම ඉතිහාසකතාවක් සාධක සහිතවම තියෙනවා. ඇත්තටම රුද්‍රමා ගෑනු රජෙක් ඉන්දියානු පලාතක රජ වෙලා ඉදලා තියෙනවා. තරමක් ඉන්දීය ටෙලි නාට්ටි සිරි ගත්තා වුනත් අලුත් අත්දැකිමක් තියෙන කතාවක්.. එතනදි රුද්‍රමා කුඩා කල දෙමාපියන් විසින් ගෑනු ලමයෙකු සහ කුමරියක විසින් කල යුතු යුතුකම් ආදිය කියල දීල ගෑල්ලමයෙක් විදියට හැදුවෙ නෑ..රුද්‍රමාට කුමාරයන් විසින් ඉගෙන ගත යුතු දේවල් තමයි ඉගැන්නුවේ.. ඒ නිසා ඇයට පසුකාලීනව රාජ්‍යත්වය ලබාගන්නට හැකියාව ලැබුනා..

ඇයටත් වෙනත් කුමාරිකාවන්ට වගේ කුමරි බඹසර, ගෘහ පාලනය, සූප ශාස්ත්‍රය, රූපලාවන්‍යය වගේ බ්ලා බ්ලා ගර්ල්ස් ස්පෙෂල් වැල් බයිලා ඉගැන්නුවා නම් රුද්‍රමාට රැජිනක් වෙන්න ලැබෙන්නෙ නෑ..

කරීනා ඉන්න ලස්සන හින්දි චිත්‍රපටියක් යනවා හවුස් වයිෆ් චරිතය කරන්න කැමති තරුණ සල්ලිකාර කොල්ලෙක් ගැන. ඒ කොල්ල කැමති නෑ ගෙදර පිරිමියා වෙන්න. ඌඨ ඕනි ගෑනයෙක් වගේ උයන්න පිහන්න රෙදි සෝදන්න සහ ගෘහ පාලනය කරන්න. ඉතිං මෙයාට ලැබෙන ගෑල්ලමයා ටිකක් පිරිමි මොඩල් එකේ එකක්.. මේ දෙන්නාගේ ජීවන චර්යාව කදිමෙට ෆිල්ම් එකේ නිරූපනය කරල තියෙනවා..ටිකක් වෙනස් චිත්‍රපටියක්..ලංකාවෙත් තිරගත වුනා..දැන්නම් නැතුව ඇති. 

ඒ ෆිල්ම් එක කී ඇන් කා.. ඒ ෆිල්ම් එකේ මම අකමැතිම දර්ශනයක් තමයි කම්පැනියක මාකටින් මැනේජරියක් වෙලා ඉන්න ප්‍රධාන චරිතය එක් අවස්ථාවකදී ඒ වැඩකරන කම්පැනිය වෙනුවෙන් පිටරට සාදයකට සහභාගි වෙනවා..ඒ අවස්ථාවේ ඇමරිකන් කම්පැනියක මාකටින් ලොකු ඩෑල් එකක් මෙයාට සෙට් වෙනවා.. එතනදිමේ දෙන්නා එකතුවෙලා පොඩි බිස්නස් කතාබහ දුරදිග ගිහින් කම්සැප හුවමාරු කරගන්නවා.ඒ කිව්වෙ ඇමරිකන් කාරය එක්ක අර ඉන්දියන් මාකටින් චීෆ් මැනේජරිය සෙක්ස් කරනවා. .නිළිය ඒක සාධාරනීකරණය කරන්නෙ ඒක ඇමරිකන් අය සතුටුවෙන ක්‍රමය..එයාලට ඒක සාමාන්‍යයයි, කම්පැනියක මාකටින් තැනක ඉහල ඉන්න කෙනෙක්ට ඒවා සාමාන්‍ය දේවල් කියලා..

ඒත් මම හිතන්නෙ එතනදි නම් ටිකක් ඕවර් ගිහින් කියලා.. මොකද දියුනු රටවල එහෙම වෘත්තිය සම්බන්ධතා තුල වාසිය පිණිස සංසර්ගයේ යෙදීම ආදිය නඩු යන කේස්.. සමහර විට ඉන්දියාවෙන් යන හාල් කෑලි නම් අනේ සුද්දා කැමති වෙයි කියලා උස්සලා අල්ලනවා ඇති..නමුත් ඌ ඔරිජිනල් සුද්දෙක් නම් ඇල්ලුවත් එකයි නැතත් එකයි ඌ වැඩ කරන්නෙ ඌට ලැබුන රෝල් එකේ විදියට..

ගෑනු නිදහස ගැන කතා කරද්දි කලකට ඉහත මං ගිහිපු ඉංගිරිසි පංතියක සර් කෙනෙක් අපෙන් අහපු පස්නෙයක් මට මතකයි.. එයා අහනවා. හිතන්න ඔයාලට බබාල දෙන්නෙක් වගේ ඉන්න කාලෙක.. ඔයාගේ වයිෆ්ට ලොකු ඔෆර් එකක් ලැබෙනවා සති තුනකට විදෙශ ගත වෙන්න.වයිෆ් විතරයි යන්න ඕනි. ෆැමිලිය ගෙනියන්න බෑ.සමහර විට සමාගමේ ට්‍රේනින් එකකට වෙන්න පුලුවන්..නැත්නම් එයාගේ සේවය වෙන රටකට ඕනි නිසා වෙන්න පුලුවන්..

ඔයාට පුලුවන්ද ඔයාගේ වයිෆ්ව රිලිස් කරන්න ?

ගොඩක් අය ඔව් කියයි.. සමහර විට මගේ බ්ලොග් එක බලන බොහෝ පිරිස තරමක් විවෘත මනසක් තියෙන අය නිසා කැමති වෙයි.. නමුත් අපේ සාමාන්‍ය සමාජයේ ඉන්න අයනම් වැඩිදෙනා තමුන්ගේ වයිෆ්ව රිලිස් කරන්න කැමති වෙන් නෑ.. විශේෂයෙන් වයිෆ් තමුන්ට වඩා පහල වෘත්තිය මට්ටමක ඉන්නවා නම් උදැල්ල කොහොමත් සෙට් වෙයි.

තෙළිඟු ෆිල්ම් එක රුද්‍රමා දේවී Rudramadevi 
හින්දි එක Ki & Ka 

Monday, April 18, 2016

අවුරුදු ට්‍රැෆික්

අලුත් අවුරුද්ද කියන්නෙ දැන් සංකේතයක් විතරයි. කාලෙකට කලින් දැනුන අවුරුදු සිරියක් දැන්නම් මට දැනෙන් නෑ.. නිකංම ගෙවිල ගිය දවස් ටිකක් විතරයි. 
අවුරුදු කාලෙට පිටරට සවාරියක් දාගන්න කාලෙක ඉදලා ඔලුවේ තිබුනත් ඉදිරියට මට වියදම් අදික කාලයක් පැමිණීමට නියමිත නිසා ඒ සදහා කාසි වියදම් කරන්නට ලෝබ වුනා. ඇරත් අවුරුදු කිට්ටු වෙද්දි හැමෝම පැනලා බුක් කරන නිසා ෆ්ලයිට් වල ඉඩ පහසුව තිබේද කියලත් ගැටළුවක් ආවා. 

නොදන්න දේවල් ගැන හෝ බාගයක් දන්න දේවල් ගැන අපි මොකුත්ම නොකිය හිටියොත් 
1. අපි නොදන්නෙ කොච්චරයිද කියලා අපි දැනගන්නෙ නෑ..
2. අපි නොදන්නවා කියල අනික් මිනිස්සු දැනගන්නෙ නෑ. 
 ඒ නිසා අපි දෙයක් නොදන්නවා වුනත් ඒ ගැන දන්න සුට්ට අපි බෙදාහදාගන්න ඕනි. 

චීනෙ රක්ෂාවට ගිය සුදු ජාතික මහත්මයෙක් චීනේ ජීවිතය, සංචාරය, චීන මිනිසුන් ගැන අපූරු වීලොග් එකක් කරනවා. වී ලොග් කීවෙ වීඩියෝ බ්ලොග් එකක්. මං වීලොග් එකක් පටන් ගන්න බඩු බාහිරාදිය ගතතත් මගේ යම් යම් දේවල් වල දැනුම මදි හින්ද වැඩේ පටන්ගන්න බැරි වුනා. විශේෂයෙන් වීඩියෝ සංස්කරණ හැකියාව ටිකක් දියුනු කරගන්න ඕනි වීඩියෝ බ්ලෝග කරන්න නම්. 

මේ චීනෙ ගිය සුද්දා කියනවා සුද්දෝ සංචාරක ආතල් එක ගන්න විදියයි ..චීන්නු ඒ ආතල් එක ගන්න විදියයි වෙනස් කියල . ඒ කියන්නෙ සුද්දෙක් ඇවිත් චීන කෑල්ලක්(යුවතියක්)  චීනෙන් සෙට් කරගෙන කෑල්ල එක්ක ඇවිදින්න ගත්තොත්..චීන කෑල්ල ඔරිමජිනල් චීන ගති තියෙන එකක් නම්..එක්කො චීන කෙල්ලට පිස්සු හැදෙනවා..නැත්තං අර සුද්දට පිස්සු හැදෙනවා. 

ලොකේෂන් ෆලෝ කිරීම 


සංචාරය කියන දේ සුද්දාගේ අදහසින් ගත්තාම සංචාරය කරන්නෙ යම් කිසි නිස්කලංක ස්වභාවයක් විවේකයක් ජීවිතයට දෙන්න. නමුත් චීනා ගේ සංචාරයත් ඇවිත්ත නෝමල් උගේ ලයිෆ් එක වගේම තමයි. හරියටම ශෙඩියුල් කරල තියෙනවා මේ මේ දවස්වලදි අපි මේ මේ දේවල් බලාගන්න ඕනි කියලා. ඒ වගේම ්ඒ තැන්වලදි කරන්න ඕනි දේවලුත් චීනා කලින්ම සැලසුම් කරලා තියෙනවා. යම්තැනක යම් අවහිරයක් නිසා එතැන බලාගන්නට බැරිවුනොත් ඔවුන්ට අනුව ඒක ඒ තරං හොද ට්‍රිප් එකක් නෙමෙයි. 

අපි ඉන්දියාවෙ ගිය වෙලාවෙ දිල්ලි ඉදලා අග්‍රා වලට දිල්ලියෙන් පිටත්වෙන වන් ඩේ ටුවර් පැකේජ් එකකට ගියේ. එතනදි වායුසමනය කරන ලද බස් එකක තමයි අපි ගියේ. අපි එක්ක යන්න එකතු වුනා දකුනු ඉන්දියානු පිරිසකුත්. ඒ දකුනු ඉන්දියානු පිරිස දිවා ආහාර උයාපිහාගෙන ලක ලෑස්තිවෙලා ගමනට සැරසිලා හිටියා. දිල්ලියෙන් උදේ පිටත්වෙලා අග්‍රා බලකොටුව සහ ටාජ් මහල් බලද්දි ඉතිං දවස ඉවර වෙලා.. ඇරත් වයසක අයත් හිටිය නෙව..එතකොට යන වෙලාව වැඩියි. 

නමුත් මේ දකුනු ඉන්දීය කන්ඩායමට ඕනි වුනා බ්‍රින්දාවන් කියන කෝවිල බලන්න. එයාලඅ ැවිත් තියෙන්නෙ ත් බ්‍රින්දාවන් පෙන්වනවා කියලා. ඉතිං ඕකට මහ විසාල වාද විවාද බස් එක ඇතුලෙ ගියා. එයාලට අනුව දවසට හරියන්න ඇවිදලා එන එක නෙමෙයි ආතල් එක..සැලසුම් කරන ලද සියලුම දේ හරියට කවර් වුනානං තමයි එයාලගේ ආතල් එක තියෙන්නෙ. කොහොමහරි මින් පසුව ඒමට නියමිත සංචාරවලදි ඔවුන්ගේ ට්‍රිප් එක ඕගනයිස් කල ඕගනයිසරයා මාරු කල යුතු බවට පවා ඒ අය කතා වුනා. මට මතකයි. 

අපි ඉස්සර වන්දනාවල ගියත් එහෙමයි. නඩේ හදන අය කියනවා යන තැන්..ඒ තැන් ඒ වෙලාවට ගිහින් රෑ නවාතැන් අරගෙන උදේම පිටත්වෙලා මාර ටයිඩ් ශෙඩුයිල් එකක තමයි ගමන බිමන යන්නෙ. 
හැබැයි බොහෝවිට මේ පුක කැඩිච්ච කඩි ටික වගේ මොනවා හරි පස්සෙ දුවන එක සුද්දාට අනුව නම් ට්‍රිප් එකක් නෙමෙයි..හරියට ලොකේෂන් ෆලෝ කරලා එනවා වගේ වැඩක් ඒක. 

පොටෝ පිස්සුව 


සුද්දාට අනුව ලොකේෂන් එක විදීමට වඩා චීන්නුන්ට ඕනි පොටෝ ගහන්න. පහුගිය පෙබරවාරි වල චීන අවුරුදු කාලෙ මෙහේ ලොට් ගනන් චින්නු ඇවිත් හිටියා. උන් සදර්න් රේල් ට්‍රැ්ක් එකේ හත් පරණ පවර් සෙට් එකක එනකොට මටත් සෙට්වුනා.. පවර් සෙට් එකට ගොඩඋනු මට මං ඉන්නෙ චීනෙ කෝච්චියකද ලංකාවෙ එකකද කියලා හිතාගන්න බැරි තරමට චීන්නු..කෝච්චි පෙට්ටියෙ. 

ඒක නෙමෙයි වැඩේ.. ඒ හිටපු චීන්නුන්ට මාර පොටෝ පිස්සුවක් තියෙන්නෙ.. දකින දකින හැම දේම ඌට ඇස්දෙකෙන් දකින්නත් කලියෙන් පොටෝ ගහගන්න ඕනි. ඒ වගේම අමුතු දෙයක් දැක්කෝත ඒක ඉස්සරහ සෙල්පියක් ගහන්න ඕනිවෙනවා ඌට.. ඔය කාලෙම කොටුවෙ ටැප් හවුස් එකේ හවස පොඩි බීමකට සෙට් උන දවසකත් මම චීන්නුන්ගේ ඔය සිරිත හොදටම දැක්කා.. ටැප් හවුස් එකේ ඉංගිරිසි සිංදු කියන එක ,ඒවාට මියුසික් කරන එක සහ තාලෙට නටන එක මහ ලොකු සීන් එකක් නෙමයි.. කවුරුත් ඕක පොටෝ ගන්න ඕනි දෙයක් කියල හිතන්නෙ නෑ.. නමුත් එතන්ට ආපු චීන්නු සින්දු කියන එකා, නටන අය, ඌම ආදී ලෙස මේස පුටු පවා හැර ිහැරි පෝන් වලින් පොටෝ ගහනවා.. 

තදේට ආසා වීම 

සාමාන්‍යයෙන් චීනෙක් කෑමකට කඩේකට යන්න හිටියොත් චීනට ඕනිලු ඒ කඩෙන්ම කන්න. ඒ වගේම යම්ක්සි තැනකින් බඩුවක් ගන්න ඕනිවුනොත් බඩුව වෙන කොයි තැන තිබුනත් ඌට එතනම රිංගලා ගන්න ඕනිලු. චීන මිනිහා හිතනවා කියන්නෙ මිනිස්සු ගොඩක් රැස්වෙන තැන්වල තමයි ගොඩක්ම ආතල් තියෙන්නෙ කියලා. ඒ නිසා බටහිර සුද්දො සෙනග මගහරින්න උත්සාහ ගනිද්දි චීනා උත්සාහ කරන්නෙ සෙනග වැඩියෙන් ඉන්න තැන්වලට යන්නලු.. බාගෙද චීන්නුත් ජැක් කාරයොද දන් නෑ.. 

චීනා කෑමට යන්න හෝටලයක් හිතාගෙන ඉන්නෝ නම්..ඒ හෝටලේ සෙනගත් පිරිලාම ඉන්නෝ නම් පැයක් දෙකක් හරි පෝලිමේ ඉදලා ඒකෙන්ම කනවා මිසක ලගපාත වෙන හෝටලේකට රිංගලා බඩට මොනාහරි ඔබාගන්න එක චීන පුරුද්ද නෙමෙයිලු. 

මේ ගතිය මේ විදියටම නැතත් අපේ අය ගාවත් මේ ගති ටික ටික තියෙනවා..ඒක නෙව පෝලිං තියෙද්දි තව රෙදි ගන්න ඒ ඒ තැන්වලට රිංගගෙන දගලන්නෙ. 
 දිග නිවාඩුවක් සෙට් වුනාම..සංචාරක කරන ලංකාවෙ මූලික තැන්වල හැමදාම මාර විදියට ට්‍රැෆික්.. අද කාලෙ ඉතිං කාර් එකක කැබ් එකක යන කෙනෙක්ට ඒකෙ දාගෙන යන්න පුලුවන් සිය පවුල විතරයි නෙව.. පවුලෙ තුන් හතර දෙනාම  නිවාඩු දමලා ඔය බිසී ටයිම් ස්ලොට් මග ඇරලා යනවනං කන්න බොන්න නාන්න වදින්න පුදන්න විතරක් නෙමෙයි කරන්න බලන්න හැමදේකටම ලේසියි. 

එක පැත්තකින් අපේ රටේ කොම්පැනි කාරයෝ සහ සේවා සපයන තැන්වලින් දිග නිවාඩු ගන්න අමාරුයි. අනික් පැත්තෙන් අපි උත්සාහ ගන්නෙම නිවාඩු නිකං තියේනං ඒ නිකං ලැබෙන නිවාඩු අස්සට අපේ නිවාඩුත් දාල ලොකු වීකන්ඩ් එකක්ම අල්ලගන්න නෙව.. 

මහා සේනාවක් යන දවසට ගිහින් එතන මිනිස්සු එක්ක හැමිනි හැමිනි ඉන්නවට වඩා හොද නැද්ද නෝපේ එකක් දෙකක් ගිහින් හරි නිවිහැනහිල්ලෙ යන තැනක ගිහින් එන එක.. මට අනුව නම් අතින් නිවාඩු දාන් යන එක ලාබයි ලේසියි..ට්‍රැෆික් නැති නිසා වාහනේට ලේසියි.. එලවන්නත් අමාරුවක් නෑ..තෙලුත් වැඩියෙන් යන්නෙ නෑ.. නවාතැන් ගාස්තු ආදියත් අඩුයි.. බලන තැන්වල කන බොන කඩ ආදිය හොයාගන්නත් ලේසියි. පෝලින් නැතුව ගිහින් තැන් බලන්න වදින්න පුදන්නත් ඇහැකි.. 

නිවාඩුවක් ගතකරනවා කියන්නෙ මනසට විවේක දෙන්න ඕනි දෙයක්. නමුත් අපි බහුතරයත් අර මෝඩ චින්නු වගේ ලේසියෙන් ගතරන්න තියෙන නිවාඩුවත් දාහක් වැඩ කිඩ එක්ක බොහොම තද ශෙඩුල් ට්‍රිප් දාගෙන ස්ට්‍රෙස් තා ටිකක් වැඩිකරගන්නවා කියලයි මගේ අදහස.. 

Sunday, April 10, 2016

spa massage colombo ගැන මගේ සත දෙක

ඉර අව්ව පෝර වතුර වගේ අවශ්‍ය සාධක අඩු වෙනකොට ගහක් වුනත් පිලිවෙලකට හැදෙන්නෙ නෑ..ඒ වගේ මේ ස්පා මසාජ් කියන එකත් ලංකාව තුල තියෙන්නෙ විකෘති ස්වභාවයකට.. මේ මසාජ් වලින් නියම ලිංගිකමය සන්තර්පනය සහිත හැගීම් පිබිදවීමක් සිද්ද වෙන්නෙත් නෑ ...හරියට මසා්ජ් එකක් ලැබෙන්නෙත් නෑ.. මොක වුනත් පවතින්න ඕනි තියෙන මහපොලවෙ විදියට එපායැ.ඒ නිසා ඉතිං කවුරු මොන විදියට විවේචනය කරත් හොද කීවත් ඇද කීවත් මසාජ් කරන තැන් ආදිය දැන් කොළඹ සෑම උපනගරයක්ම ආශ්‍රිතව වර්ධනය වෙලා තියෙනවා. 

මසාජ් එකකින් ලැබෙන වෙනත් දේ මොනවද? 

ලංකාවෙ මසාජ් වලට යන පලවෙනි දවසෙ ගොඩක් අය ඒකට යන්නෙ සම්බාහනයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. වෙනත් ලිංගික ආසාවක් සපුරාගන්න. නමුත් මසාජ් එක කියන්නෙත් ටිකක් ලල් එකක් තියෙන වැඩක්.. ගෑනියෙක් කකුල් මිරිකනවා, අත් මිරිකනවා, පපුව අතගානවා, බොහෝවිට හොදට අපිට කතා බහ කරනවා. අතපය එහෙ මෙහෙ වැදුනට රවන්නෙ නෑ.. ඔරවන්නෙත් නෑ.. ඉතිං ඔය විදියෙ අමුතු ගතියක් තියෙන නිසා මසාජ් කියන්නෙ සෙක්ස්ම නොවුනට මසාජ් කියන එකට සැලකිය යුතු පාරිභෝගිකයින් පිරිසක් එකතු වෙලා තියෙනවා. 
කේරල හිටං මසාජ් පිරිමි 

මසාජ් වලට යන්නෙ මෝල් අමාරු කාරයොද? 

ලංකාවෙ මිනිස්සු සාමාන්‍යෙයන් අනෙකාගේ විනෝදය පාච්චල් කරන මිනිස්සු ජාතියක්. කාටවත් කරදරයක්නොවෙන්න බස් එකක යද්දි කනේ ඇබ ගහන් සිංදුවක් අහං ගියත් සමහරුන්ට ඒකත් වැරදියි.. පාරෙ යද්දි කෙල්ලෙක් ගේ ඇගට තුරුල්වෙලා ගියත් වැරදියි..කෙල්ලෙක් එක්ක ෆිල්්ම එකක් බලන්න ෆිල්්ම හෝ්ල් ඉස්සරහ තියෙන පෝලිම දිහා සමහර අංකල්ල ඇන්ටිල බලන්නෙ හරියට අපායෙ දඩුවමට නියම වෙච්චි නරයො පෝලිමක් දිහා බලනවා වගේ කෝනයකින්. 

සැබෑව තරමක් වෙනස්.. මට හමුවුනු පොශ් හෙවත් සුඛෝපබෝගී මසාජ් වල හිටපු ගෑනු ලමයෙක් කියපු විදියට එයාලගේ කස්ටමර්ලා අතර දොස්තරලා..දේශපාලකයෝ,..නිළධාරින් වගේ ලොකු ලොකු ඩයල්ලුත් ඉන්නවා.. ජාතක කතා වගේ බොහොම රසට පත්තර පිටුවල තියෙන මසාජ් ස්පා ගණිකා මඩම් වැටලීම් වලදිත් ඒ තැන්වල කස්මර්ලා ඉහල සමාජය දක්වා පැතිරෙනවා කියලා ඒ අය සදහන් කරල තියෙනවා. ඒ වගේම මසාජ් වලට යන බහුතරයක් කසාද බැදපු අය. ලගදි පොඩි චැටකට සෙට් වුන මසාජ් ගෑල්ලමයෙක් කිව්වෙ මේ අවුරුදු දවස්වල නම් එච්චර ලොකු බිස්න්ස එකක් නෑ..මොකද ගොඩක් කස්මර්ලා වයිෆ්ල එක්ක ෂොපින් කරනවා ගෙවල් අස් කරනවා ඇති කියලා.. 

දවසක් මසා එකකට සෙට් වුන වයසක ඇන්ටියෙක් කිව්ව විදියට මසා වලට එන බහුතරයක් පිරිමි තරමක් කුලෑටි ගතිගුණ තියෙන අය.. බොහෝ අය මසාජ් කරන ස්ත්‍රිය අල්ලන්නට පවා පෙලබෙන්නෙ ඇගේ අනුමැතිය සහිතව.. මේක බොරු වෙන්නත් පුලුවන්..හැබැයි එක අතකින් X ගර්ල් ෆෙන් කෙනෙක්ව ටෝක් කරගන්න පුලවන් තරමේ හැකියාවක් තියෙන මනුස්සයෙක් මසා එකකට රිංගන්න පෙලඹෙන එකක් නෑ.. එහෙම බැරි එවුන් මිරිකගෙන හරි මෙව්ව කරගන්න නෙව මසා ඇතුලට යන්නෙ.. 

මසාජ් වල සෙක්ස් කරන්න පුලුවන්ද? 

බැහැ. සරලවම කිව්වොත් ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත නෑ.. බොඩි ටු බොඩි හෙවත් නිරුවත් ගෑනු සරීරය පිරිමි සරීරයේ වද්දමින් කරන තායි මොඩල් එකේ මසාජ් ජාතියක් තායිලන්තේ තියෙනවා. ඒවා අවසානයේ බොහෝවිට සිද්දවෙන්නෙ ලිංගික සංසර්ගයක්. ඒ මාදිලියේ මසාජ් පාලර් පහුගිය දවස්වල පොලිසියෙන් ඇල්ලුවා.. නීතියේ තියෙන වචන වාක්‍ය මොනවා වුනත් අර විදියේ කෙලින්ම සෘජු ලිංගික සම්බන්ධතා වලට ඉඩදෙන මසාජ් සාමාන්‍ය සමාජයේ නම් අඩුයි..ඇතැම්විට ලොකු තැන්වල ලොකු ලේයර් එකේ නම් ඇති. 
කේරල හිටං මසාජ් ගැහැනු 

මසාජ් වල කෑලි පන්නන් පුලුවන්ද? 

මමත් ඇතැම් තැන්වල වීරයෝ කතාකරනවා දැකල තියෙනවා.. ඒ වීරයින්ගේ කතා වල තියෙනවා මසාජ් එකේ කෑල්ලක් පන්නලා රූම් එකකට ඇදලා නිකංම සල්ලිත් නොදී ම ගිය තාලේ සුරංගනා කතා.. නමුත් අපි හැමෝම වීරයෝ නෙමෙයි. අනික වීරයින්ට ගෑනු කැමති වෙන්නෙ උගේ තියෙන වීර ගතියකටම නෙමෙයි.. ඇතැම් විට වෙනත් මුදල් මය හේතුත් ඒ අවටින් තියෙන්න පුලුවනි. 

මසාජ් එකක් ඇතුලෙ වැඩකරන තරුණියකට ආරක්ෂාව ඒක තුල තිබෙනවා. එයින් පිටත ලෝකය හිතන තරම් සුන්දර නැහැ. ගණිකා වෘත්තිය නීතිගත නැති සමාජ තලයේදී යම් කිසි ගණිකාවකට දැඩි ලෙස හිරිහැර සිද්ද වුන අවස්ථාවකදි පවා ඇයට නීතිමය රැකවරණයක් නෑ.. උදාහරණ විදියට සමහර මිනිස්සු ඉන්නවා ගෑනුන්ට ගහලා තලලා පෙලලා තුවාල කරලා කෘෘර විදියේ සතුටවල් භුක්ති විදින. ඒ වගේ අවස්ථාවක් වුනොත් අර එලියේ සර්විස් වලට යන මසාජ් එකේ වැඩකරන ගෑනු ලමයින්ට ලොකු හිරිහැර වලට මුහුනදෙන්න සිද්ද වෙනවා. 

කොහොම වුනත් මසාජ් එකකට ගිහින් අදාල කටයුත්ත කරගන්න සාමාන්‍යෙයන් රුපියල් 2000-2500 ක් ප්‍රමාණවත් ටිප් එකටත් එක්කම. අන්තර් ජාලයේ ලංකාවට ආපු සුද්දන්ගේ ෆෝරම් වල තියෙන විදියට.. එතනින් එහා සංසර්ග කටයුත්තට වියදම් වෙන ගාන එමෙන් 6-7 ගුණයක් මිස අඩුවක් නම් නෑ .. .. මීට අඩුවටත් ඇති.. නමුත් ඉතිං අවසර නැති තැන්වල රිංගුවාම පොලිස් කූඩුවල ලගින්න සිද්දෙ වෙන අවධානමක් සහ මේ වගේ සුන්දර වරදකට පොලිස් කූඩුවෙ ලැග්ගාම ලැබෙන සමාජ තත්වය එක්ක හිතුවාම රුපියල් දෙදාහට ලැබෙන ටික අරං නිකා ඉන්න එක හොදයි කියලා තමයි මට නං හිතෙන්නෙ.


මසාජ් කෙල්ලන් ගැන පට්ටන්දර 

මසාජ් කෙල්ලන්ගේ දුක්ඛිත ජිවිතය, ගණිකාවකගේ දුක් ගැහැට වගේ දේවල් මාකට් නිවුස්. කොටින්ම මම ලියන මේ ලිපියත් මේ මාසෙ වැඩිම හිට් ලිපියක් වෙයි.. මොකද ලිංගික දේවල් යාන්තමින් ගෑවුනත් හිට් වෙනවා වැඩියි.. හරියට කෑමකට කරදමුංගු ටිකක් දැම්මාම කෑමම සුවද වෙනවා වගේ.. 
පහුගිය දවසක බොරැල්ල පැත්තෙ සුපිරි මසාජ් එකක් වැටලුවා. ඒකෙදි අහුවුන ගෑනුලමයින්ගේ ගෙවල් වල අය දන්නෙ නෑලු එයාල මොනාද කලේ කියලා.. ඒ ගෑනුලමයින් ගෙව්ල වටල කියල ඇවිත් තියෙන්නෙ සැලුන් එකක වැඩට යනවාය කියලා. එතන හිටපු ගෑනු ලමයි 8න් 7ක් කසාද බැදලා කොළඹම අය. ඉතිං එයාල උදේ වැඩට ඇවිත් හවස වැඩ ඇරිල ගෙදර යනවා.. ඒ වගේම ලොකු ගානකුත් අතට ලැබෙනවා. 

මට ඇත්තටම තේරුම් ගන්න අමාරුයි ඔය මසාජ් එකකට නොයා ඒ වෙනුවට වෙනත් රැකියාවක් තෝරාගන්නා ඒ මට්ටමේ ගෑනුලමයකුට වඩා මසාජ් එකක වැඩකරන ගෑනුලමයෙක් විදින දුක හෝ හිරිහැර ගැටළු මොනවද කියලා.. කවදාවත් දොස්තර විබාගෙ පාස්වෙලා දොස්තර වෙන්න ඉන්න ගෑල්ලමයෙක් වත්..රජයේ ඉහල රැකියාවක් කරන හොද සමාජ තත්වයක ගෑනු කෙනෙක් වත් මසාජ් එකක වැඩට එන්නෙ නෑ.. ඔය එන්නෙ සමාජයේ යම් කිසි පහල ස්ථරයක්..යමෙක් ඔවුන් ගැන මහා ලොකු හද කැක්කුමකින් කතා කරනවා නම් යන්න ගිහින් බලන්න කටුනායක ගාමන්ට් වලකෙල්ලො විදින දුක, සිකුරිටි හෝ ෆෝසස් වල ගෑනු ලමයි විදින දුක, පැය තුන හතරක් බස් එකට කෝච්චියට හිරවෙලා දවසේ පෑ 12ක් කන්තෝරුවට කැපකරන ගෑනු ලමයින්ගේ දුක.. සුපිරි වෙලද සැලක පැය අටක් පුරා හිටගෙන ඉන්න විට කකුල් වලට තියෙන දුක.. කාරුවත් ඒව ගැන කතා නැහැ..නමුත් ගණිකාවගේ හෝ මසාජ් කෙල්ලන්ගේ දුක බලන්න කස්ටිය සූ ගාල එනවා.. සමහර විට දීකිරට බලල්ලුත් හරි මනාප ඇති සාක්කි දෙන්න. 

  මම කියන්නෙ නෑ ඔවුන්ට ප්‍රශ්ණ නෑ කියල..නමුත් ඒවා විසදගන්න එක ගැන කතාකරනවා මිසක ඒවායේ සදාචාරාත්ම රාමු, දාර්ශකින පසුබිම, මානසික ආතතිය, ආගමික පසුබිම වගේ බරසාර දේවල් ගැන ලියන යුනිකෝඩුත් අයියෝ යුනිකෝඩ්. 

ලංකන් මසාජ් සාමාන්‍යෙයන් වෙන විදිය 

ඔන්න ගිය ගමන් අපි ඇගපත හෝදගන්නවා..
ඉන් පස්සෙ මුනින් දිගාවනෙවා පලලින් අඩු ඇදක් වගේ තරමක් උස වේදිකාවක. ඉස්පිරිතාල ඇදක් වගේ උසකින් තමයි මේ ඇද තියෙන්නෙ ඒත් ඒ තරං පලල නෑ. 
අපි විසින් කලිං තෝරාගන්නා ලද ගෑනියෙක් ඇවිත් කකුලේ යටිපතුලේ සිට ඉහලට මසාජ් එක කරනවා.. 
ටික වෙලාවකින් අපිට අනික් පැත්ත හැරෙන්න කියනවා. 
සාමාන්‍යෙයන් බැක් සයිඩ් එක මසාජ් කරන්න ගන්න වෙලාව වැඩියි උඩ පැත්ත මසාජ් කරන්න ගන්නවෙලාවට වඩා.. 
ඉන් පස්සෙ ඒ පැත්තත් හොදට මසාජ් වෙල  ඉවර වෙන්න කිට්ටුව අර ඉන්න ගෑල්ලමයා හෝ ඇන්ටි අපි එක්ක කතා කරන්න පටන් ගන්නවා. 
ඉන් පස්සෙ අපෙ පපුව හරියත් මසාජ් කරල අහවර වෙලා ඇගිලි වලින් පොඩි ආතල් එකක් දෙනවා.. මේ ආතල් එකේ එපාම කරපු කෑල්ලක් තමයි අපේ තං වලට කිති කවන එක..
බොහොවිට ඊලගට ඇය ටිප් එක ගැන කතා කරනවා..සමහර තැන්වල ටිප් ගැන කතාකරන්නෙ නෑ.. එහෙම තැන් අඩුයි. 
ඉන් පසු ටිප් එකට අනුව ඇය අතගාන්න ලැබෙනවා ඇති. ඒ අතගෑම සිද්ද වෙන විදිය ගැන මම නම් වැඩිමනක් කියන්න දන්නෙ නෑ.. ඒත් යාලුවො කියපු විදියට සමහර තැන්වල ලැබෙන කාන්තා වාහනේ එංජින් අසබඩ, ඔයිල් එන තැන්, සයිලන්සර්, ඩිකි, බොනට් ආදී සියලු ස්තාන අතගාන්න පුලුවන්ලු ටිප් එක සුට්ටක් වැඩියෙන් දුන්නොත්. 

මං චූටි කාලෙ මසාජ් එකකට ගියාම මරු වැඩක් වුනා.. දැන් මසාජ් එකේ ඇග තලන කෑල්ල ඉවරයි..දැන් තියෙන්නෙ මල්ලි තැලීම.. කෙල්ල සංසාර පුරුද්දට වගේ මාව ටෝක් කරන්න අරගෙනත් ඉවරයි..දැන් එයා අහනවා මම කීයක් දෙනවද ටිප් එකට කියලා.. මම එයාගෙන් අහනවා ඒ ඒ ගානට ලැබෙන දේවල් මොනවද කියලා.. 

500ට නම් ටච් නෑ හැපී එන්ඩ් විතරයි කියල.කෙල්ල කිව්වා. 
මට දැන් හරි පුදුමයි මෙයා කියන විදියට.. අත් රක්ෂාව හෙවත් හෑන්ඩ් ජොබ් එක කෙරෙන්නේ අල්ලන්නෙ නැතුව. අල්ලන්නෙ නැතුව කෝමද දෙයියනේ හැඵී එන්ඩ් කරන්නෙ.. මට දැන් මාර ගැටලුව.. 
මං 1500ක් දෙන්නං මට අල්ලන්නෙ නැතුව හෑන්ඩ් ජොබ් එක  කරන විදිය කියලදෙන්න.. 
ඔයා මන්තරයක් වත් මතුරලද හැපී එන්ඩ් එක කරන්නෙ.. කියල මම ඇහුවා.. 

කෙල්ලට මැරෙන්න හිනා.. එතනින් පස්සෙ එයා දැනගත්තා මම ආමේචර කොල්ලෙක් කියලා.. ආමේචර වුනාම ගැරීම ඇතැම් විට වැඩියි ඇතැම් විට අඩුයි.. මොන දේටත් ඉතිං කලිං ආමේචර වෙලා ඉන්න එපායැ.. 

මම මසාජ් වලට ගිහින් තියෙනවා.සමහර විට අනාගතයේත් මම ඒවාට යාවි.. ඒ සැපය සොයාවි.ඒවායෙදි  අපි ගෙවන මුදලට යම්කිසි දෙයක් සිරුරට සහ මනසට ලැබෙනවා. ඒ වගේම මසාජ් වලට හෝ ඒ ආශ්‍රිත ශරීර සැප සොයාගෙන යන අය වැරදි කාරයො අසහන කාරයො අමාරු කාරයො විදියට මම දකින්නේ නෑ.පුද්ගලිකව මේ දේවල් වලට තියෙන නීති රීති රෙගුලාසි අඩුවෙලා හැම මිනිහාගෙම ආසාවල් වලට ගරු කරන සමාජයක් ඇතිවෙනවා නම් මම කැමතියි. 

මගේ මසාජ් ගැන සත දෙක ඉවරයි. බලා සිටි ඔබ සැමට ස්තූතියි 

Saturday, April 9, 2016

බිදෙන් බිද ගැනීම

ස්ත්‍රීන් පිළිම ලෙස නෙළූ කල ඔවුනගේ බොහෝ රසයන් අඩුවේ. ස්ත්‍රීන් යනු පිළිම නොවේ. බොහෝ කවීන් ස්ත්‍රීන්ගේ කොන්ඩය තොල් සුදු මුහුන පුක බඩ තන් වර්ණනා කලද ඔවුහු ස්ත්‍රීන්ගේ චලනය සහ ජීවමාන ගතිය උකහා ගන්නේ අඩුවෙනි. ස්ත්‍රිය යනු සක්‍රිය වස්තුවකි. පිරිමි ඇග ඒ වෙත ඇදෙන සුළු නොයෙක් අභිනයන් ගෙන් ස්ත්‍රී සිරුර සමන්විත වෙයි.

කතාවෙන් අංග චලනයෙන්, අභීනයෙන්, ගැස්සීමෙන් පැද්දීමෙන් කෝල කිරීමෙන් ආඩම්බර දැක්වීමෙන් , සෙල්ලක්කාර ගතියෙන් , විහිලුවෙන් තහලුවෙන්, ඇඩීමෙන් සිනාසීමෙන් ස්ත්‍රීහු ප්‍රාන සහිත බාදුරාවෝ බවට පත්වෙති. රූපයේත් සිරුරේ හැඩයේත් ලක්ෂණ ඇති කාන්තාවන් සැම විටම පිරිමි ආකර්ශනය ලබන කාන්තාවන් බවට පත් නොවෙති. පිරිමින්ගේ ආකර්ශනය වීම වනාහී ස්ත්‍රී රූප සෝබාවෙන් මදක් ඈත් වූ වෙනමම කාරණාවකි.

මාගේ මතක විජිතයට කල්පනී වෙනුවට වෙනත් කිසිදු ස්ත්‍රියක් ආදේශ කරගත නොහැක්කේ එබැවිනි. මා ඇයට ආදරය කරන්නට හෝ ඇයට ලොල් කරන්නට වූ හේතුව මෙයයැයි මට වැටෙහෙන්නේ නැත. එය එයටම ආවේනික වූ සම්බන්ධයකි. අවාසනාව මගින් ඇය ගැන මට සිතන්නට වී ඇත්තේ ඈත සිටය. නමුත් සෑම දිනකම මෑත දුරින් ඈ මා වටා ඇමිණේ.. එය මනසට වදයකි. නමුත් වදයක් වුවත් එය මිහිරකි.

කොළඹදී දාහේ පටි කිහිපයකට මිලදී ගන්නා යුවතිය බොහෝවිට මට ලැබෙන්නේ පෑ දෙකකටය. මේ වත්තේ සිටින ලස්සන යුවතියක් වුවද ඈත දොල අයිනේ ඇති කුඩා , ලෑලි බංගලාව වෙතට ඇදගෙන යන්නට මට එතරම් මහන්සි විය යුතු නොවේ. නමුත් ඒ අවස්ථාවන්  දෙකේදීම ඒ මට අසුවල් කාර්යය පිණිස ලැබෙන ස්ත්‍රිය අඥාතය. ඈ හට මා අවශ්‍ය වන්නේ වාණිජ උවමනාවකට පමනි. වත්තේදී නම් ඇයට දෙන රුපියල් දාහකට හා බය පක්ෂපාත කම පිණිසත්, නගරයේදී නම් ඇයට ලැබෙන දාහෙ පටි කිහිපයටත් පැයක දෙකක සිරුරු ස්පර්ශයක් ලැබේ. නමුත් එය ස්ත්‍රී සමාගමයක් නොවේ. හුදෙක් ක්ෂණීක ස්පර්ශ වින්දනයක් පමණි. නැති කලට එයද වටී. නමුත් කල්පනී ගැන එසේ සිතන්නට මට නොහැක.

ඇතැම් විට කල්පනීට කොල්ලන් කිහිප දෙනෙකු සිටිනවා යැයි මා හොදින්ම දන්නා නිසා මා යම්තාක් දුරට ඉල්ලීමක් කලොත් ඇය මාගේ සයනය මත දැවී යන්නට ඉඩ තිබේ. නමුත් ඇය දැවී ගිය පසු මා හට ඒ ක්‍රීඩාව අවසානයේ අත් වන්නේ පෙර තිබූ තත්වයම පමණි.

ලොකු නැන්දා මා හට මේ වතු පිටි පවරා ගෙවල් අස් කිරීමට කෙල්ලෙක් ද එවුවාය. මේ කල්පනී නම් කෙල්ල කලිං ලොකු නැන්දාගේ නිවස අස්පරස් කරන ලද එකීය. නමුත් මා ආ පසු මා නැමැති ගින්දරට කල්පනී නම් පුලුන් රොද හසුවන්නට ලොකු නැන්දා ඉඩ හසර ලබා දුන්නාය. මා බොහෝ කලක් නගරයේ ඇති දැඩි වූ අයෙකු නිසා ලොකු නාන්දා මා ගම කෙරෙහි අලවන්නට යෙදූ උපායක් ලෙසද කල්පනී විටෙක මට පෙනේ.. ලොකු නැන්දා සිතන්නේ යමක් සිදුවනු ඇතිය කියලා විය හැක. නමුත් ලොකු නැන්දා සහ අනෙක් මේ සිද්ධිය දන්නා ගම්මු සිතන කිසිවක් සිදු නොවූ අතර මා සහ කල්පනී අතර යම් සම්බන්ධයක් නම් ඇතිවිය. එය ඇතිවූ වේගයෙන්ම නැති විය.

ඇය අද ද පැමිණියේය. මා ඇය එතැයි දන්නා නිසා කලිං බොහෝවාරයක් පුරුදු වී ඇති පත්තර මුද්‍රාවට සමවැදුනෙමි. ජනේලය හැර ගතිමි.. හාන්සි පුටුව ජනේලයෙන් එලිය පේන සේ සකසා ගතිමි. දැන් ඇය ඇවිත් නිවෙස අස්පරස් කරයි. මාගේ ලියන කියන ලේඛන පිලිවෙලට තබයි..කෑම බදුන් පිලිවෙලට තබයිඇතැම් විට සබන් දා හෝදයි.

ඇය කටකාරය. මා ඇගෙන් මුලින්ම නම ගම විස්ත ර අසන ලද මුත් වඩාත් දොඩමලු වූයේ ඇයය. මගේ මතකය මසකට පෙර ඇය මේ නිවෙසට පැමිණ කෙරුම් කාරියක මෙන් අස්පරස් කරන්නට සැරසුන දිනය දක්වා දිව යයි.. ඇය දින දෙකතුනක් යන විට ඉබේම දොඩමලු විය. ඒ අතර තුර අප දෙදෙනා අතර බැල්මවල් කීපයක්ද හුවමාරු වී ගසා ගෙන ගියේය.

මහත්තය මේ පොත් ඔක්කොම කියෙව්වද? කල්පනී අැසුවාය..

නෑ කල්පනී... සමහර ඒවා මම කියවන්න ආසාවට ගත්තා..ඒත් තාම ඇල්ලුවෙ වත් නැති පොත් ගොඩක් තියෙනවා.. මා කීවේය.

මහත්තයා හෙන උගතලු නේ.. කැම්පසුත් ගියාලු නේ.. අපරාදෙ ඉස්කෝලේ මහත්තයෙක් වෙන්න තිබුනෙ. මං ආස නෑ වත්තෙ මහත්තුරුන්ට.. කල්පනී කීවාය.

හහ් හහ් හා.. කල්පනී එ් වුනාට වත්තට කැමති නේ.. වත්තෙ මහත්තුරුන්ට අකමැතී කීවෙ කල්පනී මටත් අකමැතිද? නැත්තං මං ඉස්කෝලෙ ගුරුවරයෙක් වුනානං කැමතිද? මා ඇයට නැවත පන්දුව බාර කලෙමි..

නෑ නෑ.. මහත්තය.. රෝන් මයි යන්නෙ.. එහෙම නෙවෙයි.. වත්තෙ මහත්තුරුන්ට බිව්වම නාකි ආච්චියෙක් වුනත් කමක් නෑලු.. මං දන් නෑ ඕවා .. ගමේ කට්ටිය කියන්නෙ.. මං ආසම නෑ එහෙම අයට.. කල්පනී කීවාය.

ඉතිං දැන් කල්පනී දවස් දෙක තුනක් මෙහෙ ආවනේ.. දැන් ඔයාට මොකක් හරි වුනාද? නෑනෙ.. අනික මම සමහර වෙලාවට පුටුවෙන් නැගිටින්නෙවත් නෑනෙ ඔයා ආවම.. මම පිළිතුරු දුනි..

හරි හරි.. හපෝ මෙයාගේ ලොකුකම.. අපි ආවම වෙනදටත් නැති වැඩ දාගෙන මේසෙට වාඩිවෙනවා නැත්තං අර පත්තරෙන් මූන වහගන්නවා.. හරියට මං මෙතන නාන්න යනව වගේ පත්තරෙන් මූන වහගන්නෙ.. ඇගේ ස්වරය අවසානයේ නොක්කාඩුවක් මෙන් විය..

හරි හරි කල්පනී..එහෙනං මං ඔයාට උදව් කරන්නම්..එතකොට හරිනෙ.. මා කීවෙමි..

ඔවු ඔවු.. මගේ තැනක් අස් කරනවෑ.. මේ ලොකු නෝන කිව්ව නිසා එනව මිසක.. තමුන් ඉන්න තැන අස්කරගන්න පුරුදු වෙන්න ඕනි..හැමදාම මහත්තයට හම්බෙන කට්ටිය මේ වගේ නෑනෙ.. ලොකු නෝන කියනවා රට ගියාම ලොකු මහත්තයට ඔක්කොම තනියම කරගන්න වෙනවලු.. මෙහෙදි අතට පයට කට්ටිය හිටියට.. කල්පනී කියාගෙන යයි.

මම ගොස් ඇය විසින් මොබ් කරන්නට හදන පොලව අතුගාන්ට පටන් ගත්තෙමි.. ඇය මා දෙස බැලුවාය..

කෝ ඉතිං විහිළුවක් වත් තේරෙනවෑ..බෝනික්ක පැටිය වගේ හැදිල තිබුනට.. කෝ ගන්න ඔය කොස්ස..කවුරු හරි දක්කොත් මහත්තය ලව්ව වැඩ ගන්නවා කියාවි.. කල්පනී මගේ අතින් කොස්ස උදුරා ගත්තාය.

ඇය මා ලොකු වැඩ කරනවාට කැමති නැත.. නමුත් ඇය වැඩකරද්දී ඈ සමග කතාකරන්නට මා ඇය ලගින් සිටිය යුතුය. ඇය වැඩ කරන විට මා වෙනත් වැඩක ට අවධානයක් දෙනවාට කල්පනී කැමති නැත.

මහත්තය හොද නිසා තමයි ලොකුනෝන මාව මෙහෙට එවුවෙ. අපේ තාත්තත් කිව්ව ලොකුනෝන හොදටම දන්නවාලු මහත්තයා හොද මිනිහෙක් කියලා.. ඒකලු මට මෙහෙට බයක් සැකක් නැතුව යන්න කිවෙ.. කල්පනී කීවාය.

ඒ වුනාට කල්පනී..මං හොද නෑ.. ඔයා කෝකටත් බය වෙලා ම ඉන්න..බය අතෑරගන්න එපා.. මුලින් බයවෙලා ඉන්න එක කෝකටත් හොදයි.. මා කීවේමි..

හපෝ මෙන්න මෙයා කියන කතා.. බය වෙලා ඉන්නලු අපිට.. අපි බයවෙයි ඔය මහත්තය පට්ටං වලට.. ඇය කොස්ස උස්සා මගේ හිස පිටුපසට පොඩි තට්ටුවක් දාන්නට හදයි.. නමුත් කලින් සිට මා එය ඇය කරන්නට හදන බව දන්නා නිසා පහසුවෙන් කොසු මිට අල්ලා ගෙන ඇය මා වෙත ඇද ගතිමි.. වරක් දෙකක් ඇස් හුවමාරු වන්ට විය..ඉන් පසු ඊයක වේගයෙන් දෙදෙනාම ඈතට දෙපැත්තට ඇදුනි..

කල්පනී.. මං ඔයාලයි තාත්ත එක්ක කතා කරන්නයි ඉන්නෙ අපි ගැන.. තාත්ත මට හම්බුවෙලාම නෑනෙ කලිං..මං ගැන නම් දන්නව ඇති නේ..

මා කීවෙමි..

අපේ තාත්ත බොනවා.. අපි දන්න කියන කාලෙ ඉදලා බොනවා.. ඒත් හොදයි.. වරදක් නෑ..

මහත්තය දැන් මොනවද අපේ තාත්තගෙන් අහන්නෙ.. කල්පනී ඇසුවාය..

ඔයාලයි තාත්තයට ඉන්නවා නේ වැස්සියෙක්.. ඒකි ඇවිල්ල මගේ ගෙදර නටනවා.. දැන් මට ඒකිව අල්ලගන බැදගන්නයි හිතිල තියෙන්නෙ.. වැස්සි නං උඩින්ම කැමති ඇති.. ඒත් තාත්ත ගෙන් අහන්න එපැයි.. මා කීවෙමි..

ආ එහෙමද? වැස්සි කැමති නෑ මං හිතන්නෙ.. ඒකි කැමති නිදහසේ ඉන්න...ඔය කනුවල බැන්දා වගේ නෙමෙයි කනු ගැලවිලා යන්න ගියාම ආයෙත් අයාලෙ යන්න වෙනවා.. කල්පණී කීවාය..

මේ ක නං වැස්සෙයක් නෙමෙයි ගොං කෙල්ලෙක්.. මේ පැහෙන්නෙ නැතුව කියනවා තාත්ත එක්ක මං ඔයා ගැන කතා කරගන්න ඕනි..ඒකට තාත්තව හම්බෙන්නෙ කොහේදිද? මං කල්පනී ගෙන් ඇසුවාය..

එයාව අල්ලගන්න පුලුවන් හවසට රා බොන තැනදි.. මහත්තය රා මුට්ටියක් අරං දුන්නොත් මගෙන් පලුවක් වුනත් දේවි අපේ පියානෝ..ආන්න එහෙමයි අපේ පියානෝ දාන පාරමිතාව පුරන්නෙ.. කල්පනී කීවේ සිනාමුසු මුහුනෙනි.

ඒත් මහත්තයා..අනේ මන්දා.. මට බයයි. ඒත්..මහත්තයා ඉක්මන් වැඩිද මන්ද.. ආ එකක් මහත්තයා..අපේ තාත්තට වැඩිය ඇස් පේන් නෑ..

කල්පනී කීවාය..
2

මහත්තයා ආවෙ අපේ දුව කල්පනී ගැන කාත කරගන්න කිව්ව නේද? මමත් මහත්තය කාලයක් තිස්සෙ ත්‍රී විල් වලට ආසයි.. කොහෙද ඉතිං අපිට සල්ලි වීල් එකක් ගන්න..දන්න කියන කාලෙ ඉදලා වන් වීල් එක ඒ කිව්වෙ වීල් බැරෝ එක තමයි එලවන්නෙ..

අපේ දුව වීල් කාරයෙක් එක්ක යනවට මගේ කිසි අමනාපයක් නෑ.. මට මතක විදියට පුතාගේ නම අසංග..නේහ්..වීල් කාරයෙක් කියල කීවට සොරි වෙන්න ඕනි.?

මාගේ ඇගපුරා විදුලියක් දිව ගියා මෙන් විය.. සැබැවින්ම මා අසංග හෝ වීල් එලවන බුවෙක් හෝ නොවේ..

මා එහෙත් වත්තේ භාරකාර තනතුරේ ගරුත්වය පවත්වා ගත යුතුව ඇත. මාගේ කෝපය පිට යන්නට ඉඩ දිය යුතු නොවේ.

නෑ නෑ තාත්තෙ මම අර ලගදි වත්ත දිහා ආපු.. කියන විට ම තාත්තා පැන්නාය..

ආ සිල්ලර කඩේ සයිමන් නේ ඔයාලයි තාත්ත..අපේ දුව කිව්ව පුතා හරිම කරුණාවයි කියල.. පුතා කිරනවත් හොදයිලු..හොරත් නෑලු..හරිම හොදයි කියලයි දුව කිව්වෙ.. මගේ නං අකමැත්තක් නෑ..ඒත් සයිමන් මුදලාලි නං කැමති වේද සැකයි.. මේ පුතා මෙහෙම ආපු එක හොදයි.. දැං කාලෙ ඉතිං කෙල්ල මුලින් උස්සලා පස්සෙ වෙඩින් නේ.. හහ් හහ ්හා..

සැබැවින්ම මා සයිමන්ගේ පුතාද නොවෙමි..

අංකල් එහෙනං මං යන්නං.. මට හදිසි වැඩක් ඇවිත් කෝල් එකක් ආව.. මං අලුතින් ආපු වත්තෙ මහත්තයා.. කල්පනී මගේ ගෙදර අස් කරන්න එනවා.. වෙන මොකුත් නෑ..තාත්ත හම්බෙන්න ආවෙ නිකමට වගේ.. මං යන්නං මට හදිසියි.. මා ඉක්මනින් එන්ට විය..

ආ මහත්තයද? ලොකුනෝන එක්ක හොදින් ඉන්න බලන්න මහත්තයා.. බායි මහත්තයා බායි... කල්පනීගේ තාත්තා එසේ කියන්නට විය.

කුමකින් කුමක් සිදුවෙනවා දැයි මා දැන සිටියේ නැත.

පසු දිනද කිසිදු වෙනසක් නැතුව කල්පනී ආවාය. ඇය වෙනදා පරිදි වැඩ කරන්නට විය.. මා පුටුවේ වැදී පත්තරය ගෙන ජනේලය ඉදිරිපට හාංසි පුටුවේ වාඩි විය..

ඔන්න ඉතිං ආයිත් පරණ පුරුද්දටම ඇවිත්.. කල්පනී පෙර පරිදිම වාද කරන්නට එයි..

කල්පනී.. මෙ ්මම හුරු වුන විදිය... ඔයා ට අප්සට් වගේ නං ඔයා ඊලග දවසෙ එන්න ඕනි නෑ.. මට අලුතින් ආපු අකමැත්තක් නෙමෙයි..ඒත් මම කැමති නෑ මාව වෙනස් කරගන්න.. කල්පනී ප්ලීස් ...

හරි මහත්තයල ඉක්මනට වෙනස් වෙනව කියල දන්නවා.. ඒත් කමන් නෑ ඉතිං..මගේ රස්සාව මම කරල යන්නං..

ඇය ඉන් පසු දවස් දෙක තුනක්ම ආවාය..වෙනදාට වඩා සද්දෙන් ඇය වැඩ කරන්නට වෙයි.. ඇය නැමෙන හැරෙන අතුගාන සෑම ඉරියව්වක්ම මට පත්තරේ ඔබාගත් හිසින් කල්පනා වෙයි..

මෛ් ජනෙල් මෙහෙම තිබිල බෑ..මේව හෝදන්න ඕනි.. ඇය මා එලිය බලා සිටින ජනේලය එලියෙන් වැසුවාය..ඇය පැමිණ එය අතුලතින් ලොක් කලාය.. ඇය දොරද තදින් වසාගෙන ආවාය..

හැමදාම වාඩිවෙල ඉන්නව පිහිදාගන්නවත් හිතනවයැ.. ඔතන හාංසි පුටුව පිහිදාන්න ඕනි ..ඉක්මන්ට නැගිටින්න.. මා පත්තරය බලාගත් වනම නැගිට්ටෙමි.. ඇය පිටුපසින් විත් මාව වැලදගත්තාය.. මා ඇයව තල්ලු කල යුතුය..නමුත් ඒ කුඩා තන් මාගේ පිටෙහි වදින සනීපය.. ඇය මා වෙලාගෙන ඇය ලබන සතුට.. ආදී බොහෝ දේ නිසා මා එකවර ගල් ගැසී ගියේය..

කල්පනී.. මා ඇයට කතා කලාය..

වැඩක් නෑ..ඔයා කතාකරන්න එපා මාත් එක්ක.. මහත්තයල ඔක්කෝම එකයි..හරියට මම නිකං මෙයාගේ බූදල ලියාගෙන වගේ මාත් එක්ක මූනවත් බලන්නෙ නැත්තෙ..තාත්ත හම්බෙන්න යනකොටම මම කිව්වෙ හදිසි වැඩියි කියල..පැනගෙන ගියානෙ ජගත වගේ.. ඇය ඉකිගසමින් කියාගෙන යයි.. මා හට උත්තර නැත..

කල්පනී ඔයා අර වීල්කාරයා එක්ක හරි කඩේ මුදලාලි ගෙ පුතා එක්ක හරි සෙට් වෙන්න.. මාව ඔයාට ඕනි නෑනෙ..තාත්තට ඔයා කියල තියෙන්නෙ එයාල ගැනනේ.. මං ගැන කියල නෑනෙ.. ඔවු ඉතිං මං ඕනත් නෑනෙ.. මෙතන නැලවි නැලවි ඉන්න විතරයි නෙ මාව ඕනි..

කඩේට ගිහින් බඩු අඩුකරල ගන්නයි..වීල් කාරය එක්ක රවුං ගහන්නයි මොකටද මම.. මහත්තය ඕනි මේ ගේ අතුගාන කොට තොදොල් වෙන්න විතරයි..

ඇය සැනෙකින් මා අත හැරියාය.. ඇය තරමක් තදින් අඩන්නට විය..

මහත්තය මේහ්.. නෝන කිව්ව නිසා ආව මිසක මම මේ වේස ගමනක් ආවෙ නෑ..අනික මහත්තය කියනව වගේ මම විල් කාරය එක්කවත් කඩේ ඉන්න සයිමන් මුදලාලියගේ පැණි පුතා එක්ක වත් සම්බන්ධයක් තියා වැඩි කතාවක් වත් නෑ.. මහත්තය ට එපා නං කියන්න..මං නෑවිත් ඉන්නං..ඒත් මේ එක එක මිනිස්සු එක්ක මාව අමුනන්න එපා.. අපි ඇවිල්ල නැමිල මේව අතුපතු ගාන්නෙ දුප්පත් කමට..එහෙම නැතුව නැමිල අහවල් කාරිය කරගන්න අපිට ඕිනි..නෑ.. මහත්තයල ලොකු උගත්තු වුනාට ගෑනුන්ට කතා කරන්නවත් දන්නෙ නෑ.. හිතන්නෙ ඕකකොම ටවුන් කෙල්ලො වගේ දැක්ක දැක්ක එකාට උස්සගෙන අල්ලගෙන යනව කියලා.. චී චී කැතයි මහත්තය.. අන්තිම කැතයි.. ඇය කීවාය..

එතකොට කල්පනී ඔයා කියන්නෙ ඔයාලයි තාත්ත කිව්ව ඒව බොරු..තාත්ත කියනව තමුන්ගේ දුව ගැන බොරු..අනේ කල්පනී ඔයයි මායි මෙතන ලොජික් දාන්න ඕනි නෑ.. ඇත්ත මං දන්නවා..

මා කිවෙමි..

ම්ම්.. මහත්තයා.. අපි පොඩ්ඩකට මේකතාව නවත්තමු.. මහත්තය මට තාත්ත හම්බුනු වෙලාවෙ කියපු ටික හරියටම කියන්න බලන්න..

කල්පනී මට ඇවටිලි කලාය..

හරි එහෙනම් මෙන්න මේකයි වුනේ. මා ඇයට කතාව කීවෙමි.



මහත්තයා මරි මෝඩයෙක්..අයියෝ..මේ මෝඩ ඩයල් එකට.. මහත්තය කියන එකත් පාඩුයි.. මහ ලොකු පන්ඩිතයා.. ඇය මගේ දෙකම්මුලෙන් අදින්නට විය.. මාගෙන් කෘතිම සිනාවක් ගන්නට ඇය වෑයම් කලාය.

මා පුදුම වී බලා සිටියෙමි..

අපේ තාත්ත කැමති නෑ මේ සම්බන්දෙට.. ලොකු නෝන එච්චර හොද නෑලු.. ඊටත් ඕව කෙරෙන වැඩ නෙමෙයි.. කියල තමයි තාත්ත කියන්නෙ.. මට හේතුවක් හිතාගන්න බෑ ඒත් තාත්ත නම් කැමති නෑ කියන එක මම දන්නවා..කල්පනී කීවාය..

අකමැතී කියල කෙලින්ම කිව්වොත් මාව උස්සන් යන්නත් මහත්තයට පුලුවන් කියල තාත්ත දන්නවා..ඒ නිසා තමයි ඔය කතාව අමුනල තියෙන්නෙ.. අපේ තාත්ත යක්ස කතා කාරයා..

කල්පනී කියන්නට විය..

කල්පනී.. මා ඇයට සිහින් හඩින් කතා කරන්නට විය..

මේ මොකද මේ.. අතාරින්න..කාරුහරි එයි..කල්පනී යාන්තම් නාමික විරෝධයක් පල කලාය..

එහෙත් ඔවුන් අතරට කිසිවෙකු පැමිණියේ නම් නැත..

Friday, April 8, 2016

මාතර මුහුදු කේබල් එක

SEA ME WE 5 සබ්මැරීන් කේබල් එක ලංකාවට සැපත් වුනා පහුගිය දවස්වල. ලංකාව කියන්නෙ මේ කේබ්ල එකේ සංදිස්තානයක්.. ලංකාව මේ සී මී වී කියන ව්‍යාපෘතියේ මුල සිටම ඉදපු සමාගමක්. මෙයින් SEA ME WE 1 සහ 2 කියන කේබල් දෙක තඹ සහ කෝක්සියල් කේබල්.. නමුත් තුන්වැනි සී මී වී කේබලයේ සිට දැන් අදිමින් පවතින 5වැනි කේබලය දක්වා දිවෙන්නේ ඔප්ටිකල් කෝර්ස් අඩංගු කේබලයක්. ඒ කිව්වෙ අපි යවන දත්ත ආලෝක තරංග බවට පත්වෙලා ආලෝකය විදියට තමයි ඉතා සිහින් තන්තු අතරින් ලෝකය පුරා දත්ත විදියට බෙදා හැරෙන්නෙ. 
මාතරට ෆුල් ලෑන්ඩ් කිරීම 
ඔබට මේ සිතියම බැලුවාම පේනවා ඇති අරාබිය දිහා ඉදන් ඉන්දුනීසියාවට යන මේ කිලෝමීටර 20000කට වඩා වැඩි කේබලය ගමන් කරද්දි ලංකාව මූලික සංදිස්ථානයක් වෙනවා. මෙතෙක් කල් ලංකාවට මුහුදු කේබල කිහිපයක්ම සම්බන්ධ වී තිබුනත් මේ විදියෙ ෆුල් ලෑන්ඩින් එකක්.. ඒ කිව්වෙ දෙපැත්තෙන්ම කේබල් එක තැනකට කනෙක්ට් වෙන, මූලික කේබලයම ලංකාවට සෙට් වෙන කේබල් එකක් තිබුනෙ නෑ.. ඔබට මේ සිතියම බැලූවිට පෙනී යනවා ඇති..ඉන්දියාව ලබාගන්නෙත් මේ කේබලයෙන් ටී ජොයිනට් එකක් ගහල ගන්න කෑල්ලක් විතරයි.. අපිට මේකෙදි ෆුල් ලෑන්ඩින් එකක් ලැබෙන නිසා වාසි ගොඩක් තියනවාය කියල තමයි ආරංචි වෙන්නෙ.ඉන්දියාව මුලින් මේ කේබල් එකට කැමති වෙල නෑ..පස්සෙ තමයි එයාල කේබ්ල එකට  එකතු වෙලා තියෙන්නෙ. 

ලංකාවට තිබෙන මුහුද කේබල. 

මාලදිවයින සහ ඉන්දියාවට සම්බන්ධ සිරි ලංකා ටෙලිකොම් කේබල් තිබුනත් ඒවා එතරම් සක්‍රිය මට්ටමක පවතින්නේ නෑ.. දැනට ලංකාවෙ වැඩිම ධෘරිතාවයකින් වැඩ කරන කේබල් එක තමයි SEA ME WE 4 කියන කේබල් එක. මේ සී මී වී 4 සහ 5 කේබ්ල අතර කාල ප්‍රාන්තරය මදක් වැඩියි. 4වැනි කේබල් එක ඉවර වෙන්නෙ 2006-07 අවුරුදු වලදි. නමුත් 5 එන්න ටික කලක් ගියා. ඒ නිසා මේ පාරෙම වෙනත් කේබල් එකක් එකතු වුනා.. ඒ නිසා කලිං සම්බන්ධ වෙච්චි  සමාගම් නැතුව අලුත් සමාගම් මේ කේබල් එකට එකතු වුනා. 

ලංකා බෙල්, ඩයලොග්, සමාගම් වලට එයාලටම වෙන් වුන මුහුද කේබල් තිබෙනවා. නමුත් මේ එකතුවෙන සහ දැනට පවතින මුහුද කේබල් වල යන ධාරිතාවය එක්ක බැලුවාම සී මී වී කියන්නෙ බොහොම බලගතු කේබල් එකක් වෙනවා ඉදිරියේදි.. 

මේක ලංකාවට ලැබුන තෑග්ගක්ද?
නොදන්නා සහ  පැහැදිලි කරගත නොහැකි දේවල් දේවත්වයෙන් පිදුම් ලැබීම ලංකාව වගේ රටවල ඈත අතීතයේ සිටම සිද්ද වුන දෙයක්. මේ කේබ්ල එක සම්බන්ධයෙනුත් ඒ වගේ රංගන තිබෙනවා මම දැක්කා. ඇත්තටම මේක මේ දැන් තියෙන ආන්ඩුවෙ පොයියක් නිසාවත් ආන්ඩුවෙ මැදිහත් වීමක් නිසා වත් පිනට දෙන එකක් නෙමෙයි. මේක සැබැවින්ම ටෙලිකොම් සමාගම කරන ආයෝජනයක්. සමාගමක් විදියට ටෙලිකොම් සමාගම සම්පූර්ණ රජයේ එකක් නෙමෙයි. අන්තර්ජාතික වැදගත් කමක් තියෙන නිසා ඔ්‍ය දේසපාලන ගොල්ලා ටිකක් ඉතිං පිරුවට ඇදලා ලකුනු දාගත්තට කමක් නෑ..හැබැයි මේක එයාල ගෙනාව එකක් කියලා පොයි කෙලිනවා කියන්නෙ තනිකර  මිනිස්සු ඇන්දීමක්.. 

රටක් විදියට ලංකාව අතීතයේ අරගෙන තියෙන එක්තරා සැර තීරණයක් තමයි මේ මුහුදු කේබල ජාලයට ලංකාව සම්බන්ධ වීම. ඒ හරහා  ලංකාවෙන් එලියට යන්න තිබුන අන්තර්ජාතික විදුලි සංදේශ යටිතල පහසුකම් දියුනු කරන එක බොහොම ලේසි වුනා. එවකට 1980 දශකදයේදී පාදුක්ක ආදී තැන්වල විසාල සැටලයිට් මධ්‍යස්ථාන ගහල අමාරුවේන යවපු අන්තර්ජාතික දත්ත වලට වඩා වැඩි ප්‍රමාණයක් 1985 දියත් වුන පලවෙනි මුහුද කේබලයෙන්ම ලබාගන්නට හැකිවුනා. ඒ පලවෙනි කේබල් එක කොපර්.. දැන් තියෙන්නෙ ෆයිබර්.. පලවෙනි එකයි මේ අලුතින් ඇදෙන කේබල් එකයි අතර තිබෙන වයස පරතරය අවරුදු 30ක් විතර නමුත් තාක්ෂනය සහ දත්ත වේගය අතින් බැලුවොත් අහසට පොලව වගේ මහා විසාල පරතරයක් මේ කේබල් දෙක අතර තිබෙනවා. 

මේ මුහුදු කේබල් ඇදීමේදී ඒ සම්බන්ධ වෙන රටවල තිබෙන ටෙලිකොම් සමාගම් විසින් ලැබෙන කොටස් අනුව ආයෝජනය කෙරෙනවා..මතුකාලයේදී ඒ කේබලයේ වෙන්වුන දත්ත ප්‍රමාණය සහ පරාසය තීරණය වෙන්නෙ මේ අපි ආයොජනය කරන මුදල මත. මේක තරමක් ඉලක්කම්  අනුව මහ විසාල ගානක් ලංකාවෙදි.. නමුත් අපි රටක් විදියට විදුලි සංදේශ යටිතල පහසුකම් දියුනු කරන්න නම් මේ විදියේ ආයෝජන වලට සම්බන්ධ වෙන්න වෙනවා. 

කේබල් එක සම්බන්ධ වෙන ස්ථාන.. ඒ ඒ තැන් වලදි සම්බන්ධ වන සමාගම් .. කේබල් එකේ ධෘරිතාවය ආදී බොහොමයක් විස්තර අන්තර්ජාලයේ ඉංගිරිසි බසින් සදහන් වෙනවා.. අවශ්‍ය අයෙකුට ගූගල් සෙවුමකින් ඒවා ලබාගන්නට හැකියාව ලැබෙනවා. මේ කේබල් එකේ ධාරිතාවය අපිට තරමක් විස්තර කරගන්න අමාරු දෙයක්. ඒ සමස්ථ ධාරිතාවයම අපිට පාවිච්චි කරන්න අවස්ථාවක් එන්නෙත් නෑ..බොහෝවිට එහෙම ලැබෙන්නෙත් නෑ.. තත්පරයකට ෆිල්ම් මෙච්චර අච්චර බාන්න පුලුවන් කියලා ගල් කෙබර වගයක් නෙත් එෆ් එම් සයිට් එකේ තිබුනා..නමුත් ටෙලිකොම් විශය සහ දත්ත සන්නිවේදනය ඉගෙනගත් අය දන්නවා ඒ විදියට ගණනය කිරීම අමු ගොබ්බ වැඩක්. 

මාතරට ප්‍රධාන වශයෙන් කේබල් දෙකක් දෙපසින් සම්බන්ධ වෙනවා..ඒ අවස්ථාවලදි මාතර බීච් එකේ හිටපු සෙනග දිහා බලපු ඇතැම් අය කිව්වෙ මේක වෙසක් කිට්ටුව වගේ ඇද්ද නං ටකරං වලිං වටකරල කේබල් පෙන්නවා කේබල් පෙන්නවා කියල ලොකු ගානක් හොයාගන්නත් ටෙලිකොම් එකට හොයාගන්න ඇහැක් තරමේ බර සෙනගක් මූදු කේබල් එක අදිනවා බලන්න එකතු වෙලා හිටියා කියල. 

කොහොම වුනත් අලුත් දෙයක් ආවම ඒක දිහා බලං ඉදලා භෞතික ස්වභාවය අද්‍යනය කරන්න තියෙන නැඹුරුව අපේ ඇත්තන්ට ඒවා අන්තර්ජාලයේ සහ වෙනත් මාර්ගවලින් සොයාබලලාත් ලබාගන්න ඇතිවෙනවා නම් වටිනවා. 

Saturday, April 2, 2016

මා ලංකාවේ ටුවරිසම් ඇමති වුනොත් 2

රක්කු මත් පැන් මත්ද්‍රව්‍ය සම්බන්ද නීති ලිහිල් කිරීම

සාමාන්‍යෙයන් ලංකාවෙ බාර් කියන්නෙ එක්තරා සංස්කාතියක් වගේ..ඒකටම අනන්‍ය ගතිගුණ තිබෙනවා.. අරක්කු බොන එක මහා වියදම් කාරී වැඩක් වෙලා..හැම රජයම ජනතාවගේ අක්මාව සහ පපුව ගැන වැඩිමනක් හිතනවා..ඒ නිසා හැමදාම අරක්කු සිගරට් මිල සැලකිය යුතු ගානකින් වැඩි වෙනවා.. ඒ වගේම ගංජා වගේ සාමාන්‍ය පොදු අපෙ රටේ සරුවට වැවෙන දේශීය මත්ද්‍රව්‍යයත් තවමත් තියෙන්න නීථියට පිටින්..

පෝයට සහ රජේ නිවාඩු දවසට බාර් හිටි අඩියෙම වහනවා..ඒ වගේම ලංකාවෙ බාර් සම්බන්ධ නීති හරි වැඩියි.. මේවා සරල කරලා අරක්කු එතනෝල් සිගරට් වලට ගහන විසල් බද්ද ටිකක් හරි අඩු කරනවා නම් ඒක වැදගත් වැඩක් වෙයි..

මෙහෙ හොද සීල් අරක්කු වැඩිවෙන කොට ඒ වෙනුවට බිහිවෙන විකල්ප නම් කතා කරල වැඩක් නෑ.. දැන් වෙලදපෙලේ තියෙනවා බැරන්ස් නමින් බියර් එකක්.. බල්ලට කටේ තියන්න බෑ.. කොහොඹ වගේ රස..හොද අරක්කු මිල වැඩිවෙද්දි කසිප්පු මට්ටමට සූර් වෙන රා පොට්... බාල මට්ටමේ බියර් අරක්කු ආදිය වෙලද පොලට එනවා..
ඇත්ත වශේන්ම අපි ඉන්දියාවෙ ගිය වෙලාවෙ බිව්වා බියර් එකක් ඒකෙනම නම් මතක නෑ..හැබැයි මෙහෙ තරං තිත්ත නැති හරිම වතුර වගේ බොන්න පුලුවන් ජාතියක්.. කදිම බීමක් ඒකනම්.
සංචාරකයින් ආකර්ශනය කරගන්න කොයි වැඩපිලිවෙල තිබුනත් වැඩක් නෑ එන සංචාරකයෙක්ට නිදහසේ බොන්න සහ ටිකක්පොකට් එකට නොදැනෙන්න බොන්න තැනක් නැත්තං. මැද සහ පහල පංතියේ සංචාරකයින් ඉලක්ක කරනවා නම් මේ අරක්කු සිගරට් ගංජා බියර් ආදී මත් වෙන දේවල් වලට ගහල තියන දැඩි නීතිමය රාමු වල තද ගතියත් විසාල බද්දත් යම්ක්සි සැලකිය යුතු තරමකින් අඩු කරන්නට ඕනි..

බණ භාවනා සහ පිං ටුවරිසම්.

පිං , යෝග, භාවනා ටුවරිසම් කියන්නේත සැලකිය යුුත තැනක්.. ඇතම් රටවල විසාල ආරාම හදාගෙන ඒවායේ නවාතැන් දීගෙන යෝගියන් සහ ස්වාමින් වහන්සේලා විශාල පිංකම් වැඩසටහන් පවත්වනවා.. ඒවාට පැමිනෙන බැතිමතුන් ලෝකයේ විශාල පදාසයක පැතිර තිබෙනවා.. එවැනි තැන්වල වැඩ වලට කැමති වෙන පිරිසත් ලෝකයේ එන්න එන්නම වැඩි වෙනවා.. ලංකාව පැරණි ථේරවාද බෞද්ධ රටක් නිසා පිං භාවනා ටුවරිසම් කියන එක ලේසියෙන්ම කරන්නට අපිට පුලුවනි.. නමුත් අද කාලෙ රටේ බෞද්ධ සංඝයා වහන්සේලාගේ හැසිරීම සහ ඔවුන් දේශපාලනික වීම හරහා අපේ රටට සුද්දො ඉන්න තියා ලංකාවෙ ඉන්න ඇත්තන්ට ත් බෞද්ධ සාසෙනේ එපා වෙලා..

සංඝයා වහන්සේලා සිල් වත් කරන්නත් වෙන බැදිවල නොයා බුදුමග යන්නත් කියාදෙන්න ප්‍රාෙයා්ගික වැඩපිලිවෙලක් අපේ රටට අවශ්‍යයි. ඒක කල යුත්තේ කෙසේද කියාල ලොකු අදහසක් නෑ. නමුත් විවෘත මනසක් ඇති ස්වාමින් වහන්සේලා ලග අපේ රටට විදෙස් බෞද්ධ බැතිමතුන් වතාවත් සදහා යොමුකරගන්න කල හැකි දේවල් ගැන අදහසක් ඇති.ඒ වගේ ගරුකටයුතු වහන්සේලා ගෙන් ඒ ගැන විස්තර අසා දැනගන ක්‍රියාත්මක වීම අවශ්‍යයයි. එතකොට රට රටවල ඇත්තොත් බණ භාවනා වලට නිස්කලංක ආරාමයක පිරිතක් බණක් අහල රැයක් පහන් කරන්න මෙහෙට ඒවි.. ඉතිං ඒ එන අයට පිංතකාම හැම දේම කොරන්නත් බැහැ නෙව.. ඉබේම ඒ ටුවරිසම් පැත්ත දියිනු කරගනීවි හාමුදුරු ගොල්ලම එකතු වෙලා..


පැරණි දේ සම්බන්ධ ටුවරිසම්.

දැනට ලංකාවේ නටඹුන් ලෙස හමු වූ තැන් කිහිපයක් තිබෙනවා..ඒ වගේම ලංකාවම එක්තරා යුග යුග වලදී ජනාවාස වෙලා කැලෑගත වුනු රටක්.. ඉතිං අපේ ඒ වගේ ජාතික උරුම සහ පුරාවිද්‍යා තොරතුරු ආදිය ගැන අන්තර්ජාලයේ ිතබෙන විශ්වාසනීය තොරතුරු අඩුයි.. ඒ සදහා පුරාවිදු දෙපාර්ථමේන්තුව හා එක්වෙලා ආකර්ශණිය ආකාරයට පොත් පත් සහ අන්තර්ජාල තොරතුරු බහුල කරන්නට අවශ්‍යයි..එතකොට සංචාරක තැන්වලට ගිහින් ගයිඩා බොරු පැල කරනකොට ටැබ් එක බලලා ගයිඩ් උන්නැහේ ඔහෙ සරම ඇන්දට බොරු නෙව කියන්නෙ කියලා  අපේ එකාට පුරාවිද්‍යාව උගන්වන්න පිටරට එයාලට පුලුවන් වෙයි.


ඒ වගේම මේ පැරණි පොයි ටුවරිසම් වල එක තවත් අංගයක් තමයි සම්ප්‍රදායික දේවල්.. පැරණි වගාක්‍රම, පැරණි විදියේ ගම, පැරණි නැටුම් කලාවන් ආදී දේවල් සම්බන්ධ සජීවි තැනක් ඇතිකර එතැන් විදේශිකයින්ගේ ආකර්ශනය වඩවන ආකාරයට දියුනු කිරීම වැදගත් වෙනවා.. අපේ දේවල් අපිට කොච්චර වැදගත් වුනත් ඒක පිටරට කෙනක්ට අපිට තරම්ම දැනෙන් නෑ..ඒකට එයාලගේ රුචිය අනුව අපේ දේ කස්ටමයිස් කරන්න අවශ්‍යයයි.. උදාහරණ විදියට තොයිල් වලදි අපි වැඩියෙන් ආස බෙර බුවයි යකයි අතර යන විවාදෙට... නමුත් සුද්දට සිංහල තේරුනත් බොහෝවිට බාගෙයක් කුනුහබ්බ තියෙන තොයිල් ආතල් විවාද  තේරෙන් නෑ.. ඉතිං එතකොට නැටුං ආතල් ටිකක් වැඩිපුර දාලා අලුත් සාංතිකර්ම ආදිය හදාගන්ට අපිට සිද්ද වෙනවා..

ස්වාභාවික සතුන් තුරුලතා ආදිය ටුවරිසම්..

මේක ගැන කියන්න කතාවක් දෙකක් තියනවා.. පින්නවල ඉන්න අලි ටිකට අපෙ අය සුද්දො බලං ඉද්දිම ඇත්ගොව්වො අලින්ට වද දෙනවා.. ඒ නිසා අලි බැලීම ගැන කියද්දි අන්තර්ජාලයේ බොහෝ තැන්වලදි පින්නවල කෙරෙන අලි හිංසාවන් ගැන සාරසුබාවට කාරනා දැක්වෙනවා.. ඉදලා හිටලා සුද්දෙක් දෙන්නෙක් ගියත් බොහෝවිට දැන් ලෝක සංචාරකයින් කැමති නෑ සත්ව හිංසාවට.. ඒ අය කැමති යාල වගේ තැනක ගිහින් සතාට හිරිහැර නොවන විදියට සතා ඈතින් බලලා අර හොම්බ දිග එක මානලා පොටෝ එකක් ගන්නවා වගේ ආතල් එකකට..
ලෝකය පුරා සත්ව ලෝලින්ගේ විරෝධය සතුන් කුඩු කිරීමට එරෙහි ව නැගෙනවා. කිහිප දෙනෙක් සතුන් සියල්ල එකතැනක සෝ රූම් එකේ බඩු බලන්න වගේ බලන්න කැමති වුනත් ගොඩක් සංචාරකයින් ආස ස්වාභාවික පරිසරය ස්වාභාවික විදියට ම දැකබලා ගන්න.

අනික් කතාව තමයි යාලෙන් ආපු කතාවක්. යාල ගිහිපු සැට් එකකට දුන්නලු ගයිඩ් කෙනෙක්.. ටිකක් පලපුරුදු සංචාරක සැට් එකක් වුන ඒකට හම්බුන ගයිඩ් බුවා මෙලෝම දෙයක් දන් නෑලු.. ඒ වගේම සතුන්ගේ චර්යාවන්..සතුන් බලාගත හැකි තැන්.. සතුන්ගේ විචිත්‍රත්වය බැලිය හැකි ස්ථාන ගැන මේ ගයිඩා කිසි දෙයක් දන් නෑලු.. පස්සෙ බැලින්නං ගයිඩ් බුවා කිසිම බේසික් ට්‍රේනින් එකක් නැති දේසපාලකයෙක් පස්සේ වැටිලා ඡන්ද කාලෙ හූ කිය කිය පෙලපාලි ගිහිං පෝස්ටර් ගහපු පිනෙන් ජොබ් එකකට ආපු බුවෙක්.. මිනිහ දන්නෙ මිනිහට ජොබ් එක දුන්න මහ සතාගෙ නම විතරයි.. ඒ ඇර කිසිම දෙයක් ගැන මිනිහට නිච්චියක් නෑ..
සතා සීපාවට ගහ කොලට ආදරේ සහ කැලේ පනින්නම ආස කොල්ලො කෙල්ලො රටේ ඕනි තරං ඉන්නවා.. උන්ට පූර්ණකාලිනව නැතත් තාවකාලිකව හරි යම් කිසි පුහුනුවක් දිල වැඩේට ආස ගොයියො ටිකක් පත් කරනවා නම් ඒක කැලේටත් බලන්න යන උන්ටත් හොද දෙයක් වෙයි ඉස්සරහට වත්..

භාෂා හැකියාවන් දියුනු කිරීම


අපේ පොලිසියෙ ඉන්න අයගේ කොහොමත් අමුතු බාසාවක් නෙව තියෙන්නෙ. පොලිසිය වගේ ආයතන වල ඉන්න බොහෝ දෙනා ආස සිංහලෙන් වැඩකරන්න.ඉතාමත් කලාතුරකින් තමයි බාසා දෙකක්වත් දන්න පොලිස් බුවෙක් ඉන්නෙ. ලංකාවම සංචාරක ආකර්ශන වටපිටාවක් වෙද්දි සේවා ලබාගන්නා රාජ්‍ය ආයතන විශේෂයෙන් පොලිසිය වගේ තැන්වල ඉන්න අයගේ භාෂා දැනුම වැඩිදියුනු වීම වැදගත්. රාජ්‍ය සේවයේ අයට භාෂා කිහිපයක් පුලුවන් වෙද්දි මිනිහාට වැඩියෙන් ගතමන්ට් එකක් අතට එන විදියට එලවන්ස් එකක් ලැබෙනෝ නම් ඔක්කොම තියෙද්දි රජේ සේවකයො ටික බාසා ඉගෙනගන්න දත කාවි..
ඒ වගේම මේ භාෂා සම්බන්ධ දැනටත් තිබෙනවා යම් කිසි විභාග වගයක්.. නමුත් ඒවායේදී බලන අයත් විභාග ෂාලාවල ඉන්න අයත් රජයේම අය නිසා ඇතැම් වෙලාවට සැර විභාග වැරදි ආදිය සිද්ද වෙනවාලු.. ඉංගිරිසි වලට සහතික දෙක තුනක් තිබුනත් වැඩක්යැ.. ඉංගිරිසි සුද්දෙක් කියන වචන තුන හතරක් වත් තේරෙන්නෙ නැතුව.

 ඒ නිසා මේ එක්සෑම් ආදිය වල භාෂා දැනුම බලන්න නව ක්‍රම ආදිය ඇතිවන්නට ඕනි. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට නිකාංම පඩි නඩි වැඩිවෙන්නෙ නැතුව යම් කිසි බාසා කුෂලතාවයක් වත් ඇතිවෙලා පඩි වැඩිවෙනවා නම් අඩුතරමෙ ඒ මනුස්සායාට වැඩියෙන් දෙනගානට සාධාරනයක් පස්සෙ කාලෙක හරි සිද්ද වේවි..
පොලිසිය වගේ තැන්වලට බදවා ගනිද්දිත්.. එසේම දැනට සිටින අය උසස් කිරීම ආදී තැන්වලදිත් බාෂා දැනුම සහ විවිධ භාෂා වලට ඇති හැකියාව ගැන යම්කිසි දිරිගැන්වීමක් ඇතිවන ආකාරයට ඒවා කිරීම වැදගත් වෙනවා.


ඇත්තටම ලිවීම විනෝදාංශයක් නිසාම ලියාගෙන යනවා මිසක මේ එකක්වත් ලංකාවෙ ඉන්න පාලකයින්ට සහ නිළදාරින්ට මතක් වෙන්නෙත් නෑ..මතක් වුනත් එයාල මොකුත් කරන්නෙත් නෑ.. බාගෙද එයාල මෝටිවේශන් ලෙක්චර කෙනෙක් හෝ මං වගේ බ්ලොග් ලියන කෙනෙක් වුනොත් ජනප්‍රිය වෙන්න ඕනි නිසා මෙ  වගේ මගේ දැක්ම කියලා බරසාර වචන දාලා මේ වගෙ කාරනා ගැන ලියාවි.. නමුත් ලියනවාට කියවනවාට වඩා ක්‍රියාත්මක වීම තමයි වැදගත්.. ඒත් ඉතිං මම ඡන්දෙ ඉල්ලලා  දිනලා ඇමතිත් වෙලා මේ ව කරන්න පුලුවන් වෙන එකක් නෑහැය කියලයි මට හිතෙන්නෙ.. හැබැයි එහෙම පුලුවන් කියලා හිතලා ඡන්දෙත් ඉල්ලලා ඇමතිත් වෙලා තමුන්ගේ අරමුණ ඉෂ්ඨ කරගත් අයත් ලංකාවෙ ඉතිහාසෙම ඉන්නවා.. දන්න කෙනෙක් කියන්න බලන්න ඒ වගේ උත්තමයෙක්ගේ නමක් කාරිය, අනික් උන්දැලාට දැනගන්නත් එක්ක.