Sunday, April 29, 2012

හිරෙන් පැනීම (prison break)

හොරබඩු රැසක් එකවර දැලේ....

වපර පොලිස් ඇස් වල වපරය වැඩි කරලා
කිසිම ලෙඩක් නැති ලෙස වැඩ ටික සැට් කරලා..
අතර මැද වැටුනු ඔත්තුව කණපිට ගැහුවා හැමදේ..
සතර අතින් ඇවිදින් අපි කූඩුවෙ දෑවා...

මෙතෙක් කල් අසු නොවූ හෙර බඩු ජාවාරම අල්ලා ගත්තේ පොලිසියේ දක්සකම නිසයි...

දුන් පගාව මදිවෙලාද අලුත් එකෙක් එක් වෙලාද
මුදලාලිට පෙනුනෙ නැද්ද දන් නැහැ අයියෝ...
ගෙන ගිය බඩු අහුවෙලා ගුටිබැට මට සෙට්වෙලා
අපල කලක් ඇවිල්ලා කියල හිතෙනවා

හොරබඩු ජාවාරමේ සැකකරු යකඩ කපා පොලිසියෙන් පනී...

කියාපන් සුදෝ අම්මට එන්නෙ නෑ කියා...
මම ඉන්න තැන හොඳයි අවුලක් නෑ කියන් සුදා...
වෙන්න තිබු වැරදි ඔක්කොම නවත්තල දමා..
මා පැන්නෙ බැරි නිසයි ඉන්නට කූඩුවට වෙලා...

සැකකරු රටින් පිටවී ඇතිබව අවිස්වාස අකටයුතු ආරන්චි මාර්ග කියයි..

අම්ම දුන්නු බත් උගුරෙන් පහල වැටෙන් නෑ..
දැන් ඉන්නෙ පිටරටක තනියම කාරුවත් ම නෑ
වෙන්න තිබු සියලු දේ වල් අතැර දා මෙසේ
අන්න වුනේ අයි කරුමෙද මන්ද මෙමාගේ..

 වෙසක් එකට විරිදුවක් දාන්න කියල ගියේ..ඒත් වෙන ට්‍රැක් එකක් හැදුනෙ..අහලම යන්න ඈ..
Prison break by indika27

Saturday, April 28, 2012

මන්ද කරුවලේ කින්නරාවිය ( 02 වන කොටස)

කාලය සමග බොහෝ දේ වෙනස් විය. වෙනස් වන්නට වන්නට මා වෙනස් වීම කල නොහැකි දෙයක් විය. වැඩ ඉවර වී මා සවස පහයි තිහ වන විට ගෙදරය. චූටි දුව දවසම වැඩකරන කෙල්ල සමග සිට එපා වී මා එනතුරු මග බලා සිටී. ඉන් පසු සෙල්ලම පටන් ගනී. බැංකු සේවිකාවක් වූ නිසාත් එය පුද්ගලික බැංකුවක් වූ නිසාත් කුසුම් කාර්යබහුල විය. එසේම ඇය තවත් විභාග ගානක් දාගෙන තිබුනාය. කෙමෙන් කෙමෙන් නිවෙස් පාලනය මා වෙත එන්නට විය. එලවලු ගෙන එන්ම පවා මා විසින්ම කරන ලදී..
                ඔය අතර දිනක් මට කුසුම්ගේ බැංකුවේ සිටින මගේ යාලුවෙක් හමු වෙන ලදී. පෙර පුරුදු පරිදි බෙබා පාරක් දැමීමට සිතා මාත් ඔහුත් පොට් එකකට ගියෝය. මචං වරදක් හිතන්න එපා. මං මේ වැරද්දක් කරනව ඇත්තෙ. ඒත් උඹ ගැන හිතල තමයි කියන්නෙ. කියලා තටමා තටමා අවසානයේ ගින්න අවුලුවන ලදී. එනම් තරුණ හැන්ඩ්සම් කොල්ලෙක් වූ නව බැංකු කළමනා කාරයා කුසුම් සමඟ වැඩිපුර ඇය හාඳයි පවත්වන කතාවක්ය. මට ඉරිසියා වැඩිවිය. නමුත් ස්වභාවයෙන්ම පරාජිත මා පරාජය භාර ගැන්මටම සූදානම් විය.
ඒ සඳහා තවත් දැඩි උත්ප්‍රේරකයක් වූයේ මා බැලූ සිනමාපටයකි. ඒ සිනමාපටයේ සිටින සාමාන්‍ය පවුලක සැමියාට ටික කලක් යනවිට තරමක් ධනවත්ව පවුලක සිටි සිය බිරිය අහිමිවෙයි. ඒ මනුස්සයා පත්තර කාරයෙකි. විය යුතු ලෙසම ඒ රටේ ඒ පත්තර කාරයාද ලංකාවේ මෙන් දුප්පත්ය. එ පත්තරේ ගිය එක්තරා කතාවකට පෙම්බැඳි තරුණිය ඒ තරුණයා සමඟ යාලු වෙයි. කලක් බොහෝ සුවෙන් මොවුන වෙසෙති. නමුත් කාලය සියල්ල වෙනස් කරයි. මුලින් සියලු දේට අවැසි පරිදි නම්‍ය ශිළි වු තරුණියට අවැසිතා වැඩිවෙයි. නෑයින් ආපසු ඉන්නට තැනක් නොමැති බව. ඔවුන් යන්තම් බඩට කනවා මිස රස නොබලන බව වැටහෙන්නෙ බිරියට කාලයක ගිය පසුය. ඉන්පසු ඒ දෙදෙනා ගිය සාදයකදි අඳුනාගත් කොල්ලෙකු සමග අර බිරිය පැන යයි. ඒ රටේ කසාද නීති එතරම් තද නැති නිසාදෝ ඔවුන් ඉතා සතුටින සිටිති. අර සැමියා සිය බිරිය එතැයි සැමදාම පෙර මෙන් බලා සිටියත් යලි කිසි දිනෙක ඔහුගේ සයනයේ තනිය රැක්මට බිරිය ආවේ නැත. ඔහු ගණිකාවන් ඇසුරු කර ඒ වින්දනය ගැන්මට ඔහු ගියත් එතැන  ඔහු පත න දේ නොමැති බවත්. සිය බිරිඳට කරන කවටකම් ගණිකාව ගොං පාට් ලෙස දකින බවත් ඔහු දිටීය..ඉන්පසු තේ පාටි වලදි උත්සව වලදී අර පැරණි ජේඩුව හමු වුවත් පලක් නොවීය..

තමුන් ගැන අභිමානයක් ඇතිවිය යුතු බව පාලිත සිතිය යුතු වුවත් පාලිතගේ සිල් ගතිය නිසාදෝ ඔහුට සිතුනේම තමා එන්ට එන්ටම කැපී යන බවකි. කසාදය තීන්දු වන දිනවලත් තමාට වඩා වැඩි වැටුපක් ගත් බිරිය දැන් විසල් රාජකාරි රැසක් කරයි. විසාල පාටියකට උත්සවයකට ගියත් බිරියම මුල් තැන ගනි. ඇය ලස්සනය. ඇය දක්ෂය..එහෙත් මම ...? පාලිත සිතන්නට විය.
අවසානයේ පාලිත මේ කරුණ ගැන බිරියගෙන් ඇසීමට තිරණය කලේය. නමුත් කතාව සිතු තරම් සරල නැත. ඒ අතර මේ කථාව වෙනත් නන්නාදුනන දුරකථන ඔස්සේද පාලිතට ඇසෙන්නට විය.

පාලිතට දිනක් ඔහුගේ පරණ කැච් එකක් හමු විය. පාලිත වෙනත් දිනයක නම් එතරම් ගනන් නොගෙන ගියත් එදින එසේ කලේ නැත. කුසුම් හට පාඩම්ක් ඉගැන්වීම හෝ වෙනත් හේතුවක් නිසා පාලිත ඇයගේ නොම්මරය ගෙන කතා කලේය. පෙර ගති පෙර විරිත් ඉදිරියට ආවේය. කාලේ වැලි තට්ටු වලින් වැසී තිබු ඔවුන්ගේ සබඳකම යලි ඇරඹෙන්නට විය. පාලිත තමාට ඇති ගැටලු තමාට දැනෙන සියල්ල කීමට රාත්‍රිෙය් හෙම්බත්ව නින්ද සොයන කුසුම් වෙනුවට අමාලි යොදාගත්තේය. බාගෙදා පාලිතගේ ඇඳුම් තෝරන්නේ පවා අමාලිය.
මේ අමාලි කතාව දැන් පැතිරෙනවා වැඩි බවත්. මේ හරහා කුසුම් ඩිවොස් කිරීම අපාසු විය හැකි බවත් පාලිතට කිව්වේ ඔහුගේ යහලුවෙකි. ලොක්කාෙග් කාර් එකේ සිය බිරිඳ යන්නෙ රාජකාරි කටයුතු වලට විය නොහැකිද? එහෙමත් විටක පාලිත එසේ සිතයි.  එතරම් වයස් පරතරයක් නොමැති නම් ඔවුන් දෙදෙනා යාලුවන් පමණක්ම විය නොහැකිද? එහෙත් ඒ කේලංකාරයින් සහ අනෙක් අය පාලිතට කියා තිබුනු ආකාරයටම සිතන්නට පාලිත පෙලඹිනි. මොකද්දෝ වැදගත් විභාගයක් නිසා පාඩම් වැඩ වල නිරත වුනු කුසුම්ට පාලිතගේ මේ වෙනස් තේරුම් යන්නට කල් ගත විය.
දින කීපයක්ම පාලිත බීමතින් ගෙදර පැමිණියත් සිතේ තියන දේ වල් එකක් වත් සිය බිරින්දැ වන කුසුම්ට කියාගත නොහැකි විය. කුසුම්ටද නිදහසේ පාඩම් කරන්නට බැරි වන තත්වයක් වි ඇති බව පාලිතට පෙනුනි. ඒ තමාගේ බීමත් කම හෝ තමාගේ බූත හැසිරීම යැයි පාලිතට සිතුනේ නැත. පාලිත සිතුවේ ඇය නිදි නැතිව කල්පනා කරන්නේ ඇගේ  නව බැංකු නිලධාරියා ගැන බවයි. මෙය එකලාසයක් කරගන්නට දිනක් සිය කුඩා දුවනියගෙන් පාලිත කිහිප විටක් පුතා ආස අම්මි එක්ක ඉන්නද තාත්ති එක්ක ඉන්නද යැයි ඇසීය.
කුඩා දරුවා කීවේ...අම්මි ත් හොඳයි තාත්තිත් හොදයි ඒත් මට බයිනකොට දෙන්නම එපා...

මෙසේ දරුවාගේන පාලිත නිතර අසන බව කෙසේ හෝ කුසුම් ගේ කණට ගොස් තිබුනි...
යලි ඊලඟ දිනයේත් පාලිත බීමතිනි. ඔහු පැමිණියේය. මේසය වෙත ගොස් කෑම තිබේදැයි බැලීය. කෑම නැත. කුසුම් පාඩම් කරන්නේදැයි බැලීය නැත. කුසුම් නිදිය. ළමයාත් ඒ සමඟ නිදිය. ඇය ඇඬු කඳුලින්ම නින්දට ගොස් ඇත.
පාලිතද නිදා ගන්නට ගියේය.

රාත්‍රියේ ඉකිගසන හඬක් ඇසී පාලිත අවධි විය.
ඔහු කුමක්දැයි නොදනී. නමුත් කුසුම් අඩයි. අඬන අතර පැනඩෝල් පෙති කීපයක් කටේ දාගන්නවා ද පාලිත දිටීය.
මොකද හලො අඩන්නෙ. පාලිත කිසිත් නොදන්නා සේ ඇසීය..

පාලිත ඔයා බොනවා. ඔයා බීල විකාර කරනවා. මට බොන්න තියෙන්නෙ පැනඩොල් හරි වහ ටිකක් හරි විතරයි. ඔයා දැන් මාව ඩිවොස් කරන්න යන්නෙ. ඉන්පසු ඉකි කීපයක් ගැසු ඇය.
මට තාම ඕනි කෙනෙක් එක්ක යන්න පුලුවන්..ඒත් මට ඔයා වෙනස්වුන හැටි හිතාගන්න බෑ පාලිත. ඔයා අර අමාලි කියල කෙල්ලක් හරි මොකක් හරි එක්ක තැන් තැන්වල රවුං ගහනවලු. ඔයාමෙ නේ කිව්වේ ඉස්සර ඔයාට හමු උන ලස්සනම කෙල්ල මං කියල. ඇයි එහෙනං එ පරණ දේවල් පස්සෙ යන්නෙ..
අනේ මන්ද??
ඔයා කතා කරන්නෙත් නෑ...හරියට මාත් එක්ක. ඔයා දුවගෙන් එහෙම ඇහුවහම එයා මගෙන් ඇවිත් ඇහුව අම්මි අම්මි තාත්ති අපි දාල යනවද කියල...
( කුසුම් තවත් අඩයි)
මං එක්සෑම්ස් ලිව්වෙ අපි ඔක්කොටම අපේම හොඳට..පොඩ්ඩක් ඔෆිස් වලත් වැඩ තිබුන පහුගිය දවස්වල.. ඒත් ..............ඔහාට කිසි දෙයක් අඩු කලාද පාලිත...මං කෑම බීම උයන්න ඕන දේවල් පවා අර කෙල්ලට කියල ඇති ෆොන් එකෙන්...

එකවර මේ දේවල් ඇසීමෙන් පාලිත හිර විය. මෙතෙක් කල් නන්නාදුනන කෝල් වලිං සහ තම එකම මිතුරාගෙන් පමණක් පැමිණි අයුතු සම්බන්ධ කාරණය ගැන ඇසීමට ලැජ්ජාවක් වැනි දෙයක් පාලිතට ඇති විය. එහෙත්...මේ එයට අවස්ථාවම බැව් පාලිත සිතිය...

එතකොට ඔයා අර බෑංක් මැනේජර් අලුත් හැන්ඩ්සම්. එයා එක්ක කාර් එකේ එහෙ මෙහෙ යන්න හොඳයි. ඔයා හොඳ පවුලක වැදගත් කෙනෙක්..ඔයාට සල්ලි ගොඩක් තියෙනවා. මම තමයි ඇවිත් කුසුම් ඔයාට ඇටෑච් උනේ..ඉතින් ඔයා එයාට කැමති නං

එය කියා හමාර කරන්නට ලැබුනේ නැත...
මොනවද පාලිත ඔය කියන ජරා කතා...ඒ මිනිහ මට කැමති ඇති. ඒත් මං...පස්සෙන් පැණිය වගේ එනවත් තමයි. කාර් එකෙත් ඔෆීෂියලි මීටින්ස් වලට ගියා තමයි. ඒත් මං හිතුවෙ නෑ කවදාවත් ඔයා මෙහෙම හිතයි කියල..

එතකොට අර අමරපාල කියල තියෙන්නෙ බොරුද??පාලිත අමරපාල පාවා දුන් නේ ඒ කතාව බොරුනං අමරපාල සැබැවින්ම මිත්‍ර ද්‍රෝහියෙක් බව සිතමිනි.

හුම් හෙනං අමරපාල තමයි කෙරුම...අමරපාල වැඩක් කරන්නෙ නෑ හරියට. කරන්න දන්නෙත් නෑ. කොහෙන්ද පහත් වෙච්චි එකක්. ඔයා ගෙ යාලුවෙක් නිසා මට බනින් බැරි නිසා මං අර මැනේජර් කුකුලට කියල දවසක දෙකක් මිනිහට අවවාද කලා. එයාල පිස්සු කෙලියම පාලිත අපි වග  කියන් ඕනි. ඔයා දන් නෑනේ ඒව..ඒ මිනිහ ඒකෙ තරහට වෙන් ඇති එහෙනං...

යලි පාලිත කටහඬ අවධි කරයි..
එතකොට ඔයා එයා එක්ක ගියෙ මීටිංස් විතරයි?....

ඔයා ඔහොම අහන්කොට අනේ මන්ද පාලිත...අපි යන්නෙ ඔෆීෂියලි වෙහිකල් වල..ඒවට ඩ්‍රයිවර්ස්ල ඉන්නවා. දැං අර කොස් කටිං නිසා අපි දෙතුන් දෙනෙක් එක වාහනේ යනවා. එවට  ගිහිං එන වෙලාවට සමාරවිට අපි පොඩියක් නැවතිලා කන්න හෙම යනවා. ඔයා දන්නවනේ ඒව ගැන...
ඒත් මං හිතුවෙ නෑ පාලි ඔයා මේ වගේ හිතයි කියල...

ඉන්පසු පාලිත ගොස් ඩීවිඩි තැටිය ගෙන  ආවාය. මෙන්න මේ මගුල බලල තමයි මට ඔක්කොම  වැරදුනේ. ඕක ඔයාත් බලල ඉවරුනාම දෙන්න ඕක මං කුඩු කරල දානවා. මොකෙද්ද රාල කෙනෙක් සම්බාවිය පිලිම් කියල ගෙනත දුන්න. ඕකෙ තියෙන්නෙ ගෑනු කෙනා වෙන මිනිහෙක් එක්ක යන එකක්...මං මේ බීපු නිසා කියනව නෙමෙ..
පාලිත උමතුවෙන් මෙන් ඩී වී ඩී එක සිය බිරිඳට දුනි...

පසු දින අමාලි කතා කල මුත් එය පෝන් එකේ බ්ලැකි ලිස්ට් කරන ලදී. වෙනදා මෙන් නොබී හොඳ සිහියෙන් පාලිත ගෙදර ආවේය. එනවිට බිරිය කුසුම්ද ඇවිත් තිබුනි..මොකද මේ අද ඔයා පහටත් කලිං...පාලිත ඇසීය
ආ ඇයි පහට කලිං අපිට එන් තහනම්ද...
ඉන්පසු තේ එකක් සාදා ගෙන කුසුම් ආවේ පාලිත ළමයා සුරතල් කරනා අතරය. ඇය දවස පුරා කල කී දෑ අනං මනං පියාට කියමින් තොඳොල් වෙයි.. මේ මංම ඔයාගෙ ඩීවීඩි එක කුනු බාල්දියට දැම්මා.
 තව මාස තුනකින් මං වෙන බෑංක් එකකට යනවා. යාලුවෙක් කතාකරනව දැන් මාස ගානක ඉඳල..මං බෑ කිය කිය හිටියෙ. ඒත් මේ පැණි මැනේජර් එක්ක හිටියොත් ආයෙත් අර සමහර අයට ලේ කෝප වෙයි නේ..
යැයි කීවේ පාලිත දෙස හොරැහින් බලමිනි.
දරුවාට පසල් එකක් හදන්ට දී තිබුනි.. තේ කෝප්පය හා කුසුම් සමඟ කුස්සියට ගිය පාලිත කුසුම්ව බදා සැර ජාතියේ උම්මා එකක් ඇයට දුන්නේය. විකාර අනේ ළමය බලාගන්නෙ මෙතනද??  දුවනව යන්න..කුසුම් කීය..ඔහු වාඩි වී හැමදා උදේට පොල්ගාන හිරමණය පසෙක මේ කෙලිය යන්තම් බලා සිටියාය.

Friday, April 27, 2012

මන්ද කරුවලේ කින්නරාවිය ( 01 වන කොටස)

මෙට්ටය...
මේ මෙට්ටය ලේයර් කිහිපයක් ඇති එකකි. මෙය ගත්තේ අපි බැන්ද අලුතය. මේ මත හිඳ කල කී දෑ බොහෝමයක් මගේ මතකයේ ඇත. එකට හිටියත් වෙනස් දෙදෙනකු වූ අප දෙදෙනා එක්කලේ මෙහිය. මෙය ඇතිකල කතාන්දර ජීවිතය සුවපත් කලේය. එක් කලෙක කුසුම් අපේ ළමයා වූ නිශ්‍යානි නලවන්නටද මෙය භාවිත කලේය. ඉන් පෙර කලෙක ඇය මාව නැලෙව්වේ මේ සයනය මත සිටය. මේ මෙට්ටය ගැන්මට යෑමද අපි දෙදෙනා අතර ගැටුම් ඇති කලේය. ඇය තේරු ලේයර් ගානක මේ මෙට්ටයට වඩා මගේ අදහස වූයේ සුවල්ප මෙට්ටයක් සුදුසු බවය. නමුත් ඇගේ ලස්සන ඇස් දින්නාය.  ඇය විසින් මෙට්ටය ගන්නා ලදී. මේ ඇඳ උඩ සිට දුව වඩාගෙන ඉහල පහල පද්දන විට මට කේන්තිය යයි. මා කන්තොරු යායුතුය. නමුත් දුවත් මේ කුසුමුත් නැලවි නැලවි තවමත් ඇදේය. ඉතිං මා පටන් ගන්නේ මේ “ ඔය ලමයට හොඳ නෑ ඔය මෙට්ට උඩ තියල පැද්දිල්ල” දොයි පුතේ.....දොය් දොය්යා... යයි කුසුම් ළමයා නලවයි..ඒ තර මගේ දෙස බලා..එහනං තාත්තට විතරයිද හොඳ මේකෙ නැලවෙන්න. කියා අසයි. මං බොරුවට පුප්පා ඇතුලින් සිනා සී යයි.

මෙහි ආ මුල් කල අපි දෙදෙනාට එකට වැඩ කිරීම අරහං විය. බොහො ්කලක් තනිවම සිටි දෙදෙනකු නිසාත් මුරංඩු කේස් දෙකක් නිසාත් ගැටලු රාසියක් ඇතිවිය. මාත් ඇයත් දෙදෙනාම බෙල් එක තබා ගනිමු. මා උදේ පහයි පනස් පහට නැගිටින අතර ඇය හයයි තුනට බෙල් එක තබා ගනී. මගේ බෙල් එක වදින පලමු විටම මා නැගිටින්නේ කුසුම් නැගිට්ටොත් උදේ පාන්දර මගේ විනාඩි පහක් කෑවා..කියා නෝක්කාඩු අහන්ට වෙන නිසාය. එසේ නැගිට සිටින අතර උදෑසන කුනු කෙල සහ නොයෙක් සරුව පිත්තල කුනු මැද ඇගෙ ලස්සන මට පෙනේ..ඇය බදාගෙන උම්මා එක දෙකක් දෙයි..ඇයද නොදන්නා බබකු සේ සිටී..ඉන්පසු ඕන්න ඇගෙ බෙල් එක වදී..ඇගේ බෙල් එක වදින සැනින්..අයියෝ මොකද මේ මගේ ඇඟ උඩ නැගිටිනව නැගිටිනව දැන් යැයි බනී...ඉන් පසු මමද අකුලාගනෙ නැගිටී..

හිරමනය..
මා කසාදයට කලිං සිටියෙ යාලුවන් සමගය. ඒකලදිත් මා කලේ පොල් ගෑමය. ඉන්පසු මාත් කුසුමුත් කසාද බැන්ද දිනවල මාද උදෙන් නැගිටිටේ එවන් විටක කුසුම්ට උදව් කිරීම යුතුකමක් යැයි පොත් වල තිබෙන නිසාය. උදෙන් නැගිට කුස්සියට ඇය යයි. ඉන්පසු තේ එක හදයි..අපි දෙදෙනා නිසා සැනෙන් මා කට සෝදා මුහුන සෝදා ඇවිත් හිරමනය හෝදන විට ඇය තේ හදනවාය. මා කරකවන මොඩන් ඕදිරිස් හිරමනයක් ගෙනාවත් ඔය අලුත් හිරමන එච්චර හොද නෑ යැයි කුසුම්ට කියා පරණ එකට බැස්සේ උදේ පාන්දර නිදිමතේ නින්ද සමඟ පොල් ගෑමට වාඩිවෙලා පොල්ගාන කොකනට් ස්ක්‍රෙපර් එක වඩා සුදුසු වන බැවිනි. මුල් දිනවල මා කුසුම් ගෙන් ඇසි පිය ඉවත ගත්තේ කලාතුරකිනි. කුසුම් වැනි කෙනෙක් කිසිදා මට ලැබේයැයි මා සීනෙන්වත් නොසිතන්ට ඇත. නමුත් ලැබුනි. පොල් ගෑම එය මිරිකීමෙන් පසු මගේ වැඩ ඉවරය. මං ගොස් ඉන්පසු කාර් සෝදයි..
නැත්තං මිදුල් අතුගායි..ඇය උයයි.

කොක් ජෝඩුව...
මේ කොක් ජෝඩුව මගේ ප්‍රේම වෘත්තාන්තයේ පලමු සමරුවයි. කුසුම් එවක බැංකු නිලධාරිනියකි. නිලදාරිනියක් කිව්වොත් කැතය. බැංකුවක සිටි පස්ටම කෑල්ලකි. අලුතින් මා ගිය කම්පැනියේ මට ලැබුනේ බැංකු ණයක් ලබාගැන්මේ මහ කුණු රස්සාවකි. එවිට මට සහකාර බැංකු කලමනාකාරිය මුණ ගැසිය යුතු විය. මේ ඇයය ඇය කුසුම්ය. අපි දෙදෙනා වාද කලෙමු.  ඊයේ පෙරේදා දක්වා අපි ගෙදරට බඩු ගේනවිට ගෙනියන වාදය මෙන් අපි එදාද වාද කලෙමු. ඇය කීවේ අපේ කම්පැණිය විසින් ඉදිරිපත් කරන ලබන යෝජනා සහ ව්‍යාපෘතිය සාර්ථක වෙන බවක් ඇය කෙසේ විස්සාස කරන්නද යන්නයි. ඉන් පසු මා කම්පැනියේ සාමාන්‍ය සේවකයෙක් සමග එකතුව කලිං අප ආයතනය කර සාර්ථක කරගත් වැඩ කොටස් කරන ලද සමාගම් වලිං ඒවාට සහතික අරගෙන ඒමයි. එසේ දින කීපයක් එයට ගෑටිමෙන් පසු ඇයගේ සිත වෙනස් විය. ආ හරි පාලිත තව ඕන් නෑ ඔයාට ණය ලැබෙයි. ඔයා හෙන මහන්සියක් ගත්ත නේ වැඩේට. එවිටත් මගේ හිතේ කොනක් නොව ගොඩ ඉඩක් ලබාගෙන තිබුන කුසුම්ට මා ගෙනා කොක් ජෝඩුව පාර්සලය දුනිමි. එවිට එය දැඩිව ප්‍රතික්සේප කල ඇය. මොකටද මේ? යැයි ඇසීය. කම්පැනියෙන් නෙමෙ.. මගෙන් නිකම්..යැයි මා වෙව්ලමින් සියොලග දාඩිය දමමින් කීවේය.
මේ කුසුම් මැඩම්..


මැඩම් මං දවසක් කිව්වෙ පාලිත මට මැඩම් එපා කියල..ඒ කුසුම්ය..
කුසුම් ...ම්ම් මේ මට ඔයාගෙන් දෙයක් ඉල්ලන් තියනවා..
ණයත් අරගෙන තව මොනාද පාලිත?
නෑ තව ණයක් ගන් ඕනි උනොත් ඔයාගෙ නම්බර් එක ඕනි වෙයි නේ..අනික පොඩි අපැහැදිලි ගතියක් තිබුනොත් ඩොකියුමන්ට්ස් වල හෙම කරදරයි නේ..
හුම්...ආ....එවිට කුසුම්ටද යමක් දැනී තිබෙන්ට ඇත..
ඉතිං ඩොකියුමන්ට්ස් අපැහැදිලි උනොත් අපිට නේ අවුල හරි ඔයාගෙ නම්බර් එක හොයන්න මට මේ පොත් පෙරලන්න ෆයිල් අදින්න බෑ..ඔයාගෙ කාඩ් එක දෙන්නකෝ...ඒ කුසුම්ය..
මට කාඩ්එකක් නෑනෙ...
අහ් එහෙමද ??
හරි කුසුම් මගේ කන්ටැක් එක ලියා ගන්නකෝ....මා කීවෙමි.


ඉන් පසු කුසුම් එයලියා ගත්තාය.
නමුත් දින දෙකක් යනතෙක් කිසිදු රිප්ලයි එකක් නැතිවිය.
එහෙත් හදිසියේ දින දෙකකට පසු දහවලක..ආ ඔෆිසර් පාලිත..කෝමද ඉතින්..අපි අමතක ඇති නේ...කියා පටන් ගත් කතාව බෝ සීඝ්‍රයේන ඇදී ගියේය.
මාස දෙකක් ඇතුලත අපේ විවාහය සිදුවුනේ අපි දෙදෙනාම එවිට බොහෝ දුරට ස්ථාවර වී සිටි නිසා හෝ අපි දොදෙනාගේ ප්‍රේමය තුල වූ බැදීම වැඩි නිසා වන්නට පුලුවන. මට ඇය හමු වූ මුල් දින කීපයේම මා ඇය විශ්වාස නොකලේය. යහපත්ම චරිතයක් නොවූ මා ඉන්පෙර ගෑන්ලමයි කීප දෙනෙක් සමග යාලු වී ඒවා නැතිකරගෙන තිබුනි. ඉතින් එවන් වූ අයට ලැබෙන්නේ කිසිම ලස්සනක් නැති ගෑණු ලමයි බව මා අත්දැකීමෙන් දැක තිබුනි. ඉතින් මාත් පෙර කල වැරදි ගැන විටක පසුතැවිලි වෙමින් සිටියේ මටත් එවැනි ටොපියක් සෙට් වේදෝයි යන බියෙනි. අපි කසාද බඳින්නට සති කිහිපයකට පෙර හෝටල කාමරයක වූ අප දෙදෙනා දෙදෙනාගේ රස ලොවේ උපරිම අඩියට එන්නට වෙර දරන විට ඇය අතින් ඇගේ පතිවත සලකුනු විය. කෙතෙක් ලෝකයා අරවා මේවා කිව්වත් මෙතෙක් අන්දුන් කුන්දුන් වී මේ කුමන භාග්‍යක් දැයි කුසුම් ගේ ආදරය ගැන අවිශ්වාසයෙන් සිටි මට ඒ සීමා ලකුන මහත් පුදුමයක් විය. ඉන්පසු මා දෙවරක් නොසිතා ඇය කසාදම බැඳ ගන්නට සිත යොමු විය.
ඇගේ මුහුන සුදුය. තරමක් මහතය. පොඩියක් බඩ ඇත. නමුත් සාරියට ඒ බඩ කොටස ලස්සනය. ඉදිරිපසත් පසුපසත් දෙකම පිරිමින් හැරිලා බැලවීමට සමත්ය. එසේ ලස්සන උගත් සහ තත්කාලීන ලෙස ජීවත් වීමට දත් කෙනෙකු ලැබීමට මට හීනයක් සැබෑ වීමක්ම විය.

Thursday, April 26, 2012

ගමට අයි සී ටී ගෙනගියොත් මක් වෙයිද?

දැනට අයි සීටී තියෙන ගැමියන් කරන කියන දේ....
දැනට ලංකාවේ බොහෝ දෙනා විදෙස් ගත වි රැකියා කරයි. ඔවුන්ට කෝල් කරන්නට මරු ක්‍රමයක් දැන් ඇත. එය ඉස්කයිප් හෝ ගූගල් ටෝක්ස් වෙයි. දැන් දැන් ඉස්කයිප් මාර ජනප්‍රිය මෘදුකාංගයකි. කොරියාවේ හෝ මැදපෙරදිග සිටින සහෝදරයාට සැමියාට කතා කර විස්තර දැනගැන්මට ලමයාට බත් නොකන විට තාත්තා පෙන්වා බත් කවාගැන්මට ඉස්කයිප් වැදගත්ය. ඒ හැර අයි සීටී වලිං ලංකාවෙ අයි සීටී ඇති ගම්මු කොරගන්නා කෙංගෙඩියක් මං නං දන්නේ නැත. කම්පියුටර තිබුනත් ඉංගිරිසි දන්නේ එහෙමත් එකෙකි. ඉංගිරිසි දැනගන්නා අයට නං කොම්පියුටරයෙං යමක් කමක් සොයා දැනගත හැක..එවන් බුද්ධිමත් පරපුරක පිරිමි ලමුන් වැඩියෙන්ම බලන වෙබ් අඩවි වන්නේ වැලය. වැල යනු අසැබි දසුන්ය.  ඊට අමතරව ඉතා ආදර්ශමත් හොලිවුඩ් චිත්‍රපටි බොලිවුඩ් ච්ත්‍රපටි බාගන්නට ටොරන්ට් නැමැති දේ හරහා පුලුවන්ය. අයි සී ටී ගමට ගෙනියනවා යනු දැනට අර්ධ නාගරිකව පවතින මේ සෙප්පඩ විජ්ජා ටික ගමට පොම්ප කිරීමය. 
ගෙදර පරිඝනකයක් තිබුනාට තවම බොහෝ දෙනෙක්ට සිංහල පොන්ට් එකවත් බැරිය. එනිසා ලියුං කරදහියක් ටයිප් කරගන්නා අයද අඩුය. අවැසිම උනත් අතින් ලියා හෝ හංදියේ ටයිපිස් අක්කා කෙනෙක්ගෙන් ටයිප් කරැගැන්ම ලේසිය. අයි සී ටී වලිං කරන තව වැදගත් දෙයක් නම් සෙල්ලං කිරිමයි. වත්ත පිටිය බෝල බැට් තිබුනත් ළමෝ මෙන්ම වැඩිහිටියොත් රෑ නිදිවරා කැනඩාවේ අමරිකාවේ උන් හීත කාලය ගෙවාගැන්මට තැනූ ගේම් ගසති. 
තවත් සුලු පිරිසක් ස්කයිප් මූනුපොත හෝ වෙනත් සමාජ ජාල හරහා ජාලගත වී කොහේ හෝ සිටින විරුද්ධ ජාතියේ ලිංගයක් තියෙන එකෙක් සමඟ අදහස් හුවමාරු කරගනිති. නිතර දෙවේලේ දකින අය සමඟ පවා ඉන්කමිං අවුට්ගොයිං ෆී නිසා චැට් කරති...
ආර්ථිකමය අතින් මේ අයි සීටී හරහා වාසියක් ගන්නේ එහෙමත් එකෙකි. පාරේ ටික්බෝල ගහන ළමයා කොම්පියුටර ගේම් වලට හුරුවීම වාසිදායකද? පන්ති ගොස් එන අතර පමණක් කොල්ලෙක් දැක ඇඹරෙන ලැජ්ජ බයට හැදුන කෙල්ලා යංතං පිංතූරයක් පමණක් දැක ඇති නොදුටු හොල්මනක් සමඟ සාමීචියේ යෙදීම වාසිදායකද??
එසේ නං ගමට අයි සීටී ගෙනයෑම වාසි සහගත වෙයි..

හූ හූ මේං මේක පරණ කාලෙ එකෙක් අමරිකාවෙ පොඩි ගම්වල ගොයියොත් අයි සී ටී යූස් කරනවා මූ මහ ගෝත්‍රිකයා කොදෙව් වාදිය...දූපත් පොරක්...

කමෙන්ට් එක දාන්න කලිං මංම දාගත්ත..හැබැයි මේක යට කොමෙන්ට් වලිං කුනුහබ්බ දාන කාඩ්බෝඩ් වීරයන්ට පොඩි අවුලක් යයි..කමක් නෑ
ඇමරිකාවේ සහ දියුණු රටවල සාමාන්‍ය ජීවිතයේ බොහො දේ ඉන්ටනෙට් නිසා සහ වෙනත් ජාලමය භාවිතාවන් නිසා  පහසු කරගෙන ඇත. එහෙත් අපේ??
මීට කලෙකට පෙර දුම්රිය දෙපාර්ථමේන්තුවේ වෙබ් එකේ දුම්රිය කාලසටහනක් තිබුනි. දැන් එය  පවා නැත. ඉන්ටනෙට් හරහා කරගත හැක සේවාවන් පුද්ගලික අංශයේ පවා ඇත්තේ ඉතා අඩුවෙනි. බාන්ඩ ගෙදරට ගෙන්වා ගැන්මේ අන්තර්ජාලයේ ඕඩර් කිරීම් ක්‍රමවේද ඇතත් රට තුල ඒවා ක්‍රියාත්මක නැත.උදාහරණ ලෙස කහටගස් දිගිලියේ සයිමන් සිංඤ්ඤෝට ඇපල් අයි පෝං එකක් ඕනි වුවොත් ඔහුට අමරිකාවෙන් සති දෙක තුනකින් ගෙන්වාගන්නට ඊ බේ හරහා පිලිවන. නමුත් ඇපල් වල ඕතරයිස් රී සෙලර්ලා සිටින කොළඹින් හෝ නුවරින් කහටගස් දිගිලියට අයි පෝං එකක් දවසින් දෙකෙන් ගෙන්නගන්නට හැකියාවක් නැත. එවන්නක් තිබුනත් එතරම් තියා යම්තරමින්වත් ජනප්‍රිය නැත...
අපි ඉන්ටනෙට් ලබාෙගන කලහැකි කරගත හැකි දේ ලැයිස්තු ගත කලොත් විනෝදාස්වාදය හැර ඉතිරිවන්නේ නිකම් කෝල් ලබා ගන්නට හැකිවීම වැනි ප්‍රාථමික දේ පමණි. ඇහින්දාස් සහ නුපුරුදු ඉංගිරිසි ගුරුවරුන් සහ අඩු පහසුකම් නිසා ඉංගිරිසි මුල් පංතියේ පටන් එපා වූ පරපුරක් අයි සී ඨි වලින් ඉන්ටනේට් හරහා ගොස් යමක් සොයා ගනීද? ඒවා අපේ හද්ද පරණ යල්පැනගිය සිලබස් මෝල් සමඟ කෙසේ ගැලපෙයිද? 

අයි සී ටි ගැන කතාකලොත් යමෙක් ඒ හරහා මිනිසුන්ගේ බුද්ධිය රසවින්දන හැකියාව වැඩිවෙනවා යැයි කියනු ඇත. නමුත් ඒ පස්ට පල් බොරුවකි. මීට කලකට පෙර අජිත් මුතුකුමාරණ, කිංස්ලි පීරිස්, චාමර, වේරලියද්ද වැනි ගායකයින් යැයි කියහැකි සිංදුවක් දෙකක් වත් හොඳ අයගේ සින්දු ගම්බද බස්වල ඇසුනි. අද?? ලෝකය දියුනු වී ඉන්ටනෙට් එකෙන් අමරිකාවේ සින්දු ගන්නට හැකි වුවත් අද ඇහෙන්නේ මියුසිකල් සෝ එකකින් රැකෝඩ් කරන ලද තුප්පහි කතන්දර වැනි සින්දුය. ඒවාට වඩා ලස්සනට ඉස්සර මුත්තලාට ආත්තලාට පැල් කවි කියන්නට ද පුලුවනිය. අරාස් බ්‍රෝකන් එන්ජල් කියනවා සුටුස් ගා ඉන්ටනෙට් එකෙන් බලාගත හැකි වුවත් අපේ බහුතරය ප්ලෑස් බෑක් ලා බ්‍රෝකන් ඒංජල් කන අයුරු තලු මරමින් අසති. මේ දියුණු වූ අයි සී ටී චුට්ටෙන් මිනිසුන්ගේ විඤාණය වත්, සිතීමේ හැකියාව වත්, දේශපාලනික දැක්මවත් වෙනත් වටිනාකමක් ඇති කිසියම්ම දෙයක් වත් දියුණු වුනේ නැත. එදා හොරෙං ලියුං ගෙනවිත් කල ප්‍රේමයට අද පෝන් එක ආදේශ විය. අයි සීටී ගමට ගියොත් ප්‍රේම කිරීමට ස්කයිප්, ෆේස්බුක ්ලැබෙනු ඇත. ඒ හරහා රටට වැඩි යමක් සහ අඩු තරමේ අයි සී ටී දියුනු කිරීමට වැයකරන මුදල් සුට්ට වත් ලබාගත හැකිද??.

අපේ ගොයියලාට අයි සී ටී ගෙනගොස් දුන්නොත් විය හැක්කේ නිකං හිටපු ගොයියා පේස්බුක් හරහා ගෑනියෙක් සෙට් කරගැන්ම වැනි දෙය්ක් පමණි..ඊට අමතරව කොළඹ හෝ වෙනත් තැන්වල මිල බැලීම. නවීන ගොවි ක්‍රම ඉගනීම, සිය ගොවි ගැටලු වලට විසඳුම් ගැනීම, වැනි දේ කවදා නං සිදුවේද??

Saturday, April 21, 2012

මාද කඩේ යමි.

බසයකි. එහි කතාවකි. අවුරුදු දවස් නිසා බීමත් ගතියක් පෙනේ..මා සෙට් වෙන්නේ අතරමැදිනි.
එනිසා මුල් කෑලි නැත.

හරි මොක උනත් හාබර් එක හැදුව හම්බන්තොට කෝ නැව්? කෝ උඹලයි මහ එකා කිව්ව දියුණුව? 

ආ ඒක වැදගත් පස්නයක්, මේ ඔහෙ බලල තියෙය් අර ගලිවර් ෆිල්ම් එක..?

අර ලොකු කොල්ලෙක් අයි පෝං එකක් අරගෙන ලිලිපුට්ටන් බලන්න යන එකනේ..අපේ ගෙදර මොකද්ද සීඩි එකක් තිබිල මං හොරෙං ගිහිං අරිං එකක්ද දන්නෑ කියල දාල බැලුව, බැලින්නං ගලිවර් නරක නෑ...හරි ගලිවරුයි ලොක්කයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද??
දැන් ඔවැයි කියන්නෙ ඔයැලැයි ලොක්ක ගලිවර් වගේ කියලද,?

කවුද හලෝ එහෙම කිව්වෙ දැන් ඔහෙලනේ එහෙම හිතන්නෙ. උන්දැ නායකය වෙච්චි ඒත් ඔයාල කියන්නෙ ගලිවර් ෆිල්ම් එකේ අර ලිලිපුට්ටන්ට විරුද්ද උන්ගෙ නැව් ඇදල වෙරළට ගේනව වගේ ඈත මූදෙ යන නැව් ඇදල අරන් වරායට දාන්න කියලයි??ඔන්න අපි වරාය හැදුව නැව් යන පාරක. ඒත් ඉතිං නැව් එන්නෙ නැත්තං මොකක් කරන්නද හලෝ. කතා කරල අර කතරගම මල් ගන්න වගේ එන්න හම්බන්තොට එන්ඩෝ කියලකතා කරන්නයැ...අනික ඔයාලැයි ඔය බුද්දිමත් අයත් ගිහිං මොනාහර කරල රට වල නැව් ගෙන්නගන්න උත්සාහ කරන් එපැයි...රට රකිනව කිව්වට නැව් එන්නෑ කියල හූ තියනව විතරයි...ඔය කොල පාටි රතු පාටි බලං ඉන්නෙම වරදිනකල් විතරයි සිහ්..ඔහෙලත් කඩේ යනව නේ....

දැන් බලන්න අර පාර ඒක කොහොමට තිබුන එකක්ද දැං ඒක අඩියක් උස්සල දාල..කාපට් ලස්සනට...දැං ගැස්සෙන්නෙත් නෑ පැයේ ගමන විනාඩි පාලහෙන් යත හැකි...ඒව ගැන නෝ කතා..වරායයි කෝච්චි පාරවලුයි අනං මනං තමයි මතක් වෙන්නෙ..?
ඒ උනාට මචං මං නං සුට්ටක් වත් ඒ පාර හදපු එකට ආස නෑ..හැදුවත් හරි බලහං කෝ බොලාගෙ මහ එකා ගහං ඉන්නෙ ලොකු පින්තූරයක්...කාටද පාලම පෙන්නනව වගේ පාර අයිනෙ අලියට...ඇඟිල්ලෙන් පෙන්නුවෙ නැත්තං අපිට පාලම මිස් වෙයි කියල වෙන්න ඇති මයෙ හිතේ...දවසක් ඉස්කෝලෙ කොල්ලෙක් කියනව ඒයි බලහං..අන්න ලොක්ක ඩිල්ෂාන් අවුට් ඉල්ලන්න වගේ ඇඟිල්ල  දික් කරං ඉන්න හැටි කියල..මං කොළඹ ගියාම දැක්ක ඒ වගේ පාලං පෙන්නනව, පාරවල් පෙන්නනව, වරාය පෙන්නනව..ඩිල්ෂාන් මැච් එකක අවුට් ඉල්ලනකොට මට මේ ලගදි හිනා ගියා කතාව මතක් වෙලා...

ඒ කනේ ඒ පාර වෙන කතාවක් ඇදල ගත්ත. අපේ මිනිස්සු අනුව තමයි නායකොයොත් ඉන්නෙ. මතක නැද්ද බෙල් කාරයො, අර රතු රැවුල් කාරයො චන්දෙ ඉල්ලපු පලෙවෙනි පාර, නිල් පක්සෙ අය පෝස්ටර ගැහුවෙ භීෂණ කාලෙ පිංතූර. මොකෝ අර? මිනිස්සුන්ට අමතක වෙච්චි දේවල් මතක් කරනවා. දැං පාලං හැදුවට පස්සෙ මිනිස්සුන්ට මතක නෑ පාලං තිබුනද කියල ඉතිං මතක් කරල දෙන්න ඒ උන්නාන්සෙ ඒ පාලං පෙන්නනව. නැත්තං මොකො වෙන්නෙ අර වැඩ අමතක වෙලා පරණ එක හොදයි කියල අර කොල හැත්තට දෙනව චන්දෙ..කොරාට වැඩක් නෑ, කොලා කියල පෙන්නනත් එපැයි.
දැං ඔය බෝඩ් එක තියෙන නිසා හොඳයි නැත්තං ඔහෙලට මතක නෑ පරණ පාර..කොහොම හරි මං නං දන්නව ඔහෙ ගැන, ඔහෙ නං ආස අර තරුණ පලාත් සභා මන්ත්‍රි තුමිය හැරි නැත්තං පාර්ලිෙම්න්තුවෙ කුස පබා නිලිය හරි බාගෙට ඉන්න පිංතූර දානවනං..නේ..කොහොම උනත් ඔහෙ අකමැති මොකද කියල කිව්වෙ නෑ...ඒව...ගානට අමතක වෙනවා..හික් හී..ක්..

මං කැමති නැත්තෙ මේකයි කියල ඔහෙ අපේ ගෙදරට එහෙට මෙහෙට කියන්න එපා. ඔය නම තියෙන්නෙ මග නැගුම කියල..ආන්න ඒක වැරදියි. පාර ඉස්සුනා ඒත් දැං මග නගින්න චෑන්ස් එකක් නෑ...

ඈ ඒ මොකද්ද අප්ප ඒ කතාව?

හයි යෝ...ඔහෙත් මහ අඩි හතර හමාර ටියුබ් ලයිට් එකක් නේ..දැන් ඔන්න ඉස්සර බස් බලන්න..බස් කාරයො හිටියෙත් නෑ වැඩිය. මොකෝ පාර හොඳ නෑනෙ..ඒ නිසා සෙනගත් වැඩි...ඒ මදිවට වලවල් බස් එකේ දොරෙන් නැග්ගම ඇති. එහෙට මෙහෙට වනල ගානට පැක් වෙනව මගදි...හම්මේ ඒ දවස්වල තරුණ ඒවද මැද වයස ඒවද අරවද මේවද ගෑනු පරාණ ගෙඩි පිටිං ඇගේ වදිනව..ඒ පාර ඉතිං මග නැගල තමයි එන්ඩ් එකට යන්නෙ..??
ඒකට දැං... බස් එක එනව හිට ගෙන දෙතුන ්ෙදනයි..වංගු වලවල් අඩු නිසා..ගැස්සෙන්නෙ වදින්නෙ නෑ..ඉඳල හිටල ඈතින් ගිහිං වැදුනොත් සමාරවිට සෙරෙප්පු පාරක් නං හම්බ වෙයි. නැගිල්ල කෙසේ වෙතත්...පාර හැදුව හොඳයි..ඒත් ඉතිං ඔය පාරෙං ගිහිං පොලේ යන්න, ඉස්කෝලෙ යන්න, වැඩට යන්න, ඇරෙන්න මොකද්ද තියෙන වැඩේ...අඩියක් උස්සල කොන්ක්‍රිට් කරන්න වියදං කලාට වැඩිය හොඳයි යන්තං තාරටික දාල වලවල් වහල දැම්මනං...

එතකොට ඔහෙ කියන විදියට එතුම පාර හදල. ඒ මදිවට බස් වල යනකොට වන වන වැදි වැදි යන්න ගෑනුත් දෙන් කියලද? අදට නෙමෙයි රටේ පාරවල් හදන්ෙන හෙටට. හැමදාම වලවල් වහනවට වඩා එක පාරින් මේ හදපු එක මැදැයි. ඔහෙල කොච්චර කලත් දකින්නෙ අනික් පැත්ත. රතු පස්ස කාරයො හොඳයි තව. 
හරි එතකොට දැං ඔය ඔහෙගෙ පස්සෙ එකෙක් ඉන්නවද හරියට මේ වගේ රට පාලනේ කොරන්න?
නෑනෙ..පෙරලුවත් ඉන්නෙ අර වැනෙන යන්න පන නැති එකා තමයි..

හුම් ඒකත් ඇත්ත. ඔහෙලයි කස්ටිය  කරන්න වගේ අපේ එක්කෙනාට කරන්න බෑ..පාටි වල ගිහිං රෑට නටන්න, රේස් පදින්න, බලකා පිහිටුවන්න, උරුමෙ ගෙනියන්න ළමයි නෑනෙ...ඒ කෑල්ල වැඩ නෑලු..ඒක නැතුව පිරිවර හදන්න බෑ. පිරිවර නැතුව සංවර්ධනේ කොරන්න බෑ..ඒක හරි ආයෙත් ගත්තට කරගන්න බැරිවෙයි ඥාති අඩු නිසා. වැඩේ කියන්නෙ ස අජිත් කියල ගත්ත අලුත් එකාටත් ළමයි එන පාටක් පේන්න නෑනෙ...පුතුන් තුනයි සහෝ තුනයි, නෑයො රැලයි එක්ක යන්න මේ වගේ එකක් නං ආයෙ හත් අවුරුද්දකට එන එකක් නෑ...බය වෙන් එපා පෙරලෙන එකක් නෑ.. කන්න නැතුව පෙරලි පෙරලි ගිහිං හරි රැවුලටය් ළමයි හදන එකටයි මිනිස්සු දෙයි.

ආන්න ආන්න වැරැද්ද ගත්ත. තමුන්ගෙ ළග ඉන්න ගෙම්බො ටිකවත් ඇහිඳල කූඩෙට දාගන්න බැරි මනුස්සය කෝමද රටක මිනිස්සු පාලනේ කොරන්නෙ. හොඳම පරාජිතයා ජයග්‍රාහකයා වෙයිද? ඔහෙටත් තිබුනෙ ගියපාර හැරුන වෙලාවෙ බුලත් අතක් දීළ හැරෙන්න. අන්තර් ජාතික සබඳතා, බුද්ධිමත් කම, අරවද මේවද ඕව වැඩක්ය. මිනිහෙක්ට රස්සාවක් දෙන් බැරි. සිංහල කතාකරන්න බැරි උන් වැඩක්ය ආන්ඩු වලට...ඔහෙලටත් ඉතින් ලොකුයි අර තුන් හුලස නේ බලන්ෙන උදේ හවා..ඔය අර සබදතා මේව තිබුනට වැඩක්ය මිනිස්සුන්ට දැනෙනවයි?

හුම් ඒක ඇත්ත, ඩිසල් පෙට්ටල් ටික. වගේ ගොඩක් දේවල් වලිං දැනිල තියෙන්නෙ නේ?

ඕක ඉතින් කවුරු ආවත් එකයි නේ ඩීසල් ගනන් යනවා, ලයිට් බිල් වැඩිවෙනවා. අපි තෙල් ළිදක් හැදුවොත් විතරයි ගොඩ යන්නෙ. ඒ නිසානෙ ඔය තෙල් ලිං හාරන්නෙ..ඒව ඉතින් ඔහෙලට අර වගේ ඇඟිල්ලෙන් පෙන්නුව්ත පේන එකක්යැ...

ඉන්පසු මට බෝරිං වූ නිසා මා අහකට විය..කතාව ඉවරය.
සියල්ලම වාගේ පටි රෝල් වේ...

Thursday, April 19, 2012

කිඹූලා ඇල්ලීම

කිඹුලා ඇල්ලීමට ප්‍රථම කිඹුලා දැමීමට තැනක් සොයා ඇති වගක් පේන්නට නැත. කිඹූලා අල්ලා කුදලාගෙන කොළඹ අධිවේගි මාර්ග පිවිසුමටත් කිට්ටු වුනාට පසුව අපේ සත්තු වත්ත කිඹුලා එපා කියා තිබේ. සත්තු වත්ත අයිති චන්ද්‍රසේන ඇමටි තුමාට නොව්දැයි නොදනිමි. නමුත් ඒ දේ වෙලා ඉවරය. දැන් ඒ තෙත් කලාපික ජලාශයේ සිටි කිඹුලා ශුෂ්ක කලාපයේ වෙනත්ම ජල පද්ධතියක ඇත. පරිසර සංවිධාන වලට ඇත්තේ මාර මොලයකි. දහසක් ආන්ඩුවේ ප්ලෑන් වැරදියැයි කටමැත දොඩවන පරිසර සංවිධාන සහ සත්ව වේදින් මේ අවස්ථාවේ කිඹුලා අල්ලන්නට පෙර දාන තැන ගැන සිතා නැත. එය මාරය..
පිලිපීනයේ තඩි කිඹුලෙක් ගම්වැසියන්ට අසුව..


කිඹුලන් වැඩිවීමට හේතුව සොයා බලා හෝ කිඹුලන් මිනිසුන් ආහාරයට ගන්නට හේතු සොයා බලා කිසියම් පරීක්ෂණයක් සිදු වූයේ දැයි නොදනිමි. එහෙත් පෙනෙන ආකාරයට එවැන්නක් නැත. දකුනු ඇලයෙන් සක්මන් කර වම් ඇලයට පැන වැදුනු දත් පහර හේතුවේනවූ ලේ ගැලීමෙන් සිදුවූ මරණයක්හෝ එවන් බ්ලා බ්ලා බ්ලා රිපෝට් එකක් නම් එන්නට ඇත. නමුත් කිඹුලන් මිනිසුන් අතරමේ ගැටුමට හේතුව විද්‍යාත්මකව සෙවීමේ කිසිදු උත්සාහයක් නම් පේන තෙක් මානයක නැත. 

මේ ගැන වෙනත් තැනක වූ කතාවක් මා රබර් කණ දාගෙන අසා සිටියෙමි . එහිදි අපේ කන්තෝරුවේ මහත්මයෙකු දැක්වූ අදහස් අනුව එක්තරා රටක සිංහයෙකු මිනිසුන්ට පහර දී මස් අනුභව කිරීමට පෙලඹි තිබුනි. සාමාන්‍යන් විද්‍යාවට අනුව සිංහයින් සඳහා මනුෂ්‍ය මාංශය මෙලෙක් ගතියක් තියෙලු. ඒ මෘදු ගතිය නිසා සාමාන්‍යන් සිංහයින් මනුෂ්‍ය මාංශයට ආශා කරන්නේ නැතිලු. පස්සෙ බලනකොට වෙල තියෙන්නෙ ඒ සිංහයගෙ දතක අවුලක් සිංහයට දතේ ප්‍රශ්ණයක් නිසා තදබල මාංශ කන්න බැරිලු. ඒ නිසා තමයි අර මනුස්ස මාංශ වලට සිංහය පැනල තියෙන්නෙ.. 
ඒ වගේ දේවල් වෙන්නත් පුලුවනි. මේ මාතර ගගේ විශාල කිඹුලන් ඉන්නෙ එහි තියෙන කිවුල්දිය තත්වය යටතේ කියල මතයකුත් තියෙනවා. කෝම උනත් මේ ආකාරයට ප්‍රශ්ණ විසඳන එක දැන් දැන් මෝස්තරයක් වෙලා. ඉස්සර අලි ගැහුවම කුඹුරු පාලු කලාම ආධාර දුන්න දැන් කිඹුල කෑවමත් දෙනවා. හරි සුන්දර ප්‍රායෝගික විසඳුම්..

Tuesday, April 17, 2012

මනා ලෙසින් ඇඳ

මනා ලෙසින් ඇඳ කර මාල බන්දලා..
සලා උකුල් තල සිත නුරාවෙන් පෙලා
වලා වලින් බට සුරදූතියක් වෙලා
නොලා සිනා ඇයි යන්නේ ඉවත බලා...

.ෂීන වලට මගෙ ඔබ හොරෙන් එබෙනවා...

මාන බල බලා මා ඔබව සොයනවා
පාන සිනා කැන් ඉවතට මාව පෙලනවා...නුඹ
පේන මාන යේ ඇස් අැලිලාදෝ මන්දා...

නුඹ පේන මානයේ ඇසි ඇලිලාදෝ මන්දා...

තරුකැට වෙන පාටකි- නෑ එහි  ඔය ඇස් ඇත්තේ
ආවට හරි බෝමැති- සඳ නෑ ඔබ සම වන්නේ
සුර දූ....තිකාවන් වත් -නෑ ඔබ වන් සිත ගත්තේ
මා මාර පුත්‍රයෙක් දෝ ඔබ හට මා දිස්වන්නේ...

 

Tuesday, April 10, 2012

මම බල්ලෙක්මි...2 වන පරිච්චේදය

බැල්ලට පැටව් ලැබෙන බව කීවේ ඈමය. ඉන්පසු අපේ ගෙදරිනුත් ඈට යම් සැලකිලි විය. කොච්චර උනත් අපේ ටාසා (මගේ නම) ගේ පැටවු නේ ඇත්තෙ...කියා දිනක් අපේ කුස්සියේ උයන්නට සිටින කමලිනි අක්කා බත් මාලු පිනි ගොඩක් පාරෙන් එලියේ ඩැසීට දැමීය. ඩැසීට මට මෙන් එලියේ සිටින්නට වෙලාවක් හෝ කලාවක් නොවීය. සිකුරිටි ගෙදර ලගට ගොස් කොළයකට බත් දමා ඒම සමහර දිනවල කමලිනි අක්කා කලේය. ගෙදර මහ උදවිය හෙවත් ලොකු නෝනාගෙන් එයට විරුද්ධත්වක් නොවුනි. ඩැසි හමුවුන විට වේදනා රෝග රාසියක් ඇයට ඇති බව කියයි. මං නිසානෙ ඔයාට මේ දුක. මා වරක් කීය. ඇය එවිට මා සිත සැනුසුවේ..ගෑනු අපි මේව ඉවසන්න එපැයි ඉතින්. ඔයා නිසා හෝ වෙන කෙනෙක් නිසා හෝ අද මං මේ තත්වයට පත් උනා. අම්ම කෙනෙක් කියන්නෙ ලොකු වගකීමක්...
ඉදින් එවැනි පෙංබස් දෙඩුවත් පෙර මෙන් එතරම් ආලයක් වෙලීමක් නැතිය. එනිසා එය එතරම් නැගලා යන වැඩක් නොවීය. තනියම ලෝකයට හොරා වෙනමම ලෝකයක සිටි මට දකින්නට සිටි බලු සනුහරේ අඩු නිසා මෙවන් දෙයක් සිදු වන බව අවට බල්ලන්ගේ මතය විය. සාමාන්‍යන් බලු පූට්ටුවක් නොහොත් සුනඛ ලිංගික එක්වීමක් අවසානයේ මනුස්ස පවුල් මෙන් පසුව ගොස් සුවදුක් බැලීමක් නොවන ්බවත් එය බලු ජාතියට නිගාවක් බවත් විවිධ පාර්ශව වලින් ඇසුනි. නමුත් මා මග තොට හමුවන විට හෝ ඒ සිකුරිටි ගෙදර අසලින් යන විට ඩෙසී බලා යමි. ඒ ගැන අපේ ගෙදර අයත් එතරම් අකැමැත්තක් නොවීය..
දිනක් යනවිට සිකුරිටි ගෙදර මා ගැන කතාවකි. ඔවුන නොයෙක් දේ ගැන කෙතෙක් කතා කලත් මා ඒවා කනට ගන්නේ නැත. නමුත් මා ගැන කරන කතාවක් නිසා මා හොඳින් ඇහුම් කන් දුනි.
 මේ අර ලොකු ගෙදර ධනවර්ධන මහත්තලෑ බල්ල ඉන්නෙ ටාස ඉන්නෙ ඌ අපේ ඩෙසි එක්ක පුට්ටු වෙලා උන්නනේ.. ඒ කතාවකියන්නෙ සිකුරිටි පොර විසින් සිය වයිපර තුමිය වෙතැයැ...
.ඉතින් මට මොකෑ කියන්නෙ පූට්ටු වෙච්ච එකක් උන් ගලවගන් නැතෑ..කොරන දෙයක් දැං බෑ මේ දවල් එලියෙ..ඔය එක එක පූට්ටු ඇදන් එන්නෙ හොදකට නෙමෙ..අද ටිකක් කට ගෑවිලදත් කොහෙද... .ඒ පිලිතුරු දුන්නේ සිකුරිටි වයිපර තුමියයි..
හයියෝ මේ වගේ ගොං ගහක්..මං කිව්වෙ මේ තමුසෙ මේ දවාලෙ පූස්ටු කරගන්න නෙමෙයි..කලුවරේ ජරමර කලාට මේ දවල් ඕව කරන්න ගියොත් මට බලි තොයිල් නටන්න වෙයි.. බයවෙලා...මේ ඔය බල්ල හොඳ වර්ගෙක එකෙක්ලු. ඔය හම්බෙන්න ඉන්න පැටවු උගෙ...ඒකිව්වෙ ටාසගෙ උනොත් අපිට ගානකට විකුනත හැකි....ඒ සිකුරිටිය..
හපූ....ඔවැයිගෙත් කතා...තාම බැල්ලි පැටවු දාලත් නෑ මෙයෑගෙ බිස්නස් මයින්ඩ් එක ඔලුවට ගහල...එනවකෝ රෑට මං තොවිලෙ පෙන්නන්න අත තියන්නෙ දෙන් නෑ.තවත්..දවල්ට අපාස කරන්නයි...රෑට තොඳොල් වෙන්නයි...හුහ්...කුමක් හෝ කාරනාවකට අමනාප වූ සිකුරිටි පවුලය ඒ...
 ගෙදර අයත් සිකුරිටි ගෙදර අයත් සමග ඒ දිනවල එතරම් වලි බර වාතාවරණයක් ගෙනගියේ නැත. කමලිනිත් සිකුරිටි වයිපුත් යාලු විය. ඒ බලු පැටියෙක් ගන්න යැයි මට කමලිනිගෙත් වැඩකාර කොල්ලා වූ සිරිල්ගේත් කතා වලින් වැටහුනි. 
.එයාලගෙ බැල්ල උනාට අපේ ටාසනේ වැඩේ කලේ...ඒව කොහෙද..ඒ සෙකුරිටි ගෑනි දැන් වැඩිය හිනාවෙන්නෙත් නෑ..මොකෝ දැං පැටවු ලැබෙන්න කිස්ටු නේ...ඒ කමලිනිය..
.කලුපාට බෝල වගේ පැටවු ඇති නේ කමලි අක්කෙ...අරකිගෙ බඩත් දැං මාස හතක විතර සයිස් වෙලා...ඒ සිරිල්ය..
මාස හතක බඩක්..උඹ කෝමද බන් බැල්ලියන්ගෙ බඩ කියන්නෙ මාස හතක් කියල... ඒ කමලිනිය..
නෑ මං නිකමට හිතුව...ඒ සිරිල්ය..
ඔව් ඔව් මට නිකමට ඇහනෙව උඹ ඔය උලව්ව අතේ තියං කෙල්ලොන්ට කුනුහබ්බ කියනව...
ඒ කමලිනි අක්කාගේ කටයි..
පැටව් ලැබෙන්ට කිස්ටු විය..දිනක් මහ වැසි දිනෙක සිකුරිටි ගෙදර පිටුපස බැල්ල පැටවු දමා තිබුනි... සිරිල් පැටවු බලන්නට ගොස්..
සික් මූට සාත්තු කරනවට වඩා හොඳයි...කියා මගේ දෙස බලා එරෙව්වේය...
කමලි අක්කාට ඇසෙන්නට..
අර ඩැසීට හම්බෙලා තියෙන්නෙ ඔක්කොම දුඹුරු පාටයි සුදු පාටයි පැටව්..කලු පාට එකෙක්වත් නෑ...
ඉන්පසු මගේ හිතට මොකද්දෝ දැඩි පාලුවක් දැනුනි. කමලි අක්කාද දාන්නං වාලේ බත් දමා ගියාය. ගෙදර අයද නොසලකා හරින්නාක් මෙන් සිතුනි.. ඩැසී බලන්ට ගිය විට ඇය පමණක් සෝ බර මූනක් මට දාගෙන සිටියාය. මා පැටවු කීප දෙනාට එබුනි.. 
එවිටම ඩැසී කීවේ...වැඩක් නෑ කලු පැටවු නෑ..අර ලඟදි දවසක බලු වෑන් එකෙන් අල්ලං ගිය බලු කාන්ඩෙ හිටිය ගුරායි සුද්දයි වගේ මයි මේ පැටවු..මං හිතන්නෙ ඒ දෙන්නගෙ ලමයි තමයි...(ඒ නාටු බල්ලන් දෙදෙනාගේ පෙර කල පිනකට බලු වෑන් එකෙන් දාගෙන ගියා යැයි සිතන්ට තරම් උන් නාටු වී ලොං හැලී ජරා ලෙඩ ගානක් තිබුන උන් බව මට මතක් විය..)
ඉදිරිපස දොරෙන් එලියට බැස්ස සෙකුරිටි ගෑනු කෙනා ගලක් ගෙන  මාදෙසට විසික් කරනු මට යන්තමින් දැනුනි...
සික් ලොකුව විතරයි මුන්ගෙ...කලුවට ලොකුවට ඇඟ තියෙනවා.තව කබල් ගාන්න මහ උන්ට වගේ වංසයක් තියෙනවා..එච්චරයි..සිකුරිටි ගෑනි කීය....ඉන් පසු ගල් පාර නොවැදුනත් වැදුනාක් මෙන් වේගයෙන් දුවගෙන කූඩුවට ආවෙමි...

Wednesday, April 4, 2012

මම බල්ලෙක්මි...1වන පරිච්චේදය

.මා කලුය තඩිය, උසය මොකක් හෝ ලොකු පරං පරාවකින් පැවත එයි.මං ලොකු වූයේ වෙනත් නිවසකය නමුත් මොකක්හෝ නිසා මටමේ ගෙදරට එන්න විය.මේ ගෙදර සිටින අය මට කැමතිය.මා ආ දිනවල මෙන්ම අදත් මාව නාවා කවා පොවා බලාගනී. නමුත් කූඩුවක ලා තැබීමට වග බලා ගනී. මට නිදහස කියායම් දෙයක් ලැබුනේ වී නම් ඒ අලුතින් පැමිණ සිටින වැඩකාර කොල්ලා නිසාය. දවස තිස්සේම බලු කූඩුවට හෝ වත්තට වි  සිටි මට එලියට යන්නට ලැබුනේ ඒ කොල්ලා නිසාය. බලු කූඩුවේ බලු කක්කා ඉවත් කිරීමටඒ කොල්ලා අකමැතිය.ඌ මාව පාරේ මල පහ කරවීමට පුරුදු කරවීය. පලමු දිනවල පාරේත් කූඩුවෙත් යන දෙකේම මල පහ කලමුත් කාලයක් යනවිටමා වැඩයට පුරුදු විය.
පසුව මට ටිකක් එහෙ මෙහෙ යන්නට ඇර ඒ කොල්ලා පෝං එක කනෙ ගහං කනුවකට පිට දී බිම හාරයි නැත්තං ගසක කොල එකිනෙක කඩා අඹරයි. කුමක් හෝ කරනවා ඇත. එහෙත් මට එය වැදගත් නැත.
නුවර එලියේ බල්ලන් දෙකක්..
ඒ අතරය මට ඩැසී හමු උනේ..ඩැසී අහල පහල ගෙදරක බැල්ලකි. ඇය දුප්පත් ගෙදරක දුප්පත් බැල්ලකි. ඇය බලු කාන්තාවකගේ සියලු ලක්ෂණ වලින් පිරිපුන්ය. මනුස්ස ගෑනු මෙන් ලොකු තන් ලොකු පුකවල් නැති මුත් ඒ බැල්ලි ලස්සනය. ලස්සනද දන්නේ නැත එහෙත් මට හිත ගියේ ඈ වෙතය. වෙනත් බල්ලන් සහ පසුව හමුවූ බැල්ලියන් කිවු පරිදි මගේ කලුපාට විසල් සරීරයට එවන් නාටු බැල්ලියක් සමග යාලු වීම යුතු නැත. ගෙදර ටීවි එකේ රේඩි එකේ කියනු මට ඇසුන පරිදි පේමය අන්ධය. කෙසේ වෙතත් මා ඩැසී සමග පෙමින් වෙලුනි. පෙමින් වෙලීම අවසන ගලවගන්නට බැරිවෙන්නට වෙලුනි. අපි දෙදෙනා වෙලී වැටගාව පාර ලග ඇඹරි ඇඹරි සිටින විට අපේ ගෙදර මගේ කක්කා අරන් දාන්නට සහ ගෙදර පැල වලට වතුර දමන්නට සිට මා බාර කොල්ලා ආවේය. ඌ එනවිට මා වෙලිලාය. ප්‍රේමය දෝරෙ ගලාගොස් ගලවගන්නට බැරි වෙන්නට වෙලිලාය. ඌ වතුර දැම්මේය. හරිගියේ නැත. දැං මා එලියේ සිටි යුතු වෙලාව පැනලාය ඒ නිසා කොල්ලා බයවෙලාය. මේ වෙලාවට නෝනා එයි. නෝනා අසන විට බොක්සර් කෝ කියා කොල්ලාට අද කූඩුව පෙන්නන්නට හො වෙනත් බොරුවක් ඇද දාන්නට බැරිය.
  නෝනා ආවේය. ඇවිත් මා වෙලී ඇති බව කිව්පසු හෝ වෙනත් බොරුවක් ඇද බා හෝ නෝනාද මා බලන්ට ආවේය. ඩෙසීද ලැජ්ජාවේන ඇඹරෙයි ඒත් ගලවගන්නට බැරිය. මා දන්නා කියන දෙයියන්ටත් කීවෙමි ගැලවෙන පාටක් නැත. සාදු කෙනෙකුට මලක් දී අපේ පරපුරේ කෙනෙක් දෙව්ලොව ගිය කතාවක් බණක තිබෙනවායැයි ගෙදර වැඩකාර කෙල්ල මට පෝය දිනක වැඩිපුර මස් කෑලිටිකක් දාන අතර කීවාය. අනේ මාත් කෙසේ හෝ ගැලවෙන්නට අවැසිය. එහෙත් දෙපැත්තට ඇද්දත් ගැලවෙන්නේ නැත.


නෝනා ආවත් වැඩය හරිගියේ නැත. ඉන්පසු දෙපැසට ඇද බොහෝ වෙලාවක් විරිය කිරීමෙන් පසු යම්තම් ගැලවුනි.මා එක්කරං ගිය පසු කොල්ලාට බැනුං අහන්නට විය.දැං බලපං සිරිල්..උඹට තියෙන වැඩේ පැලවලට වතුර දාන එකයිමේ බල්ලව බලාගන්න එකයි. උඹ බලාගන තියෙන්නෙ යසට..
මං යනකොට බල්ල වෙන බැල්ලියෙක් එක්ක හනිමුන්. ඇත්තට බොට ඇස් පේන් නැද්ද. අඩු තරමෙ වැදගත් බැල්ලියෙක් නැං කමක් නෑ. අර පහල ගෙදරක ඉන්නසිකුරිටි කාරයෙක්ගෙ නාටු බැල්ලියෙක්. සික් විතරක්...
තමුසෙටනං සිරිල් පඩිගෙවල තියං ඉන්න එකත් පාඩුද මංද...ඇයි පොඩ්ඩක් බල්ල කක්ක කරන්න එලියට ගියෑ කියමු ඒත් බල්ල වෙන මගුලකුත් කරං හනිමුං ගන්නකල් තමුන් කොහෙද හිටියෙ..


සිරිල්ට මං නිසා බොහෝ ගැහට විය. මට සිරිල් ගැන දුකය. නමුත් කරන්නට දෙයක් නැත. මට බලු ගෑනු සතෙක් හොයා දෙන්නට මේ ගෙදර අයට උවමනා නොවීය. දවසක් මහ ආඩම්බර අහංකාර බැල්ලෙක් ගෙනත් මට දුන්නේය. වටේම මිනිස්සුය. ඈට පැටවු ලැබෙන්නට මා උදව් විය යුතුය. මොකද්දො කරලා මගෙන් මොනවද අරන් බැල්ලට ඉන්ජෙස්සන් ගැහුවේ බැල්ලට වටිනා පැටියෙක් ගන්න යැයි මට කතාවෙන් කියු කරුණු අනුව වැටහුනි. මුලින් ඒ බැල්ල පෙන්නා මා කුලප්පු කරන ලදී. බැල්ල මා වැන්ම එකියක් විය. එහෙත් ඇය තරමක් වයස එකියකි. එතරම් තරුන පෙනුමක් නැත. එහෙත් ආඩම්බර කම ඉහට උඩිනි. ඒ නිසා මට අර අහවල් වැඩයට හැර ඒ බැල්ල වැදගත් නොවුනි. එහෙත් දොනෝ දහක් මැද ඒ අහවල් වැඩය පවා හරියට කරගන්නට අවකාශ නැත. 
ඉතින් ඒ මොකද්දො වැඩපිලිවෙලින් මා සතුටු වුනාය .ම ටගෑණු උවමනා නැතිය කියා සමාරවිට මෙ ගෙදර අය සිතන්නට ඇතිය. නමුත් ඩෙසී පාරේ යන විට එන පුසුඹට මා ඇදි යන තරමට මා ඩෙසිට පෙම් කලෙමි. 
අර පූට්ටු වී සිට අසුවු පසු සිරිල් මට ටිකක් තදට සිටියේය. නමුත් පෝං එකට කෝල් එක එන වෙලාවට සිරිල්ට පොලව හාරන්නටත් ගස් වල කොල කඩන්නටත් ඇඹරෙන්නටත් හැර වෙන වැඩක් මතක නැත. එනිසා මට පරණ බලු ගැන්සියට ටිකක් සෙට් වන්නට පුලුවං විය.
 බොහො නිවෙස් වල ගේට්ටු වල ඇතුලින් සිටි බල්ලන් මට කිව් පරිදි මං කර ඇත්තේ අමන වැඩකි. මොඩ වැඩකි. ඒ බැල්ල හෙවත් මගේ පෙංබරී ඩෙසී වැරදි කොක්කකි. ඇයට බොහෝ වෙනත් කොකු තිබී ඇත. එහෙත් මා ඒවා කනකට ගත්තේ නැත. තවත් පාරේ යන වල් බල්ලන්ද මට සිනාසී ගියේ අර නොමනා සම්බන්ධ කතාව නිසා විය හැක. ඔවුන්ගේ මතය වූයේ මහත් උසස් පරපුරකින් පැවත එන මගේ බලු වංශයට නොගැලපෙන. මගේ හාම්පුතාලට නොගැලපෙන අයුරින් සම්බන්ධතාවයක් පැවැත්වීම බොහෝ වැරැද්දක් ලෙසයි. මා දෙස බලා සිටින අවට ගෙදරක බැල්ලක් මට නොසෑහෙන්න පරිභව කලාය. මා එසේ ඩෙසී සමග ගිය වගක් ඇයට ආරන්චි වෙලාය. එහෙත් ගේට්ටුවෙන් එපිට සිටින ඇයත් පාරේ ටික වෙලාවකට සිටින මාත් අතර ඇතිවිය හැකි බන්ධනයක් නැත. හැමදාම ඇස් දිහා බලාගෙන කට අතුල්ලා ගෙන ගියාට වැඩක් නැත. මට ටික දිනකින් ඒ ලව් එක එපා විය. කෙසේ වෙතත් ඇයට ඉරිසියා හිතී ඇත. 
අපේ නිවසේ හාම්පුතුනුත් අවට වල් බල්ලනුත්, අර කී වෙනත් වත්තක ගේට්ටුවෙන් එපිට සැටි බැල්ලත් බොහො සෙයින් කීවේ මගේ වැරැද්ද බවය. බලු වුවත් වංසයට ගැරහීම නොමනා සම්බන්ධ පැවැත්වීම ඔවුන්ට දිරවූයේනැත.
ටික දිනකින් ඩෙසීට ලමයි හම්බෙන්නට ආවේය.
(ඉතිරි කොටස පසුව)

අලුත් අවුරුද්ද මොඩ් කරමු

මා දුම්රියට නගින දුම්රිය ස්ථානයේ කුඩා පවුලකි. පවුලක් කීවාට එතන ඇත්තේ දෙදෙනකි. ඔවුන් නම් මවක් සහ ඇගේ කුඩා පුතුය. බහ තෝරන යම්තම් ඇවිදින වයසෙ  පුංචි දරුවෙකි. මේ දෙදොන දුම්රිය ස්ථානයට එයි. ටික වේලාවක් මව සමග පුතා බංකුවේ වාඩි වී සිටින මුත් ටිකකින් පොඩි එකාට ඇවිදීමට උවමනා වෙයි. ඔහු ඇවිදින්නට යයි. කන්තෝරු යෑමට සැරසී සිටින ඇඳුෙමන් සිටින පොඩි ලමයාගෙ මව කොල්ලා පසුපසින් ගොස් ඔහුව අල්ලයි. දුර යෑමට නොදෙයි. ඔය විච්චූරණය අතර බිම දුවන්ට හදන කොල්ලා අල්ලා ඔහුගේ අම්මා විසින් වඩා ගනී. වඩා ගන්නා විට ඔහු ගේ මූන බෙරිය. වඩාගත් පසු කොල්ලාට කෙලින්ම බිත්තියේ ඇති පිංතූර ටිකක් පෙනේ. එනම් බුදුන් ප්‍රමුඛ මහ සංඝයා දනට වඩින පිංතූරයකි. ඒ වඩාගෙන අම්මාගේ අතේ සිටින පොඩි ලමයා අත්දෙක එකතු කර සාදු කියා අර පිංතූරයට වඳියි. එක දවසක් නොව මා කීප දිනක්ම පොඩි ලමයා එසේ කරනු දිටිමි. 
දිනක් දෙකක් මවට සහ පිරිසට මේ සිද්ධිය පෙනුනු අතර අනෙක දිනවල ඔවුන්ට මේ පුතාගේ වැඳීඹ නොදක්නා ලදී. දිනක් ඒ තරුණ මව පැවසූ ආකාරයට එ් කුඩා ලමයා දිවා කල ගත කරන්නේ ආච්චි සීයා සමගය. ආච්චි සීයා දෙදෙනා විසින් අර කුඩා ලමයාට බුදුන් දුටුකල වැඳිය යුතු යැයි උගන්වා තිබේ. ඒ නිසා අර කුඩා දරුවා වඳී..
මා කුඩා කලද එසේය. කෙතෙක් දඟ කලත් මගේ අවට සිටි අක්කලා සහ නැන්දලා මා පන්සලට එක්කරං යති. තවද සවස මල් කැඩීම පහන් තැබීම හඳුන්කූරු දැල්වීම වැනිවැඩවලට පොඩි අපි දායක කර ගැන්නට අපේ නැන්දලා ආච්චිලා සීයලා වගබලා ගති. ඒ නිසා බොහො කලක් ගතවී අද දක්වා අපි අතර ආගම සම්බන්ධයෙන් එකම ආකාරයෙ හැඟීමක් පවතී..


ලොකයෙ ්බටහිර සහ අමෙරිකානු ක්‍රමයට අනුව අද ආගමක් රහිත වෙමින ්පවතින පිරිස වැඩිය. කිනම්හෝ හේතුවකට සමහර දියුනු රටවල ආගම අදහන පිරිසහෝ දර්ශන පිලිගන්නා පිරිස අඩුවී ඇත. එය ලෝකයේ දියුණුවක් ලෙස සමහර අය සිතති. අපි කුඩාකල දකින හැම පිළිමයටම වැන්දාට ලොකුවූ පසු අපිට වැඳිය යුත්තේ කුමටදැයි අදහසක් එයි. එය බොහෝ දුරට හිතන සමහරු කිසිවෙකුටවත් නොවැඳිය යුතුයැ කියා කියති. 
අද සිංහල අවුරුද්දට ගැනත් ඇත්තේ එවන් උදාසීන ගතියකි. ඔය නැකැත් විශ්වාස කරන ගණනට වඩා නොකරන ගණන වැඩිය. නමුත් අවුරුද්දට ගෙවල් සේදීම, අලුත් ඇඳුම් ගැන්ම, කෑම රසට ඉවීම ආදි දේ තවමත් බොහෝ අය සිදුකරනු ලබයි. වෙනත් රටවල් සමග ගන්නා විට ලංකාවේ විශේෂ නිවාඩු නැත. එංගලන්ත සංචාරය සමග එංගලන්ත ජාතිකයන් බොහොමයක් ලංකාවට විත් මැච් බලයි. නමුත් ලංකාවේ අපිට සල්ලි තිබුනත් කාර්යාලවල නිවාඩු ගැටලු නිසා එවන් කාලයක් වෙන්කරගන්නට බැරිය. චීනය වැනි රටවල ඔවුන්ගේ අවුරුදු කාලය බොහෝ උත්කරශවත්ව සමරණ අතර සතියක දෙකක නිවාඩුවක් ඔවුංෙග් බොහෝ අයට හිමිය. එහෙත් අපේ රටේ එසේ නැත. අවුරුදු උලෙලක් වුවත් නිවාඩු ලැබෙන්නේ දවස් දෙකකි. ඒ දවස් දෙකට කල හැකි දේ අති සීමිතය. පුද්ගලික අංශයේ නම් නිවාඩු තිබෙන ප්‍රමාණයත් අඩු නිසා නිවාඩු ගැන්ම මහ බරපතල ගැටලුවක් වෙයි. එනිසා ගම් රටවල් වල ගොස් නිදහසේ සිටින්නට තිබෙන කාලය අඩුය...
අවුරුද්දට බොහෝ දෙනා ටීවි බලති. වැඩ අල්ලන විටත් නොනගතය විටත් ගම්බද ජනතාවෝ බොහොමයක් රූප පෙට්ටිය දිහැ කට ඇරගන බලාගෙන සිටිති. එහි යන නව අනූවක් ව්‍යාදි සහ අට අනුවක් විජ්ජා බලමින් සිටිති. සමහර නාලිකාවල යන්නේ එදිනට චිත්‍රපටය. චිත්‍රපට බලන්නට සමහරු අවුරුද්ද අවස්ථාවක් කරගනිති...
පබ්ලිස් සිල්වා සහ පිරිස කෙතෙක් කියාදුන්නත් අපේ අය ලේසියෙන් කෑමක් අලුතින් හදා ගන්නට සිතන්නේ නැත. කැවුං කොකිස් ගෙඩියේ සිට අච්චාරු ඩිංග පවා කඩෙන් මිලදී ගෙන රස කැවිල සදන අයට හොද්දබොර කරමින් අවුරුදු ගෙවා ගනිති. 

Sunday, April 1, 2012

උම්මග්ග කතාව (ටනල් ස්ටෝරිය)

.දඩස් බඩස් නදින් යම් කිසි කැනීම් කරන හඩක් අවටින් ඇසේ)

අන්ද්‍රෙයි:-මොන බම්බුවක්ද ඕයි. පාර හරහා කානු ඩ්‍රිල් කරපු අපිට මේ ගල්කඩපු අපිට මේ කොන්ක්‍රිට් ගොඩවල් කපන්න සෙට් වුනේ..
ලූෂා:- තමුසෙට අමතක වෙනව නේ හැමවෙලේම මේකෙ තියෙන වටිනකම..ඉලක්කෙ හරිගියොත් මිලියන දහයයි ඉලක්කය වැරදුනොත් ඉතින් පොඩ්ඩක් විතර පාඩුයි..ඒත් එකක් මෙතෙක් කල් පාරෙ වලවල් හාරපු කානු අගල් ගහපු බොලාට මේක කරන්න පුලුවං..මතකයිද අර කන්දක් උඩ ග්‍රවුන්ඩ් එකක් හදල..වැස්ස වෙලාවක මැච් එක ගහන්න බැරි උනාම අපි ජීපිඒස් වලින් කවුන්ට් කරල විල හොයල ටනල් එකක් ගහල වතුර ටික බැස්සුව..හරියටම..හරියටම විල හොයාගත්තෙ කෝමද කියන එක උන්ට පුදුමයි..කොටින්ම මැච් එක සෙල්ලම් කරන් ආව මොගෝලියානුවෙකුත් මගෙන් ඇහුව කෝමද මේ වගේ තැනක වතුර බස්සවන්න ක්‍රෙම හොයාගත්තෙ කියලහෙහ් හෙහ් හෙහ්..
අන්ද්‍රෙයි:- ඔව් ඉතින් එදානම් වැඩේ හරි ගියා තව මතකයිදඅර ස්ටොලින්හෙල් වල ලොකු බිල්ඩිමක් කැඩුව..ලූෂ මහත්තය මංහිතුවෙම එහා පැත්තෙ තියෙන ටොයිලට් එක අහුවෙයි කියලයතුරයි පාස් වර්ඩ් එකයි නැතිවෙලා තිබුන වෙලාවෙ සල්ලි ටික එහා බිල්ඩිමෙ පහත මාලෙට කෙලින්ම ගෙන්න ගන්න ගැහුව ටනල් එකඅපේ සුදෝකුර්ගෙ අත්දෙකම රත්‍රන් පාටයි එදා ඉහල මාලෙ තිබුන රත්‍රන් ටික ටනල් එකට දාලම.හොර යතුරක් තිබුනනම්කියල හිතුනෙ කඩනකොට ඒත් ඉතින් හොයාගත්තම අතේ ගෑවුන රත්‍රන් ටික විකුනලත් සුදෝකුරු පවුන් විසිහතරක් අරන් තිබුන….
ලූෂා:- ආ දැන් කතාව ඇති. ඩිරෙක්ෂන් එක අරන් ටනල් එක ඩ්‍රෝවින් කරගමු මුලින්ම..මතකතියා ගන්න මේක ඇතුලෙ මිනිස්සුන්ට යන්න පුලුවන් වෙන්න ඕනි..
අන්ද්‍රෙයි:– සර් ඇහුවට තරහ වෙන්න එපා මේ ටනල් එක අපි හාරන්නෙ හිර කූඩුවකටඉතින් හිර කූඩුවකට හාරන එක වැරදියි. අපිට මේක පස්සෙ කාලෙක හරි ආරන්චි වෙලා අපිට දඩුවම් විදින්න වෙයිද??
ලූෂා:- තමුසෙට ඉතින් පන්ඩිතකම් ඕනි නෑනෙ.අද ජේලර්ලට පාටියක්. ඒ වගේම හිරගෙදර ලොක්කට කියල මේ ඒ රියා එකට තිබුන ගාඩ් එක අඩු වෙලා ඇති. මං නොකිව්වට තමුසෙල දන්නව ඇති කවුද නිදහස් කරගන්නෙ කියල..
අන්ද්‍රෙයි:- ද්‍රොමින්ඩෝ..ද්‍රොමින්ඩෝ ඇයි මේ තරම් ආරක්ෂාව තියෙද්දි මේ තරම් දේවල් තියෙද්දි කොටින්ම රටින් පැනල යන්න පුලුවං හෙලිකොෆ්ටර් එකක් තියෙද්දි හිරේ අස්සෙ රිංගුවෙ
ලූෂා:- මිනිහෝඌ හිරේ අස්සෙ රිංගුව නිසා නේද අපිට මේ වගේ චෑන්ස් එකක් ලැබුනෙ..නැත්තං කොහෙද ඕයි කිලෝමීටර් දෙකේ ටනල් එකක්ට පවුං මිලියනක් දෙන්නෙ.අනික මේන්ටේන් වලටම මාසෙට පවුං පනස්දාහක්..මෙකෙ රහසිගත භාවය රැකගන්න ඕනි දන්නවනේනැත්තං ගන්න සල්ලි වලිං කාල බීල හමාරයි..ලස්සන පෙට්ටියක් ට වෙලා අඩි දෙකක් යට ඉන්න පුලුවං..
( මේ වෘත්තීය ගල් කඩන්නන් දෙදෙනකුට අලුතින් ලැබුන කොන්තරත්තුවකි. ලූෂා සහ අන්ද්‍රෙයි සුප්‍රසිද්ද උමං හාරන්නන් දෙදෙනෙකි. ඔවුන්ගේ සමාගම මින් පෙර අවස්ථා කීපයකදීම උමං සාරා ඇත. දැන් මේ නව උමග ඇත්තේ එලියේ සිට සිර මැදිරිය තුලටයි. එය භාරදූර වගකීමකි. රටේ සුප්‍රසිද්ධ චරිතයක් වන දැනට සිරගතව සිටින ද්‍රොමින්ඩෝ නැමැත්තා නිදහස් කරගැන්ම ඔවුන්ගේ අරමුණයි.)

( ඒ දර්ශනය හමාරයි දැන් දෙවනි දර්ශනය)
තඩිඩාස්:-ද්‍රොමින්ඩෝ සැනකෙලියෙ මැද අග්‍රවිනිසුරුගෙ දුවනියට කෙනෙහෙලිකම් කරන්න තරම් මෝඩයෙක් උනානෙ. බලනව අර ගම්මානෙ මිනිහෙක් මාසෙටම ගන්නෙ පවුං දෙදාස් පන්සීයක් විතර. මේ ද්‍රොමින්ඩෝට එලියට එන්නම පවුං මිලියනයක්.යට වෙනව.ආන්ඩුවෙ සල්ලිද අපේ සල්ලිද අනේ මන්ද
නයිකුවංස්:- මිස්ට තඩිඩාස් ඕකෙන් ද්‍රොමින්ඩොට ලැබෙන ජනප්‍රියත්වය වැඩිවෙයි ගොඩාක් වෙලාවට. කොහොමත් සල්ලි උඩ පීනුවත් ව්‍යාපාර රාසියක් තිබුනත් ද්‍රොමින්ඩෝ සමාජ ජීවිතයෙදි හරකෙක්..ඔය පලවෙනි එක නෙමෙයි. මේ පක්ෂයට සල්ලි දෙන ප්‍රධාන දායකයෙක් විදියට සහ ඉස්සරහට අපි ඉදිරිපත් කරන්න ඉන්න හෝ ඉදිරිපත් කරන්න වෙන අපේක්ෂකය විදියට ද්‍රොමින්ඩෝ ඇතුලෙ ඉන්න එක හොඳයි..
තඩිඩාස්:- ඒකත් ඇත්ත හිරේ හිටිය කියන්නෙත් මිනිස්සුන්ගෙ අනුකම්පා චන්ද ටික ගන්න හොඳ ක්‍රමයක්..නයිකු කියන්නෙ එතකොට ද්‍රොමින්ඩෝ ඇතුලෙ ඉන්න එක අහම්බයක් නෙමෙයි කියලද??
නයිකුවාස්:- අයියෝ අපේ තඩිඩාස් ඇමති තුමා තේරුං ගන්නෙ බෝම හෙමින් නේද්‍රොමින්ඩෝ ඇතුලෙ හිටි..යට ඉස්සරහට රෑට රෑට එයාඑයි එලියට..එයා වෙනුවට කෙනෙක් හිරගෙදර ඉඳී..ද්‍රොමින්ඩෝ වෙන නමකින් සහ වෙන හමකින් එයි..
තඩිඩාස් :- ඕක හරි පරණ ක්‍රමයක් ලොක්කා. අපි මිනිහව සතියට වතාවක් ගෙන්නමු..නැත්තං ඕ යෝදය ආයෙත් මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙයි. සිහ්. සල්ලි විතරක් තියෙන හරකෙක්..
නයිකුවාස්:- අපි බලමු.කෝමත් සෙන්ට්‍රල් ජේල් එකෙ ගේට්ස් වලින් අපිට මෙයා එලියට ගන්න බෑ. මොකද ඔය ජේලර්ස්ල මීඩියා කාරයොන්ට දෙනව..මීඩියා කාරයොන්ට ඒව පත්තරවල දාන්න බැ. ඒත් විපක්ෂෙට දෙයි.එතෙකොට උන් නියම කාලෙදි ඕව භාවිතා කරයි..
තඩිඩාස්.:- හුම් ඒක ඇත්ත කෝකටත් උමඟ තියෙන එක හොඳයි අපිත් ඇතුලෙ වාසදේස බලාගෙන ඉන්න එක හොඳයි නේ..හිහ් හිහ්..්‍
(මේ කොටස කිසිවෙකු විසින් වේගයෙන් සහ පැහැදිලිව කියාගෙන යා යුතුයැ)දැන් ඔය ගොල්ලන්ට තේරෙනව ඇති කතාව. මෙතන තියෙන්නෙ ද්‍රමින්ඩෝ විසින් අගවිනිසුරුගෙ දුවට ප්‍රසිද්ධ සැනකෙලිකයදි නොමනා විහිලුවක් කරල. ඉන් පස්සෙ අගවිනිසුරු තුමාගෙ පියවිලා තිබුන ඇසි ඇරිල. ඕන් එතකොට ද්‍රොමින්ඩෝ ගෙ පැරණී වැරදි ටික අපේ අගවිනිසුරුටයි අධිකරණෙටයි පෙනිල. හැබැය් ඒ වැරදි ඔක්කොම ඒ කිව්වෙ දැක්ක තැන ද්‍රොමින්ඩෝ ගෑනූ උස්සන් දිව් ඒව. කෙල්ලෙක් ට පාරෙ බැහැල යන්නෙ නොදී අමන කතා කියපුව,සහ අරක්කු පෙරීමෙ ඉඳන් හොර ඔප්පු හදල ඉඩං විකුනපුව දක්වා වන පැරණි වැරදි එතෙක් කල් ඔක්කොම කොහේ හැංගිලා තිබුනද? ඇයි ඒව පරක්කු කියල කාරුවත් දන්නෙ නෑ..
 ( මේ තඩිඩාස් හා නයිකුවාස් යනු මේ ද්‍රොමින්ඩෝ යන සල්ලිකාර සල්ලාල දේශපාලක පුතාගේ මුදලින්,, පෝස්ටර් ගසා ජයගත් වත්මන් පාලක පක්ෂයේ ඇමතිවරු දෙදෙනෙකි...ඔවුන් දෙදෙනා කතාවෙන පරිදි සැලසුම වන්නේ පිටතින් කපන ලද උමගක් මගින් ද්‍රොමින්ඩෝ සතියට දෙවරක් එලියට ගැනීමයි.. ද්‍රොමින්ඩෝ කල වරද නම් අගවිනුසුරුගේ සුරූපි සුකුමාර දුවනියට ප්‍රසිද්ධ වේදිකාවකදි බීමතින් අඩන් තේට්ටම් කිරීමයි.එය එතෙක් යට ගැසී තිබු වෙනත් ද්‍රොමින්ඩෝගේ වරදක් මුලට විත් ද්‍රොමින්ඩෝට දඬුවම් කිරීමට හේතු විය)

 ................................................................................................................................
( නව දර්ශනයක් ඇරඹේ..මෙහි සිටින්නේ ද්‍රොමින්ඩෝ කනින ලද උමගින් එලියට එන විට ඇතුලේ සිර කූඩුවේ පෙනී සිටීමට නියමිත උමගේ සියලු දේ හොදින් දන්නා ගුස්ටාවෝ නැමැති කැනීම් තාක්ෂණ නිලධාරියාය. මේ ප්ලෑන් එක අනුව උමග හෑරූ පසු ද්‍රොමින්ඩෝ එලියට එයි. ඒ සමගම මේ ගුස්ටාවෝ නැමැති කැනීම් නිළධාරියෙක් ද්‍රොමින්ඩෝ වෙනුවට සිර මැදිරිය තුල ඉඳී නයිකුවාස් යනු කලින් සිටි රජයේ මේ වැඩ කොටස බාර ඇමිටි වරයා.. ).
ගුස්ටාවෝ:- සර් මං තමයි ගුස්ටාවෝ. සර් මට එන්න කියල තිබුන අර උමග සම්බන්ද දෙයක් කතාකරගන්න කියල. මං හිතන්නෙ දැන් උමග ගැන කතාකරල ඉවරයි. මොකද උමග දැන් ඉවරයි. අපෙ අය අද රෑට හරියටම එතන කඩයි. ද්‍රොමින්ඩෝ මැතිතුමා බැනලතිබුන අපේ කනිනන්ගෙ අම්මලාට,
අඩෝ බොලා මොන ලබ්බක් කලාද මෙතරම් කල්. බලාපල්ල දැන් මං නිදාගන් වෙලාවෙඇවිල්ල බුග් බුග් ගාල පොලවට අනිනවා. අනේ උඹලත් බොලාගෙ ලොක්කො වගේ තමයි බොල් සද්දෙ විතරයි..කියල බැනල තිබුන.
කනින්නො බැනුම් ඇහුව නිසා දැනගෙන වැඩේ හරි කියල.
නයිකුවාස්:- මං තමාට එන් කිව්වෙ විශේෂ වැඩකට. දැන් තමා දන්නව මේක හදල තියෙන්නෙ ද්‍රොමින්ඩෝට එලියට එන්න කියල. ඒ වගේම ද්‍රොමින්ඩෝ එලියෙ ඉන්න වෙලාවට තමුසෙ ඇතුලෙ ඉන්නවා. තමුසෙට ගෙවනව අපි හොඳට.. තමුසෙ මේක ඇතුලෙ තියාගන්නෙ තමුසෙ තමයි උමග හෑරුවෙ..මං දන්නව තමුසෙ ඕක ලගටදෙපාරක් යන්න ඇති. ඒත් තමුසෙට තමයි ඔය හාරපු වැඩේ ලාබෙ යන්නෙ. ඉතින් තමුසෙත් දල කාරයෙක්. ඒත් තමුසෙ තරම් හිර කූඩුවෙ තියන්න සුදුසු කෙනෙක් තවත් නෑ. මොකද තමුසෙගෙ කම්පැනිය බුලක් කෙලල මහ රෑක ද්‍රොමින්ඩෝ එලියෙ ඉන්නෙකොට උමග වැහුනොත් තමුසෙ ඇතුලෙ..වැඩේ ලීක් උනත් තමුසෙ ගස්..
කෝකටත් දැන් අපි තමුසෙව තෝරගෙන ඉවරයි. සතියට දවස් දෙකයි හිර ගෙදර ඕකේ. මං තමුසෙගෙන් කැමැත්ත අහල එස් එම් එස් ඕනි නෑ..තමුසෙ කැමති වෙන්න ඕනි එච්චරයි.
ගුස්ටාවෝ:- හරි සර් අපි හදපු එක අපිට විස්වාසයි සර්..මං යන්නම්. මං නිතරම එතනින් එන්නම් දොමින්ඩෝ වගේ උතුමන් ලගින් උමගිකින් ගියත් සැපයි. සමහරු කිය්නනෙ ද්‍රොමින්ඩෝ තුමා පස්සෙ කාලෙක අනාගත මහ ඇමති තුමා කියල. එහෙ ව් කෙනෙකුට උදව් කරන එක කොයි තරම් හොඳයිද..

(ගුස්ටාවෝ යනු මේ කැනීම් කාන්ඩය තුලම සිටින නිළධාරියෙකි..රජය විසින් ඔහු තෝරා ගත්තේද කැනීම් වල අවුලක් වුවහොත් කැනීම් කන්ඩායමේ උනන්දුව අඩු නොවී පවත්වාගන යාමටය)( ගුස්ටාවෝ විසින් මේ කියන දෑ කියන්නේ ප්‍රෙක්ෂකයින්ටයි) මෙහෙමයි දැන් අපි උමග හදල ඉවරයි..එත් පොඩි වරදක් තියෙනවා අපි උමග හරියට ම සෙට් වෙන් තිබුනෙ මෙහා කාමරේට.ඒ කියන්නෙ කනමදව් වගේ බීගෙන පිස්සු කෙලින් ජීපි එස් තියාගෙන මාලිමාවෙන් බලන මගේ ස්ටාෆ් එකට වැරදිලා.. අපේ අයට රූම් එක මාරු වෙලා. ඉන් පස්සෙ කිසි සද්දයක් නැති නිසා අපි ඩ්‍රිල් එක ගහල ඒකෙන්කැමර් කක් යවල බැලුව. ඒ ඉන්න මස් වැද්ද නම් ද්‍රොමින්ඩෝ වෙන්න බෑ. ද්‍රොමින්ඩෝ ඉන්නෙ අනෙක් කාමරේ. ආයෙ යටට කපල උඩට ගත්ත. ඕන් ද්‍රොමින්ඩෝ මැතිතුමා නොහොත් වල් ද්‍රොමින්ඩෝ. ප්‍රකට ව්‍යාපාරික දේශපාලක සිල්වියානේ අර්බරේතේ ගේ එකම සල්ලාල පුතා ගේ සිරකූඩුවට අපි කිට්ටු කලා ඔව් ද්‍රොමින්ඩෝගෙ නින්දට බාධා කරනව කියල අපේ අම්මලාට අම්ම මෝ නැතිව කුනුහබ්බ කියන ද්‍රොමින්ඩෝගේ ශබ්ධය අපිට ඇහුනා. ඒ සද්දෙ අපිට වටිනවා. ඒත් උගෙ කටින් ඒ වෙලාවෙ පිටවුන කුනුහබ්බ ටික නම් බලු වටින්නෙ නෑ..
අන්ද්‍රෙයි:-.මෙච්චර අමාරුවෙන් කපල මූ ගොඩ දාන්න හැදුවම මූ අපේ අම්මලට බනිනවා. මට හිතෙනව සර් මූව ඕන් ඔහෙ තියල ආපහු උමග වහන්න.
.මං හිතන්නෙ ඒ කියප එක ද්‍රොමින්ඩෝට ඇහුන ඉන් පස්සෙ සද්දෙ අඩු වුනා..

නව දර්ශනයකි
(මේ ඉන්නේ ද්‍රොමින්ඩෝගේ සිර කූඩුවට මෙහා කූඩුවේ සිරකාරයාය..ඒ පුද්ගලයා සෙනොන්ය.ද්‍රොමින්ඩෝ නැමැති සිරකරුවා නිදහස් කරගන්නට කැනීම් කරන අය වැරදීමකින්මේ සෙනොන්ගේ කුටිය අසල පොලවද කඩයි...)
සෙනොන්:-මොකද්දෝ සද්දයක් බොල් බොල් පොලොවෙන් ..ගගා ආව. මං බය උනේ නෑ. මං ඉන්නෙ ලංකාවෙ සුප්‍රකට ව්‍යාපාරික දේශපාලක සිල්වියානෝ අර්බර්තේ ගේ පුතාගෙ කාමරේ ලග නේ. මං මාලු විකුනල ආන්ඩුවට මාලු කොටහ දුන්නෙ නෑ කියල මාත් සිරගත කලා. අපි මාලු හතරක් ඇල්ලුවොත් හතරෙවෙනි මාලුව ආන්ඩුවට.ඒ කිව්වෙ මාලු දොලහක් අපිට අහු උනොත් හතරවෙනි මාලුව, අටවෙනි මාලුව සහ දොලොස්වෙනි මාලුව ආන්ඩුවට යන්නෙ.. මං මාලු ඇල්ලපු පිලිවෙලට මාලුන්ගෙ හතරවෙනි එකා නිතරම පොඩි එකෙක්. අනෙක් යාලුවො ආන්ඩුවට පාඩු වෙයි. හරි මැතිතුමාට පාඩු වෙයි කියල හරි හතරවෙනි මාලුව විශාල එකෙක් ඇල්ලුව..
ඒත් මං ඒ තරම් දේශප්‍රේමි උනෙ නෑ.. ඒත් මගේ දවසක් බලයො ගොඩක් කිලෝ පහේ හයෝ බලයො ගොඩක් අහුවුන දවසක නිතරම හතරවෙනි මාලුව උනේ හාල්මැස්සො ගොඩක්..ඉතින් මං එදා මූදෙ ඉඳන් ආවෙ..මං දවසක් රෑ මූදෙ ඉඳන් එනකොට ලොකු මාලු අල්ලනවිට හතරවෙනි මාලුව හාල්මැස්සෙක් වෙන් බෑ කියල පනතක් සම්මත කරල. පැන්නන් හෝ හාල්මැස්සන්ට වඩා කුඩා මාලු පමණක් ඇතිවිට හතරවෙනි මාලුවා ආන්ඩුවට දිය හැකියි කියල ඒකෙ තියනවලු..
හයියෝ මේ අහිංසක මහල්ලා සහ කපටි මුහුදෙ හැටි..මේ සෙනොන් ටත් වැරදුනා..මං මෝඩය උසාවියෙදි තරක කලා මේන් මෙහෙම.
.උතුමානනි පනත මහදවල් සම්මත වුනාට ක්‍රියාත්මක උනේ රෑ දොලහට ඒ වෙලාවෙ මං හිටියෙ මූදෙ, මූදෙ ගොඩක් දුර ගිහින් තිබුන නිසා ජීපි එස් එක අනුව මං හිටියෙ මූදු සීමාවෙන් පිට..රටට අයිති මුහුදු සීමාවෙන් පිට පිට රට මූදු සීමාවෙ ඉන්න මාලුන්ට බදු ගන්න යූ එන් එකෙන් ඇප්‍රෘ කරගන්න ඕනි..තව දෙයක් රෑ දොලහට නීතිය ආවට ඒ මාලු හරියටම මැරුනෙ දොලහට කලිංද නැත්ද කිය්න්න බෑ..කියල..
පිටරටට පක්ෂපාති වි රටින් පිට ඒ රටේ මාලුන් ෂේප් කරගෙන මාලු සමග එකතුව දේශපාලන කුමන්ත්‍රණ ඇතිකර අධිරාජ්‍යවාදි කුම්න්ත්‍රණ ඇතිකිරීමට අනුබල දීම යටතේ තමා වසර 13.67ක සිරදඩුවමක් නියම කරන අතර මේ උසාවියේදි පැවැත්වූ සංකීර්ණ කතාව හේතුවෙන් වැදගත් සිරකරුවන් සිටින පොෂ් වාට්ටුවේම තබන ලෙසත් මා නියම කරමි කියල නඩුකාර හාමුදුරුවො කිව්ව..
ඕන් ඔහොමයි මං සැමට එකසමාන නීතිය තිබුනත් හිරගෙදරදි පොෂ් වාට්ටුවට එන්න පිණ ලැබුනෙ..

(මෙහිදී මේ මිනිසා හෙවත් සෙනොන් තනියම කියවන ආකාරයක් පෙන්වයි)මේ අතර ඩොග් ඩොග් සද්දය්ක එයි…)

සෙනොන්:- මට හිතෙන්නෙ මේ වෙලාවෙ අර ද්‍රොමින්ඩෝ නිදහස් කරගන්න උමගක් යනව වගේ..බලමු මගේ පිණක් තිබිල මෙතනින් උමග ගිහින් තිබුනොත් ගොඩ..

( මේ කතා කරන්නේ සිරගෙදර ද්‍රොමින්ඩෝ නැමැති සිරකරුවා වෙනුවට සිරගෙදර සිටීමට නියම වූ ගුස්ටාවෝ සහ ඔහුගේ අතවැසි අන්ද්‍රෙයි නැමැති අයයි )
ගුස්ටාවෝ :- දැන් නම් හදල ඉවරයි උමග ඉවරෙටම. දැන් ඉති්න් හිර ඇඳුමක් ඇඳන් මට ඇතුලට යෑමක් තමයි තියෙන්නෙ. කෝ ගන්නවල ඔය හිර ඇඳුම මට..
අන්ද්‍රෙයි:- සර්ටත් හිරකාරෙයෙක් වෙන් උනා නේ වැරැද්දක් නැතුවම..
ගුස්ටාවෝ:- ඔව් ඕයි සල්ලිවලට හිරගෙදර ඉන්න උනා..
මට බරපතල වැඩ සෙට්වෙන්නෙ මේ යෝදය එලියට ඇවිල්ල ඇතුලට ආවෙ නැතොත් තමයි..
අන්ද්‍රෙයි:- ඒ කිය්නනෙ සර් මේ ද්‍රොමින්ඩෝ හැමදාම එලියට එනවද?
ගුස්ටාවෝ:-දැන්ට කියන්නෙ සතියට වරයි එලියට එන්න දෙන්නෙ කියල. ඒත ්ඉතින් අනේ මන්ද. මං ටිකක් ද්‍රොමින්ඩෝගෙ ශරීරෙට සමාන පෙනුම තියෙන නිසාලු මාව ගත්තෙ. මොකොට ඔය අවලමා වගේ උනාද මන්ද මන්..
අන්ද්‍රෙයි:- ප්‍රශ්ණයක් නෑ ලූෂා මහත්තය ඔක්කොම බලා කියා ගනී.
ගුස්ටාවෝ:-හූම්..මං එන වෙලාවට සිග්නල් එකක් ලැබෙයි. එතකොට කස්ටිය රෙඩි වෙලා ඉන්න කියන්න. මොනා හරි අවුලක් තිබුනොත් මං මැසේජ් එකක් දාන්නම් පෝන් එකෙන්..කස්ටිය මල් කඩ කඩ ඉන්නෙ නැත්ව පෝන් ඔන් එකේ තියාගන්න. නැත්තං මේ කි මී දෙකක් දිග උමගෙ මග හිරවුනොත් මට හිරගෙදර නෙවෙයි. අපායෙ හිරගෙදර ලගින්නයි වෙන්නෙ.
අන්ද්‍රෙයි :- හරි සර් මටයි ලූෂ මහත්තයයි ඔක්කොම බලාගන් පුලුවන් වෙයි..
හුම් දැන් හරි..
 ( මේ මීලගට කතා කරන්නේ සෙනොන් නැමැති ද්‍රොමින්ඩෝගේ සිරකුටිය අසල සිටි කලින් මාලු බිස්නස් කේස් එකකට සිරගතව සිටින සිරකරුවාය)
 මුං හිතුව මේ සෙනොන්ට හොරෙන් හිරෙන් පනින්න. ඒව කොහෙද. තනියම ගිහින් මූදු හතක රවුං ගහල තිෙයන සෙනොන් රවට්ටන්නෙ. මං බිත්තියට කණතියල ලැබුන මැසේජ් අනුව අද එන්නෙ ගුස්ටාවෝ කියල කෙනෙක්. රෑ 8යි පනස් හතරට මෙතනින් යන්න ඕනි. මොකද අටයි පනස් හයට තමයි ද්‍රොමින්ඩෝව හමුවෙන්න තියෙන්න. ඒ වෙලාව තමයි ජේලර්ල ෂිෆ්ට් එක මාරු කරන වෙලාව. හරි බලමුකෝ..

(ඉන් පසු අඩි ශබ්ධයක් ඇසේ..)
සෙනොන්:-හිටපන් පාහරය ඔහොම හිටපන්
ගුස්ටාවෝ:- උඹ මොකෙද්ද, උඹ අපිට වැඩක් නෑ මං ආවෙ ද්‍රොමින්ඩෝ ගෙනියන්න.
සෙනොන්:- ඒව කතා වැඩක් නෑ. ඒයි පඟරනැට්ට මං මේ අත් දෙකින් මාලු.. පණ තියෙන මාලු දස දාස් ගානක් මරල ඇති. මට උඹ එක මාලුවෙක් විතරයි. හොඳ හිතින් ගිහි්න් හිටපන් මගෙ හිර කූඩුවෙ..
ගුස්ටාවෝ:- එතකොට මගෙ බොස් ද්‍රොමින්ඩෝ..
සෙනොන්:- ඌ කොහොමද උඹෙ බොස් උනේ..කනින නිලධාරියෝ..
ඌ ඔහොම හිටපු දෙන්. මේ ලඟදි මූ ජේලර්ස්ලට ලොකු එක දාන්න ගිහින් සම්බල් වෙන්න කාල තියෙන්නෙ. හිර කාරයොත් මූ පොඩ්ඩක් එලියට පහලියට දාන කල් ඉන්නෙ. මිනිහ හිතන් ඉන්නෙ මේක මිනිහගෙ මාලිගාවක් කියල.
ඒවයින් වැඩක් නෑ. කිව්වම ගිහින් හිටපන් උඩට වෙලා වාඩිවෙලා ජේලර්ස්ල එන්න කලින්..
ගුස්ටාවෝ:- නැ්තතං
සෙනොන්:- ඉඳා..තොට ,ඩුෂ් හඬින් ශබ්ධයක් එයි.
ගුස්ටාවෝ:- අයියෝ මගේ අත කැඩුනදත් මන්ද.
සෙනොන්:- ඇයි උඹට දැන් තේරුනාද. පොඩි මිනිස්සු හැමදෙයින්ම පොඩි නෑ කියල.
තො ්හිටපන් මං වෙනුවට හිරගෙදර..
ගුස්ටාවෝ:- එතකොට ද්‍රොමින්ඩෝ බේරගන්නෙ නැද්ද?
සෙනොන්:- අනේ නිකා හිටපන් නිකම් ලොක්කන්ට කහින්නෙ නැතුව. තොට තව අවුරුදු දා තුනයි මාස හයක් විතරයි ඉන්න තියෙන්නෙ. ආ පලයන ්දැන් කිව්ව තැනට මගේ කකුලෙන් පාරක් කාල තොගෙ කකුලටත් හොඳ එකක් නෙලාගන්න කලිං..
සෙනොන්.:- මං අර ද්‍රොමින්ඩෝට යන හරියෙ උමගෙ වැහුව. උඹට පුලුවන් නම් හාරල බොගෙ බොසා..උඹට සල්ලි දීල පාරවල් කප්ප ගත්ත බොසා. ටිකක් මාන්සි වෙලා හොයාගත හැකි. ඒත් වැඩක් වෙන එකක් නෑ..
සෙනොන්:- දැන් ජේලස්ල මාරු වෙන වෙලාව..මං යනව
ගුස්ටාවෝ:- අයියො ්තව අවුරුදු දාතුනක්. මූ මගේ මොබයිල් එකත් ගත්ත. දැන් කෝමද මං මේක ඇතුලෙ හිරවෙලා ඉන්නෙ..
සෙනොන්:- මං මේක පුපුරුවල දාන්නයි ඉන්නෙ. තොගෙ මොබයිල් එකත් ඒ උමගෙම තිෙයයි..
ගුස්ටාවෝ:- අඬයි;;දැ්න ගෑනි බලං ඉඳී මං එනකං..අයියෝ මව්ලීනා..ඔයා කිව්ව නේද ගිහිං එහෙනම් එන්න සුදෝ කියල..කවද්ද සුදෝ ආයෙත් ඔය නහය මිරිකන්න මූන අල්ලන්න මං එන්නෙ..
සෙනොන්:- බොගෙ ගෑනිට හෙම්බිරිස්සාවද ඕයි නාහෙ මිරිකන්න. තමුසෙ වගේ හරකෙක්. කෝකටත් තමුසෙට වැඩිකල් ඉන්න ලැබෙන එකක් නෑ. මූට වෙන පැත්තකින් උමගක් කපයි. එතකොට පැනපං. මූ ඇතුලෙ දාල..
මං යනවා..
( මියුසික් එකක් යයි..අඩි ශබ්ධයක් ඇසේ)
සෙනොන්:- අයියො ්ෙකායි තරම් දුර ආවද. කිලෝමීටරයකටත් වැඩිය ඇවිත්..
සෙනොන්:- හරි හරි මේ තියෙන්නෙ දොර..
මෙතන දොරක් නෑ..වලක් නේ කමක් නෑ මොකක් හරි..මේ තියෙන්නෙ.
තව ටිකකින් මෙතෙන්ට පෙට්‍රල් බෝම්බයක් ගෙනත් දැම්මම හරි..

නව දර්ශනයකි..
( මේ අතර මේ සිදුව ඇති සිද්දියට ආන්ඩුවම කලබල වී ඇත. මේ සිද්ධිය මෙහයවූ නයිකුවාස් ඇමති තුමා බෝම කලබල වී ඇත..දැන් කනින නිළධාරියා ඇතුලේය, ද්‍රොමින්ඩෝ නිදහස් වුනේද නැත, එහෙත් සෙනොන් නැමැති මාලුවලට බදු නොගෙවූ වරදට හසුව සිටි එකෙක් නිදහස් වී ඇත..)
නයිකුවාස්:- ගන්නව ඕයි කෝල් එකක් අර පොලිස් අධිකරණ ලේකම් සුසෙන්ට
සේවකයා:- හරි සර් ලයින් එකේ ඉන්නවා..
නයිකුවාස්:- දැන් මට කියනව වෙච්ච දේ. මොකද්ද කියල.
සුසෙන්:- සර් එකපාර හවස සද්දයක් ආව. ඒත් එක්කම මහ කානුවක් කැපුව වගේ දිග උමගක් තිබුන තැන් කියල හිතන්න පුලුවං තැන් කීපයක් ගිලා බැස්ස. සමහර තැන් ගිලා බැස්සෙ නෑ. ඒ පිපිරීම පොලොව යටින් ආව වගේ තමයි දැනිල තියෙන්නෙ. භූවිද්‍යා කස්ටිය ගෙ වාර්ථාව කියන්නෙ ඒ පැත්තට විතරක් නම් භූමි කම්පාවක් වෙන්න බෑ කියල. එතකොට රජයේ පැණි පරීක්ෂක..තුමත් ඒක සනාථ කරා..

නයිකු:- හරි කවුද ඕයි පැණී පරීක්ෂක කියන්නෙ..
සුසෙන්:- ඇයි සර් ග්‍රැජුවේට් රස පරීක්ෂකල උසස් වීම් ඉල්ලල පිකට් කලාම අපි උසස් වීම් දුන්නෙ පැණි පරීක්ෂක දෙපාර්තුමේන්තුවක් හදල.ආන්න ඒකෙ අය..
නයිකුවාස්:- හරි හරි මට ඔය කතාව ආරන්චි වුනා. ඔතන තියෙන් ඇත්තෙ උමගක් වෙන්න ඇති. අේප ගරු ද්‍රොමින්ඩෝ මැතිතුමා නිදහස් කරගන්න මහ ජනතාව ඕ වගේ දෙයක් කරන්න ඇති. ඒ ගැන කලබල වෙන්න එපා. එක්දාස් හත්සිය පනස් එකේදි බල්කියාව කියන රටෙත් තමුන්ගෙ නායකය නිදහස් කරගන්න ඔය වගේ උමගක් ගහල තියෙනවා. තමුසෙ අර රාජවාහිනි එකේ කියනව ඒ විස්තරේ පොඩ්ඩක් හොයල..මහජනතාව කැමති නෑ නෙ ඒ වගේ උත්තමයින් ඇතුලෙ ඉන්නවට..
සුසෙන්:- සර් කිව්ව වගේ උමගක් තමයි. ඒත් පස්නෙ ඒ ද්‍රොමින්ඩෝ මහත්තය ඉන් හිර කූඩුවට මෙහා කූඩුවෙ හිටපු සෙනොන් කියන මාලු කාරය වෙනුවට එතන වෙන කෙනෙක් ඉන්නවා. අපි අපේ සිස්ටම් එකෙන් හොඳට චෙක් කලා එහෙම ඒකිව්වෙ ඒ දැන් හිරකූඩුෙව ඉන්නව වගේ මූන තියෙන ඒ කියන නම ගම තියෙන හිරකාරයෙක් නෑ ඇතුලෙ. ඒත් ඇඳුම් ඕක්කොම හිර ඇඳුම්. අතකුත් කැඩිල මිනිහගෙ. මිනිහ කියන්නෙ මිනිහ පතල් කාරයෙක්ලු..පතල් හාරන කොන්තරක් කාරයෙක් කැණීම් කරන කෙනෙක් උමං හාරන කෙනෙක් අනම් මනම් කියනව. මිනිහට පිස්සුද මන්ද.පිටින් ආවත් අර සෙනොන් ඇුතලෙ නැති එක අපිට ලොකු ගැටලුවක් වෙයි. සෙනොන් දේශපාලන සිරකරුවෙක් නේ..
නයිකුවාස්:- හුම්..ඒ වාෙග  හිරකරුවෙක් හිරේ තියාගන්න වත් මේ ආන්ඩුව ශක්තිමත් නෑ කියල මිනිස්සු කියයි නේ..ඒ නිසා ඒ මිනිහ සෙනොන් කියල ලේබල් කරල තව ටික දවසක් තියං ඉන්නව. නිදහස් දවසක වත් බලමු මිනිහට චෑන්ස් එකක් දෙන්න..
( මේ අනුව අවසානයේ සෙනොන් පැනගිය අතර මුදාගැන්මට පැමිණි ගුස්ටාවෝ සිරගත විය. ගුස්ටාවො ්කිසිදු වරදක් කර නැතිමුත් සිරේ අවුරුදු ගානක් සිටින්නට විය. ගුස්ටාවෝ ගේ ලොකුකම නිසා ඔහු හත් අට වතාවක් හොඳින් කන්නට විය. මේ උමග ගැන සැක පහල කල විපක්ෂය සහ වෙනත් මානව හිමිකම් සංවිධාන වල දැඩි ඉල්ලීම පිට ද්‍රොමින්ඩෝ මේ සිර කඳවුරේම ඉහල මහලකට යවන ලදී..)