Tuesday, August 30, 2011

අහිංසකව සඳ ඇවිදින්...

අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..
අදින් පසුව සුවද මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ..
පිපෙන වගක මේ සන්නස ආදරයෙන් ලියන්නේ..

සඳලුතලෙන් සිනාසෙන්න ආලින්දය පිරෙන්න
කඳුලුබිඳක් එපා දෙන්න මටනම් දුක හිතෙන්න
පවුරු බැඳන් හිටියත් අපි ඒ සෙනෙහස පුරන්න
පලුදුවෙන්න පුලුවනි හිත පරිස්සමින් හිඳන්න...

සී පදයක තාල තියා සෙයිලම මල් පිපෙන්න
සීගිරි ලලනාව වගේ ඔබ කවියක් කියන්න
සිහිනනේ ලංවී හිඳගෙන මට තනියක් නොවන්න
හැම රෑකම හිස පිරිමැද හාදුවකින් තෙමන්න...

  ahinsakawa sanda prince Udaya Priyantha by indika27 


ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත..
වාදනය,පද රචනය: නොදනී...

මේ සින්දුව මෙතැන ඇත්තේ ඉතා අඩු තත්වයේ ඇම් පී ත්‍රි ගොනුවක් ලෙසය වඩා හොඳ තත්ව සඳහා ගීත තැටියකින් ලබාගන්න....
බාගන්න මෙතනට යන්න

Sunday, August 28, 2011

ඩුප්ලිකේට් ෆයිල් හොයන හැටි..(duplicate file finder) Linux

වැදගත්කම
අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්ණයක් වෙනව ඩුප්ලිකේට් ෆයිල් තබාගැනීම අපේ දෘඩ තැටිය තුල.උදාහරණ විදියට විටින් විට විශාල ප්‍රමාණයෙන් අපි ලබාගන්නා සංගීත ගොනු හැසිරවීමේදී එකම ෆයිල් එක තැන් කීපයක විවිධ නම් වලින් තිබීම කරදරයක්..ඒ වගේම ඒක අපේ දෘඩ තැටියේ ධාරිතාවය අපතේ හරින්න මූලික වෙනව..මේ වගේ අවස්ථාවල භාවිතා කරන්න කුඩා මෘදුකාංග කැබැල්ලක් තිබෙනව ලිනක්ස් වලදි..ඒක තමා එෆ් ස්ලින්ට් කියන්නෙ...(FSlint)


ගන්න ප්‍රයෝජන....
අපි විසින් දෘඩ තැටියේ ස්ථාපනය කරගනු ලබන හෝ ස්ථාපනය කිරීම පිණිස තබාගන්නා ගොනු සැකසීමත් මේ මෘදුකාංගය හරහා කරගන්න පුලුවනි....විවිධාකරයේ පාටිෂන් ගනනාවක විවිධ ස්ථානවල ඇති ඩිරෙක්ටරි සහ අනෙකුත් ගොනු ඉතා පහසුවෙන් හඳුනාගන්න පුලුවනි මේ හරහා...

රූපයේ දැක්වෙන විදියට මේ මෘදුකාංගය හරහා අපිට පුලුවනි මේ ආකාරයට මෘදුකාංගය හරහා ඩුප්ලිකේට් ෆයිල්ස් එහෙම නැතිනම් එකම ෆයිල් එක තැන් කීපෙක තියෙනකොට අපිට අඳුන ගන්න..ඒ තියෙන ස්ථානය අපිට ඒ ඩුප්ලිකේට් ෆයිල් එක ඉදිරියෙන්ම පෙන්නුම් කරනව..අපිට අවැසි කොපි එක තබාගෙන අනික් ෆයිල් එක ඩිලීට් කරගන්න මේ හරහා අපිට පුලුවන් වෙනව...


ස්ථාපනය කරගන්නා ආකාරය...
 මේ මෘදුකාංග කැබැල්ල සඳහා අපිට වැයවෙන්නෙ මෙගාබයිට් එකක්ටත් අඩු ප්‍රමාණයක් දෘඩ තැටිය තුල.පහත රූපයේ දැක්වෙන විදියට Application>>Accessories>>terminal එකට යන්න ඔන මුලින්ම...
දැං ඒක එබුවම එනව නිකම් ටයිප් කරන්න විතරක් තියෙන ස්ක්‍රින් එකක්..
ඒ ස්ක්‍රින් එක ඇතුලෙ කලින්ම අපි ඉන්නෙ ඇඩ්මින් බවට සහතික කරන්න වෙනව ඒකට අපි
sudo -s
කියන කමාන්ඩ් එක ගහනව උබන්ටු සහ ඩේබියන් මූලිකවුන ලිනක්ස් සංස්කරනවලටමේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න වෙලාවට..

ඉන් පස්සෙ 
 apt-get install fslint
කියන එක ටයිප් කරල එන්ටර් කී එක එබුවම වැඩේ ගොඩ...
දැං ඉතින් පහත පරිදි අපිට පුලුවනි  මේ මෘදුකාංගය තිබෙන තැනට යන්න....



මේ සොෆ්ටිවෙයාර් එක දාගන්න පුලුවන් ලිනක්ස් සංස්කරණ මොනවාද..

ඒකනම් හරිම ලොකු පරාසයකි ..ෆෙඩෝර සූස් වගේ ඒවත් ඩේ බියන් වලත් මේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් මැනේජර් හරහාද මේ මෘදුකාංගය කිසි ප්‍රශ්ණයකින් තොරවම ස්තාපනය කරගන්න පුලුවනි..

තව වැඩිදුර විස්තර ඇවැසිනම් මේ ලින්ක් එක හරහා ගන්න පුලුවනි. 
මට හමු උනා මේ පිළිබඳ කියවෙන වීඩියෝ එකකුත් ඇත්තටම වීඩියෝ එකෙන් බලාගන්න පුලුවනි කෝමද මේ මෘදුකාංගය එක්ක වැඩකරන්නෙ ඒක ස්ථාපනය කරගන්නෙ කියල....

 





Saturday, August 27, 2011

පියෝරිස්ගේ පරිඝනක පාඩම...

පියෝරිස් කාරයා මේ දෙසට ඇදෙනු පෙනේ..පියෝ ආවොත් ආපසු එලවීම අපාසුය..නොදන්නා දෙයක් නැති පියෝ දන්නා දෙයක්ද නැත..
පියෝරිස් කාරයා යනු අපේ සීයා උන්දැට දමා තිබූ නමයි..සීයාගේ ගජ මිතුරෙකි පියෝරිස් කාරයා..සීයාගේ නාමකරණයට අනුව ස්කෝලෙ මහතා ඉස්කෝලයාය..පංසලේ හාමුදුරුවෝ පිංබත් වහන්සේය..ඩැනි මුදලාලි ඩැනියාය..ඩැනි මුදලාලි කුකුලන් ඇති කරන්ට ගත් තැන සිට ඔහු කුකුල් ඩැනියාය..තව බොහෝ පටබැඳි නම් සීයා ලඟ තිබේ..සීයාට දැන් හැත්තෑ ප පැනලාය..පියෝ කාරයා සීයාටත් වඩා වයසක කෙනෙකි...


අපේ සීයාගේ අග්‍ර පුරෝහිත උන්නාන්සේ වනාහි මේ පියෝරිස් සීයාය..පියෝට ලමයි ගොඩක් ඇත මසකට වතාවක් දෙකක් ගොස් රවුමක් දමා සතියක් විතර අතුරුදන් වී සිට යලි එයි...
දුම්රිය සේවයේ කොහේදො තැනක සේවය කර ඇති පියෝ කැමති ගමේ ඉන්ටය..එහෙත් ලෝකයේ සිදුවෙන නොයෙක් දේ ගැන ලෝකපාලන දෙවියන්ටවත් නැති උනන්දුවක් මේ පියෝරිස් සීයාට ඇති නිසා එක තැනක සිටිය නොහැක..නවීන උපකරණ,නවීන තාක්ෂනය සම්බන්ධ දේ..අකාශ විද්‍යාව ආදී බොහෝ දේ පිළිබඳ පියෝ සීයා දක්ෂයෙකි..

පියෝ ළඟද දෙමල පන්ති ගිය කතාවක් මට සීයා කියනු ඇසීය..ලමයි දැන් ඔය දෙමල හෙම ඉගෙන ගන්නව හොඳයි ඉංගිරිස්සියටම යන්නෙ නැතුව..අපේ සීයා අපිට කියයි..සීයාට මෙවැනි ඔල්මොරොන්දන් අයිඩියා ඉබේ පහල වෙන්නේ නැත..අනිවාර්යෙන් මෙය පියෝගේ කතාවකි..
දන්නවැයි පොඩි එකෝ දැන් දෙමලු ලෝකෙම අල්ලලලු..දැන් ඔය පියෝරිසාගෙ නෑයෙක් ඉන්නව නෙව මහ ලොකු තැනක..උන්දැගෙ පුතා දැන් කොම්පැනියක මැනේජරයෙක් ලු..ඉතින් මේ පියෝ ලඟදි ගියාම පියෝට කිව්වලු විස්තර..ගොඩක් රටවල දෙමල අය ඉන්නවලු..අර ජරමන් රටේ උන් හෙම ඉංගිරිස්සි දන් නැති උණාට දෙමල උන් ඉන්න නිසා ඒ තරං වගක් නෑලු..දැන් ඔය පියෝගෙ ලොකු පුතත් දැං පනහක් විතර වෙලත්  දෙමල ඉගෙනගන්නව කියන්නෙ...
බාප්පා මෙය අහන් ඉන්නේ සීයාට ඇති ගෞරවය නිසාම මිස වෙන දෙයක් නිසා නොවේ...

දැන් පියෝරිස් සීයා ආවේය..ඔහු හමුවන්ට ඇවිත් ඇත්තේ මාවය..
හා ලමයො විබාගෙ පේල් වෙයිද පාස් වෙයිද...
අනේ මන්ද සීයෙ ඔන්න ඔහෙලිව්ව...
හා විබාගෙ ඉවර වෙනකල් උන්නෙ මමත්...
පොඩි වැඩකට...??
මොකද්ද සීයෙ වැඩේ...
නැහැ මේ මම පොඩි බඩුවක් ගන්න යනව ඒ ගැන ටිකක් දැනකියා ගන්න කියල..මං බැලුව ඉන්ටර නෙට් එකුනුත් අර ලොකු කොල්ලගෙ ගෙදර ගියෑම පොඩි එකා මට ටිකක් කියල දුන්න. කොම්පීටර..ඉතින් මම ඔය ඉන්ටර නෙට් එකේ බැලුව බැලුව මහ වචන ගොඩක් ඇරෙන්න මුකුත් නෑ තේරෙන ඒව..ඉංගිරිස් වලින් තිබුනත් ඔය තාක්සන දේවල් කාරිය අපිට තේරෙන් නැහැ නෙව.
හරි සීය දැන් මොකද්ද ගන්න යන්නෙ??
කාටවත් වැඩිය කියන්න එපා..අර බන් අපේ ලොකු කොල්ල ගාව තියෙන්නෙ අතේ ගෙනියන කොම්පීටරයක් අන්න ඒකක් තමා ගන්න ඉන්නෙ...නෝට් බුක් කියන්නේ ආන්න එයින් එකක්..

මට අහන්නට අවැසි වුන ප්‍රශ්ණ රැසකි එහෙත් ඒවා ඇසුවොත් සුවර් එකට සීයා මා සමඟ අමනාප වී අපේ සීයාට කේලාම් කියා එක විකාර සමයක් කරයි..අවුරුදු 75ත් පැන ඇති මේ පියෝරිසාට මොන මගුලට කොම්පුටරද මන්ද කියා මට සිතුනි..
දැන් කම්පීටරය කියන එක හොයාගත්තෙ සීයෙ එකදාස් නවසිය බර ගනන්වල මුලින්ම ඒ අදහස ගෙනාවෙ චාල්ස් බෙබේජ්..මා වත් හරියට කියවා නොතිබූ කම්පියුටර ඉතිහාසයෙන් සීයාගේ කොම්පීතර පාඩම පටන් ගත යුතුයැයි සිතුනි..
එක්වරම හැරමිටිය ගෙන නැගිටගෙන සීයා යන්නට තනයි..විගසින් පාඩම නැවැත්වූ මා..
මොකද සීයෙ යන්නෙ ?  කෝ ඉතිං සීයට පටන් ගත්ත වෙලේම එපා වෙනව..
කොහොමෙයි ඉතින් පාඩමක් කරන්නෙ...
ඉතින් උඹ ඔය පාඩම බර ගනන්වලින් පටන් ඇරං මට ඕනි හරියට එනකොට අද හවස් වෙයි..ඉතින් මං හවසම එන්නම්..දැං ඔය කතාව මට ඕනි තැනට එන්න හවස් වෙයි...
හා හා සීයෙ හදිසි වෙන් නැතුව වාඩිවෙන්නකො...දැං සීය කියනවද මොනාද සීයට දැනගන්න ඕනි දේ කියල////
මට ඕනි දේ සැරයක් කිව්වෙ බන්..මං ගන්න ඉන්නෙ අතේ ගෙනියන කොම්පියුටරයක්..ඒකට රුපියල් දාස් ගානක් යනවනේ..ඉතිං බන් ඕක ගන්න කලිං මක්කද ඇතුලෙ තියන දේවල් මොනවද බලන්න එපෑය..දැං අපි හරකෙක් ගත්තත් හොඳට හොයල බලන්න එපෑය..ගන්න කලිං..
මෙහෙමයි සීයෙ දැන් ඔය කම්පීටරේ ගත්තම කොටස් දෙකයි..එකක් තමයි හාඩ්වෙයාර් සිංහලෙන් දෘඩාංග..අනික මෘදුකාංග නැත්නම් සොෆ්ට්වෙයාර්...
දෘඩාංග ඒකට වැඩිය හොඳයි හාඩ්වෙයාර්ම කියමු...නේ සමීරයො...ඒ පියෝ සීයා මා හැදින්වූ නමයි...
ඔව් සීයෙ දැන් ඔය සිංහල වචන තිබුනට පාවිච්චි වෙන්නෙ එහෙමත් දවසක තමයි..
.දැං ඔය මොකද්ද බන් වින්ඩෝස් සෙවන් කියන්නෙ..දැන් ඔය මං ලොකු එකාගෙ ගෙදර ඉන්නකොට  එහෙ ඉන්න තුන්දෙනාගෙන් එකෙක් ගෙදර කොම්පුයුටරේ ෆෝමැට් කියල එකක් කොරල ආයෙත් සෙවන් කියන එක දාලලු සෙවන් කියන්නෙ වින්ඩෝස් සෙවන් කියල අල්ලගත්තෙ අර කම්පීතරේ දාපු ගමන්ම ස් කිරින් එකේ එන නිසා..ෆෝමැට් කියන්නෙ තියෙන ඒව මකල අලුත් ඒව දාන එකටලු..දැං ඔය පොඩි ටිබලෙ මැද එකා කොහෙන්ද එකක් ගෙනැත් පෝමැට් කරල කොම්පීතර මැසිම..හුහ් හෙන වලියය් හැන්දෑවෙ..ඇයි අනිත් උන් දෙන්න හංගපු පයිල් වගයක් මැකිලලු...ඒ පාර මමත් ඔලුව දාල යන්තන් වලිය සංසිදුන ඔලුව දාන්න කලියෙං ඉතින් දැනං ඉන්න ඕනි නිසා මම පොඩි කෙලීගෙන් අහගත්ත සෝක් එකට පෝමැට් කරනව කියන එක..
සීයෙ මෙහෙමයි දැන් තියෙන හාඩ්වෙයාර් කියල තියෙන ජාතිය අපිට වැඩකරවගන්න අවැසි විදියට සකසල ඒ ඒ වැඩේට ගැලපෙන ආකාරයට සකසා දෙන්නෙ සොෆ්ට්වෙයාර් වලින් තමයි..දැං සීයට මතකයිද අර කැලිකියුලේටර එක.ආන්න ඒක ඇතුලෙත් තියනව පොඩි සයිස් අයි සී එකක්..අර හැකරැල්ල වගේ කෑල්ලක් තියෙන්නෙ..ආන්න ඒකක්..ඒ අයි සී එකට ඔය ෂූටි සයිස් සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි තියෙන්නෙ...ඒකෙන් සිග්නල්කෑලි පාවිච්චි කරල හරියට තිතට අපිට ඕනි වැඩිකිරීම් බෙදීම් පෙන්නුම් කරනව..
එතකොට අර අපේ සීතාවක පුර ඉන්නෙ දුව අර උඔ කාන්ති නැන්ද කියන්නෙ...ආන්න ඒ  කාන්තිගෙ දුවෙක් ඉන්නව උඔ දන්නව ඇතිනේ ..ඇහැට කනට පේන්න ඉන්නෙ..ඔන්න ඔය කෙලී දැං කොහෙද රස්සාවක් කරනව..ආන්න ඒකිට කොල්ල පෝන් එකක් අරන් දීල...
වැඩි වයසක් නෑ නේ සීයෙ එයාට කොල්ලෙකුත් ඉන්නවද??
මා ඇසුවේ ගොන් ප්‍රෂ්ණයක් බව තේරුන විට මා ප්‍රශ්ණය අසා හමාර වී ඇත..
දැං ඉතින් ඕව මහ දේවල්ය..ඔන්න අපේ කාලෙනම් අවුරුදු 16ම්ම කෙල්ල උස්සන් යනව..කෝ ඉතින් උඹෙ මනමාල පස්නෙ නිසා කතාව මග ඇරුන නෙව..ඉතින් කොල්ල අරන් දීල තියෙන්ෙන චීන පෝන් එකක්..
පිටකොටුවෙ දහජරාවක් වෙන් ඇති කියල තමයි අර කාන්තිගෙම පොඩි කොල්ල කිව්වෙ..ඒකෙ ඔක්කොම තියේන්නේ චීන භාෂාවෙන්..හැම එකක් ම චීන වලිං...ඉතිං ඔය පෝං එකට සොට්වෙයාර් දැම්ම හම හරි කියල කිව්වලු..ඉතිං කෙල්ල බයයි නෙව උන්ගෙ තාත්ත ලඟට යන්න..කෙල්ල අම්මගෙ ලඟට ගිහිං කුනු කුනු ගානව කාරනේට...
මමත් ඇහුව ඔය යසට තියෙන පෝං එකට තව මොන මලදානද ටිකක් චීන බාසාව පුරුදු වෙන්න හදන්නෙ නැතුව කියල..ඒපාර මටත් ගස්සන් ගියෙ යසට අනේ මේ සීයයි මායි දන්න සොෆ්ට්වෙයාර් කියාගෙන..මමත් ඉතින් නොදන්න බව නොපෙන්න නිකම්ම හිටිය..
එතකොට දැං උඹ කිවුවෙ කැලිකියුලේටර වල තියෙනව කියල සූටි සයිස් සොට්වෙයාර් කෑල්ලක්..මං හිතන්නෙ ඊට වඩා සුට්ටක් ලොකු සොට්වෙයාර් එකක් ඇත්තෙ නේ පෝං වල...
ඔව් සීයෙ දැං මොබයිල් ඩිවයිස් එකක් ගත්තහම ඒක ඇතුලෙ තියෙන කෑලි හරි පොඩියි නේ..ඉතිං ඒ පොඩි කෑලි වලට හරියන..පොඩි සයිස් එකේ තිරේට හරියන ඒත් හොඳ වේගයක් තියෙන සොට්වෙයාර් තමයි ඔය මොබයිල් ෆෝන් වල එන්නෙ...දැං පරිඝනක විද්‍යාව බොහොම දියුනුයි නේ සීයෙ...දැං සීයට ඉංගිරිස් දන්නව නම් කෙලිම්ම ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුලුවන් හැම විස්තරයක්ම...පොඩි පොඩි වගේම ලොකු ලොකු සයිස් එකේ පරිගණක අපිට දැන් නිතරම එදිනෙදා ජීවිතයෙදි වැදගත් වෙනව...
හා අපි ඉගනගත්තෙ ඉංගිරස් වලින්ම තමයි..අර මංකලින් කිව්ව ෆෝමැට් කරන්න ගිහිං රන්ඩු දාගත්ත කපිල ය මට ටිකක් කියල දුන්න කොම්පියුටර එකෙන් සේච් කරන හැටි..,ගූගල් එක ගන්නව..ඒකෙ ගහනව ඇන්ටර් ඔබනව ඔන්න එනව හොයපු දේවල් ටික..යසට..මට ටිකක් ඔව්ව තේරුං ගන්න පුලුවං ඒත් බං අපි ඔය දේවල් ගැන ඒ තරංම යෙදිල්ලක් ඇලීමක් නැති නිසා සමහර දේවල් තේරුං යනව අඩුයි..


රැම් කියල එකක් තියෙනව..තව හාඩ් කියල එකක් තියෙනව..කෝර් අයි ත්‍රි ෆෝ කියල එකක් තියෙනව..තව මදර බෝඩ් කියල එකක් තියෙනව..එල් සීටී තියෙනව හප්පේ මේ ඔක්කොම ගන්න එපෑය හරියට වැඩේ වෙන්න..ටයිම් පත්තරේ එක්ක දෙනව නේ අර ඇඩ් පත්තරේ පංකාදු පත්තර කෑල්ල මං කාර් බාර් බලන්න තව පෝං ජාති බලන්න ඔය කොම්පීටර බලන්න ඕක අර හංදියෙ පුස්ථකාලෙන් ඉල්ලං එනව.ඩිංගකට බලල උදේට ආයිත් ගිහිං දෙන එක නෙව..දවසක් අර පුස්තකාලෙ ඉන්නෙ ගිජ්ජකූට පරුවෙතේ වගේ පන්දමෙන් ආපු විසාල සකබඹරයක් අන්න ඒක කියපි පත්තර ටිකකට ඉල්ලං යන්න බෑ..සමීක්ෂනේට ආවොත් සීයට ප්‍රශ්ණ නැ අපිට තමයි කේස් කියල..මං ඒපාර සල්ලි කියල බැලුවෙ නෑ යන තැනක ඔය පත්තරේ ඇරං යනව..ඉංගිරිස් පත්තරේ හිංද කවුරුත් ඉල්ලනවත් අඩුය් බස් එකක යනකොට උනත්..දැං ඔය පත්තරේ කෑල්ලයි තව අර තියන ඇඩ් කෑලි බලලමයි මට දැං කෑලි ටිකක් ඇහැකි...මං මේ ලඟදි ගියා අපේ පුස්ථකාලෙ ඉංගිරිස් සෙක්ෂන් එකට ගිහිං ගතපි කොම්පීතර පොතක් කියවන්න අර ගිජිකුලු පව්වත් බයවෙන්නම..අරං ටිකක් කියෙව්ව..හප්පේ බං ඒවෙ තියෙන ඒව ක යවන්න අර පරණවිතාන උන්නැහේ වගේ එකෙක් ඕනි..රෙජිස්ටර මෙමරි,ඩිජිටල් සිග්නල්,අන්දෝ සංසාරෙ මං පිංතූරු ටික බලල ආයිම දුන්න මං හිතන්නෙ පරණ පොතක් වෙන් ඇති...
දැං මෙහෙමනේ සීයෙ ඔය කොම්පීටර ඇතුලෙ ප්‍රධාන උපාංග කිහිපයක් තියෙනව..එකක් තමයි ප්‍රොසෙසරය..අනික මව් පුවරුව..අනික්ව මෙමරි...ඔය කෝර් කියල කියන්නෙ ඒ ප්‍රොසෙසරය..දැං අපි හිතමු සරලව ඔන්න වතුර තියෙනව වතුර මැෂිමත් තියෙනව බටත් තියෙනව..වැඩේ ඔක්කොම ගොඩ...ඒත් බට මැෂින් ඔක්කොම තිබුනත් ඇර වතුර මැෂිමට කරන්ට් එක දුන්නම මෝටරය ඇතුල කැරකුනේ නැති උනොත් මක්කයි වෙන්නෙ??වතුර යන්නෙ නෑනෙ..ආන්න ඒ වෙගේ දෙයක් තමයි මේ ප්‍රොසෙසරෙන් කරන්නෙ...ඒ කියන්නෙ අවැසි ප්‍රධාන කාරිය කරන්න අවැසි වන සැකසීම් අමුවෙං කිව්වොත් හරිගැස්සීම් ටික කොරන්නෙ ඔය ප්‍රොසෙසරේ...
ඒක දැං ඉස්සර වගේ නෙමෙ එක උඩ එක වෙන්න ගහල එන සිලිකන් කෑලි ගොඩක් එකතු කරල ඒ ත් හරි සූටියට හදල එනව..ඒ විදියට එක ප්‍රොසසරයට වඩා වැඩි ගනනක් මුහුන් කරල හදල එන ඒව හඳන්වන්න තමා අර කෝර් කියන එක පාවිච්චි කරන්නෙ...

අර අම්මගේ බෝඩ් එක කියල තියෙන්නෙ මොකෑ දන්නෙ නෑනේ...ඒක..අම්මගෙ රෙද්ද කියල නම් කියනව අර සයිම බීගත්තම..හැම එකටම...
හා හා සීයෙ අම්මගෙ බෝඩ් එක නෙවෙයි ඒක මව් පුවරුව...දැං කොයි ගෙදර උනත් දැං පියෝ සියලැයි ගෙදර ගමු..අපේ සීය කියල තියෙන විදියට සීය ඉස්සර වැඩට ගිහිං සතියට සැරයක් එනකල් අමරෙ බාප්පල කාන්ති නැන්දල ඔක්කොම බලාගෙන කෑම උයල..ගෙදර වැඩ කරල කස්ටිය ස්කෝලෙ යවල ඔක්කොම කරන්නෙ මේ අපේ සොපි ආච්චිනේ....
ඒකනං ඇත්ත තමයි..සිහ් ඉස්සර මට දවසක් දෙකක් ගෙදර හිටියම නිවාඩු දාල තේරෙනව ඒ ගෑනි වින්ද දුක ඉස්සර ...ඔය සොපි ආච්චි ඔය ඔක්කොම අස්සෙ ඉස්සර රෑට පැදුරු කොල වට්ටි හෙමත් වියනව..ඒවයින් කියක් හරි ඇරන් තමයි ඔය කොල්ලො කෙල්ලන්ට පොත්පත් හෙම අරන් දුන්නෙ හදිසි වෙලාවට...
දැං ගෙදරක උණත් ඔක්කොම කරන්නෙ අම්ම මූලික වෙලා වගේ මේ මදර බෝඩ් එක තමයි ප්‍රොසෙසර් එකෙන් දෙන දත්ත සහ ඒකට සැපෙයෙන දත්ත තීරනය කරල නිවැරදි පාර යවන්නෙ..දත්ත කියන්නෙ සීයෙ ඔය තියෙන බලන ඒව අහන ඒව කියවන ඒව ආදි අටෝරාසියක් දේවල් තමයි...දැං සද්දෙ ඇහෙන්න,රූප පෙන්නුම් කරගන්න,තව අපි ගහනකෑලි වලට අවැසි දේවල් සපයන්න වගේ බොහොම බාරදූර කටයුතු ගොඩක් වෙනව මේ මව් පුවරුවෙන්..දැං අපි ගමු හිස් කාමරයක් ඒකෙ පොලව මත අපි එක එක දේවල තියෙල අපි මේ කාමරේ ඇතුලෙ සකසගන්නව..ඒ කාමරේ නොතෙමෙන්න බිම ලස්සනට සහ ශක්තිමත්ව සැලසුමක් නැතුව තිබුනොත් අපි ගෙනත් දාන බඩු කොයි තරං වැදගත් ලද්දන උනත් වැඩක්ය.ආන්න ඒ වගේ සීයෙ මේ අවැසි මූලික දේවල් ලබාදෙන මව් පුවරුව ඉතා වැදගත් වෙනව කොම්පීතර මැසිමක...

...අම්මෙ දැන්නම් කම්මැලිය් බන්..මට පොතක් පතක් නැද්ද බන් ඔය ගැන දැනගන්න...

මං සීයට සිංහලෛන් හාඩ්වෙයාර් තියෙන බ්ලොග් එකක් හරි නෝට් එකක් හරි ගෙනත් දෙන්නං..එතකොට සීයට හාඩ්වෙයාර් අල්ලගත හැකි ලෙසටම..
තව දෙයක් හෙට අනිද්ද විතර එන්නෙකො මේ පැත්තෙ මගෙ මේ පරණ ඩෙස්ක්ටොප් එක ගලවල පොඩ්ඩක් පිහිදාල දාන්න ඕනි..එතකොට මට සීයට පෙන්නලම විස්තර කොරන්න බැරියැ..

සා....ඒ ක යසයි ඒක යසයි....එතකොට මටත් පුලුවන් ගොලුව හීන දකිනව වගේ නැතුව කෑලි අතගාලම අල්ලල බලන්න...එහෙනම් හෙට අනිද්ද දිහෑ මං එන්නං.. 
කොල්ල බොට ඇහිකි නේ බන් ටියුෂමක් හෙම කරන්න..විහිලු නෙවෙයි බොට පුලුවන් දෙයක් හරියට දැනෙන් කියල දෙන්න..
එහෙනම් බන් මං ගියා..සීයට කියපන් මං ඇවිත් ගියා කියල...


 

Wednesday, August 24, 2011

බස් රිය නැවතුම....

අහස වසන් කලුව ඇදෙන පෙර දිනක එදා..
කුඩය යටින් ගිය පෙරදින මතක් වෙයි සදා..
ඇසක වසන කඳුලු බිඳුව පිස පසෙක නොදා..
සනසවන්න එන්න සැනින් මා සොයා සඳා

මඩ වතරු වලේ නටන කපුටු රැලත් ලස්සනයි..
සැඩ පහර ඇදෙන කානු දෙපස මඩ ගොඩක් තමයි...
එදා ආ ඒ සොඳුරු තරුව නැති ව මඟ බලයි..
නමුදු තවම එදා වැස්ස මෙහෙට තව වැටෙයි....

බස් රිය එනතුරු ඇඟිලි ගනින අයද අද ඇතේ..
කුඩ අතෙක අරන් සෙවන සොයන ඇස්ද අද ඇතේ...
වැහි වතුර අලුත් උවත් සියලු පැරණි දේ ඇතේ..
න්‍රඹ හැර මේ නැවතුම මට නම් පිරුනෙ නම් නැතේ

Sunday, August 21, 2011

හඬපටයක් බ්ලොග් එකට එකතු කරගැනීම..(Add a sound clip to blog)

ඇත්තටම වීඩියෝ පටයක් අපිට බ්ලොග් එකකට හරි වෙනත් තැනකට හරි එකතුකරගන්න හරිම ලෙහෙසි ක්‍රමයක් තියෙනව ඒක තමයි යූටියුබ්(You Tube) කියන්නෙ යූටියුබ් හරහා පුලුවන් වීඩියො එකක් සුරුස් ගාල දාල ලෝකෙවටේ ඉන්න දාස් ගානක් ට එකපාර බලන්න සලස්වන්න..

හඬපටයක් බ්ලොග් එකකට දමන්න වෙන අවස්ථා...
ඒකනම් බ්ලොග් එක අයිති කෙනාගෙ තෝරාගැනීමක්.ගීතයක්,සංගීත ඛන්ඩයක්,විශේෂ ශබ්ධයක් අපිට තියනව කියල හිතන්න අකුරු වලින් විස්තර කරන්න අමාරු වෙන..උදාහරණයට ගත්තොත් ඔබට පුලුවනි ටාසන් විදියට කෑ ගහන්න නැත්නම්  කුරුල්ලෙක් විදියට ඇක්ට් එකක් දෙන්න..ඒ වාගෙ එකක් යාලුවන් අතර බෙදාගන්න විදිය ගැන අදහසක් තියෙනවනම් මේ ක්‍රමය බාවිතා කරන්න පුලුවන්..ඇත්තටම මම පහලින් කතාකරන සවුන්ඩ් ක්ලවුඩ් යොදාගන්න එකෙන් තියන වාසිය තමයි සම්ප්‍රධායික ෆයිල් ෂෙයාරින් වලදි වගේ බාගත කිරීම් අවසානයේ(div share, file sonic, mediafire) ඇසීමට ලැබීම හෝ එම හඩපටය යූටියුබ් වලට ඇඩ් කිරීමට වඩා පහසුවෙන් අපිට අපේ ශබ්ධ හුවමාරු කිරීමෙ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ලැබීම..මම පුද්ගලිකව ලබපු අත්දැකීමක් තමයි අපි අමාරුවෙන් තාලෙ අල්ලගෙන පොඩි ලස්සන තාලෙකට අමුතු තාලෙ කවියක් දෙකක් ලියල දැම්මම ඒකවි කියවන අයට ඒ තාලෙ අහුවෙන්නෙ නෑ..ඒ අය කියවන්නෙ සමහර විට නිසඳැසක් කියවනව වගේ..මේ හඬ හුවමාරු ක්‍රමවේදය හරහා මට පුලුවන් වුනා සුලුවෙන් හරි ඒ කවි කියවෙන තාලෙ අල්ලල දෙන්න..තව දෙයක් ගොඩක් අය සින්දුවක් හුවමාරු කරගන්නෙ මීඩියාෆයර් හරහා...ඒක මහ ලෝක ලෙඩක්.. වෙයිටින් ඉන්න වෙනව බාගත වෙනකල් අනික ටිකක් ඒ සයිට් එකේ ඉන්නත් වෙනව..මේ සවුන්ඩ් ක්ලවුඩ් වලින් ෂෙයාර් කරනවනම් අර යූටියුබ් වලින් වගේ එවෙලෙම ඩවුන් වෙන්නෙ නැතුවම අහන්න පුලුවනි..

දැං කෝමද සද්දෙ දාන්න යන්නෙ....
මම භාවිතා කරන්නෙ සවුන්ඩ් ක්ලවුඩ් කියන වෙබි අවකාශය තමයි වොයිස් එක ෂෙයාර් කරගන්න..නමුත් වෙන කෙනෙකුට වෙන ජාතියක වෙබ් අවකාශයක් භාවිතා කරන්න පුලුවනි...මේ ගැන සරලවම කිව්වොත් මේ ක ඇවිල්ල අර යූටියුබ් වලම වීඩියෝ පාට් එක නැතුව කෙලින්ම ඔඩියෝ පාට් එක විතරක් ගන්න වැඩක්...

අපි අවස්ථා ගණනකින් මේ ශබ්ධය හුවමාරු කිරීම සලකා බලමු..

භාවිත කරන වෙබ් අවකාශය ...
මෙහිදී සවුන්ඩ් ක්ලවුඩ්(sound cloud) වලදි කෙලින්ම අපේ ශබ්ධය පටිගත කරගන්න පුලුවන්..ඒත් එහිදි අපට ලැබෙන්නෙ විශාල ප්‍රමාණයේ ගොනුවක්..එවැනි විශාල මෙගාබයිට් ගනනක ගොනුවක් සංසරණය වීමේදි අඩු වේගයක් සහිත අන්තර්ජාල පරිහරණය කරන්නන්ට ඒ ගොනුව ඇසීමේදි ගැටලු ඇතිවෙන්න පුලුවන්.අනික අමෙරිකාවෙ යුරෝපයෙ වගේ අපිට ස්ථාවර අගයක වේගයක් සහිත අතුරුජාල සබදතාවයක් කියන එක හීනයක්...අපේ කනෙක්ෂන් එක වේගය වෙනස් කරනවනම්, මේ ශබ්ධය අප්ලෝඩින් වලදි ගැටලු ඇතිවෙන්න පුලුවනි..අනික කෙලින්ම පටිගත කිරීමේදි අපි සංස්කරණය කිරීමට ලැබෙන්නෙ අඩු අවස්ථා ප්‍රමානයක්..උදා අපි හිතමු ඒකාකාර වෙනත් ශබ්ධයකින් හෝ එකවර පැමිනෙන මිතුරෙක් කියාගෙන එන පරුෂ වචනයකින් බාධා උනා කියල..ඒ වෙලාවට අපි ඒ කොටස් සංස් කරණයකරගන්න නොයෙක් වධ වේදනා විදින්න වෙනව...ඒ වෙබ් අවකාශෙ ඇතුලෙම ශබ්ධ පරිපාලනය.(online Audio Editing) කරන්න ගියොත්.

ශබ්ධය පටිගත කිරීම..(Recording)
වින්ඩෝස් සෙවන් වල නම් ශබ්ධ පටිගත කිරීමට විශේෂ යෙදුමක් එහි මූලික ස්ථාපනය කිරීමෙදිම නොමිලේම ඇතුලත් වෙනව...උබන්ටු මින්ට්,ෆෙඩෝර,සූස්,පපී, ආදි අටෝරාසියක් ලිනක්ස් සංස්කරණ බොහොමයකත් මේ ආකාරයේ ශබ්ධ පටිගත කිරීමේ යෙදුමක් මෙහෙයුම් පද්ධතිය(Operating system) සමග එන මූලික යෙදුමක් (default Application) විදියටම එනව..ඒත් ඒකෙන් පටිගත කලත් අපිට එඩිට් කරගන්න ගියාම වෙනත් මෘදුකාංග (Software) භාවිතා කරන්න වෙනව..අනික මේ මූලිකව එන මේ යෙදුමට වඩා වැඩි තත්වයක් අපිට වෙනත් මෘදුකාංගයක් භාවිත කරල ලබාගන්න පුලුවනි..අපි දැන් ශබ්ධය පටිගත කරන්න යොදාගන්න යන්නෙ ඕඩසිටි (Audacity) කියන මෘදුකාංගය..මේ මෘදුකාංගය ලිනක්ස් වින්ඩෝස් බේදයක් නැතුව(Cross platform) බොහොමයක් මෙහෙයුම් පද්ධති වලදි හොදින් ක්‍රියාත්මක වෙනව..අනික මේ මෘදුකාංගය නොමිලේම සැපෙයෙන කුඩා මෙගාබයිට් ගණනක (Light weight application) එකක් වන නිසා තවත් පහසුවක් ලැබෙනව අපිට ස්ථාපනය කිරීමේදි..

ශබ්ධ සංස්කරණය කිරීම...(Sound editing)
ශබ්ධ සංස්කරණය කියන්නෙ නම් විශාල විදියෙ දෙයක්...ඒකට විවිධාකාරයෙ මිල අධික මෘදුකාංග වගේම මිල අඩු සහ පෙනුම අඩු නොමිලේ තියෙන මෘදුකාංග තියෙනව..විශෘල ප්‍රමාණයේ ශබ්ධ පරිපාලන මෘදුකාංගයක් හොරකොපියක් ලෙස ස්ථාපනය කරගන්නට ප්‍රථම කල්පනා කරන්න අවැසියි අපි මේ මෘදුකාංගයෙන් ගන්න වන ප්‍රයෝජන මොනවද කියල..අපිට ඕනි වොයිස් කට් එකක් හදාගන්න..රෙකෝඩ් කරගන්න..ෆයිල් ෆෝමැට් එක මාරුකරගන්න...පොඩ්ඩක් නොයිස් අඩු කරගන්න වගේ නම් ඒ දේවලට මේ කියන ඕඩසිටි මෘදුකාංගය හරහා ලොකු සාධාරනයක් කරගන්න පුලුවනි..මෙතනදි මම භාවිත කරන්නෙ ඕඩසිටි(Audacity) නිසා ඔයාලත් ඒකම භාවිත කරන්න ඕනි නෑ..ඒත් බර සහ යූසර් ඉන්ටෆේස් එක අතින් මට ලේසි වගේ මේක..තවත් සොයාබැලීම් කලොත් වටිනා මෙවැනි වෙනත් මෘදුකාංගයක් සොයාගන්න පුලුවන් වෙයි..අපිට ඕනිම සවුන්ඩ්ඉන්පුට් එකක් හරහා ලැබෙන ශබ්ධය පටිගත කරන්නත් ඒ ශබ්ධය සංස්කරණය කරන්නත් ඒ වගේම ශබ්ධය අදාල ෆයිල් ෆෝමැට් එකකින් ලබා ගන්නත් මේ මෘදුකාංගය හරහා පුලුවනි...එසේම අපි සිතමු අතරමග එඩිට්න් කටයුතු නතර කරල වෙන වැඩක් කරන්න උනා කියල ඒ වෙලාවට අපිට ෆයිල් එක සේව් කරල පස්සෙ එඩිට් කරගන්නත් පුලුවනි...මේ ඕඩසිටි වලට කුඩා තව ප්ලගින් එකක් සෙට් කරගන්න වෙනව සවුන්ඩ් එක එම්පී 3(mp 3) ක්‍රමයට සකසගන්න..ඒක සර්ච් කරල සරලවම දාගන්න පුලුවනි... 

 එක්ස්පෝට් හෙවත් තනාගත් ෆයිල් එක වෙනත් සවුන්ඩ් ෆෝමැට් එකකට අනුව සේව් කිරීම... 

සවුන්ඩ් ක්ලවුඩ්(Sound Cloud) ගැන වෙනත් දේ...
දැං ඉතින් අර පබිලිස් සිල්ව මහත්තය ටී වි එකේ කෑමක් හදන ආකාරයට, අමුමිරිස් තෙලට දාන එක ටී වි එකේ යනකොටම කපාගත් අවුමිරිස් ටික පමණට රත්වූ පොල්තෙල් වලට එක්කරන්න කියනව වගේ අපි ඕඩසිටි වලින් රෙකොඩ් කරල එඩිට් කරල එම් පී ත්‍රි හෝ වෙනත් ෆයිල් එකකට අරන් සේව් කරගත් ඕඩියෝ ක්ලිප් එක සවුන්ඩ් ක්ලවුඩ් වලට දාන හැටි..සවුන්ඩ් ක්ලවුඩ් එකවුන්ට් එකක් හදාගන්න හැටි හෙම කියන්න ඕනි කියල මම හිතන්නෙ නෑ..දැං පින්තූරයක් අපි අප්ලෝඩ් කරගන්නෙ කෝමද අන්න හෙම තමයි මෙතනදි ඕඩියෝ එකදාන්න වෙන්නෙ..පස්සෙ ඒ තමන් දාපු ඕඩියෝ එකේ ලින්ක් එක අරන් ඕනි දේවාලෙක ඕන තැනක ඇතුලත් කරගන්න පුලුවනි..ෂෙයාර් කියල බට්න් එක ලගින් ලින්ක් එක හෝ කෝඩ් කැබැල්ල කෙලින්ම බ්ලොග් එකට දැම්මම යස අගේට ප්ලේයර් කෑල්ලක් වගේ සවුන්ඩ් එක පෙන්නුම් කරනව..
.මේ හරහා එකම හඩපටය වෙනස් වෙනස් වෙබ් අඩවි සහ අවකාශ කීපයකටම භාවිත කරන්න පුලුවනි..ඒ වගේම තමන්ට උනත් තැන් තැන් වලට මාරු වෙද්දි එතැන අන්තර්ජාල පහසුව තිබෙනවනම් මේ හඩපට අහන්න පුලුවනි...මනුපොත,ටුවිටර,ගූගල් බස,ගූගල් ප්ලස්,වර්ඩ්ප්‍රෙස්,බ්ලොගර් වගේ අන්තර්ජාල සමාජිය යෙදුම් ගණනාවකට මේ සවුන්ඩ් ක්ලවුඩ් සහාය දක්වනව..මෙගාබයිට් 200ක වැනි අගයක් හුවමාරු කරගන්නට එක විද්‍යුත් තැපැල් ලිපිනයක් මගින් සම්බන්ධ වෙන අයට පුලුවනි..මෙතැන මේ දේම කරන වෙනත් වෙබ් අවකාශ ඇති..ඒත් මම කරල තියෙන්නෙ මේක නිසා මම මේ ගැන කිව්වෙ..මේ වගේ මම දාපු සවුන්ඩ් ක්ලිප් ටිකක් පහල ඇති උදාහරන වලට.. 1422 giniyamu SeethalaWAP.Gprs.LT by indika27

වැරැද්දක් ඇත්නම් පෙන්නල යන්න කාරුණික වෙයි කියල මම හිතනව..මම දක්ෂයෙක් නම් නෙමෙයි මේ ගැන.. දක්ෂයෙක් උනත් වරදින්න බැ කියල එකක් නෑ නෙව..

Saturday, August 20, 2011

රස්නය අඩු ඉස්සර ජීවන කලාව


සීගිරිය
සිංහ ගල වතුර මල්,චිත්‍ර හැරුන විට සීගිරිය තුල ඇති විශිෂ්ඨතම දේ නම් උසස් ගෘහ නිර්මාණ ශිල්පයයි.එනම් මාලිග හා උයන් වතු නිර්මාණය කිරීමේ අද්වීතිය කුශලතාවයයි..සීගිරි  ගල මත මෙන්ම එහි පිහිටි භූමියද මනාව සැලසුම් කල නගරයකින් සහ විශිෂ්ඨ ගෘහ නිර්මාණ කලාවකින් යුක්ත විය..සීගිරියේ පැවති බොහෝ ගොඩනැගිලි නිසි වාත හුවමාරුවක් සහ උනුසුම පාලනයක් ඇතිවන පරිදි තනා ඇත..එහි එක් ගිම්හාන මාලිගයක එය සිසිල්ව තබා ගැනීමට ජල ගලායෑමේ ක්‍රමයක් තිබි ඇත..ඉහල මලුවේ සිංහාසනයක් අසබඩ නිර්මාණය කරන ලද දිය ඇල්ලකි...එය තුලින් හමා එන සිහිල් සුලංවලින් රජ සුවෙසේ සිටින්නට ඇත..සීගිරි ගල මතට පොලොවේ සිට වතුර ගෙන ආවයි ප්‍රකට මතයකි..එහෙත් ඒ ස්ථිර ලෙසටම සනාථ කිරීමට මෙතෙක් සාධක හමු වී නැත..බොහෝ පුරා විද්‍යාඥයින්ගේ මතය වන්නේ අක්කර ගණනක් තුල පොකුණු විශාල ගණණක් සහිත ගල උඩ පිහිටි පොකුණු වල ජලය වියලි කාලයට සෑහෙන්නට ඇත කියාය..එම පොකුණුවල ජලය විවිධ ක්‍රම මගින් විවිධ ස්ථානවලට බෙදාහැර ඇත..සීගිරි පහල මලුවේ ජල මල් කිහිපයක් අදටත් වැසි දිනවල ක්‍රියාත්මකය..උඩ මලුවේ සහ පහල මලුවේ තිබු ජල මල් එදවස නිසියුරින් වැසි අඩු කාලවලදී පවා ක්‍රියාත්මක වන්නට ඇති අතර එමගින් එම පෙදෙසේ ඇති ශුෂ්ක භාවය පහව යන්නට ඇත..

බිත්ති බැඳීමේ ක්‍රමවේදය
එකල බිත්ති සඳහා භාවිතා කලේ දැව,මැටි,කුඩුගල්,ගල් යනාදි දේවල්ය..රොබට් නොක්ස් ඇතුලු විදේශ ජාතිකයින් නුවර යුගය ගැන පවසන විට එකල ගැමි ගෙවල් තිබි ඇත්තේ වරිච්චි බිත්ති වලිනි..පොලොන්නරු අනුරාධපුර යුගයේ මෙන්ම දැනට අචුරුදු දෙතුන් සීයක් පැරණි ගොඩනැගිලි බිත්තියක් ගත්තත් සාමාන්‍යයෙන් බිත්තියක ඝනකම අඩියකට එකහමාරකට වැඩි මිස අඩු නොවේ..කුඩු ගල නොහොත් සාමාන්‍ය රතු පාෂාණ වලින් තැනු බිත්තියක් අඩි දෙකක් පමණ වූ බව කොළඹ ප්‍රදේශයේම පන්සලක් ප්‍රතිසංස්කරණය කිරීමට ගිය මට බලාගත හැකිවිය..මේ බිත්ති තාපය අවශෝෂනය කිරිමේ හැකියාව වර්ථමාන සිමෙන්ති සහ කොන්ක්‍රිට් බිත්ති වලට වඩා බෝ සෙයින් වැඩිය...මැටි බිත්ති ඇතුල සිටින විට පිට කෙතරම් උනුසුම් උවත් එයින් බොහෝ ප්‍රමානයක් අවශෝෂනය කිරීමෙන් අවසානයේය ඇතුලට තාපය එන්නේ..ගඩොල් බැඳීමටද මේ දැන් අපි භාවිතා කරන සිමෙන්ති මෙන්ම සිමෙන්තියක් එකලද භාවිත වන්නට ඇතැයි පොලොන්නරු යුගයේ තවමත් ඉතිරි වී ඇති ගොඩනැගිලි නටඹුන් අධ්‍යයනය කිරීමෙන් පෙනෙයි.

සෙවිලි කිරීම...
රදල හා පූජනීය ස්ථාන සඳහා උලු සහ දැවද..සාමාන්‍ය නිවාස සඳහා පොල් අතු සහ මානා වැනි දේද එකල සෙවිලි කරන ලදී..රුහුණු විශ්ව විද්‍යාලයය නිර්මාණය කල ජෙෆ්රි බාවා මහතා එහි සෑම දෙයක්ම සෙවිලි කිරීම සඳහා යොදාගෙන ඇත්තේ සිංහල උලු වෙයි..ඒවාද ඝනකම් තට්ටුවක් වනසේ උලු කැට 4-5ක් පමණ එක මත එක සිටින සේ තබා ඇත.සාමාන්‍යයෙන් වෙරළබඩ කලාපයක පිහිටා ඇති රුහුණු විශ්ව විද්‍යාලයයේ කිනම් ස්ථානයක් වුව කෘතිම වායුසමන පද්ධති රහිතවම මනා සිසිලකින් යුක්ත වීමට එතුමන්ගේ වහල නිර්මාණය දායක වී ඇත..එකල පන්සල් සහ රදල නිවාස සඳහා භාවිතා කරල ලද උලු විශේෂද එසේමය..ළඟින් පිහිටුවන ලද රීප්ප සහ පරාල මත එකිනෙක එකමත එක තට්ටු කිපයක් සිටින පරිදි උලු අතුරා තිබීම සාමාන්‍ය ක්‍රමය විය..නුවර ප්‍රදේශයේ ඇති ගොඩනැගිලි වල භාවිත වන්නේ හතරැස් උලු විශේෂයකි..
සාමාන්‍ය ජනයාට අයිති කටුමැටි ගෙවල් හෙවිලි කරන ලද්දේ ඉලුක් මානා වැනි තණ වර්ගවලින් හෝ වෙරලබඩ කලාපේ නම් පොල් අතු වලිනි..පොල් අතු යොදාගත්තද පොල් අතු 2කට වැඩි ප්‍රමාණයක ගණකමක් සාමාන්‍යනේ වහලක පවත්වා ගනී..මානාද සෙවිලි කරන විට විශාල ඝනකම් කුට්ටි ලෙසයොදා ගනී.පිදුරු සෙවිලි කිරීම එකල ජනප්‍රිය වන්නට ඇත්තේ එකල පිහිටි ගොයම් ගස් විශාල උසකින් යුක්ත වීම විය හැක.. දැන් මෙන් කොටට කොටේ ගොයම් දැකීමක් එකල නොවූ බව පැරැන්නෝ කියති..එසේම එකල තිබුන සමහර ගොයම් වල අස්වැන්න දැනට වඩා අඩුබවත් ගොයම් ගස් පීදීමට මාස 6කටත් වඩා කල් ගත වන බවත්..එසේ වුවත් ඒ ලබාගන්නා වී වලින් තැනෙන බත ඉදෙනවිටද මනා සුවඳකින් යුතු බවත් පැරණි අය කියයි..එහෙත් අද ඒ වී භාවිතය කාලය සමඟ ඈතට ගොස් ඇත..
කෙසේ වතුදු එකල කුමණ ක්‍රමය භාවිත කලද දැනට මෙන් මිලිමීටර ගණනක ඝනකම සහිත වහලවල් නොවීය..එකල තිබූ බොහොමයක් උලු වහලවල් පවා සෙන්ටිමීර 15ක් පමණ ඝනකමට තිබී ඇත..ඒ මගින් ඉහල වහලට ලැබෙන තාපය ඇතුලට සංක්‍රාමණය වීම අඩු නිසා ඇතුලේ අයට දිවා කල පවා සුවසේ ඉන්නට පුලුවන..මැටි උලු තට්ටු කීපයක්ද දැව විශාල ප්‍රමාණයක්ද සමන්විත වහල දැරාගැනීමේ ශක්තිය බිත්තිවලට තිබෙන්නට ඇත..

වා කවුලු...
රත්වූ වාතය සැහැල්ලුය. එබැවින් උනුසුම් වාතය ඉහලත් සිසිල් වාතය පහලත් වන පරිදි නිවෙසක අභ්‍යන්තර වායු තත්වය පවතී..ඉහලින් වා කවුලු තැබීමෙන් රත් වූ වාතය ඉවත් වීමත් ඒ සමඟ නැවුම් වාතය නිවසට පහල පිහිටි කවුලු මගින් හෝ ජනෙල් දොරවල් තුලින් පැමිණීම නිවසේ වායු සංසරණයට මනා පිටිවහලකි..මීට අවරුදු 60-70කට ඉහල නිමකල සාමාන්‍ය නිවාසවල ඉහල මුදුන් බිත්තියේ මහ සිදුරක් විය..අපි එකල සිතාගන සිටියේ එය අලංකාරය පිණිස වූ එකක් බවය..එහෙත් කල් යනවිට එය ඇත්තේ නිවසේ ඉහල වහල සමීපයේ ඇති වායුව පිටතට යොමුකිරීමට බැව් අවබෝධ වූයේය..විශාල ඉස්තෝප්පුව,,ඉඩකඩ සහිත ආලින්දය..මැද මිදුල් කොරිඩෝර,,.කුඩා කාමර..අඩු කාමර ගනනක් සහිත වීම ආදි ලක්ෂන වලින් සපිරි පැරණි නිවාස වල ඉහලින් කවුලු තැබීමේ මෙන්ම පහලින්ද ජනේල සහ කුඩා වා කවුලු තැබීමේ ක්‍රමවේදයක් විය..එතුලින් පහලින් එන වායුව ඉහලට ගොස් සිසිලන පද්ධතියක් ලෙස ක්‍රියාත්මක විය...

දොර ජනේල නිර්මාණය කිරීම..
එකල ඉහල පැලැන්තියේ නිවෙස් වල ජනේල නිර්මාණය කරනවිට විශේෂ වහලයක් ජනේල සඳහාද විය අඩුතරමේ කුඩා ප්‍රමාණයේ තට්ටුවක්වත් ජනේලයට ඉහලින් විය..ඒ තුලින් දිවා කල හිරු රැස් ගේ තුලට නොඇවිත් සිසිල් සුළං පමණකි ගේ තුලට එන්නේ..දොර ජනෙල් විශෘල දැව කඳන්වලින් නිර්මිත ඒ වා විය..ලෝහ හා වීදුරු භාවිතය තිබුනේ අඩු වශෙයෙනි..එහෙත් අදට වඩා එකල නිවෙස් තුල අභ්‍යන්තර ආලෝකය මඳ විය..එනිසා ආලෝකය පතනය කරගැනීමටත් විවිධාකාරයේ ක්‍රම එකල භාවිත කරන ලදී..

ජීවිතය හා නිවාස සැලසුම...
එකල මිතුරකු අසල්වැසියෙකු හෝ නෑයෙකු පැමිනිවිට අදමෙන් නිවෙස තුලට පැමිණිමක් නොවීය..එලිපිට ඇති පිල හෝ ඉස්තෝප්පුව ඔවුන්ට සෙවන විය..පොත පතක් වෙතොත් එය ඉස්තෝප්පුවේම විය..පැමිණි අයත් නිවෙසේ අයත් ඉස්තෝප්පුව හෝ පිල මත සිට කතා බහ කිරීම කරති..සමහරවිට නිවසේ වැඩිහිටියන් ලමුන් නිවෙස තුලට යන්නේ නිදාගැනීමට බත් කෑමට ආදි දේට පමනී..ළමුන් නම් එකල අද මෙන් නිවෙස තුල සෙවීමට නොහැකි විය..ළමුන් එක්කෝ පිළ මත සිට කුඩා පංච දැමීම් ආදි ක්‍රිඩා කෙරෙති නැතිනම් මිදුලේ සිට කොටුපැනිම්..වලකජ්ජු ගැසීම ආදි දේකරති..අඩුවශයෙන් පොල්පිත්තකින් ගොනෙක් සෑදීම..ගොක්කොල වලින් වැඩ කෑලි දැමීම..මැටි ගෙනවුත් මැටි නාගෙන සෙල්ලම් කිරීම..මිදුලේ ළමුන්ට තිබු භාරදූර වැඩකටයුතුය..ගොයිතැන් වැඩක් ඇති කාලෙට පාසැල තිබුනත් ලමුන් එන්නේ ටික දෙනාය..කුඩා එකාගේ සිට නාඹර වයෙසේ එකා දක්වා සියලු දෙනා ගොවිබිමේ වැඩය..ක්‍රමාණුකූලව ජලය ලැබෙන වර්ථමාන ගොවිබිම් මෙන් නොවු හේන් සහ වැසිදිය කුඹුරු බහුලව තිබු එකල වැස්සෙන් තෙත්වෙන පොලව යලි වියලීමට පෙර කුඩා එකා පවා වැඩකර ගොයිතැන් කල යුතුය..අස්වැනු නෙලීමත් එසේමය..එලවලු ගොවියෙක් නම් හෙට පොලට ගෙනයෑමට එලවලු අද සවසම කඩා එකතු කර සකසා තිබිය යුතුය..
මේ විස්තර වලින් මා පෙන්වූයේ එකල නිවෙස් හෝ ගෙවල් භාවිත කලේ හුදෙක් රෑට නිදාගැනීමට අවැසි තැනකුත් වැස්සට නොතමී සිටීමට තැනකුත් වශයෙන් පමණි..එලිමහනට තුන් පැත්තකින් විවෘත වූ පිල හෝ ඉස්තෝප්පුව බිත්ත වල අවහිරයකින් තොරව ස්වාභාවික ලොවට නිතැතින්ම විවෘත වූවකි..

සෙවන සාදාගැනීම..
නිවෙසක් වටේ ගස්කොලන් පැවතීම එකල සාමාන්‍ය විය..අඹගස් දෙක තුනක් සියඹලා ගසක් දෙකක්..කොස් ගසක් බොහෝවිට වියලි කලාපික නිවෙස් අසබඩ විය..විශාල ගස් ඇති මිදුල උදෑසන අතුගෑමට අපහසු වුවත් සෙල්ලම් කිරීමට නම් අගනා භුමියකි..කුඹුරු වැඩ නැති කාලෙට සෙල්ලම් කිරීමට අප කුඹුරු ඉඩම් භාවිතා කරත් ඒ හවසට හෝ සැන්දෑ වෙලාවටය..අනෙක් වෙලාවට තරමක විශෘල වත්තක් ඒ සඳහා යොදාගනී..දැන් නම් නිවෙසක් තැනීමට ප්‍රථම වත්ත සම්පූරණයෙන් සුද්ද කර රැවුල බෑ මුඩු මූනක් ලෙස සකස් කර ගනී..නමුත් එකල ගේ වටේම විශාල ගස් තිබීමත් පාන්දර නැගිට ඒවායෙන් වැටෙන කොල අතුගෑමත් අපගේ නිවෙස්වල ඇත්තන්ගේ රාජකාරියක් විය..
දැනටත් නිවෙස් තැනුවාට ඇතුලේ ඉන්ට බැරි තරම් රස්නයක් ඇති වීමට නිවෙස් වාතාශ්‍රය නොසලකා සැලසුම් කිරීම මෙන්ම දැඩි හිරැ රැසින් නිවෙස රැකගැනීමට ගස් කොලන් නොමැති වීමද බලපා ඇත...

ජල භාවිතය..
නූතනයේ ජලය අපට බාවිත කරන්ට වී ඇත්තේ කටුක ලෙස රත්වූ ජලය ලෙසිනි..දිවා කල රස්නය යන්නට වතුර ඩිංගක් නා ගන්නට කියා අප නානකාමරයට ගියවිට කරාමයේ එන සාමාන්‍ය ජලය සාමාන්‍ය උෂ්ණත්වයටත් වැඩි අගයක් ගනී..මානසික ප්‍රශ්ණයක් නිසාද නැතිනම් වෙනත් ඇත්තම ගැටලුවක් නිසාද නොදන්නා මුත් දැන් අපි නාන නල ජලයේ එදා තිබූ හෝ අද ඈත සිංහරාජයේ දොලපාරක තිබෙන නැවුම් ගතියක් නැත..නෑවත් නිකම් බාගෙට නෑවා වැනි ගතියකි එන්නේ...එකල සමහර ගම්වල නාන්න යනවා යනු පැය දෙක තුනක ගමනකි..ගෑනු රෙදි පොට්ටනි ගහගෙන ඇල දොලවල් හෝ ජලාශ සොයා යති..පැන්න ගමන් වැවෙන් නෑමේ පහසුකම තිබුනේ සීමිත පිරිසකට පමණි..අනෙක් අය දුර ගෙවා නෑමට ලිං,වැව් දොල පාරවල් සොයා ගත යුතුය..වැව් ජලය උඩ ස්ථර උනුසුම්ය නමුත් පහල ගැඹුරු තලවල ජලය සිසිල්ය..අද ඇති කාර්මික අපජලය සහ අහිතකර කෘෂී රසායන තත්ව නිසා දොල පාරවල් වල පවා නෑමට මිනිසුන් යොමුවෙනවා අඩුය..දැන් දැන් වැව්වල කිඳී නෑම ඇස්වලට කන්වලට සුදුසු නොවන බවටත් ඒවායේ පවතින් අහිකර රසායන මට්ටම් නිසා නෑමටවත් එම ජලය නොරිසි බවටත් දොස්තර වරු පවසති.

මැටි බිත්ති සිමෙන්ති වීම,,පොල්අතු තහඩු වීම,,වතුර ගෙදරට ඒම,,අපි පිලේ සිට නිවෙස තුලට යෑම කෙනෙක් නවීන සංවර්ධනය ලෙස සලකයි ..එහෙත් අපි ඒ සිසිල් වාතය, ජලය, අවකාශය දන් දී ලබා ගත්තේ කුමක්ද යන්න අද අපි බොහෝදෙනා මුවින් නොබනින එහෙත් ඉඳහිටවත් මතක් වෙන ප්‍රශ්ණයකි.

Tuesday, August 16, 2011

තවත් පෝස්ට් එකක් නොවේ...

සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා.

දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින
ස්ථානය - මහරගම පිළිකා රෝහල

මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි.

CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103.
දු.ක. 0112 850252 - Ext 455

බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු...

“ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“

අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන් කීවා. අපිට දෙන්න පුළුවන් දවසට කලින් දවසෙ ගිහින් ෆෝම් එකක් තියේ ඒක ෆිල් කරලා බෙහෙත් ලිස්ට් එක අරන් ඒක ගෙනත් දෙන්නයි කීවෙ පුළුවන්නම්.. එයාල සල්ලි භාරගන්නෙ නෑ කීවා.. බෙහෙත් නම් භාරගන්නවා කීවා.

ඉතින් යාළුවනේ කලින් අපි හැමෝම සෑහෙන උත්සහයක් ගත්තා ඔහුව සනීප කරගන්නට... ඒත් නොහැකි වූ බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්... ඔහුගේ නමින් කලත් කිසිම නමක් නැතිව කලත් අපට ලැබෙන පින එහෙමමයි... ඒ පිනෙන් කොටසක් ඔහුටත් අප නමින් මියගිය හැමෝටමත් පිළිගන්වමු... පුළුවන් ආධාරයක් කරන්න...

http://nachepu.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “නචියා“ නමින් ගූගල් බස් පදින RAKJ Ranasinghe හා http://heenayak.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “සිහින“ නමින් ගූගල් බස් පදින BLTM Balasooriya යන දෙදෙනාගේ නමින් කටුනායක කොමර්ෂල් බැංකු ශාඛාවේ දැනට මේ සදහා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බව දන්වා සිටිමු.

RAKJ Ranasinghe
BLTM Balasooriya

Commercial Bank - Katunayake
ගිණුම් අංකය - 8250070554

මුදල් දාපු අය කරුණාකරලා අපිව දැනුවත් කරන්න
thanojar@gmail.com
nachipu@gmail.com
sithuvilinihadayi@gmail.com
heenayak@gmail.com


Facebook Group - CyberFriends for Dilum (ඉලංදාරියා)
http://www.facebook.com/groups/Help.Dilum/


මේ සංවිධායක මන්ඩලය මේ බ්ලොග් හිමිකරු දන්නා හඳුනන අය වෙයි..බොහෝ දෙනෙකුගේ නොමද අනුශාසකත්වය හා අධීක්ෂණය  යටතේ කෙරෙන මේ සද්කාර්යය කෙරෙහි විශ්වාසය තබන මෙන් ඉල්ලා සිටිමි...

Monday, August 15, 2011

ගොදුරක්.....

හිත හදාගන්න පුළුවන්නම්...............
හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ මා අසරණ කෙරුවා

මගෙන් අරගෙන ආදරේ අහුරක් දුන්නෙ මා හට ආදරේ බිඳුවක්
ඒක නිසයි කඳුළුම විතරක් ආදරය නිහඬම සෙවණක්

දුරින් ඉදගෙන අදරේ කෙරුවත් ඔයා දන්නෙ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක් ආදරය නිහඬම ගොදුරක්..................


දැන් නිදිත් මතයි...ගොඩක් මම තියන්නම්....
ඔයා ගෙදර එනවද?/
ඔයා එනකොට මම ගිහින්...
තැන් කූ චතූ ප්‍රස්න්ටේෂන් එකට...
ඔයාට ගොඩක් හොඳට ඉගෙනගන්න ලැබෙන්න ඕනි...
දැක්කෙත් නැති නීසා දකින්න ආසයි..
හ් ම් එහෙනම් මම තියන්නම්...

ඇයි මේක ඉවරවෙන්නෙ නැත්තෙ...
දවසක් දෙකක් නෙමේ...
වසර 2-3ක් .....
බලමු ලබන ආත්මෙවත්..
එක්කො එපා ...
ලබන ආත්මෙ කියල ඒත් ඔයා එහෙමමයි..
මම මෙහෙමමමයි...
ආයෙ කවදාවත් එපා....අපි හමුවෙන්න ඉඩදෙන්න..
අඩුතරමෙ වොයිස් එකෙන්වත්..

කතා ලියනවට වඩා කොයිතරන් අමාරුද ඇත්ත ලියන එක....
ඉර ටිකයි හඳ පොඩ්ඩයි..තව මූද අහස තරු එහෙම ගත්තොත් කවි ලියත හැකි..
සින්දුත් ලියත හැකි..
එත් ඔයා ගැන ලියන්න මට බෑ..
ඇයි ඒ..ඒකට උත්තර නෑ..කවදාවත්..

ලෝකෙම දින්නත් සමහර පරාජයන් සදාකාලිකයි..
අකාලිකයි..
දුර දිග හිතන්න තිබුන පේන දෙයක්නම්..
නොපෙනෙන දෙයකට දිගක් දුරක් නෑ..

කවුරුහරි මේ කතාවෙ කලින් කියපු කොටසක් කියවල..
කියල තිබුන මම පරාජිත මනස පැත්තකින් තියන්න බැරි ව
ලතවෙනව කියල..
ඔව් යකෝ මම එහෙමයි...
ඒ මගේ හැටි..
වටේ ගිනි තියාගෙන කටේ බුලත් විඩ තියන්
ඉන්නව වගේ ලේසිද ඩෝ '''
පෙනි පෙනි නැතිවෙන එක...

Saturday, August 13, 2011

The Return of Greece devil

අපි කන්තෝරු ආවහම විවිධාකාරයේ බයිට් අපට හමු වෙනව ..අලුත් බයිට් එක තමා ග්‍රීස් ඩෙවිල් කියන එක.කන බොනකොට යන එනකොට කයියක් තලාගන්න මේ බයිට් මාර පොරෝජන් වෙනව අපිට.අපේ මිස් කෙනෙක් ඉන්නව එයා රෑ වෙනකල් බබත් එක්ක බලං හිටියලු ඉංග්‍රීසි ප්‍රවෘත්ති යනකල් මොකද ග්‍රීස් යකාට කියන ඉංග්‍රිසි නම දැනගන්න..මේක ග්‍රීක් කියල කියෙව්වනම් අර ග්‍රීසියෙ පරණකාලෙ තියෙන දෙවිවරුන්ගෙ නම් සැටිවෙයි..ඒත් මේ ග්‍රීස් නේ..මේ කියම්න ග්‍රීස් ඩෙවිල් කියන නම තමා ඉංගිරිසියෙන් ග්‍රීස් යක්කු ලෙස ප්‍රවෘත්තිවල  හඳුන්වල තියෙන නම..
මම අපේ ගම දිහැ ගියාම මීට මාස 3-4කට කලින් ටැප් අැරල යන ගෙවල් වල රෑට එබිල යන බූතයෙක් ඉඳල තිබුන.එයාට කස්ටිය එක එක නම් කිව්ව..දැන් තව කෙනෙක් දවසක් ගෙදර කවුරුත් නැති දවසක අපේ නැන්දලැයි ගෙදර කඩුල්ල පනිනව අල්ලපු ගෙදර කොල්ල දැකල තියනව කලු එකෙක්..හරියටම නිච්චි නෑලු ඒත් මිනිහෙක් කියල ෂුවර්..ඒ ගෙදර අයියගේ යාලුවෙක් වෙන් ඇති කියල අර කොල්ල හිතල තියෙන්නෙ..දැන් ඔය ග්‍රීස් යකා වගේ එකෙක් නැන්දලගෙ ගෙදරවගේම අවට ගෙවල් කීපයකම සැරිසරල තියෙනවලු..ටැප් ඇරීම,වලංගෙඩි බිඳීම,මිදුල අතුගෑම,සද්දෙන් දිවීම,ගෑනු කාමරවලට එබීම ආදි දේවල් තමා මේ ග්‍රීස් යකාගෙ කර්තව්‍යය වෙන්නෙ..කලිං පාරක නම් එහෙම එකෙක් ඇවිත් කෙල්ලෙක් බදාගෙන තිබුන ඒත් මේ අලුත් එකා එහෙම නෑ..
දැං ඕකට පොලිස් මහත්තයෙක් දවසක් ඔන්න ටීවි එකේ කතාව..මෙහෙම යකෙක් නෑ මේ ඉන්නෙ විවිධ මානසික මට්ටම්වල මිනිස්සු..හිකිස් ගාන්න තිබුන ප්‍රවෘත්ති පේස්බුක් එකේවත් ගියානම්..ඕන පොඩි එකෙක් දන්නව ඇත්තටම මේ එන්නෙ යක්කු නෙමෙ නියම මිනිස්සු කියල එහෙව් එකේ මේ  පොලිස් ලොක්ක අර තරුටික පෙන්නගෙන ලැජ්ජ නැතුව කියනව අනේ මේ මේ යක්කු නෑ ඒ ඉන්නෙ මිනිස්සු කියල..


මම පහුගිය දොහේ මේ ආමර් වීදිය පැත්තෙ බත්කඩේකට ගියා කන්න..එතනත් ග්‍රීස් යක්කු කතාව..එකෙක් කිව්ව මේ එන්නෙ හමුදාවෙ අයලු..හමුදාවට විශේෂ පුහුනුවක් දීලලු තියෙන්න..මේ විදියට ගෙවල් වලට ගිහිං කට්ටිය බයකරල ආයෙම එන කට්ටියලු පාස් වෙන්නෙ..එහෙම වැරදිලාවත් පොලෝසියට අහු වෙන උන්ට ලකුනු නෑලු..අනේ මන්ද ඇත්තද කියන්න කොලොන්නාව පැත්තෙ එහෙම එකෙක් පොල් ගහකට නැගල ඉඳල පස්සෙ මිනිස්සු එන්න ගත්තම මේ පොර පොල්  ගහෙන් පැනල සැනෙන් නැතිවෙලා ගියාලු..ඒක හමදාවෙ පුහුනුවක් බව තමයි කස්ටියගෙ අදහස උනේ..පොලිසියට කිව්වත් වැඩක් නෑ කියලයි ඒ අයගෙ මතය උනේ..
සමහර විට කෙනෙක් කියන්න පුලුවන් මේ වගේ කතා පතුරන එක වැරදියි කියල..ඒත් ඉතින් මේ වරකට දෙතුන් සීයකට වඩා නොකියවන බ්ලොග් එකෙකින් කොරනවට වඩා සමාජෙ අද ග්‍රීස් යකුන්ට බය වෙලා...


සමහර පැතිවල මිනිස්සු දැන් නිදාගන්නෙ කැත්ත පොල්ල ලඟ තියන් තමා නිදා ගන්නෙ..
අනික් විස්තර ටික අනෙක් බ්ලොග් වල ඇති විස්තර විදියට..
.තව දෙයක් සමහර අයගෙ මානසික මට්ටම් අසාමාන්‍යයි..තව කෙනෙක් කරන දේවල් හොරෙන් බලන්න යොමුවන අය ඒක විනෝදාංශයක් කරගත් අයත් ඉන්නව..මේ පාරනම් ඒ අයටත් අටවිසි බුදු සරණයි..

Thursday, August 11, 2011

Memory of Thanu (තනුගේ මතකය)

එදාට  තනූ මගෙ කාමරේට ඇවිත් දවස් 10ක් වුනා.තනූ ලස්සනයි සුදුයි ...මම හීනෙන්වත් හිතුවෙ නෑ තනූ වාගෙ කෙනෙක් මගෙ කාමරේ නවතින්න එයි කියල..මම එදා හිටියෙ බියර් ටිකක් බීල..යාලුවෙකුගේ ගෙදර පාටියකට ගිහින් ඇවිත්..මම තනූව ඇනෙක්ස් එකේ අනික් කාමරේට දමලතිබුනෙ..තනූ දවසක්වත් ඒ කාමරේ හිටියෙ නෑ..එයාට බයයි කිව්ව..මම එක්කරන් ඇවිත් මගේ ඇඳේ නිදාගන්න කියල මම බිමට ආව..අනේ මේ පිස්සු කරන් නැතිව අර කාමරේ තියෙන ඇඳ අරන් එන්න කියල තනූ කිව්ව..පස්සෙ අපිදෙන්නම ගිහිං ඇඳ උස්සං ආව..ඇවිත් දෙන්න මූ න බල බල ඉඳල පස්සෙ අහක බලාගෙන නිදාගත්ත...
එදා බියර් මත නිසාද කොහෙද මගේ කට ටිකක් පන ඇවිත් තිබුනෙ තනූ ඔයා ට මම කතාවක් කියන්නද??
හා...තනූ කිව්ව...
ඔන්න දවසක් ගුරු විද්‍යාලයක් තිබුන..ඒකට ගුරුවරියක් ගියා.  ඈත පලාතක නිසා ගුරුවරිය අමාරුවෙන් නවාතැනට හොයාගත්තෙ. අර ස්කෝලෙ මහත්තයයි ගෙදර ස්කෝලෙ මහත්තයයි ඒ දෙන්න තනියෙං හිටියෙ .
හයියෝ කපිල ඕක පරණ එකක්නේ..
අවසානෙ කොට්ටෙ පැනගන්න බැරි මනුස්සය සීගිරි ගලෙන් පනීද කියල කිව්ව ගුරුවරී..
එහෙම නේ...ඒ තනුජාය..
හුම්..ඒක එහෙම තමා..තනූ ඔයත් මං ගැන එහෙම හිතයි නේ..
තනූගේ මූන බලා සිටියදී වෙනස් විය..කපිල සිතුවේ එය නොකියන්ට තිබූ කතාවක් බවයි...
නෑ..මටත් යන්න,ඉන්න යාලුවොනම් ගොඩයි..ඔයා පිරිමි කෙනෙක් වෙලත් මම ඔයා හොයන් ආවෙ මොකද කියල ඔයා හිතන්න ඇති..ඒත් මම තිව්ව පොඩි විශ්වාසෙටත් වඩා ඔයා හොඳ කෙනෙක්..මම මෙහෙ නවතින්න ආවෙ නෑ..මුල් දවසෙ..ආවෙ නිකම් ඔයා එක්ක කතා කරල යන්න..ඒත් ඔයා මට ඉන්න කියපු තාලෙට මට හිතුන ඔයා හීනෙන්වත් වරදක් කරන කෙනෙක් නෙමෙ කියල.එකවගේ අය ගොඩයි කපිල අයියෙ..ඒත් හොඳ පැත්තට වෙනස් වෙන ඔයා වගේ අය අඩුයි..
මට උදව් කලා කියල කපිල අයියට ලැබෙන දෙයක් නෑ..ඒත් මම ආසයි ඔයත් එක්ක මේ රටේ ඉන්න ටික දවස හරි හිනාවෙලා ඉන්න...
අපෝ මම විහිලුවක් කලේ ඔයා සීරියස් ගන් එපා..මම බියර් බීලනෙ ඉන්නෙ..ඔයා දන් නැද්ද??සොරි මම බොන්නෙ නෑ..ඒ ත් යාලුවො හිතනව මම නොබී හිටියම මම පොර වෙන්න යනව කියල...
අද සිහි කරන විට  ඒ දවස් කෙතරම් සුන්දර දැයි මට සිතේ..මෙය නිකම්ම කිසි හැලහොල්මනක් නැතුව සිටි මා සිත හොල්මන් කිරීමට තරම් වූ ප්‍රායෝගික හින්දි ෆිල්ම් එකක් විය..
"රූ කාන්ත කියන ජීවිතේ සුන්දරද මෙතරම්" යන්නට ඒ කාලය තරම් තවත් උදාහරණ නැත..ඇය  එෆ් එම් ගුවන්විදුලියක ටෙලියක් ඩබින් කිරීමට මා සමඟම පැමිණි තනූජාවිය..ඇගේ ආසාව නිසාම මෙසේ ඇය පැමිණීයත් එවැන් රැකියාවක නිරත වීමට තරම්  ඇය දුප්පත් යුවතියක් නොවීය..ඩබින් ස්ටුඩියෝ එකට එහි හිමිකරුවන් හැර සැප කාර් එකකින් තනියම ආ එකම කෙනා තනු විය..
අප දෙදෙනා ප්‍රේම ජවනිකා සඳහාද ඩබින් කිරීම් කලෙමු..එවිට අප දෙදෙනා සැබැ පෙම්වතුන් ලෙසම ඒ කොටස් කල බැව් අධ්‍යක්ෂ මහත්වරුන් මෙන්ම ප්‍රේක්ෂකයින්ද කියන ලදී.කැන්ටිම අවට ගස් ගල් අපිට අපේ කතාවට සෙවන දුන් කලක්ද විය..එහෙත් සොබාවෙන්ම නිකම් බාස් කෙනෙක් වූමට ඈ කැමැති යයි සිතීමට මා අකමැති විය..මුදල් තිබුනත් තනූ මුහුන දුන් ප්‍රශ්ණ මුදල් අතමිට යහමින් නැති අපට වඩා ප්‍රබල යැයි මට සිතිනි..දෙමාපියන් නෑයින් යාලුවන් සහ සමාජයෙන් විශේෂීත වූ ඇගේ සමාජය පැය විසිහතරම රඟපාන නාටකයක් මෙන් විය..
සල්ලි ලස්සන තිබූ ඇයට පැනි හලන්නො  එමට විය..එහෙත් මා එවැනි මාලිග තැනීමට කිසිදු මහන්සියක් නොගත්තේ දුර ඈත ගමක අමාරුවෙන් ස්වාධිනව දිවි ගෙවන මවුපියන් හෝ නංගී ගැන සිතා නොවේ..
මට ඇය සිහිනයක් දේව දූතියක් මෙන් වූ නිසාය..කාලය අපෙ දදෙනාද වෙන් කරන්ට විය..කලක් ගතිවිය..ඇය හමුවන වාර ගනන සතිය දෙක සිට මාසය දක්වා කල් ගියේ අපදෙදෙනාම එක්තරා විදියක වැඩ වලට කොටු වූ බැවිනි.
එක්වරම දවසක් ඇය මා සොයා මා එවිට සිටි එෆ් එම් නාලිකාව වෙත පැමිණුනි..එවිට මා සයිඩ් එකෙන් නිවේදකයෙක් විය..අද වැඩක නැත්නම් මට ලොකු උදව්වක් කරනවද..ඇය ඇසීය..ඒ වනවිට වැඩ කෝටියක් තිබුනත් මා පැනගෙන එන බව ඇය දැන සිටින්නට ද ඇත..
මොකද්ද??.
ඒක මෙහෙම කියන්න බෑ..ඔයා එන්න අර වැව ලඟට..මම ඒ කිව් වැව ලඟට ගිය අතර ඇය පැමීන තිබුනි..මට නියම වූ කාර්යය අයගේ කාර් එක කට්ටියක් දම්මාවා ගිනි තබා විනාශ  කිරිමයි..මරදානෙන් කැඳවාගත් පිරිසක් එය ඉතා මැනවින් කර තිබුනී...
ඉන්පසු ඇයට නවාතැනක් සෙවිය යුතු විය...ඇගේ ප්ලෑන අනුව ඇයට අවැසි වී තිබුනේ තවත් මාසයකින් පමණ රට යන බැවින් එතෙක් නැවතී සිටීමට තැනකි.අපි තැන් කීපයක් බලා මගේ නවාතැනට පැමිණියෙමු...
දැන් තනූ..ඔයා කොහෙ නවතින්න ගියත් අයි ඩී ඉන්නෙ කොහෙද..කොහෙද වැඩ කියල අහනව..ප්‍රශ්ණ ගොඩකට උත්තර දෙන්නත් වෙනව..ඒ මදිවට ඒ දෙන උත්තරවලට හරියන විදියට රඟ පාන්නත් වෙනව..ඔයාට බෑ ඔයා ගෙදරින් පැනල කාර් එක ගිනිතියාගේන මැරුන වගේ ඉඳල රට පනින්න් ඉන්නව කියල බේරෙන්න..කාටවත්ම..
හරි හරි දැන් ඔයත් එනව ඒ පාර අර අපේ අම්මල වගේ උපෙදේස දෙන්න..මොකද්ද මට කරන්න කියන්නෙ..මට දැන්ම බඳින්න බෑ..තාත්තිගෙ බිස්නස් වැටෙනව කියල මම කොහොමද නොදන්න පකිස් බූරුවෙක්ට කැමති වෙන්නෙ..
මං දන්නෑ සමහර විට මං වැරදි ඇති ඒත් ඔයා කැමතිනම් මේ අනික් කාමරේ ඉන්න පුලුවන් වැඩ ටික ක්ලියර් වෙනකල් රට යන්න....මම ඇනෙක්ස් එකම රෙන්ට් එකට ගත්තෙ පස්සෙ කාලෙක වෙන කොල්ලෙක් දෙන්නෙක් දාගන්න..එත් මේ ජොබ නරක නැති නිසා දැන් වෙන එවුන් ඇදගන එන්න ඒතරන් උවමනාවක් උනේ නෑ...
අනික ඕකුන් එක්ක ආවත් කතා කරන්න අඩි ගහන්න ගියාම නිදහසේ නිදා ගැනිල්ලකුත් නෑ...
අනික් කාමරේ මේ සාලෙ..කුස්සිය..වෙන වෙනම බාත් රූම් නැති එක තමා පොඩි අවුලක්ට තියෙන්නෙ..ඒකත් ශිෆ්ට් එකට කරගත හැකි වෙයි.
කුස්සියක් තියෙන නිසා උයන් කන්නත් පුලුවනි...
කපිල එතකොට ගාන කීයද??
එය ඇසුවේ විහිලුවට විය යුතුය..ඒත් මම පැන දුනි..නෑ අවුලක් නෑ මේ දවස්වල මට සල්ලි තියෙනව..මම කීමි..
ඇය කාමරයට ගොස් ඇඳුම් මාරුකර වොස් දා ත්‍රි ක්වාටර එකකින් සැරසී එනවිට මම පත්තරේ ඇලී සිටියෙමි.
කපිල තේ එකක් හදන්නද??
හා හොඳයි...
ඇය ගෙනා තේ එක තනා තිබුනේ තේ කොල සීනි කිරිපිටි එකට දමා කලවම් කිරිමෙනි..පසුව ඇයට තේ සෑදිම මම  විසින් කියා දෙන ලදී...
තේ එකක් නොසෑදීමට නොදන්නා තනූ උයන්නට ගත් වෙහෙස මාන්සි ගැන මා වැඩිදුර විස්තර නොකරමි..එහෙත් අලුත බැන්ද කපල් එකක් මෙන් මුල්දිනවල අප දෙදෙනා අතර කිසිදු අමනාප වදනක්වත් හුවමාරු නොවූයේ මන්දැයි මටද ගැටලුවකි.ඇය සහතික හැදීම පාස්පෝට් ගැනීම ආදී දේ සඳහා යයි..කොන්ඩය ස්ටේට් කර සිටි ඇය එය ඉවත් කර සාමාන්‍ය පරිදි කොන්ඩ මෝස්තරයත් අලුතින්ම මිලදී ගන්නා ලද සාමාන්‍ය  ගැමි තරුණියන් මෙන් වූ ඇඳුම් කට්ටල කීපයත් නිකම් කිසි ලක්ෂනක් නැති සෙරෙප්පු ජෝඩුවත් ඇගේ මහේෂෘක්‍ය පෙනුම අඩුකර තැබීමට සමත් විය..
මා ටී වී එකක්ද ඇය වෙනුයෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙනත් දුනි..ඇය පසුව එහි මිල මගෙන් අසා එය ගෙවා දැමුවාය..
කිසියම් හේතුවක් නිසා ඇයට ඇගේ මුලු සමාජයටම වෛර කරන තැනට පැමිණ ඇතැයි මම සිතුවෙමි...
ඇය ගියාය...මා මේ රට තනිකර එක් රාත්‍රියක ඇය නික්ම ගියාය..මගේ උරහිස මත සිට කපිල අයියා..කියා ඉකිගසමින් සිට යන්නට ගියාය..
ගිය පසු එක් වතාවක් කතා කර ඉන්පසු සතියක් දෙකක් යනතෙක් සද්දයක් නැතිවිය..
එහෙත් ඉන්පසු මා එසේ ලෙහෙසියෙන් අමතක කිරීම අමාරු බව කියා ඇය යලිත් කතා කරන්නට විය...මට ඇනෙක්සියත් ජොබත් එපාම විය..මා ගෙදර ගොස් තාත්තා සමඟ පොල් වතු වැඩට සම්බන්ධ විය..
තනූටත් මටත් ඈත් වීමේ අරුමය තේරුනේ ඈත් වී බොහෝ කලකට පසුය...(මාසයකට දෙකකට පසු)
ඉන්පසු ඇය ලංකාවට ආවාය..ඇය සතුව තිබූ මුදල් වියදම් කරගෙන අපි දෙදෙනා රටින් බට සුදු කපල් එකක් මෙන් එතෙක් අප වෙත තිබූ සියලු බැමි මුදාහැර සතුට සොයා ගියෙමු..එහෙත් ටික දවසක් යනවිට හිස්වන පසුම්බි අපට ද හරස් විය..
තනූ ඇගේ තාත්තීගෙන් ඇගේ කොටස ඉල්ලන්නට ගොස් ඇත..තාත්තී විසින් ඇය ගෙන් විස්තර අසා මා හමුවන්ට ඔහු ආවේය..
තමුසෙට කීයක්ද ඕනි...
මා ඔහු දුන් චෙක් එක  විසි කලේය...එහෙත් ඉන්පසු මා යලිත් මගේ සල්ලි ලෙස එය  ඇහිඳ ගන්නා ලදි...ගෙදර පැමිණ එතෙක් නිකමෙකු ව සිටි මා නව නිවසක් තනා රථ වාහනයක් ද ගෙන ඉන්නා විට එහෙන් මෙහෙන් සෙට් වී මඟුලක් ද මට කෙරුණි..මුදල් ඇතිවිට ආයාසයෙන් කිසි දෙයක් සෙවීමට ඇවැසි නොවෙන බව මා දිටිමි.
මා ගමේ පොල් මුදලාලි විය..
දින දෙක තුනක් මා සම්බන්ධයෙන් සොයා කිසිවිට නගරයේ මිතුරන්ට නොකී මගේ දුප්පත් අම්මා තාත්තා තුල සැගව ගත් නිසා තනූද ඇගේ ලොවේ හිමිකරුවෙකුට හිමිවන්නට ඇත..
දැනටද කොලඹ යැවෙන දිනෙ ක ඇය ඇති දැයි ඇස් දෙක වටපිට බලයි..එහෙත් මා දැන් දරු තිදෙනකුගේ පියෙක් බවත් එවිට ම සිහි වෙයි...
අනේ ඒ ලස්සන කාලෙ කියා හූල්ලනු හැර කිසිවක් මට දැන් නොසිතේ..

Thursday, August 4, 2011

කාන්තා විමුක්තිය..


කාන්තා විමුක්තිය..
කාන්තාවන්ට විමුක්තියක් අවැසියැයි කාන්තාවෝම කියති.එයින්ම ඔවුන්ට විමුක්තිය නැතැයි ඔවුන්ම කියා ගනිති.කෙනෙක් අර මහ අලි සයිස් පොතක් පෙරලන දසුනක් දමා කාන්තාව තේරුම් ගැනීම නැමැති නමක් තමා තිබුනි ඒ තරන් කාන්තාව තේරුම් ගැනීම අවුල් බව එයින් හැඟෙයි..ලංකාවේ කාන්තාවන් අයිති වන්නේ අලි හැරවීමට සිග්නල් දමන යාලේ දුවන වාහන වලටය..

අලි හැරවුයේ කෙසේද යත්...
යටගිය දවස රුහුනු රට යාල නම් පෙදෙසේ අලි බලන්නට එන සංචාරකයින්ට සේවා සපයන රියක් හසුරුවන කොල්ලෙකු වීය.ඌට මාර්ග අවසර පත් හෙවත් ලැයිසොන් නැති එකෙකි..වෙනත් පාරවල් වල යෑමට ලැයිසොන් අවැසි හෙයින් ඌ ලැයිසොන් කාඩ් එකක් ගැනීමට ඉල්ලුම් පත්තර දැම්මේය..කොල්ලා අමාරුවේන් සිග්නල් කෑලි ටික ඉගෙන ගෙන විභාගය ඉහලින් සමත් විය.එහෙත් හැකියාව පෙන්වීමේ ප්‍රායෝගික පරීක්ෂණයට ඔහු මුහුනදිය යුතු විය.ඉතින් මෙසේ පුහුනුවන අතර වැරදිම හොයන අධීක්ෂක තැන එක්වැරැද්දක් කොල්ලා විසින් කරනු හොඳින් නිරීක්ෂණය කරන ලදී එනම් වැරදි පස සංඥා එළි දැල්වීමයි.එනම් වම්පසට හරවන විට දකුනුපසට අදාල සංඥාවත් දකුණුපසට හරවන විට වම්පසට අදාල සංඥාවත් දැක්වීය..දැන් වැරදි හොයන රථවාහන අධීක්ෂක තැනට හරිම සතුටුය..හරි දැන් තමුසෙ ෆේල් නේ දැන් කියනව මට නිකමට දැනගන්න තමුසෙ මොකද ඒ දිගටම වැරදි එක දාන්නෙ...සර් මම අලි පස්සෙන් එලවන වෙලාවට වමේ සිග්නල් එක දැම්මම උන් හිතන්නෙ වමට හරවනව කියල..ඉතින් අලිය සරීරෙ ආම්බාන් කරන් වමට කපනකොට මම දකුනට හරවල යනව..අලිය බෙන්ඩ් එක හරිගස්සන් එනකොට මම හොඳ දුරක ඉන්නෙ ...ඒ කොල්ලාගේ උත්තරය විය..
ලංකාවේ ගෑනුද එසේය.කැමතියැයි පේන දැට අකමැතිය අකමැති දේට ඇලුම් කරයි ලොබ බඳියි.
විදුලිබල මන්ඩලයේ විසු එක්තරා යකඩ ගැහැනියක් පිළිබඳ රසවත් තොරතුරු කීපයක් මා සතුව ඇත.උදාහරණ දිම බණ සියයකට වඩා තේරුම් ගැනීමේ පහසුව ඇති කරන බැවින් මෙසේ කියමු.

යකඩ ගැහැනිය..01

මේ කාන්තාව වෘත්තියෙන් සහකාර ඉංජිනේරුවරියක විය.එකල අද මෙන්ම පිරිස් අතර විවිධ ප්‍රස්න ඇති කාලයක් විය.වරක් මේ ඉංජිනේරුවරිය විසින් එක්තරා රැහැන් පද්ධතියෙක් නිරීක්ෂණය කිරීමට තාක්ෂණ නිලධාරියෙක් පත්කරන ලදී.ගසක් කැපීමේ අවස්තාවක් වූ බැවින් රැහැන් බෑ යුතුයැයි තාක්ෂන නිලදරුවා සහකාර ඉංජිනේරු නෝනාට දැනුම් දෙන ලදී.රැහැන් බෑම යනු මණ්ඩලය පැත්තෙන් වෙහෙසකර ක්‍රියාවකි.එහෙත් ගස කපන්නන් එසේ රැහැන් තිබියදී ගස කැපීමට අකමැති විය.එකක් විදුලිය වැදේය යන බියය.අනික රැහැන් මත වැටුනොත් තාක්ෂණ නිලධාරියා අධීක්ෂණය කරන බැවින් අනිවාර්යයෙන් වන්දියක් ගෙවිය යුතුය.ගස් කපන්නන් ගේ ඉල්ලීමසලකා බැලු තාක්ෂණ නිලධාරියා රැහැන් බාන්නදැයි සහකාර ඉංජිනේරැවරියගෙන් විමසයි..
අදම ගහ කැපෙන්න ඕනි..තව දවස් දෙන්න බෑ ඔය වැඩේට.ඒ වගේම කිසිම රැහැනක් බෑවෙන්නත් බෑ..හරිද?/
එය  ඉංජිනේරුවරියගේ අවසාන තීරණය විය.එහෙත් ගස් කපන්නන් අකමැති වූ බැවින් නැවතත් තාක්ෂණ නිලධාරියා ඉංජිනේරුවරිය අමතයි..මිස් මේ අය කපන්න බෑ කියනව නේ..
වහා අසුනින් නැගිට්ට ඉංජිනේරුවරිය වහා රියදුරෙකු කැඳවා අදාල ස්ථානයට ගොස් ගසේ අතු පසෙකට ඇද කපා ඉන්පසු ගස කොටස් වශයෙන් කපන්නට යැයි පවසා එසේ නොමැතිව කිසිදු හානියක් රැහැන් වලට කලොත් අනිවාර්යෙන් ම උසාවි යන්නට සිදු වෙන බව පවසා..ගහ කැපෙන අයුරු පැය දෙක තුනක් බලා සිට කාර්යාලයට පැමීන ඇත..සවස කාර්යාලයට ආ සහකාර ඉංජිනේරු ඇතුලු පිරිස අමතා..හරියට කෙලින් කතා කොරගන්න බැරි බොලා පිරිමිද කියා අසා තාක්ෂණ නිලධාරියාගේ මුහුන ලැජ්ජාවෙන් රතු කරන්නට ඇය සමත් වී ඇත.

යකඩ ගැහැනිය 02

එකල විවිධ සුලු සුලු කන්ඩායම් විදුලිබල මන්ඩලයේ කඩා තිබුනේ වැඩ පහසු කර ගැනීමටයි..බොහෝ විට මොවුන් මොන මොන අවුල් තිබුනත් සතියට දෙතුන් වතාවක් එතනෝල් වලින් සප්පායම් වීම නම් අනිවාර්යෙන්ම සිදු විය.එක් පාටියක එනම් කොටසක අයෙක් දිනක් මැඩම් හමු වන්නට ආවේය..උදෑසන මැඩම් විසින් සියලු කන්ඩායම් සඳහා වැඩ බෙදා දෙනු ලබන අතැර යලිත් වටයක් උඹට තේරුනාද?/මොකද්ද?/උඹට??කියා යලිත් පැවසු දේ ඔලුවට ගියා දැයි බලයි.ඉදන් මේ පෙරට්ටුව හමාරව අයෙක් විත් ඇඹරි ඇඹරි සිටියි..
මැඩම්: මොකද සිරිපාල ඇඹරෙන්නේ තොට පනුගායද අද යන් නැද්ද වැඩට?
සිරිපාල:මැඩම් මට පොඩි කාරණයක් කියන්න තියනව මැඩම්ට.(ඇඹෙරෙමින් බිම ඉරි අඳිමින් සිරිපාල කියයි)
මැඩම්:කාරණයක්,තෝ බැඳල නේද?/ගිහින් කියාපිය තොගෙ ගෑනිට කාරනේ..මෙතන කෙකර බාන්නෙ නැතුව..අවට සිටි කාර්යාලයේ සියලුම සේවකයිනිට ඇසෙන පරිදි සහකාර ඉංජිනේරු මැඩම් කෑ ගැසුවාය.ඒ ඇසිල්ලෙකින් භූමිතෙල් දුටු ගැරඪි පැටියෙකු මෙන් වහ වහා සිරිපාල මාරු වන්නට විය.එහෙත් යලිත් මේ සිරිපාල..යැයි මැඩම් අමතන්නට වූබැවින් යලිත් හැරි එන්නට සිරිපාලට සිදුවිය.
මැඩම්: හා දැන් කියපන් බලන්න කෙපර බාන්නෙ නැතුව කාරනේ..
සිරිපාල:මැඩම් අර අපේ පාටි එකේ ආරි ඉන්නව නේද?/අර ආරි මැඩම් අර පන්සල් හන්දියෙ ඉඳල එන්නෙ..
මැඩම්:හරි හරි ඉතින් ඔය ඉන්නෙ මොකද?/ඌට මොකක් හරි අමාරුවක්ද??
සිරිපාල:මිනිහ මහ වසවර්තිය.මැඩම් මට වෙන පාටියකට දාල දෙන්න පුලුවන්ද?/
මැඩම්: ආ බොලාට හැන්දෑවට කසිප්පු කෙලල පඳුරු ගානෙ එකට බුදියං වැනි වැනි කරේ එල්ලිල ගෙවල් වල යන්න පුලුවං එකට වැඩ කරන්න බෑ.. අනෙ මගෙ කට ..පලයං යන්න..ඌ එක්ක හිටිය කියල බොට මක් වෙනවද?මොනවහරි උනොත් කියපං එතකොට බලන්නම්..දැං කේන්දර හදන්නෙ නැතුව ගිහින් වැඩක් බලාගන්න..යැයි කීය.
ගැහැනිය යනු අපසමාජයේ තැනක් නැති දෙවන පන්තියේ කෙනෙකු නොවේ..ඇය සතු තැන සදාගැන්ම ඇගේම වගකීම වෙයි..