Wednesday, August 7, 2019

සවාරියා

මට මාරුවක් ලැබුනා. මම කොළඹ යන්නයි ඉන්නේ. සහන් කමනීට ඇහෙන්නට කිව්වාය. 

කමනී : ඔව් ඉතින් තමුසෙට අපෙන් ගැලවෙන්න නෙ ඕනි. යනවා ගිහින් එහෙම ඉන්නවා. මේව බලන්න මේදේවල් දියුණු කරන්න මට විතරයිනේ ඕනි. තමුසේ බමුණා වගේ ඉන්නවා යනවා එහෙනම්.. 

සහන් : මම කොරපු දෙයක් නැහැ. ඒ ගොල්ල මාව මාරු කරලා. දැන් මේ තැන ගොඩක් කල් හිටිය නෙ. ඒක නිසා වෙන්න ඇති. 

කමනී : අනේ මෙ. හෙමිජ්ජා වගේ උන්නට තමුසේ අර රට ගිහින් කොරපු හරිය තාමත් අර යූ ටියුබ් එකෙ තියෙනවා. හරි තමුසෙට දැන් ඉතින් තටු ලැබුන වගේ තියෙයි. එහෙත් ගෑනියෙක් හොයාගෙන පවුලක් අටවගනී. මට දුක මේ දරු දෙන්න ගැන. මිනිස්සුන්ට කොහෙද දරු දුකක් කියල දෙයක්. 

සහන් : අදත් උදේම රන්ඩු කරන්න අමාරුයි. ඔයා ඔය ටික රෙකොඩ් කරලා දාන්න. ඒක ලේසියි. හැමදාම එකම නෙ. 

කමනී : ඔවු රෙකොඩ් කරල දාන්න විතරයි දැන්ඉතුරු වෙල තියෙන්නකෛාහෙ හිටියත් තමුසෙට කිසි දියුනුවකුත් නැහැ නෙ. අර දුෂාන් අයියා ගෙදරටම ඇවිත් කිව්වා කොන්ත්‍රාක් එකක් පාස්කරගන්න පොඩ්ඩක් සපෝට් එක දෙනන් කියලා. තමුසෙ ඇහුන් නෑ වගේ උන්නා. ඒ වගේම එයා ගෙනාපු මල්ලත් ආයෙ අරං යන්න කියලත් කිව්වා. තමුසෙව හදන්න බැහැ සහන්. හදන්නම බැහැ. 

සහන්. : කමනී අපි දෙන්න ගැලපෙන් නැහැ කියන එක ආයේ කියන්න ඕනි නැහැ. විසදුමක් නැති දේවල් ඔහේ කියවන එකෙන් ඔයාටව්ත මටවත් දරුවන්ටවත් කාටවත් වැඩක් නැැහැ. මම ඔයාට කරදර කරන් නැහැ.මං ෆෝන් එක ලොකු දරුවට දුන්නා. මිනිහ දැන් හැදෙන වයසේ. කොල්ලා හැමෝ ගාවම ෆෝන් තියෙ ලු නෙ. ඌ හැමදාම ෆෝන් ගැන ටීවි එකක ගියත් කට ඇරන් බලනවා. පව්. ඌට තිබුන දෙන්. මම ගිහින් හදිසියක් වුනොත් කොල් එකක් දෙන්න නොම්බරයක් දෙන්නම් ඔයාට. පඩි ටිකක් විතර වැඩිවෙයි. 

කමනි : තමුසේ හදන්න ට්‍රයි කරන අපිට පව්. යනවා යනවා. අපිට නැතත් තමුසෙට හරි සතුටක් වෙයි මගෙන් ගැලවෙන එක. 

2- ජවනිකාව 

නිෂූ මිස්ට මේක කරදරයක්. අනෙ මන්ද. මම හැමදාම කියල තියෙනවා වැදගත් දෙයක් විතරක් නම් කෝල් කරන්න කියලා. ඒත් අපෙ ගෑනි ට හැමදේටම මට බනින්න ඕනි. 

නිෂූ : මිස්ට සහන් කිව්වට තරහ වුනත්කමක් නැහැ. ඔයා ඔය කෝල් එකට එන්නේ මරන්න හරකෙක් ගෙනියනවා වගේ. ඇවිල්ලා ෆෝන් එක කනේ තියාගන්නේ මහ අප්පිරියාවකින්.. මම ඔහොම ගෙදර ට කතාකරන මනුස්සෙයෙක් දැක්කමයි මිස්ට සහන්. 

සහන්: නිෂු මිස්ට හංගන්න දෙයක් කොයින්ද මට. මට මේ ලොකේ සතුට කියලදෙයක් නැහැ. මට එහෙමෙයි කියල මහණ වෙන්න යන්නත් බැහැ. මට කිසිම දෙයකින් සතුටක් ලැබිලත් නැහැ ලැබෙන්නෙත් නැැහ. ඔය කෝල් එක නාවත් මම සතුටින් ඉන්නවා කියල කියන්න බැහැ. කෝල් එක මට බරක් නම් තමයි. ඒත් අපි මැරෙනකල් මේ බර උහුලන් යන්න වෙනවා. ඒක තමයි ජීවිතේ.. 

නිෂු : දැන් සහන් ඇවිත් මාස 6කට වැඩියි. හැමදාම සහන් වයිෆ්ගෙන් බැනුම් අහනවා. මම පොඩි වයසක කෙනෙක් නිසා මට උපදෙස් දෙන්න බැහැ සහන් ඔයාට. ඒත් අනේ මන්දා. ඇයි ඔයාල සතුටු වෙන්නේ නැත්තේ. පොඩි ට්‍රිප් එකක් හරි යන්න. නිවාඩුවකට කොහෙ හරි යන්නකෝ..ඇයි මේ හැමදාම බැනුම් අහන්නේ. ඇරත් ඇයි ඔයා සද්ද නැතුව ඒව කවුද වගේ අහන් ඉන්නේ. මට නම් බහැ කවදාවත් ඔහොම ඉන්න. 

සහන් : ගමන් ගිහිපු නිසා තමයි මට තවත් බැනුම් අහන්න සිද්ද වෙල තියෙන්නේ. අනේ මන්දා. 

තවත් මාස කිහිපයකට පසු.. 

නිෂු : සහන් පොඩ්ඩක් මෙහෙ එන්න. හැමදාම කෝල් එක ආන්ස් කරලා හෙමීට දුවනවා නේ. මාර හදිසියක් නේ තියෙන්නේ. 
සහන් : ඒමම නෑ මිස්. මම හිතුවේ මිස්ට කරදර යි කියලා. එක අතකින්මේ අපේ ගෙදර යස්සනි කෝල් කරනවා. ඉතින් මිස්ට වැඩක් කරන්නත් නැතුව ඇති. 
නිෂු ; මනුස්සයෝ ඔය ෆෝන් එක තියෙන්නේ එහා මේසෙ. මම ඉන්නේ මේකෙ. මටත් ඇහෙනවා තමයි බනිනවා. ඒත් දැන් හුරුවෙලා. අනික ඔහොම හිතන් එපා සහන්. මිනිස්සුන්ට කරදර නොකරම ජීවත්වෙන්න බැහැ කාටවත්. ඒකට හුරු වෙනවා. දැන් මට ඔයාගේ කොල් වත් ඔයා එන එකවත් කරදරයක් නෙමෙයි. අනික ඔයත් දන්නවා මාත් දන්නවා මේ තැන් වල වැඩ කරන හැටි. 

ඒක නෙමෙයි සහන්. මටත් ආරංචි වුනා ඔයාගේ යූ ටියුබ් වීඩියෝ ගැන. ඇත්තටම ඒවයේ ඉන්නේ ඔයාමනෙ. ඇයි ඔයා නිකමටවත් ඒ ගැන කාටවත් කියන් නැත්තේ? ඇයි ඔයා මෙහෙම සහන්. ඔයා කොච්චර සතුටින ්ඉන්නවා ද ඒවායේ.. 
සහන් : අනේ මිස් කාටවත් කියන්න එපා. ඔයා දැනගත්තනම් පිංසිද්දවෙයි කාටවත් නොකිය ඉන්න.ඕක හින්ද තමයි මට ගොඩක් දේවල් නැතිවෙල තියෙන්නේ දැන්. 

නිෂු : හරි කාටවත් කියන් නැහැ එහෙනම් මට හරි විස්තරය කියනවා නම්. 

සහන්: මිස් හොද කෙනෙක්. මිස් අනික් අයට වඩා වෙනස්. ඒ ඔක්කොම හරි. ඒත් මට කියන්න බහැ මිස්. මම කැමති නැහැ..ප්ලීස් කරදර කරන්න එපා. 

නිෂු : ඔයාට මේ තැන බැරි නම් අපි වෙන තැනකට යමු හැමදාම දුක් වෙන එකේ අපි ටික්ක එලිටය ගිහින් කමු. 

සහන් : හා එහෙනම් කාමරේකට යමු එතකොට කාටවත් ඇහෙන් නෑ..
නිෂු : ශික්.. සහන්..ඔයත් නෙමෙ වගේ හිටියට අමු ටිපිකල් පිරිමියෙක්ම තමයි. යං කිව්වොත් කාමරේම තමයි. ඔයාගේ රට ගමන තියාගෙන රෝල්කරගන්නවා. මනුස්සකමට කන්න යන්න කතා කලාම එනවා රූම් ගානේ යන්න කතා කරන්න. 

සහන් : මිස්ට කවුරුහරි කිව්ව නම් මම හොද සිල්කාරයෙක් කියලා. ප්ලිස් මම එහෙම කෙනෙක් නෙමෙයි. මිස්ට කවුරුහරි කිව්ව නම් මම හොද කෙනෙක් කියල..ප්ලිස් මම ඒ හොද කෙනෙත් නෙමෙයි. මම නිකංම අනික් මිනිස්සු වගෙම මිනිහෙක්. මට කියලා අමුතු දේවල් නැහැ..හරි මිස් එහෙනම් මම ගියා.. 

දින කීපයකට පසු.. 

නිෂු : මේ සහන් අන්න කෝල් එක ආවා. දැන් මොකද හිමීට ගැරඩියා වගේ මාරු වෙල යන්නේ. කතා කරන්නෙවත් නැහැ. මොකද සහන් තරහ වෙලාද? 

සහන් : අනේ මට මිස් එක්ක මොනා තරහක් වෙන්නද? මම ඉතින් …

නිෂු : ඇති හලෝ ඇති.. මිස්ට කරදර වෙන නිසා මම හිමීට මාරුවුනා..ඒකනේ කියන්න හදන්නේ.. 

සහන් : (සිනාසුනා මිස කතා කලේ නැත) 

නිෂු : සහන් අපි කන්න එලියට යන වැඩේ. ඒක මේ සතියෙම දාගමු නේ. ලොක්ක නැහැලු බ්‍රහස්පතින්දා. අපි ෂෝට් ලිව් එකක් දාමු. 
සහන් : මිස් කාමරේකට ද යන්නේ. කන්න නම් ඔය අපෙ කැන්ටිමෙත් තියෙන්නේ. 

නිෂු : මං මේ නිකම් අහන්නේ ? සහන් එක්ක කවදා හරි ගෑනු ලමයෙක් කාමරෛ්කට ගිහින් තියේද? 

සහන් : ආ..ඔව්..ආ.. නැහැ නැහැ ගිහින් නැහැ. 

නිෂු : මොකද්ද සහන් පොඩි එකෙක් වගේ හරි උත්තරයක් දෙන්නකෝ? 

සහන් : මම රට ගිහින් ඉන්න කාලේ ගිය මිස්. ඒත් ලංකාවේ කවදාවත් නැහැ. ඇත්තටම කවදාහරි නාකිවෙල හරි ගෑනියෙක් එක්ක හෝටල කාමරේකට යන්න ඕනි ලංකාවේ. ඒක මගේ ලයිප් ගොල් එකක්. මට මහ ලොකු ගෝල් නැහැ ඔන්න ඔය වගේ දේවල් තියෙන්නේ මිස්..

නිෂු : ඈ මනුස්සයෝ දැන් ඔයාමෙනේ හෙට කළකිරිලා හිමාලෙ යන්න වගේ ගෑනියෙක් හෙලුවෙන් ගියත් ඇහැක් ඇරලා බලන් නැතුව බිම බලන් යන්නේ. ඔයාම නේද? අර ගෙදර ගෑනි කතා කරද්දි කිසිම හැගීම්ක නැතුව ඔවු ඒක ඇත්ත ඔවු ඒක ඇත්ත කිය කිය කෝල් ආන්ස් කරන්නේ. ඒ වුනාට ලයිෆ් ගෝල් ගෑනු එක්ක කාමර ගානේ යන්න. 

සහන් : ඔවු මිස්. දැන් මම කිව්ව නැහැ නේ මිස් මම හැගීම් නැති කෙනෙක් කියලා. අනික ඔය හිමාලේ යන කතා මම බමුනෙක් වගේය කියන කතා ඇවිල්ලා මිනිස්සු කියන ඒවානෙ. ඉතින් ඒ ගොල්ල කියනවා මම අහනවා..

නිෂු : ඇති ඇති සහන් ඇති ඇති..ඔයාගෙත් නිකං අමුතුම අහංකාර පෝරිසාද ගති තියෙන්නේ වෙලාවකට. ඇත්තමයි අර ගෑනි මෙච්චර කල් ඉන්නවා ඇති සහන් තමුසෙ එක්ක. 

නිෂු සුරංගනා කතාවල තියෙනවා සමහර දේවතාවන්ගේ පණ තියෙන්නේ එලියේ. 
මම දැන් ඔයා එක්ක මේ හොටලෙට ආවා. කාමරේටත් ආවා. දැන් මම ඇත්තටම ආසයි නිෂූව කිස් කරන්න. අල්ලන්න. සෙස් කරන්න. ඒත් මට මහ බයක් දැනෙනවා. සබකෝලෙම නෙමෙයි. නිෂු මම ජීවත් වෙන්නේ කරදර අඩු වෙන විදිහකට. මේකෙන් පස්සේ නිෂුට කවදාකහරි හිතෙයි මම ඔයා රවටලා කාමර ගානේ අරං ආවා කියලා. අනෙ මන්දා. 

ඇත්තටම මට ඔය රට ගමන ගැන කියන්නෙ තියෙන්නෙ පොඩි දෙයයි. ඕක අවුරුදු පහක් විතර පරණ සීන් එකක්. ඒ කාලෙ මම උන්නේ අමාත්‍යාංශයක. දවසක් බ්‍රිෆ් කේස් එකක් අරං ලොක්කෙක් ආවා. අපේ ලොක්කෙක් හම්බෙන්න.පෙඩි කතාවකින් පස්සේ අර බ්‍රිෆ් කේස් එක මට අපේ ලොක්කගේ කාර් එකෙන් ගිහින් දාන්න කියලා මට කිව්වා. ඒකේ තිබුනේ ඩොලර් කොල. ඩොලර් සීයෙ කොල ගොඩක්. 
මම ඒ මිටියක් ගත්තා. වැඩිය නැහැ අනේ..ඩොලර් පන්දාහක් ඒ කියන්නේ සීයෙ කොල පනහක් අරගත්තා. 

අපේ ලොක්කා මාව මාරු කලා. මම ඒ සල්ලි වලින් ට්‍රැවල් වීඩියෝ කරන සුද්දෙක් එක්ක සෙට් වෙලා මාසයක් ඇවිදලා ආයේ ලංකාවට ආවා. ඒ හොරකම් කල සල්ලි වලින් සතපහක් මා ගාව නැහැ. ඒ සල්ලි ඕකකෝම ඉවර කලා. 
ඒ ඉතුරු වෙච්චි සල්ලිත් දැන් වියදම් කරලා ඉවරයි.
මාව ෆලෝ කරා කියලා ඇත්තටම නිෂු ඔයාට ලබාගන්න දෙයක් නැහැ..දැන් මේ අපේ ගෑනිත් ගෙදරින් ගියා. ඒ ගෑනි හිතන් ඉන්නේ මම ගාව ලොකු සල්ලියක් තියෙනවා කියලා. මම ඒ ගෑනිට ඔය සල්ලි හෙව්ව හැටි කිව්වේ නැහැ. කොටින්ම මම ඇර වෙන කාරුව්ත ඕක දන් නැහැ.. අපේ ඒ කාලෙ ලොක්කා මාව මාරු කලේ ඔය සීන් එකට තමයි. ඒත්ලොක්කා ඒවගවත් කාටවත් කියන් නැතුව ඇති. පගා සීන්ස් නේ. 

ඉතිං ඔච්චරයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මම හොදට සල්ලි තියෙන හෝ හංගාගත් නිධානය්ක තියෙන එකෙක් නම් නෙමෙයි. මට ඉන් පස්සෙත් කතා කලා ඒ වීඩියෝ ටීම් එක. මොකද මම ඒ වීඩියෝ වලදි ඒ රටවල උන්ගේ බොක්කටම ෆිට් වෙනවා. සුද්දට ටිකක් අමාරු තැනුත් මම කවර් කරලා දුන්නා. ඔය දේවාල ආදියට ගියාම, උන්ගේ රටේ ැවඩකට අවසර ගන්න ගියාම, උන් එක්ක කතා බහ කරලා සේප් කරගන්න ගියාම ඒ සෙට් එකට මාව වැදගත් වුනා. 

සුද්දා මට කතා කරලා මේල් දාල තියෙන හැටි දැක්කම මට ඇඩෙනවා..ඒත් අපි හැමෝම පව් කරලා තියෙනවා. මම එතකොටත් බැදලා. තාමත් බැදලා. දැන් ළමයි ලොකු කරන්න ඕනි. දැන් වගකීම් තියෙනවා. ගෙවල් ගැන හිතන් ඕනි. 

නිෂු : මේ ලොකේ වැඩිපුර හිතන මිනිස්සුන්ට කප් එකක් ලැබෙනාව නම් සහන් අයියේ ඔයා ඒකට හොදටම සුදුස්සෙක්. ඔයා නම් අනේ මන්දා. 
ඉතින් එයාල කතා කරනවා නම් ඔයාට යන්න නේ තිබුනේ. කෝමද මාසෙට ඩොලර් පන් හයදාහක් හොයන හොද ජනප්‍රිය වීඩියෝ ටිම් එකකට ජොයින් වෙන එක. අනික යූ ටියුබ් නිසා ලංකාවේ තවත් හිට් වෙයි. දැනුත් හැංගිල හිටියට කට්ටිය දන්නවා නේ. ඔයාගේ ගෙදර අය ඉන්ටවිව් කරලා තිබුනා. ඔයා න්ම කාටවත් ඉන්ටවිව් දෙන් නැහැ කියලත් තිබුනා. ඔයා ලක්ෂයක් ඉල්ලනව ලුනේ ඉන්ටවිව් එකක් දෙන්න. අනේ මන්දා සහන් අයියේ. ඇයි ඔයා සැප විදින්න තියාගෙන දුක් විදින්නේ. 

සහන් : නංගා. මම පනස්දාහක් ගත්තම හතලිස් පන්දාහක් විතර ණය ගෙවනවා. මම ලක්ෂ පහක් ගත්තොත් ඒකෙනුත් හාරලක්ෂ අසූ දාහක් විතර වියදම් තියේයි. පෙලක් විඩ ඊටත් වැඩි වෙයි. ඕක තමයි ජීවිතේ. මම ගෑනිට බනින් හොද නැහැ. මොකද අපේ ගෙවල් වල අයත් එහෙම. මම ඉස්සර වෙන වෙන ජොබ් කරලා සල්ලි හෙව්වා ඒ කාලෙ බිව්වෙත් නැහැ. ගෙදර අයට එක එක වැඩ තිබුනා. ගෙවල් හදන්න වාහන ගන්න තිබුනා. ඉතින් සල්ලි කියන්නේ උපයන ප්‍රමාණයට පෙඩ්ඩක් මෙහා තියලා වියදම් කරන්න වෙන ජාතියක්. ඉතින් ගොඩක් සල්ලි අතගානවා කියන්න පස්න වැඩිවෙනවා කියන එක විතරයි. අනික මට ගෙයක් කියන්නේ කොන්ක්‍රිට් ගඩොල් ගොඩක්.. වාහන කියන්නේ යකඩ ගොඩක්..මිනිස්සු එව්වයින් සතුටු වෙනවා මට පේනවා.ඒත් මට ඒවා ගොඩගහගත්තා කියලා මහ අමුතු විනෝදයක් එන්නැහැ.

අනික ඔයාට කිව්වට කමක් නැහැ ඔය ගෙවල් වල උදවියගේ වියදම් වලට සීමාවක් නැහැ. හැමදේටම වැඩිපුර වියදම් කරලා දහ අතේ ණය වෙලා කිසිම සැනසීමක් නැති මීටත් බර ජීවිතයක් ෆුහ්හු… මට එපා. ජීවිතේ සැහැල්ලුව සල්ලිත් එක්ක හිමීට පැනලා යනවා. මම බොස්ලා බර තොගයක් එක්ක වැඩ කරලා තියේ.. උන් ගොඩක් ඉන්නේ පස්න වල. මම හැන්දෑවට ගෙදර යන සැනසීම උන්ට නැහැ. 

නිෂු. : ඇයි ඉතින් ඔයා පණ තියෙද්දි මැරිලා වගේ ජීවත් වෙන්නේ? ඔයාත් පණ තියෙන මිනිහෙක්. ඔයා ගෙදර අයට කීයක් හරි දීලා හෙමිහිට ඕකෙන් නිදහස් වෙල කැමති දෙයක් කරන්නකෝ. දැන් ඔයාටම වුනත් දෙයක් කරන්න පුලුවන් නේ වී ලොග් හරි මොනාහරි.. මම දැක්ක විදියට ඔයාටත් ටැලන්ට් එක තියෙනවා.. ඔයා අර වීඩියෝ වල සමහර තැන් වල උන්ටත් වඩා රියලිස්ටික් කරනවා..

සහන් : මට මෙහෙ වැඩ කරන්න අමාරුයි. මට අර සෙට් එක නම් මැක්සා. ඒනම් ඉතින් මට මෙහෙ තියෙන ඕක්කෝම ගලවලා යන්න වෙනවා. එක අතකින් ඔයා හරිත් එක්ක. දැන් ගෙදර ණය වලට දෙන පනස්දාහ දෙන එක විතරයි මම මේ රස්සාවේන කරන්නේ. වෙන මොකුත් නැහැ නේ. ඒ පනස්දාහ එහෝම සල්ලි විදියට එවලා මම අතුරුදන් වුනානම් ඒත් හරි. දරුවෝ වුනත් ටික දවසක් යද්දි හුරුවෙයි. 

නිෂු : ඒ අයියේ ඒ යද්දි මාවත් එක්කරං යන්න පුළුවන් වෙයිද? 

Thursday, July 11, 2019

ආගමයි ලිංගෙයි අතර තනිවුන සංසාර දඩයක්කාරයා

20 වන සියවසේ දියුණුවත් එක්ක වික්ටෝරියා ආච්චිගේ කාලේ ඒ සදාචාරය ලංකාවට ආවා. සුද්දෝ පෘතුගීසි වගේ වත් ලන්දේසි වගේ වත්නෙමෙ. සුද්දන්ට ඕනි වුනා සූටි එංගලන්ත මොඩල් එකක් උන්ගේ යටත්විජිත වල හදන්න. දේශපාලනය ආගම වගේ හැම රෙද්දක්ම උන්ගේ ක්‍රමයට හදාගන්න අමුතු පුකේ අමාරුවක් සුද්දට තිබුනා. ඒක නරකයිද? නරකකුත් නැහැ. ඔ්නි විදියට උකාගනිල්ලා කියාල සුද්දා අපිව දාලා ගියානම් සමහර විට එක එකා මරාගෙන මේකෙ ඉන්දියන් කාරයෝ චීන්නු කෑලි අල්ලගෙන තියේවි. යන එකත් අපිට බලේ දීල ගාන්ට යන්න සුද්දට ඕනි වුනා. කොටින්ම වික්ටෝරියා ආච්චිගේ කාලේ තිබුන ක්‍රෙම්ට කිරීම සුද්දගේ හැම දේකදිම තිබුනා. ඒක සෙස් හෙවත් සෙක්ස් වලදිත් සුද්දට ඒ උණ තිබුනා.

20 වැනි සියවසේ ලියවුනු කතාන්දර ගත්තොත් ගොඩක මතුකරන එක පස්නයක් තමයි පංසලයි සෙක්සුයි ලිංගික ජීවිතයයි පවුලයි ආදී ගැටලු. වික්‍රමසිංහ වගේ උන්නැහෙලා කොහොමද පරණ ක්‍රමය අලුත් එකට හැඩ ගැහුනේ කියලා ගම්පෙරලිය වගේ දේවලින් පෙන්නුවා. ඒත් වික්‍රමසිංහ කියන්නෙත් ආගමික වහලෙක්. වික්‍රමසිංහ කැමති වුනේ නැහැ බුදු හාමුදුරුවෝ උඩින් ගියා කියල කල්පනා කරන්න. ඒ වගේම බුදුහාමුදුරුවෝ ආශ්චර්යක් කියාල හිතන එක වික්‍රමසිංහට ටිකක් මදි පුංචි කමක් වුනා. ඉතින් එයා හිතුවා අඩේ බුදුහාමුදුරුවෝ පයිං ගිය ඩෑල් එකක් වෙන්න ඇති එයාට එහෙම බලතල තියෙන්න නැතුව ඇති කියලා. ඒ හිතලා එයා අවසාන කාලේ බවතරණය එහෙම ලියාල සැර ආතල් එකක් දුන්නා. 

පංසලයි ගමයි සෙස් ජීවිතයි අතර තියෙන ගැටුම ගොඩක් කතා වල තියෙනවා. එක්කෝ පංසලම නෙමෙයි අර විරාගේ අරවින්ද වගේ ආසාව නැති චරිත මවලා ඒ ගැටුම් නැති ජීවිත බිහිවුනා. ඒ ගැටුම ්නැති ජීවිත 60 කාලේ ගොඩක් කතා පොත් වල තිබුනා. අපේ සිංහල පොතේ උන්න ඉසාත් එහෙම ගැටුම් නැතුව ජිවත් වෙන්න ගිහින ්නිකාං නාස්ති උන ඩෑල් එකක්. ඇත්තටම ඉසාලා බිහිවෙන්න පංසල සහ අපේ සංස්කෘතික මෙව්වා එක බලපෑවා. 

මෙතැනදි වික්ටෝරියා ආච්චිගේ කාලේ තිබුන සදාචාරය ලංකාවට එද්දි ලංකාවේ පල්ලිය නෙමෙයි මිනිස්සුන්ගේ කොන්ට්‍රොල් චැනල් එක ගෙනිච්චේ. ඒ වෙනුවට පංසල ආදේශ වුනා. අද වුනත් ඝනයෙක්ට මයික් එකක් අහුවුනොත් ඌ දෙසන්නේ බණ නෙමෙයි. යහපත් ජිවිතයක් ගත කරන හැටි ගැන. යහපත් ජීවිතේද? බුදු බනේ තියෙන්නේ. තියෙනවා ඒත් බුදු බන තියෙන්නේ යහපත් සෙස් ජීවිතයක් පවුල් ජීවිතයක් ගෙනියන හැටි නෙමෙයි. බුදුබණ තියෙන්නේම සසර කතර අතරමං වෙලා සිවුරක් දාගෙන නිවන් යන්න. ඒත් ඒ එදා ජීවිතයෙන් නිදහස් වෙන්න තිබුන දහම අද වෙද්දි මාකට් වෙන්නේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. ආන්න ඒක තමයි මම කලින් කිව්වේ බුදුදහම කියන්නේ කන්ට්‍රොල් චැනල් එක කියලා. 

නොක්ස් ගේ කාලේ කසාදය වෙරි සිම්පල් කේස් එකක්.  නොක්ස් තරම් ඈත යන්න ඕනි නැහැ හිතන්න මීට අවුරුදු 40කට විතර කලින්. දරුවෝ කියන්නෙ පොදු වස්තු වගේ. උන් හැදෙන්නේ අම්මා තාත්තා ගාවම කියලා එකක් නැහැ. අනික හැම ලබ්බම අම්මලා තාත්තලා කරලා දෙන්නෙත් නැහැ. එක පවුලේ ළමයි 7-8 උන්නා. උන්ට දැන් වගේ පැය විසි හතරෙම සී සී ඨීවි දාල වගේ  ඇලට් එකේ ඉන්න කවුරුත් නැහැ. ඒ ළමයි බොහොම නිදහසේ හැදුනා. 

මීට සියවසකට විතර ඉස්සර පවුල් ජීවිත ගත්තත් ආන්න ඒ වගේ. හරියටම පොතේ ලියාල අස්සන් කරගෙන. එක ගෙයක් හදාගෙන පැලපදියන් වෙලා. ඒකේ දරුවෝ හදාගෙන උන්ට මැරීගෙන උගන්නගෙන. දැනට තියෙන නරි නාටක එදා තිබුනද? ඔව් සමහර තැන් වල තියෙන්න ැති. ඒත් ගංතුලාන වල ඈත ගම් වල මිනිස්සුන්ට එදා මේ තරම් පවුල් ප්‍රෙශර් එක නැහැ. උන් හේනක් ගහනවා එලෝලු වී ටිකක් හිටෝගන්නවා. ටිකක් විකුනනවා ටිකක් කනවා. කන්න බැරිනම් ඒත් අමාරුවෙන් හරි ජීවත්වෙනවා. 

දැන් මිනිස්සු ටික ටික දියුනු වෙලා මධ්‍යම පන්තිය වැඩිවුනා. එතකොට එංගලන්තේ ඒ කාලේ මිනිස්සු පල්ලිය කරට ගත්තා වගේ අපේ උන්දැලා පංසල ගත්තා කරට. ඉන් පස්සේ සෙස් ලයිෆ් එක සහ නිදහස් ජීවිතය හිර වෙනවා දැක්කා. එතකොට මිනිස්සු එකම බුද්දාගමේ විවිධ වර්ශන් දකින්න ගත්තා. අපි පොත් කාරයො ගත්තොත් වික්‍රමසිංහ, නවගත්තේගම, ජයසේන ජයකොඩි, කේ ජයතිලක, ගුණදාස අමරසේකර ආදී මිනිස්සු දකින්නේ එකම බුදු දහම නෙමෙයි. උන් උනගේ ජීවිත වලට මතවාද වලට අනුව බුද්දාගම වෙනස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ නම බුද්දාගම වුනාට නවගත්තේගම නිවන් යන්න හදන විදියට නෙමෙයි වික්‍රමසිංහ නිවන් යන්නේ. ඒ දෙන්නම නිවන් යන්න හදන විදියට නෙමෙයි අමරසේකර නිවන් යන්නේ. මොකද මිනිස්සුන්ට සමාජ පෙසර් එක මේ ධනවාදී මෙව්වා එකෙන් ලැබෙන ඵීඩනය වැඩි වෙද්දි ආගමෙන් ලැබන ආතල් එක මදි වගේ තේරුනා. ඒ නිසා ආගම ටිකක් වෙනස් කරගන්න උන්ට ඕනා වුනා. 

සංසංර දඩයක්කාරයා ෆිල්ම් එක බැලුවා. ඒ ෆිල්ම් එකේ දඩයක්කාරයාට සහ හාමුදුරුවන්ට ගැටලු තියෙනවා ගැටුම ්තියෙනවා. ඒත් ඇත්තටම ඕකුන් දෙන්නට ඔච්චර ගැටලු තියෙද? තියෙන්නට ඇතිද? මට හිතෙන්නේ මේ දඩයක්කාරයා සහ ඝනයා තුලින් නිරූපනය කරලා තියෙන්නේ 20 වෙනි සියවසේ ජීවත් වුන උන්ට තිබුන ඇරියස් එක. සෙස් ඇරියස් එක ආගමික ඇරියස් එක සමාජ පීඩනය එක්ක තිබුන ඇරියස් එක. ආදී ටිකක් තමයි ඒකෙන් රිලිස් වෙන්නේ. 

නියම දඩයක්කාරයා කියන්නේ හොද මිනිහෙක්ද? ඌ මොකටද හොද වෙන්නේ. දඩයක්කාරයා කියන්නේ නරක එකෙක් කියලා හැමෝම දන්නවා. ඌගේ නරක වැඩිවෙන්න වැඩිවෙන්න තමයි දඩයක්කාරයා උනත් ස්කෝර් කරන්නේ. දඩයක්කාරයාටත් යම් නීති මායින් තියෙන්නට ඇති. ඒත් පංසලට ඇවිල්ලා හාමුදුරුවෝ එක්ක බණ අහන දඩයක්කාරයෙක් කියන්නේ තවත් එක කතාවක්. 

මස් කඩේ මස් විකුනන එකාට සල්ලි ලැබෙනවා. ඌට කුමාර ජීවිතයක් තියෙනවා. ඌට ඕනි සමාජ තත්වය ටිකක්. ඌ මොකද කරන්නේ පංසලට රිංගලා චිත්‍ර ටිකක් සල්ලි දීල අන්දෝලා, චෛත්‍යයට ගඩොල් දාහක් පූජා කරලා නැතිවුන සමාජ ජීවිතය ටිකක් මස් කඩේ නිසා මිනිස්සුන්ගෙන් අහිමි වෙන කීර්තිය වගේ ටික්ක පංසලෙන් උපයාගන්නවා. ඒත් දඩයක්කාරයා කියන්නේ ඊට පහල බොහොම පහල ඩෑල් එකක්. දඩයක්කාරයට ගම්මුන්ගේ පකේ කීර්තියෙන් වැඩක් තියෙද? ඝනයාගේ බණ වලින් වැඩක් තියෙද? ඇරත් ඌට ඉදලා හිටලා ගෑනියෙක් පෙරලාගෙන සැපක් ගන්නවා ඇරෙන්න ඌට කියලා වෙනම ප්‍රශ්ණ නැහැ. 

ලිංගික ජීවිතයේ ගැටුම 

මේකත් ටිකක් සැරට කතාවන දෙයක් නෙව. ඉස්සර අපෙ මුත්තලා කාලේ වැවයි පංසලයි ගමයි දාගැබයි එක්ක එක ගෑනියෙක් එක්ක මුත්තලා නිදි වැදලා ගාන්ට සීලේත් රැකලා උන්නාය කියලා අපි හිතනවා. මොකෝ අපිට හිතන්න ඒම පොලඹවනවා. ඒත් ඒ කාලේ සුද්දා ලියපු දේවල් එක්ක බලපුවාම ඒ කාලේ සිංහල මිනිස්සු කියන්නේ සැැහල්ලු ජාතියක්. සුද්දට ඕනි වතුවැඩට එහෙම සිංහල මිනිස්සු ගන්න බැරිවුනේ එක්ක සිංහල උන් පට්ට කම්මැලි අනික උන්ට අහවල් සල්ලියක් හම්බ කරලා ක්‍රෙම්ට ජීවත්වෙන එක ඒ කාලේ එච්චර වැදගත් වුනේ නැහැ. 

මේ අනූව දසකේ හෙම අපේ ගමේ මුත්තලා හිටියා. ඕකුන් කසිප්පු ටික්ක අරක්කු ටිකක් බීගත්තාම පරණ දේවල් කියෝනවා. එතකොට එ කාලේ හේන් ගහන්න ඈත පලාත්වලට ගිය හැටි. ගෑනියෙක් එක්කං ඇවිත් පැලේ දාගෙන ඔක්කෝම එක්ක සැප ගත්ත ැහටි. ඉන් ප්සසෙ ඒ ගෑනිට රුපියල් දෙකක් විතර දීලා මුන්සෙට් එක ඒ ආත්ල එක ගත්ත හැටි ගැන කියෝනවා. ඒ වගේම ඒ පරණ මුත්තලා ඩෑල් වලට ගමේ ඉන්න පවුල් වල ළමයින්ගේ තාත්තලා මොක්කුද ිකියලත් මතකයි. ඒ කිය්නනෙ ගෙවල් වෛන වෙනම තිබුනට සමහර ඩෑල් වලට දරුවෝ ගම වටේම ඉදලා තියෙනවා. 

දැන් වගේ හරියට කොන්ඩම් නොතිබුන ඒ කාලේ පැනලා යන එක මහ උලව්වක් නෙමෙයි. ඇරත් ගමේම එක ගෙයක් තියෙය් හොදට හදාපු. අනික් වා ඔක්කොම බේසික් කටුමැටි හෝ ඊටත් අන්ත ගෙවල්. ඉතින් කෙල්ලෙක් පන්නන් ගිහින් කොහෙ හරි හේනක් අටවන් ඒක අටවගෙන ජිවත්වෙන එක මහ කජ්ජක්නෙමෙයි ඒ කාලේ. 

ඒ වගේම හේනක් කියන්නේ මාරුවෙන තැනක්. ඒක ගහගෙන ඒක අස්සෙම පීදිගෙන ඉන්නේ නැහැ. තැන තැන යනවා. මාරු වෙනවා. ඒ ගියාම පෙලක් වෙලාවට මිනිස්සුත් මාරු වෙනවා. ළමයිත් ෂෙයා වෙනවා. ඔය විදිය තමයි ජීවිතේ. 

හැබැයි මේ අස්සේ සුද්දාගේ බොකු බඩවැල් ගාවම උන්ගේ ගතිගුන එක්කම ෆික්ස් ජීවිත ගෙනියපු සෙට්  උන්නා. ඒ උන්දැලා සුද්දා වගේම සල්ලි හම්බ කලා. ඒවා ගාන්ට වියදම් කලා. හරියට පොතේ හැටියට ගෑනු තියන් උන්නා. සුද්දා සහ බණ පොත් වල විදියට සදාචාරවත්ව ජීවත් වුනා. හබැයි කෝචචර සදාචාරයෙන් වැහුව්ත උන්ගේ ජානවල අර හේන් වල ඉන්න ඩෑල් වල තිබුන නිදහස්  ගතිගුණ ඉදහිට මතු වෙනවා. 

අවසාන වසයෙන් පංසල පවුල ආගම ලිංගික ජීවිතය වගේ පොත් පත් ගොඩක් ලංකාවේ තියෙනවා. සිනමා කතා ගොඩක් තියෙනවා. මට හිතෙන්නේ ඒවායෙන් අපේ නැතිවුන ගමේ තිබුන නිදහස, සැනසුම, ලිංගික ජීවිතය ගැන අඩාවැලපීමක් වගේ එකක් පෙන්නුම් කරනවා. 

ෆිල්ම් එක

මම සංසාරණ්‍යෙය් දඩයක්කාරයා පොත කියෝල තියෙනවා.මේක ඒකේ දෙවනි පොත එක්ක හදපු ෆිල්ම් එකක් තමයි සංසාර දඩයක්කාරයා කියන්නේ ප්‍රසන්න ජයකොඩි ගේ ෆිල්ම් එක. ෆිල්ම් එක පට්ටම ස්ලෝ. එක දර්ශනයක් ගොඩක් වෙලා පෙන්වනවා. ඒකේ කියන්න යන දේ බොහොම පොඩි දෙයක්. වරු ගානක් ඒක අල්ලං වාත වෙනවා. සමහර විට පොතේ තියේනනේ ඒ විදිටය වෙන්න පුලුවන්. සිනමා විචාරය කියන්නේ කලාවක් වෙන්න ඇති. ඒ අනුව මේක හොද ෆිල්මක් වෙන්න ඇති. අපි ඇවිල්ලා සිනමා විචාරකයෝ නොමෙයි. ඇවිල්ලා කස්ටමර්ලා..

චිත්‍රපටය කියන බාන්ඩය හෝ සේවාව අපි හෝල් එකට ගිහින් රසවිදිනවා. එතැනදි අපිට දැනෙන ආතල් එක අපි විස්තර කරනවා.

Saturday, June 8, 2019

ශාපි දොස්තර වද සිද්ධිය

එ ශාපි දොස්තර




රෝහල කුරුණෑගල අම්මලා පෝලිමේ
ඇවිදින් පැමිණිලි කෙරුවේ
ඒමන්ත රන්දුනුයි මේ රන් පුවත පලකරේ
මුල් පුවතක් ලෙසිනුයි දිවයිනේ

සැත් පිහිය අරගෙන
කපලා බබා අරගෙන
මිරිකල නාලෙ හරහට...

අට දහක් සීසර
කල ඒ සාපි දොස්තර
වඳ කල තුන්දාහක් විතර

දක්සයා මෙ දක්සයා
සැත්කම්
පෑකට අටක් සිදුකලා
දුෂ්ඨයා දුෂ්ඨයා මේ ඩොක්ට දුස්ටයා
මොනව කලා දෝ ඇස් වසා

Thursday, June 6, 2019

X නම් වූ ශෝබිනිය

ශානි ට රැකියාව එපාවෙලාය. රැකියාවේ කිසිම අමාරුවක් නැත. ඇත්තේ ගොනු කිහිපයක් සමග සුලු වැඩකි. එහෙත් කිසිවෙකු ශානි සමග කතා කරන්නේ නැත. ශානි වෙනත් ලොවකින් ආවා සේ කන්තෝරු ගෑනු සලකති.

අලුත ආ කෙල්ලක ශානි සමග කතා කරන්නට ඇය සමග කුලුපග වන්නට උත්සාහ කලාය. මේ ළමයෝ කියා කන්තෝරුවේ ගෑනු ටික ඒ අලුත් කෙල්ලා පැත්තකට ගතතෝය. උඹ දන්නවද ඕ ශානි මොකද කරන්නේ කියලා. නෑ යැයි සැහැල්ලුවෙන් ඇය පිළිතුරු දුන්නාය. ඊට අමතරව මට ඒකෙ ඇති වැඩකුත් නෑනේ. එයා මෙතන වැඩකරනවා එච්චරයි නේ. හුම්ම්..ඔය කෙල්ල රෑට රෑට මසාජ් පොට් එකක වැඩ කරනවා. ඒක හැමෝම දන්නවා. ඒ වගේ සක්කිලි ජරා රස්සාවක් කරන ගමන් මේ වගේ කන්තෝරුවකට වැඩට එන්න ඒකිට ලැජ්ජාවක් නැහැ. මේකේ ඉන්න මහත්තුරු කියන උන්ටත් ඒම ගෑනියෙක් ගෙන්නගන්න ලැජ්ජාවක් නැැහ. ඒත් අපිට තියෙනවා. උඹටත් මේ ඔෆිස් එකේ කොල්ලන්ගෙන් බඩුව වේසි කියලා කතාහදාගන්න ඕනි න්මකෙල්ලේ ගිහින් කතා බහ කරලා අදුනගනින්. කෙල්ලෙක් විදියට සංවරව ඉන්න ඕනි නම් ඉදහන් මේ අපි ඉන්නවා වගේ වෙන්වෙලා.

චාමිට මේ බණ දිරවන්නේම නැත. ඇය මසා ගියානම් එය චාමිටද අවුල් සිද්ධියකි. එහෙත් අම්මණ්ඩිලාගේ නඩේට වඩා ආතල් එකකින් ශානි සිටින බව චාමිට පෙනුනි. ශානි අතේ අලුත්ම අයි ෆෝන් එකකි.අ ැය වැඩට එන්නෙ ලස්සන ස්කූටියකිනි. ශානිගේ මේකප් එකද ඇදුම පැලදුමද අනෙක් පැරණි දශකයේ ගෑනුන්ට වඩා අලුත්ය. කොටින්ම මෙතරම් මිනිස්සු කතා හදන්නේ ඇය හැඩට ඇදීම නිසාද? චාමි හිතන්නට විය.

ශානි අක්කි තරහ වෙන් එපා ඇහුවාට.

මොන පිස්සුවක්ද නංගි මේ, උඹ ඕනිදෙයක් අහපන්. මං ඒත් බැලුවා ඇයි උඹ පරක්කු කියලා.

අක්කි ඇයි ඔයා වැඩ ඇරිලා අරවගේ ජරා රස්සාවකට යන්නේ.

නංගි මේ ඔෆිස් එකේ පියන් ඉන්නවා ඌ නිරෝශ්. මම මේ නිකමට කියනවා නෙමෙ හොයල බලහන් ඌට මේ ඔෆිස් එකේ පඩියෙන් හම්බෙනවාට වඩා ගානක් හැන්දෑවට ටැක්සි දුවලා හම්බෙනවා. මම දන්න වේටර් කොල්ලේක උන්නා. ඌ දවසම ඔෆිස් ඉ්න්නවාට වවඩා වැඩි ගානක් පස්සේ කාලෙක හෝටලේ උයලා හම්බ කලා. මෙතන මම ඇත්තටම මාසෙකට ගන්නවාට වැඩි ගානක් මසා එකේ සති දෙකට හොයපු වෙලාවල් තියෙනවා.

ඒ උනාට අක්කි සල්ලිමද ජීවිතෙ. අනෙ මන්දා. ඕවාට මහ ජරා මිනිස්සු එනවා ලු නෙ. ? මම කියවල තියේ.

ඔව්. ඔව්.ඒ ගැනනම් කතා කරලා වැඩක් නැහැ. උඹ කලින් ඇහුව පස්නෙට උත්තරේ. මම මෙහෙට එන්න කලින් මසා එකේ හිටියේ. පස්සේ මම මේ රජයේ කන්තෝරුවට සිලෙක්ට් වුනා. මම තාම මසා එකේ ෆුල් සර්විස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ සෙස් කරන්න දෙන් නැහැ. මට එක දවසට රුපියල් විසි තිස්දාහ ඕනි නැහැ. රුපියල් තුන් හාරදාහක් ඔය වැඩෙන් දවසට අතගානවා ගොඩක් වෙලාවට. මට ඒ ඇති බන්.

ශානිට හැමදාම මේ වසන්තය පැවතුනේ නැත. ශානි සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක්ම ලොකු තැන්වටල ගොස් තිබුනි. ඉන් පසු ඇයට ලොක්කා කතා කලේය.

ඔයාට තියෙන්නේ මේ කාර්යාලය සම්බන්ධ දෙයක් නෙමෙයි. චරිතය සම්බන්ධ පැමිණිල්ලක්. මේක ආගමික පසුබිමකින් හැදුන රටක් කියලා ඔය ළමය දන්නවා. මේ ගොඩක් අය ඒ අනුව ජීවිතේ බොහොම සරලව ගෙනියන උදවිය. අපි අපේ ළමයෙක් වුන්ත මේ තැනකට එක්කරන් එන්නේ ඉන්න අයගැන තියෙන විශ්වාසයෙන්. මෙ තැන්වල වැඩ කරන අය සම්බන්ධයෙන් පැමිණිලි තිබුනත් ඔවුන්ගේ චරිතය ගැන මිනිස්සුන්ට තියෙන්නේ ගරුත්වයක්. ඒ නිසයි මේ කාර්යාල වලට එන මිනිස්සු අපිට කට ඇරලා නෝනා මහත්තයා කියන්නේ.

ඔය ළමයාට එරෙහි විනය පරීක්ෂන තිව්වොත් ටිකක් විතර අමාරුයි. මොකද එක වර රැකියාවන් දෙකක් කරන්න බැහැ. විශේෂයෙන් මේ වගේ රජයේ තැනක ඉද්දි තවත් තැනක වැඩ කරන්න බැහැ. ඒ වගේම ඔය ලමයා අමතරව ැවඩ කරන තැනින් දැන් නොවුනත් ඉස්සර පොලිසියට පවා ගෙනියලා තියෙනවා කියලා අපිට ආරංචි ඇවිල්ලා තියෙනවා.

හරි සර් මට දැන් මොකද කරන්න කියන්නේ. මට වෙන ආයතනයකට යන්න බැරිවෙයිද? ශානි ඇසුවාය.

මම රාජ්‍ය සේවයේම අවුරුදු විසිගානක් මාරු වුන කෙනෙක්. රාජ්‍යෙ සේවය එහි වැඩ කරන අය ගැන මට විවිධ පැමිණිලි ඇවිත් තියෙනවා. ඒත් මේ ළමයාගේ පස්නය වෙනස්. මට ඔය ළමයගෙන් කෙලින්ම මේ ගැන අහන්න අයිතියක් තියේද කියලා මම දන්නේ නැහැ. මට අහන්න පුලුවන් ඔය ළමයා වෙන්ත රැකියාවක් කරනවාද කියලා විතරයි. ඒ කරන රැකියාවේ ස්වභාවය මේ රැකියාවට අදාලද? කියන එක ගැන මටත් ලොකු අදහසක් නැහැ. අනික මම දන්න විදියට ඔය ළමයා බොහොම කඩිසරව දෙන වැඩ කරන කෙනෙක්. කට්ටිය වැඩ ගැනත් පැමිණිලි කර නිසා මම පුද්ගලිකව හොයලා බැලුවා.
මම හොද මිනිහෙක් කියලා ඔයා හිතනවා ඇති. නැැහ..මම ළමයා කිව්වට ඔයාගේ තාත්තා නෙමෙයි. ඥාතියෙක් නෙමෙයි. ඔයා මටත්මොනවාහරි උදව්වක් කරනවා නම් මට ඔයාට උසස්විමක් දීලා වෙන තැනකට මාරුවෙන මාර්ගය පෙන්වාල දෙන්න පුලුවන් වෙයි. ඔයා අනික් අයට කියපු විදියට අමතර වැඩ වෙලාවට කරන්නේ බිස්න්ස එකක් නේ. ඉතින් බිස්නස් කරද්දි සමහර තැන්වල සමහර දේවලි දෙන්න වෙනවා.

හරි සර් වැල් වටාරම් ඕනි නැහැ. මට කියන්න දැන් මේ මගුලෙන් අස්වෙන හැටි. මං ෆුල් සර්විස් දෙන් නැහැ. අනික මම දන්න කියන අයට මොනම සර්විස් එකක් වත් දෙන් නැහැ. සොරි ඔයා මට හරියට අස්වෙන විදිය කිව්වෙ නැතත් මං කොහෙන් හරි හොයාගන අස්වෙන්නම්. ශානි කිව්වාය.

මේ කෙල්ලෙ. ඔයා කරන ජරා රස්සාව හැමෝම දන්නව. හැමෝම මට කියනවා ඔය ගැන. ඔයාලට ආරක්ෂාව දෙන්න ගියාම අපිටත් පාට්ස් දානන් එනවා එහෙම නෙමෙයි ඉතින්.. සර් පැහැදිලි කරන්නට විය.

මේ සර්. මම සර් කියන්නේ ඔය තනතුරට. මට ගොඩක් දේවල් තේරෙන් නැහැ. ඒත් මේ තුට්ටු දෙකේ සොච්චම් රස්සාව බේරගන්න මිනිස්සු එක්ක බුදියගන්න මම ලෑස්ති නැහැ. ඔයා කරන්න පුලුවන් දෙයක් කරන්න. මට හිතුනොත් මම අස්වෙන්නෙත් නැහැ.කරන්න පුලුව්න උපරිම දෙයක් කරලා මාව අස්කරනවා. හැැබයි මමත් එහෙම වුනොත් නිකන් ඉන්නෙත් නැහැ.. ශානි ආවේගයෙන් කියන්නට විය.

හුම්ම්..එහෙමද අපි බලමු පස්සෙ හරි හිත වෙනස් වෙයි නේ. ලොක්කා කියන්නට විය ශානි ඉන් පසු නැගිට ගියාය.

පසුව කැන්ටිමේදී ශානිට චාමි හමු විය.

මොකො බන් ශානි වුනේ.

ලොක්ක එක්ක බුදියගන්නලු බන් රස්සාව රැකගන්න ඕනි නම්. ඕකා හැබැයි හොද බුවා. ඌ කීමට කිව්වට ඕක පසසේ පන්නන එකක් නැහැ.
ශානි කියන්නට විය.
අනෙ මනදා ශානි අක්කි. උඹ නම් මහ යකඩ ගෑනියෙක් බන්. මට නම් කවදාවත් ඔහෙම වෙන්න බැහැ. චාමි කියන්නට විය.
මොන එකකට උඹ එහෙම වෙනවද? ඔය ඉන්න විදියට ඉදහන්. මට මේ වෙල තියෙන්නේ මේ තු්ට්ටුවක් දෙකක් අරං ජීවත්වෙලා පුුරුදු නැහැ බන්. මාසෙට මට අඩුාගනේ හැටක්වත් ඕනි. නාස්තිකරගන්න. නැත්නම් කිසි ලල් එකක් නැහැ වෙග්. උඹ ඒම හුරුවෙන් එපා. මං මේ සල්ලි පොදි ගහන් ඉන් නෑ බන්. මොනාට හරි වියදම් තමයි. ශානි කීවාය.

***************************
කන්තෝරුවේ උත්සවයකි. හැමෝම කඩිමුඩියේ සියල්ලටම සූදානම් වෙයි.ආරාධිත අමුත්තන්ද පැමිණෙන නිසා කන්තෝරු ගැහැනුන් තොරන් පරිද්දෙන් හැඩට ඇදගෙන පැමිණ සිටියේය.

මන්ත්‍රිතුමා එනවා යැයි කී විට එකියක් මහ කලබලේකින් දුව ගියාය. අතර මගදී ඇය 42 සී සයිස් මහා තන් දෙක ජබෝස් ගා බිම වදින පරිද්දෙන් සාරිය පැටලී බිම ඇද වැටුනාය.එ හෙත් ඇය නැවතත් නැගී සිට වැදුන තැන් අතගාගෙන පිසදාගෙන වේගයෙන් දුව ගියාය. අනික් ගෑනුද මන්ත්‍රිතුමා ට මූන පෙන්වීමට මහත් වේගයෙන් පිලිගැනීමේ උත්සවය කරා නික්මි ගියේය.

ශානි ත් චාමිත් කිසි වැඩි කලබලයක් නැතිව සිටියෝය.

වේදිකාව උඩ සිට මන්ත්‍රිතුමා පහල සිටින ගෑනු දෙස බලන්නේය. මේකප් උලා ඇති තොරම්බල් කරත්ත රාශියක් මැදින් මන්ත්‍රිතුමාට පුරුදු රුවක් නෙත ගැටුනි. ශානි බිම බලාගත්තාය.

උත්සවය අවසානයේ කතා බහ කරන අතර ශානිට මන්ත්‍රිතුමාගේන ඇරයුමක් ලැබී තිබුනි. මිස්ට අපේ සර් කතා කරනවා. අයෙක් කීවේය. ශානි මෙය මේ වෙලාවේ බලාපොරෝත්තු නොවුනි.

මනොරි නේද? එදා නම. මම හිතන්නේ ඒක බොරු නමක් වෙන්න ඇති. මන්ත්‍රිතුමා ශානිගෙන් ඇසුවාය. ඇය මන්ත්‍රිතුමා ගෙන්වාගත්තේ වෙනමම ස්ථානයකට යන අතරමගදීය. දැන් ශානි හා මන්ත්‍රිතුමා ජෝඩුවක් පරිදි එයි. ඒ අතර මන්ත්‍රිතුමා ශානි හා කතා කරන්නේය. ඡායාරූප ශීල්පීන්ට ශානි මග හැරිය නොහැකි වන පරිදි මන්ත්‍රිතුමා ඈ හා කතාවේ පැටලී ඇත.

සර්ට මතකයි නේ. ශානි ඇසුවාය.
මේ මගේ කාඩ් එක පස්සේ කෝල් එකක් දෙන්න. මන්ත්‍රිතුමා කාඩ් එක දුනනේය..

මේ මනෝ. කොහෙද යන්නේ. එනවා යන්න මේ අලුත් ශාලාව විවෘත කරන්න. එවිට ගමනට ශානි එකතු විය.

සර් මගේ ඇත්ත නම ශානි. කට්ටිය කලබල වෙයි ඒ නිසා ශානි කියලා කියන්න.

හුම්.. ශානි මොනවද මෙහෙ කරන්නේ. මම සර් මෙහෙ පොඩි තැනක ඉන්නේ. දන්නැද්ද ඉතින් අලුත් පත්වීම්නේ සර්. ශානි කීවාය.

මට තාම ශානි මතක හිටින එක හේතුවක් ශානිගේ කෙලින් කතාව. මම නිකං වචන විසික් කරන් නැහැ. මොනා හරි තියේන්ම ශානි මට කියන්න. බයවෙන් එපා. දන්නවා නේ. ඉතින් මට ඔයාව ආයතන සංග්‍රහය කපලා  ලොක්කෙක් කරන්න බැහැ. ඒත් මොනාහරි කරන්න පුලුවන් ඇති නේ. මන්ත්‍රිතුමා කියාගෙන ගියේය.

අලුත් ශාලාව විවෘත කරන්නට පිරිස එක්රැස් විය.

දැන් මෙතන පිරිස එකතු වෙලා ඉන්නේ අලුත් ශාලාව විවෘත කරන්න. අපේ ගමේ ඉද්දි ගෙයක් අලේ කරන්නේ හොද සෞභාග්‍යමත් මිනිහෙක්. කමතේ වැඩක් පටන් ග්නනෙ හොදට වැඩ කරන මනුස්සෙයක් හොද ගොවියෙක්. ඉතින් මම මේ පිටින් ඇවිල්ලා මේ දේවල් විවෘත කරනවාට වඩා ඔයාලගෙම කෙනෙක් මේකෙ පීත්ත පටිය කපනවාට තමයි මම කැමති.

මම ඉගෙනගත් කාලේ මගේ මිතුරියක් ශානි. ශානි මෙතන වැඩ කරන සාමාන්‍ය සේවකයෙක්. මගේ යාලුවෙක් නිසාම නෙමෙයි දක්ශ සේවිකාවක් නිසා මම කැමතියි ශානි අතින් මේ පීත්ත පටිය කැපෙනවාට. එහෙම හොදයි නේද? අධ්‍යක්ෂතුමා? මන්ත්‍රිතුමා අසන්නට විය.

හොදයි සර් කියනවා ට වැඩි යමක් අධ්‍යක්ෂතුමාට කියන්නට ඉඩක් නොවීය.

ශානි පීත්ත පටිය කැපූ අතර පිරිස අත්පොලසන් දුන්නේය.

රටටම ආදර්ශයක් දෙමින් මන්ත්‍රීතුමා ගෙඩනැගිල්ල සේවකයෙක් ලවාම විවෘත කරවයි. පුවත්පත්වලද පලවූ නිවුස් එකක් වූ අතර ෆේස්බුක් හිද මන්ත්‍රිතුමාගේ ක්‍රියාව ගැන පතල විය. ඒ විවෘත කරන යුවතිය හැඩකාරියක වීම නිසා කොල්ලන් අතරද ඉක්මනින්ම ඒ යුවතියගේ පීත්ත පටි කැපීම ප්‍රචලිත විය. ඇය පීත්ත පටිය කපන අවස්ථාවේ ඇගේ එක් සුන්දර බැල්මක් එක් ඡාායරූප ශිල්පියෙකුට කදිමෙට හසු වි තිබුනි.

ශානි අක්ක දැන් ඉතින් හරි ජනප්‍රිය වෙලා නේ. එක දවසින් ජාත්‍යන්තරයට ගිය නේ. චාමි අසන්නට විය.
ඔවු බන්. මම පොරගේ පොලිටික්ස් දන් නැහැ. ඒත් ඔය බුවා හරි වෙනස් මිනිහෙක්. මම කැමති නැහැ පොර දේශපාලනය කරනවාට. ඇත්තටම මට හම්බෙලා තියෙන ගොඩාක් මිනිස්සු අතර වෙනස්ම ගතිගුණ තියෙන මිනිහෙක්. ශානි කියන්නට විය.

අනේ අක්කි කෝමහරි මට ඒ කතාවනම් දැනගන්න ඕනි. චාමී අයදින්නට විය.

හුම්ම්..උඹටත් ඉතින් කේලමක් නම් ආයේ කන්න බොන්නත් ඕනි නැහැ වගේ නේ.

ඒ කාලේ මසා එකේ කෙල්ලෝ මන්ත්‍රිලා එහෙම රෑට අපිව ගෙන්නා ගන්නවා. ඒක ඔය ජොබ් එකේ එක කැත පැත්තක්. එතකොට මම අලුත්. මම මන්ත්‍රි ගාවට ගියේ බයෙන්. මාව තියාගෙන මේ යකා අනික් උන් එව්වා. මම ඉතින් මගේ ඇත්තම තත්වෙට තව ණයකුත් ඇඩ් කරලා ණය ගෙවාගන්න මේ රස්සාව කරනවා කිව්වා.

පොර කිව්වා ඒ උකාරිස් මට වැඩක් නැහැ. තමුසේ ගෙන්නගත්තේ සැපක් ගන්න. ඒක දීලා යනවා. මම ගානක්  දෙන්නම් කියලා කිව්වා. මම හිතුවා පොර මට නරක විදියට සලකයි ක්යලා. ඇත්තටම මම ඒ වෙද්දි ඔය වගේ සර්විස් වලට එච්චරම පුරුදුත් නැහැ. මගේ නුපුරදු ගතිය බුවාට වැටහුනා. බුවා ඇහුවා. මගදි තමුසෙගේ ණය මුදල කීයද කියලා. මම කිව්ව මම ගමේ සැලුන් එකක් කරන්න සැලොන් බඩු වලට රුපියල් ලක්ෂ එකහමාරක් අරගත්තා. ඒක ගෙවන්න තියෙන නිසා මේ රස්සාව කරලා කීයක් හරි හොයාගන්නවා දිගටම කරන්නේ නම් නැහැ කියලා.

ඌ ඇත්තටම ලොකු වැඩේ කලේ නැැහ. පොඩි විනෝදයක් අරගෙන මාව යැව්වා නම්බරේ ඉල්ලගෙන. ඊලග දවසක පොර ආවා මාව හොයාගෙන . ඇවිල්ලා ඔයාට ලක්ශයක් දෙන්නම් ඕනිනම් ගෙදර යන්න අකමැත්තෙන් මේ වගේ රස්සා වල ඉන්න එපා.. තමුසේ රුපියල් ලක්ශ එකහමාරක් ගෙවාගන්න බැරුව මේ වගේ තැනක අකමැ්ත්තෙන් ඉන්න එක මටත් දරාගන්න බැැහැ කියලා මන්තිරියා කිව්වා. එතකොට බුවා මෙච්චරම ජනප්‍රිය නම් නැහැ.

මම ලක්ෂෙ ගත්තා. ඒත් මට ඇත්තටම ලක්ෂයක් ඕනි වෙලා තිබුන් නැහැ. මම කිව්වේ දාර බොරුවක්. මට ගෙදරින් කියලාලොකු දෙයක් ලැබුන් නැහැ. ඒත් පොඩි රස්සාවකින් ජිවත් වෙන්න බැරිකමක් තිබුනෙත් නැහැ. අනේ මන්ද බන්. අපේ පවුකාරකමට අපි කරන දේවල් තියෙනවා නේ. මට පස්සේ මන්තිරිය ගැන දුක හිතුනා. ගෑනු මිනිස්සුන්ට බොරු කියනවා. ඒත් ඒ වට මිනිස්සු සම්පූර්ණයෙන්ම ඇන්දෙනකොට දුක හිතෙනවා. ඌ කිව්වා. නංගියේ අපි ලොකු තැන් වුනාට අපිටත් දුක දැනෙනවා. මටත් ලක්ෂයක් කිය්නනෙ පොඩිම ගානක් නෙමෙ කියලා ත් කිව්වා.

මම  එවෙල සල්ලි ගත්තා. ඒත් බුවාට කලේ වරදක් කියන වරදකාරි හැගීමෙන් මට ගැලවෙන් බැරි වුනා. මම ගියා පොරව හම්බෙන්න. මහජන දවසේ ගියේ. එතකොට වයිෆ්ට සැක හිතිලා එයා ඇවිත් වාඩිවුනා මන්ත්‍රිතුමා  ලගින්. ඉතින් “ මම සර් අපේ ගමේ අවුරුදු උත්සවේ සර්ට කියන්නයි මම ආවේ. සර් එන්නම ඕනි මේ පාර අවුරුදු උත්සවේට කියලා මම ඒ වෙලේ මතක් වුනු පචයක් කියල දැම්මා. දවස අප්‍රේල් 2 ඔන්න අනිවාර්යෙන් සර් එන්නම ඕනි. කියලා මම කිව්වා. ඔයාට දෙවනිදා වෙන වැඩක් ඇති නේද? කියලා එතකොට වයිෆ් ඇහුවා. මන්ත්‍රිතුමාට කාරණේ තේරුනා. හරි හරි..මම ඉඩ තිබුනොත් එන්නම්. ඔයාලගේ සමිතියේ ලොක්කගේ නෝම්බරේ මට දිල යන්නකො. මම කෝල් එකක් දෙන්නම්. ඔයාලත් මේ කෝල් එකෙන් කරන්න හැකිදේට මහජන දවසේ ඇවිල්ලා වද දෙනවා නේ. කියලා ලොක්ක කිව්වා.. ශානි කියාගෙන ගියාය.

ඇත්තටම අක්කි එ් ම අවුරුදු උත්සවයක් තිබුනේ නැද්ද? ඇයි ඒම කි්වවේ? චාමි අසන්නට විය.

චාමි නංගි මේ. මිනිහෙක් ෆිටි උනාම සමහර වෙලාවට කතා කරන්න ඕනි නැහැ. සට පට ගාල උන්ගේ ට්‍රැක් එක තේරෙනවා. මන්ත්‍රිතුමා දැකල තිබුනේ දවස්දෙක වුනත් ඒ ෆිට් එක තිබුනා. පොරට මම කිව්ව බොරුව ඉක්මන්ට මීටර වුනා. අර දීපු ටෙලිෆොන් නම්බර් එක මගේ.. සමහර වෙලාවට ඔය දේශපාලනයට එන්නේත ඔය වගේ අංකූරො වෙන්න ැති බන්.. ශානි කියාගෙන ගියාය.

ඉන් ප්සසේ දවසක් මාව හම්බෙන්නම ආවා. මම සල්ලි ටික ආපහු දීල ඇත්තම කතාව කිව්වා. එතකොට මට මොකද්දෝ අවුලක් තේරුන බන්. මොකක්දෝ සින් එකක්. මට කියන්න තේරෙන් නැහැ. මගේ හිතේ  මන්තිරියට ලවක් වගේ ඇතිවෙන්න ගත්තා. මම පිරිමින්ගේ යට ඇගවල් සීයක් දෙසීයක් නෙමෙ දැන් නම් දාස් ගානක් අතගාල ඇති. උන්ගේ පැණී ටෝක් චාටු වලට අනන්ත අහුවෙලා ඇති ඒත් මට මන්තිරියා ගේ මොකක්දෝ මෙව්වා එකක් පෙනුනා. ඌ බැදලා. අනික මට ඒ මන්තිරි ගෑනි එක්ක අමුතු ඉරිසියාවකුත් ආවා.

ඉන් පස්සේ ඕ මන්තිරියා ඉන්න පලාතේ මසාජ් එකෙන් මම කිසිම ලකුණක් ඉතිරි නොකරම ගැලවිලා ආවා. ඒ ඇවිල්ලා තමයි පසසේ මේ පැත්තේ තැනක වැඩට ආවේ. ඒ එක්කම මේ රස්සාවත් මම කෝමහරි හදාගත්තා. ඒත් ඒ මන්ත්‍රිබුවා මම ආයේ මේ ඊයෙපෙරෙද ඕක වෙනකල් ඇස්දෛකන් දැකකේ නැහැ.

මම පත්තරේක වුනත් බුවා දැක්කොත් තාමත් දැකල හුස්මක් හෙලනවා. ඌටත් මාව හොදටම මතක ඇති. මට මතකයි ඌ කියනවා. කෙල්ලේ. මේ කාලේ ලක්ෂයක් දෙනවා කිව්වොත් මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඒත් උඹ. මම මේක මගේ ජීවිතේ ලබපු හොදම අත්දැකීමක්. මොන පාලන කාලෙක හරි මොනාහරි උදව්වක් ඕනි වුනොත් මට කියන්න.ලොකේ ඕනිම තැනක ඉදන්. මට කරන්න පුලුවන් උපරිම මම ඒක කරනවා. කියලා පොර කිව්වා.

මම එදා බුවාව දැක්කා. මං දන්නවා පොර මාව අනිවා ගෙනන්නවා කියලා. ඒත් ඔහොම පීත්ත පටිය කපන්නදේවි කියලා නම් හිතුවේ නැහැ.

ඒක නෙමෙ ශානි අක්කි. දැන් උඹ එක්ක තරහ වුන එක ගැන අපේ ඔෆිසියේ  අම්මන්ඩිලා ටික දුක් වෙනවා. මම හිතන්නේ ලොක්කටත් මොකක් හරි වෙනසක් වෙලා. මොනව උනත් උඹේ සිහින කුමාරයා ඇවිල්ලා උඹව අපායෙන් ගැලෙව්වා වගේ නේ බන් ශානි අක්කි. චාමි කියන්නට විය.

අනේ පලයං චාමි නංගා යන්න. මට මේ අන්ටිස්ලා අංකල්ස්ලා මොකටද බන්. කෝක උනත් ඌව ආයේ දැක්ක එක නම් මට හෙන ගැම්ම. උගේ තියෙන ඒ ඇට්ටර ගතියට හිතුවක්කාර මෙව්වා එකට ඌ මන්තිරියෙක් වුනත් මගේ හිත ඇදිල යනව බන්. ශානි කියන්නට විය.

මම කිව්ව කියලා හිතාගනින් අක්කියෝ. මම එදා උඹල දෙන්න කතා කර කර ගිය දිහා හොදට බලන් උන්නා. ඇත්තටම සිරා මැචින් කපල් එක. අරූගෙ ටිකක් බඩ වැඩී. ඒත් මේ කෙල්ලත් ගානට මහත නේ. ම්ම්. සිරා ඈ..

අනේ පලයන් චාමි නංගා යන්න. ඌ උගේ පාඩුවෙ ඉදී. දැන් ඉතින් ඌ ආවට පස්සේ මටත් මෙතන ලොක්කට වගේනේ බන් සැලකීම. වෙනදා මං ගියාට පස්සේ කෙල ගහගෙන යන සික්කත් ඕයි දන් මට උදේ පාන්දර ගුඩ්මෝනින් මැඩම් ගානවා.එදා පීත්ත පටි සින් එකෙන් ප්සසේ  මුන්ගේ වෙනස් වීම ගැන වෙනම පොතක් ලියන්න ඕනි චාමියෝ.. හෙහ් හෙහ් හෙහ් ශානි කියන්නට විය.

Saturday, June 1, 2019

ලංකාගම පිටදෙණිය දිය ඇලි

ලංකාගම පිටදෙණිය දිහා තියෙනවා පට්ට දිය ඇලි ටිකක්. පහුගිය දොහේ අපි ගියා ඒවා බලන්න. හරිම ලේසි ගමන අප්පා. උදේම නැගිටලා අපි පාන්දර පහට විතර සෙට් වුනා හයිවේ එන්ටරන්ස් වලින්. පූර්ණ කඩවතින් අපිව ගත්තා. ඉන් පසු පූර්ණගේ කාර් එකේන අපි ගමනාරම්භ කලා.


රූට් එක
වැලිපැන්නෙන් එලියට දාලා මතුගම දිහාට යනවා. එතකොට තියෙනවා නෙළුවට යන්න පාරක්. නෙළුවට යන පාර වැටිලා තියෙන්නේ පැලවත්ත පැත්තෙන්. ගූගලා ගෙන් නෙළුවට ගහගත්තම රූං ගාල යත හැකි. ලංකාගම පිටදෙනිය ඇලි සෙට් එකටම අපි මැප් එක ගැහුවා. ඒත් නෙළුවෙන් පස්සේ අපිට වැරදුනා. අපි ගියේ මුලින්ම දෙල්ලව පාරේ. දෙල්ලව පාර මඩවෙලා. අපි ගිය දවසේ උදේම ටිකක් වැස්සා. ඒනිසා අමාරුයි. අපිට එතන හිටි අය කිව්වා මගට යන්න හැකිය කියලා. ඒත් අපි හරෝගත්තා.


ආයේ නෙළුවට ඇවිල්ලා දූවිලි ඇල්ල ගාවට ආවා. නෙළුව දූවිලි ඇල්ල තට්ටු තුනයි. අපි එතන්ට එද්දි උදේ අට හමාර විතර වෙලා. ඒ වෙද්දි නෙලුව දූවිලි ඇල්ලට යන ගේට්ටුව ඇරලාත් නැහැ. ඒනිසා අපි ටිකක් එතන කැරකි කැරකි උන්නා. එතන ඉදලා පිටදෙනිය ලංකාගම සිංහාරාජ පිවිසුමට කිලෝමීටර දහයක් විතර තියෙනවා. අපි ගියේ පොඩි කාර් පුංචක. ඒකේ යන්න අමාරුයි කියලා තමයි හිතුනේ.


ඔහෝම ටැග් ගැහි ගැහි ඉද්දි ආවා බොලරෝ එකක්. බොලරෝ මැක්සි. කිලෝමීටර දහයට ඒ බොලරො එකෙන් යන්න එන්න පහක් ඉල්ලුවා. අපි හිටියේ හතරයි. ඒ ගමන යන්තම් කතා කරලා හාරදහට බස්සාගත්තා. අපි උදේ නමය හමාර වෙද්දි ලංකාගම ඇලි සෙට් එක බලන්න කවුන්ටරේට සෙට් වුනා.


ඉන් පස්සේ ඇලි සෙට් එක බැලුවා. බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුනුඇල්ල, ගල් දෙබොක්කාවකින් ගලායන ඔරු ඇල්ල එහෙම බැලුවා. ඒ වගේම දූලි ඇල්ලත් අපි බැලුවා. බලලා අහක් වෙලා අපි ඇවිත් තට්ටු ඇල්ලෙන් නෑවා. දූලි ඇල්ල ගාවිනුත් අපි වතුරට බැස්සා. මයෙ අම්බේ උන්න මාලු පුකට කොටනවා කකුලට කොටනවා ඉවරයක් නැහැ. සුට්ටි මාලු ඒත් සැරට කන්න හදනවා. ටිකක් වෙල යද්දි නම් ඒකට හුරු වෙනවා. උන්ට කෑම ආදිය අඩු පාඩු වගේ මම හිතන්නේ. තට්ටු ඇල්ල මරු එතන අපිට පීන පීන නාන්නහැකියාව තියෙනවා.


පිටදෙනිය බැලුවේ නැහැ.


මේ ගමන දොලහට එකට විතර ඉවර වුනා. අපි කෑම ඒ ලගපාත තැනකින ්ඇනවුම් කලා. කෑම එකක් දෙසීයයි. අපේ බොලරෝ මැක්සියේ ආපු රියදුරු තැන ඒ කෑම ඇරේන්ජ් කලා. කලින් කීවා නම් අපිට කිතුල් රා එහෙමත් හදා තියන්නම් කියලා කිිව්වා. කිතුල් රා බොන්න අපිට පින තිබුන ්නැහැ ඒ නිසා.


මේකේ පිටදෙනිය සිංහරාජ පිවිසුමටත් යන්න පුලුවන් ඒත් බොලරෝ කාරයට තව දෙදාහකුයි ගයිඩට තව දාහකුයි දෙන්න ඕනි. ගයිඩ් බුවා වැඩි කතා නැහැ නැහැ. ඒත් ඇලි ටික පෙන්නුවා අර එක තැන ඉන්න කටුස්සෙක් පෙන්නුවා අපිට. දැන් නම් මේ ලංකාගම අලි සෙට් එකේ කූඩැල්ලෝ නැහැ. මිනිස්සු බේත් ගහලම උන් වදවෙලා ගිහින්ලු.


දුහුවිලි ඇල්ල


ඉන් පස්සේ අපි එන්න ආවා. දුහුවිලි ඇල්ල නෙලුව කියන්නේ ස්ටේජ් තුනක් තියෙන ලස්සන ඇල්ලක්. එතනින් මිනිස්සු වතුර බොනවාලු. ඒ නිසා ඇලි වලින් නාන්න දෙන් නැහැ. යටින් තියෙන පූල් එකකින් නාගන්න පුලුවන් කම තියෙනවා. දූහුවිලි ඇල්ලත් අපි ගිහින් බැලුවා. ඒකෙන් නෑවේ නැහැ කලින් අපි නෑව නේ.. ඔක්කොම පෝගැම් එකම හතර විතර වෙනකොට නිවි හැනහිල්ලේ ඉවර වුනා. ඉතුරු ටික බලන්න ආයේ දවසක යන්න හිතාගත්තා. ඒත් ඉතින් හිතුවාට ඕවා වෙය්යැ.


අපි උදේ පාන්දර පහටම හයිවේ එකට දැම්ම නම් අට වෙද්දි විතර දුහුවිලි ඇල්ලගාවට එන්න පුලුවන්. ඒ වෙලාවට ඇවිත් දිය ඇලි ටික බලලා නාල කියලා ෆන් එකක් ගන්නෝ න්ම ඒවත් අරන් හවසට පිටත් වෙන්න පුලුවන් කම තියෙනවා. කොළඹ සෙට් එකකට දවස ගත කරන්න කදිම තැනක් තමයි මේ දූවිලි ඇල්ල, ලංකාගම පිටදෙනිය ඇලි සෙට් එක.


දිය ඇලි ගොඩාක් උස නැතුවුනත් ලල් එකේ නම් අඩුවක් නැහැ.
ගිය බොලරො එක

බ්‍රාහ්මණ ඇල්ල 

ගල් ඔරුව ඇල්ල 

ලංකාගම දූලි ඇල්ල 

කකුල කන මාලු 

තට්ටු ඇල්ල 

තට්ටු ඇල්ල ලොකුවට 

ගොළුබෙල්ලෙක් 

ගිං ගග 

දූවිලි ඇල්ල නෙළුව 

දූවිලි ඇල්ල නෙළුව උඩ කොටස 

දූවිලි ඇල්ල නෙළුව