Showing posts with label පොරටෝක්. Show all posts
Showing posts with label පොරටෝක්. Show all posts

Tuesday, October 29, 2024

ලාඕ චීන කෝච්චි ටිකට් පොයිය

ලංකාවේ රට හදන හැටි ටීවි එකේ කතා කරනවා.. යූ ටියුබ් එකේ කතා කරනවා. ලොකු ලොකු වාද විවාද යනවා. හෙනම ස්මාට් වට වේගවත්ව වැඩ කරන්න ඉන්න හැටි ගැන කතා වෙනවා. අමො අමෝ මාරයි.

ඒවා අහං ඉදලා කොටුවේ ස්ටේශන් එකට ටිකට් එකක් බුක් කරන්න ගිහාම. අර ටීවි සාකච්චා වලට එන උන්ගේ රට හදන්න යන උන්ගේ කටට රෙන්න හිතෙනවා ඔන්ලයින්ම. මොකද අවුරුදු ගානක් කතා විතරයි. මෙලොව වැඩක් නෑ. අවුරුදු ගානකින් නෙමෙ දශක ගානකින් කිසිම දෙයක් අලුත් වෙලා නැහැ. මිනිස්සු එදා වගේම අදත් ටිකට් එකක් ගන්න පොරකනවා. ඔන්ලයින් කියල තියෙනවා සිස්ටම් කියල තියෙනවා ටිකට් දාල පැයෙන් ඉවර වෙනවා. ස්ටේශන් එක ඉස්සරහ වීල් පාක් එකට ගිහින් බැලුවම ටිකට් තියෙනවා යක්ශ ගනන් වලට. ඉතින් පිංවතුනි මේ වගේ චුට්ටි දෙයක් හදාගන්න බැරි උන් අපි පත්කරගෙන උන්ගෙන් මහා විසාල හැදිලි අපිල බලාපොරොත්තු වෙනවා. ?

ලාඕ රේල් ටිකට් වරුණාව

එහෙ ටිකට් ඇප් එක චීන එකක්. චීන අයට සහ ලාඕ අයට ඇප් එකෙන් පුලුවන් සංචාරක අපිලට කෙලින්ම ඔන්ලයින් බුක් කරන්න බෑ. හැබැයි අපිට කෝච්චිවල සීට් ඉඩ තියේ නම් සතියකට කලින් වුනත් අදාල දුම්රිය ස්ථාන ඕනම එකකින් ඒ රූට් එකේ ඕනම තැනකට ටිකට් වෙන්කරගන්න පුලුවන්. ඒ වගේම අපි ඉන්න හෝටලෙන් ට්‍රැවල් ඒජන්සි එකෙන් වුනත් ටිකට් බුක් කරන්න පුලුවන්. ඒ උදවිය ඇප් එකෙන් බුක් කරලා ඒ බුක් කරන එකට පොඩි මාජින් එකක් තියලා අපිට ගාන කියනවා. ලංකාවේ වගේ දෙදාහේ ටිකට් එක අටදාහට වගේ නම් ලොවෙත් යන් නෑ.

ටිකට් කැන්සල් කරන්නත් අපිට සිද්ද වුනා ගමනෙදි. ඒ කැන්සල් එකේදි අපි කලින් බුක් කල ට්‍රේන් එකට වඩා මාරු කරලා බුක් කල අලුත් ට්‍රේන් එක ගනන් අඩු නිසා අපිට ආපිට ගානක් අතටත් ආවා. හැබැයි ඉතින් එහම වෙනස් කරගන්න පුලුවන් එක අවස්තාවක් විතරයි. ඒකත් අපි බලන දවසට ඒ කෝච්චිවලට ටිකට් අවෙලබල් නම් විතරයි. එහෙම බලන එකට ඉඩ තියනවා නම් මූන ඵුක කරගන්ේන දෙක කරගන්නේ නැතුව කිසිම අවුලක් නැතුව කවුන්ටරේ ඉන්න ලාඕ ගෑන්ලමයි ටිකට් එක වෙනස් කරලා අලුත් ටිකට් එකත් එක්ක ඉතුරු සල්ලිත් දුන්නා අතටම. අපිට ස්ක්‍රින් එකේ ටිකට් වෙන් හැටි බලාගන්නත් පුලුවන් වුනා.

ඒ වගේම ටිකට් එක සම්පූර්ණයෙන්ම කැන්සල් කරගෙන සල්ලි ආයම ගන්නත් පුලුවන්කම තියෙන විදිහක් තමයි අපිට පෙනුනෙ. ලැංවේජ් බැරියර් නිසා අපිලට හරි වැඩිදුර හෑලි විස්තර අහගන්න බැරිවුනත් ඒ ක්‍රමය ලැංවේජ් බැරි වුනත් කොයිකාටත් පහසුවෙන් ටිකට් වෙන්කරගන්න පුලුවන් විදිහට හැදිලා තිබුනා.

මොනාද ඕන කරන්නේ?

අනිවාර්යෙන්ම ලාඕ චීන කෝච්චිවල ටිකට් වෙන්කරගන්න පාස්පෝට් එක ඕන කරනවා. ලාඕ අයට නම් අයි ඩී එක තිබුනාම ඇති. චීනටත් අයි ඩී එකෙන් බුක් කරන්න පුලුවන් ඇති. එතකොට යනකොට ඒ අපි බුක් කරනකොට පෙන්නපු ඩොකියුමන්ට් එක අරගෙන අපි ස්ටේශන් එකට යන්න ඕනි. විදේශිකයෙක් නම් පාස්පෝට් එක පෙන්වන්න ඕනි. ටිකට් බුක් කරනකෙොට පාස්පෝට් එකේ විදිහට නම පාස්පොට් අංකේ ටිකට් එකේ දානවා. ඒක ස්ටේශන් එකෙන් බලනවා. හරිම සරලයි.

ඇප් එකෙන් බුක් කලත් පාස්පෝට් විස්තර ඒ විදිහටම දාන්න ඕන ඇති. මොකද ස්ටේශන් එකට ඇතුල් වෙනකොට හැමෝගෙම වගේ පාස්පෝට් ටිකට් චෙක් කරනවා දැක්කා. මේ කෝච්චි චීනය සහ ලාඕසය කියන රටවල් දෙක හරහා වැටුන එකක් නිසා හැම ස්ටේශන් එකේම ආරක්ෂාව වැඩියි. එයාපෝට් වගේ බෑග් චෙක් කරනවා. හැබැයි ආරක්ෂාව වැඩියි ටිකට් චෙක් කරනවා කියල මහා වෙලාවක් යන් නෑ. විනාඩි දෙකයි තුනයි සිං සිං ගාල පෝලිම ඉවරයි.

අපිලගේ රටේ ඕ පාස්පෝට් විස්තර අයිඩී හැම ටිකට් එකටම දාන්න බැරි මොකද? එහෙම අනිවාර්ය කරල සිස්ටම එක ඒ විදිහට පාවිච්චි කරන්න බැරි මොකද? එහෙම විස්තර නැත්නම් ටිකට් එකක් වෙන්කරගන්න බැරි කරන්න බැරිද? ඒවා දන්නේ නෑ. එත් ලංකාවේ ස්ටේශන් වල ඉන්න සුදට සුදු අත්දිග මහත්වරු නම් මොනාහරි ආතල් එකක් ගන්නවා කියල හිතෙනවා ලංකාවේ ටිකට් සිස්ටම් එකෙන්.










Friday, October 1, 2021

අධිපරිබෝජනය දැන් තිත්තත ඇයි?


අපි කැලේ ඉන්න කාලේ කෑවේ බිව්වේ අපට ලැබෙන දෙයක්. ඒ ලැබෙන දේ අවසාන කාලේ අපිම වවපු ධාන්‍ය වුනා. ඊට කලින් යුගයක අපිම ඇතිකල සතුන්ගෙන් ලබාගත් මස් සහ කිරි වුනා. ඊටත් කලින් කාලෙක අපි දඩයම් කරගත් සතුන ්වුනා. ඒත් අපි නූතන යුගයට එද්දි අපට පෝශනයට නුවමනා එත් රසයට හෝ කුමක් හෝ ආතල් එකකට කොිටින්ම මොකටද කියල අපිටත් හිතාගන්න බැරි තරම් දේවල් තොගයක් ගිලිනවා. ඒක තමයි ඉතින් හැටි. ඕක ඉතින් ඇදුම් පැලදුම් නිවාස යාන වාහන ආදී හැම ක්ශේත්‍රයකම. කොටින්ම අධ්‍යාපනයේ පවා මුල් කාලයේ පැවති ජීවිතය ආරක්ෂාකරගැනීමේ මූලික ශිල්ප ක්‍රම ඉගනීමේ සිටි ලෝකයේ කෙලවර සොයාගැනීම ආදී නොයෙක් මනස්ගාත අපි අද කාලේ ඉගෙනගන්නවා. ඇත්තටම අපිට සමහර දේවල් මේ මෙලොව ජීවිතයට මෙලෝ වැඩක් නැහැ ඒත් අපි ඉගෙනගන්නවා. ඒ අතිරික්තය ඇවිල්ලා මේ සමාජය විසින් නිර්මාණ්‍ය කරපු දෙයක්.


අතිරික්තය පට්ට ගැසීම

මේ අමතරව ලැබෙන සහ ලබාගන්නා දෙේවල් අපිට මෑතක සිට පොඩ්ඩක් ඩාම් ඪූම් වෙලා තියෙනවා. උදාහරණ විදිහට අපිට තුන්වේලකට මෙච්චර බත් ගිලින්න ඕනි නැහැ. මේක ධාන්‍ය හෝ එලවලු වලින් පුරව ගත්ත නම් ලේසියි. ඒක ඇත්තක්. ඒත් ඕනි රටක වැඩිපුර ගිලින ජාතිය කියන්නේ ෆික්ස් දෙයක් නෙමෙයි. යුරෝපීය ජනතාව දැන් හිතලා මතලා කිරලා මැනලා කොල කනවා. ඒත් තාමත් අමරිකානුවෝ සහ උතුරු අර්ධුගෝලයේ බුවාලා ඇති පදම් මස් ගිලිනවා. මොකද මස් කියන්නේ එයාලට එයාලගේ තත්වයෙ ්හැටියට සුලබ කෑමක්. ඉන්දියාවේ උතුරේ ඉන්න මිනිස්සු ආටා පිටි වලින් හදන කෑම වැඩිපුර කනවා. මොකද උන්ට ලාබෙට ලැබෙන සුලබම දේ ආටා පිටි. අප්‍රිකාවේ සමහර රටවල මූලික කෑම තමයි මඤ්ඤාක්කා මඥ්ඤාක්කා වල ඇති හොදක් නිසා නෙමෙයි ඒ. මඤ්ඤකේකා සහ අල වර්ග තමයි ඒ රටවල වැවෙන්නේ. ඔ්‍ය විදිහට තිරිගු ඉරිගු කිරි බිත්තර වගේ විවිධ ආහාර වැඩිපුර ගන්න රටවල්ෙ ලා්කේ ඕනි තරම්.

ඒවා පෝශදායිද?

මෙහෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල ආහාර වේල සහ සාමාන්‍ය මිනිස්සු ගිලදමන විදිහ පෝශදායි එකක් නෙමෙයි. හොදට සකසපු මස් ගිලලා හැන්දෑවට ගිහින් අඩියකුත් ගහලා එන දියුනු රටවල ජීවන රටාව බහුතරයක් පෝශදායි කියන්න බැහැ. ඒ වගේ අනෙක් රටවලත් තියෙන ආර්ථික තත්වය අනුව වඩාත් පුරුදු වෙච්චි ආහර ගිල දමනවා විනා ඕවා ඉන්ඩීටේල් හොයලා බලලා ගිලිනවාද? ඔව් එහෙම අයත් ඇති. ඒත් මගේ පුද්ගලික අදහස තවමත් එහෙම නැති පිරිස තමයි වැඩි ඇත්තේ.

මේ ඇයි මේවා..

මේ කතා කරන්න එන්නේ දැන් ආනයන හෙවත් රටින් එන්න බැරි නිසා දැන් එකඑක දේවල් හිගපාඩු වෙනවා. ඒ අතර කෑම බීම පැත්තෙන් ගත්තොත් අහිමි වෙනකොට දුක වැඩිවෙන හාල්, තිරිගු පිටි, කහ විතරක් නෙමෙයි කිරිපිටි වගේ දේවලුත් දැන් ටික ටික හිග වෙනවා. ඒ හිග වෙද්දි අර මම කලින් කියපු විදිහට ඇයි මේවා කන්නම ඕනිද? ඒවා කෑව වැඩි නැද්ද ආදී බයි හෑලි ලියනෙවනවා. උදාහරණ විදිහට අපේ රටේ එහෙමට හරක් කිරි වලින් ස්කෝ කරන්නේ නැහැ. අපේ ගොයියෝ හරකගෙන් දියුනු රටවල් වගේ ලීටර් පාලහ විස්ස කිරි අදින්න දක්ස නැහැ. ඉතින් අපේ හරක් ඔය වියලි කලාපේ ඉන්න උන් පෙනුමෙනුත් සවුත්තුයි. ඒක අපිට ටිකක් හොද බිස්නස් එකක් නෙමෙ වගේ තමයිපේන්න්. ඒ නිසා කිරි කිරිපිටි විදිහට රටින් ආවා.

දැන් කිරි පිටි නැති වෙද්දි කිරි පිටි වල තියෙන අගුන අපිට වැඩියෙන් අහන්න ලැබෙනවා. තුන්වේල බත් කෑමත් ඒ වගේ. ඇයි තුන්වේල බත්ම කන්නේ කියලා ඉදලා හිටලා ඇහුන දොස්තර කතා දැන් අපිට නිතර ඇහෙනවා.

ඇත්තටම මේවා තව ගැඹුරට යද්දි බෙහෙත් හේත් නැති වෙද්දිත් අපේ මුත්තා ආත්තා අර අහවල් සෑය හැදුවේ බෙහෙත් බීලා නෙමෙයි. ඒවා ස්වභාවයෙන් ගහෙන් කොලෙන් ලැබුනා කියලා බේත් නැතිවීමත් සාධෘරන කරනය වෙයි. තවත් ඉතින් අපේ රටේ බේත් මාෆියාව නිසා ලෙඩෙක් බොන බේත් ප්‍රමාණ්‍ය වැඩි වීම වගේ ඒවත් වැඩිපුර හයිලයිට් වෙයි. හැැබයි ඉතින් මේවා අර අහිමිවීමේ දුක පාලනයට කියන බයි අදෝනා මිස සැබෑව නෙමෙයි කියන එක කට්ටියට තේරෙයිද? නැත්නම් අඇන්දෙයිද? අපි ටිකක් බලමු නේද?

Thursday, July 1, 2021

වස නැති කෑම දෙව්ලොවින් ගෙනත් දෙන කෘෘසි රසායන තහනම


කවුද ගොයියෝ කියන්නේ?

ගොයියා කියන්නෙ කවුද? මේකට තියෙන්නේ සරල උත්තරයක්. ගොවියෝ කියන්නේ කොච්චර ලොකු කරලා කතා කලත් ඇත්ත වශයෙන්ම මෝඩ සෙට් එකක්. දැනට ලංකාවේ ගොවිතැන් කරන අති බහුතරය ගොවිතැන ගැන තාක්ෂණය ගැන ලොකු හැදෑරිමික් නැහැ. එයාලෙ ගාවිතැනට එන්නේ කරන්න වෙන දෙයක් නැති නිසා.සහ ලේසියෙන් කරන්න පුලුවන් එකම රස්සාව ඕක නිසා. සාහිත්‍ය වලදි ටීවී එකේදි ගොවියා කොපමණ උඩ දැම්මත් ඇත්තටම ගොවියෝ වැඩිදෙනෙක් දක්ෂ පිරිසක් නෙමෙයි. එයාල ක්ශේත්‍රයට එන්න වගේම පවතින්නත් රජයේ තිබෙන ගොවි සහනාධාර සහ කෘෂි රසායනික හේතු වුනා. මෙයාල වැඩිදෙනෙක් ට මේ කෘෂි රසායන තහනම සහ රූපවාහිනි මාධ්‍යවලින් පෙන්වන කාබනික බයිලා ග්‍රීක් වගේ.


කවුද වස වලට පරීක්ෂා කලේ.

එලවලු පලතුරු සහ ධාන්‍ය වර්ගවල වස තියන බවත් ඒවා පරිබෝජනය කලාහම ලෙඩරෝග එන බවත් තමයි කිය්නනේ. ඒත් කොයිකාලේ මොන එලෝලු වල කොපමණ විස තිබුනාද කියලා පර්යේෂණ දත්ත නැහැ. රජරට වකුගඩු ලෙඩ ගත්තාම ගොවීන් විජලනයට ලක්වීම සහ ස්වභාවිකවම ඒ පොලවේ තිබෙන ඛනිජ ද්‍රව්‍ය වකුගඩු ලෙඩට ආසන්නම හේතුව ලෙස කොපමණ කිව්වත් පිරිසක් ඒවා නොදැක කෘෂි රසායන වලටම වැරැද්ද පටවනවා. ඉතින් දැන් එන දත්ත අනුව ලංකාව බෝග වලට චීනය ඉන්දියාව හෝ වෙනත් රටවල් තරම් කෘෂි රසායන ගහන්නේ නැහැ. ලංකාව ඒ අතින් පහලින් තමයි ඉන්නේ.

සහනාධාර ගොවිතැන

ගොවිතැන කියන එක වාණීජ මට්ටමට ගෙන එන්න නම් ගන්න ඕනි ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග තිබුනා. ඊශ්‍රායලය වතුර වලට සල්ලි අය කරනවා. මොකද වාර්ි ජලය එහෙම නැතිනම් සකස් කරලා කුඹුරු වතුපිටිවලට එවන ජලය කියන්නේ මුදලක් එකත් ුෙවන දෙයක්. ඒ ජලය තවමත් නිකන් දෙනවා. ඒ වගේම මෑතක් වෙනකල් වී වගාකරන ගොවීන්ට නොමිලයේම පෝර දෙන්නත් රජය කටයුතු කලා. ඒ සහන නවත්වලා ගොවිතැන වාණිජ මට්ටමට ගන්න උත්සාහ අරගෙන කුඹුරු ඉඩම් වල වවන්න පුලුවන් වී විතරයි වගේ තියෙන පැරණි නීති වෙනස් කලා නම් ඇත්තටම තාවකාලිවක ශොක් එකක් වුනත් දිගුකාලීනව යම් හොදක් වෙන්න තිබුනා. ඒත් ඒ කිසිම දෙයක් නොවී තමයි එකපාර කෘෂි රසායන තහනම ආවේ.

ඉස්සරහට එන ඒවා හොදද

දැන් කාබනික පෝර විදිහට එන්නේ මොනවද? එන්න නියමිත මොනවාද? කාබනික පෝර කිව්වාම රසායනික පෝර වගේ නිසි සංයුතියක් නැහැ. එක එක අය හදන කාබනික පෝර එක එක සංයුතියෙන් තමයි තියෙන්නේ. ඉතින් කාබනික පෝර හදන්න ගන්න දේවල් අඩු වීමත් එක්ක නාගරික කැලි කසල වගේම පිටරට කැලි කසල පවා කාබනික පෝර වෙන්න ගන්නවා. මොකද ඉල්ලුමට තමයි නේ සැපයුම. ඉන් ප්සසේ දැන් දූෂනය වෙනව ාකියලා චෝදනා කරන පස අපි කිසිසේත් නොදන්නා බැර ලෝහ සහ අපද්‍රව්‍ය වලින් දූෂණය වෙන්නට ඉඩ තියෙනවා. කොළඹ තැන්කීපෙක ගොඩ ගහලා තියෙන විශ රසායනික අපේ කුඹුරට වත්තට කුඩුකරලා අඹරලා ගෙනත් දාන හෙට දවසක් ඒවි. ඒක සුන්දර එකක් වේවිද? ඒ වගේම පිට රටවලින් කාබනික පෝර එක්ක ඒ එන්න නියමිත ජීළුින් පාංශු ජීවින් අපේ පරිසරය එක්ක හුරු වේවිද? සමහර විට විනාශකාරි ලෙඩ රෝග ආදියත් රට ඉදන් එන කාබනික පෝර හරහා එන්නට හැකියාව තියෙනවා.

කාබනික තෙල්

දැනට කාබනික කෘෂී රසායන තෙල් කියලා වර්ගයක් එනවා. සාමාන්‍ය පිලිගැනීම අනුව කෘෂි රසායනික ද්‍රව්‍ය රටින් මෙහෙට එන්නට පෙර ඒ රටවලම පර්යේෂන කරනවා. ඒ අනුව තමයි අනුමත වෙලා එන්නේ. ඒත් දේශියව නිපදවන කාබනික ද්‍රව්‍ය කොහොම මොන විදිහට හදනවාද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඒවායේ අන්තර්ගත වෙන දේවල් පරීක්ෂා කරන පහසුකම් ලංකාවේ ඇත්තෙත් නැහැ. සල්ෆර්, කොහොඹ තෙල්, කුරුධු තෙල් ආදී ස්වාභෘවික සංඝටක වුනත් යම් යම් විදිහක විස වෙන්නට හැකියාවක් තියනෙවා. ඒවා ගැන නිසි අධ්‍යනයක් නැතිව හුදෙක් කාබනික ලේබලය යටතේ එන්නට නියමිත කෘෂි රසායන කියන්නෙත් ඉස්සරහට අවුලක්.

දැනට කාබනික ගොවිතැනට කට්ටිය සෙට් වෙලා ඒකත් තාප්පවලෙ සිතුවම් ඇදීම වගේ වෙලා තියෙනවා. පිරිසක් කොහොමත් ඉතින් ඕවා කරනවා. ඒත් සමස්තයක් විදිහට අපිට ඉස්සරහට ආහාර මිල අසාමාන්‍ය ලෙස වැඩිවීමකට මුහුන දේනනට වෙනවා. අපේ තේ පොල් රබර් ආදි වගා වලට සිදුවන හානි නිසා අස්වනු වල අඩුවීම එක්ක ඒ කර්මාන්ත වලටත් අවධාමක් එනවා. හැමදේම සුබවාදීව දකින්න කියන අය ඉන්නේ ටීවි කැමරා ඉස්සරහා. එයාලට බොහෝවිට තවත් ආදායම් මගක් තියෙනවා. ඒත් ගොවිතැනෙන් පණ ගැටගහගත් ලොකු පිරිසක් මේ නිසා අසරණ වෙනවා. ඒ වගේම ඉදිරියේදි උද්ධමනය එක්ක ආහාර හිගයක් ආවොත් එහි ප්‍රථිපල 69 ලක්ෂයට වගේම අපි හැමෝටමත් යහමින් විදගන්න සිද්ද වෙනවා.

Sunday, April 11, 2021

Karnan 2021 කර්නන්

 

කර්නන් කියන්නේ දෙමළ ෆිල්ම් එකක්. ඒක රිලිස් වුනේ 2021 අප්‍රේල් 9. මේගේ රගපාන්නේ ධනුෂ්. ලස්සන නිලියකුත් ඉන්නවා. නිලියගේ නාහෙ දිගයි. ලස්සනයි. ලංකාවේ ලස්සන කෙල්ලකුත් වගේ. 


කතාව 

කතාව යන්නේ පොඩි ගමක් ගැන. කුල කේස් එකක් නිසා අසරණ වෙන ගැමියෝ ටිකක් ගැන තමයි කතාව යන්නේ. ඔවුන් අඩු කුලේ නිසා ඔවුන්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වීම සාමාන්‍ය කරණය වෙලා තිබුන යුගයක එක මිනිස්සු කිහිප දෙනෙක් ඒ අයිතින් වෙනුවේන සටන් වදිනවා ඔවුන්ට තේරෙන විදිහට. චිත්‍රපටිය එක පැත්තකින් වීර කාව්‍යයක් වගේ. ඒත් අනෙක් පැත්තෙන් ගැටුම් වල තියෙන විනාශකාරි බව උවමනාවටත් වඩා පෙන්වනවා. 


සිනමටෝග්‍රැෆි 

ෆිල්ම් එක පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් වුනත් මේකේ රටාව ස්ලෝ. පැය දෙකහමාරක් තුල ගොඩාක් දේවල් වෙන්නේ නැහැ. පොඩි සිදුවීම් කිහිපයක් විතරයි. ඒත් ඒවා කදිම විදිහට සාහිත්‍යමය විදිහට නිරූපනය කරනවා. ඒ වගේම දෙවියන් ගැන තියෙන දෙමළ විශ්වාසයනුත් මේ චිත්‍රපටියෙන් නිරූපනය කරනවා. මියුසික් සින්දු වලදි වගේම ඕවරෝල් ෆිල්ම් එකේ සවුන්ඩ් පට්ට. ධනුස්ගේ රංගනය ගැන සෑහීමකට පත් වෙන්න බැරි තැන් කිහිපයක් තිබුනත් සමස්තයක් විදිහට හොදයි. 


ඇත්ත කතාව 


මේක ඇත්ත කතාවක්. මට මතක විදිහට චෙන්නයි එයාපෝට් එකෙන් බැහැලා ටවුමට එද්දි මේ ෆිල්්ම එකේ පෙන්වන විදිහේ ගල් ගොඩවල් තියෙන කදු පලාත් තියෙනවා. ඒ ලග හරියක්ද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඇත්තම කතාවට වඩා වෙනස් වුනත් වීරයා අමු සුදු චරිතයක් කරන්නේත් නැතුව කතාව අලුතින්ම ආකර්ශනීය විදිහට හදන්නෙත් නැතිව යතාර්තවාදීව නිරූපනය කරලා තියෙනවා. ඉංගිරිසි ඇක්ෂන් ෆිල්ම් වගේ වැඩ ගොඩක් එක මොහොතක නැහැ. ඒත් අර දෙමල කුඩා ගමක තියෙන අංග ඒ ජනජීවිතය ඩොකියුමන්ටරියක් වගේ ෆිල්ම් එක හරහා අපිට එනවා. 


ප්‍රතිචාර 

දෙමළ ඇක්ෂන් ෆිල්ම්එ කක් නිසා ගිහින් වලි බලන්න වෙන අප්පිරියාවෙන් වාඩි වුනත් ෆිල්ම් එකේ මුල් ෂොට් එකෙන්ම ෆිල්ම් එක ගැන තියෙනඅ දහස වෙනස් වුනා. කුල ක්‍රමය ගැන දරුනු විවේචනයක් මේ ෆිල්ම් එකේ නැහැ. ඒ කුල පීඩනය ගැන හරිහමන් විදිහට සදහන් වෙන්නෙත් නැහැ. ඒත් ගැටුම් ඇතිවීම ඒ ගැටුම් මැඩපැවැත්වීම ගැන තියෙන කුරිරු අත්දැකීම් රැසක් මේ ෆිල්ම් එකේ තියෙනවා. කලාත්මක ෆිල්ම් එකක ෂොට්ස් වල තියෙන කොලිටිය සුපිරි සවුන්ඩ් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක ආවේගයත් එන කර්නන් ඕවරෝල් බලන්න වටින ෆිල්මක්. 

Tuesday, November 17, 2020

බල මාලුවා දැනගෙන කමු Skipjack Tuna

හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහත්තයා අමු මාලු කාලා පෙන්නුවා. සංදර්ශනයක් විදිහට හොදයි. ඒත් මාලු අමුවෙන් කෑවහම ඒ හරහා සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් ශරීරගතවෙන්න පුලුවන් කියලා කට්ටිය කියනවා. එ ්වගේමයි මේක බුකිය කැලබූ සිද්දියක් වුනා. පිිරිසක් කිව්වේ මේක හෙනම අවුල් නාට්ටියක් කියලා. ඒ වගේම මේ නිසා හිටපු ධීවර ඇමතිතුමා තවත් පච වුනා කියලා පලමු පේලියේ ඉන්න බයියෝ විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මේ වගේ මනුස්සයෙක් නිවුස ්වලට යෑමත් නිවුස් වලට ගිහින් හිට් වීමත් ඒ මනුස්සයට ලැබෙන ලොකු චාන්ස් එකක්. මට මතක ඇති කාලෙක මිට කලින් මේ දිලිප් වෙද ආරච්චි කොළඹ ලොකු හෝටලේක පිගන් පොලොවේ ගැහුවා. ඒකෙන් ඒතුමාගේ නම පත්තරේ ගියා. 

ඉතින් මම දැන් කතා කරන්න යන්න ්බලමාලුවා ගැන. බලමාලුවා කියන්නෙත් ටූනා විශේෂයක්. අපේ මූදේ ටුනා කුලයට අයිති මාලු ගොඩක් ඉන්නවා. ඒ අතර පොඩිම ටුනා ජාතිය තමයි හුරුල්ලා. කෙලවල්ලා, බලයා. ඇටවල්ලා වගේ මාලුත් අයිති වෙන්නේ ටූනා පවුලටම තමයි. ඒ ටූනා පවුලේ මාලුන්ගෙන් බලයා අපි අතර ජනප්‍රියයි. බලමාලුවා අදුරගන්න ලේසියි. බලයාගේ යටිබඩේ කලුපාට ඉරි තියෙනවා. ඒ නිසා උන්ව අදුරාගන්න ලේසියි. 

බලමාලු වලින් හදන කෑම 

ලංකාවෙදි නම් බලමාලු වලින් ඇඹුල්තියල් හදනවා ඒ වගේම හොදි හදනවා. කේරලේදිත් ලංකාවට හා සමාන දුරු මිරිස් තුනපහ වලින් සපිරි හොද වයින් හොද්දක් හදනවා බලමාලු සහ ටුනා වලින්. බෙංගාලෙදි මූලිකව කලින් ටූනාව බැදගන්නවා. බැදගත් ටුනා කෑලි ඉන් පස්සේ ආයේ තුනපහ ආදිය සැරට දාලා ලොකු හොද්දක් හදලා ඒකත් එක්ක බත් අඹරනවා බෙංගාලි මිනිස්සු. කේරලේ සහ බෙංගාලි දෙකේදිම බත් කන්න මාලු හොද්ද ගහන කොට එයාල මාලු හොද්ද එක්ක විතරයි බත් කනවා දැක්කේ. ඒක නිසාම මාලු හොද්ද විවිධ රසකාරක ගහලා හදනවා. ඒත් මේ අපි සහ ඉන්දියානු ක්‍රමයට මාලුවා උයද්දි මාලුවාගේ නියම රස නැති වෙනවා. නැතිනම් අතුරුදහන් වෙනවා. 


බලමාලු ෆැක්ට්ස් 

  • වැඩුන මාලුවකුගේ බර - කිලෝග්‍රෑම් 5-10 අතර

  • බලමාලුවාගේ ආයුකාලය - අවුරුදු දහයයි

  • ඉංගිරිසි නම - Skipjack Tuna

  • පවුල - Scombridae

  • දිවිගෙවන කලාපය - අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියානු සාගර තුනේම නිවර්ථන කලාපය 

  • භාවිතය - ටින්මාලු සහ ගෘහස්ථ පරිබෝජනය 

  • විද්‍යාත්මක නම - Katsuwonus pelamis

ඉන්දුනීසියාවේදි බලයගෙන් හදන චකලං ෆුෆු කියාල කරවල විශේෂයක් ජනප්‍රිය වලො තියෙනවා . ඒකෙදි අලුත් බලමාලුවා කපලා කුරු වල ගහලා පොල්ලෙලි දාල දුම්ගස්සනවා. ඉන් පස්සේ දුම්ගහපු බාගෙට තැම්බුන බලමාලු වලින් එයාල ව්‍යාංජන හදාගෙන කනවා. අපි මේ කන විදිහට ටිකක් එලියේ තියලා කන්න ගියොත්සුද්දට නම් බලමාලු කෑම අප්සට් යනවා. මොකද බලමාලු වල නිපදවෙන හිස්ටමින් සුද්දට අවුල්. ඒ නිසා සුද්දෝ බලමාලු එලියේ තියන්නේ නැතුව කුල් පෙට්ටියේ දාලම තමයිඅරගෙන ෆෙෂ්වට කන්නේ. 


සුද්දෝ ඒ කිව්වේ යුරෝපීය ජාතිකයින් නම් මේ ටූනාවෝ කෙලින්ම රත් වූ තැටියකතියලා රත්කරලා කනවා. ජප්පෝ නම් කිසි කතාවක් නැතුව ටූනා කපලා සුෂි විදිහට කනවා. අපේ දිලිප් වෙදාරච්චි ක්‍රමයට ගෝත්‍රික ජනතාව නම් බලමාලු කනවා ඇති. කොහොම වුනත් කෙලින්ම ෆ්‍රෙෂ් මාලුවා වුනත් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් බඩට යන්න පුලුවන් කෙලින්ම අමු මාලු කෑවොත්. 


අල්ලනවා අල්ලනවා ඒත් ඉන්නවා 

වැඩිපුරම ධීවර දැල්වලට අහුවෙන මිල අඩු ටුනා වර්ගයක් තමයි මේ ස්කිප්ජැක් හෙවත් බලමාලු කිය්නනේ. ස්කිප්ජැක් හෙවත් බලමාලු යෙලෝෆින් බ්ලූෆින් ටූනාවෝ එක්ක බලද්දි මිලෙනුත් අඩුයි. මුන්ව අල්ලන්න විවිධ ක්‍රම තියෙනවා. දැල් ගහලා වට කරලා ඉන් පස්සේ අල්ලනවා. ඒ වගේම බිලි කොකු ගහලා ඒ වගෙනුත් බලයෝ අල්ලනවා. ඉස්සර නම් අපේ ලංකාවේ හතර අතේ ධීවරයෝ විශාල බල ඔරු යාත්‍රා කලා. දැනටත් වැලිගම දිහා එහෙම ඒ විදිහේ විශාල ඔරු තියෙනවා. ඒත් වැඩිපුරම ජනප්‍රිය බහුදින ධීවර යාත්‍රා තමයි. ඒ බහුදින ධීවර යාත්‍රාවක් වරක් මූදු යන්න ලක්ශ දහයක් විතර වියදම් වෙනවා. ඒත් ඉතින් ලාබ තියෙන රස්සාවක් නිසා ඒ ගාන ගෙවලා වියදම් දරලා මූදු යවන්න වෙලෙන්දෝ ඉන්නවා. 


අපිට අලුත් මාලු එනවාද?

දැන්නම් ඉතින් අපිට එන අලුත් මාලුවෙක් නැහැ. කෙලවල්ලා ගත්තොත් කෙලවල්ලා පිටරට යවන හොද එකා කිලෝව රුපියල් 1500කට එහා වෙනවා. ලංකාවේ ඕනිම හොදම මාලු ලෑල්ලක ඉන්න කෙලවල්ලෙක් වුනත් වැඩිම රුපියල් පන්සියක් විතර තමයි වෙන්නේ. කෙලවල්ලාගේ පිටත තත්වය වගේම කෙලවල්ලාගේ අන්තර්ගත ප්‍රෝටින ආදියත් රට යවද්දි හොදට බලනවා. මේ ටූනා මාලු රට යවද්දි කිලෝ 15ක කුරියෙක් වුන්ත විනාඩි 5කට අඩු කාලෙකදි කපනවා. මාලු ගැන දැනුමැති හිතමිතුරු බ්ලොග්වේදී දුලිප් සිකුරාජපති කියන විදිහට මේ බලමාලු ශීතාගාරයෙන් එලියේ තියාගනෙ කපන කාලය අඩු වෙනතරමට මාලුවාගේ කොලිටි එක ආරක්ෂා වෙනවා. 


මාලු ඔච්චර ඉන්නවද? 

ඔවු. බලමාලුවා බොහම ඉක්මන්ට බෝවෙන සතෙක්. ඒ වගේ බලමාලු මහා අයින් විදිහට තමයි මූදේ රංචු පිටින් සැරිසරන්නේ. හොද වයින් මාලු රංචුවක් අහුවුනොත් බහුදින ධිවර යාත්‍රාවක ඒ ලොකු මාලු රංචුවක් දාන්නත් බැරි වෙලාවල් තියෙනවා.


අපේ පොයි කතා 

ලංකාවේ දකුනේ උන්ගේ හයිය හක්තිය ඇවිල්ලා තියෙන්නේ බලයා කාලාය කියලා කතාවක් තියනෙවා. ඒක තනිකර පොයි කතාවක් නේ. බලය ඉනනේ ලංකාවේ විතරක් නෙමෙයි. අනික බලයා ගොරක ගම්බිරිස් ගහලා තුනපහ රසට ගහන්නෙත් දකුණ පලාතේ විතරක්ම නෙමෙයි. කේරලේ සහ බෙංගාලිත් ගොරක ගම්බ්රිස් දානවා ඇතිවෙන්න. ඉතින් මේ දකුනේ උන්ට බලයා ශක්තියක් වුනා කියන කතාව කවුරුහරි අයියෙක් ලොකුකමට කියාපු තවත් එක පදනමක් නැති පොයියක් විතරයි. 


බලමාලු ඉස්සර නම් ජාඩි දාලත් වික්කා. ජාඩි කියන්නේ ශිත කිරීම ජනප්‍රිය වෙන්න කලින් මාලු කල් තියාගන්න මාලු තැනකින් තැනකට අරං යන්න ජනප්‍රිය වෙච්චි ක්‍රමයක්. ලංකාවේ අපි කරවල දානවා. ඒ වගේම බලයා උම්බලකඩත් මරු. ඉතින් බලයා වැඩි කාලෙට වැල්ලේ මිල අඩුයි. එතකොට කෝට්ටගොඩ දිහා පේන්නම තියෙනවා වගේ මාලු උම්බලකඩ දානවා නැතිනම් කෙලින්ම කරවල වේලනවා. 


මේ බල මාලුවා ලංකාව පැත්තෙන් හිතුවොත් ලංකාවේ අපිට හොද පෝශණය සපයන මාධ්‍යයක්. මොකද ලංකාවේ මිනිස්සු ආහාර විදිහට මස් කනවා හරිම අඩුයි. මාලු තමයි කන්නේ. ඒ අතරත් මේ රතුපැහිදි බල මාලු වගේ මස් පෝශ ගුනයෙන් වඩාත් සාරවත් වෙනවා. අනෙක් පැත්තෙන් ලංකාව වටේම මූද සහ ධීවර වරායන් ගොඩක් තියෙන අපේ රටේ බලමාලු රට යැවීමත් හොද බිස්නස් එකක්. ටූනා අතර සුලබ බලයාටත් විදෙස් වෙලදපොල තුල හොද ඉල්ලුමක් තියෙනවා. 


Sunday, November 8, 2020

ඇයි SpaceX ඔය නාස තියෙන්නේ මදිද


නාසා ආයතනය තමයි අපි දන්න විදිහට කාලයක පටන් අමරිකානු අභ්‍යාවකාශ ගමන් වල මුල් තැන ඉන්නේ. ඒත් නාසා ආයතනයේ වැඩ වලට යන වියදම බොහෝම වැඩියි. දැනට අහසේ තියෙන ලෝකේ මිල අධිකම නිර්මාණයක් වන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යනු එනු කරන එක ශටල් වලින් කරන එක අමරිකාවට ලොකු වියදම් අධික වැඩක් වුනා. සැලසුම් කරද්දි ඩොලර් මිලියන දහය පාලවකින් එක ගමනක් ගිහන් එන්න පුලුවන් කියලා කිව්වත් ප්‍රායෝගිකව එක ශටල් ගමනකට ඩොලර් මිලියන දෙතුන් සීයක් වියදම් වෙන්න ගත්තා. ඒ එක්ක ස්පේස් ස්ටේශන් එක තවදුරටත් පවත්වාගෙන යනවාද කියන ගැටළුවත් පැනනැංගා. 2012 වර්ශයේදී එතෙක් අමරිකාවෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගිය නාසා එකේ ශටල් වෙනුවට  ස්පේස් එක්ස් රොකට්ටුවක් මුලින්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

ස්පේස් එක්ස් එකේ අඩු මිල

ස්පේස් එක්ස් කියනනේ පුද්ගලික ආයතනයක්. ලංකාවේ වගේම අමරිකාවෙදිත් රාජ්‍ය අංශයේ තියෙන නාසා වගේ ආයතන වලට වඩා පුද්ගලික අංශය කාර්යක්ෂමයි ඒ වගේම මිල අඩු කරගන්න පුලුවන් ලාබදායී විසදුම ්වලට යන්න පුද්ගලික අංශයට වඩාත් පහසුයි. උදාහරණ විදිහට අපි ගනිමු අපේ රජයෙන් බිල්ඩිමක් හදන එක. ඕක ඉතින් ඇස්තමේන්තු කරලා මොන විදිහට අඹරලා කලත් පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් හදනවාට වඩා වැඩි වියදමක්බොහෝවිට රාජ්‍ය අංශයට වියදම් වෙනවා. ඒ වගේම වේගය ගත්තත් ආණ්ඩුවේ තැනක බිල්ඩිමක් ඉක්මනට හැදෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ස්පේස් ගමන් වලට හැරුනත් එහෙම.

ස්පෙස් එක්ස් එක අහසට යන රොකට්ටු ඩිසයින් කිරීමෙන් නව අත්හදා බැලීම් වලින් මිල අඩු කරගන්න එක ගැන සැලසුම ්කරනවා. මුල් කාලේ රොකට් කියන්නේ ගියොත් ගියා මොඩල් දෙයක් වුනා. ඒ කියන්නේ රොකට් එකට යොදාගන්නා එන්ජින් බූස්ටර ආදී හැම දෙයක්ම ආයේ නැවත පාවිච්චියට ගන්න බැරි වුනා. සමහර කොටස් අභ්‍යාවාකශයටම ඇදී යන්න දුන්නා. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම මහ අරුම පුදුම විදිහට මුලු රොකට් එකේ වටිනාම කොටස් ආයෙත් බාගන්න පුලුවන් විදිහට සැලසුම ්කලා. 


ඔයාලට මතක නම් ටින් ටින් කතාවේ ටිං ටිං එකේ යන රොකට් එක කිසි ගේමක් නැතුව රොකට් එක පෘථිවියට බානවා. ඒ වගේ මූදේ තියෙන විශාල පාරුවකට රොකට් එක ගාන්ට බාගන්න ස්පේස් එක්ස් කන්ඩායමේ රොකට් වැඩසටහටනට පුලුවන් වුනා.
2016 දි ඒ ඩ්‍රෝන් ශිප් කියන ක්‍රමයට රොකට් එක පාරුවකට හරියට බාන්න ස්පේස් එක්ස් කන්ඩායම සමත් වුනා.


ආයතනික පැත්තෙන් මිල අඩු කිරීම

ස්පේස් එක්ස් කිව්වට මේ ස්පේස් එක්ස් ලා ගේ පෙනුම මහා විශාල විදිහට මොඩර්න් නැහැ. ඔවුන්ග් ඇතැම් වැඩබිම් හරියට අපේ රටේ ගාමන්ට් ෆැක්ටරි වගේ. ඒ වගේම සාමාන්‍ය නාසා සේවකයෝ කියන්නෙ ලංකාවේ ආණ්ඩුවේ කන්තේරු වගේ 9-4.45 වැඩ කරන පැය අටේ සේවකයෝ. එතකොට ඔවුන් වැඩ කරන්නේ මොන උවමනාව තිබුනත් පැය අටක් විතරයි. ඒතකොට නාසා එකේ කට්ටිය සාමාන්‍යෆයන් වැඩ කරනවා කියන්නේ සතියකට පැය 40යි. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම සතියකට පැය 60කටත් වඩා වැඩ කරනවා. හදිසි මෙහෙයුම් කටයුතු තියෙනවා නම් සේවකයින් උනන්දු වෙලා ඊටත් වඩා කාලයක් වැඩ කරලා ඒ මෙහෙයුම් සාර්ථක කරගන්න දායක වෙනවා. ඉතින් ඒ වගේ තාක්ෂණික වගේම වෙනත් අංශ වලිනුත් ස්පේස් එක්ස් වැඩසටහන් වල මිල අඩු කරගන්න ක්‍රියා කරලා තියෙනවා.

මෙලොවට වැදගත් වැඩ

නසා ආයතනය කරපු මෙහෙයුම් ගැන මත පලකරන ඇතැම් පාර්ශව නාසා ආයතනයේ වැඩ වලට වියදම් කරන ගානට ප්‍රථිපල නැති බවක් අමරිකාවෙදි පවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඈත අභ්‍යාවකාශය ගවේශන කටයුතු වලට වියදම් කරන මුදල් වලින් සත පහක ප්‍රයෝජනයක් තියෙනවාද කියන සරල ගැටළව ඒ නාසා වැඩසටහන් සම්බන්ධයෙන් එදා සිටම තිබුනා.

සැටලයිට් ව්‍යාපෘතිය

ඒත් දැන් දැන් ස්පේස් එක්ස් කාන්ඩේගේ වැඩ එහෙම ග්‍රහලෝක ගවේශනය විතරක්ම නෙමෙයි වෙනත් වැඩසටහ්න වලටත් බද්ද වෙලා තියෙනවා. ස්පේස් එක්ස් රෛාකට් භාවිතයෙන් ජී පී එස් සැටලයිට් යවනවා. ඒ වගේම ස්පේස් එක්ස් ලගේ සැටලයිට් හරහා ඉන්ටටෙනට් ලබා දීමේ වැඩසහනත් ඒ විදිහේ වැදගත් ව්‍යාපෘතියක්. ඒ හරහා අමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනි කෙලවරක සිටින අයට අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුලුවන් වැඩසටහනක් ස්පේස් එක්ස් කන්ඩායම තමුන්ගේ උප ව්‍යාපෘතියක් විදිහට ක්‍රියා කරනවා. ඒ හරහා ස්පේස් එක්ස් හරහා සැටලයිට් 4425ක් පමණ ගුවන්ගත කිරීමට නියමිත අතර පෘථිවියේ සිට කිලෝමීටර 1100ක් පමණ උස කක්ෂයක ඒවා දැලක් මෙන් රැදවීමට යෝජිතයි. 2017 දි හදපු මේ සැලසුම අනුව 2019 මැයි මාසෙදි සැටලයිට් 60ක් පමණ කක්ශගත කරන්නට ස්පේස් එක්ස් සමත් වුනා.

 ඒ වගේම මේ රොකට් ගමන් වලදි රොකට් ඉතාම ඉක්මනින් නැවත නැවත පාවිච්චියට ගන්න පුලුවන් හැකියාව නිසා අනාගතයේදී පෘථිවියේ තැනින් තැනකට බඩු සහ මිනිසුන් ගෙනියන්න වේගවත් මාධ්‍ය්‍යක් විදිහට රොකට් පාවිච්චි කරන හැකියාව ගැනත් ස්පේස් එක්ස් අවධානය යොමු කරලා තියෙනවා. මේ හරහා දැනට සිංගප්පූරුවේ සිට අමරිකාවේ නිව්යෝක් දක්වා ගුවනින් යන්නට යන පැය 15කට වැඩි  කාලය රොකට් ගමනාගමනය ආවොත් පැයකටත් වඩා අඩුකරගන්න පුලුවන් බවට මත පල කරලා තියෙනවා.

අගහරු සහ චන්ද්‍ර ගවේශන

අභ්‍යාවකාශ තාක්ෂණය ගැන කතා කරද්දි බොහෝ දේවල් තිබෙන්නේ අනාගතය අරමුනු කරගෙන. ස්පේස් එක්ස් අයටත් ඒ වගේ ගෝල් තියෙනවා. ස්පේස් එක්ස් කාන්ඩයේ ලෝකක වෙන ඉලොන් මස්ක් ගේ අදහස තියෙන්නේ අගහරු වලට ගිහ්න එහේ ජනවාසයක් කාරිය හදාගෙන ඉන්න. ඒ වගේම ස්පෙස් එක්ස් කන්ඩායම 1969 ගියාට පස්සේ අවුරුදු හතලිහකට විතර පස්සේ ආයෙම හදට මිනිහෙක් යවන්නත් සැලසුම ්කරනවා. අභ්‍යාවකාශයට සහ හදට සාමාන්‍ය මිනිසුන්ටත් යන්නට පුලුවන් වෙන ටුවර් පැකේජ ක්‍රමයකුත් ස්පේස් එක්ස් හදුන්වාදෙන්න අදහස් කරනවා.

හුදෙක් වියදමක්ම නොවන ස්පේස් එක්ස්

දැනට ස්පේස් එකස් ව්‍යාපෘතියක් වන සැටලයිට් ඉන්ටනෙට් පහසුකම අමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ජනප්‍රිය වුනොත් වඩාත් විශ්වාසනීය ලෙස ලෝකයේ ඕනෑම තැනක සිට අන්තරජාලයට සම්බන්ධ වෙන්න පෘථිවි වාසින්ට හැකි වෙනවා. එය දැනටම ස්පේස් එක්ස් ඇචීව් කරපු ටාගට් එකක්. ඒ වගේම රොකට් නැවත භාවිත කරන්න ආපු වැඩපිලිවෙලත් දැනට ස්පෙස් එක්ස් කන්ඩායම සාර්තක කරගෙන තියනෙවා. අනෙක් පැත්තෙන් රොකට් වලට යන වියදම අඩු කරගන්නත් ස්පේස් එක්ස් කන්ඩායම විශාල පරාසයක අත්හදා බැලීම් කරගෙන යනවා.

ඒ එක්ක වඩාත් වාණිජමය ස්වරූපයකට අභ්‍යාවාකාශ වැඩසටහන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා ඉදිරියේදී තරගකාරී වෙලදපොල අවකාශ නිර්මාණය වුනොත් එදා රුසියාව හා තරගය නාසා එක හදට මිනිසුන් යැව්වා වගේ ස්පේස් එක්ස් කන්ඩායමටත් විවිධ අභ්‍යාවකාශ ව්‍යාපෘති සාර්තක කරගන්න පුලුවන් වේවි.

Wednesday, November 4, 2020

තල්මස්සු ගොඩට එන්නේ මොනා ගන්නද?

 එක තල්මහෙක් ගොඩ ගහන්න හේතු


යම් රෝගයක් වැලදුනාම හෝ තුවාලයක් සිද්ද වුනාම

·        අයහපත් කාලගුණය නිසා

·        වයසට ගිහින් සෙන්සර් අවුට් ගියාම

·        දිශාව සහ වේගය හසුරුවාගන්න බැරි වුනාම

·        බීච් එක දිහාට එන විදිහට තල්මසුන් දඩයම් කිරීම.

මේ තල්මසුන්ගෙ ජාති දෙකක් තියෙනවා තල්මසුන් දත් තියෙන තල්මසුන් සහ දත් නැති තල්මසුන්. මෙයින් තද් තියෙන සත්මසුන් ලොකු කාන්ඩ පිටින් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ගෙන් එක කාන්ඩෙකට යම් අවුලක් වුනාම එයාල යම් කරුණක් නිසා ගොඩබිමට එනවා නම් ඒ එකකම ඉතුරු කාන්ඩෙත් එනවා කියලා එක මතයක් තියෙනවා.

කිලර් වේල් කියන තල්මසුන් ආජන්ටිනා වෙරළ තීරයට බොහොම ලගට ඇවිත් තිබුනා එක වෙලාවක දඩයම් කරන්න. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා තල්මසුන් දඩයම් කරනවා නෙමෙයි. තල්මසුන්ට ඕනි වුනා මූද අයිනේ අව්ව තැප තැප වැඩිය ඈතට නොයා ඉන්න සීල් මසුන් දඩයම් කරන්න. ඒකට වහ වැටිලා තල්මසුන් බීච් එක ලගට ආවම එයාලට හිර වුනා.

අති ධ්වනි තරංග

මූද යට කෙරෙන මනුස්ස රාජකාරි ගොඩක් තියෙනවා. මූදේ යාත්‍රා වල දිශාවන් හෛායාගන්න වගේම ඔත්තු සේවාවන් දුර තියෙන සබ්මැරීන සොයාගන්නත් සෝනාර් සංඥා පාවිච්චි කරනවා. මේ සෝනා සංඥා වලින් තල්මසුන්ට සහ සාගර ජීවින්ට දැඩි හානි වෙන්න පුලුවන්. තල්මසුන්ගේ පේශි අක්‍රිය වීම. සහ ඉන්ද්‍රියන්ට පවා මේ සෝනා සංඥාවන් නිසා ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකට ඒ සංඥා වලින් ගැලවෙන්න තල්මසුන් රංචුව පිටින්ම පිලිසරණයක්සොයාගෙන ඒ සංඥාවේ මූලයෙන් ඉවතට යාත්‍රා කරනවා. ලංකාවට ආපු සීයකට අධික තල්මසුන් ගොන්නෙන් 5ක් මැරුනා. මේ මැරුන තල්මසුන් නිසි ලෙස ගවේශනය කලොත් ඇත්තටම ඔවුන්ට යම් අහිතිකර සංඥා හෝ වෙනයම් උවදුරක් නිසා ආවාද කියලා යම් අදහසක් ගන්නට පුලුවන් වෙනවා.

යධ අභ්‍යාසකක් නිසා ගොඩබැස්සාද?

මේ දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිතව නාවුක යුධ අභ්‍යාසයක් ක්‍රියාත්මක වන බවත් ඒ නිසා මේ තල්මසුන්ගේ සන්නිවේදන කටයුතු වලට බාධා වෙලා තල්මසුන් ගොඩ බෑවා කියලත් මතයක් ඇවිත් තිබනා. ඒත් එයත් හරියටම සනාථ නොකල මතයක්.

ලංකාවෙ පානදුරට ගොඩ බෑවේ පයිලට් වේල් කියන තල්මසුස් ජාතිය මේ ජාතියෙම කාන්ඩයක් ඹීට සති කීපයකට කලින් ඔස්ත්‍රේලියාවේ තස්මේනියානු වෙරලට ගොඩ බැහැල තිබුනා ඒ වගේම 2018 වර්ශයේ මාර්තු මාසෙදිත් ඔස්ත්‍රේලියාවේ බටහිර වෙරළට තල්මසුන් 150කට වැඩි පයිලට් වේල් කියන තල්මසුන්ගේ සයිස් එක අනුව තරමක් කුඩා තල්මස් විශේෂයක් වන මේ පයිලට් වේල් කියන තල්මසුන් ගොඩ බැහැල තිබුනා. ඔස්ත්‍රේලියානු වෙරල තීරවලට පයිලට් වේල් ගොඩ බැහීම එතරම්ම සුලබ දෙයකුත් නෙමෙයි 2008 කලින් වාර්තා වෙලා තිබුනේ 1996 දි. එදා පයිලට් තල්මසුන් 320ක් පමණ ඔස්ත්‍රේලියාවේ ඩුන්ස්බොරෝ වෙරළ තීරයට ගොඩ බැහැල තිබුනා. ඒ කොයිහැටි වුනත් වාර්තා වෙන විදිහට  පයිලට් වේල්  කියන තල්මස් විශේෂය මේ විදිහට සමූහ වශයෙන් බීච් එකට ගොඩ බාලා මියැදෙන්න කැමති සත්තු විශේෂයක්.

තවත් ගොඩ බාපු තැන්

නවසීලන්තයත් මේ තල්මසුන් ගොඩ බෑම සම්බන්ධයෙන් ජනප්‍රිය රටක්. සෑම අවුරුද්දකම නවසීලන්තයේ දකුනු දිවයිනේ එක්තරා වෙරළ තීරයකට ඩොල්පින් සහ තල්මසන් ගොඩ ගහනවා. 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ ඒ විදිහට ගොඩ බාපු පයිලට් වේල්ස් කියන තල්මසුන් ප්‍රමාණය 400ක් ඉක්මවලා තිබුනා. කිලෝමීටර 5ක් දුරට මේ පයිල්ට් වේල් ලා ගොඩ ගසා තිබූන බව තමයි වාර්තා වෙන්නේ. එ ්නවසීලන්ත වෙරළ ථීරයේ ජීවත් වෙන වයසක උදවියට නම් මේක අලුත් සිදුවීමක් නෙමෙයි. මේ නවසීලන්තයේ ෆෙයාවෙල් ස්පිට් කියන වෙරළ තීයේ බොහොම කාලෙක ඉදන් මේ තල්මසුන් ගොඩ බාන තැනක් කියලා හදුනාගන්න තල්මසන්ගේ ඇටසැකිලි කාලෙක පටන් මේ පැත්තේ විසිරිලා තියෙනවා. ඒ පලාත්වල නවසීලන්තයට සුදු ජාතිකයින් එන්නට කලින් හිටිය ගෝත්‍රිකයින් ඒ තල්මස් ඇට කොටස් වලින් විවිධ ආයුධ නිර්මාණය කිරීම ආභරන සෑදිම ආදී දේවල් කරගෙන තියෙනවා.

නවසීලන්තයට එහා පැසිපික් සාගරේ තියෙන චැතම් දිවයිනට මිට අවුරුදු සීයකට කලියෙන් 1918දි  තල්මසුන් 1,000කට වඩා ගොඩ බැහැලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක ඉතිහාසයේ සදහන් පැරණිතම සහ විශාලතම තල්මසුන් ගේ ගොඩබෑම විදිහට වාර්තා වෙනවා.

තල්ලු කරල හරියනවද?

මේ තල්මස්සු ගොඩබිමට ලගා වෙද්දි උන්ට උන්ගේ ඉන්ද්‍රිය හසුරුවාගන්න බැරිවෙනවා. මොකද ඉන්නේ උන්ට පුරුදු වතුර තත්වයේ නෙමෙයි නිසා උන්ට උන්ගේ තියෙන පේෂි වාරු නැතිව යනවා. ඒ නිසා ගොඩක්ම වැලි ගෑවෙන වෙරල තීරයට ආවාම ආයේ මිනිස්සුන්ගේ සහායක් නැතුව මේ තල්මසුන්ට මූදට යන්න  අමාරුයි.

තල්මසන් සහ ඩොල්පින් සතුන ්මේ විදිහට ගොඩබාන තැන් බොහෝවිට වෙරල මුහුදට නෙරාගිය කොකු ස්වභාවයක් ගන්නා ස්ථාන බවට පෙනී යනවා. ඒත් එහෙම වුනට හැම මුහුදට නෙරාගිය කොක්කෙකම තල්මස්සු බාන්නෙත් නැහැ. නොගැබුරු මුහුද තියෙන වෙරළ ඉදිරියට කොකු වගේ නෙරාගොස් තිබෙන විශේෂ භූ ලක්ෂන මගින් තල්මසන් සහ ඩොල්පින්ගේ සෝනාර් සංඥා යම් නොමග යැවීමක් සිදුවනවාද කියන එකත් තල්මසුන් ගොඩ බෑම ගැන එක මතයක් වෙනවා. ලංකාවේ පානදුර වෙරළ තීරය එහෙම කොකු ස්වබාවක් ගන්නේ නැහැ. ඒත් පානදුර මෝය කටින් එපිටට ඇති ගල්පරය නිසා බැලූබැල්මට යම් කොකු ස්වභාවයක් ගන්නා තැනක් බවට පේන්න තියෙනවා.

පෘතීවි ගෝලයේ සාධක

 මේ ඩොල්ෆින් සහ තල්මසුන් පාර හොයාගන්නා සංඥා විශේෂයට සූර්ය තරංග සහ පෘථිවියේ චුම්භක ක්ශේත්‍රයේ යම් බලපෑමක් තිබෙන බවට මතයකතු ත්යෙනවා. හිරුගේ සිට එන විවිධ රැස් දහරාවන්ට පෘතිවියේ තියෙන සාගර කලාප සහ පාශාන අහුවෙලා ඒවායේ චුම්භක ක්ශේත්‍රයන් වෙනස් වෙන්නට පුලුවන්. එවිට ඒ අනුව මාර්ගය සකසා ගන්නා ඩොල්පින් සහ තල්මසුන්ට පාර සොයාගන්නට අපහසු  වෙන්න පුලුවන් කියලා මතයකුත් විද්‍යාඥයින් අතර තියෙනවා.

අවසාන වශයෙන් මේ තල්මසුන් සහ ඩොල්ෆින් කිය්නනේ සමූහ වශයෙන් හැසිරෙන වර්ගයක්. ඉතින්මේ සමූහ වශයෙන් දිවි ගෙවන පිරිස අවසාන ගමනත් එකටම යෑමට තීරණය කිරීමක්වේනනට පුලුවන් කියන මතයකුත් තියෙනවා. මේ සමූහ ගොඩබෑමට නිතර ලක්වෙන පයිල්ට් වේල් කියන වර්ගය බොහොම සමාජශීලි සත්ව විශේෂක් ලෙස දැක්වෙනවා. ඒ නිසා එක් මත්සයකු ලෙඩ වුවත් අනෙක් අයත් සපෝට් එකට එනවා වැගි ගතිගුනයක් මුන්ගේ පවතින්න පුලුවන්. එවැනි ගතිගුණ මිනිසුන්ගේ වගේම ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සමාජහීලි බවින් වැඩි සතුන් අතරත් පවතින්නට පුලුවන්.

 කොහෙම වුනත් මේ තල්මසුන් සහ ඩොල්ෆින්වරුන් සමූහ වශයෙන් මිය යෑම කියන්නේ තවමත් හරිහැටි හේතුවක් සොයා නොගත් දෙයක්. ඒත් තල්මසුන් සහ ඩොල්ෆින්ලා මෙසේ වෙරළට ඒම සහ ඇවිත් මියැදීම අලුත් දෙයක් නම් නෙමෙයි.



Tuesday, November 3, 2020

ලංකාවේ කොරෝනා සූදානම


දන්නේනැති දේවල් දන්නේ නැතුව ඉන්න එකහොදයි කාටත්. එතකොට අපි දන්නේ නැති බව ලෝකයා දැනගන්නේ නැහැ නේද? ඒ නිසා අපි දන්න නැති දේවලුත්ලියලා ලෝකයාට අපේ දන්නේනැති බව පෙන්වීම යුතුකමක්. ලංකාව කොරෝනා මර්ධනය පටන් ගත්තේත් අනික් රටවල් වගේම 2020 මාර්තු වල. ඒ සදහා ලොක්ඩවුන් ඇදිරිනීති ආදි දේවල් කලා කිසි පැකිලීමක් නැතුව. ඒ නිසා අපිට පලවෙනි වටේදි ජයගන්න පුලුවන් වුනා.


දෙවනි වටය ආරම්භය 

යුක්රේනයෙන් කොරෝනා ආවා කියන ආකර්ශනීය මනනන්දනීය කතාවස්තුව අනුව ඒ යුක්රේණයෙන් ආපු කොරෝනා බ්‍රැන්ඩික්ස් වලින් ලොකුවෙලා අපිට ආවා. හරි දැන් බ්‍රැන්ඩික්ස් එකේ අඩුගානේ උෂ්ණත්වය වත් බලලා නැතිය කියලා තමයි ඒ කාලේ කතා වුනා. ඉන් පස්සේ දැන්ට වැඩ කරන තැන්වල ඒ දේවල් බලනවාද? බලනවාද කියලා බලන්න කට්ටිය ඉන්නවාද කියලා හරියට කතාවක් බහක් ආවේ නැහැ. බ්‍රැන්ඩික්ස් කියන්නේ ලංකාවේ එකම ෆැක්ටරිය නෙමෙයි. තව ෆැක්ටරි වැඩබිම් කන්තෝරු සිය දාස් ගානක් තියෙනවා. ඉතින් ඕ තැන්වල ඔය සෞඛා්‍යාරක්ෂිතව වැඩේ වෙනවාද කියලා බැලුවනම් හොදයි නේද? ඒම බලලා සෞඛ්‍යය ආර්කෂිත කොරෝනා මර්ධන වැඩ හරියට වෙන් නැහැය කියලාවැඩ නවත්වපු ෆැක්ටරියක් අපි දැක්කෙත්නැහැ. 


ටෙස් මැසිම කැඩිමේ නාටකය 


මේ ටෙස් කරපු යන්තරයක් කැඩුනාය. ඒකේ වරද කාරයා අහවල්ලුය කියලා නාටකයක් ගියා. ඒකට හොද වෙලාවට චීන එම්බසියේ ටුයිටර් කන්ඩායම පිලිතුරු දුන්නා. වැඩේ චීනයේ උඩම සෙට් එකක් බාරගත්නිසා අපේ උදවියට වැඩිය නටන්න ලැබුන් නැහැ. නැත්නම් ඕකට තවත් කතාන්දරකියලා මැසිම කැඩීම දේශපාලන ජාත්‍යන්තර කුමන්තරනයක් දක්වා ඇදගෙන යන්නත්ඉඩ තිබුනා. කොහොමින්හරි චීන්නු ටික ගේ රෙස්පොන්ස් එකනිසා මැසිම දැන් හරි. දැන් මැසිම හරි වුනත් වැඩේ ඉක්මන්ට වෙන්නේ නැති බවක් වෛද්‍ය නිළධාරි කියනවා. මේ වෛද්‍ය නිළධාරි විටෙකවිරුද්දයි විටෙක පක්ශයි. දැන්නම් එයාලගෙන් කෙරෙන්නේ ශවේන්ද්‍ර හමුදාපතිකියන දේවල් ගෝඨාභය ජනාධිපති කියන දේවල් නැවතනැවත පුනරුච්චාරනය කිරීමක් විතරයි. ඉන් එහා වැදගත් විවේචනයක් සිද්ද වෙන් නැහැ. එකාතකට ආන්ඩුව වෙන්ස වුන එකෙන් වොකැබියුලරි එක බොහොම සීමා කරන්න වෙච්චි පිරිස අතර මේ දොස්තර සංගමේත් එකතුවෙනවා. 


රජයෙන් මහජනයාගේ හැසිරීමට බනිනකොට හරිත අලුත්ගේත්වෙනම වචන දාලා ඒ විදිහටම මහජනයාට බනිනවා. ආණ්ඩුවෙන් ටෙස් මැසින් කැඩිලා කිව්වම ඔවු ඔවු ටෙස් මැසින් වල ප්‍රමාදයක් තියෙනවා තමයි කියලා ඒකම වෙන වචනවලින් ආයෙම හරිත අලුත්ගේකියනවා. මාරයි නේ.. වෘත්තිය වේදින් නේ.. 


ඇදන් වැඩි කිරීමේ නාටකය 


මාර්තු අප්‍රේල ඉදන් අපේ අයගේ තිබුන එක සැලසුමක් තමයි විශාල රෝහල් තිබියදී කුඩා රෝහල් කෝවිඩ් සදහා ගන්න එක. ඒකෙන් හොදක් වෙනවා. එත් අපේ අය රෝහල් සහ ඇදන් වැඩිකරන්න ක්‍රියාකරාද? ඇදන් කියන ඒවා නම් වීරවංශ මහත්තයා පෙන්නපු ලංකාවෙ ්ෆැක්ටරි වල වගේම චීන ෆැක්ටරි වලිනුත් හදලා සති දෙක තුනකින් ගේන්න පුලුවන්ලංකාවට. ඒත් ඇදන් ගෙනාවා කියලා සියලුම දේවල් හරියන්නේ නැහැ. 


මුලින්මේ වෛරසය පෙන්නුම ්කලේ පෙනහලු කේස් එකක් විතරයි. එතකොට පෙනහලු වලට අවශ්‍ය වෙන්ටිලේටර විතරක් උවමනා වුනා. අමරිකාවෙන් නම් වෙන්ටිලෙට්ටර දෙසීයක්දෙනවාය කියලා තියෙනවා. ඒත දැන් කොරෝනා පැතිරෙන දෙවනි තුන්වෙනි රැල්ල තියෙන රටවල මේ වෙන්ටිටෙල්ටර විතරක්මදිය කියලා කියවෙනවා. මොකද කොරෝනා වලින් පෙනහලු විතරක් නෙමෙයි හදවත, මානසික ආබාධ ආදී ලොකු පරාසයක අකර්මන්‍යතා වෙන්න පුලුවන් කියලා සොයාගන තියෙනවා. ඒ වගේම සම්පූර්ණ බෙහෙතක් නැතත් කොරරෝනා බලපෑම් අවම කරගන්න ඔසු වර්ගදැන් දොස්තර වරු විසින් නිර්දේශ කරනවා. 


ඒ අනුව අසාද්‍ය කොරෝනා රෝගීන්ට දැඩිසත්කාර සැපයීම කියන්නේ දැඩි සත්කාර ඇදන් පමණක්නෙමෙයි. ඒ අවශ්‍ය කාර්යමණ්ඩල, ඖෂධ බඩු බාහිරාදිය සපිරි සම්පූර්ණ සේවාවක් වෙනවා. ජර්මනිය වගේ රටවල් මේ කොරෝනා පැතිරුන මාර්තු මාසේදීම එයාලගේ වෛද්‍ය කාර්යමණ්ඩල, හෙද හෙදියන් සහායකයින් සහ වොලන්ටියර පිිරිස් ස්ටෑන්ඩ්බයි තියාගත්තා. ලංකවෙත් හදිසියේ කාරයමන්ඩල බදවාගත්තා වෛද්‍යවරුන් හෙම. ඒත් එතනින් එහා ගිය ලොකු සූදානමක් දකින්නට නැහැ. 

උදාහරණ විදිහට මිලියනයකට හාර පන්දහකට කොරෝනා හැදුනොත් එයින් දෙතුන් සීයක් ඉස්පිරිතාලගත කරන්න ඕනි වෙනවා. ඒත් දැනට තියෙන විදිහට ඒ විදිහේ සංක්‍යා එක්ක ආපු සැලසුමක් අපිට තියෙන බවක් පේන්න නැහැ. ඇත්තටම හොදට පැතිරුනොත් අමාරුම අය පමණක් හොස්පිටල් වලට දැම්මත් ඒත් අපේ තියෙන ඇදන් සහ පහසුකම් ඇතිද කියන පස්නයක් තාමත් තියෙනවා. 


එකපාර ඉස්රිපිතාල හදන්න බැහැ. ඒත් තිබෙන වෙනත් ගොඩනැගිලි හෝ වෙනත් ස්තාන තාවකාලිකව හෝ සුධානම්කරගන්න අපිට තවමත් කල් තියෙනවා. ඒ වගේම ඒ දැන් තියෙන ඉස්පිරිතාල වල පහසුකම් වැඩි කර්නන තවමත් කල් තියෙනවා. ඔව්. එයාල කරයි අපි බලාඉමු. 


පුද්ගලිකංසේට මැදිහත් වීම 


පුද්ගලික අංශයට ලංකාවේ වෛද්‍ය සේවාවේ තැනක් තියෙනවා කියන එක බොරුවක්නෙමෙයි. ලකාවේ ජනගහනයෙන් සියයට පහකට වත් ඒවාට ගිහි්න් ප්‍රතිකාර ගන්න වත්කමක් හෝ ඉන්ෂුවරන්ස් පොලිසි එකක් තියෙනව බවත් රහසක් නෙමෙයි. ඒත් තවමත් පුද්ගලික අංශයට මේකොරෝනා රෝගීන් රැකබලාගැනීමේ වගකීම බාරදීලා නැහැ. එහි අවදානමක් තියෙනවා තමයි. ඒත් පුද්ගලික රෝහල් වලට අවශය පහසුකම් සහ හැකියාව තියෙනවා නම් ඔවුන්ට ඒ හසුරුවන්න ඉඩ දෙන එක අවසානම මොහෙතට කලින් කරන්න පුලුවන් නම්  හොදයි නේද?  


කොරෝනා සිල් 


කොරෝනා වලින් වැලකීමට ඇත්වීම මාස් දැමීම ආදී මොන දේත් මගේ අදහස දියුනු රටවල් අපිට වඩා හොදට පැක්ටිස් කරන්න ඇති. යුරෝපා රටවල අපේ තරම් ජන ඝනත්වයකුත්නැති නිසා එයාලට ඒ කරුණු ඇචීව් කරන්න ලේසියි. ඒත් එයාලටත් කොරෝනා ආවා. අපේ කොහොමත් කියන දේ නාහන අලුකුත්තේරු ජනතාවක් ඉන්නේ කියලා අපි හැමෝම හොදටම දන්නවා. එහෙම දැනගෙන ඒ ජනතාවගේ අලුකුත්තේරු ඡන්ද වලින් ගොඩ ගිය අය ජනතාව නිසා මේක බෝවුනා කියලා ටොක්ස් දීම නම් ටිකක් අවුල්. 


ලෙඩක් කියන්නේ ලෙඩක්. ඒකට වැරදිකාරයෝ නැහැ. කවුරුවත් ලෙඩ බලෙන් අරන් ඇගේතියාගන් නැහැ. මිනිස්සුන්ට කොච්චර හොද සෞක්‍ය පුරුදු වුනත් පිටන් ඇතුලත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. අපේ රට නෙමෙයි විනය අතින් සුපිරිම රටවල වුනත් එහෙමයි. මිනිස්සුන්ට චෝදනා කිරීම කියන්නේ මාර ලල් වැඩක්.


බස් වල කන්තෝරු වල මීටරෙන් වැඩකරන්න ඉඩ පාසුව හදාදීපු, ඔන්ලයින් පසුකම් වැඩිදියුනු කරපු, මිනිස්සුන්ට ගෙදර ඉදන් වැඩ කරන්න පහසුව රාජ්‍ය සේවකයින්ට හදා දීපු, අපේ පාලකයෝ මිනිස්සුන්ට වගකීම දාලා එයාලට බනිනකොට අපිට තනි ඇහැට ඇඩෙනවා.


ඉතින් කොරරෝනා වලට ඇත්තටම අපේ බලදාරි සූදානම් වෙල ද ඉන්නේ? ඔවු අපි බලා ඉමු. 


Monday, October 12, 2020

කොරෝනා නිසා ජනජීවිතය වෙනස් කරගැනීම ප්‍රායෝගිකද?


යෝජනා කිරීමත් උපදෙස් දීමත් කියන්නේ මාරම ලල් වැඩක්. අපිට පුලුවන් එක එක යෝජනා දෙන්න. ඒත් ඒවා ක්‍රියාත්මක රකන්න උපදෙස් පිලිපදින්න ගියාම තමයි රෙවෙන්නේ. අපේ ජීවිත වටා ඒ ජීවිත ගතවෙන එක්තරා රිද්මයක් තියෙනවා. ඒක තමා අපි කැමති ක්‍රමය. ලංකාවේ සිගා එකක් හැන්දෑවට ගහගෙන මනෝ පාරක් ගහන්න කැමති මිනිහා අමරිකාවේ මේරිලන්ඩ් වලට පදිංචියට ගියත් උගේ ඒ පුරුද්ද අත අරින්න බැහැ. බස් එකෙ ්කාර් එකේ යනකොට සිංදු අහපු එකා හදට ගියත් කොහේ හරි යද්දි සිංදුවක් දාගන්නවා. ඒවා සමහර වෙලාට අපේ ජාන එක්ක අපේ පරිසරය එක්ක බැදෙන දේවල්. 

සමහර වෙලාවට අපිට කැපකිරිම් කරන්න වෙනවා. අපි පුරුද්දක් විදිහට නිතර කලහ කරන ඩෑලක් නම් අපි වෙන රටකට ගියොත් අපේ ඒ කලහ කරන ආතල් එක ටික කාලෙකට හරි නවත්වන්න වෙනවා. මොකද මෙහෙ වගේ අපේ තරම දැනගෙන අනික් උන් පාඩුවේ ඉන්නේ නැහ. වෙන රටකදි තත්වය වෙනස්. ඒත් ඒ රටට යද්දි යන එක මොන දේටත් හිත හදාගෙන මෙහෙ ඉන්න බැරි නිසා හෝ එහෙට්ට තියෙන ආසාව නිසා ඒ දේවල් වලට යොමු වෙනවා. එතකොට මෝටිවේශන් එක තමුන්ගේ පුද්ගලික මෙව්වා එකක්. ඒ නිසා ඒක කරනවා. 


කොවිඩ් වලදි ඈත් වෙලා ඉන්න මාස් දාන්න අත් හෝදන්න කියන කොට සහ අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගද්දි එහෙම අපි කැමත්තෙන් තෝරාගන්න දෙයක් නෙමෙයි. අපි ඒ කලෙදි කල යුතු කාලාන්තරයක් තිස්සේ බලා හිටපු දේකුත් නොවෙයි. ඇස් පේන්නැතුව ඉද්දි කන්නාඩි දැමනවා වගේ අතිවෙච්චි හදිසි ආබාධයකුත් නෙමෙයි. ඉතින් විය යුතු විදිහටම ලෙඩේ කොච්චර දරුනු වුනත් අපි පිස්සු කෙලින්න ගන්නවා. 


ඉතින් චීනේ දින්න නේ 

චීනේ කියන්නේ පුද්ගල නිදහස කියන එක පරම්පරා ගානක් තිස්සේ මරාගෙන ආපු රටක්. ඒ කියන්නේ චීනයේ ක්‍රමයට විරුද්ධව එක්රැස්වෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්න උන් දශක ගානක් තිස්සේ මරලා මරලා සහ උන්ව මකලා හදලා දැන් ඉන්න උන් ක්‍රමයට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමය මගින් යෝජනා කරන්නේ කුමක්ද? එය කොතරම් අකමැති වුවත් කරන්නට චීන ජනයා බැදිලා ඉන්නවා. මේ ම දේශයක් තුල පාලන කටයුතු ලේසියි. එතැනදි ඉහල මට්ටමේ අයට තිබෙන්නේ ඔවුනවුන් අතර තිබෙන තරගයක් විතරයි. එතනින් එහා ඒ යෝජනා කරන ක්‍රමවේදයන්ට දැඩිව මුහුනදෙන අයගේ විරෝදතා කියන වචන සෙට් එකම චීනෙට අදාල නැහැ. 


චීන්නු නිකං බ්‍රොයිලර් කුකුල්ලු වගේ. උන්ට කන්න බොන්න දෙන එකේ ඉදලා උන් මැරෙන අවස්තාව දක්වා ථීරනය කරන්නේ උන්ගේ මහ උන්. අපි ඇවිල්ලා ගං කුකුල්ලු වගේ. අපි අහුලගත්තොත් අපි කනවා. අපි කොහෙහරි ගිහින් ජෝගියක් දැම්මොත් පොලිසියෙන් ගුටිකන්න වෙනවා. අපිට කැමති නම් සහ අපේ ඇගට ඕනි නම් අපි බිත්තරයක් දානවා. අපි  සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ බැදීම් වලින් නිදහස් නැතත් අපිට මාර නිදහසක් චීනෙට සාපේක්ෂව තියෙනවා. කොටින්ම කෙල ගහන්න එපා කියල තිබෙන තැනක කෙල ගැහුවා කියලා ලංකාවේ ඊයා කියනාව හැර උස්සන් ගිහින් දඩ ගහන් නැහැ. ඒ මහ වල්බූරු ඒත් ආතල් නිදහස තාමත් ලංකාවේ අපිට තියෙනවා. ඒ තියෙන නිසාම අපිට මොන දඩුම දෙනවා කිව්වත් අපේ තියෙන අර නාහෙට නාහන මැඩර ගතිය අරින්ඩ බැහැ. ඒක හොදද නරකද දන් නැහැ. ඒත් ඒක එහෙම ම තමයි. 


ඉතින් අපිට කෙල වෙයි නේහ් 

ඔවු. බොහෝවිට ඔවු. මේක කෙලවෙනවා තමයි. කොරෝනා පැති දෙකයි.එ කක් ලෙඩෙන් මැරෙනවා. අනික කොරෝනා නිසා ඇතිවෙන ආර්තික සමාජ හේතු නිසා මැරෙනවා. එයින් දැන් ආර්තික පස්න ඇවිල්ල ඉවරයි ගොඩකට. මේන්ස්ට්‍රිම් මීඩියා වල ශිෂ්‍යත්වෙ වෙලාවේ අම්මා නැතිවෙච්ච පුතා අඩනවා පෙන්නුවා. ඒත් ඒවායේ පිටරට ගිහින් මිනිහාට කොරෝනා හැදුනට පස්සේ ලමයිට කන්න දෙන්න නැතුව දහ අතේ ණය වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ගෑනු පෙන්වන්නේ නැහැ. කොරෝනා නිසා රස්සාවක් නැතුව දඩාවතේ තැන් තැන්වල රස්සා හොයාගන යන මිනිස්සු අපේ නිවුස් වලට අහුවෙන් නැහැ. මැදපෙරදිග රටවල නොහෙක් කැපිලි මැද දුකසේ එන්නත් බැරුව මාස ගානක් දුක් විදින මිනිස්සු අපේ මීඩියා දකින්නේ නැහැ. ඒත් කට වහගෙන නැතුව ගෑනියෙක් වත්ත කෙළවර ලැට්ටකට යනවා දැක්කත් අපේ මීඩියා අපිට ඒක පෙන්වාල අපිට වැරැදි කියා ල බනින්න කෙනෙක් තොරලා පෙන්වනවා. අඩන්න දෙයක් පෙන්වනවා. ඉන් පස්සේ හිනාවෙන්න දේකුත් ඉදලා හිටලා පෙන්වනවා. 


ඒ විදිහට අපිට ඕනි දේවල් දෙන මීඩියා එකකින් පෙන්වනවාට වඩා කොරෝනා මගින් ඇතිවන වක්‍ර බලපෑම් වැඩියි. කොරෝනා කියන එක ආර්ථිකයට ගමේ ඉන්න මිනිහාට බලපාල ඉවරයි. කහ ගන්න එක විතරක් නෙමෙයි කොරෝනා මගින් ඇතිකරල තියෙන අවුලකට තියෙන්නේ. එතනින් එහා ගිය ආදායම් මාර්ග අවහිර වීම ජීවිතේ නන්නත් තාරවීම අවදානමකට ගොඩක් අය මුහුන දීල තියෙනවා. ඉතින් මේ ආර්ථික පස්නය ආවට පස්සේ ඇයෙත් කොරෝනත් එනවා මිනිස්සුන්ට. ඒක මහ කැත වැඩක්. ඒත් ඒක එහෙම වන්නට නියමිතයි. 


කොරෝනා ලෑස්තිය 


අපේ රටේ කෙල්ල ගෙට වුන ගමන් උත්සවේ ගත්ත නේ. වෙන රටවල් ලෑස්ති වුනා. අපි රජය කල යුතු දේවල් යෝජනා කිරීම වැඩක් නැහැ. මොකද රජයක් වුනාම අඩුගානේ ඊලගට එන පස්න මොනවාද කියලා හොයලා ඒ දෙවවල් වලට ලෑස්ති වෙල ඉන්ඩ ඕනි. ඉතින් හතර අතින් සැනකෙලි දාපු රජය දැන් මම හිතන්නේ කොරෝනා වලට ලෑස්ති ඇතිනෙ. අපි බලමු ඉතින්. 


කන්දකාඩු බය 

මුලින්ම කිව්ව වගේ ඒ ඒ ජීවිතයට අදාල වූ බිහේවියර වෙනස් කරන්න අමාරුයි. ලංකාවෙ ්දොස්තර කෙනෙක්ගෙන් ඇහුවොත් මිනිහෙක්ට ඉස්පිරිතාලේ නවතින්න කිව්වාම කොච්චර ඒකට අකමැතිද කියල දැනගන්න පුලුවන්. 


රෝහන බැද්දගේ කන්දේ ලන්දේ ගගුලල්ලේ කියනවා. ඒ සින්දුව ඇහුවම හිතෙන්නේ අඩෝ බැද්දගේ තමයි ඩෑල ඌ ගමේ ඉන්නවා ඇතිය කියලා. ඒත් මේ වෙද්දි බැද්දගෙ ඉන්නේ මාලදිවයිනේ. ඔය හොරනපැත්තේ ගමක හිටියට බැද්දගේ ලොක්කා හෙම අපේ ගංවල උන් වගේ බස් එකේ යන එන හේනේ ඉදලා මල්ල කර තියාගෙන ගෙදර ගිහින් අමාරුවෙන් වාඩිවෙල කහට කෝප්පයක් බොන ඩෑල්ක නෙමෙයි ඇත්තම ජීවිතේ. පොර අර කලාවට අපේ කමට ලැදිය කියලා පොඩි ඇඩ ්එකක් දාල සිංදුවක් කියාල ගානක් කපා ගන්නවා. ඉතින් බැද්දගේ යට කන්දකාඩු හරි වෙන හොටලක් හරි නවතින්න කිව්වනම් ඌඨ ගානක් නෑ. පට්ටාතල් කියලා ඌ නවතී. ඒත් ගමේ ඉන්න සහ සාමාන්‍ය මිනිස්සු ගොඩකට එහෙම නැහැ. ගමේ බුවාල සමහරු ගෙදරින් පිට යන්නත් නිකං මොකද්ද වගේ. 


මේ කන්දකාඩු සහ නිරෝධායන බය නිසා මිනිස්සු දැන් මාර විදිහට ස්ටෙස් වෙලා. සමහරුන්ට තියෙන්නේ ඇත්තටම කෙරෝනා බයක් නෙමෙයි කන්දකාඩු යන්න වෙයි කියන බය. 


ඇත්තටම මට කියන්න ඔනි වුනේ මිනිස්සු සම්බන්ධ තීරන ගැනීමේදී මිනිස්සුන්ට ඒදේ කලේ නැහැ. මේ දේ කලේ නැහැය. මිනිස්සු පුරුදු වුනේ නැහැය. උන් අත හේදුවේ පුක හේදුවේ නැහය කියලා බනින එක කෝචචර සාර්ථක වැඩක්ද? ඇත්තටම එහෙම කොපමණ බැන්නා කියලත් පොදු මිනිහා එහෙම රූල් එකකට හදන්න පුලුවන්ද? ඇත්ත සමහර රටවල් තියෙනවා. ජපානේ වගේ. ජපාන කොරියා රටවල මිනිස්සු කොහොමත් ආචාර ශිලියි නීති ගරුකයි. අපේ ඉන්න ඇම්ඩලා මොන කාලෙත් නලියන ඩෑල්. එයාල ස්වභාවයෙන්ම අර ඉන්දියන් මිනිස්සුන්ට තියෙන පුක් ගිනි ගාය වගේ එකක් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියන එක මරන්ඩ වගේ වැඩක්.