Friday, November 15, 2019

හැරිකැටිය වෙරළ

හිරිකැටිය වෙරළ ලස්සන තැනක්. ලස්සන බොක්කක තමයි හිරිකැටිය තියන්නේ. හොදට රැල්ල ගහනවා. ඒත් වැඩි ජම්බක් නැහැ. ජම්බ කියන්නේ ගැඹුර. ඉතින් මේ නිසා ගොඩක් දුරට බීච් එකේ ඇවිදන් යන්න පුළුවන්. බීච් එකේ තියෙන්නේ පිටි වගේ වැල්ලක්. ගල් වැඩිය නැහැ. ඒ නිසා නාන්නත් ලේසියි. 
මේකට යන්න තියෙන්නේ දික්වැල්ලෙන්. දික්වැල්ල මහවෙල පාරේ දික්වැල්ල විජිත විද්‍යාලයට ඉස්සර වෙලා හිරිකැටිය හංදියෙන් තමයි හැරිලා යන්න තියෙන්නේ. මේ හිරිකැටිය මුහුදු වෙරළ තියෙන්නේ දික්වැල්ල ටවුමේ ඉදලා කිලෝමීටර දෙකක් විතර දුරින්. ගූගල් එකේ Hiriketiya Beach කියලා හෙව්වනම් සුට්ස් ගාල හොයාගන්න පුලුවන් ලොකේසන් එක. 


මෙතන ලංකාවේ අය වැඩිය හිටියේ නැහැ. සුද්දෝ නම් හතලිහක් පනහක් විතර උන්නා. සුද්දියෝ නිකං පිට්ටනියක ගොම බෙටි දාපු වගේ තැන් තැන්වල සර්ෆ් බෝඩ් උඩ පුකවල් මුනින් හරවගෙන පාවෙවි උන්නා. සුද්ද සුද්දියෝ ටිකක් වේලි වේලිත් උන්නා වෙරලේ. උන් නම් යක්කු වගේ ජාතියක්. ඈතට යනවා වැඩි බය සැකක් නැතුව. උන්ට පීනන් පුලුවන් ඇති. පුංචි සුද්දා සුද්ද පැටිය පවා අපේ උන් වගේ වැල්ල පාග පාග ලපං ගහන් නැහැ..පැනලා සර්ෆ් කරනවා පීනනවා එක කෙලියයි. 


හිරිකැටිය තාම මිනිස්සුන්ගේ ඇහැ ගැටිලා නැහැ. අනේ මට නම් මිනිස්සු වැඩිපුර එන එක නවත්වන්න අමුතු පුකේ අමාරුවක් නැහැ.අපි ගිහිපු තැනකට තා එකෙක් ට යන්න එපාය කියන්නේ කවුරු මොන විදිහට කිව්වත් අමු කුහක කමක්. මිනිස්සු වැඩිවෙනකොට පහසුකම් වැඩිවෙන්නඕනි. උදාහරණ විදිහට දැන් මෙතන ලැට් එකක් නැත්තං එකේක දෙන්නෙක් බොග දැම්මට කිසි අවුලක් නැහැ. ඒත් සිය ගානක් බොග දාන්න ගත්තම ඉතින් නාහේ තියාගෙන බහින්න තියා වැල්ල පාගන්නවත් බැහැ නේ. එතකොට එතන ඉතින් බොග වල පොටෝ දදා මෙන්න ගදයි කියලා ෆේස්බුක් සෙයාකල කියල වැඩකුත් නැහැ. කවුරුහරි පුද්ගලික හරි ලෝකල් ඔතෝරිටි එකෙන් හරි ඔතන වැසිකිලියක් හදලා නඩත්තු කරන්න ඕනි. කුනු වුනත් එහෙම


මිනිස්සු කොච්චර කිව්වත් කුනු ගේනවා.නාගරික තැන් වල කුනු දානකොට මිනිස්සුන්ට අනේ කුනුඔයාල ගෙදර අරන් යන්න කියන් නැහැ නේ. කුනු අයින් කරනවා. මිනිස්සු ගොඩක් එන තැන්වල කුනු මැනේජ් කරන එක අපේ ලෝකල් ඔතෝරිටි වලඒ පාලන ආයතන වල සංචාරකරාජ්‍ය ආයතන වල වගකීමක්. 

 ඉතින් දකුණු පැත්තේ ඉන්නවා නම් හරි ඒ දිහා ගියොත් හරි ඔයාලටත් පුලුවන් මේ හිරිකැටිය බලලා එන්න. 

Tuesday, November 12, 2019

රනිල් තුමා හම්බ වුනෙමි

අදාල නැති පොටෝවකි
රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක තේ වතුර බොන්න පහුගිය දවසක සෙට් වුනා. මටත් එතනදි පස්න හතර පහක් අහන්න ලැබුනා. ඒ පස්න සහ උත්තර මොනාද කියලා ලියාල තිබුනොත් හොදයි කියලා මට හිතුනා. 

මට ඇති ආඩම්බරය 
රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ අගමැති. එතුමාව තේ වතුර පාටියකදි හමුවෙලා කතාබහ කරලා පස්න අහන්න ලැබෙනවා කියන්නේ මට පුරවැසියෙක් විදිහට සතුට හිතෙන දෙයක්. ඒ වගේම එතුමා බොහොම මිත්‍රශිලිව කතා බහ කලා. 

සර් කීම 
සාමාන්‍යෆයන් ඒම තැන්වලදි සර් කියන්න හොද නැහැලු. මිස්ටර හෝ මහත්තයා හෝ තුමනි කියාල කතා කරන එක තමිය හොදය කියනනේ. ඒත් මම වැඩකරන කන්තොරු වටපිටාවේ සර් කියන එක නෝමල් සීන්ස් එකක්. අපෙ කන්තෝරු වටපිටාවෙදි මට වඩා සීනියර් හැම බුවාටම සර් මිස් කියලා තමයි කතා කරන්නේ. මේකෙ කාච්චර පුරුද්දට ගිහින්ද කියනවා නම් මට සමහර කාලවලදි ගෙදර ආවම අපේ තාත්තටත් සර් කියවෙනවා. ඉතින් එතැනදි රනිල් තුමාට සර් නොකියා වෙන එකක් කියන්න තියෙන්න ඇති. ඒත් ස්වාභාවිකවම  පනින සර් එක නවත්වන්න මම ලොකු උත්සාහයක් ගත් තේ නැහැ. 

කෞද ඒ කට්ටිය
සෝසල් මීඩියා ඇක්ටිව් පොඩි සෙට් එකක්. එතැන හිටිය ඔක්කොමල්ල 15ක් විතර. ඒ 15 දෙනාගෙන් තමුන්ව අදුන්නාදෙන්න අවස්තාවක් ආවම සිංහලේන අදුන්වා දුන්නේ දෙතුන් දෙනයි. ඒකෙනුත් මම කෙනෙක්. ඒ වගේම සිංහලෙන් අදුන්වාදිල මම ප්සන ඇහුවෙත් ගොඩක් වෙලාවට සිංහලෙන් . මගේ ඉංගිරිසි දැනුමේ මද ගතිය නිසා සමහර තැන් මිස් වුනා. ඒත් සමස්ථයක් විදිහට මට ඒ කියාපු බෛාහෝ දේවල් තේරුම් ගියා. සිංහලෙන් අහපු පස්න වලට සිංහලෙනුත් ඉංගිරිසියේන අහපු පස්නවලට ඉංගිරිසියෙනුත් රනිල් තුමා හොදට උත්තර දුන්නා. 

ඇයි ඔයා විකිනීමේ සිම්බල් එකක් වෙන්නේ. 

මගේ පස්නය : සෝසල් මීඪියා වල එහෙ මෙහෙ යන අය විදිහට අපිට නිතරම හමු වෙනවා ඔබතුමා විකිනීම පිළිබදව සිම්බල් එකක් විදිහට පාවිච්චි කරනවා. රට විකුනනවා කියන එකට යම් සලකුණක් අවශ්‍ය නම් ඒකට ඔබතුමාවත් පාවිච්චි කරන අවස්තා ගොඩයි. ඇයි මේ ඔබතුමා මේ ආකාරයේ විකිණූමේ සිම්බල් එකක් වෙලා තියෙන්නේ? 

උත්තර : ඕක මට විතරක් ආපු අලුත් දෙයක් නෙමෙයි. ඩඩ්ලි සේනනායකට, ඩි එස් සේනානයකට වගේම ජේ ආර් ජයවර්ධනටත් මිනිස්සු විවිධ නම් දැම්මා. කෙනෙක්ට විරුද්ධ වෙන්න හේතුවක් නැති වෙනකොට විවිධ නම් දාල මඩ ගහනවා. ජේ ආර්ට යැංකි ඩිකී කියල කිව්වා. අපි හම්බන්තොට වරාය කියන එක අපේ බජට් එකෙන් අයනි් කලා. දැන් හම්බන්තොට කියන ණ්‍ය බර අපේ ලංකාවේ බජට් එකේ නැහැ. ඔය වගේ දේවලටත් සමහරු විකුනනවා කියලා කියනවා. 

මගේ පස්නය : ඇයි ඔබතුමාල 2015 හොරු අල්ලන එක මූලික සටන් පාඨය කරගෙන ඇවිත් තවම හොරු ඇල්ලුවේ නැත්තේ. ඇය් මේ යාන්ත්‍රනය ඉක්මන් කරන්න වැඩ නොකලේ. ? 
උත්තරය : හොරු අල්ලන ක්‍රියාවලිය ඉක්මන් කරන්න අපි වැඩපිලිවෙල ගෙනාවා. ඉක්මනින් නඩු අහන්න උසාවි ගෙනා ආවා. ඒත් සාක්කි දෙන අයට තර්ජන තියෙනවා. ඒ වගේම ඔයාලට ඇහෙන්න ඇති පහුගිය දවස්වල එෆ් සී අයි ඩි එකේ හිටපු  ලොකු අයට දැන් මොකද වෙලා තියෙන්නෙ ේකියලා. නඩු පැවරීම මූලිකව නීථිපති තුමාගේ වැඩක්. නිසි පරිදි සාක්ෂි තියනවා නම් එතුම ා තමයි නඩු පවරන වැඩේ කරන්නේ. අපි ලොකු උත්සාහයක් ගත්තා මේ නඩු අහන ක්‍රියාවලිය ඉක්මන් කරන්න. ඒත් නීතිඥයින්ගේ දින වෙන් කරගැනීම නඩු දින වෙන් කරගැනීඹ වේග දේවල් අපිට වේගවත් කරන්න අමාරුයි. කොහොම වුන්ත ප්‍රමාදයක් තිබුනත් අපි සම්පූර්ණයේනම නවත්වලා නැහැ ඒ ක්‍රියාවලිය. 

මගේ පස්නය : ඔබ තුමා ඉන්නවා 1970 ගනන් වල ඉදලා පාර්ලිමේන්තුවේ. එදා ඉදාල අද දක්වා ගොවීන්ට පෝර දෙනවා, ගොවින්ට වතුර දෙනවා ඒ කල්ලා වී ටිකත් මිලදී ගන්නවා. පස්සේ වී දිරලා ගිහින් නාස්ති වෙනවා. මේ ගොවීන් රජයෙන් නඩත්තු කිරීම ගොවියාටත් රටටත් හානියක්.මෑතකදිත් පෝර නිකම් දෙන්න ඕන කියල පොරොන්දුවක් ඇහුනා? ඔබතුමාල ඇයි මේ පොර නිකන්ම දීලා ගොවියා කියන කෙනා සදා යැපෙන්නෙක් බවට පත් කරලා තියේනනේ? ඇය් මේ අසාර්ථක ක්‍රියාවලිය දිගටම පවත්වාගන්නේ? 

උත්තර : අහල ඇති දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවේ බත් නැතිවුන කියලා. ඒ වගේම 1970-77 සිරිමා කාලේ මිනිස්සුන්ට කන්න නැතිවුන නිසා තමයි යූ ඇන් පී එකට හයෙන් පහක ලොකු බලයක් ආවෙත්. ඒ හැත්තෑව හැත්ත හත කාලේ මට මතකයි අපේ කුරුණෑගල වත්තේ ඉදලා කොළඹට එද්දි වාහන චෙක් කරනවා. හාල් හරි කෑම මොනාහරි අරන් ආවොත් අල්ලනවා පොලිසියෙන්.බත් කන්න ඕනි දවස් රජයෙන් නියම කරලා තිබුනා. වෙන දවස්වලට මඥ්ඤොක්කා තමයි කන්න තිබුනේ. ඒ කාලේ දෙවන ලෝක යුද්ද කාලේ බුරුමේන හාල් ගේන එක ඇනහිටලා කොළඹ අයටත් කන්න නැතිවුනා කියලා මම අහල තියෙනවා.
ඒ නිසා රට ස්වයංපෝශිත වීම කියන්නේ රටට අත්‍යාවශ්‍ය දෙයක්. අපිට රටි්න හාල් සහ ආහාර එනකල් බලන් ඉන්න බැහැ. අප් රටේ ආහාර නිපදවාගන්න ඕනි. ඒ වගේම වියලි කලාපයෛ් අනුරාධපුර පොලොන්නරුව පැතිවල අස්වනු වැඩකරගන්නත් ඕනි.ඒ පැතිවල අක්කරයකින් ගන්න අස්වැන්න වැඩිවෙන්න ඕනි. කිහිප වතාවක් සහල් අතිරික්තයක් ඇතිවුනා. ඒකත් එක්ක අපි ඉස්සරහට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි තමයි. ඒත් ආහාර නිපදවාගැනීම කියන දේ අපි දිගටම කරගෙන යන්න ඕනි. 

ප්‍රශ්නය : ඔබතුමාලම නිතර කියනවා මේ ලංකවේ පොදු ප්‍රවාහනයේ යන ඉන්දියානු ලොරි බොඩි බස් රථ සේවාව මීට වඩා දියුණු වෙන්න ඕනි කියලා. ඒත් දැන් වසර ගානක් තිස්සේ සද්දේ විතරයි.අ පි තාම යන්නේ ලොරි බොඩි බස් වල? ඇයි මේවා වෙනස් වෙන් නැත්තේ

රනිල් තුමාගේ උත්තර : බස් වල කොලිටිය ඒ කියන්ේන චැසිය වෙනස් වෙන්න ඕනි. ඒත් දැන් තියෙන චැසිය වෙනස් වුනොත් බස් ගාස්තුත් වැඩිකරන්න වෙනවා. බස් කියන්නේ මැද පන්තියේ මිනිස්සුන්ගේ ප්‍රවාහන මාධ්‍යය. ඒක දියුණු වෙන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඒ වගේම බස් වලට ප්‍රමිතියක් ඉස්සරහට හදුන්වා දෙන්නට අපි යනවා. ඒත් අලුත් සැප බස් එද්දි මිනිස්සුන්ට වියදම් කරන්න වෙනවා වැඩිපුර. බස් වලට යෝජනා ගෙනත් අලුත් බස් චැසි එක්ක ගේන්න යෝජනා කලාම පුද්ගලික බස් සේවා වගේමඅපේ ලංගම අංශත් ඒතරම් ඒකට කැමති වුනේ නැහැ. ඒතඅපිට ටිකෙන් ටික බස් සේවාව දියුණු කරන්න වෙනස් කරන්න  තියෙනවා. 

ප්‍රශ්ණය :දුම්රිය සේවාවට හැමදාම මිලියන ගානක අලුත් දුම්රිය සහ මාර්ග එකතු වෙනවා. අලුත් කෝච්චි අලුත් එන්ජින් එනවා. මේවා මිලියන ගානක් වෙන දේවල්. ඒත් කෝච්චි සේවාව සේවාවක් විදිහට වැඩිදියුණු වෙලා නැහැ. කොටින්ම කොටුව ස්ටේශන් එකේ ටිකට් ගැන්න ගියාම තාමත් පරණ ක්‍රමයට පෝරු වල ටිකැට් තියෙනාව ඒකෙන් හරියන ටිකට් එක තෝරන පරණ ක්‍රමයට තමයි ටිකට් දෙන්නේ. මට දැන් වුනත් පුලුව්න ඉන්ටනෙට් එකෙන් තායිලන්තේ ඉන්දියාවේ ඉන්දුනීසියාවේ ටිකට් වෙන් කරගන්න දුම්රියේ. ඒත් ලංකාවේ තාම බැහැ. හැමදාම දුම්රිය සේවාවෙන් ඇහුවාම කඑයාල කියන්නේ ලබන අවුරුද්දේ වෙනස් කරනාව කියලා. ඒත් ඒ දවස් උදාවෙන්නේ නැහැ. මේ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? 

උත්තර : අපි රාජ්‍ය අංශය ජාලකරනය කරලා නවීකරණය කරන්න ගියාම හැම රාජ්‍ය ආයතනයකටම අලුත් පස්න ඇවිල්ලා තියෙනවා. කොහොමත් දැනට තියෙන සේවාවන් වලත් දෝශ ොගඩක් තියෙනවා. ඉතින් අලුත් සිස්ටම් දානකොට ඒක කොහොමද වෙන්න ඕනි කියන එකත් ලොකු පස්නයක්. ඒ වගේම සමහර ආයතන කැමති නැහැ වෙන්ස වෙන්න. අපිට ඉස්සරහට සිද්ද වෙයි ඒ ආයතන වෙනස් වුනේ නැතොත් බලේන හරි වෙනස් කරන තැනකට යන්න. අපිට සමහර ආයතනවලින් අපි ගෙනියන ඩිජිටල් කරන වැඩ පිලිවෙලට සහාය ලැබේන නැහැ. ඒත් සහාය නොලැබුනත් ඉදිියේදි ඒවා වෙනස් කරන්න තීරණ ගන්න වෙනවා අපිට. දුම්රිය ගැන කියද්දි දුම්රිය සේවාවේ ඉන්න සේවකයින් එක්ක තමයි අපි මේ වෙනස් කම් කරන්න වෙන්නේ.

මේ පස්නවල වීඩියෝ හෝ ඕඩියෝ පටිගත කිරීමක් මට ලැබුන් නැහැ. ඒ නිසා මතක විදිහට තමයි මේ ටයිප් කලේ.. කොහොම වුනත් අගමැති තුමා මගේ පස්න වලට විතරක් නෙමෙයි අනෙක් අයගේ පස්න වලටත් හොද උත්තර දුන්නා. ඒ අතර ටික්ක ෆනි මොමන්ට් එහෙමත් තිබුනා. 

එක්තරා ගෑල්ලමෙයක් : මේ රටේ කලාවට චිත්‍රපට වලට සාහිත්‍යයට මේ රජය ලොකු සේවයක් කලා. ඉස්සරහටත් ඒ තත්වය පවත්වාගෙන යන්න ඔබුතමාලට හැකිවෙන්න කියලා මම කියන්න කැමතියි .. 

රනිල් තුමා :ඇත්තටම සාහිත්‍යයෙය් හෙම දියුණුවක් තියෙනවාද? මම හිතන්නේ සාහිත්‍යයේ දියුණුවක් තියෙනවා කියලා දැනෙන් නැහැ..තව දියුණු වෙන්න අවශ්‍යයි. මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය සහ ....... ( අසුවල් නවකතාව) සමානයි. ඒ වගේ ඒ කාලේ ලංකාවේ  කලා කෘති වලට විදෙස් ආභෘෂය ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේ කාලේ ඉංගිරිසි භාෂා හැකියාව අඩු නිසා යම් පසුබෑමක් ඇතිවෙලා තියෙනවා. කලා සාහිත්‍ය ක්ෂේත්‍රය තවත් රටේ දියුණු ව්නනට ඕනි. අපි ඒ සදහා පහසුකම් සලසන්න ඕනි. පොත් පන්දාහක් කිය්නනේ ලෝක මට්ටමේදි අසාර්ථක පොතක් විකෙනන ගාන. අපේ පොත් පන්දාහක් විකුණාගන්න බැහැ කියන්නේ ලංකාවේ සාහිත්‍ය දියුණුයි කියන්න පුුළුවන්ද? 

මේ විදිහට රනිල් තුමා බොහොම ඉදිරිගාමී විදිහට අපි අහපු පස්න වලට උථ්තර දුන්නා. ඒ වගේම අපේ යේජනා ආදිය ගැනත් එතුමා අවධානය යොමු කලා. එතුමාගෙන් අහපු ඇතැම් පස්න ඇත්තටම අගමැති මට්ටමට වඩා අමාත්‍යාංශ මට්ටමේ එවා වුනා. ඒත් එතුමා කාටවත් වෙනමම චෝදනා කලේ නැහැ..සමහර වෙලාවට නිළධාරින්ගේ වගකීම් ගැන කිව්වත් රජයට ඒ ගැන තියෙන වගකීම ප්‍රතික්ශේප කලේ නැහැ. 

තැපෑල ගැනත් පස්නයක් ඇහුවා අයෙක්.. 

ප්‍රශ්ණය : තැපැල්සේවාව වැදගත් සේවාවක්. ඇත්තටම ඒක මේ කාලේ නවීකරණය වෙලා නැහැ. අපේ ලියුමක් දැන් කොහේද කියලා බලාගන්න විදිහක් නැහැ.. මේක දියුණු කරන්න මොනවද ඔබතුමාල කරන්නේ? 
රනිල් තුමා : දැන් තැපෑල වගේම විවිධ ඩිලිවරි කුරියර් සේවාව්න තියෙනවා. ඉදිරියේදි ඒවා දියුණු වුනාම ඔයාලට තැපෑල ගැන පස්නයක් තියෙන එකක් නැහැ. රාජ්‍ය අංශයේ සමහර දේවල් වෙනස් වෙන්නේ කොහොමත් හෙමින්. 

ෆේස්බුක් ගැන පස්නය 
ප්‍රශ්ණය : රජය කොච්චර හොද කලත් ෆේස්බුක් සහ සමාජ ජාල වල යන්නේ වෙනම දේවල්. රජයකරන හොද දේවල් වල් සමාජ ජාල හරහා යන්නේනැහැ. කොටින්ම සමහර වෙලාවට අසත්‍ය බොරු ප්‍රචාර යනවා මේ දේවල් ගැන ඔබතුමාල ක්‍රියාමාර්ගය්ක ගන් නැද්ද? අඩු තරමේ රජය කරන හොද දේවල් ටිකවත් මේවා කරන්න. 

රනිල්තුමාගේ උථ්තර : රජයට සෝ්ශල් මීඩියා පස්නයක් වෙන්නේ මෙහෙ විතරක් නෙමෙයි. ලෝකේ පුරා රටවලෙ මේ  ගැන කතිකාවත් ඇතිවෙලා තියෙනවා. යුරෝපා සංගමය විතරක්ෙ නමෙයි මුලින් ෆේස්බුක් ට්විටර් වල නිදහස ගැනකතා කල අමෙරිකාව පවා අද වෙනකොට මේ පස්නයට මුහුන දීල තියෙනවා. ඉස්සරහට ෛ්ස්බුක් සහ සමාජ ජාලා වලට යම් නියාමනයක් එයි. ඒත් අපි නියාමනය කරන්න බලාපොරොත්තුෙවක් නැහැ. ඒම ජාත්‍යන්තර මට්ටමේ යම් පාලනයක් නඑවා නම්  ඒ සදහා සහාය දෙන්න අපිත් සූදානමින් ඉන්නවා. අපේ සෝශල් මීඩියා සල්ලි ගෙවලා කරනවාට වඩා ස්වේච්ඡාවෙන් ඒ දේවල් කරද්දි ඒ තුලින් නිර්මාණශිලි අදහස් වලට ලොකු තැනක් එනවා කියලා මට හිතෙනනේ. එකෙනෙක් දෙන්නෙක් යමක් කරනවාට වඩා හැමෝම මත පලකරනොකට එතන නිර්මාණශිලි අදහස් වලට තැනක් ලැබෙනවා. සෝශල් මීඩියා වල සමහර දේවල් ඇත්තටම වැදගත්. 

මේ සමහර දේවල් සම්බන්ධ එතුමා කියපු දේවල් සහ මම ලියාපු දේවල් අතර යම් වෙනසක් ඇති. සුලු පිරිසක් කියවන බලන මගේ බ්ලෝග එකේ තියෙන මේ තොරතුරු හුදෙක් එතුමා සමග ගිය පිලිසදරේ සමරු සටහනක් විදියට තමයි මම තියන්න හිතුවේ. දේශපාලකයින් අපිට උත්තර දෙන මට්ටමට පත් වෙන එක මොන පක්ෂ පාට මට්ටමේදි වුන්ත හොද දෙයක්. දේශපාලනයේ දූසිත යාන්ත්‍රනය හරහා මිනිස්සුන්ගේ අදහස් ඉහලට යද්දි ගොඩක් වැදගත්දේවල් මග ැෙරනවා. සෝසල් මීඩියා හරහා හරි නැත්නම් කෙලින්ම හෝ  පක්ශ විපක්ශ මිනිස්සුන්ගේ අදහස් කෙලින්ම ගන්න ආන්ඩුවලට සහ පාලකයින්ට පුලුවන් නම් මිනිස්සුන්ට තියෙන ඇත්ත පස්න ටික එයාලට බලාගන්න පුලුවන්.