Friday, July 24, 2015

වර්ථමාන දේසපාලන තත්වය current pol situation

පුක කියන්නෙ වටින දෙයක්. මොන දේ දෙනවා කිව්වත් පුක නම් දෙන්න හොද නෑ කියලයි අපි සාමාන්‍යයෙන් හිතන්නෙ. නමුත් පිරිසක්, පුක වුනත් නිකං තිබුනම වැඩක් නෑ. ඒක දෙන්න ඕනි කියලා හිතලා පුක දීල හරි අපි ගොඩ යා යුතුය කියල හිතනවා.

ඒ විදියට පුක දීල ගොඩයන්න ඕනි පිරිස අපි යූ ඇන් පී කියල හිතමු. එතකොට පුක දීලා සංවර්ධනය වෙන්න කැමති අය යූ ඇන්පී පාක්ෂිකයො. එතකොට යූ ඇන්පියට වැටෙන ඡන්ද පුක දීමට කැමති ඡන්ද. 

"මිත්‍රවරුනි..අපි අපේ ශරීරයේ තිබෙන වැදගත් අවයවයක් වන පුක කිසිම හේතුවක් නිසා අවධානමට පත් කරගන්න ඕන නැහැ. මේ යූ ඇන් පී කාරයො කිව්ව පලියට අපේ පුක දීල ගොඩයන්න කිසිම ඕනිකමක් නෑ. පුක නොදී මේ විදියට ගෞරවනීය විදියට ඉන්න ....ඒ වගේම වටිනා පුක ආරක්ෂා කරගන්න ඔබ අපිත් එක්ක එකතු වෙන්න. එකතුවෙලා ගිහින් එදාට ශ්‍රී ලංකා එකට කතිරය ගහන්න."   ඒ ශ්‍රී ලංකා පාක්ශිකයෙක්. ඔවුන් පුක දෙනවාට කැමති නෑ. පුක ආදායම් මාර්ගයක් කරගන්නවාට කැමති නෑ.. ඔවුන් පුක ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටිනවා.. 

දැන් මේ දෙගොල්ල අතර ඡන්දයක් තියෙනවා.. 

යූ ඇන්පී - ඉදිරිය තකා, පුක වුවද කම් නැත.
ශ්‍රී ලංකා - හෙට වෙනුවෙන් අපේ උරුම පුක රැකගමු. 

දැන් ඡන්දෙ ඉවරවුනා.. ප්‍රතිපල ආවා.  පුක විකුනා සංවර්ධනය වෙනුවෙන් කැපකිරීම් කරන්න සූදානම් යූ ඇන් පී එකට ඡන්ද ගොඩායි..ඒත් බහුතරයක් ගහන්න ආසන මදි. ඒ වෙලාවෙ  පුක් බී (Puk B) කියලා නම තියෙන ශ්‍රී ලංකා කාරයෙක් යූ ඇන් පී එකට පනිනවා.. 

එතකොට තමුන්ගේ පුක ආරක්ශා කරගන්න පුක රැකගැනීම වෙනුවෙන් පුක් බී මන්ත්‍රී තුමා වෙනුවෙන් ශ්‍රී ලංකා එකට ඡන්දෙ දාපු ඡන්ද දායකයාගේ නියෝජනයට මොකද වෙන්නෙ?

දැන් අර පුක් බී මහත්තයා ඉස්සරවොල පුක ආරක්ශා කරගන්න කටේ උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා පස්සෙ පුක දෙන්න කැමති වෙන එක එතුමාගේ වැඩක්..නමුත් අර අසරණ ඡන්ද දායකයා.. ඡන්ද දායක උන්නැහේ සිය පවුල, අනාගතය ගැන හිතලා තමයි අර පුක් බී ට ඡන්දය දෙන්නෙ. අනාගතයේ දවසක හරි ඉපදෙන එකාලගේ පුක ආරක්ශා කරගන්න විපක්ෂයේ සිට හරි පුක් බී මහත්තයා මැදිහත් වෙයි කියලා අර ඡන්දය දෙන මනුස්සයා හිතන්න ඇති. ඒ වගේම පුක ආරක්ශා කරගන්න දිගටම පෙනී සිටීවි කියලත් අර ඡන්ද දායකයා හිතන්න ඇති. 

දැන් පුක දෙන පුක් බීට හොද අනාගතයක් ලැබේවි. මාරුවුනේ නිකම්ම නෙමෙයි නිසා එතුමාට ලක්ෂණ ජීවිතයක් ලැබේවි. එතුමාට සියලු සැප ලැබේවා.. 

ඡන්ද දායකයා..සිය පුක ආරක්ශා කරගන්නට ඡන්දය දීම හැර වෙනත් ක්‍රම සොයාගනිත්වා..  කෙනෙකුට අවශ්‍යම නම් පුක කියන තැනට රට දාගත්ත නම් ටිකක් හොද කතාවක් තියේවි.. ඒත් ගොඩාක් වතුර දාල දුන්නම කසිප්පු වල වුනත් ගතියක් නෑ කියලයි බේබද්දො කියන්නෙ.

Monday, July 20, 2015

ඇයි අප්පච්චිව කෑවෙ pourquoi j'ai mange mon pere

වනචාරි ගෝත්‍ර වල තාමත් මිනීමස් කන සිරිතක් පවතිනවා ඇති. මිනිසා දියුනුවීමත් එක්ක මිනිස්සු අනෙක් සතුන්ට වඩා වෙනස් වුනා.හැඩයෙන් හැසිරීමෙන් වගේම ඇවතුම් පැවතුම් වලිනුත් විශාල වෙනසක් මිනිස්සුන්ට සිද්ද වුනා. 

මානව පරිනාමය ගැන කියද්දි බොහෝ විට අපි ඈත අතීතේ යුග ගනනාවක් ගැන හදාරනවා. මිනිස්සු ආදි කල්පික වානරයාගෙන් වෙනස් වුන හැටි..ඔවුන් ගින්දර සොයාගත් හැටි..ඔවුන් ඉන් පසු සතුන් අල්ලන් කන්න හුරු වුන හැටි..එයින් පසු සත්ව පාලනයට යොමු වුන හැටි..අවසානේ ගොවිතැනට යොමු වුන හැටි ගැන ඉගෙනගන්නවා.


 අද අපි ජීවත් වෙන්නෙ ගොවි යුගේද? බොහෝ විට අවසානයට මිනිස්සු පත්වෙලා තියෙන්නෙ ගොවියො බවට නිසා ඇතැම් විට අපි ඉන්නෙ ගොවි යුගයේ කියලා ඇතැම් අය සිතන්නට ඇති. නමුත් අද අපි අයිති වෙන්නෙ තාක්ෂණික යුගයට. 

කාර්මීකරණයෙන් පස්සෙ  ඇතිවුන තාක්ෂනික සහ සන්නිවේදන ලෝකයකට තමයි අද අපි අයිති වෙන්නෙ. මේ සන්නිවේදන හැකියාව නිසා ලෝකෙම එක් එක් ප්‍රදේශ එකිනෙකාට බැදිලා තියෙනවා.. එකම රටක් එකම සංස්කෘතියක් කියන පැරණි ලෝකයේ මති මතාන්තර ගිලිහිලා එකම පද්ධතියක් බවට ලෝකය පරිවර්ථනය වෙනවා..දකුනු ආසියාවේ තාමත් වෙනම රටවල් වෙනම පාලනය ඉල්ලන බහුතර ජනතාව හිටියාට යුරෝපය දිහා බොහෝවිට දැන් දැන් රටවල් අතර සීමා බැමි අඩුවෙලා මිනිස්සු එකම පද්ධතියක් වටා ඒකරාශි වෙන්න හිතලා තියෙනවා.

මේ තාක්ශනික විප්ලවේ ලෝකයේ මනුස්ස ප්‍රජාවට බලපාපු හැටි අපි ටිකක් බලමු. 


මේ තියෙන්නෙ ලෝකයේ මනුස්සයො ගාන වැඩිවෙච්ච ආකාරය දැක්වෙන වගුවක් . ලෝකයේ මනුස්ස ජනගහනය වැඩිවීම පටන් අරං තියෙන්නෙ  ක්‍රිස්තු වර්ශ 1600-1800 අතර කාලේදි කියලා ඔබට පේනවා ඇති. ක්‍රිස්තු වර්ශ 1400-1500 කාලෙදි යුරෝපයේ ජනයා නව ලෝකය සොයාගෙන විවිධ දිශාවන්ට යාත්‍රා කරන්න ගත්තා. ලෝකයේ මුල්ම ධනවාදී රටක් විදියට සැලකෙන නෙදර්ලන්තය වගේ රටවල් වල ආර්ථිකය දියුනු වෙන්නෙ හුදෙක් නාවුක බලය මත. නෙදර්ලන්තය බහුතර කොටසක් ජලයෙන් වැසුන කුඩා රටක්. ඉතින් නෙදර්ලන්ත කාරයො නිකං හිටියත් ගංවතුරෙන් යට වෙලා මැරි මැරි ජීවත්වෙනවාට වඩා නාවුක තාක්ශනය ගැන හිතන්නට පෙළඹෙන්න ඇති. ඒ අනුව ඔවුන් ලෝකයේ නව රටවල් සොයාගෙන ගිහින් එ්වා යටත් කරගෙන ඒවායින් සිය රටවල් පෝශනය කරන්නට පටන් ගත්තා.


ආර්ථික සංවර්ධනය හා ලෝකය  

ලෝකයේ මනුස්සයො ගාන වැඩිවුනාට ඒවැඩිවෙන මනුස්සයොන්ට ඕනි දේවල් ලෝකෙට දෙන්න බැරිවුනානං මොකෝ වෙන්නෙ? මොනව වෙන්නද? ඉතිං වැඩිවෙන මිනිස්සු ටික මැරිල යනවා නෙ. ලෝකය දියුනු වෙන්න ආර්ථිකයේ දියුනුව බලපෑවා.. නවීන යන්ත්‍ර සූත්‍ර හරහා එක් අතකින් ආහාර නිශ්පාදනය ඉහල යද්දි මිනිස්සු අතර මගදී මැරිලා යන එක නවත්වන්න මිනිස්සු නවීන වෛද්‍ය විද්‍යාව සොයාගත්තා. ඒ වගේම මිනිස්සුන්ට සරිලන ලෝකයක් මිනිස්සු විශාල ගානකට ඉන්න හිටින්න සහ සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාවක් ලෝකයේ බිහිවුනා. 

ඔබට මුල් වගුවෙන් පේන්න ඇති ඉතාම දැඩි ලෙස අවසාන අවුරුදු 200ක කාලවකවානුවකදී ලෝක ජනගහනය බිලියන 5-6කින් වැඩිවෙලා. ඉතිං ඒ වැඩිවුන ජනගහනය වැඩිවෙන්න එක සාර්ථක හේතු තමයි ලෝකයේ තාක්ශනික අතින් දියුනු වීම. සහ මානව ශිෂ්ඨාචාරයේ හැඩය වෙනස් වීම.. 

කොන්ඩ්‍රටිෆ් රැලි kondretiv waves

මෙතනදි කොන්ඩ්‍රටිව්උන්නැහේ කියන්නෙ ලෝකයේ ආර්ථිකය වැඩිවන ප්‍රථිශතය ගැන.. ඒ ආර්ථික වර්ධනය වෙන ප්‍රතිශතය මුලු ලෝකෙම ගත්තාම වැඩිවෙලා තියෙන පැහැදිලි අවස්ථා කිහිපයක් මේ වගුවෙන් පෙන්නුම් කරනවා. කොන්ඩ්‍රටිව් සහ ආර්ථික විශේෂඥයො මේ වැඩිවීම් වලට හේතු දක්වලා තියෙනවා. 

1780-1830 - මේ කාලයේදී වැඩිවීමක් ඇතිවෙලා තියෙනවා . ඒ වැඩිවීමට හේතු කාරණා විදියට දකින්නෙ වාෂ්ප එන්ජිම සොයාගැනීම. වාශ්ප එංජිම සොයාගැනීමත් එක්ක එංගලන්තය විශාල පිම්මක් තාක්ශණික පැත්තෙන් පනිනවා. වාශ්ප එන්ජිම ඔවුන් ප්‍රවාහනය, බර යන්ත්‍රෝපකරණ, කෘෂිකර්මය, ආදි බොහෝ දේට යොදාගනු ලබනවා. ඒ හරහා එංගලන්තය ලෝකයට වාෂ්ප යන්ත්‍ර පොම්ප කරන කම්හලක් බවට පත්වෙලා ඒ හරහා මුලු ලෝකයේම ආර්ථික වර්ධනය වැඩිදියුනු වෙනවා. 

1830-1880 : මේ කාලයේදී වානේ සහ රේල් පාරවල් හරහා ලෝකය දියුනු වෙනවා. ඇත්තෙන්ම මේ කාලෙ වෙද්දි නාවුක ගමනාගමනය යම්තාක් දුරට සාර්ථක වෙලා තිබුනා. නමුත් විශාල භූමි ප්‍රදේශ හරහා භාන්ඩ ප්‍රවාහනය සහ මිනිසුන් ප්‍රවාහනය කිරීම තරමක් අපහසු වෙලයි තිබුනෙ. අශ්වයින් එක්ක ප්‍රවාහනය කරන්න පුලුවන් වුනත් අශ්වයින්ගෙන් ගන්න පුලුවන් සේවාවන් වල විශාල සීමාවන් තිබුනා. ඒ නිසා මේ යුගයේදී රේල් පද්ධතිය සහ වානේ වල සොයාගැනීමත් එක්ක ලෝකය අලුත් ගොඩබිම් ප්‍රවාහන ක්‍රමයකුත් එක්ක බද්ධ වුනා. 

1880-1930 : ඉස්සරම කාලෙ බලශක්තිය විදියට භාවිත කලේ තාපය පීඩනය වැනි දේවල්. නමුත් පසුකාලීනව බලශක්තිය විදියට විදුලිය බලය සොයාගැනීම නව මානයක් ලෝකයට විවෘත කලා. අනෙකුත් ශක්ති ප්‍රවාහයන් එක්ක සන්සන්දනය කරලා බැලුවාම බොහෝ ශක්තීන් බවට ලෙහෙසියෙන් පරිවර්ථනය කරගැනීමේ හැකියාව විදුලිය සතු වෙනවා. විදුලි බලය ආලෝකය, තාපය, චලනය, චුම්බක, රසායනික ආදී කාර්මීකරනයේ  දී වැදගත් වන බොහෝ ශක්තීන් බවට පරිවර්ථනය කරන්නට හැකිවෙනවා. රසායන විද්‍යාෙව් බොහෝ දියුනු වීම් ඇතිවීමත් මේ යුගයේ ආර්ථික වර්ධනයට කෙලින්ම බලපෑවා.. රසායන විද්‍යාව මගින් ප්ලාස්ටික් සහ නව සංයෝග මූලද්‍රව්‍ය සොයාගැනීම මගින් ලෝකයේ දේවල් අලුතින් නිපදවන්නත් ඒ හරහා අලුත් බඩු ජාති හදන්නත් මිනිස්සුන්ට වැඩි හැකියාවක් ඒ කාලෙත් එක්ක ඇතිවුනා.. 

1930-1970 : මෝටර් රථ තාක්ශනය සහ සහ ප්‍රෙට්‍රෝලියම් ලෝකයට ඇවිත් ලෝකය වෙනස් කරන්න ගත්තේ මේ කාලේදී. කාල් බෙන්ස් විසින් ප්‍රථම මෝටර් රථය සොයාගෙන කාලයක් ගත වුනත් දෙවැනි ලෝක යුද්ධ සමයේදී තමයි මෝටර් වාහන තාක්ශනය ගුවන් යානා තාක්ශනය ආදිය සැලකිය යුතු දියුනුවක් ලබන්නෙ. ලෝක යුද්ධ වලින් මහ විනාසයක් මුලු මහත් ලෝකයටම සිද්ද වුනත් තාක්ශනය අතින් 1930ට වඩා 1945 අවුරුද්ද වෙද්දි ලෝකය අලුත් දේවල් ගොඩාක් සොයාගෙන තිබුනා විතරක් නෙමෙයි යුද්ධය නිසා ඒවා ඇත්ත ලෝකෙදිම අත්හදා බලලාත් තිබුනා. 1945 දි ලෝක යුද්ධය ඉවර වීමත් එක්ක පැරණි යටත් විජිත සංකල්පය නැතිවෙලා ලෝකයේ නිදහස් රටවල් ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩිවෙලා නව රටවල් ලෝකයට ඇති වුනා. නමුත් මෝටර් රථ සහ ප්‍රෙට්‍රෝලියම් හරහා අලුත් රටවල් කලාපයක් ආර්ථික වශයෙන් දියුනු වෙන්නට පටන් ගත්තා. 

1970-2010 තොරතුරු තාක්ශන සහ සන්නිවේදන තාක්ශනයේ දියුනුව වැඩිවුනේ ඉතාම මෑත භාගයේදී. 1969 දි හදට මිනිස්සු යැව්වට අද තරම් පරිගණක තාක්ශනය එදා දියුනු වෙලා තිබුනෙ නැහැ. යන්ත්‍ර සූත්‍ර වල භාවිත වුන බොහොමයක් දේවල් යාන්ත්‍රික සහ විදුලි පැත්තට බර වුනා. අද වනවිට බොහෝ යන්ත්‍ර සූත්‍ර වල පරිපාලනය සහ පාලනය අයිති වෙන්නෙ කුඩා චිප් එකකට නැත්නම් මයික්‍රොප්‍රොසෙසර එකකට. ඒ වගේම ප්‍රකාශ තන්තු (ෆයිබර් ඔප්ටික්) සොයාගැනීමත් එක්ක දත්ත ලෝකය වටා හිතාගන්නත් බැරි වේගෙකින්  එහා මෙහා ගෙනියන්න හැකියාව ලැබුනා. ඒ නිසා අද චීනෙ ලොකු සයිස් පැක්ටරි තිබුනාට ඒවායේ තඩි මැෂින් පරිපාලනය කරන්නඇමරිකාවට හැකියාව තියෙනවා. 

මේ ආර්ථික දියුනුව කෙලින්ම සම්බන්ධ වෙනවා කාර්මික සහ තාක්ශණික දියුනුවට. මේ දේවල් වලදි වෛද්‍ය විද්‍යාව ට්‍රාන්සිස්ටරය වගේ දේවල් විශාල බලපෑමක් ඇතිකරන්නට ඇති. නමුත් අපිට ඒ හැමදේම එකපාර කියන්න බෑනෙව. 

කොහොමින් හරි මනුස්සයා කැලේ වදුරා වගේ හිටපු කාලෙදි මනුස්සයාට තමුන්ගේ පංචෙන්ද්‍රියම අවට ලෝකයේ වෙන දේවල් ගැන අවධියෙන් තියන්න සිදුවුනා. නමුත් තාක්ශනයත් එක්ක මිනිස්සු එහෙම වෙන්න ඕනි වුනේ නෑ. සරල යන්ත්‍ර වල සිට බැලූ බැල්මට මොකට මේක පාවිච්චි කොරනවාද කියලා ගලෝල බැලුවත්, ඒ ගැන නොදන්න කෙනෙක්ට හිතාගන්න බැරි යන්ත්‍ර මිනිස්සු හදලා තියෙනවා.

මිනිස්සු සහ වදුරා ගෝරිල්ලා චිම්පන්සිය කියන්නෙ සමාන කම් වගේම අසමාන කමුත් තියෙන ජාතියක්. වදුරා ගෝරිල්ල චිම්පන්සියට නැති ගොඩක් දේවල් මිනිස්සුන්ට තියෙනවා. විශේෂයෙන් බොහෝ දේ කරන්නට අවශ්‍ය මොලයක් සහ මිනිසුන් විසින් ගොඩනගන ලද නව ශිෂ්ඨාචාරයක් මිනිස්සුන්ට හිමි වෙලා තියෙනවා. 

ඈත අතීතේ මිනිස්සු නායකයා තෝරද්දි පරයගෙන් පරවා අදුනාගන්නහැටි නායකයට පුලුවන්ද කියන එක බලන්න ඇති. නමුත් අද වෙද්දි බොහෝ ශිෂ්ඨාචාරගත පද්ධතිවල නායකත්වයට තිබෙන තත්වය වෙනස්..ඈතම කාලෙ මිනිස්සු ගින්දර ආයුද සහ මොලය වෙහෙසලා නව ලෝකයක් ගොඩනගන්න ආරම්භ කරපු හැටි දැක්වෙන කදිම කාටුන් ෆිල්ම් එක්ක තිබුනා. ඒකෙ නම pourquoi j'ai mange mon pere මේකෙ සිංහල තේරුම ඇයි මම තාත්තව කෑවෙ නැත්තෙ? කියන එක. 

බොහෝ ආගමික නායකයින් කියන දෙයක් තමයි මිනිස්සුන්ගේ දියුනුව බිහි වුනේ ආගම් එක්ක කියන එක. නමුත් ආර්ථික දියුනුව ගත්තත්. මිනිස්සුන්ගේ ශිෂ්ඨාචාර බිහිවීම් ගත්තත් ලෝකය බිහිවුනාට පස්සෙ මිනිස්සු දෙයියෙක් හෝ වෙන දෙයක් හොයාගත්ත විනා.. දෙය්යා හෝ වෙනත් බලවේග ලෝකෙ අරක මේක හදන්න අපිට උදව් දුන්නා කියන එක අමු කෙබරයක්. එක අතකින් ලංකාවෙ පාසැල් සිසුන්ට විද්‍යාව පාඩමේදී ලෝකයේ මිනිස්සු සොයාගත්  තාක්ශනය ගැන එකක් කියද්දි සමාජ අධ්‍යනයේදී මනුස්ස දියුනුවේ තව පැතිකඩක් වුන ආර්ථිකය ගැන ඉගෙනගනිද්දි අනික් පැත්තෙන් නවීන ලෝකය ඇතිවෙන්නට මෙලෝ දෙයක් කරපු නැති කුමක් හෝ ආගමක් ගැන බලෙන්ම උගන්වන එක ලමයි අතරමන් කිරීමක්. 

දාර්ශනික අතින් , අධ්‍යාපන වටිනාකම අතින් බොහෝ කාටුන් ෆිල්ම් සාමාන්‍ය චිත්‍රපට වලට වඩා ඉදිරියෙන් සිටිනවා කියල මට හිතෙනවා. මේ චිත්‍රපටිය පරිණාමය ගැන සරල දෙයක් දරුවන්ට උගන්වන්න පෙන්වන්නත් පුලුවනි. ඒ වගේම ලොකු අයට නායකත්වය සහ නවීන දියුනුව ගැන අලුතින් හිතන්න වැදගත් වෙන ෆිල්ම් එකක් වේවි. 

මම ගත්තෙ මේ ටොරන්ට් එකෙන් බෑවෙනවා නම් මේක ඉතා හොද කොපියක් කියලා කියන්න පුලුවනි. 

Sunday, July 19, 2015

මසාජ් කරන්න ගිය හැටි male therapist negombo

මම ගිය සතියෙ ඉරිද ලංකදීප ලහිපිට බලද්දි ආයුර්වේද මසාජ් තෙරපිස්ට් ලා ගැන තියෙන දැන්වීම් ආදිය ගැන බැලුවා. මේ දැන්වීම් පලකරන්න ලොකු මුදලක් දෙන්න ඕනි ලොකු මුදලක් කිව්වෙ වචන 15ක් පලකරගන්න රුපියල් 1100/=ක මුදලක් ලබා දෙන්නට ඕනි. ඒ මදිවට අපි ඒ ලහිපිට තියෙන ඉරිද ලංකදීප පත්තරේ රුපියල් 50/=ක් දීල අපි කඩෙන් ගන්නත් ඕනි. අපරාදෙ කියන්න බෑ මාස දෙකක් පවුලට බත් ඔතන්න පුලුවන් තරම් කොල ගොඩක් ලැබෙනවා. හැබැයි ඉංගිරිසියෙන් යන ඒ අයගෙම සන්ඩේු ටයිම්ස් එකේ තියෙන තරම් කියවන්න දේවල් නෑ..සමහර විට මට ඉංගිරිසිය වැඩිය තේරෙන් නැති නිසා ටයිම්ස් කියවන්න වෙලා යනවා ඇති.

මම ආයුර්වේද මසාජ් තෙරපිවරියන්ට (ayurvedic massage theropist ) තියෙන ඉල්ලුම ගැන පුදුම වුනා. එක් අයකුට මාසයකට රුපියල් ලක්ශයකට වඩා උපයන්න පුලුවන්  කියලා තිබුනා. මම ඒත් බැලුවා හප්පා ගෑනියෙක් වුනා නං හොද පල්ලම නේද කියලා. අපි හිතමු ඔ්‍ය කියන මසාජ් තෙරපි වැඩෙන් පතිවත නැතිවුනා කියලා. පතිවත ආපහු රීප්ලේස් කරගන්න පුලුවන්ලු රුපියල් පනස්දාහකින් විතර ප්‍රයිවෙට් හොස්පිටල් වලදි..එතකොට මාසෙට ලක්සෙ හමාර ලැබෙන විදියට මසාජ් කරමින් ඉදලා හොද ඇඩ් එක්ක පත්තරේ දාල දායාද ලක්ස 10ක් තිබේ..ගේදොර වැඩ දනී..විනීත දියනියට මනාලයා සොයයි කියලා මනාලයෙක් තොරා ගන්නවා.. බදින්න මගුල් සිලෙක්ට් කරන කාලෙට ගෙදරට වෙලා විනීත සිරිත් පුරුදු වෙනවා..ඒ විදියට කලොත් හොද මනුස්සයෙක් හොයාගෙන පස්සෙ කාලෙක යහපත් විවාහ ජීවිතයක් ගත් කරන්න ලැබෙනවා.

ඔය වගේ විකාර වල් බූත හිතමින් ඉද්දි මම දැක්කා දැන්වීමක් මසාජ් තෙරපිවරුන් male massage therapist  උවමනාය. මීගමුව සංචාරක හෝටලයකට කියලා දැන්වීමක් තියෙනවා. ඇක්වා විලේජ් හොටල්  Aqua Village Hotel  එකට තමයි තෙරපිවරුන් අවශ්‍යයි කියලා දැනුම් දීල තිබුනෙ. මම කෝල් එකක් දුන්නා දුන්නම දවස් දෙකක පුහුනුවක් තියේය. පුහුනුවට රුපියල් තුන්දාහක් යනවාය කියලා කිව්වා. මම ඇහුවා පුහුනුවෙන් පසු රැකියාවක් තියේද කියලා ඔවුන් කිව්වා ඔවු අපි පුහුනුවේන පසු හෝම් විසිට් home visit සහ එයාලගේ සංචාරක හෝටල් පද්ධතියේ ම අපිට තැන් තැන් වල වැඩ කරන් ලැබෙනවාය කියලා ඒ දැන්වීමෙ තිබුනා.ඒ වගේම දින දෙකක පුහුනුවට රුපියල් 3000/= ක් අයකරන බවත් ඉන් පසු සහතිකයක් දෙන බවත්ඔවුන් කිව්වා.

අපි ගෑනු ලමයෙක්ට කියලා මසාජ් එකක් කරවගන්න මසාජ් පාලර් එකකට ගියත් අඩු වශයෙන් රුපිය්ල එක්දාස් පන්සීයක් වියදම් වෙනවා. ඉතිං දෙවියනේ අපිව මසාජ් කලත් අපි විසින් ගෑනුන්ව මසාජ් කලත් ආතල් එක එකමයි. අනික අපිව මසාජ් වෙන්න නම් අපි ගානක් ගෙවන්න ඕනි. අරකෙදි අපිටත් විනෝදයක් එක්ක සල්ලිත් අතට ලැබෙනවා. මගේ ටිකිරි මොලයට අනුව ඒක හොද ඔප්ෂන් එකක් වුනා කීයක් හරි හොයාගන්න සහ විවේක වෙලාව සතුටින් ගත කරන්න. 

ඉතිං මං මේ ගැන හිතලා මතලා බලද්දි මට මේ මසාජ් කරන හෝටලය ගැන සොයාබලද්දි ආකර්ශනීය විස්තර ආදිය හමුවුනා.වැඩියත්ම ඇහැ ගියෙ මේ පිංතුර වලට. 


හෑ මේ තියෙන්න බඩු කියලා මගේ සිත සලිත වුනා. ඒක අනුව මේක ගෑනු අය සේවා ලබාගන්න කැමති තැනක් වෙන්න ඇතිය කියලා හිතුවා. පිංතුර බැලුවම මට ඒහෙමයි හිතුනෙ. සමාජ් තෙරපි තියනවා කිව්වට ඒකෙ තිබුනෙ මසාජ් වලට ලක්වෙන ගෑනු අයගේ පිංතුර. මම ඉතිං හිතුවා හා මේක තමයි පොට් එක කියලා. 

ඒ ගමන මම එතනින් නොනැවතී මසාජ් කිරීම ගැන සෙවුම් කරන්න ගත්තා. 

අපේ පොඩි කුමාරිහාමි මැතිනිය මසාජ් එකකට ගිහින් වැරදි තැන ක්ලික්කරලා ඇග හොදට තලාගෙන තිබුනා.. ඒ වගේම මාරයාට එයාගේ නෑ වෙන ගෑනු ලමයෙක්ගෙන් මාර ගෙදරදීම හිංසාවක් වුනාය කියලා මාරය ාකියලා තිබුනා. මට ඒ සංවේදී සිද්දිය දැකලා ඇහට කදුලු ආවෙ නැතුව විතරයි. ගැටවර වියේ හය හතර නොතේරෙන කොල්ලෙක්ට අවුරුදු දෙකක් විතර වැඩිමල් අක්කියෙක් මසාජ් කරලා අතවර කරද්දි..හම්මෝ ඒක මොන තරං හෙන ගහන අපරාදයක්ද? 

අපේ කතාන්දර ආතටත් හොද සෙන්ස් එකක් තියෙනවා මසාජ් වගේ කී වචන ගැන. උන්නැහෙත් තට්ට මසාජ් කරන කෑල්ල්ක ගැන පොස්ටුවක් දාල තිබුනා.. ඒ අතර වෙද කම පිලිබද හොද දැනුමක් තියෙන ප්‍රායෝගික අත්දැකීම් ඇති ආයුර්වේද වෛද්‍ය වරයකු වන මහ වෙදනා මහතා කියලා තිබුනා මසාජ් කියලා විසේස ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදය තුල නැති බවක්.. 

ඔය අතර එක් බ්ලොග් එකක තිබුනා අපූරු මසාජ් එකක්. මහ වෙදනා නෙමෙයි වෙද හාමිනේ කෙනෙක් ලියන එකක්. ඒකෙ පිරිමි ලිංගික අවයවය විශාල කරගන්න ක්‍රමයක් විස්තර කරලා තිබුනා. හැබැයි සාමාන්‍ය පිලිගත් මතය නම් සංවේදී විවරයක් වන ලිංගික විවරයට ඔය එංජින් වලට තෙල් දාලා ස්නේහය කරනවා වගේ කරන්න හොද නැහැ.. කවුරුවත් පිලිගත් වෛද්‍ය උපදෙස් නැතුව මේවා අත්හදා බලන්න නම් යන්න එපා.. 

මේ කියන ගෑනු මසාජ් කරන්න උගන්වන තැන තිබුනෙ මීගමුව කිස්ටුව නේ. මේ ඒරියා එක ගැන දන්න රනා දේපසාලකතුමා එහෙම මගේ හිතවතෙක්.ඒ වගේම ඉටැලි ඩිලා එහෙමත් මේවා ගැන නොදැන ඉන්න විදියක් නෑ..උන් හොද යාලුවො වුනත් ගෑනුන්ව මසාජ් කරන්න පුරුදු වෙන්න යන එක අණබෙර ගහන්න හොද වැඩක් නෙමෙයි නෙව. ඒ නිසා මම උන්ටත් නොකියම මීගමු යන්න පිටත් වුනා.

ඉතිං මම දැන් අර ගෑනු අය මසාජ් කරන්න යන සිදුවීම ගැනබොහොම සනීපෙට හිතලා මතලා ඉවරයි. මේ සතියෙ සෙනසුරාදා ඒ කිව්වෙ මේ ඊද් උත්සවේ තිබුන ඊයෙ සෙනසුරාදා මට පුලුවන්ය කියලා ඒ අයට කිව්වා. ඒ අය මම එනවද කියලා මගින් මගට කෝල් කරලා අහලා පාරවල් හෙම එනවිදිය විස්තර කලා. ඒ හෝටලේ තියෙන්නෙ මීගමු දිවුලපිටිය පාරෙ රුපියල් විසිහයක දුර ගිහින් තවත් කිලෝමීටර දෙකක් විතර ඇතුලට ගියාම. 

මං ඉතිං සෙනසුරාද උදේම මීගමු ගිහින් ඒ අනුව මේ ඇක්වා විලේජ් එකට යන්න පිටත් වුනා. බස් එකෙන් බැස්සම තව යාලුවෙක් හමුවුනා. ඌ නං දෙයියෙක් නෙමෙයි දේවාලයක්. ඌ මේ වගේ දැන්වීම් බල බල හිතාමතා අහුවෙන්න යන එකෙක්ද මන්දා. මිනිහ ඇවිත් තිබුනෙ රගපාන්න අවස්ථාවක් දෙනවා කියල මේ හෝටලයෙන්ම ලංකදීප ලහිපිට දාපු දැන්වීමකට.. මේ හෝටලේ ඒ විදිටය රගපාන්න අවස්ථාවකුත් දීල තිබුනා . 


ටෙලි නාට්ටි පාසල ගැන 

ටෙලි නාට්ටි පාසල ගැනත් වචනයක් කියන්න ඕනි. එතනදි එයාල හදපු ටෙලිනාට්ටි ඩීවීඩි දහයක් දෙනවා මුලින්ම යන කෙනෙක්ට. ඒ ඩී වීඩි දහය ඉතාම බාල මට්ටමෙන් ගහපු ඒවා. ඒ වගේම ඒ නාට්ටිත් ඉතාම බාල මට්ටමේ ඒවා කියලා දැන්වීම් දැක්කාම පෙනුනා. මට අවාසනාවට ඉස්මාට් පෝ්න එකක් නැතිවුන නිසා ඒවායේ පිංතුර ගන්න බැරිවුනා.. 

අර මුලින්ම රගපාන්න ආස අය ගියාම එයාලට ඩීවිඩි තැටි දෙන්නෙ නිකම්ම නෙමෙයි. ඒවට සල්ලි ගන්නවා. ඉතිං මාත් එක්ක ගිය යාලුවා මසාජ් කරන දැන්වීමට සහ මේ කියන චිත්‍රපට ටෙලි රගපාන දැන්වීමට යන දෙකටම ඉල්ලුම ්කරලා. මිනිහ කිව්ව විදියට මේ විදියෙ ප්‍රෝඩාවල් ගොඩක් සිද්ද වෙනවාලු..රගපාන්න කියලා මුලින් සල්ලි බැදලා මිනිහත් කිහිප වතාවක් චාටර් වුනාලු. මේ පාර නම් කීයක් වත් ගෙවන්නෙම නෑහැ කියලා මිනිහ කිව්වා. 

එ් යාලුවාගේ අදහස වුනේ මේ රගපෑම් කරලා මොකක් හරිහදනවා නේ..ඒ අනුව එයාලට ඇහැක් වෙන්න ඕනි අපිව පුරුදු කරන ගාන අර ෆිල්ම් එකෙන් හරි ටෙලියෙන් හරි කවර් කරගන්න. අපිට එතන රගපාන ජොබ් එකක් ලැබෙනවා නම් පලවෙනි පඩියෙන්මඒ ගාන කපාගන්න ඇහැක් වෙන්න එපාය. 

එතකොට මටත් පොඩ්ඩක් වැඩේ ගැන සැක බිය ඇතිවුනා. 

ඉතිං අපි දෙන්න කයියක් ගහං මේ කිලෝමීටර දෙකක් විතර දුර පයින්ම ගියා. සමහරු වීල් වලිනුත් අවිල්ල හිටියා. විස්සක් විතර ඇවිත් හිටියා. ගිය ගමන් මමත් අර යාලුව එක්ක වාඩිවෙල හිටියා. බැලින්නං ඒක ටෙලිනාට්ටි පුහුනවක් නේ. මම ආවෙ මසාජ් පුරුදු වෙන්න නේ.. අර ඩී විඩි ටික ගන්න රුපියල් දෙදාස් පන්සියක් ගන්නවා. ඉන් පස්සෙ අර එන අයට ඒවා විකුනලා සල්ලි හොයාගන්න කියනවා. ඒ ඩිවිඩි එකේ තිබුන ටෙලි නාට්‍යය නාරි දෙවොල කියලා එකක්.  ජනක කුඹුකගේ එහෙමත් ඒකෙ රගපානවා කියලත් තිබුනා. ඉතිං මම ඩයල් එකක් එක්ක කතා කලාම එයාත් රුපියල් 2500/=ක් දීල අර ඩිවිඩි සෙට් එක අරං තිබුනා. 

දැන් බුවෙක් ආවා. එයා මේ වැඩ ඕගනිස් කරන මැනේජර ලුක් එකක් තිබුන කෙනෙක්. මගෙන් ඇහුවා මොකටද ඔයා ආවෙ කියලා. මට ඉතිං කියන්නත් ලැජ්ජයි. ඒත් මසාජ් කියන කොට..ආ ස්පා තෙරපිස්ට් spa therapist trainingනේද? කියලා ඇහුවා. කටක් ඇරලා හා කියන්න බැරි නිසා මම ඔලුව වැනුවා. ඉන් පස්සෙ ගෑල්ලමයෙක්ට කිව්වා මාව ගිහින් ඒ මසාජ් කරන තැනට ඇරලවන්න කියලා. 

ඒ ගෑනු ලමය ටිකක් හැඩයි. කොට කෙල්ලෙක්. බාසාව අනුව යද්දිං එද්දිං කියන ස්ටයිල් ක තිබුන නිසා නිසා ගොඩක් වෙලාවට ගල්ගමුව කුරුනෑගල පැත්තෙ කෙල්ලෙක් වෙන්න ඕනි. ඉතිං මම ගිහාම එතන සාරියක් ඇදල පිලිවෙලකට උන්නා ගෑනු කෙනෙක් එයා තමයි එතන රෙජිස්තර කරන්නෙ. මගෙන් විස්තර ආදිය අහලා මගේ නම කියලා එයාද කියල ඇහුවා. මම ඔව් කිව්වා. 

නමුත් මම වටපිට බලද්දි මට තේරුනා මේක යම්කිසි මගඩි ස්වරූපයක් තියෙනවා කියලා. ඔවුන් කිසිම තැනක  දැන්වීමක් දාල තිබුනේ නෑ මේ විදියෙ තෙරපි කරනවා හෝ තෙරපි පුහුනු කරනවා කියලා. ඒ වගේම පුුහනුවට හෝ පුහුනු කරන අයට නම් තිබුනෙත් නෑ..මාව ඉන්ටවු කල සාරි ඇදන් හිටපු ඇන්ටිවත් තමා කවුද කියලා ඇදුන්වීමක් කලේ නෑ.. සාමාන්‍යයෙන් මේවා වැඩිපුර ආදායම් ලබන හොද පල්ලම් තියෙන බිස්නස් නම් යම් යම් දූත ලක්ෂණ වලින් ඒවා හදුනාගන්න පුලුවන් වෙනවා.. 

උදාහරණ විදියට මාසෙකට ලක්ශ ගනන් හොයන කට්ටිය මේ දවස්වල හොදට අදුනාගත හැකි මාර්ගයක් තමයි අතේ තියෙන පෝන් එක. මම කියන් නෑ පෝන් අතේ තියෙන හැමෝම හොද පෝසතුන කියලා. නමුත් පෝසත් අය බොහෝ වෙලාවට ඇඩ් එකට හෝ හොද ස්මාට් පෝන් භාවිත කරනවා.. මම දැකපු මැනේජර් තුමා..මැනේජර් වරිය..ඔවුන්ගේ සහායකයින් කිහිප දෙනාම හොදට ඇද පැලදගෙන සිටියාට ඔවුන් නියම ආදායම් ලබන්නන් නොවන බව තමයි ඔවුන් හොදට නිරීක්ශනය කල මට පෙනී ගියේ.. 

ඒ වගේම මේ කාන්තාව ලග ඩුවල් සිම් තියෙන චයිනිස් පෝන් 4ක් මේසය මත තිබුනා.. මගේ විස්තර අහලා එයා කොලෙයක් පිරෙව්වා.. මගෙන් සල්ලි ඉල්ලුවා. මම රුපියල් 3000/= ක් ගෙවන්න ඕනි. මම කිව්වා ඒක හෙට දෙන්නම් කියලා.. ඉන් පස්සෙ මෙයා මගෙන් 1500/=ක් වත් ගෙවන්න කිව්වා. ඒ ගමන මම ඒකත් නෑ කිව්වා. ඉන් පසසෙ මෙයා බෑම කියලා පස්සෙ ..එහෙනං ඔයාට විතරක් හෙට සල්ලි ගෙවන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි අයිඩන්ටි කාඩ් එක තියල යන්න වෙනවා කියලා කිව්වා. ඒවගේම පුහුනුවෙ ඉන්න කාටවත් මේක කියන්න එපා කියලත් කිව්වා. 

ඉන් පස්සෙ මගේ අයිඩන්ටිය අරං මට ඇතුලට යන්න කියලා කිව්වා. සපත්තු ගලවලා ඇතුලට ගියාම ටිකක් බඩ තියෙන සුදු පොරක් දිගා වෙලා ඉන්නවා. කොල්ලො දෙන්නෙක් ඌව මසාජ් කරනවා. අත් තමයි මම යනකොට මසාජ් කරමින් හිටියෙ. ඒ වගේම අර මුලින් පාර පෙන්වන්න ආපු ගෑනු ලමයා තමයි දැන් මසාජ් කරන විදිය කියලා දෙන්නෙ. මම හිතුවෙ අඩුතරමෙ ගෑනු මසාජ් කරන්න ගෑනු පරානයක් හරි ඇති කියලා. නමුත් එතන පතබෑවෙල තිබුනෙ සුදු මහත පිරිමි පරානයක්.. මට ඉකේයියා හිතුනා.. 

මම එතන විනාඩි පහක් විතර ඒ ආතල් එක බලාන හිටියා.. ඉන් පස්සෙ මම ඒ වැඩේ දමල ගහල මගේ අයිඩන්ටි කාඩ් එකත් ඉල්ලගත්තා මට ඒක හරියන් නෑ කියලා..මම සතපහක් දුන්නෙ නැහැ. මට අර මුලින් ෆිල්්ම වල රගපාන්න ආපු යාලුවා හමුවුනේ නැත්තං බොහෝවිට මම්ත මෝරා වෙන්න ඉඩ තිබුනා.. 

මම එද්දි අර ෆිල්්ම හදන කස්ටිය රගපාන්න හදනවා..ඒ එතන හිටපු බුවාලා කිහිප දෙනෙක් මගේ දිහා බැලුවා. ඒවගේම අර ගෑනු මසාජ් කරන්න පුරුදුවෙන්න තුන්දාහක් බැදලා ඇතුලට ගිහින් පිරිමියෙක්ව අතගගා හිටපු උන් ගැන මට දුක හිතුනා. සමහර විට මේක ඇත්තක් වෙන්නත් පුලුවනි. සමහර විට මේ අය පුහුනුවෙන් පසු වැඩ සෙට් කරලා දෙනවත් ඇති. ඒත් මට අනුව නම් එතන වුනේ ප්‍රෝඩාවක්.. මේ හෝටල අයිතිකාරයා නගරයෙන් බොහෝ ඈත හදාගනිපු මේ හෝටලේට බිස්නස් නැති නිසා පටන් ගනිපු වැඩක් වෙන්න ඕනි කියලයි මගේ  පුද්ගලික අදහස. 

අනික අපි හිතමු නිකමට එතන දින දෙකක් අපි රුපියල් 3000/=ක් දීල පුරුදු වෙලා එයාලගේ හෝටල පද්ධතියේ හරි එයාල හොයාදෙන ගැනු අය හරි මසාජ් කරන්න යනවා කියලා. එතනදි අනිවාර්යෙන් එයාලට ඒ බෝකර් ගාස්තුවක් ලැබෙනවා ඇති නෙව. ඉතිං ඒකෙන් අර අපි පුහුනුකරන්න යන මුදල කපාන්න ඇහැක් වෙන්න එපාය. නමුත් එයාල මුලින්ම මේ වගේ ගානක් අයකරන්නෙ ඇයි? මට පස්සෙ ඒමත් හිතුනා..

මම එනකොට ඩිස්කවරි බයික් එකක යන මල්ලියෙක්..අයිය පාරටද යන්නෙ කියලා ඇහුවා. මම ඔව් කිව්වම පොර කිව්ව කැමතිනං පස්සෙන් නගින්න කියලා.. මම පොරට කිව්ව මල්ලි මේ අක්ව විලේජ් හොටලේ ෆිල්්ම වල රගපාන්න කස්ටිය යනවා. මාත් ගියා 2500ක් බදින්න කිව්වා මම හැරිල ආව කියල කිව්වා. පොර කිව්වා එහෙම දෙයක් ගැන පොර දැනුවත්ව දන් නෑ..අනික ෆිල්්ම එකක් ටෙලියක් ගහනවා නම් මේ ගමේ ඉන්න අය නොදැන ඉන්න නම් විදියක් නෑ කියලා. (මං ඉතිං ගැනුන්ට තෙරපි කරන්න ගිහින් චා වෙලා ආපු වගක් ඌට කිව්වෙ නෑ..) 

Saturday, July 18, 2015

Cash Bonanza තහනම් කරනු

මා දන්නා අදුනන අයෙකුට උසස් තැනක උසස් අධ්‍යාපනය හදාරන දුවනියක් සිටී. ඒ දුවනිය භාවිත කරන ජංගම දුරකථනයේ සිම්පත ඇත්තේ ඇගේ පියාගේ නමටය. ඇයට මොබිටෙල් කෑශ් බොනැන්සා හරහා රුපියල් මිලියන දෙකක තෑග්ගක් ඇදී ඇතැයි ද එය ලබාගන්නට වහාම පැමිණෙන්නැයිද කියමින් දුරකථන ඇමතුමක් සිකුරාදා සවස් භාගයේ දී ලැබුනි. ඇය පියාට සිම් පත අයිති නිසාත් ඒ කතා කල පුද්ගලයාට තිබු හදිස්සිය නිසාත් ඇය වහාම ඇගේ පියානෝට ඇමතුමක් ගෙන විස්තරය පවසන ලදී.

මඳ වේලාවක් ඒ විශෘල තෑගි මුදල ලබාදෙන්නට ඇමතූ අයට කතා කල පියා මේ තරම් හදිස්සියෙන් මුදල් දෙන්නේත් මෙවැනි දවසක මුදල් දෙන්නේත් ඇයි දැයි ඇසුවේය. ඉන් පසු එය සුප්‍රකට මොබිටෙල් කෑශ් බොනැන්සා වැනි සංසිද්ධිය හරහා මුදල් ලබාගන්නා වංචාවක් යැයි අපි විසින් හදුනාගන්නා ලදී. දැන් ඒ වංචාකාරයා කරන්නේ සිකුරාදා දිනක සවස කතාකොට මිලියන දෙකක පමණ මුදල් විශාල ප්‍රමාණයක තෑග්ගක් ලැබී ඇති බවට අඟවා එය ලබාගන්නට නම් තෑග්ගට සාපේක්ශව කුඩා රුපියල් පනස්දාහක මුදලක් ඔහුගේ එකවුන්ට් එකට බැර කරවාගැනීමටය.

 ඒ කෑශ් බොනැන්සා නැමැති සිද්ධිය හරහා මුදල් ලබාගන්නා ආකාරය මෙසේය. මොබිටෙල් ආයතනයෙන් හෝ එවන් ජංගම දුරකථන ආයතනයකින් අමතනවා වැනිව ඇමතුම් මධ්‍යස්ථානයක කතාකරන ශෛලියෙන්, වංචාකාරයෙකු බොහෝවිට වැඩි සමාජ ආශ්‍රයක් නැති අය තෝරා කෝල් කරනු ලබයි. ඉන් පසු සිම් පත රෙජිස්තර කිරීම.. තෑග්ග දැන්වීමට ප්‍රමාද වීම ආදි ඉතා හදිසි අවශ්‍යතාවයක් ඒ අයට දක්වා ඉක්මනින් මුදල් බැර කිරීමට යම් යම් කටයුතු කිරීමට ඇතැයි කියයි. ඇතැම්විට රණවිරු අරමුදලට මුදල් බැදීමට ඇතිබව.. ඔබගේ සිම්පත සම්බන්ධ තොරතුරු වල අඩුපාඩු තිබීම ආදී දේවල් කියා යම් කිසි මුදලක් තැම්පත් කිරිමට ඇති බවත් එසේ තැම්පත් කල පසු ඔබට හිමි විශාල තෑගි මුදල බැර වෙනු ඇතිබවත් ඔබට පවසයි.

ඉන් පසු මුදල් වලට තන්හාව ඇති පෘතග්ජන මිනිස්සු තවත් අයට සිද්ධීය විස්තර කරන්නට නොගොස් වහා අර සුලු මුදල් කොටසක් නොදන්නා ගිණුමකට බැර කරන්නේ ඉන් පසු ලැබීමට නියමිත මහා ධනස්කන්ධය ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. මෙය අවුරුදු ගනනාවක සිට ලංකාවේ කෙරෙන සාර්ථක ජාවාරමකි.

දැන් අපි පෙර සිදුවීමට යමු. මමද එතැන මේ සිදුවීම බලා සිටි අතර අපි ඉන් පසු වහාම 119 අංකයට කතා කොට මේ සිද්දිය වහාම පොලිසියට දැනුම් දෙන ලදී. එවිට අපි අර ඉහත තෑගි ලබා දෙන්නට ඇමතු පුද්ගලයාට තරවටු කරන්නට ගියේ නැත. එය පොලිසියේ රාජකාරියකැයි සිතූ අපි ඔහුට මුවින් නොබැන දුරකථනය මදකට විසන්දි කොට 119 අංකයට අමතා පොලිසියට කාරණාව සැල කලෙමු. එවිටද අර ඉහත කී කෑශ් බොනැන්සා වංචා කරුවා ගේ දුරකථනය සක්‍රියව පැවතුනි.

පොලිසියේ අරුම පුදුම පිළිතුර

ඉන් පසු පොලිසියෙන් කිවේ එසැනින් එවැනි වංචා හදුනා ගත නොහැකි බවත් එවැනි වංචා වන් නිතර සිදුවන බවත් අවශ්‍ය නම් ළඟම ඇති පොලිසියට පැමිණිලි කල හැකි බවත්ය. ඔවුන් කී පරිදි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අසාධාරනය සිදුවෙන අය විසින් කල යුතුය. ඉන් පසු පොලිසිය පරීක්ශන පවත්වයි.

නමුත් අපි සිතුවේ  තාක්ශනය දියුනු යැයි සිතූ මෙකල එවෙලේම ඒ ජංගම දුරකථන වංචා කාරයා පොලිසියෙන් අල්ලා ප්‍රශ්ණ  කරනු ලබා විය යන්නයි. අඩු තරමේ ඉන් පසු උපාය දූතයෙක් හෝ යොදවා ඒ වංචාකාරයාගේ වංචාව පොලිසියට සොයාගන්නට හැකියාව ලැබේ යැයි අපි සිතුවෙමු. . තාක්ශණය අනුව ඕනෑම ජංංගම දුරකථන ඇමතුමකදී  දුරකථන සමාගමට හෝ ආරක්ශක අංශවලට අවශ්‍ය නම්ම ඇමතුම් පටිගත කිරිමේ හැකියාව ඇත.  දුරකථන ඇමතුම් ලබාගන්නා ස්ථානය හරියටම බලාා  ගත නොහැකි මුත් දුරකථන කුලුන දක්වා සොයාබැලීම් කල හැකිය.

සාමාන්‍ය පුරවැසියෙකු ලෙස වංචාවක් අසාධාරනයක් අයුතු යමක් අවට සිදුවන්නේ නම් එය පොලිසියට දැනුම් දීම යුතුකමකි. එසේම පොලිස් රාජකාරියේදී රාජකාරියෙන් බැහැර සිටින අවස්ථාවක වුවද සමාජයේ යම් කිසි අකටයුතු කමක් සිදුවේනම් හෝ සිදුවන්නට යන්නේ නම් එය මගහැරවීම පිණිස ක්‍රියා කිරීම පොලිස් නිළධාරින්ගේ වගකීම වේ. නමුත් ඉහත සදහන් මොබයිල් කෑශ් බොනැන්සා වංචාව අතරතුරම අපි පොලිසියට දැනුම් දුන් මුත් ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ලගම ඇති පොලිසියට ගොස් සිදු වූ දේ කියා පැමිණිල්ලක් දමා ඉන් පසු එය විභාග කරන අවස්ථාවේදී කරුණු දක්වන ලෙසයි.

මොබිටෙල් සමාගමේ ප්‍රතිචාරය.

අපේ කන්තෝරුවේ අයකුට ඇති පුද්ගලික හැදුනුමක් හරහා මොබිටෙල් ආයතනයේ අභ්‍යන්තර සේවකයෙකුට පුද්ගලිකව අමතා අපි විසින් සොයාගන්නා ලද අසිරිමත් වංචාව ගැන සදහන් කරන ලදී. අපි සිතුයේ මොබිටෙල් සමාගමේ ගෞරවනීය පාරිබෝගිකයින් වන අපිට, මොබිටෙල් සමාගම නමින් කරන මෙම වංචාව සම්බන්ධයෙන් දැඩි පියවරක් ගනු ඇතැයි කියාය. නමුත් අපිට එතැනදීද වැරදුනි.
තවත් මා දන්නා මොබිටෙල් සමාගමේ අයකුගෙන්ද අසා දැනගත් පරිදි බොහෝවිට සිදුවන්නේ එවැනි අවස්ථා වලදී පාරිබෝගිකයා සැනසීමට අර මොබිටෙල් සමාගම වෙනුවෙන් යැයි කතා කරන වංචා  කාරයාගේ අංකයත් සිදු වූ වංචාවත් සටහන් කර ගනී. නමුත් එතැනින් එහාට සිදු වන දෙයක් නැත. එසේ වංචා කලා යැයි සැලකෙන නොම්මර ලැයිස්තුවක් සකස් කිරීම පමණක් මොබිටෙල් හි ඇමතුම් මධ්‍යස්ථානයේදී සිදුවන බව මා තොරතුරු ලබාගත් මූලාශ්‍රෙයන් දැනගන්නා ලදී.

එක්තරා අතකින් දුරකතන සමාගමේ නම විකුනන වංචාකාරයෝද එම දුරකථන සමාගමේම පාරිබෝගිකයෝය. ඒ වංචාකාරයාගේ පුද්ගලිකත්වය රැකීමද දුරකථන සමාගමේ වගකීම වේ. නමුත් ඒ වැනි දුරකතන සමාගම් වල නම විකුනමින් බොරු තෑගි දෙනවා යැයි කියා මිනිසුන් රවටා ගන්නා අය හරහා ඒ ආයතන වල කීර්තිනාමයට සිදු වන්නේ විශාල හානියකි. එසේම වංචාවට ලක්වන්නෝ බොහෝවිට සිය නොදැනුවත්කම හෝ මුදලට ඇති ගිජුකම නිසා එවැනි අලාබ වලට ලක්වෙති. නමුත් එතැනදී ඔවුන් වංචාවට හසු වන්නේ මොබිටෙල් සමාගම විසින් හෝ එවැනි දුරකතන සමාගම් වලින් පවත්වනු ලබන සල්ලි බෙදීමේ මගඩි නාටක නිසාය. මොබිටෙල් හෝ වෙනත් සමාගම් එක්ව..මින් මනතට අප සමාගම් විසින් කිසිදු ආකාරයක මුදල් තෑගි ලබාදීමක් සිදු නොකරන බව දන්වන්නේ නම් එවිට වංචාකාරයිනට වංචාව කරගෙන යෑමට අපහසු වෙයි.

මොබිටෙල් සමාගම වෙතින් කරන සියලුම දැනුම් දීම් ඔවුන්ගේ  0712755777 අංකයෙනි. ඒ හැර වෙනත් අංක වලින් කිසිදු ජයග්‍රහනයක් දැනුම් දෙන්නේ නැති බවද. ජයග්‍රාහකයින් සිටී නම එය අනිවාර්යෙන්ම තැපැල් මාර්ගයෙන් පාරිබෝගිකයාට දන්වන බවද මොබිටෙල් සමාගම කියයි. එසේම ඉහත 0712755777 හැර වෙනත් මොබිටෙල් අංක වෙතින් කරන දැනුම් දීම ්වලට මොබිටෙල් සමාගම කිසිදු වගකීමක් නොදරන බවද මොබිටෙල් සමාගම පාර්ශවයෙන් දැනුම දීම ්සිදු කර තිබේ.

දුරකතන සමාගම් යනු අප සමාජ පද්ධතියේ කොටසකි.එ්වා නියාමනය කිරීමට පාර්ශව රජයෙන් පත් කර ඇතිමුත් ඔවුන්ට මේ කෑශ් බොනැන්සා මගඩිය පැමිණිලි කලද අපිට ලබාගත හැකි දේ මින් එහා නොයනු ඇති බවට මට දැඩි විශ්වාසයක් ඇත.

රටේ මූල්‍ය පද්ධතිය වංචා කරුවන්ට දෙන තැන

මේ දුරකථන ජාල වල තෑගි වැඩපිලිවෙල් හරහා කරන වංචා වලදී මා දන්නා ආකාරයට මුදල් හුවමාරු වන්නේ බැංකු ගිණුම් හරහා වේ. මා දන්නා ආකාරයට අපේ රටේ සිවිල් පුරවැසියෙකුට බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අනන්‍යතාවය සනාථ කිරීමට අවශ්‍යය. ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට වුවද එවැනි අනන්‍යතා සහතිකයක් තිබිය යුතුය. මෙවැනි වංචා වලදී ඇතැම් විට වෙනත් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට මුදල් යොමු කරවාගෙන ඉන් පසු මුදල් ගන්නවා විය හැක. කෙසේ වෙතත් නිසියාකාරව අධ්‍යනය කලොත් මෙවැනි වංචා සිදුවන්නට නම්,  කිසියම් හෝ තැනක සිදුරක් තිබිය යුතුය.

එක් අතකින් අපේ පොලිස් සහ වංචා මර්ධන අංශ වල ඇති ඇල්මැරුන ස්වභාවය නිසා මුදල් ලබාගන්නා අය පැනයනවා විය හැක. නමුත් මුදල් ගිණුමක් හරහා සංසරනය වන විට ඒ මුදල් වල වගකීම අදාල පුද්ගලයා සතු විය යුතුය. අපි වංචාව අතරමැද පොලිසියට දන්වන අවස්ථාවකදී ඒ ගිණුම සම්බන්ධ දත්ත බැංකුවෙන් ආරක්ශිතව ලබාගෙන වංචාව මැඩපැවැත්වීම සදහා ක්‍රියාකිරීම නීති පද්ධතියේ වගකීමකි.
ඇතැම්විට මෙවැනි අවස්ථාවලදී වංචා වන මුදල් ප්‍රමාණාත්මක වශයෙන් අඩුය. නමුත් රුපියල් විසි තිස්දාහක සුලු වැටුපකට දවස තිස්සේම අවුවේ වැඩකරන්නට සිදුවන මාර්ග පිරිසිදු කරන සේවක මහතකුට හෝ ඈත ගමක කුලී වැඩකින් දවස සරිකරගන්නා දුප්පත් මහත්මයකුට හෝ මහත්මියකට  රුපියල් ලක්ශ විස්සක් ලැබෙනවා යනු හතරමහා නිධානයකටත් වැඩි මුදලක් ඔහුට ලැබීමකි. එය ඔහු ජීවිත කාලයම හරි හම්බ කලත් ඉතිරි කරගත නොහැකි තරමේ විශාල මුදලකි. ඔහු එය ලබාගැනීම වෙනුවෙන් ඇතැම්විට කණ කර බඩු උගස්කොට ඉඩ කඩම් ගේදොර පවා ඇපයට තබා රුපියල් පනස්දාහක් ලක්ෂයක් අර වංචාකාරයන්ට දෙනු ඇත. බොහෝවිට ලැබෙන්ට නියමිත මහා මුදල් ප්‍රමාණය නිසා ඔහු මෙය සිදු කරන්නේ කිසිවෙකුටත් නොකියාය.

පසුගිය කාලයේ සිදුවීම් බැලුවිට ලංකාවේ නීතිය සහ යුක්තිය බොහෝවිට හරියට ක්‍රියාත්මක වන්නේ එක්කෝ කැමරාවක් ඇති තැන්වලදීය නැත්නම් මුදල් යහමින් ඇති තැන්වලදීය. නමුත් සිදු විය යුත්තේ සුලු වුනත් විශාල වුනත් වංචා වැලැක්වීමට පොලිසියත් පද්ධතියත් ක්‍රියාත්මක කිරීමය.

මේ මා ඇසූ දුටු මොබයිල් කෑශ් බොනැන්සා හරහා වංචාව සිදුවන අවස්ථාවේදී අතරමැදදීම අපි දුරකතන සමාගම හරහාත් පොලිසිය හරහාත් යුක්තිය ලැබේ යැයි සිතා අපිට කල හැකි උපරිම දේවල් අපි කලෙමු. අපිට රටේ මිනිස්සුන්ට පාඩම් ඉගැන්වීමට වඩා මේ වැනි වංචා නැවත නැවත සිදුවීම වැලැක්වීමට සහ වංචාකරුවන්ට නිසි තැන ලබාදීඹට අපිට අවශ්‍ය විය. නමුත් අපි අවසානයේ පරාජයට පත් විය.

පොලිසියටත් මේ දුරකතන සමාගම් වලටත් මේ වංචා නැවතිය නොහැකි නම් සහ ඒ වංචා කරුවන් අල්ලා නීතිය හමුවට ගෙන ඒම අපහසු නම් වහාම මේ දුරකථන සමාගම් මගින් පවත්වන මුදල් තෑගි සම්බන්ධ සියලු දේ නැවැත්විය යුතුය. එසේම වෙනත් ආයතන වලින්ද මේ වැනි වංචා වලට අනුබල දෙන මුදල් තෑගි පිරිනැමීම් සිදු වන්නේ නම් ඒවාද නීතියට යටත් කොට වසා දැමිය යුතුය.

යම් පද්ධතියක් හරහා එම පද්ධති කළමනාකරුවනටත් රටේ පවතින ආරක්ශක අංශ වලටත් වැලක්විය නොහැකි අන්දමේ වංචාවන් දිගින් දිගටම සිදුවන්නේ නම් මහජනතාව ලෙස අප කල යුත්තේ එවැනි කෑශ් බොනැන්සා තහනම් කරන ලෙස ඉල්ලා සිටීමයි. මේ තරග හරහා දුරකතන සමාගම් වලින් තෑගි ලබන පිරිසට වඩා වංචාකාරයින් හරහා අසරණ වන පිරිස වැඩිය. බොහෝ අය සිදු වූ ලැජ්ජාව නිසා පොලිසි වලට පැමිණිලි නොකර කරබාගෙන සිටීමට ද පෙළඹේ.

අනික් අතකින් ගත් කල දුරකථන සමාගමක මුදල් ලබාදෙන තරඟයක් යනු පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය සේවාවක් නොවේ. උදාහරණ ලෙස පරිප්පු වල ගුල්ලෝ සිටි යැයි පැමිණිලි රාශියක් ලැබුන පලියට අපිට පරිප්පු තහනම් කරන්නැයි ඉල්ලිය නොහැක . මන්ද ලාංකිය බත් පතේ ප්‍රධාන සංඝටකයක් ලෙසද ප්‍රෝටින සහිත ආහාරයක් ලෙසද පරිප්පු ප්‍රධාන ආහාර කොටසක් වේ.

නමුත් මෙවැනි දුරකථන සමාගම් වල වංචා වලට තුඩුදෙන තරග ආදිය අපේ ජීවිත වලට අත්‍යාවශ්‍ය දේවල් නොවේ. ඒ තරග නැතිවුනාය කියලා අපේ සමාජයට නැතිවෙන විශාල දෙයක්ද නැත. දුරකථන සමාගම් පැත්තෙන් සැලකුවද මේ හැර, ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු , ප්‍රවර්ධන කටයුතු සදහා විශාල පරාසයක යෙදවුම් භාවිතා කිරීමේ හැකියාව ඇත. 

වගකිව යුත්තනි,
මේ දිනවල මහජනතාව වෙනුවෙන් වැටෙන කිඹුල් කදුලු වල දියකර පාප්ප හදා පෝස්ටර් ගහන දේසපාලුවනි..
සීනිබෝල තරග හරහා පාරිබෝගිකයින් වංචා වලට හසුකරන දුරකථන සමාගම් පාලක වරුනි..
වංචාව සිදුවන අතරමගදී දැනුම් දුන්නත් එය ග්‍රහනය කොටගත නොහැකි පොලිස්සියේ ලොකු මහත්වරුනි..
සිදුවන වංචා අවම කරගන්නට බැරි නම්..දිනෙන් දින මේ වංචා සිදුවීම ඉහල යන්නේ නම්..
දුරකතන සමාගම් වලින් මුදල් තෑගි ලබාදෙන සියලු තරඟ වහාම අත්හිටවනු. !!!

ඔබත් මාගේ අදහසට එකග නම් මෙය ඔබට හැකිතැන්වල සෙයා කරගන්න.
( මොබිටෙල් යනු විශාල සමාගමක් නිසාත් ඒ වැනි සමාගම් වලින් ලැබෙන විශාල දැන්වීම් නිසාත් මා උත්සාහ කලත් බොහෝවිට මේ ලිපිය මේ ආකාරයටම පුවත් පතක හෝ වෙනත් බහුජන මාධ්‍යයක පළ කරවා ගැනීම කල නොහැකි වනු ඇත. මට ලැබෙන හිට්ස් තුට්ටු දෙක ගැන ඊර්ෂ්‍යා නොකර මෙවැනි වංචාවන් වැලැක්වීමට සෙයා බටන් එකෙන් හෝ සහයෝගය දැක්වීම වගකිව යුතු කියවන්නෙකුගේද වගකීම වේ..)

Wednesday, July 15, 2015

නාවල සහ රාජගිරිය උසස් අධ්‍යාපනය

මහ රෑ අවසාන බස් එකේ ගමනක් යන මනුස්සයෙක් ට නින්ද යනවා.. ඒ මනුස්සයා නැගිටිනකොට තිබුන ලෑන්ඩ්මාක් සහ තිබුන තත්වය අනුව උතුර දකුන මාරුවෙල බෙල් ගහල එතනින් බහිනවා..බැහැල බස් එකේ දුම් වලාව සහ දූවිල්ලත් ඈතට ගිහින් ආයිත් කට්ට කලුවර උදාවුනාට පස්සෙ වටපිට බලද්දි පොරට තේරෙනවා බැහැල තියෙන්නෙ වැරදි තැනක.. 

ඔය වගේ තැනකදි මිනිහට අත්වෙන්න ඕනි සතුට නෙමෙයි දුක. බොහෝ දෙනා ගේ පිලිතුර වෙන්නෙ එතනදි අර මනුස්සයා අතෘප්තිමත්...විය යුතුයි.. 

මගේ උසස් අධ්‍යාපනයත් ආන්න අර කඩිමුඩියේ නැගිටලා නිදිගැට ඇරලා වටපිට බලලා මගින් බැහැගත්තු පොරගේවගේ.. ගොඩක් දෙනා කියන්නෙ වැරදි වෙලාවෙ වැරදි තැනින් බැස්ස නිසා මට සොරි සහ තවත් කතා ඇතිවුනා කියලා කියනවා.. සමස්ථ ජීවිතය අසාර්ථක වෙන්න ඒක බලපෑවාලු.. 

එලියෙ මිනිස්සු ගොඩක් එහෙම කිව්වත් මටඅනුව  ඒක අතිසය සාමාන්‍ය දෙයක්..වෙලාවකට හිතෙනවා අනික් මිනිස්සු වගේ ගමනාන්තයට ගිහින් ඉක්මන්ට මූන කට හෝදල කාල පුලුවන් නම් පොරකුත් ගහල නිදාගන්න තිබුන නම් හොදයි කියලා..ඒත් වෙලාවකට හිතෙනවා..මගින් අවේලාවෙ බැස්ස නිසාම මට ටිකක් අමුතු අත්දැකීමටකට මුහුන දෙන්න වුනා.. ඒක පට්ටයි සෝක් කියන්න බැරි එකක් වුනත් ඒ වගේ අමුතු දේවල් වලට ආස කෙනෙක්ට ඒක වටිනවා.. 

හරියට නිකං සුනාපරත්නයට වැඩි පුන්න හාමුදුරුවන්ට දඩු මුගුරු වලින් පහර දීමත් ආශිර්වාදයක් වෙනවා වගේ සින් එකක්. වදුරාට කූඩුවක දාල කන්න බොන්න නාන්න සහ වදුරු කෑල්ලකුත් සෙට් කරල දුන්නත් පිංවතුනි වදුරා සතුටින්ද? නෑනෙ. වදුරා හැමතිස්සෙම කල්පනා කරනවා ඇත්තෙ දැඩි අවධානමක් අරගෙන අත්තකින් තව අත්තකට පනින හැටි.. කෑම හොයාගෙන වතුර හොයාගෙන ඈතින් ඈතට යන හැටි..තමුන්ගේ උඩ යන්න කැමති  සැට් එකත් එක්ක ඉන්න හැටි ගැන වෙන්න ඇති. 

එක්තරා කාලයකදි මම ගියා ආයුර්වේද වලට.. ගම්පහ සිද්ධායුර්වේදෙ මම ඉගෙනගත්ත කාලෙ තිබුන ටිකක් ප්‍රබල ස්ටුඩන්ට් යූනියන් එකක්.. ඒකට ගියාම මට ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් හමුවුනා. ඒ වගේම ඒ කාලෙ ඕපන් යුනිය හෙවත් නාවල කැම්පස් එකත් එක්කත් අපේ ගනුදෙනු තිබුනා.. රාජගිරියෙත් තියෙන්නෙ ඔය වගේ ආයුර්වේද කැම්පස් එකක්. 

ලංකාවෙ මම හිතන්නෙ ආයුර්වේද විද්‍යායතන වල මූලික තැන මොකද්ද කියල ඇහුවොත් උත්තරේ තමයිරාජගිරිය. ඉංජිනේරු අද්‍යාපනේ මූලික තැන මොරටුව. 

මම අද වැඩට ගියා නාවල කැම්පස් එකේ වයිෆයි දෙන වැඩක සුලු දායකත්වයක් දෙන්න. එයාලට දැන් තියෙන වයිෆයි ස්පිඩ් මදි..ඉංජිනේරු පීඨයට සහ තියෙන කොම්පිටර ලැබ් දෙක තුනකට වයි ෆයි හයි කරනවා.දැන හයිකරල තියෙන ඒවා මදිලු.. තව ලොකුවට ඕනි නිසා ලොකුවට හයි කරනවා. 

මේ නාවල කැම්පස් එකේ අපි හිටපු හරිය විද්‍යා සහ ඉංජිනේරු විශයන් සම්බන්ධ විද්‍යාගාර සහ ඒ සිසුන් ඉන්න ඒරියා එකක්. එයාල පේම කරනවා..කනවා බොනවා.. පාඩම් කරනවා..සමහරු ලැබ් වල වැඩ කරනවා..බොහෝ දෙනා කොපි කරනවා.. පෙනුනා...

අපි වයි ෆයි හයි කරන්න ගියෙ ්පුද්ගලික කම්පැනියක වැඩකරන අය විදියට.. ඒත් ඇතුලෙ හිටපු බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාව අපි දකින්නෙ යහපාලනයට වයි ෆයි හයිකරන මිනිස්සු විදියට. තාක්ෂනික වැඩක් කරන්න ආපු අය දිහා බලනව වගේ නෙමෙයි.. ඡන්ද වැඩට පෝස්ටර් අලවන්න ආපු මිනිස්සු දිහා බලනවා වගේ බැල්මක් තමයි ගොඩක් අය අපිට දැම්මෙ.. 

බොහෝ දෙනාට තිබුනෙ මේ වයිෆයි දෙන්න පාවිච්චි කරන අපිත් හරියට නොදන්න අලුත් තාක්ෂණය මොකද්ද කියලා දැනගන්න උවමනාව නෙමෙයි.. එයාලටඕනි වුනේ වයිෆයි පාස්වර්ඩ් එක හොරකං කරගන්නෙ කොහොමද කියලා දැනගන්න එක.. 

පරිගනක විද්‍යාගාර කියලා සැක කරන්න පුලුවන් තැන්වලත් අපි ගිහින් වැඩ කලා.. ඒ ලැබ්වල වැඩකරන අය නම් කැමැත්තෙන්ම ඇවිත් අපෙන් විස්තරය්ක අහගන්න හැදුවා..ඒත් සිසුන් නම් පෙර පරිදිමයි..සිසුන්ට අනුව ඔවුන් ඉගෙන ගත යුත්තේ පොත් වලින් විතරයි.. 

3 ඉඩියට් ෆිල්ම් එක බලන බොහෝ දෙනා කල්පනා කරනවා ආනේ අපේ ඉස්කෝලත් ඒ වගේ මයි නේ..අපිත් අර විදියමයි නේ කියලා.. ඒත් ඒක වෙනස් කරන්න හිතන්නෙ එහෙමත් එකෙක් තමයි.. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවෙත් නොනගී කියලා කුමාරතුංග මහත්තයා කියල තිබුනා.. සමහර විට මුනුබුරා කොච්චර සද්දෙ දැම්මත් අපි කුමාරතුංග කාලෙන් ඉස්සරහට ගිහින් නැත්තෙ ඒ නිසා වෙන්නත් ඇති.. 

මේ ඉංජිනේරු විද්‍යාව හදාරන නාවල සිසුන්ට ලංකාවෙ බොහෝ තැන්වල විදියට සිලබස් එකක් තියෙනවා..ඔවුන්ගේ එ් සිලබස් එක අනුව ඇගයීම් තියෙනවා..ඒ ඇගයිම් අනුව ඔවුන්ට ලකුනු ලැබෙනවා..ලකුනු ගොඩක් ගන්න අය පාස් වෙනවා.. 

අපි ආයුර්වේද විද්‍යායතනය ගත්තොත් දැන් ආයුර්වේද විද්‍යාවෙ ්තියෙන බොහෝ දේවල් හොයාගෙන ඉවරයි. ආදි කාලින පඩිවරුන් වාත පිත සෙම ගැන ස්ටඩි කරලා බෙහෙත් හෛ්ත් ඔක්කොම ලියල තියෙනවා.. ඒ ඇර සුලු පරික්ෂණාත්මක හැකියාවක් තියෙන්න ඕනි සිසුන්ට.. දැන් අර සිසුන් කරන්නෙ මොකද්ද එයාලගේ ආයුෂ පිලිබද විද්‍යාවේ බොහෝ දේවල් කලිං පොත්වල තියෙන නිසා එයාලගේ ඒකායන අරමුනු ඒ පරණ පොත් හැදෑරිම බවට පත් වෙනවා.. 

ඉතිං මම නාවල ලොකු වෙනසක් දැක්කෙ නෑ.. එයාලටත් සමහර විට අලුත් සහ පරණ පොත් ඇති ඉංජිනේරු විද්‍යාව ගැන ලියවුනු. ඔවුන් අපේ කාලෙ වගේම තාමත් එසයිමන්ට් කොප ිකරනවා.. ඒ කාලෙ වගේම ලොකු පොත් කටපාඩම් කරනවා.. ඒ ආයතනයෙන් පහල වෙලා ඒකෙන්ම උපාදි පශ්චාත් අරං ඒකෙම ලෙක්චර් කරන අවුරුදු බරගානක් තිස්සෙ ආයතනය තුලම ඉන්න ලෙක්චර පංතියකුත් ඇතිවෙල තියෙනවා.. 

ඇත්තටම ලංකාවෙදි ආයුර්වේද විද්‍යායතනයේ ස්වභාවයයි. ඉංජිනේරු පීඨ වල ස්වභාවයයි එකම යි කියලා තමයි මට හිතෙන්නෙ. සමහර විට ඉදලාම දක්ෂයින් මතු වෙනවා ඇති. නමුත් එක ඔලුගෙඩි දාහකට නිපදවෙන දක්ෂයො ගාන කරන ආයෝජනේ තරමට තියේද කියන ගැටලුව තියෙනවා නෙව.

Tuesday, July 14, 2015

ඉස්මාට්ලස් ජීවිතේ

කලිං තිබුන ඒවා

කලිං තිබුන මම පාවිච්චි කල ඉස්මාට් පෝන් එක නොකිය ලුමිය 630 කියන එක. ඊට කලිං සැම්සුන් ගැලක්සි ඇස්6810ක් පාවිච්චි කලා. දෙකම බේසික් ස්මාට් පෝන්. 

මේ දෙකම අවුල් සහගත ඒවා.. අලුතින් අාපු නොකියා ලුමියා පෝන් මාකට් එකෙන් ලොකු ප්‍රමාණයක් අල්ලං තියෙන විදියක් පෙන්නුම් කරනවා..ලුමියා පෝන් එක ස්මාට් පෝ්න එකක් විදියට ඒ වියදම් කරපු ගානට හරියන ලකුනු ගොඩක් දෙන්න පුලුවනි. නමුත් බොහෝ ලුමියා වල තියෙන ලොකු අවුලක් තමයි නෙට්වර්ක්.. 

වයිෆයි වල ඉදලා ත්‍රී ජී වලට මාරු වෙද්දි හරි ත්‍රී ජී වල ඉදල ටූ ජී වලට මාරු වෙද්දි හරි නෙට්වරක් එක ඉබේම සිලෙක්ට් කරගන්නෙ නැහැ..ටිකක් වාත වෙනවා. පස්සෙන් පහු පෝන් එක අරං කලක් යද්දි මේක මහ වාතයක් වුනා. ඉන් පස්සෙ මම ඒ පෝ්න එක පෝන් ලෝලී ගෑල්ලමයෙක්ට විකුනලා දැම්මා. 

පස්සෙ එයැයි පෝන් එක අරං එහෙ මෙහෙ යන්න ගත්තම එයැයිටත් අර දෝසෙ ආවා. එකතැනක ඉද්දි ඉතිං එක ජාතියෙ සිග්නල් නෙව එන්නෙ. යද්දි නෙව ඕක ටූ ජී ජීපි ආර් එස් ආදි ඒවට මාරු වෙවි වාත වෙන්නෙ. 


පෝන් එක නැතිවුනයිනි නැතිවුන දේවල්. 

පෝන් එක තියෙද්දි මට තිබුන එක උනක් තමයි දැක්ක දැක්ක හැමදේම පොටෝ ගහන එක. ඒ දකින ඒවා පොටෝ විදියට තලලා ඉන් පස්සෙ අර පෝ්න එකේම තියෙන පොටෝ සාප්පුවට දාලා ඉෆෙක්ට් දානවා..එයින් මනත එක්කො ටුයිටර් එකේ නැත්තං ඉන්ස්ටර්ග්‍රැම් එකේ ඒවා දමනවා. 
මේ කොටුවට කපලා පොටෝ දාන වැඩේ මට අල්ලලා ගිය සෙල්ලමක්. දුර ගමනක් යද්දි මොකක් හරි විසේස දෙයක් වෙද්දි එතනදිම පොටෝව ගහල ඒක පොඩ්ඩක් හැඩ වැඩ කරලා පේස්බුක් ටුයිටර් හැම තැනම සෙයා වෙන්න දාගන්න පුලුවන් වුනා ඉන්ස්ට එක හරහා. 

මේක ටිකක් හරි අර එක්තරා ෆිල්ම් එකක ගිය අමතක වෙන ලෙඩ තිබුන එකා කරපු දේ වගේ. මිනිහාට අතීතය අමතක වෙන සීන් එකක් තිබුනා. එයා කරන්නෙ දකින දකින හැමදේම පොටෝ අරං ඒවා නම් කරලා සේව් කරල තියාගන්නවා.. 

පෝන් එකෙන් තව කරපු මට පොඩ්ඩක් පාඩුවක් වුන වැඩක් තමයි වෙබ් සහ පොත් කියෝන එක..පී ඩී එෆ් සහ විකිපීඩියා වගේ දිග වෙබ් ආටිකල් පොන් එකෙන් කියවන්න ලේසියි. වමේ ඉදලා දකුනට දිගට තියෙන්නෙ වචන පහ හයක් විතරක් නිසා කියවීමේ රුචිය වැඩිද මන්දා..විකිපීඩියා එක කොම්පියුටරෙන් බලද්දි පුල් ඉස්කිරින් දැම්මාම වමේ සිට දකුනට ඉංගිරිසි වචන දහයක් පාලහක් සෙට් වෙනවා.. එතකොට රුචිය ඉබේම අඩු වෙනවා. 

පෝන් එකෙන් වුන අවාසි..

පෝන් එක නිසා වුන අවාසි මට තේරෙන්න ගත්තෙ කාලයක් ගියාට පස්සෙ. කන්තෝරුවෙ වැඩ කරන කාලෙදි මම බොහෝවිට කොම්පියුටරේ ඔලුව ඔබාගෙන ඉන්නවා..කන්තොරු වැඩකට හරි නැත්තං කන්තෝරු ඇරිලා බෝඩිමට යද්දි හරි ආයිමත් පෝන් එකට ඔලුව ඔබාගන්නවා. ඉතිං ගෙදර ගියාම හරි නැත්තං බෝඩිමට ආවයින් පස්සෙ ලැප්ටොප් එක දිග ඇරං ආයිත් මේ ඉලෙක්ටොනික් තිරයට යොමුවෙනවා. 

මේ විදියට බැලුවොත් චූ කරන්න මූන හෝදන්න නාන්න යන වෙලාව හැර දවසෙ අවදි වෙලා ඉන්න වෙලාවෙන් සියයට අනූවක් විතර වැයවුනේ ඉලෙක්ට්‍රොනික් තිරයක් ඉස්සරහා.. ඒක මානසිකව වගේම සරීරෙටත් එ් තරම්ම හොද එකක් වෙන්නෙ නැහැ කියල මම තීරණය කලා. 

පෝන් එක කාලෙ කන්න කියාපු බාන්ඩයක්.. ඉන්ටනෙට් යන්න චට් කරන්න, පිංතුර ගන්න, සිංදු අහන්න, ආදී ගොඩක් දේවල් පෝන් එකෙන් කරගන්න දැන් පුලුවන් වෙලා තියෙනවා.. හැබැයි මේ පෝන් එකේ මල්ටි ටාස්කින් මට ටිකක් වාතයක් වෙලා තිබුනා.. 

පෝන් එක සහ මල්ටි ටාස්කින්..

ලයිෆ් එක ඉස්මාට් වුනාම ඒ කිව්වෙ පෝන් එකක් හරි ටැබ් එකක් හරි අතට ආවාම ඒ පෝන් වල තියෙන ලොකුම ඔප්ෂන් එකක් තමයි මල්ටි ටාස්කින්.. ඒ කියන්නෙ එකම ස්මාට් පෝන් එකෙන් එකවර වැඩ කිහිපයක් ලබාගන්න අපිට පුලුවනි.. සිංදුවක් අහන ගමන් අපිට මැප් එකක් බලන්න වෙබ් එක බ්‍රවුස් කරන්න පුලුවන් වෙනවා මේ මල්ටි ටාස්කින් නිසා.. 

මේ තරං මල්ටි ටාස්කින් ගොඩකට අපේ මොලය සහ සරීරෙ සපෝට් කරනවද? මම හිතන විදියට ඒක මනස දැඩිලෙස පීඩාවට පත් කරන දෙයක් වෙන්න ඇති. මේක නිකං හරියට අපිට විසා ල එංජිමක් තියෙද්දි තවත් එංජිමක් එකපාර දුවවනවා වගේ වැඩක් නෙව.. 

මිනිහට තඩි මොලයක් තියෙනවා. දැන් ස්මාට් පෝන් එක ආවයින් පස්සෙ අර තඩි මොලය වැඩිය වෙහෙසන්නෙ නැතුව අර පෝන් එකේ තියෙන ලොකු හැසිරවිමේ සහ මතක හැකියාව භාවිතයට අරගෙන අපි බොෙහා් දේවල් වලට හුරුවෙනවා.. 

මේක අපිට කලිං ජෙනරේශන් අය දකින්නෙ දැන් කාලෙ එවුනට පෝන් එක නැතුව ටෙලිපෝන් නම්බොර් එකක් වත් මතක නෑනෙව කියලා. ඒත් මට ආපු පැක්ටිකල්ම අවුල තමයි අපි ගූගල් මැප් එක බලාගෙන කොහේ හරි තැනක් හොයාගෙන ගියාම අපිට ඒක ටිකක් චාටර් කාල තුන් හතර දෙනෙක්ගේ ලනු කාල හොයාගෙන යනවා වගේ මතක හිටින්නෙ නෑ.. 

සමහර වෙලාවට ෆෝන් එකත් එක්කම එක එක රාජකාරි වැඩ කිඩ සිද්ද කලාට අවධානය කෙලින්ම රාජකාරියට යොමුවුනේ නැති නිසාද මන්දා ඒ පෝන් එක පැත්තකින් තියාන කරපු  රාජකාරිය මතක හිටිනවා අඩුයි.. 

ඉතිං ඊට පස්සේ.. 

නොකිය කස්ටිය ගෙම නොකිය 215 කියලා ටූ ජී විතරක් තියෙන බැටරිය ගොඩක් කල් තියෙන පෝන් එකක් තිබුනා. ඇත්තටම මේ පෝන් එකේ බැටරිය කෝල් පැය 6ක් විතර තියාගන්නපුලුවනි..සාමාන්‍යයෙන් මම දවස්පහක් විතර බැටරිය පාවිච්චි කරනවා..

සමහර විටකදි යම් යම් පාඩු සිද්ද වෙනවා..උදාහරණ විදියට මොකක් හරි ලොකු සිද්දියක් දැක්කත් දැන් පොටෝවක් ගහන්න විදියක් නෑ.. හදිස්සියට පීඩි එෆ් එකක් කියෝ කියෝ යන්න විදියක් නෑ.. ඒත් මේ බේසික් පෝන් එකේ සිංදු ගොඩක් දාන්න පුලුව්න මෙමරි කාඩ් එකක.. ඒනිසා කෝච්චියෙ බස් එකේ යද්දි අනවශ්‍ය කයි කාරයින්ගෙන් ඇන්ටිලාගේ කන්දොස්කිරියාවෙන් කෙල්ලොන්ගේ කිචි කිචියෙන් කන ගලෝගෙන සිංදුවක් අහගෙන යන්න ඇහැකියාව නම් නැතිවෙල නැහැ.

දැන් අර ඉස්මාට් ලයිෆ් එක ටිකක් හැලිල ගිහින්.. දැන් මම පුස්තකාලෙන් පොත් ගත්තා යන එන ගමන් කියෝ කියෝ යන්න..ඒ වගේම ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න ගමන් මංගල යෝජනාවක් රස්සාවක් බලාගන්නත් කාරිය එක්ක සන්ඩේ ටයිම්ස් පත්තරේ ගත්තා.. 

දැන් මාස දෙක තුනක් වෙනවා..ස්මාට් වුනාට පස්සෙ හැමතිස්සෙම පෝන් එක අස්සෙ ඔලුව ඔබාගෙන කිසිම එක්සකටිව් වැඩක් නැති මම මහා එක්සකටිව් වරයෙක් වගේ ඇගිල්ලෙන් වැඩ කිහිපයක් කර කර ගිය මම දැන් හරි සරල වෙලාය කියලා මට හිතෙනවා.. 

Saturday, July 11, 2015

ඉන්දියාවට ආපු පට්ටම පෝන් එකක්

 Xiami me4i කියන පෝන් එක ඇන්ඩ්‍රොයිඩ් 5ත් එක්ක එන අලුත්ම පෝන් එකක්. ඒක සාමාන්‍යෙයන් වර්ථමානයේ එන ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් එකක තියෙන බොහෝ ලක්ෂණ වලින් සමන්විත වෙනවා. මේ ෆෝන් එකේ මිල සාමාන්‍යෙයන් ඇමරිකානු ඩොලර් 220ත් 240ත් අතර ප්‍රමාණයක් ගන්නවා. 


මුලින්ම තියෙන්නෙ ක්සියාමි මි 4අයි කියන පෝන් එක. ඉතිං යාලුවන්ට පේනවා ඇති මේ පෝන් එකේ තියෙන වාසි මොනවද කියන එක. මේ පෝන් එක ඇත්තටම ඉන්දියානු රුපියල් 13000කට තමය ිමිල කරලා තියෙන්නෙ. දැනට ඉන්දියාවෙ මෙ ්පෝන් එක මිලදී ගන්නත් ටිකක් අමාරුයි. මේක මාකට් කරන්නෙ අර වන් ප්ලස් වන් මාකට් කල ක්‍රමයට. තාම පෝන් එක ටෙස්ටින් වගේ තමයි යන්නෙ. ඒ නිසා මුලින් අපි ඇනවුම ්කරන්න ඕනි. ඉන් ප්සසෙ එයාල එක දවසක අපිට පෝන් එක ගන්න සලස්සනවා. ඒ අනුව මුලින්ම ආපු ගැනුම්කරුවන් පිරිසකට පෝන් එක අකමැති නම් එපා කියලා ආයෙත් රිටන් කරන්නත් අවස්ථාවක් සලසා තියෙනවා. 



පොසෙසරය 

මේක අලුත්ම ඔක්ටා කෝර් පොසෙසර් එකක්. ඒ කිව්වෙ කෝර් අටක පොසෙසරයකින් සමන්විත වෙනවා. මේ ඕක්ට කෝර් පොසෙසර් එක වගේම ග්‍රැෆික් වැඩකටයුතු වල අවශ්‍ය මධ්‍ය ප්‍රමාණයේ ප්‍රබල පොසසරයකින්ද මේ පෝන් එක සමන්විත වෙනවා. 

තිරේ.

පෝන් එක මිල අඩුවෙන්න අඩුවෙන්න බඩු සවුත්තු වෙන අංශයක් තමයි ඩිස්ප්ලේ..සැම්සුන්..එල් ජී නොකිය ලුමියා. වගේ පෝන් වලමිල අඩු වර්ශන් වල තියෙන ලොකු අවුලක් තමයි ඩිස්ප්ලේ එකේ රෙසලුෂන් අඩු එක. මේ මි ෆෝන් ඩිස්ප්ලේ එක දැනට තියෙන හොදම ජාතියෙ එකක්ලු. ඒ වගේම මේකෙ රෙසලුශන් ප්‍රමාණය බොහොම වැඩි එකක්. වීඩියෝ සහ පින්තුර ආදිය බොහොම කදිමෙට පේනවා ඇති. 

මෙමරි

මේ මි 4අයි පෝන් එකේ තියෙන පොඩි දුර්වලතාවයක් තමයි මේකට මයිකෝ‍රා එස් ඩී කාඩ් ගහන්න බෑ. මේකෙ තියෙන්නෙ හොද ජාතියෙ ඊ එම් එම් සී කියෙන මෙමරි ජාතියෙ මෙමරි විසේසයක්. ඉන්ටර්නල් මෙමරි එක 16යි තියෙන්නෙ. රැම් එක ගිගාබයිට් 2ක රැම් එකක් තියෙනවා. මේ ඉන්ටර්නල් මෙමරි එක අඩුකරල තියෙන්නෙ පෝ්න් එක සයිස් එකෙන් පොඩි කරන්න කියලයි කියන්නෙ. 

ඕ ඇස් එක.

මේක ඇතුලෙ දුවන්නෙ ඇන්ඩොයිඩ් එල් බේස් කරගත්ත මියුඅයි 6කියන අලුත්ම ඕ ඇස් එක. මේ මි යු අයි කියන ඕ ඇස් එක බොහොම ලක්ෂන එකක්ලු. ඒකෙ පෙනුම නිකං ඇපල් පෝ්න් එකක ලුක් එකම තියේලු. වේගය අතිනුත් මේ මි යු අයි කියන ඕ ඇස් එක ප්‍රබල එකක් කියලා තමයි අන්තර්ජාල විස්තර වල තියෙන්නෙ. 

නිමාව

මේ පෝන් එක ප්ලාස්ටික් වලින් නිම වෙච්චි එකක්. ඒ නිසා පෙනුම අතින් එච්චරම ලොකු පෝන් එකක පෙනුම එන එකක් නම් නෑ. ඒත් ප්ලාස්ටික් වුනාට ටිකක් කල් පැවැත්ම තියෙන ප්ලාස්ටික් ජාතියකින් තමයි හදල තියෙන්නෙ. මේ පෝන් එකේ සයිස් එක අගල් 5ක ඩිස්ප්ල සයිස්. පෝන් එක අයි පෝන් එකක් තරමටම ඝනකමින් අඩුයි. නිමා ගත්තාම සාමාන්‍යෙයන් අසුස් සහ ඒ වගේ පෝන් වලට වඩා නිමාවෙන් වැඩියිලු.. බොහෝවිට පෝන් එකක් අගල් 5කට එහා පැත්තෙන් යනවා නම් ඒක අත තුල රදවාගන්න මදක් අපහසු ගතියක් එනවා. 

කැමරාව

මූලික කැමරාව 13මෙගාපික්සල් වනවා. ඒවගේම අනික 5 මෙගාපික්සල්. මේ මූළික කැමරාවෙ ජාතිය සෝනිද සැම්සුන්ද කියලා හරියටම කියලා නැහැ. බොහෝවිට මේ පෝන් එක ජනප්‍රිය වුනාම හොද කැමරාවක් එක්ක ඒවි. කැමරාව භාවිත කරද්දි පෝන් එක මදක් රත්වෙන ස්වභාවයක් මුල් කාලෙදි තිබිල තියෙනවා. දැන්න්ම ඒක ඒම නැතුවැති. 


බැටරිය 

මේ පෝන් එක පොඩි වුනාට මේකෙ දුවන්නෙ ඔක්ට කෝර් පොසසර් එකක්. ඒ වගේම සුපිරිම ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. ඉතිං මේ පොසසර් එක සහ ඩිස්ප්ලේ එක ටිකක් වැඩිපුර බැටරි අදිනවා. මේ පෝන් එක මිලිඇම්පියර් 3000ක බැටරි බලයකින් සමන්විත වුනත් වැඩකරන්න පුලුව්න කාලය එමමයි. ඒ කියන්නෙ දවසගානෙ පෝන් එක චාජ් කරන්න වෙනවා. ඒත් සාමාන්‍ය භාවිතයේදි පැය 12-14ක් පාවිච්චි කරන්න හැකියාව නම් අනිවාර්යෙන් ඇති. 

ක්සියාමි කියන්නෙ පජාත පෝන් ජාතියක් නෙමෙයි. චීනෙ ජනප්‍රියතම මොබයිල් පෝන් ජාතියක්.ඒ පෝන් කම්පැනිය ඉන්දියාවට ඇවිත් ඉන්දියාවට හදුන්වා දීපු එක තමයි මේ ක්සියාමි මි 4 අයි කියන මොබයිල් පෝන් එක. සාමාන්‍යෙයන් සියාමි ලා අර හුවාවෙ සැම්සුන් එල් ජී වගේ පෝන් ජාති හැටක් විතර එකපාර ගහන්නෙ නැහැ. එයාල එක කාල අන්තරයකට එක පෝන් එකක් වගේ තමයි ගහන්නෙ. ඒ නිසා බොහෝවිට ඒ පෝන් එක ගැන සොයා බැලීම වැඩියෙන් ඇති. 

මේ ක්සියාමි පෝන් එක ලංකාවෙ ඩයල් කොම් එකේ තියෙනවා රුපියල් 35000ට පිටරටින් ගෙන්නනවා නම් අනිවා ඩොලර් 230ට හෝ ඊට සමාන ගානකට ගෙන්නත හැකි. ඒත් පෝන් ගෙන්නන එක යම් යම් ගැටලු ඇතිවෙන වැඩක්ලු ඇතැම් අවස්ථාවලදි. මම ඒ ගැන නම් ගැරන්ට් කරන්නෙ නැහැ. 

දැනට තියෙන පෝන් වලින් ඉහලම ස්පෙසිපිකේශන් තියෙන.. ඒ වගේම පෝන් එකේ නිමාව අතිනුත් යම්කිසි තැනක තිබෙන මේ පෝන් එක ලංකා රුපියල් 35000කට බොහොම වටින එකක් කියල තමයි මට හිතෙන්නෙ.