Showing posts with label දියවන්නා. Show all posts
Showing posts with label දියවන්නා. Show all posts

Saturday, March 30, 2013

පෞරාණික කෝට්ටේ (Great sinhala kingdom Kotte)

එක්වරම වැටුනු ගිනිපුපුරු පෙළ සෙනවියාගේ සිත සසල කිරීමට සමත් විය. එසැනින් කඩුව කොපුවෙන් ඇදගත් හේ තෙමේ මේඝ ගර්ජනා සේ මහා නාද කරන්නට විය. එතෙක් සමගිව සිටි දෙමළ හේවායෝත් සිංහල හේවායෝත් දෙපසකට වෙන් විය. දැන් එතැන තත්පර ගානක් තුල ඇතිවූ කුඩා යුද්ධයකි. ද්වන්ධ සටන් පෙළකි. මොහොතකට පෙර එකට සිටි සිංහල හා ද්‍රවිඩ සේනාවෝ එතැනම යුධ කරති. කඩුව කොපුවෙන් ඇද නාද කළ යුද්ධය ආරම්භ කල සෙනෙවියා වඩාත් නිර්භීතය. හේ සිය සමර්ථ කම් දක්වමින් යුධ කරයි. මැදිවියේ සිටියත් ආරෝහ පරිණාහ දේහයකින්ද මනා කොට පුරුදු වූ ශිල්පයෙන්ද ඒ සමාන ශූර බුද්ධියෙන්ද යුතු වූ සෙනෙවියා පරාජය කිරීම අමාරු කාරියක් බව පෙනුනි. සතර දිශාවෙන්ම එන පහර වලක්වන්නට අපාසු හෙයින් සෙනවියාට  උපායක් කල්පනා විය. අසල තිබු සියඹලා ගසට හේත්තු වූ සෙනවියාට දැන් පිටුපසින් එන සේනාවන්ගෙන් අනතුරක් නැත. එක දෙමලෙක් මූ නම් අද කඩුගාලාම මරමියි සිතා දෝතින්ම කඩුව අරා වේගයෙන් දිව එයි..සිංහල මහ සෙනෙවියා එසැනින් නැමී කඩුපහර වලක්වා ඒ දෙමලාගේ කඩුව වැරෙන් සියඹලා ගසේ වදින්නට සැලැස්වුයේය. ඉන්පසු කඩුව ඇදගන්නට තතනන දෙමල සෙබලාට වැරෙන් කඩුපතින් පහර දී ඔහු බිම හෙලුවේ කපාලු කෙසෙල් කදක් පරිද්දෙනි. මාරාවේශ වූ ද්‍රවිඩ සෙනෙවියෝද සෙබලුද මේ සිංහල සෙනවියාටම පහර දෙන්නට ආ මුත් ඔහු ගේ ශූර කඩු සරඹය ත් උපායශීලිත්වයත් නිසා සෙබලුන්ටත් සතුරු සෙනවිවරුන්ටත් මේ සිංහල සෙනෙවියා අසලට කිට්ටු වීමටවත් නොහැකි විය. ඒ අතර සිංහල සේනා සෙබලුද සෙනවියාට ආරක්ෂාව සැපයීමට වගබලා ගත්හ. එකිනෙකා කෑ ගහගෙන වැටෙන නදින්, කඩුපහර වල නදින් මුලු බිමම ඇලලී යන්නට විය. අනපේක්ෂිත යුද්ධය නිසා භූමියද දූවිල්ලෙන් වැසී ගියේයැ.

එක් සෙබලෙක් මේ වීර සිංහල සෙනවියා දෙස ඇසිපිය නොහෙලා බලාසිට ඔහුගේ සටනේ දුර්වල තැනක් සොයන්නට විය. නමුත් සටනටම කැපවූ දශක ගණනක අත්දැකීම්ද කාය ශක්තියද කැටිකරගෙන එය සිය අල්ලට  ලූ දුහුවිල්ලක්, මුඛයෙන් විදින සුළගින් අවටට පතුරවනවා සේ සිය කඩුවෙන් පාන සරඹය දුටු සෙබලාට සෙනවියාගේ එකදු හරඹ අඩු පාඩුවක් සොයාගත නොහැකි විය. තම සහෝදර සෙබලුන්ගේත් සෙනවියන්ගේත් හිස සහ කඳ බඩවල් කඩුපහරවල් වලින් කැපී යන අයුරු දුටු සෙබලාට මූ නම් ලේසියෙන් පැරදිය හැකි සෙනවියකු නොවේ යැයි හැඟුනි. එකනෙහිම ඔහුට උපායක් කල්පනා විය. පසුපසින් එන විපත් දුරුවනු පිණිස සියඹලා ගසට හේත්තු වී සිටින සෙනෙවියා  ගස මත සිට කරන සටනකින් පැරදිය හැකි වෙතැයි ඔහු සිතුනි.. අසල තිබූ හෙල්ලක්ද රැගෙන සියඹලා ගසට නැගුනු දෙමල හේවායා හොඳ ඉලක්කයක් බලා සෙනවියාට වැරෙන් හෙල්ල තුඩින් පහර දුනි. ඉදිරිපසින් එන දුනු හී කඩුපත් තෝමර පහර වලක්වාගනිමින් වේගයෙන් කඩුව හසුරවමින් සිටි සිංහල සෙනෙවියාට මේ ඉහලින් පැමිනෙන උවදුර ලකුණු වූයේ නැත. හෙල්ල පහරේ වේගයෙන්ම ඇද වැටුනු සිංහල සෙනවියා ඉදිරියෙන් පැමිණි කඩුපත් වලට හී වලට හෙලි පහරටද ලක්විය. තත්පර කිහිපයකින්ම වීරයාගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට සතුරු සේනාවෝ ක්‍රියා කලේ මූට යන්තම් වත් පණ ආවොත් අපිත් ඉවරයි යන මරණ භයෙනි.

මේ සෙනවියා වනාහි වීදිය බණ්ඩාරය.වීදිය බන්ඩාර කියන්නෙ කෝට්ටේ රාජධානියෙ හිටපු රණ ශූරයෙක්ය. මෙතුමා ඒ කාලයේ හිටපු රජුන් තනන්නෙක් විදියටත් හඳුන්වා දෙන්න පුලුවන්.  මේ අවසාන සටන සිදුවූයේ යාපනයේ නල්ලූර් කෝවිල අසබඩදීය.

වීදිය බණ්ඩාර කියන නම ඇසූ සැනින් එකල පෘතුගීසි සේනාවිධායකයින් පවා තැතිගන්නවාලු. මේ සෙවියාගේ අවසානය තමයි ඉහතින් දැක්වුවේ..මේ කාලෙ මුහුදුබඩ ප්‍රෙද්ශය තිබුනෙ පෘතුගීසින්ට..ඒ කිව්වෙ කෝට්ටේ හෙවත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහල රජෙක් ඉන්නකොට කොළඹ කොටුව පෙටා පැත්ත පාලනය කලේ පෘතුගීසින්..වීදිය බණ්ඩාර සෙනෙවියා වරක් පෘතුගීසින්ට අහුවෙලා අරගෙන යනවා පෘතුගීසින්ගේ කොටුවෙ තිබුන හිරගෙදරකට..නමුත් එවකට හිටිය වීදිය බන්ඩාරගේ බිසවක් කෝට්ටෙ ඉදලා කොටුවට උමගක් හදලා වීදිය බන්ඩාර නිදහස් කරගෙන ගියබවත් ඒ උමග බව සැකකරන්න පුලුවන් සාධක කෝට්ටේ තියන බවත් පුවත්පත් ලිපිවල සඳහන් වෙනවා.. 

මේ තියෙන්නෙ කෝට්ටේ ගැන මහැදුරු සෙනරත් පරණවිතාරණ මහතා පවත්වපු දේශනයක්..බොහොමයක් තොරතුරු මේකෙ තියෙනවා..මම ඒවා ආයෙ බ්ලෝග එකේ කොටන එක තේරුමක් නැහැ ඕනි අය මෙතන ඔබලා බලන්න.. 

දිගින් දිගටම ජනාවාස වීම නිසා පුරාණ කෝට්ටේ රාජධානියේ නටඹුන් බොහොමයක් නැතිවෙලා තියෙනවා. නමුත් අදටත් දකින්න පුලුවන් නටඹුන් කිහිපයක් කෝට්ටේ තියෙනවා..
මාධ්‍ය අතර සුප්‍රසිද්ධ දියවන්නා නව උයන අසබඩ බස් නැවතුමට පාරෙන් එහාපැත්තෙ දියවන්නා ඔය ළඟින්ම තියන පාරෙ තමයි මේ නටඹුන් බලන්නට යන්න තියෙන්නෙ..එතන ඉදලා කිලෝමිටර දෙක තුනක් ගියාම පැරණි සිංහල කොටු බැම්ම බලන්න පුලුවනි.


මෙන්න මෙතනින් තමයි හැරිලා යන්න තියෙන්නෙ.මේ තියෙන්නෙ කෝට්ටේ දියවන්නා ඔයට උඩින් අලුතින් හදන පාලම.
පුරාණ කොටුබැම්ම උඩ වැසිකිලි ගෙවල් ආදිය හදලා තියෙන්නෙ..සමහර ඉදිකිරීම්කිසිම හිරිකිතයක් නැතුව කොටු බැම්ම මතම ඉදිකරලා තියෙනවා. මේ කොටු බැම්ම අඩි හයක විතර පලලට ඉදි කරලා තියෙන්නෙ..කිලෝමීටර ගනනාවක් පුරා පැතිරුනු විසල් කොටුවක් තමයි තිබිලා තියෙන්නෙ..ඒ පාරෙ යනකොට දියවන්නා ඔය නෙමෙයි අනෙක් පස නිවාස අතරින් යාන්තම් කොටු බැම්ම දැකගන්න පුලුවනි.

 මේ බිම ඇවිල්ලා දුර්ගයක් ඒක මඩින් සමන්විත පංකජ දුර්ගයක් නිසා මේ කොටුවෙන් මෙපිට වගුර හරහා මේ කොටුවට පහර එල්ලකරන්න සතුරන්ට අපාසු වෙන්නට ඇති. ඒ වගේම මේ කොටුවට මෙපිට දියවන්නා වගුර මත තියෙනවා ඉස්සර පෘතුගිසි කාරයො කසිප්පු පෙරපු පොට් එකක්. ඒතැන පස්සෙ කාලෙක හැදුවා ලොකු බිල්ඩිමක්..ඒ පෘතුගිසි කාරයො කෝට්ටේ සීතාවක ආදි රාජධානිවලට ගහන්න සේනා සංවිධානය කරපු ගමන් ආතල් එකට බොන්න පෘතුගිසිකාරයො කසිප්පු පෙරපු පොට්ටෙකේ තමයි අපේ සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව අද පිහිටලා තියෙන්නෙ.



මේ පාරෙ තමයි යන්න තියෙන්නෙ. මේ පැත්තකින් තියෙන්නෙ ඇලක් වගේ එකක්..බාගෙදා ඒකත් පුරාණ අගලක් වෙන්නත් ඇති. මෙ හරිය පුරාවිද්‍යාත්මක අතින් අවුරුදු හත්සීයක් විතර පරණයි. නමුත් නූතන සිංහල බොදු අය මේ ගැන එච්චර තැකීමක් නැති බවක් තමයි පේන්න තිබුනෙ.
දිගටම ගියාම කොටුවෙ කොනේම මායිම එනවා. ඒ මායිමේ කොටුවේ කොටුබැම්ම මේ ආකාරයෙන් දිස් වෙනවා. මුලු කොටු බැම්මටම කොටු බැම්ම නිවැරදිව පේන්නෙ මෙතනදි තමයි..අනෙක් තැන්වල පස්වලින් කොටුව වැහිලා තියෙන්නෙ.
මෙතනදි ඔබට කොටු බැම්මේ පලල හිතාගන්නට හැකිවේවි..වත්මන් ගේට්ටු කණුවත් කොටු බැම්මත් සන්සන්දනය කලාම පුදුම හිතෙනව නේද? මේ විදියෙ පලල කොටුවක් කිලෝමීටර ගානක් දිගට ඩෝසර් නැතිකාලෙක හදනවා කියන්නෙ එක්තරා වික්‍රමයක්ම තමයි.
අවසාන හරියෙදි කොටුව  බැම්මට ටිකක් උස නගින්න තියෙනවා. එහෙම නැග්ගම මේ වගෙ පේනවා. මේ යට හියෙ තියෙන්නෙ ඇත්තෙ අගලක් වගේ එකක්. මේ කොටු බැම්ම මත ස්ථාන ගනනාවක මුර කුටි ආදිය පිහිටලා තිබුනා කියලා පුරාවිද්‍ය එකෙන් හොයාගෙන තියෙනවා. මේ කොටුව මත සිටි අලකෙෂ්වර ප්‍රභූ රාජයා මෙහි සිට සේනා සංවිධානය කොටගෙන යාපනයේ රාජ්‍යය කල ශ්‍රී ලංකා දේශයට එකල විවිධ අකටයුතු කම් කල පාලකයෙක් වූ ආර්ය චක්‍රවර්ති එලවන්නට සැලසුම් කල බව සෙනරත් පරණවිතාරණ මහතා කියා තිබෙනවා.
මේ අද පේන්න තියෙන කොටුවට වටා බොහෝ දුර පැතිරිච්ච පරාසයක මාලිගා මුර කුටි සේනා සංවිධාන සහ ප්‍රහාරක උපක්‍රමාදිය සහිත සහිත ප්‍රබල කොටුවක් ඒ කාලෙ තියෙන්න ඇති. නමුත් කෝට්ටේ රාජධානියෙන් පස්සෙ දිගින් දිගටම ජනාවාස වෙච්ච නිසා අනුරාධපුර පොලොන්නරුවේ වගේ කැලෑ වට නටඹුන් යටවුනේ නැති නිසාත් මේ නටඹුන් රාශියක් අද කොටුව සහතවත් තැන් කිහිපයක් පමණක් ඉතිරි කරලා කාලයේ වැලිතලාවට යටවෙලා ගිහින්. 
මේ තියෙන්නෙ කෝට්ටෙම කොටුව ඇතුලෙම පිහිටලා තියෙන පිරිසක් අලකේෂ්වර ප්‍රභූ රාජයාගේ රජ මාලිගය ලෙසත්, පිරිසක් ඔහුගේම සොහොන ලෙසත් හඳුන්වන ස්ථානයක්. කෙසේ වෙතත් මෙහි ප්‍රශස්ථ මට්ටමක ඉදිකිරීමක් එකල තිබෙන්නට ඇති.

 මේ අවට වෙසෙන මනුෂ්‍යෙයක් මා සමග මේ ගැන කතාබහ කලා. ඔහුගේ මතය වුනේ අලකේශ්වර කියන්නෙ දෙමල රජෙක් කියලා. නමුත් පරණවිතාරණ මහත්තයා කියන්නෙ අලකේශ්වරලා ඉන්දියාවෙන් ලංකාව ටඇවිත් බොහෝ කලක් මෙහි විසු බවත් ඔවුන් පොලොන්නරු යුගයේ පාලකයෙක් වුන නිශ්ශංඛමල්ල රජදවසේ සිට කෝට්ටේ දක්වා පරම්පරා දහයක සිට රාජ සභාවේ ප්‍රභූන් ලෙස සිටිබව ේඛනවල දැක්වෙනවාලු. ඒ අලකේෂ්වරගේ මුල්ම මුත්තලා ඇවිත් තියෙන්නෙ මලයාලම් රටෙ කාන්චිපුරෙන්ලු..බොහෝ කලක් තිස්සෙ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහේ ඉලා ඉන්දියාවෙම රජෙක් වුන,එවකට ලංකාේ යාපනේ බලය හිමිව තිබුන ආර්ය චක්‍රවර්තිට කුඩුවෙන්න ගහලා සය වෙනි පැරකුම්බා රජතුමාට රජ වෙන්න සැලැස්සුවෙ මේ අලකේශ්වර බවත්, එසේ අලකේශ්වර විසින් මාර්ගය තනා දුන්නෙ නැත්න්ම සයවෙනි පැරකුම්බා රජට රට එක්සේසත් කරලා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්න අමාරු වෙන බවත්, තමයි පරණවිතාරණ මහත්තයා කියලා තියෙන්නෙ. 

ඉතිං එහෙම දෙයක් කරපු ප්‍රභූ රාජයෙකු ගැන ඒ සොහොන තියෙන අවටම ජනයා මේ ...කොහෙද යන දෙමල රජෙකුගේ සොහොනක් නෙව කියලා අපහාස කරන එක වැරදියි.. ඒ අවට ජනයා ගොඩක් අය මේ වාගේ නටඹුන්  තියෙනවා කියල දන්නෙත් නැහැ. පාර නොදැන කස්ටියගෙන් පාර අහගෙන යන්න ගිහිපු මට හත් අටදෙනකුගෙන්ම පාර අහගන්නත් වුනා. නමුත් බොදු බල සේනාවේ  සිංහල සේනාව නංවන පෝස්ටර් නම් හැමතැනම තිබුනා. තමුං අවට තියෙන සිංහල උරුමයන් ටික තියෙන තැන්වත් නොදන්න සිංහලයින්ගේ බොරු සෝබන ජාති ලෙ මටනම් විහිලුවක්.
මේ වාහනේ ගියාට හරියට වටේම යන්න බැරිවුනා..ටිකක් පයිං යන්නත් වුනා..කොහොම වුනත් කොළට කිස්ටු අයට පයිං ඇවිදන ගමනක් දාන්න..පරණ දේවල් ගැන දැනගන්න පුලුවන් පස්ට තැනක් තමයි මේ කෝට්ටේ ඉපැරණි නටඹුන්..මම මේ දක්වලා තියෙන තැන්වලට අමතරව කෝට්ටේ රජමහා විහාරය, අම්බලම සහ තව ස්ථාන දෙකක් තියෙනවා මේ පැත්තෙ. මේ විශාල කොටුව හදන්න  කබොක් ගල් ලබාගත්තෙ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පිහිටලා තියෙන තැනින් කියලා ප්‍රකට මතයක් තියෙනවා.
 
 .හැමෝම ලස්සන කරපු අලුත් දියවන්නාව ගැනකතාකරනවා. ඒ ලස්සන කරපු දියවන්නාවට මෙපිටින් තිබුන සිංහලයාගේ  ඓතිහාසික උරුමයක නටඹුන් බලන්ටත් යනවා නම් එය වටිනවා. 

මේ නටඹුන් මේ තරමට හරි ආරක්ෂා වෙලා තියෙන්නෙ මේ කෝට්ටේ අවට ස්ථාන කීපයක් 1947දී අපේ නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ් ඩබ් කන්නංගර මහත්තයා විසින් නම්කරපු කමිටුවකින් පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කරපු නිසා තමයි. එදා අපේ පරණවිතාරණ මහතා පරීක්ෂණ කරපු ඒ කාලෙට වඩා අද තාක්ෂණය දියුනුයි..තාක්ෂණය කොයි තරම් දියුනු වුනත් මේ වගෛ පුරාණ දේවල් ගැන ඒවා සංරක්ෂණය ගැන ඇතිවෙන කතිකාවන් සහ ක්‍රියාකාරී වැඩ එදාටත් වඩා අද අඩපන වෙලා අමතක වෙලා ගිහිල්ලාදෝ මන්දා. 

ඉතිහාසය රැකිය යුත්තේ මන්ද කියන එකට වාණිජමය හේතුවක් දෙන්න බැරිවුනත්..කොළඹ අවටම මේ වගේ පුරාවිද්‍යා ස්ථාන තියෙන එකත් ඒවා ලක්ෂණට හදලා තියෙන එක, සංචාරක ආකර්ශනය ලබාගන්න සහ ඒ හරහා විදේශ විනිමය එකතු කරගන්න අපි වගේ තුන්වෙනි ලෝකෙ රටකට  හේතුවාසනා වේවි කියලා මට හිතෙනවා. 

Sunday, March 10, 2013

සීයා සහ දියවන්නාව my grand paa at diyawannah

පසුගිය දිනෙක මම දියවන්නාවේ ඇවිදින්නට ගියාය..මට එහිදී අපේ සීයා මතක් විය. සීයා එකල වෙලේ යන්නේ නියර උඩිනි.. නියර උඩින් යෑමට සීයාට ඇත්තේ පස්ට ඉස්කිල් එකකි..මා කුඩා එකා වී සීයාගේ පස්සෙන් ගියත් මට සීයා සමග නියර උඩ හරියට යන්නට බැරිය...එක්කෝ බුරුල් මඩ ඇති තැනෙක කකුල ගසා එරෙන්නට යයි ..නැත්තං වෙන දිහාවල් බල බලා ගොස් වක්කඩවල් ගාව පෙරලී වැටෙන්ට යයි..සීයා නම් ඈත බලාගෙන ගියත් නියරේ ඇති තද තැන් වලට කකුල තබමින් සමබරව යයි.. 

දියවන්නාවද අපේ වෙල සේම සුලග ඇත..අපේ වෙල දෙපැත්තේ තිබු කොන්කිරිට් තට්ටු මෙන් අපේ සියාගේ වයසේ අයට වාඩි වි කයි ගහන්නටද තැන් ඇත..නමුත් පිටුපසින් සරම ඔසවාගෙන ඈතින් අඩි තබමින් බාගෙදා බැනියමක්ද ඇඳ ඇවිදින සීයා නම් මම දියවන්නාවේ දිටියේ නැත.. පිටුපසින් සරම ඔසවාගෙන යන ගමනට අපේ අයියලා කිව්වේ බැක්ලයිට් ගහගෙන යනවා කියලාය..එයට ලයිට් කීවේ කිනම් කාරනාවක් නිසාදැයි මා නොදනිමි..නමුත් පසුකලක ඉස්කෝලෙ කෙල්ලන් අපරික්ෂාකාරීව පුටුවල වාඩිවුන විට..අපේ නංගිලා අක්කිලා සෙල්ලම් කරන විට ටිකක් සැහැල්ලුවට වාඩි වුන විට කලවා හරිය පේන්න ගත්විට මම සහ කොල්ලෝ ආන්න අරක ලයිට් දාන්න යනවා යැයි කියා ඔවුන්ට විහිලු කලෙමු.. ඔවුන් එවිට හරි හරියට ඇදුම් සකසා ගනිති.. 

සීයා පිටුපස ප්ලෑසර් එකද ගසාගෙන වෙල් නියර උඩ ඇවිදියි.. එවිටම පරණ ලොරියක් ඉස්ටෑට් කොරන මහ සද්දෙන් සීයා සද්ද පඩයක් අරියි..ඇරලා අහක් වෙලා සීයා මගෙ දෙස බාගෙට සිනා මුහුනින් බලයි..

ඈ බොල තෝ පොඩි වුනාට තොගේ පඩේ නම් පොඩි නැහැ..

අනේ අල්ලපු ගෙදර ඇන්ටිපා ඒ පැඩ්ඩේ මම නොවේය..ඒ අපේ සීයාමය..එහෙත් සීයා එය මගේ පඩ ගිනුමට බැර කරයි.. මාද වතාවන් කීපයක් එලෙස පැඩීමට එකල උත්සාහ ගත්තෙමි..නමුත් සියාගේ අහලකටවත් එන්නට මට බැරිවිය.. එහෙත් ගෙදර කව්පි කඩල මුං ඇට ආදිය තැම්බූ විට සද්දෙන් මෙන්ම අධිකතර මීතෙන් සාන්ද්‍රනයකින් පඩින්ට හැකියාව අපිට ලැබේ.. 

දියවන්නාවේ සිහිල් සුලගේ ඇවිද ඇවිද සෙනග අතර ඉන්ට විට මටද අර අපේ සියා නියරේ යනවිට  ඇරියා මෙන් අලි පඩයක් අරින්නට සිත් විය..නමුත් අහෝ ඛේදයකි..පඩයක් ලෝඩ් වෙන සෙයියාවක් වත් නැත..අනික් දවසේ කඩල ටිකක් තම්බගෙන කාලා එන්ට ඕනි යැය් මට සිතුනේය..

බොහෝ දෙනා ආන්ඩුවෙන් තැනූ බංකු මත ආන්ඩුවෙ සල්ලි වලිං ලස්සනට හදපු තැන ඉදන් ආන්ඩුවටම බනින සද්දේ මගේ සැටලයිට් රේඩාර් වලට මීටර වුනි.. අපේ සීයලා නම් සෙට්වුන විට ඇතිවන්නේ පුදුමාකාර සංවාද වේ..ඒ සමහරක් පස්ට විද්‍යාත්මකය...ඇල්වතුරත් උනුවතුරත් එක පමණට එකතු කොට බිව් විට එය මරනීය තත්වයක් ඇතිකරන බව එක් සීයා කෙනෙක් කියයි..අනෙකාද එයට යමක් එකතු කරයි..එසේ කුඩා නයි විසාල වී අවසාන වෙනවිට අලි පත පිඹූරු නාම්බෙක් තරම් නයිද බිහි වෙයි..

ඉන් පසු අපි කතාන්දරයක් කියන්න යැයි සීයාට කිවු විට..හේ තෙමේ අර පච ගොඩෙන් එකක් ගෙන ගසලා බසලා කතාන්දරයක් කොට අපිට කියා දෙයි.. 

සීයා සමග ගමන් යෑමට අපේ අයියලා එහෙම ලොකු මහත්වෙන විට කැමති නැත..සීනිබෝල ටොපි ආදිය අරන් දුන්නාට සීයාගේ ගති සොබාව නම් සාමාන්‍ය තත්වයනට ගැලපෙන්නේම නැත..දවසක් මගුල් ගෙදරක ගොස් සීයා කෑම බෙදාගන්නට සැරසුනි..ගෙදරදි නම් සීයාට රවුං ලොකු බෙලෙක් පිඟානක් තිබුනි..නමුත් මෙහෙදී තටු පිඟානකට බත් කන්දක් බෙදාගත් සීයා දැන් හොදි බෙදාගන්ට හැන්ද ගනී..දෙවරක් තුන්වරක් දි දාගත් මුත් ඒ හොදි වැටිල්ල සීයාට මදිය.. හැන්ද වෙනත් බඳුනකට දැමූ සීයා හොදි බඳුන ඇලකර හොදි බෙදාගත්තේ අඩුතරමේ වටපිටේ මොකෙක්වත් ඉන්නවාද නැද්ද කියලාවත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුවය..

ඒ වගේ වීරක්‍රියා සීයාත් සියාගේ මිතුරනුත් අතර බොහෝ විය.. ඔන්න දවසක් සීයා බස් සෙකේ යයි..එයද අපේ ගැමියන් යන බස් සෙකය.. බස් සෙකෙ යන සීයාට එකල කෑල්ලක් සෙට් වී ඇත..ඈ කවුදෝ ආච්චියෙකි..අන්දරයස් උන්නැහැ මේ කලු කොලාට වහින පාටක් නැහැ නේ...කලුව විතරයි..කියා ඇය පස්නයක් අසයි..

මොන වැස්සද බාං..ආන්න අපේ ලොකු එකා...කොටනවා කොටනවා... ඌට කිව්වට අහන එකක්ය වහින කං ඉන්නෙයි කියලා..කියලා.. කොටලා කොටලා දැන් ලොකු එකයි ගෑනියි හෙම්බත් වෙලා..
ඒ උත්තර දෙන්නේ සීයා ලග සිටි ආච්චියෙකුට වුවද එය බස් සෙකේ රියදුරු  මහතාට පමනක් නොව එතනින් තව බස්සෙකක් ගියානම් එයටද ඇසෙන්නේයැ.. හෙමින් කතාවක් ඇත්නම් ඒ සීයා බුදුන් වදින වෙලාවට විතරය..

ආච්චී සමග බුදුන් වදින්නට ගියාට සීයා බොහෝ ඉක්මනින් වැඳලා ඉවර වෙයි..මා සිතන්නේ සීයා වඳින්නේ නන්ස්ටොප් හෝ හිප් ක්‍රමයටැයැ...මල් පූජා කරන කාමරයෙන් වහා නික්මී එන්නට වුවමනා වුවත් සීයාට එයට ඉඩ නොලැබෙන්නේ ආච්චී එයට අකමැති වෙන නිසාය..

දවසක් ඉවසීමේ සීමා පැන්න තැන සීයා වැදලා ඉවර වුන පසු..මක්කද බං ඔච්චර කුරු කුරු ගාන්නෙ..ගාතටික ඉක්මන්ට කියලා ඉවර කොරාම ඉවර නෙ...?
මේක ,,වදිනවා වදිනවා ඉවරයක් නැහැ...
ඔච්චර වැන්දැයි කියලා මොකෝ පිලිමෙට පණ ඇවිත් ඔහේට බණ කියලා නිරුවානෙට අරං යනවයි? 
නැහැනෙව.. 

එවන් විටක සීයාට කේන්ති ගොස් ඇතිබව දන්නා නිසා ආච්චි නිහඩ වෙන මුත් පසුව ඇය ඒවාට උත්තර හෙමින් තාලේ දෙයි.. 


සීයා ගැන කියන විට කතාන්දර රාශියකි..අපේ සීයා නාන්නේ මුට්ටියෙනි..හේ තෙමේ කුඩා ඇලට බැස මුට්ටියෙන් හෙමිනහැරේ නාගෙන යයි..අපි මෙන් ජබුං ගහන්නට අඩි දෙක තුනක් පලල ඇලට පැන පීනුං සූරයන් වෙන්නට සීයා යන්නේ නැත..මුට්ටිය අරං ගොස් එය වතුර තුල බහා ඇලේ ජලය මත වාඩි වී වතුර ඔලුවට දමා ගනී.. එය බලං ඉන්නට වුවද සාමකාමි දසුනකි.. 

අපේ අයියා කාරයෙක්ටද දිනක් සීයා නානවා මෙන් නාන්නට අවැසි වී ඇත..මිනිහාද ඇලේ බැස මුට්ටිය පුරවාගෙන බැරිමරගාතේ එය ඔසවා ඔලුවට නවාගෙන දැන් සැපසේ නායි..නාන අතර සබන් ගාන්නට යන විට අහල තිබූ කංකුං ගාලකට යන්තම් මුට්ටිය තැබූ අපේ පොර ගොඩ ආවේ සබන් ගාන්නටය...සීයාගේ නාන මුට්ටිය පන්නගන්නවා ඇර සබන් කෑල්ලක් ගෙන එන්නට සිහියක් නැති වුන අය්යා යලිත් ගෙදර දුවගොස් සබන් කෑල්ල ගෙනැවිත්..එය ඇලේ ඔබා සබන් ගාගන්නට ඇතිය.... අපේ සීයා නම සබන් ගාලා නිකං ඉන්නේ නැත...ඉන් පසු අසල පුවක් ගස්වල පිට ද අතුල්ලා ගනී.. අපේ අයියා කුඩා වුවද ඒවා සියල්ල කල යුතුයැයි සිතාගෙන පිට අතුල්ලාගන්නට පුවක් ගසක්ද සොයාගෙන පිටද අතුල්ලාගෙන ඇත..

සියල්ල හමාරව යලිත් ඇලට බට අයියා වෙනදා පුරුද්දට ඇලේ ජබුං ගහ ගහා නාන්ට පටන්ගෙන ඇත..නමුත් සබන් ගාන්නට පෙර නෑවේ සීයාගේ මුට්ටියෙන් බව පොරට එක්වරම මතක් වී ඇත..එවිට අසල කංකුං ගාල අසල මුට්ටිය සෙවුමත් අපේ අයියාට මුට්ටිය එතැන නැති බව පෙනෙන්ට විය..අහෝ...

ගලායන ජලයේ මුට්ටිය ගලාගෙන ගොස් ඇත..අපේ මැටි හරකාට තිබුනේ මුට්ටිය ගොඩින් තබා සබන් සොයන්ට යෑමයි..එහෙත් උගේ කරුමෙට ඌ මුට්ටිය තියා ඇත්තේ වතුර මතම තිබූ කංකුං ගාලකය..

ඉතිං සීයා දැනගත්තෝතින් ගුටිකන්ට වේයැයි බියෙන් අපේ අයියා සැඟවි ඇත..පසුව ලිංවලපවා කෝටු දමා සෙයා බලා ගෙදර සොල්දර තට්ටුව උඩ නිදා සිටියදී අපේ මුට්ටිය පාකල වීරයා සොයාගෙන ඇත.. 

දියවන්නාවද එල කිරිය..ඒ වගේ මුට්ටියක් තිබුනානම් අමුඩ කෙටියක් ගහගෙන අර තරප්පුවක් වගේ තියෙන තොටුපල ගාවින් නාන්නට හැකිය.. නමුත් එසේ සීයා ටයිප් නාන එක්කෙනක් වත් දැන්නම් එහි නැත..

දියවන්නාවට එන බොහෝ දෙනා එය ස්වාභාවික දෙයකැයි නොදකිති..තවත් සවාරියක් තවත් අලංකාර ගාඩන් එකක් තත්වයට එය දකිති..අපේ සීයා කල පරිදි සරම පසුපසින උස්සාගෙන පඩ ඇර ඇර ඇවිදින්නටවත්..මුට්ටියක් අරං ගොස් අර වතුරෙන් නාගන්නටවත් කස්ටිය උත්සාහ කොරන පාටක් නැත..දැන් ඇවිදින්නටද මෝස්තර සහ විදි ඇත..ඒවාට ඇදුං ආයිත්තං විසේසයෙන් ඇත..කොටින්ම සපත්තු පවා ඒවාට විසේසයෙන් ඇත.. 

එකල මඩ නාගෙන වෙල් වල අපි දිව්වේ එක්සයිස් එකට නොවේය..කුඹුරු වැඩවලට සපෝට් කිරීමට හෝ කුරුල්ලන් එලවීමට හෝ එවැන් දේටය..තව ටික කලකින් කුඹුරු තනා ඒවායේ මඩ නෑමටද කොළඹ පොස් ජනී ජනයා පෙළඹෙනු ඇත.. එවිට මා වැනි ‍ගොවි සම්බවයක් ඇති නමුත් කුඩා කල වැරදිලා මඩට වැටුන එවුං පවා..ඕ වට්ස්ද නයිස් පැඩි පීල්ඩ් යැයි කියා මඩ නාගනු ඇත..අහෝ මඩත් පොස් වූ සැටි.. 

Monday, March 4, 2013

විවේක ගන්න දියවන්නා යන හැටි Let's go to Diyawannah

දියවන්නාව කියන්නෙ ඔයක් ..ඒකෙ මැද පාර්ලිමෙන්තුව තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තියෙන හරියට පොඩියක් මෙහා ඒ කිව්වෙ වෝටස් එජ් එක දිහා දැන් හොදට හදලා..මිනිසුන්ට විවේක ගන්න සහ සනීපෙට ඉන්න පුලුවන් විදියට දියුනු කරලා තියෙනවා..කොළඹ ඉන්න අයට ගමේ දැනෙන සීතල සුලං වෙල් සුලං පාරක් වද්දගන්න යන්න කියාපු තැනක් තමයි එතන. දියුනු රටවලත් මේ වගේ උද්‍යාන ආදිය පිහිටුවලා තියෙනවා. මේ පාක් එක කොළඹ අනික් පාක් වලට වඩා සුලග තියෙනවා..ඒ වගේම සීතල සුලග..මොකද මේක තියෙන්නෙ දියවන්නා ජලාශය කිස්ටුවම නිසා.. 
මෙ ඉන්නෙ දියවන්නා උයනෙ පොටො ගහන්න ආපු ජෝඩුවක්..මේ වගේ විල් අයිනෙ..වැවි අයිනෙ මුහුදු වෙරලවල් ගාව දැන් මගුල් පොටෝ ගැහිල්ලක් තියෙනවා..හම්මේ ටිකක් මහත මනමාලියො හෙම නැමිලා පෙරලිලා පොටෝ ගන්නවා දකින අපිට තියෙන සන්තෝසෙ..කියලා වැඩක් නැහැ..ඒක බලං ඉන්න එකත් එක්තරා විනෝදයක්.. එක අතකින් පවු කියලත් හිතෙනවා. අයියෝ විඳින වදයක්.. මේක එක්තරා රඟපෑමක්..මට හිතිලා තියෙන්නෙ වෙඩින් එකක් ගන්න කාලෙක දවල් කාලෙ පොටෝ ගහන්න වීඩියෝ වලට ලස්සනට ඉන්න ජයම්පතියෙක් දාල කුස රජතුමා වගේ රෑට රෑට මනමාලි ගාවට සැට්වෙන්න..ඔන්න පොටෝකාරයා කියනවා යම්තම් හිනාවෙන්න කියලා..ඒත් දත් ඉස්සරහට ආපු දත් බොල්ලා ඇන්ටියෙක් බඳිනකොට කෝමද අප්පා බාගෙට හිනාවෙන්නෙ..කට ඇරිය ගමන් හිනාවෙන් ලොකු කෑල්ලක් පිංතූර ලෙන්්ස එකේ වදිනවා...ත්‍රි ඩි පොටෝ හෙම තිබුනනං ඇල්බම් වල දාන්න බැරිවෙනවා ඒ වගෙ පොටෝ..

මේ ඉන්නෙ විවේකය ගත කරන්න සුලං වල පහස ගන්න ආපු තව කාන්ඩයක්..මේ අය සමහරක්ගේ ඇසුත් වහලා..ඇස් වහලා තිබුනට මොකද මේ එන කෙල්ලො ටිකක් හැඩිදැඩි පුරුස අය දිහා හෙම කන්න බලනවා මම දැක්කා..මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන පාක් ඇවිත් පෝරණුවක් වගේ අවුවෙ තැම්බෙන්නෙ මොන ආතල් එකකට ද මන්දා..ඒත් කොළඹ හැම පාක් එකකම මේ වගේ ඔලුවෙ ඉඳන් වහපු ගෝනි බිල්ලො දකින්නට ලැබෙනවා. විහිලු කරන්න හොද නැතුව ඇති..ඒත් කරන්න දෙයක් නැහැ.. යුරෝපෙ හෙම ඉන්න මගේ යාලුවො සමහර අය වැඩ අරිලා ගෙදර යනකොට බිච් ලඟින් පාක් ලඟින් යන පාරවල් වල යන්න ආසයි..මොකද ඒවායේ ස්ත්‍රින් ඇඳුම් අඩුවෙන් හිරුඑලිය විඳින දර්ශනය හිතට සැනසිල්ලක් ලැබෙන නිසා..ඒත් මෙහෙ පාක් වල එහෙම නැහැ.. කස්ටිය ගොඩක් නිසංසලේ ඉන්න එන්නෙත් සැරට මේක් අප් දාල හිරට ඇඳලා නැත්නම් මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන.. 
මේ ඉන්නෙ හිර ඩෙනිම් කලිසම් ඇඳගෙන අවුව තපින්න හුලං වදින්න ආපු අය..මේ අයත් අර අයට දෙවැනි වෙන්නෙ නැහැ..ගෙදර තියෙන හිරම කලිසම ජෑම් ගාල හරි බස්සගෙන තියන මේක් අප් සෙට් එකේ හැම එකම උලාගෙන එනවා..අවුලක් නැහැ..ඉන්න අනික් අයට පෙරහැරක් බලනවා වගේ ආතල් එකක් එනවා වටේ පිටේ මනුෂ්‍යෙයා දැක්කාම..මොකද එක එක ඇඳුම් එක එක මේක් අප්ස්...
මේ තියෙන්නෙ ඒඋයනෙ තියෙන කුඩා සත්තු වත්තක් වගේ තැනක්.. ඒකෙ මුව පැටවු හාවො වගේ සතුන් ඉන්නවා..මගේ යාලුවෙක් ඉන්නවා එයා දැඩි හලාල් විරෝධියෙක්..ජාති මාමක පුරුෂයෙක්..මිනිහාගෙනම් අදහස මෙතෙන්ට වල් ඌරු පැටවු තුන් හතරදෙනකුත් ගෙනත් දාන්න ඕනි කියලා..මොකද වල් ඌරු පැටවු ගෙනත් දැම්මාම උන් හරාම් නිසා..මුස්ලිම් අය පාක් එන එක අඩුවෙලා යයිලු..එතකොට සිංහල අයට නිදහසේ ඉන්න පුලුවන්ලු..ඒත් එන ඒ ඒ අය ඒ ඒ අයගේ පාඩුවෙ ඉන්නවා නං කොහොමද මුස්ලිම් අය ආහම අනික් අයට කරදර වෙන්නෙ.. 
මේ මම කැමරාවෙ තියෙන පැනරාමා කියන මොඩලයෙන් ගතපු පොටෝවක්...ඒකත් මරු කැමර් එක කරකවන්න තියෙන්නෙ..එතකොට පලාතක් වදිනවා..කෙලින්ම පොටෝ ගන්න බැරි ලක්ෂන ඇන්ටියෙක් හෙම ඉන්නවා නං පැනෝරාමා මෝඩ් දාල කැමර් එක කරකවලා පොටෝව ගත හැකි.. 

කවුරු මොනවා කිව්වත් මේ පාක් එක හදපු එකනම් හොඳ වැඩක්.. අපිට නිදහසේ ඉන්න තැනක් දැන් තියෙනවා.. දැන් කස්ටිය මගුල් ගෙවල් යන්න වගේ මෙක් අප් තට්ු පිටින් ඇදුන් ගොඩක් ඇදලා ආවට කාලයත් එක්ක මේ හැමදේම හරියාවි.. මිනිස්සුන්ගේ දියුනුව කියන්නෙ කාර් ගෙවල් බිල්ඩින් විතරක් නෙමෙයි..මානසික ව ඒකාග්‍රතාවය ඇතිවෙන්න මේ වගේ තැන් ඇතිවෙන එක වැදගත්.. මේ වගේ ඉස්ථාන වලට යන උදවිය අර සිරිපා යන අයවගේ කොළ කෑලි පොලිතින් කවර තැන තැන දාන්න නැතුව ඒවා අදාල තැන් වලට දාන්න උත්සාහ ගන්නවානම් හොදයි.. මොකද සිරකරුවෝ ඩ මනුස්සයෝය වගේම ක්ලින් කරන අයත් මනුස්සයෝම වෙන නිසා..