පසුගිය දිනෙක මම දියවන්නාවේ ඇවිදින්නට ගියාය..මට එහිදී අපේ සීයා මතක් විය. සීයා එකල වෙලේ යන්නේ නියර උඩිනි.. නියර උඩින් යෑමට සීයාට ඇත්තේ පස්ට ඉස්කිල් එකකි..මා කුඩා එකා වී සීයාගේ පස්සෙන් ගියත් මට සීයා සමග නියර උඩ හරියට යන්නට බැරිය...එක්කෝ බුරුල් මඩ ඇති තැනෙක කකුල ගසා එරෙන්නට යයි ..නැත්තං වෙන දිහාවල් බල බලා ගොස් වක්කඩවල් ගාව පෙරලී වැටෙන්ට යයි..සීයා නම් ඈත බලාගෙන ගියත් නියරේ ඇති තද තැන් වලට කකුල තබමින් සමබරව යයි..
දියවන්නාවද අපේ වෙල සේම සුලග ඇත..අපේ වෙල දෙපැත්තේ තිබු කොන්කිරිට් තට්ටු මෙන් අපේ සියාගේ වයසේ අයට වාඩි වි කයි ගහන්නටද තැන් ඇත..නමුත් පිටුපසින් සරම ඔසවාගෙන ඈතින් අඩි තබමින් බාගෙදා බැනියමක්ද ඇඳ ඇවිදින සීයා නම් මම දියවන්නාවේ දිටියේ නැත.. පිටුපසින් සරම ඔසවාගෙන යන ගමනට අපේ අයියලා කිව්වේ බැක්ලයිට් ගහගෙන යනවා කියලාය..එයට ලයිට් කීවේ කිනම් කාරනාවක් නිසාදැයි මා නොදනිමි..නමුත් පසුකලක ඉස්කෝලෙ කෙල්ලන් අපරික්ෂාකාරීව පුටුවල වාඩිවුන විට..අපේ නංගිලා අක්කිලා සෙල්ලම් කරන විට ටිකක් සැහැල්ලුවට වාඩි වුන විට කලවා හරිය පේන්න ගත්විට මම සහ කොල්ලෝ ආන්න අරක ලයිට් දාන්න යනවා යැයි කියා ඔවුන්ට විහිලු කලෙමු.. ඔවුන් එවිට හරි හරියට ඇදුම් සකසා ගනිති..
සීයා පිටුපස ප්ලෑසර් එකද ගසාගෙන වෙල් නියර උඩ ඇවිදියි.. එවිටම පරණ ලොරියක් ඉස්ටෑට් කොරන මහ සද්දෙන් සීයා සද්ද පඩයක් අරියි..ඇරලා අහක් වෙලා සීයා මගෙ දෙස බාගෙට සිනා මුහුනින් බලයි..
ඈ බොල තෝ පොඩි වුනාට තොගේ පඩේ නම් පොඩි නැහැ..
අනේ අල්ලපු ගෙදර ඇන්ටිපා ඒ පැඩ්ඩේ මම නොවේය..ඒ අපේ සීයාමය..එහෙත් සීයා එය මගේ පඩ ගිනුමට බැර කරයි.. මාද වතාවන් කීපයක් එලෙස පැඩීමට එකල උත්සාහ ගත්තෙමි..නමුත් සියාගේ අහලකටවත් එන්නට මට බැරිවිය.. එහෙත් ගෙදර කව්පි කඩල මුං ඇට ආදිය තැම්බූ විට සද්දෙන් මෙන්ම අධිකතර මීතෙන් සාන්ද්‍රනයකින් පඩින්ට හැකියාව අපිට ලැබේ..
දියවන්නාවේ සිහිල් සුලගේ ඇවිද ඇවිද සෙනග අතර ඉන්ට විට මටද අර අපේ සියා නියරේ යනවිට ඇරියා මෙන් අලි පඩයක් අරින්නට සිත් විය..නමුත් අහෝ ඛේදයකි..පඩයක් ලෝඩ් වෙන සෙයියාවක් වත් නැත..අනික් දවසේ කඩල ටිකක් තම්බගෙන කාලා එන්ට ඕනි යැය් මට සිතුනේය..
බොහෝ දෙනා ආන්ඩුවෙන් තැනූ බංකු මත ආන්ඩුවෙ සල්ලි වලිං ලස්සනට හදපු තැන ඉදන් ආන්ඩුවටම බනින සද්දේ මගේ සැටලයිට් රේඩාර් වලට මීටර වුනි.. අපේ සීයලා නම් සෙට්වුන විට ඇතිවන්නේ පුදුමාකාර සංවාද වේ..ඒ සමහරක් පස්ට විද්‍යාත්මකය...ඇල්වතුරත් උනුවතුරත් එක පමණට එකතු කොට බිව් විට එය මරනීය තත්වයක් ඇතිකරන බව එක් සීයා කෙනෙක් කියයි..අනෙකාද එයට යමක් එකතු කරයි..එසේ කුඩා නයි විසාල වී අවසාන වෙනවිට අලි පත පිඹූරු නාම්බෙක් තරම් නයිද බිහි වෙයි..
ඉන් පසු අපි කතාන්දරයක් කියන්න යැයි සීයාට කිවු විට..හේ තෙමේ අර පච ගොඩෙන් එකක් ගෙන ගසලා බසලා කතාන්දරයක් කොට අපිට කියා දෙයි..
සීයා සමග ගමන් යෑමට අපේ අයියලා එහෙම ලොකු මහත්වෙන විට කැමති නැත..සීනිබෝල ටොපි ආදිය අරන් දුන්නාට සීයාගේ ගති සොබාව නම් සාමාන්‍ය තත්වයනට ගැලපෙන්නේම නැත..දවසක් මගුල් ගෙදරක ගොස් සීයා කෑම බෙදාගන්නට සැරසුනි..ගෙදරදි නම් සීයාට රවුං ලොකු බෙලෙක් පිඟානක් තිබුනි..නමුත් මෙහෙදී තටු පිඟානකට බත් කන්දක් බෙදාගත් සීයා දැන් හොදි බෙදාගන්ට හැන්ද ගනී..දෙවරක් තුන්වරක් හොදි දාගත් මුත් ඒ හොදි වැටිල්ල සීයාට මදිය.. හැන්ද වෙනත් බඳුනකට දැමූ සීයා හොදි බඳුන ඇලකර හොදි බෙදාගත්තේ අඩුතරමේ වටපිටේ මොකෙක්වත් ඉන්නවාද නැද්ද කියලාවත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුවය..
ඒ වගේ වීරක්‍රියා සීයාත් සියාගේ මිතුරනුත් අතර බොහෝ විය.. ඔන්න දවසක් සීයා බස් සෙකේ යයි..එයද අපේ ගැමියන් යන බස් සෙකය.. බස් සෙකෙ යන සීයාට එකල කෑල්ලක් සෙට් වී ඇත..ඈ කවුදෝ ආච්චියෙකි..අන්දරයස් උන්නැහැ මේ කලු කොලාට වහින පාටක් නැහැ නේ...කලුව විතරයි..කියා ඇය පස්නයක් අසයි..
මොන වැස්සද බාං..ආන්න අපේ ලොකු එකා...කොටනවා කොටනවා... ඌට කිව්වට අහන එකක්ය වහින කං ඉන්නෙයි කියලා..කියලා.. කොටලා කොටලා දැන් ලොකු එකයි ගෑනියි හෙම්බත් වෙලා..
ඒ උත්තර දෙන්නේ සීයා ලග සිටි ආච්චියෙකුට වුවද එය බස් සෙකේ රියදුරු මහතාට පමනක් නොව එතනින් තව බස්සෙකක් ගියානම් එයටද ඇසෙන්නේයැ.. හෙමින් කතාවක් ඇත්නම් ඒ සීයා බුදුන් වදින වෙලාවට විතරය..
ආච්චී සමග බුදුන් වදින්නට ගියාට සීයා බොහෝ ඉක්මනින් වැඳලා ඉවර වෙයි..මා සිතන්නේ සීයා වඳින්නේ නන්ස්ටොප් හෝ හිපොප් ක්‍රමයටැයැ...මල් පූජා කරන කාමරයෙන් වහා නික්මී එන්නට වුවමනා වුවත් සීයාට එයට ඉඩ නොලැබෙන්නේ ආච්චී එයට අකමැති වෙන නිසාය..
දවසක් ඉවසීමේ සීමා පැන්න තැන සීයා වැදලා ඉවර වුන පසු..මක්කද බං ඔච්චර කුරු කුරු ගාන්නෙ..ගාතටික ඉක්මන්ට කියලා ඉවර කොරාම ඉවර නෙ...?
මේක ,,වදිනවා වදිනවා ඉවරයක් නැහැ...
ඔච්චර වැන්දැයි කියලා මොකෝ පිලිමෙට පණ ඇවිත් ඔහේට බණ කියලා නිරුවානෙට අරං යනවයි?
නැහැනෙව..
එවන් විටක සීයාට කේන්ති ගොස් ඇතිබව දන්නා නිසා ආච්චි නිහඩ වෙන මුත් පසුව ඇය ඒවාට උත්තර හෙමින් තාලේ දෙයි..
සීයා ගැන කියන විට කතාන්දර රාශියකි..අපේ සීයා නාන්නේ මුට්ටියෙනි..හේ තෙමේ කුඩා ඇලට බැස මුට්ටියෙන් හෙමින්හැරේ නාගෙන යයි..අපි මෙන් ජබුං ගහන්නට අඩි දෙක තුනක් පලල ඇලට පැන පීනුං සූරයන් වෙන්නට සීයා යන්නේ නැත..මුට්ටිය අරං ගොස් එය වතුර තුල බහා ඇලේ ජලය මත වාඩි වී වතුර ඔලුවට දමා ගනී.. එය බලං ඉන්නට වුවද සාමකාමි දසුනකි..
අපේ අයියා කාරයෙක්ටද දිනක් සීයා නානවා මෙන් නාන්නට අවැසි වී ඇත..මිනිහාද ඇලේ බැස මුට්ටිය පුරවාගෙන බැරිමරගාතේ එය ඔසවා ඔලුවට නවාගෙන දැන් සැපසේ නායි..නාන අතර සබන් ගාන්නට යන විට අහල තිබූ කංකුං ගාලකට යන්තම් මුට්ටිය තැබූ අපේ පොර ගොඩ ආවේ සබන් ගාන්නටය...සීයාගේ නාන මුට්ටිය පන්නගන්නවා ඇර සබන් කෑල්ලක් ගෙන එන්නට සිහියක් නැති වුන අය්යා යලිත් ගෙදර දුවගොස් සබන් කෑල්ල ගෙනැවිත්..එය ඇලේ ඔබා සබන් ගාගන්නට ඇතිය.... අපේ සීයා නම් සබන් ගාලා නිකං ඉන්නේ නැත...ඉන් පසු අසල පුවක් ගස්වල පිට ද අතුල්ලා ගනී.. අපේ අයියා කුඩා වුවද ඒවා සියල්ල කල යුතුයැයි සිතාගෙන පිට අතුල්ලාගන්නට පුවක් ගසක්ද සොයාගෙන පිටද අතුල්ලාගෙන ඇත..
සියල්ල හමාරව යලිත් ඇලට බට අයියා වෙනදා පුරුද්දට ඇලේ ජබුං ගහ ගහා නාන්ට පටන්ගෙන ඇත..නමුත් සබන් ගාන්නට පෙර නෑවේ සීයාගේ මුට්ටියෙන් බව පොරට එක්වරම මතක් වී ඇත..එවිට අසල කංකුං ගාල අසල මුට්ටිය සෙවුමත් අපේ අයියාට මුට්ටිය එතැන නැති බව පෙනෙන්ට විය..අහෝ...
ගලායන ජලයේ මුට්ටිය ගලාගෙන ගොස් ඇත..අපේ මැටි හරකාට තිබුනේ මුට්ටිය ගොඩින් තබා සබන් සොයන්ට යෑමයි..එහෙත් උගේ කරුමෙට ඌ මුට්ටිය තියා ඇත්තේ වතුර මතම තිබූ කංකුං ගාලකය..
ඉතිං සීයා දැනගත්තෝතින් ගුටිකන්ට වේයැයි බියෙන් අපේ අයියා සැඟවි ඇත..පසුව ලිංවලපවා කෝටු දමා සෙයා බලා ගෙදර සොල්දර තට්ටුව උඩ නිදා සිටියදී අපේ මුට්ටිය පාකල වීරයා සොයාගෙන ඇත..
දියවන්නාවද එල කිරිය..ඒ වගේ මුට්ටියක් තිබුනානම් අමුඩ කෙටියක් ගහගෙන අර තරප්පුවක් වගේ තියෙන තොටුපල ගාවින් නාන්නට හැකිය.. නමුත් එසේ සීයා ටයිප් නාන එක්කෙනක් වත් දැන්නම් එහි නැත..
දියවන්නාවට එන බොහෝ දෙනා එය ස්වාභාවික දෙයකැයි නොදකිති..තවත් සවාරියක් තවත් අලංකාර ගාඩන් එකක් තත්වයට එය දකිති..අපේ සීයා කල පරිදි සරම පසුපසින උස්සාගෙන පඩ ඇර ඇර ඇවිදින්නටවත්..මුට්ටියක් අරං ගොස් අර වතුරෙන් නාගන්නටවත් කස්ටිය උත්සාහ කොරන පාටක් නැත..දැන් ඇවිදින්නටද මෝස්තර සහ විදි ඇත..ඒවාට ඇදුං ආයිත්තං විසේසයෙන් ඇත..කොටින්ම සපත්තු පවා ඒවාට විසේසයෙන් ඇත..
එකල මඩ නාගෙන වෙල් වල අපි දිව්වේ එක්සයිස් එකට නොවේය..කුඹුරු වැඩවලට සපෝට් කිරීමට හෝ කුරුල්ලන් එලවීමට හෝ එවැන් දේටය..තව ටික කලකින් කුඹුරු තනා ඒවායේ මඩ නෑමටද කොළඹ පොස් ජනී ජනයා පෙළඹෙනු ඇත.. එවිට මා වැනි ගොවි සම්බවයක් ඇති නමුත් කුඩා කල වැරදිලා මඩට වැටුන එවුං පවා..ඕ වට්ස්ද නයිස් පැඩි පීල්ඩ් යැයි කියා මඩ නාගනු ඇත..අහෝ මඩත් පොස් වූ සැටි..

අහෝ.. ගමෙන් නගරෙට ඇවිත් බොට වෙච්ච දේ......
ReplyDeleteඇයි බං මෙච්චර කරලත් අපේ කාලකන්නි ආණ්ඩුවට බනින්නේ;;
ReplyDelete:ඩී
අාණ්ඩුවට බනින මිනිස්සු කාලකන්නි නම් මමත් ඒ කාලකන්නින්ගෙන් ඒක්කෙනෙක් තමයි.බනිනවා කිව්වට ඒක බැනිල්ලක් නොවෙයි,ඔවුන් කරන වැරදි දේ විවේචනය කිරීමක්.අද අපේ අාණ්ඩුව මධ්‍යම රඩයකින් කලයුතු ක්‍රියා වලියෙන් බැහැරව නගරසභා වලින් , ප්‍රාදේශීය සභා වලින් කලයුතු දේත් කරමින් ලෝකෙට ණය වෙවී තම සාක්කු පුරවා ගනිමින් සිටියි.රජයක් විසින් ප්‍රධාන වශයෙන්ම කල යුත්තේ රැකියා අවස්ථා බිහිකිරීමත් (රජයේ රැකියා දීම නොවේ)අධ්‍යාපනය , සෞඛ්‍යය වැනි සුබසාධන කටයුතු කිරීමත් , මහා මාර්ග ,විදුලිබලය ,අාදී යටිතල පහසුකම් සැපයීමත් පරිපාලනමය කටයුතු සහ ජාතික අාරක්ෂාව තහවුරු කිරීමත්ය.රැකියා අවස්ථා බිහිකිරීම්දී යහපත් මූල්‍ය පරිපාලනයක් සහ බරංකු අැතුළු පෞගලික ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ පිලිවෙලක් අනුගමනය කලයුතුය.මාර්ග පද්ධතිය කාපට් කලාට උයන් වතු අැතිකලාට රට දියුනු වෙන්නේ නැත.ඒ සදහා රටේ භාන්ඩ හා සේවා නිෂ්පාදනය ඉහල දැමිය යුතුය.ඒවැනි දිගුකාලීන සංවැධන වැඩපිලිවෙලක් මේ රජයේ දකින්නට නැත.ඒහි අනිටු ප්‍රතිවිපාක ඔබට තවම නොදැනුනත් රටේ දිලිදු ජනතාවට ඒය දැනෙමින් පවතී.රජයට බනින්නේ මෙම තත්වය අවබෝධකරගත් මානාසුන්ය.මෙවැනි කෙටි කමෙන්ට් ඒකකින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කල නොහැකි අතර සත්‍යය අවබෝධ කරගැනීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනය කරමි.
Deleteරතු රජ රට මහසෙන් මොණරවිල
Deleteඔය කියල තියෙන ටයිප් එකේ පඩ යන්නේ නාකි අයට විතරයි.
ReplyDeleteනාකි හම් පඩයා කියන්නේ ඒ නිසයි.
කොල්ලන් කුරුට්ටන්ට ඒවා බැරිය.
ආසියාවේ ආශ්චර්යය බං ආශ්චර්යය
ReplyDeleteකාට කියන්නද ඕයි.
ReplyDeleteගියාය කිව්වම හරිද?කාන්තාවක්ද?ගියෙමි විය යුතුය.
ReplyDeleteදැන් මට බැනපං
/මාතෘකාවෙන් පිටත දුවන, ආචාර්යවරුන් කියාගන්නා පිස්සන්ගේ හෑලි වලට ඉඩදෙන, බ්ලොග් කමෙන්ට් වාරණය නොකිරීමය//
Deleteමේ වාක්‍යෙය් තේරුම මට හොයාගන්න විනාඩි ගානක් ගියා...මේ අරුණි ෂපීරෝ වගේම ඒ වගේ කිහිප පොලක්ම ඉන්නවා කියන දේවල් හරියට අපිට තේරෙන්නෙ නැති..
මගෙත් ඒ වගේ අඩුපාඩු ඇති..හැබැයි මම උයනට ගියේය ගියාය ගියෝය හෝ ගියෙමි යන වචන හතරෙන් මොන එක දැම්මත් බලන මනුස්සයාට තේරෙනවා මූ පාක් ගිහින් කියලා..
වට් අ නයිස් ආන්ස්වර් පුතා
Deleteතව ටික කලකින් කුඹුරු තනා ඒවායේ මඩ නෑමටද කොළඹ පොස් ජනී ජනයා පෙළඹෙනු ඇත.. එවිට මා වැනි ගොවි සම්බවයක් ඇති නමුත් කුඩා කල වැරදිලා මඩට වැටුන එවුං පවා..ඕ වට්ස්ද නයිස් පැඩි පීල්ඩ් යැයි කියා මඩ නාගනු ඇත..අහෝ මඩත් පොස් වූ සැටි.. //
ReplyDelete:)
මගෙ සීයාත් ඔන්න ඔන්න ඔහොමයි.
ReplyDeleteආණ්ඩුව මොනා කළත් වැරදියිනෙ. ඉස්සර බෝම්බ පිපිරෙන කොට හැමෝම ක්‍රියාශීලියි. දැන් හැමෝම නිදි පෙති බිවූ ගානයි. සමහරු එහෙමත් හිතනවා ඇති. ලියවිල්ල නම් පංකාදුයි, ඉලංදාරියා