Tuesday, March 26, 2013

සිරිපාදේ කැත විහිදේ worship with dirty clothes

ශ්‍රී පාදස්ථානය ඇති සමනල කන්දෙන් ලංකාවේ ප්‍රධාන ගංගා සතරක් පටන් ගන්නා බව අප සියලු දෙනාම කුඩාකල ඉගෙන ගෙන ඇත. සමනල කන්ද යනු ජල පෝෂක පෙදෙසකි. ලංකාවට වැස්ස ලැබෙන්නේ හුලං ඇවිල්ලා උස කඳු උඩ වැදිලා ඒ හුලං සමග එන ජලවාශ්ප අහසට ගිහිල්ලා ආදි ලෙස වන මෝසම් ආකාරයටය. බෙංගාල බොක්ක කැළඹුන විට සුලං තදින් හමයි තද සුලං කඳු වල වැදීමෙන් ඒවා ඝනීභවනය පහසු වෙයි. ඉන් පසු ඒවා යලි වර්ෂාව ලෙස පතිත වෙයි. මෙවන් වනාන්තර මගින් කරන එක රාජකාරියක් නම් මේ ජල බිඳිති ලෙස පොලවට පතිත වෙන ජලය ස්පොන්ජියක් පදරිද්දෙන් ගබඩා කොට තබාගැන්මයි. මෙ නිවර්ථන කඳුකර සදාහරිත වනාන්තර කොටස් වලට වැටෙන ජලය තාර පාරට වැටෙන වතුර වගේ ගලාගෙන ගොස් වාශ්ප වෙන්නෙ ්නැත. ඒවා මුල් සහ යටිරෝපන ශාඛ ජාල මගින් අවශෝෂනය කොටගෙන තබාගනී. 

සමනල කන්දේ ජෛවවිවිධත්වය.
සලකා බලනු ලබන වර්ග කොටසක එකිනෙකට වෙනස් ජීවින් ගොඩාරියක් ඉන්නා විට එය ජෛව විවිදත්වය ලෙස හඳුන්වයි. එසේ ගොඩාරියක් ජීවින් සිටින පරිසර පද්ධති ගනනාවක් ශ්‍රී ලංකාවට හිමිය. එයින් ප්‍රමුඛ එකකි සමනල කන්ද. මේ ළඟදිත් සමනල කන්දෙන් අලුත් ජාතියේ ගෙම්බන් වර්ග ගානක් සොයාගත් බව පුවත් පත් වල තිබුනි. සාමාන්‍යෙයන් ශ්‍රී පාදස්ථානය බලන්නට යනවිට දෙපස ඇති කඳුකර වනාන්තර දුටුවිටද අසිරිමත් ජීවින් රාශියක් දැකගත හැකිය. මේ සමහරක් ජීවින් සිටින්නේ මුලු ලෝකෙන්ම මේ සමනල කන්දේ පමණි. ඒ වැනි ජීවින් සමනල කන්දෙන් වඳ වුනොත් උන් මුලු ලෝකෙටම අහිමි වෙනවා ඇත. 

සිරිපාදෙ යනවිට පේන පරිසරය.
සමනල අඩවිය ඔස්සේ සිරිපාදයට නගින විට අපිට ක්‍රම ක්‍රමයෙන් ගස් වල උස අඩුවී දැඩි සුලං වලට සහ කටුක ගල් සහිත බිමට ගැලපෙන ආකාරයට අනුවර්ථනය වුන ශාක දැකිය හැකිය. රත්නපුර පලාබද්දල මාර්ගයේන යනවිට ගස්වල උස ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව හොඳින් නිරීක්ෂනය වෙයි. ඉහලට යනවිට ඇති කුරු ශාක පද්ධති වසර සිය ගානක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ පරිසරයට අනුව සැදුන ස්වාභාවික බොන්සායි ශාඛ වර්ග මෙනි. 

සිරිපාදේ ඇති අනවශ්‍ය ශබ්ධය.
අපේ හිතාගත නොහැකි තරම් ඈත කාලයක සිට සිරිපා වන්දනාව තිබෙන්නට ඇත. බාගෙදා එය ගල් යුගයේ ගස් ගල් වන්දනා කරන යුගය තරම් ඈතට විහිදෙන්නට ඇත. මීට සියවසකට දෙකකට පෙර මේ සිරිපා අඩවිය වන සතුන් ගහන දිවියා, වලසා, වල් අලියා නිතර සැරිසරන අනතුරුදායක අඩවියක් වන්නට ඇත. ඒ කල සිරිපා කරුණාකරන්නට යන බැතිමතුන් අග්ගල කං ඩෝං පුතා, හෙලේ නගින් ඩෝං පුතා, වැඳල බහින මේ ගුරාට ,..සුමන සමාන් දෙවි පිහිටයි යනුවෙන් මහ හයියෙන් ශබ්ධ කරමින් යන්නටද ඇත. ඒ කල ඒ පුරාණ ශ්‍රී ලාංකිකයින් ශබ්ධ කරමින් යන්නට ඇත්තේ වන සතුන්ගෙන් විය හැකි අපල උපද්‍රව ආදිය දුරුකරගනු පිණිස විය හැක. දැන් බස්සෙකෙන් නල්ලතන්නියටම ගොස් සිද්ධාලේප කාරයාගේ පස්පංගු උගුර බී සිද්දාලේප වැසිකිලයක බොග දමා ලයිප්බෝයි ගාලා නාගෙන සිරිපාදෙ යන කාලේ ත් අර පරන කෑ කෝ ගැසීමේ පුරුද්ද ඒ ආකාරයෙන්ම අපේ අය රැගෙන යති. මේ හේතුව නිසා උදේ පාන්දර කුචු කුචු ගාන කුරුල්ලෙක්වත් ඒ සක්කිලි වන්දනා නඩවල සද්දයට ගහක ඉන්නේ නැත. 


පරිණාමිකව සත්වයා වැඩෙත්ම අනෙක් සතුන්ට පාද, නිය, සම ආදිය දැඩිව වැඩුනත් මිනිසාට වැඩිවුනේ ප්‍රධාන වශයෙන්ම සිය මොළය වෙයි. කිලෝ එකහමාරක් තරම් මොළයක් තිබෙන මිනිසා නිකම්ම පුරාණ අය කල පලියට පරිසරයට වින කරමින් යා යුතු නැත. කාලයේ තාලයේ හැටියට ආපු වන්දනාවේ පරිසරයට ගෝසා නොකොට සංසුන්ව නියම ආගමික වන්දනාවක් ලෙස යන්නේ නම් එය මනා යැයි මට සිතුනි. සමහර නඩවල අධික ශබ්ධය නිකං අල්ලපු ගමේ චන්ඩියෙකුට ගහන්න සෙට්වෙලා ඌ හොය හොයා කෑ ගහ ගහ බීමතින් යන පිරිසකගේ සද්දය වගේය. ආගමික අතින් බැලුවත් එය හරිම අශෝභනය.
සිරිපාදස්ථානය බාර උන්නාන්සෙලාද අපරාදෙ කියන්න බැහැ පුදුම සල්ලි පෙරේතයෝය. ඔවුන් ගමේ පංසල් වල මුස්ලිම් තම්බින්ට පාඩං උගන්වන්නට මහ හයියෙන් උදෑසන පිරිත් දානවා වැනිව සිරිපා යන මාර්ගයේ මහ පීකර් බැඳගෙන එක්තරා බිස්නස් එකක් කොරයි. එහි එක්වරම සුනිල් පෙරේරාගේ දැන්වීම් යයි. තවත් විටක ජනප්‍රිය ගායකයකගේ සිංදුවක් යයි. 
බොදු ගී බැති ගී යනු කුමක්දැයි නොදන්නවාදෝයි ඒවා අහන අයට සිතෙයි. ඊටත් වඩා නල්ලතන්නිය පහල සිට මහගිරිදඹ දක්වාම ඇති කන්දොස්කිරියාව විසින් ඒ පරිසරය ගැන බලන්නට තබා කනට නිවනක් ලැබෙන්නටද ඉඩකඩක් නොදෙයි. අපේ බුද්ධාගම ඇවිල්ලා මහ හයියෙන් සද්දකොරලා කෙලෙස් තවන පැරණි බමුණු දහමක් නොවන බවත් එහි ප්‍රධානම දෙයක් නම් සංසුන් බව ඇතිකරගැන්ම බවත් මේ උන්නාන්සෙලාට තේරෙන්නෙ නැත. හදිස්සියේ කෙනෙකු නැතිවුවහොත්, හදිසි ආපදාවක් වුවොත් දැනුම් දෙන්නට ඇමතුම් පද්ධතියක් තිබීමේ යම් හොඳක් ඇත. නමුත් එයින් නිතර දෙවේලේ සිංදු ඇඩ්, කතා ආදිය දමා එය හයියෙන් දැමීම, මහජන ඇමතුම් පද්ධතිය එෆ් එම් නාලිකාවක් කරගෙන මුදල් හොයන්නට යෑම,හරිම කුජීතය. බෞද්ධයෙක් වෙලා බෞද්ධයන් ගැන මට මේ විදියට ලැජ්ජා එනවා  නම් පිටරටින් සිරිපාදය බලන්ට එන අයවලුන්ට ඒ සද්ද පීඛර් සහ සද්ද දමාගෙන යන නඩ දුටුවිට අපිව පේනවා ඇත්තේ එක්තරා අන්දමක ශිෂ්ඨාචාර ගත නොවුනු මනුෂ්‍යය පිරිසක් ලෙසය. 

අපේ ඇමති මැතින්ගේ ප්ලෑන්..
නිශ්ශංකමල්ල රජතුමා ගේ ගව් ලිපි නැමැති එතුමා ආගිය තැන් සහ ඒවායෙහිදි කරන ලද පොර වැඩ කියන්නට ඔහු ගිය මාර්ගවල ගව්වෙන් ගව්වට තැනූ බව සැලකෙන ලිපි ජාතියක් ඇත. ඒවා නිකං අද කාලේ අපි කොහේහරි ගියාම ඒ ගැන බ්ලොග් වල ලියනවා වැනි කාරියක් වෙන්නට ඇත. නිශ්ශංකමල්ල රජතුමාත් අද කාලේ අය වගේය. අනුන්ගේ වැඩවල ප්‍රතිසංස්කරන ආදිය කොට තමුන්ගේ නම එල්ලා ගන්නට එතුමා සමතෙක් බව ඉතිහාස කතා  පවසයි. එතුමානෝද සිරිපා වඳින්නට ගොස් ඒ මගෙහි අපාසු තැන් කීපයක් ප්‍රතිසංස්කරණය කර ඇති බව ඉතිහාස පොත් වල සඳහන් වෙයි. අවසාන රජ සමයට අයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පලාබද්දල රජ මාවතින් සිරිපා කරුණා කරන්නට පැමිණ ධර්මරාජගල තරණය කිරීමට අපාසු බව පෙනී ගොස් එය තරණය කිරීමට පහසු වන අයුරින් ගල මත පඩි පෙලක් කෙටු බව සෙල්ලිපියක සඳහන් වෙනවාලු. 

ඉතිං මීට ටික දවසකට කලිං වත්මන් රාජ කුමාරයකුත් පිරිවර එක්ක සිරිපාදෙ නැංගා. එතුමා බොහොම සැහැල්ලුවෙන් නගින රූප ආදිය අපිට පත්තරවල අන්තර්ජාලයේ දකින්නට ලැබුනා. හැබැයි ඒ රජ කුමාරයා ගිහිං ඇවිත් ටික දවසක් ගත වුනාට පස්සෙ කතාවක් ආවා සිරිපාදෙ ඇහැල කනුව හරියෙ රත්නපුර පාරෙ හෙලිකෝප්ටර බස්සන්න පුලුවන් හෙලිකොප්ටර අංගනයක් ඉදිකරන්න යනවා කියලා. 

සමහර විට පෙර රජදරුවන් මාර්ගයෙ අපාසු තැන් ප්‍රතිසංස්කරණය කරලා දුන්නා වගේ වත්මන් රජ කුමාරවරු මාර්ගයක් නැතුව ගුවනින් සිරිපා කරුණාකරන්න අවස්ථාව මහජනයාට ලබාදෙයි වගේ. අනේ වාසනාවන්..හෙලිකොප්පරෙන් සිරිපා කරුණාකරන්න ලැබෙන එක වගේ දෙයක් කල්පනා වෙන කුමාරවරු ඇමතිවරු සහ සට්ටැඹිවරු උපදින්නෙ ජාතියේ පිනටම තමයි.
මා කලින් කියා ඇති පරිදි මේ සමනල අඩවිය වැනි සංවේදී පරිසර පද්ධතිය සහ එහි වටිනාකම අපිට වචන වලිං ලියන්න බැහැ. ඒ වගේ තැනක මහ සද්ද තියෙන හෙලිකෝප්ටර නිතර බාන නග්ගන තැනක් ඇතිකලොත් ඒ පරිසර පද්ධතිය බොහොම ඉක්මනින්ම විනාස වෙලා යාවි. ඒ පරිසරය විනාශ වුනොත් එහි දරුණු ප්‍රතිපල අපිට නුදුරේදිම දැනගන්න ලැබේවි..මොකද මහවැලි කැළනි කලු වලවේ යන ගංගා..සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා ..එතකොට සමනල කන්ද උඩට හෙල්කොප්පර නැගලා එතන හෝටල් හැදිලා එතන විනාස වුනොත්..?

මීට දශක දෙකකට පෙර කන්ඩලම වැවේ තාවල්ල මත කන්ඩලම හෝටලය හදන වෙලාවෙ ඒකට විරුද්ධව විශාල පිරිසක් පාරට බැස්සා.. වක්‍රාකාරයෙන් ඒ නිසාමදෝ මන්දා හෝටල් පරිපාලනය ඒ හෝටලය පරිසර හිතකාමීව පවත්වාගෙන යන්න දැඩි උත්සාහයක් ගන්නවා.. නමුත් ඊට වඩා දෙතුන් ගුනයක් වැදගත් පරිසර පද්ධතියක් වෙන සමනළ කන්දට හෙලිකොප්ටර බාන්න යන මේ අද දවසේ ඒක කණට ඇහුනත් නොඇසෙන ඇසින් දැක්කත් නොදකින ජාතිමාමක දේශමාමක, දේශහිතෛශී පිරිසක් ගොලුවෙලා බලාගෙන ඉන්නවා.. 

පොලිතින්..
මේ ළඟදි මනුපොතේ දැක්කා මම ලක්ෂන දැන්වීමක්..එහි කියවුනේ ප්‍රංශයේදි හිතුන තැන සිපවැලඳගන්න පුලුවන් නමුත් හිතුන තැන චූ කරන්න බැහැ  නමුත් ලංකාවෙ හිතුන තැන චූ කරන්න පුලුවන් නමුත් සිපවැළඳගන්න බැහැ කියලා.. පොලිතින් කවර දාල යන්නෙ ඇයි කියන එකට හේතුවක් මට හිතාගන්න බැහැ.. අපේ රටේ සාක්ෂරතාවය හෙවත් අකුරු කියවන්න ඇති හැකියාව සාපේක්ෂව විශාලයි..ඒ විදියට පොලිතින් හලන එක වැරදියි කියලා අපේ අය දන්නවත් එක්ක..නමුත් ලංකාවෙ දේශීය සංචාරකයෝ යන එන ඕනි තැනක පොදු සාධකය තමයි පොලිතින් සහ කසල. මම හිතන්නෙ සිවිල් පිට පොලිසිය දාල අර ඉර කපනකං හැංගිලා බලං ඉන්න ට්‍රැපික් පොලිසි මාමලා වගේ කස්ටියක් දාන්න ඕනි පොලිතින් හලන අයට සැර දඩ ටිකක් ගහන්න..එතකොට වත් ඒ කැත වැඩේ ටිකක් අඩුවෙයි. 

වෙළඳ සැල්..
සිරිපා ඉමේ තියෙන වෙළඳ සැල් ඒ පරිසරයට ගැලපෙන්නෙ නැහැ..හරිම කැතයි. ඒත් ඒවා කාලයක් තිස්සේ ඒ තැන්වල තියෙනවා. අපේ අයත් ඒවායින් බඩු ගන්නවා. සමහර විට ගෝඨාභය මහත්තයා සිරිපාදෙ යන්න හෙම ගත්ත දාක ඒ තාවකාලික පැල්පත් වගේ කඩ නැතිවෙයි. අනේ මන්දා මිනිස්සුන්ට කන්න බොන්න ඕනි..ඇදුමක් අයිස ්කැප් එකක් ගන්න ඕනි..නමුත් ඒ තැන්වල තියෙන්න මහ ජාගර අවලස්සන ගතියක්...පොලිතින් කෑලි ටිකයි..අටෝගත්ත ටකරං කෑලියි..අපිරිසිදු කමයි. ඒ සමහර තැන්වල ස්ථිර පොඩි ගොඩනැගිලි ආදිය හදලා වැඩෙ ලස්සනට කරන්න පුලුවන් නම් හොඳයි.. නැත්නම් මේ කඩ වලින් පිටවෙන අපද්‍රව්‍ය ත් එකතුවෙන්නෙ අපේ අනාගත පරපුරට..

3 comments:

  1. මම දැක්කා කැළේ රිංගලා රීලා. නල්ලතන්නියේ ජලයේ අශූචි තියෙනවා කියලා වාර්ථාවක්. "නල්ල තන්නි" කියන්නේ ගූ තියෙන නිසා වෙන්න ඇති. අරක්කු ගෙනියන එක නවත්වනවා වගේ. රෙන එකත් නවත්වන්න වෙයි.

    ReplyDelete
  2. එකඟයි , සිරිපාදේ දැන් භාරව ඉන්න හාමුදුරුවන්ගේ පැටිකිරියට දන්න අයට සහ ඒකට තිබ්බ ඡන්දෙන් දිනපු විදිහට දන්න අයට නම් ඒයාගේ ඔය කෙරුවාවල් හොඳ වැඩියි . අතීත කාමයක වෙලිලා දුටුගැමුණු ආයි ඉපදෙනකන් , රාවණා නැගිටිනකන් බලාඉන්න අපේ මිනිස්සු අද වගේම හෙටත් , තව වසර ගණනාවකිනුත් බොරුවට කැ ගහ ගහ සිරිපාදේ යයි

    ReplyDelete