අපේ
ගම පිහිටා ඇත්තේ ලංකාවේ කොණකය. එය දැන් නම් නාගරීකරණය වීගෙන එයි. ලංකාවේ
ගමක් වෙන එය ගමක් ලෙස දැන් හඳුනාගත නොහැක. නාගරිකත්වයේ අයහපත් පැත්තත්
ගම්බද පුරාණ අයහපත් සිරිත් විරිත් වල තෝතැන්නක්
වන එය කිසිසේත් සුන්දර යැයි කිව නොහැක. බාහිරින් නගරයට වඩා සැනසිලි දායක
වුවත් අපේ ගම තව දුරටත් පෙර කල අපේ ගම් ගැන ලියූ අයවලුන් ලියූ පරිදි
, අහිංසක ගැමියන් වෙසෙන්නක් නොවේ.
අල ලූනු ගන්න පොලේ ආ කෙනෙක් බාල්දි ගන්නේ
නැත. නමුත් බාල්දි කාරයාගේ කෑගැසිල්ල ඒ නිසා අඩු නොවේ.. හරියට පෙටා බස්
නැවතුම වගේය. මාතර යන්න බස් නැවතුමේ සිටින අයෙක්.මීගමු බස් කාරයා කෑ
ගැහුවාය කියලා මිගමු යන්නෙ නැත. නමුත් මාතර බස් කාරයා
මොකක් හෝ ආතල් එකකට කෑ ගසයි.. ඔන්න පොලක නම් සල්ලි ඇති දිනක වැඩිපුර යමක්
මිලදී ගැන්මට මිනිස්සු පෙලඹිය හැකි වුවත් පිටකොටුව බස් නැවතුමක සිටින විට
මාතර යන්න සිටින අයෙක් කෑ ගැසීම් වලට අවනතව වෙනත් අතකට යෑම සිදුවීමේ
සම්බාවිතාවය ඉතා අඩුය. බල්ලා ටයිල් ඇති ගෙදරකට ආවත්
පූර්වජ පුරුද්දක් වෙන දෙවරක් කැරකී තණකොල තලා නිදා ගන්නා ආදිකල්පික
ආකාරයටම ටයිල් පොලවේද දෙවරක් පැදකුනු කොට නින්දට යයි. ඒ ආකාරයට සංසාර
පුරුද්දක් අනුව පොලේ වෙලෙන්දෝත් කොන්දොස්ත්ර් මහත්වරුත් කෑ ගසනවා විය හැක.
අම්මා සමඟ පොලේ ගිය සැටි..
අපේ
අම්මා සමඟ අපි කුඩා කල පොලේ ගියෙමු. නමුත් අපි එතරම් අම්මා සමග පොලේ යැමට
කැමති නැත. තාත්තා සමග කඩමන්ඩියට යෑමට කැමැති මුත් අම්මා සමග පොලේ යෑම
වෙහෙසකර ක්‍රියාවක් ලෙස අපි එකල හඳුනාගෙන
තිබුනි. අම්මා ඔන්න කෙසෙල් ඇවරියක මිල අසයි. එය රුපියල් පහලවක් නම් අම්මා
වෙලෙන්දියට රුපියල් දහයක් දික්කර ඔන්න ඔය ඇති යැයි මල්ලද රැගෙන නික්ම යයි.
ඉන් පසු අර වෙලෙන්දිය අම්මා පිටුපස එන්නේ ඉතිරි රුපියල් පහ ගැනීමටය. නමුත්
වැඩිම වුනොත් අම්මා තව රුපියල් දෙකක් වෙලෙන්දියට
දෙයි. ඉන් පසු ත් ඇය දිගට කතා කරගෙන එන්නේ එහෙමත් වෙලාවකය. එසේ එයි නම්
ඕන්න එහෙනං තියාගන්න කියා ඇය කෙසෙල් ඇවරිය තබා රුපියල් දහයත් රැගෙන
නික්මෙයි. අම්මා බොහෝ විට බඩු ගන්නා විට හෙට්ටු කරයි. සාමාන්‍යෙයන්
වෙලෙන්දෝද එසේ හෙට්ටු කරමින් බඩු ගන්නා අය හොඳින් අඳුනති. ඒ
අනුව ඔවුන් මිල ගනන් කියනවා වෙන්නටද පුලුවන. මා පසුකලෙක පොලේ ගියවිට පොලේ
ගොස් ඒමට විනාඩි දහයක් වත් ගත නොවුයේය. මන්ද එක් බඩුවක් එක් තැනකින් ගනන්
අසා මිලදී ගැන්ම නිසාය.
අපේ
අම්මාත් බොහෝ අයත් පොලේ යනවා යනු රාජකාරියක් වැනි බොහෝ විසාල වේලා ගන්නා
වැඩකි. එක් තැනකින් මිල අසා තව තැන් කීපයක් සමඟ සන්සන්දනය කොට බඩු හොඳින්
තත්ව පරීක්ෂාවකටද ලක්කරයි. දැන් සුපිරි
වෙළඳ සැල් වලට වඩා පොළ ඉදිරියෙන් සිටින එක් අවස්ථාවක් නම් එකම එලවලුව
පළතුර පවා තැන් කිහිපයක මිල කිහිපයකට ලබාගත හැකි වීමයි.
ඉතා
පෙර කල අපේ නිවෙස්වල තිබෙන එලවලුද පොලේ ගොස් සිල්ලර වෙළඳුන්ටම විකුනා
එයින් මතු ඒ මුදල් වලින්ම අපිට බඩු ගත හැකිව තිබූ සමයක් තියෙන්නට ඇත. නමුත්
දැන් එසේ නොවේ. බොහෝ විසාල පොලවල් වල සිල්ලර
බඩු පොලකුත් තොග බඩු වෙනත් පොළකත් පැවැත්වේ. කෙසෙල් කැන් , එලවලු,
පොල්
ආදිය වෙනමම ඉඩක තොග වශයෙන් අලෙවි වේ. අපේ නිවසේ නම් තාත්තා තොග පොලට ගොස්
බඩුත් විකුනාගෙන ගත යුතු සිල්ලර මාලු ආදියත් රැගෙන දහය හමාර එකොළහ වෙනතුර
නිවසට ළඟා වෙයි. නමුත් අම්මා පොලේ ගිය දිනක ඇය එන්නේ දවල්
දොලහට විතරය. පොලේ ඇවිද බඩු මිල සැසඳීම. සෝසල් නෙට්වර්ක් එකක් ලෙස පොල
භාවිත කිරීම. වෙලෙන්දන් සමග හෙට්ටු කිරීම ආදියට කල් ගත වී ප්‍රමාද වී
පැමිනෙන අම්මා හැමදාම කියන්නේ...මේ බස් සෙක්ක බැහැනේ...එන්නෙ නැහ
ැවරුවකට..තාත්තා ඒ බස් කතාව බොහෝ කල් සිට අසන නිසා බස් වලිං
එහාට වැඩිවිස්තර අහන්ට යන්නේ නැත.
පොලේ සෝසල් නෙට්වර්ක් භාවිතය..
දැන්
කාලේ හැදෙන කොල්ලො කෙල්ලෝ නෙට් එකේ(මදුරුවො එලවන එක නොවේ) පැය ගනන් ගත
කරති. නමුත් හන්දියේ කඩේට යන සීයා ඉඳහිට පොලට යන ආච්චි ඒ සඳහා පැයක් දෙකක්
ගත කිරීම ගැන ඔවුන් සිනා සෙති. ආච්චිලා
සීයලා ඕප කියවනවා යැයි ආඩපාලි කියති. මීට වසර පාලවකට විස්සකට එපිට අනූව
දශකයේ මුල් භාගයේ රූපවාහිනි තිබුනත් ගම්වල එතරම් ඒවා සුලබ නොවීය. බොහෝවිට
අපි ටීවි බලන්නට ටීවි ඇති ගෙදරකට යමු. අපේ අයියලා කඩමන්ඩියට ගොස් බෘෘස් ලී
නයිට් රයිඩර් ආදි ඒවා බලති. නමුත් අපිට බලන්නට
ලැබෙන්නේ බදාදාට යන කෝපි කඩෙ පමණි. කෝපි කඩේ බලන්නට අපි පෝලිමේ වාඩි වී
සිටියෙමු. නමුත් එහි ඇති අලබෝලයක් නැත..වටෙ කට්ටිය සිනාසෙන විට අපිද පැනගෙන
සිනාසුනෙමු.
පංසල පල්ලිය ආදි පිංකම් අවස්ථාවල කතාකිරීමට තහංචි රා අරක්කු ගැන,
ගෑනු සහ හොර කොටු පැනීම් ගැන,
සල්ලාලයින් ,බොරුකාරයින්
ගැන මේ පොල භූමියේ තැන් තැන්වල කනින් කොනින් කතා වෙයි. ගමේ පොලට ගොස්
අනුන්ගේ කාරණා ටිකක් දාගෙන යාලුවෙක් අදුන ගෙන නෑයින්
හෙම දැකබලාගෙන හයියෙන් කතාකරමින් සිට කොළඹ ආ පසු ෆුඩ්සිටි වලට ගියෙමි.
ඒවාහිදී මල ගෙවල් වල ගිය අය මෙන් සෝබර මූනුවලින් තමුංට අවැසි බඩු පමණක්
සාවධානව තෝරාගන්නා අයුරු මා දුටුවෙමි. මට එය දිස්වූවිට මතක් වූයේ ගමේ
මලගෙවල් වල අපි ආහාර ගන්නා ආකාරයයි. මලගෙවල්වලදී කොතරම්
බෙදාගත්තත් තුං හතර වතාව කරවල සහ හොදි ආදිය දමාගන්නවා වුවද මල ගෙවල් වල
එතරම් කෑ කොස්සන් ගැසීමක් වත් පෙරලි කිරීමක් වත් නැත..සාවධානව කෑම ගැනීම
පවා කල යුතුය. සත්‍ය වශයෙන්ම ඈත ගමක පොලේ වැසියෙක් ෆුඩ් සිටියකට
දැමුවොත් ඔහුට මල ගෙයක් වැනි යමක් දිස්වෙනවා ඇත.
අපේ
ගම දැන් දියුනු වෙලාය. ගමේ මග නැගලාය. ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් කොරියාවේය.
තවත් පිරිසක් කොරියා යෑමට බලා සිටිති. තව අය අලුත් කර්මාන්ත වලට යති.
පැරණි ගොවිතැන් නවීකරණය වෙලාය. නමුත් අපේ
ගම දැන් පරම්පරාවද පෙර පරිදිම පොලේ යයි. බඩු තෝරයි හෙට්ටු කරයි. ෆූඩ් සිටි
තිබුනත් ඒවායින් කොරගන්නා එකම වැඩේ අරක්කු හොඳ ඒවා තොරාගැන්ම පමණි. ධීවර
ජනතාව,
ගොවිජනතාව,
මෙන්ම නව ගාමන්ට් හා ෆැක්ටරි ජනතාවද එකම පොළ බිමක් තුල එකිනෙකා හැපෙමින්
බඩු මිලදී ගනිති. සමාජමය අතින් ගතහොත් මෙය හොඳ ප්‍රවනතාවයකි. සොහොන් පිටි
මෙන් හුදකලා සුපර්මාකට් වලට වඩා කල කොලහල සහිත පොළ භූමිය
මටනම් තවමත් අගනේය. එහි තරඟකාරී සෘජු වෙළඳපොලක් ඇති බැවින් බොහෝ බඩු ෆූඩ්
සිටි ලිස්ට් වලට වඩා සැලකිය යුතු තරමින් සති පොලේ අඩුය. එලවලු පලතුරු ආදිය
කූල් පෙට්ටි වල නොදා ඇති අතර තෝරා හොඳ ඒවා හොඳ තැනකින් ගත හැකිය.
නුගේගොඩ පොල අපේ පොළට වඩා වෙනස් ඇතිය. අපේ පොළට වඩා කිරිඉබ්බන් ආර,
පන්නගමු පොළවල් වෙනස් ඇතිය. නමුත් සති පොළ යනු අප සමාජයේ එක්තරා වැදගත් තැනකි.
අම්මත් එක්ක ඉස්සර පොලේ ගිය හැටි මතක් උනා
ReplyDeleteමේ සිද්ධිය කා වෙනුවෙන කියන ලද්දක් දැයි නොදනිමි. ඒත් ගමේ පොළ පොළම ය.
ReplyDeleteඅපේ ගම් පැත්තෙ පොල මොඩිෆයි කලා මලින්ද මාමා
ReplyDeleteඅපේ ගමේ පොලට ගිය කාලයක් මතක නෑ. ආයෙත් වෙලාවක් හදාගෙන යන්න ඕන වෙලාවක.
ReplyDeleteඅකුරක් නෑර රස වින්දා අමිල...
ReplyDeleteniyamai
ReplyDeleteසියත් එක්ක ඇත්ට්‍රක්ටරේ බඩු පුරෝගෙන බංඩර වත්ත(ගැටමාන්නේ) පොලට ගිය හැටි මතක් උනා... ආ වලස්ගල පොළටත් මුලින්ම ගියේ සියත් එක්ක.... උඹ මේ කියන ලක්ෂණ අඩුවක් නැතිව ඒ දෙපොලේම තිබ්බ. දැන් යන මාලබේ/කඩුවෙල පොළවල් දෙකෙත් ලොකු වෙනසක් නෑ.....
ReplyDeleteමරු...
ReplyDelete