Showing posts with label ටෙලිකොම්. Show all posts
Showing posts with label ටෙලිකොම්. Show all posts

Sunday, November 8, 2020

ඇයි SpaceX ඔය නාස තියෙන්නේ මදිද


නාසා ආයතනය තමයි අපි දන්න විදිහට කාලයක පටන් අමරිකානු අභ්‍යාවකාශ ගමන් වල මුල් තැන ඉන්නේ. ඒත් නාසා ආයතනයේ වැඩ වලට යන වියදම බොහෝම වැඩියි. දැනට අහසේ තියෙන ලෝකේ මිල අධිකම නිර්මාණයක් වන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යනු එනු කරන එක ශටල් වලින් කරන එක අමරිකාවට ලොකු වියදම් අධික වැඩක් වුනා. සැලසුම් කරද්දි ඩොලර් මිලියන දහය පාලවකින් එක ගමනක් ගිහන් එන්න පුලුවන් කියලා කිව්වත් ප්‍රායෝගිකව එක ශටල් ගමනකට ඩොලර් මිලියන දෙතුන් සීයක් වියදම් වෙන්න ගත්තා. ඒ එක්ක ස්පේස් ස්ටේශන් එක තවදුරටත් පවත්වාගෙන යනවාද කියන ගැටළුවත් පැනනැංගා. 2012 වර්ශයේදී එතෙක් අමරිකාවෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගිය නාසා එකේ ශටල් වෙනුවට  ස්පේස් එක්ස් රොකට්ටුවක් මුලින්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

ස්පේස් එක්ස් එකේ අඩු මිල

ස්පේස් එක්ස් කියනනේ පුද්ගලික ආයතනයක්. ලංකාවේ වගේම අමරිකාවෙදිත් රාජ්‍ය අංශයේ තියෙන නාසා වගේ ආයතන වලට වඩා පුද්ගලික අංශය කාර්යක්ෂමයි ඒ වගේම මිල අඩු කරගන්න පුලුවන් ලාබදායී විසදුම ්වලට යන්න පුද්ගලික අංශයට වඩාත් පහසුයි. උදාහරණ විදිහට අපි ගනිමු අපේ රජයෙන් බිල්ඩිමක් හදන එක. ඕක ඉතින් ඇස්තමේන්තු කරලා මොන විදිහට අඹරලා කලත් පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් හදනවාට වඩා වැඩි වියදමක්බොහෝවිට රාජ්‍ය අංශයට වියදම් වෙනවා. ඒ වගේම වේගය ගත්තත් ආණ්ඩුවේ තැනක බිල්ඩිමක් ඉක්මනට හැදෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ස්පේස් ගමන් වලට හැරුනත් එහෙම.

ස්පෙස් එක්ස් එක අහසට යන රොකට්ටු ඩිසයින් කිරීමෙන් නව අත්හදා බැලීම් වලින් මිල අඩු කරගන්න එක ගැන සැලසුම ්කරනවා. මුල් කාලේ රොකට් කියන්නේ ගියොත් ගියා මොඩල් දෙයක් වුනා. ඒ කියන්නේ රොකට් එකට යොදාගන්නා එන්ජින් බූස්ටර ආදී හැම දෙයක්ම ආයේ නැවත පාවිච්චියට ගන්න බැරි වුනා. සමහර කොටස් අභ්‍යාවාකශයටම ඇදී යන්න දුන්නා. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම මහ අරුම පුදුම විදිහට මුලු රොකට් එකේ වටිනාම කොටස් ආයෙත් බාගන්න පුලුවන් විදිහට සැලසුම ්කලා. 


ඔයාලට මතක නම් ටින් ටින් කතාවේ ටිං ටිං එකේ යන රොකට් එක කිසි ගේමක් නැතුව රොකට් එක පෘථිවියට බානවා. ඒ වගේ මූදේ තියෙන විශාල පාරුවකට රොකට් එක ගාන්ට බාගන්න ස්පේස් එක්ස් කන්ඩායමේ රොකට් වැඩසටහටනට පුලුවන් වුනා.
2016 දි ඒ ඩ්‍රෝන් ශිප් කියන ක්‍රමයට රොකට් එක පාරුවකට හරියට බාන්න ස්පේස් එක්ස් කන්ඩායම සමත් වුනා.


ආයතනික පැත්තෙන් මිල අඩු කිරීම

ස්පේස් එක්ස් කිව්වට මේ ස්පේස් එක්ස් ලා ගේ පෙනුම මහා විශාල විදිහට මොඩර්න් නැහැ. ඔවුන්ග් ඇතැම් වැඩබිම් හරියට අපේ රටේ ගාමන්ට් ෆැක්ටරි වගේ. ඒ වගේම සාමාන්‍ය නාසා සේවකයෝ කියන්නෙ ලංකාවේ ආණ්ඩුවේ කන්තේරු වගේ 9-4.45 වැඩ කරන පැය අටේ සේවකයෝ. එතකොට ඔවුන් වැඩ කරන්නේ මොන උවමනාව තිබුනත් පැය අටක් විතරයි. ඒතකොට නාසා එකේ කට්ටිය සාමාන්‍යෆයන් වැඩ කරනවා කියන්නේ සතියකට පැය 40යි. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම සතියකට පැය 60කටත් වඩා වැඩ කරනවා. හදිසි මෙහෙයුම් කටයුතු තියෙනවා නම් සේවකයින් උනන්දු වෙලා ඊටත් වඩා කාලයක් වැඩ කරලා ඒ මෙහෙයුම් සාර්ථක කරගන්න දායක වෙනවා. ඉතින් ඒ වගේ තාක්ෂණික වගේම වෙනත් අංශ වලිනුත් ස්පේස් එක්ස් වැඩසටහන් වල මිල අඩු කරගන්න ක්‍රියා කරලා තියෙනවා.

මෙලොවට වැදගත් වැඩ

නසා ආයතනය කරපු මෙහෙයුම් ගැන මත පලකරන ඇතැම් පාර්ශව නාසා ආයතනයේ වැඩ වලට වියදම් කරන ගානට ප්‍රථිපල නැති බවක් අමරිකාවෙදි පවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඈත අභ්‍යාවකාශය ගවේශන කටයුතු වලට වියදම් කරන මුදල් වලින් සත පහක ප්‍රයෝජනයක් තියෙනවාද කියන සරල ගැටළව ඒ නාසා වැඩසටහන් සම්බන්ධයෙන් එදා සිටම තිබුනා.

සැටලයිට් ව්‍යාපෘතිය

ඒත් දැන් දැන් ස්පේස් එක්ස් කාන්ඩේගේ වැඩ එහෙම ග්‍රහලෝක ගවේශනය විතරක්ම නෙමෙයි වෙනත් වැඩසටහ්න වලටත් බද්ද වෙලා තියෙනවා. ස්පේස් එක්ස් රෛාකට් භාවිතයෙන් ජී පී එස් සැටලයිට් යවනවා. ඒ වගේම ස්පේස් එක්ස් ලගේ සැටලයිට් හරහා ඉන්ටටෙනට් ලබා දීමේ වැඩසහනත් ඒ විදිහේ වැදගත් ව්‍යාපෘතියක්. ඒ හරහා අමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනි කෙලවරක සිටින අයට අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුලුවන් වැඩසටහනක් ස්පේස් එක්ස් කන්ඩායම තමුන්ගේ උප ව්‍යාපෘතියක් විදිහට ක්‍රියා කරනවා. ඒ හරහා ස්පේස් එක්ස් හරහා සැටලයිට් 4425ක් පමණ ගුවන්ගත කිරීමට නියමිත අතර පෘථිවියේ සිට කිලෝමීටර 1100ක් පමණ උස කක්ෂයක ඒවා දැලක් මෙන් රැදවීමට යෝජිතයි. 2017 දි හදපු මේ සැලසුම අනුව 2019 මැයි මාසෙදි සැටලයිට් 60ක් පමණ කක්ශගත කරන්නට ස්පේස් එක්ස් සමත් වුනා.

 ඒ වගේම මේ රොකට් ගමන් වලදි රොකට් ඉතාම ඉක්මනින් නැවත නැවත පාවිච්චියට ගන්න පුලුවන් හැකියාව නිසා අනාගතයේදී පෘථිවියේ තැනින් තැනකට බඩු සහ මිනිසුන් ගෙනියන්න වේගවත් මාධ්‍ය්‍යක් විදිහට රොකට් පාවිච්චි කරන හැකියාව ගැනත් ස්පේස් එක්ස් අවධානය යොමු කරලා තියෙනවා. මේ හරහා දැනට සිංගප්පූරුවේ සිට අමරිකාවේ නිව්යෝක් දක්වා ගුවනින් යන්නට යන පැය 15කට වැඩි  කාලය රොකට් ගමනාගමනය ආවොත් පැයකටත් වඩා අඩුකරගන්න පුලුවන් බවට මත පල කරලා තියෙනවා.

අගහරු සහ චන්ද්‍ර ගවේශන

අභ්‍යාවකාශ තාක්ෂණය ගැන කතා කරද්දි බොහෝ දේවල් තිබෙන්නේ අනාගතය අරමුනු කරගෙන. ස්පේස් එක්ස් අයටත් ඒ වගේ ගෝල් තියෙනවා. ස්පේස් එක්ස් කාන්ඩයේ ලෝකක වෙන ඉලොන් මස්ක් ගේ අදහස තියෙන්නේ අගහරු වලට ගිහ්න එහේ ජනවාසයක් කාරිය හදාගෙන ඉන්න. ඒ වගේම ස්පෙස් එක්ස් කන්ඩායම 1969 ගියාට පස්සේ අවුරුදු හතලිහකට විතර පස්සේ ආයෙම හදට මිනිහෙක් යවන්නත් සැලසුම ්කරනවා. අභ්‍යාවකාශයට සහ හදට සාමාන්‍ය මිනිසුන්ටත් යන්නට පුලුවන් වෙන ටුවර් පැකේජ ක්‍රමයකුත් ස්පේස් එක්ස් හදුන්වාදෙන්න අදහස් කරනවා.

හුදෙක් වියදමක්ම නොවන ස්පේස් එක්ස්

දැනට ස්පේස් එකස් ව්‍යාපෘතියක් වන සැටලයිට් ඉන්ටනෙට් පහසුකම අමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ජනප්‍රිය වුනොත් වඩාත් විශ්වාසනීය ලෙස ලෝකයේ ඕනෑම තැනක සිට අන්තරජාලයට සම්බන්ධ වෙන්න පෘථිවි වාසින්ට හැකි වෙනවා. එය දැනටම ස්පේස් එක්ස් ඇචීව් කරපු ටාගට් එකක්. ඒ වගේම රොකට් නැවත භාවිත කරන්න ආපු වැඩපිලිවෙලත් දැනට ස්පෙස් එක්ස් කන්ඩායම සාර්තක කරගෙන තියනෙවා. අනෙක් පැත්තෙන් රොකට් වලට යන වියදම අඩු කරගන්නත් ස්පේස් එක්ස් කන්ඩායම විශාල පරාසයක අත්හදා බැලීම් කරගෙන යනවා.

ඒ එක්ක වඩාත් වාණිජමය ස්වරූපයකට අභ්‍යාවාකාශ වැඩසටහන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා ඉදිරියේදී තරගකාරී වෙලදපොල අවකාශ නිර්මාණය වුනොත් එදා රුසියාව හා තරගය නාසා එක හදට මිනිසුන් යැව්වා වගේ ස්පේස් එක්ස් කන්ඩායමටත් විවිධ අභ්‍යාවකාශ ව්‍යාපෘති සාර්තක කරගන්න පුලුවන් වේවි.

Monday, August 24, 2020

සැම්සුන් ගැලක්සි M21




ෆෝන් එකක් ගන්නෝ කියන එක ටෙක් බුවෙක්ට ගෑනියෙක් ගන්නවට වඩා පස්නයක්. මොකද දැන් ෆෝන් ජාති ගොඩක් ිතයෙනවා. එයින් එකක් තෝරාගන්න ්නි. ඒ වගේම තියෙන බජට් එකේ හැටියට හොද ෆෝන් එක්ක ගන්න් ඕනි. ඉතින් දැන් කාලේ ස්පෙක් කෑලි බැලුවාම මට අතේ තියෙන ගාන්ට හරියන ෆෝන් එක විදිහට මම සැම්සුන් ගැලක්සි එම් 21 දැක්කා අපි බලමු මොනාද මේ සැම්සුන් එම් 21 තෝරාගන්න ආපු හේතු කියලා. 

සැම්සුන් එම් 21 කියන්නේ රුපියල් 40,000-35,000 අතර මේ බ්ලෝක එකේ මේ ලිපිය ලියන කාලය වෙනකොට තියෙන ෆෝන් එකක්. සැම්සුන් ෆෝන් වල මේ මිල ගනන් හැටියට ගොඩක් වැඩ කෑලි ෆීචැස් තියෙන ෆොි්න් එකක්. ඇත්ත මේ වගේ ගානක් ෆෝන් එකකට වියදම් කරන්නත් අමාරු මිනිස්සු ඉන්නවා. ඒ අයට පාවිච්චි කරන්න හොද සුපිරි ෆෝන්තුත් තියෙනවා. ඒත් මම හිතන්නේ අදකාලේ ෆෝ්න් එකක් වෙනුවෙන් ජොබක් කරන මනුස්සයෙක් රුපියල්තිස් පන්දහක් වියදම් කරනවා කියන්නේ මහ ලොකු ලබ්බ කුල් වෙන නිවුස් එකක් නෙමෙයි. ඒක හරිම සරල සුගම සිද්දියක්. 

සාම්පල් පොටෝ 

එම් විසිඑකේ වැඩ කිඩ

ඩිස්ප්ලේ - සුපර් අමලෙඩ්
චිප්සැට් එක - Exynos 9611 (10nm)
ඕ ඇස් එක- ඇන්ඩ්‍රොයිඩ් 10
බැටරිය - Li-Po 6000 mAh, non-removable
චාජරය - Fast charging 15W
කැමරා - ට්‍රිපල් කැමරා මේන්මෙ කැමරා ගාපික්සල් 48

සැම්සුන් මොඩල් කම්ප්ලෙක්සිටි එක


සැම්සුන් කියන්නෙත් දෙවිදේවතාවුන් වහන්සේලා වගේ හැට හුට හමාරක් පෙනී ඉන්න ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ සීරියස් එක එම් සීරියස් එක ආදී නම් වලින් තමයි සැම්සුන් බජට් ෆෝන් එන්නේ. ඒකෙනුත් රුපියල් තිස් පන්දාහ සහ රුපියල් හැටදාහ සීමාව ගත්තම සැම්සුන් ෆෙෘ්න් වර්ග කිපයක්ම තියෙනවා. එයින් සැම්සුන් ඒ 31, ඒ51 ඒ30එස්, එම්31, එම්21, එම්30එස් ආදී ජාති වර්ග කීපයක්ම තියෙනවා. මේ හැම වර්ගයකම තියෙන එක පොදු සීන්ස් එකක් තමයි මිඩ් රේන්ජ් එකේ ප්‍රොසා (චිප්සැට් එක) . සැම්ුසන් එක්සිනස් 9611 Exynos 9611 (10nm) කියන ප්‍රොසසර් එක මේ ෆෝන් කිහිපයටම යනවා ඒ අතර සැම්සුන් ඒ 31ට මීඩියාටෙක් චිප් එකක් සෙට් වෙනවා. බැටරි ෆාස්ට් චාජින්, ඩිස්පේල් සයිස් ආදි බොහෝ ගතිගුණ මේ මිඩ් රේන්ජ් සැම්සුන් ෆෝන් සෙට් එකටම සමානයි.

සාම්පල් පොටෝ

කැමරා වුනත් ක්වඩ් කැමරා, ත්‍රිපල් කැමරා සෙටප් තිබ්බට මේ වායේ අවුට් අතර ලොකු වෙනසක් නැහැ. ඒත සැම්සුන් ඒ 51 මැද මට්ටමේ සැම්සුන් අතර පට්ටම ජනප්‍රිය බාන්ඩයක්. ඒකෙ පෙනුමට ගෑනු ආසයි. ඒකේ මැද මට්ටමේ ෆෝන් වල තියෙන කොමන් ඩොල් මොඩල් ගතියට වඩා එහා ගිය ප්‍රිමියම් ලුක් එකක් තියෙනවා. ඒත් සැම්සුන් ඒ 51 සහ එම් 21 ගත්තාම ඇතුල සහ ෆිචර්ස් වල ලොකු අලගෙඩියක් නැහැ වෙනස්කම්. මිල අතින් මේ ෆෝන් දෙක රුපියල් විසි දහක් විතර වෙනසක් තියෙනවා. 


ඩිස්ප්ලේ..

IPS සහ අමලෙඩ් කියලා ඩිස්පේල් ජාති දෙකක් තියෙනවා මූලික වශයෙන්. එල් ජී ෆෝන් වල එහෙම මේ දෙකම නෙමෙයි වෙනම LED පැනල් එකක් තමයි ඩිස්ප්ලේ විදිහට එනවා කියන්නේ. මේ ඩිස්පේල් ගත්තාම IPS ඩිස්ප්ලේ වල කලු පැහැය හෙවත් අදුර පෙන්වන්නේ වෙනමම අළු මිශ්‍ර පැහැයකට..ඒ ඩිස්ප්ලේ වලකලු පැහැය තියෙද්දිත් තිරෙන් ආලෝකය නිකුත් වෙනවා.අ පි සාමාන්‍යෆයන් අදුර තියෙන තැනකින් ආලෝකය එන්න විදිහක් නැති නිසා අයි පී එස් ඩිස්ප්ලේ වල පට වර්ග සහ ආලෝකය පෙන්වීෆම් අවුලක් තියෙනවා. ඒත් ඇමලෙඩ් වලදි කළු පෙන්වන්නේ තනිකර පික්සල් එක ඕෆ් කරලා. ඒ අනුව තාක්ෂණයෙන් බැලුවම අයි පී එස් ඩිස්පේල් වලට වඩා ඇමලෙඩ් ස්ක්‍රින් එක ඉස්සරහින් ඉන්නවා. දැනට සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් ගොඩක් හොද මට්ටමේ ෆෝන් වල පාවිච්චි වෙනවා. 

සෙල්ෆි පොටෝ 

මේ සැම්සුන් එම් සීරියස් එක හැරුනාම වෙලදපොලේ තියෙන රියල්මි 6,6+, මි රෙඩ්මි 9,9+, හුවාවෙ නෝවා 7ටී , ඔපෝ, ආදී ෆෙෘ්න් ගත්තාම ඒ හැම එකේම වගේ තියෙන්නේ අයි පී එස් ඩිස්ප්ලේ එකක්.කොටින්ම ලංකාවේ රුපියල් පනස්දාහට අඩු ෆෝන් වල සුපර් අමලෙඩ් කොලිටි සුප්පා ඩිස්පේල් එකක් හොයන්න අමාරුයි. රියල් මි, ඔපෝ, මි 9ටී වගේ බ්‍රෑනඩ් වල සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් එනවා මැද ෆෝන් වලට. ඒත් ඒ හැම එකක්ම ටිකක් මිල වැඩියි. සැම්සුන් සමාගම කියන්නේ ෆෝන් එකක බොහෝ කොටස් නිපදවන්න පුලුවන් සමාගමක්. ඒ අයට ස්ක්‍රින් නිපදවන්න විශේෂ හැකියාවක් තියෙනවා. මොකද සැම්සුන් කියන්නේ ඩිස්පේල් නිපදවීම කියන එක එයාලගේ අතේ තියෙන සමාගමක් නිසා. එ ්නිසාම සැම්සුන් සමාගමට සුපර් ඇමලෙඩ් ඩිස්පේල් එක අඩුවට ලබාදෙන්න හැකි වෙල තියෙනවා. 

පත බැටරිය

මේ සැම්සුන් ගැලක්සි එම් 21 ට Li-Po 6000 mAh බැටරියක් එනවා. ලිතියම් පොලිමර් මේ සුවිසාල බැටරිය නිසා දවස් එක හමාරක් විතර කැත නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. එත් බැටරිය සුප්පා වුනාට කාලෙත් එක්ක බැලුවාම චාජින් නම් ටිකක් ඩිලේ. මි, හුවාවේ, ඔපෝ වගේ අනෙක් බ්‍රෑනඩ් වල දැන් මැද මට්ටමේ ඒවැත් තියෙන්නේ වොට් 30 චාජර. ඒවායේ බැටරි 5000ක් චාජ් වෙන්න පැයක් ඇති. ඒත් මේ සැම්සුන් එකේ තියෙන්නේ තාම වොට් 15 චාජරයක්. ඒ නිසා ෆෝන් එක සම්පූර්ණයෙන් චාජ් වෙන්න පැය දෙකකට වඩා යන්න පුලුවන්. ඒත් තාක්ෂණය හරියටම ස්ටේබල් නැත්තං ෆාස්ට් චාජින් නිසා බැටරියට වගේම ෆෝන් එකටත් කේස් වෙන්න පුලුවන්.
ඒ විසාල බැටරියත් එම් 21 ෆෝන් එකට ලැබෙන ලොකු වාසියක් 

සාම්පල් පොටෝ

සාමාන්‍ය කැමරාව


මේ ෆෝන් එකේ බැට්ටිය සහ ඩිස්පේල් එක වගේම කැමරාවත් ගතියට තියෙනවා. මේ මට්ටම් බොහෝ ෆෝන් වල දැනට පාවිච්චි වේනනේ කැමරා හිල් හතරෙ ්කැමරා. මේකේ කැමරා හිල් තුනයි. එත් හිල් තුනෙන් පවා කදිම පොටෝ වීඪියෝ ලබාදෙන්න මේ ෆෝන් එකට පුලුවන්. මේ මට්ටමේ තියෙන අනෙක් ෆෝන් වල කැමරා එකක් බැලුවම ලොකු ලොස් එකක් වත් ප්ලස් එකක් වත් නැති මේ කැමරාව සාමාණ්‍ය මේ ගෙවන මිලට සරිලනකැමරාවක්. කැමරාව 48 මෙගාපික්සල් වුනත් එයි ඇතුලත තියෙන්නෙ ්මෙගාපික්සල් 12ක සාමාන්‍ය අගයක් තියෙන සෙන්සරයක්. ඒත් අපිට අවශ්‍ය වෙලාවට 48 මෙගාපික්සල් ගන්න පුලුවන්. 

පැරනි ඩිසයින් එක

අලුතින් එන ෆෙෘ්න් ගත්තාම එක එක අලුත් ජිසයින් ජිල්තිබිරිස් එනවා. අලුතින් ආපු රියල් මි සහ රෙඩ්මි නෝට් ෆෝන් වල පවර් බටන් එක තියෙන සයිඩ් එකේ තැනම තමයි ෆින්ගර ප්‍රින්ට ්සෙන්සරය තියෙන්නේ. ඒ වගේම සමහර ෆෝන් වල ඩිස්ප්ලේ එක උඩම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය තියෙනවා. ඒත් එච්චරම අලුත් මෙව්වා එකක් නැති මේ එම් 21 පරණ තාලේ විදිහටම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය පිටුපස මැද හරියට වෙන්න තියෙනවා. ඒ වගේම අලුත් ෆෝන් මොකක් හරි ටේබල් එකක් වගේ සමතල පෘෂ්ඨයක තිබ්බාම කැමර් කෑල්ල මුලින්ම වදින ගතියක් තියෙනවා. ඒත් එම් 21 දි එහෙම නැහැ. කැමරාව හොද වුනත් ඒක ඇතුලට දාල ෆෝන් එකේ බොඩිය එක්කම එන්න නිමවලා තියෙනවා. අනෙක් අර ඉස්සරහ සෙල්ෆි කැමරාවට සුට්ටි ඉඩක් තියෙලා තියෙන ඩිස්ප්ලේ ඩිසයින් එක මේකෙත් එනවා. 3.5 ජැක් එක සිංගල් ස්පීකර් එක. ඒ හැම එකක්ම ටිකක් පරණ විදිහට තියෙනවා. 

අලුත් දෙය්ක නැති වුනත් බොඩියම අමුවෙන්ම ප්ලාස්ටික් වුනත් සොලඩි ඩිසයින් ුඑකක් තියෙනෆෝන් එකක් විදිහට මේක දක්වන්න පුලුවන්. මේකේ බැක් බටන් එක දකුනු කෙළවර යටට එනවා. මං කලින් පාවිච්චි කල නොකියා එකේ නම් ඒක මීටඑහා පැත්තේ කෙළවරෙ ්තමයි තිබුනේ. 
සාම්පල් පොටෝ
සාම්පල් පොටෝ 


බ්ලෝට්වයා සහ ස්ලෝ

සැම්සුන් ෆෝන් සහ මේ මැද හරියේ තියෙන ෆෝන් වල තියෙන ලොකු අවුලක් විදිහට බ්ලෝට්වෙයා දැක්වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක එක්කම එන විවිධ ඇප්ලිකේශන් අපිටත් නොදැනි බැක්ග්‍රවුනඩ් එකේ රන් වෙනවා. මේක නිස කාලයක් යද්දි ෆෝන් එක රත්වෙන්න පුලුවන්, ස්ලෝ වෙන්න පුලුවන් සහ අපේ පුද්ගලික ඩේට පිටට යන්නත් පුලුවන් ලු. ඒත් ඉතින්හැම ෆෝන් එකකම තියෙන අවුලක් නම් අපිටය කියාලා ඒක වෙනස් කරගන්නබැහැ නේ. මේකට එක විසදුමක් විදිහට ටිකක් රැම් රොම් වැඩි පෝන් මිලදී ගන්න පුලුවන්. එතකොට රැම් රොම් ගොඩක් ඒ බ්ලෝට්වෙයා මැල්වෙයා වලින් ගත්තා වුනත් අපිට පාවිච්චි කරන මට්ටමට බඩු ඉතුරු වෙයි නේ. 

ඒත් මේ එම් 21 දි 6 හෝ 8 රැම් 128 රොම් වර්ශන් එක ලංකාවේ මම බැලුව කඩෙ ්තිබුන් නැහැ. ඒ නිසා මමත් අනෙක් අය විදිහටම 4 ජීම් රැම් 64 ජීබි රරොම් වර්ශන් එක ගත්තා. 

ඉතින් මේකෙන් ඔහෙලටත් ෆෝන් එකක් ගන්න අදහසක් තියෙනවා නම් මේක හොද සටහනක්වෙයි. හාඩ්කෝ චයින ෆෝන් ෆෑන් කෙනෙක් උනු මම කාලයත් එක්ක මැන්ටල්ලා විදිහට ආයෙත් සැම්සුන් ෆෝන් එකකට ගියා. මේකේ තියෙන ලොකුම ලල් එක ඩිස්පේල් එක. මං ගත්ත නොකියා ෆෝන් එකේ ඩිස්පේල් එක අරං දවස් තුනෙන් හුකැස් ගෑවුනා.බිම වැටිල ඒක බිදුනා. ඉන් ප්සසේ මම ඒක ඒ කාලේ නෙකියා ඒජන්ත සොෆ්ට්ලොජික් එකෙන් ඇහුවාම ඒ කට්ටිය ඩිස්ප්ලේ එක දොලොස්දාහක් කිව්වා (ෆෝන් එක ගත්තෙත් 36ට). ඒ ගමන ඉතින් මම පෙටා වලින් ඩුප්ලිකේට් එකක් දැම්මා.ඒ නිසාදෝ නැත්තං ඒ ෆෙෘ්න් එකේ හැටි නිසාදෝහෝ මට ෆෝන් එක බලන කෙට ඇස් රිදෙන ලයින් එකක් ආවා. ඒගමන ෆෝන් එක අයින ්කරලා අලුත් ඇමලෙඩ් ඇස් වලට සනීප ෆෝන් එකකට යන්න ඕනි කයිලා හිතුවා. ඒක තමයි මේ ෆෙෘ්න් එක ගන්න එකේ මූලිකම මෙව්වා එකක් වුනේ. 

Sunday, June 12, 2016

මොටෝ මොඩ්ස් (Motomods)

යාලුවනේ අපි අද දැකබලාගන්න යන්නේ ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය වැඩි කරගන්න මෝටරෝලා Motorola කොම්පැනිය හදුන්වා දෙන නවතම එලිදැක්වීම ගැන. මේකෙ නම මොටොමොඩ්ස් ඉතිං මේක වෙන්නෙ කොයි ආකාරයට ද කියලා අපි බලමු පිංතුර වලින්ම .. 
මේ යටම තියෙන්නේ ෆෝන් එක.. ඒකෙ පහල තියෙනවා ඩොට් වගයක් ඕගොල්ලන්ට පේනවා ඇති.. මේ ෆෝන් එකේ පසුපස කවරය ගලෝලා වෙනත් කෑල්ලක් හයි කරන්න පුලුවනි අර ඩොට් වලට සෙට් වෙන්න. දැඩි චුම්බක ඒ කිව්වෙ කාන්දම් බලේකින් ඒ සවිකරන අමතර කෑල්ල මේ හොද ඉස්මාට් ෆෝන් එකට අර තුඩු හරහා සම්බන්ද වෙනවා.. 
මේ පෙන්නුම් කරන්නෙ ඒ විදියට සම්බන්ධ වෙන තඹ සම්බන්ධක කොටස්.. මේවා හරහා ෆෝන් එකේ දත්ත පිටත උපකරණයකට විදුලි වේගයෙන් දෙන්නට හැකියාව තියෙනවා..සරලව කිව්වොත් මේක ෆෝන් එක සහ තවත් කෑල්ලක් සම්බන්ධ කරගත හැකි ක්‍රමයක්. මේ විදියට ආපු අලුම්ම පෝන් එක තමයි මෝටරෝලා ඉසෙට් කියන එක. 
Moto Z Droid කියන ෆෝන් එක තමයි මේ..මේ ෆෝන් එක බොහොම කෙට්ටු ෆෝන් එකක්. මේකෙ පිටිපස්සට තමයි ඉහත මම කියපු අර මොටෝ මොඩ්ස් කියන දිගහැරුම හදුන්වා දීල තියෙන්නෙ. මේක සාමාන්‍යෙයන් මේ දවස්වල එන උඩම ලැවල් එකේ ෆෝ්න් එකක ( flagship phone) තියෙන පහසුකම් වලින් සමන්විත වෙලා තියෙන ෆෝන් එකක්. 

කලිං අපි මොටෝ මොඩ්ස් වලින් වෙනත් කෑලි බෑලි ෆෝන් එකට සම්බන්ධ කරගන්න ඇහැකිය කියලා කිව්වට ඒ මොනවද කියලා කිව්වෙ නෑ.. සමාගම දැනට ඒ විදියට අමතරව සම්බන්ධ කරලා වැඩගන්න පුලුවන් කෑලි තුනක් හදුන්වා දීල තියෙනවා. එකක් තමයි මේ ජේ බී එල්(JBL) සවුන්ඩ් කෑල්ල. මේක අර ඉහත ඉසෙඩ් පෝන් එකට පිටුපස්සෙන් කාන්දම් බලෙන් ඇලෙව්වාම පස්සේ ජාති සවුන්ඩ් නිකුත් කරන පට්ට භාන්ඩයක් බවට පත්වෙනවා.. ස්පීකර හොයාගෙන ඒවට පවර් හොයාගෙන ඉන් පස්සේ කොනෙක්ට් කරගන වාත වෙන්න ඕනි කමක් නෑ.. සෝක් එකට සවුන්ඩ් කෑල්ල පිටුපස්සේන අලෝලා අපිට වැඩි සද්ද කොලිටි සද්ද අහන්න වාසනාව මේ නිසා ලේසියෙන්ම උදා වෙනවා.. 

ඉහල පිංතූරුවෙන් පේන්නේ ඒ විදියට සම්බන්ධ කරපු ජේ බී එල් සවුන්ඩ් කෑල්ල තමයි. ඒක කදිමෙට තියෙනවා..හොදට සද්දත් ඇති කියල හිතෙනවා.. 

ඊලගට මේගොල්ලා හදුන්වාල දුන්නා මේ විදියට පිටුපස්සෙන් අලවත හැකි ප්‍රොෙජක්ටර කෑල්ලක්. මේ ප්‍රොෙජක්ටර කෑල්ල පොඩි වුනාට ලියුමන්ස් 50ක ආලෝකය නිකුත් කරන අගල් 70ක් දක්වා විශෘලනය කරපු රූප පතිත කරගන්න පුලුවන් එකක්. 
ඒ කෑල්ල නිකං පෝන් එක පිටුපස්සට කෑල්ලක් අලෝල පෝන් පුකෙන් ලයිට් එකක් හයිකරලා වගේ ලුක් එකක් තියෙනවා.. කෙනෙක්ට හිතෙන්න පුලුවනි අඩ් ඩඩ් ඩේ...මේක අර ඉස්සර 3310 ත් තිබුන පෝන් එකේ එල් ඊ ඩී ටෝච් ලයිට් එක වගේ නේ කියලා..හැබැයි මේක ලයිට් එකක් වුනත් මේක පොඩි සයිස් ප්‍රොෙජක්ටරයක්..තවදුරටත් තනිකඩ උන්දැලාට යටලීයෙන් නාරිලතා මල් බලන්න ඕනි නෑ.. ෆෝන් එකට නාරිලතා දාගෙන ඒවා ඇඹරෙන හැටි මේ විදියට ප්‍රොෙජක්ටර එකකින් විසාල කරලාම දැකබලාගන්න පුලුවන් වෙනවා.. 
මේ තියෙන්නේ ඒ විදියට මොටෝ එකේ දාපු ඇඩ් එකක්.. මේ කියන තරම්ම ලකයක් නැතුවැති..ඒත් වැඩක් ගත හැකි මට්ටමට ඇති.. 

මීට අමතරව තා කෑල්ලක් ගහත හැකි අමතර බැටරියක් විදියට.. අමතර බැටරි බැංකු නම් ඉතිං අලුත් දෙයක් නෙමෙයි..එකම වෙනස ඒක පිටිපස්සේ තියාගෙන හරි නැත්තං බෑක් එකක දාගෙන හරි යන බැංකුව පෝන් එකේ පිටිපස්සේ අලවං යන්න පුලුවන් වෙන එක.. 
මේ තියෙන්නේ ඒ බැටරි කෑල්ල.. 

සංකල්පය ගැන.. 

මේක ජනප්‍රිය වෙයිද නැද්ද කියලා නම් හරියටම කියන්න අමාරුයි.. මේ ප්‍රොෙජාක්ටර සහ සවුන්ඩ් යන තැන් දෙකේදිම ඒ දෙකට ඒ කෑල්ලට වෙනම පවර් දෙන්න හැකියාවත්..ඒ වගේම ඒ කෑලිවලට අවශ්‍ය පොඩි බැටරි බලයක් ඒ කෑල්ලේමත් තියෙනවාලු... 

ප්‍රොෙජක්ට් අරා හෝ එරා Project Ara නමින් ව්‍යාපෘතියක් යටතේ තමයි මේක හදුන්වා දීල තියෙන්නෙ මොටෝ කම්පැනිය. මේකෙදි එයාල මේ නව සංකල්පය දියුනු කරන්න ඒ කියන්නෙ තා කෑලි සෙට් කරන්න කෑලි හොයාගන්න සහ ව්‍යාපෘතිය දියුනු කරන්න කැමති අයට අවස්ථාවක් දෙන්නත් ඉදිරිපත් වෙලා තිබුනා.. 

දැන් මොටෝ කම්පැනිය අයිති ලෙනෝවෝ Lenovo එකට.. මොටෝ කියන්නෙ පරණ නමක් වුනාට මොබයිල් ෆෝන් වලට අලුත්ම දේවල් හදුන්වාදීම අතින් මොටෝ හැමදාම ඉදිරියෙන් ඉන්නවා.. 

මෙතනදි සාමාන්‍යෙයන් මූලිකවම ෆෝන් එක පොඩි වුනාට ඉන් පස්සේ තා කෑලි හැමිනුවාට පස්සේ ෆෝන් එක නිකං ලොකු ස්වභාවයක් ගන්නවා.. සාමාන්‍යෙයන් අපේ රටේ වගේ නම් මේ වගේ මිල අධික ෆෝන් එකක් පාවිච්චි කරන අය ඒව රකින්නේ කවර දාගෙන වෙනම බෑක් වලත් දාගෙන.ඒ වගේ අය ෆෝන් එකේ තිබෙන බලය මේ විදියට පිට කෑලි එක්ක අමුනලා සෙයා කරගන්න කැමති වේද දන්නේ නෑ.. බොහෝ දෙනා ෆෝන් එක ඇහැක් විදියට රකිනවා ඒකෙ මිල වැඩිවෙනකොට.. ඒ අයගේ මේ ගැන තියෙන නැඹුරුව නම් කොහොම වෙයිද කියන්න බෑ.. 

හරකා කියල සරල සතෙක් අපේ රටේ ඉන්නවා..ඒත් කාන්තාරෙ ඉන්නෙ ඔටුවා.. ඔටුවා ලොකු මොල්ලියක් තියන ටිකක් හරකට වඩා ලොකු සතෙක්..ඒ සතා කාන්තාරයට හදාපු හරකාගේ කාන්තාර එඩිසන් එකක් වාගේ තමයි පෙනුම.. ෆොන් එකේ තියෙන සරල පෙනුම මේ මොඩ්ස් වලින් තවත් වැඩිකරලා ඒක පිටිපස්සේ මොල්ලි පෙනුමක් ෆෝන් එකට ලැබෙනවා මේ මොඩ්ස් හයි කලාම.. 

මේක පාරිබෝගිකයා කෝම දරාගනීද කියලා කියන්න අමාරුයි.. 

සාමාන්‍යෙයන් මම දකින විදියට අද කාලේ ඉහල මට්ටමේ ෆෝන් එකක සාමාන්‍ය පාවිච්චියේදී ඒකෙ සමස්ථ බලයෙන් සීයේට 20ක් වත් පාවිච්චි වෙන්නේ නෑ.. බොහෝවිට මේ වගේ ඉහල ෆෝන් එකක් මල්ටි ටාස්කින් වලට සපෝට් වුනාට අපි ප්‍රාෙයා්ගික පාවිච්චියේදි මූලික කාරණා කිහිපයකට පමණයි මේක පාවිච්චි කරන්නේ.. මහා බලගතු විසාලකෝච්චි එංජිමක් වගේ බල කට්ටලයක් තියාගෙන ඒකෙන් පොඩි කාර් එකක් වගේ සුට්ටි කරත්තයක් අදිනවා වගේ වැඩක් තමයි අද කාලේ බොහෝවිට ඉහල මට්ටමේ ෆෝන් වලදි ප්‍රාෙයා්ගිකව වෙන්නේ.. 

මෙතන ලොකු නාස්තියක් වෙනවා. ඒ බලය යොදාගන තව තව වැඩජාති ගන්න ඇහැකි වෙන්න මේ විදියෙ තව උපාංග ඉස්සරහට ඒවි.. 

මීට කලකට ඉස්සර ස්මාට් ජීවිතය ගැන අදිනකොට ඇන්දේ අපි මූලිකවම ගෙදර පරිගනකය මූලික කරගෙන අනික් තියෙන කෑලි බෑලි සෙන්සර් ටූල්ස් ඒකට සම්බන්ධ වෙන විදියට..නමුත් දැන් ඒ තැන පරිගනකය අයින් වෙලා මොබයිල් ෆෝන් එක ඇවිත්.. විවිධ ආකාරයේ උපකරණ රාශියක් සම්බන්ධ කරගෙන ඒ සියල්ල සමග ගනුදෙනු කරලා අපේ වැඩ එකලස් කරන්න හැකියාව අද එන ස්මාට්ෆෝන් වලට නොඅඩුවම තියෙනවා. 

අපි බොහෝ දෙනාට නම් මේවා ටිකක් මිල අධික වෙයි. ඒත් අපි දැනං ඉන්නෝනි මේවා ගැන. මොකෝ සල්ලි තියෙන උන් ලොකු ෆෝන් අරං ඒවායින් කොරන්න ඇහැක් වැඩ වලින් සීයේට 10කවත් වැඩක් නොගෙන පොයිය පෙන්වද්දි අපිට කාලකින්නි ලෙස සතුටුවෙන්න පුලුවන්..“අඩෝ අපි දන්නෝ ඔයිට වඩා ලොකු ඒවා ගැන“ කියලා 

වචනේ Motomods ඒක ගහලාYoutube වල පොඩ්ඩක් රවුමක් දැම්මනං මං මේ වචන වලින් ලිව්වාට වැඩිය හොදට වීඩියෝ වලින් මොටෝ මොඩ්ස් ගැන දැනගන්න හැකියාව ලැබේවි.. 

Friday, April 8, 2016

මාතර මුහුදු කේබල් එක

SEA ME WE 5 සබ්මැරීන් කේබල් එක ලංකාවට සැපත් වුනා පහුගිය දවස්වල. ලංකාව කියන්නෙ මේ කේබ්ල එකේ සංදිස්තානයක්.. ලංකාව මේ සී මී වී කියන ව්‍යාපෘතියේ මුල සිටම ඉදපු සමාගමක්. මෙයින් SEA ME WE 1 සහ 2 කියන කේබල් දෙක තඹ සහ කෝක්සියල් කේබල්.. නමුත් තුන්වැනි සී මී වී කේබලයේ සිට දැන් අදිමින් පවතින 5වැනි කේබලය දක්වා දිවෙන්නේ ඔප්ටිකල් කෝර්ස් අඩංගු කේබලයක්. ඒ කිව්වෙ අපි යවන දත්ත ආලෝක තරංග බවට පත්වෙලා ආලෝකය විදියට තමයි ඉතා සිහින් තන්තු අතරින් ලෝකය පුරා දත්ත විදියට බෙදා හැරෙන්නෙ. 
මාතරට ෆුල් ලෑන්ඩ් කිරීම 
ඔබට මේ සිතියම බැලුවාම පේනවා ඇති අරාබිය දිහා ඉදන් ඉන්දුනීසියාවට යන මේ කිලෝමීටර 20000කට වඩා වැඩි කේබලය ගමන් කරද්දි ලංකාව මූලික සංදිස්ථානයක් වෙනවා. මෙතෙක් කල් ලංකාවට මුහුදු කේබල කිහිපයක්ම සම්බන්ධ වී තිබුනත් මේ විදියෙ ෆුල් ලෑන්ඩින් එකක්.. ඒ කිව්වෙ දෙපැත්තෙන්ම කේබල් එක තැනකට කනෙක්ට් වෙන, මූලික කේබලයම ලංකාවට සෙට් වෙන කේබල් එකක් තිබුනෙ නෑ.. ඔබට මේ සිතියම බැලූවිට පෙනී යනවා ඇති..ඉන්දියාව ලබාගන්නෙත් මේ කේබලයෙන් ටී ජොයිනට් එකක් ගහල ගන්න කෑල්ලක් විතරයි.. අපිට මේකෙදි ෆුල් ලෑන්ඩින් එකක් ලැබෙන නිසා වාසි ගොඩක් තියනවාය කියල තමයි ආරංචි වෙන්නෙ.ඉන්දියාව මුලින් මේ කේබල් එකට කැමති වෙල නෑ..පස්සෙ තමයි එයාල කේබ්ල එකට  එකතු වෙලා තියෙන්නෙ. 

ලංකාවට තිබෙන මුහුද කේබල. 

මාලදිවයින සහ ඉන්දියාවට සම්බන්ධ සිරි ලංකා ටෙලිකොම් කේබල් තිබුනත් ඒවා එතරම් සක්‍රිය මට්ටමක පවතින්නේ නෑ.. දැනට ලංකාවෙ වැඩිම ධෘරිතාවයකින් වැඩ කරන කේබල් එක තමයි SEA ME WE 4 කියන කේබල් එක. මේ සී මී වී 4 සහ 5 කේබ්ල අතර කාල ප්‍රාන්තරය මදක් වැඩියි. 4වැනි කේබල් එක ඉවර වෙන්නෙ 2006-07 අවුරුදු වලදි. නමුත් 5 එන්න ටික කලක් ගියා. ඒ නිසා මේ පාරෙම වෙනත් කේබල් එකක් එකතු වුනා.. ඒ නිසා කලිං සම්බන්ධ වෙච්චි  සමාගම් නැතුව අලුත් සමාගම් මේ කේබල් එකට එකතු වුනා. 

ලංකා බෙල්, ඩයලොග්, සමාගම් වලට එයාලටම වෙන් වුන මුහුද කේබල් තිබෙනවා. නමුත් මේ එකතුවෙන සහ දැනට පවතින මුහුද කේබල් වල යන ධාරිතාවය එක්ක බැලුවාම සී මී වී කියන්නෙ බොහොම බලගතු කේබල් එකක් වෙනවා ඉදිරියේදි.. 

මේක ලංකාවට ලැබුන තෑග්ගක්ද?
නොදන්නා සහ  පැහැදිලි කරගත නොහැකි දේවල් දේවත්වයෙන් පිදුම් ලැබීම ලංකාව වගේ රටවල ඈත අතීතයේ සිටම සිද්ද වුන දෙයක්. මේ කේබ්ල එක සම්බන්ධයෙනුත් ඒ වගේ රංගන තිබෙනවා මම දැක්කා. ඇත්තටම මේක මේ දැන් තියෙන ආන්ඩුවෙ පොයියක් නිසාවත් ආන්ඩුවෙ මැදිහත් වීමක් නිසා වත් පිනට දෙන එකක් නෙමෙයි. මේක සැබැවින්ම ටෙලිකොම් සමාගම කරන ආයෝජනයක්. සමාගමක් විදියට ටෙලිකොම් සමාගම සම්පූර්ණ රජයේ එකක් නෙමෙයි. අන්තර්ජාතික වැදගත් කමක් තියෙන නිසා ඔ්‍ය දේසපාලන ගොල්ලා ටිකක් ඉතිං පිරුවට ඇදලා ලකුනු දාගත්තට කමක් නෑ..හැබැයි මේක එයාල ගෙනාව එකක් කියලා පොයි කෙලිනවා කියන්නෙ තනිකර  මිනිස්සු ඇන්දීමක්.. 

රටක් විදියට ලංකාව අතීතයේ අරගෙන තියෙන එක්තරා සැර තීරණයක් තමයි මේ මුහුදු කේබල ජාලයට ලංකාව සම්බන්ධ වීම. ඒ හරහා  ලංකාවෙන් එලියට යන්න තිබුන අන්තර්ජාතික විදුලි සංදේශ යටිතල පහසුකම් දියුනු කරන එක බොහොම ලේසි වුනා. එවකට 1980 දශකදයේදී පාදුක්ක ආදී තැන්වල විසාල සැටලයිට් මධ්‍යස්ථාන ගහල අමාරුවේන යවපු අන්තර්ජාතික දත්ත වලට වඩා වැඩි ප්‍රමාණයක් 1985 දියත් වුන පලවෙනි මුහුද කේබලයෙන්ම ලබාගන්නට හැකිවුනා. ඒ පලවෙනි කේබල් එක කොපර්.. දැන් තියෙන්නෙ ෆයිබර්.. පලවෙනි එකයි මේ අලුතින් ඇදෙන කේබල් එකයි අතර තිබෙන වයස පරතරය අවරුදු 30ක් විතර නමුත් තාක්ෂනය සහ දත්ත වේගය අතින් බැලුවොත් අහසට පොලව වගේ මහා විසාල පරතරයක් මේ කේබල් දෙක අතර තිබෙනවා. 

මේ මුහුදු කේබල් ඇදීමේදී ඒ සම්බන්ධ වෙන රටවල තිබෙන ටෙලිකොම් සමාගම් විසින් ලැබෙන කොටස් අනුව ආයෝජනය කෙරෙනවා..මතුකාලයේදී ඒ කේබලයේ වෙන්වුන දත්ත ප්‍රමාණය සහ පරාසය තීරණය වෙන්නෙ මේ අපි ආයොජනය කරන මුදල මත. මේක තරමක් ඉලක්කම්  අනුව මහ විසාල ගානක් ලංකාවෙදි.. නමුත් අපි රටක් විදියට විදුලි සංදේශ යටිතල පහසුකම් දියුනු කරන්න නම් මේ විදියේ ආයෝජන වලට සම්බන්ධ වෙන්න වෙනවා. 

කේබල් එක සම්බන්ධ වෙන ස්ථාන.. ඒ ඒ තැන් වලදි සම්බන්ධ වන සමාගම් .. කේබල් එකේ ධෘරිතාවය ආදී බොහොමයක් විස්තර අන්තර්ජාලයේ ඉංගිරිසි බසින් සදහන් වෙනවා.. අවශ්‍ය අයෙකුට ගූගල් සෙවුමකින් ඒවා ලබාගන්නට හැකියාව ලැබෙනවා. මේ කේබල් එකේ ධාරිතාවය අපිට තරමක් විස්තර කරගන්න අමාරු දෙයක්. ඒ සමස්ථ ධාරිතාවයම අපිට පාවිච්චි කරන්න අවස්ථාවක් එන්නෙත් නෑ..බොහෝවිට එහෙම ලැබෙන්නෙත් නෑ.. තත්පරයකට ෆිල්ම් මෙච්චර අච්චර බාන්න පුලුවන් කියලා ගල් කෙබර වගයක් නෙත් එෆ් එම් සයිට් එකේ තිබුනා..නමුත් ටෙලිකොම් විශය සහ දත්ත සන්නිවේදනය ඉගෙනගත් අය දන්නවා ඒ විදියට ගණනය කිරීම අමු ගොබ්බ වැඩක්. 

මාතරට ප්‍රධාන වශයෙන් කේබල් දෙකක් දෙපසින් සම්බන්ධ වෙනවා..ඒ අවස්ථාවලදි මාතර බීච් එකේ හිටපු සෙනග දිහා බලපු ඇතැම් අය කිව්වෙ මේක වෙසක් කිට්ටුව වගේ ඇද්ද නං ටකරං වලිං වටකරල කේබල් පෙන්නවා කේබල් පෙන්නවා කියල ලොකු ගානක් හොයාගන්නත් ටෙලිකොම් එකට හොයාගන්න ඇහැක් තරමේ බර සෙනගක් මූදු කේබල් එක අදිනවා බලන්න එකතු වෙලා හිටියා කියල. 

කොහොම වුනත් අලුත් දෙයක් ආවම ඒක දිහා බලං ඉදලා භෞතික ස්වභාවය අද්‍යනය කරන්න තියෙන නැඹුරුව අපේ ඇත්තන්ට ඒවා අන්තර්ජාලයේ සහ වෙනත් මාර්ගවලින් සොයාබලලාත් ලබාගන්න ඇතිවෙනවා නම් වටිනවා. 

Sunday, August 2, 2015

එදා මත්තල අද ගූගල් ලූන් (MRIA vs Google Loon)

සුද්දො ආපු මුල්ම කාලෙ ඉදන් ලංකාව සූරාකෑව.. මුල් කාලෙදි ලංකාවෙ දේවල් හූරගත්තට උන්ට ගෙනියන්න හරියට විදියක් තිබුනෙ නෑ..අන්දරේගෙ කාලෙ වගේ ගැල්පිට පටෝල කැල මැදින් වෙල් කදු මතින් තමයි අමාරුවෙන් බඩු මුට්ටු අරං ආවෙ. වියදම වගේම බඩු වල තියෙන කොලිටි එකත් අඩුවෙනවා. ඒ නිසා අපේ මාතෘභූමිය සූරාකන්න ආපු සුද්දා සූරපු ඉක්මන්ටම කන්න ක්‍රමවේද හොයාගත්තා. එයින් එක ක්‍රමයක් තමයි දුම්රිය මාර්ග. දුම්රිය මාර්ග වලින් වතු වලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර බඩු මුට්ටු පෝර වගේ දේවල් ගෙනගියා. ඉන් පස්සෙ වතුවල නිපදවුනු තේ පොල් රබර් කොළඹට ගෙනාවා.. 

ඔය විදියට මාතෘභූමිය හූරං කන්න හදාපු කෝච්චි පාරවල් වලිං පස්සෙ කාලෙක මිනිස්සු ගමනාගමන පහසුව හදාගත්තා. අදටත් බස් එකට වඩා කලිං නුවරට යන කෝච්චියෙ නුවර යන්න ගොඩක් අය කැමතියි. කොටින්ම පස්සෙ කාලෙක ජාතික සටනට උරදීපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද වගේ හිමිවරු නුවර ඇත්තො දැනුවත් කරන්න ගියෙත් සුද්ද රට හූරගෙන ඉක්මන්ට කන්න හදාගනිපු රේල්ලුවෙ. ඒ වගේම රටේ දුර පලාත්වලට ඕනි අධයාපනික, තාක්ශණික වගේම බෙහෙත් හේත් දොස්තර මහත්තුරු ප්‍රවාහනය කලෙත් ඔය අපිව හූරං කන්න ආපු රේල් පීලි උඩින්ම තමයි.. 


සංවර්ධනය ඇති වීමට නම් මිනිස්සුන්ගේ ආදායම වැඩි විය යුතුය. මිනිසුන්ට අතේ ඇති මුදල් වැඩිවන විට ඒ හා සමානව සමාජයේ සංවර්ධන දර්ශක වල වැඩිවීමක් පෙන්නුම් කරයි. මැදපෙරදිග මුස්ලින් කලාපය හැරුන විට ලෝකයේ බොහෝ රටවල ජනතාව සංවර්ධනය  වීමට සාපේක්ශව සමාජීය අතින් මෙන්ම මානව ශිෂ්ඨාචාරයේ දියුනු ගතිගුණ වලින්ද ඉහලට ගියෝය. 

20 වන සියවසේ සංවර්ධනය ලගා කරගැනීමට නම් විදුලිය සහ මංමාවත් යන මූලික පහසුකම් වැඩිදියුනු කල යුතු විය. නමුත් අද ඒ හා සමානවම අන්තර්ජාල පහසුකම්ද වැඩිදියුනු කල යුතුව තිබේ. මහාමාර්ග දුම්රිය මාර්ග මුහුදු මාර්ග ගුවන් මාර්ග වලින් බඩු බාහිරාදිය හුවමාරු වනවා සේම ආලෝකයේ වේගයෙන් දත්ත හුවමාරු කරගැනීමදට ඇති හැකියාවද අද කාලේ භූමියක් සංවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය වේ.

රේඩියෝ තරංග වල සීමා

ප්‍රකාශ තන්තු (Optical Fibre) සොයාගැනීමත් ප්‍රකාශ තන්තු හරහා දත්ත සම්ප්‍රේශනය (Data transmission) කිරීමට හැකි වීමත් තාක්ශනයේ අද්වීතිය සොයාගැනීමකි. රේඩියෝ සංඥා ආදිය සොයාගෙන බොහෝ කාලයක් ගත වුවත් රේඩියෝ සංඥා වලින් විශාල ප්‍රමාණයේ දත්ත කිලෝමීටර ගනනාවක් දුරට එහා මෙහා ගෙනයෑමේ විශාල සීමා තිබුනි. අද පවා මොබයිල් කුළුනකින් දත්ත ලබාගත හැකි සීමාවක් තිබේ. බොහෝවිට ලංකාවේදී නම් මොබයිල් ටවර් එකේ සිට කිලෝමීටර 3කට එහා දුරදී 4ජී (4G LTE)  සිග්නල් හරියාකාරව වැඩ කරන්නේ නැත.


යම් ආකාරයකින් විශාල දත්ත ප්‍රමාණයක් කිලෝමීටර 50කට වැඩි දුරක් විශාල හානියකින් තොරව ගෙනියන්නට රේඩියෝ තරංග සමත් වූවානම්  විශාල මුදලක් වියදම් කොට පාරවල් දිගේ පොලව හාරමින් සහ කණු සිටුවමින් ඔප්ටිකල් කේබල් ඇදීමට අවශ්‍යතාවක් නැත. එසේනම් එක් නගරයක පිහිටුවන ටවර් එකකින් මුලු නගරයේම අනෙක් ටවර් (telecommunication tower) වලට අන්තර්ජාල පහසුව ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇත.

බැක් බෝන් (Backbone Network) එකේ වැදගත්කම

ලංකාවට අන්ත්ර්ජාලය ලැබෙන ප්‍රධාන මාවත නම් මුහුදු කේබල (Submarine Cable)  වේ. මුහුදු කේබල මගින් ලංකාවත් පිටස්තර ලෝකයත් අන්තර්ජාලයට බැද තබා ගනී. දැන් ලංකාවේ 4ජී ලබාදෙන බොහෝ දුරකථන කුළුනුවලට ඔප්ටිකල් ෆයිබර් කේබල් ඇද තිබේ. මන්ද 4ජී හරහා තත්පරයට මෙගාබයිට් 50-60 (Mbps) වේගයෙන් දත්ත ලබාදීමට ටවර් එකේ සම්බන්ධතාවය ශක්තිමත් විය යුතු නිසාය. උදාහරණ විදියට සරලව ගත්තොත් අපිට ගමකට වතුර දෙන්නට අවශ්‍ය නම් ගෙවල් වලට බට එලීම මෙන්ම ඒ බට හරහා එන්නට වතුර මූලාශ්‍රයක් සෙයාාගත යුතුය. ගෙවල් වලින් වතුර භාවිත කරන ප්‍රමාණය වැඩිවෙත්ම වතුර මූලාශ්‍ර හරහා එන සැපයුමද  වැඩි විය යුතුය. 

ඒ වැනිව සිතුවොත් ඒක අයෙකුට මෙගා බිටු 50ක වේගයෙන් මිනිස්සු 50ක් එක කුළුනක් හා සම්බන්ධ වී ඇති අවස්ථාවකදී ඒ කුළුනට ඒ 50 දෙනාටම අවශ්‍ය සැපයුම සතුටුදායකව ලබා දෙන්න නම් අනිවාර්යෙන් ටවර් එකට විශාල ඩේට රේට් එකකින් දත්ත පැමිණිය යුතුය.

ගූගල් ලූන් (Google Loon)

ගූගල් ලූන් ගැන ඉංගිරිසියෙන් ගූගල් හැර වෙනත් සර්ච් එන්ජිමක් භාවිත කොට සොයා බලන අයට වැදගත් තොරතුරු රැසක් සොයාගන්ට ලැබෙනු ඇත. මේ බැලුන වල වැඩිම ආයුකාලය දින සීයකි. නමුත් ලෝකයේ ගගන විද්‍යාඥයින්ගේ අදහස අනුවත් දැනට බැලුන භාවිත කරන කාලගුණ අංශ සහ සිතියම් අංශ සහ නාසා ආයතන වැනි ප්‍රායෝගික යෙදීම් තුලත් ලූන් ව්‍යාපෘතියට යොදාගන්නා වැනි සුවිසාල බැලූන දින 100ක් අහසේ තබාගන්නට හැකියාවක් නොමැති බව වාර්ථා වේ. නියමු ව්‍යාපෘතිය ලෙස නවසීලන්තයේ සිදු කල ලූන් ව්‍යාපෘතියේදී පවුල් 50කට අන්තර්ජාලය ලබා දී ඇති අතර එ් සබදතා වල සාමාන්‍ය වේගය තත්පරයට මෙගාබයිට් 10-12ක් අතර වූ බව සදහන් වේ. මෙහිදී කිහිප වතාවක්ම බැලූන උඩයවන්නට ගූගල් සමාගමට සිදුව ඇති අතර එහිදීද පවුල් 50ට අන්තර්ජාලය ලබා දීමට ගූගල් සමාගමට එකවර බැලූන 30ක් භාවිත කරන්නට සිදුවී තිබේ. නියමු ව්‍යාපෘතියේදී එක් බැලුනයක් උඩ යැවීමට ගූගල් සමාගම පලමු අවස්ථාවේදී 67ත් වතාවක් උත්සාහ කල බවක්ද සදහන් වේ.

ලංකාවෙ ඉන්ටනෙට් දෙන්න බැරි පලාත් තියෙද?

ලංකාව තුල යාල වනෝද්‍යානය උතුරු නැගෙනහිර සීමිත කොටසක් හැරුන කොට කිලෝමීටර 50ක විශ්කම්භය ඇති සීමාව තුල දුරකථන කුළුනක් හෝ ඔප්ටිකල් ෆයිබර් සම්බන්ධතාවයක් නොමැති පලාතක් සොයාගන්ට අපහසුය. ටෙලිකොම් සමාගම විසින් වැඩිමනක් ප්‍රසිද්ධ නොකලාට ලංකාවේ නගර උපනගර සහ ඇතැම්විට කුඩා ගම්මාන වලට ටෙලිකොම් ආයතනයේ ඔප්ටිකල් සම්බන්ධතා දැනටමත් යෙදී ඇත. 

ටෙලිකොම් සමාගමට ඇති විභවය අනුව විදුලි බලය ලබාගත හැකි ක්‍රමයක් තිබේනම් ෆයිබර් කේබලයක් ඇදගෙන යා හැකි මාර්ගයක් තිබේනම් ඕනෑම කැලෑ ගමකට සිතාගන්නටත් බැරි වේගයකින් අන්තර්ජාල පහසුව ලබාදීමේ හැකියාව ටෙලිකොම්(SLT) සමාගමට තිබේ.
යාල මෙන්ම වස්ගමුව වැනි වනාන්තර වල තිබෙන ඇතැම් සංචාරක වාසස්ථාන වලට පවා ටෙලිකොම් සමාගමින් ඔප්ටිකල් ෆයිබර් හරහා සම්බන්ධතාවය ලබා දී තිබේ. පසුගිය කාලයේ කල්පිටිය ප්‍රෙද්ශයේ පවතින දූපත් වලටද සංචාරක අවශ්‍යතා අනුව ටෙලිකොම් සමාගමට අන්තර්ජාලය ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් වූ බවක් මට ආරංචි වුනි. 

වෙන රටවල මෙන් විදුලිය ගමන් කරන මාර්ගයේම ෆයිබර් රැහැන් ඇදීමට ක්‍රමවේදයක් සකස් කල හැකිනම් විදුලිය ලබාදී ඇති බොහෝ ගම්මාන වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම ටෙලිකොම් සමාගමට වියදම් අඩු ක්‍රමවේදයක් වෙනු ඇත. නමුත් එවැනි එක් එක් පද්ධති අතර යහපත් සම්බන්ධතාවයන් වර්ධනය කරනවාට වඩා බැලුන් උඩ යැවීම ලේසිවැඩක් ලෙස රජය කල්පනා කරනවාවිය යුතුය. 

ඉතිං හැම එකම එකයි අපිට හැමදාම ඉන්ටනෙට් නෑ..

ඇමරිකාවේද අන්තර්ජාල වේග සම්බන්ධයෙනුත් ටෙලිකොම් සමාගම් සම්බන්ධයෙනුත් ඇති මහජන මතය ඉතා හොද එකක් නොවේ. මහා බ්‍රිතාන්‍යෙය් පවා ඈත ගම්මාන වලට අන්තර්ජාලය ලබාදීමට රජය කරන මැදිහත්වීම මදි බවට මහජනතාව චෝදනා කර තිබෙනු මා අන්තර්ජාලයේ දුටුවෙමි. 

ලංකාව යනු සත්‍ය වශයෙන්ම කුමක්ද? ස්ථිර මූලික ආදායම් මාර්ගයක් නැති විදේශගත ශ්‍රමිකයිනුත් ප්‍රාථමික නිශ්පාදන වන තේ පොල් රබර් සහ ගාමන්ට් වැනි දේවලිනුත් ආර්ථිකය සදා ගන්නා තුන්වැනි ලෝකයේ රටකි. මෙරට තුල විහිදුනු විශාල කර්මාන්ත ශාලා ඇත්තේ අඩුවෙනි. එසේම සංචාරක කර්මාන්තයේ පවා මාලදිවයින මට්ටමට වත් විශාල දියුනුවක් අප රට විසින් අත් කරගන නැත.


එමනිසා ලාංකික  ටෙලිකොම් සමාගම් වලට ආදායම් සෙවිය යුතු වන්නේ පාරිභෝගිකයින්ට අන්තර්ජාලය සැපයීමෙන්ම පමණි. වෙනත් දියුනු රටවල කර්මාන්ත ශාලා වලට..සංචාරක ව්‍යාපාරයට..විවිධ වෙනත් දියුනු ව්‍යාපාරික සම්බන්ධතා වලට මහා පරිමාණ වශයෙන් ජාල සම්බන්ධතා භාවිතා කරයි. ඒ ආකාරයෙන් ලංකාවේ ටෙලිකොම් සමාගම් වලටද මහා පරිමාණ පාරිභෝගිකයින් වැඩි වශයෙන් සිටියේ නම් අන්තර්ජාලයේ තත්වයත්.. මිලත් මීට වඩා බොහෝ සතුටුදායක වන්නට ඉඩ තිබුනි. 

සන්සන්දනය කිරීමේදී අනෙකුත් සෑම ක්ෂේත්‍රයකදීම අසල්වැසි දකුනු ආසියානු රටවල් යොදාගන්නා අපි ටෙලිකොම් තාක්ශනයේදී ඈත කොරියාව මැලේසියාව සිංගප්පූරුව උදාහරණවලට ගනී. ඒ රටවල ආර්ථික දියුනුවට ටෙලිකොම් ක්ෂේත්‍ර දියුනුව වැදගත් වූවා සේම ඒ දියුනු ආර්ථිකය නිසාම ඔවුනට විශාල වේගයකින් ටෙලිකොම් පද්ධති නව්‍යකරණය කිරීමේ හැකියාව ලැබී තිබේ. 

ලෝකයේ හොඳම ජාල පහසුකම් ඇත්තේ යුරෝපයේ වත් ඇමරිකාවේ වත් නොවේ. ඒ කොරියාවේය. දකුනු කොරියාව දැනට මීලග පරම්පරාවේ අන්තර්ජාල ගැන යහමින් පරීක්ශන කරමින් යන රටකි. එවන් රටකට එසේ පරීක්ශණාත්මක හැකියාවන් තුලින් තව තවත් බොහෝ දේවල් සොයාගන්නට ඉඩකඩ ඇති අතර ඒ පර්යේශනවල ප්‍රතිපල මුදල් බවට පරිවර්ථනය කරගන්නට ඔවුනට යම් කාලයකදී හැකි වෙනු ඇත.


ඇයි ගූගල් ලූන් ආවෙ එහෙනං 

ගූගල් සමාගම වර්ථමානයේදී නිකුත් කරපු ගූගල් බස්, ගූගල් ප්ලස්, ගූගල් ග්ලාස්, ගූගල් කාර් වගේ නිශ්පාදන හිතුව තරම් හිට් වුනේ නෑ..ඒ වගේම ගූගල් ෆයිබර් වුනත් හිතුව තරං ලාබ ලැබුවෙ නෑ.. ගූගල් වුනත් දෙවියන් වහන්සේ වගේ දෙයක් නෙමෙයි..එයාලටත් වරදින්න පුලුවන්. එහෙම වැරදුන එක තැනක් තමයි ලූන් කියන්නෙ. ඒ විදියට වැරදුන දෙයක් නිසා තමයි එයාලට කස්ටමර්ලා 50කට අන්තර්ජාලය දෙන්න බැලුන් 30ක් යවන්න වෙන්නෙ . අනික ඒ එක බැලුමක් අහස උඩ තියෙන්නෙ දින 100 කට අඩු කාලයක්.   

ගූගල් ලූන් ඔෆීෂියල් පිටුෙව තියන විදියට ලූන් කියන්න අන්තර්ජාලය ලබා දීමට භූමියේ බාධාවන් තියෙන තැන්වලට හිතසුව පිණිස ඉන්ටනෙට් ලබාදෙන්න ආපු ක්‍රමයක් තමයි ගුගල් ලූම්.. 

මේ වගේ ලොකු සමාගම් අපි වගේ රටවල් වලට මොකුත්ම නිකං දෙයි කියලා හිතන්න බෑ..මේ ගිවිසුම් මොනවා වුනත් මේ විදියට අන්තර්ජාලය දෙන්න සම්පූර්ණ ව්‍යාපෘති වියදමින් සියයට 10ක් වුනත් අපිට අනුව විශාල මුදලක් වේවි. මේ ව්‍යාපෘතිය නවසීලන්තයේ පයිලට් ව්‍යාපෘතියක් (Pilot Project) විතරයි..එතනින් අවුරුදු දෙකක් ගිහිල්ලත් වෙන තැනක මහාපරිමාණ ව්‍යාපෘතියක් බවට පත් වුනේ නෑ.. 


ලංකාව භූගෝලීය පිහිටීම අනුව සරලවම ෆයිබර් කේබල් වලින් ලංකාවම කවර් කරන්න පුලුවන් රටක්. රජයට අවශ්‍ය ගමට අන්තර්ජාලය ලාබෙට් දෙන්න නම් ඒකට ගොඩක් දේවල් කරන්න පුලුවනි. ඒත් රජයට ඕනි කලිං අය කලා වගේ තමුන්ගේ මැතිවරණ බල ප්‍රදේශයට..ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා, වරාය, ගුවන්තොටුපල වගේ හැම දෙයක්ම ගෙන්නගෙන ඡන්ද දිනාගන්න නම්...? එහෙමනං ගූගල් ලූන් කියන්නෙ ඇහැට පේන ලොකු ප්‍රොජෙක්ට් එකක්..ඉන්ටනෙට් කෙසේ වෙතත් ඔය බැලුං උඩ අරින එක හරි ලස්සන වැඩක් වේවි. ඒ වගේම මැතිවරණ බල ප්‍රදේශ කිහිපයක් දුරට යනතෙක් ඈතට මේ බැලුන් අපිට අහසේ ලස්සනට තියෙනවා පෙනේවි.. 

Monday, February 2, 2015

කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට්

හර්ශ ද සිල්වා.

ෆේස්බුක් යන්න නිකං ඉන්ටනෙට් ශ්‍රී ලාංකිකයින්ට ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ අදහසට කැමතියි.
ගිය සිකුරාදා රුවන් විජේවර්ධනයි, අජිත් පෙරේරයි, මායි ජනාධිපතිතුමයි එකතු වෙලා ලංකාවෙ ඉපදුන ඇමරිකාවේ සිලිකන් වැලි හි ජනප්‍රිය තාක්ෂනඥයෙක් වෙන ෆේස්බුක් හි විශාල චරිතයක් වන චමත් පලිහපිටියව හමුවුනා. අපි ජනාධිපතිතුමා එක්ක සාකච්චා කලා ශ්‍රී ලංකාව මේ මහපොලව තුල , සෑම පුරවැසියෙකුටම නිකං ඉන්ටනෙට් ලැබෙන රට කරන්නෙ කොහොමද කියලා. පහල කක්ෂීය චන්ද්‍රිකා සහ පසුගිය මැතිවරණය කෙරෙහි ෆේස්බුක් පරිශීලකයින්ගේ දායකත්වය ගැන එහිදී සුපිරි කතාබහක් ඇතිවුනා.

Page Liked · 1 hr ·
Free internet access to every citizen in Sri Lanka to access Facebook? President Maithripala likes the idea!

Friday last week Ruwan Wijewardene, Ajith Perera and I met with the President along with Sri Lankan born (quite famous!) Sillican Valley technologist and venture-capitalist Chamath Palihapitiya of Facebook fame. We had a nice discussion with the President about how to make Sri Lanka the first nation on earth with free internet access to every citizen. It was super chat about low earth orbit satellites and how FB users worked for change at the last election. Later in the evening Ruwan and I along with a few others had a nice long chat over a brew and talked about breaking a hundred!




ඒඉහලින් තියෙන්නෙ හර්ශ ද සිල්වා උන්නැහේ සිය ෆේස්බුක් පිටුවෙ ලංකාවට ඉන්ටනෙට්, ජනාධිපතිතුමා, චමත් පලිහපිටිය යන දේවල් සම්බන්ධයෙන් දක්වපු අදහස්..
 මේ යට තියෙන්නෙ වැඩිය ඉංගිරිසිය නොදන්න ගමේ බයියන් වහන්සේ කෙනෙක් වෙන මගේ අදහස්.. 

පෘතිවි කක්ෂයේ පහලම කොටස තමයි ලෝ අර්ත් ඕර්බිට් සැටලයිට් වලට පාවිච්චි වෙන්නෙ. එතකොට ඉතා විශාල වේගයකින් ඒ චන්ද්‍රිකාව පෘතිවිය වටේ යනවා. විනාඩි 90කින් පෘතිවය වටේ රවුමක් ගිහින් ඉවරයි.. ගූගල් සමාගමත් අන්තර්ජාතික සමාගම් කිහිපයකුත් ගුවන් යානා වලට සහ වෙනත් අවශ්‍යතාවයන්ට අන්තර්ජාලය ලබාගන්න ඔය සැටලයිට් නෙට්වර්ක් එකක් ගහන්න කතා කරගෙනෙ තිබුනා. නමුත් ඒකත් ඉතා අධික පිරිවැයක් යන වැඩක්.

සැටලයිට් වලිං රූපවාහිනි බලන්න පුලුවනි මොකද අපිට ඩවුන්ලින්ක් එක ප්‍රමාද වුනාට දැනෙන් නැහැ.. නමුත් ඉන්ටනෙට් යද්දි අපි ඉල්ලන පේජ් එක තමයි ලබාදෙන්නෙ..එතකොට අපේ ඉල්ලීම් අප් ලිංක් විිදියටත් ලැබීම ඩවුන්ලිංක් විදියටත් යනවා.. පෘතිවියේ වායුගෝලය හරහා රේඩියෝ කිරණ විශාල දුරක් ගමන් කරන්න සිද්ද වෙන නිසා ඒ වගේ වෙලාවක අඩුතරමෙ තත්පර 10කවත් ප්‍රමාදයක් ඇතිවෙනවා..

ඉතාම කෙටියෙන් කිව්වෙ.. සමාර විට ෆේස්බුක් චමත් ලොක්කාට මේ රට සහ ආර්ථිකය ගැන දැනුමක් නැති නිසා ඌ ඔහේ තාක්ෂණය අනුව රටටම දෙන්න පුලුවන් කියන්න ඇති..නැත්තං මුන් ගොන්නු නිසා නොදන්න වචනයක් දෙකක් දාල සේප් වෙන්න ඇති..කොහොම වුනත් අන්තර්ජාලය දෙන්න සුදුසු පහසු  විදියක් විදියට චන්‍ද්‍රිකා සලකන්නෙ නැහැ.. ලංකාව මට්ටමින් ගත්තා වුනත් කාලගුන වාර්ථා ගැනීම...රූපවාහිනී සම්ප්‍රේශනය හැරුනුොකට චන්ද්‍රිකා යොදාගන්නෙ දේශපාලන වේදිකාවල විතරයි.. ඉන්ටනෙට් වලට ගන්නෙම නැති තරම්...

  
ඇත්තටම ආන්ඩුවට මිනිස්සුන්ට නොමිලේ ඉන්ටනෙට් ටිකක් දෙන්නෝනි නම් ෆේස්බුක් එකේ ලොක්කා එක්ක චැට් කොරන්න වැඩන් නැහැ. දැනට ලංකාවෙ අන්තර්ජාලය ලබාදෙන ජංගම සහ ස්ථාවර දුරකථන සමාගම් වලට බදු සහනයක් දීල අන්තර්ජාලෙ පාවිච්චි කොරන හැම මිනිහටම එක ගිගාබයිට් එකක් නිකං දීපිය කියලා කිව්වනම් දුරකථන සමාගම් වලට ඒ දේ කොරන්න පුලුවනි. නමුත් මේ විදියට සැටලයිට් උඩ අරින එක ලේසි නැහැ. ඇරත් දින සීයකින් කොහොමත් සැටලයිට් එක උඩ අරින්න්ත බැහැ. ඒ නිසා අපේ එතුමාල අපිට සැට් එකෙන් දෙනවා කියන බලාපොරොත්තුවට විතරක් ඡන්ද ටිකක් එකතු කොරාගන්ඩ හැකියාව මේ තුමාලට මේ හරහා ලැබෙනවා. 
දැන් අපේ නිල්පාටිෙය අයත් මේ වගේ රට බොරුවක් කලා පහුගිය කාලෙ. ඒ තමයි අර කොළඹ හදන අලි නෙලුන් ටවර් එක රූපවාහිනී සම්ප්‍රේශනයට ගන්නවාය. විදුලි සංදේශ වැඩවලට ගන්නවා ය කියන බොරුව. අද ලෝකෙ මහා කුළුනු ගහලා සන්නිවේදන කටයුතු වෙන්නෙ අඩුවෙන්. ගොඩක් වෙලාවට දිගු දුර සංඥා හුවමාරු වෙන්න ප්‍රකාශ තන්තු හෙවත් ඔප්ටිකල් ෆයිබර් ආශ්‍රයෙන්. ඒ විදියට ඉස්සර කාලෙනම් උස ටවර් හරහා ටවර් එකෙන් ටවර් එකට රේඩියෝ සම්ප්‍රේෂන කටයුතු සිද්ද වුනා. 
අද රූපවාහිනී බලන්න කේබල් ටීවි සහ අයි පී ටීවි තිබෙනවා. එතනින් ගියාම සැටලයිට් ටීවි තිබෙනවා. ඉතිං ටෙලිකොම් ක්ෂේත්‍රයේ වැඩකට ඔය වගේ මහා ටවර් රාජයෙක් රුපියල් බිලියන ගානක් වියදම් කරලා ගහනවා කියන එක හොදයි ලංකාවෙ ඉන්න කොන්ඩෙ බැදපු චීන්නු ටිකට. 

Friday, August 1, 2014

budget smart Phone ලාබෙට, කදිම කලේලි අතබනු


මගෙ දැන් තියෙන කලේලි අතබනුව(Smart Phone) ඇන්ඩ්‍රොයිඩ් එකක්. ජෙලි බීන් තිබුනට ඒක හරිම ස්ලෝ ප්‍රොෙසස් තමයි රන් වෙන්නෙ. මගේ කලේලි අතබනුවේ ජාතිය Samsung Galaxy GT-S6810.
මම මීළඟට අතබනුවක් මිලදී ගන්නවා නම් වින්ඩෝස් අතබනුවකට යන්න හේතු ගොඩාරියක් තියෙනවා. තව කෙනෙක්ටත් වැදගත් වෙයි කියාල ඒවා ටිකක් ලියල තියන්න හිතුවා.

අපිට ලංකාවෙදි ලැබෙන වැටුප් තත්වය අනුව කලේලි අතබනුවකට(Smart Phone) වියදම් කරන්න ලැබෙන වැය සාමාන්‍යෙයන් රුපියල් 15,000-40,000ත් අතර අගයක් ගන්නවා. මේ ගානට ගන්න පුලුවන් නියම මෙහෙයුම් පද්ධතියක් (Genuine OS) තියෙන දෘඩාංග(Hardware) සහ මෘදුකාංග(Software) සමරූපි කරලා හදපු එකම කලේලි අතබනු තියෙන්නෙ නොකියා ලූමියා ලගේ..ඇන්ඩ්‍රොයිඩ් ලගේ සුපිරිම අතබනුව විදියට සලකන්නෙ නෙක්සස් කියන එක. සැම්සුන්, සෝනි, එච් ටී සී, හුවාවේ, ඉසට් ටී ඊ, මයික්‍රොමැක්ස් ආදි එකී මෙකී නොකී ගොඩක් සමාගම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අතබනු හදනවා. ඒ සියලු අතබනු එක්ක ඇන්ඩ්‍රොයිඩ් හරියටම ගැලපීමක් වෙන්නෙ නැහැලු.
නොකියා ලූමියා හදල තියෙන්නෙ ඒ විදියට සමපාත වෙන විදියට. ඇපල් වුනත් අපිට ජපානෙන් පන්නපු ඇපල් අයි අතබනුවක් අරගෙන රුපියල් හතලිස් දාහක් විතර යනකොට අඟුල ඇරලා (Unlock) ප්‍රදර්ශන කාමය (Show-Off) පිණිස පාවිච්චි කරන්න පුලුවනි. නියම ඇපල් අයි අතබනුවක (Taste of Real iphoene) රස හොරෙන් අඟුලු හරින ලද අයි අතබනු පාවිච්චි කරනකොට නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නෙ.
නොකියා වල තියෙන තව දෙයක් තමයි දැනට තියෙන ජංගම මෙහෙයුම් පද්ධති වල තියෙන බහුකාර්ය (multitasking) හැකියාව හොඳටම තියෙන දුරකථන මෙහෙයුම් පද්ධතිය (mobile OS) විදියට දැන් සලකන්නෙ වින්ඩෝස් පෝන් (Windows Phone 8.1) කියන මෙහෙයුම් පද්ධතිය.මේ බහුකාර්ය හැකියාව කියලා කියන්නෙ වැඩ කිහිපයක් එක වර කරන එක. ස්කයිප් ඇමතුමක්(Skype Call) අතර සාමාන්‍ය ඇමතුමක් ආවොත් හරි, එහෙම නැත්තං හඬ පටිගත කරන(Voice Recording) අවස්ථාවකදි දුරකථන ඇමතුමක් එනකොට හරි, වෙන වගේ වැඩ දෙකතුනක් එකවිට සෙට් වෙනකොට අඩුබලයෙන් යුතු (Low Spec Android Phone) ඇන්ඩ්රොයිඩ් අතබනු පොඩ්ඩක් පිස්සු කෙලින ගතියක් තියෙනවා. වගේම පසුබිම් වැඩකිඩ (Background Task) වැඩි වෙලාවල් වලදි අඩුබල ඇන්ඩ්රොයිඩ් අතබනු වල පට්ට සෙමින් වැඩ කරන ආකාරයක්(incredibly Slow) පෙන්නුම් කරන විදියකුත් තියෙනවා.
නොකියා ලූමියා මූලික මට්ටමේ අතබනු වල තාවකාලික මතක අගය මෙගාබයිට්ටු (RAM 512mb) 512 තිබුනාට ඒක ලෙසට බෙදාගෙන කියාගෙන කරගෙන වැඩ තුනහතරක් එකපාර කරගන්න හැකියාව නොකියා ලුමියා වලට තියෙනවා කියලා තමයි භාවිත කරන අය දෙතුන් දෙනෙක්ම කිව්වෙ. ඇන්ඩ්රොයිඩ් අයිස් ක්රිම් සැන්විච් (Android 4.0) වලින් එහාට ගිහිපු ජංගම මෙහෙයුම් පද්ධති බොහෝ වෙලාවට තාවකාලික මතක 512 වගේ අගයන් වලදි සෙමෙන් ධාවනය වන (Slow) ගතියක් පෙන්නුම් කරනවා. නමුත් වින්ඩොස් මොබයිල් එහෙම නැහැ. බබා වගේ අගේට වැඩ කරනවා.
වින්ඩෝස් වල අලුත්ම වින්ඩොස් පෝන් 8.1 යාවත්කාලීනයේදී (Update) පෙනුම සහ නව යෙදවුම් වගේම මෘදුකාංග දෘඩාංග එක්ක ගනුදෙනු කරන්න වෙන මූලික මට්ටමේ යෙදවුම් බොහොමයක් අලුත්වැඩියා වෙලා කියලා තමයි අන්තර්ජාලයේ තිබුනෙ. ඒ නිසා බැටරි බලය සාපේක්ෂව වැඩිපුර වෙලාවක් භාවිත කරන්න හැකියාවක් ලැබිලා තියෙලු.
ලංකාවෙ දුරකථන වෙළඳපොල, පරිඝනක වෙළඳපොල තරම්ම වේගයෙන් යාවත්කාලීන වෙන්නෙ නැහැ. කුඩා අතේ යන පරිඝනක (laptop, tabs) වගේ ඒව නම් පිටරටවල නිකුත් කරන දවස්වලම ලංකාවට එන ගතියක් තියෙනවා. කලේලි අතබනු (Smartphones) ජනප්‍රිය වීම වගේ වේගෙන් වෙන් නැහැ. ගැලක්සි එස් ටූ (Samsung Galaxy S2) කියන අතබනුව තාමත් අපේ අය අතර වෙළඳපොලේ ජනප්‍රියයි. සැම්සුන ගැලක්සිලාම ඉන් පස්සෙ අතබනු ගොඩාරියක් නිකුත් කලා. නමුත් අපේ රටේ කලේලි අතබනු පාවිච්චි කරන අය අලුත් අතබනුවක් විදියට අවුරුදු දෙකකට විතර කලිං නිකුත් වෙලා අතරමගදි නව යාවත්කාලීන එක් වුන ගැලක්සි ඇස් ටූ, සෝනි එක්ස්පීරියා එල් පාවිච්චි කරනවා. එක අතකින් ඒකෙ වැරැද්දකුත් නැහැ. කොයි තරං යාවත්කාලීන එකතු වෙලා අලුත් වුනත් අපේ රටේ කලේලි අතබනු පාවිච්චි කරන අය ඒකෙන් කරන්නෙ සීමිත වැඩ කොටසක්. එතනදි ඒ වැඩටිකට හරියන්න අඩුගානට වඩාත් ස්ථායී ජනප්‍රිය ෆෝන් එකක් මිලදී ගන්න එක වාසිදායකයි. වැඩිපුර භාවිත වෙන අතබනුවක් කැඩුනම හදන්නත් ලේසියි. ගොඩක් තැන්වල කෑලි තියෙනවා සහ හැමෝම අතේ තියෙන අතබනු ජාතියෙ එකක් ඔපරේෂන් කරන්න කලේලි අතබනු ගලවලා හදන ඕනි ගස් වෙදෙක් දන්නවා.
අවසාන වශයෙන් නොකියා ලූමියා වල තාවකාලික මතකය සාපේක්ෂව අඩුවුනාට කැමර් එක පොඩි අගයක් වුනාට ඒක තරමක් දුරට රළු භාවිතා කරන්න පුලුවන් (පට්ට ගහන්න හැකි) පහසු මිලෙන් අඩු කදිම කලේලි අතබනුවක් කියලා කියන්න පුලුවනි.