Wednesday, November 30, 2011

පැරණි පරිඝනකයට මෙහෙයුම් පද්ධතියක් තේරීම OS for old PC

ඇයි එක්ස් පී(Windows XP) හරි නැද්ද?

මයික්‍රොසොෆ්ට් එක්ස් පී යනු බොහෝ කලක් කප් ගසාගෙන සිටි දැනටත් ලංකාවේ බොහොමයක් පරිඝනක වල ඇති ජනප්‍රිය වටිනා උපාංග වලින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි(Operating system)..නමුත් අවාසනාවට දැන් දැන් එන නව මෘදුකාංග නව භාවිත මෘදුකාංග සහ නව උපාංග බොහොමයක් එක්ස් පී වලට සහාය දක්වන්නේ නැත..දැන් දැන් එන කැමරා ප්‍රින්ටර් ආදිය පවා දැන් එක්ස් පීවලට ඩ්‍රයිවර්ස්(drivers) ලබා නොදෙයි..අනෙක් කරුණ නම් වෙබ් භාවිත(web applications) වලදී ඇතිවෙන අධික වෛරස් ආසාදන අවධානමයි.එක්ස් පීවලට අනෙක් නව වින්ඩෝස් වලට වඩා ලේසියනේ වෛරස ආසාදනය(virus effect) විය හැක..දැන් එක්ස් පී යනු තවදුරටත් මයික්‍රොසොෆ්ට් සමාගම මගින යාවත්කාලීන(Update) නොකරනු ලබන මෙහෙයුම් පද්ධතියක් වන නිසා වෛරස ආරක්ෂන මෘදුකාංග(Anti virus or Internet security) ස්ථාපනය කලත් සමහර අවස්ථාවලදී අසාර්ථ ක වෙන සම්භාවිතාවය වැඩිය..

 ඇය සෙවන්(Windows 7) දාත හැකි වෙයි නේ
සෙවන් හොඳය නමුත් සෙවන් වලටත් අපි අමුතුවෙන් වෛරස් ගාඩ් ආදිය දැමිය යුතුය..අපි මේ කතාකරන්නේ නවතම පරිඝනක ගැන නොවේය පරණ පරිඝනක ගැනය..පරණ පරිඝනක(Old PC) වලට මෙසේ සෙවන් දැමීමේදී රැම් මතකය මදි වීමේ ගැටලුව එයි..අනික් කරුණ නම් සෙවන් නම් මෙහෙයුම් පද්ධතියේ අඩුමිල සංස්කරණයක් පවා රුපියල් පන් හයදාහක් වීමයි..දැන් වෙළඳපොලේ ඇති තත්වමත නව පරිඝනකයක් මිලදී ගැන්ම පවා රුපියල් පන් හයදාහකින් කල හැක..එබැවින් මුදල් යහමින් නැති කෙනකු නම් මේ සඳහා මුදල් ගෙවීම යනු අවාසියකි.එසේම කෙසේ උවත් සෙවන් අමාරුවෙන් මැසිමට රිංගා ගත්තත් යම් යම් වැඩ කරගැන්මේදී ගැටලු මතුවිය හැක..

ඇපල් දාගන්න බැරිවෙයිද?
හොඳ ඇපල්(apple) සාමාන්‍යනේ ලංකාෙව් නාරං අඹ වලට වඩා තරමක් ගනන්ය..මෘදුකාංග සහ අනෙක් දේබැලුවත් ඇපල් ගනන්ය..එසේම භාවිතයට ඇවැසි හාඩ්වෙයාර් උපාංග ප්‍රමාණයද(hardware requirement) ඇපල් වල වැඩිය එනම් පී පෝ (pentium 4) වැනි මැසිමක මුල් කාලයේ ආ උපාංගවලට නව ඇපල් කිට්ටු කරගැන්ම අවාසිය..මන්ද මැසිම ධාවනය වීමටම විශාල ප්‍රමාණයේ හාඩ්වෙයාර් ප්‍රමාණයක් භාවිත කරන හෙයින් වෙන වැඩක් කරගන්නට ඉතිරියක් නොවන බැවිනි..

ඉතින් විකල්පය මොකද්ද කියල ඔයාලට දැන් තේරෙනව ඇති නේ... ආයෙම මම ලිනක්ස්(linux) වල තියෙන වාසි විස්තර කරන්න ඇවැසි නෑ මේන් මෙතනට. ගිහින් බලාගන්න පුලුවන් ලිනක්ස් වල වැඩ කිඩ..පත්තරේක ගිය ලිපියකට පිළිතුරු විදියට ලියපු මේ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්න ඒ රාවය පත්තරේ සමත් උනේ නෑ කියලත් මම කියන්න කැමතිය් මේ වෙලාවෙ..

අඩු හාඩ්වෙයාර් ඇති පරිඝනක සඳහා සුදුසු ලිනක්ස් වර්ග කවරේද?

මෙහෙමයි ලිනක්ස් කිව්වම ඒක සාගරේ වගේ එයින් ෆෙඩෝර,උබන්තු,සූස්,මැන්ඩ්‍රිවා කියන්නෙ කීපයක් විතරයි තව බෝම ගානක් තියෙනව අපිට ලේසියනේම භාවිත කරන්න පුලුවන් වෙන ලිනක්ස් වර්ග..
මේ ලිනක්ස් උනත් දැන් දැන් තැනෙන්නෙ නවීන පරිඝනක වලට ඇවැසි වෙන විදියෙ නවීන ක්‍රමවේද වලට ගැලපෙන අයුරින් එතකොට අර රැම් වී ජී ඒ වගේ දේවල් වැඩිපුර භාවිත වෙන නිසා නවතම උබන්ටු සහ ෆෙඩොර සංස්කරණ වල සාමාන්‍ය ස්වරූපයම පරණ පෙන්ටියම් පරිඝනක සඳහා සුදුසු වෙන්නෙ නෑ..පෙන්ටියම් ෆෝ වර්ගයේ පරිඝනක වල මුල් කාලීන ඒවට නම් මේ ෆෙඩෝර වගේ එකක් දමන්ට ටිකක් අමාරුයි මොකද එයාල ඒ පරිඝනකයට මේ මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන්න ඉල්ලන අවම තාවකාලික මතකයම(RAM) එක ගිගාබයිට්ටුවකට(1Gb) වඩා වැඩිවෙන නිසා..

පරණ පරිඝනක සහ කුඩා පරිඝනක වලට ගැලපෙන ලිනක්ස්...

සාමාන්‍යයෙන් අපිට පපී ලිනක්ස් මැන්ඩ්‍රිවා වගේ පොඩි සයිස් ඕඑස් එකක් දාල බූට් කරල යන්න පුලුවන් ඒත් පපී ලිනක්ස් මුලු මෙහෙයුම් පද්ධතියම රැම් මතකය මත දුවන තරමට ම බරින් අඩු උනත් නවතම ඇප්ලිකේෂන්ස් ගොඩක් අඩුයිමේ පපී ලිනක්ස්(puppy Linux) වල..අනික් එකතමා පපී වැනි ඉතා කුඩා මට්ටමෙ(small Linux) ලිනක්ස් බෙදාහැරීමවලදි(distros) ඒවාට නව භාවිත මෘදුකාංග ඇතුලත් කිරීමට ඇති අපහසුව..මේ මෙහෙයුම් පද්ධති එක්කම එන සීමිත මට්ටමේ මෘදුකාංග කීපයක් ඇරුනම නව මෘදුකාංග ඇතුලත් කරගැන්ම ඇතිතෙන්ම අපාසුයිමේ පපී පෙන්ඩ්‍රයිව් ලිනක්ස් වගේ පොඩි ලිනක්ස්මෙහෙයුම් පද්ධතිවල..තවත් දෙයක් තමා මේ ලිනක්ස් පරිඝනකයේ දෟඩ තැටියට ස්ථාපනය කරගත්(hard drive installation) නොහැකිවීම..පෙන් එකක් සහ සීඩි එකකින් බූට් වෙන පරිදි සකස් කල හැකි උවත් අපිට අවැසි ලෙස වෙනස් කම් කරගෙන එය දෟඩ තැටියේ ස්ථාපනය කිරීමනම් මේ පපී ලිනක්ස් වල අමාරු වෙන දෙයක්..

 බරින් අඩු එහෙත් කල්පවතින ස්ථාවර භාවිතයට සුදුසු ලිනක්ස්...(light weight Linux)
මේ ගැන කතාකරනවිට බර අඩු ඩෙක්ස්ටොප් එඩිෂන්ස් ගානකින් මේ ලිනක්ස් එනව..
මේ එල් එක්ස් ඩී ඊ(LXDE) කියන නමින් හඳුන්වන ඩෙක්ස්ටප් හෙවත් තිර තාක්ෂණය එන්නෙ බොහොම අඩු තත්ව සහ බලයක් යටතේ විශාල වැඩ සුමටව කරගැන්මේ ව්‍යාපෘතියක් ලෙසයි..ඒ හරහා නිකුත්වුන අඩු බල අඩු හාඩ්වෙයාර් භාවිත මෙහෙයුම් පද්ධති කීපයක් ම තිබෙනවා.මේවා අපිට අර උබන්ටු වින්සෙවන්,එක්ස් පී වගේම හාඩ් එකේ ඉන්ස්ටෝල් කරගෙන නිරන්තර අප්ඩේට් කරගෙන නිතර එන නව තාක්ෂනයත් එක්ක සමගාමීව යන්න පුලුවන් විදියට වැඩ කරනව..උදාහරණ ගත්තොත් දැන් මේ අවුරුද්දට ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් බ්‍රව්සර කීප වතාවක් නව සංස්කරණ එළිදැක්වුවා..මේ සංස්කරණ ස්ථාපනය කරගන්න තරම් යාවත් කාලීන නොවන මෙහෙයුම් පද්ධතියක සිටින කෙනෙක්ට වෙබ් අවකාශ හරහා ලැබෙන සමහර සම්පත් ලබාගැන්මේ නොහැකියාවක් ඇතිවන්නට පිලිවනි..ඒ වගේමයි ඕඩියෝ වීඩියො පැත්ත ගත්තත් දැන් අර ඉස්සර ෆෝමැට් නෙමෙය සපෝට් කරන්නෙ පරණ කොම්පියුටර්ස් වලට කන්වර්ට් කර කර දඟලනවට වඩා ඒවට මේ වගේ නව දේට නම්‍යශීලි මෙහෙයුම් පද්ධතියක් ස්ථානපය කරගැන්ම වටිනවා..
ලිනක්ස් මින්ට් එල් එක්ස්ඩී ඩෙක්ස්ටප් එකක්(1.8GHz,384Ram,30HDD)

1. ලිනක්ස් මින්ට් එල් එක් ස් ඩී(linux mint LXDE)
ලිනක්ස් මින්ට් කියන්නෙ උබන්ටු වලම සමාන්තර වගේ එන සංස්කරණයක් ඒ වුනත් උබන්ටු තරම්වත් තද නැති ඉතාම පහසු විදියෙ වැඩකෑලි සහ ලස්සන පසුබිමක් තියෙන මෙහෙයුම් පද්ධතියක් තමා ලිනක්ස් මින්ට් මේ අඩුබර සංස්කරණය..මේ හරහා මේ මෘදුකාංගය ස්තාපනය කරගන්නා ඔබට නිකම්ම වගේ සොට්වෙයාර් ගානක් ලැබෙනව ඇවැසිනම් ඔපන් ඔෆිස් වී එල් සී වගෙ ඒව දාගන්නත් පුලුවනි..මෘදුකාංග ස්ථාපනය පහසු කරගන්න සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකකුත් තියෙන නිසා හරිම ලේසියි..

2.ලුබන්ටු සහ එක්ස් උබන්ටු..(Lubuntu or Xubuntu)
මේ ලුබන්ටු කියන්නෙත් එක්ස් උබන්ටු(Ubuntu) කියන්නෙත් උබන්ටු කොම්පැනියටම අනුබද්ධව අඩුබර පරිඝනක සඳහා සංස්කරණ නිකුත්කරන තැන් දෙකක් මේ හරහාත් උබන්ටු වලට සමාන්තරවම ඒ බොහොමයක් මෘදුකාංග වලට සපෝට් කරන මට්ටමක් සහිත දිෙනන් දින යාවත්කාලීන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඔබට ලබාගන්න පුලුවනි.

3.ෆෙඩෝර එල් එක්ස් ඩී ස්පින්ස්..(Fedora LXDE spins)
ෆෙඩෝර වලට විශාල රැම් මතකයක් සාමාන්‍යන් අවැසියි..නමුත් මේ එල් එක්ස් ඩී ස්පින් එක ඉතා අඩු මට්ටම්වලදී කිසි ගේමක් නැතුව වැඩ කරනව කියල තමා මේ ෆෙඩෝර අය කියන්නෙ..

ලිනක්ස් කියන්නෙ වෙනමම ඕ එස් එකක් ඒකට හුරුවෙනව කියන්නෙත් ටිකක් අමාරු වැඩක්ම තමා..ඒත් පොඩ්ඩක් හිතන්න ඔයාල ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් තියෙන ෆෝන් වලට මාරුවෙනව තව ස්මාට් ෆෝන් එකක් ආවොත් කිසි ගේමක් නෑ ඒකටත් සෙට් වෙනව..හැමදාම හොර කොපි හොර ක්‍රම පස්සෙම දුවන්නෙ නැතුව තමුන්ගෙ මැසිමට නවතම නීත්‍යානුකූල මෙහෙයුම් පද්ධතියක් දාගන්න උත්සාහ කරන එක වැදගත් අඩු තරමෙ වෛරස් නිසා නාස්තිෙවන ඔබේ වටිනා කාලය හරි ගොඩක් ඉතිරි කරගත හැකිවෙයි මේ ලිනක්ස් වලට ඔබ පුරුදු උනොත්..
ලිනක්ස් වලට ගේම්ස් සපෝට් නෑ තමයි..ඒත් ලිනක්ස් වලත් තියෙන ලස්සන ගේම්ස් ටිකක් තියෙනව..කස්ටියට පුලුවන් ටිකක් ඒව ට්‍රයි කරල බලන්න..
හැමදාම පුරුදු සොෆ්ට් වෙයාර් අස්සෙම රිංගල ඉන්නෙ නැතුව පාටිෂන් එකකට හරි ලිනක්ස් දාගෙන උත්සාහ කරනවනම් අපිට තනියම හරි අමෙරිකාවට කියන්න පුලුවන් අපි හොරු නෙමෙයි යකෝ..අපි මේ ලිනක්ස් භාවිතා කරන අය කියල..ලිනක්ස් කේතයේ නිර්මාතෘ ආසියාතිකයෙක්..අමෙරිකාව යුරෝපය හරහා විහිදුනු මිලියන ගණනක ලිනක්ස් ලෝලින් ඔබට ගැටලුවක් ආ පසු එය නිරාකරණය කරගන්න පෙලගැසී ඉන්නවා..ඒ ගැටලු ඒ අදාල බග්ස් රිපෝට් කරන තැන්වලට හරි නැත්තං ෆෝරම් වලට හරි දන්න කැඩිච්ච ඉංගිරිස් වලින් ගැහුවම ඒ අය අපිට තේරෙන සරල ඉංගිරිස් වලින් උත්තර එවනව.ලංකාවෙ සමාරු කතාකරන අමු ඉංගිරිස් තරන් ඔය පිටරට සමාර අයගෙ ඉංග්‍රීසි අමාරු නෑ.

Monday, November 21, 2011

saturn transit (හෙනහුරු මාරුව)

පවුලකි චරිත 4කි පියා පුතා සහ සීයා ආච්චී එම චරිත 4යි දැන් අපි කතාවට යමු...
පියා: පුතා මොකද අද සෙල්ලමක් කරන්නෙ නැතුව කාමරෙටම රිංගල කරන්නෙ..වෙනද මේ වෙලාවට පාරෙමනේ..
පුතා: නෑ නිකම් ඔලුව කකියනව වගේ...
සෙනසුරා සිනාසෙමින් මාරුවෙන අයුරු ඉන්දියානු සිත්තරකුගේ ඇසින්

පියා: තාත්තෙ අර බලන්නකො අර පුතා අද කාමරේට වෙලා ම ඉන්නෙ හොඳ ලමය වෙලා වගේ..වෙනද නංගිල එක්ක රංඩු වෙවී ඉන්න කෙනා නේ...
සීයා:හුම් මමත් දැක්ක තමයි..

දින දෙකතුනක් යයි පුතා පෙර පරිදිම ය..වෙනදා තරම් දැගලිල්ලක් නැත..දැන් පියාට මෙය ගැටලුවකි..වෙනදා කිසිමු වෙලාවක මොහොතක් නිකම් නොසිට දුවන පනින පුතා සයිලන්ස් වී ඇත..මේ ලමයට න්මොකක් හරි මානසික ආබාධයක්ද දන්නෙ නෑ...
ආච්චී හෙවත් පියාගේ මව: ළමයට ඇති ආබාධයක් නෑ..පහුගිය දවස්වල මේ අර තාත්තත් එක්ක පුස්තකාලෙට ගිහිං පත්තරේ බලල..පුතාට දුවන්න පනින්න එහෙම හොඳ නෑ අපල තියෙනව කියල පත්තරේ තිබිල..මේ කොල්ල කොහොමත් තුවාල වලට ලේ වලට බයයි නේ වීරය වගේ කෑ ගැහුවට..වතුරෙනුත් අපල තියෙනව කියලත් තිබිල..ඉතින් මේ සීයගෙන් ඇහුවම සීය තවටිකක් බය කරල පුතාව..ඉතින් කොල්ල කාමරේටවෙලාම ඉන්නව එලියට බහින්නෙ නැතුව..

පසුදිනක යලිත් පුතා පෙර තත්වයට ආවේය..
ඉන්පසු තාත්තා ඒ ගැන විමසූවිට..ආ තාත්ත දන් නෑනෙ වැඩක් පත්තර 2 වෙනස් මට තියෙන සෙනසුරු මාරුව..අපේ ටීචත් කිව් නිසා මං පත්තරේ බලල ඒ විදියට උන්න..ඒත් අද පත්තරේ තියෙන්නෙ මට ඒ තරම් අපල නෑ කියල..මේ සීය තමයි කිව්වෙ තාත්තට කියන්න යන්න එපැයි කියල..
සැහ් තවත්නම් සීය එක්ක පත්තර බලන්න යන්නෙ නෑ..සීය කේන්දර පත්තරේ බලනව මදිවට මටත් කියනව..මං ඒව ගිහිං පන්තියෙ කියල අද නිකම් සවුත්තු උනා..

Saturday, November 19, 2011

ඔබේ නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ පලකරවා ගන්න

මා අද දින දුම්රියේ එන අතරතුර අංකල් කෙනෙකු සහ පිරිසක් හමුවිය..ඔවුන්ගෙන් තුන් දෙනෙකු කාන්තාවන් වූ අතර ඔහු අත කැමරාවක් විය.ඒ කැමරාවේ ඕනෑතරම් පිංතූර ගත හැකි බවත් ඒ පිංතූර අඩු මුදලකට මුද්‍රණය කරගත හැකි බවත් අවට සිටි ඔහුගේ දන්නා අඳුනන අයට තෙලක් දමමින් සිටියේය..ඔහු අත වූයේ මීට වසර දෙක තුනකට පෙර ජනප්‍රිය වූ ඩිජිටල් කැමරාවකි..එය මේ කියවන බොහෝ දෙනෙකුට මැජික් නොවුනාට තවමත් කැමරාව බොහෝ දුප්පත් සහ ගම්බද ජනයාට මැජික්ය..මා මීට මාස 6කට පමණ කතරගම ගිය විට ඒ කතරගම එවිට සිටි දහස් ගණනක සෙනග අතරින් කැමරාවක් තිබුනේ මටත් තව කීප දෙනකුටත් පමණි..නමුත් එහි සිටි විදේශිකයන් බෝමයකට කැමරා නවීන ජාතිවල ඒවා තිබුණි..මට තිබුනේත් ඒ තරම් සුකුරුත්තන් එකක් නොව බොහොම ලාබ එකකි..එක්වරම කොල්ලක පැමිණ මගේ කැමරාව දැක ඔහු අත වු කැමරාවක් දක්වා එය හදාගන් පුලුවන්දකියා මගෙන් ඇසීය..මාද කැමරාවක් ඇල්ලූ ප්‍රථම චාරිකාව එය උවත් ටිකක් ඔබා කියා බැලූමුත් එහි පිංතූර වදින විට එන සුදු පැහැය නතර කරගන්නා බොත්තමක් හෝ යමක් සොයාගන්ට බැරිවිය..එවිට කතාවට එක්වූ අර කැමරාව රැගෙන ආ කොල්ලා පැවසුයේ එය ඔහුගේ රට සිටින කෙනෙක් දුන් එකක් බවය.කැනන් තරමක් පරණ එකකි එය...එහෙත් අද කාලේ චීන ජංගම දුරකථන ආගමනයත් සමග කැමරා වලින් ගන්නා පිංතූරු ගණන නම් ඉහල  ගොස් ඇත.

දැන් යලිත් අර මැදිවියේ පිරිමියා වෙත යොමු විය.ඔහු සමග ගිය නඩේ ගොලු තරුණ ගැහැනු ලමයෙක් විය ඇය වාඩි වී සිටියේ අර අංකල්ට තනිකර විරුද්ධ පැත්තේය..අංකල් ඇයගේ පිංතූරයක් ගත්තේය..ගොලු කෙල්ලක වුවත් මනරම් මුහුනක් තිබූ ඇය ඒ පිංතූරය බලා අලංකාරව අහිංසකව සිනා සුනි..ඇගේ මව යැයි සිතිය හැකි කෙනෙකුගෙන් ඇය කොටුව දුරදැයි කොටුවක් අඳිමින් අසයි..ඇගේ මව ඇය තේරුම් නොගනී...නැත්නම් තේරුම් ගන්නට උත්සාහ නොකරයි.

මොකද පහුගිය දවස්වල පේන්න හිටියෙ නැත්තෙ..ඒ අනික් අය අංකල්ගෙන් අසන ප්‍රශ්ණයකි..මේකනේ අපේ ගෙදර තාප්පයක් බැන්දනේ..
අර මොකටද තාප්ප ඇයි එකක් තිෙයන්නෙ??
නැහැ මේකනේ අර අපේ අල්ලපු ගෙදර  තියෙන්නෙ සාගරයක් වගේ...ආන්න ඒ ගෙදර මිනිහ බැඳල ඉන්නෙ ජර්මන් ගැනියෙක් ...ඉතින් ඔය පවුල පහුගිය දවසෙ ආව...ඔය පවුලෙ ඉන්නව දැන් ලමයි...ගෑනු ලමයිම දෙන්නෙක් එක්ෙකනෙක් අවුරුදු 13යි අනික් කෙනා 16ක් විතර..තව ඉතින් නෑයො කියල වෙන්න ඇති සුද්දියොත් එනව යනව..අපේ අය වගේ නෙමෙයි නෙව..කිසි ආචාරයක් නෑ...බාගෙට ඇඳන් තමයි හැමතිස්සෙම..ඔය ගෙදර තියෙනව එලියෙ ෂවර් එකක්..අර ගෑනු ලමයි මහ දවල් රෑ කියල වගක් නෑ ඕකෙන් නානව..පොඩි ලමයි උණාට ඇඟවල් හෙම හරි ලස්සනට හැදිල නේ..ඉතින් ඔය අපේ පුතාල මුනුබුරාල හෙම ඉන්නවනේ..උණ් ඉතින් ඔව්ව දකින එක හොඳ මදි නේ...අපිට අනික අනික් අයගෙ නිදහසට බාධාකරන්නත් බෑනෙ..මං තීරණයකලා ගැඩොල් පේලි 10ක් වැඩිකරල තාප්පෙ උස්සල දාන්න පේන්නෙ නැතිවෙන්න...අපිට ඉතින් අනික් අයෙග හැදියාව හදන්න බෑනෙ අපේ ගෞරවය රැකගන්නත් එපැයි...
මේ කතාව මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වතාවක් මොහු කීවේය...ඉන්පසු..
ඇයි අංකල් ඉතින් ඔය කැමරාවක් තියන් පිංතූරයක් වත් ගත්තෙ නැතෙයි??
කියා එකියෙක ඇසුවාය..
හුහ් හුහ් හුහ් ගගා සිනාසී...
නැතුව නැතුව මං ගත්ත පිංතූර..අරන් අර අපෙ කන්තොරුවෙ ඉන්න කොල්ල ඉන්නෙ අමරසිංහ.... ඌට ගිහින් දුන්න...ඌ අහපි මේව කොහෙන්ද ෆෙෂ් බඩු ටිකක් නේ කියල..ූඌ ඒවට වහ වැටිල...මං කිව්ව අපි අර නිවාඩුව්ක් ගතකරන්න හික්කඩුවෙ ගිය වෙලාවක අල්ලපු හෝටලේ සුද්දියො නාන පිංතූර වගයක් කියල..
කියන්න ඇහැක අපේ ගෙදර එහැ පැත්තෙයි කියල ...මූ ඇවිත් පදිංචි වෙයි ඕව බලන්න..පස්සෙ මං මකල දැම්ම..අනික ොඩි ලමයි දෙන්නෙක් නේ..පොඩි උනාට ඉතින් හොඳට..තියෙනව...
පිරිසම මහ සද්දෙන් සිනාසෙයි....
මං ඉතින් මගේ යුතුකම කලා...දැං පේන්නෙ නෑ උං හෙලුවෙන් පියෑඹුවොත් අැර අපේ ගෙදරට....
මේ කියවන ඔබ හෝ ඔබේ දන්නා කියන නිවසක වැඩුනු ගැහැනු ලමුන් හෝ වැඩුනු ගැහුන අය ඇඳුම් අඩුවේන් වත්තේ පිටියේ නිවසේ එලියේ වැඩ කරනවා සෙල්ලන් කරනවා විය හැක..කෙතරම් ලොකු උවත් ඔවුන් ඔබට සුරතල් දියනියන් සහ වගකීම් සහිත ගැහැණු විය හැක...නමුත් අනෙක් නොදන්නා ලෝකයට ඔවුන්ගේ ඔය අඩනිරුවත් පිංතූරය වැදගත් වන්නේ ගොන් බඩුවකගේ තමන් ගන්නා ලද විශිෂ්ඨ ජායාරූපයක් ලෙසයි...

බොහෝ විට නිවෙස්වලින් පිට ඇඳුම් හය හතක් ලාගෙන සිටින වර්ථමාන කාන්තාවන් නිවෙසට පැමිණි විට සැහැල්ලු වීමට සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටියාය කියා නාස්තිවෙන සදාචාරයක් සංස්කෘතියක් නැත..නමුත් පිට අයකු නිවසට වද්දා ගැන්මට පෙර සහ පිට අයට පේන තැනක සෙල්ලම් කරන වැඩකරන විට සැලකිලිමත් වීම තම ශරීර සෞඛ්‍යයටත් පවුලේ අනෙක් අයගේ සෞඛ්‍යයටත් මනාය..කෙතරම් දන්නා කියන කෙනෙක් උවත් නිවෙසට පැමිනෙනවිට ඔහු සමග අයතා ගනුදෙනුවක් හෝ එවන් අදහසක් වත් නැතිනම් ගැලපෙන ඇඳුමකින් සැරසී සිටීම මනාය..මන්ද ඔහුගේ ඇසට අසුවන කාන්තාවගේ අඩ නිරුවත හෝ විනිවිද පේන ඇඳුම ඔහු ගේ සිතේ ඒ කාන්තාව කෙරෙහි ඇති ගරුකටයුුතු බව සහ විශ්වාසය බිඳ වැටීමට හේතු වන බැවිනි..

මා කලක් විවාහක මිතුරකුගේ නිවසෙක පාඩම් වැඩ කීපයක් කරගැන්ම සඳහා සතියකට වරක් දෙකක් සහභාගී වුනෙමි...එවිට දිනක් ඔහු අලු කැමරාවක් ගෙන ඇවිත් තිබුනි.එවිට රාත්‍රී සැහැල්ලු ඇඳුමකින් සිටි ඔහුගේ බිරිඳගේ පිංතූර කීපයක් ඔහු විසින් ගන්නා ලදී..පසුකලෙක ඔහුගේ පරිඝනකය සොයාබැලු මට ඒ පිංතූර යලිත් වතාවක් දැකගන්නට හැකිවිය...තරමක් මහත ශරීර ඇති අැෙග් බිරිඳගේ් මනා රූපයෙන් ආවරණය විය යුතු විසල් කොටස් ඇගේ විනිවිද පෙනෙන රාත්‍රී ඇඳුම විනිවිද ගොස් සටහන් වී තිබුනි.මගේ මිතුරාගේ බිරිඳ මගේද හොඳ යහලුවෙකු වූනිසා මට එහි එතරම් ම ලොකු පුදුමයක් නොවූයේ එවන් ඇඳුම්වලින්ම ඇය නිතර දෙවේලේ මා දැක තිබු නිසාය..

එවෙලේ මා විසින් එය කොපි කරගත හැකිව තිබුනත් මා විසින් ඒ අවස්ථාවේදිම ඔහුට දන් ඒ පිංතූර ටික මකා දැමුවෙමි...මේවන් පරිගණක ජංගම දුරකතන සහ අයි පැඩි වැනි ටැබ්ලට් වර්ගයේ අයිතම දෝෂ සහිත වූවිට ඒවා සැදීමට දීමේදීත්..නැත්න්ම සුලු වේලාවක් සඳහා වෙනත් අයෙකු පාවිච්චියට ගන්නා විටදීත් මෙවන් පිංතූර සහ වීඩියෝ වල ඇති දේ සුලු ඉඩක් හරහා ජනප්‍රිය නවතම නිරුවත් ඡායාරුපයක් ලෙස හෝ වීඩියෝවක් මුලු අන්තර්ජාලයටම එකතු විය හැක...මෙවන් විටක අන්තර්ජාලයට ඔබේ නිරුවත එක් මිනිත්තුවක් විවෘත වී තිබුනොත් එය යලිත් මකා දැමීම යනු ඉතාම අපාසු කාර්යයකි...කෙතරම් හිතවත් වුවත් තමාගේ පුද්ගලික දේවල් පුද්ගලික ලෙස තිබීමට ඇවැසිනම් ඒවාෙය් පිංතූර ගැන්මට ඉඩ නොදීම වැදගත් වෙයි...මේ අපි ජීවත්වෙන ආසියාතික සමාජයේ මෙන්ම යුෙරා්පිය රටවල පවා නිරුවත් ඡායාරූප වීඩියෝ වල සිටින ගැහැනුන් සියල්ල බලන අය සිතන්නේ මුදලට ඇඟ දන්දෙන ගැහැනුන්ගේ සෙල්ලම් විය හැකි බවයි...වැරදිලාවත් ඔබ ගැහැනියක නම් ඔබගේ රූපයක් මෙසේ නිරුවත් ලෙස අන්තර්ජාලයේ තිබී යම් දිනක ඔබ යම් සම්මුඛ පරීක්ෂණයකට යන විට එහි සිටින කෙනෙක් මේ පිංතූරය දැක තිබුනොත් අත්වෙන හෝ අත්විය හැකි ගරුත්වය ගැන මා අටුවා ටීකා ටිෆ්ෆනි කීමට ඇවැසි නැතැයි සිතමි..ගැහැනුන් නිරුවත් ඡායාරූප වීඩියො නැරඹීමට එතරම්ම නැඹුරුවක් හඹායෑමක් නැති උවත් දැනට මා දැක ඇති බොහෝ සිල් කරුව්න ලෙස අසපු වල පදිංචි වී සිටින අති භක්තිමත් පිංවත් උපාසක මහත්වරු පවා සිල් පවාරණය කර රාත්‍රී නින්දට යෑමට පෙර මෙවන් දේ ජංගම දුරකථනයේන නරඹා සැදැහැ සිතින් සැතපෙනු මා දැන්  මේ මොනිටරය දෙස බලා සිටින ඇස් ගෙඩි දෙකේන්ම දැක තිබේ....

මා දිනක් අපේ බෝඩිමේ සිට දුම්රිය නැවතුමට එන අතර අපූරු සිද්ධියක් දිටිමි...ගැහැනියෙක් ගෙයි මූලික දොරටුව ඇති තැන සිටගෙන තුවායකින් සිය සියලු ලැජ්ජාවන් වසාගෙන එක් අතකින් පිඟානද අනික් අතින් බත්ද ගෙන සිටගෙනම බත් කයි...අපි නිකමට සිතමු පාරට හායි ගා විවෘතව තිබූ ගේට්ටු තාප්ප රහිත එම නිවසේ පොඩි එකෙක් සිට වැරදිලාවත් අර තුවායෙන් ඇද්දානම් හො ්වැරදීමකින් තුවාය බුරැල් වී වැටුනානම්.?ඇයගේ එක අතක බත් මාලුපිණිය..අනික් අතේ පිඟානය...මෙව්න් ඇඳුමක් ඇඳගෙනත් සමහරු විවෘත ස්ථානවල රෙදි වැනීමවැනි කටයුතු වල යෙදෙනු මා දැක ඇත..තුවායේ බරට එය විශාල වස්තරයක් ලෙස ගෑනු අයට සිතෙනවා වෙන්නට පුලුවන..නමුත් බිම ඇති බාල්දියෙන් රෙදි ගැන්මට නැමෙන විට..සමාර විට පිටුපසින් සිටින පිරිමි කෙනෙකුට ඇස් වසාගන්නට අමතක උනොත් සොරි ඩොට් කොම්ය..ඒ සිදුවීම ඒ වෙලාවට ඒ අයුරින්ම වෙනු අල්ලපු ගෙදර ඉන්නා වනචර කොල්ලා හො කොලු තාත්තා කෙනෙක් කැමරාවක් අල්ලාගෙන සිටියොත් අනේ අර කැමරාව ලැජ්ජාවෙන් ඇඹරෙම්ි්න කැත දසුන රූපගත කරගන්නවා ඇත..කැමරාව පසුපස සිටින කෙනා සිය කෙරුම්කාර කම පෙන්වීමට අර අල්ලපු ගෙදර කුනු සරීරයේ කුනු බහුල ස්ථාන ඡායාරූපයේ සටහන් වී ඇති අන්දම සිය යහලුවන්ට පෙන්වනුද ඇතිය...
උදයන්ති කුලතුංග

පසුගිය කාලයේ ලංකාවේ රජයෙන් ලංකාවේ යුවතියන් නිරුවත්ව සිටින වීඩියො ්වල සිටින කාන්තාවන්ගේ ඡායාරූප නිකුත් වී තිබුනි..ඒ බොහො ්වීඩියො කාන්තාවන් නොදැනුවත්ව රුපගත කරන ලද ඒවා වෙයි...ඒවායේ සිටි බොහෝ රූපිකාවන් එක්වරක් පමණක් සිටි අයවලුන් වෙයි..අහිංසක ඔවුන් සොයාගෙන රජය කුමක් කරන්ට තැනුවාද කියා මට පැහැදිලි නැත..නමුත් නිරුවත් රගපෑම් වලට මුහුන දුන් අය ලෙස ඔවුන්ගේ මුහුනු ජාතික පුවත්පත් වල සති දෙක තුනක් තිස්සේ පට්ට ගැසෙමින් තිබුණි...

මේ සමහර දැන් දැන් දකින්නට ලැබෙන වීඩියෝ වල කාන්තාවන් කැමැත්තෙන්ම වීඩියො ්වලට සහබාගි වෙනු දක්නට ඇත...තමුන් කුමන හෝ කාරණාවකට කුමන හෝ ආකාරයකට ලිංගික හැසිරීමට හේතු ඇතුවා වන්නට පුලුවන..නමුත් අනුකම්පාවට හෝ පොඩ්ඩක් බලාගෙන වැඩක් ගන්නට දුන් වංගෙඩිය රටවටේ තියෙන හංදියක් ගානේ ජංගම දුරකතන වල එක් නෝඩ් එකක් ගානේ අන්තර්ජාලයේ එකතුවීමට පහසු ලෙස රූප ගැන්ම සහ වීඩියෝ කිරීම කෙතෙක් මනුෂ්‍යත්වයට ගැලපේද??

අන්තර්ජාලයට එකතු වී ඇති දෙයක් විනාශ කිරීම යනු ඉතාමත් අමාරු කාරියකි..මේ කෙල්ලන් කොල්ලන් ගන්නා පිංතූර ඔවුන්ගේ ලමුන් කෙදිනක හෝ කෙලෙසක හො ්දුටුවොත්..ඔවුන් ඒ සිටින සිය පියා ගැන මව ගැන සිය යහලුවන්ට රටට කියා තිබූ දහසක් අහස් මාලිගා සිහින මාලිගා අතරමං වනු ඇත.මචං මන් දැක්ක බොලයි අම්ම(හෝ තාත්තා) වගේම කෙනෙක් ටිකක් පරණ අරින් වීඩියෝ එකක ඉන්නව..අඩේ අර උපන් ලපෙත් තිබුන බන්...
ඒ අසන කොල්ලා කෙතරම් අපාසුවට පත්ෙවනු ඇත්ද??
කාන්තාවනි..ඔබ දෙසට මුගුරු දඬු ගල් උරුක් කරගෙන සිටින පිරිස වැඩිය..කොතරම් හිතවත් වුවත් ඔබේ වටිනා කුනු කසල රැකෝඩ් කරගැන්මට ඇති ඉඩකඩ නවත්වා ගන්න..නැතහොත් දිනෙක ඔබ නිසා ගබඩා කරගත් කුණු ඔබට එලවා එලවා පහර දෙනු ඇත...

Thursday, November 17, 2011

ඉන්පසු සිදූයේ කුමක්ද?

වේලාව රෑ එකොලහයි තිහයි...
රාත්‍රී බසයකි...
එතෙක් පිටුපස ආසනයේ සිටි ගැහැනු ලමෝ දෙදෙනකු මා සිටි අසුන අසල අසුනකට පැමිනියේය..
දැන් ගමනාන්තයට ඇත්තේ තව පැයක පමණ කාලයකි...
ටික වේලාවක් ගිය පසු තරුණයෙකු වූ බස් අයිතිකරු සහ කොන්ෙදාස්තර අර කෙල්ලන් දෙදෙනාට කිට්ටු විය...ඩබල් සීට් එකක් වූ එහි වීදුරුව කෙලවර සිටි ලස්සන වැඩි ගැහැනු ලමයා දොයි බබා කියයි...
අර පැමිණි බස් හිමි තරුණයා ඒ අය සිටි අසුනට ඉදිරි අසුනේ වාඩි විය..වාඩි වී අර නිදිනැති ගැහැනු ලමයාට කතා කරයි...
නිදි නැති ගැහැනු ලමයා බෑ කියයි...
ඉන්පසු දෙතුන් විටක් ඇවිටිලි කිරීමෙන් පසු ඇය ඉදිරි අසුනට යයි...එවිට එම කෙල්ලාගේ ඇස් වලින් කඳුලු පනිනු සහ වටපිට බලා ලැජ්ජාවෙන් ඇඹරෙනු මාදිටිමි..මා එවිට සිටියේ නිදි ඇඩ් එකේ දෑස් අඩවන් කරගෙනය...
දැන් අර බස්හිමි සහ කෙල්ලක් කතාවය..ඉතිරි සීට් එකේ නිදි යුවතිය අවධිවන විට ඒ අඩුවට කොන්දොස්තර එකතු විය...
දැන් රෑ වෙලානෙ මේ වෙලාවේ ඔයාලට යන්න බෑනෙ..අපි ඉඳල උදේට යමු...
ඒ කොන්දා කෙල්ලට කියනු ලැබීය...ඉන්පසු ටික වෙලාවකින් එක් කෙල්ලක බස් එකේ මුකුතත් බෑ යැයි කීය...
කලින් සීට් මාරු කල පලමු කෙල්ලා දැන් අර බස්හිමි තරුණයා සමග දැඩි ලෙස කතාවය..
දෙවැනි අසුනේ සිටින දෙවනි කපල් එකත් කතාවය...
කොන්දා තමාට ඇති කන්ටැක්ස් කියවයි..තත්වය පවුල් පසුබිම කියයි...එවිට අර තාවකාලික පෙම්වතිය ඇයි අයියඔය තරම් දේවල් තියාගෙන මේ වගේ රස්සාවක් කරන්නෙ??
යැයි කියයි..ඉන්පසු කොන්දා මදක්..සයිලස් වයි...
මේ කතාවලින් මට ඇසෙන්නේ ඉතා සුලු ප්‍රමාණයකි..ඔවුන් සිව් දෙනාම සෙමෙන් කතා නොකලත් එය ලේලන්ඩ් එකක් වූ නිසා මට සියල්ල ඇසුනේ නැත...
වරක් එක් කෙල්ලක් විසින් සිය මල්ල ට අතදා බිල් කීපයක් ගනී...
ඒ බිල් උක්ස් මධ්‍යස්ථානයකට රත්‍රන් බඩු තබා ගන්නා ලද බිල්ය...
ඇය ිබි්ල් කීපය පෙන්නා යලි බෑගෙයේ දාගති..
ඉන්පසු අවසාන ටවුමට මෙහා වූ කුඩා ටවුමේ පිරවුම් හලෙන් තෙල් ගසා රියදුරුට බස් රියේ මගින් බස්වන්නට පවරා අර ගැහැනු ලමුන් දෙදෙනාත් කොන්දොස්තර සහ බස් හිමි යන සතර දෙනො බැස ගති...
කෙල්ලන් එතැන බහින්නට සිටියේ නැත..එහේත් තෙල් ගසා හමාර වී බස් රියට නැගි බස් අයිතිකරු කතා කරල හෙයින් ඉකිමනින් කොන්ඩ සදා කලිසම් උස්සාගෙන ටී ෂර්ට් පහත් කරගෙන කෂණික මේකප් එකකින් පසු ඔවුන් දෙදෙනා බැස ගියේය...

මහ රෑ දොලහට සෙඩ් එකක් ලගය..ජෝඩු 2කි ...බොහොවිට ස්වල්ප වේලාවකින් තුන් සක රියක් විත් ඔවුන් ලැගුම්හලකට රැගෙන යන්නට ඇත...
පව් නේ ....
1.අනාත නාත වූ ගැමි කෙල්ලන් දෙදෙනකු අතරමං වූවා වන්නට පුලුවන..
2.දවසම මහන්සි වී සිටි බස් කොන්දොස්තර සහ බස්හිමි සතු දවසේ වැටුප විනාඩි 10ක සැප පිණිසි ඉවර වූවා වන්නටද පුලුවන...
ඔබ කැමති කුමන කතාවටද??1ටද 2කටද??
එහෙත් කාරණා දෙකම ඔප්පු කරගැන්මට මා ඇසූ දුටු දේවල් මඳ බව මා සිතමි...
එහෙත් මෙයි ස්ත්‍රී දූෂණ්‍යක් ලෙස හෝ අතවරයක් ලෙස හැඳින්විය නොහැක...
http://blogkasun.blogspot.com/2011/11/blog-post_16.html

Friday, November 11, 2011

බුදුදහම කස්ටමයිස් කරගැන්නා ආකාරය

අද උදේත් කෝච්චිය යෑමට නියමිත වේලාවට මම දුම්රිය නැවතුමට ලඟා උනා..ඉතින් වෙනදා වගේම එදත් දුම්රිය ප්‍රමාදයි ඒක අලුත් දෙයක් නෙමෙ..අපි ඉන්නෙ සුද්ද දාල ගිය රටක..මේක සුද්ද හිටපු රටක් මිස ඉන්න එකක් නෙමෙයි ඒ නිසා අවුලක් නෑ..කෝච්චිය යන්න තියන වෙලාවට මම සපත්තු දානව එහෙමත් මාසෙක දවසක් විතර මම සපත්තු දෙක සුද්දකරන අතර දුම්රිය යනව..
අද තරමක් පාලුයි..වගේ වෙනද මගේ ඇස් යන බංකුවෙ එක්තරා තැනක් අද පාලුයි..ඒක අයිති බොහෙම කෙසඟ ඒත් පියකරු යුවතියකට..ඇය මනබඳින රූපයකින් යුක්තයි..ඒත් ඇයගේ අලංකාර රූපයටත් වඩා මගේ හිතගියේ අැෙග් ඇකයේ හිටපු කුඩා දරුවා වෙත..මේ දුම්රිය නැවතුමේ මගීන්ට ඉන්න තියෙන්නෙ කාමරයක වගේ තැනක මූනට මූන බලාගෙන එතකොට මම ඉන්න පැත්තෙ මට ඉහලින් බිත්තියේ බුදු රජානන් වහන්සේ සහ වෙනත් මහා සඟ රුවන ගමන් කරන දර්ෂණීය රූපයක් තියෙනව..ඉතින් මගේ ඉස්සරහින් අනෙක් පැත්තෙ ඇවිත් වාඩිවෙන අවුරුදු එක හමාරක දෙකක අර දඟ මල්ලක් වගේ වෙන පුංචි පුතා ඇවිත් අම්මගෙ උකුලෙන් වාඩි වුන ගමන් අර පින්තූරෙ දිහෑ ඇසිපිය නොහෙලා තත්පර ගානක් බලන් ඉන්නව..ඉන්පස්සෙ මේ පුතා තමුන්ගෙ අත්දෙක එකතුකරල අර පින්තූරෙට වඳිනව..මේක ඒ අම්මට පේනව අඩුයි ඇය ඒ වෙලාවෙ පුතා අතේ තියාගෙන එහා පැත්තෙ ඉන්න යෙහෙලියක් එක්ක කතාව..ඒ අතර අර පුංචි පුතා අර පිංතූරයට සාදු කියනව..හැබැයි ඉතින් ඒ කටයුත්ත හමාර වෙලා විනාඩි 2-3කට වඩා අම්මගෙ උකුලෙ ඉන්න අපේ ඒ පුංචි පුතාට බෑ..ඊට පස්සෙ පටන් ගන්නව දැඟලිල්ල සමහර දවසට කොහොම හරි අම්මගෙ උකුලෙ දඟලල දඟලල බිමට පනින්න හදනව..ඇවිදින්න තියෙන්නෙ පුදුම ආසාවක්...උදේ පාන්දර ස්ටේෂමේ තියෙන දූවිලි ගොඩ පුතා ගාගත්තම ඒව අර කන්තෝරු යන්න ලෑස්ති වෙලා ඉන්න අම්මගේ ඇගේ ගෑවෙන නිසා අම්ම කැමති නෑ පුංචි පුතාව බස්සන්න..

ඇයි අපි හේතු හොයන්නෙ...
අර පොඩි ලමය වගේ පුංචි කාලෙදි අපි බොහොම දෙනෙක් බොහොම යසට අර බුදු පිංතූරයට වඳින්න ඇති..සමහර විට අම්ම තාත්ත කීවෙ නැතත් අපිට ආච්චිල සීයලකියපු නිසා අපි වඳින්න ඇති..නමුත් අර කරඳඩු උස්මහත්වෙලා ටිකක් ලෝකෙ ටිකක් තේරෙන්න ගත්තම අපිට ටිකක් අර පරණ දේවල් පිලිගන්න නිකම් මොකද්ද වගේ වෙනව..දිව්යලෝකෙ අපාය විහිලුවක් වගේ පේනව..පස්සලේ හාමුදුරුවො නිකම් ඉන්න පිංබතෙක් වගේ පේනව..මේක වෙන්නෙ අපි ඉගෙනගන්න විශයයන් සහ ආගම අතර ඇති පරතරය නිසා විද්‍යාව පාඩමින් ජීවය ගැන එක්තරා විධීයකට කියන කොට අපේ ආගමේ ජීවය දකින්නෙ තව අයුරකින්...ඉතින් කාලයක් අපි මේ බුද්ධාගම පිලිගන්නෙ නැතුව වගේ ඉඳල ඉඳල පස්සෙ එකපාරට අපි ආයෙ දුකක් කරදරයක් ඇවිත් ඒක විස්තර කරගන්න බැරි උනාම ආගමට ඇතුලුවෙනව..ඒත් ඒ දුකතුනී උනාම නැවත අර කලින් තිබුන තැනට යනව..ඉතින් විද්‍යාව සහ ආගම අතර නිරන්තර අභ්‍යන්තර ගැටුමකින් ඉන්න අපි කාලයක් යනකොට විද්‍යාව බුදුදහමිනුත් බුදුදහම විද්‍යාවෙනුත් පහදන්න යනව..නව්ටන්ගෙ තුන්වන නියමය අල්ලගෙන ඒක බුදුන් අවුරුදු දාස් ගානකට කලින් කිව්ව කියල මැරෙන්න යනව..එතකොට ඒ නිව්ටන්ම කියපු ගුරුත්වාකර්ශනය වගේ එකක් අපේ බුදුදහම කියල තියෙන්නෙ කොහේද තාප ගතිකයේ සමහර මූලික දේවල් බුදුන්වහන්සේ කියල තියෙන්නෙ කොහේද කියල කල්පනා කරන්නෙ නෑ...එහෙම අහන්න ගියොත් අපි ගැන හිතන්නෙ අන්න ක්‍රිස්තායානි කාරයකේ අන්න තම්බියෙක් කියන විදියට..ඇත්තෙන්ම අපිට මේ දෙක ජොයන් හෙවත් සම්බන්ධ කරන්න යුනිවර්සල් ජොයින්ට් හෙවත් සර්වලෝක පූට්ටුවක් හොයන්න බෑ..දෙක වෙනමම දෙකක්..විද්‍යාව විසින් ද්‍රව්‍යයමය සහ අවකාශය සම්බන්ධ දේවල මූල පැහැදිලි කරනකොට බුදු දහම පැහැදිල් කරන්නෙ කෝමද මනුස්ස සිත දියුණු කරගන්නෙ කියල..බුදු දහම ලෝක ධාතුවේ වෙන වෙනස්කම් ගැන දැඩිව අවධානය යොමු කරල නෑ..දැං ඉතින් ත්‍රිපිටකයේ අගතැන්පත් මහත්වරුන් ඔබ එහෙම කියන්නේ කෝමද අර කෑල්ල බුදුහාමුදුරුවො ඒ කාලෙ බෝම යසට කියල තිබුන අර සූත්‍රයෙ මේ නපාතෙ මේන්න මෙතන කියල කියයි..නමුත් ඒක හරි නිෂ්ඵල වැඩක්...
අපි එක දෙයක් දැගනත්ත කියල ඇයි අනික් හැමදේම ඒක අස්සට දාගන්න යන්නෙ...බුදු දහමේ මූලික සිද්දෘන්ත අනුවම කෙළවර සෙවීම කියන්නෙ නිෂ්ඵල වැඩක්...බුදුන් දේෂිත කිසිම දෙයක් අපිට ප්‍රතිපදාවකින් තොරව විඳින්න අමාරුයි..රහත්භාවය කෙසේද කියල පොත් ලිව්වට අපිට පුලුවන්ද අපි අපේ හැමදෙයක් ගැනම තියෙන නොසංසිඳෙන ආශාව නතර ගරගන්න... බෑනේද??

ලෝකයේ කෙළවර කොතනද??
මේකට ලස්සන උදාහරණයක් තියෙනව ගම්පල වාදයෙදි..ඒකදි 
ක්‍රිස්තියානි පාර්ශවයෙන් නැගෙනව මෙහෙම ප්‍රශ්ණයක්..
බුදු කෙනකුන් බුදු වීමට නම් කලින් බුදු කෙනුකුගෙන් නියත විවරණ ගතයුතු යැයි බුද්ධාගම් කාරයො කියති.එසේ නම් පලමුවෙන් බුදු වූ බුදුන් විවරණ නොලබා බුදු වූයේ කෙසේද?
ඒ සඳහා මිගෙට්ටුවත්තේ ගුනානන්ද හාමුදුරුවෝ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා.
 මුල්වූ එනම් පලමුවෙන් බුදු වූ බුදු කෙනෙකුන් ඇතැයි මේ කතිසේරු (ක්‍රිස්තියානි දේවගැති) තැන කියයි..මුන්නැහේ එහෙම කීවාට අපි එසේ කියන්නේ නැත.අනන්ත වූලෝක ධාතුවේ සක්වලවල් ඇත ඒවා කලින් කල සැදෙන අතර ඒවාෙය් වෙසෙන සත්වයාද කලින් කල ඇතිවේ නැතිවේ..එවැන්ව සලකා බැලූ කල මෙහි ඇතිවූ ආකාරයක් නැත.මෙකී ප්‍රානින් ඇතිවූ මුලයක් නැත.

මේ ලෝක ධාතුවෙන් මේ අසවල් කල මේ ලෝකය හැදුනා කියා කියනවානම් ඉන් පෙර හිස් කුහරයක් පමණක් ඇති බව හැගෙයි.එසේ කිසිත් නැති කමක සිට අනන්ත කාලයකින් මේ ලෝකය සැදුනානම් ඉන් පෙරත් මෙය වන්නට බැරිකමක් නැත.කිනම් හෝ දෙවියෙක් මේ ලෝකය මැව්වානම් එවන් දෙයක් ඉන් පෙරත් සිදුවීමට ඉඩකඩ ඇත..එසේ වීමට නොහැකි යැයි කිසිවෙකුටත් කිය නොහැකිය.මේ ලෝකය සහ සත්වයන් මවන්ට හෝ සදන්ට යම් කාලයක් ඇත්නම් එයට පෙරත් එයම සිදුවිය හැක.එනිසා මේ ලෝකයට මුල්වූ පටන් ගැන්මක් තියෙන්නට බැරිය.ඇතිව නැතිවෙන්නාවූ සවභාවයෙන් යුක්තව සදාකල් පවතින්නාවූ ලෝකයටද එහි වාසය කරන අනන්ත වූ සත්වයන්ටද ආදියක් නැත, අනන්තයක් නැත. එබඳු සත්වයන් අතරේ පහල වන්නාවූ බුදුවරුන්ද අනන්ත් වන්නේය.එබැව්න් මුල්වූ බුදු කෙනෙක් නැත.එම නිසා මේ කතිසේරු තැන මුලින් බුදු වූ බුදුන් විවරණ ලැබුවේ හෙවත් සරණ ගත්තේ කොය් බදුන් ගේනද කියා අපෙන් ඇසුවේ බුද්ධ ධර්මය හරි අකාර නොදැනම බව පෙනේ.

මා මේ කියන බසට වඩා ඉතාමත් තර්කානුකූල ලෙස මේ දෙසුම ඉදිරිපත් කරන්නට අපේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි සමත්ව තිබුණි..මේ අද ඊයේ නොව මීට වසර සියයකට එහා අද තිබෙන භෞතික විදයාව ප්‍රාථමික අවස්ථාවේ ලෝකයේ ආරම්භය ගැන ඇති වූ වියත් සිංහලයකුගේ කතාවකි...මෙහි පවතින ආකාරයට අපි ඉගෙනගන්නා සරල භෞතික විද්‍යාවේ සරල රේඛාවක් ලෙස දක්වන කාල අක්ෂය ඇත්තෙන්ම එසේම විය නොහැක..සමාරවිට කාල අක්ෂය ඉරටුවක් වැනි දෙයක්වී එය අපි රවුම් ආකාරයට නැව්වානම් අත්වන තත්වය කෙබඳුද..දැන් ලෝකයේ සොයාගන්නා සහ සොයාගත් දේ බුදු දහම අනුව විග්‍රහ කරන්නට ගොස් හත්පොලේ ගාගන්නා උතුමන් ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත යුතු කරුණ නම් එවන් දේ ගැන බුදු දහම දැඩි අවධානයක් නොකර ඇති බවය..

ත්‍රිපිටකයේ සහ කුරාණයේ බයිබලයේ ප්‍රමාණය...
ත්‍රිපිටකයේ ප්‍රමාණය කෙතෙක්ද..ත්‍රිපිටකය මෙතෙක් වේයැයි කෙනෙක්ට ප්‍රකාශ කල හැකිනම් ඒ තෙමේ බුදු වරයෙකුම විය යුතුයැ.ත්‍රිපිටක ධර්මයෙන් බොහෝ කොටසක් පෙර විසූ විචක්ෂණ හිමිවරුන් විසින් ලියා තිබේ..ඒ අතර සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නට කවි කතා ආදී ලෙස බුදු දහම සරල ලෙසද දක්වා තිබේ..ඒ ගැඹුරු දහම අල්වාගන්නේ නැතුව යමෙක් අර ජාතක කතා පන්සිල් අටසිල් ආදී දෙයින් අල්වා ගන්නේ නම්ඒ ක්‍රියාව  මිටක් ඇති ආයුධය වෙනත් තැනකින් ඇල්වූවාහා සම වෙයි..මේ ඇති විශාලත්වය නිසාම විවිධ සංඝයා වහන්සේලා විවිධ කොටස් ගෙන තමුන්ගේ අත්දැකීම්ද එකතුකර විස්තර කරන්ට යනවිට යම් යම් පරස්පර ගැටලු ඇතිවිය හැක..නමුත් නියම බෞද්ධයා යනු බුදුන් දැක එයින් සිත් පහදවාගන්නා අයවලුන් නොව ධර්මයම දකින්නා බව බොදු පොතපතේම සඳහන් වෙයි..බුදුන්ගේ ශ්‍රාවකයින් සරණ යෑම නොව විවිධ ස්තානවල විවිධ මට්ටමේ සංඝයා වහන්සේලා දෙසු දහම් අධ්‍යනය කර තමුන්ට ගැලෙපෙන මට්ටමින් භාවනා කර සිත සංසුන් කරගැන්ම වැදගත් වෙයි..එහේත නොවන්නේත් ඒකමය..ජනප්‍රිය වන සංඝයා වහන්සේලා පසුපස ගොස් ඉන්පසු අනික් උන්නාන්සේලාට වඩා මේ උන්නාන්සේ වැදගත් යැයි අනවශ්‍ය රාගසිත් ඇතිකරගෙන කෙලෙස් තව තවත් ශරීරයට අලවාගන්නට තනනවා මිසක මේ සියල්ල ධර්මයම මූලික කොට නැසෙන සුලු බැවින් ඇලීම වැදගත් නොවන්නේ යැයි සිතන්නෝ අල්පය..

අද මාධ්‍ය සහ අපේ දහම.. .
බුදුන් වහන්සේ අයිති වූයේ ශාක්‍ය කුලේටය..ශාඛ්‍යන් සහ කෝලියයන් අතර යුද්ධ ඇතිවීමට ගිය අවස්තාවේ බුදුන් තමුන් අයිති කුලේට වැඩිපුර සලකන්ට ගියේ නැත..ගංගාවක් දෙපස කඳවුරු බැඳ සිටි දෙපාර්ශවයට පෙනෙන්නට ගඟ මැදට වැඩමකොට දහම් දේශනා කොට ඒ දෙපාර්ශවයේ වෛරය සංසිදුවීමට කටයුතු කලෝය..නමුත් අද ලංකාවේ වන්නේ සංඝයා වහන්සේ පක්ශවලට පාට වලට කුලයට පලාතට ආදී වන ලෙස බේධ වී බුදුන් නියම කල සිවුර තුල සිටියත් බුදුන් නියම කල ධර්මය තුල වැඩ නොසිටීමයි..අෑත ගම් දනව්වල මෙන්ම මේ කොළඹ හතේද බොහෝ  ස්වාමින් වහන්සේලා ඉතාම අප්‍රකටව දුක් සහිත තත්ව යටතේ සිය බණ භාවනා කරගෙන ධාර්මිකව සිය කටයුතු කරගෙන ගියත්..පලාතම ගඳ ගස්සමින් තමුන්ද ගඳ ගසාගෙන යන කුනු ටැක්ටර් වැනි මාධ්‍ය කඩ කාරයෝ කුනුම සොයති කුනු පණුවන් දමන ඕජස් වෑහෙන පරිදි සිය මාධ්‍ය වල මූලික කොටම දමති..මේ අපේ දහමය.මේ අපේ ජාතියය.මේ අපේ රටය කියා වගේ වගක් නැත..එහෙත් විටෙක ඔවුන් තරම් සේවයක් කර ඇති පිරිසක් තවත් මේ පරසක්වලවත් නොමැති යයි ඔවුන්ම ප්‍රශස්ති ද ගායනා කරගනිති..
එක්තරා කාලය ක අඳුරු යුගයක ලංකාවේ නින්දිත ලෙස මරා දමා පාරේ තිබූ දැවෙන මරණ කිහිපයක් අදද ජාතික රූපවාහිනියේ හෝ අයි ටී එන් එකේ යූ ඇන් පියට බනින්නට යොදාගන්නවා මා දැක ඇත..වැරදිලාවත් මෙය ලංකාවෙ සිටින විදේශිකයෙකු දුටුවහොත් මේ රට තවමත් මිනී කන්නන්ගේ දේශයක් ලෙස ඔවුන් දකිනු ඇත..නමුත් 2001 අමෙරිකානු වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයේදී එකදු තුවාල ලත් පුද්ගලයෙක්වත් එකදු මරණයක්වත් ඒ අසල තිබෙනු කිසිදු මාධ්‍යයක තවමත් දැක නැත.දැනටද හැකිනම් එසේ දෙදාස් ගනනක් පණපිටින් වැලලුනු ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයේ දී එවෙලේම මියගිය මස් කෑලි විසිරී ගිය පින්තූරයක් සොයාගත් අයෙකු වෙත් නම් ලින්ක් එකක් දමන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Wednesday, November 9, 2011

වෛවාහික ගැටලු

 අද දසතින්ම නැගෙන්නේ විවාහ ගැටලු පිළිබඳව අඳෝනාවයි.නූතන ජනමාධ්‍යවලට රැවටෙන තරුණ පරපුර අද විවාහය දකින්ෙන් රෝස මල් යහනාවක් ලෙසයි.ඇත්තෙන්ම විවාහය ප්‍රණීත දෙයක් නොවේ.විවාහයට පා තබන්න් සිත්හි ධාරණය කරගත යුත්තේ විවාහයට පෙර නොතිබූ ප්‍රශ්ණ හා ගැටලු රාශියකට විවාහය නිසා මුහුන දෙන්නට සිදුවන බවයි.
 මහා මංගල උත්සවයෙන් පසුව ජීවිතයට මුහුන පාන්නේ ඒ දෙදෙනා පමණි.නෑදෑයෝ මිත්‍රයෝ සහෝදර-සහෝදරියන් ,මා-පියන්,වැනි අන් සියලු දෙනා දෙදෙනා හැර යති.දෙදෙනා ප්‍රශ්ණ අභිමුව තනි වෙති.
 විවාහවෙන දෙදෙනා අතර සන්නිවේදනය විවාහයේ ආරම්භයේ පටන්ම ඉතා වැදගත්ය.අද අපට දක්නට ලැබෙන සන්නිවේදන සංකීර්ණතා කීපයක් මෙලස ඉදිරිපත්කරමු.උදය ආහාර මේසයෙ සිටිද්දීත්,සැමියා පුවත්පතටම යොමුවී සිටීම-රැකියාව නිමවා එන සැමියා ඉන්පසු රූපවාහිනියට ඇබ්බැහි වී සිටීම හො සති අන්තයේද විවිධ වැඩසටහන් සඳහා නිවසින් පිටවී සිටීම- බිරිඳ ගැන නොසැලකීම හෝ උනන්දුවක් නොපෙන්වීම හෝ ඇය සමඟ උත්සව ආදියට සහභාගී නොවීම ආදිය ඉන් සමහරකි.
  බිරිඳද සිය රූපය ගැන සැලකිලිමත් නොවීම-සැමියා සමඟ වැඩිපුර කතා නොකිරීම ආදිය නිසාම ඔහුට ගෙදර පරිසරය පීඩි ගෙනදිමෙන් සහනය හා විවිධත්වය සොයා ගෙන් පිටත කාලය ගෙවීමටද පෙළඹෙයි.
  විවාහයට අසතුට නැමැති මාරයා රිංගන්නේ කෙලසද?කවදාද? බොහෝ ජොඩුවලට විවාහයේ මුල් වසර ප්‍රීතිදායකයි.තවත් අයට කැපවීම මැද අන්‍යෝන්‍ය සමබරතාවයෙන් යුතුව ජීවිතය ගෙනයෑම හිසරදයක් වී තිබේ.පලමු දරුවාගේ උපතද ප්‍රශ්ණ ඇතිකිරීමට සමත්වන අවස්ථා අත්දකින නැවුම් ගැටලු මීට හේතුකාරක වෙයි.
  • විවාහයේ පලමු වසර තුල සැමියා බිරිඳට ඇහුම්කන් දිය යුතුය.දෙවන වසර තුල බිරිඳ ඔහුට ඇහුම්කන් දිය යුතුය.එහෙත් තෙවන වසරේදී අසල්වැසියෝ ඔවුන්ගේ ගෝරනාඩුවලට සවන් දෙති.
විවාහයට පූර්ව සූදානමකින් තොරව මුහුන පෑමත් විවාහයට ගැටලු ඇතිකරවන්නකි.
 අල්ලපු වැටේ තිබෙන තනකොළ වඩාත් කොළ පාටින් බබලනවා පෙනීම බොහෝ විවාහක පිරිමින්ට වසර කීපයක් ගතවන්නටද පෙර දකින්නට ලැබෙන අසතුටුදායක තත්වයයි.විරුද්ධ ලිංගිකයින් කෙරෙහි වයස් භේදයකින් තොරව ඇදීයෑම මෙහිදී සිදුවෙයි.මෙම ඇදීයෑමට පිරිමින්ගේද වයස්භේදයක් නැත.මෙම අසහනය විවාහ ජීවිත කාලය තුල පිරිමින්ට පමණක් නොව ලලනාවන්ටද පොදු ධර්මතාවයකි.වෙනසකට ඇත්තේ පිරිමියා සෘජුප මෙය ප්‍රදර්ශනය කිරීම හා ලලනාව සිය කැමැත්ත සිය සිත තුල සඟවා දුක්වීම හෝ ප්‍රීතිවීමයි.
 ගෙදර ජීවිතයේ විඩාව මීට එකම හේතුවයි.සහකරුවා හෝ සහකාරිය කෙරේ ඇති අසතුටක් තවත් සාධකයකි.පැතුම් ඉටු නොවන කල බලාපොරොත්තු පුපුරා යයි.එවිට විවාහයට මුහුන පාන්නට සිදුවන්නේ මහා අකරතැබ්බවලටය.
   මෙම අසංතෘප්ත භාවයට මූල හේතුන් මොනවාද? බොහෝ බිරින්දන් නගන මැසිව්ල්ලක් නම් සැමියා තමාට අවනත නොවන බවයි.සිය අවශ්‍යතා ඉටුකරදෙනවාට තමන් ඉතා ප්‍රියමනාප බවයි.
  අතීතයේදී නම් කාන්තා සංස්කෘතිය අනුව පිරිමියා වෙතින් එල්ලවන ඕනාම තීරනයකට යටත්ව ගැහැනිය ජීවත්වීමට මැලිකමක් දැක්වූයේ නැත.එහෙත් අද ලෝකය වෙනස් වී තිබේ.බොහෝ ස්ත්‍රින් අද පිරිමින් අභිබවා අධ්‍යාපනය ලබා ඇති අතර වගකිව යුතු රැකියාවල පිරිමින් හා කරට කර යෙදෙති.සිය අයිතිවාසිකම් පිළිබඳව යුද්ධ ප්‍රකාශ කරන්නටද ඉදිරියට පැමිණ සිටිති.මෙය අද පිරිමින් විසින් අවබෝධ කරගත යුතුව ඇත.
 බොහේ පිරිමි විවාහය සලකන්නේ තමා දිනාගත යුතු ජයග්‍රහනයක් ලෙස පමණි.එය ඉටුකරගත් පසු එය නොසලකමින් ව්‍යාපාර-රැකියා වැනි සිය ජීවිතවල අනෙකුත් අංශ කෙරෙහි වැඩිපුර යොමුවෙති.නමුත් ලලනා බලාපොරොත්තු ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.විවාහයෙන් පසු වැඩිපුර ආදරය පතන ඇය සැමියා සමඟ වැඩි කාලවේලාවක් කුලුපග බවින් පසුවීම අගයන්නීය.
 ගෙයින් පිටත ප්‍රශ්ණයක් අවුලක් සිය නිවස තුලට රැගන විත් එය අනෙක් පුද්ගලයාගේ ජීවිතය මත තබා ප්‍රශ්ණ නිර්මාණය කිරීම නම් පවුලම අවාසනාවන්ත ආගාධයකට ඇද දැමීමකි.
 නෑදෑයින්ගේ මැදිහත් වීම අප ආසියානු රටවල පවුල් සංස්ථාව කෙරෙහි දැඩි සේ බලපායි.සැමියා සිය දෙමාපියන්ට පමණක් කීකරු වීම බහුලවම පැනනගින කාන්තා පැමිණිල්ලකි.ආච්චිලා සීයලා විසින් ලදුරුවන් හෝ දරුවන් රැකබලා ගැන්මේදි ඇතිවන ගැටලු අපේ රටවල සුලුපටු නැත.
 තවත් සමහර තරුණ විවාහකයින් තම දරුවන් ආච්චිලා හෝ සීයලා විසින් බලාගැන්ම ගැන කිසිදු තෘප්තියක් නැත.ඔවුන්ගේ ඇසුරට සිය දරුවන් යවන්නට පවා අකමැතිය.ඊට හේතුව දරුව්න පැරණි තාලේ දේවලට හැඩ ගැසෙමින් නවීනත්වය බැහැර කරාවිය යන බිය නිසාමය.
 දායාද ප්‍රශ්නද විවාහය කෙරේ අහිතකර ලෙස බලපෑම් කිරීම ආසියානු රටවල බහුලයි.ඉන්දියාව-ශ්‍රී ලංකාව වැනි රටවල මෙකී තත්වය කැපී පෙනෙයි.මලයාසියාවේද සුලු වශයෙන් මෙය බලපාන තත්වයක් ඇතිව තිබේ.දෙමාපිය බලපුලුවන්කාරකම් අනුව දායාදයන්ගේ ප්‍රමානයන් විශාල වෙයි.
  වරෙක දෙමාපියන් විසින් කෙසේ හෝ සිය දියණිය විවාහ කරදීම සඳහා තමන්ට ඉටුකිරීමට බැරි පොරොන්දු ද මනාලයාගෙ පාර්ශවයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාහයෙන් පසු තත්වය බරපතල අවස්ථාවන්ද ශ්‍රිලංකාවේ කොතෙකුත් දක්නට ඇත.
පැරණි සිංහල රදල පවුලක්

 දායාදයේ මුල කුමක්ද? දායාදය දුරාතීතයේ උපත ලැබුවේ සිය දියණියට සහ බෑනාට හදිස්සියකදී පාවිච්චි කිරීම සඳහා අරපරිස්සමින් තබා ගැන්මට දෙන වස්තුවක් මුදලක් ලෙසය.එකල අද මෙන් නොව,කාන්තාවනට ආර්ථික ශක්තියක් නොවීය. ඇය රැකියාවට ගියේ නැත.සැමියා මත යැපුනු ඇයට සැමියාගේ වියෝවක් හෝ ස්ථිර දුබලත්වයක් ආදී ආර්ථික කලබගෑනියකදී පාවිච්චිය සඳහා ගැනීමට අතීතයේ දායාද දෙනු ලැබිණ.
 ඉන්පසු කලෙක දායාදය මනාලයාගේ දෙමාපියන්ට සුරැකිව තබා ගැන්ම සඳහා ප්‍රධානය කිරීම ඇරඹින.අද තත්වය ඊටත් වඩා වෙනස් තත්වයකි.එන්ම මනාලියගේ දෙමාපියන් විසින් මනාලයාගේ දෙමාපියන් ඉදිරියේම විවෘතව දෙනු ලබන ප්‍රදානයක් ලෙස අනිවාර්ය වී තිබේ.
 විවාහය ජීවිතය තුලදී ඉටුකර ගත යුතුම වූ වැදගත් සිද්ධියක් බව බොහෝ දෙනාගේ මතයයි.ප්‍රශ්ණය වන්නේ අන්‍යෝන්‍ය ගැලපීමයි.ගැලපෙන ගති ලක්ෂණ ඇති දෙදෙනෙකු අතර වුව විවාහය තුලදී හැල හැප්පීම් දකින්නට පුලුවන.

  • සම්මුතියට වඩා විසම්මුතියෙන්ද යලිත් සාමදානය සරුවට පල දරණ අවස්ථා විවාහය තුලම බහුල වේ.සමාවදීම හා පරිත්‍යාගය මෙහිදී අත්‍යාවශ්‍යම අංගයයි.ආරවුලක් අවසන් ලෙස සුබවාදීව ඵල දරන්නේ එවිට පමණි.
එබැවින් විවාහය ගැන සුබවාදීව සිතමු.විවාහයේන පලමු වසර දහය හෝ විස්ස පමණක් නොව ඉතිරි වසර ගණනද සාරවත් බවම සිතන්න.
  • අසත්‍ය හා සැකය විවාහය දෙදෙරවන සාධක දෙකකි.දෙදෙනාම රහස් තබා ගැන්ම නුවනට හුරු නැහැ.සැකයෙන් ඉරිසියාව උපදී. ඉරිසියාවෙන් වෛරයත් වෛරයේන සතුරු ආකල්පයත් එමගින් දික්කසාදය- දිවි නසාගැන්ම හෝ මිනීමැරීම ආදී විවධ අන්තරායන් කරා විවාහයට ගමන් කල හැක.
එබැවින් විවාහයකදී ප්‍රීතියම පතන්නා මෝඩයෙකි.විවාහය ප්‍රීතිය හා දුකෙහි සම්මිශ්‍රණයකි.. 
 මේ කොටස් පහත සඳහන් පරිවර්ථන කෘතියෙන් උපුටාගන්නා ලදී..මෙය ජීවිතය ගැන යථාර්ථවාදී කියවීමක් සහිත මහඟු කෘතියක් වන අතර එයින් ඉතා කුඩා පරිච්ඡේදයක් බහුජන බ්ලොග් කියවන්නන්ගේ දැනගැනීම සඳහා පලකලෙමි.
කෘතිය: ":Human Life and Problems"
පරිවර්ථන කෘතිය:- දැවෙන ජීවිත නිවන මංපෙත
පරිවර්ථනය :-සිසිල් රුද්‍රිගු
අංකය :-ISBN 955-8029-18-1
පොත් බෙදාහැරීම :- නිව් වික්ස් බුක් ෂොප්
             503,මරදාන පාර, කොළඹ 10
 
(බ්ලොග් එක ගූගල් ප්ලස් නමැති සමාජ ජාලයට අනුගත කිරීමට එහි ලියන්නාගේ නියම නාමයම තිබිය යුතු බැවින් පෙර ඉන්දික කුමාර යන නාමය මෙතක් පටන් අමිල චතුරංග ලෙස වෙනස් වූ බව සැලකුව මනාය.. එය හුදෙක් මා ලියන ඒවා කියවීමේ පහසුව තකා කෙලින්ම ගූගල් ප්ලස් වෙත එකතුකිරීමේදි සිදුවුවක් වෙයි)

Sunday, November 6, 2011

අපි තම්බින් නැති කරමු.(shall we remove muslim)

මේ සම්බන්ධයෙන් ගත්කල මේ කල ජනප්‍රිය සයිබර් සංවාද සංගම් ගණනාවකි..ඒ අතරින් බොහෝ දෙනෙකුට තම්බින් හෙවත් මුස්ලිම් ජාතිය අන්තවාදයට ඇදීයෑම ගැන ඇත්තේ පුදුමාකාර කැක්කුමකි..මා දකින විදියට මෙය යුද්ධයේ මැරෙන ගණන මැච් එකක ලකුනු මෙන් හැමදාම නිවුස්වලින් අසා සිටි සහෘද ලාංකිකයින්ට ඒ හිස්තැන පිරවීමට පැමිණ ඇති නවතම විකල්පයයි..මිනිසුන්ට ප්‍රජාවක් ලෙස ඉලක්කයක් නැත්නම් අඩු තරමේ අල්ලපු ගෙදර සිටින එකාට ඇඟිල්ලෙන් ඇනීමක් වත් සිදුකල යුතුය..ඉතිහාසය පුරා එසේය..පාලක පන්තිය විසින් ජනතාවට ඉලක්ක ලබානොදෙන කල ජනතාව විසින් ජාතිවාද වර්ගවාද සහ ආගම්වාද ඇදගෙන දඟලති..එවිට කොට අනාගතයක් ගැන සිතන අදූරදර්ශී පාලකයෝන් සිය වාසි තකා ඇතිවෙන සුලු සිද්දිවලට පෝර දමමින් තම අනාගතය සරි කර ගනිති..අද අපේ සිරිලක් එක ගත්විට එම රටට මේයැයි කියා ඉලක්කයක් නැත..රටේ ඉහලම තැන සිට පහලම තැන දක්වා තමන්ගේ ඉඩමට වතුර හරවාගෙන ඉන්පසු ඉතිරි වූදෙයක් ඇත්නම් අනුන්ට යන තියරියට වැඩ සිද්ධ වෙන නිසා කිසිවෙක් දිගු කාලයක් ගැන නොසිතති..විප්ලව කරන තරුණයින් වෙනුවට උද්ඝෝෂනය කරන තරුණයින් වෙනුවට අද ඇත්තේ ඊශ්‍රායෙල් යෑමට කොරියන් යෑමට පෝලිම් වල වලි දාගන්නා තරුණයින්ය..රට හදන මග කියන වායැයි කියන පන්ඩිත සහ වෙනත් උඩ තැන් ටික අද කරන්නෙ තමන්ට හැකි පමණ මහරජපවුලේ පිට පමණක් නොව අධෝ මාර්ගය අසල වුව කසා තමුන්ට වාසි මාර්ග තමාම සරි කරන ගැනීමේ ආකාරයේ වැඩකටයුතු වෙයි..

5 පාස් මැට්ටා මේ ජාතිවාදයට උත්තර දුන් හැටි
ඩී ඇස් සේනානායක මහතා අයිති වන්නේ මැට්ටන් ගණයටයි..පාර්ලිමේන්තුවේ අටපාස් උණ් ඇතැයි ගිරිය පුප්පන් කෑ ගසන බොහෝ දෙනෙකුට ලංකාවේ ප්‍රථම අගමැති තුමා ඩී ඇස් උන්නැහේ පහ පාස් එකකු වග අමතක වන්නට ඇත..ඒ ඩී ඇස් උන්නාන්සේ ගේ කාලයේ මුලතිව් දක්වා සිංලයින් පදිංචි කිරීමට නවතම ක්‍රම ගෙන ආවෝය..ජනපද කරණය හරහා දකුනේ ඉඩකඩම් නැති සිංහල අයට ඉඩකඩම් ලබාදී උතුරේ දෙමලු අතර පදිංචි කිරීමට ක්‍රියා කලේය..පසුගිය කාලයේ ඇතිවූ ඇල් ටී ටී යුද්ධයේදි පවා එල් ටී ටීයට විශාල බාධාවක් පවුරක් ලෙස මේ ඩී ඇස් මහතා විසින් පදිංචි කරන ලද මායිම් ගම්මාන ක්‍රියා කලේය..එහිදි පදිංචි කරන ලද බහුතරය සිංහල වූබවත් ඒ අතර සමානාත්මතාවය සම අයිතිය වැනි පුහු බස්තම් නොතිබුන බවද පොතපත සාක්ෂි දරයි..එසේම නැගෙනහිරපලාතේ දැනටත් බහුතර සිංහලයින් ඉතිරි වී සිටින ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කලේ මහාමාන්‍ය ඩී ඇස් මැතිතුමාය.තනිකර මුස්ලිම් රාජ්‍යයක් බවට පත්වීමට තිබු නැගෙනහිර පලාතතුල අද සිටින සිංහලයන් ටික පදිංචි කිරීමට මූලික වූයේ ඩී ඇස් උන්නැහේ වෙයි..එතුමා එකල එවැනි ව්‍යාපෘතිවල නිවාස ලබාදීමට සිංහලයින් වැඩිපුර තෝැරාගැන්මේදී ද්‍රවිඩ සංවිධාන වලින් විවිධ කරදර ඇතිවිය..නමුත් එතුමා සිය මතය වෙනස් කලේනැත..සිංහල බහුතරයට බහුතර ඉඩම් සහ නිවාස ගල්ඔය ව්‍යාපාරය හරහා ලැබුනි..දැන් ඒ ඉඩම් වල මුස්ලිම් අය වගාකරනවා වන්නට පුලුවන නමුත් එකල ඉඩම් බෙදීමේදි සරීරයේනම සිංහලයෙකු වූ ඩී ඇස් මහතා සිංහල මිනිසුන්ට අසාධාරනයක් වන්නට කිසිසේත් ඉඩ නොතැබූබව එකල විසූ ඒ පලාතේ ඇත්තො අදද පවසති..

අපේ බුද්ධිමත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ අයගේ විසඳුම්....
එක් විසඳුමක් නම් මුස්ලිම් ජනගහනය වැඩිවිම පාලනය කිරීමයි..මෙයමා අවස්ථාකීපයකදී දුටුවෙමි..යතිවරයෙක් ලෙස කෙතරම් ජනප්‍රියවී සිටියත් ගංගොඩවිල සෝම ස්තවිර වරක් අෂ්රෆ් මහතා ඉදිරියේදී ඉඩම් සම්බන්ධ ප්‍රශ්ණයකට නිරුත්තර විය..ඒඑකල ගිය රූපවාහිනී සංවාදයකදීය..දැන් ලෝකයේ සෑම ජාතියකම එක් පවුලක සිටින ලමුන් ගණන අඩුවෙමින් පවතී..මුස්ලිම් උවත් කොළඹ හතේ මාලිගා ගහගෙන සිටින සුපිරි පැලැන්තියේ අයට මේ කල ඇත්තේ ලමුන් දෙතුන් දෙනෙකු පමණි..කොයි තරම් තොප්පිය දාගෙන පල්ලියට ගියත් මුස්ලිම් ගෑනු සිය මොඩ් පස්ස තන්දෙක ලමයි නිසා කැතවී එල්ල වැටනවාට කැමති නැතුවා වන්නට පුලුවන..කෙසේ උවත් කෙතරම් ආගමික සහ වෙනත් අයිතීන් වලින් කොන් කලත් මුස්ලිම් පිරිමියාට ගෑනිය වෙනුවට ලිංගික කාරණාවලට කෙසෙල් කොටන් භාවිත නොකල හැකි නිසා ඔහුද ලමුන් වැසි වැස්සවීමට දැන් දැන් අදිමදි කරනු ලබයි..එකල සිංහල අම්මලා තාත්තලාට ලමුන් 15-16ක් යනු අරුමයක් නොවූවත් අද කල එසේ බිහිවුවහොත් ඒ ලමුන්ට කිරිපිටි පැකට් එකක්වත් අරන් දේනනට ඔය සයිබර සිංහල හිතවාදියන් ඉදිරිපත් වනවාදයන්න ගැටලුවකි..මා පසුගිය කලක ජාතික පුවත්පතක සිංහල අම්මා සහ තාත්තා යුගලකට දාව ඉපදුන සිව්දරු උපතක ඒ ලමුන්ට කිරිපිටි ගැනීමට නොහැකිව සිටිනවාය..ලමුන් නඩත්තු කිරීම ගැටලුවක් ඇතැවී තිබෙනවාය කියා දිටිමි..මේ සිංහල අන්තවාදීන් ලංකාෙව් මුස්ලිම් පැටව් ගණන සිංහල පැටව් ගණනට සමාන වන කාලය සෙවීමට සමීකරණ සොයනවා ඇර ඒ සිංහල ලමුන්ට කිරිපිටි ඩිංගක් අරන් දෙන්නට වෙහෙසෙන්නේ නැත..
ක්‍රිස්තියානි ප්‍රජාව සිය පල්ලිවල ඉටිපන්දම් විකුනමින් සොයන රුපියල දෙක එකතුකොට එයින් ලමානිවාස නඩත්තු කර සිය ක්‍රිස්තියානි ගති පල්ලිය තුලින්ම ප්‍රදර්ශනය කරනවිට අපේ සිංහල බොදු පිංවතුන් එක බෝධියක් තියෙන තැනට තවත් බෝ ප්‍රාකාර හදති..පොඩි සෑයක් තිබේනම් එය කඩා මිලියන ගනන් වියදම් කොට විසාල සෑයක් තනති..අර උදේපාන්දරට බල්ලන් චූ කරමින් සීමා මායින් ලකුනු කරනවා මෙන් ලක්ෂ ගණන් වියදම් කොට මහ පාර අසල හන්දියක් හන්දියක් ගානේ බුදුපිලිම තබා කාක්කන්ට ඒමත වැඩ සිට ධර්මය මෙනෙහි කිරීමට බෞද්ධ සීමා මායිම් තනති...ලංකාෙව් ලමානිවාසයක සිටින ලමයෙකුට රජය දෙන්නේ නඩත්තුවට ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක මුදලකි..එවන් මුදලකින් ඒ දරුවන්ට යැපීමට නොහැක..එසේම මඳක් හොයාබැලුවොත් සිංහල බොදු ථෙරවාද රටේ ළමා අපචාර,, මේ ලමුන් ආරක්ෂා කිරීමට යොදාගන්නා ස්තානවලම සිදුවෙන සිද්දි පුවත් සොයාගැන්මට අපහසු නැත.

               තවත් අය කියන්නේ ඔබේ සොයුරිය මිතුරිය මුස්ලිම් අයගේන ආරක්ෂා කරගන්නා ලෙසයි..මුස්ලිම් අයට සිංහල කෙල්ලන් යාලු කරගත හැකිනම් ඔය කොම්පිතරයක් ඉස්සරහ සිට නිකම් බලාගෙන ටයිප් කරන නිකමුන්ට ටිකක් සොයාබලා උත්සාහ කර හරියන තැනකින් මුස්ලිම් ගෑනියක් කසාද බැඳගෙන සිහ සිංහල ලේ ආරක්ෂා කරගැන්මට බැරි ඇයිදැයි ගැටලුවකි..මා නම් සිතන්නේ අනිකකි...මේ සමාජයේ කෙතරම් කැටයම් ඇතත් විවාහක පවුලක බොෙහා් විට තීරන ගන්නේ බිරිඳ වෙයි...එනිසා බොහෝ විට මව සිංහල නම් ඒ ළමුන් මුස්ලිම් වනවාට වඩා වන්නේ ආගම් දෙකම දැනගෙන කිසිදු ආගමක් නැතුව දෙබිඩ්ඩන් වී පසුව ටිකක් කල්පනා කරන කෙනෙක් උවහොත් බෞද්ද පැත්තට ඒමයි..එහිම අනෙක් පසත් එසේය..මුස්ලිම් ගෑනිෙයක් සිංහල මිනිහෙක් බැන්දත් සිය මවටම වැඩි ලැදි ඇති දරුවෝ බොහෝ විට මව් පාර්ශවයේ අාගමට නැඹුරු වීම බොහෝ විට සිදුවෙයි..

               ඊලගට එන්නේ ඉඩම් ගැටලුවයි..මුස්ලිම් මිනිසුන් ඉඩම් ගන්නවා ය..ඉන්පසු ඒ ඉඩම් යලිත් කිසිදිනෙක ආපසු නොලැබෙන්නේය යන්න සිංහල අපේ ඇති මතයයි..එය සත්‍ය වේ..එහෙත් එසේ ඉඩම් ගැන්මට ඒ මිනිස්සුන්ට මුදල් එන්නේ කොහෙන්දැයි සොයාබලන්ට කෙනෙක් නැත.මුස්ලිම් අය ව්‍යෘපාරවලට දක්ෂය එයින් බොහෝ පිරිස අඩු ලාභයක් ඇතිව බඩු ගෙන්වා විකුණති..එසේම කර්මාන්ත ඇරඹීම ඒවායේ නිරතවීම ආදී දේ සැලකුවොත් ලංකාවේ සමස්ථ ප්‍රාග්ධන යදෙවීමේ ශක්තිය ඇති තනි පුද්ගලයින් බහුතරය මුස්ලිම් වන බව මට සිතේ.අපි සිංහල අය ලෙස අපේ හැකියාවෙන් ඇති ආයෝජන වර්ධනය කරගැන්මට එකතු වනවා හැර අල්ලපු ඉඩම තම්බියාට විකුනන්න එපායැයි කීම විහිලුවකි..මා දන්නා එවන් ඉඩමක් සිංහලයෙකු විසින් මුස්ලිම් කෙනා ඉල්ලු ගානට අඩුවෙන් ක්‍රිස්තියානි කනෛකුට දුනි..ඉන්පසු ඒ ආගම් කාරයා විශාල ගානක් තබාගෙන ඉඩම යලිත් මුස්ලිම් එකාටම විකිණිය..සිංහල මිනිසාට හිමිවීමට තිබූ විශාල ලාභය වෙනත් එකෙක් පිට ගියේ එලෙසෙනි.....පිටරට වෙනත් මුස්ලිම් සංවිධාන මිනිසුන්ට ඉඩම් අරන් ගෙවල් හදා දෙනවානම් කොළඹ මුඩුක්කු වල සිටින සහ වෙනත් පැතිවල එක වර්ග මීටරයට මිනිසුන් 7-8 දෙනෙකු සිටින නිවාස ඇති වී ඇත්තේ ඇයි...කුහක කමට පන්ති බේධයට ආගම බේධයක් නැත..කුරුඳුවත්තේ බම්බලපිටියේ සිය පය වැලිකැටයක් නොපෑගෙන මහා මන්දිර වල මුස්ලිම් වරුන් කුවේරයන් සේ සිටිද්දී ඒ කොළඹම බ්ලූමැන්ඩල් මරදාන මාලිගාවත්ත පැතිවල මිනිසුන් එක පිට එකා වැටී ඉතා අපිරිසිදු තත්ව යටතේ වසති..දැන් මුසම්මල් ආවාය..එකල අෂ්රෆ් හිටියාය ෆව්සියා තම්බියාට ඇද්දාය කියා ඒ දුප්පත් මුස්ලිම් වර්ගයාට ලැබුන හෝ ලැබෙන විමුක්තියක් නැත..හැමදාම පාරම හිමි මුස්ලිම් මිනිසුන් කී දාහක් අද රෑද කිසිත් කෑමට නැතිව නිදියනවා විය හැකිද??
                මේ පරම බෞද්ධයන් භාවනා කරනවිට ප්‍රවේශම් වීම මනාය..මන්ද සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියා කීමට ඔවුන්ට හැකියාවක් නැත ඔවුන් එයට මුස්ලිම් පණනැති කොකුන් හැර යන වචනය ඇඩ් කරගත යුත්තේ චේතනාව කර්මයම විය යුතු යැයි බුද්ධ දේශනාවේම තිබෙන හෙයිනි..
පෙළට යන මී ගවයින් රැලක්


මට හිතෙන විසඳුම්.. .
මුස්ලිම් ජාතිවාදය නැතිකිරීම තමුන්ගේ නංගී හෝ යාලුවා තම්බින්ට ලයින් කිරීමට නොදී ආරක්ෂා කිරීමෙන්වත් එසේ නැතිනම් ඉඩම තම්බින්ට නොදී කුනුකොල්ලයට වෙන එකෙක්ට දීමෙන්වත් කල නොහැක..ඒ සඳහා සිංහලයින් බහුතරව විසින් පත්කරගන්නා ලද මිනිසුන්ට බලපෑම් කල යුතුය..උන්ලවා ටිකක් පලදරන වැඩක් ඒ සඳහා කරගත යුතුය..

1. නැගෙනහිර පලාත සංචාරක පුරයක් ලෙස සංවර්ධනය කල යුතු අතර මුස්ලිම් මිනිසුන් වැඩිපුර වෙසෙන පැති ඉලක්ක කර සංචාරක ආකර්ශනය ඇතිවෙන පරිධි වැඩපිලිවෙල සකස් කල යුතුය..-මෙය ටිකක් සරල විස්තර කලහොත් සංචාරකයින් යනු ඕනෑම සංස්කෘතියක් කාබාසිනියා කරන ජාතියක් වෙති..පුක එලියට දාගෙන තන් එල්ලාගෙන ලස්සනට යන සුද්දියන් දකින විට මුස්ලිම් කොල්ලන්ට සිය පල්ලියේ කෝරාන පාඨ අමතක විය හැක..සුදු ලස්සන හැඩිදැඩි සුද්දන් දකින කෙල්ලන් සමහරකුට දවස පුරා මැසින් මත සිටකරන රක්ෂාවට වඩා සිය ගෑනු ජාතියට හිමි පැරණිම වෘත්තිය මතක් වනු ඇත..මේවා අත් නිකටේ තබාගෙන සිටිය යුතු කාරනා නොවෙති..මේලංකාවේ සමහර උපාසකවරු සසර මග කෙටිකරන අයුරු රෑ දාවල් නැතුව දෙසාබාලා ධර්මය පිටරටටත් ට්‍රාන්ස්මිට් කිරීමට ඒ රටවල් වලට ගොස් ඉන්නේ වේස ගෑනුන් සිටිනා වීදිවල බව මා රටගිය කිහිප දෙනෙකුගෙන්ම අසා ඇත..මේවා සරල නැත එහෙත් සිදුවිය යුතුය..නැගෙනහිර ඇතුලු මුස්ලිම් වරුන් දැනට වැඩිපුර සිටින බොහෝ පෙදෙස් සංචාරකයින් දැනටමත් ආකරශනය වී ඇත...තවදුරටත් හෝටල් ආපනශාලා පහසුකම් වර්ධනය කොට ආකර්ශනීය සංචාරක දැන්වීම් ප්‍රචාරණය කල හැකිනම් දූපත් විතරක් බලන්න මාලදිවයින් යන සංචාරකයින් මෙහි අද්දවා ගැන්ම එතරම් කජ්ජක් නොවේ..

2. නව ජනපද සහ නිවාස ක්‍රම සිංහල දමිල මුස්ලිම් මිශ්‍රවන ලෙස ඇතිකිරීම..
ජනයා කුකුලන් මෙන් කූඩු වී පැක් වී ඇති කොළඹ මෙන්ම යුද්ධය සැපට තිබුන උතුරු නැගෙනහිරද නව නිවාස යෝජනා ක්‍රම ඇතිකිරීමට නියමිතව ඇත..ඒවා යේ පදිංචි කිරීමේදි තවත් ඊලාම් හෝ ජිහාඩ් යුද්ධවලට මූලික වෙන ලෙස මුස්ලිම් කුට්ටි දෙමල කුට්ටි සිංහල පැති ඉදිකරන්නේ නැතුව සියල්ලන්ට සමව බෙදෙන පරිදි සීමා ඇතිකල හැකිනම් එය මනාය..මන්ද සිය දරුවන් සැමියන් සමීපයන් මිය පසු ඔවුනට දැනෙන සෝකයට දුකට අලගු තබන්නට ජාතිය ආගම සමත් නොවන අවස්තා වැඩි හෙයිනි..මොරටුවේ බස් බෝම්බයකින් මිය ගිය සිංහල මිනිහා මැරෙන්නේ ජාතිය ගැන හැගීමකින්වත් එල් ටී ටී මර්ධනය කරන්නට ගිහින්වත් නොවේ..කිසිදු වරදක්වත් කිසිදු හැගීමක්වත් නැතිව වේ..මිනිසුන්ට මත තිබිය හැක එහේත තම මත වෙනුවෙන් කිසිවෙක් තව කෙනෙක් බිලිදීම නොහොත් යුද්ධය කුමන ආගමක කුමන ජාතියක උවත් මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැත....යුද්ධය ඉවර උනේය..මහ විරුවෙකු වූ හසලක ගාමිණිගේ මවට ප්‍රබාකරන් මැරුනාය කියා යලිත් සිය පුතා දැකීමට ලැබෙන්නේ නැත..ඇය මිය යන්නට පන අදින කලක අම්මේ යැයි අඬන්නට පුතෙකු ඇයට ලැබෙන්නේ නැත..තමන් සමග වලියක් දමා ගන්නට සුරතල් වන්නට මුනුබුරකු මිනිබිරියෙකු තනන්නට හසලක ගාමිනීගේ මිනීවල සමත් වන්නේ නැත..දැන් මේ මුස්ලිම් අන්තවාදින් එරෙහිවන සයිබර හෙලු නඩය මෙන් එකල 1983දී දෙමල මිනිසුන්ගෙ වස්තරය පවා සොරාගත් ධර්මිෂ්ඨ සමාජයක් විය..එකල ගැන අදහස් දක්වන ලංකාවේ යුග පුරුෂයෙකු වූ මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටින්නේ  තමන්ගේ ජීවිතයේ තමන් ලද අමිහිරිම අත්දැකීම එය බවයි..මේ කොම්පීතරය මත සිටගෙන මුස්ලිම් මිනිසුන්ට බනින පොටෝෂොප් වලින් ඉෙම්ජ් තනන මා වැනිම වෙනත් සහෝදරවරු කිසිවෙක් මුස්ලිම් යුද්ධයක් ඇතිවුවොත් යුද්ධයකට යන්නේ නැත..දැනට රැකියා නැතිව සිටින බුත්තල වැල්ලවාය පැතිවල මිනිසුන් කුරුනෑගල මන්නාරම මිනිසුන් එවන් විටක පොදි ගනනින් මැරෙනු ඇත..ඒ දිනවල අපි කිව්වේ යුද්ද කරන්න නෙමෙ මේ අන්තවාදය නැතිකරන්න කියලාය කියා අතපිහිදාගන්නට සුලුතරයක් ඉතිරිවෙනු ඇත..එහෙත් බහුතරය ඒ දවසට අර යුද්ධය කාලයේ රූප තිරය මත වීඩියො ගේම් එකක මැප් එක සහ මියගිය විරුද්ධවාදීන් ගණන බලනවා මෙන් සන්තෝෂයෙන් යුධ පුවත් නරඹනු ඇත.

Saturday, November 5, 2011

short films කෙටි චිත්‍රපට

කෙටි චිත්‍රපට කියන්නෙ මහ චිත්‍රපට වල පොඩි එක හෙම නෙමෙයි. කෙටි කාලයක් තුල කුඩා සිද්ධියක් හෝ සිද්ධි දාමයක් විස්තර කරන සිනමා හො වීඩියො පටයකට අපි කියනව කෙටි චිත්‍රපටියක් කියල..ලංකාව බෝම සන්නිවේදය අතින් සහ කැමරා භාවිතය අතින් දියුණු වෙලා ගොඩක් අය අතරය ස්මාට් ෆොන් යන කාලයක් උණාට ලංකාවෙ හැදෙන කෙටි චිත්‍රපට සහ වාර්ථාවැඩසටහන් හරිම අඩුයි..එක පැත්තකින් ලංකාව තියෙන තත්වය අනුව යූ ටියුබ් බලන්න බහුතරයට හැකිකමක් නැති නිසාද දන්නෙත් නෑ..කොහොම හරි මං අද ගෙනාවෙ ටිකක් අලුත් නැති කෙටි චිත්‍රපට කීපයක් කස්ටිය මීට කලින් මේව බලලත් ඇති සමාරවිට නොබලපු ඒවත් ඇති..

මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ බ්ලැක් හෝල් එකක් ගැන..සිනමාපටයක් අපිට අකුරුවලින් වචනවලින් විස්තර කරන්න පුලුවන් නම් ඒ ච්ත්‍රපටය හදන්න වෙන මාන්සිය අපරාදෙ..වෙනත් මාධ්‍යවලින් කියන්න බැරි සමාර දේවල් මේ කෙටි චිත්‍රපටියක විනාඩි දෙක තුනකින් දෙන්න පුලුවන් කම තියෙනව..

මීලග එක තමයි දුම්රිය එනතුරු යුද්ධය ගැන කාටත් අමතක උන සිද්ධියක් තමා මේක..මේ සිදුවීම ලමා සොල්දාදුවන්ට විතරක් නෙමෙ..මායිං ගම්මානවලහිටපු සිංහල ලමුන්ටත් අදාල වෙන්න ඇති..මොකද ඒ අයට ගෙන්යන්න වුනෙත් සරල සාමාන්‍ය ජීවිතයක් නෙමෙයි..

ද ටීත් කියලකීමට කිව්වට මේ කතාව දතක් ගැන නම් නෙමෙයි තරමක් සිනාජනක බවක් මේ පින්තූර මාලාව ඇතුලෙ තියෙනව මේක නම් වැඩි වෙලාවක් නෑ පොඩි වෙලාවයි ඒත් දිග කතාවක් තියෙනව..

මේ තුන්වන කතාව අලංකාර ප්‍රේම කතාවක් ලංකාවෙ බස්වල යන එන කාර්යාලයේ වැඩකරන නම් නොදන්නා කිසිදා නොගැටෙන මිනිසුන් ගැහුනුන් අතර අහම්බෙන් ප්‍රේමකතා ඇතිවෙනව..බොහොමයක් ඒව විවිධාකාර හේතු නිසා කිසිම හාවක් හූවක් නැතුව නවතිනව..එත්හදිසියෙන් එවැනි එකක් පලගැන්විලා ජීවිත ලස්සන වෙන වෙලාවලුත් තියෙනව..ෆිල්ම් එක ලංකාවෙ නොවුනට බෝම ලස්සන කතාවක්..

 මේක වත්මන් අමෙරිකානු සමාජයෙ මනුෂ්‍යන් තුල කැකෑරෙන හුදකලා බව පෙන්වන එක මානයක්.. මේ සිනමාපටය කුඩා එකක් උනාට මේ හරහා කියන කතාව ඉතා විශාලයි..මිනිසුන් වැරදි කරුවන් වෙන්නෙ සමාරවිට කවුරුත්ම නොදැන සමාරවිට කිසිසේත් නොදැන කරන වැරදි මිනිසුන් ගෙ ජීවිත ග්‍රහනයට ගන්න වෙලාවල් තියෙනවා..
මේ චිත්‍රපට ටික ඔක්කොම යූටියුබ් එක ඇතුලෙ යන ඒව..ඉතින් කෙනකුට මේක අස්සෙ රිංගල බලන්න අමාරුයි වගේ නම් අවුලක් නෑ කෙලින්ම යූටියුබ් එකෙන් බලත හැකි..මේ චිත්‍රපට හදල තියෙන අය විස්තර ටික ඔක්කොම යූටියුබ් එකේ තියෙනව..ගොඩක් ඒවයෙ මට මතක විදියට නාමාවලියක් යනව..

මං ඉතින් ආයෙත් මේව හදපු සමාර සුද්දන්ගෙනම් සිංහලෙන් ලියන්න ගිහිං දිව උරුක්කු කරගන්න ගියෙනෑ..කොෙහාම උනත් ටිකක් කැමරාවක් හරි වීඩියෝ කරන්න පුලුවන් මොබයිල් එකක් හරි තිෙයනවනම් ඉතා සුලුවට හරි සැබෑ සිද්ධියක් හෝ මෙවන් ච්ත්‍රපටයක් කරන්න උත්සාහ ගන්න එකෙත් මාරම ආතල් එකක්තියෙනව..මහා ලොකු කැමර් කොලටි නැතුවට ස්ටෝරිය වදිනව නම් ගොඩ..

Friday, November 4, 2011

ෆේස්බුක් එකේ සිංහල පොන්ටුව ලස්සන කරගමු(Install new sinhala font to browser)

අද අපි ඉගෙනගන්නෙ යන්නෙ ලස්සන සිංහල පොන්ට්(Font) එකක් වෙබ් බ්‍රව්සරයට(web browser) දාගන්න ආකාරය..

 ෆයර් ෆොක්ස් සඳහා...(For firefox)
ෆයර් ෆොක්ස් සඳහා තියෙන විදිය ඔය මාතෘකාව එබුවම ඉංගිරිස්සියෙන් එයි... අපි ටිකක් හොයල බැලුවොත් හෙම මුලින්ම අර තියෙන ඉහල බාර් එකේ ඒ කිව්වෙ අර ෆයිල්-File එඩිට්-Edit වීව්-View හිස්ටරි-History බුක්මාක්-Bookmark හෙම තියෙන තැන-(Menu bar) තියෙන එඩිට්-Edit කියන එක ඔබන්න ඕනි
ඉන්පස්සෙ ඒ එඩිට් එබුවම එන බාර් එකේ යටම තැන තියෙන ප්‍රිෆරන්සස්-Preferences කියෙන එක ඔබන්න ඕනි
දැන් කට්ටිය ඒක ඔබාගෙන ඇති ඊලග දර්ශනය එනකල් ඊලග එකත් හරිම සිම්පල්...

 දැන් ප්‍රිපරන්සස් වල තියෙන කන්ටෙන්ට්-content කියන එක ඔබාගන්න දැන් තියෙන්නෙ ඒ ප්‍රිපරන්සස් කන්ටෙන්ට් අස්සෙ තියෙන මේ පහල වින්ඩෝවෙ පෙන්නුම් කරන ආකාරයට අර තියෙන ඩිෆෝල්ට් පොන්ට් කියන තැනට ගිහින් තමුන්ගෙ පොන්ට් එක භාෂිතකම්ප්ලෙක්ස් සෑන්ස් වලට වෙනස් කරන එක තමා..



ක්‍රෝම් සඳහා....
මේක මම කලින් මේන් මේ පෝස්ට් එකේ .විස්තර කරල තියෙනව..එතැන තියෙන්නෙ එල්කේ ලග් කියන පොන්ට් එකට ඩිපෝල්ට් පොන්ට් එක මාරු කරන හැටි..ඒතනටම ගිහින් ඒ එල් කේ ලග් කියන පොන්ට් එක නැතුව එතනම පුස්කොල පොත හරි වෙනත් පොන්ට් එකක් හරි ඉන්ස්ටෝල් කරගත්තම හරි ලස්සනට අපිට සිංහල බලාකියා ගන්න පුලුවනි..මේ පහල තියෙන පිංතූරු දෙක අපිට ලස්සන නව පොන්ට් දෙක පෙන්නනව සිංහල යුනිකෝඩ් වෙබ් අඩවි බලාකියා ගන්න..

1.ඇයි ඔය මගුල දාගන්න ඕනි ආන්න වැදගත් පස්නයක් ඒ තමයි අපිට නිකම් තියෙන පොන්ට් එකේ අවුලක් තිබීම..දැන් බලන්න බෝම ඉස්සර කාලෙ කොම්පීතරවල 2003දි විතර එන්නෙ ටයිම්ස් නිව් රෝමන්-Times new Roman කියන පොන්ට් එක ඒකෙ එකම අකුරෙ සමාර තැන් පිම්බිලා සමාර තැන් ඇකිලිලා පේනව උදාහරනයට ගත්තොත් ඉංගිරිස් ඕ-o අකුර දෙපැත්තෙන් වැඩිවෙලා ඉහලිනුනිය පහලිනුයි අඩු වෙලා තමයි පෙන්නුවෙ ඒත් පස්සෙ කාලෙක ඔපිස් පැකේජ් එක ඇතුලු ගොඩක් ඇප්ලිකේෂන් වල සම්පූර්ණ අකුරම එකම පලලකින් පෙන්නන කැලිබ්රි-Calibri වගේ පොන්ටයකට මාරු උනා..කොට්ම්ම ඉස්සර තිබුන වෙබ් අඩවි වල තිබුන අර කටෝර ඉංගිරිස් පොත්වලතිබුන රෝමන් පොන්ට් එක වෙනුවට කැලිබ්රි-calibri ටයිප් එකට මාරු උනා..මේ ලගත් වෙනකල්ම සිංහල පොන්ට් එකෙ විජේසේකර පෝමැට් එක තිබුනෙ ඒවිදියට..දවසක් මේ සිංහල පොන්ට් එක බලල යාලුවෙක් කියපි මේක ඇවිල්ල අර මලගෙවල්වල අකුරු අඳින පොන්ට් එකනේද කියල..ඒකත් ඇත්ත ඉස්සර අච්චු කන්තෝරු වලතිබුන හෙන හද්ද පරණ පොන්ට් පාරක් තමා තිබුනෙ  අපිට මේ ලගත් වෙනකල්. තිබුනෙ..

දැං මොනාද ඔය අලුත් පොන්ට්
භාෂිත පොන්ට් සහිත වෙබ් දසුනක්..
 
පුස්කොල පොත පොන්ට් එක සහිත වෙබ් දසුනක්

ඉතින් මේ පොන්ට් ඇතුලත් කරන්නෙ කෝමද කියන එකනම් හරිම සරලලෙස කලින් කියල ඇති..මේකට කලින් ඔබේ පරිගණකයට සිංහල යුනිකෝඩ ස්ථාපනය කරල තිබීම වැදගත් වෙයි..කොහොමත් මෙගා බයිට් විස්සකට අඩු මේ යුනිකෝඩ් කිට් එක දාගෙන ඉන්න එක වැදගත් වෙයි කොයි වැෙඩ්ටත්..ඒක දාගන්න එක මේ ලින්ක් එකෙන් කරගන්න පුලුවන් වෙයි.

ඒත් එක්කම සිංහල ගැන ටිකක් විස්තර තියන  මෙතෙන්ට .ගිහිං ආවට කිසිම පාඩුවක් වෙන එකක් නෑ මං හිතන්නෙ...

මේ පොන්ටුව ස්තාපනය කරගත්තට පස්සෙ ඔයාලට සිංහල යුනිකේත තියෙන ඕනිම වැදගත් තැනකට(මුනුපොත ටුවිටර බස් මේල්) යන්න පුලුවන් අලංකාර පොන්ට් එක දමාගෙන....

මමත් අර අලුත් විදියට බ්ලොග් පෙන්නන බ්ලොගර් ඩයිනමික් වීව් එකකට මාරු උනා කෙනෙක්ට අපාසු වගේ නම් කියල යන්න ඈ..

Thursday, November 3, 2011

දියුනුවන මිනිසුන්ට ඉරිසියා කරමු..

මා මේ ලිපිය ලියන්නේ දියුණුව දැකීම පිණිස දැඩි කැපවීමකින් ඉදිරියට ඇදෙන මිනිසුන්ට ඉරිසියා කරනු පිණිසයි..
කලකට ඉහත ධර්මවාහිනී සහ ලර්න් ටී වී රූපවාහිනී නාලිකාවන් ක්‍රියාත්මක කල මෙත්තවිහාරී ස්වාමින් වහන්සේ මා දැක ඇති අමුතු චරිතයකි..උන්වහන්සේ වරක් මට මෑතකදී හමු විය..කලින් දැන අඳුනගෙන සිටි උන්වහන්සේගෙන් කොහොමද හාමුදුරුවනේ ටී වී එක..ධර්මවාහිනී එක නම් දැන් අර කලින් තියෙන ප්‍රෝග්‍රෑම් ටිකම ආයෙම දානව..ලර්න් ටීවී එකත් ඒ වගේ තමයි..තාම සිලබස් වෙනස් උනේ නෑනෙ..සිලබස් වෙනස් වෙනකල් ලර්න් ටීවී එකත් නැවත විකාශය වෙලා තියෙයි..හාමුදුරුවන් කිසිදු දුකක් නැතිව මෙසේ ප්‍රකාශ කලේය..මේ මෙත්තවිහාරී හිමි මේ රූපවාහිනී නාලිකා දෙක ප්‍රවර්ධනයට විශාල කාර්යයක් කලේය..ඩයලොග් ටීවී මගින් ලර්න් ටීවී යන අධ්‍යාපන නාලිකාව ආරම්භ කරන විටද එක් අවස්ථාවක මා උන්වහන‍්සේ හමුවන්නට ගියෙමි..හාමුදුරුවනේ ඔය චැනල් එක දාන්නෙ ඩයලොග් ටී වී එකෙන් නේ..ඉතින් ඕකෙන් වැඩක් වෙයිද??
යැයි මා ඇසීමි..
එවිට..දැන් ලංකාවෙ ඇතුලෙ ඕනි තැනකට ඩයලොග් ටීවි ගන්න පුලුවන් බෝම කොළඹින් ඈත ගම්වල ඉන්න සල්ලි ටිකක් තියෙන කෙනෙක්ට ටියුෂන් පන්තියක් තියෙනව වගේ මේ චැනල් එක දාගෙන ඉගෙනගන්න පුලුවනි..දුර පලාත් වල ටියුෂන් උනත් හොඳනෑනෙ..ඒ උණ්වහන්සේගේ අදහසයි...ඒ උනත් අවසන ඒ සියල්ල නොලැබුනු ධන පරිත්‍යාග සහ කැපවීමට කැමති මිනිසුන්ගේ අඩුපාඩුව නිසා අවසාන විය..
එහෙත් උණ්වහන්සේ ඒකිසිවෙකින් කම්පා නොවුනු කෙනෙක් විය..
දියුණුව පෙන්වන ක්‍රම කීපයක් අපි බලමු..
ලොකු ජංගම දුරකථන ලැට්ටප් ගැනීම..
ලංකාවේ මිනිසුන් බෞද්ධ යැයි කීවාට බෝ සෙයින් පුහු ආටෝපයට ආශා කරති..අයි පෑඩ් නැමැති උපකරණය වැඩිපුර වැදගත් වන්නේ අදාල ඇප්ලිකේෂන් සපෝට් කරන රටවලටයි..කොළඹටවත් හරියට සිග්නල් නැති..ඔන්ලයින් ඊබුක්,,ඔන්ලයින් මියුසික් ඔන්ලයින් ක්ලවුඩ් නැති කිසිදු කාර්යාලයීය කටයුත්තක් අයි පෑඩ් එකෙන් නොගන්නා අයවලුන් අයි පෑඩ් ගනිති..තවද ඉදිරියට ගොත් අයි මැක් ලැප් ගනිති..ඒත් නැත්නම් කුමක් හොෝවිශාල සැම්සුන් හෝ ඩෙල් හෝ වෙනත් ගැජට්ටුවක් මිලදී ගනී..සමහර ජංගම දුරකථන වල මිල බෝමැ අධිකය නමුත් ලංකාවේ මුදල් ඇති සහ නැති අය බෝමැ දෙනෙක් මේ ජංගම දුරකථන වලට බෝමආශා කරති...සල්ලි නැති ඇත්තන් සිතන්නේ මිල අධික ජංගමදුරකථනයක් ගෙන කනේ ගහගෙන එය ඔබ ඔබා යෑම ලැප්ටප් එකක් ගෙන එය හරව හරවා යෑම මහා ලොකු වැඩක්ය කියාය..මා දැන් වැඩකරන ආයතනයෙන් මට දී ඇත්තේ මීට වසර 8කට පමණ පෙර නිපදවූ පෙන්ටියම් වර්ගයේ පරිගණකයකි..එයට දැන් එක්ස් පී වැනි මෘදුකාංග දමා පරිහරණය කිරීම අපාසුය..මන්ද දැන් ඇති බෝමයක් ඇප්ලිකේෂන් වැඩකලනොහැකි බැවිනි..ඉන්පසු මගේ මතකය ගියේ මොබයිල් ෆෝනවලඇති සුලු ධාරිතාවයක් ඇති කුඩා හාඩ්වෙයාර් මත වැඩකරන ඇප්ලිකේෂන් ගැනයි..එසේ සොයා බලා පලමුව මා ගූගල්සමාගෙමෙන් දෙන ඇන්ඩ්
රොයිඩ යන ඩෙක්ස්ටොප් එස් එක මැෂින් එකට ඔබාගෙන බැලුවෙමි..නමුත් ඇන්ඩ්
රොයිඩ් එක එතරම් යසට වැඩ නොකල අතර කුමක් හෝ ඩ්
රයිවර් අවුලක් පැමිණිනි..ඉන්පසු වෙනත් ලිනක්ස් සංස්කරණ ගණනාවක් ගැන හදාරා ඉන්පසු මේ පරිඝනකයට අදාල සහ හොඳින් වැඩකරන ලිනක්ස් සංස්කරණයක් ඇතුලත් කොට ගතිමි..මේ පරිගණක බොහෝමයක්
වැඩකරන කාර්යාල වලින් අතුගෑවෙමින් යද්දී දැනටත් ලිනක්ස් මින්ට් එල් එක්ස් ඩී එන්වරන්මන්ට් එක යටතේ මා යහතින් ඕනෑ සෑම දෙයක්ම කරගනිමි..මේ මැසිමෙන් වැඩ කලයුතු ආකාරයක්ද තිබේ එක වැඩක් අස්සේ තවත් දාහක් ටැබ් ඕපන් කරගත හැකි කමක් මෙහි නැත..කෙසේ හෝ මට අවැසි සියලු වැඩ කිසි වදයකින් තොරව කරදීමට මේ පරන කසිකබල සමත්ය..නවතම ලැප්ටප් එකක් නොලැබී මේ පරණ කසිකබලක් ලැබීම මගේ කම්පීතර දැනුම වඩාලන්නට මහඟු පිටිවහලක් විය..
ඇමෙරිකාවට යෑම..
බොහෝ දෙනෙක් දියුනුවට ‍ෙම් රට බාධාවක් බව පවසති..එය යම්කිසි ඇත්තකින් යුතු කාරණාවකි..නමුත් අපි මේ රටාවට හැඩගැසීම රට යෑමට ඇති සිහින වලට වඩා වැදගත් බව මා සිතමි..මා ඇමෙරිකානු මධ්‍යස්ථානයේ විවිධාකාර වැඩසටහන්වලට සහභාගී වෙමි..එයට එන බෝ දෙනෙක් අමෙරිකාවට ආසාය..එසේම ලංකාවේ බෝ දෙනෙක් අමෙරිකාව නවසීලන්තය ඔස්ටේලියාවට යෑමට ආශා කරති..ඔවුන් සමහරෙක් ඒ රටවල පවතින සමාජීය කාලගුන දේශගුන තත්වයන් සහ වෙන් බාධාවන් නොහඳුනන්නෝ වෙති..කලක් ප්‍රසිද්ධ හිමිනමක් ව සිටි ගංගොඩවිල ‍‍සෝම ස්ථවිර පැවසුවේ ඕස්ට්‍රේලියාව,අමෙරිකාව,බ්‍රිතාන්‍ය ආදී රටවලින් ලාංකික පුරවැසියන් සමහරක්ට පුරවැසිකම හිමි උවත් ඒ අයට ලැබෙන්නේ ඒ රටවල 3 වෙනි පන්තියේ පුරවැසි කමක්ය කියාය..උන් වහන්සේ පැවසුව පරිදි මේ දියුණු රටවල ඇත් සුද්දන් ආසියාතිකයින්ට සැලකීම බෝමැ සවුත්තුය..අමෙරිකාව එන්ගලන්තය ඕස්ටේලියාව නවසීලන්තය ආදී රටවලට සංක්‍රමනය වීමට උත්සාහ ගන්නා බෝමයක් දෙනා ලංකාවේද ඉහල තනතුරු වල කිසිදු බාධාවකින් තොරව රැකියාවල නිරත වෙන අයවලුන් වෙති..නමුත් කිසියම් හෝ හීනමානයකට නතුව ඔවුන් ඒ රටවලට බඩගාති..මේ ළඟදී ගිය පත්තර පරිච්ච‍්දයක අමෙරිකාවේ ‍ෙකාල කාඩ් හිමි වී එරටට ගිය කෙනෙකුට වුනු සන්තෑසිය මා දිටිමි.එ‍හිදි කිසිදු තාක්ෂණ අධ්‍යාපනයක් නොමැතිව එරටට ගිය ඔහු රැකියාව ලෙස සුලු රැකියාවක් කරමින් සිටියදී පහරකෑමට ලක්වී ඇත..ඒ රටවල් බෝමයක් සීත සහ දැඩි උණුසුමක් යුතු ඒවා වෙති..මෙරට මෙන් ඕනෑම කාලයක ෂර්ට් එකක් නැතුව හුලං ඩිංගක් වැදීගෙන සිටීමේ අවකාශ ඒ බෝමයක්ම රටවල නැත..සමාජ විශමතාවය සහ වෙනත් බෝ ක්‍රියාකාරකම් අතින් ඒ රටවල් ඇත්තේ අපට වඩා ඉදිරියෙන් ‍විය හැකිය..එහෙත් අපි මෙහි සිටියාය කියා ඇත්තටම ඇති වෙනසක් මහා ලොකුවට නැත..මහින්ද හොරකං කලාය..රනිල් බකං නිලා හිටියාය කියා ඇත්තටම වැදගත් නැත..අපි හම්බකොලොත් අපිට කෑම ලැබේ..ඒත් අපි පණ දාගෙන හම්බ කලාය කියා අපිට පනදාගෙන කෑමට කටවල් හැටහතරක් නැත ඇත්තේ එකකි..
මගේ අයිඩියා එක..
අපිට කොයිතරන් වස්තව යාන වාහන වතුපිටි තිබුනත් අපිට තියෙන්නෙ ‍එක මනුස්ස සරීරයක් සහ දවසට පැය විසිහතරක් විතරයි..ඕක ඉතින් අර ටාගට් එක මේ ටාගට් ‍එක පස්සෙ පිස්සු බල්ලො වගේ එලවන්න වැය කලොත් කවද හරි ටාගට් එකට ගිය දවසට හිතෙයි අනේ මං මේ දුවන් ආවෙ මේ කෙංගෙඩිය ගන්නද කියල...
උදාහරණයක් විදියට මගේ බොසා මං වගේ සය ගුනයක විතර වැටුපක් මාසෙකට ගන්නව..දවසක් අපි දෙන්නම රෑ 8 විතර වෙනකල් ටෙන්ඩර් ඉවලුවේට් එකක..
ඉතින් ඒක ඉවරවෙන්න කලින් මගේ එවකට හිටපු ගර්ල් ෆෙන්ඩ් කතාකරනව..එතකොටම ටි වෙලාවකින් බොසාගෙ වයිෆ් කතාකරනව..
මටත් මල අපේ ලෝක්කටත් මල..බලන්න මේ ගෑනු හින්දි චිත්‍රපටියක හිටියත් කරන්නෙ වදයක්මනේ ..මේ අපිටත් එහෙමයි..සැහ්...‍මේක ඇති නේ ඊලග එක බලමු...ඒ අපේ බොසාය..
අපි දෙන්නම කන්න එදා පීස ගෙන්න ගත්ත..ඒත් ඉතින් පීස නැත්තම් ඒ වෙලාවට බිත්තර රොට් හරි කනව..සර් කාරය කිව්වෙ සැහ් ඉන්දි මේ බම්බුවට වඩා හොඳයි බිත්තර රොට් දෙකක් දාගත්තනම්..කියල..මොකද එදාපීස අජූතයි ලුනු සුට්ටක් වැඩියි..
දැන් ඔන්න මිනිහ යන වෙලාව..ඉන්දි මේ වෙහිකල් එකක් තියෙනවද දන්නෑනේ..ඔයා යන්නෙ කෝමද??වෙහිකල් එකක් සොයාගතිමි..ඔහු පැය 2-ක් දෙකහමාරක් කොළඹ වටේ කැරකි කැරකි සිට්ද්දී මා තව විනාඩි 30කින් බස් එකේන ගොස් බුසු ගා බෝඩිමේය..
එකල බොහෝ විට එකම වෙලාවට කාර්යාලට ඒම..එකම වෙලාවට කාර්යාලයෙන් යෑම අප දෙදනාම කලේය..එවිට ඔහුට ඉතිරි වන්නේ මට ඇති කාලයමය...සමහර දිනෙක නයිට් ක්ලබ් එකක හෝ වෙනත් තැනක ගොස් ගෙදර යනවා විය හැක..එහෙත් ඒවා හි වැඩිපුර ඇලෙන එකෙක් නොවේ අපේ බොසා...
සමහර විට මාස 3-4කට වතාවක් පුද්ගලික හෝ ‍ආයතනික විසිට්ස් වලට ඔහු ලංකාවෙන් පිට යයි..අපරාදෙ කියන්න බෑ ගිහින් දකින ගොඩක් දේවල් අනික් උන් ‍එක් ක ටෙලිපෝන් එකෙන් කියෝන නිසා අවුලක් නෑ..ඉතින් එහෙම දවසට මමත් කලින් දැ‍නගෙන මාත් නිවාඩු දාල යාලුවො එක්ක සෙට්වෙනව..සමාර වෙලාවට ලංකාවෙ ටිප් යනව..හිටපු ගමන් අපේ ඈත පැතිවලතියෙන එක එක සයිට් විසිට් කරන්නත් යැවෙනව..මෙතන සල්ලි අතින් සය ගුණයකටත් වඩා වෙනසක් තිබුනට බොසා සහ මම යන දෙන්නටම හිමි වෙන්නෙ එකම කාලය..එකම පසුබිම,,එකම මිනිසුන්...ඉතින් මට නවටනයටවයකවය
වවවහිතෙන්නෙ ජීවත්වෙන් සල්ලි ඕනි ඒත් ජීවිතේ කියන්නෙ සල්ලි වස්තුව වරප්‍රසාද නෙමෙයි...