Thursday, June 25, 2015

මැද නැති කාශ්මීර රේල් පාර

කාශ්මීරය පාකිස්ථානය සහ ඉන්දියාවකියන්නෙ එක්තරා කාලයකදි එකම රටක්. 1947දි ඉන්දියාව සහ පාකිස්ථානය වෙන් වුනා. ඒත් එක්කම මුස්ලිම් බහුතරයක් ඉන්න කාශ්මීර සීමාව ඉන්දියාවටත් ඉන් එහා කෑල්ල පාකිස්තානයටත් උරුම වුනා. මේ දෙගොල්ල බොහොම විරසකයි. එකිනෙකා තරහයි. මෙ දේශසීමාව ලෝකයේ තියෙන සංකීර්ණ දේශසීමා වලින් එකක්.
මේ කාශ්මීරයේ 1900 සියවසේ හිටපු මහාරාජාවරයා තමයි ප්‍රතාප් සිං. ප්‍රතාප් සිං ට අවශ්‍ය වුනා තමුන්ගේ කාශ්මීර පලාතෙ ත් දුම්රිය මාර්ගයක් හදාගන්න. නමුත් එවකට ඉන්දියාව පාලනය කල ඉංග්‍රිසි ජාතිකයින් ඒකට කැමති වුනේ නැහැ. ඒ නිසා වැඩේ කල්ගියා.
ඉංග්‍රීසින්ගේ මැදිහත් වීමෙන් 1897දී දුම්රිය සේවය දිල්ලි සිට ජම්මු දක්වා දික්වෙනවා.
මේ කාශ්මීරය කියන්නෙ ඉන්දියාවේ ඉහල තියෙන හිමාල කදුවලට යාබද පෙදෙසෙක්. කාශ්මීරයේ ඇතැම් පළාත් තියෙනවා කදු විතරමයි. ලෝකයේ උසින් වැඩිම කදු වැටි කීපයක්ම අයිති හිමාල කදුවැටිය, නැගෙනහිර දිහාවෙ තියන බංගලිදේශ මායිමෙ ඉදන් ඉන්දියාව, චීනය, ටිබෙටය, නේපාලය, භූතානය, පකිස්තානය වගේ රටවල් රැසකට හිමිකම් කියවෙන බිමක්. කොටින්ම ඉහල තිබෙන චීන ඇෆ්ගන් පකිස්ථාන් පලාතින් ඉස්සරම කාලෙ ඉන්දියාවට ආපු ආර්යයෝ මේ මහ හිමාල කදුවැටිය තරණය කරලා ඉන්දියානු උප මහද්වීපයට ආවා කියල තමයි විශ්වාසය තියෙන්නෙ. ඒ වගේම පුරාණයේදී අරාබියේ සිට අග්නිදිග ආසියාව කරා ව්‍යාප්ත වුන ගොඩබ්ම් සේද මාවතේ ඇතැම් කොටස් මේ හිමාල සීමාවේ ත් තිබිලා තියෙනවා
සේද මාවතේ ගිය ඔටුවන් පිරිසක්
 මේ කාශ්මීර කලාපය පකිස්ථානයට මායිම් වන සැටි ඔබට සිතිමයමකින් දැකබලාගන්නට හැකි වේවි.
කාශ්මීර කලාපයේ වැඩිකොටසක් කදුවැටි වලින් සමන්විතයි. මේ කදුවැටි හරහා මාර්ග ඉදිකරන එක අමාරු වැඩක්. ඇරත් කාශ්මීරය ගංවතුර, හිම, අධික ශීත කාලය, භූමි කම්පා ආදී නොයෙකුත් ව්‍යසන වලට මෙන්ම ත්‍රස්ථවාදී සහ දෙරටේ හමුදා අතර ගැටුම් සිදුවෙන කලාපයක්.

ඔච්චර අමාරු නම් මොකටද කාශ්මීරෙට පාරක්..

කාශ්මීරය කියන්නෙ භූගෝලියව ඉන්දියාවේ අනික් පළාත් වලින් හුදකලා වෙච්චි පලාතක්. කාශ්මීරයේ ශ්‍රී නගර්, ලදාක් දේශසීමාවලට ඇතුලුවෙන්න තියෙන්නෙ එකම පාරයි. මේ පලාතේ ඉන්න ජනතාවට අනෙක් විශාල ඉන්දියාවට එන්න ලේසිවෙන්නෙත් ඒ අනෙක් පැතිවල ඉන්න ඉන්දියන් කාරයින්ට මේ දිහාවට එන්න ලේසි වෙන්නයි තමයි කාශ්මීරයට රේල් පාරක් ගේන්න ඕනි කියලා ඉන්දිය ආන්ඩුව හිතන්නෙ. කාශ්මීරය කියන්නෙ ලස්සන පලාතක්. ඉන්දියාවෙ බොහෝ පලාත් දැඩි කටුක ශුෂ්ක කාලගුනයකින් යුක්ත වෙනවා. ඉන්දියාවෙ මිනිස්සු ආර්ථිකව සවිමත් වෙමින් ඉන්න නිසා එයාලට මේ ශ්‍රීනගර් පැත්තට ඇතුල්වෙලා විනෝද චාරිකා දාන්න තියෙන අවශ්‍යතාවයත් වැඩිවෙනවා.
. මේ කාශ්මීර දේශසිමාවේ පකිස්ථාන යුද්ධයක් හරි චීන ආක්‍රමනයක් හරි සිදු වුනොත් ඇත්තටම ඉන්දියාවට සෙබලු සහ බඩු යවන්න තියෙන පාරවල් ගාන සීමිතයි. ඒ නිසා පාරක් හදාගන්න එක හමුදා කටයුතු වලටත් වැදගත් වෙන්නත් ඇති
 

මැද නැති ඉන්දියන් රේල් පාර..

මේ කාශ්මීර රේල් පාර ගැන නිදහසින් පසුව විවිධ අවස්ථාවලදී කතා වුනත් එය ඉදිකරන්නට බිම් මට්ටමින් පටන් ගන්නෙ 2002දි අතල් බිහාර් වජ්පායි අගමැති ඉන්න කාලෙදි. කාශ්මීර පළාතේ ප්‍රධාන නගර දෙක වන ජම්මු නගරයත් ඉන්දියාවේ වැනීසිය ලෙස හදුන්වන ජලාශ්‍රිත පරිසරයක් තිබෙන ශ්‍රී නගර් නගරයත් යා කරන්න තමයි මේ කාශ්මීර රේල් පාර හැදෙන්නෙ. මෙ කෝච්චි පාරෙ ශ්‍රී නගර් ඉස්ටේශම තියෙන්නෙ තුන්වෙනි කොටසෙ. මේ රේල්පාරේ සමස්ථ දිග කිලෝමීර 345ක්.
මෙ රේල්පාර කොටස් තුනකින් යුක්තයි.
  1. ජම්මු සිට කට්රා දක්වා කොටස.) ..(කි. මී 78)
  2. කට්රා සිට ක්වාසිගාන්ඩ් දක්වා කොටස
  3. ක්වාසිගාන්ඩ් සිට බරමුල්ලා දක්වා කොටස..(කි . මී 130) ..
මේ රේල් පාරෙ දැනට 1 සහ 3 කියන කොටස් දෙක ඉවරයි. දැනට ඒ කොටස් දෙකේම දුම්රිය ධාවනය වෙනවා. නවදිල්ලියේ සිට ජම්මු දක්වා කෝච්චියක් එන්න පැය 10ක් විතර (කිලෝමීටර 600) ගතවෙනවා එතැන් සිට මේ නව දුම්රිය මාර්ගයේ දෙපැත්තෙන්ම හැදිලා තියේනනෙ කිලෝ මීටර 208ක් පමණයි..ඉතිරි ටික කෝ..?
මේ කොටස් තුනින් අමාරුම කොටස තමයි කදු වලල්ලක් ඔස්සේ යන කට්රා ඉදලා බනිහාල් දක්වා තිබෙන කොටස. ඒ කොටස හදන්න විශාල පාලම් සහ දුම්රිය උමන් රාශියක් ඉදිකරන්නට තිබෙනවා.
ඉහත සිතියම අනුව ශ්‍රී මාතා විශ්නු දේවී කට්‍රා දුම්රිය ස්ථානයේ සිට බනිහාල් දුම්රිය ස්ථානය දක්වා කොටස තවම විවෘත කොට නැත..එම කොටසට කදුකර පලාත් අයිති වන බව මෙම සිතියම බැලීමෙන් ඔබට පේනවා ඇත. 

මෙ දුම්රිය මගේ උඩ කොටස ඒ කිව්වෙ අවසාන කොටස හදලා ඉවර වෙලා විවෘත කලෙ 2009දි. ඒ විවෘත කරන්න දුම්රිය මැදිරි සහ එන්ජින් ගෙනියන්න වුනේ සාමාන්‍ය මාර්ගය හරහා. අපහසුතාවයේන වුනත් කොහොම හරි මැදිරි ටික ගෙනියලා පුට්ටු කරලා කදිම කෝච්චි කිහිපයක් දැනට මේ කිලෝමීටර 130 අවසාන කොටස තුල ධාවනය වෙනවා
පාරෙන් ගෙනිච්ච කෝච්චි පෙට්ටි
 ඉතිං මේ මැදට මොකද වුනේ. මේ මැද කොටස ප්ලෑන් කරලා තිබුන විදියට කිලෝමීටර එකසිය තිහක් විතර තියෙනවා ඉදිවෙන්න. මේ කොටස මුල් කාලෙදි පටන් ගත්තා ඉදිකරන්න නමුත් 2008දි ඉන්දීය උසාවි තීන්දුව්ක ආවා මේ දුම්රිය මාර්ගය එලන්නට නියමිත මාර්ගය තෝරාගෙන තියෙන්නෙ වැරදියට කියලා. ඒ කියන්නෙ දුම්රිය මාර්ගය ප්ලෑන් කරලා තියෙන කදුකර ස්ථාන වැරදියිලු. ඉන්පස්සෙ කොමිටි පත් කරලා පොඩ්ඩක් පාර වෙනස් කරලා ආයිත් වැඩ පටන් ගත්තා
 චෙනබ් ගඟ හරහා ඉදිකරන්නට යෙදුන පාලමේ දර්ශනයක්..

දුම්රිය මාර්ගය සැලසුම් කල සමයේ ශිල්පියකු විසින් අදින ලද චිත්‍රයක්.
මේ කොටසට දැනට ඉන්දියාවේ තිබෙන උසම දුම්රිය මාර්ගයෙ පාලම වන චෙනබ් කියන දුම්රිය පාලමද ඇතුලත් වුනා. වසර ගනනාවක් තිස්සේ උමන් කනිමින් පාලම් ඉදිකරමින් මේ චෙනබ් පාලමට අවශ්‍ය කණු ආදිය මීටර සිය ගනන් උසට ඉදි කරමින් ගජරාමෙට වැඩ කරගෙන ගියත් මේ කොටස ඉදිකරන වැඩේ ලේසියේන ඉවර වෙන පාටක් පෙනුනෙ නැහැ.
ආයෙත් මේ වසරේ මුල් භාගයේදී ඉන්දීය දිල්ලි මෙට්‍රො රේල් පද්ධතියේ හිටපු නිර්මාපකයෙක් වන ශ්‍රී ධරන් කියන පුද්ගලයින් කිහිප දෙනේක මේ දැන් ඉදිකරමින් යන ඉන්දියානු රුපියල් කෝටි 4000කට වඩා වියදම් කරලා තියෙන දුම්රිය මාර්ගය වැරදියි කියාල උසාවි යනවා.
මෙ කාලෙදි නේපාල භූමිකම්පාව වෙලා ඒ උනුහුමත් එක්කම මිනිස්සු ටිකක් කදු ගැන බය වෙච්චි කාලෙ. ඒ වගේම කට්‍රා දක්වා හැදුන දුම්රිය මාර්ගය (පලවෙනි කොටස) කට්‍රා වලට ලගා වුනත් ඒකෙ තිබෙන තාක්ෂණික සහ ඉදිකිරිම් වල අඩුපාඩු නිසා දිනෙන් දින ඒ දුම්රිය මාර්ගය විවෘත කිරීම සහ ඒ දුම්රිය මාර්ගය මතින් දුම්රිය ගමන් කිරීම කල් ගිය කාල වකවානුවක්.. මේ වනවිට ජම්මු සිට කට්‍රා දක්වා දුම්රිය ගමනාගමනය සිදුවෙනවා. ඒ අනුව ජම්මු සිට කට්‍රා දක්වා දුම්රිය කිහිපයක් ධාවනය වෙනවා.
වැඩ කරමින් යන සහ යෝජිත දුම්රිය මග සන්සන්දනය කිරීමක්
දැනට එලමින් පවතින කට්‍රා සිට ක්වාසිගාන්ඩ් දක්වා දුම්රිය මාර්ගයට විරුද්ධ පිරිස විරුද්ධතාවය ප්‍රකාශ කරල නිකං ඉන්නෙ නැහැ. එයාල තරමක් සවිස්තරව මේ සිද්ධිය විස්තර කරනවා. ඉදිකරමින් යන චෙනබ් පාලමට කවර හෝ කාරණාවක් නිසා යම් හානියක් සිදු වුනොත් (ත්‍රස්ථවාදී භූමිකම්පා..නායෙ යාම්..) ඒ එක කණුවක් කැඩුනත් සමස්ථ පාර යථා තත්වයට ගන්න අවුරුදු 4කට වඩා කාලයක් යනවාලු. එතකොට මාර්ගය විවෘ තලාට පස්සෙ මේ පාලමේ කොටසක් කැඩුනොත් තව අවුරුදු 4කට වඩා ඉන්න ඕනි කෝච්චියේන එහා පැත්තට යන්න.
ඒ වගේම තාක්ෂනික වැරදි සහ දුම්රිය පීලි එලන්න තෝරාගත් මග පිලිබද ගැටලු රාශියක් ඇති බව ඒ අය කියනවා. ඒ අයගේ එක් සාධාරන තර්කයක් තමයි මේ ඉදිකරමින් යන පාර ඉදිකරන මුල් අවස්ථාවලදී හදපු උමන් මාර්ග කිහිපයක්ම මාර්ගය සම්පූර්ණ කරන්නත් කලිං කඩා වැටිල තියෙනවා. ඒ වගේම දුර්වල ප්ලෑනින් යටතේ මෙ දැන් හදමින් සිටපු පාර තරමක් දුරින්ද වැඩි එක්කය කියලාත් ඒ අය කියනවා.
ඒ අය නිර්දේශ කරනව නව මාර්ගයක්. ඒ මාර්ගය කලින් හදමින් හිටපු මාර්ගයට වියදම් වූ මුදන් බාගයක් වියදම යන මිල අඩු ප්ලෑන් එකක්. ඒ වගේම ඒ අයගේ ප්ලෑන් එක තුල එකවර පීලි සෙට් දෙකක් දාලා ඩුවල් ට්‍රැක් එක්ක හදන්නත් තියෙන හැකියාව විස්තර වෙනවා.කලින් එකට වඩා කිලෝමීටර 40කට වඩා අඩු වෙන මේ අලුත් පාර උමං සහ පාලම් ආදිය සාපේක්ෂව අඩු එකක්. ඒ නිසා යන වියදම සහ කාලය බොහෝදුරට අඩු යි කියලා දැන් හදන පාරට විරුද්ධ වෙච්චි විද්වතුන් ගේ පාර්ශවය උසාවියට කරුණු දැක්වුවා
COMPARISON OF THE EXISTING AND THE ALTERNATIVE ALIGNMENTS
 The existing slope-skirting alignment

The alternative alignment

About two-third of the line will be resting on unstable mountain slopes along the geological fault-lines
Crosses most of the fault-lines at close to 90 degrees
Many large bridges situated on landslide-prone locations on the mountain slopes
Only seven bridges, all of which are at the base of a valley
Several long, highly curved tunnels
Predominantly straight tunnels
A mega-arch bridge of 500 m length at 259 m above the bed in a gorge in Chenab river
The largest bridge has a length of 160 m and height 160 m
A single-line route will cost about Rs 20,000 crore

A double-line route is likely to cost about Rs 18,000 crore
- See more at: http://www.governancenow.com/news/regular-story/delhi-hc-orders-board-review-alignment-kashmir-rail-link-project#sthash.AfYFJNkf.dpuf

බනිහාල් සිට ශ්‍රී නගර් දුම්රිය ශීත කාලයේදී..
සාමාන්‍ය දුම්රිය යා හැකි මට්ටමේ පුලුල් දුම්රිය මාර්ගයක් කදුකර පලාතක ඉදිකරද්දි යම් කාලයක් ගන්නවා. නමුත් මේ කට්‍රා ක්වාසිගුන්ඩ් පාර තැනීමේ ව්‍යාපෘතිය කළමනාකරනය කරන ක්‍රමවේදයත් එතරම් හොද එකක් නෙමෙය නව ව්‍යාපාතියක් යටතේ මේ නව මාර්ගය ඉදිකරන්නට යනවා නම් නව ව්‍යාපෘති කළමනාකරන ක්‍රමවේදයක්ද හදුන්වා දිය යුතුය කියලාත් මෙ දුම්රිය මාර්ගය හදනවාට විරුද්ධ පාර්ශවය පෙන්නලා දුන්නා.
රජය සහ දුම්රිය සේවය පැත්තේන දැනට කෝටි 4000ක් විතර වියදම් කරලා තියෙන වැඩක් නවත්න අමාරුය කියලා යම් යම් මැසිවිලි නැගුනත් ප්‍රථම කොට සැලකිය යුත්තේ දුම්රිය තුලින් ගමන් පහසුක්ම සලසාගන්නා අනාගත මගීන්ගේ ආරක්ෂාව බවත්. මෙවන් දුර්වල තාවයන් උඩ නිර්මානය වෙන දුමරිය මගක යන දුම්රිය මගීන් අනාගතයේ අසරන වීම නවත්වන්න ඕනි බවත් කියලා මේ දුම්රිය මාර්ගය ඉදිකිරීම නවතාලිය යුතු යැයි තීන්දුව්ක ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනවා
දැනට සදා ඇති කොටසක අලංකාර දර්ශනයක්
 මේ ඉන්දීය නව දුම්රිය මගෙ කොටස් දෙකක් හදලා මැද කොටස තාමත් මැද නැවතිලා. දැන් බොහෝවිට ඉදිකරමින් පවතින පාලම් උමං වලත් වැඩ නැවතිලා ඇති. ඉන්දියාව පැත්තෙන් බොහෝ ඉන්දියානුවන් මේක සලකන්නෙ තමුන්ගේ රටට සිදුවෙච්චි මහා ලැජ්ජාවක් විදියට. දැනට මැද නැති මේ දුම්රිය මාර්ගය හරහා බස් රථ මගින් මැද කොටස සම්පූර්ණ කරලා මගීන්ට ගමන් පහසුව සලසන්න ජම්මු කාශ්මීර බස් සමාගම තීරණය කරලා තියෙනවා

කෙසේ වෙතත් අවසාන තීරනය විදියට මේ පරණ ව්‍යාපෘතියම නැවත අරඹන්න රජය පැත්තෙන් තීරණය කරලා තියෙනවා කියලා ආරංචියි..නමුත් නව යෝජිත මාර්ගය ප්‍රතික්ෂේප කරන්න හේතුවක් ඔවුන් ඉදිරිපත් කරන්නෙ නැහැ..දැනටමත් විශාල මුදලක් ආයෝජනය කරලා ඉවර නිසාම සහ මෙය අකුලාගැනීම ඉන්දීය බලධාරින්ට කැලලක් විය හැකි නිසා ඔවුන් නැවත පෙර මාර්ගයේම දුම්රිය මාර්ගය එලන්නට සැලසුම් කරනවා ඇති. 

Wednesday, June 24, 2015

ජොලි ජීවිතං 2

2 වන කොටස (වැඩිහිටියන්ට වඩා සුදුසු කතාන්දරයකි.) 2529 words
 
සාගර සහ මලිත් මිතුරන් වීය. නමුත් ඔවුන් දෙදෙනා ගතිපැවතුම් වලින් වෙනස්ය. බොහෝ කාලයක් පාසලේත් ඉන් පසුවත් එකටම කාලය ගත කල නිසා ඔවුන් දෙදෙනාම හොදින් එකිනෙකා ගැන දැනගත්තෝය.. සාගර මලිත්ට වඩා උගතෙකි..මලිත් උගතෙක් නොවී යැයි කිය නොහැකි මුත් මලිත් යම් යම් දේ ලබාගන්නට එතරම් වැර වෑයම් නොකරයි..
දෙදෙනාම එකට ඉගෙනගත් නිසා හමුවන උපාදි සහතිකයක් පමණක් මලිත්ට ඇත. සාගර එතනින් එහා ගොස් පුළුල් පරාසයක සහතික රැසක බුද්ධිමත් අයෙකි. ඔහු සමාජයේ පිළිගැනීමක් ඇත්තෙක් වෙන්නට වැර වෑයම් කරයි. 

මලියා.. උඹ කොළඹ ආවට අපේ පැත්තෙ එන්නෙ වත් නෑනෙ.. උඹ බියර් එකක් ගහන්න එක්කරං එන්නත් ඕනි අපි..උඹට නිකමට හිතෙන් නෑනෙ පරණ යාලුවො හෙම බලන්න ඕන් කියලා..කොටින්ම එක කම්පැනියෙ වුනත් උඹේ තියෙන්නෙ මාර කැටයම් නේ.. සාගර කියන්නට විය..
සාගර..උඹ ලොක්කෙක් නේ .. ඉතිං ඒ ඇරත් බං..දැන් උඹල පවුල් වෙච්චි මිනිස්සු මං වගේ තනි පිංගුත්තරයින්ට වඩා උඹලට වැඩ ඇතිනේ.... මං උඹගැන හිතුව..ඒත් ආයිත් හිතුනා උඹ බිසි ඇති කියලා.. අනික උඹව බීල කනමදය වගේ ගෙදර උස්සන් ගියාම උඹගේ වයිෆ් හිතන්නෙ මම පොඩි එකාට බෙහෙත් පොවන්න වගේ උඹව පෙරලගෙන අරක්කු බොන්න දීළ කියලා...
මලිත් කියන්නට විය..
ඇයි වයිෆ් උඹට මොනාහරි කිව්වද? සාගර අසන්නට විය.
නෑ නෑ බං..එහෙම කියන් නෑ..ඒත් උඹව බීළ එක්කං ගියාම එයාගේ කතාබහ වැඩිය හොද නෑ..සමාරවිට ගෑනිට දුක ඇති..
මලිත් ඒ ගොනුව වසාලන්නට උත්සාහ කලේය.
ඔවුන් දෙදෙනා අතර ඉගෙනගන්නා කාලය..කන්තෝරුවේ පහල නිලයකට වී මලිත් නිකම් සිටීම...සාගර ඉහලට ගියත් ඔහුට අති පස්න..ආදිය ගැන කතා ඇතිවිය ..නමුත් අපිට අවශ්‍ය වන්නේ කතාවේ මැද හරියේ ඇති වූ කොටස් කිහිපයක් පමණි.
මලියා..දැන් උඹව බදුල්ලෙ යැව්වෙ උඹයි සන්ධ්‍යයි අතර පලහිලව්ව නිසා නේ..බං..
ඕක හංගන්න දෙයක් නෑනෙ.. බොසාට ආරංචි වෙලා බොසා ගනන් ගන් නැතුව ඉදලා..ඒත් බොසාට කේලං කියන උන් එක එක විකාර ඇඩ් කරලා කියල තියෙන්නෙ..ඇරත් බොලා දෙන්න නිකං ලගදි බැන්ද කපල් එක වගේ තැන් තැන්වල කාර් එකේ ජෝඩු දාන් යනකොට...
මොන මිනිහටද බං ඉවසන්න පුලුවන්..
උඹ බොහොම වැරදි මලිය.. උඹට තිබුනෙ බොසා ගැනවත ්හිතල..ඕක ගැන හිත අහක් කරගන්න..බොසා මචං කොච්චර වුනත් රත්තරං මිනිහ නේ.. අපිට ලොකු සැලකිල්ලක් නැති වුනත් අපිට එහෙමට වෙන තැන්වල වගේ කැපිල්ලක් නෑනෙ ..හිත හොද මිනිහ නේ..අපිට ඌ නිසා එලවන්ස් එකකුත් ලැබුන නේ.. අනික උඹ කලි ං අර ඇක්සිඩන්ට ්වෙල හිටපු කාලෙ උඹෙ ලීව් ටික පවා බොසා සේප් කරල දෙන්න හැදුව නේ..
එහෙව් බොසාගේ ගෑනි අරං උඹ රට වටේ යනවා. අනේ මන්දා මලිය මට නම් උඹව පේන්නෙ වැරදි කාරයෙක් විදියට..
සාගර කියවාගෙන යන්නට විය..
ඔවු සාගර හරි සාගර..ඒක ඇත්ත තමයි..මටත් ඕව නිච්චියක් නෑනෙ.. මලිත් ඔලුව වනමින් පිලිතුරු දුන්නේය.
මලිය උඹ ආපු කාලෙ ඉදන් කොයි තරං වැඩ කලාද ඔෆිස් එකේ..කලා වැඩ..තරග තියෙන ඒවා.. ට්‍රිප් ඕගනසියිස්..හැම එකාම උඹ ගැන ලොකු ගරුත්වයකින් හිටියෙ..ඒත් උඹ අවසානෙට කරපු වැඩෙන් මිනිස්සු අතර උඹ පිරිහුනා.. තැන ඉබේම නැතිවුනා වගේ වුනා.. ඉස්සර අර කෙල්ලො සෙට් එක..අර අලුතින් ආපු ට්‍රේනිස්ල පවා උඹව මහා ලොකු එකෙක් ගානට හිතාන හිටියෙ.. දැන් ඒම වැඩ ඕගනයිස් කරන්න බර අදින්න මොකෙක්වත් ඇත්තෙ නෑ..ඉදලා හිටලා ටිපක් යන්න සටේ වුනත් වැඩක් ඔගනයිස් කරගන්න මොකෙක් වත් නෑ..ලගදි පොලිස් කේස් එකක් ඇවිත්.. ඒක මැනේජ් කරගන්න එකෙක් නෑනෙ බං ඔෆිස් එකේ.. අපරාදෙ උම අපේ බ්‍රාන්ච් එකෙන් ගියෙ.. 
උඹට තිබන එච්චර පිලිගැනීම උඹ අර මල හෝන්තුව නිසා නැතිකරගත්ත.. එහෙම මචං තමුන් රැස්කරගත්ත පර්සනල්ටි එක නිකං හෝදගෙන යන්න දෙන එක මෝඩ වැඩක් මචං..සිරාවටම..අපි හම්බකරන්නෙ සල්ලි ම නෙමෙයි කියල නේ උඹත් කියන්නෙ.. ඒත් උඹ හම්බකරගනිපු මිනිස්සු ඔක්කොගෙන්ම උඹට එක එක නරක නාම අහන්න වුනා ඔය සන්ධ්‍යත් එක්ක පලහිලව්ව පටන් ගත්තයින් පස්සෙ..
සාගර බිව්ව එකෙකු ලෙසින් කියවයි..ලෙසින් නොව ඔහු බෙිමින් සිටියි..ඔහුට මලිත් ගැන අනුකම්පාවක් ඇති බවක් පෙනේ..
ඔවු සාගර හරි සාගර..ඒක ඇත්ත තමයි..මටත් ඕව නිච්චියක් නෑනෙ.. මලිත් ඔලුව වනමින් පිලිතුරු දුන්නේය.
නිච්චියක් නෑ උඹ බබා.. දැන් බලහං මට පහුගිය දවසෙ උඹලයි අම්ම හම්බෙලා මං උඹ ගැන ඇහුව..බදුල්ලෙ ගියා.. එහෙ ගිය එක හොදයි..නැත්තං අර සකරවට්ටමක් එක්ක තැන තැන ගිහින් පවුලෙ නමත් කැතකරනවා කියල ඒ මනුස්සය කිව්ව. මට හදිසි වැඩකට යන ගමන් හිටියෙ.. මං පස්සෙ උඹලයි ගෙදර ගියා..අම්මයි තාත්තයි උඹේ ඔය වැඩෙ නිසා හරිම අප්සට් එකෙන් ඉන්නෙ.බදුල්ලෙ ගියාමවත් අරක පස්සෙන් යන එක ඇරෙයි කියලා තමයි ඒ කට්ටිය හිතං ඉන්නෙ.. නංගිත් කිව්ව..එයාගේ යාලුවොත් අයිය ගැන කියල විහිලු කරනවලු..
උඹ ට මේව ඇත්තටම තේරෙන් නැද්ද මලිත්..ජීවත් වෙනව කියන්නෙ තනියෙන් බුම්මගෙන පැත්තකට වෙලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..උඹ බැදපන්..මං කියන්නෙ ඔය සන්ධ්‍යා මල මගුලට ඕනි කුදයක් ගහගන්න කියල උඹ බැදපන්.. සාගර කියන්නට විය..
සාගර උඹ හරි.. ගෙදර කට්ටියත් අප්සට් එකෙන් තමයි ඉන්නෙ..මලිත් යම් දෙයක් සිතට ගත්තාක් වැනිව උත්තර දෙන්නට විය.. 

හරි මට කිහයං මලිය..දැන් ඔය ගෑනි උඹට අත අරින්න බැරි මොකද? ඒකි හොදට සැප දෙනවද? උඩ පැනල දෙනවැති ඉතිං..ඒ වේසිට දැන් 48ක්වත් ඇති නෙ.. පුතාල දෙකම රට.. නේ.. නාකි වෙමින් මැද හරියට යද්දි කොහොමත් ආයිත් එන්ජින් ගැස්සි ගැස්සි වැඩ කරනවා නේ..
සාගර අදිමින් කියන්නට විය..
නෑ බං සාගර එහෙම එකක් නෑ අපි අතර..අනික සන්ධ්‍යාට 48ක් නෑ 43යි..
මලිත් අකමැත්තෙන් අහක බලාගෙන පිළිතුරු දෙන්නට විය..
එතකොට උඹ කියන්නෙ ග්‍රීන්ලන්ඩ් පාක් රෙසිඩන්ස් එකේ කාමරේකට උඹලා දෙන්න හැම සෙනසුරාද හවසම ගිහින් ඇතුලට ගිහින් ජිල් ගැහුව එක විතරයිද?..මං විතරක් දන්න එකක් නෙමෙයි නේ.. මේක හැමෝම දන්නව නේ..
සාගර කියවන්නට විය..සාගර ට මලි්ත බොරු කියනවා යැයි හැගෙන්නට වූ නිසා ඔහුට මද තරහක් ආරුඩ වී ඇත. 
ග්‍රින්ලන්ඩ් පාක් හරි ලස්සන තැන.. එතනට කොළපාට වැව ලස්සනට පේනවා.. ඈතින් තියෙන කදුත් පේනව සමහර උදේ වෙලාවල් වලට.. ඒකෙ කෑම මාර ස්මූත් වැඩිපුර තෙල් නෑ..කියන මෙනු එක ගානට ගෙනත් දෙනවා.. උඹත් වයිෆ් එක්ක පලයං..ඒක හරි කූල් එන්වරමන්ට් එකක් සාගර..යා..
මලිත් කියන්නට විය..
එතනදි  සාගරය මෙහෙමයි..දැන් උඹ හිතන විදිහට හැමෝම හිතනවා ඇති. ඒත් සන්ද්‍යා එහෙම ගෑනියෙක් නෙමෙයි..එයා කැමතියි මාත් එක්ක ඉන්න..මාත් එක්ක රවුං ගහන්න..ඒත් එයා මට කකුල් දෙක පලල් කරන ජාතියෙ ගෑනියෙක් නෙමෙයි.. සාගර මම මේක කියන්නෙ උඹ මේක විස්වාස කරයි කියල හිතල.. උඹත් විශ්වාස නොකලොත්..මට ඒකෙ අවුලකුත් නෑ..
මලිත් කියන්නට විය.. 
හරි බං..හරි ඔය කුනු කේස් එක අල්ලල දාමු.. අපි තව බඩු ඕඩර් කරමු..
සාගර කියන්නට විය..
වෙනත් කතා කිහිපයක් අවසන යළිත් සන්ධ්‍යාට පනින්ට විය...
ඒ වුනාට මලියා..ඔ්‍ය කේස් එකෙන් සන්ධ්‍යට නැතිවුනාට වැඩිය ගොඩක් දේවල් උඹට නැතිවුනා ඒ ගෑනි නිසා..කොටින්ම උඹේ ගර්ල් පෙන්..චාන්දි පවා උඹට පිටුපෑවෙ ඕක නිසා.. අනික උඹ සමාජයෙ කොන් වුනා..ඒකිට නම් ඕව ගානක් නැතුව ඇති..
සාගර කියන්නට විය.. 
චාන්දිලයි ගෙදරින් කැමති වුනේ නැහැලු නේ..සාගර ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කර අවස්ථාව මලිත්ට ලබා දුන්නේයැ..
ඉතිං ගෙදරින් කැමති වෙයියැ උඹ ගෑනු එක්ක යනකොට..
සාගර මලිත්ට අවකාස නොදීම උත්තරයද දුන්නේය..
සාගර උඹ දන්න දේවල් තියනවා වගේම නොදන්න දේවලුත් තියෙන්න පුලුවන්.. ඔතන එකම කාලෙ වගේ පෙනුනට කාල දෙකක්.. චාන්දි ගේ ගෙදර අය කැමති වුනේ නැහැලු මට තියෙන ස්ටේටස් චාන්දිට මැච් වෙන්නෙ නෑ කියලා..සිංහලෙන් කිව්වොත් මට ගෙයක් නෑ.. මම උපයපු මේන්න මේක කියලා පෙන්වන්න දෙයක් නෑ...
ඉතිං ෆිසිකල් ඉස්ටේසස් නැතුව චානන්දිගෙ ගෙදරින් කැමති නෑ..
මලිත් කියන්නට විය..
ඉතිං බං මලියා උඹයි චාන්දියි ගොඩක් කල් ඉදල නේ දන්නෙ..බොලා දෙන්නට එකට සෙට් වෙන්න තිබුන නේ... සාගර කියන්නට විය..
ඔන්න ඕකනේ සාගරය මම උඹට ඉස්සරත් කිව්වෙ උඹ අර ටීවි එකේ ටෙලිනාට්ටි...බොලද නවකතා බලන්න එපා කියලා..
යකෝ චාන්දිගේ ගෙදරින් අකමැතියි කිව්වම චාන්දි ඒ ගෙදර බෝඩිං කාරියෙක් නෙමෙයි..චාන්දිගෙ ගෙදර කියන එකට චාන්දිත් අයිතියි.. චාන්දිගේ ගෙදරින් අකමැති කියන තීරණය වර්ධනය වෙලා වැඩෙන්න සමහර විට චාන්දිත් දැනුවත්වම පෝර දාන්න ඇති.. මලිත් කියන්නට විය..
අනේ මන්ද මලිය මට උඹේ සමහර මහප්‍රාන ග්‍රැමර් තේරෙන් නෑ..
උඹ කියන්නෙ එතකොට චාන්දිටත් උඹව එපා වෙලාද ? නැත්තං ගෙදර උන් චාන්දිට උඹව එපා කරලද? මොකද්ද වුනේ..
සාගර කියන්නට විය..
යකෝ..හැමදේම ගෑනුන්ට වගේ කියල දෙන්න නම් තොපි ඉගෙනගෙන ඔය ඇදුම් ඇදලලොකු පුටුවලට යන එක තේරුමක් නැ...මම කියන දේ මුල ඉදල හිතපං..චාන්දි ගේ ගෙදරින් අකමැතියි..චාන්දි ඉන්නෙත් ඒ ගේ ඇතුලෙ..එතකොට චාන්දිගේ ත් මනාපයෙන් සහ සහයෝගයෙන් තමයි මට තියෙන අකමැත්ත කියන දේ ඇති වෙන්නෙ..නමුත් චාන්දි මට පෙන්වන්නෙත් හනී අපී ගෙදරින් එෆයා එකට අකමැතියි  ඒ නිසා මාත් අකමැතියි කියලා..
මලිත් කියන්නට විය..
හරි හරි..කෝමහරි චාන්දි උඹව මැරි කරන්න අදි මදි කලා උඹේ ඉස්ටේටස් මදි නිසා..ඔහොම කිව්වනම ්හරි නේ බං..උඹත් හෙන පොඩි දේ මහ ලොකු කරනවා වෙලාවකදි..
සාගර කියන්නට විය..
ඉන් පස්සෙ මචං ගෙදරිනුත් මගුල් බැලුවා..උඹත් මොකද්ද කෑල්ලක් සෙට් කරන්නහැදුවෙ..ඒවත් ඉතිං එක එක කතන්දර නේ. සමහර ගෑනු කියනව උන්ගේ ගෙදර ඇවිත් ඉන්නලු.. සමහර ගෑනු කියනවා එයාට යාලුවො ගොඩක් ඉන්නවා නිදහස ඕනිලු ගොඩාරියක්..ට්‍රිප් එහෙම යන්න වෙනවලු දුර.. පස්සෙ හොයා බලනකොට ඒකිව ඩේලි අදිනවා ඒ ඔෆිස් එකේම ලොක්කෙක් කාර් එකේම... ඉතිං ඒකට නිදහස දෙන්න මම කැමති වෙන එකට වෙන්න ඇති ඒකි යාලුවො ගොඩක් එක්ක ට්‍රිප් යන නිදහසක් ඉල්ලුවෙ..
මට ඕව එච්චර අවුලක් නෑ.. ඒත් සාගර උඹ වගේ උන් ඔ්‍ය උඹ කියන අම්මගේ රෙද්දෙ ලෝකයා එතකොට ආයිත් නටන්න පටන් ගන්නව නේ..
මලිත්ට තරහ ගොස් ඇති සෙයක් ඔහුගේ වදන් වලින ්පෙනේ..
ඒ වුනාට මලිත් උඹට කෙල්ලෙක් හොයාගන්න අමාරු වෙන් නෑ බං..උඹ ඒ නිසානම් අර සන්ධ්‍යට අහු වුනේ..අපරාදෙ පවු බං..උඹ පවු..සිරාවට මට උඹගැන දුකයි.. සාගර කියන්නට විය..
මම සන්ධ්‍යට අහුවුනා..හොද  පොයින්ට ්එකක්...ඒත් එහෙම වුනාද ..සන්ධ්‍යා වුනත් එකපාර කැමති වුනේ නෑ..මගෙත් ටිකක් ඉටිකිරිස් වැඩ තිබුනා සන්ධ්‍යා එක්ක සෙට් වෙන්න...සමහර දේවල් අහම්බෙන් වගේ..ඒත් එහෙමම අහම්බෙකුත් නෑ ඉතිං.. බොසා නැති බව දැනගෙන ඌ හම්බෙන්න වගේ බෙසාගෙ ගෙදර ගියේ එකපාරක් නෙමෙයි බං...අනික ඔය ගෙට්ටුගෙදර එකකට සන්ද්‍යා මුලින්ම ආපු දවසෙ මම නිකං නොදැන බබා වගේ සන්ධ්‍යට කිට්ටු කරලා ශ්‍රාවක කම ඉල්ලුවෙ නෑනෙ.. ඒවා ආත්මීයයි  අවිංඥාණිකයි කියල ශේප් වෙන්න පුලුවන්..ඒක මට හොදයි.උඹ ඔය විග්‍රහ කරන කීර්තිනාමය කියන එකටත් හොදයි සන්ධ්‍යා මාව අමාරුවෙ දැම්මා කියල හිතන එක..ඒත් මම දන්නවා ඇත්තටම ඒම එකක් නෑ..අත්පුඩි ගැහවෙ අත් දෙකින්ම තමයි.. .ඒත් එතනදි සන්ධයා ඇවිත් මාව ඩැහැගත්තාය කියලා යන්නෙ තනි ප්‍රෝඩාව..
මලිත් කියන්න ට විය..
හරි කවුද බං බැදපු නැති එකෙක්, බැදපු ඇන්ටියෙකුගෙන් සිග්නල් ලැබෙද්දි ඇඹරෙන්නෙ..උඹත් හිතන්නෙ ඔය ගෑනු මායං කියන්නෙ හරි සරල දෙයක් කියල..උඹ ගෙවපු වැදගත් ජීවිතේ නැතිවුන හැටි ගැන උඹට කිසිම අයිඩියාවක් නෑ මලියා.. සාගර කියන්නට විය..
අනේ බං බයිල නොකිය හිටිං..සාගරය.. ඇත්තම කිව්වොත් ඉස්සර මොකද්ද බං මං ගෙව්ව කියන මහලොකු වැදගත් ජීවිතෙ.. හැන්දෑවට බීල හෝ නොබී ගෙදර යනවා ගිහින් රෑට ෆිල්්ම බලල පොතක් බලලා රෑට වැලක් බලල අතේ ගහල නිදාගෙන අවදිවෙලා ආයිත් ඊලග දවසෙ වැඩ ටයනවා.. වීකන්ඩ් එකේ එක්කො ෆිල්ම් හෝල් එකක නැත්තං බොනවා..නැත්තං මොනවා හරිඅර උඹ කියපු ට්‍රිප් ඕගනයිසින්..හරි ඒ වගේ වැඩක්..
මලිත් කියන්නට විය.. 
ඉතිං මලිය උඹ කියන්නෙ දැන් උඹ අර වේසි නිසා හොද ආතල් එකක් ගන්නව කියලද? දැන් උඹමයි කිව්වෙ ඒකි ගහන්න දෙන්නෙත් නෑ කියලා..එතකොට මොකද්ද කියහං කො උඹ ඔ්‍ය ගන්න මහ ලොකු විනෝදෙ? සිරාවටම ..
සාගරද උත්තර බදින්නට විය.. 
මචං සාගර
මේ ලෝකෙ බෙදාගන්න පුලුවන් ආතල් තියෙනවා බැරි ඒව තියෙනවා..දැන් මම වෙනුවට උඹව අරන් යන්න කියල සන්ද්‍යට කිව්වට උඹව අරන් යන්නෙ නැහැ..අනික සන්ධ්‍යා උඹ වගේ ෆික්ස් ඩයල් එකකට කීයටවත් කැමති නෑ ...මලිත් කියන්නට විය..
අන්න ට්‍රැක් එක් පැන්න..මං ඒක නෙමෙයි කිව්වෙ මලිය..
නෑ නෑ උඹ ඒක කෙලින් කිව්වෙ..නෑ..දැන් උඹ ඒක යටිහිතේවත් නෑ..කොහෙවත්ම නෑ කියාවි..ඒත් ඇත්ත කතාව සන්ධ්‍යා ලස්සනයි.. උඹත් ඔය සන්ධ්‍යාෙග් වැනෙන පුක දිහා කෙල හල හල ඉන්න ඇති..දැන් උඹට ඒක ගහන්න තියා අල්ලන්නවත් නොදී ඉන්න සීන් කෝන් එකකදි මම ඒක එක්ක හොටල් ගානෙ යද්දි උඹට අප්සට්....ඕකට දැන් උඹ වෙන බහුරු කෝලං කතාන්දර දාල ඒක විසාල කරගෙන....
මලිත් කියන්නට විය..

සාගර ගේ කට කොනකට සිනාවක් එකතු විය.. මලිත් අහක බලාගෙන ඈත බලන්නට විය.. සාගර යලිත් සෙමෙන් කතාව පටන් ගත්තේයැ.. 
යකෝ උඹ කවදාවත් කෙල්ලෙක්ට ආදර කරල නෑ..උඹට හරියට කෙල්ලෙක් සෙට් වෙලත් නෑ.. අර චාන්දි කියන කෑල්ලවුනත් උඹට බොක්කෙන් ලවු නෑනෙ..උඹ හැම එකම හිතන්නෙ මලිය උඹේ සෙටප් එකකින්.. එතනයි වරද..දැන් උඹ පත්වෙලා තියෙන තැන උඹට කියල දෙන්න මම ආවම..උඹ හිතනවා මට මේ සන්ද්‍යට තට්ටු කරන්න බැරිවුන දුක අතාරිනව කියලා.. ැඇත්තටම මලියා උඹට ජීවිතේ ගොඩක් දේවල් මිස් වෙලා..
සාගර දුකින් කියන්නට විය..
ඇත්ත බං ඇත්ත.. උඹ කියන විදියට අපේ ගෙදර උන්ට.. ඔෆිස් එකේ උන්ට..අපේ ලොක්කට..බොට...මගේ සමාජයේ ඉන්න උන්ට.. කොටින්ම මගේ වටේ ඉන්න හැම එකාටම මාව එපා වෙල ඉවරයි.. ඒත් මට උඹ කියන දේවල් වලින් කිසිම ලැජ්ජාවක් ැතිවෙන්නෙ නැහැ..ඒක මගේ අවුලක්.. වෙන්න ඇති.. සන්ධ්‍යා කැමති නම්.. ලොක්කගේ ගෑනි එක්ක මම යන එක ගැන ලොක්ක මං එක්කෙ කෙලින්ම තාම වචනයක් වත් කතා කරල නැත්තං.. සන්ධ්‍ය කිසිම වෙලාවක ඒ ගැන පසුතැවෙන්නෙත් නැත්තං..මටත් අවුලක් නැත්තං..
මලිත් කියවාගෙන යයි..
අනේ මන්ද බං.. තොපි අනුන්ගේ ලබ්බවල් එක්ක මොන ගනුදෙනුවක් කරනවද කියලා..අඩුතරමෙ උඹ ඔය මුලින් කියපු ජාතියෙ සමාජ විරෝධයක් ගැන අපේ ලොක්කවත් මට කියල නෑ..ඌ කිව්වෙ.. බදුල්ලට ලියුම දෙද්දි..
මලිත්.. මේ ලියුම දෙන්නෙ මම නෙමෙයි.. ඒත් මිනිස්සු බැලන්ස් කරගන්න මට මේක කරන්න වෙනව කියලා..
ලොක්කයි ගෑනිගෙ පුක ගැන ලොක්කට නැති අමුතු කරුණාවක් ඔපිස් එකෙ උන්ට තියෙනවා.. අනේ මන්ද බං..
මලිත් කියන්න ට විය.. 
හරි හරි මලිත් උඹ මාත් එක්ක තරහ වෙන්න ඕනි නැහැ..මම කලේ...වටේ උන් සහ උඹේ වටේ තියෙන නේචර් එක උඹට පෝඩ්ඩක් කියල දෙන එක.. යාලුවෙක් කියන්නෙ මචං එකට බීල එකට නාල කාල මාරුවෙල යන ජාතිය නෙමෙයි නේ.. උඹ පොඩ්ඩක් හිතපං..සන්ධ්‍යට අනින්න බැරිවුන නිසා කතාන්දර හදලා බොස්ට කේලං කියන උනුත් ඇති..ඒත් මං එච්චර පහලට වැටුන් නෑ මලිය..අනික එකට කාලයක් ඉදලා එක බත් එක බෙදං කාපු මං උඹ ගැන ලොක්කට කේලං කියයි කියල උඹ හිතපු එක ගැන මට අප්සට්..
සාගර කියන්නට විය..
සාගර..මම කිව්වෙ මචං මනෝ විශ්ලේශන කෑල්ලක් ගැන.. ඒ කිව්වෙ ඇත්තටම සදාචාරය කියන සන්ධර්භය නිර්මාණ්‍ය වෙන්නෙ ඉරිසියාව පදනමින්.. මම හිතන්නෙ එහෙමයි.. උඹ මම ගැන දන්නව නේ බං..මට ඔ්‍ය කැටයම් බෑ.. කියන්න ඕනි දේ කෙලින්ම කිව්ව..
මලිත් යලිත් වතුර උගුරක් බොන්නට විය..
ඉස්සර බං මං වීකන්ඩ් එකේ ඔහේ ඇවිදිනවා.. සෙල්ලං කරන්න යනවා.. පොත් සල්පිල් බලන්න යනවා..පස්සෙ සන්ධ්‍ය සෙට් වුනාම සෙට් වෙලා ෂොපින් යනවා.හොද සුපිරි තැන්වලින් කනවා.. වෙලාවකට අපි එක රැයෙන් මීගමු ගිහින් කාල නාල ඉදල එනවා..
ජීවිතේ ට මාර රිලැක්ස් එකක් දැනෙනව බං.. 
දැන් අර වේස චාන්දි කියල වේසියෙක් එක්ක මම යාලුවෙල හිටිය නේ..ඒකි ඒකිගෙ සතියෙම තියෙන කුනු ගොඩවල් අත අරින්නෙ මම ඉරිදට හම්බ වුනාම.. බස් එකේදි කොල්ලො පුක මිරිකන්න හදන හැටියි.. අනම් මනම් පවුල් පස්නයි..තියෙන ලෙඩ වාට්ටුවයි..හැම දේම කුනු ගොඩවල් ගෙනත් මට අතාරිනවා..මම විස්වකර්මයා වුනත් ඒකිට තියෙන පස්න මට විසදන්න බෑ බං.. ඇත්තට ම මට චාන්දි කියන්නෙ ඇවිදින මලමිනියක් වගේ පෙනුනෙ වෙලාවකට..හැමතිස්සෙම මොකකට හරි නාහෙන් අඩාගත්ත ගමන් මයි..එක්කො පොමෝසන් නැ කියයි..කාර් එකක් දැක්කොත් ඒවගෛ් එකක් නැ කියයි..
ඒකට බලහං සන්ධ්‍යා..කිසි අවුලක් නෑ..ඒකිට ඇති පස්නෙකුත් නෑ.. අපි පහුගිය කාලෙ ක්ලාස් එකකටත් ගියා ...ෆෙන්ච් ඉගෙන ගන්න.. තව ඉතිං එයාට තියෙන වැඩ රාජකාරි හරි අමුතු බං..අපි නොදන්න ලෝකයක් වගේ.. ඔන්න එයාලයි වත්තක් තියෙනවා පුත්තලමෙ.. දවසක් ඕකට ගියා.. හප්පා..පට්ට සැලකිලි ඕයි..
ඔය ලොක්කා හිටියට ඌ ට මේ ගෑනි තඹ වටින් නෑ බං.. ඒක ගෑනිත් කියනවා නේ.. පුතාල දෙන්න නැත්තං දෙන්න දැනටමත් දෙපැත්තක.. දෙපැත්තක කියන්නත් බෑ..දෙපැත්තක ඉන්න කලිං උන් දෙන්න එකපැත්තක ඉදලා තියෙන්නත් එපැයි..
මලිත ්කියන්නට විය..
මං මොකුත්ම කියන් නෑ මලිය.. උඹ එදා ඉදන් වෙනස් නේ..උඹට හරි කියල හිතෙනවා නම් උඹ ඕක දිගට ඇදන් පලයං..ඒකෙ අවුලක් නෑ..ඒත් මට හිතෙන්නෙ ඒ ගෑනි උඹව තියන් ඉන්නෙ අර පොශ් ගෙවල් වල බල්ලො තියං ඉන්නවා වගේ විනෝදෙට.. උඹට කිම්බක් වෙනුවෙන් බල්ලෙක් වෙන එක සැපයි..ඒක උඹ මාර විදියට විදිනවා.. උඹට බල්ලෙක් වෙලා පස්සෙන් යන එක ඒ කිඹි සුවද විදිමින් ගතකරන කාලය මාර විනෝදයි..ඒක උඹට අනුව මාරයි.. සනීපයි..
මලියා මට උඹට පවුල් ජීවිත...සැබෑ ජීවිත ආදරේ ගැන ලෙසන් තියන්න බෑ..මොකද උඹ මාව තේරුම් ගන්න අර සන්ධ්‍යෙග නාටු පුකට අනින්න හදන එකෙක් කියල නේ.. මම කියන්නෙ හැම කෙල්ලම අර චාන්දි වගේ නැ..ලෝකෙ හිතන තරම් කලු නෑ බං..ඔය සන්ධ්‍යා කියන ගෑනියෙක් එක්ක හැංගෙන්න තරම් උඹ කලුත් නෑ.. උඹ ඔය ලෝකෙන් එලියට එන්න හදපු දවසක උඹට මම කියන දේ තේරෙයි..
එහෙනං අපි කැපුනාවෙ.. 
සාගර කියන්නට විය..

පෝඩ්ඩක් හිටපං සාගර පෝඩ්ඩක්..මංම ඉවර කරන්නං..ඉවර කරන එකාට චෑන්ස් එක එන්න එපැයි..අනික උඹ නේ කතාව පටන් ගත්තෙ..මලිත් සාගරට මදක්නවතින්නට කතා කරයි..

ආහ් හරි හරි කියහං.. 
සාගරයා උඹ අහල තියෙනවද මරන්න ගෙනියන දර්ශන ගැන..ඉස්සර රජ කාලේ සීන් කෝන්.. එක්ක තියෙන්නෙ?
 මලිත් පස්නය අසා තවත් වතුර ටිකක් බිව්වේය..

ඔව් අර බං දස්කොන්ද මොකාද එකා ත් ගෙනිච්චෙ ඒමලු නේ.. ඌව අත් පස්සට කරල බැදලා මල් මාල දාල.. බෙර ගහල හෙම..

සාගර කියන්නට විය..

ආන්න රයිට්..ආන්න රයිට්..එතන පොඩ්ඩක් හිතේ මවාගනින්..එතනදි අනිවා වටේ උන් ඉන්න නෑෆයා හෙම අඩනවා..දකින උනුත් අඩනවා ඇති..කොච්චර වුනත් මනුස්සයෙක් නේද කියලා.. එතකොට එන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් පට්ට දුක එකක්.. හරියට මල ගෙවල් වල සිංගාරම් වගේ.. තව ඉතිං කොස්ටියුම්..ඔක්කොම හෙන දුක් බර තත්වෙක තියෙන්නෙ.. 

ඒත් ඔය වගේ ඔකේෂන් එකකදි මරනයට නියම වෙලා රතු මල් දාල රතු අන්දලා අත් පිටිපස්සට තියං යන  ඩයල් එක..,  අර කැන්වසින් යන දේසපාලුවෙක් වගේ හැමෝටම හිනාවෙවි.. බලන උන්ටත් ආතල් හිතෙන්න ඇස් ගගහ..එක එක ඇක්සන් මූනෙන් දදා යන එකෙක් ඉන්නත් ඇති නේ..මලිත් කියන්නට විය..ඔහුගේ කතාව බාගෙදා තරමක් දිග වන්නටද ඇත.. නමුත් සාගර හරස් විය..

හපෝ ඇති බං ඇති.. අපි යන්නෝනි..උඹේ දර්ශනේ තියාගන පොලිශ් වෙනකල් අර වට්ටක්ක පලු අතගගා ඉන්නෙ නැතුව ඇන්නෙ නැත්තං මල්වට්ටියෙ තියල පුදනකල් බලන් ඉන්නැතුව එකක් දෙකක් අැනගන්න හරි බලහං..  සාගර මලිත් නවත්වමින් කියන්නට විය..

වේටර් මල්ලි.. මචං අපිට වීල් එකක් කත ාකරල දියං.. මේ සීය උඹ තියාගනිං.. 
වේටර් පසෙකට ගොස් ඔහුගේ ෆෝන් එක අදින්නට විය..

Tuesday, June 23, 2015

ජොලි ජීවිතං

වැඩිහිටියන්ට වඩාත් සුදුසු වෘත්තාන්තයකි..

ඔහු ඇය නම්මාගන්නට වැර වෑයම් කලේය..ඇය ඔහුව තදින් ප්‍රතික්ෂේප කරමින් ඔහුව තල්ලු කරයි. ඔහු නැවත පිබිදී ඇයගේ තොල් වලට හාදුවක් දෙන්නට වෙහෙසෙයි එවරද ඔහු පරාජය විය.
දැන් ඔහු ඇඳමත වැතිරී ගිමන් හරී..ඇය ඇදේ පසෙක සිට ඔහු සිටින පැත්තට පිටුපා සිටී...
අනේ ...මලිත්..ඔයා බබෙක් වෙන්න හදන් එපා.. ඔයා දන්නවනේ මම ගැන හොදටම. මම ඕකට නෙමෙයි ඔයාව හමුවෙන්න ආවෙ.. මං මේ බදුලු ආවෙ වෙන වැඩකට..ඒ ගමන් ඔයාව බලල එන්නයි ආවෙ.. ඒ ඇවිනුත් ඔයාගෙ නමට හානියක් වෙයි කියල හිතලයි වෙනම කාමරයක් අරගෙන ආවෙ..
ඇවිත් නිකම්ම ඉන්න බැරි නිසා බියර් ටිකක් ඕඩර් කලා..දැන් ...
දැන්.. ඔයා බියර් පොඩ්ඩක් බීල මාව පෙරලගන්න හදනවා..
මොනවද මලිත් ...ඔයාට ලැජ්ජ නැද්ද?
සන්ධ්‍යා ඇසුවාය..

හුම්.. ඔයා ගෑනියෙක්...මම පිරිමියෙක්..තාම 40හවත් නොවුන පිරිමියෙක්..මම ඉන්නෙ කාමරේක ඔයත් එක්ක තනියම...තනියෙම ගෑනු පිරිමි දෙන්නෙක් එකතු වුනාම.. පිරිමියා ගෑනිට බලහත්කාරකමක් කරන්න හදනවා..
අනික ඔයා ලස්සනට කිව්වට..ඔයා දැන් හේතු හැටක් විතර හදන් හිටියට ඔයා බදුලු ආවෙ මාව බලන්න.. මාව බලන්න බදුලු ඇවිත්..වෙන අයට පේනවට කාමරේකටත් ඇවිත්.බියරුත් බීල එලියට ගියාම මේක දකින ඕනි කෙනෙක් හිතන්නෙ කාමරේ ඇතුලෙදි මම ඔයාට අහම කරයි කියලා..
කවුරුවත්..අඩුතරමෙ මේ ගෙස්ට් එකේ අයිතිකාරයවත් අපි මගදි දැකපු කස්ටියවත්..හිතයිද අපි දෙන්න මේක ඇතුලට ඇවිත් කතා කරල ඉදල යයි කියල..?  නෑ..
කොටින්ම මගේ යටි හිත කියන්නෙ ලස්සනට සුදට රතුපාටට දිලිසි දිලිසි තක්කලි ගෙඩිය වගේ ඉන්න ඔයාව පෙරලගෙන ඔයාට අතවර කරන්න කියලා.. අනික ඔයාත් මට කැමති ඇති..
ඉතිං දැන් කලා හෝ නොකලා මගේ යෂ්ඨිය දැන් ඔයාට හුවමාරු වෙල ඉවරයි...ඒක ලෝකයා අනුව බැලුවාම ලෝකයාගේ සීයට අනුනවයක් හිතන්නෙ මම ඔ්‍යාව පෙරලගෙන පෙරලාම පහර දෙන්න ඇති කියලා..
මලිත් කියවන්නට විය.. 


කවදාවත් මලිත් ඔයා ආදරේ කියන දේ දන්නෙ නෑ.. හැගීම් තේරුම ්ගන්නෙ නෑ..ඔය කියන වනචාරී උවමනාවට උඩින් කොච්චර දේවල් තියෙද කියලා ඔයා තේරුම් ගන්නෙ නැහැ.. ඔයා මුල ඉදලම හිතන්නෙ මම ඔයාට ආස වෙන්නෙ ඔය උවමනාව නිසා කියලා..
සමහර විට ඔ්‍යා යන මසාජ් වල ඔයා හම්බෙන්න යන ගෑනු ඉන්න තැන්වල ගෑනු හිතන්නෙ ඒම නිසා ඔයත් එහෙම හිතනව ඇති.
එතනින් එහාට ගෑනියෙක් ගැන ඔයාට කිසිම අදහසක් නෑ මලිත්..කොටින්ම ගෑනියෙක්ගේ අවශ්‍යතාවය ගැන ඔයාට අවබෝධයක් නෑ මලිත්.. ඔයා හරිම භෞතික වාදියෙක්. ඔයා පණ්ඩිතයෙක්..ඒත් ඔයා කරන්න හදන මෝඩ තකතීරු අමන වැඩ ඔයාම ඔයාගේ පණ්ඩිත කම් වලින් වහන්න යනවා.
ඔයා දැනගන්න ඔයා මගේ සහෝදරයෙක් වගේ බාල කෙනෙක්..මම ඔයාගේ අක්කි කෙනෙක් වාගේ.. මං ඔයාට දෙන්න අද ශර්ට් එකකුත් ගෙනාවා..
මේ බලන්න..

සන්ධ්‍යා මලිත්ට ෂර්ට් එක පෙන්වයි..
මට කෙහෙම්මල් ෂර්ට් එකෙන් වැඩක් නෑ සන්ද්‍යා.. දැන් ධර්මය අනුවත් අපි වැරදි කාරයො වෙල ඉවරයි..නේ.. චේතනාහම් බික්කවේ කම්මං වදාමි නම් මගෙ චේතනාව දැන් ඔ්‍ය ෂර්ට් වත් ඔ්‍යාෙග් මිනිහ ඉද්දි තැන් තැන්වල ලගින්න යන ඔයාගේ පිවිතුරු ආදරේ වත් නෙමෙයි..මට ඕනි ඔයාත් එක්ක විනෝද වෙන්න.. මේ ලෝකෙ ගොඩක් පිරිමි ආස ලස්සන ඝෑනුන්ගෙන් එහෙම දෙයක් ..එහෙම නැතුව පැද්දෙන උකුල කරත්ත රෝදෙ වගේ..තන් හන්සයො වගේ කියලා උපමා කිව්වෙ කරත්තෙන් හංසයො ගෙනියන්න හදපු හාමුදුරු නමක් නෙමෙයි.. එයාට කෙලින්ම වර්ඩ් එක දාන්න බැරි නිසා කලාව දැම්මා..
බාගෙදා  මගේ කලාව ඔයාට හරියන් නැතුව ඇති. ඒකනේ මේ අවුරුද්දක් විතර ඔයාට බැලමෙහෙ කරලත් ඔයා තාම නැමෙන්නෙ නැත්තෙ..
මලිත් ඇසුවේය..

සන්ධ්‍යාෙග් ඇසට කදුලක් ආවේය..
හරි මලිත් මං යන්නම්..මං කවදාවත් ආයිත් ඔයා බලන්න එන්න හිතන් නැ..ඔයා මම ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ..
මෛහම කිව්වට මලිත් මට ඔ්‍යාව අමතක කරන්න අමාරුයි.. වෙන හේතුවක් හරි දාගෙන ඔයා දකින්න එන්නමයි හිතෙන්නෙ..ඒත් ඔයා කියන ජාතියෙ වල් අදහසක් මගෙ නෑ.. ප්ලීස් මලිත් තේරුම් ගන්න..
සන්ධ්‍යා කියාගෙන යයි.. 

හරි හරි..දැන් පැනගෙන යන්න ඕනි නැහැ.. ඔයාට මාව ඕනි නැත්තං හරි මාව ඕනි මගෙන් සැප ඕනි නැත්තං හරි ඕනි ඔප්ෂන් එකක් එකයි මට.. මට උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි.. මෙ ගෙනාපු ඒව කන්න..ඔයාට ඕනි නම් ෂවර් එකක් දාගෙන එන්න..
අනේ මන්දා.. මට තේරෙන් නෑ සන්ධ්‍යා අපි බාගෙට සතුටු වෙලා මෙහෙම ලපටි ආදර කතාවක් තියං යන එකේ තේරුම.. ඒත් ඔයා ආස නම් මට කමක් නෑ.. මලිත් කීවේය..

කාමරය පුරා නිහඩතාවය රජ කරන්නට විය..
කොළඹ ඉදල ඇවිත් අමාරුයි..මං වොෂ් එකක් දාගෙන එන්නම්.. කොහොමත් හෙට නේ යන්නෙ..අපිට ඩිනර් එකට යන්න තැනක් තියේද මලි?
ම්ම්..මෙහෙ නම් ඉතිං වැඩි හොද හොටෙල් නෑ කොළඹ වගේ...අපි කෝකටත් රවුමක් දාමු.. ඩයිවරේට රෙස්ට් කරන්න කියාල ඔයාට පුලුවන් ඩ්‍රයිව ්කරන්න...නේද ? සන්ධ්‍යා..
මලිත් ඇසුවේය..

අනේ අනේ..මෙහෙමත් පිරිමි..ඇත්තටම මලිත් ඔයා ලයිසන් ගත්තට තාම වාහනයක් එලෝලම නැද්ද? සන්ද්‍යා අසන්නට විය..
දන්න කියන කාලෙ ඉදලා ලයිසන් එක සාක්කුවෙ..වාහන ලගින් යනවා එච්චරයි.. තාම එලවන් න හදනවා..වාහනත් තියෙනවා..ඒත් මොකක් හරි අවුලක්.. මලිත් එය අදිමින් කිවේය..සන්ධ්‍යාට එහි යට අරුතක් තේරුම් ගියාය..නමුත් ඇය බාත්රුම් එකට පිටත්ව ගියාය.
ඇය ඇගපත පිරිසුදුව ආවාය..මලිත් ඇදමත දිගාවී සගරාවක් කියවයි..
සන්ධ්‍යා ඇදමත දිගාවූවාය..සන්ධ්‍යා මලිත්ගේ අතක් ගෙන එහි ඇගිලි ගනින්නට විය..මලිත් තවම සගරාව කියවයි.
මලි...ත්..?
මොකද නිකං තරහ වෙල වගේ.. අනේ වෙනද වගේ ඉන්නකෝ.. මොකද්ද හලෝ..
සන්ධ්‍යාට කිසියම් අමුත්තක් ඇති ආකාරයක් පෙනෙයි..
හැමදාම එකම වගේ..කිසි වෙනසක් නෑ.. අනේ මන්දා.. හරි දැන් තියෙන්නෙ ඔයාට මගේ පපුව අතගාන්න. ඉන් පස්සෙ මාව බදාගන්න. ඉන් පස්සෙ මම ඔයාට ලිප් කිස් එකක් දෙනවා..ඉන් පස්සෙ ඔයා ටික වෙලාවක් යනකල් ඒක විදිනවා..

ඉන් පස්සෙ බෑ මලි අනී බෑ කියලා අහක බලනවා..
අදත් ඒමම තමයි.. පොඩ්ඩක් ඉන්න මං එන්නම්..
මලිත් කියවාගෙන ගියේය. ඔහු මැගසිනයෙන් ඇස් ඉවතට නොගත්තේය..
මලිත් අපි බබාල නෙමෙයි..මට දැනුවත්ව වරදක් කරන්න බෑ..මම කසාද බැදපු ගෑනියෙක්..මට එයා කිසිම වරදක් කරලා නැහැ..එයාට මාව බලන්න වෙලාව ක් නැතුව ඇති..ඒ්ත මට කිසිම වරදක් කරන්නෙ නැති එයාට මට පිටුපාන්න බෑ,.සන්ධ්‍යා කටපාඩම් කරගත්තාක් වැනි වාක්‍ය පේලියක් කියවන්නට විය..

හපෝ අති ඇති..මලිත් වහා සගරාවේ කොලයක් නවා.. පසෙකින් තැබුවේය... මලිත් ඇය කිස් කරන්නට පටන් ගත්තේය.. එය හාදු කිස් එකක් නොව ප්‍රංංශ ජාතියේ කිස් එකක් විය..විනාඩියක් දෙතොල් අතර ඝට්ටනයත් දිවවල් වලින් කරන චලනයනුත් දිගට පවතින්නට විය..
හරි දැන් ඇති...නේ..මෙතනින් එහාට ගියොත් ඔයා ගේ පතිවත නැතිවෙනවා..ඒ නිසා මෙතනින් නවත්තමු..
හහ් හහ් හා.. මලිත් රුදුරු වෙසින් සිනාසෙන්නට විය... 

ඔයා හොදයි..ඒත් වෙලාවකට යකෙක්ටත් වඩා නපුරුයි..නරුමයි.. ඇත්තමයි.. මං මේ කැමති වුනාට ඔයා කෙල්ලෙක් කැමති වෙන්නැතුව ඇත්තෙත් ඔ්‍යාෙග් තියෙ න මේ නපුරු කම් වලට තමයි.. ඇත්තමයි..
සන්ධ්‍යා මලිත්ට මෘදු ලෙසින් සෙමෙන් චෝදනාවක් කරන්නට විය.. 

දෙවනි කොටස හෙට 

Sunday, June 21, 2015

ලෝකයේ උසම දුම්රිය මාර්ගය

වර්ශ 2006 දී හූ ජින්තාවෝ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් චීනයේ ක්සිනින් නගරයේ සිට ටිබෙටයේ ලාහ්සා නගරය දක්වා අතිශය දුෂ්කර දුම්රිය මාර්ගයක් විවෘත කලා. ඒ දුම්රිය මාර්ගයේ වැඩිකොටසක් තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර 4000ට වඩා උසින්. දැනට ලෝකෙ තියෙන දුම්රිය මාර්ග වලින් වැඩිම උසකින් පිහිටා තිබෙන දුම්රිය මාර්ගය තමයි ක්සිනින් ලාහ්සා දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය 2001 ජුනි මස 29 වෙනිදා පටන් අරං 2005 ඔක්තෝම්බර් මස 12 වෙනිදා වැඩ නිමකලා. දැනට මේ දුම්රිය මාර්ගය ඔස්සේ චීනයේ ෂැංහය්,බෙයිජින්, ගුආන්ශු,ක්ෂියාන් ආදී තැන්වල සිට ටිබෙටයේ ලාසා වලට දුම්රිය සේවා ක්‍රියාත්මක කරනවා. 

ලෝකයේ වැඩිම උසක් තිබෙන දුම්රිය ක්වින්ග්හායි ලාසා මාර්ගය කදුමතින් මිනිස්සුන් නැති කාන්තාර බිම් මතින් අයහපත් ශීත කාලගුණයන් යටතේ අඩු ඔක්සිජන් සැපයුමක් තිබියදී පවා වසර 5කින් නිම කරන්න චීනයට හැකි වෙනවා. සීතලට හිම මිදෙන කදුවල වැසි කාලයට සහ ශීත කාලය නිමවීමත් සමගම එක වකවානුවකදී පොලව මඩ සහිත ස්වභාවයක් ගන්නවා. ඒ තත්වයන්ට ඔරොත්තු දෙන විදියට දුම්රිය මාර්ගය සැලසුම් කරන එක එක්තරා විශාල අභියෝගයක් වෙනවා.

ක්වින්හායි සිට ටිබෙට් දක්වා දිවෙන මේ දුම්රිය මාර්ගය ශීත කාලයේදී හිමෙන් වැහෙනවා. ඒ වගේම මහා විල් වනෝද්‍යාන කෙළවරක් නොපෙනන කදු පන්ති පසුකරමින් යන ගමන චීන ජාතිකයින්ගේ පමණක් නොවෙයි ලෝකවාසී සංචාරකයින්ගේ පවා සිත්ගත් එක්ක බවට පත්වෙලා තියෙනවා.  මේ දුම්රිය මාර්ගය හැදුවයින් පස්සෙ ටැන්ගුලා කන්දෙ තියෙන දුම්රිය ස්ථානය ලෝකයේ උසම දුම්රිය ස්ථානය බවට පත්වුනා.

ක්වින්ග්හායි ලාසා මාර්ගය ස්ථාන 6කින් තවත් තැන්වලට දික් කරන්න වැඩකටයුතු සූදානම් වෙලා තියෙනවා. නේපාල රජයේ ඉල්ලීමක් අනුව ලාහ්සා සිට නේපාලය දක්වා මේ දුම්රිය මාර්ගය දිගු කරන්නට සැලසුම් සකස් වෙලා තියෙනවා..

මෙහි ඇතැම් ස්ථාන මුහුදු මට්ටමින් මීටර 5000කට වඩා උසින් යුක්ත වෙනවා.ඒ වගේ උස තැන්වලදි සාමාන්‍ය මිනිස්සුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න බොහෝ ඉඩකට තිබෙනවා. මොකද එතරම් උස මට්ටමවලදී වාතයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන නිසා. ඒ නිසා චීන ටිබෙට් දුම්රියේ ගමන්ගන්නා මගීන්ට විශේෂ ඔක්සිජන් සැපයුමක් ලබාදෙන්නත් චීන දුම්රිය සේවය කටයුතු කරලා තිබෙනවා. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්නට යොදාගෙන ඇති දුම්රිය එන්ජින් පවා කදුකර අඩු ඔක්සිජන් තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සකස් කරලා තියෙනවා.

ආර්ථික පැත්තෙන් ගත්තෝතින් ටිබෙටයට මුහුදක් නැහැ.ඒ කට්ටියට බඩු එන්නෙ ගොඩබිම් මාර්ගවලින් හරි ගුවනින් හරි තමයි. බඩු මෙට්‍රික් ටොන් එකක් කිලෝමීටරයක් දුර ගෙනියන්න වියදම් වුන ශත 38ක මුදල ශත 12 දක්වා අඩුකරගන්නමේ නව දුම්රිය මාර්ගය නිසා ටිබෙටයට හැකි වලා තියෙනවා.ඒ වගේම නව දුම්රිය මාර්ගය ඉදිවීමත් සමග නව වෙළද සංස්කෘතියක් ඇතිවුනා. සමහර දුම්රිය ස්ථාන අවට ඇති බොහෝ ගොඩනැගිලි 2006ට පසු ගොඩනැගුනු නව ටිබෙට් දුම්රිය මාර්ගයේ අනුහසින් තැනුන ඒවා. 

චීනය මේ දුම්රිය මාර්ගය ඉදිකරන්නේ ටිබෙට් රටට. ටිබෙට් රට කොටසක් විශාල කොටසක් චීනයටත් සුලු කොටසක් ඉන්දියාව දෙසටත් වන පරිදි කැඩි වෙන්වෙලා දැන් චීනයටම සින්නක්කර ලියවිච්ච රටක්. දුම්රිය මාර්ගය තැනීමේදී වනෝද්‍යාන වලට යම්හානියක් සිදු වෙලා තියෙනවා.වනෝද්‍යාන වල සමහර කොටස් වලින් සතුන්ට මාරුවෙන්න තැන් හදලා තියෙනවා. මේ දුම්රිය මාර්ගයේ දික් කරන්නට නියමිත ඇතැම් ස්ථාන ඉන්දියානු මායිමට ආසන්න වෙලා තියෙනවා. ඒ වගේම නේපාලයේ කත්මන්ඩු දක්වා දුම්රිය මාර්ගය දික් වුනොත් ඉන්දියාව නේපාලය හරහා ගොඩබිම මතින් චීනයට පිවිසුමක් නිර්මාණය වෙනවා. 


Thursday, June 18, 2015

විස්වාසබංගය

මේ දවස්වල දේසපාලනය ගත්තොතින් වැඩිපුරම ඉලක්කම් ගැනකතාවෙන අවස්ථාවක්. 19 ඉවරයි..දැන් 20.
සෘතු භේදය තියෙන රටෝල ස්මාට් ෆෝන් වල බොහෝවිට මේන් ස්ක්‍රින් එකේම තියෙන ඇප් එකක් තමයි වෙදර් ඇප් එක. ඒ කිව්වෙ කාලගුන වාර්ථාව පෙන්නුම් කරන ආකර්ශනීය ඇප් එකක්. 

මම හිතන්නෙ ලංකාවෙ මේ දවස්වල දේසපාලන තත්වය ගත්තොතින් ආන්න ඒ වගේ ඇප් එකක් හැදුවනම් මිනිස්සුන්ට වැදගත් වෙයි. මහින්ද මහත්තයාගේ රැස්වීමක් කොහේ හරි තිබුනද? ඒකට එතුමා සහභාගි වුෙන් කෝමද? 20ට කීයක් කැමතිද? විස්වාසබංගෙ කවද්ද? ආන්ඩුවෙ අලුත් ඇමති කවුද වගේ පොඩි පොඩි නිවුස් ආකර්ශණීය විදියට ඉදිරිප්ත කරන්න පුලුවනි වෙදර් අැප් එකක වගේ.. 

රනිල් මැතිතුමා අගමැති වෙනකොට බොහෝ දෙනා හිතුවා එතුමා සාපේක්ෂව විනයක් සහිත පදනමක් සහිත යම් රාමුවක් හදාවිය කියල. එතුමා යමක් කරන්න හැදුවා. නමුත් ඒ කරන්න හදපු බොහෝ දේවල් ඇතුලෙ තිබුනෙ ඊලග ඡන්දය වෙනුවෙන් ටොපි ලබාදීම විතරයි. එ් වගේම එතුමා විධායක බලය මහින්ද සහ හොර මුල වගේ කැත විදියට පාවිච්චි නොකලාට ඇතැම් අවස්ථාවල දි එතුමා දීපු සුලු බලය අයුතු විදියට පාවිච්චි කලා. 

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති සම්බන්ද බැදුම්කර ගැටලුවේදී ඊලග මාස කිහිපයේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තියනවා  කියන දේශපාලනික අවාසිය වත් නොතකා එක්සත් ජාතික පක්ෂ්‍ය හැසිරුනේ ඉතාම ලාබාල විදියට. දූෂණය මිනිස්සුන්ට තිත්තම වෙලා ඒෙ වනුවට වෙන තෝරාගැනීම්ක සිදු කරපු වෙලාවක සුළුතර ආන්ඩුවක් විදියට එක්සත් ජාතික පක්ෂ්‍ය සහ රනිල් වික්‍රමසිංහ මහබැංකු අධිපති සම්බන්ධ සිද්දියේදී මහජනයාගේ විශ්වාසය කඩකලා. 

එතනින් ගියාම හැමෝම මහින්ද ලොක්කට බනිනවා පේනවා එතුමා ජනාධිපති ඉදලා ආයිත් අගමැති වෙනවා කියලා. ඒවගේම ඩුප්ලිකේට් සත දහයෙ වැඩක් මෛත්‍රි උන්නැහේත කරගත්තා. ඒ තමයි ජනාධිපති වුනායින් පස්සෙ නිදහස් පක්ෂයක් බදාගන්න යෑම..

පක්ෂ වල ව්‍යවස්ථා පක්ෂ වල තියෙන රෙගුලාසි වලට වඩා මෛත්‍රිට රට ගැන හිතන්න තිබුනා. එතුමා පත් කලේ රටේ ජනතාව. අනික් අතින් ගත්තොතින් පුද්ගලයෙක් විදියට ලංකාවෙ ඉහලම තැනට පත්වුනාට පස්සෙ ආයිත් වැටෙමින් යන පක්ෂයකට කර ගහනවා කියන්නෙ අවුල් වැඩක්. චන්ද්‍රිකා, රනිල් හෝ මහින්ද එහෙම කලා වෙන්න පුලුවන්. නමුත් මෛත්‍රිට එහෙම නොකර ඉන්න තිබුනා. 

මොකද ලංකාවෙ විපක්ෂය මූලික වෙච්චි විකාර සහගත ඡන්ද පදනමකින් බලයට ආපු කෙනෙක්ට යළිත් තමුන්ගේ විරුද්ධ වාදියාගෙ පක්ෂයක වාඩිවෙලා ඉන්න එක මහ අවුලක් වෙන වැඩක්. 

රනිල් උන්නැහේ විපක්ෂයේ ඉද්දි දක්වපු මහත්මා ගතිය දැන් දැන් ඇතැම් තැන්වල දි එතුමාගේ නැහැ. ඒ වගේම මැරෙන්න යන ආච්චි කෙනෙක් කරේ තියාගත්ත වගේ මෛත්‍රි උන්නැහේ දැන් කොරන්නෙ එතුමා ගැන රට වැසියන් තියපු විශ්වාසයට වඩා කොහේද යන නිදහස් පක්ෂයක් ගොඩදාන්න හදන එක.. 

මේ දෙන්නම අපේ විශ්වාසය කඩ කලා. හැබැයි මෙතනින් කියවෙන්නෙ නැහැ..මේ දෙන්න හොද  නැති නිසා මහින්ද සීයා හරි සෝක් කියලා.. මහින්ද දැන් අතීතයට යවන්න කාලෙ හරි.. ඒ වගේම ඉතුරු දෙන්නටත් දැන් කාලෙ හරි කියලා ඒ අය කරන වැඩ දිහා බැලුවාම පේනවා. අපි අලුත් විදියක අලුත් පිරිසක් ගැන හිතපු..පරණ වලව් හැරදා පියාඹන්නට හැකිදැය ිකියලා නිකමටවත් හිතමු..   

20 වන සංසෝදනය සම්මත වුනොත් ඒකෙ එක්තරා හොදක් තියෙනවා. එතකොට යම් තෝරාගත් මැතිවරණ කොට්ඨාශයකදි පක්ෂ වෙනුවෙන් කඩේ ගිය පක්ෂ මත්තෙ නැහීගෙන හිටපු අපේක්ෂකයෙක්ට වඩා වෙනමම ජනප්‍රිය හාල් කෑල්ලක් අහසින් පාත්වෙලා ආවොත් උන්නැහේට අවස්ථාවක් ලැබෙන්න ලොකු අවකාසයක් තියෙනවා කොට්ඨාශ ක්‍රමේට මන්ත්‍රිවරු පත් කරද්දි. 

ඒ කිව්ෙව එක කොට්ටාසෙට එක මන්තිරියා ගානෙ පත් කරද්දි ජනප්‍රිය පක්ෂ වල ඉන්න ඩෑල් වලට වඩා කොහෙන් හරි උඩින් පාත් වෙච්චි එකෙක් ඒ ආසනය තුල ජනප්‍රිය නම් මිනිහ කෙලින්ම කවුන්සිලේටම සිලෙක්ට් වෙනවා. ඒක අලුත් එවුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවාල මේ හොර, පදනමක් නැති විශේෂ ප්‍රතිපත්තියක් නැති වැල යන අතට මැස්ස ගහන පක්ෂවල පැවැත්ම අභියෝග කරන ලොකු දෙයක් වේවිය කියලා මට හිතෙනවා. 

Saturday, June 13, 2015

යට ඇදුමක් කල හදියක් A Underware

වචන 3652ක් සහිත දීර්ඝ කතාවස්තුවකි. මේ කතාන්දරය ඇතුලේ ලිංගික ජවනිකා නැත. එසේ වුවත් වැඩිහිටි තේමාවක් නිරූපනය වේ.

1 කොටස
කෝ ලමයො මේ පනාව...අර තාමත් නිදං ඉන්න තාත්තිට නැගිටල කන්තෝරු යන්න ලෑස්ති වෙන්න කියන්න. මං පොඩ්ඩක් කලිං යන්න හැදුව කියල මේ මනුස්සය තවත් නිදාගෙන හරියනවෑ..
හපෝ...අද නං කලබලේට මොනව මිස් වුනාද මන්දා..

චන්ද්‍රිකා කඩිමුඩියේ ඇදපැලද ගන්නේ ඇගේ කන්තෝරුවේ අද නව ලොක්කා පිලිගන්නට සැරසෙන උත්සවයක් ඇති බැවිනි. ඇය කදිමට ඇද පැලදගෙන කන්නාඩියෙන් හැඩ බලයි. එසේම ඇය ඇගේ දරුවන් දෙදෙනාද අන්දවාගෙන ඇත. ලොකු එකිය යන්නේ දුර පිහිටි චන්ද්‍රිකාගේ කන්තෝරුව අසබඩ පාසැලකටයි. පුතාටද ලෑස්ති වන්නට කීවද ඌ ලෑස්ති වෙන පාටක් නැත.

ඌද පියා මෙන්ම කම්මැලියෙකැයි චන්ද්‍රිකා දෙස් තියයි.

මහින්ද….මහින්ද….නැගිටින්නකො මහින්ද.. මොකද්ද හලෝ වෙල තියෙන්නෙ. දැන් ඔයෑලයි කන්තෝරුවෙන් ඔයැයි එක්ක යන්න වාහනෙකුත් එන කතාවකුත් කිව්ව නේ. මට වැඩිය පැයයි නේ ඔයාට පරක්ක වෙන් තියෙන්නෙ..

චන්ද්‍රිකා උදෙන් නැගිට ඇදගෙන යන්නට සැරසෙනවා මදිවට සිය සැමියාද කුලප්පු කර නැගිටවගන්නට වැර වෑයම් කරයි. අද දරු දෙදෙනාටද මොවුන් දෙදෙනාටද කෑම ඉක්මනින්ම චන්ද්‍රිකා විසින් පිලියෙල කරගන්නා ලදී. පෙරදින රාත්‍රිෙය් මහින්ද හා එක්ව කපාගත් එලවලු ගා මිරිකා ගත් පොල් ශීතකරනයෙ ්තිබු නිසා උ්යමනට ගත වූ කාලය විනාඩි ගානකි.

හප්පා..ඔයා කලිං ගියත් ඔ්ය ටකරම වහගෙන යන්න බැරි හැටි..එහෙනං ලොක්කි ඔයා අරං යන්න. මං මේ පොඩි විසේ දාගෙනම එන්නං..


අංක 2

පැයක් විතර ගතවිය. දැන් පෙර කී චන්ද්‍රිකා ඇගේ කන්තෝරුවටම ගොස් ඇත.
මහින්ද දැඩි කඩිමුඩියකින් සැරසේ..

හනී..්චන්දි..අද ඔයා ලස්සන වෙලා.. මේ චන්දි ඔයාට මතකනේ..අද හවසත් පොඩි වැඩක් තියෙනවා..ඔයා යනවද? …
ආහ්.. සංසලා මට අමතක වුනානේ..කමක් නෑ මේ කිට් එක හොදයි නේද?
චන්ද්‍රිකාට නව ලොක්කා පිලිගැනීමේ සවස සාදය අමතක වී ගොස් තිබුනි..දැන් සංසලා කියන්නේ ඒ සවස සාදය ගැනය. උදෑසන ඇවිත් වැඩබාරගන්න කෝලමක් කලා මදිවට තව සාදත්..ඇතැමෙක් එසේ කියති. නමුත් බොහෝ දෙනා මේ ලොක්කා පැමිනෙන උත්සවයට යන්නේ ඉතා සැලකිල්ලෙනි. මගහරින්නේ ඉතාමත් කලාතුරකින් අයෙකි.

පෙර අවස්ථාවක චන්ද්‍රිකාගේ කන්තෝරුවට පැමිණි බොස් තුමා පැමිණි දිනයේම ඔහුගේ තට්ටය ගැන ඔහුම වරුණාවක් දී තිබුනි. මිස්ට දැන් ඔයාල හිතනවා ඇති මගේ තට්ටේ නිසා මම කට්ටයෙක් කියාල.ඒම නෑ..මට කොන්ඩෙ තියනවාට වඩා මහ පුදුම නිදහසක් තියෙනවා තට්ටේ.. තට්ටෙ තිබුනම අපි නලලෙන් උඩට මුකුත් හිතන්න ඕනි වෙන්නෙ නෑ..රියලි ..මට තට්ටෙ මාර පහසුවක් යැයි ලොක්කා කියා තිබුනි..

ඉන් දින කිහිපයකට පසු ඒ කන්තොරුවේ ලොක්කාට පහල කීප දෙනෙක්ම තට්ට සහිතව සිටියෝය. තට්ටය ගෑම නිසා ඔවුන්ද ඔවුන්ට රියලි සැහැල්ලුවක් එතැයි පවසන ලදී..

ආහ් චන්දි..අද ඔයා හරියට ගස්ලබු ගෙඩියක් වගේ..කහපාටයි ලස්සනයි..ඒත් පොඩි අඩුවක් තියේ.. ඒ චන්ද්‍රිකාගේ හොදම මිතුරියක වන චතුරි නැමැති යෙහෙලියයි..

චතු..ට කියන්න අද හරිම බිසි මෝනින් එකක්. මහි ට නම් කිසි ගානක් නෑ එයා නිදි නේ..කවුද වගේ අනේ නිදාගන්න ගියාම..
මං ඉක්මන්ට ලෑස්ති වෙල ආවෙ.. මොනාද අනේ චතු අඩු කියන්නකෝ වස්තු..

නෑ නෑ..චන්දි ඔ්‍යාෙග් කොන්ඩෙත් හරි ඔක්කොමත් හරි ඒත් ඇදුමෙ හැටියට පස්ස මදි වගේ.. සමහර විට දාපු හීල්ස් දෙක පොඩිද මන්දා.. අනේ මන්දා..චන්දි ඒක අවුලක් නෑ ඔයා කොහොමත් ලස්සනයි.. කවුද අනේ පස්සවල් බලන්නෙ? ඕක ගානක් ඔයා හිතන් එපා.එ.්ත් අනික් දවසට ටිකක් ලොකුවට තියෙන නිසාම අද නිකං අඩුයි වගේ පේනව..

ආහ්.. චතු ඒකට මොකද..අඩුපාඩුවක් පෙන්නන එක හොද දෙයක් නේ..ඒක නෙමෙයි චතු ඔයා අර නයිට් පාටියටත් ඉන්නවද? අද රෑ තියෙන එකට?
ම්ම්..මමත් ඒකට ඉන්න ඕනි..මහි ට වත් කියලා ඇදුමක් ගෙන්න ගන්න ඕනි..මේ සාරි හරියන් නෑනෙ මෙයා නයිට් පාටියට..


අංක 3
මහින්ද කඩිමුඩියේ ලෑස්ති වෙයි. ඔහු පුතාටද අණ දෙයි. චූටි පුතා අද අම්මි නෑ ඔයාම සපත්තු දාගන්න. ..මහින්ද කුඩා පුතුට උපදෙස් දෙයි...කුඩා පුතුටද කුඩා පස්නයකි..

තාත්ති වම් කකුලෙ මේස් එක නෑ වගේ..දකුනෙ දෙකක් නේ තියෙන්නෙ.. ?

ලමයෝ මේස් වල වම දකුනක් තියේයැ..ඔය අම්මට තමයි හැම එකම වම දකුන කියලා තියෙන්නෙ..ඔය දෙකෙන් ඕනි එකක් හරි.. දාගන්නකෝ.. හරියට..

ට්රිං...ට්රී.ං….

තාත්ති මේ ෆොන් එක වදිනවා.. පුතා තාත්තට කීවේය..

පුතා ටිකක් ඕක ගන්න මං එන්නම් මේ කලිසම ඇදගෙන.. මහින්ද පුතාට ෆෝන් එක ගන්නැයි කීවේය..

ආ….තාත්තී...අම්ම කතා කරන්නෙ…තාත්තට එන්න කියන්නලු… පුතා කෑ ගසයි..
්‍
මහින්ද දුවගෙනඅ ැවිත් දුරකථනය අතට ගනී..

මොකද අනේ මේ කරන්නෙ.. ඉන්නකං දෙස් තියල ගියාට පස්වෙත් අපි දෙන්නට නිදහසේ ඇදගෙන යන්න දෙන් නැද්ද? මහින්ද නෝක්කාඩු ස්වරයේන බිරියගෙන් පස්න කරයි..

අනේ මහී...පොඩි උදව්වක් කරන්කෝ..ඔන්න බෑ කියල කෝලං කරන්න එපා..හැමදාම මම ඔයාට කරදර කරන් නෑනෙ.. චන්ද්‍රිකා මහින්දට තොදොල් වෙයි..
මේ මගේ අර අලුත ගත්ත කලුපාටයි මෙරුන් පාටයි තියෙන නයිට් පාටි වලට අදින ඇදුමයි.. එදාම ගත්ත යටඇදුමයි අරං එන්නකූ….මං ඔෆිස් එක ඉස්සරහට එන්නං..ඔයා කාර් එකේ දාගෙන එන්න.. චන්ද්‍රිකා මහින්දට කීවාය.

ඔය ඉතිං...යනකොට ඕව අරං යන්න එපැයි..ඒ පාර කොහෙ යන්නද ඔයාට නයිට් පාටි ඇදුන්… චන්දි ඔ්‍යා ලමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්..ඔයාට ඔය කපපු පලපු ඒවා මොකටද? ඇරත් අද ඔෆිස් නේ.. මට බෑ ඕවට වාත වෙන්න.. දැන් මහින්දට ටිකක් තද වී ඇත්තේ උදේ ගිය වයිෆ් තව්ත ඇදුමක් ගෙන ඒම කිනම් කෝලමක්දැයි නොතේරෙන නිසාය..

අයයෝ මහී..ඔයාටත් ඉක්මන්ට ජෙලසි එනව නී...මේ අපේ ලෝකක ආපු එකට අද නයිට් ඉවනට් එකකුත් තියේ.. ඒකට යන්න ත් එපැයි..ද්නනවනේ ඉතිං ලොක්කව ෂේප් කරගන්න ඕනි නේ..අනික අලුත් කෙනා කොහම කෙනෙක්ද දන්නෙත් නෑනෙ.. ඔෆිස් එරකේ ඔක්කමෙ යනවා.. ටෙක්ලා..චතුරි එහෙමත් යනවා.. ගෑනු අයත් යනවා..මං හිතන්නෙ ඔෆිස් එකෙන් ගෙදරට ට්‍රාන්ස්පෝට් දෙනවා.  මට හවස ඇවිත් යන්න වෙලාවක් නෑ මහි..අනික දැන් ට්‍රැෆික් එකත් වැඩි..

ආහ් හරි හරි..කියනව කෝ මොකද්ද ගේන්න ඕනි.. අර මෙරුන්පාටයි කලුපාට යි ඇදුමයි..බෙසියර් එකයි නේද? හප්පා ඔයාගේ බෙසියර් තෝරන්නෙ කෝමද  කෝ….
මහින්ද කියන්නට යන දේ චන්දි ඔහුව නැවැත්තූ වාය..

ඔන්න ඉතිං ඔය ටිකට අමතක කරා නේද ගේන්න කියපු ටික..මහි ඔයා මම කිව්වට අර භාවනා පංතියට යන්නකෝ..මේ කියන දේ මේ මතක නෑ ඔයාට.. මට ඕනි අර කියපු ගවුමයි..මගේ අර අන්ඩර්වෙයාර්ස් එකකුයි..මතක නැද්ද ඕක ගත්ත දවසක ඔයාට කිව්ව ඔයිට හොදයි හරක් හමක් හරි පුවක් කොලයක් හරි අලවගත්ත නං කියලා..
චන්දි කියවාගෙන යයි.

ආහ්..මතකයි මතකයි.. මහින්ද වෙලාව බැලුවේය. වෙලාවද තරමක් පරක්කු වී ඇත..

මහින්ද දුවගෙන ගොස් චන්ද්‍රිකාගේ අල්මාරිය අවුස්සන්ට විය. පුතාහ්… අම්මිගේ කලුපාට නයිට් ඩ්‍රෙස් එක මේක නේද? දැන් බෑගයේ ඇති පොත් වල හැඩ බලමින් සිටි පුතාද දුවගොස් අල්මාරිය ගාව අම්මිගේ ඇදුම් බල්නනට විය.. ආහ් ඔවු ඔවු.. තාත්ති..මේක තමයි.. පුතා ද තාත්තාට නොදෙවනිව උත්තර දුන්නේය..


හා හා..දැන් ඔයා යන්න.. ආ ..හා මට තේරෙනව තාත්ති අම්මිගෙ අන්ඩස්කට්  අදින්න නේද යන්නෙ.. කොල්ලා කිය යුතු දේට අමතරව තවත් යමක් කියන්නට විය..

මොකක්..පැහිච්ච කම් නැතිව දුවනව යන්න ගිහින් බලනව අද ගෙනියන පොත් ටික හරියට දාගෙන ද කියලා..ලමයිටත් ඕනි නැති දෙයක් නෑ..

යට ඇදුම් කොටස විවෘත කල මහින්දට එහි ඇති සුකුරුත්තං රාසියක යට ඇදුම් හමුවිය. ඔහුට ඇය කියන ජාතියේ ඒවා මතක තිබුනත් ඒ මාදිලියේ කිහිපයක් තිබු බැවින් ඇය ට හරියන එක තෝරාගන්නට සිතන්නට විය. තෝරමින් සිටියොත් වෙලාව යයි. එකක් රැගෙන ගොස් එය වැරදි එකක් වුවොත් මාස ගානක් ඇය ..කටින් මහා වැඩකාරය වගේ කය්ය වුනාට හරියට ඒකවත් තෝරගන්න බෑ  යැයි නෝක්කඩු අසන්නට වෙයි.්‍ ඒ නිසා මහින්ද තීරණයක් ගත්තේය.. ඔහු කිහිපයක් අරගෙන බෑග් එකට දාගත්තේය.

ඔහු දැන් යට ඇදුම ්සහ රාත්‍රී සාදයට අදින චන්දිගේ  ඇදුම එක් බෑගයක දා ගති. එසේම හදිස්සියේ බැංකු කාඩ් එක මතක් වූ බැවින් අද පුතාගේ හවස පංතියට සල්ලි දිය යුතු බැවින් ඔහු අල්මාරියේ තිබු කා්ඩ් එක රැගෙන එයද නයිට් ඩ්‍රෙස් එක උඪින් තබන ලදී…

දැන් කන්තෝරුවේ වාහනය පැමිණ හෝන් එකක් ගැසුවා මතකය. තවත් හෝන් දෙකක් ගසා ඉන් පසු මේ ඩයිවරයා මාරු විය හැකි බව මහින්ද දනී..
ඔහු ගේට්ටුව දිහා දඩි බිඩි ගා ගොස්..මේ පොඩ්ඩක් ඉන්න ඈහ්..මං විනාඩි පහෙන් එනවා යැයි කියා ආවේය..

ඔහු පුතාගේ බෑගයද, ඔෆිස් බෑගයද, අමතර බිරියගෙ ඇදුම් බෑගයද රැගෙන යන්නට සැරසුනි..
එවිට පුතා..

තාත්ති..කෑම එක ගත්තෙ නෑනෙ… ආහ්.. පුතා මතක් කල එක හොදයි.. ඉන් පසු දිව ගිය මහින්ද කෑම එකද රුවාගෙ යළිත් පැමිනියේය..

චානක...මේ පුතාව දාන්න ඕනි කොලේජ් එක ලගින්..වැඩි දුර නෑ මේ ලගමයි..පොඩ්ඩක් බස්සල යං කෝ..

ඉන් පසු ටිකකින්
චානක..මට බෙල්ට් එකක් ගන්න ඕනි..පොඩ්ඩක් ...අහ් දැන් කඩ ඇරල නෑනෙ..හවස බලමු..

චානක මට….සල්ලි ටිකක් ගන්න ඕනි..පොඩ්ඩක් ඉස්සරහ වීස ඒ ටී එම් එකක් ගාවින් නවත්වන්න.. මහින්ද පැමිණ සල්ලි ගන්නට බහින්නට සැරසුනි..නමුත් කාඩ් එක හොයාගන්නට බැරිවිය. ඔහුට පසුව මතක් වූයේ කාඩ් එක වැඩි පරිස්සමට බිරියගේ දමාගත් ඇදුම් සමග තැබූ බවය. ඔහු ඒ මල්ල අවස්සා යාන්තම් කාඩ් එක සොයාගන්නට විය.

චානක… අද හරි ටැෆික් නේද?
අනේ චානක අපේ වයෆ් ඉන්නෙ ඒ වී අයි හෙඩ් ඔෆිස් එකේ..අර ගවමන්ට් එක..ආන්න එකෙ..
පොඩඩක් මේ පාර්සලේ දෙන්න නවත්වන්න

චානක… ඔයාල ඕවර් ටයිම් කරනවා නේද? අපිට එනව ඒ ව ඇපෘෘ කරන්න..තව ඉතිං ඔ්‍යාල කරන දේවල් ක්ලේම් කරන දේවල් එන්නෙත් අපිටම තමයි…..අපිත් කැමති ඔයාලට වැඩිපුර දෙන්න..
ඒත් ඉතිං දන්නවනේ..ආයතනේ වැඩ ගැන..

අපිත් බේරිල ඉන්න හරි අමාරුවෙන්..මහින්ද චානක ෂේප් කරගන්නට හදයි..

චානක හෝ වෙන රියදුරෙකු මහින්ද හා යන්නේ එතරම් මනාපයකින් නොවේ. ඔහු කාර්යාලයේ සිට නිවසට ගියත් නිවසේ සිට කාර්යාලයට ගියත් ඔහුගෙ ඇති සියලුම පුද්ගලික රාජකාරි වලට වාහනය යොදා ගත යුතුය. තැන් තැන්වල විටෙක නිසියාකාර පාකින් නොමැති තැන්වලද වාහනය නවත්වා මහින්ද මහත්තයාග් රාජකාරි වලට ඉඩ දිය යුතුවේ.

මහින්ද මහත්තයාගේ වැඩ ද එතරම් පිරිසිදුවක් නැත. විටෙක වඩේ කාරයෙකු දැක්්ක සැනින් රියදුරුටද වඩේ එකක් රැගෙන දී ඔහු ද වඩේ කන්නේ කාර් රථය පුරා වඩේ කැබලි සහ පොල්සම්බෝල විසුරුවමිනි. ඔහු දවල් දරුවන් ගන්නට කාර් රියේම පාසැල් කරා යන අතරමග දීද ඔහුගේ ගමන් බිමන් වල නිමක් නැත.. එබැවින් බොහෝ රියදුරන්ට මහින්ද මහත්තයා නොදිරවන චරිතයක් විය.

අංක 4
මේම කරන්න බෑ..අපිට තියෙන දේවල් ඔක්කොම කපල ලොක්කන්ට  විතරක් කෑමට මේව හදාගන්න දෙන්න ඇහැක. අනික අපිට ලැබෙන ඕටී එක කොයි තරං සොච්චමක්ද? මුන්ට ලැබෙන දවසක පඩිය සමාර විට අපිට ලැබෙන ඕටි මාසෙම එකතු කරලත් ලැබෙන් නැතුව ඇති..

මේව අපේ උන්ගෙත් වැරදි..

මහින්ද මහත්තයා වැඩ කල ආයතනයේ පවතිනනේ රියදුරු සහ වාහන පූල් එකකි. යම් නිළධාරියෙකුට වාහනයක් ඇවැසි කල ඒ ට්‍රාන්ස්පොට්  පූල් එකට අදාල අංශයට දැන් වූ විට වාහනයක් නියම වෙයි. ඒ වාහන බොහෝවිට එක් එක් අය වෙන්කරගෙන ඇත. ඒ අනුව වාහන වල ගමන සිදුවෙයි.

රාත්‍රි වැඩවලට සහ දුර ගමන් වලට යෙදෙන රියදුරන්ගේ ආදායම වැඩිය. ඔවුන් කිහිප දෙනෙක් ඒ පූල් එකට අරක් ගත් දේවතාවන් මෙන් වැඩිපුර ආදායම් තකා ඒ රාත්‍රි රාජකාරිවලම යෙදෙති.. යහපාලනයක් නොව පාලකයාට කැමැති අයට වැඩියෙන් ඇති පාලනයක් සහිත එකක් වූ මෙහි වැඩි සැලකිලි නිතර පාලකයන්ට නැවෙන කෝණය මත රදාපවතින්නේ විය.

එක් තරා මාස අන්තිමේ දිනක ප්‍රවාහන පූල් එක තුල මහත් කෝලහාලයකි. සියලුම රියදුරන්ට කල හැකි අතිකාල ප්‍රමානය පාලනාධිකාරිය විසින් කප්පාදු කර තිබුනි.
පිරිසක් එයට එතැන සිටින මහත්වරුන්ට දෙස් තියති. ඇතැමෙක් එය දේශපාලන පක්ෂ වලට බර කරති..ඇතැම් අය සියලු දේ යූනියන් වලට බැර කරති.

මේ අතර මේ අයට හදිසි මීටිමක් පැවැත්වෙන්නට යෝජනාවිය. උදෑසන නවයට මීටිම ආරම්භ විය. රියදුරන්ගේ අභිලාෂය විය යුත්තේ තමුන්ට අවැසි අතිකාල ලබාගැනීම ය.  රියදුරන්ට ලැබෙන වරප්‍රසාද වැඩිකරගන්නට ද රියදුරු තැන් වලට  උවමනා විය.

දැන් එකා දෙන්නා අදහස් දක්වයි..

සේර්ලට කියන්න මේකෙ සමහර කට්ටිය ඉන්නවා හැමදාම රෑ වැඩ..අපි කොහොමෙයි ඒව නැහැයි කියන්නෙ. දැන් සේර්ල ඒ කට්ටියගෙ ඕ ටි කොල බලල අපිටත් කියනවා ඒව වැඩිය අඩුකරන්නය කියල.ඒ ගොල්ලයි ඕටි වැඩි එකට අපිත් පලිද මන් දන් නැහැ..මගේ දැනුම සේර්ල තරං නැහැ. මට හිතෙන විදියට ඒ වැඩි කට්ටියගේ අඩු කරලා අපි හැමෝටම සාදාරනයක් වෙනව නම් හොදයි..එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කොරාම ඔක්කොන්ටම ඕටී කපන එක වැරදිය නේ සේර්.. එක් අයෙකු කීවේය..

සර් මේක අපිට ගෙවන එක ගැන පස්නයක් වෙන්න ඇති.. ඒක හරි..ඒත් මහත්තුරු වාහන පාවිච්චිය කරන විදියත් හරිම කැතයි..සමහර මහත්තුරු කෑම කාල කොලේවත් දාන්න කම්මැලි.. සමහරු මේකෙ පටවන්නෙ නැති බඩුවක් නෑ..ඇත්ත මහත්තයො..අපි ලග සාක්කිත් තියෙනවා..

මේ අවස්ථාවේ මහින්ද මහත්තයාගේ රියදුරුද නැගී සිටියේය. චානකෙගේ කට සැරය. සර් ඇත්තටම කියනව නං මටත් දෙයක් තියනව කියන්න. මගේ වාහනේ දවසක් යට ඇදුමක් තිබුන. මං වැඩ කරන කාර් රෙකෙ යන්නෙ කවුද කියල හැමෝම දන්නව ඇතිනෙ. ඒ මහත්තය නොයන ගමනකුත් නැහැ මේකෙ.. මේක අස්සෙ තිබුන යට ඇදුම මං පොටොත් ගැහුව.. ඕන්නං ඕන කෙනෙකුට පෙන්නන් පුලුවන්..

මහත්තයල හැමතිස්සෙම අපි ගන්න දේවල් ගැන හොයනව බලනව. අපිට හරි අනුකම්පාවෙන් අපේ ැවඩිවෙන ඕටී ගැන දුක හිතිල ඒව අඩුකරන්න හදනවා. ඒත් මහත්තයල මේ ආයතනෙ මහත්තුරු වාහන අරං කෙරන වැඩ මොනාද? ඒ කට්ටිය යන ගමන් බිමන් මොනාද කියලත් ඒ උනන්දුවෙන්ම හොයනෝ නම් හොදයි.. ඇත්තමයි මට බොරු කියල මෙතන ලකුනු ඕන නැහැ..ඒත් අපේ වැඩි ඕටී කැපෙනවා නම්  ඒ කැපෙන්නෙ අපේ ආයතනේ පාඩු නිසා නං..අනේ මං කියන්නෙ ඒ ගොල්ලගෙත් වැඩි ගමන් බිමන් කැපෙන්න ඕන..

අපි යට ඇදුන් දැකල නැත්තෙ නැහැ.. මහත්තය ඒ වාහනේට කොහොම යට ඇදුමක් ආවද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඒ ඇදුම මම කෝටුවකින් අරං එලියට දැම්ම ඕන්නං පිංතුරෙ තියෙනවා..

සත්‍ය වශයෙන්ම චානකගේ කතාව තරමක් දැඩි විය. ඔහු සතුව වාහන අවභාවිතය පිලිබද සත්‍යම කතාවක් තිබේ. එසේම රියදුරන්ගේ ගැටලුව තුල මෙවැනි ගැටලුවක් මතු වීම එක්තරා විදියකින් ලොකුතැන් වලට වාසියකි. රියදුරන්ගේ ගැටලු විසදීම අමාරු වැඩකි. ඔවුන්ට රිසි සේ අතිකාල කරන්නට ඉඩ දුනහොත් ඔවුන් පැය විසි ගානක් දවසට වැඩ කර ඇති ලෙස ඔවුන් අතිකාල වල යෙදෙති.. එසේම එසේ නොවී ඔවුන්ගේ අතිකාල කැපුවොත් ඔවුන් විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනී..

මේවා සංකීර්ණ ගැටලු වේ..දැඩි ලෙස මෙ ගැටලු විසදන්නට ගියොත් වන්නේ විශාල කරදර ගොඩකට පැටලෙන්නටය. ඇග බේරාගන්නට සමත් මේ ඉහල නිළධාරිහු කිසිදු තීරණයක් දැඩිව ගැනීමෙ අසමර්ථයෝය. ඔවුහු පැලැස්තර දමති..

දැන් එක ලොක්කෙකු කට ඇරියේය. ඔහු කලින් ගැටලු වලට දියාරු පිලිතුුරු දුන්නත් කාර් එකේ තිබුන යට ඇදුම ගැන ඔහුගේ අදහස දැඩි විය.

අපි ඇත්තටම ඇත්ත තත්වෙ දැනගන්න ලැබෙන්නෙ මේ වගේ සාකච්චා වලින්. අපිට මේ වාහන පාවාිච්චිය ගැන එක එක කතාන්දර තිබුනත් ඇත්තම විදියට සාක්ක ිඇතිව සිද්දි එන්නෙ නැහැ..අපිට කටකතා වලට ඇක්ෂන් ගන්නත් බෑ..අපි මේ චානක කියපු සිද්දිය ගැන වහාම පරීක්ෂණයක් තියෙනවා.. ඇත්තටම අපිට ඕ ටී ඔයාලට දෙන්න ලොකු මහන්සියක් නෑ..අපි මෙහෙන් ඇපෘෘ කරල යැව්වම එහෙන් ගෙවාවි. නමුත් කම්කරු කාර්යාලෙට ගිහින් එක්නෙක් නඩුවක් දැම්මෝත අපි ඔක්කොම ඉවරයි..කොහොමද මිනිස්සු මාසෙට පැය දෙතුන් සී්‍යක් ඕටී කරන්නෙ? ඔයාල දන්නව අපේ ආයතනයට විරුද්ධ අය කොච්චර ඉන්නවද? ඉතිං මේ වගෙ දේවල් වලදි අපි නීතියට අනුව වැඩ කරන්න ඕනි. ඔයාලට ඕටී කරන්නම බැරි වෙන් නෑ..නමුත් ඒකෙ සීමාවක් තියේවි.. එච්චරයි..

ඉන් අනතුරුව ඒ මහත්මයාගේ කතාව අවසන් විය.. ටාන්සිපෝට් පූල් එකේ ඇදන්වල රෑට නිදාගන්නා විට මදුරුවො කෑම..රාත්‍රියට ඇතැම් විට විශාල ගනනක් වැඩ බලාපොරොත්තුවෙන් සිටීම ආදී වැදගත් පස්නද ඇතැම්විට වාහන නැතිවිට මෙන්ම වාහන ඇති විටද වාහන ඉවර යැයි දක්වා  පුද්ගලික කැබ් සර්විස් වලින් සේවා ලබා ගැනීම නොවැදගත් පස්න ද ඒ සාකච්චාවේ කතා විය..

නමුත් කතාව අවසානයේ බොහෝ දෙනෙක්ට හිනා ගිය මහින්ද මහත්තයාගේ කාර් රථයේ තිබු යට ඇදුම් කතාව හැමෝටම මතක තිබුනි. බෙහෝ දෙනා ඒ කලිසම බලාගන්නට චානකගේ ෆෝන් එකට එබුනි..

කොටස් අංක 5
ආහ්..මිස්ට මහින්ද…
මහින්දට ලිෆ්ට් එක තුල මිතුරෙක් හමු වී ඇත. ඔහු මහින්දගේ කණට කර රහසක් කියන්ටන හදයි..ඇත්තද? මිස්ට මහින්ද අලුත් බිස්නස් එකක් පටන්අරං කියන්නෙ?
කාර් එකේම එකක් තිබුනලු නේද?

මහින්ද මහත්තයාට වෙනත් මාර්ගයකින් කාරණාව ආරංචි වි තිබුනි. ඔහු මෙවැනි ඔලොක්කු කතා අහන්ට කණ කෙතෙක් සූදානම් කරගෙන තිබුනත් ඔහුට තරහ ආවේය. නමුත් එය විගසින් පාලනය කරගත්තේය.

ඔවු ඔවු ඔවු...ඉතිං දැන් ඉස්සරහට ඩයිවර්ලට වගේ අපිටත් වැඩියෙන් ඉල්ලන්න වෙයි. ..කට්ටිය මීටින ්තියන්නෙ පඩි වැඩිකරගන් පස්න විසදගන්න..ඒත් එයාල දන්නෙ ඉතිං තව පස්න ඇතිකරගන්න.. ඕම තමයි අපේ කස්ටියගේ එකමුතු වැඩ..

හෙහ් හෙහ් හෙහ්…
ඒකනං ඇත්ත මිස්ට මහින්ද...ඔය වගේ තැනක එ් වගේ සුලු දෙයක් ඇදගත්ත කියල ඩයිවර්ස්ලයි ඕටී එකවැඩිවෙයිද? නෑනෙ.. එතුමා කියන්නට විය..

මං නං හිතුවෙ නෑ අනී මිස්ට මහින්ද ඔය වගේ චරිතයක් කියලා.. අනික එයා එහෙම කෙනෙක් නෙමෙයි නේ..

එකියක කීවාය..
මං අහල තියෙනවා ඔය ගැනුන්ගේ  යට කලිසම් එකතු කිරිල්ල මානසික රෝගයක්ලු..සමහර විට අපි හීනෙන්වත් හිතන් නැති අයට ඒ වගේ රෝග තියෙන්න පුුලුවන්ලු..මිස්ට මහින්දටත් ඒ වගේ එකක් ඇති..

ඒක ඇත්ත අපේ හොස්ටල් වලත් ඉස්සර ඔහොම උන් හිටියා..කලිසමක් වැලක දාගන්න බැ ඇවිත් උස්සන් යනවා..

ඒ තවත් තැනක මහින්ද ගැන වූ කතාවකි..

මිස්ට මහින්ද මේකට පැටලුන එක දුකයි..ඒත් මහින්ද කියන්නෙ ඔය කිසි දේකින් සැලෙන් නැති අමුතු මොඩල් එකක් නේ.. මහින්දට ඕක ගානක් නෑ..මිනිහ හරි සතුටින් දෙන දඩුවමක් බාර ගනී..අනික මිනිහ ගෙ තනතුර හැටියට කරන වැඩකුත් නෑ..පොඩ්ඩක් එහෙට මෙහෙට වුනා කියල මිනිහට නැතිවෙන දේකුත් නෑ..

ඒ ඉහල මට්ටමේ දෙදෙනෙක් මහින්ද සහ ඒ යට කලිසම් සිද්දිය ගැන කතා වුන අයුරුය.

මහින්ද ට කන්තෝරු සංකීර්ණය පුරාම එක්තරා කතාන්දර ඇති වී තිබුනි. එහෙමට කරන්න යැයි වැඩක් නැති බොහෝ දෙනා සංසාර පුරුද්දට පද්ධතියේ කොටස් ලෙස සිය දායකත්වය සමාගම වෙත දක්වති. ඔවුන් කොතෙක් වැඩ කරයිදැයි සෙවිල්ලක් පරිපාලනය ටනැත. එහෙත් ඔවුන් එකිනෙකා  නැති තැන සමාගම නැතැයි සියල්ලෝම සිතති.

එබැවින් වැඩ කරන කාලයට වඩා බොහෝ කාලයක් බොහෝ දෙනාට නිකම් ඉන්නට වාසනවා ලැබේ. අනුන් ගැන සෙවීමටද සාපේක්සව වැඩි වේලාවක් හැමෝටම උරුම වේ..
එබැවින් මහින්ද මහත්මයාට ගෑනු යට කලිසම් කාර් එකේ දමාගෙන යෑමේ කැත පුරුද්ක් ඇතැයි යන කතාව ද..එසේ හෛයින් ඔහු ගෑනුන් කෙරෙහි කෙලින්ම ආසා නැති පොන්ස් ඩයල් එකක් යැයිද අතුරු කතාවක් කන්තෝරු පුරා පැතිරෙන්ට විය..

බොහෝ දෙනාට එය ඔප්පු කිරීමට සාදක එහෙන් මෙහෙන් හොයාගත හැකි විය. ඇතැම් ගැහැනියකට තමුන් සමග ලිෆ්ට් එකේ යන විට මිස්ට මහින්ද ඕනවට වඩා ඈත් වී යන්නට හැදුව බවක් කියය්. ඇතැම් ගැහැනියක තමුන්ගේ හැට්ට කර උඩින් මහින්දයා එබී බලන බවක් පෙනුන බවද කියයි..

සත්‍යට වඩා ප්‍රබන්ද රසවත් වේ.. වර්ණවත් වූ කල ඕනෑම දෙයක් දුර සිට ඇදිනිය හැකිද වේ. එබැවින් වර්ණවත් වූ ඕප දූප කලින් තිබූ අවර්ණ ගතියෙන් තොරව ඉක්මනින්ම විසිරෙන්නට විය.

කොටස 6
ඒ අතර කලින් පත්ව ඇවිත් මහින්ද අසල සිටි චමත්කා නැමැති යොවුන් වියේ සිටි තරුණියක්ද සිටියාය. ඇය මහින්ද මහත්මයා විසින් කල බොහෝ වැඩකටයුතු වලට කන්තෝරුවේදී සහාය වෙයි. ඇයට පරිස්සම් වන්නට යැයි බොහෝ ගැහැනුන් උපදෙස් දුනි. නමුත් ඒ ගැහැනුන් වූ කලී චමත්කාට ආදරෙන් සලකන අය නොවේ. බොහෝ කන්තෝරු වාසී ගැහැනුන් මැදි විය කරා ලගා වෙමින් සිටින්නියෝයැ.

ඇතැම් ගෑනුන් තරුණ වයසේ සිටියද ඔවුන්ද රිසි සේ මෝරා සැදී ගොස් සතලිස් වියැති මෙන් ඈතට දිස්වේ. එබැවින් චමත්කා වැනි නාඹර තැඹිලි වියේ යුවතියක් යනු සියලු දෙනාට අකමැති වස්තුවකි. මේ ඉරිසියාකාර ගෑනු,  ඇය කෑමට යන විට බත් පත නිරීක්ෂනයෙ ්සිට ඇය නානකාමරයට ගිය තැන කරන්නේ කුමක්ද යන්න පවා සොයා බලා හැම එකටම ඇගිල්ල ගසති. ඔවුන්ට අනුව අලුත් එකියන් හදාගැනීම ඔවුන්ට අයත් කරුණකි..

අලුත් එකියන් හදාගැනීම යනු ඔවුන්ගේ කොන්ඩ මෝස්තරයේ සිට යට කලිසම දක්වා ආධිපත්‍යයට ලක් කොට කැම්පස් එකේ නවකවද සමය වැනි වධකාරි පීඩාකාර පරිසරයක් නිර්මාණ්‍ය කිරීමයි. එය ගැහැනු ලමයෙකු කාර්යාල පසුබිමට අනුව සකස් කිරීම ඒ ලමයා ට්‍රේනින් කිරීමලෙස ඇතැම් අම්මන්ඩිලා සලකති. ඒ අම්මන්ඩිලාට අනුව අලුත ආ ගෑනු ලමයෙකු හැසිරිය යුතු විසේස ක්‍රම තිබේ. වොෂ් රූම් එක් මේක් අප් දාන විදියක් තිබේ.. ඒසදහා ගන්නා කාලය අඩු විය යුතු වේ.. කැන්ටිමට ගියද එතැන හයියේන හිනා නොවිය යුතුය. ඇවිදින විට බිම බලාගෙන යා යුතු අතර අම්මන්ඩිලා මෙන් හතර වටේ යන කොල්ලන් මෝල් කරමින් යෑම නැවතිය යුතුය.

චමත්කා මේ හේතුවෙන් බෙහෝ බාහිර වැඩ සහ බොහෝ බාහිර උපදෙස් වලින් ඈත්ව සිටියාය. මහින්ද යනු ද එක්තරා අමුතු චරිතයක් වූයේ වෙනත් බොස් තුමන්ලාමෛන් ගුරු මුෂ්ඨිය ඇත්තෙක් නොවීය. ඔහු රාජකාරියක් පවරද්දී ඒ ඇති රාජකාරිය පලමුව මුල සිට විස්තර කරයි. ඉන් පසු එයින් ලැබෙන ප්‍රතිපල විස්තර කරයි.. විටෙක එයද මහ කන්දෝස්කිරියාවකි. නමුත් මහින්ද මහතා ලේසියෙන් අයෙකුට නොදිරවන සුලු ගති ඇති චරිත ස්වභාවයක්ද නොවේ.

ඔහු කියන ලෙස වැඩ කිරීම්ත ඔහුගේ අදහස් වලට නිතරම ඵලදායී උදහස් අදහස් ලැබීමත් නිසා චමත්කා සහ මහින්ද අතර සුහදතාවය වැඩි විය. එසේම චමත්කා කෙරෙහි සාමාන්‍ය ආයතනය දක්වන තරුණ ගෑනු ලමුන්ට ඇති ප්‍රතිරෝධය පිටින් එල්ල වූ නිසා චමත්කාද වෙනත් කාර්යන් පසෙක ලා මහින්ද මහතා සමග වැඩ රාජකාරි ඇත්නම් ඒ වා ගැනම යොමුවූවාය.

එය මහින්දගේද සිත් ගති. මහින්දට ඇය ගැන ඇති වූයේ අනුකම්පාවකි. සැබැවින්ම අැය මේ ආයතනයේ සිටින පිටු දෙකක ලියුමක් ගහගන්නට ගිය විට දවස් දෙකක්  එයට ඉල්ලන බොහෝ ගෑනුන්ට වඩා බොහෝ වේගවත්ය. ඇය ආකල්ප අතින්ද වෙනස්ය. ඇතැම් විට චමත්කා රූපයෙන් තරුණ නිසා මහින්දට එසේ සිතෙනාව ඇති යැයි මහින්දටම සිතුනි..

කෙසේ වෙතත් මහින්ද මහත්මයා ගැන ඇති වූ නොයෙක් කට කතා ආදිය විශ්වාස කරන්නට බැරි තරම් දුරස් ්ඒවා ලෙස චමත්කා සැලකුවේය. ඇතැම් විට කැන්ටිමට ගිය විට චමත්කාට අහන්නට සිදු වන්නේ කටුක ඇනුම් පද වේ. නමුත් ඒ ඇතිවෙන විවිධ බාධාවලින් චමත්කා සහ මහින්ද අතර සුහදතාවය වැඩි වන්නට විය.

මහින්දට සියලු කටකතා කණ ගාවින් යන දූවිල්ලක් පරිද්දෙන් සිතිය හැකි වුවත් ඔහුගේ පිරිමි කම අභියෝගයට ලක් කර ඔහු ගෑනු යට ඇදුම් එකතු කරන්නකු වේ යැයි යන කටකතාව යම් තම් සිත රිදවන එකක් වීය. ඔහු එය නැතිකරගන්නට උපායක් කල්පනා කලේය.

චමත්කා..ඔයාබස් දෙකක යනව නේද? මං ඔයා කැමති නම් දෙවනි බස් එක යන හෝල්ට් එක ලගින් දාගෙන යන්නම්..මම යන්නෙත් ඒ පාරෙමනේ..අනික ඔෆිස් එකේ වාහන නේ..

නෑ සර්..කමක් නෑ සර්…

අයියෝ චමත්කා ඔයා එච්චර හිතන් එපා.. ඔයා කලිං වගෙ දුවන්න ඕනි නෑ හතරහමාර වුන හැටියෙ..ඉන්න මං එක්ක යන්නම්.. බය වෙන්න දෙයක් නෑ...මං හරි කාලෙ මැරි කලානම් සමහර විට ඔ්‍යාෙග වයසෙ දූලත් ඇති මට…

චමත්කා එහෙනං හවසට මාත් එක්කම වෙහිකල් පාක් එකට යමු..

සත්‍ය වශයෙන්ම මහින්ද මහතාට චමත්කා ගැන කරුණා සිතක්ද පහල වී තිබුනි. නමුත් ඊටත් වඩා මහින්දට ඔහුගේ චරිතය ආරක්ෂා කරගන්නටද උවමනා විය. දැන් වෙනදා මෙන් මහින්ද සහ චානක අතර වැඩි අයි හොදයියක් නැත. මහින්ද චානක විසින් සිය වැරදි පාලනාධිකාරියට ඉදිරිපත් කර ඇති බව දැන සිටියේය. නමුත් චානක ගේ ගොන් කමට එවැන්නක් කියන්නට ඉඩ ඇති මුත් අහිංසක චානක මේ කිසිවකට වැරදි නැතැයි මහින්ද ලොක්කා  සිතන්නට පෙලඹුනි.

යම්කිසි විදියකින් බිරිදගේ ඇදුම් මල්ලක් රැගෙන අපිලිවලට එහි ඇදුම් දාගෙන සිය ජංගම දුරකථනයත්..බැංකු කාඩ් එකත් අපිලිවෙලට ඒ මල්ලේම දාගෙන කිසිදු සංයමයකින් තොරව එක් එක් තැන නවත්වමින් ගිය ගමනේදී බිරියගේ ඇදුම් මල්ලේ වූ යට ඇදුමක් කාර් එකේ බිම වැටෙන්නට ඇත. එය අමතක වී තිබෙන්නට ඇත.

කාගේ වුවද ගැහැනු යට ඇදුමක් කාර් රථයේ තිබීම මහත් ගැටළුවකි. එය චානකටද එසේමය.

එසේ චානක ගැන මහින්ද සිතුවේ වුවද චානක නම් කාර් රථයේ යෑමට අදි මදි කලේය. නමුත් මහින්දගෙ ගතිගුණ අනුව ඔහු පුද්ගලිකව පලිගැනීමක් සිදු නොකරන අයෙක් බවට විශ්වාසයක් චානක තුල විය…

මහින්ද චමත්කා සමග යන විට ඇයගෙන් ඇගේ පවුල ගැන ප්‍රශ්ණ විචාරන්නට විය. මහින්ද යනු දෙය්ක එකලෙස අසාගෙන සිටිය හැකි චිත්‍රපට නළුවෙකු වැනි සංවේදී චරිතයක්නොවේ..

අහ් චමත්කා ගියෙ හිල්ඩා කොලේජ් එකටද? හහ් හහ් අපේ වයුෆුත් ඒකට ගියේ..

හිල්ඩ එකෙ කෙල්ලෙක්ට මම ඉස්සර ලවුත් කලා..වයිෆ් ඒ කෙල්ලට වැඩිය අවුරුදු හයක් විතර බාලයි..
හිල්ඩ එකේ කෙල්ලො ලස්සනයි.. දැනුත් ඒමයි..චමත්කත් ලස්සනයි නේ..

චමත්කා ලැජ්ජාවෙන් අහක බලාගනී..සර් කොහෙද ඉස්කෝලෙ මෙහෙමද?

ආහ්.. ඔවු ඉතිං අපි මෙහෙම අය තමයි.. හැබැයි අපි ලග ගොඩේ ගතිය තියෙනව මොකද අපේ තාත්ත ගොඩක වෙල..ගොඩක වෙල ඉදලාත් ගොඩේ ගතිය නැත්තං වැඩක්ද ? නේද?

සර් කියන්නෙ ගොඩකවෙල හිටියොත් ගොඩයො කියලද? චමත්කා සිනාසෙමින් ඇසීය..

නෑ නෑ චමත්කා..හැමෝම හදන්නෙ අපි අර ටවුමෙ මේ ටවුමෙ කියලා ටවුම උඩින් වාඩිවෙන්න නේ.. දැන් ඉස්කෝලෙ වල වුනත් කස්ටිය නිකං බෙදිලා අපි අර ඉස්කෝලෙ කියල මරාගන්නවා.. මං ආස නෑ ඒකට..

මං කාරුහරි ඇහුවොත් කියන්නෙ මම ගොඩේ ඩෑල් එකක් කියලා..

ඒ වුනාට සර් … අනේ මන්දා.. සර් ටිකක් විතර ඕවර් වගේ මට නම්..

තරහ වෙන්න එපා.. ඒ වුනාට සර් ටිකක් නෝමල් වුනානං හොදයි.. නැත්තං සර් ල වගේ ටිකක් අමුතු විදියට හිතන අයට එන පස්න වැඩියි..දැන් සර් ගැන එක එක කතා මේ දවස්වල ඔෆිස් වල යනවා.. මම සමහර විට සර්ට ඕනි නැති දෙයක් කියනවා ඇත්තෙ..ඒත් මම කැමති සර් ඒ වගේ චෝදනා වලින් ඈත් වෙල ඉන්නවා නම්. .

නෑ චමත්කා ගොඩක් අය එහෙමයි..අනුන්ට හැම දේම වෙද්දි ඇහ කණ පියන් ඉදලා තමුන්ට දෙයෙක් වෙද්දි පෙරලගෙන ගහන්න යනවා.. ඒක මට අල්ලන් නෑ..හැබැයි ඒක මගේ වීක් පොයින්ට් එකක් වෙන්න පුලුවනි..දැන ්ඔයා මගේ වරදක් පෙන්වද්දි ඒක එහෙම නෑ ඒක තමයි තියෙන සුපිරිම ගතිගුණ කියලා මට කියන්න පුලුවනි.. ඒත් … ඒක මගේ ප්‍රැක්ටිස් එක නෙමෙයි..
මිනිහෙක්ට නොගැලපෙන දෙයක් නොගැලපෙනවා කියල දැනගෙන දාගෙන ඉන්න අමාරුයි..

සරලව හිතුවොත් මට ගැලපෙන් නැති සපත්තුවක් මට දාගෙන වැඩිම ූඋනොත් පැය හයක් ඉදීවි..ඉන් පස්සෙ ඒක මට වදයක්..

ඒ වගේ චමත්කා මම හුරු වෙච්චි විදියට මේ ආයතන හැදෙන් නෑ..ඒත් මට ඒකට කරන්න දෙයක් නෑ..මට මීට වඩා රගපාන්න අමාරුයි..

සර් ඒක එච්චර ගනන් ගන් එපා..අනික මං තාම සර්ලයි ඔෆිස් එක ඇරුනම වැඩ කරල තියෙන්නෙ තැන් දෙකක විතරයි..ඒකත් පොඩි කාලයක්..සර් වගේ කෙනෙක් මට හමුවුනාමයි.. චමත්කා කියන්නට විය.

ආහ්...ආන්න අද ඉන්නව  වඩේ කාරයා.. චානක.. පොඩ්ඩක් නවත්තන්න කො ඔය වඩේ කාරය ගාවින්.. මහින්දගේ ඒ රික්වෙස්ටුව චානකට අලුත් දෙයක් නොවේ..ඔහු වේගය අඩු කල රථය පාර අයිනේ නවත්වගන්නට විය.


නිමි..