Tuesday, August 28, 2018

අලකොල්ල රත්නතැන්න ගොම්බානිය

කිහිප වතාවක්ම යන්න හිතාගෙන හිටියත් ගොම්බානිය විවිධ හේතු නිසා අපිට කල් ගියා. තව යාලුවෝ කන්ඩායමක් ඉන්ටෙනෙට් එකේ යන්න ඉන්නවාය කියලා තුවාන්ට කතා කරලා තිබුනා. ඉතිං මටත් කතා කලා. මාත් හාය කිව්වා.
අපි ගියේ බ්‍රහස්පතින්දා රාත්තිරි. වෙනදා වගේම මහ රෑ දොලහට විතර නුවර බස් එකක නැග්ගා. නැගලා නුවරින් බහිද්දි පාන්දර දෙකහමාර ට විතර ඇති. ඒ පෙරහැර දවස්. ඒ නිසා ටිකක් සෙනග හිටියා නුවර දුම්රියස්ථානයේ. අපිට යන්න තියෙන මාතලේ දුම්රිය තියෙන්නේ උදේ 4.50 ට. මිනිස්සු පත්තර කොල එලාගෙන ඉටිකොල එලාගෙන නිදි ස්ටේශමේ. මායි තුවානුයිත් මොකුත්ම නැතුව බිම ටිකක් ඇලවුනා. සනීපෙට නින්ද ගියා. අරුන් ඇවිත් අපි ඇහැරෙව්වා කෝච්චිය යාවිය කියලා. ඉතිං අපි දුවං ගිහින් කෝච්චියට ගොඩ වුනා.

වත්තෙගමට කෝච්චියෙන්
මහ පාන්දර මෙලෝ මල දානයක් පේන්නේ නැහැ එලියේ. ඒත්කෝච්චිය ස්ටාට් කරපු වෙලාවේ ඉදලා මාර සද්දේ. මං ටිකක් හොයලා බැලුවා මොකෝ මේ සද්දේ කියලා. වෙන්න පුලාන් නේ ඉතිං. එන්ජිම W3 කියල හදුන්වන ජර්මනියෙන් ඉස්සරජර්මනිය කැඩෙන්නත් කලින් ගෙන්නපු පරණ ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින්.මේ ඩීසල් හයිඩ්‍රොලික් වලදී සද්දේ වැඩිය කියලා තමයි ඉන්ටනෙට් එකේ තිබුනේ. මේ දුම්රියේදි මට හිතුන හැටියට කෙලින්ම එන්ජිමේ බලය රෝද වලට දෙනවා යම් සුලු ගියර්යෙදිමක් හරහා. ඒත් ඩිසල් ඉලෙක්ට්‍රික් වලදී කරන්නේ එන්ජින් බලය හරෝනවා ඉලෙක්ට්‍රික් බලයට. ඉන් පස්සේ ට්‍රැක්ශන් මෝටර්ස් වලින් රෝද කරකවනවා. කොහෙම හරි මහ පාන්දර සද්ද කෝච්චියේ අපි වත්තේගමට ආවා.

වත්තෙගම ටු බඹරැල්ල
පාන්දර කට්ටිය තේ වතුර බිව්වා වත්තේගම බස් නැවතුමේ තියෙන තේ වතුර කඩේකින්. ඒකේ වඩේ ඉදිආප්ප වගේ දෙමල කෑම තිබුනා. ඉන් පස්සේ අපි යන්න නියමිත බඹරැල්ල බස් එක එනකල් බලාගෙන ඉන්නවා.දැන් ඔන්න කාන්ඩේ එකෙක් වැසිකිලි යන්න හදනවා. මේ පිස්සු කරන්නෙපා ඕයිදැන් බස් එක එනවා..ඔහොම හිටපං ගිහිං දාපං. දැන් ඌ ටිකකින් ගියා. ගිහින් මෙන්න ටිකකින් අර බැනපු එකත් යනවා.කොහෙ යන්නේ කියලා ඇහුවම ඌටත් බොග චාජ් වෙලා ඌ්ත ගියා. ඔය විදියට අදාල වැඩකටයුතු සහ උදෑසනඅ ාහාර ගත් අපි ඇවිල්ල හුලු ගග ගාවින් බැස්සා. හප්පා සනීපේ.හුලුගග ගලලා දෙගොඩතලා යනවා.. පට්ට ආහ්.

හුලුගග ඇල්ල

හුලුගග ඇල්ල බලන්න දැන් වේදිකාවක් හදලා. මං මාස කිහිපයකට කලින් එද්දි ඒක හදනවා. එතන්ට ආපු සුද්ද ජෝඩුවක් ඇල්ල බලන්න තැනක් හොයනාව ඇඹරි ඇඹරි..මං ඉන් පස්සේ උන්ගේ ගයිඩට කිව්වා ඇල්ල බලන්න වේදිකාව තියෙන්නෙ බඹරැල්ල පාරේ මීටර 20ක් විතර ගිහින් පහලට යන්න තියෙන පඩිපෙල බැස්සාමය කියලා. ඉන් පස්සේ උනුත් යන්න ඇති.කොහොම වුනත් හුලුගග දිය ඇල්ල වතුර වැඩි නිසා පට්ට. මීදුම වගේ ඈතට යනවා වතුර දුමාරයක්. මේ හුළුගගේ ගිලිලා මාස් එකේ 5ක් මලා. කෙල්ලෝත් ඉදියාය කියලයි ආරංචිය. ෆ්ලෑෂ් ෆ්ලඩ් එහෙම නැත්නම් එකවර ඇතිවන ගංවතුර තත්වක් හේතුවෙනුයි ඒ අය මැරිලා තිබුනේ. හුලගගත් නෙමෙයි හුලුගගට වැටෙන දොලපාරක් ගාව තියෙන ගෙසට් එකක්. ආපු කෘා එකෙන් අනික් ටික යවලා මේ පස්දෙනා ඉදලා. මේ මැරුනු අය සම්බන්ධ නොයෙක් කටකතා තියෙනවා.කොහොම වුනත් ජීවිත පහක් එකතැන. බලං ඉද්දි ටිකෙන් ටික වතුර වැඩිවුනා ගහගෙන ගියා. ආයේ ටික වෙලාවකින් දොල පාර කලින් වගේම සංසුන් වුනා.
හුලුගග ඉදන් අපි යන්න ඕනි අලකොල්ල වතුයායට

අල කොල්ල වතුයාය ටිකක් ජනප්‍රිය වත්තක්. ඒක ගොඩක් ලොකුයි. ඒකඅ ස්සේ පාරම මම හිතන්නේ කිලෝමීටර දහයක් පාලහක් විතර ඇති. වත්තට අයිති දොලපාරවල් ලැයිම් හතර පහක් මෙන්ම දිය ඇල්ලක්ද තියෙනවා. අලකොල්ල වතුයායේ කෙළවර රත්නකන්ද ස්ටේට් එක ගාවට යන්න කියද කියාල ඇහුවම ත්‍රිවිලර් බුවා රු 900/=ක් කිව්වා.එ තකොට උදේ 7.30ට වගේ ඇති. ඉතිං අපේ නඩේ ගුරා පයින් යන්න තීරණය කලා.මගදි හම්බුනු අය කිව්වේ ඔය ගමන එහා කෙලවරට යද්දි 12.30වත් වෙයි කියලා. ඒත් අපේ නඩේ උන් කැමති වුනේ නැහැ ත්‍රිවලර් වල යන්න. ඇත්තටම මේක අලුත් නඩයක්. සාමාන්‍යෙයන් අපි ප්ලෑන් කලානම් කන්දක් නැගිමකදි පාරේ යන්න පුලුවන් උපරිම දුර වාහනයකින් යනවා. මොකද කාලය කියන දේ මැනේජ් කරගන්න එක මොන දේටත් වටින නිසා. අපි අනුන්ගේ ලබ්බකට උනගෙ ආරාධනාවෙන් සෙට් වුනත් අපි පිට අය වගේ නිසා අපි ඉතිං වැඩියම බලකරන්න ගියෙ නැහැ.
අලකොල්ල වතු සිරි

අලකොල්ල වතුයායේ තියනවා ලස්සන ගස් පේලියක්. පෙර විදීමකට(Pre Shoot)  කදිම තැන. තේ වත්තේම මායිමක ලස්සන අලකොල්ල දිය ඇල්ලත් තියෙනවා. දිය ඇල්ල පොඩි වුනත් අපි ගිය දවස්වල වතුර හොදට තිබුනා දැක්කා. ලගට නම් ගියේ නහැ එනගමන් යනවා කියලා. ඒත් අනගමන් පාං කියාගන්නව්ත බැරි තරම් කෝමා එකකින් වගෙ ආවේ යන්න බැරිවුනා. අලකොල්ල වතුයාය මම හිතනනේ පාඩුයි. ඒකේ තිබ්බ තේ කරුමාන්ත ශාලාවත් ගලවලා. අපි ගොම්බානිය නගිද්දි දැක්කේ තේ ගස් මහ විසාල වෙලා උස යනකල් තියලා ඒවා කැලේට ගිහින් කැලෑ මායිම් හරියේදි. අපරාදේ. හොදට කප්පාදු කරලා ගත්තන්ම මම හිතන්නේ දැනුත් දේ කඩාගන්න පුලුවන් ගස් තමයි ඒ. අලකොල්ල වතුයායට ගොම්බානිය ඇතුලු නක්ල්ස් රේන්ජ් එක පේනවා. ඒ වගේම වතුර අඩුවක් නැතිව තිබෙන වත්තක්. වතුර දොලපාරවල් කිහිපයක්ම මේ වත්ත මැදින් ගලනවා. එයින් සුන්දර ලෙස හදාපු නිවාඩු ගන්න තැන් හෙවත් හොලිඩේ රිසෝටුත් හදලා තියෙනවා. අවට ගම්වල කට්ටියද මන්දා ඇවිල්ල හිටියා නාන්න එහෙම.
උඩට යෑම තේ වතුර බීම

අපි වත්ත මැදින් තියෙන මහ පාරේ ගියේ නැහැ. තැනින් තැන සෝට් කට් හම්බෙනවා. මිනිස්සු යන්නේ ඒවයින්. ඒවායේ ගිහින් ගිහින් අපි කොහොම හරි අමාරුවෙන් දවල් 12.30 වෙද්දි කන්ද උඩ රත්නකන්ද ඩිවිශන් එකට ආවා. එතකොට අපිට සට් එකක් හමුවුනා. එයාල පුදුම වුනා අපේ ගමන ගැන. මොකද ඉතිං පයින් එන දුරක්යැ. කිලෝමීටර 5ක්  විතර තනිකර කන්දේම නෙව. කොහොම හරි අපිට ගෙදරක අයියෙක් ෆිට් වුනා. මම ිනකමට ඇහුවා ප්ලේන්ටියක්බොන්න තැනක් තියේද කියලා. පොර කිව්වා ඒමනම් නැහැ. පොඩ්ඩක් ඉන්න අපි හදා දෙන්නම් ය කියලා. ඒ ගමන ඉතිං මම බලෙම්ම වගේ සෙට් එකට කතා කලි අපි ප්ලේන්ටියක් බොමුය කියලා.
ලැයිමේ සිරි
ලැයිම් ගෙවල් කියලා සැලකුවාට ඇත්තටම අපි ගිය ගෙ ඇතුල නම් බෙහොම සරු එකක්. ලොකු සයිස් ටීවි යන්ත්‍රම දෙකක් විතර තිබුනා. එකක් එල් සී ඩි අගල් පනහවත් පැනපු ලොකු ටිවි එකක්. තව ලොකු සෙටප් එකක් තිබුනා. කාමර දෙකයි හෝ තුනයි.ඒ ටික ලස්සනට තින්ත ගාගෙන හැඩට මල් තියාගෙන උන්නා. ඒ අයට ඒ ඉඩ මදි සින් එක පෝඩ්ඩක් අවුල්. මල්ලි අපිට ඉඩ තමා පෝඩ්ඩක් මදි කියලා කිහිප විඩක්ම කිව්වා. මමකිව්වේ ඒකනම් අවුලක් නැහැ අයියා කියලා. ඒ හම්බුන බ්‍රෝ දෙමල වුනාට සිංහල කතාකරන්න පුලවන් ලෙසට. කොහොම හරි අපි කතාකරද්දිමොකද්ද ඇහිලා ටී කියලා.ඉන් පස්ස පොර අපිට ටීම හදාගෙන ආවා. ඒ වෙලාවේ අපි කතාකලා අපේ මලුවල තිබුනු බිස්කට් ගන්න. ඒගමන පොර කලබල වෙලා ගෙදර තිබුන බිස්කට් එකක් කඩලා අපිට ඇල්ලුවා.

පස්සේ සල්ලිදෙන්න ගියාම ඒ දෙමල බ්‍රෝ අපෙන් සල්ලි ගත්තේම නැහැ. එයා වෘත්තිය විදියට අහල ගාමන්ට එකේ ආහාර පිසින අයෙක් විදියට සේවය කරනවා. අම්මා තවමත් දලු නෙලනවා. වයිෆ් නම් මොනා කරනවාද කියලා දන්නේ නැහැ..බොහොම සිරියාවන්ත කාන්තාවක් වුනු ඒ බ්‍රෝෙග් වයිෆ්ගේ කෑමනම් පංකාදුයි. අපි සල්ලි දුන්නම් ගත්තේ නැතුවා වගේම හෙටත් බහිද්දි උදේට හෝ දවල්ට කාල යන්න ඒනි නම් කියන්න කියාල අපිට නොම්බරුත් දුන්නා.
මට මීට අවුරුදු 20ක ට විතර කලින් අපේ ගමේ ගෙවල් මතක් වුනා. මිනිහෙක් ට පාරේ යන්න නැහැ වරෙං බාං තේ වතුර එකක් බිල යන්න කියලා කතාකරනවා. ඉන් පස්සේ ටිකක් කයිය ගහලා බුලත් විඩක් කාලා කාරිය යනවා හදිසි ගමන් නෙවෙයි නම්. මේ දෙමල පවුලේ අයත් පොඩ්ඩක් කතාකරන බාසාව වෙනස් වුනාට ආගන්තුක සත්කාර අතින් නම් බොහොම ඉහලින් උන්නා.

රත්තනතැන්න ගිමන් හැරීම
රත්නතැන්න වතුයාය කෙළවර තියෙන හොලිඩේ රිසෝට් එක බොහොම නිවුන තැනක්. එතන්ට යන්න රු 200/=ක ටිකැට් එකක් කඩනවා. මම නම් ඒ ටිකැට් කැඩිමෙ වැරැද්දක් දකින්නෙ නැහැ.එ වතුයායෛ් ඉදපු කවුරුහරි මහත්තයෙක් තිරණය කරලා ඒ කුඩා දියකඩිත්ත පොකුණක් කරලා, ඒ යට ගල් දාලා ලග හොදට හොදලා තණකොල වවලා නාන්න බට දාලා හොදට තියාල තියෙනවා. ඉතිං ඒ තැන් හොදට නඩත්තු කරන්නත් ඒ තැන් තවත් දියුනු කරන්නත් මිල මුදල් උවමනායි. අපි ගිය ගමන් ටික්ක ඇග පත හෝදගෙන ගමන පටන් ගන්න කියලා හැදුවා. එතකොටත් එක විතර වෙලා වෙලාව. අපි ඉන් පස්සේ ක්‍රීම් ක්‍රැකර් හෝ ඒ වැනි දෙයක් ආහාරයට ගත්තා.
අපේ සාමාන්‍ය හයිකින් ආහාර රටාව
අපි වෙනදා යන තුවාන් ස්මයිල්, ලක්ශාන් ආදි අපේ කන්ඩායම ගමන් ප්ලැන් කරද්දි ආහාර ලෙස බත් ගැනීම ගැන විහේෂ සැලකිල්ලක් දක්වනවා. මොකද නූඩ්ල්ස්, පාන් වගෙ අපිට නුපුරුදු ආහාර අරගෙන කදු නගිනවා වගේ මහන්සි ගමන් කරන එක අමාරුයි. අනික කොහෙමත් අපි නයිටක් අදිනවා නම් වේල්තුනක් හරි වෙන වෙන කෑම ක්ශණික කෑම වලින් සේප් වෙන්න වෙනවා. ඒ නිසා පුලුවන් නම් කලින් වේල් හරි පසුව තියෙන වේල් හරි බත්ම කන්න විදියක් තමයි අපි හැම හයික් එකකදිම ප්ලෑන් කරන්නේ. අපි අවසානයට අපේ සෙට් එක ගිය බලතුඩුව හයික් එකේදිත් අපි උදේට බත් කාලා තව දවල්ට ත් බත්මුල් බැදගෙන ගියා. ගිහින් එදා රෑ සහා ඊලග දා උදේ පාං නූඩ්ල්ස් කාලා ආයේ ඊලග දා දවල් බත් කන්න යොදාගත්තා.
මුලින් කිවනේ මේක අපේ ප්ලෑනක් නෙමෙයි. ඉතිං උදේ වත්තේගමෙන් පාන්දරම මොනාහරි බඩට දාගත්තට පස්සෙ පාන්, බිස්කට් වගේ ටිකක් රන්නතැන්න හොලිඩේ රිසෝට් එක ගාවදි අරගත්තා. කොහොම වුනත් යකෙක් කෑවත් ඩෙසට් එකටත් තා මොනාහරි හොයන අපේ තුවාන් ස්මයිල් යාලුවටත් පොඩ්ඩක් කෑම ලොස් එකදැනිලා තිබුනා.
නැග්ම
නගින්න මැප් එක තිබුනේ යාලුවෙක්ගේ පෝන් එකේ. පෝන් එක අරං ඇප් එකක් දාගෙන එහෙ මෙහෙ බල බල දිසා හොයන් නගිනවා. සමහර තැන්වල පාරවල් නැහැ. ඒහෙම වුනාම ආයේ කොහෙන් හරි පාරක් හොයාගන්නවා ඔහොම අමාරුවෙන් කැරකි කැරකි ගියා. දැන් එකතුනකට ආවට පස්සේ එතනින් එහාට යන්න තැනක් නැහැ. එතනින් දකුනට තමයි පාර පෙන්නුම් කරන්නේ. ඒ ගමන මම දකුනට ගියා. මෙන්න තියෙනවා ගස් වල කැපුම් පාරවල් එක්ක ලස්සන පාරක්.
මැපින් සහ කැලේ පාරවල්
මැප් කියන්නේ පෝන් එකක හෝ කොලයක තියෙන දෙයක්. ඒක අපේ ගමනට සමපාත කරගන්න එක ගේමක්. සාමාන්‍යෙයන් මැප් එක බලාගෙනම පාරවල් හොයාගන්න එකත් කදුකර සීමාවලදී ගැටලුවක් එනවා. මොකද කදු වල සමතලා පොලවේ වගේ හරියටම මෙව්වා වෙන්නේ නැහැ මම දන්න විදියට. කොහොම හරි කැලෑවේ කදුවල ඇවිදිනවා නම් ඔය කියන ඉලෙක්ට්‍රොනික මැප් වගේම අනෙක් සාමාන්‍ය ක්‍රමයට පාරවල්හොයාගන්න හැටිය ගැනත් දැනගන්නට ඕනා. මිනිස්සු ගිය පාරවල් වල ටිකක් මුල් තැලිලා පාරවල් මැදිලා තියෙනවා.. කැලෑවටම යට වුනු පාරක් නම් ගස් වල මාක් තියෙනවා..බට පදුරු ආදිය කපපු තැන් තියෙනවා. ඒ ලකුනු එක්ක මැප් එක කියවලා යන එක තමයි ගොඩාක් සාර්ථක හෙම නැතුව මැප් එක දිගෑරගෙන වට පිට බල බල එහෙට මෙහෙට වෙවී යන්න ගියොත් ඒක ගමනට ප්‍රමාදයක්. ඒ වගේම බෝරින් වැඩකුත් වෙනවා.
නෑම
ඔහොම අමාරුවෙන් පාරවල් හොයාන යද්දි වැස්සක් එන්න ගත්තා. එතකොට ආපු අය අතර හොද වෙලාවට යාලුවෙක් ගාබේජ් බෑග්්ස ගෙනල්ල තිබුනා. මම රේන් කොට් එකක් ගෙනල්ල තිබුනා. ඒ රේන් කෝට් එක අරගෙන ගමන් කිහිපයක් ගිහින් තිබුනත්ටෙස් කරලා තිබුනේ නැහැ. වැස්සා ටිකකින් දරුණුත් වුනා. ඊටත් වඩා එතනින් එහාට පාරක් පේන්නේ නැහැ. මම ටිකක් වටපිට බැලුවා. රිංගුවා ඒ හරියේ ඉදන් උඩටම තද බට කැලේ. බට පදුරු අස්සේ වැස්සේම රිංගුවා ඒත් පාරක් පේන්න නැහැ. වැස්ස පැය බාගයක් විතර තිබුනා. වෙලාවක හොදටම වැස්සා. මමත් මගේ බෑග් මල්ල ගාබේජ් බින් එකකින් වහගත්තා. මගේ රේන් කොට් එක ෆුල් වෝටර් පෘෘෆ් නෙමෙයි. ඒක ඇවිල්ලා තදටම වැස්සට ඇතුලපොඩ්ඩක් තෙත් වෙනවා. මම තුනීම එකක් ගත්තේ ගෙනියන්න තියෙන පහසුව නිසා.
මුදුන සොයා

ටිකක් උඩට යද්දි වැස්ස නිසා කූඩැල්ලෝ වැඩියි. අපේ තුවාන් යාලුවා කූඩැල්ලන්ට මික්සර් එකක් හදාන ගිහින් තිබුනේ ඩෙටොල් පොල්තෙල් දාලා. ඒ මික්සර එක ගාගෙන ගියත් වැස්ස නිසා ඒවා හේදෙනවා.හැමතැනම කූඩැල්ලෝ. ඉස්සරහට යන්න යන්න පාරක් නැහැ. පාරවල් අමාරුවෙන් පාද පාද අපි ඉස්සරහට යන්න ගත්තා. එහෙම යද්දි සමහර තැන්වලඝන සැරේට පදුරු. යටිරෝපනය තද තැන්වලින් යන්න අමාරුයි.ඇරත් වැහැලා ගස් නැමිලා.
ඔහොම ගියාම එකතැනකදි මහා පර්වත රාජයෙක් සෙට් වුනා. මේ පර්වතයෙන් ඉහල නගින්න බැහැ. ඒ සයිඩ් එකෙන් එක පැත්තකට එක යාලුවෙක් ගියා. අනෙක් පැත්තේ මම ගියා. ඒ යාලුවා ගිය පැත්තේ යාලුවා මහ පිහියෙන් පාරක් කපාගෙන වගේ ගියේ. මම ගිය පැත්තෙ ටිකක් පදුරු අඩුයි. එතකොට හැන්දෑවෙ හයටත් කිට්ටුයි. අමාරුවෙන් නැගගෙන යන්න තිබුනත් මම හිතුවා මගේ ඩිරෙක්ශන් එක හරි ඇති කියලා. අනික් යාලුවන්ටත් කතා කලා.
රෑ වුනානේ
ඉතිං මම ගිය පාරේත් දන ගාගෙන බඩ තමයි ඉහලට යන්න වුනේ. ඒ එක්කම මීදුමත් ගැලුවා දැන් වෙලාව හයහමාරට කිට්ටුයි. අනික් යාලුවන්ට නගින්නටත් ටිකක් අමාරුයි.මේ හරියේ බෑවුම වැඩියි. ඒත් ටිකකින් එනවා ලගදි නාය ගිය හරියක්. ඒකේදි බැස්ම වගේම එරෙන ස්වභාවයත් වැඩියි. මේ පාර නම් වෙන්න බැහැ කිය කිය හිත හිත යාන්තම් කුඩා ඉඩක් තියෙන තැනකට සේන්දු වුනා. එතන කුඩාරම ගහන්න තියා ඇත්තටම අපි 6 දෙනාට හරියට එක පෙලට වාඩි වෙන්නවත් බැහැ. පොඩි ඉඩක්. ඒ පොඩි ඉඩත් හොයාගෙන මම යාලුවන්ට කෑ ගැහුවා. එතකොටත් යාලුවො පහල.
තව ට්‍රයි කලා ම්ම්හු..

මම තවත් උඩ හොද තැනක් තියේද බලන්න අංශක අනූවට පොඩ්ඩක් අඩු බෑවුම දිගේ අමාරුවේන පස් අල්ලගෙන පදුරු අල්ලගෙන උඩට නගින්න ගියා. ඒත් පහල හිටි අය ඔය ඇති කියලා හයියෙන් කෑ ගැහුවා. දැන් රෑ වෙලා. අපිට පික් එක ට පොඩ්ඩක් පහලින්. ඒත් පීක් එකට එන්ටරන්ස් එකක් නැහැ. අපි ඔක්කොම තෙතබත් වෙලා. කූඩැල්ලෝ හිතේ හැටියට බුරියේ කොන්දේ විතරක් නෙමෙයි පුකෙත් ගිහින්. ඒ මදිවට තද සීතල එක්ක වදින මීදුම. ඉදලාම තද හුලං පාරකුත් වදිනවා කළුවරයි. මේ වෙලාවේ තව ඉහලට යන්නේ නැතුව හම්බුනු බෑවුම් ගල්ගෙඩි තියෙන කිසිම සමතලයක් නැති බිමේ රැය පහන්කරන්න තීරණය වුනා.
ආහ් ආයෙත් වැස්ස නේ
කීපදෙනෙක් මහපිහිය අරං ඉන්න තැන ටිකක් සුද්ද කරගත්තා. ඒ යාලුවෝ සිගරට් බොනවා. එයාල සීත නැතිවෙන්න සිගරට් දෙක තුනක් ඇද්දා. ඉන් පස්සේ පාං වල ජෑම් ටික ගාන්න ගද්දිම මහ අකරතැබ්බක් වුනේ. එකපාර පහත්වෙන්න ගත්තා වැස්සක්. මම එතකොට තෙමිලා මඩ ගෑවිලා කුනු ගෑවිලා හීරිලා තිබුනු ඇදුම පැත්තකට කරලා තිබුනේ. ඒ ත් කොහොම හරි පැනලා රේන් කෝට් එක අරං දාගත්තා. ඇතුලේන ගැහෙනවා. මොකද ඒ රේන් කොට් එක කේස්. අනික් සෙට් එක යාන්තම් හතරකට ඉන්න පුලුවන් වෙන්න කූඩාරම හදාගන ඒක අස්සට රිංග ගත්තා. තව යාලුවෙක් එලියේ. අපි දෙන්නා සිරාවටම සීතලට ගැහනවා. ඇතුලේ උන්න බුවෙක් කිව්වා මට උගේ ජැකට් එක දාගන්න කියලා.මම ඒක දාගත්තා.ඒක ටිකක් ඝනකම් එකක් ඒ නිසා අල්ලලා හිටියා. විනාඩි 10කින් වගේ පෑව්වා. ඒත් සීතනම් අඩු වුනේ නැහැ.
මේ ජැකට් දාගෙන ඉද්දි ඇදන් හිටියේ කොට කලිසම නිසා කකුල් නිකං ගල්වෙන මට්ටමට සීතල. ඒ පාර මම ගෙනියෑපු කොටන් රෙද්ද දාගත්තා. ඒත්කොටන් රෙද්ද බොහෝම ඉක්මනින්ම සීතලට තෙත් වෙනවා. සීතලට වඩා පින්න මම හිතන්නේ. ආයේම ටිකක් වැස්ස මෝදු වෙද්දි මම කොටන් රෙද්ද නැවත බෑග් එකට දාගත්තා. මේ වෙද්දි ඉන්න කන්ඩිශන් හරිම සවුත්තු. අපි දවසක් සම්පූර්ණයෙන් ඇවිදලා. අවසාන හරිය බඩ ගාලා දන ගාලා රිංගලා කරපු නැගීමක්, සමහර තැන්වල පස්වල රූටං ගිය වෙලාවලුත් තිබුනා.ඇත්තටම ගොම්බානිය මෙහෙම නටන්න ඕනි ට්‍රැක් එකක් නෙමෙයි. ඒත් පුවර් ප්ලෑනින්, අයහපත් කාලගුණය, මැපින්, ආදී හේතු නිසා අපිට ඒ විදියට ලොවෙත් මිනිස්සු ඉන්න තියා හිතන්නෙවත් නැති පොඩි ගිරි හිසක මුදුනට මිටර 20ක් විතර පහලින් නවාතැන් ගන්න උනා.
රෑ හඳ පාන
රෑම මම හිටියේ ගලක් උඩ වාඩිවෙලා පොඩ්ඩක් ඇල වෙලා. ඇත්තටම හරියට නිදාගන ඉරියව්ව වත් දාන්න එතන ඉඩ නැහැ. කටු පදුරු තද බැද්ද කැපුවා වුනත් ගල් ගොඩල් පිරුනු සමතලා නැති තැනක් ඒක. කොහොම හරි ගලක් උඩ වාඩිවෙලා ටිකක් දිගැදුනා. දිගාවෙලා කකුල් දෙකටත් ජැකට් එකක් දාගත්තා. ඇගට ජැකට් දෙකයි එකක් රේන් කොට් එක. ඔලුව වැහෙනවා වුනත් මූන එලියේ.මූන කෑල්ල ට පින්න ගහනකොට නින්ද යන්නේ නැහැ. ඒගමන මල්ලෙන් මගේ සර්ට් එක අරගෙන නිකාබ් එක වගේ මූනත් වහගත්තා. හද පායලා එලිවෙලා කියලාවගේ ටකික් පෙනුනා. මම දාන් ඉඳිය බුර්කාව ටිකක් මෑත් කරලා බැලුවා. හම්මට යකෝ අර කන්දට යාබද කන්ද නාය ගිහින් වගේ මහා පදුරු කුට්ටි තියෙනවා. මට දැන් පට්ට බයක්ලෝඩ් වෙනවා. ඒ අස්සේ අර නායයන කදු අස්සෙන් වතුර සද්ද එනවා වගේ මහ චුරු චුරු සද්ද වගයකුත් කන්ද අස්සෙන් එනවා. ඒහෙම වතුර යට ගලනවා කියන්නේ මේ කෑල්ල්ත නාය යන්න තමයි තියෙන්නේ. කියලා හිතුනා
හද එලියට ඔක්කොම නොපෙනුනත් ඒ යාබද හෙවත් මීටර දහයක් විතරඅ ෑත තියෙන කන්ද නාය ගිහින් වගේ තියෙන මහ බියකරු දර්ශනේ නම් පෙනුනා. ඇත්තටම මම බයවුනා. අර වතුර සද්දේ නිසා මේ කෑල්ලත් බුග් ගාල නායයය් කියලා හිතුනා. ඒත් විකල්ප ිවිදියට කරන්න කිසිම දෙයක් නැහැ. අරුං කූඩාරමේ ගුලිවෙලා එක එකාට බැන බැන නිදි. උන් එකෙක්ටවත් හරියට ඉන්ද්‍රියකට විවේකයක් දෙන නින්දක් නැහැ. ගුලිවෙලා තෙරපිලා සමතල නැති පොලවේ දවසේම මහන්සි පිට ඔහේ ඉන්නවා . ටිකකින් නින්ද යන්න ඇති. ඒත් මගේ කූට මොලේට කල්පනා වුනේ නාය ගියත් මම කූඩාරමෙන් එලියේ ඉන්න නිසා ටිකක් උඩ පනිනවා. එතකොට නායෙන් පස්සෙ මම අඩුම තරමේ අපර් ලේයර් එකකට හරි ඒවිය කියලා හිතුනා.
කූඩලු පස්න
මේ අපි හිටිය තැන ඇත්තටම මීටර 1800කට වැඩියි.එ ්ත් වැස්ස නිසාද මන්දා කූඩැල්ලෝ. කූඩාරං කෑල්ල ඇතුලේ ඉදිය උන්ට නම් ලොකු අවුලක් නැහ වගේ. උන්ට ඉදලා හිටලා තමයි එකෙක් අරින්නේ. ඒකත් එකෙක් කකුල් එලියට දාගෙන ඉදලා ඒකෙන්. ඌට දීල තිබුනා සෙට් එක ලෙසටම. කූඩැල්ලන්ට ගහන්න පොඩ්ඩක් ක්‍රීම් පාට දියරයක් හදාගෙන තුවාන් ස්මයිල් මල්ලේ දාගෙන එද්දි මම හිතුවේ හුටා. මූ මෙන්න ගෙදරින් බීම ත් හදාගෙන එනවා කියලා. ඒත් ඇත්තටම ඌ අරං ඇවිත් තිබුනේ අර කූඩලු බේත්. එහෙව්වට ඌ අරං ආ කුඩලු මර්ධන බේත බුවෙක් මග හලලා ඇවිත්. ඉතිං උඩට ආවම මොකුත්ම නැහැ. ඇත්තටම සබන් එව්වා මෙව්වා තිබුනා. ඒත් ඒවා ගන්න සීතලේ බෑග් අදින්න කවුරුත් කැමති වුනේ නැහැ. මගේ බෑග් එකේ සබන් කැටයක් ලුනු ඇටයක් වත් තිබුන් නැහැ.
එතකොටම මට ඝනදෙවි නුවණ පහල වුනා. මම කලිසම උඩටම උස්සගෙන යාන්තම් අමාරුවෙන් චූ මීයා එලියට දාගෙන කකුල් දෙකම නෑවෙන්න හොදට කකුල්දෙකට මුත්‍රා කරගත්තා. කැතයි තමයි ඒත් කූඩැල්ලෝ එක්ක බේරෙන්න වෙන කරන්න දෙයක් ඇත්තේ නැහැ. මුත්‍රා වල තියෙන ලුනු සැරටද මන්දා ඉන් පස්සේ ඉන බඩ පපුව වගේ පැති කූඩැල්ලෝ කාල තිබුනත් කකුලට සීරියස් ඇටෑක් එකක් ආවේ නැහැ.


Monday, August 27, 2018

නිරාගමිකයා හැසිරෙන්න ඕනි කාරු කියන විදියටද?

නිරාගමිකයනුත් ටිකක් වැඩිවෙද්දි එක එක මොඩල් නිරාගමිකයෝ එනවා..බෞද්ධ නම් පොඩ්ඩක් සුද්ද කරලා ගත්තාම සෝක්, ක්‍රිස්තියානි වුනත් බැතිමතුන් සෝක්. ඉස්ලාම් වුනත් එච්චරම නරකක් නැහැ වගේ උන් නම් නිරාගමික නෙමෙයි. ඒ උන් කරන්නේ තනිකර බොරුවක්. නිරාගමික නම් ආගම කියනදේ තනිකර ප්‍රතික්ශේප කරන්න ඕනා. ඒත් ආගම් ගැන ස්ටඩි කරන්න හෝ ආගම් වලට අදාල රසසාවක් කරනවා නම් ඒක කරගන යන්න අපිට පුලුවන්. උදාහරණ විදියට අපි බුර්කා මහන රස්සාවක් කරනවා නම් හෝ සිවුරු මහන වැඩක් කරනවා නම් ඒකට අපි ඒ ආගමේම උන් වෙන්න ඕනින නැහැ..නිරාගමික වුන කියල අවුලකුත් නැහැ.

ඇයි මේ මුන් බුද්ධාගමටම බනින්නේ?
ලංකාව සියයට 70ක් බෞද්ධ ඒකෙනුත් සිංහලෙන් කමියුනික්ශෙන් කරන අය අතුරින් 90%ක් විතර බෞද්ධ. ඉතුරු අය ඉංගිරිසි එහෙම නැත්තං දෙමල. ඉතිං මේ අපි ඉන්න අපේ බහුතරය හා ගැටෙන ආගම තමයි අපිට නිතර පේන්න්. පිරිසියකට බත් ටිකක් දාල කන්නෙයි කියලා බුදුන්ට තියෙන, චීවරයක් අරං මහරෑ නැගිටගෙන පෙරහැරවල් යන, කිඹුල් දතකට වැදගෙන අලි දක්කගෙන මහ පෙරහැර යන, දාස් ගානක් එකතැන් වලට එකතු වෙලා මහා ගෝසා තියලා වදින පුදුන එක ආදී දේවල් තමයි වැඩිපුර පේන්නේ. ඉතිං ඒවාට ගහන්නේ නැතුව අපි ඈත නයිජීරියාවේ බුකෝ හරාම් ගැන කියවන්න බැහැ නේ. පත්තරේක නිවුස් චැනල් එකක වුනත් වැඩි ලෝකල් නිවුස් මොකද?  මිනිස්සුන්ට ෆැමිලියර් ඒ නිවුස් නිසා. ඒ වගේ නිරාගමික වුන් අතරත් වැඩියෙන් තියෙන්න් ඒ ලෝකල් ආගමික නිවුස්..
ඊය ඒතිස්ලා පංසල් යනවා..උනුත් වදිනවා
ක්‍රමයක් විවේචනය කරලා අලුත් ක්‍රමයක් හැදෙනකල් අපිට ඒකේ ජීවත් වෙන්න සිද්ද වෙනවා. උදාහරණ විදියට මේ ලොකේ දැන් සමාජවාදී රටවල් නැහැ. ඒ උනත් සමාජවාදී මිනිස්සු ඉන්නවා. උන් කාල ඇදලා නාලා ඉන්නේ අනික් උන් වගේම ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඒත් උන් විශ්වාස කරන්නෙ සමාජවාදය. ආන්න ඒ වගේ පිලිමෙට වැන්දම රෑට ගෑනි පොර දෙන්න අදිමදි කරනවා නම්, පංසලට බැන්නාම නැන්දම්මා බෙදන මාලු කෑලි ගාන අඩු වෙනවා නම්, දෙයියෝ එක්ක බෑ  දෙයියා ඉන්පුට් 6කින් කාල එකකින් රෙනවා කිව්වම පෙම්වතිය හුම් කියලා පුප්පනවා නම් ඒවා සේප් කරගන්න පොඩ්ඩක් ඇඩ් එකක් දාන්න වෙනවා. එක අතකින් ලංකාවේ ගෑනු එක්ක තර්ක කරනවාට වඩා ගෑනි ටෙලිපෝන් කනුවකට සාදු කියනවා නම් අනේ ඒකට සාදු කියලා කියාල නිකං ඉන්න එක වාසියි කියලා ගොඩක් බැදපු පිරිමි දන්නවා. ඉතිං ඔය වැන්දාය, පිදුවාය, හයියෙන් ගාතා කිව්වාය කියලා එකෙක් ආගමික වෙන්නේ නැහැ.
අනික හැම ආගමේම තියෙනවා ඒම එකෙක් වෙන හැටි විස්තර කරලා. මුස්ලිම් ආගමෙ ්තියෙනවා නිවැරදි තම්බියෙක් වෙන්නේ කොහොමද කියලා. එ වගේම බුද්දාගමේ තියෙනවා නිවැරදි උපාසක වෙන්නේ කොහොමද කියලා. ඒවගේම හින්දු ආගම වෙග් ඒවගෛත් ඇති එහෙම එකෙක් වෙන විදිය. ඔන්න ආගමක් අදහන එකෙක් මොකක් මිනිමැරුමක් වෙලා කොහෙට හරි ගෙනියද්දි වහන්සේලා කියන්නේ මොකද්ද උප්පැන්නේ තිබ්බ පලියට මිනිහෙක් ආගම දහමක් පිහිටින්නේ නෑ කියලා. ඒත් ඔන්න නිරාගමිකයෙක් මොකක් හරි කියාගෙන ගිහින් උන්නාන්සේ ලා වැටෙද්දි කියන්නේ මොකද්ද? උඹලා මොක්කුද උඹලා ජාතක වුනේ කොහොමද? තොපි තිරිසනුන්ට ජාතක උනාටත් අන්තයි..එතනදි අන්න ජාතකේ හොයනවා. ටිකක් අවුල් නේද? එක එක ආගමට ඇතුලත් වෙන ප්‍රොසීජර් එක අනුවඑහෙම හැසිරෙන උන් නැතුව ගෑනිගේ පොර වරදි කියාල දොහොත් මුදුන් තියලා කොන්ක්‍රිට් කුට්ටියකට වදින උන් ආගමිකයි කියලා සලකන එක ඇත්තටම වැරදි වැඩක්.
ආගමික වැඩවලට බනිනකොට සංවර වෙන්න ඕනි
පංසලට යනකොට සෙරප්පු ගලවල යන්න ඕනි. ඒත් පංසලේ වුනත් බල්බ් එකක් මාරු කරද්දි සෙරප්පු දාගන්න ඕනි.මොකද පංසල ඇතුලේ කරන්ට් දේවතා උන්නාන්සේට බුදු ගුන අදාල නැහැ. වැදුනොත් වැදුනා. ඒ වගේ සංවර, සිල්වත්, ගුණවත්, හොඳ, සද්භාවයෙන් යුතු ඔය වදන් ගොඩක් වැඩකරන්නේ ආගම් ඇතුලේ නේ. සාමාන්‍ය සමාජයේ තියෙන්න් නීතිය සහ පොදු ධර්මතාවයන්. පොදු දේවල් කිව්වේ අපි නිකං කොච්චර මැන්ටලේ කිව්වත් නාකියෙක් මූනට හම්බුනාම ආනේ සියේ කොහෙද මේ කියලා අහනවා නේ. ආන්න ඒ වගේ පොදු සම්මුතින් ටිකක් තියෙනවා. එතනින් එහාට ගිහින් ආගමිකයින් වගේ අර අහවල් පැත්තට ැවටුනු ගිරවු වගේ..
දරුව මේ පැන් බොන්න, ‍
මේ බඩු පිරිසිදුයි. මේවා ගහන්න
කියලා කතාබහක කරන්න නිරාගමිකයින් පෙලබෙන්න ඕනා නැහැ. නිරාගමිකයින් කතාකරන්න එඕනි මෙහෙමයි. නිරාගමිකයින් හැසිරෙන්න ඕනි මෙහෙමයි. නිරාගමිකයින්ට තියෙන වපසරිය මේකයි ආදි ලෙසින් නිරාගමිකයින්ට ඕනි නැති පඩත්තල නීති රිති දාන්නත් ආගමිකයින්ට බැහැ. උන් අදහන ලබ්බක් තියෙනවා නම් පැත්තකට වෙලා පාඩුවේ අදහගන්න පුලුවන්. ඉන් පස්ස් යමෙක් උන්ගේ මතයට විරුද්ධ නම් ඇවිල්ල ඒක එතැනි කියන්නත් පුලුවන්. ඒත් ඒ කියන එකා යම් ආගමක ලොක්කෙක් වුනාය කියලා ඌට වහන්සේය, උතුමාය. අහවල් ලොකු තැනය කියලා අමතලා නැවිලා ටොක් කරන්න නිරාගමිකයා බැදිලා නැහැ.
නිරාලා මේවා අවුලවනවා නේ
ෆයිට් එකක් යන්න නම් දෙපැත්තක් ඕනි නේ. දැන් ඔන්න පිරිසක් කියනවා අලි දම් වැල් දාගෙන පෙරහැරේ දැක්කීම බුද්ධාගම හෝ සංස්කෘතිය කියලා. තව පිරිසක් කියනවා අනේ එහෙම නැහැ මේක අලින්ට හානියක්, අලි අපාසුතාවයට පත් වෙනවා කියලා. මෙතන අර අලි හොදයි කියන ෆෑන්ස්ලාගේ පට්ට තර්ක. අලියා නිකං ඔටෝ චූන් වෙලා කරඩුව අරගෙන පිට උඩ තියං ඔටෝම යනවා වගෙයි උන්ගේ ටොක. ඒත් ඇත්තටම වෙනනේ අලියා බලෙන් කැලෙන් ඇදලා ඌව හීල කරලා, ඉන් පස්සේ ඌගේ කකුල් බැදලා ජෙනියකුත් බඩ යට ගැට ගහලා ඇදුමකුත් අන්දලා ලොකු කරඩුවකුත් තියාල ඌව දක්කන එක නේ. ඉතිං ඒකේදි අර ආගමික පා්සවේ අතිශයෝක්ති වැල් බයිලා ගහනකොට නිරාගමික සත්ව ලෝලි ටික ඒකට මල්ටි බැරල් ගහනවා.
.ඕක පත්තු වෙද්දි ඔන්න ආයේ පටන් ගන්නවා ආගමික සෙට් එක නාහේ න් අඩන්න. නිරාගමිකයෝ රටෙන් එලවන්න ඕනි. ආගමකට ඉන්න දෙන්නේ නැහැ කියාගෙන. ඇත්තටම උන්ගේ ලබ්බ ඕනිවට වැඩිය උඩදාගන්නේ නැතිව යම් නිතියකට රිතියකට සතුන් ටික තියාගෙන සතුන් කැලෙන් අල්ලන්නේ නැතිව හීල කරගන්න විදියක් හදාගෙන. එහෙම හිටියනම් හොදයි නේ. ඒත් මේ අවුරුද්දකට විතර කලිං අර බෙල්ලංවිල හාමුදුරුවන්ට ගැහුවා කියාල ආරංචි ගිය මියන් රාජත් මේ පාර බෙහොම ලස්සලට බැබලි බැබලි ගියා. ඒත් මිනිස්සු වැදලා සාදුකාර දිලා ඉන්න ඇති. ඉතිං ඔතන මියන් රාජ කියනනේ මේ ඒ බෙල්ලන්විල සාදු මල එක හා සම්බන්ධ මියන් රාජාය කියල නිරාගමිකයේ මතක් කලත් ආගමිකයින්ට කේන්තියි. මොකද ආතල් එක කැඩෙනවා එතකොට.
වෛරී ප්‍රකාශ
මේ ගැන තියෙන ලස්සනම උදාහරණය ඩොනල් ට්‍රම්ප්. මෙච්චර කාලෙකට සමාජ ජාල එන්න කලිං ජනාධිපතිවරයෙක් යමක් කිව්වත් ඒක මීඩියා වලින් ලස්සන කරලා තමයි ඉස්සරහට ගියේ. එත් ට්‍රම්ප් ගහන්නගත්තේ ට්විට් වලින්. ට්විටර් එකේ ට්‍රම්ප් ගේ ස්ටයිල් එක වෙනස් කරන්න එයා ජනාධිපති වෙලාවත් බැරිවුනා. එතනදි ට්‍රම්ප් කාටවත් අදින්නේ නැතුව නැචුරල් කොමන් මිනිහා විදියටම ඌට වරදින ඒව අනම් මනම් වැරදිත් එක්කම මිනිස්සුන්ට පෙන්වන්න සැලැස්සුවා.
ඇත්තටම මේ යන්නේ අර ඉස්සර හිටිය ඉස්කෝලේ මහත්තයා, හොද මිනිහා, ආදර්ශමත් නායකයා ආදී ඒකාකාරි බෝරින් කැරැක්ටර් වලට වඩා මල්ටිකලර් මිනිස්සුන්ගේ යුගේ. මේ කාලයේදී මිනිහෙක් නිකං කතා නොකර පාඩුවේ ගොනා සේ හිටියාය කියල හෝ ගොන් කාත ගොඩක් කිව්වාය කියලා හෝ අමුතු පන්ඩිතයෙක් වෙන්නේ නැහැ. ඒ වගේම දිගටම වැදගත් දේවල්ම කිව්වා කියලත් ඌ නිකං පොරක් කියලා මිනිස්සු සෝසල් මිඩියා ඇතුලෙදි සැලකෙන්නේ නැහැ. මේ කාලයේදී හේට් ස්පීච් හෙවත් වෛරී ප්‍රකාශ කිය්නනෙ සමාජ ජාලාවන්ට ඉතාම සාමාන්‍ය දෙයක්.
හොදම නිරාගමිකයෝ කවුද?
ඉතිං මේ නිරාගමික ආගමික වලිය අස්සේ විවිධ හේතු නිසා නිරාගමික වූ අය ඉන්නවා. ඒ අතර සැබැවින්ම ආගමික මතවල නිසරු බව වටහාගත් අය මෙන්ම එසේ නැති පංසල් යන්න කම්මැලි, පල්ලි යන්න කම්මැලි, දෙයියෝනට වදින්න කම්මැලි නිසා නිරාගමික උනුත් ඉන්නවා. ඒත් මොකා උනත් උන් ආගමක් අදහන්නේ නැතිනම් අනෙක් ආගමක් විශ්වාස කරන්නේ නැතිනම් ඒක ඇති. නිරාගමිකයා තුල සෝක් නිරාගමිකයා, ආදර්ශමත් නිරාගමිකයා, හොදම නිරාගමිකයා, ආගම් වලට ගරුකරන නිරාගමිකයා, ආගමික දර්ශන වලට හිස නමන නිරාගමිකයා කියාල ලොකු පොයියවල් හෝ සවුත්තු නිරාගිමකයෝ නැහැ. ඔක්කෝම නිරාගමික. ඒත් එක කකුලක් එක තැනක තියන් බාගයක් කකුල එලියට අරං නිරාගමික උනත් අහවල් ආගමේ මේ කෑල්ල නම් මරු කියල කියන උන් නම් නිරාගමික නෙමෙයි. උන් ඇවිල්ලා ආගම ගලවගන්න බැරුව කෑල්ලක් අලෝගත්ත උන්. ඉස්සර ආච්චි අම්මා ආප්ප ගලවද්දි ඉදලාම ආප්පයක් ඇලෙනවා අමාරුවෙන් ගැලෙව්වත් කෑල්ලක් තාච්චියේ. උන් පිටට පේන්න ආගමෙන් ගැලවිලා ඒත් කෑලි තාච්චියේ ඇලිලා.
නිරාගමිකයෝ නිසා රට ලේ විලක් වෙයිද?
සයිබර් අවකාශය හෝ මොනම අවකාශයක් තුල සිදුවන මත ගැටුම් කියන්නේ සංවාදයක්. සයිබරයෙන් හුවමාරු වෙන්නේ ගුටි හෝ උන්ඩ නෙමෙයි. එතැන යන්නේ ටෙක්ස්ට් , පිංතුර වීඩියෝ වගෙ ඒවා. ඉතිං යම් ආගමික ජාති සංවිධාන යම් යම් මරි මෝඩ වැඩවලට සංවිධානය වෙන්නන අහවල් ආගමේ අහවල් උන්ට ගහන්න මේ සෝසල් මිඩියා භාවිතා කරනවා. ඒත් නිරාගමිකයන්ට එහෙම ආගමිකයෝ එක්ක ගහමරාගන්න තරම් පුකේ අමාරුවක් ඇත්තේ නැහැ. ගොඩක් නිරාගමිකයින්ට ඕනි ඒ උන් දකින ආතල් එක අනික් ආගම් අදහන උන්ට කියන්න. ඒත් ඒක කිව්වාම ආගමිකයාට නිකං ගැරඩියා ට බූමිතෙල් ගැහුවා වගේ . ඇත්තටම නිරාගමිකයෝ කියන්නේ ආගමිකයින්ගේ ඇදහිම් වල ඇති නිසරු බව දකින අය.ඒක පෙන්වා දෙන එක හැම වෙලාවේම හොදම විදියට හොද බාසාවෙන් කියාදෙන්න ඕනි නැහැ.
පැරණි ආගමික නිති රීති පස්සේ එල්ලි එල්ලී යන රාජ්‍ය නායකයින් වෙනුවට ආගම් කියන්නේ පෞද්ගලික ඇදහීමක් පමණයි කියලා ආගම රාජ්‍ය පාලනයෙන් බැහැර කරන්නත් අපේ දේශපාලකයෝ කැමති නැහැ. මොකද උන්ට ඕනි චන්ද. ඉතිං උන්ට දෙගොල්ල කොටවලා හරි චන්ද ලැබෙනවා නම් ඕනි එච්චරයි.  අපේ නිරාගමිකයෝ කියන්නේ සංවිධානාත්මක කල්ලිත් නෙමෙයි. ඒ නිසා ආගමිකයින්ට බයවෙන්න ඕනි තරම් නිරාගමිකයින්ට බයවෙන්න ඕනි නැහැ. ආගමිකයින්ට වගේ රැකගන්න, සුරකින්න, හෙට පරපුරට ගෙනියන්ණ. අනුන්ගෙන් බෙරගන්න, උන්ගෙන් අපේ ආගම් එකට, ජාතිය එකට වෙන හිරිහැර අඩුකරගන්න කියලා දෙයක් නිරාගමිකයින්ට ඉතුරු වෙලා නැහැ.

Sunday, August 12, 2018

බුදුන්ගේ රස්තියාදුව මට තේරෙන් නෑ ඔහෙට තේරෙනවද?


 මම කියන්නේ පොරක් නෙවෙයි. ඒත් මට සාමාන්‍යයෙන් සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලංකාරය වගේම අජිත් තිලකසේන සහ නවගත්තේගම කේ කතාන්දර වුනත් තේරුම් යනවා. අඩුගානේ ඒකේ තියෙන කතාන්දරය හරි.. ඒත් මට ඇත්තටම බුදුන්ගේ රස්තියාදුව තේරෙන්නේ නැහැ. වියහැකි දේවල් කිහිපයක් තියෙනවා. එකක් මගේ බුද්ධි මට්ටමට පොත තේරුම් ගන්න බැහැ. අනික ඒ පොතෙ ස්ටයිලේ මට තේරෙන් නෑ. අනික තමයි ඇත්තටම පොතේ දෙයක් නැහැ. ඒකෙ තියෙන්නේ සීතාම්බර පටේ වගේ ඇත්තටම නොපෙනන මවාගත්ත දෙයක්.

කතාවක් නැති එකක් නේ

අපි ස්වභාවයෙන්ම කතාන්දර වලට ආස කට්ටිය නේ. අපේ පරණ ජාතක කතා වල ඉදලා පොත් වල තියෙන්නේ කතාන්දර. ටිකක් උඩ ලැවල් එකේ රුසියන් කෙටිකතා ආදියෙ උනත් මොකක් හරි නිමිත්තක් සිද්ධියක් තියෙනවා. ඒත් බුදු රස්තියාදුවේ එහෙම එකක් පෙනුන් නෑ පලවෙනි පිටු සීය ඇතුලේ. ඇත්තටම කෝ කතාවක්? ගං පෙරළිය ගත්තොත් එකේ කතාවට පසුබිමින් යනවා මොකක් හෝ සමාජ සීන් එකක්. පලවෙනි වර කියෙව්වම අපිට නන්දලා පියල්ලා කයිසාරුවත්තේ එක්ක කතාවක් මැවෙනවා. ඒක දෙවනි වර කියෙව්වම ඒකේ දේශපාලනය හරි මොකක්හරි යට තියෙන මංගල්ලයක් පේනවා.. ඒක පේන්නේම නැත්තං විචාරයක් අරං කියෙව්වාම හම්මට ඒකේ එහෙම තිබුනානේ කියලා පේනවා. ඒත් ඇත්තම වචන ටිකක් හැර බුදු රස්තියාදුවේ එහෙම කතාවක් නැහැ.. මොකද්ද හැබෑට කතාව.

වටින සීන් තියෙනවා නේ

මේ සමාජේ ගත්තොත් ඩ්‍රාමා ගොඩයි නේ. ඩ්‍රාමා ගොඩක් එක්ක ජීවත් වෙන්න ලැබීම අපි කරපු වාසනාවක්. හැකි පලමු අවස්ථාවකම ලංකාවෙන් බුග් ගාලා සංවර්ධනය උනු රටකට ඌර්ධවපාතනය වෙන්න අදහස් කරන අයට නොවැටහෙන අමුතු ආට් එකක් අපේ ජීවිත වල තියෙනවා. ඔන්න අපි එනවා කෝචචියේ යන්න අපි දන් නෑ කෝච්චියක් කැන්සල්. දැන් ජෑම් පැක් වෙන්න තදවෙලා. ගෑනියෙක් සෙට් වෙලා අපේ ලිංගේ ගාවට. ඒ අව් අස්සේ ඒකත් පිම්බිලා. ගෑනිට බනින්න කට අරින්න ඉඩකුත් නැහැ. ඔන්න ඊලග දවසේ කෝච්චිය ආවා. හම්මට කලිං එකේ කට්ටිය ඔක්කම ගිහින්. මරු සනීපෙට එදා යනවා. මේවා ඉතිං අපිටම තියෙන දේවල් නේ.. ඔන්න දියුනු රටකට ගියොත් හැමදාම එකම වගේ එකම කෝච්චි. පරක්කු නෑ.. වෙනස් නෑ..මිනිස්සු බනින් නෑ.. අපිට තරහ යන් නෑ..ජැක් සෙට් වෙන් නෑ.. හරියට දිවිය ලෝකේ ගියාම තියෙන බෝරින් ලෝකේ වගේ.. ඉතිං මම දැන් මේ කියපු ටික බ්ලොග් එකකට හොදයි. ඒත් මේ වගේ වාක්‍ය දෙතුන් දාහක් පොතකට ලිව්වාම. එතන නැහැ නෙව කිසි ගතියක්. රසයක්.

.වටින සීන් තිබුනට ෆිල්ම් එක හොදයි ද?

අපි දන්න ටයිටනික් ෆිල්ම් එකේ අපි දන්න කියන අපිට වටින සීන් දෙකක් තිබුනා නේ. එකක් චිත්‍රය අදින එක අනික තමයි අර ජිප් එකේ එක. ඒ වගේ මේ පොත ගත්තොත් ලල් එකකට තියෙන්නේ පොතේ නම විතරයි. වෙන පේලි වාක්‍ය අස්සේ නොදන්නා කතාව නොතේරෙන නිසා ඒකේ රහක් නැහැ. කියන කතා අතර ඒයි පට්ට නේ.. මරු නේ කියන්න කෑලි තියෙනවා. ඒත් ඒ කෑලි ඔක්කෝම එකතු කලාම මොකද්ද අවුට් එක. මොකද්ද සැකිල්ල, මොකද්ද කූඩුව.. මොකුත්ම නැහැ නෙව.

අපේ සාහිත්‍ය දැනුම

ඇත්තටම පොත කොටස් දෙක්ක කියවනවා. එකක් පොත දකින්න කලින් තූ නොදකින් කියන අය අනික් සෙට් එක අහ් ලල් ස්ටෝරියක් කියලා හිතලා කියවන අය. මෙයින් මේ කොට්ටාස දෙක අතරම ඉන්නවා පසුගිය මාස හය ඇතුලත බැංකු පොත හාල් පොත වගේ පොඩි පොතක් හැර ඇත්තටම පොතක් කියවපු නැති අය. සමහරු ස්කෝලේ පොතේ නල දමයන්ති, බයිසිකලය, නාලාගිරි දමනයට පස්සේ පොතක් කියවලාම නැහැ. ඒඅය අතරින් පොත ලල් කියන අය නොතේරෙනවා වුනත් තේරෙන කැලි තුන හතරක් අරං අඩේ මේ මරු අදහස් කියලා දකිනවා. පොත තූ නොදකින් සෙට් එක..මොකද්ද මේ මේව ගංජා ගැහුවම ලියන්නත් හැකි කියලා කියනවා. ඒත් සිරාවටම හිතුවම දෙගාල්ලටම සාහිත්‍ය ගැන මෙලො ටච් එකක් නෑනේ.. කරනනේ හිට් වුන නිසා ඔහේ කියෙව්වා.. ඉන්ප්සසේ අයි ඈම් පීයින් විත් බල්ලා ඇට් වත්ත පහල කොස් ගහ යට වගේ ස්ටේටස් එකක් දානවා පේස් බුක් එකේ..එතනින් පිරිසකට ඕ බුදුන් ජාතිය ආගම ආදිය ගලවාගන්න. තවත් අයට ඕන බුදුන් රස්තියාදු ගැහුව තමයි ඇයි අවුලද? කියලා අහන්න. ඒ අතර අනේ නම කැත වුනේ නැත්තං සෝක් නේ කියන කට්ටියකුත් ඉන්නවා.

රාහුල හාමුදුරුවන්ගේ රන් කරඩුව

මං මෑත කාලේ කියවපු සංකේත තියෙන ඒත් කතාවකුත් තියෙන පට්ටම පොතක් තමයි රන් කරඩුව. ඒකේ තියෙන සමහර දේවල් ඇත්තටම මම විදේස පොත පතකවත් දැකලා තියෙනවා අඩුයි. (මෙහම කිව්වට මම පොත් තුන හතරකට වඩා විදේස පොත පත කියෝලත් නැහ. ) කොහොම වුනත් බටුවන්ගල රාහුල හාමුදුරුවෝ වැට උඩ යනවා වගේ අන්තවාදී නොවී ඉතාම තියුනු පොයින්ට් එකක හිටගෙන පොත ලියලා තිබුනා. ඒ වගේ එකක් එක්ක බලද්දි සිරිනාත්ගේ මේ බුදු රස්තියාදුව කියන්නේ පල්හෑල්ලක්.

පිස්සු හිගන්නෙක් පොඩ්ඩක් ෆෝම් කලාම ඌ කුනුහබ්බ කියෝනවා කියවනවා. ඇත්තටම මේ බුදු රස්තියාදුව එක්තරා ජාතියක පිස්සු හිගන්නෙක් ෆෝම් කලාම කියාගෙන කියාගෙන යන කතාන්දර වැලක් වගේ.. පොතක් නම් තමයි. ඒත්. මේකනම් විකල්ප සාහිත්‍ය කියන්නේ.. මම හිතන්නේ සයිමන් නවගත්තේගම වලෙන් නැගිටලා ඇවිත් පොඩ්ඩක් කට කොනකින් සයිමන්ගේ තියෙන නක්කල් හිනාව දාලා යයි මේ වගේ පොත් වලට..