Monday, August 27, 2018

නිරාගමිකයා හැසිරෙන්න ඕනි කාරු කියන විදියටද?

නිරාගමිකයනුත් ටිකක් වැඩිවෙද්දි එක එක මොඩල් නිරාගමිකයෝ එනවා..බෞද්ධ නම් පොඩ්ඩක් සුද්ද කරලා ගත්තාම සෝක්, ක්‍රිස්තියානි වුනත් බැතිමතුන් සෝක්. ඉස්ලාම් වුනත් එච්චරම නරකක් නැහැ වගේ උන් නම් නිරාගමික නෙමෙයි. ඒ උන් කරන්නේ තනිකර බොරුවක්. නිරාගමික නම් ආගම කියනදේ තනිකර ප්‍රතික්ශේප කරන්න ඕනා. ඒත් ආගම් ගැන ස්ටඩි කරන්න හෝ ආගම් වලට අදාල රසසාවක් කරනවා නම් ඒක කරගන යන්න අපිට පුලුවන්. උදාහරණ විදියට අපි බුර්කා මහන රස්සාවක් කරනවා නම් හෝ සිවුරු මහන වැඩක් කරනවා නම් ඒකට අපි ඒ ආගමේම උන් වෙන්න ඕනින නැහැ..නිරාගමික වුන කියල අවුලකුත් නැහැ.

ඇයි මේ මුන් බුද්ධාගමටම බනින්නේ?
ලංකාව සියයට 70ක් බෞද්ධ ඒකෙනුත් සිංහලෙන් කමියුනික්ශෙන් කරන අය අතුරින් 90%ක් විතර බෞද්ධ. ඉතුරු අය ඉංගිරිසි එහෙම නැත්තං දෙමල. ඉතිං මේ අපි ඉන්න අපේ බහුතරය හා ගැටෙන ආගම තමයි අපිට නිතර පේන්න්. පිරිසියකට බත් ටිකක් දාල කන්නෙයි කියලා බුදුන්ට තියෙන, චීවරයක් අරං මහරෑ නැගිටගෙන පෙරහැරවල් යන, කිඹුල් දතකට වැදගෙන අලි දක්කගෙන මහ පෙරහැර යන, දාස් ගානක් එකතැන් වලට එකතු වෙලා මහා ගෝසා තියලා වදින පුදුන එක ආදී දේවල් තමයි වැඩිපුර පේන්නේ. ඉතිං ඒවාට ගහන්නේ නැතුව අපි ඈත නයිජීරියාවේ බුකෝ හරාම් ගැන කියවන්න බැහැ නේ. පත්තරේක නිවුස් චැනල් එකක වුනත් වැඩි ලෝකල් නිවුස් මොකද?  මිනිස්සුන්ට ෆැමිලියර් ඒ නිවුස් නිසා. ඒ වගේ නිරාගමික වුන් අතරත් වැඩියෙන් තියෙන්න් ඒ ලෝකල් ආගමික නිවුස්..
ඊය ඒතිස්ලා පංසල් යනවා..උනුත් වදිනවා
ක්‍රමයක් විවේචනය කරලා අලුත් ක්‍රමයක් හැදෙනකල් අපිට ඒකේ ජීවත් වෙන්න සිද්ද වෙනවා. උදාහරණ විදියට මේ ලොකේ දැන් සමාජවාදී රටවල් නැහැ. ඒ උනත් සමාජවාදී මිනිස්සු ඉන්නවා. උන් කාල ඇදලා නාලා ඉන්නේ අනික් උන් වගේම ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඒත් උන් විශ්වාස කරන්නෙ සමාජවාදය. ආන්න ඒ වගේ පිලිමෙට වැන්දම රෑට ගෑනි පොර දෙන්න අදිමදි කරනවා නම්, පංසලට බැන්නාම නැන්දම්මා බෙදන මාලු කෑලි ගාන අඩු වෙනවා නම්, දෙයියෝ එක්ක බෑ  දෙයියා ඉන්පුට් 6කින් කාල එකකින් රෙනවා කිව්වම පෙම්වතිය හුම් කියලා පුප්පනවා නම් ඒවා සේප් කරගන්න පොඩ්ඩක් ඇඩ් එකක් දාන්න වෙනවා. එක අතකින් ලංකාවේ ගෑනු එක්ක තර්ක කරනවාට වඩා ගෑනි ටෙලිපෝන් කනුවකට සාදු කියනවා නම් අනේ ඒකට සාදු කියලා කියාල නිකං ඉන්න එක වාසියි කියලා ගොඩක් බැදපු පිරිමි දන්නවා. ඉතිං ඔය වැන්දාය, පිදුවාය, හයියෙන් ගාතා කිව්වාය කියලා එකෙක් ආගමික වෙන්නේ නැහැ.
අනික හැම ආගමේම තියෙනවා ඒම එකෙක් වෙන හැටි විස්තර කරලා. මුස්ලිම් ආගමෙ ්තියෙනවා නිවැරදි තම්බියෙක් වෙන්නේ කොහොමද කියලා. එ වගේම බුද්දාගමේ තියෙනවා නිවැරදි උපාසක වෙන්නේ කොහොමද කියලා. ඒවගේම හින්දු ආගම වෙග් ඒවගෛත් ඇති එහෙම එකෙක් වෙන විදිය. ඔන්න ආගමක් අදහන එකෙක් මොකක් මිනිමැරුමක් වෙලා කොහෙට හරි ගෙනියද්දි වහන්සේලා කියන්නේ මොකද්ද උප්පැන්නේ තිබ්බ පලියට මිනිහෙක් ආගම දහමක් පිහිටින්නේ නෑ කියලා. ඒත් ඔන්න නිරාගමිකයෙක් මොකක් හරි කියාගෙන ගිහින් උන්නාන්සේ ලා වැටෙද්දි කියන්නේ මොකද්ද? උඹලා මොක්කුද උඹලා ජාතක වුනේ කොහොමද? තොපි තිරිසනුන්ට ජාතක උනාටත් අන්තයි..එතනදි අන්න ජාතකේ හොයනවා. ටිකක් අවුල් නේද? එක එක ආගමට ඇතුලත් වෙන ප්‍රොසීජර් එක අනුවඑහෙම හැසිරෙන උන් නැතුව ගෑනිගේ පොර වරදි කියාල දොහොත් මුදුන් තියලා කොන්ක්‍රිට් කුට්ටියකට වදින උන් ආගමිකයි කියලා සලකන එක ඇත්තටම වැරදි වැඩක්.
ආගමික වැඩවලට බනිනකොට සංවර වෙන්න ඕනි
පංසලට යනකොට සෙරප්පු ගලවල යන්න ඕනි. ඒත් පංසලේ වුනත් බල්බ් එකක් මාරු කරද්දි සෙරප්පු දාගන්න ඕනි.මොකද පංසල ඇතුලේ කරන්ට් දේවතා උන්නාන්සේට බුදු ගුන අදාල නැහැ. වැදුනොත් වැදුනා. ඒ වගේ සංවර, සිල්වත්, ගුණවත්, හොඳ, සද්භාවයෙන් යුතු ඔය වදන් ගොඩක් වැඩකරන්නේ ආගම් ඇතුලේ නේ. සාමාන්‍ය සමාජයේ තියෙන්න් නීතිය සහ පොදු ධර්මතාවයන්. පොදු දේවල් කිව්වේ අපි නිකං කොච්චර මැන්ටලේ කිව්වත් නාකියෙක් මූනට හම්බුනාම ආනේ සියේ කොහෙද මේ කියලා අහනවා නේ. ආන්න ඒ වගේ පොදු සම්මුතින් ටිකක් තියෙනවා. එතනින් එහාට ගිහින් ආගමිකයින් වගේ අර අහවල් පැත්තට ැවටුනු ගිරවු වගේ..
දරුව මේ පැන් බොන්න, ‍
මේ බඩු පිරිසිදුයි. මේවා ගහන්න
කියලා කතාබහක කරන්න නිරාගමිකයින් පෙලබෙන්න ඕනා නැහැ. නිරාගමිකයින් කතාකරන්න එඕනි මෙහෙමයි. නිරාගමිකයින් හැසිරෙන්න ඕනි මෙහෙමයි. නිරාගමිකයින්ට තියෙන වපසරිය මේකයි ආදි ලෙසින් නිරාගමිකයින්ට ඕනි නැති පඩත්තල නීති රිති දාන්නත් ආගමිකයින්ට බැහැ. උන් අදහන ලබ්බක් තියෙනවා නම් පැත්තකට වෙලා පාඩුවේ අදහගන්න පුලුවන්. ඉන් පස්ස් යමෙක් උන්ගේ මතයට විරුද්ධ නම් ඇවිල්ල ඒක එතැනි කියන්නත් පුලුවන්. ඒත් ඒ කියන එකා යම් ආගමක ලොක්කෙක් වුනාය කියලා ඌට වහන්සේය, උතුමාය. අහවල් ලොකු තැනය කියලා අමතලා නැවිලා ටොක් කරන්න නිරාගමිකයා බැදිලා නැහැ.
නිරාලා මේවා අවුලවනවා නේ
ෆයිට් එකක් යන්න නම් දෙපැත්තක් ඕනි නේ. දැන් ඔන්න පිරිසක් කියනවා අලි දම් වැල් දාගෙන පෙරහැරේ දැක්කීම බුද්ධාගම හෝ සංස්කෘතිය කියලා. තව පිරිසක් කියනවා අනේ එහෙම නැහැ මේක අලින්ට හානියක්, අලි අපාසුතාවයට පත් වෙනවා කියලා. මෙතන අර අලි හොදයි කියන ෆෑන්ස්ලාගේ පට්ට තර්ක. අලියා නිකං ඔටෝ චූන් වෙලා කරඩුව අරගෙන පිට උඩ තියං ඔටෝම යනවා වගෙයි උන්ගේ ටොක. ඒත් ඇත්තටම වෙනනේ අලියා බලෙන් කැලෙන් ඇදලා ඌව හීල කරලා, ඉන් පස්සේ ඌගේ කකුල් බැදලා ජෙනියකුත් බඩ යට ගැට ගහලා ඇදුමකුත් අන්දලා ලොකු කරඩුවකුත් තියාල ඌව දක්කන එක නේ. ඉතිං ඒකේදි අර ආගමික පා්සවේ අතිශයෝක්ති වැල් බයිලා ගහනකොට නිරාගමික සත්ව ලෝලි ටික ඒකට මල්ටි බැරල් ගහනවා.
.ඕක පත්තු වෙද්දි ඔන්න ආයේ පටන් ගන්නවා ආගමික සෙට් එක නාහේ න් අඩන්න. නිරාගමිකයෝ රටෙන් එලවන්න ඕනි. ආගමකට ඉන්න දෙන්නේ නැහැ කියාගෙන. ඇත්තටම උන්ගේ ලබ්බ ඕනිවට වැඩිය උඩදාගන්නේ නැතිව යම් නිතියකට රිතියකට සතුන් ටික තියාගෙන සතුන් කැලෙන් අල්ලන්නේ නැතිව හීල කරගන්න විදියක් හදාගෙන. එහෙම හිටියනම් හොදයි නේ. ඒත් මේ අවුරුද්දකට විතර කලිං අර බෙල්ලංවිල හාමුදුරුවන්ට ගැහුවා කියාල ආරංචි ගිය මියන් රාජත් මේ පාර බෙහොම ලස්සලට බැබලි බැබලි ගියා. ඒත් මිනිස්සු වැදලා සාදුකාර දිලා ඉන්න ඇති. ඉතිං ඔතන මියන් රාජ කියනනේ මේ ඒ බෙල්ලන්විල සාදු මල එක හා සම්බන්ධ මියන් රාජාය කියල නිරාගමිකයේ මතක් කලත් ආගමිකයින්ට කේන්තියි. මොකද ආතල් එක කැඩෙනවා එතකොට.
වෛරී ප්‍රකාශ
මේ ගැන තියෙන ලස්සනම උදාහරණය ඩොනල් ට්‍රම්ප්. මෙච්චර කාලෙකට සමාජ ජාල එන්න කලිං ජනාධිපතිවරයෙක් යමක් කිව්වත් ඒක මීඩියා වලින් ලස්සන කරලා තමයි ඉස්සරහට ගියේ. එත් ට්‍රම්ප් ගහන්නගත්තේ ට්විට් වලින්. ට්විටර් එකේ ට්‍රම්ප් ගේ ස්ටයිල් එක වෙනස් කරන්න එයා ජනාධිපති වෙලාවත් බැරිවුනා. එතනදි ට්‍රම්ප් කාටවත් අදින්නේ නැතුව නැචුරල් කොමන් මිනිහා විදියටම ඌට වරදින ඒව අනම් මනම් වැරදිත් එක්කම මිනිස්සුන්ට පෙන්වන්න සැලැස්සුවා.
ඇත්තටම මේ යන්නේ අර ඉස්සර හිටිය ඉස්කෝලේ මහත්තයා, හොද මිනිහා, ආදර්ශමත් නායකයා ආදී ඒකාකාරි බෝරින් කැරැක්ටර් වලට වඩා මල්ටිකලර් මිනිස්සුන්ගේ යුගේ. මේ කාලයේදී මිනිහෙක් නිකං කතා නොකර පාඩුවේ ගොනා සේ හිටියාය කියල හෝ ගොන් කාත ගොඩක් කිව්වාය කියලා හෝ අමුතු පන්ඩිතයෙක් වෙන්නේ නැහැ. ඒ වගේම දිගටම වැදගත් දේවල්ම කිව්වා කියලත් ඌ නිකං පොරක් කියලා මිනිස්සු සෝසල් මිඩියා ඇතුලෙදි සැලකෙන්නේ නැහැ. මේ කාලයේදී හේට් ස්පීච් හෙවත් වෛරී ප්‍රකාශ කිය්නනෙ සමාජ ජාලාවන්ට ඉතාම සාමාන්‍ය දෙයක්.
හොදම නිරාගමිකයෝ කවුද?
ඉතිං මේ නිරාගමික ආගමික වලිය අස්සේ විවිධ හේතු නිසා නිරාගමික වූ අය ඉන්නවා. ඒ අතර සැබැවින්ම ආගමික මතවල නිසරු බව වටහාගත් අය මෙන්ම එසේ නැති පංසල් යන්න කම්මැලි, පල්ලි යන්න කම්මැලි, දෙයියෝනට වදින්න කම්මැලි නිසා නිරාගමික උනුත් ඉන්නවා. ඒත් මොකා උනත් උන් ආගමක් අදහන්නේ නැතිනම් අනෙක් ආගමක් විශ්වාස කරන්නේ නැතිනම් ඒක ඇති. නිරාගමිකයා තුල සෝක් නිරාගමිකයා, ආදර්ශමත් නිරාගමිකයා, හොදම නිරාගමිකයා, ආගම් වලට ගරුකරන නිරාගමිකයා, ආගමික දර්ශන වලට හිස නමන නිරාගමිකයා කියාල ලොකු පොයියවල් හෝ සවුත්තු නිරාගිමකයෝ නැහැ. ඔක්කෝම නිරාගමික. ඒත් එක කකුලක් එක තැනක තියන් බාගයක් කකුල එලියට අරං නිරාගමික උනත් අහවල් ආගමේ මේ කෑල්ල නම් මරු කියල කියන උන් නම් නිරාගමික නෙමෙයි. උන් ඇවිල්ලා ආගම ගලවගන්න බැරුව කෑල්ලක් අලෝගත්ත උන්. ඉස්සර ආච්චි අම්මා ආප්ප ගලවද්දි ඉදලාම ආප්පයක් ඇලෙනවා අමාරුවෙන් ගැලෙව්වත් කෑල්ලක් තාච්චියේ. උන් පිටට පේන්න ආගමෙන් ගැලවිලා ඒත් කෑලි තාච්චියේ ඇලිලා.
නිරාගමිකයෝ නිසා රට ලේ විලක් වෙයිද?
සයිබර් අවකාශය හෝ මොනම අවකාශයක් තුල සිදුවන මත ගැටුම් කියන්නේ සංවාදයක්. සයිබරයෙන් හුවමාරු වෙන්නේ ගුටි හෝ උන්ඩ නෙමෙයි. එතැන යන්නේ ටෙක්ස්ට් , පිංතුර වීඩියෝ වගෙ ඒවා. ඉතිං යම් ආගමික ජාති සංවිධාන යම් යම් මරි මෝඩ වැඩවලට සංවිධානය වෙන්නන අහවල් ආගමේ අහවල් උන්ට ගහන්න මේ සෝසල් මිඩියා භාවිතා කරනවා. ඒත් නිරාගමිකයන්ට එහෙම ආගමිකයෝ එක්ක ගහමරාගන්න තරම් පුකේ අමාරුවක් ඇත්තේ නැහැ. ගොඩක් නිරාගමිකයින්ට ඕනි ඒ උන් දකින ආතල් එක අනික් ආගම් අදහන උන්ට කියන්න. ඒත් ඒක කිව්වාම ආගමිකයාට නිකං ගැරඩියා ට බූමිතෙල් ගැහුවා වගේ . ඇත්තටම නිරාගමිකයෝ කියන්නේ ආගමිකයින්ගේ ඇදහිම් වල ඇති නිසරු බව දකින අය.ඒක පෙන්වා දෙන එක හැම වෙලාවේම හොදම විදියට හොද බාසාවෙන් කියාදෙන්න ඕනි නැහැ.
පැරණි ආගමික නිති රීති පස්සේ එල්ලි එල්ලී යන රාජ්‍ය නායකයින් වෙනුවට ආගම් කියන්නේ පෞද්ගලික ඇදහීමක් පමණයි කියලා ආගම රාජ්‍ය පාලනයෙන් බැහැර කරන්නත් අපේ දේශපාලකයෝ කැමති නැහැ. මොකද උන්ට ඕනි චන්ද. ඉතිං උන්ට දෙගොල්ල කොටවලා හරි චන්ද ලැබෙනවා නම් ඕනි එච්චරයි.  අපේ නිරාගමිකයෝ කියන්නේ සංවිධානාත්මක කල්ලිත් නෙමෙයි. ඒ නිසා ආගමිකයින්ට බයවෙන්න ඕනි තරම් නිරාගමිකයින්ට බයවෙන්න ඕනි නැහැ. ආගමිකයින්ට වගේ රැකගන්න, සුරකින්න, හෙට පරපුරට ගෙනියන්ණ. අනුන්ගෙන් බෙරගන්න, උන්ගෙන් අපේ ආගම් එකට, ජාතිය එකට වෙන හිරිහැර අඩුකරගන්න කියලා දෙයක් නිරාගමිකයින්ට ඉතුරු වෙලා නැහැ.

7 comments:

  1. සමාර නිරාලා කියන ඒවා ඇහුවම අප්පිරියයි. හරියට තලේබාන් වගේ

    ReplyDelete
    Replies
    1. අර කොහෙද යන්න ගිය රස්තියාදු පොතක් මේ දවස්වල හිට් කරගෙන.. ඒ වගේ ගහයි කියලා එවන බෝල වලට නොගහ යන්න දුන්න නම් කාටත් හොදයි..ඒත් එහෙම කරන්නේ නැහැ නේ.. ඔහේ ඕනි නැති බෝල වලටත් බැට් එක දානවා සමහරු.. ෆේස්බ්කු ගෲප් වල සමහර පස්න අහන්නේම කමෙන්ට් ගන්නමයි..වෙන මොකුත්ම අරමුනක් නැහැ ඒවයේ.

      Delete
  2. මේ ලිපිය ෆේස්බුක් එකේ ෂෙයාර් කරාට කමක් නැද්ද අමිල?

    ReplyDelete
  3. මට නම් ආගම් අදහන එකවත් ඒවා බොරුයි කියන එකවත් දෙකම අදාල නෑ. ඇත්ත නැත්ත මං දන්නෙ නෑ. ඒ නිසා මං අදහන්නෙත් නෑ, බොරුයි කියන්නෙත් නෑ.

    මට ආගං එක්ක තියෙන්නෙ වෙන ප්‍රස්නයක්. යාඥා, පිරිත්, පූජා තියන පන්සල්/පල්ලි සහ දන්සැල් වලින් ලවුඩ් ස්පීකර් දාලා මගෙ කන පලන්න හදන එක. මං ආගංවලට කරදරයක් කරන්නෙ නෑ. කවුරුහරි සතුටු කරන්න ඕනෙ වුනොත් ඒවට යනවාත් එක්ක. ඒත් තරහ යන්නෙ උන් මට කරදර කරන කොට

    ReplyDelete
    Replies
    1. ඔව් ..එක ආගමක දානවනම් එක්තරා ප්‍රමාණයක සද්දෙන් අනික් ආගමේ උන්ට ඕනා ඊඨ වඩා ඩෙසිබල් ගානකින දාන්න. අවසානේ ඒ පැතතේ ඉන්න මිනිස්සසුන්ටයි කනක් ඇහෙන්න නැත්තේ.

      Delete
  4. //මට ආගං එක්ක තියෙන්නෙ වෙන ප්‍රස්නයක්. යාඥා, පිරිත්, පූජා තියන පන්සල්/පල්ලි සහ දන්සැල් වලින් ලවුඩ් ස්පීකර් දාලා මගෙ කන පලන්න හදන එක. මං ආගංවලට කරදරයක් කරන්නෙ නෑ. කවුරුහරි සතුටු කරන්න ඕනෙ වුනොත් ඒවට යනවාත් එක්ක. ඒත් තරහ යන්නෙ උන් මට කරදර කරන කොට//

    මෙහෙම අදහස් පහල වෙන්නේ අතිශය ආත්මාර්ථකාමී නරුමවාදී පුද්ගලයන්ට බව ඉතා පැහැදිලියි. සාමාන්‍යයෙන් යම් පුද්ගල පිරිසක් ජීවිත පරිත්‍යාගයෙන් අදහන දැඩි ආගමික විශ්වාසයක් ගැන තමා වෙත ඇත්තේ නිශේධනීය කියවීමක් නම් ඒ ගැන ලියන්නට යන්නේ ඇයි? එබඳු ආගමික විශ්වාසයක් පිළිබඳ කළ හැකි හොඳම විචාරය නම් ඒ ගැන කිසිවක් නොලියා සිටීමය.

    ප්‍රා ජේ නමැත්තා ද අමිල චතුරන්ග මෙන්ම මුග්ධ ලෙස තමා අකැමැති දේ ගැන පුන පුනා ලිවීමෙන් ඊට ප‍්‍රචාරයක් නොමිලයේම සපයා දෙයි. මොවුන් ඒ ගැන බුකියේ විචාර ලිවීමෙන් නොනැවතී බ්ලොග් පෝස්ට් පවා ලියමින් දඟලන්නේ කුමක් නිසාද යන ප‍්‍රශ්නයට මා සොයාගත් හේතුව නරුමවාදය (Cynicism) යි.

    එබඳු බ්ලොග් පෝස්ට් අප නම් කළ යුත්තේ ‘බයිට් විචාර බ්ලොග් පෝස්ට්’ ලෙස නොවේද? අප දැඩි ලෙස මත්පැන් පානය කරන විට අහරට ගන්නා බයිට් හෙවත් කටගැස්ම ගැන කරන විවේචන සහ මේ බෞද්ධ ආගමික විශ්වාසයන් ගැන ලියවුණු විචාර අතර වෙනසක් නැත. මේ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට ඔබ බදාදාට දිනමිණේ කටගැස්ම ලියන රන්ජන් අමරරත්න හමුවන්න, මක්නිසාද යත් තමා ලියන්නේ බයිට් විචාර බව පිළිගැනීමට තරම් ඔහු අවංක බැවිනි.

    නරුමවාදය පිළිබඳ ලිවීමේ දී ජිජැක්ටත් ගුරු වූ පීටර් ස්ලෝටර්ජික් ඒ පිළිබඳ කරන පළමු නිර්වචනය වන්නේ එය ප‍්‍රබුද්ධ ව්‍යාජ සවිඥානිකත්වයක් (Enlightened False Consciousness) යන්නය. එනම් තමා දරා සිටින්නේ ව්‍යාජ සවිඥානයක් බව නරුමවාදියා දන්නා බවය. ස්ලෝටර්ජික් අදහන පරිදි ව්‍යාජ සවිඥානිකත්වය පිළිබඳ නිවැරැදි එළඹුමක් පිණිස හතර වන මානයක් ද අවශ්‍යය. ඒ අනුව කාන්ට්ගේ The Critique of pure Reason පළ වී අවුරුදු 200කට පසු ලියවෙන The Critique of Cynical Reason හිලා පීටර් ස්ලෝටර්ජික් මෙසේ ලියයි. (මේ එහි දල පරිවර්තනයකි)

    "මේ වන තෙක් ව්‍යාජ සවිඥානකත්වය බිහි වුණ විධිමත් කි‍්‍රයා සන්තතිය (එනම් මුසා, වැරැුදීම් සහ දෘෂ්ටිවාදය) අසම්පූර්ණය. තත්කාලීන මානසිකත්වය විසින් හතර වන ව්‍යුහයක් ද ඉල්ලා සිටිනු ලබයි. නරුමවාදය නම් වූ ප‍්‍රපංචය එයයි. නරුමවාදය ගැන කතා කරනවා යනු දෘෂ්ටිවාදී විවරණය (Ideolgy Critique) නම් වූ පැරැුණි ගොඩනැඟිල්ලට නව ප‍්‍රවේශයකින් ඇතුළු වීමය.”

    -පීටර් ස්ලෝටර්ජික්-

    නරුමවාදය පිළිබඳ ජාන ගවේෂණයේ දී අපට හමු වන පළමු වන නරුමවාදියා ග‍්‍රීසියේ විසූ ඩියෝජිනස්ය. ඔහු කි‍්‍රයා කළේ ද්වේශසහගත පුද්ගලවාදියකු ලෙසය. ඔහු හැසිරුණේ තමාට කිසිවකු අවැසි නැති අයුරිනි. තමාට කිසිවකු ආදරය නොකරන්නේ තමාගේ වෙස් මුහුණු ගලවන බැල්මෙන් (Gaze) කිසිවකුට ගැලවිය නොහැකි බැවිනැයි ඩියෝජිනස් ඇදහුවේය. ඔහුගේ නරුමවාදය විරෝධාකල්පයකි. ඔහු පීප්පයක් තුළ ජීවත් වෙමින් ප‍්‍රසිද්ධියේ මලපහ කරමින් ස්වයං මෛථුන්‍යයේ යෙදෙමින් අපේක්ෂා කළේ තමා වෙත අවධානය දිනා ගැනීමය.

    අද සිදු වී ඇත්තේ ඩියෝජිනස් ආපසු පැමිණීමය.(Return of Diogenes) සමකාලීන විපරිතයන් තමන් වෙත අනෙකාගේ අවධානය දිනා ගැනීම සඳහා හැසිරීම සමාන වන්නේ ආදිතම නරුමවාදියාගේ හැසිරීමටය.

    අද මෝටර් සයිකල්වල නැගී කොට කලිසම් ඇඳ පාරේ එහෙ මෙහෙ රවුම් ගසන තරුණයන්ගේ කකුල් දෙස බලන්න. ඔවුන්ගේ කලවේ පච්ච කොටා ඇත. මෙම පච්චය පෙන්වීම සඳහා කොට කලිසමක් සහ යතුරු පැදියක් යන දෙකම මිලදී ගැනීමට උන්ට සිදු වේ. පච්චය යනු අහිමි වූ පියා සැබෑවක් (Real) ලෙසින් පැමිණීමය. නරුමවාදය තේරුම් කිරීමේ දී අපට ස්ලෝටර්ජික් පවා ඉක්මවා යා හැකිය. එනම් ස්ලෝටර්ජික් පවා නොකියන දෙයක් (විචාරකයන් පිළිබඳව නරුමවාදය තේරුම් කිරීමට අපට හැකි වී ඇත. )

    දෘෂ්ටිවාදය ව්‍යාජ සවිඥානකත්වයක් ලෙස ගැනීමේ සම්භාව්‍ය සංකල්පය නැතහොත් සමාජ යථාර්ථය පිළිබඳ වරදවා ගැනීම වූ කලී යථාර්ථයේම කොටසකි. ප‍්‍රශ්නය නම් එය ඒ හැටියෙන්ම සමකාලීන සමාජයටත් අදාළද යන්නය. දෘෂ්ටිවාදයේ කි‍්‍රයාත්මක වීමේ අධිපති මොඩලය ලෙස ස්ලෝටර්ජික් ඉදිරිපත් කරන්නේ නරුමවාදයයි. අර සම්භාව්‍ය විචාරාත්මක දෘෂ්ටිවාදී ක‍්‍රමවේදය අදට නොගැළපෙයි. දෘෂ්ටිවාදී වෙස් මුහුණ සහ සමාජ යථාර්ථය අතර පවතින පරතරය පිළිබඳ මනා වැටහීමක් නරුමවාදියාට ඇත. එහෙත් ඔහු වෙස් මුහුණම ඉල්ලා සිටී. මේ නිසා ස්ලෝටර්ජික් යෝජනා කරන සූත‍්‍රය නම් ”තමන් කරමින් සිටින්නේ කුමක්දැයි ඔවුහු මැනවින් දනිති. එහෙත් ඔවුහු එයම කරති.” යන්නය.

    නරුම හේතුව (Cynical Reason) බොළඳ වූ දෙයක් නොවේ. ඒ වූ කලී ප‍්‍රබුද්ධ ව්‍යාජ සවිඥානකත්වයක විරුද්ධාභාසයයි (Adolescents) කෙනෙක් තමා කරන දෙයෙහි ව්‍යාජ බව හොඳින්ම දනී. යම් දෘෂ්ටිවාදී විශ්වීය බවක පිටුපස සැඟවුණ ඇත්ත හේතුව දනිතත් ඔහු එය නිශ්ප‍්‍රභ කරන්නේ නැත.

    ReplyDelete