Sunday, June 26, 2016

Sex Toys තහනම් ඇයි?

පොඩිලමයින්ට නම් නෙවෙයි මේක.. .

බණකතා වල තියෙන විදියට දෙවි දේවතාවුන් වහන්සේලාට එයාලගේ සොබාවය වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා බණ තියෙන අවස්ථාවලදි විහාරයේ එක කුඩා ඉඩක වුනත් දෙවිදේවතාගොල්ලා විසාල ප්‍රමාණයක් වැඩවාසය කරනවාලු. මනුස්සයා මැරුනාම අපි ඊලග භවයට යද්දි මේ භෞතික සරීරය නෙමෙයි වෙනත්  එකක් තමයි අපි අරං යන්නේ. ඒ අරං යන්නේ මොකද්ද කියලා ධර්මයේ සදහන් වෙලා තියෙනවා. ඔය මොක අරං ගියත් ඉන් පසු ආත්මේ දෙවියෝ වෙලා ඉපදුනාම කලිං මනුස්ස ලෝකේ කස්ටිය විදියමද දෙයියොත්? 

ඒ කිව්වේ අපි හිතමු ඔන්න කාංචනා කියන උපාසිකාමාතාවක් තරුණ වියේදිම මිය පරලොව යනවා. කාංචනා උපාසිකා මාතාව ඈත තියලාම ඕනි තැනක අදුනාගන්න පුලුවන් කම තියෙන්නේ කාංචනාටම උරුම වුනු විශාල ඩිකිය හෙවත් පුක නිසා. ඒ නිසා ටැංකි කාංචනා කියලාත් ඇතැම් කාලවල කාංචනාට ඇය සම්බන්ධ තැන්වලදි නමක් වැටුනා. දැන් කාංචනා හදිසියේම මොකක් හරි වෙලා මැරෙනවා. නේ.. එතකොට කාංචනා මෙලොවින් චුත වෙලා එලොවට යද්දි අර විසාල පුකත් කාංචනා එක්කම යනෝද නැත්තං ඒක යන්නේ නැද්ද. 

එහෙම භෞතිකව කිසිම වෙනසක් නැති යුනිට් වශයෙන් දෙවියෝ පවතිනවා නම් දෙයියෝ ඝන වස්තු විදියට කැට විදියට නැත්තං සීනි වගේ විදියට වුනත් පවතින්න පුලුවන්. එහම නැතුව මනුස්ස සරීරේ විදියටම දෙයියොත් පහල වෙනව නම්.. එතකොට පොඩි කේස් එකක් තියනවා ඉතිං. එතකොට දෙවියන් සහ දේවතාවියන් එකට පැක්වෙලා ඉද්දි පොඩි ප්‍රයිවට් බස් ස්වභාවයක් ඇතිවෙනවා. ඒකෙදි ප්‍රයිවට් බස් වගේ එක ෆ්ලැට් තලයක් නෑනෙව..අවකාසෙ දෙයියෝ ඕනි ඕනි විදියට ඉන්නවා..හරියට එල්ලපු බැලුන් වගේ..ඉතිං ඔහොම ඉන්නකොට කාංචනා දේවතාවිය වගේ විසාල පුකක් තියෙන දේවතාවියකගේ පුක බැතිබර දෙවියකුගේ මූනේ වදින්න පුලුවනි. ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ.. ප්‍රයිවෙට් බස් වල වගේ වලි යයිද? නැත්තං සාමදානෙන් සොරි කියලා සේප් වෙයිද? 

කොහොම වුනත් දිවිය අංගනාවන්ට අපිට වාගේ ඩේට් එන්නේ නෑ..ඒ හින්ද ඒ උදවිය කවදාවත් පෑඩ් ගන්නේ නෑ.කියල ගෑනු අය අතර අදහසක් තියෙනවා.. ඒකනං ඇත්ත වෙන්න ඇති. නැත්තං ඇඩ්වර්ටයිසින් යනවා දිවියලෝකෙත් පාවිච්චි කරන්නේ මේ ජාතියේ පෑඩ්..මේක ඇග ඇතුලේ තියෙන රීරි මාංසත් උරා ගන්නවා කියලා.. 

මං පහුගිය දවසක ඉන්ටනෙට් එකේ දැක්කා පිරිමි පාවිච්චි කරන සෙක්ස් ටෝයි එකක් අපි පිංතුරයකින්ම බලමු. හනී චිකේ වල් පිංතුරය්ක දාලා කියලා හිතන අය මේල් සැක්ස් ටොයිස් කියලා පිංතුර සර්ච් කරලා ම බලන්න. එක එක මොඩල් එකේ බඩු තියෙනවා. 

මෙන්න මේ වගේ ජාතියක් තමයි පිරිමි පාවිච්චි කරන ලිංගික සෙල්ලම් බාන්ඩ කියන්නේ. මගේ පිටරට ඉන්න මිතුරෙක් ඔයින් එකක් පාවිච්චි කරන්න අරං පොඩි අකරතැබ්බයක් කරගෙන තිබුනා. කොන්ඩම් එකක් දාල නේ ඕක පාවිච්චි කරන්නේ ඉතිං ඒක පාවිච්චි කරද්දි කොන්ඩම් එක අවුලක් වෙලා හෝ සෙටිං අවුල් ගිහින් අහ වල් අවයවයට යම් සීරීමක් ඇතිවෙල තිබුනා. ආසාවට ඊ බේ අලි එක්ස්පස් එකේ බල බල හිටිය මගේ ඒ ගැන අදහසත් ඒත් එක්කම යට ගියා. 

පහුගිය දවසේ මම ගෙන්නපු අලුත් පෝන් එක ඊ එම් එස් එකේ නවත්තගත්තා. ඊ එම් එස් කියන්නේ තැපැල් කන්තෝරුවේ අධිවේගි මේල් සේවයක්. ඉතිං නවත්තල අහක්වෙලා එතනදි පෙට්ටිය ගලෝල බලනවා මොකද්ද ඇතුලෙ තියෙන කෑල්ල කියලා. ඒ අය ගාව ස්කෑන් මැසින් එහෙම තියෙනවා නම් අපි ගලවන්න කලින්ම එයාල දන්නවා ඇති  ඇතුලෙ බඩු මොනාද කියලා. 

එතනදි ඒ පෙට්ටිය ඇරලා බලන වෙලාවට කිහිප දෙනෙක්ම ඒ කට එබෙනව..කන්තෝරුවෙ වැඩ කරන ඩෑල් තුන හතරක් සහ කස්ටම් ඔපිසරයා තමයි ඉතිං. හැබෑට අර සැක්ස් ටෝයිස් එක ගෙනල්ලා කන්තෝරුවෙ හිර උනානම්..? මල කෙලියයි. එහෙනං විලි ලැජ්ජාවයි ලීටර් එකක් විතර..දන්න කියන අය නොවුනත් ඉතිං අපේ අයගේ හැටි දන්නෝනෙ. 

මේ සැක්ස් ටෝයිස් විකිනීම කියන්නේ තහනම් දෙයක්. එහෙම සෙක්ස් ටෝයිස් විකුනලා පහුගිය කාලේ තැන් කීපයක් පොලීසියෙන් අල්ලගත්තා කියල මාධ්‍ය වල ිතබුනා..මට ඇත්තටම හීනෙන්වත් හිතාගන්න බෑ සෙක්ස් ටෝයිස් පාවිච්චියෙන් සමාජයට වෙන අවැඩ හෝ විපත මොකද්ද කියලා.. 

නීති දාන්නේ මොකක් හරි අවුලක් වෙන හෝ යම්කිසි බහුතර සමාජයට අහිතකර දේවල් නවත්වන්න නෙව. ඒත් මේ සෙක්ස් ටෝයි එකකින් වෙන හානිය.. මොන වගේ හානියක්ද හැබෑට වෙන්නේ.. ලිංගික අවයවය වගේ උනාට මේ රබර් හෝ ප්ලාස්ටික් බඩුවක්.. පණත් නෑ..මේක තනියම පාවිච්චි කරනෝ මිසක වෙන වැඩකට ගන්නත් බෑ.පිස්තෝලයකින් වගේ කෙනෙක්ට වෙඩි තියන්නත් බෑ..මත් වෙන්නත් බෑ..මානසික හානියකුත් නෑ.. 

ගේන්න තහනම් ප්‍රවාහනය තහනම් භාවිතය තහනම් ගොඩක් දේවල් අපේ සමාජයේ තියෙනවා.ඒ ගොඩක් දේවල් වලට අපිට බැලූබැල්මට පේනවා මේන්න මේ නිසා තමයි ඒව ගෙන්න දෙන් නැත්තේ..කියලා..උදාහරණ විදියට තුවක්කු ගේන්න හෝ ප්‍රවාහනය මෙහේ දැඩි නීති වලට යටත්..ඒක නිස අර ඇමරිකාවේ ලගදි වුනා වගේ ලොකු පිරිසකට එකවර එවන් අනතුරුක් වෙන්න තියෙන හැකියාව සෑහෙන්න අඩුයි. මත් ද්‍රව්‍ය තහනම්..ඒ නිසා තරුණ ජීවිත අකාලයේ ස්නායු සහ මානසික ආබාද වලට ලක්වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා.. 

නමුත් සෙක්ස් ටෝයිස් තහනම් වීමෙන් මොකද්ද සමාජයක් විදියට අපිට ලැබෙන්නේ.. ගෑනු කෙනෙක් හෝ ගෑල්ලමයෙක් ඕ සැක්ස් ටෝයිස් පාවිච්චි  කරනවා කිව්වම අපිට ඇයි ඒක නිකං අවුල් විදියට හිතෙන්නේ.. අර කස්ටම් එකෙන් සහ තැපෑලෙන් පාර්සලය කඩනවිට ඒ පාර්සලය අයිතිකාරිය ගැහැනියක් වෙලා.. එතන තිබුනේ පිරිමි ලිංගය වගේ සෙක්ස් ටෝයි එකක් නම්.. එහෙනං මොකද වෙන්නේ.. සමහර විට ගොසිප් සයිට් වල නිවුස් වලටත් යාවි.. 

ඇත්තටම කාට හරි ඇයි මේ සෙක්ස් ටෝයිස් නීතිමය වසේන් වැරදි කියන එක සුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? විහිලුවට නෙමෙයි ඇත්තටමයි අහන්නේ.. 

( අහ්..අතුරු පස්නෙටත් උත්තර දෙන්නම්.. ඔව් මංගාව නැතිවුනත් මමත් ආසයි මේවගේ එක්කගෙනලා අත්හදාබැලීමක් විදියට කරල බලන්න.. ගෑනු නැතිනිසා හෝ මානසික බෙලහීනතාවය හෝ ලිංගික අසහනය හෝ විසාදය හෝ නොදන්නා හේතුවක් නිසා මම මේවට කැමති වෙනවා වෙන්නත් පුලුවන්..ඒ නැතත් අපි සෙල්ලම් බඩු වලින් සෙල්ලං කරද්දි ලොකුවට ගැඹුරට හිතන්න ඕනි නෑ..සෙල්ලම ගැන හිතුවාම ඇති නේ.. ) 

Wednesday, June 22, 2016

කිම්බරාසෝ ද එවරස්ට් ද ?

ලෝකේ උසම කන්ද එවරස්ට්(Mount Everest).  මේක මෙහෙම කියන්නේ කෝමද? ලෝකේ මුහුදු මට්ටමේ සිට බැලුවාම උසම තැන තමයි එවරස්ට්. මුහුදේ සාමාන්‍ය ගැඹුර මීටර 3688ක් වෙනවා. ඒ කීවෙ කිලෝමීටර 3.5 ක් තමයි මුහුදේ ගැඹුරේ සාමාන්‍යය අගය. ඉන්දියානු සාගරයේ මධ්‍ය ගැඹුර මීටත් වඩා පොඩ්ඩක් වැඩියි කිලෝමීටර 4කට ආසන්න අගයක් (3960m) තමයි ඉන්දියානු සාගරයේ මධ්‍ය ගැඹුර.

 එ් කියන්නේ ලංකාවේ මුහුදු මට්ටමේ සිට ගොඩබිම තියෙන උෂම තැන වෙන පිදුරුතලාගලටත් වඩා වැඩියි ලංකාව අවට සාගරේ ගැඹුර. සරලව හිතුවොත් ලංකාව අවට ඈත ගැඹුරු මූදට වැටෙන කෙනෙක්, කොළඹ දිහා නම් රුපියල් දෙසීයක විතර ත්‍රීවීලර් දුරක් ගැඹුරට මූදු පතුලට වැටෙන්න හැකියාව තියෙනවා.  සාගරේ තරං ආදරේ අනං මනං කිව්වාට සාගරේ කොයි තරං විසාලද කියලා නිච්චියක් වැඩිමනක් පිරිසට නැතුව ඇති මහිතෙ.
එවරස්ට් කන්ද 
මුහුදු මට්ටම කියන එකේ ඉදං මැන්නාම මේ වායුගෝලයේ ඒ කිව්වේ අපිට මේ හුලං හමන අවකාසේ තියෙන උසම තැන තමයි එවරස්ට්. මේ ලෝකේ හරියට දොඩමක් වගේ.. ඒක වටේට නෙව ඔය මූදු කදු ආගාධ විල් අනම් මනම් ඔක්කෝම තියෙන්නේ..ඕක වටේටම මූද තියෙනවා. නමුත් මේ මූදු මට්ටම කියන එකත් සමාන එකක් නෙමේ..මුහුදු මට්ටමත් ලෝකයේ කලාප අනුව මීටරේක දෙකක වෙනසක් වෙන්න පුලුවනි.
මේන්න මේ ආකාරේට බැලුවොත් එවරස්ට් තමයි වායුගෝලයේ ඉහලින්ම තියෙන ස්ථරය. මොකෝ වායුගෝලය පටන් ගන්නේ මුහුදු මට්ටමින් නෙව. උස මුහුදු මට්ටමේ සිට මීටර 8850ක්.  හැබැයි මිනිහා හදාපු බඩු කෑලි තියෙනවා ඔයිටත් උඩින් නිතරම යන එන. සාමාන්‍ය ගුවන් යානා යන්නේත් සැටලයිට් යන්නේත් ඔයිට වඩා උඩ ලේයර් එකක. ඒ ස්‍ට්‍රැටොස්පියර් (Stratosphere) කියන මීටර 10,000ට වැඩි  රීජන් එකේ..ඒකෙදි වායුගෝලයෙන් ඇතිවන බාධා සහ වලාකුලු ආදියෙන් ගුවන් යාත්‍රා වලට ආරක්ෂා වන්නට පුලුවනි.

කිම්බරාසෝ.. (Mount Chimborazo) 

මේ ලිපියේ මාතෘකාව කිම්බරාසෝ..කොහොමෙයි මේ කිම්බක් මේකට අදාල වෙන්නේ කියල ඇතැමුන් සිතනවා ඇති. ලෝකයේ මුහුදු මට්ටමක් කියලා එකක් අපිට පහල වෙලා තියෙන්නේ මොකෝ..සරලම එක වසරේ උත්තරේ තමයි මුහුදක් තියෙන නිසානේ මට්ටමක් තියෙන්නේ. දැන් මුහුදක් නැති අර වෙනත් ග්‍රහලෝකයක් වගේ වුනානං..හුටා..එහෙනං කොහොමෙයි මුහුදු මට්ටමක් හොයන්නේ..එතකොට අපි එහෙට මූදක් දාන්නවත් වෙයිද?

මේ ලෝකය බෝලාකාරයි නේ. බෝලා නෙමෙයි නියම වචනෙ ගෝලාකාරයි. මේක ගෝලාකාරයි කීවට සිරාම ගණිතමය ගෝලයක් නෙවෙයි නේ. මේක ඇවිල්ලා ඇපල් දොඩං වගේ ගෝලයක්..ඇපල් සහ දොඩං රවුං වුනාට ඒවායේ නැට්ට සහ පුක අතර දුරට වඩා අනික් පැත්තේ විශ්කම්භය ලොකුයි . ආන්න ඒ වගේ ඉහල සිට පහලට ඒ කිව්වේ ආක්ටික් කොනේ සිට ඇන්ටාක්ටික් කොනට තියෙන දුරට වඩා වැඩියි සමකයේ විස්කම්භය.


මේ කිම්බරාසෝ කන්ද තියෙන්නේ සමකාසන්නයේ. එත‍කොට පෘථිවියේ මධ්‍ය ලක්ෂයේ සිට දුර බලද්දී පෘථීවියේ මද්‍ය සිට වැඩිම දුරක් තියෙන කන්ද නැත්තං ස්ථානය තමයි කිම්බරාසෝ කන්ද. මේ කිම්බරාසෝ තියෙන්නේ සමකය මායිම් රටක් වෙන දකුණු අමරිකාවේ ඉක්වදොර් රටේ. සමාකාසන්න රටක් වුවත් කන්දේ උස නිසා කිම්බරාසෝ කන්දේ උඩ හිම තට්ටු මිදිලා තියෙනවා. මෙතනදි එවරස්ට් කන්දට වඩා කිලෝමීටර දෙකකට වැඩි වාසියක් ලැබෙනවාලු මේ කන්දට පෘථිවිය ගණිතමය ගෝලයක් නොවීම නිසා.
මධ්‍යයේ සිට උසම කිම්බරාසෝ 
කිම්බරාසෝ කන්ද මූදු මට්ටමේ සිට ඒ තරං උස එකක් නං නෙවෙයි. ඒක එවරස්ට් වලට වඩා ගෙඩිපිටින් කිලෝමීටර 2කට වඩා කොටයි. ඒත් පොලොවේ මධ්‍යයේ සිට වැඩිම දුරක් තියෙන තැන තමයි කිම්බරාසෝ.. කිම්බරාසෝ එකේ උස මුහුදු මට්ටමේ සිට මීටර 6268ක් වගේ වෙනවා. ලෝකයේ උසම කදු ලැයිස්තුවේ ගොඩාරියක් උෂම කදු තියෙන්නේ හිමාල කදු සීමාවේ.. ඊට පස්සේ උසම කදු ගොඩාරියක් තියෙන කදු පන්තියක් තමයි දකුනු ඇමරිකාවේ අන්දීස් කදු පන්ති..ඒ කදු වලින් එකක් තමයි මේ කිම්බරාසෝ.. 

හැබැයි මේ විදියට හිතුවාම පිදුරුතලාගල උසටත් කිලෝමීටර එකහමාරක විතර තා උසක් දාගන්න පුලුවනි පෘතිවි මධ්‍යයේ සිට දුර බැලුවනං..අපිත් මෙහෙම හිටියට සමකාසන්න කොල්ලෝ නෙව. අපි සමකාසන්න වුනාට ශ්‍රීලංකාව සමකය මත පිහිටි රටක් නෙවෙයි. අපිට ආසන්නතම රටක් වෙන මාලදිවයින නම් සමකයේ පිහිටි රටක් ලෙස සැලකෙනවා. 

මවුනා කියා.. Mouna Kea

සිරීපාදේ කොච්චර උසද කියලා බලන්න නම් රත්නපුරෙන් හෝ කුරුවිටෙන් නගින්න ඕනි. අපි හැටන් පාරෙන් යනෝ නම් බාගයක් නගින්නේ මහ පාරෙන්..ඉතිරි සුට්ටක් තමයි පයිං කොටාබාන්නේ..කුරුවිට සහ පලාබද්දල, සිරිපා මුදුනේ සිට නල්ලතන්නියට වඩා පහලින් තියෙන තැන්.. පිදුරුතලාගලට නං ඉතිං වාහන උනත් යන්න ඇහකි පාරක් තියෙනවා ලු නේ. 

කදු පාමුල සිට වැඩිම උෂ බැලුවාම ලෝකේ උසම කන්ද මවුනා කියා කියල පැසිෆික් සාගරේ දූපතක තියෙන කන්දක් සැලකනෙවා.. ඒකෙදි කන්දේ මීටර 6000ක් මුහුදෙන් යට ඉතිරි මීටර 4200ක් තියෙන්නේ මූදෙන් උඩ.. ඒත් ඉතිං මූධ යට ඉදන් කන්දක් නගින්න ඇහැකියැ..ඒත් මේ කන්දේ සීඝ්‍ර බැස්ම මූද පතුලට යනකල් තියෙනවාලු. 


මෙතනදි කියන්නේ හිමාල අන්දීස් වගේ කදු පන්ති ඒ පිහිටි පොලවෙන් ඉවර වෙනවා. නමුත් මේ කියන මවුනා කියා කියන එකෙ එහෙම පිහිටි පොලවක් නෑ ඒ නිසා මුහුද යටට යනකල්ම බැස්ම තියනවා. 

දෙයක් මනිනකොට ඒ දේ මනින්නේ කුමක් පදනම් කරගෙනද කියන එක වටිනවා. එක මූලික දෙයක් පදනම් කරගෙන තමයි අපිට යමක් මැනිය හැකි වෙන්නේ. ඒ මූලික දේ වෙනස් වීම මත අකුරු ඉලක්කං ලේසියෙන්ම වෙනස් වෙනවා. 

Monday, June 20, 2016

නීති වලට පිට සේවාවන් වල තත්වය

ගංජා සහ බොහෝ මත්ද්‍රව්‍ය නීතිගත නෑ. මත්ද්‍රව්‍ය ලගතබා ගන්න එක වැරදියි. ඒ වගේම අරක්කු සහ එතනෝල් ආදිය අපිට පුද්ගලිකව නිෂ්පාදනය කරගන්න බෑ.. එහෙම නිෂ්පාදනය කරන එකත් වැරදියි. ඒ නිසා අපි දඩුවම් විදින්න සුදුසු අය බවට පත්වෙනවා. ඒ වගේම ගණිකා වෘත්තියත් නීතියෙන් තහනම්. ඒ දේවල් කලාමත් අපිට නීතියේ දඩුවම් වල පහස විදින්නට හැකියාවක් උදාකරගන්නට අවස්ථාව ලැබෙනවා. 

මේ නීතිගත නොවීම සහ නීතිගත වීම කියන්නේ ඇතැම් වෙලාවට බොහොම සරල දෙයක් වුනත් ඇතැම් වෙලාවට සංකීර්ණයි.. උදාහරණ විදියට ආන්ඩුවට අරක්කු සිගරට් මිල වැඩිකරන්න අයිතියක් ඉබේම තියෙනවා. ඉල්ලුම කෙතෙක් තිබුනත් ආන්ඩුව එ්වයි මිල වැඩි කරනවා.. ඒ වගේම අපිට බූරුව පොලක් මලගෙදරකවත් පවත්වාගෙන යන්න හැකියාවක් නෑ..නමුත් ආන්ඩුව ලොතරයි කියන සූදුව පවත්වාගෙන යනවා විතරක් නෙමෙයි ඒවායෙන් ලොකු ආදායමකුත් හොයනවා.. ආන්ඩුව කලාම හොදයි.අපි කලාම වැරදියි. ඇතැම් විට අර බියර් බිව්වම වෙරි අඩු වගේ ලොතරයි කියන්නෙත් වෙරි අඩු ‍බිස්නස් එකක් වෙන්න ඇති. 

ගණිකා වෘත්තිය නීතිගත කිරීම.. මේකට විරුද්ද වෙන්නේ කවුරු කවුරු ද කියලා හිතන්නත් අමාරුයි. ඒත් සමාජයේ බොහෝ පිරිසක් විරුද්ධයි.. ඒ ඇයි කියන එකට නිසි හේතු දෙන්නත් බොහෝ අයට හැකියාවක් නෑ.. ගණිකා වෘත්තිය නිසා ඇතිවන යම් යම් ගැටළු තියෙනවා. හැබැයි දැන් ඒවා අපිට පේන්නේ නෑ.. දැන් අපි හොදටම දන්නවා කොළඹ ලොකු හෝටල් වලත් කැලෑබදව තිබුනත් තරු හෝටල් වලත් ජයටම කාන්තාවන් ලිංගික කටයුතු වෙනුවෙන් පාවිච්චි වෙනවා..හැබැයි අපි ඒවා නොදන්නවා වගේ ඉන්නවා.. ඉදගෙන ගණිකා වෘත්තිය නීතිගත කරන්න ආවොත් ඒකට පැනල විරුද්ධ වෙනවා.. 

ඒ හෝටල් වල ගණිකාවො විදියට අනියමින් රාජකාරි කරන යුවතියන් එන්නේ කොළඹින් නෙමෙයි.. බොහෝ පිරිස ගම්බද සහ නාගරික දුප්පත් ලේයර් එකෙන් ඇවිත් ඒ තැන්වලට පත් වුන අය.. එයාලට සමාජයේදී වෙනත් හැදින්වීම් ඇති.. උදාහරණ විදියට ලොකු හෝටල වල වැඩේ සිද්ද වෙන නිසා මේ කපේට ගමේ එකෙක්ට ඇහැට ගැටෙන්නේ නෑ.. ඒ නිසා ඉරිදාට දහම් පාසැලක (බෞද්ධ පමණක් නොවේ සියලු දහම් පාසැල්)  උගන්වන ටීචර් කෙනෙක්ටත් වෙන දවස්වලට ගණිකාවක් ලෙස සිය සිරුරු පහස අලෙවි කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා.. 

ගණිකා වෘත්තිය තිබුනා කියලා අලුතින් නැතිවෙන හෝ ඇතිවෙන සංස්කෘතික පරිහානියක් නෑ.. බියර් අරක්කු වලට මොනම දැන්වීමක්වත් ඕනි නෑ..හැමදාම ඒව ගන්න බාර් වල මිනිස්සු පෝලිමේ.. මේ දැනට තියෙන ගණිකා සීන්ස් උනත් හෙමයි. මසාජ් , රූපලාවන්‍ය ආදී මොන ආකාරයේ කවරයක දාල අලෙවි කරත් අලෙවි වෙන්නේ කාන්තාවම තමයි. ඒ වට අමුතුවෙන් මිනිස්සුන්ගේ අවධානය ගන්න වැඩපිලිවෙලවල් ඕනි නෑ.. 

මේ ගණීකා වෘත්තියත් ලිංගිකමය මසාජ් ආදියත් නීතිගත නොවීමෙන් ලොකුම අවුලකට එන්නේ ඒවට යන පාරිභෝගිකයින්.. අරක්කු බීම සහ සිගරට් බීම කියන්නේ අපි විසින් වෙනමම පුරුදු කරගත් දෙයක්. නමුත් ලිංගික ආසාව කියන එක ඇවිල්ල එහෙම බලෙන් පුරුදුකරගත්ත දෙයක් නෙමෙයි. අපේ ඇගවල් වල තියෙන‍ හෝමෝන ආදියෙන් ජානවලින් පරම්පරාවලින් කොහෙන් හරි පහත්වෙලා අපිට ඕනකරන දෙයක්. 

සරීරයට ඕනි දේවල් වල අපිට පාලනය කරගන්න ඇහැක් සීමාවල් තියෙනවා. ඇතැම් කෙනෙක්ට මානසිකව වෙනත් දේවලින් ලිංගික ආසාව පාලනය කරගන්න ඇහැක් ඇති. නමුත් හැමෝම භාවනාවේ දක්සයෝ නෙමෙයි. හැමෝටම පාලනය කරගත හැකි මට්ටමේම ආසාව තියෙන්න විදියකුත් නෑ,. ඉතිං ඒ නිසා ලෝකේ ඕනෑම කොනක මොන විදියේ නීති දැම්මත් පොඩියට සුලුවට හෝ පවතින දෙයක් තමයි ගණිකා වෘත්තිය. 

කාන්තාවන්ට ලිංගික ආසාව ඇතිවෙන කලාවත් පිරිමින්ට ඇතිවෙන කලාවත් දෙකක්. කලාව කිව්වේ ඇතිවන ආකාරය ආදිය. එතනදි කාන්තාව ඒක නැතිකරගන්න මොනවගේ ක්‍රම පාවිච්චි කරනෝද කියලා වැඩිමනක් දැනුමක් මට නෑ,. 

ලංක‍ාවට ආපු විදේශිකයින් කියන විදියටත් ලංකාවෙම ඉන්න ගණිකා වන්ගේ පහස ලබාගන්න යන අයත් කියන විදියට ලංකාවේ ගෙවන මුදලට ගණිකාවන්ගේ සේවය ලැබෙන්නේ නෑ.. බොහෝවිට වෙන්නේ රැවටීම. 

රුපියල් 4000-5000කට වඩා මුදලක් වියදම් වෙනවා සාමාන්‍යයෙන් ගණිකාවකගේ පහස ලබන්න. ඇය විදින ‍දුක් කම්කටොලු පොඩ්ඩක් අමතක කලොත් ඇයට කස්ටමර්ලා 5 ස් දෙනෙක් ආවොත් ඇයට ලැබෙන අවම ගාන රුපියල් 10000කට වැඩි මිසක් අඩු නෑ.. දවසට ඇමරිකන් ඩොලර් 50කට වැඩි ගානක්.. මම හිතන්නේ ඒක ටිකක් සැර ඉපයීමක්.. 

දුක් විදින කාන්තාවන් අසාධෘරනයට ලක්වෙන කාන්තාවන් ගොඩට 10,000ක දෛනික ඉපයීමක් ලබන කාන්තාවක් ඇතුල් කරන්න පුලුවන්ද? ඇයි බැරි පුලුවන්.. ඒ ඇගේ ඉපයීම පැත්තෙන් නෙමෙයි ඇයට ලැබෙන සැලකීම පැත්තෙන්..ඇත්තටම ඔ්‍ය කවි කතා සිංදු බොරු ඉන්ටවිව් ආදියෙන් ගණිකාව ගැන අමුතු බක්කක් සමාජ ගත කරන්න පිරිසක් ලොකු වැරවෑයමක් ගෙනියනවා..ඇත්තටම ඇය හොද මුදල් උපයන්නියක්.. ඇය විදින මානසික හෝ සාරිරික පීඩාවට සාපේක්ෂව විසාල මුදලක් ඇය අතගානවා..

ඉතිං රුපියල් 5000ක් වියදම් කරලා ගෑනියෙක් ගේ දුක කතාවක් අහල කරබාගෙන එන්න කැමති අයත් ඇති. නමුත් මම සහ මුදලට ගෑනු සොයා යන පිරිස කිසිසේත් කැමති නැහැ එහෙම දේකට.. අපිට ගෑනුන්ගේ දුක බලාගන්න ඕනි නම් ලාබෙට ටෙලිනාට්ටි පොත පත තියෙනවා..අපි එතන්ට යන්නේ ඒ ගෑනිගේ සමාජ අධ්‍යනයක් කරන්න නෙමෙයි නේ.. 

බොහෝ ෆෝරම වල තිබුන විදියට ඉතාම යාන්ත්‍රික ලෙස බලෙන්ම ගෙවාදමන ක්‍රියාවලියක් තමයි ලංකාවේ ලාබ ගණිකා සේවාවන් තුල සිද්ද වෙන්නේ.. ලාබ කිව්වේ මේ 5000ක් ෂීමාවේ තියෙන ඒවා.. ඉතිං සර්විස් කොලිටි එක ගැන අපිට ලොකුවට ඕපන් කතා කරන්නත් බෑ මුදලට ගෑනුන්ගේ පහස ගැනීම නීති විරෝදී දෙයක් නිසා.. ගණිකාව සහ වෘත්තිය නීතියෙන් බැහැර නිසා ඒ වගේ තැන්වලට යන පිරිසට සර්විස් ලැබුන් නෑ කියල කරන්න දේකුත් නෑ.. හොරෙන් කුරුම්බ කඩන් බිව්වට පස්සේ වතුර රහ නෑ කියල අපිට පැමිණිලි කරන්න බෑ නෙව. 

උදාහරණ විදියට දුරකතන සමාගමකින් වැරදි ලෙස ඇඩ් දාල අපිට ඒ මට්ටමේ සේවයක් නොලැබුනොත් අපිට ඒ සම්බන්ධයෙන් යම් යම් දේවල් කරන්න හැකියාව තියෙනවා.. නමුත් මේ නීතිගත නොවූ ගණිකා සහ මසාජ් වලදි..අපෙන් රුපියල් දාස් ගනන් අරගෙනත් මොකුත්ම නැතුව ආ මහත්තයා එහෙනං පොලිසිය එන්න කලිං පව් නොදී යනෝද? කියල අහන පිටකොටු ගණිකාවගේ සිට ඉන් ඉහලට බොහෝ තැන්වල සිදුවෙන් අකටයුතුකම් වලට ඒ අසරණ පාරිබෝගික අයට කට ව‍හගෙන ඉන්න සිද්ද වෙලා තියෙනවා.. 

සමහර විට ගණිකා වෘත්තිය සොයා යන අයත්, මුදලට ලිංගික ආසාව පිනිස මසාජ් යන උදවියත් මානසික අසහන කාරයො විදියට ඇතැම් අය දකින්න පුලුවනි. ලිංගික හැගීම් යටපත් කරන්න අවස්ය ලොකු මානසික බලේ එයාල ගාව ඇති. ඒත් අපිට නෑ..ඒ නිසා අපි ඇහක් විදියට ඒ ගැන අවධානය යොමු කරන්නට ඕනි.. බිස්නස් එක වෙනුවෙන් නෙමෙයි කස්ටමර්ල වෙනුවෙන් අපි පෙනීසිටින්නට ඕනි.. 

නමුත් ඒවා මේ පොලොවේ වෙන්න පුලුවන් දෙයක් ‍නම් නෙමෙයි.. වීකන්ඩ් එකේ මසා වලට පෝලිමේ ගිහින් සතියේ දවසට කන්තෝරුවෙන් පේස්බුක් ඇවිත් සංස්කෘතිය පතුරු අරින්න බලං ඉන්න සමාජෙක අපිට ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දේවල් සිහිනවල දාල ඒ සිහිනවල මියන තුරා සැරි සරන්නට සිද්ද වේවි.. 

Sunday, June 12, 2016

මොටෝ මොඩ්ස් (Motomods)

යාලුවනේ අපි අද දැකබලාගන්න යන්නේ ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය වැඩි කරගන්න මෝටරෝලා Motorola කොම්පැනිය හදුන්වා දෙන නවතම එලිදැක්වීම ගැන. මේකෙ නම මොටොමොඩ්ස් ඉතිං මේක වෙන්නෙ කොයි ආකාරයට ද කියලා අපි බලමු පිංතුර වලින්ම .. 
මේ යටම තියෙන්නේ ෆෝන් එක.. ඒකෙ පහල තියෙනවා ඩොට් වගයක් ඕගොල්ලන්ට පේනවා ඇති.. මේ ෆෝන් එකේ පසුපස කවරය ගලෝලා වෙනත් කෑල්ලක් හයි කරන්න පුලුවනි අර ඩොට් වලට සෙට් වෙන්න. දැඩි චුම්බක ඒ කිව්වෙ කාන්දම් බලේකින් ඒ සවිකරන අමතර කෑල්ල මේ හොද ඉස්මාට් ෆෝන් එකට අර තුඩු හරහා සම්බන්ද වෙනවා.. 
මේ පෙන්නුම් කරන්නෙ ඒ විදියට සම්බන්ධ වෙන තඹ සම්බන්ධක කොටස්.. මේවා හරහා ෆෝන් එකේ දත්ත පිටත උපකරණයකට විදුලි වේගයෙන් දෙන්නට හැකියාව තියෙනවා..සරලව කිව්වොත් මේක ෆෝන් එක සහ තවත් කෑල්ලක් සම්බන්ධ කරගත හැකි ක්‍රමයක්. මේ විදියට ආපු අලුම්ම පෝන් එක තමයි මෝටරෝලා ඉසෙට් කියන එක. 
Moto Z Droid කියන ෆෝන් එක තමයි මේ..මේ ෆෝන් එක බොහොම කෙට්ටු ෆෝන් එකක්. මේකෙ පිටිපස්සට තමයි ඉහත මම කියපු අර මොටෝ මොඩ්ස් කියන දිගහැරුම හදුන්වා දීල තියෙන්නෙ. මේක සාමාන්‍යෙයන් මේ දවස්වල එන උඩම ලැවල් එකේ ෆෝ්න් එකක ( flagship phone) තියෙන පහසුකම් වලින් සමන්විත වෙලා තියෙන ෆෝන් එකක්. 

කලිං අපි මොටෝ මොඩ්ස් වලින් වෙනත් කෑලි බෑලි ෆෝන් එකට සම්බන්ධ කරගන්න ඇහැකිය කියලා කිව්වට ඒ මොනවද කියලා කිව්වෙ නෑ.. සමාගම දැනට ඒ විදියට අමතරව සම්බන්ධ කරලා වැඩගන්න පුලුවන් කෑලි තුනක් හදුන්වා දීල තියෙනවා. එකක් තමයි මේ ජේ බී එල්(JBL) සවුන්ඩ් කෑල්ල. මේක අර ඉහත ඉසෙඩ් පෝන් එකට පිටුපස්සෙන් කාන්දම් බලෙන් ඇලෙව්වාම පස්සේ ජාති සවුන්ඩ් නිකුත් කරන පට්ට භාන්ඩයක් බවට පත්වෙනවා.. ස්පීකර හොයාගෙන ඒවට පවර් හොයාගෙන ඉන් පස්සේ කොනෙක්ට් කරගන වාත වෙන්න ඕනි කමක් නෑ.. සෝක් එකට සවුන්ඩ් කෑල්ල පිටුපස්සේන අලෝලා අපිට වැඩි සද්ද කොලිටි සද්ද අහන්න වාසනාව මේ නිසා ලේසියෙන්ම උදා වෙනවා.. 

ඉහල පිංතූරුවෙන් පේන්නේ ඒ විදියට සම්බන්ධ කරපු ජේ බී එල් සවුන්ඩ් කෑල්ල තමයි. ඒක කදිමෙට තියෙනවා..හොදට සද්දත් ඇති කියල හිතෙනවා.. 

ඊලගට මේගොල්ලා හදුන්වාල දුන්නා මේ විදියට පිටුපස්සෙන් අලවත හැකි ප්‍රොෙජක්ටර කෑල්ලක්. මේ ප්‍රොෙජක්ටර කෑල්ල පොඩි වුනාට ලියුමන්ස් 50ක ආලෝකය නිකුත් කරන අගල් 70ක් දක්වා විශෘලනය කරපු රූප පතිත කරගන්න පුලුවන් එකක්. 
ඒ කෑල්ල නිකං පෝන් එක පිටුපස්සට කෑල්ලක් අලෝල පෝන් පුකෙන් ලයිට් එකක් හයිකරලා වගේ ලුක් එකක් තියෙනවා.. කෙනෙක්ට හිතෙන්න පුලුවනි අඩ් ඩඩ් ඩේ...මේක අර ඉස්සර 3310 ත් තිබුන පෝන් එකේ එල් ඊ ඩී ටෝච් ලයිට් එක වගේ නේ කියලා..හැබැයි මේක ලයිට් එකක් වුනත් මේක පොඩි සයිස් ප්‍රොෙජක්ටරයක්..තවදුරටත් තනිකඩ උන්දැලාට යටලීයෙන් නාරිලතා මල් බලන්න ඕනි නෑ.. ෆෝන් එකට නාරිලතා දාගෙන ඒවා ඇඹරෙන හැටි මේ විදියට ප්‍රොෙජක්ටර එකකින් විසාල කරලාම දැකබලාගන්න පුලුවන් වෙනවා.. 
මේ තියෙන්නේ ඒ විදියට මොටෝ එකේ දාපු ඇඩ් එකක්.. මේ කියන තරම්ම ලකයක් නැතුවැති..ඒත් වැඩක් ගත හැකි මට්ටමට ඇති.. 

මීට අමතරව තා කෑල්ලක් ගහත හැකි අමතර බැටරියක් විදියට.. අමතර බැටරි බැංකු නම් ඉතිං අලුත් දෙයක් නෙමෙයි..එකම වෙනස ඒක පිටිපස්සේ තියාගෙන හරි නැත්තං බෑක් එකක දාගෙන හරි යන බැංකුව පෝන් එකේ පිටිපස්සේ අලවං යන්න පුලුවන් වෙන එක.. 
මේ තියෙන්නේ ඒ බැටරි කෑල්ල.. 

සංකල්පය ගැන.. 

මේක ජනප්‍රිය වෙයිද නැද්ද කියලා නම් හරියටම කියන්න අමාරුයි.. මේ ප්‍රොෙජාක්ටර සහ සවුන්ඩ් යන තැන් දෙකේදිම ඒ දෙකට ඒ කෑල්ලට වෙනම පවර් දෙන්න හැකියාවත්..ඒ වගේම ඒ කෑලිවලට අවශ්‍ය පොඩි බැටරි බලයක් ඒ කෑල්ලේමත් තියෙනවාලු... 

ප්‍රොෙජක්ට් අරා හෝ එරා Project Ara නමින් ව්‍යාපෘතියක් යටතේ තමයි මේක හදුන්වා දීල තියෙන්නෙ මොටෝ කම්පැනිය. මේකෙදි එයාල මේ නව සංකල්පය දියුනු කරන්න ඒ කියන්නෙ තා කෑලි සෙට් කරන්න කෑලි හොයාගන්න සහ ව්‍යාපෘතිය දියුනු කරන්න කැමති අයට අවස්ථාවක් දෙන්නත් ඉදිරිපත් වෙලා තිබුනා.. 

දැන් මොටෝ කම්පැනිය අයිති ලෙනෝවෝ Lenovo එකට.. මොටෝ කියන්නෙ පරණ නමක් වුනාට මොබයිල් ෆෝන් වලට අලුත්ම දේවල් හදුන්වාදීම අතින් මොටෝ හැමදාම ඉදිරියෙන් ඉන්නවා.. 

මෙතනදි සාමාන්‍යෙයන් මූලිකවම ෆෝන් එක පොඩි වුනාට ඉන් පස්සේ තා කෑලි හැමිනුවාට පස්සේ ෆෝන් එක නිකං ලොකු ස්වභාවයක් ගන්නවා.. සාමාන්‍යෙයන් අපේ රටේ වගේ නම් මේ වගේ මිල අධික ෆෝන් එකක් පාවිච්චි කරන අය ඒව රකින්නේ කවර දාගෙන වෙනම බෑක් වලත් දාගෙන.ඒ වගේ අය ෆෝන් එකේ තිබෙන බලය මේ විදියට පිට කෑලි එක්ක අමුනලා සෙයා කරගන්න කැමති වේද දන්නේ නෑ.. බොහෝ දෙනා ෆෝන් එක ඇහැක් විදියට රකිනවා ඒකෙ මිල වැඩිවෙනකොට.. ඒ අයගේ මේ ගැන තියෙන නැඹුරුව නම් කොහොම වෙයිද කියන්න බෑ.. 

හරකා කියල සරල සතෙක් අපේ රටේ ඉන්නවා..ඒත් කාන්තාරෙ ඉන්නෙ ඔටුවා.. ඔටුවා ලොකු මොල්ලියක් තියන ටිකක් හරකට වඩා ලොකු සතෙක්..ඒ සතා කාන්තාරයට හදාපු හරකාගේ කාන්තාර එඩිසන් එකක් වාගේ තමයි පෙනුම.. ෆොන් එකේ තියෙන සරල පෙනුම මේ මොඩ්ස් වලින් තවත් වැඩිකරලා ඒක පිටිපස්සේ මොල්ලි පෙනුමක් ෆෝන් එකට ලැබෙනවා මේ මොඩ්ස් හයි කලාම.. 

මේක පාරිබෝගිකයා කෝම දරාගනීද කියලා කියන්න අමාරුයි.. 

සාමාන්‍යෙයන් මම දකින විදියට අද කාලේ ඉහල මට්ටමේ ෆෝන් එකක සාමාන්‍ය පාවිච්චියේදී ඒකෙ සමස්ථ බලයෙන් සීයේට 20ක් වත් පාවිච්චි වෙන්නේ නෑ.. බොහෝවිට මේ වගේ ඉහල ෆෝන් එකක් මල්ටි ටාස්කින් වලට සපෝට් වුනාට අපි ප්‍රාෙයා්ගික පාවිච්චියේදි මූලික කාරණා කිහිපයකට පමණයි මේක පාවිච්චි කරන්නේ.. මහා බලගතු විසාලකෝච්චි එංජිමක් වගේ බල කට්ටලයක් තියාගෙන ඒකෙන් පොඩි කාර් එකක් වගේ සුට්ටි කරත්තයක් අදිනවා වගේ වැඩක් තමයි අද කාලේ බොහෝවිට ඉහල මට්ටමේ ෆෝන් වලදි ප්‍රාෙයා්ගිකව වෙන්නේ.. 

මෙතන ලොකු නාස්තියක් වෙනවා. ඒ බලය යොදාගන තව තව වැඩජාති ගන්න ඇහැකි වෙන්න මේ විදියෙ තව උපාංග ඉස්සරහට ඒවි.. 

මීට කලකට ඉස්සර ස්මාට් ජීවිතය ගැන අදිනකොට ඇන්දේ අපි මූලිකවම ගෙදර පරිගනකය මූලික කරගෙන අනික් තියෙන කෑලි බෑලි සෙන්සර් ටූල්ස් ඒකට සම්බන්ධ වෙන විදියට..නමුත් දැන් ඒ තැන පරිගනකය අයින් වෙලා මොබයිල් ෆෝන් එක ඇවිත්.. විවිධ ආකාරයේ උපකරණ රාශියක් සම්බන්ධ කරගෙන ඒ සියල්ල සමග ගනුදෙනු කරලා අපේ වැඩ එකලස් කරන්න හැකියාව අද එන ස්මාට්ෆෝන් වලට නොඅඩුවම තියෙනවා. 

අපි බොහෝ දෙනාට නම් මේවා ටිකක් මිල අධික වෙයි. ඒත් අපි දැනං ඉන්නෝනි මේවා ගැන. මොකෝ සල්ලි තියෙන උන් ලොකු ෆෝන් අරං ඒවායින් කොරන්න ඇහැක් වැඩ වලින් සීයේට 10කවත් වැඩක් නොගෙන පොයිය පෙන්වද්දි අපිට කාලකින්නි ලෙස සතුටුවෙන්න පුලුවන්..“අඩෝ අපි දන්නෝ ඔයිට වඩා ලොකු ඒවා ගැන“ කියලා 

වචනේ Motomods ඒක ගහලාYoutube වල පොඩ්ඩක් රවුමක් දැම්මනං මං මේ වචන වලින් ලිව්වාට වැඩිය හොදට වීඩියෝ වලින් මොටෝ මොඩ්ස් ගැන දැනගන්න හැකියාව ලැබේවි..