Sunday, July 31, 2016

යෙකාගේ ගෙයි පඩිය තරණය

දුෂ්කර කදුකර මාර්ග වල අපහසුවෙන් ගමන් කරන්න තියෙන අවස්ථාවලදී ඒක යක්ෂයාගේ පඩිපෙල කියලා හදුන්වන්න ඉංග්‍රීසි ජාතිකයින් පෙලඹිලා ඉදලා තියෙනවා..අයර්ලන්තයේ එංගලන්තයේ වගේම නවසීලන්තයේත් යක්ෂයාගේ පඩිපෙල විදියට හදුන්වපු මාර්ග දක්නට තියෙනවා. කලුපහන සිට ඔහියට යන පාරේ ඉහල කෙළවර හරිය ටිකක් දල බෑවුමක් තියෙන්නේ ඒ හරියට යක්ෂයාගේ පඩිපෙල කියලා කියනවා ඇති. 
අපිත් යක්ෂයාගේ පඩිපේලිය තරණය කරන්න හිතුවා. කොළඹින් සිකුරාදා හවස පිටත් වුනා බදුල්ල බස් එකක නැගලා බෙලිහුල් ඔයට..බෙලිහුල් ඔය ඉන්නවා බ්ලොග් හරහා දැන අදුනගත්ත යාලුවෙක් ඒ තමයි ලයනල් මහත්තයා. ලයනල් මහත්තයගෙ පට්ට බඩුවක් බෙලිහුල් ඔය තියෙනවා ඒ තමයි පර්ල් ඉන් රෙස්ටුරන්ට් ඇන් ගෙස්ට් හවුස් එක. ඒකෙ තමයි අපි සිකුරාදා රාත්තිරි නැවතුනේ..කොළඹ ඉදන් බෙලිහුල් ඔ්‍යට යද්දි රෑ 11 විතර උනා.

මේ තියෙන්නේ ඉහල පිංතූරයේ පර්ල් ඉන් එක. කාමර සුපිරි..කෑමත් හොදයි..ගානත් ඉතිංසෑහෙන්න සාධාරනයි.. අපි එතන නැවතුනාට මොකද යකාගේ පඩිපෙල සහ බඹරකන්දට යන්න පාරට එන්ටර් වෙන්න තියෙන  කළුපහනට ඒ කිව්වේ හපුතලේ දිහාට කිලෝමීටර 15ක් විතර බෙලිහුල් ඔය ඉදලා  යන්නෝන. අපි පාන්දර නැගිටලා පිටත් වුනා..හෝටලේ හිටපු මල්ලිලා දෙන්නා අපිට උදේට කෑමත් හදලා දුන්නා..පාන් හොදි සහ චිකන් පරිප්පු එක්ක සුපිරි කෑම වේලක්.. 

ඉන් පස්සේ අපි කළුපහනට බස් එකක ආවා..ඇවිත් එතනින් වීල් දෙකක් අරං බඹරකන්ද ඇල්ල ගාවට ආවා..හරිනං ට්‍රැකින් වලදි වීල් වල යන්න බෑ..ඒත් ඉතිං ගොඩක් රෑවේය කියන බයට අපි බඹරකන්ද ගාවට එනකල් වීල් දෙකක ආවා.. 

බඹරකන්ද ඇල්ල වතුර අඩුයි. නමුත් අපිට බලාගන්නහැකි තරමට වතුර තිබුනා..අපි කඩේ අයියට කිව්වා දවල්ට අපිට කන්න මොනාහරි උයල තියන්න කියලා..ගිහින් ඒ අතර අපි බඹරකන්ද ඇල්ල ගාවට ගිහින් ආවා..

 මේ ඇල්ල ලංකාවේ උසම ඇල්ල. යට ඉදලා තමයි බලන්න තියෙන්නේ එතකොට උඩ බැලෙනවා.. උඩින් වතුර නාකි ගෑනියෙක්ගේ සුදු සාරියක් වැක්කෙරෙනවා වගේ ලස්සනට වැක්කෙරෙනවා..
යට හරියෙ වතුර හරිම පිරිසිදුයි.. ඉහලින් මිනිස්සු බොග දානවද කියල අපි දන්නෑ..ඒත් යට නං වතුර බෝහ ලක්ෂනට තියෙනවා..අපි ඇල්ල ගාවට ගිහින් ටිකක් කැරකි කැරකි ඉදලා ආයෙම ආවා.. ඇවිත් උදේට ගෙනාපු පාන් ටික කලින්ම කෑවා..මොකෝ දවල් වෙන්න වෙන්න තව උස්සන් යන්න ත් වෙනෝ නේ.. කාලා අහක් වෙල අර කඩේ හිටිපු රතනජෝති අයියා රසට උයලා දුන්නු බත් මුල් පහත් අරං ආයෙම දිය ඇල්ල පැත්තේ සෝට් කට් එකකින්ම යන්න සෙට් වුනා..පාරට වඩා ලංකා ඇල්ල හරහා ගිහින් යන සෝට් කට් එක කිට්ටුයි. 
මෙන්න මේක තමයි අපි ගිය..පාර..ඒත් ඇත්ත පාර ටිකක් ඔයිට වඩා දුරයි. 
ඉහලට යද්දි පයිනස් කැලයක් හම්බුවෙනව..ඒක මැදින් බඹරකන්ද ඇල්ලට හැරෙන තැනත් පාස්කරගෙන විනාඩි විස්සක් විතර පයිනස් කැලේ දල බෑවුම් මගින් උඩට නැග්ගාම මේ වගේ ඈත පේන පොට් එකක් සෙටාර් වෙනවා..පහල තියෙන්නේ මීදුමක් නෙමෙයි මොකෙක් හරි කුනුගොඩක් ගිනිතියනවා වෙන්න ඕනි. 
මේ පයිනස් කැලේ ඉවර වෙන මායිම.ඉන් පපස්සේ ලංකා ඇල්ල දිහාට යනකල් තියෙන්නේ තනකොල..පෑවුම් කාලේ නිසා තණ කොල දුඹුරු පාටත් වෙලා.. 
කුඩාවට පේන දියසීරාව තමයි ලංකා ඇල්ල..අපි එතන්ට ගියේ නෑ..මේ හරියේ තියෙන තණකොල බුරිය හරියට වදින තරමට උසයි.. එහා පැත්තේ ලක්ෂණ කදුකර වනාන්තරයකුත් තිබුනා.. පාට පාට ගස් කොලන් ඉහලින් අපිට පෙනුනා. 
ගස් කොලන් ආදිය අඩු මේ තණකොල තියෙන හරියෙ තියෙන සමහර ගස් වල ඉහල කොටස් දිරල ගිහිල්ල තියෙන්නේ.. 
හයික් යන්න ආවට සමහර යාලුවන්ට කිලෝමීටර දෙක තුනක් ඇද්ද ගමන් මහන්සි...එයාලත් ඉතිං හෙමි හෙමින් ආවා.. කොහොමත් දුවන පෙරහැරේ දුවල ගිහින් බෙල් එකක් ගහල එන්න යනවා නෙමෙයි නේ.. ඒ නිසා නිවිහැනහිල්ලේ හති ඇර ඇර අපි ඉදිරියයට ඇදුනා.. 
සොට්කට් වලින් ආවට අපිට පාර පොඩ්ඩක් විතර මාරු වුනා..ඒ නිසා අපිට ගස් අල්ලං අමාරුවෙන් නගින්න තැනුත් සෙට් වුනා.. 
සෝට්කට්ගිය කාලෙට සමුදීල අපි කළුපහන ඔහිය මාර්ගයට සේන්දු වුනා..මාර්ගයක් කීවට මේකේ හොද කැලෑවලට හදාපු ජීප් එකක් ඇර වෙන එකක්නම් යන්න අමාරුයි.. 
 අපිට මෙහෙම යනකොට දවල් වුනා..මට හිතෙන්නේ මේ දවල් දොලහ හෝ ඒ කිට්ටුව..එතාකට අපිට හමුවුනා ඔහියෙන් නයිට් මේල් එකෙන් බැහැල පහලට එන කන්ඩායමක්..මේ බල්ලා ඔහියෙන්ලු සෙට් වුනේ..අඩුවසයෙන් ඌ ඔතනට එනකල් කිලෝමීටර 12ක් වත් දැන් පයින්ම ඇවිත්..බල්ලන්ටත් ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියනවා නේ.. 

 ඔය ඇති..ඉතිරි කොටස ලබන සතියේ.. 


Wednesday, July 27, 2016

ඈට සතුටුයිද කාලගෝල

වෙන්වීල ගිය දා පටන් දික්තලා..
ආයෙ නොඑනා ලෙසින්..
කදුලු අඩුනැතුව ඇඩෙනවා ඇහැට
ඌට සතුටුයිලු දැන්.. 
ල ල ලා.. ඌට සතුටුයි ලු.. දැන්.. 

මහරජතුමනි අද දික්තලා කාලගෝල අවුරුදු විස්සකට පස්සේ ආයෙත් නඩුවක් අරං ඇවිත් තියෙනවා. ගොඩක් ෆිල්ම් වලට ටෙලි වලට ගත්ත කතා වස්තුවක් නිසාත් ඔබතුමාත් එයට ආස වේ යැයි සිතූ නිසාත් අපි එය ඔබතුමාට යොමු කරන්නට සිතුවා.. 

රජ : ඔවු වොවු.. මං ආස ටෙලි සීරියස් එකක් තමයි ඉස්සර දික්තල කාලගෝල.. හැබැයි එන්ඩ් එක පුල් සෑඩ්.. ඉස්සර මං බොගක් චාජ් උනත් ඉවසං තටමං ඉන්නවා එපිසෝඩ් එක ඉවර වෙනකල් ඕව් වොව් වොවු.. හේ  හේ හේ .. 

කාලගෝල කියනව බලන්න එහෙනං කේස් එක තමුන්ම.. දැන් නං තමුසෙත් ඇත්තටම කාලගෝල වෙලා.. මොකෝ මේ? 

කාලගෝල : පස්වාන් දහසක් අන්තංප්පුර ලැබේවා දේවයන් වහන්ස. මේ ගෑනි මගේ කෙස් පොත උස්සල ඒ මදිවට ඒක පුච්චල දේවයන් වහන්ස.. ඇත්තමයි දේවයන් වහන්ස.. 

කෙස් පොත? ඒ මොකද්ද බං ඒ.. 

පුරෝහිත ජූනියර් ? මොකද්ද මේ කෙස් පොත් සීන් එක..බැංකු පොතක් වගේ එකක්ද? 

පුරෝහිත ජූනියර් : දේවයන් වහන්ස දික්තලා නැතිවුනායිං පස්සේ හාට ්ඇටැක් එකක් ආවට කාලගොල මැරුන් නෑ..ඉතිං කාලගෝලට ‍  සෙවන් ඉයර්ස් එක්ස්පීරියනස් තිබුන නිසා හොද තැනක රස්සාවක් ලැබුනා.. ලොකු සිටු පවුලක මයිනර් ස්ටාෆ් එකේ හෙඩ්.. ඉතිං කාලගෝල කාලයක් කරපු රස්සාව නිසා හොදට කහවනු එහෙමත් අතේ මිටේ ගැවසුනා.. 

ඔය අතරේ දේවයන් වහන්ස කාලගෝල නගර සෝබිනියන්ගේ ඇසුරට වැටෙනවා.. ඒක වැරැද්දක් නෙමෙයි නේ දේවයන් වහන්ස.. ඉතිං මේ කාලගෝලගේ පුරුද්දක් තිබුනා ඔහු ගිය සෑම නගර සෝබිනියකගේම කෙස් ගසක් ගලවාගෙන ඒ වෙලාව දිනය විස්තර ලබාගත් සැප ආදිය ගැන දිනපොතක් ‍පවත්වාගෙන යන්න.. 

ඒ පොත තමයි දේවයන් වහන්ස මේ දික්තලා උස්සලා තියෙන්නේ.. 

මහරජ : ඕ හෝ ...ජෙලස් කේස් එකක් නේ.. දික්තලා මොකද මේ .. තොටියගේ හබල දිග වැඩියි වගේ හිතුනද අවුරුදු විස්සක් ගත වුනාට පස්සේ ආයෙත් කාල ගෝල හොයාන ආවේ.. ? 

දික්තලා : ස්වාමීනි මං එදා දෙමාපියන්ගේ කීමට ආවා ඉන් පසු මගේ සිතේ තිබූ පෙම්වතා ඔරුවේදීම මුනගැහුනු නිසා ඔහු හා එක් වුනා.. ඒත්.. ඒත්..මේ මීඩියා වලින් සිද්දිය වෙනස් කරලා.. ඉහි ඉහි... 

මහරජතුමනි..ඉස්සර මේ කාලගෝලයා කිව්වේ ඌ කපල ගගේ මූදේ දාලා කෑලි කෑලි වෙන වෙනම ගහගෙන ගියත් මගේ ලගටම එනවා මිස වෙන කොහේවත් යන්නෙ නෑ කියලා.. එහෙම කියපු කොටා.. මේ කොටා.. සමහර මාසවල දවස් 5-6 වේස ගෑනු එක්ක බුදියං තියෙනවා.. 

අර පුරෝහිත ජූනියර් උන්නාන්සේ මොනව කිව්වත් මේකා ලේසි නෑ.. නගර සෝබිනියො විතරක් නෙමෙයි.. තමුන්ගේ ස්ටාෆ් එකේ අයටත් ඉන්න දීල නෑ.. කොටා වගේ හිටියට ස්වාමීනි මූ.. නං.. ඇත්තමයි ස්වාමීනි මේ අහිංසක පෙනුම නෑ මේ යෝදයගේ ජීවිතේ.. 

එදා මාව දැලේ දාගන්න අපේ දෙමාපියෝ දෙන්නට කොහොම හරි කටුව ගැහුව..ඒ ගිහින් මං නැතිවුනාම බොරු හාට් ඇටැක් එකක් ඇවිත් කියල සෝ එකක් දාල ඉස්පිරිතාලෙ ගියා.. දැන්.. මං ගිහින් මාසයක් නෑ මේකා පලවෙනි කෙස් ගහ පොතේ අලවල තියෙන්නේ.. 

මේ වගේ මිනිහෙක්ගේ එ් වගේ වල් වනචර තුප්පහි කතාවක් මේ සමාජේ කාටවත් බලන්න තියන්න හොද නැ.. මං ඒක විනාස කලා ස්වාමීනි.. 

මහරජ : තී.. කොහොමද එවැනි පොතක් කෙලින්ම අවසර නොගෙන, නීතියේ ප්‍රතිපාදන වලින් තොරව විනාස කරන්නේ.. ඇරත් එහි කාලගෝල ලබාගත් අසුවල් සැප ගැනත් විස්තර තිබුනාලු.. එහෙව් පොතක්..බුද්ධිමය දේපලක්.. තී නම් උල තැබීමට සුදුසු බුද්ධිමය දේපල වංචාවක් කරල තියෙන්නේ.. 

කාලගෝල මොකෝ කියන්නේ තමු‍ේස් නලියනෝ වගේ පේනෝ.. ටිකක්.. 

කාලගෝල.: රජතුමනි ගෑනු පසුපස ගියා සත්තයි..උන්ගෙන් සැප ගත්තාද සත්තයි.. ඒත් මාගේ ජීවිතයේ විනෝදය එපමනයි ස්වාමීනි.. ඒ කිසිදු ගැහැනියක මාගේ වස්තුවට ආශා කලා විනා මාගේ කැත කොට ගොරහැඩි සේයාවට ඇලුම් කලේ නෑ.. ස්වාමීනි මේ දික්තලාට වසර විස්සකට පෙර මා පෙම්කලා..ඇය සමග එක් නිවසක බොහෝ විනෝදයෙන් දරු මල්ලන් සමග ජිවිතය ගෙනියන හැටි මා හීන දැක්කා. නමුත් ඒ සියල්ල එදා ‍ ඔරුවෙදි සුනු විසුනු වෙලා ගංගා දියට ගහගෙන ගියා.. 

මට ඉන් පසු තිබූ හොදම විනෝදාංශය මුදලට ගැහැනු සැප සෙවීම..මා දන්නවා මට සිරුරු බොහෝ ගානක් හමු වුවත් ගැහැනියගේ ආදරය හමු වූයේ නෑ..ඇතැම් විට හමුවන්නට ගියත් මා එයට පිටුපෑවා..කිසිම හේතුවක් නිසා මා දෙවරකට වඩා එක් යුවතියක් සමග එකතුවන්නේ නෑ.. එය බැඳීම් ඇති කරන සුලු එකක්.. එවැනි අතීතය කෙස් විදියට පොතක අලවලා පිං පොතක් බලන උපාසකයෙක් වගේ අහිංසක විනෝදයක් මං ලැබුවා..ස්වාමීනි ..  දික්තලා ඇවිත් ඒකත් විනාස කලා.. කමක් නෑ සාමීනි..ඇයට සතුටු නම්..ඒ ඇති.. ඇයට දඩුවම ්කරන්න ඕනි නැතිවැති ස්වාමීනි.. ඇරත් මා ලියපු කුනුහරුප කතාන්දර ආදිය ලොකුවට බුද්ධිමය දේපලක් වෙන එකකුත් නෑ කියලයි මට හිතෙන්නේ.. 

( දික්තලා ඉකිබිඳුනු ඇසේ ..) 
මහරජ : දික්තලා තමුන්ට දෙයක් තියේද කියන්න.. 

දික්තලා : ඔවු ස්වාමීනි.. එය මා පිච්චුවේ නෑ.. මා එය සොරාගත්තා පමණයි.. තවමත් මේ ‍කාලගෝලයා යතුර සගවන්නේ නිවසේ එලියේ ඇති සපත්තුව යට.. ඉතිං මං ගෙදර ඇතුලටම ගියා.. ගියාම දැක්කා නිතර පාවිච්චි කරන ලෙජර් පොතක් වගේ එකක්.. බෙහොම හැඩට තියෙනවා..බැලින්නං ඒ මේ කියන කෙස් පොත.. මං ඒක කාලගෝලට දෙන්නම් ස්වාමීනි..ඒත් ස්වාමීනි..මං කැමතියි කා‍ලගෝල යහමගට ඇවිත් මේ දුරාචාර වලින් වැලකෙනවා නම්.. 

මහරජ : ඔවැනි පොතක් නැවත කාලගෝල අතට පත්වීමට ප්‍රථම මාගේ අධීක්ෂණයට ලක් විය යුතුයි.. ඒ බැවින් මුලින්ම පොත මට ගෙනැවිත් දෙනු.. දික්තලා තවත් නුඹ කාලගෝලගේ ගෙවල් නිරීක්ෂණයට එහි නොගියාට කමක් නෑ..කාලගෝලත් දික්තලාට දැන් 40ක් විතර වුනත් තවමත් එංජිම වැඩ කල හැකි බවක් සිහි තබාගත යුතුයි.. සිහිතබාගෙන බෑ හැකිනම් සර්විස් කල හැකි බවක්ද මා කියතෙක් සිටිය යුතු දෙයක් නෙමෙයි නේ.. 

කාලගෝල එතරම් පසුපස එද්දීත් පිටුපාට දිගු හබලට පෙම්බැදි දික්තලා..දැන් තීට කාලගෝලගේ ජීවිතය විනිශ්චය කිරීමට අයිතියක් නෑ.. නමුත් අප ජීවත් වන්නේ සුවල්ප කාලයයි..කාලගෝල ඔබ දික්පිටියා..මම වුනත් අවුරුදු දාස් ගනන් මේ ලෝකයේ ඉන්නේ නෑ..ඉතිං හැමෝටම සතුටින් සිටීමට එක් එක් විනෝද වැඩ තියෙනවා..ඒවා ඒ අය ඒ විදියට කරගත්තාවේ.. අනුන්ගේ සැප අපිට සැප නොවුනාට එය අපිට ඉරිසියාවක් වුනාට .. ඒවා නවත්වන්න අපිට අයිතියක් නෑ,. 

එහෙනං..ආයි ටෙලි සීරියස් එකේ දෙවනි එපිසොඩ් එකකුත් ගහත හැකි වෙයි නේ..කාලගෝල දික්තලා ... හෙහ් හෙහ් හේ.. 

Thursday, July 21, 2016

කැමැත්තෙන් දෙනෝ නම් ගන්න කවුද අකමැති

මං පහුගිය දවසක ලැයිසොන් කෑල්ලක් ගන්න ඕනි කියල ගියා වේරහැරට. වේරහැට ඇවිල්ල එක්තරා උපසංස්කෘතියක් තියෙන තැනක් වගේ. මුලින්ම හම්බුන ගෑනු කෙනා මගේ ගම සහ රක්ෂාව දැනගෙන මගෙන් ඇහුවා ආ...මහින්ද කාලේ ද ආවේ රස්සාවට කියලා.. ඔය වගේ ගොං ගෑනියෙක් වාචාල කමට මක්ක හරි කිව්ව කියලා මට නැතිවෙන ලබ්බක් නෑනෙව..මම කට කොනකින් හිනාවෙල..නෑ මං ඊට කලිං ආවෙ කියලා කිව්වා. 

ඉන් පස්සේ අංකයක් අරගෙන වාඩිවෙල ඉන්නයි තියෙන්නේ. මම වාඩිවෙල ඉන්න අතරේ දැක්කා ඇතැම් අය ‍වෙනත් දොරකින් ඇතුලට යනවා. ඒ වගේම සමහර අයට ලගට කතා කරලා ඉක්මනින් එයාලට ඉඩ ලැබෙන ගතියකුත් දැක්කා. ලර්නර්ස් කම්පැනි වලින් ආපු අයට ප්‍රමුඛතාවක් ලැබෙන ආකාරයකුත් පෙනුනා. 

මට පෙනුන දේ සහ දැනුන දේ අනුව එතන ඕපන් වංචා වෙන තැනක්. මට හරියටම මෙන්න මෙහෙම මෙහෙම තමයි වෙන්නේ කියල කියන්න බැරි වුනාට වංචාවලට බොහොම ලේසියෙන් ඉඩ ලැබෙන තැනක්. මං දැනුවත්ව බුවෙක් ගියා ලයිසන් එක අලුත් කරගන්න.  මිනිහට සීනි දියවැඩියාව පෙසර් හාට් ඇටෑක් වගේ පොශ් ලෙඩ ගොඩක් තියෙන මැද වයසේ කෙනෙක්. ඉතිං එයා විය යුතු විදියටම මෙඩිකල් එක ෆේල්..ඒ කියන්නේ මිනිහ වෛද්‍ය පරීක්ෂණය අසමත්.. ඒත් එයා ලයිසන් එක ගත්තා..වැඩියෙන් වියදම් වුනේ රුපියල් දෙදාහක් විතරයි. වෛද්‍ය සහතිකය අස්සන් කරන්නේ අනිවාර්යෙන් " අපි ඇවිල්ල රහතුන් වගේ වැදගත් පොරවල් " කියල තමුන්ම හදුන්වා ගන්න ලියාපදිංචි වෛද්‍ය වරයෙක්..ඒ වගේ උන්නාන්සේ කෙනෙක් රුපියල් දෙදාහකට නැවෙන එක..? 

ඒ වගේම මේ "මටත් ලැයිසමක් ගන්න ඕනි බං " කියල මං මගේ යාලුවෙක්ට කීවම පොර කීවෙ.. මචං ඕ තරං හිතන්න ඕනි නෑ..උඹ ගිහින් කාක්කෙක් හොයාගනින්..පොඩි ගානයි වැඩියෙන් යන්නේ ඒත් වැඩේ ගොඩ..
 ඕනිම ජාතියක මිනිහෙක්ට..ඩ්‍රැයිවින් පුලුවන් හෝ නැතා වියදම් කරලා ලයිසන් එක ගන්න හැකියාවක් තියෙනවා ..ඒවට වෙනමම ක්‍රම සහ විදි ඒ අවටම නිර්මාණය වෙලා ඒ ඒ දේවල් වලට නියමිත ගාස්තු පවා තියෙනවා.. 

ලයිසන් ගන්න ඕනි සෑම සියලු දෙයක්ම..කොටින්ම රිය පැදවීමේ හැකියාව සහ සෞඛ්‍යය තත්වය වගේ හැම එකක්ම සල්ලි වලින් කරගත හැකිනම් හත්දෙයියනේ ඔහොම ලබ්බක් ඔතන තියාගෙන ඉන්නේ ඇයි? ඒක නිකං අපි වාහන එලවන්න කාඩ් එකක් ලබාගන්න තියෙන කප්පම් පොට් එකක් වගේ.. 

මේක ඊයෙ පෙරයිද ලංකාදීප පත්තරෙ කතෘ මහතෙකුත් හොයාගන තිබුන දෙයක්.. ඒ කතුතුමාත් ගිහින් එක්තරා කොටසක් හොයාගෙන තිබුනා..ඒත් එ් කොටසක් විතරයි..තව ඕනි තරං වංචා සහ හොරපාරෙන් වැඩේ පාස්කරගන්න ක්‍රම ඒක ඇතුලෙ තියෙනවා.. 

ලංකාදීප බුවා කොමසාරිස්ගෙන් ඇහුවාම කිව්ව කතාව වැදගත්. කොමසාරිස් තුමා කියල තියෙනවා ඒ ගැන පරීක්ෂනයක් තියනවා කියලා..ඒ වගේම රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට බොහෝ පහසුකම් සරලව හදුන්වාදීල තියෙද්දිත් මිනිස්සු සල්ලි දෙන්නම හදනවා නම්...? ඒක ගැනත් අපි හිතන්න ඕනි කියලා එතුමා කියල තිබුනා.. ඇත්තටම මට තේරුන විදියට එතනට ගිහින් වැඩියෙන් වියදම් නොකර හීන්තාලෙන් වැඩේ කරගන්න ඕනි නං පැය දෙක තුනක් වාඩිවෙල ඉන්න වෙයි.. රුපියල් එක්දාස් දෙදාස් ගනන් වැඩියෙන් දීල කරගන්න කියල මහ දෙයක් නෑ. සුදුසුකම් තියේනං හරිම සරලව වැඩේ කරගත හැකි..එත් සුදුසුකම් තිබුනත් සමහරු ‍එන්නෙම දෙන්නම බලාගෙන..දීලම ගන්න බලාගෙන. 

ඔය වගේ ආන්ඩුවෙ තැනකට ගිහින් හොරපාරෙන් කීයක් හරි අතමිට මොලවල ඉක්මන්ට වැඩක් කරගනැීම අපේ සමාජයේ බොහෝවිට සලකන්නේ වීර කමක් විදියට.. මං නං මොකුත් කලේ නෑ බං.. යටින් දුන්න වැඩේ උඩින්ම කෙරුනා.. එහෙම කියන්න මිනිස්සු මාර ආසයි..බොහෝ දෙනා ආසයි.. 
සමහර ගෑනු මිනිස්සු ඉන්නවා වෙලෙන්දා කියන ගානට වඩා සතයක් හරි හෙට්ටු කරලා බඩු ගන්න ආසයි.. එයාලට බඩුව ඒ මිලට කොච්චර ලාබ වුනත් රුපියල් හරි අඩුකරල ගත්තේ නැත්තං කිසි ගෝ එකක් නෑ.. වගේ ගතියක් එනවා ඇති. 

 රටේ සමාජයේ යම් කිසි ක්‍රමවේදයක් නොහොත් ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඇතැම් තැන්වල රාජකාරි ආදිය කරගන්න ගියාම..නමුත් මේ ප්‍රොසීඩියර් එකට නොගිහින් නෑකම, මිතුරු කමකට හෝ බලයකට හරි නැත්තං සල්ලි, අල්ලස් දොල පිදේනි දීල හරි වැඩේ හොරපාරෙන් කරගන්න මහත් වූ ආශාවක් අපේ සමාජයේ බහුතර පිරිසකට තියෙනවා.. 

යම් කිසි ‍අල්ලස් ක්‍රමවේද නිර්මානය වෙන්නේ ගන්න කැමති අයට වඩා දෙන්න කැමති අය වැඩිවෙන කොට.. දෙන්නම බලාගෙන එන කොට.. නොගෙන ඉන්න එකත් එතන ඉන්න නිලදාරි මහත්මයාට අපහසු දෙයක්.. කකුලුවො සෙට් එකක්ම ඇදේට යද්දි..එකෙක් කෙලින් යන්න හිතුවොත් ෆිල්ම් වලනං කෙලින් යන එකා කොහොම හරි ‍දිනිනවා..ඒත් ඇත්ත ජිවිතේදි කෙලින් යන එකාට කෙලින්ම ගෙදර යන්න හෝ කොන්වෙලා ඉන්න ලැබෙනවා කෙලින් යන්න ගියොත්.. 

යම්කිසි තැනක ක්‍රමවේද හදන්නේ මොකො..ඒවා හදන්නේ බහුතර මිනිස්සුන්ට වාසි වෙන්න..දැන් ඔන්න පහුගිය කාලේ මරදාන පැත්තේ බිල්ඩිමක ගින්නක් ඇතිවෙලා තුන් දෙනෙක් මලා.. මලේ නිසි ආකාර සැලසුමකින් තොරව නිවාස සහ ගොඩනැගිලි හදපු නිසා.. දැන් අපි හිතමු ඊලගට නගර සභාව හෝ මොනයම්ම හෝ ආයතනයක් දැඩි නීති ගේනවා ඔය ගොඩනැගිලි හදන්න කලියෙන් ඒවා නියාමනේ කොරන්න.. අපේ මිනිස්සු එතනදි කරන්නේ අර ආයතනය කියන විදියට බිල්ඩිම හදන එක නෙමෙයි..පොලිටික්කෙක්, නිළධාරියකේ හෝ ලොක්කෙක් අල්ලගෙන ඒ යකාගේ ඇට අතගාල කොහොම හරි අපේ බිල්ඩිම පාස් කරගන්න.. හදන එක.. 

එහෙම නැතුව අර ආයතනය කියන වෙනස් කම් කරගෙන ඒ අනුමත විදියට කරනවාට වඩා හිතන්නේම හොර පාරෙන් වැඩේ පාස් කරගන්න.. ඉතිං එහෙම පුරුදු වුනාම හැමෝම තමුන්ට ආස ආස විදියට ගිනිපෙට්ටි මිනිපෙට්ටි කරවල කඩ වගේ බිල්ඩින් අටෝගන්නවා..මේක ලියන වෙලාවෙත් පිටකොටුවේ ගින්නක්.. කොයි තරං විනාසයක් වෙලාද කියල දන්නේ නෑ,.ඒත් ඔය වගේ ගිනි එකක් නෙමෙයි සීයක් ඇතිවුනත්..රූල් එකකට ක්‍රමයකට පක්ෂ වෙන්න අකමැති මෝඩ මිනිස්සුන්ට ඒව ගානක් වත් නෑ.. 

ක්‍රමය මොකද්ද කියල දැනගන්නත් කලිං ඒක මග ඇරලා වැඩේ කරගන්න තමයි උත්සාහෙ.. ඉතිං අපි මේ විදියට යාවි ආශ්චර්යෙට..යාවි කකුල් දෙකෙන් නම් නෙමෙයි පුකෙන්.. 

Wednesday, July 20, 2016

පංසල් එපා කිව්වට දන්සල් ඕනි

අපි ටිකක් ආගමට විරුද්ධ මත දරන කොට අපිට සැට්වෙන යාලුවොත් එ් වගේ අය වෙනවා..විසේසයෙන් ටුයිටර පේස්බුක් වගේ කෘතිම අවකාශ වල සුදුසු යාලුවන් අපිට තෝරා දෙන නිසා ඒක දැන් වඩාත් ලේසියි. අපි මොකක් හරි ආගම් සීන්ස් එකකට බැනලා පෝස්ට් එකක් දානකොට ඒකට විරුද්ධව කමෙන්ට් කරන්න එන කස්ටියට වඩා ඒකටම පක්ෂ වෙන පිරිස වැඩියි..මොකෝ අපේ ආගම අදහන යාලුවෝ අපිව ඈත් කරලා නේ.. එක්කෝ රිමු කරලා නැත්තං අන්පෙන් කරලා. 

මම නිරාගමිකයෙක් නෙමෙයි..මොකද නිරාගමිකයෙක් වුනාම ආගම් වලින් තියෙන සහන ගන්න අමාරුයි නේ. උදාහරණ විදිහට අපි නිරාගමික කියලා මහා ලොකුවට සද්දේ දැම්මොත් එහෙම හදිස්සියට දන්සැලකට ගොඩ වෙලා ආතල් එකක් ගන්න..පංසලේ යාලුවො සෙට්වෙලා පංසල් එන පිංබර කෑලිවලට සෙවල පෙරන්න.. පල්ලියකට ‍වෙන වැඩකට යන්න වගේ ගොඩක් වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා නිරාගමික කියන බෝඩ් එක එල්ලා ගන්න එක පාඩුයි. ඒක එලොව වසයෙන් මෙන්ම මෙලොව වසේනුත් පාඩුයි. 

ආගම් කියන දේ සමාජයේ තියෙන කොට එක එක වැඩ වලට ආගම යොදාගන්නවා. දැන් ඔන්‍න ගෙයක් හදන්න ගියත්, ලමයෙක් හම්බෙන්න ගියත්, කසාද බදින්න ගියත්, මලගෙයක් උනත් අපිට ආගම ටිකක් ඕනි. අපෝ අපිනං විස්වාස කරන්නෙ නෑ කියල උඩ පනින්න යන එකත් මහ වාතයක්..මොකෝ අපි ආගම අදහන්නේ නැතිවුනාට අපේ හිතවතුන් වටේ පිට අය සහඅපේ හැමදේටම අපිට එපාම උනත් ලගින් ඉන්න නෑයො සෙට් එකට ආගම ඕනි..ඒ නිසා ආගම නැහැ කියලා අනික් පැත්තට පීනනවාට වඩා යන අතකට යන්න දීල ඔහේ බලාගෙන ඉන්න එක ලේසියි. 

සමහර අය හැමදේම දැඩිව අල්ලගන්නවා..මම නිරාගමික කියලා ලොකුවට පතුරුවලා ඇඩ්වර්ටයිසින් දානවා..ඒත් ඉතිං ඒම කලාම කරදර වැඩියි.. ඔන්න මොකක් හරි අලකලංචියක් වෙලා කකු‍ල කඩියෙක් කෑව වෙලාවක. " දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ " කියල කියවුනත් ඉන් පස්සේ යාලුවො විහුලු කරනවා අන්න අර නිරාගමික ඩෑල් එක ට දෙයියෝ මතක් වෙලා කියලා.. 

අපි කැමති උනත් අකමැති වුනත් සමහර දේවල්‍ ලෝකේ සිද්ද වෙනවා..අපිට ඒවා වෙනස ්කරන්න ගියොත් වෙන්නේ හැමදා රන්ඩු වෙවී ඉන්න..එක අතකින් අපි අදහන් නැති හෝ විස්වාස කරන්නෙ නැති දෙයියන් බුදුන් හෝ ධර්මයක් ගැන අපි මොකටද රන්ඩු වෙන්නේ? ඒ කස්ටියට සල්ලිය බාගෙ තියෙන නිසා හැකියාව තියෙන නිසා සහ උවමනාවතියෙන නිසා එයාල ඒදේ කරනවා ඇති.. අපි ඒ අයට බාදා කරන එක වැරදියි. 

ආගමේ නාමෙන් ගොඩක් ව්‍යාපාරික වැඩ කටයුතු සිද්ද වෙනවා..එක්තරා අතකින් බැලුවාම ආගම කියන්නේම එක්තරා මනෝමූලික බිස්නස් එකක්..හාමුදරුවන්ට දානෙ ගෙනිහින් දුන්නම සංසාරේ දුකයි කියනවාට වඩා ඒ සිවුරුකාරයා දෙසන්නේ දානෙන් ලැබෙන පල පොරෝජන ආදිය ගැන.. ඉතිං සිවුරුකාරයා නියම බණ කියලා අර දානෙ දෙන සෙට් එකම මහණ උනොත්..එහෙම උනොත් ඔක්කෝම මහණ වෙනවා..සලකන්න උපාසකයෝ නෑ.. 

බිස්නස් ලෝකෙදි සමහර බඩු හෝ සේවාවන් කිසිම තේරුමක් නැතිබව අැස් පනාපිට පෙනි පෙනීත් අපි මිලදී ගන්නවා.. උදාහරණ විදියට කැලරි දහනය කරන්න එක්සයිස් කරන්න දුවන්න ඕනි..හොදට ඉඩකඩ තියෙන, දුව්නනත් ව්‍යායාම කරන්න වෙලාවත් ඉතිරි වෙලා තියෙන ගෙවල් වල ඉන්න ගෑනු ලොකු එක්සයිස් මැසින් මිලදී ගන්නවා ටිවි එකේ ඇඩ් එක දැකලා...ඇත්තටම ඒ සමහර අය එයාල හිතන තරං මහතත් නෑ..ඒත් ටීවි කමර්ශල් වලින් එයාලට අනියත බියක් ලෝඩ් කරනවා ඉන් පස්සේ එයාලගේ බඩුව විකුනගන්න ලේසියි.. 

ආගම් කියල මහ වෙනසක් නෑ.. අපි මලාම කොම්පියුටරේ කැඩුන වගේ හාඩ්වෙයා සොෆ්ටයා ඔක්කොම එකපාර නැතිවෙලා ගිහින් මොකුත්ම ජීවයක් නැති තත්වෙට එනවා කියල ආගම් වල කියන්නේ නෑ..බොහෝ අපේ රටේ ආගම ්වල මරනින් මතු ජීවිතේ ගැන බයිලා තියෙනවා..මම හිතන්නේ ඒ බයිලා යොදාගන්නේ අපි බය කරන්න.බය කරලා ඉන් පස්සේ වෙන දේවල් දෙසනවා..ඔය ලේයර් ගාන අවසානයේ වෙන්නේඅපි අර දෙසන අයට විසේසයෙන් සලකන්නත් කොහේ හෝ පොතක පතක හෝ ධර්ම ස්ටෝර් එකක විදියට අමාරුවෙන් ජීවත් වෙන්න හුරුවන එකත් විතරයි.. 

පොත් බලන එක දැනුමට හොදයි.. ආදර්ශ ගන්න එකත් හොදයි..ඒත් ඒවයෙ විදියට අමාරුවෙන් ජීවත් වෙන් හදන එක කේස් වැඩක්.. ඒත් අතිසය බහුතරේ යම් දේකින් සතුටු වෙනවා නම් ඒ දේ විස්වාස කරනවා නම් සලුතරය විදියට අපිට එ්කට විරුද්ද වෙලා ඒවා නැතිකරන්න බෑ.. කරන්න පුලුවන් අපිට සහබාගී නොවී ඉන්න පුලුවන් තැන්වලදි ඒවයින් ඈත්වෙලා ඉන්න එක විතරයි.. 

Thursday, July 14, 2016

ලොක්කගෙ කලු තට්ටම

බැංකුවක වැඩ කල සේවකයින් දෙදෙනකු රාජකාරී අවස්ථාවේ ලිංගිකව හැසිරීම විදහා දැක්වෙන වීඩියෝවක් පසුගිය දවස්වල ලාංකික සයිබර් අවකාශය තුල කතා බහ ඇති කලා.. පෝන් ක්ලිප් නොහොත් අශ්ශීල වීඩියෝවක් අතින් ගතහොත් එය එතරම්ම හොද එකක් නෙමෙයි..පුරුෂයාගේ පුකත් ස්ත්‍රියගේ පහත් වූ කලිසමත් පුරුෂ ලිංගයත් චලනයත් පමණයි තිබුනේ.

නමුත් ආසියාතික හොරෙන් බැලීමේ උවමනාව ඇති අය සඳහා නම් එය මනාව ගැලපෙන එකක්..අවටින් කන්තෝරුවේ අනික් අයගේ සද්ද බද්ද ඇසෙද්දී...නියම කන්තෝරුවක ඇති සියලු බඩු බාහිරාදිය පෙනෙන්ට තිබියදී..ඇඳුම් බාගෙට ගලවාගෙන සැකෙන් බියවෙමින්.. නමුත් උපරිම සතුට ලැබෙන ආකාරයට ගැස්සීමද අවම කරගනිමින්..කොටින්ම කාමරයේ ඇතුල දෙස පිට සිදුරකින් බලන අයෙකුට දැනෙන සම්පූර්ණ හැඟීමම ජනනය කරන හොද වීඩියෝ කොලිටියක් ඇති ක්ලිප් එකක්.. ඒකෙන් හොරෙන් බැලීමේ උවමනාව ඇති අයට එය හොදම අවස්ථාවක් උදා වුනා..

මෙය අපි තිගැස්සීමකට ලක් කරපු අවස්ථාවක්..අපි කීවේ හැමෝම..

සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලික වීඩියෝවක් අන්තර්ජාලයට අවසරයකින් තොරව නිකුත් කිරීම වැරදියි. දෙදෙනාම කැමති වුවත් බැංකුවේද අනුමැතියක් අවශ්‍ය වෙනවා මේ වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදා හැරීමේදී..ඒ වගේ ඇත්තටම මේ ක්ලිප් එක ‍අන්තර්ජාලයට මුදා හැරපු අය පොලිසියෙන් හොයලා අත් අඩංගුවට ගෙන දඩුවම් කල යුතුයි. අසභ්‍ය වේවා අසභ්‍ය නොවේවා අවසර නොමැතිව පුද්ගලික ගොනු පොදු ස්ථාන වල පලකරන්න වල් බූරු නිදහසක් කාටවත් තියෙන්නට බැහැ.. ඇතැම්විට අපේ රූපවාහිනී නාලිකා විසින් අනුන්ගේ වැරදි හොයන්නට මෙවැනි ගොබ්බ වැඩ නිතර දෙවේලේ කලත් ඒක වැරදියි..පොලිස්සිය වැරදි කරනවා..අල්ලන්නට කැමර් පෝන් මානගෙන ජරාව දීල ඉන් පස්සේ ෆේස්බුක් දාන එකත් වැරදියි..

කොටින්ම කෙනෙක්ව පටිගත කරන්න හෝ ඡායාරූප ගත කරන්න අවසර ගැනිය යුතු දෙයක්.. එය කෙසේවත් සාමාන්‍යකරණය නොවිය යුතු දෙයක්..

ස්ත්‍රීවාදීන් පිරිසක් පෙනීසිටින්නේම මෙම සිද්ධියේදී ස්ත්‍රිය පත්වුන අපහසුතාවය ගැන. එවැනි ඔවුන් සිතන්නේ පුරුෂයාට වඩා කාන්තාව බොහෝ බොහෝ අපහසුතාවයට පත් වෙන නිසා ඇයට විශේෂයෙන් සැලකිය යුතුය කියලා වෙන්න ඕනි. විසේසයෙන් සැලකීමටත් විසේස සැලකීම් ලබාගැනීමටත් අපේ රටේ බොහෝම දෙනා ආසයි.. නමුත් එය කැමැත්තක් මිස රටේ මතය හෝ නීතිය වෙන්න හොද නෑ.. දෙදෙනෙක් එක් වෙලා කරන රාජකාරියක් තමයි ලිංගික රාජකාරිය. එතනදී ස්ත්‍රිය යට හිටිය පලියට ඇය අහිංසකයි කියල ඇයව බේරගන්න හදන එක වැරදියි. අපි සත්‍ය දන්නේ නෑ.. දෙදෙනාම බැලූ බැල්මටම වැරදියි.. පිරිමියාගෙන් කිසිදු අයුතු බලපෑමක් පෙනෙන්ට නෑ..පේන විදියට ඇය හොදින්ම දන්නවා ඇය රූපගත වෙන බව.

දියුනු රටවල බල්ලන්ට පවා පාසැල් තිබෙනවා.ඔවුන් පාසැලට ගොස් නිවැරදි බලු ජීවිතයක් ගත කරන්නේ කෝමද කියලා පාසැලෙන් ඉගෙන ගෙන ශික්ෂාකාමී වෙනවා..එයින් මනත බල්ලා වැරදි කරනවා නම් ඒවා වලක්වන්නත් එයාල ලග ක්‍රම ඇති. ලංකාවේ බල්ලො ඉස්කෝලෙ යන්නේ නෑ.. එයාල හිතුන වෙලාවක බුරල හිතුන තැනක ජරා කරලා..හිතුනු තැනක තියෙන ඕනිම දේකට හොම්බ දානවා..

මිනිස්සුත් ඉස්කෝලෙ යවලා නීති රීති කියල දුන්නත් පිස්සු කෙලිනවා..එතකොට දඩුවම් කරන්නට ඕනි.. ඇත්තටම අනුන්ගේ ෆෝන් වල තියෙන ‍ඒවා  ලබාගන්න ඒවා තව කාටහරි දෙන්න අයිතියක් ෆෝන් රෙපයාර් කරන කොල්ලට නෑ.. එහෙම කලොත් අල්ලගන්න ක්‍රමයක් තියෙන්නට ඕනි.. අල්ලගෙන මතක හිටින්න දඩුවම් කරන්න ක්‍රමයකුත් තියෙන්නට ඕනි..

මේවා අකමැත්තෙන් රූගත කරන ඒවද? ඒ කට්ටිය අකමැත්තෙන් අන්තර්ජාලෙට දාන ඒවද? කවුද දන්නේ.. මෑත කාලිනව ඇතැම් අවස්ථාවල තුන්වෙනි පාර්ශවයක දැකගැනීමේ සතුට වෙනුවෙන් ලිංගිකව හැසිරුන ජෝඩු ගැන පවා වාර්ථා වුනා. එවන් අවස්ථාවකදී මුලින් එයාල කැමති වෙලා.. පස්සෙ බබාල විදියට කතා කරන වෙලාවලුත් තියෙනවා..

උඩ සිට පහලට අපිට තාම මැජික්.. සෙක්ස් කියන්නෙ මටත් මැජික්.. ගොඩක් අයට මැජික්.. ඒ නිසා තමයි කාර්යාලයේ සෙක්ස් කරපු එක මෙච්චර හිට් වෙන්නේ..ඒ නිසා තමයි මේ තරං අපි මේක කතා කරන්නේ..