Sunday, January 28, 2018

අපිනම් ඕ චන්ද කාරයින්ට ගේට්ටුවවත් අරින් නෑනේ

මෙවර පලාත් පාලන මැතිවරණය බොහෝ නීති රීති රැකවලින් පොහොසත් එකකි. එමෙන්ම තමුන්ගේ ග්‍රාමසේවා වසමේ නියෝජිතයා අපිටම තෝරාගත හැකි එකකි. 


මාද අද මිතුරකු සමග ඡන්ද කැන්වසින් වලට සහභාගීවූ අතර එසේ ගිය ගමනේදී ඇතැම් නිවෙස්හි ඇතුලේ මිනිසුන් සිටිනවා යැයි හොදින්ම පෙනුනත් ඔවුන් අඩුතරමේ අපි දෙන ෆයිල් එක රැගෙන යෑමටවත් නිවසින් එලියට බහින්නේ නැත.

පෙලක් වෙලාවට හෙට දිනයේ ඔවුන් ඔෆිස් ගිය පසු හෝ ෆේස්බුක් එකේදී හෝ මිතුරන් හමු වූ විටක..
" මචංඡන්ද කාරයෝ පෝලිමේ ආවා එදා ඉරිදා..මම එකෙක්ටවත් ගේට්ටුව ඇරියේ නෑ බං..බල්ල ඉස්සරහ බැදලා උන්නේ ඌ හොදට බිරුවා.. " 

යැයි කියනවා ඇත. සැබැවින්ම ඔබ නිවසට පැමිණෙන අනාගත අපේක්ෂකයකු එසේ නොසලකා හැරීමෙන් ඔබ නියෝජනය කරන්නේ කුමක්ද? 

අපි කොල විදිය.

අපේ ගමේද මැතිවරණ කාලයට සජිත්ගේ මිනිස්සුද? මහින්ද මහත්තයාගේ මිනිස්සුද අනෙක් පැතිවලට වඩා සාපේක්ෂව ජනප්‍රිය වූ ජෙප්පෝද අපේ ගෙදරට එති. ගෙදර කිසිවකු හෝ හිටියොත් ඒ අය සමග විනාඩියක් කතාකර අපි ඔවුන් දෙන දෙයක් අරගෙන ඔවුන්ට සමු දෙමු..  

එය තනිකර සුහද හමුවීමකි. කිසියම් අපේක්ෂකයකු ගෙන් ගෙට යද්දී මම නම ්ඔයාට නෙමෙයි චන්දේ දෙන්නේ යැයි යම් නිවැසියකු කීවොත් එය කිසිම අන්දමේ කිපීමට කාරණාවක්ෙ නාවේ. එය අපේක්ෂක අපේක්ෂිකාවන්ද මුහුනපාන සිදුවීමකි.. 

ඇත්තටම නොදී ඉන්න බැරිද? 

යම් අයකුට ඡන්ද ප්‍රකාශ කරන්නයැ..බල කල නොහැක. එය තමුනගේ පුද්ගලික තීරණයකි. එහෙත් අපි ඡන්දයෙන් පත් කලා නොකලා ඉන් පසුඅපේ ගම නියෝජනය කරන අපේක්ෂකයා යනු එසේ තෝරාපත්කරගන්නා අයය. ගැඹුරු දේශපාලන වටපිටාවන් කුමක් වුවත් එන අපේක්ෂකයා හදුනාගෙන ඔහු සමග වචන දෙක තුනක්වත් කතා කලොත් අනාගතයේ දී යම් කිසි උවමනාවක් වුවොත් ඒ මන්ත්‍රීතුමා හරහා යම් කිසි සහයක් ගැනීමට ඒ  හිතවත්කම උදව්වකි.

එසේමඅපි ඡන්දය නොදෙනවා නම් හෝ ක්‍රමය ගැනකලකිරී ඇත්නම් ඒ මක් නිසාද? සබාවේ වැඩ ගැන අප්සට් නම් ඒ කුමක් නිසාද ආදී යම් දෙයක් නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීඹට තීරණය කරන්නේ නම් එයද එන අපේක්ෂකවරුන්ට නොබියව පැවසිය හැකිනම් එයද මනාය. මන්ද අපි කැමති වුවත් අකමැති වුවත් ගම නියෝජනය කරන්නේ ඒ අපේක්සකයින්ය.. 

ගේට්ටුව වැහුවම මොකද වෙන්නේ ඉතිං.. 

සැබැවින්ම මිනිසුන්ට ගේට්ටු වසාගෙන සිටීමේ අයිතියක් තිබේ. එහෙත් විනාඩි දෙකක් තුනක් තමුන් හමුවට එන අපේක්ෂකයාට මුහුන නොදී සිටියාය කියා එයින් නියෝජනය වන මතයක් නැත. ඡන්ද ප්‍රතිශතය අඩු වූවාය කියා එයිනුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හැරදා නැවත අපට රාජ ආණ්ඩු සංකල්පයකට රිවස් යෑමටද හැකියාවක් අපට නොමැත. කොතරම් අකමැති වුවත් අපිට මන්ත්‍රිතුමාලා පත්කරගත හැකි ප්‍රබලතම සාර්ථකම ක්‍රමය මැතිවරණයයි. එහිදී ප්‍රකාශ නොවූ චන්ද සහ කටු ගෑ ඡන්ද මගින් නියෝජනය වන්නේ කුමක්ද? සැබැවින්ම එයින් කිසිවක් නියෝජනය නොවේ.. එසේ වූවා කියා අපේ දේශපාලන ක්‍රමයටවත් දේශපාලකයින්ටවත් අබමල් රේනුවක බලපෑමක් නැත. 

අපි ඡන්දෙ නොදෙන්නේ මේ නිසා..අපි ඡන්ද කටුගාන්නේ මේ නිසා.. අපේ ගමට ඕ ගොල්ලා කිසිම වැඩක් කරලා නෑ කවුරු වුනත්.අපිට ඔයාල කාවවත් විස්වාසත් නැහැ.. මා ගිය අවස්ථාවේ එසේ කියූ අය සිටියාදැයි මට එතරම් නිච්චියක් නැති මුත් ඇතැම් දෙනා අපි නම් ඔයාලට නෙමෙයි ඡන්දේ දෙන්නේ යැයි කෙලින්ම නොබියව කියන්නට සමත් අය ද සිටියෝය. 

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු අපි වෙනුවෙන් නියොජ්ිතයෙක් තෝරා පත්කර ගැනීමයි. පක්ස වලින් අපි වෙනුවෙන් පත්කරන අය අපි නියෝජනය කරන්ට සුදුසු දැයි වෙනම ගැටළුවකි. එහෙත්ඡන්ද අපේක්ෂකයින්ට ගේට්ටුව වැසීම,බල්ලා උසි ගැන්වීම.. හෝ ඡන්ද කටුගෑම හෝ ඡන්දය දාන්නට නොයෑම මගින් රටේ හෝ ඔබේ ගමේ දේශපාලනයට වැඩක් වෙයිද? එයින් අබමල් රොනක බලපෑමක් දේශපාලන දේහයට වෙයිද? නැත.. හැකිතාක් ඔබද ඔබේ නියොජිතයාට ඔබේ අදහස් පැවසිය යුතුය. එයින් ඔවුන් යම් තරමක හෝ මේ දේශපාලනය ගැන දැනුමක් සහ ජනයා ගැන දැනුමක් ලබාගනු ඇත. 


Sunday, January 21, 2018

ජම්බක් නිසා ගෙම්බෙක් වුනු මිනිහෙක්

අදාල නැති මල මාලු
ඒ දිගු නෙත් සගලට මා කෙතරම් පෙම් කලාදැයි මා හට මැණිය නොහැකි වේ. ඒ නෙතු හමු වී විනාඩියකින් මා මරණයට වුව සූදානම් යැයි දරුවන් සිටින පියෙකු වශයෙන් ගල් පැලෙන බොරු කිව නොහැකි වුවත් ඒ නෙතු සගල දැකගැනීම වෙනුවෙන් මට හැකි තරමේ ඕනෑම දෙයක් කිරීමට මා සූදානම්ය.

ඇයගේ විදිය

ඇය නාරි ලාලිත්‍යයෙන් කෙසේ වීදැයි විස්තර කිරීමට තරම් දෙයක් නොවේ. එහෙත් කදිම මුහුනක් නැවත හැරී බැලීමට සිතෙන බැල්මක් ගින්දර ඇස් දෙකටම මුසු වූ මනරම් කතා විලාශයක් ඇයට විය. ඒ කටහඩ තුල ඇති ආකර්ශනය කුමක් නිසාදැයි විස්තර කරන්නට අමාරුය. ඒ හඩින් ඇය බැන්නද හැඩුවද විලාප තිව්වද එහි අමුතු ආට් එකක් ඇති ලෙස මට තවමත් සිතේ.

පුරාණ කවීන් ඇතැමෙක් කාන්තාවෝ භෞතික මාන ඇසුරෙන් දැකීමට උත්සාහ කලෝය. සත්‍යයකි විශාල වැනෙන පුකත්, පමණට වූ පිරිපුන් තන් දෙකක් සහ මනා හැඩයක් ඇතිනම් ඒ යුවතිය කෙරෙහි මිනිසුන් ඇලේ. සුසුදු වතක් දිග වරලසක් ආදී දේද කාන්තාව ආලෝකයට වැදගත් වේ. එහෙත් ඒ සියලු ලක්ෂණ බොහෝවිට තිරය මත වූ අජීවි ස්ත්‍රිය ගේ රූ සොබාව නිරූපනය කිරීමට සමත්ය. ඇගේ හැසිරීමේ සියුම් චලනයක් , ඇගේ හඩෙහි වූ යම් මාධුර්යයක්, ඇගේ මුහුනේ වූ එක බැල්මක් අපේ සිතේ ඇතිකරන වෙනස මහා විශාල ස්ත්‍රී ඉන්ද්‍රින්ගෙන් සමන්විත බ්‍රසීල කාන්තාවන් ටවත් අප මනසේ ඇති කල හැකිද? කාන්තා ආකර්ශනය වන්නේ කුමන සංරචක නිසාදැයි යන මහා අවුල් ජාලාව කෙසේවත් ලිහිය නොහේ.ඒ ලිහුවත් ඒ ඒ පුද්ගලයාගේ රුචි වූ කාන්තාව සහ එහි ස්වභාවය කෙසේ නම් විද්‍යාවෙන් විචාරන්නේද? එය ස්ථාවර වූ යාන්ත්‍රික මානසික තත්වයක් නොවේ. එනම් මා කැමති මේන්න මේ ජාතියේ කාන්තාවටයැ කියා කොටු කරන්නට සැබැවින්ම හැකිද? එය එසේ හැකියැ කියන අයද විටෙක ඒ රාමුවෙන් පිටත වූ යුවතියකට ඉදිවනම බැදෙන්නේ ඔවුන්ගේ සිතද නොදැනුවත්වය.

උගේ විදිය

ඈ මගේ සිත් ගත්තා වුවද ඌ නම් මගේ සිත ගත්තේ නැත. සිත නොගැනීමට හෝ ගැනීමට යැ කියා උගේ විසේසයක් තිබුනේද නැත. ඌ ඇගේ සැමියා වීම නිසාම ඌට යමක් කමක් ආරෝපනය වී ඇතැයි මා සිතීමි. නිහඩව සිටීම නිසා ඉබේම පණ්ඩිතයෙක් වන්නේ නම් සහන් යනු පණ්ඩිතයෙකි. ඌ බිව්වාම නිකං කටමැත දොඩවනවාට වඩා යමක් බිනීමේ සූරයෙකු නොවේ. ගුඩ්ඩා ලෙස සැම වෙලේම වැඩිය නොදොඩන සහන් හෙන පණ්ඩිතයෙකු ලෙස පෙන්වා ඕනි තැනක ගෙනගොස් දැමිය හැකිය. මන්ද ඌට මෙලෝ සංසාරයක් ගැන උගේ යැ අදහසක් නැත. මෙසේ උගේ වැරදි මට පේන්නේ ඇයි? බාගෙදා කලින් විස්තර කරන ලද මා සිත් අදගත් යුවතියගේ නීත්‍යානුකූල හිමිකාරයා ඔහු වීම නිසා විය හැකිය. නයනා නම් වූ සුන්දර කාන්තාවගේ සැමියානෝ සහන් විය. සහන් මගේ කන්තෝරුවේ මිතුරකු සහ හරිවිදිහට බැලුවානම් ඌ මගේ යටතේ සිටින සේවකයකු විය.

උගේ අඩෝවැඩියාව

බිව්ව කල මිනිසුන්ට කියන්නට කතාන්දර මැවේ. එ මට්ටෙමේදී සහන් දොඩමලු වෙයි. බොන කල නයනා ගැනද විස්තර ඌ කියයි. ඒවා අහන්නට මා ආසාය. එබැවින් ඌට තවත් බෝනනට කතා කරයි.

බී ගෙන ගිය දිනක ඇතැම්විට සහන්ට නිදාගැනීමට ලැබෙන්නේ ගෙයි ඉදිරිපස ඇති පොඩි ඉඩකඩය. දෙගෙොඩහරි ජාමේ එන බිරිය සහන්ට පහර දෙයි. ඇතැම්විට සූර් පිටම ඇයව සතුටු කිරීමටද සහන්ට සිදු වෙයි. ඒ ඇයව සතුටු කල යුත්තේ කෙසේදැයි සහන් විස්තර නොකරන්නේ ගෙයි ගිනි පිටතට නොදීමේ තියරිය නිසා විය හැකිය.

ඇය බීමට තදින් අකමැතිය. ඊටත් සහන් කියනා ලෙස පිටතින් පේන සුන්දර් නයනාට වඩා බොහෝ සෙයින් කුරිරු චරිතයකි සැබෑ නයනා. ඔහු මේ බොන වෙලාවේ ගෙදර සිටියානම් ඔහු නොයෙක් වැඩපල කරදිය යුතුය. ඇගේ හේතුවක් නැති බැනුම් අසා සිටිය යුතුය. ඔහු කෙලින්ම වදනින් නොකියූවත් නොබිව් අවස්ථාවලදීද සහන් ගුටි නොකනවා යැයි හරියටම කියන්නට නොහැකිය. බොහෝවිට ඒ අවස්ථාවලදීද ඔහු ගුටිකනවා විය යුතුය.

කැත පැත්තට වූ ආදරය

සාමාන්‍ය කොට සැලකූ කල මහත් රුදුරු බිරියක වූ නයනාවන් කෙරේ මා වූ සිත බිදීමට වඩා වඩාත් ඇලීමට සහන්ගේ කතාව හේතු විය. වරක් ඔහු ඇයගෙන් බේරෙන්නට බැරිතැන සහෝදරයකුගේ ගෙදරට ගොස් සැගවී සිටියේලු. එවිට එම නිවසට දින කීපයකින් පැමිණී නයනා ඒ සහෝදරයාගේ බිරියට තදබල කුනුහබ්බ කියා බැනවැදී නැවත සහන් රැගෙන ගියේලු. කොටින්ම යම් කිසි තද බැදීමක් තිබුනේ වීද සහන්ට නයනා හා තිබුනේ දැඩි කලකිරීමකි.

එකම දරුවා කොළඹ පාසැලට යවා ඥාති නිවෙසක සිටින්නේද නයනාගේ උවමනාවට බව සහන් කියයි. ඇය "කොල්ලා තමුසේ වගේ පොන්නයෙක් වෙන්න ඕනා නැහැ" යි මූණටම කියන බවක්ද සහන් වරක් කීවේය. සහන්ගේ පවුල් ජීවිතය යනු ඔහුට අපිට මෙන් කන්තෝරුවට වඩා සැනසිලිදායක දෙයක් නොවේ. ඔහු කන්තෝරුව ඇරී නිවසට යන්නේ එක් සිරගෙයකින් මිදී තවත් සිරගෙයකට යනව වැනි වූ අදහසකිනි.පෙනෙන ලෙස ඔහුට ගැලවීමක්ද නැත.

මගේ මැදිහත්වීම

ගෑනිය නරක බව දන්නා විට අපේ යටි වල් හිත ඇය වෙත ඇදී යනවා වැඩිය. බොහෝම හොදට හැදුනු හොද කෙල්ලක නම්මා ගැනීම අමාරුයැ සිතන අප සිත නරක වනචර එකියක නම් ලේසියෙන් බාගත හැකියැ නිරායාසයෙන්ම සිතයි. සහන් ට හැන්දැවට බොන්න අරන් දීමත් ඉන් පසු ඔහු ඇරලන්නට සහන්ගේ නිවසට යෑමත් මා හුරු විය.

ඇතැම් දිනක ඔහු හොදටම වෙරිය. ඔහුට බොන්නට දෙන්නේ මා බවත් ඈ දනිී. '' මහත්තයෝ.. මං ගැන වරදවා හිතන් එපා.. අපේ මහත්තයාට බොන්න අරං නොදුන්නටා කමක් නැහැ.. එයා බිව්වම මටයි වදේ.. ඉන් පස්සේ මේ මිනිහා ලෙඩ වුනොත් මම නේ දුක් විදින්නේ...” යැ ඈ කීවාය. නයනා මේ මිනිහා සතුටින් ඉන්නේ ඒ බොන වෙලාවට විතරයි. ඒක මම හොදටම දන්නවා..මට ආයේ ඒ ගැන විස්තර කරන්න ඕනා නැහැ.. මා යමක් කමක් දන්නා බව පමනක් ඈට අගවා ලීමට මා එසේ කීවෙමි. ඇය එතැනින් නිහඩ වෙයි..

වනචර කම

සහන් ගෙනගොස් ගෙදර සැටිය උඩට දමා මා වතුර වීදුරුවක් ඉල්ලීය. නයනා ඇතුලට ගිය අතර මාද ඇය ගොස් තත්පර කිහිපයකින් ඇය පසුපස වැටුනි. ඇය වතුර වීදුරුව රැගෙන එන විට මා ඇය තදින් වෙලා බදා ගන්නට ගියෙමි. වතුර එක මගේ අගේ වැටුනි. ඇය පලයං යන්න වනචරයා යැයි මා තල්ලු කලේය. තෝ එන්න හදන්නේ ඕකට කියලා මම දැනං උන්නා.. තොපි වගේ වල් හැත්ත නිසා තමයි අපේ මිනිස්සු හදාගන්නත් බැරි. තොපේ කද බඩ ලොකු වුනාම තොපේ ඉන්න ඔෆිස් වල උන්ට නම් ලොකු ඇති..ඒත් අපිට වැඩක් නැහැ ඒවා.. පලයං යන්න තොගේ ආදරේ තියාගෙන..නයනා තදින් බැන්නාය. හොද වෙලාවට ඇගේ ගෙදරින් ශබ්දය එලියට යනවා අඩුය.

නයනා මම දන් නෑ මොකද කියන්න. ඒත් මට ඔයා දැක්කම එන හැගීම ඇත්තටම විස්තර කරගන්න අමාරුයි. ඒ ක බොහොම ලස්සන හීනයක් මං ඒකට ආදරෙයි..ප්ලීස් නයනා මට එක පාරක් ඉඩ දෙන්න ඒ හීනේ විදදරාගන්න සැනසිමෙන්.. මා කොදුරන්නට විය.

එය එතැනින් නොනැවතුනි..මා සහන් නැති අවස්ථාවේ ඈ පමණක් සිටින විට දුර ඇමතුම් ලබාගත්තෙමි. ඇය පෙර සේම බැන්නද ඇයදුරකථනයෙන් ඇගේ වර්ණනා ව අසා සිටීමට මනාප විය. එම දුරකථනය තබන්නට ගියේ ඈ නම් නොවේ. ආයෙම එහම අරවගේ වැඩවලට ආවොත් මහත්තයා ඔහෙට බලාගත හැකි මේ නයනාගේ පැටිකිරිය.

අහ් නයනා.. මං හිතන්නේ ඔයාගේ මූන වගේම පැටිකිරියත් හැඩ ඇති..සහන් බීලා බීලා වැටිලා ඉද්දි පැටිකිරිය නිකං වේලි වේලි ඇති.. පෟ නේද? මා ඇසීමි..


අනේහ්..මේහ්.. ඇය එතැනින් නැවැත්වූවාය..

අනපේක්සිත සිද්දිය..

පෙර සිදුවීම නැවත සිදුවිය. එනම් සහන් බිව්වේය. මා ඔහු ගෙනගොස් නිවසැට ඇරලුවේය මා ඇයට අතවර කරන්නට හැදුවේය.

ඔහෙ මේ සෙල්ලම නවත්තන් නැහැ වගේ නේද මහත්තයෝ.. හරි ඔහෙට ඕනි මා එක්ක බුදියන් නේ.. එහෙනං ඔන්න ඕක කොරගන් එකයි ඇත්තේ හැබැයි ඉතිං ටිකක් වද වේදනා විදින්න වෙයි..
ඔහෙට ඕනි නිසයි මම මේ එන්නේ.. ඇය සහන් සිටින සෙටිය අසලට ගියාය. සියලුම ඇදුම ්ඉනුවාය.

මේ නයනා. ඔයාට පිස්සුද මේ මනුස්සයා බීල හිටියට මූ මැරිල නැහැ..මේ මිනිහ ඇහැරෙයි.. මා කීවෙමි.

මේ මහත්තයෝ.. මට දෙකක් කරන්න බෑ.. එක්කෝ මම කියන විදියට මා එක්ක ඉන්නවා..නැත්තං වද නොදී මෙතනින් යනවා ආපු අතක් බලාගෙන.. ඈ තදින් කීවේ ඇගේ පියයුරුද ගැස්සී යන පරිද්දෙනි.

ඇය කිසිදු ලතාවක් ඇති අයෙකු නොවූවාය. මා යම් සතුටක් එයින් ලබනවා යැයි දැනගත් වනම ඇය කුමක් හෝ විදියකින් ඒ ඉරියව් වෙනස් කලාය. විටෙක ඇය මටත් වඩා බීගත් අයෙකු ලෙස.. මට පහරදෙන්නටද මගේ පිට සූරන්නටද විය. ඇගේ ද තැන් කිහිපයක් සූරන්නට සහ තදබල ලෙස තෙරපන්නට යැයි මට ඇරයුම් ලැබුනි.

එය සුන්දර අත්දැකීමක් නම් නොවේ. ලිංගිකමය දඩුවමක් වැනිවූ ඒ විනාඩි 15ක් වැනි කාලය මා ගතකලේ අපහසුවෙනි. විටෙක ඇයට සහන් අවධි කරන්නට උවමනා විය. ඔහු අවදි කරවීය. පුදුමයට පත් වූ ඔහු යම්තමින් නැගිට ගන්නට හැදුවත් වෙරිමත සහ නයනාගේ අත ඔහු නැවත අසුනට බර කරන්නට සමත් විය. " අනේ මේ.. තමුසේ නැගිටල මොනව කරන්නද? ඔන්නොහෙ නිදාගන්නවා ඕයි..පවු නොදී.” . ඇගේ වදන් වලට සහන් අවනත විය.

එය කටුක අත්දැකීමකි. මා සමග බෝතලය වටා සිටි මිතුරා ඉදරිපිටදීම ඔහුගේ බිරිය හා නිදිවැදීම සිස්ට සම්පන්න මිනිසුන්ට නොගැලපේ.. එහෙත් ඇය ගේ කුරිරු වූ චර්යාව මටද විදගන්නට එයින් අවකාශ ලැබුනි. එය වෙනස්ය. එය නැවත ලබාගැනීමට සිරුර අකමැති විය හැක්කේ නැවත ඇගෙන් ගුටිකෑමටත් නොයෙක් ආකාරයේ සපාකැෑම් සීරීම් වලටත් අකමැත් නිසා විය හැකිය. එහෙත් සිතින් එහි යම් වූ විනෝදයක් තවමත් තිබේ යැයි මට හැගේ..

වේගෙන් යෑම..

මට ඉහලින් සිටියේ ගෑනු ගොඩකි. එනම් මගේත් සහන්ලාගේ බොස්ලාත් ගෑනුය. මේ හුටපටය සම්පූර්ණයෙන්ම නැතත් කොටසක් හෝ ඒ බොස් ගෑනුට ආරංචි වන්නට ඇත. බාගෙදා සහන්ම ගොස් සිය රූමත් බිරියට මා අතවර කරනවා යැයි.. ඒ ඉහල ගැනුට කියන්නට ඇත.

ගෑනුට මේ කන්තෝරුව අකුනක් වැදී හදිසියේම බිමට කඩා වැටුනාටත් වැඩි දුකක් එකෙක් ලිංගිකව සතුටක් ලදහොත් දැනේ.. ඔෆිස් ජෝඩුවක් ලිංගිකව එක් වූනායැ ආරංචි වුවහොත් මේ ඉන්න ලොක්කියන්ගේ නාකි කිම්බවල් වෙව්ලනවා ඇතැයි මට සිතේ. මින් පෙරත් එවැනි වූ කිසිදු චෝදනාවක් හරියට නැතිව ලිංගිකමය හැසිරීම වරදක් කොට ගෙන මාරුවීම් සහ තදබල කැපීම් ලැබුනු කිහිප දෙනෙක් විය.

වැඩ රාජකාරි වලදී කිසිම හැල හොල්මනක නාපෙන්වන කිසිම වැදගත් තීරනයක් නොගන්නා මේ නාකි කිම්බවල් ටික කුමක් හෝ කොටු පැනීමක් වැනි දෙයකදී වහා ක්‍රියාමාර්ග ගනිති. සහන් මාරු කලේය. මා ඉන් පසු සති දෙකක් කොළඹ පුහුනු වැඩකට ගොස් සිටි අවධියේ සහන් බොහෝ දුර පලාතකට මාරු කොට තිබුනි. ඔහු සතුටින් ගියායැයි මට එහෙන් මෙහෙන් ආරංචි විය.

චෝදනාව බරපතලය. මා සහන්ට පොවා ඔහුගේ නිවසට රිංගා උගේ රූමත් බිරිය වන නයනාට අතවර කර ඇත. එබැවින් මා දෙස කන්තෝරුවේ පිරිමි උන් බලන්නේ ලොද බැස්ස ටයර් බැස්ස ලොන්ත පුකවල් ඇති උන්ගේ බිරියන් හා නිදිවදින්නට සැරසුනු කාමාතුර යක්ෂයෙකු දෙස බලනවා වැනිය. ගෑනු නම් කොහොම බලනවා දැයි නොදනී..එහෙත් උන්ගේ කිම්බවල් වලට නොලැබුන වටිනාකමක් සහන්ගේ බිරියගේ කිම්බට ලැබීම ගැන උන් උරණ වී ඇතැයි මට සිතේ.

කෙසේ වෙතත් සාමාන්‍ය ඩෑල් එකකට අපහසුතාවයකට පත් විය හැකි මට්ටමේ තත්වයක් උදා වුවත් මට නම් එය ගානක්වත් නොවූයේ මට කන්තෝරුව යනු තවත් එක් තැනක් පමණක් වූ නිසාය. උදාහරණ විදියට කන්තෝරු බය්යන්ගේ පවුල් අදෝනා ගෙවල් අදෝනා..කාර් ලීසිං ගැන ඇති නිකාං කතාන්දර අහං ඉන්නවාට වඩා යාබද පෙට්ටි කඩය වටා සිටින පිරිසගේ අමුතු කතා ඇසීම මනරම්ය. කන්තෝරුව ඇතුලේදී මා නරක මිනිසෙකු වුවත් එලියට කාර් එකෙන් බැහැලාත් පෙට්ටි කඩෙන් තේ බොන දුකේදි පිහිටවන හොද මිනිසකු විය.

නයනාගේ මතකය

මාත් සහනුත් බීමතින් සිටියත් නයනා සිටියේ බීමතින් නොවේ. ඇයගේ රූපයට කිසිසේත් නොගැලපෙන රුදුරු චර්යාව නැවත ලබාගැනීමට හැකිනම්.. මා ඒ වෙනුවෙන් රුපියල් දහස් ගනනක් වුවද කැපකිරීමට කැමතිය.

අනෙක් අතින් මට ඇය සොයා බොහෝ දුර යෑමටද නොහැකිය. මන්ද මගේද යම් වූ වත්කමක් නිවස තුල වන නිසාය.

මා නයනාට කරදරයක් වූ නිසා ඇය මට එසේ සැලකුවාද? නයනා විසින්ම මා ගේ චරිත කාඩ් එක කැපී යන ලෙස කටයුතු කලාද? ඇය සැබැවින්ම මගෙන් විනෝදයක් ලැබුවාද? නැතිනම් ඒ ක්ෂණික කෝපය හෝ ආවේගයද? කිසිවක් මා නොදනී.. එහෙත් රේඛීයව ගලා යන ජීවිතයට ඒ වැදුනු පහරට මා කැමතිය. මාද නිකම් එකෙක් නොව නළුවෙකු වැනි මහා පොරකැයි එවිට මට සිතේ..

Tuesday, January 2, 2018

මරණයට කලියෙන්

අංකල් ග්‍රෙගර් මට ඔයාව වයසින් බැලුවාම අපේ තාත්තටත් වඩා අපේ සියා වගේ. ඒත් ඔයා හිතන විදිය ඉන්න විදිය හරි පුදුමයි. අයේෂා අංකල්ට කිවේය.

එය අවන්හලකි. ගෑනුන්ටද බියර් වඩියක් ගැසිය හැකි මට්ටමේ තරමක් පොශ් තැනකි. ඇය හා කැටුව සිටින්නේ අංකල් කෙනෙකි. අංකල් කීවද ඇය කියනා ලෙසින්ම ඔහු වයස පසුකර සිටින මහල්ලෙකි. එහෙත් ඇදුම පැලදුම අනුව ඔහු යමක් කමක් ඇතියෙකු යැයි සිතේ.

පුතා.. මේ මම කියන්නේ ස්පෙශල් යුනිට් එකක් නෙමෙයි. ඒත් මම පුලුවාන් තරං ඇක්ටිව් ජීවිතයක් ගෙනියන්න ආසයි. මිනිස්සු අඩපන වෙලා වගේ ඉද්දි ඒක අපිටත් හොද නෑ..එතකොට ගොඩාක් ඉක්මනින් වයසට යනවා වගේ පේනවා..වැඩ ගොඩාක් තිබුනමත් කරදර මොකුත් නැතුව තිබුනාම ඊටත් කරදර.. අංකල් ග්‍රෙගර් විටින් විට නවතමින් සෙමෙන් කියන්නට විය.

හුම්.. ඉතිං අංකල් මට කියන්නකෝ ඇයි ඔයා මේ එකපාර වැඩිහිටි නිවාසෙකට ආවේ. මට ඒක අදාලම නැහැ. ඒත් මට ඇත්තටම මට ඉන්න සීයලා අංකල්ලා හෙම ඔයා වගේ නම්. මම හරි ආසයි එයාල එක්ක ඉන්න. මට හිතාගන්න බෑ ගෙදර අය ඔයා වගේ කෙනෙක් ව ඈත්කරගෙන කොහොමද ඉන්නේ කියලා. අයේෂා පිළිතුදු දුනි.

ඒක දිග කතාවක් පුතා.. වැඩක් නෑ..ඒත් අහන්නේ ඔයානේ.. ඉතිං උත්තරයක් දෙන්න ඕනා.

මම මේ මහළු නිවාසෙට ඇවිල්ල සතියක් ඉද්දි මට මේක මහා මැරුනු ජිවිතයක් වගේ තේරුනා. ඉන් පස්සේ තමයි කට්ටිය එක්ක ට්‍රිප් එක්ක දාගෙත්තේ, ඔයාට එන්න කියලා ෆිට්නස් ප්‍රෝගැම් එකක් දාගත්තේ. අපි තව පොඩි පොඩි අත්කම් වගේ දේවල් හදලා පොඩි ශොප් එකකුත් දාන්නයි ඉන්නේ. මට ඕනි අනික් සමාජේ මිනිස්සුන්ට වඩා සේපාලිකා නිවාසේ ඉන්න අය.. සතුටින් ඉන්නවා..එයාල හැපී කියල ලෝකෙට පෙන්වන්න. අංකල් කියාගෙන ගියේය.

ඔවු. මං මේක් ඉන්ස්ට්‍රක්ට් කරන්න අකමැති වුනා. ඒත දැන් ඔයාග් කන්ඩායම ඇත්තටම හොදයි. ස්පිඩ් එක නෝමල් මට්ටමට ගන්න අපිට ටික දවසකින් පුලුවන් වෙයි. ඔයාගේ අදහස් ගොඩයි. ඒ වගේම කරන දේවලුත් ගොඩයි. අනේ මන්දා..හරියට කොල්ලෙක් වත් නෑ අදකාලේ ඔයා වගේ.. කොල්ලෝ දෙයක් හිතනවා..ඉන් පස්සේ ඒක කරන්න බැරි වෙන්න හේතුටික හොයාගෙන ලත වෙනවා. මං දන්නෑ මම හරිද කියන්න මම ගොඩක් දේ දන් නෑ..ඒත් ඔය ස්ටයිල් එක පට්ට.. ඉතිං ඔයා කිව්වේ නෑනේ ගෙදරින් ආවේ මොකද කියලා. අයේෂා කියන්නට විය.

මේකනේ පුතා. මට ඇත්තටම ඔය ආගමික පොරවල් කියන්න වගේ අපි මැරෙනවා කියන එක හරියටම ප්‍රැක්ටිකල් හිතන්න ඕනි වුනා. ඒ නිසා මම කලේ මරනයට පෙර හැමදේම ලෑස්ති කරගන්න ගිය එක. අවසානේ ගෙදර මිනිස්සුන්ට මාව එපා වුනා. කොටින්ම මුනුබුරු මිනිබිරියන්ට පවා මාව හමුවීම කරන්න එපා කියලා එයාල කිව්ව නේ. ඉතිං මාව එපාවුනු තැනක තවත් ඉන්නෙක. අනේ මන්දා..ඉතිං ආවා. අදත් මම ගියොත් පිලිගන්නවා. සලකනවා. ඒත් එයාල හිතනවා මම කාලකන්නි මූසල මිනිහෙක් කියලා..මගේ පුතාල ගැන එහෙමම කියන්නහොද නැහැ..එත් මම අසුබ දෙයක් . ඔයාට ඒව තේරෙන් නෑ.. අයේෂා. ඔයා පොඩි.

ඈ.. ඉතිං ඔහොම එහෙන්මෙහෙන් කිව්වම කොහෙද ග්‍රෙගර් මනුස්සයෝ මට තේරෙන්නේ. ටිකක් හෙමිහිට කියන්නකෝ ඉතිං.. ඇය ඔහු ඉදිරියේ යම් කලාත්මක හැගිමක් පෙන්වා සිටියාය.

මේකනේ මම මැරෙනවා කියල දැනගත්තාම මම ගියා මිනීපෙට්ටි කාරයා හම්බෙන්න. මිනිහ තමයි අපේ පලාතේ ඉන්න හොදම මිනිපෙට්ටි සාප්පුව අයිති කාරයා. මම මැරුනත් මම හිතන් නෑ මගේ පුතාල එතනින් හැර වෙන තැනකින් මිනිපෙට්ටියක් ගනි කියල මම ගෙදර උන්න නම්. ඉතිං මම වයස නිසා මම ගිහින් ලොක්ක එක්ක කතා බහ කලා. පොර පුදුම වුනා. මිනිහත් වයස. ඉතිං පොර එක්ක සොට් එකක් දාන්නත් සෙට් වුනා. මැරුනු කෙනෙක් නැතුව එහෙම වැඩිය එතන්ට කට්ටිය යන් නෑනේ.. මම ගිහින් පෙට්ටි බලලා. කැටයම් බලලා. ඒ මිනියේ වැඩ වෙන හැටි ඉගෙනගත්තා. මරණය අපි කාටත් පොදු නේ. ඒවා ගැන අපිහිතන් එපැ. ඉතිං..

පොර එක්කසොට් එකකුත් දාලා ෂේප් කරං තිබුනාම මගේ මිනිය ආවම ලොකු ඩිස්කවුන්ට් එකකුත් දෙයි නේ. මම හිතුවා. අංකල් කියාගෙන ගියේය.

මේ අංකල් ග්‍රෙග්..ඔයා ඔය බොරුවත්නේද කියන්නේ? මාව රවට්ටන්න.

නෑ නෑ අයිෂ්..මේක බොරු කියල හැමෝම හිතන්නේ අනික ඔතන නෙමෙයි කතාවේ ආතල් එක්.පොඩ්ඩක් ඉන්න කෝ.

ඉතිං මිනිහ ෂේප් කරගන්න කතා කලා.

ඊට පසසේ මම ගියා සිංගාරං කාරයෝ ( මලගෙවල් වල දවුල් තම්මැට්ටම් ගහන්නෝ) හම්බෙන්න.. ගිහින් එයාලගේ බෙර එහෙම හදන්න තියෙනවද කියලපොඩි විහිලුවකුත් කරලා. මේ පැත්තේ වැඩ ඕගොල්ල නේ කරන්නේ අනේ මගේ වැඩේටත් ඔයාලම එන්න කිව්වා.උන ්බය වුනා. මං කිව්ව යකෝ මං තාම මැරුන් නෑ.. මැරෙන්නෙ ඉන්නේ .. ඒ වැඩේ උනාම වරෙල්ලා. කියල උන් එක්කත් ඩ්‍රිංක් එකක් දාන්න සෙට් වුනා.

දැන් ඉතිං බෝරිං වගේ නේ අයිසා.. අංකල් අසන්නට විය.

ණෑ නෑ.. හලෝ..ඉතිං බාගෙට කර අරින් නැතුව කියන්නකෝ ඉතිරි ටික. අයිසා පිංසේන්ඩු වන්නට විය.

අපි කරාවේ. ඒ කිව්වේ කුලේ. අපේ අහල පහල කරාවේ පංසල විමලාරාමේ. විමලාමෙන් තමයි මං මලාම මතක බණට හාමුදුරුවෝ වඩ්ඩන්නේ. මං ඉතිං වැඩිය පංසල් යන් නෑ.. පෝයටත් ඔය හැංගිල නෙ ඉන්නේ. ගිහින් අවේලාවේ පෝයකුත් නැති දවසක හාමුදුරුවෝ හම්බෙලා. ලොකු හාමුදුරාවොත් හම්බුනා. අනේ මේ සංසාරේ දුකයි. දුකයි. කෙළව ර නිවනයි කියලා බයිලා ගගහ ඉදලා අවසානේ මම ඉතිං පිලිවෙලටම කිව්වා මගේ ඉවෙන්ට් එකේදි දිග කතා කරන්න එපා..ඔන්නොහෙ පොඩියට කෙටියට මරනේ මතක බණ වැඩේ කරල දාන්න කියලා. ඇත්තටම හාමුදුරුවො බය වුනා. ඒත් මම සේප් කරලා ගාන්ට වැඩේ ගෙනිච්චා.

ඔය වැඩේ පුතාලට ආරංචි වුනා. ගමේ අය දැනගෙන උන්නා. හැමෝම හිනාවුනා. ගෙරදින් නම් බැන්නත් එක්ක. තාත්ත මේ හදිස්සියේ මොකද තැන් තැන්වල ගිහින් මලගේ ප්ලෑන් කරන්න යන්නේ. තාම මේ ඉඩකඩං වත් පිලියෙලක් කලේ නෑනේ. කියල පුතාල හිතන්න ඇති. ඒත් එයාල කිව්වේ වෙන බයිලා.

තාත්තා... අපි තාත්තට මොනම අඩුවක් වත් කරල තියෙනවාද? තාත්තා ගැන කොයිතරම් හොයනවද ? එහෙම එකේ තාත්ත ගිහින් මලාට පස්සේ මරනේ වැඩට අරයට මෙයාට ආරාදනා කරන්න ගියාම අපිට තියෙන තැන මොකද්ද? අනික මේක ටවුමක් නෙමෙයි ගම ? තාත්ත ටිකක් හිතන්නකෝ..ඒ මගේ එක ලේලියෙක්. අපේ පුතා ඒ ලේලි ඒහෙම මට නම්බුව ගැන ඉගැන්නුවේ. ඒ ගෑනි උස්සන් ආවේ හෙන කැලෑ පලාතක බොහොම දුප්පත් තැනකින්. අපේ පුතා නිසා මම ඉතිං උගේ කැමැත්තට ඉඩ දුන්නා.

ඔයාලට මේවා එච්චර ටච් නෑ..ඒත් පොඩ්ඩක් හිතන්න අයිෂ් ඒ කෙල්ල අපේ පුතා බැන්දේ නැත්තං කෙහේ හරි කැලෑ ගමක මෛාකක් හරි කසිප්පු කාරයෙක් එක්ක සෙට් වෙලා ඒකි හැන්දාවට කසියා බීගෙන ඇවිත් ගහනකොට බුදු හම්මෝ මෙන්න මූ තඩිබානෝ කියල කැලේට දුවාවි. ඒත් දැන් මගේ එකා කසාද බැදලා. මගේම සල්ලි වලින් මගේ ඉඩමේ ගෙවලුත් හදලා. මගේ සල්ලි බාගයක් වියදම් කරලා වාහනත් අරං..උන් දැන් ලබ්බේ නම්බුවක් ගැන කතාකරනවා. ඔහු කියාගෙන ගියේය.

හුම්.. හරි හරි අංකල් ඉතිං.. අයිෂා නැවතත් තොදොල් වූවාය.

මං දුව මේ ටික බොහොම හිමිං කියන්නේ ටිකක් අමාරුවෙන්. මට උන්ට හොදට කට ඇරලා බනින්නයි ඕනි..ඒත් මෙතන එහෙම බෑ.. කුනුහබ්බ හෙමින් කියද්දි කික් එකක් නැනෙ දුව. ඒක හයියෙන් ඉක්මනින් සට පට ගාල අබ පුපුරන්නැහේ වදින්න ඕනි ලග ලග. එතකෛාටයි වැදගත්.

දැන් ඉතිං අංකල්ඔයාගේ මලගේ ප්ලෑන් කරද්දි ඒකට පුතාල ලේලිලා කැමති වුනේ නෑ..ඉන් පස්සේ? අයිෂා ප්‍රශ්ණයක් ඉදිරිපත් කලාය

ඖ. මම නැවැත්තුවේ නෑ.. ඉන් පස්සේ මම මල ගේට පුටු මඩු ගේන නෙස්කැෆේ මැෂින් දෙන කේටර් බුවා හොයන්න ගියා. අපේ පුතාගේ යාලුවෙක් නේ. මිනිහා නෙමෙයි තාත්තා තමයි දැන් බිස්නස් එක් රන් කරන්නේ. මගේ පුතාගේ යාලුවා ගියානේ කොරියා. හුම් ඉතිං පොරටත් මම විස්තරේ කියලා ඉවරෙලා ඌ ත් කෝමහරි සොට් එකක් දාල සේප් කරගත්තා.

ඉන් පස්සේ මම ගියා මිනිවලවල් කපන එකා හම්බෙන්න. එකෙක් කියලා නෑ..ඌට කිව්වම තමයි මිනි වල කැපෙන්නේ. ගමෙ උන් බාරගත්තට මොකද උන් අරක්කු කෙල කෙල ඉන්නවා. අරෟ දෙතුන් දෙනෙක් එක්කරං ඇවිත් වලකපනවා..මං නොදන්නවැ අපේ ගම මිනිවලවල් කැපිල්ල. ඉතිං මිනිවලවල් කාරයත් සේප් කරගත්තා. මිනිහ නම් පට්ට ෆන් හැබැයි..පොර මං යද්දිම බලාගෙන ඉදලා එයි කියලා. මං පොරට බොන්න අරං දුන් නෑ දුව. මොකද මිනිහාගේ ගෙරද පොඩි උන් බාගෙට හෙලුවෙන් සෙල්ලං කලේ. ඌ හරි නැතිබැරි මිනිහා. හරිම හිතහොද එකා. මට මේ සිද්දියේ දුකම තැන ඌ තමයි. මම මිනිහගෙන් දරුවන්ගේ අඩුපාඩු ස්කෝල පොත් අනම් මනම් අහලා පොත් පත් ටිකකුයි ඇදුම් කඩමාලු ටිකකුයි ගිහින් දුන්නා පස්සෙ ්දවසක. රුපියල් පන්දාස් ගානක් ගියා. ඒත් මම ඒ දිපු තෑග්ග නම් මට අමතක වෙන් නෑ..පිං ලැබෙනවා න්ම ඒකට සම්පූර්ණ පිනම ලැබෙන්න ඇති මහිතේ. මිස්ට ග්‍රෙග් කියාගෙන ගියේය.

ඉතිං අංකල් මොකද්ද උනු වැරද්ද? ඔක්කොම හරිනේ..ඒක ටිකක් වෙනස් දෙයක්. ඒත් ඉදහිට අය ඕම කරන්නේ. මං කියවල තියෙනවා වෙන රටවල මිනි පෙට්ටිත් තියං ඉන්වාලු ගෙදර ම.. අයිෂා කියන්නට විය

එතන නෙමෙයි පුතා අවුල.. අර මිනිපෙට්ටි සාප්පු කාරයයි, ලොකු හාමුදුරුවොයි, නෙස්කැෆෝ පුටු මේස රෙන්ට් බුවයි, සිංගාරං ගහන සෙට් එකේ දවුල් ගහන ලොක්කයි හතරම මාස තුන හතරක් ඇතුලත මලා. මිනිවලවල් කපන මිනිහටත්ලොකු අනතුරක් වෙලා එකතැන් වුනා. මට අර අවසාන මිනිහා ගැනයි ගොඩක් දුක. නැවතීමේ මුද්‍රාවකින් සුසුමකින්ද යුතුව ඔහු කතාව අවසාන කලේය.

හුම්.. අයිෂා ගේ මුවින් සුසුමක් මිස වදනක් පිට වූයේ නැත.

පස්සේ ගමේ මිනිස්සු මාව මුනගැහෙන තැන අහක බලං යන්න ගත්තා. මාව හමුවිම මහා අසුබ දෙයක් විදියට දැක්කා. මාත් එක්ක සෙල්ලමට ආව මුනුබුරාල මිනිබිරියෝ දැනං උන් නෑ ඒවා. උන්ටත් උන්ගේ මහ උන් ඒවා මොලවලට ඔබ්බලා ඉගැන්නුවා. මම උදේට නැගිටල මිදුල අතුගාද්දි ගෙදර අය කැමති වුනේ නෑ මාව උදේම හමුවෙන විදියට වැඩට යන්න පිටත් වෙන්න. ගමේ ඉන්න නැකැත් කාරයෝ හාමුදුරුවෝ වගේම ඔය දැන උගත් පන්ඩිතයෝ තැන් තැන්වල මං මහ මූසල මිනහෙක් කියල තිබුනා.

හ්ම්ම්.. ඒකත් එහෙමද? අයිෂා ඇසීය.

ඉන් පස්සේ තමයි මම ලියුමක් ලියලා මම ගෙදරින් යනවා කියලා ආවේ. ඒ ඇවිල්ල සල්ලි ගෙවල තමයි ඔය නිවාසෙට ආවේ.. දැන් මට ඕනි මේ නිවාසෙ ඉන්න මිනිස්සු.. මේ මං වගේ නාකියෝ ටික ඔය සාමාන්‍ය සමාජේ ඉන්න අයට වඩා සතුටින්, හැපියෙන්, ගැම්මෙන් ඉන්නවා දකින්න. කොටින්ම කෙනෙක්ට ගෙදර ඉදන් මහලු නිවාසෙට ආවම..අඩෝ මේක මැක්ස තැනක් නේ කියලා පොරට අපේ සේපාලික නිවාසේ පේන්න ඕනි. අපි කදුලු වැටෙනවා දැක්කම අපිට අනුකම්පාවට පීචමට හිනාවෙන උන් අපි සතුටු වෙනවා දැක්කම අපිට දරුනුවට ඉරිසියා කරාවි. ආන්න ඒ ඉරිසියාවට මම ආසයි.

කතාව එහෙම වුනත් මං හිතන්නේ දුව වුනත් මාව මුනගැහිම අඩුකලොත් හොද ඇති. මේක කාරුවත් දැනගන්න ඕනිත් නැහැ. ඔයා ඇහුව නිසයි කිව්වේ. ග්‍රෙගර් ගේ හඩ බාලකර ඔහු අවසාන වදන් කීවේය.

මම අම්මිට තාත්තිට කියන් නෑ ග්‍රෙගර් අංකල් ගැන. ඒ නිසා බයවෙන් එපා. අයිෂා ග්‍රෙගර් අංකල්ට දගකාර ලෙස කීවාය.