අංකල් ග්‍රෙගර් මට ඔයාව වයසින් බැලුවාම අපේ තාත්තටත් වඩා අපේ සියා වගේ. ඒත් ඔයා හිතන විදිය ඉන්න විදිය හරි පුදුමයි. අයේෂා අංකල්ට කිවේය.
එය අවන්හලකි. ගෑනුන්ටද බියර් වඩියක් ගැසිය හැකි මට්ටමේ තරමක් පොශ් තැනකි. ඇය හා කැටුව සිටින්නේ අංකල් කෙනෙකි. අංකල් කීවද ඇය කියනා ලෙසින්ම ඔහු වයස පසුකර සිටින මහල්ලෙකි. එහෙත් ඇදුම පැලදුම අනුව ඔහු යමක් කමක් ඇතියෙකු යැයි සිතේ.
පුතා.. මේ මම කියන්නේ ස්පෙශල් යුනිට් එකක් නෙමෙයි. ඒත් මම පුලුවාන් තරං ඇක්ටිව් ජීවිතයක් ගෙනියන්න ආසයි. මිනිස්සු අඩපන වෙලා වගේ ඉද්දි ඒක අපිටත් හොද නෑ..එතකොට ගොඩාක් ඉක්මනින් වයසට යනවා වගේ පේනවා..වැඩ ගොඩාක් තිබුනමත් කරදර මොකුත් නැතුව තිබුනාම ඊටත් කරදර.. අංකල් ග්‍රෙගර් විටින් විට නවතමින් සෙමෙන් කියන්නට විය.
හුම්.. ඉතිං අංකල් මට කියන්නකෝ ඇයි ඔයා මේ එකපාර වැඩිහිටි නිවාසෙකට ආවේ. මට ඒක අදාලම නැහැ. ඒත් මට ඇත්තටම මට ඉන්න සීයලා අංකල්ලා හෙම ඔයා වගේ නම්. මම හරි ආසයි එයාල එක්ක ඉන්න. මට හිතාගන්න බෑ ගෙදර අය ඔයා වගේ කෙනෙක් ව ඈත්කරගෙන කොහොමද ඉන්නේ කියලා. අයේෂා පිළිතුදු දුනි.
ඒක දිග කතාවක් පුතා.. වැඩක් නෑ..ඒත් අහන්නේ ඔයානේ.. ඉතිං උත්තරයක් දෙන්න ඕනා.
මම මේ මහළු නිවාසෙට ඇවිල්ල සතියක් ඉද්දි මට මේක මහා මැරුනු ජිවිතයක් වගේ තේරුනා. ඉන් පස්සේ තමයි කට්ටිය එක්ක ට්‍රිප් එක්ක දාගෙත්තේ, ඔයාට එන්න කියලා ෆිට්නස් ප්‍රෝගැම් එකක් දාගත්තේ. අපි තව පොඩි පොඩි අත්කම් වගේ දේවල් හදලා පොඩි ශොප් එකකුත් දාන්නයි ඉන්නේ. මට ඕනි අනික් සමාජේ මිනිස්සුන්ට වඩා සේපාලිකා නිවාසේ ඉන්න අය.. සතුටින් ඉන්නවා..එයාල හැපී කියල ලෝකෙට පෙන්වන්න. අංකල් කියාගෙන ගියේය.
ඔවු. මං මේක් ඉන්ස්ට්‍රක්ට් කරන්න අකමැති වුනා. ඒත දැන් ඔයාග් කන්ඩායම ඇත්තටම හොදයි. ස්පිඩ් එක නෝමල් මට්ටමට ගන්න අපිට ටික දවසකින් පුලුවන් වෙයි. ඔයාගේ අදහස් ගොඩයි. ඒ වගේම කරන දේවලුත් ගොඩයි. අනේ මන්දා..හරියට කොල්ලෙක් වත් නෑ අදකාලේ ඔයා වගේ.. කොල්ලෝ දෙයක් හිතනවා..ඉන් පස්සේ ඒක කරන්න බැරි වෙන්න හේතුටික හොයාගෙන ලත වෙනවා. මං දන්නෑ මම හරිද කියන්න මම ගොඩක් දේ දන් නෑ..ඒත් ඔය ස්ටයිල් එක පට්ට.. ඉතිං ඔයා කිව්වේ නෑනේ ගෙදරින් ආවේ මොකද කියලා. අයේෂා කියන්නට විය.
මේකනේ පුතා. මට ඇත්තටම ඔය ආගමික පොරවල් කියන්න වගේ අපි මැරෙනවා කියන එක හරියටම ප්‍රැක්ටිකල් හිතන්න ඕනි වුනා. ඒ නිසා මම කලේ මරනයට පෙර හැමදේම ලෑස්ති කරගන්න ගිය එක. අවසානේ ගෙදර මිනිස්සුන්ට මාව එපා වුනා. කොටින්ම මුනුබුරු මිනිබිරියන්ට පවා මාව හමුවීම කරන්න එපා කියලා එයාල කිව්ව නේ. ඉතිං මාව එපාවුනු තැනක තවත් ඉන්නෙක. අනේ මන්දා..ඉතිං ආවා. අදත් මම ගියොත් පිලිගන්නවා. සලකනවා. ඒත් එයාල හිතනවා මම කාලකන්නි මූසල මිනිහෙක් කියලා..මගේ පුතාල ගැන එහෙමම කියන්නහොද නැහැ..එත් මම අසුබ දෙයක් . ඔයාට ඒව තේරෙන් නෑ.. අයේෂා. ඔයා පොඩි.
ඈ.. ඉතිං ඔහොම එහෙන්මෙහෙන් කිව්වම කොහෙද ග්‍රෙගර් මනුස්සයෝ මට තේරෙන්නේ. ටිකක් හෙමිහිට කියන්නකෝ ඉතිං.. ඇය ඔහු ඉදිරියේ යම් කලාත්මක හැගිමක් පෙන්වා සිටියාය.
මේකනේ මම මැරෙනවා කියල දැනගත්තාම මම ගියා මිනීපෙට්ටි කාරයා හම්බෙන්න. මිනිහ තමයි අපේ පලාතේ ඉන්න හොදම මිනිපෙට්ටි සාප්පුව අයිති කාරයා. මම මැරුනත් මම හිතන් නෑ මගේ පුතාල එතනින් හැර වෙන තැනකින් මිනිපෙට්ටියක් ගනි කියල මම ගෙදර උන්න නම්. ඉතිං මම වයස නිසා මම ගිහින් ලොක්ක එක්ක කතා බහ කලා. පොර පුදුම වුනා. මිනිහත් වයස. ඉතිං පොර එක්ක සොට් එකක් දාන්නත් සෙට් වුනා. මැරුනු කෙනෙක් නැතුව එහෙම වැඩිය එතන්ට කට්ටිය යන් නෑනේ.. මම ගිහින් පෙට්ටි බලලා. කැටයම් බලලා. ඒ මිනියේ වැඩ වෙන හැටි ඉගෙනගත්තා. මරණය අපි කාටත් පොදු නේ. ඒවා ගැන අපිහිතන් එපැ. ඉතිං..
පොර එක්කසොට් එකකුත් දාලා ෂේප් කරං තිබුනාම මගේ මිනිය ආවම ලොකු ඩිස්කවුන්ට් එකකුත් දෙයි නේ. මම හිතුවා. අංකල් කියාගෙන ගියේය.
මේ අංකල් ග්‍රෙග්..ඔයා ඔය බොරුවත්නේද කියන්නේ? මාව රවට්ටන්න.
නෑ නෑ අයිෂ්..මේක බොරු කියල හැමෝම හිතන්නේ අනික ඔතන නෙමෙයි කතාවේ ආතල් එක්.පොඩ්ඩක් ඉන්න කෝ.
ඉතිං මිනිහ ෂේප් කරගන්න කතා කලා.
ඊට පසසේ මම ගියා සිංගාරං කාරයෝ ( මලගෙවල් වල දවුල් තම්මැට්ටම් ගහන්නෝ) හම්බෙන්න.. ගිහින් එයාලගේ බෙර එහෙම හදන්න තියෙනවද කියලපොඩි විහිලුවකුත් කරලා. මේ පැත්තේ වැඩ ඕගොල්ල නේ කරන්නේ අනේ මගේ වැඩේටත් ඔයාලම එන්න කිව්වා.උන ්බය වුනා. මං කිව්ව යකෝ මං තාම මැරුන් නෑ.. මැරෙන්නෙ ඉන්නේ .. ඒ වැඩේ උනාම වරෙල්ලා. කියල උන් එක්කත් ඩ්‍රිංක් එකක් දාන්න සෙට් වුනා.
දැන් ඉතිං බෝරිං වගේ නේ අයිසා.. අංකල් අසන්නට විය.
ණෑ නෑ.. හලෝ..ඉතිං බාගෙට කර අරින් නැතුව කියන්නකෝ ඉතිරි ටික. අයිසා පිංසේන්ඩු වන්නට විය.
අපි කරාවේ. ඒ කිව්වේ කුලේ. අපේ අහල පහල කරාවේ පංසල විමලාරාමේ. විමලාමෙන් තමයි මං මලාම මතක බණට හාමුදුරුවෝ වඩ්ඩන්නේ. මං ඉතිං වැඩිය පංසල් යන් නෑ.. පෝයටත් ඔය හැංගිල නෙ ඉන්නේ. ගිහින් අවේලාවේ පෝයකුත් නැති දවසක හාමුදුරුවෝ හම්බෙලා. ලොකු හාමුදුරාවොත් හම්බුනා. අනේ මේ සංසාරේ දුකයි. දුකයි. කෙළව ර නිවනයි කියලා බයිලා ගගහ ඉදලා අවසානේ මම ඉතිං පිලිවෙලටම කිව්වා මගේ ඉවෙන්ට් එකේදි දිග කතා කරන්න එපා..ඔන්නොහෙ පොඩියට කෙටියට මරනේ මතක බණ වැඩේ කරල දාන්න කියලා. ඇත්තටම හාමුදුරුවො බය වුනා. ඒත් මම සේප් කරලා ගාන්ට වැඩේ ගෙනිච්චා.
ඔය වැඩේ පුතාලට ආරංචි වුනා. ගමේ අය දැනගෙන උන්නා. හැමෝම හිනාවුනා. ගෙරදින් නම් බැන්නත් එක්ක. තාත්ත මේ හදිස්සියේ මොකද තැන් තැන්වල ගිහින් මලගේ ප්ලෑන් කරන්න යන්නේ. තාම මේ ඉඩකඩං වත් පිලියෙලක් කලේ නෑනේ. කියල පුතාල හිතන්න ඇති. ඒත් එයාල කිව්වේ වෙන බයිලා.
තාත්තා... අපි තාත්තට මොනම අඩුවක් වත් කරල තියෙනවාද? තාත්තා ගැන කොයිතරම් හොයනවද ? එහෙම එකේ තාත්ත ගිහින් මලාට පස්සේ මරනේ වැඩට අරයට මෙයාට ආරාදනා කරන්න ගියාම අපිට තියෙන තැන මොකද්ද? අනික මේක ටවුමක් නෙමෙයි ගම ? තාත්ත ටිකක් හිතන්නකෝ..ඒ මගේ එක ලේලියෙක්. අපේ පුතා ඒ ලේලි ඒහෙම මට නම්බුව ගැන ඉගැන්නුවේ. ඒ ගෑනි උස්සන් ආවේ හෙන කැලෑ පලාතක බොහොම දුප්පත් තැනකින්. අපේ පුතා නිසා මම ඉතිං උගේ කැමැත්තට ඉඩ දුන්නා.
ඔයාලට මේවා එච්චර ටච් නෑ..ඒත් පොඩ්ඩක් හිතන්න අයිෂ් ඒ කෙල්ල අපේ පුතා බැන්දේ නැත්තං කෙහේ හරි කැලෑ ගමක මෛාකක් හරි කසිප්පු කාරයෙක් එක්ක සෙට් වෙලා ඒකි හැන්දාවට කසියා බීගෙන ඇවිත් ගහනකොට බුදු හම්මෝ මෙන්න මූ තඩිබානෝ කියල කැලේට දුවාවි. ඒත් දැන් මගේ එකා කසාද බැදලා. මගේම සල්ලි වලින් මගේ ඉඩමේ ගෙවලුත් හදලා. මගේ සල්ලි බාගයක් වියදම් කරලා වාහනත් අරං..උන් දැන් ලබ්බේ නම්බුවක් ගැන කතාකරනවා. ඔහු කියාගෙන ගියේය.
හුම්.. හරි හරි අංකල් ඉතිං.. අයිෂා නැවතත් තොදොල් වූවාය.
මං දුව මේ ටික බොහොම හිමිං කියන්නේ ටිකක් අමාරුවෙන්. මට උන්ට හොදට කට ඇරලා බනින්නයි ඕනි..ඒත් මෙතන එහෙම බෑ.. කුනුහබ්බ හෙමින් කියද්දි කික් එකක් නැනෙ දුව. ඒක හයියෙන් ඉක්මනින් සට පට ගාල අබ පුපුරන්නැහේ වදින්න ඕනි ලග ලග. එතකෛාටයි වැදගත්.
දැන් ඉතිං අංකල්ඔයාගේ මලගේ ප්ලෑන් කරද්දි ඒකට පුතාල ලේලිලා කැමති වුනේ නෑ..ඉන් පස්සේ? අයිෂා ප්‍රශ්ණයක් ඉදිරිපත් කලාය
ඖ. මම නැවැත්තුවේ නෑ.. ඉන් පස්සේ මම මල ගේට පුටු මඩු ගේන නෙස්කැෆේ මැෂින් දෙන කේටර් බුවා හොයන්න ගියා. අපේ පුතාගේ යාලුවෙක් නේ. මිනිහා නෙමෙයි තාත්තා තමයි දැන් බිස්නස් එක් රන් කරන්නේ. මගේ පුතාගේ යාලුවා ගියානේ කොරියා. හුම් ඉතිං පොරටත් මම විස්තරේ කියලා ඉවරෙලා ඌ ත් කෝමහරි සොට් එකක් දාල සේප් කරගත්තා.
ඉන් පස්සේ මම ගියා මිනිවලවල් කපන එකා හම්බෙන්න. එකෙක් කියලා නෑ..ඌට කිව්වම තමයි මිනි වල කැපෙන්නේ. ගමෙ උන් බාරගත්තට මොකද උන් අරක්කු කෙල කෙල ඉන්නවා. අරෟ දෙතුන් දෙනෙක් එක්කරං ඇවිත් වලකපනවා..මං නොදන්නවැ අපේ ගම මිනිවලවල් කැපිල්ල. ඉතිං මිනිවලවල් කාරයත් සේප් කරගත්තා. මිනිහ නම් පට්ට ෆන් හැබැයි..පොර මං යද්දිම බලාගෙන ඉදලා එයි කියලා. මං පොරට බොන්න අරං දුන් නෑ දුව. මොකද මිනිහාගේ ගෙරද පොඩි උන් බාගෙට හෙලුවෙන් සෙල්ලං කලේ. ඌ හරි නැතිබැරි මිනිහා. හරිම හිතහොද එකා. මට මේ සිද්දියේ දුකම තැන ඌ තමයි. මම මිනිහගෙන් දරුවන්ගේ අඩුපාඩු ස්කෝල පොත් අනම් මනම් අහලා පොත් පත් ටිකකුයි ඇදුම් කඩමාලු ටිකකුයි ගිහින් දුන්නා පස්සෙ ්දවසක. රුපියල් පන්දාස් ගානක් ගියා. ඒත් මම ඒ දිපු තෑග්ග නම් මට අමතක වෙන් නෑ..පිං ලැබෙනවා න්ම ඒකට සම්පූර්ණ පිනම ලැබෙන්න ඇති මහිතේ. මිස්ට ග්‍රෙග් කියාගෙන ගියේය.
ඉතිං අංකල් මොකද්ද උනු වැරද්ද? ඔක්කොම හරිනේ..ඒක ටිකක් වෙනස් දෙයක්. ඒත් ඉදහිට අය ඕම කරන්නේ. මං කියවල තියෙනවා වෙන රටවල මිනි පෙට්ටිත් තියං ඉන්වාලු ගෙදර ම.. අයිෂා කියන්නට විය
එතන නෙමෙයි පුතා අවුල.. අර මිනිපෙට්ටි සාප්පු කාරයයි, ලොකු හාමුදුරුවොයි, නෙස්කැෆෝ පුටු මේස රෙන්ට් බුවයි, සිංගාරං ගහන සෙට් එකේ දවුල් ගහන ලොක්කයි හතරම මාස තුන හතරක් ඇතුලත මලා. මිනිවලවල් කපන මිනිහටත්ලොකු අනතුරක් වෙලා එකතැන් වුනා. මට අර අවසාන මිනිහා ගැනයි ගොඩක් දුක. නැවතීමේ මුද්‍රාවකින් සුසුමකින්ද යුතුව ඔහු කතාව අවසාන කලේය.
හුම්.. අයිෂා ගේ මුවින් සුසුමක් මිස වදනක් පිට වූයේ නැත.
පස්සේ ගමේ මිනිස්සු මාව මුනගැහෙන තැන අහක බලං යන්න ගත්තා. මාව හමුවිම මහා අසුබ දෙයක් විදියට දැක්කා. මාත් එක්ක සෙල්ලමට ආව මුනුබුරාල මිනිබිරියෝ දැනං උන් නෑ ඒවා. උන්ටත් උන්ගේ මහ උන් ඒවා මොලවලට ඔබ්බලා ඉගැන්නුවා. මම උදේට නැගිටල මිදුල අතුගාද්දි ගෙදර අය කැමති වුනේ නෑ මාව උදේම හමුවෙන විදියට වැඩට යන්න පිටත් වෙන්න. ගමේ ඉන්න නැකැත් කාරයෝ හාමුදුරුවෝ වගේම ඔය දැන උගත් පන්ඩිතයෝ තැන් තැන්වල මං මහ මූසල මිනහෙක් කියල තිබුනා.
හ්ම්ම්.. ඒකත් එහෙමද? අයිෂා ඇසීය.
ඉන් පස්සේ තමයි මම ලියුමක් ලියලා මම ගෙදරින් යනවා කියලා ආවේ. ඒ ඇවිල්ල සල්ලි ගෙවල තමයි ඔය නිවාසෙට ආවේ.. දැන් මට ඕනි මේ නිවාසෙ ඉන්න මිනිස්සු.. මේ මං වගේ නාකියෝ ටික ඔය සාමාන්‍ය සමාජේ ඉන්න අයට වඩා සතුටින්, හැපියෙන්, ගැම්මෙන් ඉන්නවා දකින්න. කොටින්ම කෙනෙක්ට ගෙදර ඉදන් මහලු නිවාසෙට ආවම..අඩෝ මේක මැක්ස තැනක් නේ කියලා පොරට අපේ සේපාලික නිවාසේ පේන්න ඕනි. අපි කදුලු වැටෙනවා දැක්කම අපිට අනුකම්පාවට පීචමට හිනාවෙන උන් අපි සතුටු වෙනවා දැක්කම අපිට දරුනුවට ඉරිසියා කරාවි. ආන්න ඒ ඉරිසියාවට මම ආසයි.
කතාව එහෙම වුනත් මං හිතන්නේ දුව වුනත් මාව මුනගැහිම අඩුකලොත් හොද ඇති. මේක කාරුවත් දැනගන්න ඕනිත් නැහැ. ඔයා ඇහුව නිසයි කිව්වේ. ග්‍රෙගර් ගේ හඩ බාලකර ඔහු අවසාන වදන් කීවේය.
මම අම්මිට තාත්තිට කියන් නෑ ග්‍රෙගර් අංකල් ගැන. ඒ නිසා බයවෙන් එපා. අයිෂා ග්‍රෙගර් අංකල්ට දගකාර ලෙස කීවාය.

හරිම අපූරුයි....:-)
ReplyDeleteඅමිල මහත්තයා ... ලිංගික අවයවයේ කුඩාබව.... පණනැති ගතිය... ඔබව පීඩනයක්ද?
ReplyDeleteවිවාහය ඔබට සිතන්නටත් භයානක දෙයක්ද?
අපිට පුළුවන් උදව් කරන්න .....
මේක නම් මරු. හැමෝටම දීලා හාමුදුරුවන්ට සොට් එක දුන්නෙ නැති එක නම් discrimination.
ReplyDelete" අර මිනිපෙට්ටි සාප්පු කාරයයි, ලොකු හාමුදුරුවොයි, නෙස්කැෆෝ පුටු මේස රෙන්ට් බුවයි, සිංගාරං ගහන සෙට් එකේ දවුල් ගහන ලොක්කයි හතරම මාස තුන හතරක් ඇතුලත මලා. "
Deleteමේ තියෙන්නේ ලබ්බක්ද. තමුසෙත් නිරා ජෙප්පෙක් වගේ මුව හමට තඩි බාන්න චාන්ස් එකක් හොයන හම්පඩයෙක්නේ ඕයි
ඉයන්.... ඔබගේ ලිංගික හැකියාවන් ගැන ඔබටම අවිස්වාසද?
Deleteමහත්තයා,ඔයාට විෂම ලිංගික අදහස එනිනෙම නැද්ද?
ReplyDeleteකියන්න. අපි උදව් කරන්නම්. හැබැයි ඉතිං ඔන්න කියන දේ අහන්න ඕනා. හොඳේ.
අම්මගායි
ReplyDeleteඔය වගේ බුවාල අපේ සමාජෙ ඉන්නව ඒ වගේ පොරවල් මට මුන ගැහිලත් තියෙනව හැබැයි එහෙම පොරවල් වැඩි කාලයක් ජිවත්වෙනව අවසන් කටයුත වලට වියදම බැංකු ගිනුම් වල දාල වෙන්කරල කාටවත් නය නැතිව යන්න බලන් ඉන්න අය
ReplyDelete