Monday, January 24, 2011

මට හීනයක් වගේ,,,,


මට සීතලයි..එහෙනම් ගිනි ගොඩක් ගන්න,,නැතනම් ප්ලේන්ටියක්..
මට තනියි...මම බල්ලෙක් අරන් දෙන්නම්...
මට පාලුයි...හා ඒකත් බල්ලගෙන්ම කරගන්න පුලුවන් වෙයි අනේ,,,
මට මේ ලෝකෙම කරුවලයි වාගෙ... 
සිම්පල් නේ..CFඑල් තියෙන්නෙ..අලුත් ඇඩ් එකක් යනව දැක්කෙ නැද්ද මාරයි මෙයා...
ඔයා කියන්නෙ බල්ලයි ,ගිනිගොඩයි , CF එලුයි තියනවනම් මට ඔයාව ඕනි නෑ...
අලුත් විදිහට හිතන්න අනේ...
එහෙනම් ඔයාට පුලුවන්නෙ පරන සබන් ලික්විඩ් එක ආයෙ අරගෙන අලුත් සබන් කෑල්ලට ඔව්ව කියන්න...
ලික්විඩ් ඉවර වෙයි...
ඒත් සබන්,, වතුර එනතරමට පෙනදායි..මම නෙමේ අපේ අම්ම මට කීවෙ...
අපි ට වඩා කල් ගතවෙන විසඳුම් වගේ ඒව අපේ අම්මට තියෙන්නෙ ඔයා කීවට...
හ්ම් ඒ කියන්නෙ මෙච්චර අවුරුදු 3ක් තිස්සෙ කරපු මාව එපා...
ඔයත් වෙන මල් වගේමයි..සුලඟ දෙසට නැමෙන..
මම කිව්වද නෑ කියල,.,ඔයා ලියපු කවි කියෙව්වට ඇප්‍රෑව්ඩ්(approved) සී ල් තීවෙ නෑනෙ..
ඔයාට තේරෙන්නෙ නැද්ද මගේ ආලෙ අනේ,,...
මේක හරියන්නෑ පස්සෙ ආත්මෙකවත් ඔයාට සොඳුරු මූනට ගින්දර හදවත ආවෙ නැතොත් බලමු
ආලෙන් කාල,,ආලෙන්ම බීල,,,ආලෙ ඉඳල ආලෙම නැඟල යන්නත් පුලුවන් ආත්මෙක...

Sunday, January 23, 2011

ටවර් හෝල් කලම්බෝ (Tower hall-Colomboo)

මරදාන ටවර් රඟහල සියලු පහසුකම් සහිතව නවීකරණ කටයුතු පසුගියදා අවසන් විය. එය නැවත විවෘත කිරීම නිමිත්තෙන් සම්මානනීය නාට්‍ය උළෙලක් පැවැත්වීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා ඇත.
ඒ අනුව ජනවාරි 26 සිට 31 වන දින දක්වා දිනපතා පස්වරු 3.30ට හා 6.45ට මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට නියමිත බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.
එම නාට්‍ය උළෙලේදී පහත පරිදි නාට්‍ය තිරගත වනබවද සංවිධාකයෝ පවසති.
ජනවාරි 26 – රාජිත දිසානායකගේ ‘සිහින හොරු අරන්’
ජනවාරි 27 – ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’
ජනවාරි 28 – රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’
ජනවාරි 29 – ජාලිය රාජපක්ෂගේ ‘සොකරි නාටකය’
ජනවාරි 30 – පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටිකරත්තය’
ජනවාරි 31 –කලම්බෝ...කලම්බෝ ගැන බූන්දිය කියන දේ මෙතන ඇති කලම්බෝ ආයෙත් පෙන්නන්නෙ කොහේද කියල හොය හොය හිටිය...
අලුත් විදිහක නාට්‍ය විදිහක් බලන්න කැමති අය 31 ටවර් හෝල් එකට එන්නකියල මගේ බ්ලොග බලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනව...

මීට කලින් 31 පෙන්නන්න ඉඳල තියෙන්නෙ වෙන නාට්ටියක් මම පෙරෙයිද ටවර් එක ලඟින් එනකොට දැක්ක කලම්බෝ කියල නාට්ටිය වෙනස් වෙලා..පෝස්ටරෙත් අවසාන නාට්ටිය කලම්බෝ කියල වෙනස් වෙලා තිබ්බ...ඒත් තවම සමහර බ්ලොග් වල තියෙන්නෙ පරණ නාට්ටිය... 

වැඩිදුර තොරතුරු ඒ කීවෙ කෝමද කොතනින්ද ටිකට් හෙම ගන්නෙ කියල 0112431878 කියන අංකයෙන් සතියේ දිනවලදි කතාකරල ලබාගන්න පුලුවනි..මම හෙට විතර පෝස්ටරයක් හෙම දැක්කොත් දොරටුවෙන් හැර කලින් ටිකට් ගන්නෙ කොහෙන්ද කියල කස්ටිය දැනුවත් කරන්නම් කොමෙන්ට් එකකින් හරි....

Saturday, January 22, 2011

සමාධි ප්‍රසංගය කැළණිය විද්‍යාර්තීන්

ඊයේ එල්ෆින්ස්ටන් රඟහලේ ප්‍රසංගයක් පැවැත්වුනි..

එය බැලීමට මා ටිකට් එකක් රැගෙන ගියෙමි..

ටිකට් එක රුපියල් 500කි....

එය නමින් සමාධි නම් විය..

එය කැළණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන්ගේ වැඩක් විය..

සුනිල් එදිරිසිංහ,අමරසිරි පීරිස්,කසුන් කල්හාර,දීපිකා ප්‍රියදර්ශනී එහි ගීත ගායනා කරන ලදී...

වෙලාවට පටන් ගන්නට ඔවුනට නොහැකිවිය...

පටන් ගත් පසු විවිධ වේලාවන් වල ශාලාවට පිරිස ඇතුල්වීම අපට බාධාවක් විය..

පිළිගැනීමේ කථා දෙකක් විය..

ස්තූති කතාවද කුලියට ගත් අයි ටී එන් නිවේදකයා විසින් තුන් හතර වතාවකට වඩා කරන ලදී..

මුල් හරියේදී කල සිසු සිසුවියන්ගේ වේදිකාව භාරදීමට ගත් වෙලාව බොහෝ වෙහෙසකර විය..

තවද වායු සමන පද්ධතිවල හෝ වෙනත් හේතුවක් නිසා ගායන වාදන ප්‍රේක්ශක හැමදෙනා පෝරනුවක දැමුවා මෙන් දහදියෙන් තෙත් විය..

තුන් දෙනාගෙන් කසුන් හා ඉතිරි දෙදෙනාට වාදක කන්ඩායමේ සහයෝගය හොඳින් ලැබුනත් අමරසිරි මහතාට එසේ නියමිත සහයෝගය නොලැබුනු බව මගේ අදහසයි...

මුලු ප්‍රසංගය පුරාවට අසූචි වලින් නහවන්නට හා මඩ නා ගන්නට සහ ප්‍රේක්ශකයින් වල් මත් කරන්නට අයි ටි එන් එකේ නිවේදක නම් වූ ඌරෙකු කුලියට ගෙන තිබුනි...

මා ඌරා ගැන කිසිත් නොකියමි..මන්ද උන්ගේ ජන්ම ගති නොවෙනස් වෙන හෙයිනි..

එහෙත් මෙවැනි වැදගත් ප්‍රසංගයකට මෙවන් තැනක හැසිරෙන්නවත් නොදන්න එකෙකු ගෙන්වා ගැනීමට තරම් කැලනි විශ්ව විද්‍යාලයීය විද්‍යාර්තීන්ට වූ දැනුමත්..ඌ ලවා කැමති සින්දු කියවා ගැනීමට ගත් උත්සාහයත් ඇත්තෙන්ම උඩුගංබලා යෑමකි..

ශාලාවක් තෝරාගෙන ගායකයින් වාදකයින් ගෙන්වාගෙන එය සරසා ප්‍රසංගයක් තැබීම ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය සම්ප්‍රදායේ උඩුගංබලා යෑමක්ලු...

අනේ නිශ්මි,බාලෙ,වීරසූරිය උඹල මැරිල අපිට ඉතිරි කරල ගිහිපු පොලොස් කොට්ටෝරුවොන්ගෙ හැටි...

ගම්වල අට පාස් බෝක්කු උඩ ඉන්න කොල්ලොත් මේ විද්‍යාර්තීන්ට වඩා ලස්සනට වෙලාවට කලාවට සහ කලාකරුවන්ගේ ගෞරවය සහ ගීත නොනැසෙන පරිදි ප්‍රසංග පවත්වනව...

පනාමුරේ ඇතා



ඇත්ගාල..

අලින් නිතර පැමිණෙන ස්ථානයක ඔවුන්ට නොදැනෙන පරිදි විශාල ප්‍රදේශයක් වටකොට කම්බි ගසයි..කම්බි කණු සිටවනුයේ ගැඹුරුවලවල් වලට කනු බස්සවා ඒකනු සෙලවෙන්ට රිසි සේ තැබීමෙනි..එවිට අලින් විසින් කම්බි වැටට පහරදුන් කල යලිත් එම කම්බි විත් අලියාගේ ඇඟේ වදී..ඇත්ගාලක් පැවැත්වීමෙන් හීලෑ අලි සමඟින් එකතුව අලින් අල්ලා ගැනීමත් ඉන්පසු බැඳීමත් සිදුකරයි..මෙසේ මෙවැනි අලි ඇල්ලීමේ මහා ඇත්ගාලක් අවසාන වරට ලංකාවේ පැවත්වෙන්නේ පනාමුර ප්‍රදේශයේය..

අලි ගාල පටන් ගත් දින සිට එම රැලේ නායකයා වූ ඇතාගෙන් වූයේ මහත් ගැහැටකි...ඇත්ගොව්වෝ සිය දිවි රැක ගත්තේ මහත් වෑයමෙනි..ඇත්තු අල්ලන්නට එන හීලෑ ඇතුන්ටද පහර පිට පහර දී එලවා දැමීමට පනාමුරේ ඇත් රජු සමත් වීය...කෙසේ වතුදු සාමාන්‍යයෙන් ගතවන කාලයකට වඩා වැඩි කාලයක් ඇත්ගාල පවත්වීමට සංවිධායකයිනට සිදුවිය..

දේශපාලනික පසුබිම..

එම ඇත්ගාල පැවත්වූයේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල කථානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය..දෙවන ලෝක යුද සමයේ විදේශිකයින් හා උරෙනුර ගැටී යුද්ධයට සහාය දැක්වූ නිසාද මඩුවන්වෙල වලව්ව සම්බන්ධ අවසාන සිංහල රදලයෙකු වූ නිසාද කීර්තිමත් උගතෙකු වූනිසාද එතුමාට රටතුල කතානායක කමට හිමිකම් කීමට ඕනෑවටත් වඩා සුදුසුකම් වීය...

මඩුවන්වෙල දිසාව ගැන මා බොහෝ කතා අසා ඇත ..එහෙත් මටනම් ඔහු නිකම් අහංකාර සිංහල රදලයෙකු පමණි..එකල ගෙවල්වල වැඩිවිය පත්වූ ගැහැනු ළමුන් පලමුවෙන්ම මඩුවන්වෙල දිසාව වෙත යොමුකොට සිටිය යුතු නීතියක් තිබුනේලු..ඒ වාගේම රටේ විදේශ විනිමය වැඩි කිරීමටදෝ මඩුවන්වෙල විසින් අලිගාල් විශාල ප්‍රමානයක් පවත්වා ඇතුන් පිටරට ඇරිය බව පරණ විස්තර අපිට පවසයි..සිය සිංහල රදල බව ආරක්ශා කරගැනීමට විනා අහින්සක සිංහල ගැමියන් වෙනුවෙන් පෙනීසිටි චරිතයක් නොවේ මඩුවන්වෙල දිසාව..එවැනි අයෙකුගේ කුහක දිවි පෙවෙතේ අහංකාර අවස්ථා කීපයක් දක්වා ඒවා සිංහල පොත් වලට රිංගවා විශය නිර්දේශ තැනුවෝ ළමුන් තුල කිනම් වූ කුශලතාවයක් වර්ධනය කිරීමට උත්සාහ කලේ දැයි මටනම් ගැටලුවකි...

මේ ඇත්ගාල දින ගණනක් පැවැත්වීමට හේතු වූයේ කිසි ලෙසකින්වත් රැලේ නායක ඇතාව මෙල්ල කරගැනීමට නොහැකි වීමයි..එකල සිටි වාමාංශික දේශපාලකයි න් ඇතුලු බොහෝ පිරිස් මේ අමානුශික වධය පිළිබඳ උද්ඝෝශන පැවැත්වීය..එවිට ආන්ඩුකාර වරයා හෝ කතානායක වූ මොලමුරේ වැනි අයටත් ඉතිරි රදලයින්ටත් මෙය භාදාවක් විනි..එසේම මේ අලි සංහාර වලට විරුද්ධව මහා ජනමතයක් ඇති වීමට එය බලපෑවේය..එවිට මොලමුරේ මහතාද අපේ නාමික නිදහස ලබාගැනීමට පුරෝගාමී වූවෙක් ලෙස සැලකීය..එහෙත් අදමෙන් එක ජයග්‍රහනයකින් දෙනෝ දාහක් නොසන්ඩාල වැඩ වහගත හැකි මාධ්ය නොතිබීම ඇත් රජාගේ අමරණීයත්වයට හේතු වීයයි මා සිතමි..

මෙම ඇතා සාමාන්‍ය එකෙකුට වඩා විශාල සරීර ප්‍රමානයෙන් යුක්තවීය..එසේම උගේ ගති ලක්ශන අනුව ඌ වටිනා එකෙක්ම විය..මඬුවන්වෙල දිසාවගේ මුනුබුරෙකු ඇත් මන්තර වලින් ඇතා මෙල්ල කිරීමට ගොස් සිය දිවි බේරාගත්තේ අනූ නවයෙනි...ඔහු පවසා තිබුනේ ඇතා කුලප්පු වී ඇති නිසා මන්තර අහන්නේ නැති බවකි..තවත් අලි මන්තර කරුවන්..හීලෑ අලින් යොදා ගත් ප්‍රකට අලි අල්ලන්නන් රැසකගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ ගඟට කැපූ හිනි මෙනි..කාලය සමඟ දේශීය මෙන්ම විදේශ මාධ්‍ය වලද මෙය ප්‍රධාන මාතෘකාවක් විය..ඇත්ගාලේ ප්‍රධාන චරිතයක් වූ මොලමුරේට මෙය මහා ප්‍රශ්ණයක් විය..

අවසන තීරණයකට පැමිනුනි..අලුතින් ඇල්වූ අලි සියල්ල ගස් බැඳ ගාලේ දොර හැර ඇතාට යන්නට අවකාශ දෙන ලදී..එහෙත් සිය වරිගයේ උන් දුක් විඳිද්දී සිය සැප තකන මනුශ්‍යයිනට වඩා ඇතාගේ සිත බලවත් විය ..තමාට පැන යන්නට සියලු අවකාශ තිබියදීත් ..මෙතෙක් ගාල වටේ ලූ කණු වල ශක්තියට මහා බලයකින් පහර එල්ල කරමින් නිදහස සෙවූ ඇත් රජු..ඒ සියල්ල සිය හිතසුව පිණිසම නොවන බව මොනවට පසක් කරගනිමින් හැරලූ ද්වාර සහිත ගාලෙන් කිසිදු භෞතික බන්ධනයක් රහිතවම(අනික් අලි මෙන් මෙම ඇතාට කිසිදු කඹයක් හෝ නොවුනි ) වුව සිය මිතුරන් හැර යෑම ප්‍රතික්ශේප කලේය..

දැන් විසඳුම් දෙකකි,,එකක් අලි සියල්ල නිදහස් කොට ඇත්ගාල වසා දැමිය යුතුය..නැතහොත් හස්තියා මරණයට පත්කල යුතුය..එහෙත් අතලෙවකන්නට මී කඩන සිරිතක් දේශපාලන හෝ ව්‍යාපාරික ලොවතුල නොහේ..ඉදින් කිසිවෙකුට වරදක් නොවූ අහිංසක සිව්පාවාට මරණ දඬුවමම හිමි විය..පලමුව රත්නපුර පොලීසියට භාරදුන් නමුත් මෙය ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම කල නොහැකි බවක් පැවසූ නිසා එවක ලංකාවේ සිටි හොඳම වෙඩික්කරුවා..පිඹගෙන ගිගුම් දෙමින් නාලාගිරි විලාසෙන්,,මේ අලුත් බටයක් ගෙන සිටින සුද්දා පෙරමුනට පැමිණි වීරයාගේ බොරු ඇස සිදුරු වී ලේ මුසුව ගියේය..සද්ධන්තයා පොලොවට බර විය..මෙතෙක් වේලා මුදලට ලොබින් හෝ සිය ජීවිකාව පිනිස හෝ ඇත් ගාලේ සිට මෙම දැවැන්තයා ඇල්ලීමට කුරුමානම් ඇල්ලූ ඇත්ගොව්වෝ..මෙවැනි පව්කාර වැඩක් වුවත් ඇතිදේ බැලීමට පැමිනි ජනකායෝ සිය ඇස් මොහොතකට කඳුලින් තෙත් වන්නට හලෝය..

ඇතා මලත් බොහෝ වැදගත් අය මෙය හෙලා දුටුවේය..අලිගාල් සම්බන්ධ ජන අප්‍රසාදය වැඩි විය..මා මතකය නිවැරදි නම් එය අවසාන ඇත්ගාල විය..එසේම ඉන්පසු අලි සම්බන්ධ බොහෝ නීති රීති පොත්වලට එන ලදී..ලංකාවේ අලි ගහනය සීඝ්‍ර ලෙස අඩුවීමට හේතු වූ ඇත්ගාල් නැතිවීමට මහා වීරයානෝගේ දිවි දීම හේතු විය..එකල එය චිත්‍රපටි,, ගීත බිහිවීමට හේතු වූ මහා කාරනාවක් වීය..කොටින්ම ඒ මහා වීරයානෝ දෙස් විදෙස් හී පතල විය..ඇත්ගාල පැවැත්වූ තැන පුරාවිද්‍යා ස්ථානයක් විය..මඩුවන්වෙල මොලමුරේ වරුන්ට අකමැත්තෙන් වුව මේ හදිසි ඉල්ලම අත් හරින්නට ලෙයින් පිදූ ඒ පනා මුරේ ඉතිහාසය ඉවහල් වීය..

සමහරෙක් මලත් නොමලේය..මන්ද උන් දෙනෝ දහක් දෙනා අඬන මරණය හා සිනාසුන හෙයිනි...
පනාමුරේ ඇතාගේ කොත්තු සින්දුව මෙතන
පරණ සින්දුව ඒ කීවෙ ඔරිජිනල් එක මෙතන

කඩොල් ඇතා..

කඩොල් ඇතා..

කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි...ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය..ඌ ටිකක් මතක තියෙන ඇතෙකි..නන්දිමිත්‍ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්‍ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි..උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත.එවිට නන්දිමිත්‍ර නමැති කෙනා ගැන ආරන්චි වී ඇත..ඔහු මහා ශක්තිය ඇත්තෙකි..එබැවින් නන්දිමිත්‍රයා යෝදෙයෙකැයි රට පතල විය..

පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්‍ර අභිමුවට යවයි..නන්දිමිත්‍ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු..එවක කඩොල් ඇතා කුඩා එකෙක් වෙන්නට ඇත..විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්‍රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි..වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත..එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත.

කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු..ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න..දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු...

ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ ..කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය..

මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි'යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති...කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්‍රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ...පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙනේ පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි..කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැ..යි පුරාන පොත් හි සඳහන් වෙයි...


මෙතෙක් කල් පොලක් තබාගෙන සිටි කඩොල් පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි...කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම..අවසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම...සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි,,..

Thursday, January 20, 2011

තටු ලැබුන නිර්මලී....

මෙසමයෙහි එක්සත් අරාබි එමීර් නම් රාජ්‍යයෙහි එක්තරා නිවෙසක බොහෝ සෙයින් වස්තුව නැතත් සතුටින් සිටින නිවෙසක මෙහෙකාර සේවයේ එක්තරා අංගනාවක් සෙව්හි යෙදේ...මලක් උවත් බෝ දුරමැ පිපී ඇති නිසායෙන් ඇයට අපි නිර්මලී යැයි කියමු..

උදෑසන තම බිලියන 6ක සකල ලෝ වැස්සන්ගේ සුවදුක් විචාරන අප මහ සක් දෙවිඳු සිය කම්පීටර යන්තරය වැරගන්වා ලෝ තතු විචරන්නේ නිබඳවම වියෝ දුක් ගිනිම සිය බිත්තියේ දමන මේ නිර්මලියෙගේ මූනුපොත් තතු බලා ඇය සම්ඟ සිහිනෙන් වත් චැට් කරමියි සිතා සිය දිනපොතේ ලකුණක් දමා ගත්තේය..

අරාබියේ නිවෙසක සෙව්හි යෙදී ලක්ශන අංගයන්ගෙන් ගහන රූ සෝබාවක් ඇති නිර්මලියකට සිටිය හැකිද??ඇයටද අප ආශ්චර්ය රටේ නිකම් යුවතියනට මෙන් මූනුපොත්ට යා හැකිද??නිවෙස් හි සෙව්හි සිටින ඇයට මෙතරම් සැපැ ඇතිදෝහෝයි මේ පාඨකයා සිතනු ඇත...තම්බි උවත් සියලු තම්බියෝ එක් වැනිම කුහක,මුඩුම ,කුජීත ගති නොමැත්තූය..ඔවුනතරද අප මහ බෝසතානන් මෙන් දුක් ඇති තැන ලෙහි හුනු වෙන,,ඔවුනගේ දුඛිදී ඒ වෙනුවෙන් පිහිට වෙන සිය දෝනියැන්දලා වන් වූ සෙව් පිරිසට ආරක්ශා සලසන්නාහු වෙති..ජෙරුසෙලම නම් රටේහිදී ජේසුවා නම් වූ එකාටත් එහා ඇණ ගසාගෙන ලංකා නම් වූ ආශ්චර්ය දේශයට පැමිණි අයවලුන් ගැන පිටු පුරා ඇති පුවත් මීයට ඇදෙන වලසුන් සෙයින් රසබලන්නෝ මෙහි විස්තර විස්තර ඔවුනගේ ඇස් නලලෙහි හොවන්නේමයැ..

මීට ආයු දසකට එපිට වූ ජනී ප්‍රමානය මේ වන්විට බෝ සෙයින් වර්ධනය වී ඇති සෙයින් ශක්‍රයාට පෙර මෙන් සිය සේවය කම්පීටර රහිතව කල නොහේ..ඔහු සතුව ඇති විසාල සර්වර නම් වූ දත්ත බැංකු ලොව්හි මූනුපොත් සර්වර මෙන් කිහිප ගුණයක් විසාලය...දෙව්ලොව පරිගණක කෙසේ වීදැයි විස්තර කිරීම කල හැකිමුත් මෙහි දියුණු වෙන වේගය මෙන් කීප ගුණයකින් වැඩි එහි දියුණුව මෙහි පාඨක තොමෝ දෙව්ලොව යන විට බෝ සෙයින් වෙනස් විය හැක...

මීට ශක්‍ර වර්ශ කීපයකට පෙරින් සක්දෙවි වැඩවිසූ ආසනය දැන් එහි විශේස වැඩපිණිස ගනී...දැන් එයටත් එලාම් සෙට් කර කොම්පීටර සැට් කොරන ලද්දේ ආශ්චර්ය දේශයේ කපුටු කම්පීටර ටැක්නීසියොන් කොල්ලක විසිනැ...ඉදින් දිනෙක යලිත් නිර්මලීය වෙතම යොමු වෙමු...

කෙතරම් මතකය හැරපියා ලූවත් කෙතරම් දුර ගොස් ලූවත් යලිත් පැමිනෙන පක්ශියක් මෙන් ඇගේ සිත උක්ත දින සංජීවය නම් වූ සිහින කුමරා සමඟින් සිහිනෙන් පෙමින් වෙලී සිටින්නේ...එම සිහිනෙය තුලට එක්වරෙම සිය රූ සොබාවෙන්ම ඇඳුම් පැලඳුම් පිටින්ම ශක්‍රයා කඩා වදින්නේය..

සිය හැඳුනුම්පත නිර්මලිය වෙත දැක්වූ පසු ඇය පුදුම වූ සැටි ශක්‍රයා තමා ගැනම බටර් ගා ගත් සැටි මා පාඨක තෙම වෙහෙස ගන්වන නිසායෙන් එම ස්ලයිඩ්ඩු කපා අපි මැද ස්ලයිඩ් එකකට යමු...

ශක්‍ර:එසේනම් ඔබ යලිත් සිය මව් රට විසීම ගෝචර නොවෙනවා යැය් ඔබ සිතනවා නොවෙද>???

නිර්මලී:දෙවුනි...මා හට රැකීමට මේ දෑය..මා බලා කියාගන්නේ මේ අයයැ..මුන් නම් මට සැබෑ ආදරේයැයි කිව හැකි කිසිවෙකු මට ආස්චරිය රට නොවෙති..මා වර්ශ 5ක කාලයක් විදෙස් ගතැව සිට ගම යනකලැ මා සතුව ඇත්තේ වස්ත්‍ර සහ නොනැසූ චරිතය පමණකි...

ශක්‍ර:ඔබ මුදල් දඬුවම්ට දුන්නේද??නැතහොත් සෙල්ලමටම යෙදවීද???

නිර්මලී: ඔබ ශක්‍ර වීත් මෙසේ වෘශභරාජ ප්‍රශ්ණ විචාරන්නේ ඇයි??

මාගේ දෙමාපියන් යැපුනේ බෙහෙත් ගත්තේ මා මුදලිනි..පැල්පතක් වූ අපිට ගෙයක් යැයි කිව හැකි යමක් දුන්නේ මාය..දැන් විවාහක මාගේ මලනුවන් හා නංගා හට සිල්ප පිණිස මුදල් දුන්නේ මාය..වර්ශ කීපයක සිට යම්තම් ඇවිද ගැනීමට පමනක් වරම් ඇතිවූ මා පියා ඇතුලු පවුලම නඩත්තු කලේ මාම වෙමි..

ශක්‍ර: මා මෙහි පැමිණීමට පෙරැ ඔබේ සිහිනය වෙන කෙනෙකුන් හට දී තිබිණි..මා විසින් එහෙන් මෙහෙන් බලනා ලදුව ඇති ඔබේ දිවි කතාව අනුව ඔහු ඔබේ පෙම්වතාය...

නිර්මලී: එසේමයැ..එහෙත් දැන් ඔහු දෙදරු පියෙකි..සය මසකට පෙර ටැලිෆෝනනයෙන් කතාකල ඔහු නිර්මලී මා ඔබ හැර වෙන කෙනෙකුන් නොවන බව මට වැටහෙනුයේ දැන්ය...යැයි කීය..එහෙත් මින් ඉදිරියට යෑම යනු ඔහුගේ දරුවන් අතරමන් වීම විය හැකි බැවින් මා දැන් ඔහු ඇමතීම නොකරයි..ඔහුට පවා කර්කශ වූ සමාජ වටපිටාව උත්ක්‍රමනය කිරීමට බලය මුදල් එකල නොවීය..දෙමාපිය මිතුරු කීමට පිටු පා මා වැනි නිකමියක,,මුදල් නැතියෙක,,බල නැතියෙක ආවාහ කරගැනීම කතාවලම සිදුවන දේ බව ඔහු පසක් කර දුනි..

ශක්‍ර:එහෙත් මාගේ ශක්‍ර දත්ත පෙන්නුම් කලේ ඔබ කසාද ගැහැනියක බවය...එවිට ඒවා වැරදිද???

නිර්මලී:ඔව් ඔබ හරි...මා මේ කතරට පැමිණියේ ඒ නිසාය..මගේ මලනුවන්,,මව,,පියා පවසන පරිදි ඔහු හොඳ කෙනෙකි..එහෙත් මටනම් ඔහු ගැන කිසිදු ඇල්මක් නොවුනි..විවාහය රෙජිස්ටර වීමෙන් මතු එක් සතියෙකි මා ලංකාවෙහි ගතකලේ..ඉන්පසු මා විදේශගත විය..ඔහු මුදල්,,බලය ඇති නුවර ප්‍රදේශයෙ බලවතෙකි..මාගේ ලක්ශන රූප සොබාවට ඔහු කැමැති බවමැ ඔහු කියයි..එහෙත් මගේ මිතුරන්ද පවසන පරිදි මා ඔහු නොලැබීමට පව් කාරියකි..ඔහු ගති ගුණයෙන්ද කිසි වරදක් නැතියෙකි..එහෙත් ඔහු හට මා සිත නොබැඳීමට මා කුමක් කරම්ද කියන්..ඔබ දෙවියෙක් නෙව...කිම මේ බිරාන්ත වී???

ශක්‍ර: ඔබකලින් පැවසූ පරිදි ඔබ බලාගැනීමට කිසිවෙක් නෑ..එය බොරු නේද??ඔබට විවාහයක් කරදීමට ඔබේ පවුලේ අය බොහෝ මහන්සි වී ඇත..

නිර්මලී: නෑ ඔවුන්ට ඕනි උනේ මට මුකුත් දේ නොදී ඉන්න...අපේ අම්ම මට ඉඩමක් ලියල තියෙනව ඒක පවා ගන්න තමා ඒ අයට ඕනි උනේ..මම දැන් ඔය අම්ම කියන කෙනා නෙමෙයි මගේ අම්ම..එයා මැරිල...පසුව මා පියාට ලැබුනු දෙවැනි කසාදයේ ළමුන් තමා මාගේ මලයා සහ නංගා වෙන්නෙ..මගෙන් නිදහස් වෙල අර මම බැඳපු ගෙනාගෙ වස්තුවට ලොබ බැඳීම තමා සිද්ද වෙන්ට ගියෙ..ඒත් මම අකමැති උනා...

ශක්‍ර:මට දැන් කරන්න පුලුවන් දෙයක් තියෙනවද???

නිර්මලී:මා මෙතෙක් කල් දෙවියන් විස්වාශයෙන් බොහෝ කල් ගෙවුව..එහෙත් මාහට දැන් වැටහෙනුයේ ඔබ වැනි මහා බල ඇතියන්ද මා වැනි කාල කන්නියන් අභිමුව නිරුත්තරයි නේද කියල...මා මිතුරියන් දැන් සිය දරුවන් සහ පවුලේ පින්තූර මූනුපොත්හි දමන විට මට කසාදය කියන්නෙ හීනයක්..ලොකු ගෙවල් ගැන මහ ඇඩ් තියෙනකොට මට මාලිගා කියන්නෙ ඔබ වැනි ලෝකෙකට ආවට පස්සෙ ගන්ට පුලුවන් දෙයක් වාගෙ...

ශක්‍ර:මා නම් සිතන්නේ ඔබට නව කසාදයක් ගැන සිතීමට කල් පැමිණ ඇති බවයි.ඔබට ලැබෙන නව සැමියා ඔබ මල් බඳ වටා සිට කැරකෙන බඹරෙකු මෙන් ඔබ රකීවි..ඔබ සනසාවි..ඔබේ අඳුරු රාත්‍රීන්ට සොඳුරු හීන ගෙනේවි..

නිර්මලී: මේ ගෙදර බබා දැන් මගේ වාගෙ..මෙයා ල දැන් මගේම වාගෙ..මහත්තය මට තාත්තෙක් වාගෙ..මේ පොඩි එකා ඉපදුන දවසෙ ඉඳල ඉන්නෙ මම ලඟ..මට මේ දරුවො මගේ අය වාගෙ..ළඟදි මේ අය ඇක්සිඩන්ට් වෙලා මටත් හරි දුක හිතුන..

මම කොහොමද කෙනෙක් විශ්වාස කරන්නෙ..මම සංජීවට ආදරේ කලා...ඒත් අවසානෙ...මම ගෙදර අය විශ්වාස කලා..ඒත් අවසානෙ..මට මේ ළඟදි මල්ලි ලියුමක් එවල තිබ්බ..තාත්ත ලෙඩවෙලා තියෙන්නෙ මම නිසා ඇවිත් එයා බලන්න කියල...ඉතින් ඒ මනුස්සය බලාගන්නව කියන එකෙනුත් මේ අය බේරෙන්න හදන්නෙ...කොහොම උනත් මම මේ පාර ලංකාවට ගියාම දික්කසාදෙ ගන්නව..අරන් කොහොම හරි ඉතාලි හරි වෙන රටකට හරි යන්න බලනව...

ශක්‍ර:මා දුටු පරිදි ඔබට බොහෝ අය කැමතියි..ඔබ අනාගතේ ලස්සන වෙයි..මට හැකිවිට ඔබ සප් එකක් දෙන්නම්..එහෙනම් සී යූ ලේටර්...යැයි තෙපලූ ශක්‍රයා එසැනින් අතුරුදන් විය..

Saturday, January 15, 2011

අවසාන ලිපිය +1

මීට මාස ගානකට කලින් දාපු පෝස්ට් එකක් තියෙනව අවසාන ලිපිය කියල..එතනදි කිව්වෙ මගේ ලව් එක නැවතිලා නන්නත්තාර උන හැටි..අදින් ඒක ඉවර උනා/..ඉවරයි කීවට මම නෙමෙයි හලෝ..කෙල්ල ම කීව එයාට වෙන කෙනෙක් ඉන්නව අලුත් තැනින් කියල..හපෝ මට වස විලි ලැජ්ජාව නේද???
දැන් කට්ටිය බෝරින් කියල අතහැරල දායි කියවන එක..තවත් බූට් කතාවක් කියල...
කවුද මාලු කාරයෙක් කියල තියෙනව එක මාලුවෙක් නැතනම් මූදෙ ගොඩක් මාලු ඉන්නව කියල..උගෙ...ආච්චිට...හාල්....
ඒ යෝදයට මාලුව ලොකු වස්තුවක් ඒක උගෙ ජීවිතේ..
අපේ පොලා දැන් මාලු විකුනනව..ඌත් මාලු පෙට්ටියෙ කාන්චනා කියල ගහගෙන...ඇහුවොත් කියන්නෙ..අනේ අද ඇති මාලුවක් නෑ බන් කියල...ඌ අද මාලු විකුනන්නෙ අර කාන්චනා නිසා වෙන්න ඇති..ඒත් අර බල්ලට කන්න බැරි කුනු මාලු යන පෙට්ටියෙ කාන්චනාගෙ නම එල්ලිල යනව වාගෙ කාන්චනත් උගේ පස්සෙම එනව ඇති උගෙ හීන ලෝකෙ..

පින්වතුනි...මේ ලෝකෙ හරියට කෙලෙස්,,මේ කෙලෙස් හරියට නිකම් ගොනා පිටිපස්සෙ යන ගැල වාගෙ..පස්සෙන්ම එනව..මටත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අර ගැල වාගෙ තමා..කොච්චර දමල යන්න හැදුවත් බෑ...

උඹට ඔය ගැන ඔච්චර දුක උඹට ඔය කෙල්ල හරියට සෙට් කරගන්න බැරි උන නිසා..එහෙම කියන්නෙ අපේ දිගා කියල ගෝතයෙක්...උගේ අදහස වෙන්නෙ මට කෙල්ල රිසි පරිදි අදින්න සෙට් උනානම් මේ තරම් දුකක් ගින්නක් නෑ කියල...
ඌටත් කියන්න තියෙන්නෙ ආච්චිගෙ බ්ලවුස් එක කියල තමා...මම ඌට මුකුත් කීවෙ නෑ...මොකද කීව කියල උගේ හැදෙන වෙනසක් නෑ...ප්‍රේමයේ අවසානය සරල අනුවර්ථී චලිතයකි..එහෙමයි ඒ යකා හිතන්නෙ...හා ළමයි සයිනාකාර චලනවලට උදාහරණ කියන්න කීවම..අපේ සර් තරුණ බුවෙක් නිසා කොල්ලො එක එක එව්ව කීව...වතුරට ගලක් දැම්මම..එන්ජිම කැරකෙනකොට...කෙල්ලො කොල්ලො ඉස්සරහ පාරෙ යනකොට....සයින් ආකාර චලිත දකින්න පුලුවන් කියල කිව්ව... ඕක අස්සෙ එකෙක් කියපි සර් ගහේ මුදුන...කොහෙද යකෝ හෙලවෙන්නෙවත් නැති ගහක සයිනාකාර චලිත....ඒ සර්ය...නෑ සර් ගහට හුලං ආවම ගහත් සයින් තමයි...ඒ වාගෙ ඕන එකකට දැමිය හැකි බූට් තියරිද ඇත..

කෙසේ උවත් බූට් නම් සැපය හැමෝම ලබාගත යුතුයි මා සිතයි..ලෝකය කෙතරම් තදින් සහ ඉක්මනින් වෙනස් වෙයි දැයි බූට් වැදුනු කෙනෙකුට තම නැණ පමනින් වැටහෙයි...අපි සතු සිහින එකමත එක කඩා වැටී අපි අසරණවී සිටින හැටි..සියල්ලෝ සිටිත්දී..ඇය නොමැති කල කිසිවක් නැතැයි සිතෙන හැටි..තව..සියලු දේ ඇය වෙනුවෙන් කැපකලත් අවසානයේ බැනුම් වල සුමුදු පහස ලැබෙන හැටි...තමා මත ඇති සියලු දේට තමා පමණක් ඉතිරිවෙන හැටි..හරි වින්දනීයයි..

අවසානෙට මම කලින් ලිපියට දමපු සින්දුවක් තියෙනව...ඒකෙ හරි ලස්සන ගතියක් තියෙනව...ඒ කාලෙ මට යූ ටියුබ් දමන්න...පුලුවන්කමක් තිබ්බෙ නෑ...ඒත් දැන් පුලුවන් නිසා දානව...
භාතිය චින්ති ඉරාජ් ශිහාන් අස්සෙන් ශකීර දක්වා ගිහිපු කාලෙ මේ සින්දුව මේ මම කියන නිසාම පොඩ්ඩක් 
අහල යන්න...

තරු අත් අකුරින්
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති
එකම සම්පත

මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්...
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්...
එළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්...
පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්...

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ...
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ...
ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ...
එනු මැනවි රස බලනු සෙවණක එකම පැල්පතේ...

-ප්‍රේමකීර්ති ද අල්විස්



sri lankan film hall box fun

සින්ඩිකේටර වාරන අයියල මේ බ්ලොග් එක සම්පූර්ණයෙන් කියවල ..වීඩියෝවත් බලලම කොරන දෙයක් කොරොත් හොඳයි කියල තමයි මම හිතන්නෙ...මාතෘකාවටම යකා පන්නන්නෙ නැතුව...

දැන් දැන් ෆිල්ම් හෝල් වල බොක්ස් ප්‍රමාණය වැඩි වෙනව...බොක්ස් 8ක් 10ක් තිබ්බ ෆිල්ම් හෝල් වල දැන් සමහර විට 20ක් 30ක් දක්වා වැඩිවෙලා ...මගේ යාලුවෙක් හිටිය ඌගේ නම මට්ටය දවසක් මට්ටය ටිකක් බලු කඩුවක් අරන් ගිහින්ෆිල්ම් හෝල් එකකට ඉතින් කෙල්ල හිතන්න ඇති මූ බොක්ස් එක්කන් යයි කියල ඒත් මට්ටය එක්කරන් ගිහින් තියෙන්නෙ ඕ ඩී සී එකට...ඕ ඩී සී එකට ගිහින් ෆිල්ම් එක බලන්න පටන් ගත්ත විතරලු..කෙල්ල මුගේ ඇඟේලු...ඉතින් මූ පස්සෙ කස්ටිය ඉන්න නිසා සහ කෑල්ල ගැම්මක් නැති නිසා හිටියලු ඉවසල..

ඊට පස්සෙ කෙල්ල මූට කියනවලු..අනේ ඕලිත තොල් වලින්වත් වැඩක් දමන්න කියල...පස්සෙ මට්ටය තොල් දෙක උල් කරගෙන දැම්මලු සිවුරුවම් පාරක්...මේ සිද්දිය අපේ වෙන යාලුවෙක් පස්සෙ සීට් එකේ ඉඳල බලාගෙන ඉඳල බකස් ගාල හිනා වෙලා.චාටර් බව මීටර් උන.මට්ටය ඉන්ටර්වල් එක පටන්ගන්නකොටම හෝල් එකෙන් එලියෙ...

කොහොම උනත් මේ වීඩියෝ එක බලන්න මේක බැලුවෙ නැති ඔය දෑස කුමටද හෝ මේක බලාගන්න බැරිඋන ඔය ඇස්ගෙඩිදෙක මක්කටදැයි කියල හෝ ඔයාලට හිතෙයි....




Monday, January 10, 2011

මා දකින ටැලිෆෝන් ලව්...(Telephony Love)

                    මා මුලින්ම මොබයිල් ටැලිෆෝන් එකක් මිලදී ගත්තේ මීට වසර 6කට පෙරයි..ඒ කාලයේ ගඩොල් භාග අයින් වී 3310 ජංගම දුරකථන කරළියට පැමිණි කාලයයි...එකල මා ඉගනගත් අවධිය විය ..කොල්ලන් කෙල්ලන් අතර ජංගම දුරකථන භාවිතය ඉහල ගියේය..අපි වැනි නිකමුන්ට ලෙහෙසියෙන් කෑලි සෙට් වෙන්නේ නැත..කෑල්ලක් සෙට් කරගැනීමට පැදිය යුතුය,,,චාටර කෑ යුතුය..ලැජ්ජා නහරය කපාගෙන කෙල්ලන් පසුපස යා යුතුය..එහෙත අපවැන්නෝ කෙල්ලක් පසුපස ගොස් කෙල්ල අකමැති උවහොත් එයට පාටි දාගෙන සංතෝස වෙති ..ඉස්සර අපේ සෙට් එකේ කෙල්ලෙක් ෆලෝ කරන්නට කොල්ලෙකුට අදහසක් පහලවීම යනු පාටියකි..කෑල්ල සෙට් උනොත් ප්‍රීතියට කති..වැරදුනොත් බූට් දුකට බොති..

                          ඉතින් මෙසේ නිකම්ම ඉන්නා විට ෆෝන් වලින් කතා කරන උන් එහිම එල්ලී කතා කරනු මට පෙනෙයි..මගේ මිතුරන් අතරටද ජංගම දුරකතන පැමිණෙයි..ජංගම දුරකතන ඇත්තෝ ඒවායින් බොහෝ විට කතා කරයි නැතහොත් කොටයි..මා සිතාගෙන සිටියේ මේ සෑම විටම කොල්ලන්ට දුරකථනයේ එහා පස ස්ටින්නේ ලස්සන කෙල්ලන් කියාය..මගේ මිතුරන්ද ජංගම දුරකථනයෙන් කෑලි සෙට් වෙන ආකාරය ඉතා ලක්ශනට විස්තර කරයි..ඉතින් මාගේ ෆෝන් උණ නගී..ගෙදර ගොස් අම්මාට ගෝරනාඩු කර යාන්තම් එකක් ගති..ගන්නට පෙර තාත්තා හා අම්මා ඒ පිළිබඳව දැක්වූ අදහස් බොහෝ වටින හෙයින් පහත් සඳහන් කරමි..

*හරි මංජුවට ඕක අරන් දුන්න කියල ඌ මක්ක කොරන්නෙයි අර ලොරිකාරයොන්ට බිස්නස් කාරයොන්ට එනෝ වගේ මූට කෝල් එනවයි..ඒ තාත්තාය..
*දැන් ඔය ගෙදර තියෙන එකටත් කාඩ් දාන්න විදිහක්(ගෙදර තිබුනේ ගඩොල් සයිස් මොටෝ එකකි ) නැතුව ඉන්නකොට අරගන්න තව එකක්"පාඩමක් පොතක් බැලිල්ලක් නෑ..පෝන් නම් වෙලාවට ඕනි...ඒ අම්මාය..
*ඔය පෝන් ගන්න හදන්නෙ කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද මම දැක්ක මූ මීය වගෙ කන්ද උඩට ගිහින් කෙල්ලෙක්ටද කොහෙද,, අර ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්නව..ඒ අපේ ජන්මාන්තර වෛරක්කාර අයියාය..

                     අපේ පන්තියේ සිටිය කෙල්ලෙකුගේ නම්බරය හොයාගෙන ගෙදර අයට හසුවෙතැයි බියෙන් කන්ද උඩට ගොස් කතාකල අයුරු අපේ බ්‍රොදරාට පෙනී ඇත,,උගේ "වෙන්ඩ පවුල(pending wife)" එවූ ලිපියක් නංගී විසින් තාත්තාට භාර දී අඹගමුවේ ලොකු අක්කාගෙන් යැයි සිතා තාත්තා විවර කර ඇත...එහි තිබූ ලිපිය කියවූ තාත්තා කී වෙ..කෙල්ලෙක්නම් මැදෑ ඒකි ලෙඩ වාට්ටුවක්..නැති ලෙඩක් නෑ..සඳුද උණලු..අඟහරුවාද හවස කකුලෙ අමාරුවක්ලු...බදාද හීනෙන් බයවුනාලු..දවස් 7ටම ලෙඩ...මූත් කරගහල තියෙන්නෙ..ලස්සනේට..2ට ගනින්න බෑ වාගෙ ඉඳගෙන..ඒ අපේ අයියා නොමැති වෙලාවට තාත්තා අයියාට කැපූ දෙහි ගොඩෙන් එක දෙකකි..මොන කේස් ආවත් මට දැම්ම ලව් කේස් එන්නේ නැතැයි..තාත්තා සිතා ඇත.. එකල ජනප්‍රිය සිද්ධිය වූයේ අයියාගේ ප්‍රේම හසුන හෙයින් මගේ ෆෝන් උණ ගෙදර ප්‍රධාන මාතෘකාව නොවීම මට වාසි විය..

               ෆෝන් එක නිසාම මට ගැහැනු දෙතුන් දෙනෙකු නොව හතර 5ක්ම හමු විය ..එහෙත් ඒ ෆෝන් එකක් මිලදී ගෙන අවුරුදු 2-3ක් ගියායින් පසුය..එයින් පොත්ත සුදු වූ ලස්සන කෙල්ලෝ 2ක් මට සුපුරුදු පරිදි තැපැල් බූට් තැබීය..ඉතිරි අයගෙන් එක් ..කෙල්ලක සතුව පැවති දන්ත කල්‍යානය ගැලවීමේ කුසලතාවයෙ හේතුවෙන් ලිස්ට් එකෙන් ඉවත් කරන ලදී..ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු මට ප්‍රේම කර ඇත..එකල ඇය දිරූ කඳක් මෙන් මාංශ නොමැතිව සිටි බැවින් මා අකමැතිවිය,,එහෙත් පසුකලෙක වෙනත් කොල්ලන් විසින් යාලු කරගෙන දැන් ඇය වැර ගැන්වූ කොන්ක්‍රීට් මෙන් රිසි පමණට උස මහතලබාදී ඇත..දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙයි..
තවත් ගැහැනු ලමයෙක් විය..දිනක් වැරදීමකින් ඇගේ නංගී මා හා කතා කලාය..ඉන්පසු කාලයාගේ ඇවැමෙන් මා ,නංගී ඇයට වඩා ලස්සන ඇතැයි සිතා අක්කා සමඟ තිබූ කතා කාලය..(දිනකට කතා කරන කාලය )නංගීට ලබා දෙන ලදී..මා හැන්ඩියෙකු හෝ ඛාන් කෙනෙකු නොවූ නිසා අක්කාද ඒ ගැන වැඩිපුර තැකීමක් නොකලේය..පසුව අක්කා ඉතා හදිස්සියේ කසාද බඳින ලදී...මා ඒ වනවිට ඇස් ගෙඩි දෙකින් දැක තිබුනේ අක්කාය...එහෙත් මා නංගී දුටු දින...හප්පේ මට තිබූ සංතෝසෙ...රූපය අනුව ගැහැනු වර්ග කිරීම නොහොබී..රූපය දිරයි..ආදී දේ පොත්වල ලියා ඇති බැවිනුත්..බොහෝ කලක් දවාට පායන චන්ද්‍රයා මෙන් මා පසුපස ඇය සිටි බැවිනුත් ඇගේ රූපය විස්තර නොකරමි..එහෙත් බොහෝ සරල ඇගේ ජීවත් වීමේ කලාව නම් මාගේ සිත් ගති...

ෆෝන් ලව සහ වෙනත් ලව්....
ෆෝන් ලව ගොඩක් වෙලාවට මන්දගාමීය සමහරවිට කෙල්ල ඇස් ගෙඩි දෙකින් දැකීමටද මාස ගනන් පෙරුම් පිරීමට සිදුවෙයි..එහෙත් අපේ අයියාගේ ලියුම් ලව් නම් ටිකක් ස්පීඩ් වෙයි..ඔවුනතර එක් ලිපියක කාල පරිච්චේදය කෙල්ලගේ සහ කොල්ලාගේ එකිනෙකා දැකීමට කතා කිරීමට ඇති ආසාව කුපිත කරවයි...දෙදෙනා ගෙන් එක් අයෙකු එක් වරකට එක් අදහසක් පමණක් දෙන නිසා...ඕනෑම අදහසක් කෙලිම්ම ලිවිය හැක පිලිතුරු එවෙලෙහිම නොලැබෙන නිසා ඒ තරම් ගින්නක් නැත..අපේ බාප්පා කෙනෙකු විසින් අත්හදා බලන ලද ක්ෂණික ලව බොහෝ විට ඉදිරියෙන් සිටින බව මා වැනි ආදරය කිරීමට කම්මැලියන් විසින් සිතයි..
අපේ බාප්පා පෙදරේරුවෙකි...ඔහු කසාද බැඳීමට පෙර අවසාන වරට කපරාරු ගසා ඇත්තේ ළඟදී යෝජිත විවාහයකින් දීගතල යෑමට සිටි ඔහුගේ වර්ථමාන බිරිදගේ මහ ගෙදරයි...වැඩ අවසාන වනවිට බාප්පා රැගෙන විත් ඇත්තේ ඔහුගේ ආම්පන්න කට්ටලය පමණක් නොවේ...තවත් වටිනා ගෙදර දොරේ උපකරණයකි...රෙදි සේදීම..කෑම ඉවීම,,පිලිවෙලට සිටීම,,,ඉතිරිකිරීම,අපිට කතන්දර කීම,,,අපේ පුන්චි අම්මා විසින් ඉතා හොඳින් කළාය..ඒ හා සංසන්දනය කරන විට අවුරුදු7-8ක ලවකින් පසු අපේ අයියා කුදලහගෙන ආවේ රේඩියෝ එකකි.ඇය නොදන්නා හෝ නොඇසූ කිසිවක් නැත,,කල යුතු මහාර්ඝ වැඩ බොහෝ තිබියදීත් කයිවාරු වනම් බොහෝ දිගය,,.එයට ඇමිණුම් ලෙස ගුරුපත්වීමක්,,උසස් පෙළ සමත්,,වංශවත්,,පොශ් ආදී බොහෝ දේ ආවත් අපේ පුන්චි අම්මා තුල කලින් සඳහන් කරන ලද බොහෝ දෙයෙහි ඇය සිටින්නේ පුන්චීට වඩා බොහෝ පහලිනි..මෙය අපේ අයියාද බොහෝ විට කියනු මා අසා ඇත..
ෆෝන් එකකින් පමණක් හඳුනාගෙන ප්‍රේම කරනවිට සැලකිලිමත් විය යුතු අංශ වෙයි...

ඒවායින් වැදගත් යැයි මාසිතන කීපයක් පහත ඇත,,..

ක්ලොක් එක..
මේකියන්නෙ මෙහෙම දෙයක් ඔබ අද උදේ 6.32ට නැඟිටල උදෙන්ම ගුඩ්මෝනින් කියල කතා කරල හෙටත් ඒ වෙලාවට එහෙම කලොත්..අනිද්ද 6.32 වෙත්දි කෙල්ල බලනව අද මොක්ද මේ කෝල් එක ආවෙ නැත්තෙ කියල..ඒ කියන්නෙ මම අත්දැකපු විදිහට ගැහැනු අය කාලයට සංවේදීයි..ඔබ නිතර රාත්‍රී 9.17ට ඇය අමතා පැය බාගයක් කතා කරන්නේ නම් ...ඔබ ට යම් දිනෙක වැඩ කෝටියක් තිබුනත් 9.17ට ඇයට මිස් කෝල් එකක් දී මැසේජ් එකක් හෝ දැමීම වැදගත්...

පැණි සීමාව..
ඔබ කතාකරන ගැහැනු ලමයා කරදරය පත් වූ විට ඔබද කඳුලු සැලීමට සැරසී සිටිය යුතුයි..කල් යල් බලා පැණි හැලිය යුතුය..ඔබගේ තෝරාගත් ගැහැනුළමයා ඉතා කෙලින් කතා කරන කෙනෙකු නම් ඇය පැණිවලට ආස නැත..එහත් බොහෝ දුරට ප්‍රේමය හා පැණි එකම පීල්ලක යයි...යතාර්ථ වාදී නවකතා..සිනමා,,ටෙලි ගුල්වල පුස්කද්දී පැණි පිරුණු බොළඳ දේ විශාල ලෙස මාකට් වන්නේ..වයසට ගියත් බොහෝඅය තරුණ කල කල බොළඳ ප්‍රේමයට තවමත් ආසා කරන නිසාය..නැතහොත් තමාට ගත නොහැකිවූ අත්දැකීම් වලට සිහිනෙන් හෝ සමවැදීමටය..

ජෝක් ප්‍රමාණය..
ගැහැණු ලමයෙක් මුලින්ම කෙතරම් කැමැත්තකින් සිටියත් කොල්ලෙක් හා කතා කිරීමට බයය..එමනිසා ගැහැනු ලමයෙක් මුලින්ම හමුවූ කල ඔබ දන්න තරමින් ජෝක් එකක් කර ඇය හා ඔබ අතර ඇති පරතරය අඩු තත්වයකට රැගෙන ආයුතු වෙයි..දිගින් දිගට හැමදේම ජෝක් ගන්නවාට කෙල්ලො කැමති නැත..ගැහැනු ළමයාගේ හිත්ගත් වීරයින් ස්ථාන හා දේවල් විහිලුවට ගැනීම ඔබ විසින් මුල් කලදී නොකල යුතුයි..දීර්ඝ කාලීනව උවත් හැමදේම ජෝක් කරගැනීම හොඳ නැත ..එය තුල යම් සංවේදී සිද්දි ඔබට මඟ හැරී යා හැක..

පණ්ඩිත ගතිය.
.බොහෝ දේ කියවූ..බොහෝ දේ ගැන ටිකක් වැඩිපුර දන්නා අය කෙල්ලෙක් සෙට් වූ විට සිය පන්ඩිත ගති විදහා දක්වයි..උදාහරණ ලෙස ඔබ දුර ඈත කොලොන්න කෝරලේ යුවතියක් බස් රියකදී හමූ උවහොත් ඇය හොඳ උගත් ළමයෙකු යැයි ඔබ අනාවරණය කරගන්නා තාක්කල් සිංහලෙන් කතා කල යුතුය..ඉංග්‍රීසි ඔබමින් ඔබේ කලර් පෙන්නීමට යෑම ඔබ මාන්නාක්කාරයෙකු බව පෙන්වීමකි..එසේම ගැහැනු ලමයා ශාරුක් ඛාන්ට ආසයැයි ඇය කීවොත් ඔබ ඔහු ගැන තියෙන ඔබදන්න සියල්ල කීමත් මහ අවාසියකි...එවිට එය මහ බෝරින් සංවාදයකි..ඇය වචනයක් කියයි..ඔබ එහි තේරුම් කියයි...

නිශ්ෂබ්ධ වීම...
ෆෝන් එකෙන් හෝ කෙලින්ම කතා කරත් ගැහැනු ළමෝ බහුතරය අසා සිටීමට වඩා කියවීමට ආසාය,, මුල් කලදී ඔබගේ කට පරිස්සම් කරගැනීමද වැදගත්ය..නැතිනම් ඔබ ඇහුම්කන් නොදෙන්නෙකු ලෙස ඇය වරදවා වටහා ගන්නවා ඇත,,,

අවසාන වශයෙන් කුමණ පොතක බ්ලොගක හෝ රූප රාමුවක කෙසේ තිබුනත් ඔබට ගැහැනු ළමයෙකු ෆෝන් එකෙන් හෝ යාලු කරගැනීමට කැපවීම අවශ්‍යය..මේ පුද්ගලයා මා ගැන ඔහුට වාසියක් නොවෙතත් සොයා බලනු ඇත යැයි ගැහැනු ළමයා සිතුවොත් සහ ආකර්ශනයක් වූවොත් එතැන සබඳතාවක් ඇති වෙනු ඇත...