Sunday, March 29, 2015

50 shades of grey මට පෙනුන හැටි

මුලින්ම 50 shades of grey බලන්න උන්නෙ හෝල් එකේ. නමුත් ඒ ෆිල්ම් එකේ තියෙන කෑලි කපලාය කියලා ආරංචි වුන නිසා මම ඒ ෆිල්්ම එක බාගෙනම බැලුවා. මේ ෆිල්ම් එක තියෙන්නෙ ධනවත් කඩවසම් තරුණයෙකුගේ පීඩාකාරී ලිංගික ආසාව සම්බන්ධයෙන්. 

ගොඩාරියක් සල්ලි තිෙයන පෝසත් කොල්ලක් ලොකු බිස්නොස් කීපයක්ම කරගෙන යනවා. ඒ කොල්ලට දුප්පත් කෙල්ලෙක් හමුවෙනවා.මේ කොල්ලාට ඕනි අර කෙල්ලට වේදනා කාරී විදියට වද දීල ලිංගික සතුට ලබන්න. ඒ ආකාරයෙන් ගෑනිට පීඩා කරල ලබන ලිංගික සතුට තමයි ඒ ධනවත් කොල්ලට හෙවත් ග්‍රේට අවශ්‍ය වෙන්නෙ. 

සල්ලිකාරයින්ගේ විනෝදය

සල්ලි ගොඩාරියක් ලැබුනාම සමාජයේ ඉහල තැනකට ගියාම බොහෝ බොහෝ සැප සම්පත් ආදිය ලැබෙනවා කියලා සල්ලි නැති බලය නැති සමාජ පිලිගැනීම නැති අය හිතාගෙන ඉන්නවා. නමුත් සැබෑව ටිකක් වෙනස්. බොහෝවිට මුදල්, බලය පිටිපස්සෙන් හඹායාම නිසා සමහර විට සමාජයේ ඉහලට යන පුද්ගලයින්ගේ පවුල් ජීවිත සහ පුද්ගලික ජීවිත අවුල් සහගත වෙනවා. පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ කියලා ගීතයකුත් තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. 

මම වැඩකරන කන්තෝරුව උදාහරණයට ගත්තත් ගොඩාරියක් මොලේවෙහෙසන වැඩ තියෙන මැනේජර මහත්වරු රාත්තිරි වෙනකල් වැඩ. නැත්තන් මීටින්. සමහර විටඒ මීටින් ඉවර වුනාම එයාලට යාලුවො කතා කරනවා බොන්න. එහෙම නැත්නම් විවිධ ආකාරයේ පාටි සෙට් වෙනවා. ඉතිංඒ මැනේජර මහතාගේ තත්වය අනුව මාසෙකට වතාවක් දෙකක් රට යන්නත් සිද්ද වෙනවා.ඒ පුද්ගලයාට මාලිගාවක් වගේ ගෙයක් හදාගන්න සල්ලිය බාගෙ තිබුනට ඒ වස්තුව දේපල පාවිච්චි කරන්න වෙලාවක්...පවුල සමග සතුටින් ඉන්න වෙලාවක් අඩුයි. 

ඒ වුනාට අපේ කන්තෝරුවෙම කම්කරු වගේ පහලම අය හවස පහ වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉදලා කන්තෝරු වැඩ එතනම තියලා ඉක්මනින් ගෙදර ගිහින් බිරින්දෑ එක්ක දරුමල්ලො එක්ක කාලය ගත කරනවා. වස්තුව දේපල සල්ලිය බාගෙ අතින් ගත්තොත් විසාල පරතරයක් මේ දෙගොල්ල අතර තියෙනවා. නමුත් අර වස්තු දේපල බලය ගොඩක් තියෙන මැනේජර මහත්තයාගේ ඔලුවට නිස්කලංකයක් නැහැ. හරියට පවුල එක්ක සතුටින් ඉන්න විවේක කාලයක් නැහැ. 

එහෙම වුනාම පවුල් ජීවිතය කියන එක දුරස් වෙනවා ඇති. ඒ නිසාම ඉන් පස්සෙ විවිධ ආකාරයෙන් සරීරය මුදලින් පිනවන්න ඒ මුදල් සහ බලය ඇති අය උත්සාහ ගන්නවා. 

පීඩාකාරී ලිංගික හැසිරීම්

සමහර අය ගේ කැමැත්තක් තියෙනවා එකිනෙකාට හිංසා කරමින් ලිංගික ව හැසිරෙන්න. සමහර විට එතරම් වේදනාවක් විදගෙන ඒ වැඩේ කරගෙන විනෝදයක් ලබනවාදත් කියලා හිතෙනවා. බටහිර රටවල යොවුන් වියේදී ම ලිංගික ජීවිතය හුරුවීම සාමාන්‍යයිලු. ඉතිං ඒ නිසා ඒ අය අවුරුදු විසි තිස් ගනන් වෙනකොට අර සාමාන්‍ය ලිංගික ජීවිතේ බෝරිං වෙලා විවිධ ආකාරයේ වෙනස් දේවල් වලට යොමුවෙනවාලු. ඒ විදියෙ ලිංගික ජීවිතේ අමුතු ආකාරයේ වේදනාකාරී විධික්‍රමයන් අනුගමනය කරන සෑහෙන පිරිසක් බටහිර රටවල දැන් දැන් අැතිවෙමින් පවතිනවාලු..



මම මේවා ලු ප්‍රත්‍යයෙන් කිව්වෙ මටත් ඒවා රට ගිහිපු යාලුවොන්ගෙන් ඇහිච්ච දේවල් නිසා. සමහර විට ලු දැම්මට එහෙම නොවෙන්නත් පුලුවනි.

ගෑනු සල්ලි වලට ගැනීම 

සල්ලි තියෙනං ගෑනු ගස් වල යන වදුරන්ටත් ආදරය කරාවිය කියලා මිනිස්සු අපහාසෙට කතා කරනවා. අපිට සල්ලි තියේනං ගෑනු කෙනෙක්ගේ භෞතික ශරීරයෙ ්තියෙන සතුට අපිට ගන්න පුලුවනි. බාගෙදා අසභ්‍ය චිත්‍රපට වල තියෙන මට්ටමේම කායික ලිංගික සතුටක් අපිට ලබාගන්න හැකියාව ලැබෙනවා. නමුත් අර කාන්තාවගෙන් ලැබෙන මානසික සතුටක් අපිට ලැෙබනවාද?ඒ කිව්වෙ ගෑනියෙක් සහ මිනිහෙක් අතර නිර්මාණය වෙන සොදුරු ආදරනීය බැදීමක් එතන ඇතිවෙනවද? නැහැ නෙව. සල්ලිවලට ගාන්ටාර ගහන්න දෙනවා වගේ ටිකක් ඔහෙ කරගන්න දුන්නට සැබෑවටම අර ස්ත්‍රිය සහ පුරුෂයා අතර අන්තර් සම්බන්ධයක් ඇතිවන්නෙ නැහැ. 

ස්ත්‍රින්ගේ ආදරය ලැබීම කියන්නෙ සල්ලි මතම රදාපවතින දෙයක් නෙමෙයි. ඒක සංකීර්ණයි. අපිට ඕනි අවශ්‍යතාවන් ටික ලයිස්තු ගත කරලා ඒ අනුව වාහනයක් හෝ පරිගනකයක් මිලදී ගන්නවාට වඩා වෙනස් ගෑනිෙයක් එක්ක සම්බන්ධ්යක් පටන් ගන්න එක. 

ගිවුසුම් ගහලා ආදරය කරන එක හිංදි චිත්‍රපට වලත් කොරියන් ටෙලිනාට්ටි වලත් දකින්න තිබුන පොදු මාතාකාවක්. නමුත් මේ ෆිල්ම්එකේදි ආදරය කිරීම කියන දේ ගිවිසුම් ගහන්නෙ ලිංගික ජීවිතයේ තියෙන ඉසව් එක්කමයි. ඒ ආකාරයෙන් ලිංගික සතුට අවශ්‍යයෙන්ම සපුරා ගත්තානං එතන ආදරයක් සම්බන්ධයක් ස්ථාවර බැදීමක් ඇතිවෙනවද? 

ආදරය ලිංගික ජීවිතය රේඛා වලින් ගිවිසුම් වලින් වෙන් කරලා නොගෑවෙන්න තියාගන්න පුලුවන් වේවිද? සැබැවින්ම එකිනෙකාට  කැපකිරීමෙන් තොර සතුට දුක කදුල බෙදාගන්නට අකමැති දරදඩු ආදරයක කෙළවර මොන වගේ වෙයිද?

මේ ෆිල්ම් එක තුල ලිංගික ජවනිකා රැසක් තිබෙනවා. දැනට තිබෙන කොපි බොහොමයක දැඩි ලෙස හිංසා ගෙනදෙන දර්ශන කපලා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නෙ. ඒවා යාන්තමින් හරි නැතුව ෆිල්ම් එක බලල වැඩක් නැහැ. ඒ වගේම මේ ෆිල්ම් එක පොතකින් හදපු ෆිල්ම් එකක්ලු. පොත කියෝපු අය කියන්නෙ නම් පොත තමයි හොද කියලා. 

http://www.imdb.com/title/tt2322441/

අගමැති මහින්දා ගමනය

තෙවනි වරට බලේ ගන්න
පුතාට තව රේස් යන්න
මිරික මිරික ඉන්නට යංතරයක් දැම්මේ

ජන්දේ ප්‍රති එල ආවා
මගෙ හදවත දුකගාවා
දිනලා තිබුනු ආසන පැරදිලා අන්තිමේ

උබ නාඩං උබ නාඩං උබට ඕවා හොද පාඩං //

යංතරකරු ගියෙ බලන්න
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා

දිනයි කිව්වෙ බය නිසාලු
මම කිල්ලට අහුවෙලාලු
ඉන්නතිබ්බ දෙවුරුද්දත් මෙමට නැති උනා

මම නං.. ගමේ පනිනවා
සෙනග.. එකතු කරනවා
අගමැති පුටුවට ආයෙත් ජන්දෙට එනවා
පක්ෂේ.. දෙකට කඩනවා
විමලෙව.. ෆෝම් කරනවා
ජන්දේ.. පැරදුනොතින් මම රට යනවා

ජනෙල් කංඩි උඩ නැගලා
යටිගිරියෙන් කෑගහලා
මහ මැතිවරනේ එනකන් බලං ඉන්නෙ මං
අනාතයින් එකතු කරං
මැතිවරනෙට මම එන්නම්
ජනාදිපති බැරි මට අගමැතිකම දීපං

උබ නාඩං උබ නාඩං උබට ඕවා හොද පාඩං //


පද- ලසන්ත ප්‍රියංකර 



Monday, March 16, 2015

නල්ලතන්නියෙ සිට සිරිපාදෙට කෝ වැසිකිලි

ශ්‍රී පාදස්ථානය කියන්නෙ අද වන විට ලෝකය පුරා ජනප්‍රිය වෙච්චි තැනක්. සුප්‍රකට ට්‍රිප් ඇඩ්වයිසර් කියන අඩවියට අනුව ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, එංගලන්තය, චෙක් ජනරජය,අ ැමරිකාව ආදී විවිධ රටවල ජනතාව සිරිපාදය බලන්න එනවා. හැටන් පාර තමයි තිබෙන ප්‍රධාන මාර්ග අතුරින් ජනප්‍රියම සහ ලේසිම මාර්ගය. මම නම් ආස කරන්නෙ රත්නපුර පැත්තෙ පාරට. රත්නපුර හරහා ගමන තරමක් දුරයි. නමුත් සොබා සෞන්දර්යෙන් සපිරි අත්දැකීමක් ගන්න පුලුවනි රත්නපුර පැත්තෙන් සිරිපා ආවොත්. මුලින් අවස්ථා කීපයකදිම සිරිපා කරුණා කරන්නට පැමිණ ගත් අත්දැකීම් වල සුන්දර්ත්වය විස්තර කලත් මෙවර මා අඩුපාඩු කිහිපයක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.

ජංගම දුරකථන සහ දත්ත සේවාවන්ට සිග්නල් නොමැති වීම.
1950 දශකයේ ඇතිවුන ලක්ෂපාන ජලාශය හේතුවෙන් අවට පැතිවලට විදුලිය ලැබෙනවා. මම හිතන විදියට සිරිපා මග දෙපස සහ උඩමළුවට විදුලි ආලෝකය ලැබිලා දැන් වසර තිහ හතලිහකට වැඩි මිසක් අඩු නම් නැහැ. ඉතිං සිරිපා සමය පටන් ගත්තාම මේ විදුලි මාර්ග පිළිසකර කරලා විදුලි එලියෙන් සිරිපා මාර්ගය ඒකාලෝක කරනවා. නමුත් මේ රත්නපුර සහ හැටන් යන ප්‍රධාන මාර්ග දෙකේම අතරමගදි ජංගම දුරකථන සංඥා නැති වෙනවා. තිබුනත් දත්ත සේවාවන් ලබාගන්න හැකියාවක් නැහැ.
මේ වගේ කැලෑවක තියෙන සිද්ධස්ථානයකට යන පූජනීය බැතිබර ගමනට මොන සිග්නල්ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවනි. ඒත් උඩට යනතෙක් විදුලි බලය තිබේ නම් ඒ කණු ආදිය භාවිත කරලා පරිසරය කැත වෙන්නෙ ැනති වෙන්න විශේෂයෙන් සකස් කරන ලද කුඩා ටවර් සහ ට්‍රාන්ස්මිටර් ආදිය භාවිත කරලා ඇත්තටම සිරිපා මළුවේ ඉහලට යන තෙක්ම අඛන්ඩ දත්ත සහ දුරකථන සංඥා ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් සති අන්තයක දස දහස් ගනනක් සිරිපා කරුණා කරනවා. ඒ වගේම වාරයේ දිනක නම් සාමාන්‍යෙයන් පන්දාහකට දහදදාහකට  වැඩි ජනතාවක් සිරිපා කරුණාවට එකතු වෙනවා.
ඒ වගේම විවිධ ආකාරයේ ජංගම දුරකථන උපකරණ කැමරා අරං විදේශිකයින් මේ සිරිපා තරණය කරනවා. ඉතිං සාමාන්‍ය ගමකට නගරයකට දුරකථන සම්බන්ධතාවයක් දෙන්න යන මුදල වගේ කිහිප ගුණයක් මේ ආකාරයට දුරකථන පහසුක්ම දෙන්නට අදාල දුරකථන සමාගම් වලට වැයවේවි. නමුත් මට අනුව නම් එය එන සංචාරකයින් හරහා එන ආදායම මගින් එක් වාරයක් දෙකක් තුලදීම අයකරගන්න හැකියාව දුරකථන සමාගම් වලට ලැබේවි.
මේක කියන තරන් ලේසි නැහැ. විදුලිබල මණ්ඩලය, වනජීවි වනසංරක්ෂණ දෙපාර්ථමේන්තු, අදාල පරිපාලන ආයතන, ශ්‍රී පාද භාරකාර ස්වාමීන් වහන්සේලා, රජය, ප්‍රාෙද්ශීය දේශපාලකයින් සියලු දෙනා එකතුවෙලා සාකච්චා කරලා වැඩේ පටන් ගත්තොතින් සිරිපා උඩ මලුවට යන තෙක් අඩුතරමෙ හැටන් මාර්ගයේ හරි අඛන්ඩ දුරකථන සිග්නල් ලබාදෙන්න හැකියාවක් තියේවි.
වැසිකිලි ජරාව.
දැන් සිරිපා සමය පටන් අරන් මාස දෙක තුනක් වෙන දවස් පහුගිය දවස් තුන හතර ඇතුලත හැටන් වලින් සිරිපා ගිය මට අර ඉදිකටුපාන සහ ඊට පහල ඉමේදී දැඩි දුර්ගන්ධයකට මුහුන දෙන්නට සිදු වුනා. ඒ දැඩි ඇමෝනියා දුර්ගන්ධයට හේතු වුනේ මිනිස් මළ ද්‍රව්‍ය සහ මුත්‍රා. සුද්දන් පවා කියලා තිබුනා වැසිකිලි නම් අපවිත්‍රය, අවැසි නම් පදුරු තිබෙනවාය, ඒවාට යනවා හැර වෙනත් කරන්න දෙයක් නැතිය කියලා. බොහෝ දෙනා ඒ ඉමේ යනවිට නාසය වසාගෙන ගියේ ඒ අප්‍රසන්න දුගද වැඩි නිසාමයි.
සමහර තැන්වල වැසිකිලි තනා තිබෙනවා. නමුත් නිසියාකාර දැන්වීම් පුවරුවක් වත් නැහැ. ඇතැම් තැන්වල වැසිකිලි ඉතාම අපිරිසිදුයි. මේ වගේ දුෂ්කර පයින් යන ගමනක් තියෙන පාරකදි වැසිකිලි තැනීම අපහසු දෙයක් වෙන්නට ඇති. නමුත් මිනිසුන්ගේ මූළිකම අවශ්‍යතාවයක් වෙන වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවය සියලුම පරිසර සාධක වලට වඩා දැඩිව දැනෙනවා. ඇතැම් තැන්වල විශාල ආගාර වගේ කඩවල් හදාල තියෙනවා. එයින් ඒ කඩේම උදවිය පොඩියට වැසිකිලියක් අටවගෙන සල්ලි අරං යන්න දෙනවා. අනේ ඉතිං ගෑනුන්ට එහෙම අපිට වගේ පදුරකට චූකරන්න බැරි නිසා රුපියල් විස්සකුත් දීල අර කුටියට යනවා.
සිරිපාදෙ කියන්නෙ සෑම කාලයකදීම විශාල ජනතාවක් එකතු වෙන තැනක්. එවන් තැනක වැසිකිලි පහසුකම් දියුනු කරන්න මීට වඩා සාර්ථක විදියෙ වැඩපිලිවෙලක් තිබුන නම් හොදයි. ඒ වගේම වැසිකිලි පිරිසිදුව තබාගන්නත් කිහිප දෙනෙක් හරි පත්කලානම් ඒකත් පංකාදු වැඩක්.
කෑම කඩවල කෑම.
පසුගිය වරක රත්නපුර මාර්ගයෙන් සිරිපා කරුණා කල විට ඒ පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ අධිකාරින් විසින් විශේෂ දැන්වීමක් කඩවල් වල ප්‍රදර්ශනය කරලා තිබුනා. ඒ වගේම ඒ රත්නපුර පැත්තෙ කඩවල ආහාර වල මිල ගනන් ආදිය සදහන් කරපු මිල දර්ශනයකුත් තිබුනා.
නල්ලතන්නිය බස් නැවතුමේ සිට සිරිපා පැත්තට යන මාර්ගය අසබඩ තිබෙන විශාල හෝටලයෙන් අපිට කන්නට සිදු වුනා. ඇත්තටම අපි හැටන් වලට නෑවිත් නල්ලතන්නියෙන් කන්න ගතපු තීරනය ගැන පසුතැවෙන්නට අපිට සිද්ද වුනා. කඩේ පිරිසිදුකම අන්තිමයි. කෑම කෑලි මේස යට පිළිනුවෙලා ගද ගහනවා. මැස්සො ඇහිරෙනවා. මේස පිසදාල තියෙන්න ජරා රෙදි කඩකින්. කෑම වුනත් කිසිම රස්නයක් නැහැ. සාමාන්‍යෙය්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නිකමට වත් ඒ පලාතක ගිහිපු බවක් ඒ මුල් කඩෙන්ම පෙනුනෙ නැහැ.
ඒ වගේම ඉහලට යන විට තිබෙන කෑම කඩ බොහොමයක මිල දර්ශනයක් නැහැ. එක් කඩයකදී මීයෙක් රොටි කෑල්ලක් අරන් යන්නට හදන පිවිතුරු දසුනක් මගෙ මිතුරෙක් දැක තිබුනා. තාවකාලික කඩ වලින් අපිට විශාල දෙයක් බලාපොරොත්තු වන්නට බැහැ. නමුත් අඩුතරමෙ තේ වතුර එකක් රුපියල් සීයක් වුනත් ඒ මිල බෝඩ් එකක ගහලා. සීමිත මට්ටමේ හරි පිරිසිදුකමක් තිබෙනවාද කියලා නියාමනය කරන්න සතියකට දෙකකට වතාවක් හරි වැඩපිලිවෙලක් තියේ නම් හොදයි.
සිරිපා යන පාර නම් දැන් ඉස්සර වගේ අමාරු නැහැ බොහෝ තැන් ඉතා කදිම ආකාරයෙන් පිළිසකර කර තිබෙනවා. ඒ ආකාරයෙන්ම වැසිකිලි, කෑම කඩ ආදිය ගැනත් සලකා බලලා විශාල මනුස්සයො පිරිසක් යන එන බැතිබර ගමනට බාධාවක් නොවන විදියට කටයුතු කරන්නට ඒ නිළධාරි බලධාරි මහත්වරු උනන්දු වෙනෝ නම් හොදයි 
ඉතිං මම තව පොඩි වැඩක් පටන් ගත්තා යූ ටියුබ් වලින් දේසනා තියෙන වැඩක්.මේක සාපේක්ෂව ලියනවාට වඩා ලේසියි. නමුත් බලන අයටගතවෙන කාලය වැඩි ඇති.මේ වඪියො එකේ කියවෙන්නෙ ජෝතිශය ඇතිවීම ගැන මගේ අදහස. වෙලාවක් තියේනං ඒකත් බලාලම යන්න මෙන්න ලිංක් එක.  https://www.youtube.com/watch?v=0pJO-JEp34c

Saturday, March 14, 2015

හැටන් සිරිපා කරුණාව

මම රත්නපුර පලාබද්දලින් සිරිපා නැගලා හැටන් වලින බැස්සා පහුගිය මාසෙ. ඒ වගේම ඊයෙ පෙරයිද දවසක ආයිත් හැටන් වලින් නැගල හැටන් වලින්ම බැස්සා. ඒකෙදි මුහුනදීපු කාරණා ආදිය එක්ක මට හැටන් වලින් සිරිපා කරුණාව ඒ තරං අල්ලලා ගියෙ නැහැ..රත්නපුර පැත්ත දුර වැඩි වුනත් ඒ පැත්ත හැටන් වලට වඩා සන්සුන් සහ නිස්කලංකයි.. රත්නපුර පැත්තෙ පහසුකම් වුනත් වැඩියි හැටන් පාරට වඩා. 

සුද්දො සහ සුද්දියො. 
අපිට කෝචිචියෙද සුද්දො හම්බුනා. ඒ වගේමයි යන ගමනෙදි බොහෝ තැන්වල සුද්දො හිටියා. මේ සිරිපා කරුණාව ජාත්‍යන්තර වශයෙනුත් ජනප්‍රිය වෙච්චි චාරිකාවක්ය කියලා මට හිතුනා. මේ සුදු ජෝඩුව ටිකක් සල්ලිය බාගෙ තියෙන අය කියලයි පාවිච්චි කරපු කැමරා වලින් එහෙම පෙනුනෙ. මේ සුද්දි නෝනයි අලංකාර පච්චයක් තිබුනා. ඇග පුරාම පච්චෙ. හැබැයි හරි ලස්සනයි. 

මෙයා මේ ඉන්නෙ නල්ලතන්නිය ඉස්ටේෂම ලග. මේ සුද්දි නෝන ලස්සනයි. නල්ලතන්නි යන බස්සෙක හැටන් වලින් යන්න පැයක් දෙකක් ප්‍රමාද වුනා. මොකද එදා නානුඔය ඉදන් නුවර යන කෝච්චිය ප්‍රමාද වෙච්චි නිසා. ඒ ටිකට අපෙ බස්සෙකේ හිටපු සුද්දියො දෙන්නෙක් සිගරට් දෙක තුනක්ම ඉරුවා. බොහොම සුද්දියො ගෑනුය කියලා නැහැ සිගරට් බොනවා. සාමාන්‍යයෙන් ලෝකෙ එහෙම වුනාට අපිට ඒක ටිකක් නුපුරුදුයි. 
සිරිපාදෙට ඇතුල් වෙන්න තියෙන මකර තොරණ තමයි මේ. මේක හදලා තියෙන්නෙ සර් ජෝන් කොතලාවල මහත්තයා විසින් වෙච්චි බාරයක් ඔප්පු කරන්නය කියලා මේ මකර තොරනේ දකුනුපස පුවරුවේ දැක්වෙනවා. එතුමා විදුලිය ඇමති වෙලා ඉද්දි තමයි ලක්ෂපාන ව්‍යාපෘතිය දියත් වෙලා තියෙන්නෙ. ඒකෙ අවසානය සනිටුහන් කරන්න මේ මකර තොරණ සිරිපාද බිමට පූජා කරල තියෙනවා. මේක විවෘත කරලා තියෙන්නෙ එවකට ලංකාවෙ ආන්ඩුකාර සෝල්බරි සාමි විසින්. 
හැටන් වලට කොළඹ ඉදලා කෝචිචිෙයන් යද්දි හැටන් වලට පොඩ්ඩක් මෙහාට වෙන්න පරණ පෙරලිච්ච කෝච්චි පෙට්ටියක් තිබුනා. මොකක් නමුත් අනතුරක් නිසා පෙරළුනු එක්ක වෙන්න ඇති. පෙනුමෙ විදියට නම් බොහොම පරණ පෙට්ටියක් කියලයි මට පෙනුනෙ. 

හැටන් වලදි කන්න  ගිය තෙමහල් කඩේ ඉදන් එලිය බැලුවාම කඩේ ඉහල කෙළවරේ මහ විසාල වදයක් බැදලා. යාලුවො නම් කිව්වෙ මේක බඹර වදයක්ය කියලා. මොකුන්ද මන් දන් නැහැ ඒත් විසාල වදයක් එතන තිබුනෙ. කෝච්චි පාර අයිනෙ ගස්වලත් මීවද හෝ බඹර වැද බැදලා තියෙනවා දැක්කා. මේවා ලස්සනට තිබුනාට ඉතිං ඇන්නොත් හෙම සොරිම තමයි. 
මේ පොඩි උන්නැහේත් හිටියෙ කෝචිචිෙය පුදුම දගයක් තිබුනෙ. අපි වෙන්කරගත් ආසන තිබුන පෙට්ටියෙ ගියේ. ඒකෙ ගොඩක් උන්නෙ සුද්දො සුද්දියො. මේ පොඩි උන්නැහෙත් අර සුද්දො සුද්දියො එක්කම මිනිහගේ ආතල් එක ගත්තා. ඒත් ඉතිං ටිපිකල් සිරි ලංකන් අම්මලා ආච්චිලා එක්ක කොල්ලට පොඩ්ඩක් එහාට මෙහොට යන්නවත් නැහැ අම්මලා ආච්චිලා තරවටු කරනවා. ඒකෙ හොදක් තියෙනවා. ඒත් ඉතිං ඒ තරම්ම ලමයින්ව තදට නීති වලට හදන එක මටනම් එච්චර හොද දෙයක් විදිය ට පෙනුන් නැහැ. 
මේ හැටන් දුම්රිය ස්ථානයේ තිබෙන ටැප් රාජයා. බොන වතුර තමයි ටැප් එකෙන් එන්නෙ. මේ යකඩ සින්ක් එක ඉස්සරම කාලෙ තිබුන එකක් වෙන්න ඕනි. ටැප් එක අලුත්ම එස් ලෝන් එකක් වුනාට ටැප් සින්ක් එකයි ටැප් එකේ පාදමයි ඉතා පරණ එකක් වෙන්නට ඇතිය කියලා මට හිතුනා. ඔය තරම් ඝනකම් යකඩ පෝච්චියක් වගේ එකක් අදනං සින්ක් එකකට පාවිච්චි කරන්නෙ නැහැ නේ. 
මේ හැටන් වල රෝස මලක්. මේ මල් වලත් නටුවෙ කටු තිබුනා. ඒ වගේම මේ රෝසමලක් සාමාන්‍යයෙන් අපි තේවතුර බොන මග් කෝප්පෙක සයිස් එක ඇති. පහතරට පැතිවලට වඩා උඩරට සීත පැතිවල රෝස ලොකුවට හැදෙනවා. 

මේ උඩ පොල්කිච්චා කෝච්චියෙ යන අතරමගදිත් යට එකා හැටන් වලදිත් කැමොරාවට දාගත්තා. පොල්කිච්චා කොළඹ පැතිවලත් ඉන්නවා. හැටන් පැත්තෙත් ඉන්නවා මතක විදියට සිරිපාදෙත් ඌ ඉදලාම ඉන්නවා. මං හිතන්නෙ මුහුදු මට්ටමේ සිට 0 සිට 2500 වගේ පරාසයක පොල්කිච්චාට ඉන්න හැකියාව තියෙනෝ ඇති. 
සිරිපාදෙ යනකොට සීතලට පොරෝන කියන ජාති සහ වෙනත් ඕනකරන ජාති මේ වගේ කඩවල තියෙනවා. ඒ කඩවල් වලින් ඒවා ගන්න එක ලාබත් වගේ. මාත් හැටන් වලින්ම සීතලට අදින කෝට් එකක් ගත්තා රුපියල් 300යි වුනේ. රුපියල් තුන්සීයට ගමන් දෙක තුනක් ගියත් මොකෝ. 
මේ සිරිපාදෙ ඉහලම කෙළවරේ උඩ මලුෙව් සමන් දේවාලෙ. මේ පේන කපු මහත්තයා හරියටම මේ පොටෝ එක මෙතන වැදිලා තත්පරේකින් විතර මට සැපටම බැන්නා පොටෝ ගහනවා කියලා. කරුණාකර බැහැල ගිහින් ඕන එකක් ගන්නවා කියලාම බැන්නා. 
මේ දොලොස්මගේ පහණ. මේ දොලොස්මහේ පහණට දාන්නෙ කොප්පරා. කොප්පරා දැවිලා විසාල ගිනිදැල් එනවා. ඒකවටේ මිනිස්සු ඉන්නවා. මිනිස්සු හීතල හැදුනාම උනුහුම් වෙන්න මේ දොලොස්මහේ පහණ යටට යනවා. 
මේ ඉන්නෙ ඉර සේවෙ බලන්න එකතු වෙච්චි ජනතාව. එදා ඉර සේවෙ තිබුන් නැහැ. වැහි අදුර නිසා පෙනුන් නැහැ. සුද්දො සහ සුද්දියොත් අපි එක්කම ඉර සේවෙ එනකල් ඉර පායනකල් නිදි කිර කිර හිටියා. හීතල වැඩි නිස නින්ද යන් නැහැ. කොහොම වුනත් අපි හිතං උන්නේ අපි විතරයි හීතලට වෙවුලන්නෙ කියලා. ඒත් අපි ගාව හිටපු මහ හැකර කටක් තියෙන සුද්දියො කීප දෙනාත් කට කට ගාල වෙවුලනවා. උන ්එකිනෙකා අතපය පවා පිරිමැද ගන්නවා සීතල නැතිකරගන්න. හැබෑට මුන් එහේ සීතල රටවල් වෙලත් මෙහෙ මේ සීතලටත් ගැහෙන චාටර් සුද්දො ටිකක් කියලා අපි කතා වුනා. 
දත කට මැදන් වෙවුල වෙවුල පැය දෙක තුනක් උඩමලුවට වෙලා හිටියට එදා වැහි අදුර තිබුන දවසක් නිසා ඉර සේවෙ පෙනුන් නැහැ. ඔය විදියට ඈත පේන තෙක් මානයේ දුර නිල්පාටට පෙනුනා. 
මේ උඩ පිංතුරෙ තියෙන්නෙ ක්‍රමක් ක්‍රමයෙන් ඉර උදාවුනාට පස්සෙ අහස තියෙන විදිය. 
කදුවලින් ඉර උදාවෙන කොට සිරිපා බහින විට පේන ලක්ෂණ දර්ශනයක්. 
මේ තියෙන්නෙ අර ජපන් පන්සල තියෙන හරියට පේන විසාල ගල. මෙතැන හිටපු පොඩි බිස්නස් එකක් කරන මහත්මයෙක් කිව්ව විදියට මේ සුවිසල් ගල් පර්වතය ඈතින් බැලූවට බුදුන් වහන්සේ ගේ සැතපෙන පිළිමයක් වාගේ පේනවාලු.

සිරිපාද ගමන ගැන  පිංතුර ටිකත් එක්ක මං මෙතනදි කතා කලා. ඒ වගේම ගමනෙදි මුහුනදෙන්න වෙච්චි රිදවන සුලු සමහර සුලු දේවල් ගැනත් තව පෝස්ට් එකකින් ලියන්න බලාපොරොත්තු වෙනවා. 

Sunday, March 8, 2015

ඉන්දියානු දුව අපේ රට ටත්?

කාන්තාවන්ට සමතැන නිසිතැන සහ ප්‍රමුඛතාවය දෙන්න ඕනිය කියලා සමාජයේ කතාබහක් ඇතිවෙනවා. ඒ ඇතැම් අය කියන්නෙ කාන්තාවන් දරුවන් බලාගන්න නිසා සහ වෙන් බරසාර වැඩ ගොඩක් කරන නිසා කාන්තාවන්ට ප්‍රමුඛතාවය දෙන්න ඕනි කියලා. තවත් අය තමුන්ගේ ගෙදර සිටින නැගනිය,සහ මවට සලකන ආකාරයට කාන්තාවන්ට සලකන්න ඕනිය කියලා මතවාදයක් අරගෙන යනවා.
කාන්තාවන් වෙනුවෙන් කතාකරන සංවිධාන විටෙක සිය සීමාව ඉක්මවා ගිහින් කාන්තාවන්ට සමාජයේ සිදුවන බරපතල හිංසා වලට පෙනී සිටිනවා වෙනුවට කාන්තාවන්ට අමුතු තැනක් සමාජය තුල නිර්මාණය කරන්න වෙහෙස වෙනවා. උදාහරණ විදියට දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීම කාන්තාවන්ට සමහර අවස්ථාවලදී විශේෂකොට සැලකීම් ඉදිරිපත් වීම දක්වන්න පුලුවනි.
කාන්තාවො කියන්නෙ විශේෂ මනුස්සයො ජාතියක් නෙමෙයි.  ඒ අයට විශේෂ හිරිහැර වලට ලක්වෙන්න සිදු වෙනවා නම් ඒක වැරදියි. ඒ වගේම කාන්තාවන් වීම නිසාම යම් කිසි විශේෂ ගෞරවයක් ඔවුන්ට ලැබිය යුතුත් නැහැ. ඒකෙ ලොකු අවුලක් නැතිවුනාට සමාජිය තුලිත තාවයට දිගුකාලිනව පහර වදින්න ඉඩ තිබෙනවා කාන්තාව උවමනාවට වඩා සමාජයේ උඩින් තියන්න ගියොත්.
ඉන්දියානු දුව (India’s doughter) කියන බී බී සී වාර්ථාමය වැඩසටහන මගින් 2012 වර්ශයේ දිල්ලියේ සිදුවන ස්ත්‍රී දූෂනය සහ ඝාතනය ආශ්‍රිත ඉංදියානු සමාජ දේහය තුල ඇතිවෙන මතවාද පෙන්වනවා. ඒ මුහුනදෙන කාන්තාව වෛද්‍ය සිසුවියක්. ඇය ඒ වෙනුවෙන් මුදල්හොයාගන්න රාත්‍රී කාලයේ කෝල් සෙන්ටර් වල වැඩ කරනවා. මේ සදහන් වෙන දිනයේදී ඇය සිය පෙම්වතා සමග චිත්‍රපටයක් බලන්නට ගොසින් රාත්‍රී නිවෙස වෙත ලගාවෙන ගමන් තමයි ඉදලා තියෙන්නෙ.
මේ සිදුවීමෙදි ඉන්දියානු සමාජයේ කාන්තාවන්ට ඇති තැන ගැන විශාල කතාබහක් ඇතිවුනා.ඉන්  මතුවට නීති රීති ඇතුලත් කාන්තාව ගැන සමාජයේ ආරක්ෂන වැඩපිලිවෙලක් පවා මේ නිසා ඇතිවුනා.
2012 වෛද්‍ය සිසුවිය දූෂනය සදහා සම්බන්ධ වෙන සමස්ථ පිරිසම ඉන්දියානු නූගත් අඩුආදායම් ලාභී අය. ඒ අයට දේශපාලනික, ව්‍යාපාරික සහ සමාජීය බලයක් නැහැ. ඒ නිසාම ඒ පිරිස ලෙහෙසියෙන් දඩුවම් වලට ලක්වෙන්නට ඇති කියලා මට හිතෙනවා.
කාන්තා හිංසනය කියාල කියන්නෙ ස්ත්‍රී දූෂණයක්ම නෙමෙයි. මා දන්නා එක්තරා තැනෙක ආරක්ෂක සේවයේ කාන්තාවන් ඇතුලත් වෙනවා. මිනිසුන් අඩු ඇතැම් නිවාඩු දවස්වල මේ කාන්තාවන්ගේ පුක මිරිකන්න එතනින් මෙතනින් අල්ලන්න සමහර සහෝදර සිකුරිටි අයම පෙළඹෙනවා. ඉතිං මේ වගේ සිද්ධිය්ක දුරදිග ගියාම බොහෝවිට නරක නම ඇතිවෙන්නෙ අර ගෑනු කෙනාටම තමයි.
පිරිසිදු කිරීමේ රැකියාවල, ආරක්ෂකසේවාවල ආදී පහල ස්තරවල සේවය කරන කාන්තාවන් විවිධ අකටයුතු කම් වලට මුහුන දෙනවා. ඒවාට ඔවුන් දැඩි ලෙස විරුදධ වෙලා නීතිය ඉස්සරහට යන්න බයයි. ගියත් බොහෝවිට ඒ අකටයුතු කම් සාමාන්‍ය දේවල් විදියට මිනිස්සු සලකන්න හුරු වෙලා තියෙනවා. 

චේතනාව කර්මය වෙනවා නම්

ඇති හැකි අය නැති බැරි ස්ත්‍රීන් හිංසාවට පත් කරන්න විවිධ උපක්‍රම සහ විධි පාවිච්චි කරනවා. ඒ අතර බොහෝවිට සේවා ස්ථානවල නිල බලයෙන් සිදුවන කාන්තා හිංසාවන්ද තිබෙනවා. උදාහරණ විදියට තේ වතු, කම්කරු රැකියා, කොහු මෝල් ආදී තැන්වල ඉන්න කාන්තාවන් ගේ අයිතියද තමුන්ට තිබෙන බවක් ඒ තැන්වල වැඩකරන සුපවයිසරලා ඉස්පැක්ටර්ලා සිතාගෙන ඉන්නවා.
රියදුරු මහත්වරු කම්කරු මහත්වරුන් ඇතුලත් පහලම සමාජ කොටස්ද මාගේ රැකියාවේ ස්වභාවය හේතුවෙන් නිතර ආශ්‍රය කරන්නට ලැබෙනවා. ඔවුන්ගේ අති බහුතර පිරිසට අනුව ගැහැනුන් කොටට අදිනවා නම් අගපසග පෙන්වාගෙන යනවා නම් ඔවුන් වැඩිපුර පද්දමින් ලිංගික උද්දීපනය ඇතිවෙන පරිදි ක්‍රියා කරනවා නම් ඒ වැනි ගෑනු දූෂනය කිරීම එතරම්  ලොකු පාප කර්මයක් වෙන්නෙ නැහැ. මොකද එහෙම පෙන්වගෙන යන්න ඒ වගෙ දේකට මුහුන දෙන්න තියෙන උවමනාව නිසාලු.
ලංකාවෙ පත්තරයක තුන්වෙනි පිටුව ගත්තත් ජනප්‍රිය වෙබ් අඩවියක හෝ මේ වැනි බ්ලොග් එකක ගත්තත් ලිංගික අඩන්තේට්ටම් හිංසා කිරීමේ ප්‍රවෘත්ති වලට ජනතාව බොහෝ ආසා කරනවා. ඒ නිසාම පුවත්පත් සහ ප්‍රවෘත්ති වලදී මේ ලිංගික ජවනිකා නාට්‍යමය ආකාරයෛන් රසවත්ව ඉදිරිපත් කරනවා.
පිරිමියෙක් කොටට ඇදලා ඇගට ඇලුන ටී ෂර්ට් එකක් ඇදගෙන හැන්ඩියා වගේ පාරෙ ගිය පලියට ඒ මනුස්සයා ලිංගික අඩන්තේට්ටම් වලට සහ හිරිහැර වලට ලක්කරන්න හදන එක වැරදියි. පිරිමි කොටට ඇදල ඇගපෙන්නගෙන ගියාම ඒ මනුස්සයට හිරිහැර කොරන එක වැරදි නම් ගෑනුටත් ඒමම වෙන්න ඕනි.
කාන්තාවන් බොහෝ විට රූපවාහිනි, පුවත්පත්, අන්තර්ජාල ආදියේ තිබෙන මෝස්තර තමන්ටත් ලක්ෂණ ඇති කියලා ඒවා ඇගලාගෙන යනවා. ඇතැම් විට සමාජයට ඒ නිසා වැරදි පණිවුඩ යනවාත් ඇති. නමුත් කාන්තාවන්ට හිංසා කිරීමට ඇදුම මගින්වත් ඇගේ බාහිර ස්වරූඵය මගින් වත් කාටවත් විශේෂ ලැයිසොන් එකක් ලැබෙන්නෙ නැහැ.
කාන්තාවක් සහ පිරිමි යෙකු ස්ව කැමැත්තෙන් අදාල රති ක්‍රියාවල නිරත වෙනවා නම් සමාජිය බැමි කොයි තරම් තිබුනත් ඒක ඔවුන්ගේ කැමැත්ත ලෙසත් එය මනුස්ස අවශ්‍යතාවයක් ලෙසත් සලකන්නට හැකියාවක් අපිට ලැබෙන්නට ඕනි. සරලව කිව්වොත් රටපුරා තැන් තැන්වල කාමර ඇතිවන්නේ ඒ වගේ ලිංගික ක්‍රියාවලට කැමති අයට පහසුකම් සපයන්න. ආන්ඩුවට වත් වෙනත් ආගමික, සමාජිය හෝ සිවිල් සංවිධාන වලට අර කාමර නැතිකරන්න ඕනිය. ඒවා වැරදිය කියලා කියන්න හැකියාවක් තියේද? මම නම් හිතන්නෙ ඒ ජෝඩු කවර නම් හෝ කාරනාවක් නිසා කාමර වලට එනවා. මිනිස්සු එන නිසා කාමර ඇතිවෙනවා. යම්කිසි නියාමනයක් අැතිකර කාමර වල තත්වය ඉහලනංවන්න කටයුතු කරනවා හැර ඒ කාමර දැකලා හූල්ලන එක විස්සෝප වෙන එකේ ඵලක් නැහැ.

සෙක්ස් හිට් වෙන්නෙ ඇයි

අද අපේ සමාජයේ මිනිස්සුන්ගේ විනෝදය සමහර විට ඔවුන් විසින්ම අසපු, ආරණ්‍ය,පල්ලි, කෝවිල්, පංසල්  වල ඉන්න ආගමික නායකයින් පසුපස ගිහින් විනාස කරගන්නවා. ඇතැම් පිරිස් විනෝද වෙනවා කියලා කියන්නෙ ආගම අදහනවා කියන එක කියාල තමයි හිතාගෙන ඉන්නෙ. ඔවුන්ට අනුව අපේ සිරුර මනස පිනවන්න අපෙ සිරුරට අවශ්‍ය යම් යම් මානසික උත්තේජනයන් ලබාදීමට වඩා ඒවා දැඩි ලෙස මට්ටු කරලා හිත අස්සෙ හංගාගන්න හදන එක බොහොම උතුම් වෙනවා.
සමාජයේ තවත් පිරිසක් ඉන්නවා ජීවිතවල විනෝදයක් සතුටක් ලබන්න වෙලාවක් සහ ඒ සදහා වැයකරන්න සල්ලිය බාගෙ නැති අය. ඒ මිනිස්සු අනාගතයේ මතු යම් දිනක විනෝදවෙලා සතුටින් ඉන්න අදහසින් අද කාලය, ශ්‍රමය, ධනය විවිධ දේවල් වලට කැපකරමින් කල් මරනවා.
ලංකාවෙ උසස් පෙල හදාරන සිසුන්ගේ වයස ගත්තොත් ඔවුන් දැඩි පීඩනයකට හසු වෙලා ඉන්නවා. ඔවුන්ට විනෝදය හෝ සතුට කියන දේ බොහෝ කාලයකින් අත් දකින්නට නැහැ. චාරිකාවක් යන්න, යාලුවො එක්ක සිංදුවක් අහන්න, මියුසිකල් සෝ එකක් බලන්න, හෝ ක්‍රීඩාවක් කරන්න වෙලාවක් නැහැ. ඔවුන් යාන්ත්‍රිකව පාසැල. ක්ලාස්, ගෘෘප් ක්ලාස්, ටියුට්, නෝට් අස්සෙ හිරවෙලා දැඩි පීඩනයෙන් යුතු කාලයක් පසු කරනවා. සමාජය නියම කරන ආකාරයට ඔවුන්ගේ ලිංගික සහ අනෙකුත් සියලුම අවශ්‍යතාවයන් අනාගතය ගැන සිතා අධ්‍යාපනය වෙනුවෙන් කැප කල යුතු වෙනවා.
මේ ආකාරයට ඉගනගන්නා අවධියේදී විනෝදය අහිමි පිරිස් ඉන් පසු රැකියාවලට යොමු වුනාට පස්සෙ සහ ඒ අතර කාලයේදී ආගම් වල නීති වලට අනුව ජීවිත සාර්ථක කරගන්න යනවා.නැත්නම් එතනෝල් හරහා සහ ලිංගික දේ වලින් සැනසෙන්න සතුටුවෙන්න පටන් ගන්නවා
අපේ නිදහස් අධ්‍යාපනයෙන් එළියට නිකුත්වෙන අති බහුතරය කුලෑටියි. අද ලෝකයේ තිබෙන තරගකාරී මුහුනුවරට මුහුන දෙන්න හැකියාවක් ඔවුන් බහුතරයකට නැහැ. ඒ කුලෑටි ගතියම සමහර අය මහත් අභිමානයක් විදියට සලකමින් සිල්වත්, ගුණවත් දරුවන් යැය් වරදවා වටහා ගන්නවා. සමාජයට ඒ හා ගැටෙමින් ඉදිරියට පිරිසක් අවශ්‍ය වෙලාවක අවාසනාවට සමාජයට නිකුත් වෙන්නෙ හැම දේකදිම හැංගෙන, අභියෝගයන්හිදී නොබියව ඉදිරිපත් නොවෙන තමුන්ගේ අවශ්‍යතාවයන් ටිකවත් හරියට අදුනාගන්න බැරි ලාබ හිස් ජීවිත ටිකක්.
මේ විකෘති වූ අති බහුතරයක් අතර පිරිසක් ආගම පරම විනෝදය ලෙස සලකද්දි තව පිරිසක් කාන්තාවන් හා සංවාසයේ යෙදීම පරම විනෝදය ලෙස සලකනවා. තවත් අය ජීවිතය නම් එතනෝල් වල දියවෙන වස්තුවක් කියලා හිතාගෙන ශරීරයට දිනපතා නිතිපතා එතනෝල් ලබාගෙන ඒ හරහා විනෝද වෙන්න උත්සාහ කරනවා.
ක්‍රීඩාවේ යෙදෙන, නැටුම් ගැයුම් සංගීත ආදී වැඩවල යෙදෙන..නිතර චාරිකාවේ යෙදෙන, විවිධාකාරයේ විනෝදාංශ වලින් යුතු අසිරිමත් සමාජයක මිනිස්සු තවදුරටත් එතනෝල් කියන්නෙ මැජික් අරිශ්ඨයක් කියලා හිතන එකක් නැහැ. කාන්තාව කියන්නෙ බිල්ලෙක් වෙනස් සතෙක් කියලා හිතන එකක් නැහැ. ඒ වගේම විනෝද වෙලා පුරුද්දක් තියෙන මිනිස්සු කාන්තාවන්ගෙ සහ අනික් මිනිස්සුන්ගේ විනෝදය මහා මහා විසාල ගැටලුවක් විදියට දකින එකකුත් නැහැ.
ඇත්තෙන්ම කාන්තාවන්ට කෙලින්ම හිංසා කලේ නැතත් පත්තර වල මේ බ්ලොග් වල සහ අන්තර්ජාලයේ පොත් පත් වල සෙක්ස් ම හොයන අපේ සමාජයෙන් අහන්න තියෙන්නෙ පොඩි කාලෙ ළමා වැඩසටහන් වලදි නිතර අහන ප්‍රශ්ණයක්.
ඔබේ විනෝදාංශ මොනවාද?

Saturday, March 7, 2015

මෙගාවොට් 35කට කිතුල්ගල පරිසරය දෑවැද්දට දීම

යාලුවො කට්ටියක් එක්ක අපි කන්ඩායමක් පහුගිය දවසක කිතුල්ගල ගියා. ත්‍රාසජනක බෝට්ටු සවාරියකටත් ඒ වගේම බය හිතෙන පැනුම් සහ ගල් මත ලිස්සා යෑමේ අවස්ථාවකටත් අපි මුහුන දුන්නා. ත්‍රාසය විනෝදය ඇතුලත් වුන ඒ සවාරියේ සියලු දේ සොබාදහමත් එක්කම බැදිලා තිබුන නිසා අපිට ලොකු දෙයක් ඒ තුලින් ලැබුනා.
මේ වෙනත් කන්ඩායමක් ජලය මත බෝට්ටුවෙන් යන ගමනක්. ඒ ආකාරයට අපිත් ගියා. අපි සතුව වතුරට සහ ගැස්සීම් වලට විශේෂයෙන් ඔරොත්තු දෙන කැමරා නොතිබුන නිසා අපිට අපේ පින්තූර ගන්න ලැබුන් නැහැ. ඒ නිසා අපි නැවතිලා හිටිය නවාතැන් පොල අසලින් ගිය බෝට්ටු ඡායාරූපයට හසුකරගත්තා. 
අපි කන්න බොන්න සහ නවාතැන් ගත්ත තැන සිට බැලුවාම මනරම් දර්ශනයක් පේනවා. ඒ පේන එක කදුවැටියක් තමයි මේ. 
සැඩ පහරේ ලිස්සන බෝට්ටු සෙල්ලම කරන්න මේ වගේ ගල් ගොඩැල් සහිත වේගවත් වතුර පාරක් අවශ්‍යයි. ඇල දොල ගංගා තිබුනාට මේ වගේ ස්වභාවික පිහිටීම් අතිශය දුර්ලභයි. මේ වගේ තැන්වලට දේශීය හා විදේශීක සංචාරකයින් එකතු වෙන්නෙ මෙන්න මේ විශේෂ වූ ජල පහරේ පිහිටීම නිසයි. 
අපිට ජලය මත ලිස්සා යන සහ පනින අවස්ථාවකුත් තිබුනා. ඒ තැනටත් කැමරා ආම්පන්න අරං ගියේ නැති නිසා පිංතුර නැහැ. 

මේ ජලදහරාව සහඅදාල පරිසර පද්ධතිය කොළඹ සිට පැය දෙකක ගමනකින් ලගාවිය හැකි කිලෝමීටර සීයකට ආසන්න දුරකින් පිහිටලා තියෙනවා. ඒ නිසා කොළඹ අයට අමතර දවසකින් තොරව විනෝද වීමේ අවස්ථාවක් ලැබෙනවා. විදේශ සංචාරකයින්ට පවා කොළඹ සිට ලෙහෙසියෙන් මේ ස්ථානයට පිවිසීමේ හැකියාව තිබෙනවා. 

නව විදුලි බලාගාරය හා කිතුල්ගල  

කිතුල්ගලට උඩින් තමා බෝඩර්ලෑන්ඩ් කියන වතුයාය තියෙන්නෙ. ඒකෙ තමයි මේ අලුත් විදුලි බලාගාරය පිහිටුවන්නෙ. කැළණි ගගේ ඉහල කොටසේ මේ ආකාරයේ බලාගාර හතරක් තිබෙනවා. අවසාන බලාගාරය සමනල කියාල හදුන්වනවා. මේ නව බලාගාරය ඉදිකිරීමේන පස්සෙ මේ කිතුල්ගල අපිට පේන අපි ජලය මත බෝට්ටු පදින පරිසර පද්ධතිය අවධානමට ලක් වෙනවා. 
 මම හිතන විදියට කිලෝමීටර 20ක ටත් වඩා දිගක් ගෙවාගෙන අවට ගම් නියම් ගම් වනාන්තර පසුකරමින් ඇදෙන මේ සුලලිත දිය දහර නව බලාගාරයට ජලය ලබාගන්න හදන බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපාතියේ වේල්ල නිසා අවහිර වේවි. 

පාඨ ලී ඇමතිතුමා සහ පෙර විදුලි ඇමතිනිය ඇතුලු විදුලි බලධාරින් කියන්නෙ නම් දවල් කාලයේ වෝටර් රාෆ්ටින් වලට අවශ්‍ය ජලය සපනයනවා කියලා.ඒත් ඉතිං මේ ප්‍රදේශයේම පරිසර පද්ධතිය රදා පවතින මේ ජල දහරාව,  රෑට වහලා තියෙන කොට ඒ ආශ්‍රිතව ඉන්න සතා සීපාවට, කුරුල්ලන්ට, මාළුන්ට, වගේම ගහකොල වලටත් උදාවෙන දසාව සුබදායක වෙන්නෙ නැහැ. 

1960 දශකය ආසන්නයේ දී ලංකාවෙ මේ සමස්ථ ව්‍යාපෘතියේ ඉහල කොටස් ඇතිවුනා. ඇත්තටම ජල විදුලිය කොතරම් ලාභදායී සහ කාබන් විමෝචනය අතින් අවම වුනත් ලංකාව වගේ පුංචි රටක තිබෙන සංවේදී පරිසරය මේ වාගේ විශාල ව්‍යාපෘති වලින් නැතිවෙලා යනවා. ලංකාව සංචාරක ආකර්ශනය ලබන විශේෂ රටක් වෙන්නෙ ඉතාම කෙටි කාලයක් තුල ලබාගත හැකි සැලකිය යුතු දේශගුනික වෙනස නිසා.

තේ වගාව නිසා කදුකරයේ තිබුන වනාන්තර බොහොමයක් නැතිවුනා. දැන් දැන්පහතරට සහ ගල්ඔය පැත්තටත් තේ ව්‍යාප්ත වීම නිසා සිංහරාජ සහ නැගෙනහිර බෑවුම් වල වනාන්තරත් දැන් අවධානමට ලක්වෙමින් තිබෙනවා. ඉතිං තේ වගාවෙන් පස්සෙ පරිසරේ ඉතුරුවෙලා තිබුන තිබුන නම්ඒ ටික විදුලිය ගන්න කරපු මහා මහා ව්‍යාපෘත ිනිසා නැතිවෙලා ගියා. 

ජල විදුලිය ලාබයි නේ  

ජල විදුලිය ඉතා ලාබදායී වියදම් අඩු වැඩක් විදියට හැදින්වෙනවා. ජල විදුලියේදී මූලික පිරිවැය විශාල වුවත් ඉන් පසු යන්ත්‍ර සහ පද්ධති අළුත්වැඩියාව හැර වෙනත් විශාල වියදමක් නැහැ. නමුත් ගල් අගුරු බලාගාර වලදි සහ දැවිතෙල් බලාගාර වලදි අපිට දැවිතෙල් සහ ගල්අගුරු වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්න වෙනවා. 

ජල විදුලිය ලාබ වුනත් නොරොච්චෝේලේ වැනි විශාල ගල් අගුරු බලාගාර ඇතිවුනත් ඇත්තටම ලංකාවෙ විදුලිය ලාබ වුනාද? අද වෙනකොට කලාපයේ විදුලි බලය වෙනුවෙන් වැඩිම මිලක් ගෙවන ජනතාවක් බවට පත්වෙන්න අපිට හැකියාව ලැබිලා තියනවා. එක් එක් කාලවලදී දේශපාලකයින් සතුව එක් එක් සුරංගනා කතා තිබුනත් පරිසරය ගැන නොතකා එක් එක් ව්‍යාපෘති දියත් කලත් අවසානයේඒ සියල්ල කතාන්දර බවට පත් කරමින් විශාල විදුලි බිලක් පාරිභෝගික ජනතාවට දෙන්න දේශපාලකයින් සහ නිලධාරින් සමර්ථ වෙලා තියෙනවා. 

පාඨ ලී උන්නැහේ කතන්දර ආතා වාගේ කතන්දර කියන්න දක්සයි. එතුමාම පරිසර ඇමති වෙලා ඉන්න කාලෙ වාහනේ දුමට පවා අලුතින් දඩ ගහන්න ක්‍රමයක් ගෙනාවා. නමුත්විශාල පරිමාණයේ ජල මූලාශ්‍රයක් හරස් කර වේල්ලක් තනා දැනට සංචාරක ආකර්ශනය තිබෙන පලාතක් තනිකර අනාත නාථ කරන එක පාඨ ලී උන්නැහෙටත් අවුලක් නැහැ වගේ තමයි පේන්නෙ. 

වෙනත් බලශක්ති ප්‍රභව 

මුලින්ම හයිබ්‍රිඩ් වාහන එනකොට සමහරු ඒ වාහන වලට සමච්චලේට හිනා වුනා පපඩම් වගේ මෙලෝ රහක් නැති බැට්ටි කාර් කියලා. සීඝ්‍ර තාක්ෂණික දියුනුවත් එක්ක තෙල් ඉතුරුකරන සහ සැපපහසුව වැඩි හයිබ්‍රිඩ් වාහන ඇතිවුනා. ඉතිං තාක්ෂණයක් විදියට හයිබ්‍රිඩ් ප්‍රචලිත වීම ලෝක තෙල් සම්පත දහනය අඩුවන්නට හේතුවාසනා වෙනවා ඇති. 

ලංකාව නිවර්ථන රටක්. අපේ රටේ සූර්යාලෝකය නොඅඩුව ලැබෙනවා ගොඩක් පලාත්වලට. ඒ සූ්ර්යාලෝකය සහ ජාතික පද්ධතිය සම්බන්ධ කෙරෙන පොඩි පොඩි කතාන්දර නම් තියෙනවා. නමුත් ඒ සූර්ය පැනල බැටරි ආදියේ මිල අඩුකරලා ඒ ව්‍යාපාර දියුනු පවුනු කරන සාර්ථක ක්‍රමවේදයක් නම් පේනතෙක් මානෙක නැහැ.

අපි කැමති වුනත් අකමැති වුනත් සමහර දේවල් සිද්ද වෙනවා. අලුත් බලාගාරෙ නිසා කිතුල්ගල තිබෙන සංචාරක වටිනාකම අඩුවෙන එකටත් වඩා ඒ පරිසර පද්ධතිය නැතිවෙන එක ගැන කණගාටුයි. නමුත් වන් සයිඩ් උගතුන් නිසා අපිට ඒ වගේ පොඩි පොඩි වරදවල් නිසා දරුවො ලැබෙන්න යන (සුළු වරදකින් දරුවකු සිටී මංගල දැන්වීමේ පරිදි) දේවල් වලට මුහුන දෙන්න සිද්ද වෙලා තියෙනවා..