Sunday, September 26, 2010

මාව මූනුපොතෙන් කොන් කරල

දවසක් මම මූනු පොතට ලොග් වෙන්න උත්සාහ කරනකොට මට ලොග් වෙන්න කලින් කරන්න වැඩක් තියෙනව කියල වැටුන
මූනුපොතේ පරිපාලනය මගේ යාලුවො විසින් සලකුනු කරන ලද පින්තූර අඳුනගන්න කියල මට කියනව...ඒක විතරයි එයාල දෙන එකම ව්ධික්‍රමය...මගේ එකවුන්ට් එක අඳුනගන්න....පින්තූරෙ වැටෙනව...ඒත් එක්ක ඉන්න පුලුවන් අය දක්වල බහුවරන වගේ තෝරන්න යාලුවො ටිකක් දෙනව...5-6ක් විතර දෙනව...ඒකෙ පින්තූරවල සලකුනු කරපු අයව අඳුනගන්න බැරි නිසා මට මූනුපොතට ඇතුලුවෙන්න බැරිවෙලා...

සලකුනු කල යහලුවන් හඳුනාගැනීමට නොහැකිවීමට හේතු....

*මගේ මූනුපොත් එකවුන්ට් එකේ කට්ටිය 450ක් විතර ඉන්න නිසා සමහරු මාව දන්න අය නොවීම..
*දන්නා කියන යාලුවන් එක් එක් අන්වර්ථ නාමවලින් හඳුන්වයි..එවිට ඔවුන්ගේ විහිලු නම හෝ වෙනත් නම් සලකුනු කල පුද්ගලයාගේ මූනුපොත් ගිනුමේ නමෙහි සඳහන් නොවීම.
*සමහරක් ලාන්කික මිතුරන් ගස්,ගල් මල්., බල්ලන්,ආද්යට කැමති බව දැක්වීම පිණිස එම පින්තූරවල නම සලකුනු කිරීම.....(බල්ලෙක් දමල පින්තූරෙ ලකුනු කොලාම මම දන්නෙ කෝමද කවුද මේ බල්ලට මනාප අය කියලා)..
*ඝනත්වයෙන් සහ තත්වයෙන් ඉතා අඩු පින්තූර වල සිටින පුද්ගලයි න් අඳුනා ගත නොහැකි වීම.
*සමූහ ඡායාරූපවල සිටින ඉතා කුඩා මුහුනු අඳුනාගැනීමට අපහසු වීම..
*සමහර පුද්ගලයින්ගේ ළමාකල හා බාල අවධිවල පින්තූර වල සිටින අය අඳුනගත නොහැකි වීම.
*සමහර පුද්ගලයින් ඉතා හොඳින් දැන ගෙන හිටියත් ඔවුන්ගේ අප දන්නා නම් කොටස මූනු පොත තුල නොවීම.

මෙහිදී මුහුනුපොතේ පාලනාධිකාරිය සිතනවා ඇත්තේ මගේ යහලුවන්ගේ පින්තූරය හා ඔවුන්ගේනම් යන දෙකම මා නොදන්නවානම් ඔහු මගේ යාලුවෙක් නොවිය හැකි බවය

අපේ තාත්තා මූනුපොතේ සිටියානම් ඔහුත් මේම ගැටලුවට මුහුනදෙනවා ඇත මන්ද...ඉස්කෝලෙ උගන්වන ගුරුවරයා අපේ පියාට ඉස්කෝලයා වෙයි..කාලයක් කොන්දොස්තර වැඩක් කල කොන්දොස්තර මහතා ඔහුට කොන්දොස්තරයා වෙයි..කුකුලන් ඇති කරන ධනසිරි මාමා අපේ තාත්තාට කුකුල් දනය වෙයි...බොහෝ කලකට පෙර තල වෙළදාමෙහිසිට දැන් හන්දියෙ කඩේ සිට...ගමේ එවුන්ගේ රී රී මාංශ උලා කන ගිනි තල කඩේ මුදලාලියා අපේ පියාට තලයා වෙයි./...

අපිට මිතුරන් වීමට මුහුන හා නම දැනගත යුතුමද??

Monday, September 6, 2010

උබන්ටු ගේම්ස්

උබන්ටුත් එක්ක එන ගේම් කීපයක් ගැන තමා මේ තියෙන්නෙ ගොඩක් අය හිතන් ඉන්නෙ උබන්ටු එක්ක පුලුවන් කාඩ් ගේම් විතරයි කියල....අපේ මුනිදාස කුමාරතුංග කියල තියෙනව වාගෙ අලුත් අලුත් බඩු නොදන්න ජාතිය ලොව නොනගී...ඉති ඔය ගේම් වලට පුරුදු උන අය උබන්ටු සපෝට් නෑ ලිනක්ස් මල පනිනව කියල ඉන්නෙ නැතිව..පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න මේව ටෙස්ට් කරල ගහල නම් නෑ මම ඒත්...ඔයාලට නිකම් මෙව්ව තියනව කියල දැනගන්න මම දමනව....
මේක නිකම් රෝදය නැවත හෙව්ව වගේ ඇති ඒත් ඒ වගේ අයත් ඉන්න එපායැ....

Flight gear

මේකෙ තියෙන්නෙ එරොප් ප්ලේන් හසුරුවන විදිහ ගැනඉතින් මේකෙ විස්තර ඔයාලට ගන්න පුලුවන් පහත ලින්ක් එකෙන් flight gear

මම ලියන්න ගත්තෙ ගේම් ගැන ඒත් ආධුනික බුවාලට බුවීලට මේක ඉන්ස්ටෝල් කරගන්න එකත් මාර ගේමක් තමා ඒ නිසා මම මේ ගේම් තියෙන ලින්ක් එක කියන්නම් ඔයාල ටිකක් එබිල බලන්න හොඳේ....ubuntu games

0 AD
මේක නම් වෙඩි තියෙන සෙල්ලමක් වාගෙ ඔයාල ට්‍රය් එකක් දමල බලන්න උබන්ටු දාල ගේම් එක සෙට් කරගන්න...ඇත්තටම උබන්ටු වලට සෙට් කරන්න තියෙන ප්‍රෝග්‍රැම් බොහොමයක ධාරිතාවය අඩුයි...ඒකෙන් කියවෙන්නෙ නෑ ගේම් එක පොඩියි හෝ ඔප්ශන් මදි කියල....ලිනක්ස් වල තියෙන ගොඩක් මෘදුකාංග මම දන්න විදිහට ධාරිතාව අඩු එව්ව....
0AD game

Tramulous
වෙඩි තියන් එපා හදවතට මගේ කෑලි කැඩී යාවි ආදරේ ඔබේ කියල ප්‍රියා මහත්තය කීවට මොකද අපේ මල්ලිල නඟාල ගොඩක් ආස වෙඩි තියන්න...මේකත් ශූටි ගේම් එකක්....
tramulous

මේ ඉහල තියෙන ට්‍රැමියුලස් ලින්ක් එකේම ගොඩක් ගේම්ස් තියෙනව...ඔයාලට ගන්න පුලුවන් එව්ව...
.ඇත්තටම අපිට ලිනක්ස් වල වාත නොවී ගේම් දමාගන්න පුලුවනි ටර්මිනල් එක හරහා....
Application>>accessories>>terminal
යන්න ඕනි මුලින්ම එයිට පස්සෙ
sudo -s කියන කෝඩ් එක ගහන්න ඕනි...
apt-get update කියල ගහන්න ඕනි
දැන්apt-get install - (name of the game)
ගහල ගේම් වාගෙම වෙනත් මෘදුකාංගත් දමාගන්න පුලුවනි....

මම බෞද්ධ ආගමිකයෙක් නුදුන් දේ ගැනීම කියන්නෙ හොරකම....ඇමරිකාවෙ බිල් විසින් ගේට්ස් දමල රැකගෙන ඉන්න වින්ඩෝස් කොපියක් ගත්තත් ඒක හොරකමක්....අපි වාගෙ සම්පත් අඩු සල්ලිය බාගෙ අඩු අය හොර කොපි ඉන්ස්ටෝල් කරගන්න දඟලන්නෙ නැතිව ලිනක්ස් වලට පෙළඹෙනවනම් තමා හොඳ.....

යූසර් ඉන්ටර්ෆේස් එකක් උඩ ගහමරාගන්න එව්ව කාර් එලවන එව්වම කරන්නෙ නැතිව ටිකක් පෙට්ටියෙන් එලියෙ(out of the box)හිතන්න පුලුවනි නම් මාරම ගේම්ස් තොගයක් තියෙනව අපිට භාවිතා කරන්න පුලුවන්....

රුපියල් 200ට ගන්න පුලුවන් රබර් සෙරෙප්පු දෙක පටියෙ අරුගම්බෙ කියල ගහල තියෙන හින්ද, රුපියල් 650ක්ට අරන් දෙන්න කියල අම්මලට කෑගහන සර්ෆින් පරපුර පෙට්ටියෙන් එලියෙ හිතන්නෙ කවද්ද?????

Sunday, September 5, 2010

මට කියලදෙන්න

මට කියලදෙන්න
http://maldevata.blogspot.com/
ඔන්න ඔය බ්ලොග් එකට කොමෙන්ට් දමන විදිහ.....
හැබැයි තියෙන ඇඩ් එක ක්ලික් වෙන්න බෑ..
ඔයාල කොමෙන්ට් එකක් දමන්න ට්‍රයි කරලම මට කියන්න....
මේ වාගෙ වල් බූත තියෙන මහ නින්දිත විදිහට අපි ලව්ව ඇඩ් ක්ලික් කරවන්න හදන මේ වාගෙ බ්ලොග් බ්ලොක් කරන්න බැරිද???

කවුරුහරි පින්වතෙක් ඉන්නවනම් මේ බ්ලොග් එක ගැන ගූගල් එකට රිපෝට් කරන්නෙ කෝමද කියලත් මට කියන්න....මම ඉන්ග්‍රීසි ප්‍රොඅග්‍රැමින් වැඩිය දන්න කෙනෙක් නෙමෙයි ඒකයි....නැත්නම් මම මේ යෝදයට ගේමක් සෙට් කරනව.....

Saturday, September 4, 2010

රාජගිරියෙ යෑම.....

අවශ්‍ය දේ....

* තරමක් අමාරු ලෙඩක්...(මහ දරුණු උනත් කමක් නෑ)..ඒත් උණට හෙම්බිරිස්සාවට උනත් කියාපු තැන...
* වැඩ නැති සතියේ දිනක හෝ සෙනසුරාදා දිනෙක වරුවක්....
* බෝතල 2ක් පමණ...එකක් මිලිලීටර 400ක් පමන වීමත් අනෙක ඊට වඩා කුඩා වීමත් ප්‍රමාණවත් වෙයි...

ස්තානයට යන අයුරු....
කොහේ හෝ දිල්ලියක සිට ආවත් කමක් නෑ බොරැල්ලට එන්න...ඇවිත් රාජගිරියෙ ආයුරුවේදෙට යන්නෙ කෝමද කියල 5 දෙනෙකුගෙන් විතර අහන්න...වැඩිදෙනෙක් කියන පාරෙ බස් එකෙ රුපියල් 6ක් දීල ඩයිවර අය්යට කියල ටිකක් අමාරු ඇඩ් එකක් දමල ආයුර්වේදෙ ලඟින්ම බැහැ ගන්න....බොරැල්ලට එන්න දන්නෙ නැති චූටි බබාල දන්න කෙනෙක් එක්ක එන එක සරීරෙට හොඳා...නැත්නම් තියෙන ලෙඩේ මදිවට තව ලෙඩ ඉන්කමින් ෆ්‍රී එන්න පුලුවනි....

ගිහිපු ගමන් මොකද කරන්නෙ....
හා ඉතින් ඕක ඇතුලට රින්ග ගත්තම පෝලිම් ඉවරවෙලා කීයට බෙහෙත් අරගෙන එන්න වෙයිද දන්නෙ නෑ නෙව ...ඉතින් ඒ නිසා උදේ වරුවක හෙම ආවනම් කොළකැඳ එකක් හවස නම් ඔය තියෙන වෙන කැඳ එකක් ගත්තට කමක් නෑ....චර්ම රෝගයක් හැදිල ආවත් ලෙඩෙක් නෙව..ඉතින් සප්පායම් වෙලාම යන එක හොඳයි...කැඳ එකක් 30ය් මූලස්තානෙ නිසා කියන්න තරන් අවුලක් නෑ....

කොහොමද රෙජිස්ටර වෙන්නෙ
හප්පා ඒකනම් පෝලිමේ ඉන්න වැඩක් දවස අනුව කාලෙ අනුව..ලෙඩ්ඩු ගනන අනුව පෝලිමේ දිග වෙනස් වෙනව...මෙහෙ රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එකට කියන්නෙ තුන්ඩු ගන්නව කියල...ඉතින් ඔය තුන්ඩු ගන්න පෝලිම් දෙකයි...ඔයා කෝඩු කාරයෙක්නම් අහන්න කාගෙන්හරි අලුත් තුන්ඩු දෙන්නෙ කොතනද කියල....බයවෙන්න එපා ඉන්ග්‍රීසි, කැඩිච්ච ඉන්ග්‍රීසි...ලීක් පොරවල් මෙහෙ අඩුයි..කිව්වට මොකද කඩ්ඩනම් ඇත්තෙම නෑ වගෙ....

බෙහෙත් ගැනීම...
තුන්ඩු ගන්න තැන ඉන්න ඇන්ටි අක්ක කියනව යන්න ඕනි කාමරේ ,,,ගිහින්...ඒ දොස්තර මහත්තය හමුවෙන පෝලිමේ ඉන්න ඕනි..මෙතනදි නම් පෝලිමට පුටු තියල තියෙන නිසා කිසි අවුලක් නෑ...ඉතින් දොස්තර මහත්තය හෝ නෝන ලංවෙනකොටම අර මම කිව්ව වොයිස් රෙකෝඩරේ හරි..ෆෝන් එකේ එහෙම කරන විදිහ හරි සක්‍රිය කරගන්න...දැන් ලැජ්ජාව බය ඕෆ් කරෙගෙන තියෙන ලෙඩේ ඔක්කොම කියන්න....දොස්තර මහත්තයට බොරු හෙම කියන්න එපා....අර වොයිස් රෙකෝඩරේ දමන්න කීවෙ දොස්තරමහත්තය කියන බෙහෙත් සහ ඒ අනුපිලිවෙල පොඩ්ඩක් රැකෝඩ් කරගන්න ..මොකද ඒව අහල පුරුදු නැති අපි වගේ හාෆ් බොයිල් බුවාලට බුවීලට ඔය බෙහෙත් ගන්න විදිහ මතක හිටිනව අඩුයි නෙව...

ෆාමසිය...
ඊලඟට එන්නෙ බෙහත් ගන්න සැට් වෙන වෙලාව....දොස්තර ලියල දීපු එක අර බෙහෙත් දෙන තැන ඉන්න මහත්තයට හරි නෝනට හරි දෙන්න ඕනි..මතක ඇතුව අර ගෙනාපු බෝතල ඉදිරිපත් කරන්න ඕනි..ඊටපස්සෙ ඔය කන්කානම් මහත්තය කියන විදිහ මතක තියා ගන්න ඕනි..ඇහුනෙ නැත්නම් අපැහැදිලි නම් ගෙදර ගිහින් පිස්සු කෙලින්නෙ නැතිව බැනුම් අහල හරි එව්ව හරියට අහගන්නව හොඳයි...මතක තියා ගත්තොත් හොඳවෙන්නෙ තමන්ගෙ ලෙඩේ....

ගාස්තු....
ඉතින් ඔය සමහර බෙහෙත් හරිම වටින එව්ව...ඔය ආයුර්වේදෙ සමහර බෙහෙත්නෑ...ඉතින් එලියෙ කඩේකින් ගන්න පුලුවන් කියල තමන්ම කියල ගන්න බෙහෙත් නෑ වගේ කියල දැනුනොත්....ඒ වාගෙ පිටින්ගන්න දෙයකට ඇරුනම හෙම්බිරිස්සවකට ගියත් රුපියල් 400-500ක් වටින බෙහෙත් නිකන් දෙනව ආයුර්වේදෙ....

දෙන එව්ව බොන එක තමා අමාරු...
ඔය කියන තරම්ම තිත්ත නෑ හැම බෙහෙතක්ම...සමහර එව්ව ඇත්තටම බිව්ව ගමන් ගෑව ගමන් ලෙඩ හොඳ වෙනව...ඒත් ඒ බෙහෙත් නිකම් ලැබුන කියල අපතෙ දමන්නෙ නැතිව ඉවර වෙනකල් කිව්ව විදිහට බොන්න....ලෙඩේ සම්පූර්ණයෙන්ම හොඳ නෑ වාගෙ හිතෙනවනම් ආයෙම ඇවිත් පරණැ තුන්ඩුවම අරගෙන බෙහෙත් ගන්න...

අතුරු ආබාධ..
ඇත්තටම ඒ වාගෙ දේවල් ඇත්තෙම නෑ මෙවයෙ...