Saturday, April 27, 2019

යළි දිවයිනට

ඊලග පාන්දර බස් සේවාව
මේ ඉරිදා රාත්තිරි. එත් බස් එක පිරිල නැහැ. මම හිටියා මට එහාපැ්තෙ කාරුවත් නැහැ. ඊලග සීට් එකේ ඊලග පැත්තේ ජනේලේ ගාව ගෑනියෙක් ආව රෙද්ද දිග ඇරගත්තා නිදි නිදි නිදි. එදා රෑ වුනා බස් එකේම. බස් එක චූ දාන්න නැවැත්තු වෙලාවේ දුවල ගිහින් චූ දාල ආවා. වීරයා වගේ වගේ කන්ද  බැස්සට දැන් ඉතින් අපි වයස නේ. පොඩ්ඩක් විතර අමාරුයි. අමාරු වුනාට කදු නැගල බැහැලම දැන් අර ඊලග දවසේ කකුල උස්සගන්න බැරිවෙන්න පේන් එකක් එන ලිමට් එක ගිහින්.
මෝ චිට් වලින් බහිද්දි පාන්දර 4යි. කලින් දවසම බස් වල කදු වල කකුල් වලට වදදීගෙන හිටිය නේ. ඊලග දවසෙත් බැංකෝක් වල පොඩ්ඩක් විතර ඇවිදින්න කියලා හිටියේ. මම හෝටල් බැලුවා මයේ අම්බේ බැංකොක් වල ගනන්.අ නික් සින් එක තමයි මට දැන් දවස් දෙකකට ගෙවන්න වෙනවා. එක පැත්තකින් මගේ බජට් එක වුනේ බාත් 15,000ක් ගමනට. දැන් සල්ලි ටිකක් ඉතුරුත් එක්ක. ඒ නිසා ඉතින් හෝටල කාමරයක් අරගෙන සැපේ ටිකක් නිදාගන්න හිතුවා.
මේවා කියන්න ඕනි ටෝන් එක මේම නෙමෙයි. ඒක මම දන්නවා. ඒ කියන්නෙ හැමතිස්සේම සල්ල ගැනම කියද්දි නිකං මගේ වැලියු එක අඩුවෙන සීන් එකක් යනවා. ඒත් අපි ගත්තොත් ලංකාවෙන් එලියට නොයන්න එක පදාන හේතුවක් තමයි සල්ලි. මිනිස්සු ආසයි රටින් එලියට ගිහින් තැන් තැන් බලන්න. ඒත් රටින් එලියට අඩියක් තිබ්බත් ලක්ස එකහමාරක් විතර තැලෙනවා කියලා තමයි කට්ටිය හිතන්නේ. ඉතින් දවස් 10ක තායි ටුවරක් ලක්ශයකට කිට්ුවෙන් කම්ප්ලිට් කරගත්තා කිව්වම එක්තරා ලෙවල් එකකට. ඒක කොහෙමද කලේ කියලා දැනගන්න ආස අය ඇති. එයාලට තමයි මේ සල්ලි විස්තර කියන්නේ.
එහෙම නැතුව මට පොයිය ගහන්න ඕනි නම්. මෝචිට් ආවා. ලගම තියෙන හෝටල බැලුවා අගොඩ් එකෙන් බුක්කලා බාත් 1500යි රූම් එකට. ඕක ගානක් නැහැ ඉතින් ලංකාවෙ හිටයත් මගේ චොයිස් එක ත්‍රීස්ටාර් වගේ යන එක. බජට් තැන් හොයලා වාත වෙන්න බැහැ නේ. ඒ නිසා මේම මේම කියලා ලියන්න තිබුනා. ඒත් ඒම පොයි ලයින් එක ලියන්න ගොඩක් අය ඉන්නවා නේ. ඉතින් මම මගේ ලයින් එකටම ලියනවා.
සාමාන්‍යෙයන් බස් නැවතුමක් කියන්නේ කාක්කෝ. මම කෝකටත් කියලා බස් එකෙන් බැහැල මූලික කාක්කෝ ටික එහාට මෙහෙට වෙනකල් ටිකක් උන්නා. ඉදලා අහක් වෙලා තව විනාඩි 10ක් විතර වාඩිවෙල උන්න ාබංකුවක් උඩ. ඉන් ප්සසේ හිමීට මෝටර් සයිකල් ටැක්සි බුවෙක්ව ටොක් කලා. මම කිවවේ මට ගෙවන්න පුලුවන් බාත් 500යි. මට කාමරයකි හොයාදෙන්න පුලුවන්ද ඒසී එක්ක. ?
නවාතැන
පොර රායිට් කිව්වා. ඒ වෙලාවේ අගෝඩ බුකින් පෙන්නුව ලගපාත කාමර සේරම වගේ ඊට වඩා ගනන්. 600යි 700යි. පොරගෙ බයික් එකේ නැග්ගා පොර මාව ගෙනිච්චා ඒ ළගපාතම බැංග් සූ වලට. බැංග් සූ වල ප්‍රාෙසට් කෝට් කියන ප්ලේස් එකක්. ඒකේ අපාර්ට්මන්ට් තියෙන්නේ. බුකින් වත් අගොඩ්වත් ගූගල්වත් නැති ඒත් සුපිරි තැනක්. අවුට් සිටි වල හෙවත් ටවුමෙන් පිට තරම්ම ඉඩකඩ සැප නැතත් බැංකොක් වල හැටියට කාමරේ ඒ සී බාත්රූම් ඩබල් බෙඩ් එක්ක සුපිරියට තිබ්බා. මහ පාන්දර කවුන්ටර් බුවා කූද්දලා ටැක්සි බුවාම මට කාමරේ පෙන්වලා ගියා.
ටැක්සි කාරයා කියක් හරි යටිමඩි ගහගන්න ඇති. අනෙක රෑ නිසා බාත් 50 දුරට 100ක් අදින්න ඇති. එකාතකින් අපි පැතලිව කල්පනා කලොත් මේ ටැක්සි බුවාලට කියලා කාමරයක් බුක් කරගත්තෝතින් ඒ අය 10%ක් ගන්නවා කියමු. ඉතින් ඔය වගේම මාජින් එකක් ඒ අය  පන්නනවා අගෝඩහෝ බුකින් සයිට්ස් වලින් බුක් කලත්. අපිට හරියටඅ පේ රික්වයමන්ට් කියාගන්න ැහකි නම් ඇත්තටම සමහර කාක්කෝ කියන්නෙත් එක්තරා විදියට අපිට ඕනි දේවල් හොයාදෙන ඒජනත්යෝ වගේ ජාතියක්.
ඒක මැක්සා ලොකේශන් එක. සාමාන්‍යෙයන් සිටි වල රූම් බුක් කරද්දි කෝච්චි වලට කි්ට්ටුද? පාරට කි්ටුද? ලගපාත ටැක්සි තියේද? කෑම කඩ තයේද කියලා බලන්න ඕනි පොතේ හැටියට. මට ඒ මෝටර් සයිකල් ටැක්සි මාමා හොයලා දුන්න තැන මෙට්‍රො එකට කෝච්චි ස්ටේශමට මීටර 500යි. එලිටය බැස්ස ගමන් කෑම කඩ, ටැක්සි ස්ටේශම බැස්ස තැනම. සමහර වෙලාවට වාසනාව වෙන්න ඇති. ඒත් මම හිතන්නේ තායි මිනිස්සු එහෙමයි. ලංකාවේ නම් පෙටා බැහැලා කොටුවේ ඉන්න කාක්කෝ ටෝක් කලොත් මම හිතන් නැහැ උන් මහ රෑ මේ වගේ හොද තැනක හොද ගානට කාමරයක් සෙක් කරාවිය කියලා.
ජේ ජේ මෝල් සහ චටුචක්
මම උන්නේ බංග් සූ වල. ලගම ෂොපින් මෝල් එක සර්ච් කලාම සර්ච් වුනේ ජේ ජේ මෝ්ල එක. මම පයින් යන්න කියලා ගත්තා. ම්ම්හු. කිලෝමීටර 4ක් වගේ. අනික පයින් යෑම තායි උන් කරන්නේ අඩුවෙන් වගේ. පයින් යන එකෙක් හමුවෙන්නේ කලාතුරකින්. ඒ ගමන මෝටර්සයිකල් ටැක්සියකින් ජේ ජේ මෝල් ගියා. ඇත්තටම ජේ ජේ මෝල් වල බඩු පට්ට ගනන්. ලග තිබුන චටුචක් මාකට් ක සදුදා වහලා. මම සදුදා ආපු නිසා චටුචක් එක මිස් වුනා.
ජේ ජේ මෝල් එකේ ඒ ටී එම් තිබුනා. ඒ වගේම සල්ලි මාරුකරගන්න තැනුත් තිබුනා. බාත් 220ක් කැපුනට මම කලින් කියාපු විදියට ලේසිම වැඩේ ඒ ටී එම් වලින් සල්ලි අදින එක. ඉතින් මම සල්ලි ටිකකුත් අරගෙන ටිකක් කැරකුනා. කෑමද බිීමද විසිතුරු බඩුද අයිටම් ගොඩායි. ඒත් ජේ ජේ එකේ මිල වැඩියි.
නැවත නවාතැනට
මෙතැනදි මම ගියේ මෝටේ සයිකල් ටැක්සියක. දැන් හරි ආයේ කොහොමද මම ඉන්න නවාතැනට යන්නේ. පී එස් ප්‍රාෙසට් කෝට් කියන ප්ලේස් එකේ තමයි මම ඉදියේ බැංග් සූ වල. බංග් සූ කියන පලාතේ ස්ටේශන් එක මෙට්‍රො එක තියෙන තැන මම දන්නේ නැහැ. මට අසාධාරන සැකයක් ආවා මට මේ ගමන් බැංකොක් වල රවුන් ගැහුවොත් ආයේ පාර හොයාගන්න එක ගැන. පී එස් කෝට් කියලා සර්ච් කලාම තැන් ගොඩක් පෙන්වනවා මැප් එකේ. කෝකටත් කියලා ආයේම නවාතැනට ගිහින් පබ්ලික් ටාන්ස්පෝ්ට් වලින් චයින ටවුන් යනවා කියලා හිතුවා.
නවාතැනට ගිහින් ආයේ මීටර හයසීයක් විතර පයින් බඩගෑවම ඔන්න සෙට් වුනා බැංග් සූ මෙට්‍රො ස්ටේශන් එක. බැංග් සූ වලින් ටිකැට් ගත්තා හුවා ලම්පෝන් වලට. හුවා ලම්පෝ්න කිට්ටුව තමයි චයින ටවුන් තියෙන්නේ. චයින ටවුන් සිරා ප්ලේස් එකක්.
චයින ටවුන්
ඉස්සර කාලේ චායෝ ප්‍රායා නදිය දිගේ වෙලදාමේ ආපු චීන්නු ඉදපු දිහාව තමයි චයින ටවුන්. මේ හරියේ ඉදලා රිවර් එකට කිට්ටුයි මැප් එක අනුව. ඒත දැක්ක රිවර් එකක් නම් නැහැ. ස්ටේශන් එකේ ඉදන් ටිකක් දුරයි චයින ටවුන් වලට. මෙට්‍රො එකෙන් බැස්ස ගමන් මෝටර්සයිකල් ටැක්සියක් ගත්ත නම් චයින ටවුන් බහින්න පුලුවන් සුටුස් ගාලා. මම ඉතින් පයින්ම ඇද්දා.
චයින ටවුන් කියන්නේ ඇත්තටම හෝල්සේල් මාකට් එකක්. සපත්තු,රෙදිපිලි, හාඩ්වෙයාර් බඩු, බෑග්ස්, ලෙදර් ප්‍රොඩක්ට්, මංගල උපකරණ, විසිතුරු බඩු, කොන්ඩ කටු, වගේ ලොකු රේනජ් එකක බඩු තියෙනවා. ඒත් හෝල්සේල් ප්‍රයිස් එකට දෙනනේ කෑලි 12ක් ගත්තාම.
මම රවුමක් දාලා ඇත්තටම මොකුත් වැඩිය නොගෙන ආවා. මම මුලින්ම බැංකොක් ආපු දවසේ ගිය බැංකාපි වල රෙදි සපත්තු බෑග් සිල්ලරට ලාබෙට ගන්න පුලුවන්කම තිබුනා ෂොපින් මෝල් වල. ඒත් චයින ස්ට්‍රිට් වල සිල්ලර මිල අඩු නැහැ. ටිකක් වැඩියි කියලා තමයි හිතුනේ.
මම එන ෆ්ලයිට් එකට බැගේජ් එකක් දැම්මා. ඒත් මොකුත් වැඩිය අරන් ආවේ නැහැ. මට හිතුන දෙයක් තමයි ඇත්තටම මේවෑ බඩු ලාබ ඇති. ඒත් ඉතින් අපි වගේ ගෙදර අයට ඕනි ඇදුම් කෑලි ටිකක් ගන්න වගේ වැඩකට ලංකාවේ තැන් ටික වාසියි. සමහර විට බැංකොක් වල වෙන ඒරියා ඇති ලාබෙට. ඒත් සොපින් කියන්නේ මම එච්චර ඉන්ටරෙස්ට් සබ් එකක් නෙමෙයි. අනෙක් පැත්තෙන් පිටකොටුව කටේම රක්ශාව කරන මට පිටකොටුවෙන් වුනත් ඕනි දෙයක් ගන්න හැකි නෙ.
ෂොපින් වැඩේ බාගෙට කරලා ඔය කොන්ඩකටු සපත්තු බෑග් බෙල්ට් වගේ සුකුරුත්තන් ටික්ක අරගෙන නවාතැනට ආවා. ඇවිත් එතැනින් ටැක්සියක් ගහන් එයාපෝට් එකට ගියා. ඇත්තටම එයාපෝට් එකට ටැක්සිය වැදුනේ මීටර් එක බාත් 180යි. මම බාත් දෙසියක් ඩයිවරයට දුන්නා.
ගුවන් තොටට ආවම එකම ටයිම් එකට එයා ඒසියා ප්ලයිට් තුනක් අදිනවා.මල කෙලියයි ඉතින් මාර ට්‍රැෆික්.ඇත්තටම මගේ මලු දෙකක් තිබුනට දෙකේම කිලෝ දහයක් නැහැ. ඒදෙකම කිසි ගින්නක් නැතුව ගෙනියන්න තිබුනා. ඒත් මම තව බෑග් එකක් ගෙනියන්න මෙව්වා එකක් දාලා තිබුනා. ඒ නිසා ඒක ලැගේජ් දැම්මා.
තායි දෙවනි එයා පොට් එක වෙච්චි දොන් මුවන් එකයි ලංකාවේ එකයි අහසට පොලව වගෙ. එහේ සුපිරිකියනවා නෙමෙ. ඒක හරි ඇක්ටිව්. මිනිස්සු රෙස්පොන්ස් කරනවා. ලංකාවේ එක මැරිලා වගේ.අ ැවිදින මලමිනි ටිකක් වගේ ලංකාවේ එයාපෝට් එක.
ඉතින් එතනින් එලියට  ආවම ටැක්සි කාක්කො. මේ කියනනේ කටුනායක ගැන. ටිකක් විතර එහායින් තිබුනා ඒ සි බස් එකක්. ඒකේ නැග්ගා. ඒ සී බස් එක ටිකක් විතර වෙලා ගියා එන්න ඒත් ඉතින් පැයකින් විතර යාන්තම්කොට කොට ආවා. ගුවන් තොටුපලයට යන්න ටැක්සි. ඉන් පස්සේ පරිවාර සෙනග. මම රට ඉදන් එනකල් බලං ඉන්න කට්ටිය කවුරුවත් මට නැහැ. ඉතින් බස් එකේ ඇවිත් බෝඩිමට ගොඩ වුනා.
මේ අවසාන කෑලි දැම්මේ රට යනවා අපිට දුකයි. ඇත්ත කාලයක් ඉන්න රට යනවා නම් කට්ටිය එක්ක යන එක වටිනවා.එ ්ත් ඉතින් ටුවර් එක්ක කියන්නේ ලොකු දෙයක් නෙමෙ නේ. ඕකට එයාපොට් ගානේ රස්තියාදු වෙන්න කාරුවත් ඕනි නැහැ.
දවස් දහයක් රෑ 10ක් ( ඇත්තටම මේ කාලේ කොච්චරද කියන්න මටත් නිච්චියක් නැහැ) මම තායිලන්තේ උන්නා. හැමෝම යන පතායා පුකෙට් සහ බැංකොක් වීදි වලට ගියෙත් නැහැ. හැමෝම යන නිසාම ස්කිප් කලානෙමෙයි. අපේ රට සංචාරකයෝ එන රටක්. ඉතින් සංචාරකයෝ හම්බෙන්න නම් ඔය හික්කා, ට්‍රින්කෝ ඇල්ල පැත්තට ගියාම සිගිරියට නුවරට ගියාම හැකි. ඒත් රටතොට බලාගන්න නම් ඒම බැහැ. මට ඕනි වුනේ රට තටෙ ආදිය මිනිස්සු ජීවත්වෙන විදියට ආදිය බලලා ඒ රටේ ලෝකල් ටුවර් බුවෙක් විදියට ට්‍රැවල් කරන්න. මගේ ගෝල් එක හිතුවටත් වඩා සක්සස් වුනා.
ඇත්තටම තායිලන්තයවගේ රටකට යන සුද්දෙක් අපේ වගේ රටකට ගෙන්වාගැනීමත් ටිකක් අමාරු රාජකාරියක්. මොකද තායි රට කියන්නේම ටුවරිස්ට්ලට මාර සපෝටිව් සිස්ටම් තියෙන රටක්. තායි වල හොදම සල්ලිකාර ටුවරිස්ට්ලාට වගේම බැක්පැකර්ස්ලටත් බොහොම ලේසියෙන් ට්‍රැවල් කරන්නට හැකියාව තියෙනවා. අද වෙද්දි අපේ රටේ බෝම්බ ප්‍රහාර එක්ක ටුවරිසම් අනතුරේ ලක්වෙලා. ඉතාම කණගාටුදායක විදියට සාමාන්‍ය ජන ජීවිතය කඩාගෙන වැටෙන ලයින ්එකක් පෙන්නුම් කරනවා. මම දැකපු තායි එයාපෝට්, තායි දුම්රිය නැවතුම්, තායි බස් නැවතුම් තායි නගර සැලැසුම් ආදිය හැම දෙයක්ම ලංකාවට වඩා දියුණුයි. ලංකාවේ පෙටා බස් නැවතුමට ඇත්තටම මොකද්ද තියෙන එන්ටරන්ස් එක? එහෙම එකක් නැහැ.හිතුන හිතුන පැතිවලින් බස් නැවතුමට එනවා. ඒ වගේම බස් නැවතුමට හරියට ටැක්සි පාක් එකක් නැහැ.. මිනිහෙක්ට වාහනෙකින් ඇවිත් දුර බස් එකකට යන්න බහින්න තැනක් නැහැ. බස් බුක්කරගන්න ක්‍රමවේද නැහැ.
මම ගිහින් තිනේනේ රටවල් තුනයි. නේපාලය, ඉන්දියාව,තායි රට. ඇත්තටම සංචාරකයින්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජනයාටත් ලංකාවට වඩා හොද පොදු ප්‍රවාහන සේවයක් ඒ රටවල් තුනේ තියෙනවා.
ඉතින් ආයේ සංචාරයක් ගියොත් ආයේ හමුවෙමු.









Friday, April 19, 2019

කන්දෙන් පස්සේ බැංකොක්

කන්ද උඩ
Phu Kradueng කන්ද උඩට ගියාම තියෙන්නේ මාර තැනිතලාවක්.. මම ඒ නගින වෙලාවේ දැනන් උන්නේ නැහැ ඒම තැනිතලාවක් ගැන. පස්සේ තමයි දන්නේ මෙහෙම හුට්ටප්පරයක්. කන්ද උඩට නැග්ගාම නැග්ග තැනම තියෙනවා බයිසික්ල පොට්ස් එකක්. එතනින් බයිසිකල් එකක් ගත්තා. හවස දෙක පහුවෙලා නිසා මට ලොකු රවුමක් යන්න බයිසිකල් එක ගන්න බැරිවුනා. පෙඩි රවුමක් යන්න බයිසිකල් එක ගන්න හැකි වුනා. ඉතින් බයිසිකල් ගමනත් සුප්පා. ඇත්තටලම ලංකාවේ කදු තියෙනවා තමයි ඒ වගේ කන්දක් නැගගෙන නැගගෙන ගිහින් තියෙන ෆ්ලැට් ලෑන්ඩ් එකක එක්ස්පීරියන්ස් එක නැහැ. ඒක මැක්සා
පයිනස් ගන් තිබුනා. ලස්සන ගල් වැටි තිබුනා. මම බයිසිකලේ එකෙන් සූස් ගාල ගියා. ගිහින් පොටා් ටික ගහන් මගදි හම්බුන තායි සෙට් එක්කත් කතා බහකුත් දාලා ගියා කෑම්ප් සයිට් එකට. මගේ අම්බේ විසාල ග්‍රවුන්ඩ් එකක් එක්ක පට්ටම විසාල කෑම්පින් සයිට් එකක්. තායි සිටි එකක්ම බස්සත හැකි ඒකේ.
බයිසිකලය බාරදීම.
මේ තැන්වල ගියාම ඉතින් හැමදාම එකම පස්නේ ලැංවේජ් පස්නේ. මුලදි බයිසිකල් එක ගන්න තැනදි සහ මෙතැන බාර දෙද්දි එකම පස්නේ ලැංවේජ්. දන්න අක්කියෙක් ආවා ඉංගිරිසි ටිකක්. එයා කිව්වා විස්තරේ. හුටස්. මට ආයේ යන්න බැහැ ඊලග දවස වෙනකල්. මම නවතින්න ඕනාලු. ඒ කියන්නේ මම 2න් පස්ස් නැග්ග නිසා බහින්න බැහැ අලියා ඉන්නවා කොටියා ඉන්නවාලු පාරේ. යද්දි රෑ වෙයිලු. අනික ඒක නිතියක් ලු.
ඇත්ත අලි බෙටි තියුනා ආපු පාරේ. මේක මහ කැලේ පේන තෙක් මානේ. බයානක තමයි.ඒත් මම රෑ නවතින්න ලෑස්ති වෙලා ආවේ නැහැ. මම යන්න ඕනි.මොකද ඊලග දවසේ බහින්න හිටියොත් මගේ ෆ්ලයිට් එක මිස් වෙන්න යම් ඉඩක් තියෙනවා. රෑ නවතින්න පුලුවන්. ඒත් උදේ බහිද්දි ආයේ උදේ දහය විතර වෙයි. මේ ඉන්නේ බැංකොක් වලින් කිලෝමීටර 500ක් විතර ඈත. එතකොට මට බැංකොක් ඊලග දවසේ රෑ 10 ෆ්ලයිට් එකට යන්න අමාරු වෙයි. සැර කතාවක්. ඉතින් ඒ නිසා මම තීරණය කලා බහින්න.
මම ගිහින් එතන තිබුන වයිල් ලයිෆ් හෝ මිලිටරි යුනිෆෝම් ඇදන් උන්න ඔපිසියේ ඔපිසරයෙක් හමු වුනා.ඔවුන් ටෙන්ට්, බෙඩ්සීට්, ජැකට් සහ මෙට්ට ඇද ඇතිරිලි ආදිය මුදලට දෙන එක තමයි කරන්නේ. එතන ඒ වැඩ නිසා ටිකක් බිසි තිබුනා. ඒත් මම අවශ්‍යතාවය කිව්වම ඕකේ කියලා කිව්වා.
වැඩේ කියන්නේ මම ආවේ බයිසිකල් එකේ. ඒත් මට යන්න වෙන්නේ පයින්.බයිසිකල් ගමන පටන් ගත් ඒ තැනින්මයි බැහීමත් කල යුතු වෙනනේ. එකම අනුමත පාරයි තියෙන්න් බහින්න. දැන් වෙලාව හතරයි. මම ඔෆිසර්ට කිව්වා මම නගින්න ගත්තේ 1ට (ඇත්තටම 12ට විතර) ඉතින් මට පැය තුනෙන් එන්න පුලුවන් වුනා. මට පුලුවන් 6 වෙද්දි බහින්න අනතුරක් නැතුව කියලා මම ඔපිසරයට කිව්වා. පොර ඒක පිලිගත්තා.
ඉතින් මම පයින් ඇවිදගෙන එද්දි ෆොරස්ට් ඔෆිසර් කෙනෙක් ට්‍රේලකින් ඇවිත් මාව ගෙනත් දැන්මා බහින තැනට. ඒ කියන්නේ කෑම්පින් සයිට් එකේ ඉදන් කන්ද බහින තැනට. කිලෝමීටර 4-5ක දුර. කොහොම වුනත් ඒ අතින් නම් ඒ මිනිස්සු රත්තරන්. මම කරන්නේ ඉලීගල් වැඩක්. ඒ ජාමේ බහින එක උන්ගේ ජොබට පවා අවධානමක් ඒත් උන් මගේ අවශ්‍යතාවය සැලකුවා.
බැසීම
සාමාන්‍යෙයන් මට කදු නැගීම් බැසිම් යම් පලපුරුද්දක් තියෙනවා. විශේසයෙන් මේ සිරිපාදේ වගේ තියෙන කන්දක් කියන්නේ එච්චර ලොකු ගේමක් නෙමෙයි. මම දඩ බඩ ගාල බැහැගෙන ආවා. එද්දි කඩ වහලා. නගින කට්ටිය අඩුයි. මොකද දෙකෙන් පසසේ නගින්න දෙන් නැහැ නේ. දැන් මම බහින්න ගත්තේ 4ට. මම නගිද්දි පාස් කරන් ආපු කාන්ඩෙත් තාම නගිනවා හම්බුනා. මග උන්න උන් ඇත්තටම පුදුම වෙන්න ඇති මගේ බහින ස්පීඩි එකට..මම සට පට ගාල බැස්සා කලුවර වැටෙන්න කලියෙන් බැහැගන්න ඕනි නිසා.
අලි බෙටි තියෙන තැන්වල බය නොහිතුනා නෙමෙයි. තායි ලන්තේ කැලේක තනියම කන්දක් බහින ගමන්. අලියෙක් හම්බුනොත් ඌට සිංහලත් බැහැ. කුනුහබ්බයක් කියලාවත් එලෝගන්නත් බැහැ. කොහොම වුනත් මම මග නැවැත්තුවේ නැතුවම බැස්ස. පහලට එද්දි හරියට හයයි. ඒ කියන්නේ කෑම්ප් එකෙන් මම වෙලාව ඔෆිසර්ට පෙන්වද්දි 4යි. ඉන් ප්සසෙ පහලම තැනදි 6යි. තායි ෆොරස්ට් ඔෆිසර් ට පුදුමයි. මම හිතන්නේ එදා දවසට කන්ද බැහැපු අවසානම කෙනෙක් තමයි මම.
ඒ තායි ඔෆිසර සෙට් එක මම එක්ක සෙල්ෆියකුත් ගත්තා. මම දඩ බඩ ගාල ටොයිලට් එකකට ගිහින් අතපය ටික හෝදගත්තා.මොකද ඉක්මනින් බැස්ස නිසා හැම තැනම දූවිලි. බහින්න තිබුනේ හෙල් වලින් පඩිපේල් වලින් ඉනිමං උඩින්. බහින්න තිබුන දුර ඇවිල්ල කිලෝමීටර 6ක්. උස මීටර 1100ක්. පැය දෙකෙන් කියන්නේ ලොකූ දෙයකුත්නෙමෙයි වෙන්න ඇති. ඒත් වෙලාවේ හැටියට සහ තායි වලඒ කන්දේ විදියට නෝමලි කට්ටිය ගහන ටාගට් එකක් නෙමෙයි.
තායි කදු වැඩ කිඩ
උඩ කෑම්පින් සයිට් එකේ මම හිතන්නෙ ඒදවසෙත් ලොකු සෙනගක් උන්නා. කෑම්ප් අරන් යන්න ඕනි නහැ උඩ ෆොරස්ට් එකෙන්ම කෑම්ප් එකක් දෙනවා ටෙන්ට් සහ කොට්ට මෙට්ටත් එක්ක. ඒ වගේම මම හිත්නනෙ වැසිකිලි පහසුකම් සෝදන වැඩකටයුතු වලටත් තැන් හදලා ඇති. කුනු අපි අරන් යන ඒවා අරන් එන්න ඕනි. උඩ පඅපි කුලියට ගන්න බ්ලැන්කට් කොට්ට මෙට්ට වලට ගෙවන් ඕනි .ඒත් ඒක ෆොරස්ට් ඩිපාට්මන්ට් එකට හොද ආදායම් මාර්ගයක්. ඒ වගේම බයිසිකල් පැදීමට පහසුකම් සලස්සලා තියෙන එකත් වටිනවා. දුර වැඩියි. පයින් ගියොත් පුක ඉරෙනවා. ඉතින් ඒ උඩ තියෙන වර්ග කිලෝමීටර දහයකට වැඩි භූමිය කවර් කරන්න බයිසිකල් එකකින් ලේසියි. ඒ පහසුකම් සැපයීම තුලින් ඒ වන සංරක්ශන ආයතන රජය ආදායම ්ලබනවා. ඒක හොද දෙයක්. අපේ වගේ හුදෙක් ටිකැට් කෑල්ලකට නෙමෙයි සල්ලි ගන්නේ සර්විස් එකක් දිලා.
බැහැලා ඉන් පස්සෙ ටවුමට ඒම
බැහැලා ඉන් පස්සේ එන පස්නේ වනෝද්‍යානයෙන් එලියට යන එක. කලින් කියලා තියෙන විදියට මම මේ ටිකට් බලන තැනට එනකල් ආවේ විල් එකක. මේ රෑ වීල් නැහැ. එතන නවත්වලා තිබුනා පොදු සොන් තෘෘ කියන පිටුපස්සේ සීට් කහපු කැබ්ස්. ඒ වුනාට ඒවායෙත් කවුරුත් නැහැ. මුන අතපය හෝදගෙන එද්දි ඈත පේනවා ඩබොල්කැ බ් එකක් යන්න යනවා. ඒ පාර මම ගිහින් ටෝක් කලා. ම්ම්හු තායි..ඉංගිරිසි බැහැ. යාන්තම් දෙයියෝ දැක්ක වගේ ආන්ටි පහරක් සෙට් වුනා බයික් එකක. එයාට ටිකක් පුලුවන්. එයාගේ බයික් එකේ මාව දාගෙන යන්නත් ඉඩ තිබුනා ඉතින්.කෝමහරි අංකල්ව නමාගෙන මට කැබ් එකේ බස් නැවතුමට යන්න හැකි වුනා.
ඒ දුරත් කිලෝමීටර 5-6ක් විතර ඇති. අංකල් බුවා මම නැග්ගම යන්නේ නැහැ. පසසේ බැලින්න්ම මම කැ්බ් එකේ හිටගෙන නේ. අංකල් කියල තියෙන්න මට වාඩිවෙන්න කියලා. මම කැබ් එකේ පිටුපස්සේ වාඩි වුනා. අංකල් ඇයි මාව ඇතුලට නොගත්තේ කියල හිතුවොත් එහා සීට් එකේ මොන්ටිසෝරි වයසේ පොඩි එකෙක්. ඒක සිංගල් කැබ් එකක්.
මම ඒකේ නැගලා බස් නැවතුමට යද්දි තමයි ඔන්න හතරවටින් කලු කරන්න ගත්තේ.දැන් මගෙ පස්නෙන් බාගයක් ඉවරයි. තව ටිකක් ඉතුරුයි. දැන් ඒකකෝ මෙතැනින් මම කොන් කේන් කියන නගරයට බස් එකක් එනකල් ඉන්න ඕනි. බස් නැත්නම් නවාතැනක් හොයාගන්න ඕනි.
කෙල්ලෙක් හිටියා. එයා ෆෝන් එකේ මූන ඔබාගෙන උන්නේ. හෝල්ට් එකට බස් එන් නැති ලයින් එක්ක පේන්නේ. ඈතින් බස් එකක් හන්දියෙන් හරවන් යනෝ පෙනුනා. ඒ ගමන මම කුලප්පු වෙලා ඒ හන්දිය දිහාට පයින් යන්න ගත්තා. අර ෆෝන් එකේ හිටි කෙල්ලගෙන් ඇහුවම බස් එක එන් නෑද කියලා ඉංගිරිසියෙන් ඔලුව වැනුවා. ඉතින් මම ගියා.
ගියා විතරයි බස් එකක් ආවා. එකේ නැග්ගම මෙන්න බොලේ ඒක ආයේම මම කලින් හිටි හෝල්ට් එකට ආවා. අරකලින් ෆෝන් එකේ හිටි කෙල්ල බස් එක දිහා බැලුවා. බස් එකේ සීට් උසනේ මාව පෙනුන් නැහැ ඉතිම්.. බස් එකේ හිටියේ කොන්දොස්තර කෙලියෙක්. ඒ කිව්වේ කෙල්ලෙක් හැඩ පාරක් අප්පා ඒකනම්. මොන හිතකින් මේ වගේ කෙල්ලෝ කොන්දොස්තරලා කරනවාද? මට ඒවනම් හිතාගන්නවත් බැහැ.
කොන් කේන්
කොන් කේන් කියන්නේ මම කලින් කියලා තියෙනවා වගේ නෝත් ඊස්ට් වල තියෙන ලොකු නගරයක්. රෑ පුරා බස් තියේ බැංකොක් වලට. ආයේ පොඩි පස්නයක්. එදා ඉරිදා. ඉරිදා රෑ ඉතින් දන්නෝනේ. බස් තියේවිද බැංකොක් වලට. මේවා බලලා කියලා කලින් බුක් කරලා යන අයත් ඇති. ඒත් මට ඒකේ ආතල් නැහැ. ඒත් හරි ටයිම් වලට ඕවා සෙට් වෙන්නෙත් නැහැ නේ. ඔන්න මම හරියටම කොන්කෛ්න් එන වෙලාව මට කලින් කියන්න බැහැ. මම කොන් කේන් ඇවිත් ඊලගට බැංකොක් තියෙන බස් එකක මම බුක් කරලා ිතයෙන්නෙ තා පැය පහකින් නම් මම පැය පහක් කට්ට කන්න වෙනවා. ඒ නිසා මම බුක් නොකර ගමනට කැමතියි. කොහොම වුනත් තායි කියන්නේ ටිකක් වැඩිපුර රිසෝස් තියෙන ලොකේශන් එකක්. ලංකාවේ නම් බුක් නොකලොත් අනාතයි නේ. තායි වල එහෙම වෙනවා අඩුයි.
හෝටල බස් බෝට්ටු වගේ ඒවා සම්පූර්ණ බුක්වෙනවා අඩුයි.
කොන් කේන් වලට එද්දි මගදි බස් එකටආච්චියක් ආවා. සුපුරුදු පරිදි ඉතින් මම බාබකිව් මස් කූරු දෙක තුනකුයි බත් ටිකකුයි අරන් කෑවා. වතුර බෝතල ඇහුවාම ආච්චි එලියේ තිබබ කඩයක් පෙන්නුවා. ඒ බස් නවත්වන තැන්වලින් නගින අයත් ගොඩක් වෙලාවට ගෑනු අය. අපේ රටේ සති පොලවල ඉන්න ආච්චිලා වෙග්. වෙලාවකට පව් ය කියලා ගන්නත් හිතෙනවා. ඉතින් කොන් කේන් වලට එද්දි රෑ 8 විතර වුනා. කොන් කේන් වලත් තියෙනවා අර බස් ස්ටෑන්ඩ් අවුල. ඒ කිව්වේ නගරය තුල බස් ස්ටෑනඩ් එක්ක අලුතින් හදලා ඒකෙ තියෙන්නේ මේන් සිටි එකෙන් කිලෝමීටර 8ක් දකුණට වෙන්න.
කොහොම හරි මම ගිය බස් එක ඒ බස් ස්ටෑන්ඩ් එකට ගියා. බස් ස්ටෑනඩ් එකේ බස් කම්පැනි කීපයක කවුන්ටර තියෙනවා. එයින්  නිකොන් එයා හෝ ඒවගේ නමක් තියෙන එක තමයි සුපිරිම බස් කොම්පැනිය. ඒකෙන් ඇහුවා.ම්මුහු.. සීට් නැහැ. ඊලගට තියෙන ඒජන්සියෙනුත් ඇහුවා ම්ම්හු..ඒකෙත් නැහැ. පස්සේ මම තව දෙතුනේ දෙනෙක්ගෙන් ඇහුවම මෙන්න ඊලගට විනාඩි 10කින් එන බස් එක සීට් තියේලු. සුටුස් ගාල බුක් කලා. තුන්සිය පනහයි ඒ තුන්සිය පනහට සැප සීට් එකයි වතුර බෝතලෙයි බ්ලැන්කට් එකයි කුකී එකයි කිරි පැකට් එකයි. කොන් කේන් ටු බැංකොක් කිලෝමීටර හාරසිය පනහක් දුර.
මම තායි ගමනේ ගහපු ස්ට්‍රික්ම ප්ලෑන එක. මේ විදියට තනියම ප්ලෑනින් ගමන කියන්නේ ගේමක්. ඒක හරියට වීඩියෝ ගේම් එකකටත් වඩා සීරියස්. ඒ අස්සේ මම වගේ බුක් නොකර යන එක තවත් ටිකක් මෙව්වා වෙනවා. කොහොම හරි මම ආයේ කවදාක හෝ තායිලන්තේ ආවොත් ආයේම පූ කෘඩන් නැෂනල් පාක් එකට යනවා. ටිකක් වියදම තමයි. ඒත් ඒ උඩ බලන්න තියෙන තැන් ටික ඔක්කෝම බලලා එතැන කන්ද උඩ සීතලේ නයිටක් ගහල එන්න ඕනි. දිය ඇලි, භෟ විශමතා ලක්ෂණ, උද්‍යාන කෑලි වගේ කිහිපයක්ම බලන්න තියනවා ලු ඒ කන්ද උඩ සමතලා සීමාවේ බයිසිකල් එකේ ගිහින්. ඒ අත්දැකීමට සහ ඒ මිනිස්සු මට සලකපු විදියට මට ඒක මාර මතක සටහනක්.. අපේ රටේ නම් ඒ විදියට අවධානමක් අරගෙන ගිහින් ඒක සම්පූර්ණ කල් වනෝද්‍යාන කට්ටිය එහෙම සලකන්නේ සවුත්තුවට බාගෙදා නීති කඩකලා කියලා කූඩුවට දාන්නත් බැරි නැහැ

ඒත් මම 4ට කිව්වා මම 6 වෙද්දි බැහැල පෙන්වනවා කියලා. ඇත්තමට 6 වෙද්දි බැස්සා. ඒ කට්ටයට ඒක ලොකු දෙයක් වුනා. සමහර විට කුඩුකේඩු ඉන්දියන් කාර කාලකන්නියෙක් කියලා බනින්නත් ඇති. කොහොම වුනත් මිනිස්සුන්ට එච්චර වටිනාකමක් තියෙන එක මැක්සා. මම ලංකාවේ කදු නැගලා බැහලා ඇති පාලහක් විස්සක් විතර. ඇත්තටම අපි පහලට බැහැලා යද්දි සමහර ගම් වල මිනිස්සු බලන්නේ පිස්සුවක් හැදිලා යන සෙට් එක්ක දිහා බලනවා විදියට. ඔය අස්සේ පොලිස් මාමෙක් හෙම හිටයොත් තව බැනුම් අහන්නත් වෙනවා.











Monday, April 15, 2019

කන්ද බලා

උදොන් රාත්‍රී වීදි

මට ඕනි වුනේ ක්ලබ් එකක් හොයාගන්න. මතක විදියට සෙන්චූරියා හෝ ඒ වගේ නමක් තියෙන ක්ලබ් එකක්. ඒ ඒක්ස්පීරියන්ස් එකත් ගන්න ඕන නිසා මම පොඩ්ඩක් රවුමක් දාන්න හිතුවා.ටික දුරක් ගියාම පට්ට වීදියක් හම ුවුනා. ඒකේබාර්වල ගෑනු ලමයි වේලෙන්න දාලා වගේ පාරට වෙලා ඉන්නවා. අපි යනකොට කන්න වගේ බලනවා. ඇත්තටම මගේ පෙනුම බාහි ර මෙව්ව එක තායි මනෙ. ඔන්න සුද්දෙක් වුනා න්ම බේරිල්ලක් නැහැ. උන් බොන්න කතා කරනවා.

හැබැයි එකක් කියන්නට ඕනි. ඒ ගෑනු ඔක්කොම හරියට නුවරඑලිය දිහා තේ වවලා ඉතුරු වුනු මුඩු ඉඩම් වගේ.හේ බෑ විලා. සරුසාර නැහැ ලස්සන මදි. මූනු වේලිලා ගිහින්. සිටි සෙන්ටර් එකේ පැයක් දෙක්ක කැරකිලා ආපු මට නිකං අවුලක් වගේ. බොන ගැනු කැතවෙනවාද? නැතිනම් සිටි ගෑනු මේවට එන්නේ නැතිද දන් නැැහ. කොහොමත් ඒ හිටි එවුන් ටිකනම් පිට පලු වගේ රහක් නැති සෙට් එකක් කියලයි ආරංචි වුනේ.

උදොන් තානි නයිට්ලයිෆ් ගැන හෙව්වම බඩු පොට් එහෙමත් තියෙනවා. බඩු පොට් තියෙන වීදියක් ගැනත් සදහන් වෙලා තිබුනා බ්ලොග් වල. මම සාමාන්‍යෙයන් තායි සවාරියටත් වැඩි කාලයක් ඒ ඒ සිටි ගැන හොයා බැලුවා. එතකොට තමයි ඔය විස්තර හමු වුනේ. තායි වල බඩු පොට් තහනම්. ඒත් ඒ කියන වීදියේ මහ රැඇවිදගෙන යද්දි ලයිට් දාපු ගෙවල් තියේය. ඒ ගෙවල් වලට පොඩ්ඩක් ඔලුව දැම්මාම ඒ අර ප්ලේස්ය කියලා. සුුද්දෝ ලියලා තිබුනා. ඔහේ ඇවිදගෙන යද්දි ඒ වීදියත් හමු වුනා. ඒත් තාම රෑ 7-8 වගේ වෙලාව. දැම්ම කොහෙන්ද ලයිට් කියලා මම නිකා උන්නා.

ඔව් හොද මිනිස්සු ගියානම් ඕ වගේ ඩබු පොට් හොායා යන්නේ නැහැ. එයාල පංසල් ගියා සිල් අරගන්නවා. දක්ශයො ගියානම් ඒත් බඩු පොට් හොයන් නැහැ උන් කෑලි ටෝක් කරලා නිකං ගහනවා. මම ඔය දෙකම නැැහ ඉතින් මම බඩු පොටුත් මොන වගේද? කියලා ඔලුව දාන්න රිංගුවා. සාමාන්‍යෙයන් මේ වගේ රෙඩ් ලයි් ඒරියා කරක් ගහනවා නම් පොත් වල කියලා තියෙන්න් වටිනා කියන දේවල් ටික හෝටල් දාලා. තමුන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන සල්ලි ටික විතරක් සාක්කුවේ දාගෙන යන එක වඩාත්හොදයි කියලා.

ක්ලබ් එක

ක්ලබ් එක හොයන්න ටිකක් වටේ යන්න උනා. ගූගල් දෙයියා තමයි ඉතින් ක්ලබ් එක තියෙන ැතනත් පෙන්නුවේ. නාකි සුද්දෝ යන ඉංගිිරිසි සිංදු ගහන ක්ලබ් වලට වඩා උදොන් තානි වල යං සෙට් එක සෙට් වෙන ක්ලබ් එක හැපනින් කියලා තමයි අන්තර්ජාලයේ තිබුනේ. ඉතින් මාත් ඒකට සෙටාර් වෙන්න තමයි හිතුවේ. ඒත් ගියාම ඒකේ ඉස්සරහ බුවා ඇතුලට ගන්න බෑ කියනවා. අම්මෝහ් විනාඩි දහයක් විතර අමාරුවෙන් කමියුනිකේට් කරගෙන වාත වෙද්දි ඔන්න යන්තම් ඉංගිරිසි දන්න එකෙක් ආවා. ඌ කිව්වා ක්ලබ් එක ඕපන් කරන්න් 10ට ලු. අනේ මන්දා උන්ගේ වෙලාවල්. ඉතින් මම ආවා එන්න. එතකොට වෙලාව 8 විතර වෙලා. අපරොදේ එදා ක්ලබ් එක්ස්පීරියන්ස් එක ගන්න තිබුනා කියලා දැන් හිතෙනවා.

08 දවස

එදා උදේ 6 වෙද්දි නැගිට්ටා. එතකොට හෝටලේ කවුුරුත් නැහැ. යතුර දෙන්න තැනකුත් නැහැ. මම කවුන්ටර් එක ඉස්සරහා යතුර දාලා ඉක්මනින්ම බස් ස්ටේශන් එකට ගියා. මල කෙලියයි. මම යන්න ගිය ලොයි දක්වා බස් ඒ බස් නැවතුමෙන් යන් නැහැල්ලු නේ. ඒ බස් යන්න් අලුත් බස් නැවතුමෙන් ලු. කාක්කෝ ත්‍රිවිල් බුවෙක් ආවා. ඇවිල්ලා මට මැප් එකක් පෙන්නුවා. ඇත්තනේ අලුත් බස් නැවතුම තියෙන්නේ කිලෝමීටර 5-6ක් ඈත. මේක මට තායි සිටි දෙක තුනේදිම වුනා. ට්‍රාන්ග්, කොන් කේන්, උදොන් කියන සිටි තුනේදිම බස් නැවතුම තියෙන්නේ ටවුමේන එලියේ. ඒකමොන හේතුවකට ඒම කරලාද දන් නැහැ බස් නැවතුමට යන්න තව ටැක්සි ගාස්තුවක් ගෙවන්න උනා ඒ නිසා.

බාත් සීයක් ටැක්සියට. ලේසියෙන් යන්න ක්‍රම තියෙන්න ඇති. ඒත් වෙලාව වැදගත් ඒ නිසා මම සුටුස් ගාලා වීල් එකට නැග්ගා. වීල් බුවා මාව බස් එකට දැම්මා. බස් එක අද්දලා එලියේ තිබ්බේ. නැගල ටික වෙලාවක් යනකල් ගියේ නැහැ. ලොයි දක්වා යන බස් එකේ ගිහින් වන් සපොන් වලින් බැහැලා වෙන බස් කක් ගන්න ඕනා. ඒමයි යන්න තියෙන්නේ පූ කෘඩුන් නැෂනල් පාක් එකට.

කොහොම හරි ඔය බස් මාරුව කරගෙන එද්දි පැය 4ක් විතර ගියා. දවල් 11 විතර වෙලා පූ කෘඩන්ග් හංදියට එද්දි. හංදියේ ඉදලා නැෂනල් පාක් එකට තව දුරයි. බුවෙක් ආවා. මම නිකමට ගාන ඇහුවා. අඩේ බාත් හයසීයක් කියපි මේ කිලෝමීටර 3 ගමනට. මම නෝමලි මේ වගේ වෙලාවක ගහන ට්‍රික් එකක් තමයි ඔය වටේ පිටේ තියෙන පොඩි කෑම බීම තැනක් ටෝක් කරලා එතනින් මොනාහරි ගන්න ගමන් නිකමට අහනවා කොමෙද අතන්ට ය්නනෙ කියලා. ඒක වැඩකලා ලෙසට. වෑවර ගෙඩි වගයක් ෆීසර් එකක දාගෙන ඇන්ටියෙක් උන්නා. ආන්ටි පහර වෑවර ගෙඩියට බටේකුත් දාලා දුන්නා. මම හිමීට වෑවර එක බොන ගමන් ඇන්ටිගෙන් අහනවා. කෝමද යන්නේ පාක් එකට.

ඇහුවට ඉංගිරිසි බෑනේ. ඒ පාර මම කලින් වනෝද්‍යාෙන් නම තායි වලින් තියෙන ස්ක්‍රින් ෂොට් එක පෙන්නුවා. එතකොට සංඥා බාසාවෙන් එතැන්ට පොඩි ඩබොල් කැබ් වගේ ඒවා එනවා කියාල කිව්වා. ඕනි නම් වීල් එකකත් යන්න හැකිය කියලා වීල් බුවෙක් ව කන්ටැක් කලා. අනේ ඒ අහිංසක සීයා වීල් බුවා බාත් සීයට යන්නම් කිව්වා. ඒකට ගොඩ වුනා. හෝල්ට් එකේ තව කෙල්ලෝ දෙක තුනක් උන්නා. උන් නම් කොහොම හරි ඉදලා පස්සේ සීට් ගහපු කැබ් එකේ එන්න ඇති.

වනෝද්‍යානයේ කන්ද නගින්න තියෙන තැනටත් කිලෝමීටරයක් විතර එහායින්චෙක් පොයින්ට් එකක් තියේ. ඒකෙන් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ගත්තා උන්ට 40යි අපිට 400යි. ඔහොම තමයි ඉතින් තායි වලත් ටුවරිස්ට්ලාට වෙනම ටිකැට්. කලින් ගිය සලා කෞ කු එකෙත් ටුවරිස්ට් ටිකට් එක 40යි නෝමල් උන්ට 20යි. මෙතනනම් සිරාවටම පොඩ්ඩක් ගාන වැඩියි. හරියට නිකං වනෝද්‍යාෙන් ගස් මුන් හදලා වගේ.

පූ කෘඩන් නැෂනල් පාක් එක.

මේක ලොයි කියන පලාතේ තියෙන ලස්සන තැනක්. උස කන්දක්. කන්ඩ උඩ තැනිතලාවක්. කන්දේ උස මීටර 1100ක් විතර. ලොකු උසක් නැහැ. ඒත් යන්න තියෙන පාර දුස්කරයි. ගල් මුල් වල ඒලලිගෙන පඩි ඉනිමං නැගගෙන තමයි යන්න තියෙන්නේ’

මම ගේම පටන් ගනිද්දි එකොලහමාරත් පහු වෙලා. නැගගෙන ඉහලට ගියා. මගදි සීයෙක් හම්බුනා පුතෙක් එක්ක. සීයා හිටලා මග. කකුල බ්ලොක් වෙලා. සර්විස් එකකින් එනවා කිව්වලු උස්සන් යන්න. මම ටිකක්වේගෙන් නැග්ගා කිව්වොත් හරි. මොකද එදාම බහින අදහසක් මට තිබුනා. ඇත්තටම මීටර 1100 කන්ද තායි බුවාලට මහ මෙරක් වගේ. උන්ට තියෙන ලොකුම එක්ක නේ. ඇදුම් පැලදුම් දාගෙන සපත්තු දාගෙන. ස්ටික් අරගෙන එවරස්ට් වලට වගේ ලෑස්ති වෙලා සමහර උන් නගින්නේ. අනේ අපොයි කියලා හිතුනා වලොවකට.

මග කෑම බීම

මගදි ඉතින් ආච්චිලා ආන්ටිලා කාත කරනවා. එන්න කන්න කියලා අනන් මනන්. තේරෙන් නෑනෙ. ඒ වගේ හැම තැනම නැහැ තැන් හයක් විතර තියෙනවා තැනිතලා ප්ලේස් පිරිසිදු ටොයිලට් එක්කම. ඒ වගේම මුලු ටේ්‍ර්ල් එක පුරාවට ටොපි කොලයක් වත් බිම නැහැ. පස්සේ කාලෙක එයාල ප්‍රෝගැම් එකක් දාලා මුලු වනෝද්‍යානයට යන පාරම ක්ලියර් කරලා තියෙනවා. එ වගේම මම හිතන්නේ පැහැදිලි දැන්විම් ගහල තියෙනවා කුනු කසල ආයෙම අරන් එන්න කියලා. ඒ අතින් නම් ඉතින් සුපිරිම තමයි.

එක තැනකින් කෝපි එකක් ඉල්ලුවාම උණුවතුර කිරි, නෙස්කැෆේ, කෝපි ආදී තියෙන ඕකකොම මට පෙන්නුවා. මට තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට සිනි කිරි දාගෙන ඒක හදාගන්න. ඒක මරු කන්සෙප්ට් එක. මගදි තව අර කුඩා බිත්තර වගේ ජාතියකුත් කෑවා. වටු කුරුලු බිත්තර වෙන්න ඕනි.එ ්වා කන්න සෝස් එකකුත් තිබුනා. හොදට තිබුනා.

වටපිටාව

ලංකාවේ ඉදන් ශ්‍රී ලංකාවට ගියා වගේ තමයි. ලංකාවේ වගෙම තමයි. බට කැලේ උඩ පයිනස් කැලේ. ලංකාවේම කන්දක් නගින ෆීලි්න එක ලාවට ආවා. හම්බෙන මිනිස්සු තමයි වෙනස් ඉතින්.















Thursday, April 11, 2019

නොන්කායි වල මාලු බලා

07 දවස

දවස් හතක් නේද? ගියා තමයි දවස් හතක්ම. උදේම නැගිටලා ගිය බයිසිකල් අයිති බුවා හම්බෙන්න. මොකද මෙතනින් එහා බලන්න තියෙන තැන් තියෙන්නේ ටිකක් දුර. ස්කයි බ්‍රිජ් එකක් සහ ඇක්වේරියම් එකක් සහ තව ඈථ මොන මොනාද තියෙනවා මැප් එක අනුව. ලා ඕස් යන්න තිබුනා ඒත් වීසා කතාන්දර නිසා යන්න බැහැ.

ලා ඕස් අවුල

ලාඕස් ලකාවේ අයට වීසා ෆ්රී. ඒත් තායි වීසා එක තියෙන්නේ ටුවරිස්ට් සිංගල් එන්ට්‍රි වීස එකක්. එතකොට තායිලන්තයට යන්න එන්න පුලුවන් එක පාරයි. ඔය ටුවරිස්ට් සිංගල් එන්ට්‍රිය ආයෙ වෙනස් කරගන්න එයාපෝට් එකෙන් පුලුවන්. ඒකෙදි එයාපෝට් එක ඒක දික්කරලා දෙනවා මොකද්ද ටිකි ටිකිස් එකක් දාලා. සාමාන්‍යයෙන් ලංකාවෙන් ඔය විදියට මාස දෙක තුනකට තායි වීසා ගහගෙන ඒ ක්‍රමේට කිහිප වතාවක් තායි ගිහින් අය ඉන්නවා කියලා තමයි ආරංචිය.

ඉතින් මට තිබ්බ සිංගල් එක මට තව එන්ට්‍රියක් ගහගන්න බැරි වුනා. ඒ ගැන හොයන්න කෝල් කලාම ඒ ගස් බල්ලෝ ආන්සර් කලේ තායි ලැංවේජ් එකෙන්. නොන්කායි වල පොලිසියට, ඉමිගේසන් එකට, ටුවරිස්ට් මෙව්වා එකට කතා කලා මම. ඒත් උන්ට ඉංගිරිසියෙන් විස්තරේ මට පැහැදිලිව කියන්න තේරරෙන් නැහැ. අනික මම ලාඕස් යන්න ප්ලෑනක් තිබුනෙත් නැහැ.

ලාඕස් රට

ගං ඉවුරේ රවුමක් දාන කොට කලින් දවසකද මන්දා බුවෙක් සෙට් වුනා රෙස්ටොරන්ට් එකකදි. බුවා බැංකොක් තායි බුවෙක්. මිනිහා කිව්වේ ලාඕ වල එච්චරම ලල් එකක් නැහැ කියලා බෝඩරේ හරිය. තායිලන්තේ මේ අවසාන සිටි එකෙන් පස්සේ තියෙන ලාඕස් වල තියෙන සිටි එක වියටියේන්. නොන්කායි ඉදලා වියටියෙන් බස් යනවා මහ විසාල බස්. වීසා අරන් තිබුනා නම් බුස් ගාල යන්න තිබුනා වියටියෙන් වලට.

අර බුවා කිව්ව විදියට වියටියෙන් ටිකක් කොසී. ඒත් යු ටියුබ්බැලුවාම ලාඕ කියන්නේ තායි වලටත් වඩා ගනන් අඩු තැනක්.

ටින්ඩර් ලාඕ කෑලි

ටින්ඩර කියන ඇප් එක ඩේටින් ඇප් එකක්. ලගපාත ගැනු පෙන්නුම් කරනවා. නොන්කායි ඉදන් සර්ච් කරාම මැච් වුන 7න් 4ක්ම ලාඕස් වල ගෑනු ලමයි. ම්ම්ම්.. සෙස් ලාඕ වල කෑලිනම් ඇති ඕසෙට කියලා මට හිතුනා. ඒත් ලාඕ අදින්න මම උත්සාහ කලේ නැහැ.

උදේම 7ට විතර ඇහැරිලා පාපැදිය දීලා මෝටර් සයිකල් එකක් ගන්න කියලා ආවා. මොකද මෝටර් සයිකල් පදින එක එහෙ ්හරි සිම්පල් කියලා ඒ වෙද්දි වැටහිලා තිබුනා. ඒත් මෝටර් සයිකල් රෙන්ට් බුවා ඇරලා නැහැ එ තැන. ඒ පාර එතැන පොට්ස් එකක් තිබිලා කෑවා. ආච්චි කෙනෙක් බතුයි තව මොනාද ටිකකුය් දුන්නා. ඒත් ආච්චි තායි බාත් හැත්තෑවකට විතර විද්දා. සමහර තැන් එහෙමයි. ගාන අහල කෑවෙ නැතොත් පොඩ්ඩක් වැඩියෙන් අරගන්නවා.

ආයෙ ්බයිසිකලෙන් රවුමක්දාලා එද්දි පැයක් විතර ගිහින් දැන් 9 විතර වෙලා. දැන් ඉතින් ආයේ බයික් අරන් රවුන් ගහන්න වෙලාවක් නැහැ. මොකද නැවතිල උන්න තැන චෙකවුට් ටයිම් එක තියෙන්නේ 12ට. මගේ ඊලග ශෙඩුල් එකට යන්න ඕනා. නිකමට ඒ ලග ත්‍රී වීල් එකකින් ඇහුවා නොන්කයි ඇක්වේරියම් කියද කියලා. පොර බාත් 350ක් කිව්වා. පොඩ්ඩක් වැඩියි වගේ සහ ඊලග ගමනට දැන්ම පිටත් වුනොත් හොද නිසා මම හැරිලා ආවා. ඒ ගමන මෙන්න මූ දෙසිය පනහලු.

ඒ නිසා ඇක්වේරියම් එක පැත්තෙත් ගිහින් ආවා.

නොන්කායි ඇක්වේරියම්.

නොන්කායි වල ඉදන් කිලෝමීටර දහයක් විතර ඈත ලෛාකේශන් එකක තමයි අක්වේරියම තියෙන්නේ. ඒක ඇවිල්ලා ලොකු තැනක්. මූදු මාලු ගගේ මාලු මිරිදිය මාලු ආවේණික මාලු වගේ මාලු ගොඩක් ඉන්නවා. පොඩි පොඩි ටැංකිවල වගේම විශාල ටැංකිවල බස්සපු විසාල මාලුත් ඉන්නවා. එක කැට් ෆිෂ් මොඩලක් උන්නා අම්බෝ කිලෝ එකසිය විස්සක් විතර ඇතුවැති එකෙක්.

නොන්කායි ඇක්වේරියම් පැයකින් ලොකු ආතල් එක්ක ගන්න පුලුවන් තැනක්. පොඩිලමයි එක්ක කට්ටිය ඇවිල්ලා තිබුනා. ත්‍රිවිල් බුවා ගාන කිව්වේ පැයක් ඇතුලත්ව. ඒ කියන්නේ තැන බලන්න මට පැයක් තියෙනවා. ඉතින් බලල ඉවරවෙලා මම නවාතැනටම ඇරලෝගත්තා.

නොන්කායි තැන්

නොන්කායි කියන්නේ කොනේම තියෙන ලාඕ බෝඩරේ තියෙන තායිලන්ත සිටි එක. ඒකෙ මම බැලුවේ පදාන ලොකේසන් හතරයි.

මීකොන් ගං ඉවුර සහ අවසානේ තියෙන පොඩි චෛත්‍යය

වට් පෝ විහාරය

සලා කෞ කු පිළිම ටික

නොන්කායි ඇක්වේරියම් එක

ඊට අමතරව පොඩි සිටි ටුවර් එකකුත්දැම්මා. නොන්කායි පාක් එකක් තියෙනවා ටිකක් ලොකු.ඒ යන ගමන් මල් වගා කරපු හරි ලස්සන ස්පොට්ස් හෙමත් තිබුනා. ඉතින් නොන්කායි ගැන අදහසක් තියේ නම් ඒකට එන්ටර් වෙන්නේ උදොන් හරහා. තායිලන්තේ උදොන් තානි කියන්නේ නෝත් ඊස්ට් පලාතේ ප්‍රබල සිටි එකක්. උදොන් වලට ෆ්ලයිට් තියෙනවා. කෝච්චි තියෙවා. බස් තියෙනවා. ඔය මාර්ග තුනෙන් ඕනි එකකින් බැංකොක් සිට උදොන් වලට එන්න පුලුවන් කම ලැබෙනවා. උදොන් වල ඉදන් පොඩි වෑන් තියෙනවා නොන්කායි වලට.

කෑම සුපිරි, නවාතැනුත් ලේසියේන බුක් කරගත හැකි, මිනිස්සු කුල් ජාතියක්. මම කලින් ට්‍රැවල් බ්ලගේ සහ වීඩියෝ වල දැක්කට වැඩි ආතල් එකක් තිබුන ප්ලේස් එකක් විදියට නොන්කායි දක්වන්න පුලුවන්. බැංකොක් ඉදන් ඇවිත් නොන්කායි ඉන්න බුවත් කිව්වේ මේක හරි කූල් ප්ලේස් එකක් කියලා. කූල් කීවේ සීතල නෙමෙයි. හරි ස්ලෝ ලයිෆ්ස්ටයිල් එකක් තියෙන සංවර නගරයක්.

උදොන් බලා

මම නවාතැන් ගතපු තැන ඉස්සරහ තිබුනා ටිකක් පොශ් පෙනුමැති කඩයක්. ඒකේ ෆ්‍රයිඩ් රයිස් මෙනු එකක් දැක්ක නිසා ගිහින් ගත්ත. ටිකක් බෙරි වෙච්චි මොඩල් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක තව කූල් ඩ්‍රින්ක් එක්ක ලැබුනා. හොදට තිබුනා ඒකනම්.

ඊලගට කොහෙ යන්නේ?

මේක ගූගල්මැප් වලින් සහ මේ පලාතේ දකින්න බලන්න තියෙන දේවල් අනුව තීරණය කලා. මේ උදොන් වලට උතුරු දිග තව නගරයක් තියේ ලොයි කියලා. ලොයි ආසන්නයේ තියෙනවා පූ කෘඩන් නැෂනල් පාක් කියලා පාක් එකක් කන්දක් එක්ක. ඒක බලන්න යන්නයි මගේ අදහස වුනේ.

සාමාන්‍යයෙන් අපේ රටේ වගේ හැමවෙලාවෙම බස් නැහැ. ඒ තිබුන බස් එක උදේ වෙලාවක තිබිලා. ලොයි වලට කලෙින්ම නොන්කායි වලින් යන ඊලග බස් එක යන්නේ හවස තුනට ලු. පරක්කුයි නේ. රැ වෙනවා නේ. ඉතින් මම තීරණය කලා උදොන් තානි කියන මේන් සිටි එකට යන්න. ගිහින් එහෙන් බස් එක ගන්න.

උදොන් ගියාට පස්සේ මට ආයේ අදත් ට්‍රැවල් කරන් නැතුව උදොන් වල නයිට් ලයිෆ් පැත්තපොඩ්ඩක් බලලා යන්න ඕනි කයිලා හිතුනා.

බැංකොක් පුකෙට් පතායා වගේ ලොකුවට නැහැ. මීටර් පන්සියක විතර ස්ට්‍රිට් එකක දෙපැත්තේ බාර් තියෙනවා. ඒවෑ ඉන්න ගෑනු එලියට වෙලා ඉන්නවා. නයිට් ක්ලබ් එහෙමත් තියෙනවා. ලෝකල් සහ ටුවරිස්ට් දෙකම තියෙනවා.

උදොන් තානි වලට ගිහින් මුලින්ම බැස්සේ ශොපින් මෝල් එක ගාවින්. සෙන්ට්‍රල් පොයින්ට් එක එතන කියල හිතලා එතන බැස්සා. බැහැල අහල පහලින් හෝටලයක් ගහ ගත්තා බාත් පන්සියට.

ඒ ගහගෙන හිමීට ඇවිල්ලා සෙන්ට්‍රල් ෂොපින් මෝල් එකේ රවුමක් දැම්මා. ඒක තායි වල උඩ පලාතේ ටිකක් විතර ලොකු සිටි එකක්. ඉතින් මේ ෂොපින් මෝල් එකෙත් බඩු ගොඩයි කඩ ගොඩයි. ෆිල්ම් හෝලුත් තියෙනවා. ඇත්තටම තායි වල තියෙන ෂොපින් මෝල් මහජනයාට හරිම ලේසියි. ෆෝන් කඩනම් කඩ තියෙනවා පාලහක් විතර. ලැප්ටොප් නම් ඒත් එහෙම. එතකොට අපිට ඒ එතනින්ම ඕනි ලැප්ටොප් එක ෆෝන් එක තෝරගන්න පුලුවන්කම ලැබෙනවා. ඇදුම් කඩත් එහෙම. කෑම කන්න ගියත් ස්ටෝල් ගොඩයි. නූඩ්ල්ස් බත් සුප් ආදී කෑම කඩ ටික නිසා කිසා ගේමක් නැතුව කෑම කන්න පුලුවන් කම ලබෙනවා. යොවුන් වයසේ ඉන්න සෙට්ස් ඉස්කෝලේ ගිහින් සහ ක්ලාස් ගිහින් ඇවිත් වාඩිවෙලා කනවා බොනවා කයිය ගහනවා ලව් කරනවා.

ලංකාවේ සී සී සී එකට වඩා ලොකුයි. ඊට වඩා කඩත් වැඩියි. අනික මිනිස්සුත් වැඩි වැඩියෙන් ගැවසෙනවා.

බයිසිකලෙන් ගොස් නොන්කායි උයන් වතු බැලීම 

මීකොන් ගගේ තොටුපල

ත්‍රී රෝද රියේ සිට. 

ඇක්වේරියම් එකේ මාළු

ඇක්වේරියම් එක ඇතුල

එළියේ මල් 

පොශ් කඩෙන් කෑ රයිස් එක 

අතරමග දුටු මාලිගයක් වැනි යමක්. 

උදොන් තානි සෙන්ට්‍රල් ප්ලාස ශොපින් මෝල් එක 

උදොන් තානි ෂොපින් මෝල් එකේ තිබූ බයික් එකක්. 

ඇක්වේරියම්  එකේ විසාල මාලුවෙක්. 

Friday, April 5, 2019

නොන්කායි අසිරිය

කලින් දා හවස මම හොටලේ රිසිප්සන් කෙලි ගෙන් ඇහුවා නොන්කායි වල සුපිරිම ජනප්‍රිය සිද්ධස්ථානය වන සලා කෞ කූ වලට යන්න ටැක්සියක් කීයක් වෙනෝද? කියලා. එයා ලොක්කාගෙන් අහල කියපි බාත් 350ක්. ඒක මම අන්තර්ජාලයේ බලලා ගිය ගානට වඩා බොහොම වැඩියි. මම දඩාස් ගාල එපා කිව්වා. ඒ ගමන මම කලින්දා හවස ඇවිදින කොට බයිසිකල් හෙව්වා. බයිසිකල් ලගපාත නැහැ. මම ඉන්නේ ටුවරිස්ට් ඒරියා නෙමෙයි ඒ නිසා මේ දිහා බයිසිකල් නැහැ. 

බයිසිකල් සෙවීම

බයිසිකල් තියෙනවා. ඒත් කුලියට දෙන තැන ්නැහැ. මට ගන්න ඕනි වුනේ පා පැදියක්. ඇත්තටම ස්කුටරයක් ගන්නත් තිබුනා. ඒත් කෝ මොක් යන්න ඉද්දි හම්බුන කෝ ලිබොන් වල කෙල්ල මාව බයකලා. මම එයාගෙන් ට්‍රාන්ස්ලේටර් වලින් ඇහුවා ඇත්තටම ලයිසන් නැතුව පැද්දොත් මොකෝ වෙන්නේ කියලා. එයා කිව්ව ටවුන් කිට්ටුව නෙමෙයි නම් කිසි දේකට බයවෙන්න දෙයක් නැහැ. ඒත් වැරදිලාවත් ඇක්සිඩන් එකක් වුනොත් සුලුවට හරි ඔයා ලොකු කරදරයක වැටෙනවා කියලා. ඒ වගේම වැරදිලා හරි පොලිසිටයට මාට්ටු උනොත් දඩ ලොකු ගානක් ගෙවන්න වෙයි කියලත් කිව්වා. ඒ නිසා මම පුරුදු පුස් සයිකල් එක මිස ලොකු සයිකල වලට ගියේ නැහැ බයේම.

ලයිසන් එක තිබ්බනම් කිසි ගේමක් නැහැ. ඒ නොන්කායි ටවුමේ ගෑනු පවා බයික් පදිනවා ලොකු ඒවා හිටන්. ඒක හරි සාමාන්‍ය දෙයක්. ඒ වගේම බයිසිකල් පැදීම හෙවත් පුස් සයිකල් වලටත් ලොකු තැනක් තියෙනවා නොන් කායි වල.

කලින් දවසේ හවස කොන්ඩේ කපන්න ගොඩ වුනා ලගපාත සැලොන් එකකට. එතනදි සැලොන් කාරයගෙන් බයිසිකල් ගැන ඇහුවම පොර මාව වින්කල් එකකට සෙට් කලා. වින්කල් බුවා බයික් රෙන්ට් කරන්නෙ නැහැ. බුවා කිව්වා තායි බාසාවෙන් හොස්පිටල් එක ගාව බයික් කාරයෙක් ඉන්නවා කියලා. හොද වෙලාවට තායි යං බුවෙක් උන්නා ඕලෙවල් වයසේ වගේ. මිනිහා මගේ පෝන් එක ඉල්ලගෙන  හරියටම බයිසිකල් තියෙන තැන සර්ච් කරලා ගූගල් කරලා හොස්පිටල් එක ගාව බයිස් රෙන්ට් කරන ප්ලේස් එක මට මැප් එකේ සේව් කරලා ත් දුන්නා. එවෙලේ ඉදි ්තැන ඉදන් කිලෝමීටර තුනක් විතර ගියාම තමයි බයිසිකල් රෙන්ට් කරන තැන තියෙන්නේ. ඇත්තටම ටවුමේ ඒ පැත්තේ නැවතුනා නම් බයිසිකල් එකක් රෙන්ට් එකට ගන්න එක සුලු දෙයක්.

උදේ කෑම

මම නැවතිලා උන්න හොටල ලගපාත තිබුනා පොඩි පොට් එකක්. පොල් අතු සෙවිල් කරපු ටකරං ගහපු වගෙ පෙනුමක් තිබුනත් හොද පතල තැනක් වගේ පෙනුනේ. කෑම ගෙනියන්න කට්ටිය එනවා. ඇවිත් අරන ්යනවා. සුප් දෙකක් තිබුනා. තව මස් ජාති තම්බලා බැදලා බාබකිව් කරලා තිබුනා. නූඩ්ල්ස් බත් තිබුනා. ස්වීට්ස් ජාති කිහිපයක්මත් තිබුනා. මේ කෑම දැක්කාම මොනාද කන්නේ කියලා හිතාගන්න බැහැ. ඒ ගමන ගත්තා සුප් එකක් බත් ටිකක් සහ මස් කෑලි ටිකක් සහ එලෝලු . අරං හිමින් හිමින් කෑව. සුප් එක ටිකක් වෙනස් රසයක් ආවේ. මම හිතන්නේ ඒ සුප් එක ගොලුබෙලි හෝ බෙල්ලෝ විශේෂයකින් හදපු සුප් එකක් වෙන්න ඕනි. මොකද මම පස්සේ ගිය කඩේක තිබුන මෙනු එකේ ඒක ගොලුබෙලි සුප් කියලා ඇදලත් තිබුනා ගොලුබෙලි පිංතුරයක්. මස් කෑලි රවුන් රවුන් තිබුනේ. ගොලුබෙලි කිව්වට ඉතින් මුහුදු බෙල්ලෝ හෝ ගංගා බෙල්ලෝ නම් අවුලක් නෑනේ.

කාල අහක් වෙලා ආයේ හොටලෙට ඇවිත් ටවුම පැත්තේ යන්න තීරණය කලා. බයිසිකල් එකක් සොයාගැනීමයි අරමුණ. කිලෝමීටර 4ක් විතර පයින්ම ඇද්දා. ටැක්සියක් ගන්නත් තිබුනා. ඒත් ටැක්සි සුලභ නැහැ. කලාතුරකින් තමයි ටැක්සි තියෙන්නේ. අනික නොන්කායි වල තාමත් පරණ ගොඩනැගිලි ආදිය ආරක්ශා වෙලා තියෙනවා. ලීවලින් හදපු ඒ තට්ටු ගෙවල් සමහරක් තාමත් පරණ ලුක් එකටම තියෙනවා. ගෑනු කියලා මොකෝ අපේ රටේ වගේ කැතයැ. කැත ගෑනියෙක් ඉන්නේ අහඹු ලෙස තෝරාගත් ගැහැනු 10කින් එක් කෙනෙක් වගේ. තායිලන්තේ මේ පලාතේ ගෑනුගේ සමේ වර්ණය රතු පාට.

පයින් සෙමෙන් සෙමෙන් මාකට් බලාගෙන කඩවල් බලාගෙන ගියා. ඒ වෙද්දි මට දතේ කැක්කුමකුත් ඇවිල්ලා තිබුනා. ඩෙන්ටිස් කෙනෙකුත් ඉන්න තැනක් සොයාගන්න උවමනා වෙලා තිබ්බා.

නුයි ගේ බයිසිකල් සාප්පුව

නුයි කියන්නේ නොන්කායි වල ඉන්න හෙිත හොද මිනියෙක්. සාමාන්‍යයෙන් තායිලන්තයේ බයික් එකක් දවසට යන්නේ බාත් තුන්සියට විතර. ඒත් නුයි දෙනවා බාත් දෙසීයට. නුයි ගාව වැඩි වැඩ නැහැ. මොනාහරි අයිඩි කාඩ් එකක් ඉල්ලුවා. අමු සිංහලෙන් තියෙන මගේ ජාතික හැදුනුම්කාඩ් එක දුන්නා. නුයිට ඒකත් ඇති කිව්වා. මම ගත්තේ බයිසිකලය. බයික් එක ගන්නත් තිබුනා. ඒත් ඉතින් අමුතු බයක් තිබුනා ලයිසන් නැත ිනිසාම.

නුයිගෙන් මම නිකමට ඇහුවා බජට් හොටල හෙම නුයි කිව්වා ඕ පාරේ තියෙන ( නම මතක නැහැ දැන් ) බෑංක් එක ගාව ඉස්සරහ පාරේ හොද හෝටලයක් තියෙනවා. ඒක නෙමෙ පාරෙන් එහා පැතතේ එක බාත් 300යි කියලා. ඇත්තටම එතන දෙසීයයි. ඒ සී නැති එක විතරයි වෙනස. නැතිනම් කාමරේ හොදයි. ඇටෑස්ඩ් බාත් රූම් එක්ක බාත් තුන්සියට වාසියි.

ඉතින් මම අර ඈත තැනින් මෙතන්ට එන් තීරණය කලා. තුන්සිය හෝ පන්සිය මහ ගානක් නෙමෙයි. ඒත් ටවුමට කිට්ටු උනාම ලේසියි. මගේ බයිසිකලේ එක බාරදීලා ලස්සනට හෝටලේට එන්නත් පුලුවන් පයින්ම කිට්ටුව නේ. ඒ නිසා මම නවාතැන මාරු කරන්න තීරණය කලා.

නවාතැන් මාරුව.

මම එතනින් යනවාට එතන හිටිපු රෙසිප්සන් කෙල්ලකැමති වුනේ නැහැ. මගේ කාමරේට ආවා. එයා ඉංගිරිසි දන් නැහැ මට ඉන්න කිව්වා.

මම ඉතින් පැයක් විතර උන්නා. ඉන් පස්සේ බඩුටික පැක් කරගන්න ගත්තා. එතකොට මගේ බඩු බාහිරාදිය ටික පැක්කරගන්නත් රිසෙප්ෂනිස්ට් ගෑල්ලමයා සහ අනෙක් බුලට් එක උදව් වුනා. හරියට ගෙදර වගේ ෆිලින් එකක් ආවා. ඒ වගේමමොකද්දෝ අන්කන්ෆටබල් මෙව්වා එකකුත් ආවා. ඒ නිසා මම යන එක හොදයි කියලා හිතුනා.

කාමරේ ඔක්කොම යතුරු දීලා මගදි ආපුවාමයි මට මතක් වුනේ කාමරේ ඩිපොසිට් එක. එතකොට විනාඩි දහයක් විතර බයිසිකල් පාගල ඉවරයි. අයේ කෝල් එකක් දීලා ගියා. එතකොට ඩිපොසිට් තියාපු පන්සිය එයාල ලාච්චුවට දාගෙන ඉවරයි. එතන මොකක් හරි වැරදීමක්වුනාද? වංචාවක්වුනාද?අනේ දන් නැහැ.කොහොම හරි මම මගේ පන්සිය ඉල්ලාගත්තා. බාත් පන්සියක් නේ නිකම් රුපියල් පන්සියක් යැ.

ඉතින් මම ඇවිත් අලුත් කාමරේ බඩුටික දාලා එවෙලේම යන්න පිටත් වුනා සලා කෞ කු වලට.

උදේ මම බයිසිකල් හොයන්න යද්දි මෙහේ තියෙන ජනප්‍රියම විහාරේ වෙන ඒ කිව්වේ නොන්කායි වල ජනප්‍රියම විහාරේ වෙන වට් පෝ වලට ගියා. ඒතනදි මම ගහන් ගියේ සෝටක්. සෝටෙන් ඇතුලටයන්න බැහැ. ඒ නිසා මම හවස යද්දි දිග කලිසමක් ගහගත්තා.

මෙ ගමන් විස්තර කිව්වට මේ සමහර අවස්තාවල් මිස් වෙනවා. දැන් මේ හැමතැනම නොකා නොබී අමාරුවෙන් යනවා නෙමෙයි. ස්ට්‍රිට් ෆුඩ්ස්ද? බීමද තව වෙන වෙන ස්විට් ජාතිද හමුවුනාම හිත ගියොත් අරන් කනවා. බයිසිකල් එකේ යද්දි යනගමන්කන්න අමාරුයි. පයින් නම් එච්චර අවුලක් නැහැ.

සලා කෞ කු නොන්කායි ටවුමේ ඉදන් කිලෝමිටර පහ හයක් දුර ඉඩමක තියෙනතැනක්. ඒ ප්ලේ්ස එක ටිකක් ඇතුලේතියෙන්නේ. ඒක ජනප්‍රිය සිද්ධස්ථනයක් නිසා වටේ පිටේ මිනිස්සුන්ට වාසියි. කඩ දාලා කූල් බීම හෙම විකුනනවා. කැ ගූගලා ට වෙලාවකට මෝල්.මේ හොදට තියෙන පාර තියෙද්දි බයිසිකල් එකෙන් යද්දි ඌ මේ කැලෑ පාරවල් පෙන්වනවා. එ කැලැ ාපරවල යන්න අමාරුයි. බයිසික්ල එක නිසා අවුලක් නැහැ ගියා. හරියට සංවර්ධනේ වෙන්න කලින් හම්බන්තොට දිහා වගේ දුඹුරු පාරවල් තිබුනා එ සලා කෞ කු තියෙන හරියේ.

සලා කෞ කු

සලා කෞ කු කියවන විදිය මම දන ්නැහැ. කොහොම වුනත් මේ ලාඕස් ආභාෂයට ලාඕස් ශිල්පියෙක් හදපු නිර්මාණ තොගයක් තමයි තියෙන්නේ. හදලා තියෙන්නේ සිමෙන්තියෙන් තමයි. ඒත් ඒ සියුම් කැටයම් විශිෂ්ඨයි. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා මූර්ති වල කොටලා තියෙනවා. විශාල නාග පිලිම මහායාන පිළිම බෝධිසත්ව පිළිම ආදිය තියෙනවා. සමහර පිලිම උසයි විශාලයි. එතැන පංසලකුත් තියෙනවා. තව එතැන පොකුනු වල ලොකු මාලු ඉන්නවා. පාන් කෑලි තියෙල තියෙනවා මාලුන්ට කන්න දාන්න. අපට පුලුවන් ඒවා සල්ලි වලටඅරන් මාලුන්ට දාලා ෆන් එකක් ගන්න. පතොක් වර්ග විවිධ ආකරයෙන් බලාගන්නත් තිබුනා.ඒවා මම හිතන්නෙ විකුනන්නත් තියෙන්නට ඇති.

සලා කූ කූ ඒ පලාතේ ජනප්‍රිය තැනක්. ඒ නිසා ස්කෝලෙ ලමෝ එහෙමත් ඇවිල්ලා තිබුනා බලන්න. ලංකාවෙන් බොහෝ ඈත වුනත් අපේ රටේ සිද්ධස්ථානයකට ගියා වගේ හැගීමක් ආවා. මද වෙනස් කම් තියෙනවා තමයි. ඒ වුනාට අපි දන්නබුද්ධ චරිතයේ අවස්ථා කිහිපයක්ම සලා කෞ කු වල මූර්ති විදියට දකින්නට තිබුනා. අපාය හෙමත් මූර්ති කරලා තිබුනා. මේ සමහර මූර්ති සාමාන්‍ය මිනිස්සු වගේ හත් අට ගුණයකටත් වඩා උස ඒවා. ඒවා කාලයක් අරගෙන කල විශිෂ්ඨ නිර්මාණ ටිකක් කියලා හදුන්වන්නට පුලුවන්කම තියෙනවා.

නොන්කායි වට් පෝ

වට් පෝ කියන්නේ ලොකු විහාරයක්. නොන්කායි වල රජමහා විහාරය වගේකිව්වොත් හරි. කලින් මම මේකට ආවා. එතකොට කොට එකක් ගහල ආවේ. කොට ඇදන් කවුරුවත් ඉදියේ නැහැ. අනික බෝඩ් ගහල තිබුනා. අන්ධයා වගේ බොඩ් දැක දැක කොට එකෙන් යන්න බැහැ. ඒ නිසා දිග එකක් ගහලා තමයි බයිසිකල් ගමන පටන් ගත්තේම.

සෙරෙප්පු තොප්පි ගලවන්න ඕන. සද්ද අඩු කරගන්න ඕනි පාන් පත්තු කරනවා හදුන්කූරු පත්තු කරනවා. මිනිස්සු සද්ද අඩු කරල වදිනවා පුදනවා. අපේ වගේම ස්ටයිල් එකක් තමයි තියෙන්නේ. ඒත් මම බෝධීන් වහන්සේ දැක්කේ නැහැ. චෛත්‍ය වහන්සේත් නැහැ. විහාරයක් විතරයි එතන තිබුනේ. ගං ඉවුරේ නම් චෛත්‍යයක් තිබුනා. ලංකාවෙ ්වගේම අලුත් වාහන එහෙම අරගනිපු අය ආශිර්වාද කරගන්න ඇවිල්ල තිබුනා.

දෙවන ලෝක යුද්ධ කාලේ පිලිමයක් අරන් යනවා මීකොන් ගගේ. මීකොන් කියන්නේ නොන්කායි වලතියෙන ලොකු ගග. තායි ලා ඕස් බෝඩරය. මේ බුදුපිලිමය යුද අවස්ථාවක වතුරේ ගිලෙනවා.ප්සසේ මේ පිලිමය ගෙනත් මෙතැන වඩම්මවලා තමයි මේ විහාරස්ථානය හදලා තියෙන්නේ. අවසානයට මල තායි රජතුමාත් මේ විහාරස්ථානයට ආදාර උපකාර කරලා තියෙනවා.

විහාරෙත් බැලුවා. ඉන් පස්සේ ටිකක් සිටි එකේ ආයෙත් රවුමක් ගැහුවා. ගහලා ගිහින් කාල නිදාගත්තා. රෑට බියර් වඩියක් ගහන්න ගියා පොඩි ස්පොට් එකකට. හේබෑවිලා ගිය බඩු දෙක තුනක් උන්නා. උන් මං දිහා බැලුවා. බාගෙදා ටෝක් කලානම් කැරකිලා එයි. නිකම් නම් නෙමෙයි. සුද්දෝ ගාව සල්ලි තයෙනවා. ඒ සල්ලිසුවදට මිස නිකං මේ පුකකහනවට උන් දික් කරන්නේ නැතුව ඇති. කියල මට හිතුනේ.

ඒකේ එක කොක්ටේල් එකක් හැදුවා. හැදුවට පස්සේ ඒක සේවකයගෙන් ඉල්ල ගත් ඒකේ අයිති ලොක්කා පොඩි උගුරු දෙකක් ගැහුවා. ගහල ආයේම මොනවද පුරවලා ටේබල් එකට ඇරියා. ඌ ඒ බිව්වේ රහ බලන්න නම් අවුලක් නැහැ. එහම නැතුව ඌ ඒක බීලා අරූට වතුර දාල ගෙනහින් දුන්න නම් අමු කැත වැඩේ.

තනියෙන් ඇවිත් බොන්න බැරි සීන් එක

තනියෙන් මේ රටවලට ආවම තියෙන අවුල හරියට කන පැලෙන්න බොන්න බැරි එක. පොත් වල නම ්තියෙනවා එහෙම බොන්න හොද නැහැ කියලා. ඒත් අපිට හරියන්නේ කබ්බ ලගට එන කල් බොන එක නෙ. තනියම ආවම බියර් බෝතල් දෙකකට වඩා මම ගහන්නේ නැහැ. මොකද බඩු සවුත්තු වෙලා හෝටලේ හොයාගන්න බැි වුනොත් උකල හමාරයි නෙ. ඒත් ටිකක් එකම තැන සුද්දෝ වගේ දවස් දෙකක් තුනක් ටැග් ගැහි ගැහි ඉන්න හැකි නම් යාලුවෝ සෙට් වෙනවා. අදුරන උන් හම්බෙනවා. එතකොට කිසි අවුලක් නැතුව ගහත හැකි කරටි කැඩෙන්න. මොකද බොන තැන එකා දන්නවා අපි ඉන්න හෝටලේ. අර මම කලින් උන්න දූපතේ එහෙම දූපත පොඩියි නේ. කොහෙ හරි ගිහින් බීල පත බෑවිලා ගහක් පල්ලේ නිදාගත්තත් දූපත ඇතුලෙම තමයි. ආයේ බල්ලෙක් ඇවිල්ල පොඩ්ඩක් ඉවකරලා කකුල උසස්ල යයි ඒ ඇර වෙන ගින්නක් නැහැ. ඒත් ටවුන් එකක බීලා එහෙම වැටෙන්න බැහැ. ලෝකෙ කොයි ටවුමෙත් අවුල් ඩෑල් ඉන්නවා.

සුද්දෝ ඉන්න ටුවරිස්ට් ඒරියල් එකේ ෆුඩ්ස් මට එච්චරටම ඇල්ලුවේ නැහැ. බොන්න ගිය තැනත් සොසේජස් මෙනු එකක් පාන් එක්ක තිබුනා. ඊට වඩා හැපනින් සුද්දෝ නැති පැතිවල බීම සහ බයිට්ස් සහ අනික් දේවල්. 
මුනගැහුනු ලදක් 

සලා කූ කූ හි බෝධිසත්ව පිලිමයක් 

සලා කෟ කු 





පතොක් 

බුදුන් වැදීමට ගන්නා මල් 

වෘක්කයන් මගින් දක්වා ඇති අපායක් 

බයික් පදින වෘකයන් 

රකුසෙක් 

පංසල ගාව දාස් මල් 


පංසලේ චිත්‍ර 

පංසලේ තිබූ ලක්ෂණ චිත්‍රයක් 

මීකොං ගග ගාව