Thursday, July 31, 2014

අක්ෂර සංගායනාවක් පවත්වනු


ශ්‍රී ලංකාවෙ වැජඹුණු ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ද, ශ්‍රී සුමංගල ශබ්ධකෝෂයේ කර්තෘ වූ ද, ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (දැන් ශ්‍රී ජයවර්ධනපුර) උප කුලපතිව වැඩ සිටියා වූ ද වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ 1956 දී මෙසේ වදාලහ

“............අනවශ්‍ය නීති රීති වැඩි වීම භාෂාවක් ඉගෙන ගන්නන්ට මහත් කරදරයකි; එමෙන්ම භාෂාවේ දියුණුවට බලවත් වූ ම බාධාවකි. භාෂා නීති පරමාර්ථ ධර්ම මෙන් හැමදා එක ලෙසින්ම නොසිටී; ක්‍රමයෙන් වෙනස් වෙයි. එසේ ස්වභාවයෙන් වෙනස් වන වෙනස බලාපොරොත්තුවෙන් නිහඬව සිටීම දැන් ලෝකය ගමන් කරන තත්වයට නොගැලපේ. එහෙයින් අපේ භාෂාවේ තිබෙන අත්‍යවශ්‍යක නොවන නීති රීති සියල්ල වහා ම අත් හැර දැැමීම භාෂාව දියුණු කිරීමට කැමති කාගේත් යුතුකමකි. වර්තමාන භාෂාවට නුවමනා අක්ෂර වර්ණ මාලාවේ තිබේ නම්, එය හැර දැමිය යුතු ය. එසේ ම අනවශ්‍ය ව්‍යාකරණ ක්‍රම තිබේ නම් අත් හළ යුතු ය.

අකුරු යනු ව්‍යක්ත (-ප්‍රකට) ශබ්ධයකින් වෙන් කළ හැකි කුඩා ශබ්ධ කැබලිය. ඒ ශබ්ධ කැබලි හැඳින්වීම සඳහා යෙදෙන ලකුණු ද අකුරු නමින්ම හඳුන්වනු ලැබේ. වර්තමාන සිංහල හෝඩියේ අනවශ්‍ය අකුරු තිබේදැයි පරීක්ෂා කර බලතොත් ණ, න යන දෙකින් එකක් ද ළ, ල දෙකින් එකක්ද අනවශ්‍ය බව කාටත් වැටහෙනු ඒකාන්ත යි. , න යන දෙකෙක් හෝඩියේ තිබෙතත් ඒ දෙකින් ම දැන් හැඳින්වෙන්නේ එකම ශබ්ධයකි. ඒ දෙකෙහි වෙනස ප්‍රකට වන සේ කියවන්නට සමර්ථයෙක් අද සිංහලයන් අතර නැත. , ල දෙක ද එසේම ය. පුරාතනයෙහි මේ අක්ශරයන්ගේ උඡ්චාරණ භේදය ප්‍රකටව පෙනුන හෙයින් මේ සඅයලු අක්ෂර රූපම පුරාතන භාෂාවට අවශ්‍ය විය. උච්චාරණයෙහි වෙනසක් දැන් දක්ණට නොලැබෙන මේ අක්ෂරයන් පුරාතන ක්‍රමය අනුව නිසි සේ යෙදීම අන්‍ය ජාතිකයන්ට තබා සිංහලයන්ට ද අතිශය දුෂ්කර ය. එහෙයින් මේ අක්ෂර යුග්ම දෙකින් එකක් පමණක් ව්‍යවහාරයට ගැනීමට ජන සම්මතයක් වහා ම ඇති කර ගත යුතු ය. මීට පටහැනි වන අතිපණ්ඩිතයන් ද සිටින බව අපි දනිමු. ඔවුන්ගේ මෝඝ තර්කයන් නො සැලකිය යුතු ය. හෝඩියෙන් අක්ෂර රූප දෙකක් වත් අඩුකර ලීම ටයිප් රයිටරය හා මොනෝ ටයිප් නම් සීඝ්‍ර මුද්‍රණ යන්ත්‍රය ද සෑදීමේ දී පහසුව පිණිස වෙයි.
මෙසේ අනවශ්‍ය අක්ෂර රූප ආදිය නැති කර ලීමෙන් භාෂාව වැනසී යතැයි බව විය යුතු නොවේ. සියම් රටේ දැන් ව්‍යවහාර කරන්නේ පැරණි සියම් හෝඩිය නො වේ. පැරණි සියම් හේඩියෙහි සිංහල හෝඩියේ මෙන් ම ඈ, , උ ආදි වෙන් වෙන් වූ ස්වර රූප තිබුනු නමුත් දැන් තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයකිනි. දැන් සියම් හෝඩියේ ඉ යන්න අ යන්නට ඉස්පිල්ල යෙදීමෙන්ද, උ යන්න අ යන්නට පාපිල්ල යෙදීමෙන් ද, එ යන්න අ යන්නට මුලින් කොම්බුව ලිවීමෙන්ද හඳුන්වන බව සියම් අකුරෙන් මුද්‍රිත පාළී පොත් කියවන හැම දෙනා දන්නා කරුණකි. එයින් මුද්‍රණ කාර්යයන්ට මහත් පහසුවක් වී ය. භාෂාවට ස්වල්ප වූ ද හානියක් නො වීය. “
සෝරත නාහිමියන් දැන සිටියේ ටයිප් රයිටරය හා මොනෝ ටයිප් මුද්‍රණ යන්ත්‍රය පමණි. දැන් පරිඝනක තනා ඇත. පද සදනයක් (Word Processors) සාදා ඇත. එහෙයින් උන් වහන්සේගේ යෝජනාව සිය ගුණයක කාලෝචිත භාවයක් ඇතිකර ගනී. විද්වතුන්ගේ අවධානය මීට යොමු වේවා. එසේ යොමුවන තෙක් අන්‍ය යෝ බාන් කඩාගෙන නො දුවත්වා.

මේ කොටස උපුටා ගත්තේ සුචරිත ගම්ලත් මහාචාර්ය තුමාගේ සුබස් මිණි ආර නම් වූ තීරු ලිපි එකතුවෙනි. එහි මහාචාර්ය තුමා විසින් ලියන ලද අර්ථවත් ලිපි රැසක් ආකර්ශනීය ආකාරයට ඉදිරිපත් කොට ඇත. මහාචාර්යවරු ලියන ලිපි සාමාන්‍යෙ වැසියන්ට නොතේරෙනවා යැ යි පොදු මතයක් ඇතත් මේ ලිපි එකතුවේදී ගම්ලත් මහාචාර්යතුමා මිනිස්සුන්ට වඩාත් තේරෙන ලෙස කරුණු ඉදිරිපත් කිරීමට අපමණ වෙහෙසක් ගෙන ඇත. සරලව ගතහොත් අද ලියවෙන සරල බ්ලොග් එකක ෆේස්බුක් පේජ් එකක ඇති බසට සමාන විදියක් මේ ලිපි වල ඇත.
පොත :- සුබස් මිණි ආර
කර්තෘ :- මහාචාර්ය සුචරිත ගම්ලත්
මිල :- රු 150/= (1997 ප්රථම මුද්රණය)
පිටු :- 139
ලිපි :- 92
ප්රකාශකයෝ :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
අංකය :- ISBN : 955-20-2453-6

සිංහල බස මිනිසුන් අඩුතරමේ මිලියන දාසයක් අදහස් හුවමාරු කරගන්නා ජීවමාන බසකි. එහි නව යෙදුම් එකතු වීමද පැරණි සමහර යෙදීම් අභාවයට යෑමද සිදු වේ.
ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිර විසින් පසුගිය කළෙක අබ සරණ යැයි අලුත් පදයක්ද හෙළ බසට එකතු කරන ලදී. විවිධ පුද්ගලයින් විසින් එය අර්ථ ශූන්‍ය වදනකැයි හෙළා දුටුවද ඒ වදන මගින් ජනතාව ප්‍රමෝදයට පත් වුනාහු ය. ඉන් පසු මේ තම්බි නසම් හැ යි පෙළගැසුනු ජනී ජනයෝ විවිධ ක්‍රියාකාරකම් හී නිරත වූහ. ඉදින් අබ සරණ නොතේරෙන නොවැදගත් වදනක් නම් එසේ ජනතාව ප්‍රකෝප වූයේ කිම? එසේ ඥාණසාර ස්ථවිර යොදන ලද අබ සරණ පදය මා දැනුවත් ආකාරයට යෙදෙනුයේ “ අනතුරු අඟවා තිබියදීත් යම් අවධානම් කටයුත්තක නිරත වීමේ දී ඒ පිළිබඳ වූ අපේ නොකැමැත්ත ප්‍රකාශ කරන“ තනි පදයක් ලෙසයි.

පෙර කළෙක 1956 තරම් ඈත කලෙක සෝරථ ස්ථවිර විසින් ටයිප් රයිටරයේ යතුරු යෙදීමට අපහසු තරම් විශාල අක්ෂර මාලාවක් සිංහලයේ පැවතීමත් එය සරල කිරීමේ වාසියත් පහදා ඇත. ඉන් පසුකලෙක 1995 පමන කාලයේ සුචරිත ගම්ලත් මහාචාර්ය විසින් පරිඝනකයේ මුල් අවධිය දැක අපේ බස පරිඝනක ගත කිරීමේදී බසේ ඇති සංකීර්ණ අක්ෂර මාලාව එලෙසම යෙදීමේ අපහසුව දැක එය සරල කල යුතු මනා යැයි අදහස් දක්වා ඇත. අද පැමිණ ඇත්තේ ජංගම දුරකථන, ටැබ්ලට් පරිඝනක, ආදී අතේ ගෙනියන මෙවලම් හි ද අපේ බස රිසි සේ මුසු විය යුතු කාලයයි. පෙර කී යුග දෙකටම වඩා ෆේස්බුක් ටුවිටර් ආදියෙහි අන්තර්ජාලයීය යෙදීම් ලෙසද අද විශාල වශයෙන් හෙල බස යෙදේ. එබැවින් සිංහල බසෙහි ඇති විශාල අකුරු ගණන අඩුකොට වඩාත් සරල ලෙස බස සැකසීම කාලෝචිත බැව් මගේ ද අදහස වෙයි.
අලුත් අලුත් දෑ නොතනන ජාතියට ලොවෙත් නොනගී.. ණයට කෑම බැරිවුන තැන ලගී ගයා පොර ගී.

Wednesday, July 30, 2014

ප්‍රතිලාභ සහිත යහළුවෝ Friends with Benefits


වෘත්තියමය වශයෙන් ගෑනු පිරිමි එකතුවෙලා ඒ අය පස්සෙ කාලෙක ආදරය කරන්න පටන් ගන්න සිද්ධි අලුත් දේවල් නෙමෙයි. ඒ වගේ කතාන්දර සහ චිත්‍රපටි කියන්නෙත් අලුත් දෙයක් නෙමෙයි. වෘත්තියමය වශයෙන් සමීපව වැඩකරන තරුණ මානව මානවිකාවන් වෘත්තිය බැඳීමෙන් එහාට ගිහින් ආදරය කරන සිද්ධිය තුල පොඩි කිතියක් තියෙනවා. ඔවුන්ට වෘත්තිමය බැඳීම සහ ඉබේම ඇතිවන ස්ත්‍රි ප්‍රරුෂ ආකර්ශනය අතර පොඩි ගැටුමකට මුහුන දෙන්න සිද්ද වෙනවා. වෙලාවකට අර ගිවිසුම් ගත හෝ සාම්ප්‍රදායානුකූල වෘත්තිය බැඳීම ආරක්ෂා කරගන්න වෙනවා. තවත් වෙලාවක තමුන්ගේ සිතේ ඇතිවෙන හැඟීම් සහ ආශාවන්ට මුහුන දෙන්නෙ කොහොමද කියල හිතන්න වෙනවා.
මම ආදරය ගැන කතාකරන්න තරම් ආදර පළපුරුද්දක් තියෙන කෙනෙක් නෙමෙයි. ආදරය සම්බන්ධ ආදරණීය රක්ෂාවකට වුනත් මා නුසුදුසු වෙන තරමට මගේ ආදර පළපුරුද්ද අඩුයි. ඒත් ඒ ආදරයේ යෙදුන කුඩා කාලය ඇතුලත මම වටහා ගත්ත දෙයක් තමයි ආදරය කිරීම හෝ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් දිගට අරගෙන යනවා කියන්නෙ ටිකක් මොලේ වෙහෙසන වැඩක්. උදාහරණ විදියට අපිට අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න ඕන වුනා කියල හිතමු. අපි ගියා ඇග්‍රිමන්ට් අස්සන් කලා ගත්තා. එතකොට අපිට තියෙන අයිතිවාසිකම් වගේම ජාලය සපයන කොම්පැනියටත් සීමාවන්, අයිතීන් තිබෙනවා.
වේගය අඩු නම් සේවාව සවුත්තු නම් අපිට කෝල් එකක් අරගෙන අන්තර්ජාල සේවා සැපයුම්කරුට පරුෂ වචනයෙන් බනින්න පුලුවනි. අපි වැඩිපුර හෝ ගාල ඉන්ටනෙට් පාවිච්චි කරලා සල්ලි ගෙවන් නැතුව බුල ගහනවා නම් ටෙල් සර්විස් කම්පැනියට පුලුවන් අපේ සම්බන්ධතාවය විසන්ධි කරන්න.
එතනදි පැහැදිලි සීමාවක් තුල සමාගම අපිට සපයන ජාල සැපයුම තීරණය වෙනවා. ඒක පට්ට සරලයි. නමුත් ආදරය වගේ සේවාවක් ඒ විදියට විග්‍රහ කරන්න හිතන්නවත් බැහැ. වෙලාවකට එයා මට ආදරය නොකර මග අරිනවා නොසලකා හරිනවා කියලා දැනෙන කොට තමයි මගේ ආදරය පිකප් වෙන්නෙ. එතකොට තමයි මට ඉරිසියාව ක්‍රෝධය ඇතිවෙලා ආයිත් ඒව නැතිවෙලා නැවත ආදරය කරන්න ඇයගෙන් ඒ ගැන ප්‍රශ්ණ කරන්න පෙළඹෙන්නෙ. නමුත් අන්තර්ජාලය වගේ සේවාවක් එහම නැහැ. අපි හිතන ප්‍රමානෙට ලෝඩ් වෙන් නැත්තං මුගෙ අම්මට නිදි වදින්න කියලා කොම්පැනිය ගැන පරුෂ වචන පේලි පේලි හිතේ ඇතිවෙනවා.
පරණ බණ පොත් වල, කතා පොත්වල වගේම චිත්‍රපටිවලිනුත් ආදරය කරන්න ඕනි විදිය සම්බන්ධතාවයක් යහපත්ව පවත්වා ගන්න ඕනි විදිය ගැන ආදර්ශ තිබෙනවා. කොටින්ම කිව්වොත් ආදර ටෙම්ප්ලේට් බොහොම අඩුවට ඕනි තැනකින් අපිට ගත හැකි. ඊට අමතරව අපි හැමෝගෙම මනසේ තිබෙනවා ආදරය කිරීම සහ රිලේශන්ෂිප් එකක් පවත්වාගෙන යෑම ගැන දල අදහසක්. නමුත් මහපොලවට ඇවිත් ටික දිනක් අපි ආදර සම්බන්ධතාවය තියාගෙන පවත්වගෙන යනකොට අර පොත්වල,චිත්‍රපටිවල, ෆෝමැට්වල, ටෙම්පේලෙට් වල නැති ගැටළු එනවා.
ආදරය කිරීමේදී එක පැත්තක් විතරක් කැපවීම ්කරන්න ඕනි. එයා මං කියන දේ අහන්න ඔනි. මම කොයිතරං දේවල් කලාද ඒව ගැන එයා හිතන්න ඕනි.. ආදී විකාර බයිලා ලෙසන් ගොඩක් තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම භෞතිකයි. සමාරවිට සිදුවෙන සිදුවීම් සමහරක් පවා භෞතිකයි. එතනින් එහාට ගිහිපු අදෘෂ්‍යමාන අමුතු ජාතියක බැඳීමක් ආදරය කරන දෙදෙනෙක් වටා ඇතිවෙනවා.
මේ ෆිල්ම් එකේ ඒ දේ ලක්ෂණට පෙන්වනවා. ආදරයේ කෙළවර හෝ ලිංගිකත්වය තියෙන්න පුලුවනි. නමුත් සමස්ථ ආදර කතාවම ලිංගිකත්වය මතම පදනම් වෙන්නෙ නැහැ. හින්දි චිත්‍රපටිවල දුෂ්ඨයා නළුවාගෙන් ගුටි කනවා. අවසානෙ දුෂ්ඨයා මැරෙනවා. නමුත් මුලු ෆිල්ම් එක කියන්නෙ අර දුෂ්ඨයා මැරෙන විනාඩි දෙක තුනක ෆයිට් සීන් එකට නෙමෙයි. ඒක එක දෙයක් විතරයි.
මේ ෆිල්ම් එක කොමඩිමය ආදර කතාවක්. මේකෙ නළුවා ජස්ටින් ටිම්බර් ලේක්. නිළිය නම් පට්ට. නිළිය සැබැවින්ම හින්දි නිළියක් වගේ ලස්සන ඇස් දෙකක් තියෙනවා. ඊටත් වඩා නිළියගේ මම ආස එයාගෙ විටින් විට බිඳෙන වචන උඡ්චාරනය කරන විදියට. ඉස්සර කාලෙ ටීවි එකේ කතාවක් තිබුනා කමල් අද්දරආරච්චි රඟපාපු. ඒකෙ හිටියා අලුත්ම නිළියක්. ආන්න එයාගෙත් කටහඬ ටිකක් මේ වගෙ බිඳෙන ගතියක් තිබුනා. මේක අයි ඇම් ඩි බී රෑංක් වල 6.4ක් ගතපු ෆිල්ම් එකක්. නමුත් මම නම් 8.6ක් වගේ ලකුණු ගොඩක් දෙනවා මේ ෆිල්්ම එකට.. 

සෝනි සමාගමේ ෆිල්ම් එකේ ඔෆීෂියල් සයිට් එක මෙතන.  
අයි ඇම් ඩී බී ලිංක් එක මෙතන
බාන්න ටොරන්ට් හොයාගන්න ඕනි විදිය මෙතන

Tuesday, July 29, 2014

Children of Men දරුවා ගේ මිනිහා


යුද්ධය දරුනුයි. ජීවිත අහිමි කරවන කටුක බවක් යුද්ධය තුල තියෙනවා. හැමෝම අපේ කමට ආසයි. අපේ දේවල් වෙනුවෙන් මැරෙන්න වුනත් ඒ අතරින් කිහිප දෙනෙක් යොමුවෙනවා. ‍මානුෂිය මුහුනුවරින් ගත්තොතින් යුද්ධය කියන්නෙ මහ විනාසයක්. නමුත් ලෝකය පවතින්නෙ යුද්ධය නිසා. තරඟය නිසා. මිනිස්සු ජාතියක් විදියට අනෙක් සතුන්ට වඩා දියුනු වුනේ සොබාදහම තියෙන විදියටම පිළිගන්න බැරිවුන නොහික්මුන මිනිස් මනස නිසා.
දෙවනි ලෝක යුද්ධය වෙනකල් අපේ රට ඉන්දියාව ඇතුලු විශාල ප්‍රදේශයක් බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුනා. 1820 ත් 1860ත් අතර අවුරුදු තිහ ඇතුලෙ ලංකාවෙ ඉන්දියාවෙ ආදී බ්‍රිතාන්‍ය යටත් විජිත වල ඉපදුන මිනිස්සු සුද්දො නැති රටක් දැකලා තිබුනෙ නැහැ. ඒ අය හිතන් ඇති මුලු ලෝකෙ කියන්නෙ සුද්දො කියලා.


නමුත් හිට්ලර් සහ ජපන්නු ලෝකෙ වෙනස් කලා. එයාල ලෝකෙ 1920 වෙනකොට තිබුන තත්වෙන් උඩු යටිකුරු කරපු 1950 දශකයක් ලෝකයට එකතු කලා. දෙවනි ලෝක යුද්ධය මහා විනාසයක්. නමුත් ඒ විනාසය කියන්නෙ ලෝකෙට අලුත් නිෂ්පාදන රාශියක් බිහිකරපු නව ආලෝක කදම්භයක්. වෛද්‍ය කර්මය, තාක්ෂණය, වගා කටයුතු ආදි බොහෝ ක්ෂේත්‍ර යුද්දෙන් පස්සෙ නව නැම්මකින් ලෝකයට එකතු වුනා.

එදා හිට්ලර්ගේ කාලෙ යුද්දෙන් මිනිස්සු ලක්ෂ ගනන් මිය පරලොව ගියාට ඒ මිය පරලොව ගිහිපු ජීවිත හිමි වුන යුද්ධය නිසා තවත් මිලියන ගානක ජීවිත එළිය දෙන්න හැකියාවක් තියෙන අලුත් ලෝකයක් බිහි කලා. අමාරුවෙන් හරි ලෝකෙ ඇතුලෙ දැනට බිලියන 7ක මිනිස්සු ඉන්නෙ ආන්න ඒ මිනිස්සුන්ගේ නොනවතින සොයාගැනීම් වල සිදුවුන අලුත්බව නිසා.
හැබැයි හැම වෙලාවෙම යුද්ධය ගැන සුභවාදීව හිතන්න බැහැ. කවර ආකාරයිකින් යුද්ධය පිරිසකට ආතල් පොම්ප කලත් අනෙක් යුධ බිමේ ඉන්න පිරිසට ඒක මෙලොව අපායක්. 2008-09 කාලෙ අපේ රටේ මිනිස්සු ප්‍රවෘත්ති කියනකල් කට ඇරං බලාගෙන ඉන්නවා ස්කෝර් බලන්න. එල් ටී ටී ය ගොඩක් මැරිල නං ආතල්. හමුදාව ‍ගොඩක් මැරිලනං ඒක දුකයි.


මේ චිල්ඩර්න් ඔෆ් මෙන් ෆිල්ම් එක ඇත්තටම යන්නෙ ළමයි නැති වටපිටාවක ළමයි අලුතින් ලැබෙන එක අරුමයක් ‍වුන වටපිටාවක බිහිවන දරුවෙක් වටා. දරුවා ලැබෙනවා. ඒත් ඊට වඩා ෆිල්ම් එකේ ඉස්මතු කරන්න යන්නෙ යුද්ධය. යුධබිමක තියෙන කටුක බව සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන කඨෝර බව මේ ෆිල්ම් එකෙන් පෙන්වනවා.

යුද්ධ තියෙන වටපිටාවකදි මිනිස්සුන්ගේ වටිනාකම තරඟයක ලකුනු මට්ටමට පහල වැටෙනවා. මිනිස්සු මැරෙන එක වෙරි සිම්පල් කේස් එකක් බවට පත් වෙනවා. විනාසවෙන දේපල එක් පිලකට හෝයි දාන්නත් අනික් පිල අඩවන්නත් හේතු වාසනා වෙනවා.
මේ ෆිල්ම් එකේ කතාව තීරණය වෙන්නෙ දැනුම් මට්ටම් සහ හිතන ආකාරය අනුව. කෙනෙකුට මේක මෙලෝම රහක් නැති එකක් වෙන්න පුලුවනි. තවත් කෙනෙක්ට මේක එල ෆිල්්ම එක්ක වෙන්න පුලුවනි.තව අයට පිපිඤ්ඤා වගේ රසක් නැති දෙයක් වෙන්න පුලුවනි.

මේචිල්ඩ්රන් ඔෆ් මෙන් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් අල්ෆොන්සෝකූරන් කියලා කෙනෙක්. එයා තමයි 2013 වසරේ ජනප්‍රිය සම්මානනීය චිත්‍රපටියක් වුන ග්‍රැවිටි ෆිල්ම් එක ඩිරෙක්ට් කලේ.

. ෆිල්ම් එකේ කතාව විස්තර කිරීම මේ Film එකේදි කරන්න අමාරුයි. මොකද කතාව කිව්වොත් බලන කොට වැදගත් තැන් ගොඩාරියක් මිස් වෙනවා. 1.23:40 කියන තත්පරයේ සිට 1.23:49 කියන තත්පර නවය අවධානයෙන් බලන්න. සිංහල කටහඬකින් අඬන අම්ම කෙනෙක්ගේ විලාපය ඇහෙනවා.මට ඇහුන විදියට නම්  මේක බොරුවක් නම් නෙමෙයි ඇත්තටම සිංහල කටහඩක් තමයි එතනදි විලාප දෙන්නෙ. අම්ම කෙනෙක් "හනේ දෙයියනේ ..මගේ පුතා මාව දාල ගියා මේ හොඳ ලමයව ඇයි?” කියලා කෑ ගහනවා. පේන විදියට නම් අනෝමා ජිනාදරී වෙන්න ඕනි නිලිය

මම බලපු කොපි එකේ අවුලද්ද දන් නැහැ..කියන්න බැහැ නේ..අපේ අයියලා පස්සෙ කෑල්ලක් සිංහලෙන් ඩබ් කරලා ටොරන්ට් එකක් දාලද දන් නැහැ  නේ.. 

අයි ඇම් ඩී බී ලිංක් එක :- http://www.imdb.com/title/tt0206634/?ref_=nm_knf_i2
බයිස්කෝප්ප එල් කේ ලිංක් එක :- මෙතන

Monday, July 28, 2014

විදුලිය බලන්න ගියා

කැළණි ගඟේ ඉහළ කොටස් වලින් නිමවුනු බලාගාර කිහිපයකින් පහලින්ම තිබෙන බලාගාරය තමයි සමනල බලාගාරය. මේ පෙන්නුම් කරන්නෙ ඒක. මේක හදන්න ආධාර දීල තියෙන්නෙ කැනඩාව. මේ පද්ධතියේ බලාගාර හතරක් තිබෙනවා. මීටත් පහලින් තවත් බලාගාරයක් හදන්න මේ දිනවල ශක්‍යතා අධ්‍යයන කෙරීගෙන යනවා. ඒකනං චීන එකක් වේවි කියාල අපිට නිළධාරියෙක් කිව්වා.
උඩ තියෙනජලාශයක රැස්වුන අධික පීඩනයෙන් යුතු ජලය මේ වගේ පෙරිය සයිස් බට හරහා පහලබලාගාරයට එනවා. අපිට යන්න නියම වුනු පාරවල් වලට උඩින් මේ වගේ බලාගාර වලට ජලය ගෙනියන බට කිහිපයක්ම තිබුනා. මේවා සමහරක් කඳු හිල් කරලා හෙල් අස්සෙන් බොහොම ලස්සෙනට පහලට වැටෙන විදියට හදලා තියෙනවා. 

නමක් දන්නෙ නැති ලොකු සයිස් රූස්ස ගහක්. මේ වගේ ගස් අතරින් පතර තියෙනවා තේ වතු අද්දර. මේ ගස්වලින් පාංශු ඛාදනය අඩු කරනවා. එකදාස් අටසිය ගනන් වලදි සුද්දා අපේ රටට ඇවිත් රැවුල බාන්නැහේ තිබුන කැලෑ ටික කපලා තේ,කෝපි හිටෙව්වා. ඒ නිසා ඒ පරිසරය නැතිවෙන්න ඇති. 
තේ වතු, කඳු මීදුම මධ්‍ය කඳුකරයට අලුත් ආතල් එකක් නම් නෙමෙයි. ඒත් අපි වගේ පාතරට ඉදලා යන පොරවල් වලට මේවා මැජික්. 
මේ විදියට දර ගෙනියන කස්ටිය ගෑනු පිරිමි බේධයක් නැතිව අපිට හමුවුනා. මේ කාලෙ දර එකතු කරගන්න කාලයක් වෙන්න ඇති. බාගෙදා මේ දර එකතු කරලා මේ අය වෙන කාලවල පාවිච්චි කරනෝ ඇති. 
මේ මස්කෙළිය පැත්තෙ තියෙන මාඋස්සාකැලේද මන්දා ජලාශය. සිරිපාදෙ හැටන් පැත්තෙන් යනකොට අහුවෙනවා.
මේ තියන ඩෑම් රාජයා හදලා තියෙන්නෙ නවසිය හැට හැත්ත ගනන් වලදි. මේක හදන්නත් ආධාර දීල තියෙන්නෙ කැනඩා කාරයො. කැනඩා කාරයින් මේ තරං අපිට ආධාර දීල මේවා හැදුවෙ ඇයිදෝ කියලා අපිට හිතාගන්න බැරි වුනා. අපේ ගෙවල් වලට ලයිට් ලැබුනා කියලා හෝ අපේ රටේ කර්මාන්ත දියුනු වුනා කියලා කැනඩා කාරයාට ලැබුන ලාබයක් නැහැ නෙව. 
මස්කෙලිය පැත්තෙ ඉඳලා ලක්ෂපාන දිය ඇල්ල තියෙන පැත්තට පල්ලම් බහින කොට මේන් මේ වගේ කණුවක් තියෙන හන්දියක් සෙට් වෙනවා. හප්පට සිරි මේ විදියෙ බිංදුවෙ කණුවක් මොකටද? මම හිතන්නෙ පැති තුනකට යන තුන්මන් හන්දියක පාරවල් මනින්න යොදාගන්නෙමේ සලකුණ තියෙන හංදියේ සිට වෙන්න ඇති. 
මගදි හමුවුන බලු යාලුවෙක්. වයිල් ලයිෆ් ගන්න තරං අේප කැමර් ලොකු නැහැ. ඉතිං පාරෙදි හමුවෙන මේ වගේ වයිල් ලයිෆ්ලා පොටෝ වලට හිනාවෙලා ඉන්නවාත් එක්ක. එයාල ගන්න හරි ලේසියි පොටෝවලට. 

මේ තියෙන්නෙ ඇබර්ඩීන් ඇල්ල. අපි එනගමන් මේ ඇල්ල ලඟටම ගිහින් බලලා ආවා. ඇබර්ඩීන් ඇල්ල එකපාර කැමරාවට අල්ලන්න බැරි තරම් ලගක ඉදලා තමයි ඇල්ල බලන්න වෙන්නෙ. 
මේ අපි නවාතැන් ගත්ත තැන ඉඳලා ඈත බලනකොට කඳු වලල්ල ඈතට පෙනුන ආකාරය. 

යාන්තං පොද වැස්ස වගේත් තිබුනා. ඒ වෙලාවෙ මලට පිණි වැටිල හරි ලස්සනයි නේ. මල පිණි වැටුනට බර වැඩිවෙන් නැහැකියලා රොෂාන් ප්‍රනාන්දු මහත්මයා කියාල තියෙනවා මට මතකයි. 



මේ පැත්තෙ මිනිස්සු පුංචි ඉඩක පවාඑළවලු මල් ආදිය වගාකරන්න පෙළඹිලා තියෙනවා. මේ අපි නවාතැන් ගත්ත තැන වවල තිබුන ගස් ජාතියක්. සලාද කොළ වගේ වුනාට සලාදම නොවෙයිද මන්දා. 


මේ ලක්ෂපාන දිය ඇල්ල ඈතට පේන විදිය. මෙතන ලඟට යන්න අපිට බැරිවුනා. ඈතින් ඉදන් ගත්ත නිසා පැහැදිලි මදි. වැල් වගේ තියෙන්නෙ ලයිට් වයර් නේ. ලක්ෂපාන බලාගාරෙ තිබුන ලයිට් දැකලා ඩී සී අට අහස් යන්තරේ නියමුවා ඒක එයාපෝට් එකක් කියලා හිතලා බාන්න සැරසුනා කියලා ජනකාන්ත කතාවක් තියෙනවා ඇත්තද දන් නැහැ.. මේ ඩී සී අට කියන්නෙ හැත්තෑ ගනන් වල මේ පැත්තෙදි සප්ත කන්‍යා කඳුවැටියෙ වැදිලා ලංකාවෙදි කඩාවැටුන නෙදර්ලන්ත යානයේ මොඩල් එක. නෝටන් පාලම ගාවට ගිහින් ඉතිරි වෙල තියෙන යානෙ ඩී සී අට කියන දැක්කම තමයි මට තේරුනේ ඒක ඩී සී අට කියෙලා. මෙතෙක් කල් මං ඇන්ටන් අයියගේ සිංදුව අහල තිබුන විදියට කිව්වෙ ඊ සී අට කියලා. 

තව පොටෝ බලාන්ඩ කැමති අය මෙතනින් බලත හැකි.

Sunday, July 27, 2014

භාරතීය ගණිකාවත එකළු කල මුස්ලිම්වරු

කිතු වසින් දහනව වන සියවසේදී ඉන්දියාවට කඩා වැදුනු මුස්ලිමුන් ගෙන ආ ශුද්ධ වූ විශ්වාසයන් එතෙක් වූ සමාජ පිළිගැනීම් වලට වෙනස් ආකාරයක බලපෑම් එල්ලවිණි. හින්දු ආගමික ග්‍රන්ථ මෙන් නොව ශුද්ධ වූ කුරාණය වෛශ්‍යා වෘත්තිය එහෙම පිටින්ම හෙළා දුටු සාමයික පිළිගැනිමකි. කුරාණයේ සුරා නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන්ය.

“නුඹලාගේ ස්ත්‍රීන්ගෙන් කිසිවෙකු වෛශ්‍යාකර්මයේ යෙදී අසුවිණිද නුඹලාගේම සාක්ෂි කරුවන්ගෙන් කරුණු සනාථ විනි නම් එකී ස්ත්‍රීන් ඔවුන්ගේම නිවෙස්හී මරණය විසින් නිදහස් කරනු ලබන තෙක් හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුවන තෙක් සිරකර තබව”

මුල් කාලීන ඉස්ලාමීය පිළිගැනීම්වල සිටම පරදාරය සහ වෛවාහක නොවන කාම සේවනයට තුඩු දුන් දඩුවම නම් බිත්තියකින් සිර කිරීමය.ඉන් අපේක්ෂා කලේ මරණය කැඳවීමයි. පසුකාලීනව මෙය අවිවාහක ස්ත්‍රින් නම් අවුරුද්දකට පිටුවහල් කිරීමත් කසපහර දීමත් ලෙස නවීකරණය කැරිණි. විවාහක ස්ත්‍රීන් ගල් ගසා මරා දමන ලදී. මෙම පුරුෂවාදී ආගම මෙබඳු වරදවලට දඩුවම් කිරීමේදී පිරිමි සහ ගැහැණුන් අතර වෙනස්ව කටයුතු කලේය. “මෙම වරදම පිරිමින් දෙදෙනකු කළහොත් ඔවුන් වරද නිවරදි කර ගැනීමට සූදානම් නම් දෙවියන් වහන්සේ‍ගේ සමාව ලැබීමට ඉඩ හළව” යැයි සුරා හී සඳහන්ය. මෙය විචාරයට ලක් කරන ෆර්නැන්ඩෝ හෙන්රිකස් පවසන්නේ පුරුෂ සම ලිංගික සේවනය පිළිබඳ යට කී නිර්දය පිළිගැනීම පසුකාලීන ඉන්දියාවේ මුස්ලිම් යුගයේ යම් අනියම් ප්‍රථිපල ජනිත කිරීමට හේතු වූ බවයි.

කුරානයට අනුව ගණිකාවන්ට හිමිවන තත්වය භයංකර ලෙස පහත්ය. වෙසඟනන් අලෙවි කරුවෙකු විවාහ විය යුත්තේ වෙසඟනක සමඟ හෝ ප්‍රථිමා වන්දනා කරන්නියක සමඟ බව ශුද්ධ වූ ග්‍රන්ථ වල සඳහන්ය. ගණිකාවක වෙසඟනන් අලෙවි කරුවෙකු සමඟ මිස වෙනකකු සමඟ විවාහ නොවිය යුතුය. එහෙත් ඒ විවාහ බන්ධනය පවා ආගමික විශ්වාසයනට පටහැනිය. මේ නිසා ඔවුන්ගේ ක්‍රියාවන්ට දැඩිව දඩුවම් කරනු ලබයි. ගණිකා නිවාසකරු සහ ගණිකාව යන දෙදෙනාටම කස පහර සියය බැගින් පමුනුවයි. මෙයින් පෙනී යන්නේ ගණිකා වෘත්තිය ඉස්ලාමීය විහ්වාසය විසින් ඉවසා දරා නොසිටි බවය. දහනව වන සියවසේ සිටි ඉංග්‍රීසි ප්‍රතිසංස්කරණවාදීන් මෙන්ම නබි නායක තුමන්ද පැවසූයේ යමකුට ගැලපෙන සහකාරීය සොයා ගැනීමට නොහැකි වීනම් දෙවියන්ගේ කැමැත්ත ඉටුවන තුරු බ්‍රහ්මචාරීව වසන ලෙසය. සුරා හී මෙසේ සඳහන්ය. “ ඔබගේ වහලියන් ඔවුන්ගේ විනීත බව රැකගැනීම ප්‍රාර්ථනා කරන්නේ නම් ඔවුන්ව පාපයට ගොදුරු නොකළ යුතුය”

ප්‍රේමය මිලදී ගැනීමට පෑ මෙම උමතු විරෝධයේ හේතු මුල විමසීම රසවත් විය හැක. ඉස්ලාම් දහම මුල් බැස ගැනීමට පෙර වූ විශ්වාස මොහම්මද්ගේ දේශනාවට පටහැනි වීම එක් කරුණකි. පූර්ව කලිකයන්ගේ විශ්වාස, ගස් ගල් වන්දනාව, ස්වභාවධර්මයා දේවත්වයෙන් පිදීම සහ සශ්‍රීකත්වය ආචාර විධියන් යනාදිය සංකලනය වූවක් විය. අලුත් ආගමට අනුව මිනිසාට සිය හැඟීම් ‍මෝචනය කරගැනීමට අවකාශ නොලැබිණි. ඔහුට බිරින්දන් හතර දෙනෙකුගෙන් සහ අනියම් බිරියගෙන් සැනසීමට සිදු විණි. අනෙක් සියලු ආශාවන් ස්වර්ගයේදී මෝචනය වීමට අවකාශ ලැබෙනු ඇත. ආගම් අතරින් මරණයෙන් පසු කාමාශාවන් සන්තර්පනය කර ගැනීමට ඉඩ ලැබෙන බව දේශිත එකම ආගම ඉස්ලාම් දහමයි. කුරානයේ දැක්වෙන නියමයන් මෙම ආරවුල පරාවර්තනය වීමක් ලෙස දැක්විය හැක.

කුරානයේ කුමක් සඳහන් වුවද ඉන්දියාව ජයගත්තවුන්ට හින්දු සමයේ කාම සන්තර්පනයට දී තිබූ අවකාශයට ගොදුරු වීමට වැඩිකලක් ගත නොවිණි. අවුරුදු හාරසියයකට පසු අත්වුනු තත්වය නම් මුස්ලිමුන් ස්ත්‍රින් කෙරේ ලොල්බව ප්‍රකාශ වීමය. ස්ත්‍රිය ඔවුන්ගේ එකම ලාබදායී සැනසීම විණි. ආගමික නීතියෙන් කර තිබූ නියමයන් කඩ නොකළ ඉහළ පැලැන්තිය, ගණිකාවන් සොයා යෑම වෙනුවෙනට අනියම් බිරියන් ඇසුරට පෙළඹිනි.

ඉහළ පැලැන්තියේ මුස්ලිම් අධිපතීහු සේවක කාරකාදීන් තබා ගැනීම් ඇතුළු සුඛෝපබෝගී ජීවිතය සඳහා සකල වස්තු සම්භාරයම පවා වැය කළහ. මින් වඩාත්ම වියදම් වූයේ අනියම් බිරියන් නඩත්තුවටය. ගැහැනුන් වැඩි ගණනක් නඩත්තු කිරීමට භාන්ඩාගාරයෙන් මුදල් දහස් ගණනින් මතු නොව ලක්ෂ ගණනින් වැය විනි. එහෙත් ඔවුන්ගේ අන්තඃපුර වල කොතෙක් ගැහැනුන් සිටියාද යත් ස්වාමියා සමඟ එක රැයක් ගෙවන්ට නොලැබුණ ස්ත්‍රීන්ද සුසුම් ලමින් පසුවී යැයි කියැවේ.

එක් අයකු වෙනුවෙන් ගැහැනුන් එසේ විහාල වශයෙන් කැපව සිටියදී සාමාන්‍ය මිනිසාට එබඳු අවස්ථාවක් හිමි නොවිණි. ගොල්කොන්ඩා නැමැති පැරණි ඉන්දීය රාජධානියේ 17 වන සියවස වන ගණිකා වෘත්තිය මහා පරිමාණයෙන් පැවති බව Indian Travels of Thevenot and Careri නම් ග්‍රන්ථයේ එස්. සෙන් නැමැති සංස්කාරකවරයා සඳහන් කරයි.

හයිද්‍රාබාද් හි ගොල්කොන්ඩාවල ගණිකා වෘත්තිය මනා සැලසුමක් යටතේ ක්‍රියාත්මක විය. සැබැවින්ම කුරාණයේ සඳහන් වූ බ්‍රහ්මචාරීය පිළිවෙත නිශ්ඵල ඉගැන්විමක් වූවා නිසැකය. මේ සියවසේම ඉන්දියාවට පැමිණි ප්‍රංශ ජාතික දේශ සංචාරකයකු වු බැරන් ටැවනියර් මුස්ලිම් පාලනය යටතේ ගණිකා වෘත්තිය පැවති ආකාරය පිළිබඳ පැහැදිලි කදිම චිත්‍රයක් ඉදිරිපත් කරයි.

“නගරයේත් නගරයෙන් පිටතත් ගණිකා වෘත්තියේ නියැලී ගැහැනු බොහෝ වූහ. දාරෝගා නමින් හැඳින්වුනු පොලිස් ප්‍රධානියාගේ ලේඛන අනුව එම ප්‍රමාණය 20,000කට වැඩිය. ඔවුන් බොහෝ අය රජුට කප්පම් ගෙව්වේ නැත. එහෙත් සීමිත පිරිසක් හැම සිකුරාදාවකම ස්වකීය සංගීතකරුවන් සමඟ රාජාංගනය ඉදිරියේ රැස් වූහ. රජු පැමිණ සිටියේ නම් ඔව්හු නැටුම් පාති. රජතුමා නැති අවස්ථාවල නපුංසකයින් පැමිණ ඉවත්ව යන ලෙස සංඥාවක් කරයි.

ලියාපදිංචි කිරීම මගින් ගණිකාව යම් පාලනයකට නතු කර තිබිණි. එය යුරෝපයේ වරින් වර භාවිත කළ ක්‍රමයට සමානය. වෙනසකට වූයේ මුස්ලිම්වරුන් ගණිකාවන්ට ඔවුන්ගේ ශුද්ධ දිනය වූ සිකුරාදාට රජු ඉදිරියේ නැටුම් පානා මෙන් අණ කිරීමය. ගොල්කොන්ඩා හී ගනිකාවක තාරී නැතහොත් රා යනුවෙන් හැඳින්වූ සුරා විකිණීමෙහිද හවුල් වූහ.

වෛශ්‍යා ස්ත්‍රීහු ඔවුන්ගේ කුඩා පැල්පත් බඳු වූ කුඩා නිවාස දොරකඩට සන්ධ්‍යා කාලය එළඹෙන්නා හාම පැමිණෙති. අඳුර වැටෙන විට සංඥාවක් ලෙසින් කුඩා ඉටිපන්දමක් හෝ දල්වන ලද ලාම්පුවක් පත්තු වෙයි. රා විකුණන තැබැරුම් විවෘත වන්නේ එවිටය. අලෙවි වන මේ රා ජාවාරමෙන් රජුට විශාල බද්දක් ලැබේ. වෛශ්‍ය ස්ත්‍රින්ට රා තැබෑරුම අභියසම හැසිරීමට ඉඩකඩ ලැබීමේ හේතුව මූලික වශයෙන් එයයි. රා අලෙවිය වැඩිවීමේ හේතුව මේ ගණිකාවන්ය. එම නිසා රා තැබෑරුම් කිට්ටුවෙන්ම පදිංචි වීමට ගණිකාවන්ට අවසර සලසා දී ඇත. කුරානයේ සඳහන් මත්පැන් තහනම ඵලදායී ස්වරූපයෙන් ‍බිඳී ගිය බවක් එයින් පෙනී යයි.

අපට යට කී විස්තරය සපනය ටැවනියර් සෘජු නොවන අකාරයකින් දේවස්ථාන ගණිකාවන් පිළිබඳව සඳහන් කර ඇත. කොම්බේ හි සිට සැතපම් තුනක් දුරින් අග්‍රා වලට සමීපයේ වූ දාගැබක් පිදීමට බොහෝ ඉන්දීය ගණිකාවෝ පැමිණෙති. මෙම දාගැබෙහි බොහෝ නිරුවත් පින්තූර දක්නට ඇත. මේ අතර රහස් තැන් නොවැසුණ ඇපලෝ දෙවිඳුන්ගේ වැනි විශාල රූපයක්ද වේ. මහළු ගණිකාවෝ මුදල් එකතුකර වහලියන් මිලට ගෙන ඔවුනට අනුරාගී ගී සින්දු සහ ඔවුන්ගේ අපකීර්තිමත් වෘත්තිය ප්‍රයෝග උගන්වති. ඔවුන් එකොලොස්වන වියට පත වූ කල යටකී දාගැබ වෙත කැඳවාගෙන යන්නේ ඉන් තමාගේ වාසනාව පෑදේය යන මහත් වූ විශ්වාසයකිනි. මේ කාලයේ යුරෝපයේ සහ ට්‍රැවනියර්ගේ ප්‍රංශයේ පවා පැවතියේ සදාචාර වාදී වාතාවරණයක් නිසා යුරෝපීයයන්ට මේ තරම් ගණිකා ස්ත්‍රීන් දක්ණට නොළැබිණැයි සිතිය හැක.

අග්‍රාහිදී මෙම කටයුතු මනාව සැලසුම් කැරිණි. එහි ගණිකාවන් සඳහා ඇරුණ විශේෂ පෙදෙසක්ද විය. පීටර් මුන්ඩි නැමැති ඉංග්‍රීසි ජාතික දේශ සංචාරකයාගේ විස්තර අනුව අග්‍රා නුවර සනධ්‍යාවන්හි ගණිකාවන් සඳහා කේවල් කරන ආකාරයන් බහුලව දක්නට ලැබි ඇත. සියලුම‍ දේශ ගවේශකයින් පිළිගන්නා කරුනක් නම් අතීතයේදී මෙන්ම මුස්ලිම් මෝගල් අධිරාජ්‍යය තුළ පවා ඉන්දියාව මනාව සංවිධානාත්මක වූ ගණිකා වෘත්තියක් පැවති දේශයක් වූ බවයි. මහාභාරතය ඉදිරියේ කුරානය ඇද වැටුන බව සමහර රචකයෝ පවසති.

මුස්ලිමුන් අතර පුරුෂ සමලිංගික සේවනය තදින් ඇබ්බැහි වී තිබිණි. මේ නිසා පුරුෂයින් අතර සිදුවන වැරදි සම්බන්ධයෙන් ආගමික ග්‍රන්ථ වඩා ලිහිල් ආකල්පයක් දැරූ බවද පෙනී යයි. එයට හේතු වූයේ කාන්තාර පෙදෙස්වල දීර්ඝකාලයක් ගෙවා දැමීමට පුරුෂයින්ට සිදු වීම නිසා විය හැක. රදලයින් තමාගේ සේවය පිණිස ඉතා යොවුන් අන්තාවේසාකයින් බඳවා ගැනීම සිරිතක් වී තිබිණි. මුනිවරු පවා ශුද්ධ වූ ප්‍රේමයට මුවා වී මේ අශුද්ධ ආශාවන් සන්තර්පණය කර ගත්හ. සමහර අවස්ථාවල මේ අන්තේවාසිකයින් තමන්ගේ ස්වාමින් යට කී ආශාවන්ට ඉඩ දීමට විරුද්ධ වූ අවස්ථාවන් වාර්තා ගත වී ඇත. එබඳු එක් යොවුනක දඩයමේ ගිය අවස්ථාවේ තම ස්වාමියාට තුවාල සිදු කල පුවතක් ටැවර්නියර් වාර්තා කරයි.

ලෛංගික ක්‍රියා ජාලයෙහි ඉහත කී චාරිත්‍ර පැවතියේ වුවද සාම්ප්‍රදායික වූ වෛශ්‍යා කර්මයක් මුස්ලිම් පාලනය තුල දැඩිව පැවතිණි. මින් අදහස් කරන්නේ පොදු ගණිකාවන් සොයා යාමට පිරිමින් උත්සුක වූ බව නොවේ. ලන්දේසින්ගේ නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගමේ සේවය කළ ඇන්තනී ෂෝරර් නැමැත් අයගේ වාර්තා වලින් එබඳු සබඳතා ස්ඵුට කෙරේ. ඔහු‍ගේ වාර්ථා අදාල වන්නේ 17වන සියවසට වන අතර පැරණි රාජධානියක් වූ ගොල්කොන්ඩාවේ මසුලිපාටම් නගරය ආශ්‍රිත කරගනී.

එකල විවාහය දැඩිව ගරු කටයුතු ලෙස සැලකන ලදී. විශේෂයෙන්ම හින්දු ආගමේ ඉතා දැඩි විය. මුස්ලිමුන් බිරියන් හතර දෙනෙකු තබා ගනිද්දී හින්දුන්ට හිමිකර ගත හැකි වූයේ බිරියන් දෙදෙනෙකු පමණකි. අමතරව නඩත්තු කළ හැකි නම් වහලියන් ඕනා තරම් තබාගත හැක. හින්දූන් මෙම තත්වයෙන් නොසෑහී ගණිකාවන් සොයා ගිය බව අන්තනි ෂොරර් කියයි. එහෙත් මුස්ලිම් හු තමන්ගේ වැඩිවිය පත් අවිවාහක පුතුන් වෙනුවෙන් වහලියක මිලදී ගනිති. මේ නිසා ඔවුන් නිතර ගණිකාවන් වෙතට යෑමෙන් වළකා ගත හැකි විය. එමගින් වහල් කතුන්ට උපදින දරුවන් සුජාත දරුවන් සේ සැලකිණි.

ස්වකීය පුතුන්ගේ ලිංගික ප්‍රයෝජනය සඳහා වහලියක මිලට ගත නොහැකි වූ මුස්ලිම් හු රටේ පවත්නා චාරිත්‍ර වාරිත්‍ර අනුව කටයුතු කිරීමට තම පුතුන්ට ඉඩ හළහ.ෂෝරර්ගේ නිසැක කල්පනාව වූයේ බිරියන් වැඩිගණනක් සිටීමෙන් ගණිකා සේවනය අඩු වන බවය. එහේත අවාසනාවකට මෙන් මෙය එසේම නොවිණි. හින්දූන්ට හිමි බිරියන් ගණන පිළිබඳ යහපත් ලන්දේසි ජාතිකයාට වැරදී තිබුනි. සැබැවින්ම එය තීරණය වූයේ කුලය අනුවය. බ්‍රාහ්මණ වංශිකයන්ට බිරියන් හතර දෙනෙකු ලබා ගත හැකි විය. ක්ෂත්‍රියයනට තිදෙනෙකි. වෛශ්‍යයන්ට බිරියන් දෙදෙනෙක් හිමිකරගත හැකිව තිබියදී ශුද්‍රයන්ට එක් බිරියක් පමණක් බලාගැනීම සිදු විය. ඒ අනුව පත් කුල වල අය ඒක භාර්යා සේවනය වෙත තල්ලු කර දමන ලදී. එහෙත් පහත් කුලවල වූ ඒක භාර්යා පිළිවෙත ‍හින්දු වෛශ්ය කර්මය නිෂ්පත්තියට හේතු වී යැයි තර්ක කිරීම අනතුරුදායකය. බහු භාර්යා සේවනය පැවති සමාජවල පවා ක්‍රමාණුකූල වෛශ්‍ය කර්මයන් පැවති බවට නිදසුන් කොතෙකුත් තිබේ.

මෙතෙක් අප ගවේශනය කල කරුණු අනුව ගොඩනැගෙන තර්කය නම් ඉන්දියාවේ ගනිකා වෘත්තිය දුරාතීතයේ සිටම පැවති බවය. මුස්ලිම්වරුන් ගණිකාව දූෂිතවූ සත්වයෙකැයි යන ආකල්පය දරාගත් ආගමක් ඇතැතිව ඉන්දියාව ආක්‍රමනය කලේ වුවද ඔව්හුද මේ බිමේ පැවති පහසු සතුට ලැබීමේ විධි ක්‍රමයට යටත් වූහ. සමහරවිට ඔවුන් වඩාත් ඉදිරියට යමින් එහි ක්‍රමාණුකූල බවක් ඇති කලා විය හැක. මෙබඳු ක්‍රමාණුකූල කිරීම් වඩාත් කැපී පෙනුන අවධියක් වූයේ මෝගල් අධිරාජයකු වූ අක්බාර්ගේ කාලයයි. එම යුගයේදී ගණිකාවන්ට රාජ්‍යයේ වෙනම පෙදෙසක් වෙන් කර දි තිබිණි. ගණිකාවන් බවට පත්වන වුන් ලියාපදිංචි කිරීමට දාරෝ නමින් හැඳින්වුනු අදිකාරී වරයකු පත් කර තිබිණි.

මුස්ලිම් පාලකයින් සිටි කල්හී ඉන්දියාවේ ගණිකාවෘත්තියේ ඉහත වතගොත මා සොයාගත්තේ සමන් වික්‍රමාරච්චිගේ සාපලත් ගැහැණිය යන කෘතියෙනි. එහි ඉන්දියාව, චීනය, ග්‍රීසිය, ආදී රටවල ගණිකාව සහ පීඩාවට පත් වූ කාන්තාව ගැන කරුණු කාරනා මේ පොතෙහි අන්තර්ගතය. ගණිකාව ගේ සමාජීය පරිණාමනය ඉතිහාසය තුලදී කෙසේ නම් විකසනය වී දැයි යන මහා කාරණාව ගැන සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ පොතෙහි අන්තර්ගතය.

පොටෝ ගත්තේ මෙතැනිනි. http://blog.uduak.org/2011/12/temples-of-love/


පොතේ නම :- සාපලත් ගැහැණිය
කතුවරයා :- සමන් වික්‍රමාරච්චි
ප්‍රකාශය :- විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
පිටු - 99
මිල :- රු 110/= (1999-ප්‍රථම මුද්‍රනය)
අංකය :- ISBN 955-652-019-8

Thursday, July 24, 2014

ජොකා සහ සංස්කාරකයා underwear vs editor

ඊයෙත්රෑ තිස්සෙ එඩිට් කරලා තව පොඩි කෑල්ලක් ඉතිරිවෙල තියෙනවා මැගසින් එකේ.මේ මැගසිම වාම පැත්තට හෝ ආන්ඩුවට විරුද්ද පැත්තට බර එකක්. එතකොට තියන ඒවා රැඩිකල් වෙන්න ඕනි. නැත්තං මැගසිම දිහා බල්ලෙක්වත් බලන් නැහැ. කෝමත්මේ මැගසිම ගන්නෙ බොහොම ටික දෙනයි. ඒක තියාගෙන ඉන්නෙත් යාන්තං කිහිප දෙනෙක් නිසා. හෙට වුනත් විප්ලවේ ඉල්ලන උන්ගේ සෙම බේරෙන කවි විතරක් මේකෙ දැම්මනං ලියන උන්වත් මේක කියවන් නැහැ. 

තව පොඩ්ඩක් ඉඩ ඉතිරිවෙලා තියෙනවා පේජ් එකක. ඒක එයා හිතාමතාම ඉතිරි කලා. දවස් දෙක තුනක් තිස්සෙ දැන් මේ බඩකඩුත්තුව එක්කම හැප්පිල ලේඛකයාට දැන් මහන්සියි. ඒත් මොනව කරන්නද ලේඛකයා සංස්කාරකයා ඔක්කොම එකා නෙව. ඒ ඉතිරි වෙච්චි ඉඩට දාන්න ඉන්නෙ පිංතූර කතාවක්. ලොකු බක්කක් නැහැ. පිංතුරයක් දැම්මා කතාවක් දැම්මා. කෝ ඒකට පිංතුර. හාඩ් එකේ ඇති. ඔක්කොටම කලිං ගිහින් මූන කට හෝදං එන්න ඕනි. එහෙම හිතපු සංස්කාරකයා එලියට බැස්සා කාමරෙන්.

වැලේ වනලා තිබුන සංස්කාරකයාගේ විශාල සිදුරක් තිබෙන ජොකා සංස්කාරකයාට අලුත් හැඟීමක් ඇතුලු කලා. ඒකෙ පරණ සයිස් රුපියලේ කාසියක් දාන්න පුලුවන් සයිස් සිදුරක් තියෙනවා. සංස්කාරකයාට දැන් අයිඩියාස් ගලනවා.. පස්සෙ පිංතූෙර ගහන්න පුලුවන් කියලා හිතාගෙන දැන් සංස්කාරකයා පිංතුරෙ හිතිං එඩිට් කරනවා.. 

පිංතුරෙ ගත්තා.දැම්මා බැක්ග්‍රවුන්ඩ් එකට තල් පිට්ටනියක්, කැඩිච්ච ගයෙක් තියෙන යුද්දෙන් පස්සෙ යාපනේ ලයින් එකේ පොටෝවක්. දැන් පොටෝව පේන්නෙ වේලිලා ගිය, යුද්දෙන් විනාසවෙච්චි තැනක වැලක වනල තියෙන වෙඩිවැදුන වගේ හිලක් තියෙන ජොකෙක්. හරි පිංතුරෙ පස්සෙ හදාගමු දැන් කවිය ලියල ඉමු. දැන් සංස්කාරකයා නොහොත් ලේඛකයා ලියනවා කවිය. 

කාගෙද මේක
මේ සිදුර කුමක් නිසාද 
මේ යට ඇඳුම
විරුවකුගේද
නැතිනම් සතුරකුෙග්ද?
ඔහු ඇඳන් සිටින විටම මේ යට ඇදුම
සිදුරු කරගෙන උන්ඩය ගියාවත්ද?
සිංහල දෙමල මුස්ලිම්
කාගෙද මේක?
රස පරීක්සකයෙක් රස බලා
බාගෙදා මේක තම්බිද නැද්ද කියාවි
උන්ට අග හිඟ එක තියෙන නිසා
කියන්න හැකි වේවි ලේසියෙන්ම
ජොකාගේ හිමිකාරයා

වියලුනු බිමේ වියලි වියලි තිබෙන
මේ යටෑඳුම වගේ නේද ජීවිත
යුද්ධය මැදින් කොහේ ඇවිද ගියත් 
නිස්කාරනේ වේලෙන තෙමෙන
සිදුරු වුන වැඩක් නැති ජීවිත

 උණ්ඩයකින් සිදුරු වෙන තෙක් 
යුද්දය අස්සෙ ඇවිදින සන්නාහ වලින්
වටවෙච්චි ජීවමාන ජොක්කු

සමාරවිට තන් හා රතී රඟා මර දූවරු 
රෑට හොල්මන් කරද්දි
රතිය පිටකරගන්නත් තුවක්කුවෙන් වෙඩි තියන්න වෙන
අපේ කාලෙ වීරකයෙකුගේ වීර යට ඇඳුම..
කවුද දන්නෙ අයිතිකාරයා 
හිල් වුනු මේ යැටෑඳුමෙ.. 

සංස්කාරකයා නැවත කවිය කියෙව්වා. ම්හු..ඔහුට හරිගියේ නැහැ ඔහුම ලියපු එක. මේක හරිම අමුවෙන් කියපු එකක් නේ. ලංකාවේ 71,89,83 ආදී අවුරුදු ඉඳලාම සමහරු සමරනවා. හැබැයි ඒවටගේ සැමරුම් වලට ගන්නෙ ටිකක් බරසාර සිංදු..කවුද ඒවට අැන්ටන් ජෝන්ගේ "ෙප්මවතී මනම්පේරි තරුණිය..කතරගමේ සිටපු රූපරැජිනිය" වගේ සිංදු ගන්නෙ? පේමවතී මැරුනෙ භීෂනෙන්. සිද්දිය අන්තිම නරකයි. ඇනටන් ජෝන් කියන විදියට ඒක හැමෝටම තේරෙනවා. හැබැයි ඇන්ටගේ සිංදුව විරු ගීතයක් නෙමෙයි. ඒක අහනකොට මයිල් පිකප් වෙන් නැහැ. නැත්තං තේරුං යනවා වැඩි ගතියක් තියෙනවා..සික් මං ජොකා යුද බිමක වනන්න හොද නැහැ.බලමු වෙන තැනකවත් ජොකා වනලා..සංස්කාරක ලේඛකයා නැවත සිතන්නට ගත්තා..

අහ් ආව මරු අයිඩියාවක්. ආයිත් ජොකාමයි. වෙඩි වැදුන ජොකාගේ පාට වෙනස් කලා. දැන් ඒක තැඹිලි පාටයි. බැක්ග්‍රවුන්ඩ් එකේ පන්සලක්. සිවුරකුත් වැලේ වනලා තියෙනවා. 

කාලයක් තිස්සෙ
සිවුර එක්ක රැඳෙන
මේ සස්පෙන්ඩරේ
තනිපට දෙපට සිවුර
පටිය 
අඳනය සහිත 
අටපිරිකරට නැහැ නෙව
ඒ නිසා කවුරුත් පිං ගන්න
සස්පෙන්ඩර දෙන්නෙත් නැහැ නෙව
හයියෝ දෙයියනේ
ඕකක් පිරිකරට දුන්නම 
මොන සැප ලැබෙනවද කියලා
බණ පදයක් තියා ජාතකයක් වත් 
නැහැ නෙව
ඒ නිසා උපාසකම්මලාට
දෙන දෙනදේ යවන්න තියෙන 
පූජාකරන ගාථාවලට
ජොකා පුදන ගාථාවකුත් නැහැ නෙව..
ඒ නිසා හැමදාම හෝදලා හෝදලා
දැන් රුපියලේ කාසියක් පනින්න තරම්
හිලක් තියෙන සස්පෙන්ඩරේ
අලුත් සිවුරු අස්සෙන් 
වේලෙන අපූරුව..
සාදු කියන්න පිංතුවතුනි..
සාදු කියන්න..

මේක නම් මරු..ඒත්මේව මැගසින් එකට සැර වැඩියි. අවසානෙ හොයන් ඇවිල්ල බල සේනාව මගේ අනාගත කූට්ටමත් දිවිය ලෝකෙ යවාවි. මේකත් නවල කුනු බාල්දියට විසික් කරන්න ඕනි. කෝකටත් විසි නොකර ඔන්නොහො තියමු. ජොකා නිමිති කරගෙන ලියපු දෙවැනි පිංතුර කතාවත් ඒ විදියට හමාර වුනා.. 

ඇත්තටම ඇයි මට අලුත් එකක් ගන්න බැරි වුනේ..මේ ජොකා ඇත්තටම පරණයි. මේක වනමු අපි මැද පන්තියේ ඉගෙනගනිමින් ජොබ් කරන තරුණයෙකුගේ ඇඳුන් වැලක..

වඩේ එකෙන් එපිටට මට යන්න බැරිවුනා
කඩේ ළඟ සුවඳ විඳගෙන එන්න සිදුවුනා
මඩේ පිපුන නෙළුමක් වගෙ වෙන්න මට වුනා
පිපී දිලෙන මුත් මුල මඩ වලින් වට වුනා.. 

කොළඹ ඇවිත් රක්ෂාවක් සොයාගත් කල
ලොවම දිනුව යැයි මව්පියො පිනා ගිය කල
තවත් ඉහල යන්නට එක්සෑම් තිබු කල
මගේ වියදමට මදි නොව පඩිය මේ කල

ගෙදර ගේන්නෙත් නැතිනම් සල්ලිය බාගේ
බොන විදියක් වත් නැහැනේ  මේ අට බාගේ
සල්ලි කොහේ යනවද මේ අපෙ මෝලාගේ
කියා සිතනවා මවුපියො මසුරු සිටාගේ..

මසුරු සිටා ගෙන තිස්දාහක් කොල සල්ලී
එයින් බාගයක් දෙනවා විබාග සල්ලී
කොට්ට පනින්නට සිතුවත් නෑ මේ මල්ලී
කොට්ට තියා රවුමක් වත් පැන්නේ එල්ලී..

බෝඩිමෙ ගෑනි හට මසකට  තුනකුත් හරිය
කන්න බොන නාන එකටාත් දැන් හරි වියදමය
 ඇඳමක් පැලඳුමක් ගත්තත් උඩ හරියටය

ගත්තෙ නැහැ ජොකා වැහෙන්න නොපෙනන හරිය..

කවදා හෝ සමත්වී ඌ විබාග පේලී
යනවා ලොකු පුටුවකට ගෙන සහතික කෑලී
අාන් එදා එනතෙක් කටු කන මේ මල්ලී...ගේ
හිල ඇති  සස්පෙන්ඩරෙ යයි උගෙ පොඩි මල්ලී..


බෝඩිමක් ඉස්සරහ වනල තියෙන වැලක ජොකා.වනලා තියෙන විදිය පෙන්වලා පිංතුරෙ දමලා මේ කවිය දැම්මත් හරි..ඒත් ඉතිං කිසි ගෝ එකක් නැහැ නේ.. සික් ඒ පදවල කැත. එලිවැට තියෙල තියෙන්නෙ කෙහෙල් වැට වගේ..කෙහෙල් වැටේ කැන් හතර පැත්තටම වැටුනම ඒක වැට වගේ පේන් නැහැ..  මොන බම්බුවක්ද..මේ මැගසින් ඉඩට දාන්න ඕනි අර සිංහල මුස්ලිං දෙමල මස් හරක් මස් පිංතුරෙ..

ඒක දාල ජාතික සමගිය ගැන බයිලයක් ඇද්දම හරි.. මේ ජොකා දැම්මහම වගේ කැතකුත් නැහැ එතකොට.. ලේඛකයා නොහොත් සංස්කාරකයා සිතන්නට වුනා. ඔහු ජොකා තැන් තැන්වල වනමින් පොටෝසොප් වලින් ජොකා සහ බැක්ග්‍රවුන්ඩ් වෙනස් කරමින් කරන ලද මානසික ව්‍යෘයාමය නතර කර නැවත මස් කුට්ටි තුන සහ ජාතික සමගිය  ගැන මොකක් හෝ කතාවක් ලියන්නට සැරසුනා..

Tuesday, July 22, 2014

එයා මම සහ මරු පාක්

එයා :- මේ පාක් හදල රෙස්ටුරන්ට් හදල ටවුන් එක ටිකක් හරි ලස්සන කරන එකේ මොකද්ද වැරැද්ද? මේව ආමි එකම පාලනය කරන එක හොදයි. නැතතං සාමාන්‍ය වැසියො කියලා ඔයා කියන චාරයක් නැති මිනිස්සු ඇවිල්ල මේවයි රෙනවා.. 

මම :-ඔව් ජනතාව රෙන එක වලක්වන්න ආන්ඩුව ගතපු දීර්ඝකාලීන වැඩපිලිවෙලක් තමයි ඔය ණයට පාක් සංකල්පය. මිනිස්සුන්ට කන්න බොන්න  තියෙන බඩු වලිනුත් බදු ගහල ණය වෙලා පාක් හදනවා. ඒ ලස්සන පාක්,පාරවල්,බිල්ඩින් තව හැදෙනවා. ඒ ණයට හැදිල්ල එක්කම සාමාන්‍ය මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. සරලවම ගත්තොත් උන් රෙන එකත් සැපේක්ෂව අඩුවෙනවා. අවසානයේ හමුදාව පාක්වල මුරට නැතිම වුනත් පාක් වල නෙමෙයි වැසිකිලියෙවත් රෙන්න බැරි තරමට මහජනයා පත්වෙනවා. ඕකට අපි කෙටියෙන් රෙ.පු.ගූ.නැ තත්වය කියලා කියනවා.

එයා :- ෂික්.. ඉතරක්..ඔයාගේ මහජනයා වගේ තමයි ඔයාගේ චාටර් කතාවත්.. ඔයා හැමදාම සාමාන්‍ය ජනයා එක්ක සටන් කරලා උන් එක්ක ඉන්න. එන්නෙපා මාව බලන්න.

මම :- මේ මිනිස්සුන්ගේ තෙල බහින්න දුවන්න තියෙන පාක් එකේ ඇයි ඔයා මට තෙල බෙදන්නෙ..? කිසි තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ.

Thursday, July 17, 2014

යන්න එහේ ගිහිල්ලා korean ausi jobs

මෙන්න මෙහේ ඉන්න බැරුව
යන්න එහේ ගිහිල්ලා
දුන්න සුද්ද බැටේ උන්ට
ආයෙ ඔන්න ඇවිල්ලා..
ඉන්න ටිකේ මැරිල මැරිල
ලබු රට ගැන සිතා උන්න
මෙන්න බොලේ එන්න එන්න
හැම බඩුවම මිල ගියා..

ආශ්චරිය පොල්බෑමූනෙක් හැමදා පේනවා
ටීවි එකේ ගුරු පටියක් දාගෙන තප්පුලනවා
ආං ඒක විතරක් හැමදාම අපිට පේනවා..
අපිට කන්න ආච්චරිය කොන්ක්රිට් තලි තියෙනවා.
මහා පාර තියෙනවා..තඩි වරාය තියෙනවා..එයා පොට් තියෙනවා..
සං වරු දනෙ තියෙනවා..
අපි  කාපු බීපු ඉඳපු විදිය
පන්න පන්න හොයන් නෑ
අපි ඉන්න හිටින වැටෙන දිහා
වෙන කාටත් ඕන නෑ
ඔන්න අපි ගිහින් අහුවෙල
උන් අපි හරෝල එවාලා..
බලාපල්ල සතුට මුන්ට
කැමර් අරං ඇවිල්ලා..

දවස් දෙකක් බඩට කන්න
නිවුස් එකක් හොයාගන්න
වලිකන මේ බබාලාන්ට
අපි මැරුනත් කමක් නෑ..
නිවුස් එකක් තියෙනවා.
දෙන්න දෙන්න අපිට දෙන්න
ඡන්ද කාලෙ ඇවිල්ලා

ඔක්කෝම අමතක කොරලා
යුද්දෙ දින්න මතක් කොරන්
පලල් කොරලා කොරලා ගිහින්
කතිර ගහල එන්න වරෙං..
රට ගැන යුතුකම ඉටුකර
රට පනින්න හිතට ගනිං..
කොරියන් යන්ටා..වීසා දෙන්ටා..ඔසී පනින්ටා...අපිට වරමාක් දෙන්ටා...
උංට ඉහලින් යන්ටා..අපි කතිරෙ ගහන්ටා..අපි කොරියන් යන්ටා..ගිහිල්ල මිටි උස්සන්ටා.