කැළණි ගඟේ ඉහළ කොටස් වලින් නිමවුනු බලාගාර කිහිපයකින් පහලින්ම තිබෙන බලාගාරය තමයි සමනල බලාගාරය. මේ පෙන්නුම් කරන්නෙ ඒක. මේක හදන්න ආධාර දීල තියෙන්නෙ කැනඩාව. මේ පද්ධතියේ බලාගාර හතරක් තිබෙනවා. මීටත් පහලින් තවත් බලාගාරයක් හදන්න මේ දිනවල ශක්‍යතා අධ්‍යයන කෙරීගෙන යනවා. ඒකනං චීන එකක් වේවි කියාල අපිට නිළධාරියෙක් කිව්වා.
උඩ තියෙනජලාශයක රැස්වුන අධික පීඩනයෙන් යුතු ජලය මේ වගේ පෙරිය සයිස් බට හරහා පහලබලාගාරයට එනවා. අපිට යන්න නියම වුනු පාරවල් වලට උඩින් මේ වගේ බලාගාර වලට ජලය ගෙනියන බට කිහිපයක්ම තිබුනා. මේවා සමහරක් කඳු හිල් කරලා හෙල් අස්සෙන් බොහොම ලස්සෙනට පහලට වැටෙන විදියට හදලා තියෙනවා.
නමක් දන්නෙ නැති ලොකු සයිස් රූස්ස ගහක්. මේ වගේ ගස් අතරින් පතර තියෙනවා තේ වතු අද්දර. මේ ගස්වලින් පාංශු ඛාදනය අඩු කරනවා. එකදාස් අටසිය ගනන් වලදි සුද්දා අපේ රටට ඇවිත් රැවුල බාන්නැහේ තිබුන කැලෑ ටික කපලා තේ,කෝපි හිටෙව්වා. ඒ නිසා ඒ පරිසරය නැතිවෙන්න ඇති.
තේ වතු, කඳු මීදුම මධ්‍ය කඳුකරයට අලුත් ආතල් එකක් නම් නෙමෙයි. ඒත් අපි වගේ පාතරට ඉදලා යන පොරවල් වලට මේවා මැජික්.
මේ විදියට දර ගෙනියන කස්ටිය ගෑනු පිරිමි බේධයක් නැතිව අපිට හමුවුනා. මේ කාලෙ දර එකතු කරගන්න කාලයක් වෙන්න ඇති. බාගෙදා මේ දර එකතු කරලා මේ අය වෙන කාලවල පාවිච්චි කරනෝ ඇති.
මේ මස්කෙළිය පැත්තෙ තියෙන මාඋස්සාකැලේද මන්දා ජලාශය. සිරිපාදෙ හැටන් පැත්තෙන් යනකොට අහුවෙනවා.
මේ තියන ඩෑම් රාජයා හදලා තියෙන්නෙ නවසිය හැට හැත්ත ගනන් වලදි. මේක හදන්නත් ආධාර දීල තියෙන්නෙ කැනඩා කාරයො. කැනඩා කාරයින් මේ තරං අපිට ආධාර දීල මේවා හැදුවෙ ඇයිදෝ කියලා අපිට හිතාගන්න බැරි වුනා. අපේ ගෙවල් වලට ලයිට් ලැබුනා කියලා හෝ අපේ රටේ කර්මාන්ත දියුනු වුනා කියලා කැනඩා කාරයාට ලැබුන ලාබයක් නැහැ නෙව.
මස්කෙලිය පැත්තෙ ඉඳලා ලක්ෂපාන දිය ඇල්ල තියෙන පැත්තට පල්ලම් බහින කොට මේන් මේ වගේ කණුවක් තියෙන හන්දියක් සෙට් වෙනවා. හප්පට සිරි මේ විදියෙ බිංදුවෙ කණුවක් මොකටද? මම හිතන්නෙ පැති තුනකට යන තුන්මන් හන්දියක පාරවල් මනින්න යොදාගන්නෙමේ සලකුණ තියෙන හංදියේ සිට වෙන්න ඇති.
මේ තියෙන්නෙ ඇබර්ඩීන් ඇල්ල. අපි එනගමන් මේ ඇල්ල ලඟටම ගිහින් බලලා ආවා. ඇබර්ඩීන් ඇල්ල එකපාර කැමරාවට අල්ලන්න බැරි තරම් ලගක ඉදලා තමයි ඇල්ල බලන්න වෙන්නෙ.
මේ අපි නවාතැන් ගත්ත තැන ඉඳලා ඈත බලනකොට කඳු වලල්ල ඈතට පෙනුන ආකාරය.
යාන්තං පොද වැස්ස වගේත් තිබුනා. ඒ වෙලාවෙ මලට පිණි වැටිල හරි ලස්සනයි නේ. මල පිණි වැටුනට බර වැඩිවෙන් නැහැකියලා රොෂාන් ප්‍රනාන්දු මහත්මයා කියාල තියෙනවා මට මතකයි.
මේ පැත්තෙ මිනිස්සු පුංචි ඉඩක පවාඑළවලු මල් ආදිය වගාකරන්න පෙළඹිලා තියෙනවා. මේ අපි නවාතැන් ගත්ත තැන වවල තිබුන ගස් ජාතියක්. සලාද කොළ වගේ වුනාට සලාදම නොවෙයිද මන්දා.
මේ ලක්ෂපාන දිය ඇල්ල ඈතට පේන විදිය. මෙතන ලඟට යන්න අපිට බැරිවුනා. ඈතින් ඉදන් ගත්ත නිසා පැහැදිලි මදි. වැල් වගේ තියෙන්නෙ ලයිට් වයර් නේ. ලක්ෂපාන බලාගාරෙ තිබුන ලයිට් දැකලා ඩී සී අට අහස් යන්තරේ නියමුවා ඒක එයාපෝට් එකක් කියලා හිතලා බාන්න සැරසුනා කියලා ජනකාන්ත කතාවක් තියෙනවා ඇත්තද දන් නැහැ.. මේ ඩී සී අට කියන්නෙ හැත්තෑ ගනන් වල මේ පැත්තෙදි සප්ත කන්‍යා කඳුවැටියෙ වැදිලා ලංකාවෙදි කඩාවැටුන නෙදර්ලන්ත යානයේ මොඩල් එක. නෝටන් පාලම ගාවට ගිහින් ඉතිරි වෙල තියෙන යානෙ ඩී සී අට කියන දැක්කම තමයි මට තේරුනේ ඒක ඩී සී අට කියෙලා. මෙතෙක් කල් මං ඇන්ටන් අයියගේ සිංදුව අහල තිබුන විදියට කිව්වෙ ඊ සී අට කියලා.
තව පොටෝ බලාන්ඩ කැමති අය මෙතනින් බලත හැකි.

මගදි හමුවුන බලු යාලුවෙක්. වයිල් ලයිෆ් ගන්න තරං අේප කැමර් ලොකු නැහැ. ඉතිං පාරෙදි හමුවෙන මේ වගේ වයිල් ලයිෆ්ලා පොටෝ වලට හිනාවෙලා ඉන්නවාත් එක්ක. එයාල ගන්න හරි ලේසියි පොටෝවලට.
මේ තියෙන්නෙ ඇබර්ඩීන් ඇල්ල. අපි එනගමන් මේ ඇල්ල ලඟටම ගිහින් බලලා ආවා. ඇබර්ඩීන් ඇල්ල එකපාර කැමරාවට අල්ලන්න බැරි තරම් ලගක ඉදලා තමයි ඇල්ල බලන්න වෙන්නෙ.
මේ අපි නවාතැන් ගත්ත තැන ඉඳලා ඈත බලනකොට කඳු වලල්ල ඈතට පෙනුන ආකාරය.
යාන්තං පොද වැස්ස වගේත් තිබුනා. ඒ වෙලාවෙ මලට පිණි වැටිල හරි ලස්සනයි නේ. මල පිණි වැටුනට බර වැඩිවෙන් නැහැකියලා රොෂාන් ප්‍රනාන්දු මහත්මයා කියාල තියෙනවා මට මතකයි.
මේ පැත්තෙ මිනිස්සු පුංචි ඉඩක පවාඑළවලු මල් ආදිය වගාකරන්න පෙළඹිලා තියෙනවා. මේ අපි නවාතැන් ගත්ත තැන වවල තිබුන ගස් ජාතියක්. සලාද කොළ වගේ වුනාට සලාදම නොවෙයිද මන්දා.
මේ ලක්ෂපාන දිය ඇල්ල ඈතට පේන විදිය. මෙතන ලඟට යන්න අපිට බැරිවුනා. ඈතින් ඉදන් ගත්ත නිසා පැහැදිලි මදි. වැල් වගේ තියෙන්නෙ ලයිට් වයර් නේ. ලක්ෂපාන බලාගාරෙ තිබුන ලයිට් දැකලා ඩී සී අට අහස් යන්තරේ නියමුවා ඒක එයාපෝට් එකක් කියලා හිතලා බාන්න සැරසුනා කියලා ජනකාන්ත කතාවක් තියෙනවා ඇත්තද දන් නැහැ.. මේ ඩී සී අට කියන්නෙ හැත්තෑ ගනන් වල මේ පැත්තෙදි සප්ත කන්‍යා කඳුවැටියෙ වැදිලා ලංකාවෙදි කඩාවැටුන නෙදර්ලන්ත යානයේ මොඩල් එක. නෝටන් පාලම ගාවට ගිහින් ඉතිරි වෙල තියෙන යානෙ ඩී සී අට කියන දැක්කම තමයි මට තේරුනේ ඒක ඩී සී අට කියෙලා. මෙතෙක් කල් මං ඇන්ටන් අයියගේ සිංදුව අහල තිබුන විදියට කිව්වෙ ඊ සී අට කියලා.
තව පොටෝ බලාන්ඩ කැමති අය මෙතනින් බලත හැකි.
පිංතූර කතාව ලස්සනයි. මේ කියන පැත්තටත් වැසි ළැබිලා නැද්ද? දර අරන් මිනිස්සු යන හින්දයි ඇහුවේ.
ReplyDeleteබව් මල්ලි නම් වයිල් ලයිෆ් නෙමෙයි හොඳට සැපට හැදුන කෙනෙක්. අරක සැලඩ් එකක් තමයි. ඉඳලා හිටලා ලංකාවේ විදියට ගොටුකොළ ලුණු මිරිස් වගේ හදලා කන්න මරු ඒක.
ෆොටෝස් දැක්කම ඊර්ෂ්‍යාව කිරිවෙහෙරටත් වඩා ලොකුයි කියලා නිවාඩු නොයා ගෙදරට හිර වෙලා ඉන්න මම ගැන සංතාපයෙන් හීල් වුනා.
මේ කොමන්ට් එක ලියන්නෙ අෆොටෝ බලලා ඇවිත්. මේ අමිලල හිටපු එක සර්කිට් බන්ග්ලෝ එකක්ද? නැත්නම් ගෙස්ට් හවුස් එකක්ද? මිළ ගණන් කොහොමද? ලස්සනට හා එෆෝඩබල් වගේ පාටක් පේනවා. පුළුවන් නම් විස්තර දෙනවද?
DeleteHitapu thena wisthara daapan macho lankaawata aawama yanna
Deleteඅපි හිටියෙ මස්කෙලිය විදුලිබල මන්ඩලේ ක්වාටස් එකේ.. ඒක බුක් කරගන්න විදුලිබල මණ්ඩලේ කෙනෙක් මාර්ගෙන් පුළුවනි. මේ පැත්තෙ යනවනම් මරේ ස්ටේට් බුක් කරගත්තතත් අවුලක් නැහැ.. හැබැයි මරේ ස්ටේට් එකේ ෆිෂිං හට් වලට යන පාර සවුත්තුයි..සිරිපා කාලෙ නම් මේ හරියෙ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ. මිනිස්සු.
Deleteකුනුහරුප නැද්ද?
Delete1984 - 85 කාලේ මේ පැත්තේ සේවය කළහැටි මතක් වුනා මේ ලිපිය බලලා. එදා මේවගේ නිදහසේ සංචාරය කරන්න කාටවත් අවස්ථාවක් තිබුණේ නැහැ. හරිම සතුටුයි මෙවැනි ලිපියක් දකින්න ලැබීම ගැන.
ReplyDeleteඅර 0 සැතපුම් කනුව සුද්දගේ කාලේ හිටවපු එකක්. එතනට කියන්නේ 'ඩබල් කටින්' කියලා. එතන ඉඳන් පාරවල් දෙකෙන්ම හැටන් වලට තියෙන්නේ එකම දුර.
ලක්ෂපාන දිය ඇල්ලෙන් නෙවෙයි ලක්ෂපාන බලාගාරය ක්‍රියාත්මක වෙන්නේ කියලා හුඟ දෙනෙක් දන්නේ නැහැ. සමනල විදුලිබලාගාරය තමයි ලක්ෂපාන දිය ඇල්ලේ ජලයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මම රියදුරු පුහුණුව ලැබුවේ මේ දුෂ්කර පාරවල් වලයි.
විදුලියබල පද්ධතිය ගැන අධ්‍යනය කරන්න ලොකු අවස්ථාවක් අපිට ිතබුනත් අපිට තිබුනෙ දවස් දෙකයි..ඒ නිසා ඒ වැඩේ සහ චාරිකා ෆන් එක යන දෙකම එකවර ගන්න එකේ පොඩි පැටලිල්ලක් වුනා..ඒ නිසා අපි විනෝදයට මුල් තැන දීල විදුලි බලාගාර දැක බලාගනිමින් ආවා..
Deleteලක්ෂපාන පැත්තෙ යන්න බැරි වුණා කාලෙකිං..
ReplyDeleteයන්න ඕන ඔය පැත්තේ වෙලාවක
ReplyDeleteබෙහෙමෙ වටිනා සේයාසටහන් සමග ගෙතුන කලාත්මක කතාවක් !
ReplyDelete