Monday, September 6, 2010

උබන්ටු ගේම්ස්

උබන්ටුත් එක්ක එන ගේම් කීපයක් ගැන තමා මේ තියෙන්නෙ ගොඩක් අය හිතන් ඉන්නෙ උබන්ටු එක්ක පුලුවන් කාඩ් ගේම් විතරයි කියල....අපේ මුනිදාස කුමාරතුංග කියල තියෙනව වාගෙ අලුත් අලුත් බඩු නොදන්න ජාතිය ලොව නොනගී...ඉති ඔය ගේම් වලට පුරුදු උන අය උබන්ටු සපෝට් නෑ ලිනක්ස් මල පනිනව කියල ඉන්නෙ නැතිව..පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න මේව ටෙස්ට් කරල ගහල නම් නෑ මම ඒත්...ඔයාලට නිකම් මෙව්ව තියනව කියල දැනගන්න මම දමනව....
මේක නිකම් රෝදය නැවත හෙව්ව වගේ ඇති ඒත් ඒ වගේ අයත් ඉන්න එපායැ....

Flight gear

මේකෙ තියෙන්නෙ එරොප් ප්ලේන් හසුරුවන විදිහ ගැනඉතින් මේකෙ විස්තර ඔයාලට ගන්න පුලුවන් පහත ලින්ක් එකෙන් flight gear

මම ලියන්න ගත්තෙ ගේම් ගැන ඒත් ආධුනික බුවාලට බුවීලට මේක ඉන්ස්ටෝල් කරගන්න එකත් මාර ගේමක් තමා ඒ නිසා මම මේ ගේම් තියෙන ලින්ක් එක කියන්නම් ඔයාල ටිකක් එබිල බලන්න හොඳේ....ubuntu games

0 AD
මේක නම් වෙඩි තියෙන සෙල්ලමක් වාගෙ ඔයාල ට්‍රය් එකක් දමල බලන්න උබන්ටු දාල ගේම් එක සෙට් කරගන්න...ඇත්තටම උබන්ටු වලට සෙට් කරන්න තියෙන ප්‍රෝග්‍රැම් බොහොමයක ධාරිතාවය අඩුයි...ඒකෙන් කියවෙන්නෙ නෑ ගේම් එක පොඩියි හෝ ඔප්ශන් මදි කියල....ලිනක්ස් වල තියෙන ගොඩක් මෘදුකාංග මම දන්න විදිහට ධාරිතාව අඩු එව්ව....
0AD game

Tramulous
වෙඩි තියන් එපා හදවතට මගේ කෑලි කැඩී යාවි ආදරේ ඔබේ කියල ප්‍රියා මහත්තය කීවට මොකද අපේ මල්ලිල නඟාල ගොඩක් ආස වෙඩි තියන්න...මේකත් ශූටි ගේම් එකක්....
tramulous

මේ ඉහල තියෙන ට්‍රැමියුලස් ලින්ක් එකේම ගොඩක් ගේම්ස් තියෙනව...ඔයාලට ගන්න පුලුවන් එව්ව...
.ඇත්තටම අපිට ලිනක්ස් වල වාත නොවී ගේම් දමාගන්න පුලුවනි ටර්මිනල් එක හරහා....
Application>>accessories>>terminal
යන්න ඕනි මුලින්ම එයිට පස්සෙ
sudo -s කියන කෝඩ් එක ගහන්න ඕනි...
apt-get update කියල ගහන්න ඕනි
දැන්apt-get install - (name of the game)
ගහල ගේම් වාගෙම වෙනත් මෘදුකාංගත් දමාගන්න පුලුවනි....

මම බෞද්ධ ආගමිකයෙක් නුදුන් දේ ගැනීම කියන්නෙ හොරකම....ඇමරිකාවෙ බිල් විසින් ගේට්ස් දමල රැකගෙන ඉන්න වින්ඩෝස් කොපියක් ගත්තත් ඒක හොරකමක්....අපි වාගෙ සම්පත් අඩු සල්ලිය බාගෙ අඩු අය හොර කොපි ඉන්ස්ටෝල් කරගන්න දඟලන්නෙ නැතිව ලිනක්ස් වලට පෙළඹෙනවනම් තමා හොඳ.....

යූසර් ඉන්ටර්ෆේස් එකක් උඩ ගහමරාගන්න එව්ව කාර් එලවන එව්වම කරන්නෙ නැතිව ටිකක් පෙට්ටියෙන් එලියෙ(out of the box)හිතන්න පුලුවනි නම් මාරම ගේම්ස් තොගයක් තියෙනව අපිට භාවිතා කරන්න පුලුවන්....

රුපියල් 200ට ගන්න පුලුවන් රබර් සෙරෙප්පු දෙක පටියෙ අරුගම්බෙ කියල ගහල තියෙන හින්ද, රුපියල් 650ක්ට අරන් දෙන්න කියල අම්මලට කෑගහන සර්ෆින් පරපුර පෙට්ටියෙන් එලියෙ හිතන්නෙ කවද්ද?????

4 comments:

  1. අනිවා සිරා කතාව. අපේ කට්ටියට ඉතින් ඕක තේරුම් කරන්න ඔළුවෙන් හිටගෙනත් බෑ.

    ReplyDelete
  2. අනිවා ! මමත් පාවිච්චි කරන්නෙ ලිනක්ස්. හැබැයි මම වගේ ක්‍රිකට් පිස්සෙකුට හරිය ගේම්ස් තාම ලිනක්ස් වල නැති එක තමයි දුක :(

    ReplyDelete
  3. දැනට අවුරුදු 2කට වැඩි කාලෙක ඉදලා ලිනක්ස් පාවිච්චි කළාට ගේම්ස් කියන 1 මගේ ලැයිස්තුවේ තිබුණෙම නෑ. හේතුව මොකක්ද කියන්න දන්නේ නෑ. කොහොම උනත් ඔයා මේ දුන්න ලිස්ට් 1ට බොහොම ස්තූතියි. දැන්ම ඉන්ට්ටෝල් කරගන්නම්. පස්සේ බැරියැ සෙල්ලම් කරන්න.

    ජයවේවා...

    ReplyDelete