බරක් හැඩයක් වර්ණය, වචන හැසිරවීම ආදී බාහිර ගුණ කෙරේ පමණක් විශ්වාසය තබා බර තබා ඇසුරු කලේ වී නම් ඈ මා සතු කරගන්නට බොහෝ වැඩි වාසි මා හට තිබුනි. එහෙත් මනෝමූලික වූ කිසිදා නොපවතින්නා වූ පතිවෘත්තාවක් ඇගෙන් සොයන්නට සොයාගන්නට මා වැරවෑයම් කල අතර එය වියයුතු පරිදිම නැති දෙයක් සෙවීමක් වූ සෙයින් මට සොයාගන්නට නොහැකි විය. ආදි මානවයාට ගෑනි යන යුනිට මිස එහි වූ ගතිගුණ කෙසේ වැදගත් වී දැයි මා කල්පනා කරමි.
ඔහු මුවන් පසුපස ගොස් දෙකකුලින් අල්ලා බිම ගසා ගෙනැවිත් දෙනවිට ඈද ඉතුරු ගැන් එකද ඒ පිරිසිදු කර උයා පිහා දෙන්නට ඇති. ඈ උගුල්ලා ගත් අල වෙත්නම් එයද එක්කර අනුභව කරන්නට ඇති. දරුවන් මල්ලන් ඇත්නම් උන්ටද කුනුහරුපයෙන් අමතා නලවන්නට ඇති. එහෙත් දැන් මෙන් කාන්තාවගේ පතිවත මේකය, ඇය රැක්ක යුත්තේ මේකය, හොද ගෑනු මේමය, නරක ගෑනු මේමය, වේසියෝ මෙහෙමය කියා මිමි ගොඩක් මනසේ කරපින්නාගෙන ඒවාගෙන් ගෑනු මැනීමක් එකල තිබෙන්නට නැතිවා විය හැකිය.
මුහුණේ වූ වටකුරු හැඩය, එහි වූ සියුම් සංඥාවන්, අද්දීපනය කරන්නාවූ බැල්ම සිනහව දෙපස වැටෙන කෙස්රොද මා අමතන සොදුරුමය නද ඇතුලු සියලු කලාවන්ගෙන් පරිපූර්ණ ඒ නාරි රුව මා අත නැත. ඇතැම්විට යෝනිය වෙන යෝනියන් පරිද්දෙන්ම සෝදා පැය කීපයක් ගිය තැන කුණු මාලු සුවද හමනවා විය හැකිය. නොපෙනෙන පුක සහ තන් අවට කලුපැහැ පැල්ලම් තියනවා විය හැකිය. බඩ දාර බේරී කැත විය හැකිය. එහෙත් ඉතුරු ඉන්ද්‍රියන්ගෙන් ඈ වෙතට ඇලෙන්නාවූ සිත ඒ සුලු දුගන්දයන්ට අසුබ දර්ශනයන්ට වලකාලිය නොහේ.
මනුෂ්‍යයා වශයෙන් කොතෙක් ඇදුන් ඇන්දද පිරිමි වූ නියාවෙන් අපිට බිජජක් ඇත. වනිතාවන් දුටු කල ඒවාට ආකර්ශනයක් ඇත. එහෙත් ඒ පහලවෙන හැගීම් සිස්ටාචාරයේ ඇති අනේකවිද රූල්ස් ඇන් රෙගුලේසන් සහ ලැජ්ජා බිය විසින් සගවාලනු ලබයි. එසේම එකී ආකර්ශනීය යුවතියන්ට දක්ෂ පිරිමින් විසින් ඇති තරගය විසින් අපව පසුපසට හෙලනු ලබයි. අහෝ අපේක්ෂිත පහස නොලැබී අඩුතරමේ ඉගියකින්වත් තොරව ආසාව අපි විසින් යටපත්කරගෙන ශිස්ටාචාරයේ ඇදුම් පැලදුම් සපත්තු මේස් කොම්පියුටර් චැට් ආදිය උඩ එයි. අපි යට යයි අපේ ඇග තුල සිටින සතා යට යයි. අපේ ආසාව සිරකරගනෙ සිටින සිත තවත් කලකිරීමට ලක් වෙයි.
මුල්ම ඇල්ම බැල්මේ සිට බාරියාව කරගැනීමට බොහෝ දුර නමුත් අප ආස්සරයට හොද ගෑනු සොයයි. හමුවන ගෑනු අපි පරිදිම වල් බව අපි ටික දවසකින් සොයාගනී. අපි සිත කලකිරවා ගනී. මේ කලකිරීමට ඉඩ නැති වීමට නම් බෞදියා මෙන් සිතට කෘතිමව වැට ගැසිය යුතු. නැතිනම් පුරාණ මානවයා මෙන් කැලේ නීතියට ඉඩ දිය යුතු. මා කෘතිමව සිය දහස්වරක් ගෑනු දුකයි..ජරාවයි කැතයි කුණු සහිතයි කියා මුමුණමින් ආගමානුකූලව න්‍යායිකව ඈ කුණුගොඩක් කිරීමට කිසිසේත්ම ආසා නැත. මා ආසා කරන්නේ ආදිකල්පික මානවයාගේ ගෑනු සබදතාවටයි. ඇතැම් විටක මා එකල සිටියා නම් අන්තප්පුරයට තේ වතුර අදින ආදී පහල නිලයක පහල තලයක සිටින්නට හැක. එහෙත් මෙකල මෙන් සමීකරණ අඩු එකල මටද චෑන්සමක් වැදීමට දැනට වඩා ඉහල හැකියාවක් පවතී.

No comments:
Post a Comment