Monday, May 17, 2010

අවසාන ලිපිය....

ආදරණීය යූ වෙත ලියමි...

මට මතකයි ඉස්සර ඔයා එස් එම් එස් වල යූ කියල අකුර විතරක් ටයිප් කරල එවාපුහම මම ඒක ඌ කියල වැරදියල කියවල ඔයාට බැන්න..ඒක පස්සෙමමත් පාවිච්චි කලා මොකද ඔයා කියනකොට අකුරු 3යි යූ කීවම 1 අකුරයි..මම හිතන්නෙ ඔයා ගොඩක් දුකෙන් ඇති..මොකද මම අද උදේ ඔයාට මැසේජ් එක ක් එව්වා අපි ආයෙ කතා නොකර ඉමු කියලා..
ඔයා මට රිප්ලයි කරලත් තිබුනා..කලින් ටිකම දමල,.ඒකෙ ඉතින් සාරා0ශය ඔයාට මම ගැන ලව් කියන වර්ගයෙ දෙයක් හිතෙන්නෙ නෑ කියන එක..ඉතින් ඔයා කියන දේ හරිනම් මට වඩා ඔයාට මාව අමතක කරන්න ලේසියි..මොකද ඔයා මට ලව් කරල නෑ..තිබුනෙ යාලුකමක් විතරයි..ඔයා කියල තිබුන ඔයා 1 පාරක් ආදරය කරන්න ගිහින් ගොඩාක් වේදනා වින්ද ඒ නිසා ආයෙ ආදරය ගැන කාලාන්තරයක් යනකල් හිතන්න බෑ කියල..ඒක ඇත්ත වෙන්න පුලුවනි....
ඒත් ඔයා හොඳටම දන්නව ඔයාගෙ තියන මොන හෝ ගුනයකට මම ඔයාට කැමති උනාම මගේ තිබුනු අනෙක් සියලු සබඳකම් හිරුදුටු පිනි වාගෙ නැති වෙලා ගියා කියල..ඔයා ඒ දවස්වල කිව්වෙ මට හැමතැනම කෙල්ලො ඒ නිසා ඔයාට බයයි මා එක්ක යාලු වෙන්න කියල..මම ගොඩක් කල් යාලුවො විදිහට කතා කරපු අක්කල පවා මම අතහැරිය ඔයා ඉස්සරහ මගෙ කාඩ් 1 හොඳා කියල පෙන්නන්න..ඔයාලගෙ අක්ක පවා මාව නරක් කෙනෙක් විදිහට දැකල තිබුනෙ ඒ කාලෙ..
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..ඔබෙ සුවඳ පමණි මිහිපිට ඇති 1ම සම්පත...ඔය සින්දුව මම ගොඩාක් ආස 1ක්..ඔතන තරු අත් අකුරු කීවට මටනම් මතක් වෙන්නෙ ඔයාගෙ ලස්සන ඇස්...මම ඔයා 1ස්ට් ටයිම් මීට් උනෙ ඔයාලගෙ ගෙදරදි..මම ආවෙ අක්කව මීට් වෙන්න ඒත් ගෙනාපු චොකොලට් එක දුන්නෙ ඔයාට..ඔයා පස්සෙ කාලෙක කිව්ව මම ඒ වෙලාවෙ දුන්නු නිල්පාට චොකො 1ට ඔයා ගොඩාක් ආසනිසා මම එක්ක කතා කරන්න කැමති උනා කියල....
ඊට පස්සෙ අර බෝනික්කෙකුත් අර0 ආපු ගමන..කොම්පීටරෙ හදන්න ආපු ගමන..ඇයි අපි ගාලු ගිය ගමන වාගෙ ගොඩක් ගමන් වල මට හොඳට මතක් දෙයක් තමා ඔයාගෙ තරු ඇස් 2..මාව දැක්ක ගමන් ඔයාගෙ ඇස් දිලිසෙන ලස්සන බලන්න මම හරි ආසයි..ඒක ඔයාගෙ ඇස් වල තියෙන සාමාන්‍ය දෙයක් වෙන්න ඇති..ඒත් මේ ගොන් අලිය ඒකත් හිතුවෙ ඔයා මට තිබුනු ලව නිසා ඇති උන දෙයක් කියල..හනේ මන්ද එහෙම හිතුවොත් මට වැරදුනු ගොඩාක් තැන් තියනව..

මම ඔයාව මීට් වෙන්න අඬ අඬ ඉන්න කොට ඔයා තමා ඔයාගෙ යාලුවෙකුත් එයාගෙ පිරිමි ලමය මීට් වෙන්න සෙට් වෙනව කියල මමත් කතාකරගෙන පලමු හා අවසාන අපේ තනිව හමුවීමට මුල පිරුවෙ..එදා අපි බස් 1ක ගිහින් විනාඩි 10ක් ගාල්ලෙ ඉඳල ආපු ගමන පුරාවට අපි සිරාවට ගොඩක් දේවල් කතා කලා ඒ මම කතාකරපු සමහර අනාගතේ සම්බන්ධ සමහර දේ වලට ඔයා අකමැති උන බව මම දැක්ක..ඒත් ඒ හැම දේම ඇදිල ආවෙ ඔයාට මම ගැන ගොඩාක් බයක් තියනව කිව්වට පස්සෙ නේද??/
අපි ගොඩාක් සතුටින් ගතකරාපු ඒ ගමන බස් එකේම උනත් අපිට හරිම විසාල හැඟීම් ගොනු කරගන්න උදව් උනා කිය්ල මට හිතුනේ..ඒත් එදාම රෑ ඔයා කතාකරල කීවම චතූ අපි මේක කලින් විදිහට යාලුකමක් විතරක් තියාගමු කියල...මට මීටර් උනා ඔයා දවල් තියල තියෙන්නෙ පරීක්ෂණයක් බවත් ඒ පරීක්ෂාවෙන් මා අසමත් වී ඇති බව්ත්..මම ගොඩාක් දුක් වින්ද ඒ සිදුවීම නිසා..මම වෙනදට අවුරුද්ද්ට රට වටේ ගියත් මේ පාර 16 ම කොළඹ ඇවිත් පෙරෝගෙන නිදාගන්න 12 වෙනිද උන අපේ හමුවීම ඉවහල් උනා...
අපේ තියෙන යාලුක තියාගමු කියන ඔයා මට වෙන කෙල්ලෙ කතා කරනවට හිනාවෙනවටවත් කැමති නෑ..අපේ සයිට් 1කට ආපු ලේඩි ට්‍රේනර් කෙනෙක් ගැන මම කීවම ඔයා ස්ටක් උන හැටි මට තාම මතකයි...ඔයා කියන විදිහට ඔයාට කලින් කෙනා අමතක කරන 1 හරිම ප්‍රස්නයක් වෙන්න පුලු වනි..ඒත් ඔයාම දවසක් කිව්ව මම නිසා එයා නැති උන දුක දැනුනෙ නෑ කියල..ඔයා කියන විදිහට ඔයාට කාලයත් එක්ක ඔයාගෙ කලින් බෝයි 1ට තිබුන ආදරේ අඩු උනා
ඉන්පස්සෙ ඔයා තීරනය කලා ඔයාගෙ ආදර කතාව නවත්තල දමන්න..ඉන් පස්සෙ ගොඩාක් කල් ඒ පිරිමි ලමය යාලුවෙක් විදිහට ආශ්‍රය කලා..ඒත් අවසාන වරට එයා ගැන කියාපු වෙලාවෙ ඔයා කීවෙ ඔයාට එයා ඊට ප්ස්සෙ කීප වතාවක් ආදරේ ඉල්ලල කරදර කලා කියල..ඉතින් දැනට මම ඔයාගෙ යාලුවෙක් වෙලා හිටිය කියල මගේ හිතේ තියන ආදරය කියන දේ වැඩි වෙනව මිස අඩු වෙන්නෙ නෑ..ඔයාට තියෙන දැනීම අනුව ඔයාට පුලුවන් වෙයි මේක යාලුකමක් විදිහට තියාගන්න..
ඒත් ඔයා හොඳින්ම දන්නව මම කී වතාවක් මහ පල් හිඟන්නෙක් වාගෙ ඔයාගෙ පස්සෙන් ආදරේ ඉල්ලල ආවද කියල..කොච්චර යාලු ලේබලෙ ගැහුවත් ටික දවසක් යනකොට මගෙ ආදරෙ කියන සතා මහ කැත විදිහට එලියට පැනල ඔයාගෙ ලස්සන හිතත් එක්ක බෝම නරක විදිහට සෙල්ලම් කරනව..මම ඔයාට ආදරේ දැනෙන්නෙ නෑ කීවහම කී වතා වක් බැනල තියනවද??මට ඔය සෙල්ලම ඇතිවෙලා ඔයා කොයි තරම් කීවත් මාව ඔයාට ඇතිවෙලා නෑ කියල..මම කැමති නෑ මාව තව කෙනෙකුට ඇනයක් වෙනවට....
සමහර විට මෙහෙම කාලයක් අපි යාලුවො විදිහට ඉන්න කොට ඔයාට මට බෑ කියන්න බැරි තත් වෙට පත්වෙයි..ඊට පස්සෙ අර තමන්ටත් නෝන්ඩි දමයි කියල බයෙ බස් එකෙ විරිදු කාරයට සල්ලි දෙන ගෑනු වාගෙ ඔයත් මට කැමති වෙයි..අර සින්දුවක පදයක් තියෙන්නෙ..හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට් කියල අන්න ඒ වාගේ...මට ඒතරම් පහත් තත්වෙට වැටෙන්න බෑ.. හරකෙක් උනත් ගෙදර ඉස්සරහ හැමදාම බැඳල තියනකොට ඌට ආදරයක් ඇති වෙනව..ඒ වාගෙ කාලයක් මම ටෙලිෆෝන් එකෙන් දිනපතා උම්බෑ කිවුවත් කාලයක් යනකොට ඒ උම්බෑ 1 අහන්න නැතුව ඉන්න බැරි වෙනව..මම ඒ ෆෝමැට් 1න් ලව් කරන්න ආසනෑ...
අපිට තිබුන මොකක් හරි හේතුවකට අපි අපේ ගොඩාක් පෞද්ගලික දේවල් පවා එකිනෙකා අතර හුවමාරු කරගත්ත..මට මතකයි 1 දවසක් උදේ ඔයා ඉන්න බෑ බඩේ අමාරුව කියල මැසේජ් 1ක් එවල මටත් හවස බඩ රිදෙන්න ආවහම මම බැනල මැසේජ් 1ක් දැම්ම ඔයා එස් එම් එස් වලින් බඩේ අමාරුව බෝ කලා කියල..ඔයා මට ආයෙ හොඳවයින් 2ක් කියල තව අත් බේත් ලොට් 1ක් ලියල එවල තිබුන..
මම කනෙක්ෂන් 1 නවත්වන්න තීරනය කලාට පස්සෙ ඔයා එවපු මැසෙජ් 2-3 කට උත්තර දීලම මම ලිපිය අවසාන කරන්නම්...මම ලියපු එස් එම් එස් 1ක තිබුනාපි දෙන්න ඉන්නෙ ලෝක 2ක කියල..ඒ කීවෙ මම හිතනකොට අපි කවදාහරි +වෙයි කියල ඔයා හිතන්නෙම අපි යාලුවො විතරක් වෙයි කියල..ඉතින් ඔයා කියල තිබුන ලෝක 2ක අපි ඉන්නවනම් සමනල පාලමක් ගහල වැටක් දමල බර වාහන තහනම් බෝඩ් 1ක් ගහල අපි ඒකෙ ඉමු කියල..ඒත් මම මවාගෙන ඉන්න සිහිනලෝකෙ කැරකෙන වේගෙට ඔයාගෙ කල්පිත පාලම කැඩිල යයි බෝම වේගෙන්...
හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන් නෑ කියා කියන ඒ සින්දුව ඔයා මැසේජ් කරල තිබුන බෝම යසට...ඒත් ඒ වේදනාව ඔයාට දැනෙන්නෙ නැති නිසා ඔයාගෙ ඇස් වලට කඳුලු එන්නෙ නැතිව ඇති..ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් නොඅඬන ටයිප් එකේ මම ඔයා නිසා ඇඬුව කියල කිසි විලි ලැජ්ජවක් නැතිව කියන්න කැමතියි...මොකද ආයෙ එහෙම අඬන 1ක් නෑ කියල මට ෂුවර් 1ක් තියෙන නිසා...
මම අවසාන වශයෙන් යමක් කියන්න කැමතියි..මගේ යාලුවො මේ සිදුවීම දකින ආකාරය ගැන..මට ඔයා කවදාවත් කැමති නෑ කියලත් නෑ..මාව වදයක් කියලත් නෑ කියන 1ම දේ ඔයා කියන විදිහෙ දෙයක් මට කරන්න බෑ...කාලයක් ගෙදරින් ප්‍රස්න කියනව..තව කාලයක් ඔයාට ස්ථාවර වෙන්න ඕනි කියනව..තව දවසක් අවුරුදු 22 ඔයා තාම පොඩ්ඩියි කියනව..තව දවසක් කලින් කෙනා අතහරින්න තව කල් ඉල්ලනව..මෙහෙම තියේන හේතු බලල මගෙ සැට් එකේ එවුන් කියන්නෙ ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඇති කියල..ඉතින් මටත් ඕක නොහිතුනාම නෙමෙ..ඒත් එහෙම හිතන්න මම කැමති උනේ නෑ..එහෙම එකක් තියනවනම් ඒක ඔයා පතන විදිහටම සාර්තක වෙන්න කියල මම මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
මාස 6ක කාලය ඉතාම සතුටි හිටියා අපි අමු වෙලා ලයිව් කතාකල කාලය පැය 5-6කට සීමා උනත් අපි හැමදාම ටෙලිෆෝන් හරහා + උනා...මේක නවත්වන වේදනාව,, මිතුරුකමක් විතරක් ගෙනියපු ඔයාට වඩා ඒක අස්සට ලව් දමන්න ගිහින් චාටර් උන මට ගොඩාක් වැඩියි...ඔයාගෙ වචනෙකින්ම ලිපිය නවත්වන්නම්...ඔයා එක්ක කතා කරල මෙහෙම දෙයක් වෙනව කියල දන්නවනම් කවමදාවත් මේ වාගෙ කතාවක් පටන්ගන්න තියා හිතන්නෙවත් නෑ.....ඔබට ඔබේ සියලු විස්වාස පලදරන හෙටක්...

මම හැමදාම ඔයාගෙ...මෝඩ ගොන් තකතීරු ....චතූ

17 comments:

  1. "මට ඒතරම් පහත් තත්වෙට වැටෙන්න බෑ..."

    this is the way you should behave buddy. if she truly loves you, she won't treat you like this. never beg for love friend, just let it come to you.
    btw, how dare you used the title "අවසාන ලිපිය..."

    ReplyDelete
  2. මල්ලී,

    උඹ හරි මල්ලී, ඔය යාලු කතාව නම් ජීවිතේට තියා ගන්න එපා. ඔය කෙල්ලත් එක්ක යාළුවෙක් විදිහට ඉන්න බැහැ. ඔය හදන්නේ, ඒකිට හොඳ කොල්ලෙක් යාළු වෙනකම් උඹගෙන් ආදරය අරගෙන, පස්සේ අත හැරලා දාන්න. ඊට කලින් ඔයා ඉස්සර වුන එක හරි. මෙලෝ රහක් නැති මේ ලෝකෙ නැති වැඩක් කරපන් ඔය කේස් එක අමතක වෙනකන්

    ReplyDelete
  3. සහෝ.. යුනිකේතෙන් බිංදුව ලියන්නෙ q අකුරෙන්...

    ReplyDelete
  4. මගේ ලිපියට කොමෙන්ටු + කල ඔබට බෝමැ පින් Cඩී ,පියසිරි සහ ලක්ෂාන් වෙත...

    ReplyDelete
  5. "තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත"මම ආසම සිංදුවක්.

    ReplyDelete
  6. මැණික්(සුළඟ)May 18, 2010 at 2:36 PM

    මොනව වුනත් ඔයා මෝඩ ගොන් තකතිරු නම් නෙවෙයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  7. ඉදපන්.... මේක ආයෙම කියවන්න ඕනි... මේ කතා කරන්නේ උබද... මමද කියල තෙරෙන්නේ නැහ... හැම දෙයක් ම නැතත් හුඟක් දේවල් සමානයි මචන්..

    ReplyDelete
  8. කොල්ලො... උබ කරපු වැඩේ හුඟාක් හොදයි. උබට කවදාවත් ඔය කෙල්ල දිහා යාලුව්කෙ විදියට බලන්න බැහ මචන්. උබ ඒකිත් එක්ක ඉන්න එකෙන් වෙන්නෙ හැමදාමත් හිතින් මැරි මැරි ජීවත් වෙන එක.

    අන්තිමට උබට වෙන කෙල්ලෙක් ගැන හිතන්න වෙන්නෙත් නැහ. ඒකි නියම වයසට ආවම ලස්සනට කාව හරි බදීවි. උබට දුක විතරයි.

    ඒකි ටික දවසක් දුක් වෙයි මචන්... ඒත් හැමදාම පැසව පෑසව පැසව තියා ගන්නවට වඩා සුද්ද කරල බෙහෙත් දැම්මම රිදුනත් තුවාලෙ කාලයක් යද්දි හොද වෙනවා.



    සමහර විට උබ ඔහොම ඉද්දි ඒකිට ම තේරිලා උබෙන් ආදරේ ඉල්ලාවී. එහෙම උනොත්..... මම දන්නෙ නේ.. ඒත් උනොත්... අන්න එදාට හුඟක් හිතලා තීරනයක් ගනින්.

    උබට ජය කොල්ලො.

    අර කිව්ව සින්දුව එවන්න බැරිද...

    ReplyDelete
  9. 2 මැණික්-සාමාන්‍යයෙන් මට දෙයක් ඉක්මනට මීටර් වෙන ගතියක් තියනව..(නැතිඋනත් තියනව කියල මම හිතනව.) ඒත් මේ සිද්දියෙදි මට මේ වෙනතෙක් මාර සමීකරණ ජාලෙක පැටලිලා..මට වැරදුනු තැන් ටිකවත් ගණනය කරගන්න බැරිවෙලා....

    ReplyDelete
  10. 2 පිස්සා ගේ මල්ල..මටනම් තව ගැහැනු ගැන ඒ තරම් බලාපොරොත්තුවකට මේක නැවැත්තුව නෙමෙ..මම කැමතිනෑ බොසා පරදින්න..ඔහොම ෆ්‍රෙන්ඩ්ෂිප් හිටියම පිලේ පාක් කරපු බල්ල වගේ... යන්න කීවහම යන්න එපෑය...
    වික්ටර් මහත්තයගෙ සින්දුවක්..ඒක..මට කරන්න බෑ බ0 ඔව්ව... අනික වික්ටර් කියන්නෙ හරි අමුතු මිනිහෙක් නෙ..එයා කැමති නැතිවෙයි එයාගෙ සින්දු ෂෙයාර් වෙනවට...

    ReplyDelete
  11. හොඳ වැඩේ උඹ වගේ එකෙක්ට ඔහොම වෙලා මදි.

    ReplyDelete
  12. 2 Anonymous ස්තූතියි ඔයාගෙ අදහසට....

    ReplyDelete
  13. ගනන් ගන්න එපා මචං.නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕවත් දේවල්ද???

    ගහන්න ගහන්න වඳීන මිනිහත් මෝඩයා-වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා කියල කතාවක් තියෙනවලු නේ...
    උඹ ගත්ත තීරණය හරි වෙන්න පුලුවන්. මොනා උනත් උඹට ජය

    ReplyDelete
  14. 2 කොඩී: නැට්ට සහිතව අලි මරණයට පත්වීම කියන්නෙ...මාර බරපතල කේස් එකක් තමා....ඒක එක්ක බලනකොට මේක ඉතා සුලු දෙයක්...

    ReplyDelete
  15. මචන් කෙල්ල ඔයාට ලව් පාටයි. ඒත් ඒ ලව් එක එලියට දාන්නෙ නැති හේතුවක් තියෙනවා. ඒ හේතුව වෙන කොල්ලෙක් නිසා නම් ( අර අමතක කරන්න බෑ කියන එකා නෙමෙයි. ඔයා වගෙ එයාගෙ හිතට රිංගන්න හදන වෙන එකෙක් ) උඹ ගත්ත තිරණය හරි. ඒත් ඒක 100% හරි කියන්න බෑ. එයා ඒ අර ඉන්නවයි කියල හිතන කෙනාගෙ හිත රිද්දන්න බැරි නිසා මට උඹල දෙන්නම එපා කියල ඉන්නවද දන්නෙ නෑ.
    එහෙමත් නැත්නම් කෙල්ලට වෙන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ නෙ. උඹ හැන්ඩියා නෙමෙයි එහෙමත් නැත්නම් උඹ දුප්පතා කියල එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ඒකිට හිතෙනවද දන්නෙ නෑ නෙ. ලව් කරද්දි අපි කෙල්ල ගැන විතරක් බැලුවට කෙල්ලො එහෙම නෙමෙයි.

    ReplyDelete
  16. http://www.youtube.com/watch?v=NHvt6tkvuHY

    ReplyDelete