Monday, May 17, 2010

Today

අද වාගෙ දවස් ගිය අවුරුද්දෙත් තිබ්බ මතකයි.....එදා මෙහෙට නැති උනත් උතුර දිහාට හොඳට වැහැල තිබුණ...ඇයි අපේ ප්‍රභාකරන් මැරිල තිබුන....ප්‍රභා කියන් මනුස්සය හිත අවසාන මොහොතෙදිවත් වෙනස් කරගන්න එයාට පුලුවන් උනා නම් එයාලට ජීවත් වෙන්න තිබුන අදත් හොඳට....හරියට කරුණා අම්මාන් ,පිල්ලෙයාන්,දයා මාස්ටර්,ජෝජ් මාස්ටර්,කේ පී වාගෙ...සමහරු ඒ දවස්වල තමන්ගේ මියගිය සෙබලු බෝම්බ ගැන හිතල තාම වෛර බැඳගෙන ඉන්නවා...එහෙම අය තමන්ට සි0හල බෞද්ධ කියල නමකුත් දමාගෙන..ඉන්නවා...ඒත් මිනිස්සු 999ක් මරල තමාව මරන්න පස්සෙන් ආව අ0ගුලිමාලට කරුණාව දැක්කුව අපේ ශාන්තිනායක බුදුරජානන් වහන්සේගෙ ධර්මයෙ කොතනද යුද්ධය හෝ වෛරය සාධාරනීකරනය කරල තියෙන්නෙ කියල් මම අහන්න කැමතියි ඔය සි0හල බෞද්ධයන්ගෙන් .....දෙමල මිනිස්සු බහුතරය ස්වභාවයෙන්ම සි0හල අයට වඩා කාර්යශූර බුද්ධිමත් අය...ඒ අයට අපේ රටෙ නියම ස්ථානයක් නොදීම මම හිතන්නෙ මිනීමරු ත්‍රස්ථවාදයට අවැසි වටපිටාව නිර්මාණය කලා...එක්තරා කාලයක ල0කාවෙ,නීතීඥ,වෛද්‍ය,ඉ0ජිනේරු වාගෙම සිවිල් සේවාවෙ ගොඩක් ඉහල හිටියෙ දෙමල මිනිස්සු..ඒකට 1 හේතුවක් තමා ඉ0ග්‍රීසින් සිය අධ්‍යාපන වරප්‍රසාද වැඩිපුර දෙමල ප්‍රදේශ වලට ලබාදීම...

2 comments:

  1. ඔයාගේ කතාව හරියටම හරි

    ReplyDelete
  2. ඕක ඉතින් අපේ කට්ටිය තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ. ඔන්න දැන් කට්ටිය මෙතන ඇවිත් කියයි ඔහේට අධිරාජ්‍යවාදීන්ගේ *ක ලෙවකන කුමන්ත්‍රණ කරුවෙක් කියලා. අපේ කට්ටිය දන්නේ ඔච්චරම තමා

    ReplyDelete