මු.ලි :- එකම විද්‍යාත්මක අදහස එකම කාල වකවානුවේ මිනිසුන් දෙදෙනකු තුලම ඇතිවූ දුර්ලභ අවස්ථාවකි මේ වොලස් සහ ඩාවින්ගේ පරිනාමවාද කතාන්දරය. වයසින් සහ සමාජ තත්වය අතින් ඩාවින් මුහුකුරා ගොස් සිටි බැවින් පරිණාමවාදයේ පියා ලෙස බොහෝදෙනා චාල්ස් ඩාවින්ව හඳුන්වා දෙති. නමුත් මේ කොටසින් රසල් වොලස් ද ඩාවින් තරම්ම දක්ෂයෙකු වූ බව අපිට රසල් වොලස් ගැන විස්තර දැනගැනීමෙන් සිතාගත හැක.
ඩාවින්ගේ පරිණාමවාදයේ මූලික සැලැස්ම 1838 දී ඔහුගේ සිතට පිවිසුනත් එකී මතය මහජනයා අතට පත්වීමට තවත් අවුරුදු 20ක් ගතවිය. මෙම අවස්ථාවේදී වුවද ඔහුගේ අදහස් ප්‍රකාශයට පත්කරන ලද්දේ එය නොකරම බැරි අවස්ථාවක් එළඹුනු හෙයිනි. එම කාර්යය මෙතරම් දුරට ප්‍රමාද වීමට හේතු රැසක් ඇත. එම කාලය තුලම ඔහු වෙනත් ජෛව විද්‍යාත්මක නිරීක්ෂණ කීපයකද නිරතව සිටියේය. එපමණක් නොව දිගටම වාගේ ඔහු අසනීප විය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ සති ගණන් ඔහුට වැඩ කිරීමට නොලැබී යෑමය. එහෙත් ප්‍රධානතම හේතුන් වූයේ මේවාය. මුළු මහත් ජෛව විද්‍යාත්මක සිද්ධාන්තය සමඟ ඔහුගේ මෙකී මතය ගැලපෙන්නක් විය යුතු අතර, මේ සඳහා දීර්ඝකාලීන වශයෙන් පර්යේෂණද කළයුතුව තිබිණි. එහෙමන්ම තම මතය නිසා බොහෝ දෙනෙකු කිපෙන බවද ඔහු මැනවින් දැනසිටි හෙයින්ද ඔහු තුළ නිසැකවම පැකිළීමක් විය. අවසානයේ, මේ අතර තවත් පුද්ගලයෙකු ඔහුගේ මතයට සමාන මතයක් බිහිකර ඇතිබවත් සැබැවින්ම මෙකී පුද්ගලයාගේ ග්‍රන්ථය මුද්‍රණයට පවා සූදානම් බවත් සැලවූ විටය, තැතිගත් ඩාවින් තම මතය එළිදරව් කලේය. එකී පුද්ගලයා ඇල්ප්‍රඩ් රසල් වොලස් විය.
ඒ ආර් වොලස්ගේ (1823-1913) නම විශ්ව කෝෂ වලත්, විද්‍යා ඉතිහාස ග්‍රන්ථ වලත් සාමාන්‍යෙයන් සඳහන් වන්නේ හුදෙක් ස්වාභාවික වරණය සොයාගත් සමකාලීනයා හැටියට පමණි. සැබැවින්ම ඔහු සංකීර්ණ වූ සිත් ඇදගන්නා සුළු චරිතයක් ඇත්තා වූත් පුද්ගලයෙකු විය. මොහු ඩාවින්ට වඩා හැම අතින්ම පැතිරුණු දැනුමක් ඇත්තා වූත් එමෙන්ම සිතුවිලි අතින් අදීන වූත් අයෙක් විය. ඔහුගේ ජීවිතයේ මුල් අවදිය බෙහෙවින් වෙනස් එකක් විය. දිළිඳු හා අසාර්ථක ජීවිතයක් ගතකල ගතකල පියෙකුගේ දරුවන් හයදෙනා අතුරින්එක් අයෙකු වූ මොහුට සරසවියට ඇතුළු වීමට තරම් සුදුසු ආදායම් තත්වයක් නොතිබුනා පමණක් නොව, ක්‍රමානුකූලව විද්‍යාවන් හැදෑරීමේ මඟක්ද නොවීය.
ඩාව්න් ගැන වූ කාටුනයක් |
1837 වනවිට 14 හැවිරිදි වියේ පසු වූ මොහු ලන්ඩනයට ගියේය. එහි ස්වල්ප කාලයක් ගොඩනැගිලි තැනීම පුහුණු විය. ඒ කෙසේ වුවත්, ඔහු මෙසේ ලන්ඩනයේ ගතකලේ ස්වල්ප කාලයක් පමණක් වූ අතර, එම අවුරුද්දේම වෘත්තියෙන් මිනින්දෝරුවෙකු වූ ඔහුගේ සහෝදර විලියම් සමඟ එක් වූයේ එම වෘත්තිය පුහුණුවීමේ චේතනාව ඇතිවය. ඔහු මෙසේ වර්ෂ දහයක්ම මිනින්දෝරු වැඩ කලේය. (මෙම කාලපරිච්චේදය කැඩුනේ ටික කලක් පාසැල් ගුරුවරයෙකු ලෙස සේවය කල හෙයිනි.) එම කාලය තුළ පිටිසර පිළිබඳව හොඳ හැඟීමක් ඇතිවූ අතර භූ විද්‍යාව, ස්වාභාවික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ හැම අංශයකම පැතිරුණු දැනුමක් ඔහු ලබාගත්තේය. ඔහු විද්‍යාෙවන් ලැබූ මෙකී අවිධිමත් එසේවුවත් ප්‍රායෝගික අතින් බෙහෙවින් වටිනා පුහුණුව පරිපූර්ණ එකක් වූයේ, ගවේෂණ පොත් (ඔහු කියවූ පොත් අතර බීගල් සවාරියද විය) උද්භිද විද්‍යාව සහ සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව සහ මැතලස්ගේ ග්‍රන්ථයද කියැවීමෙනි.
වර්ෂ හා දින කිහිපයක් සිහියේ තබාගැනීම මෙම අවස්ථාවේ අපට ප්‍රෙයා්ජනවත් විනු ඇත. 1836 වනවිට ඩාවින් පරිණාමවාදියෙකු බවට පත්විය. 1838 වනවිට ස්වාභාවික වරණය පිළිබඳ සංකල්පය ඔහු සිත තුල ජනිත විය.වොලස් ඩාවින්ගේ බීගල් සවාරිය කියවූයේ 1839දීය. මේ වනවිටත් ඔහුගේ වයස අවුරුදු දහසයක් වූ අතර මේ වනවිට ඩාවින් තම පරිණාමවාදය ගැන තර්ක කිරීම අරඹා අවුරුද්දක් ඉක්ම පමණ ඉකුත් වී තිබිණ. වොලස් 1840 ගණන්වල මුල් භාගයේදී මැලතස්ගේ ග්‍රන්ථය කියවන විලද බව පෙනෙන්නට තිබේ. එහෙත් එවකට එම ග්‍රන්ථය ප්‍රචලිතව නොතිබිණි. ඒ කෙසේවෙතත්, සාමාන්‍ය කියවීම හා ඔහුගේම නිරීක්ෂණ වල ප්‍රථිපලයක් වශයෙන් (“මගේ ජීවිතය“ නැමැති ඔහුගේ සිත්ගන්නාසුලු ආත්ම චරිතයේ දක්වන අයුරු) ඔහුට 1847 වනවිට පරිණාමයේ සත්‍යතාවය ඒත්තු ගියේය. සැබැවින්ම කියතොත්, මෙම වකවානුව වනවිට ස්වාභාවික විද්‍යාව ඔහුගේ එකම කාර්යය වූ අතර, ටික දිනකින් ම ඔහුගේ රක්ෂාව බවට පත්විය. එම වර්ෂයේදීම ඔහු තොරතුරු එක්රැස් කිරීමේ ගවේෂණයක් සඳහා දකුණු ඇමරිකාවට යාමෙනුත්, පසුව (1854-1862) මලයාවේ සහ නැගෙනහිර ඉන්දීය කොදෙව්හිද අනුරූප කාර්යයක නිරතවීමෙනුත් මේබව පැහැදිලි වෙයි.
ඇමසන් නිම්නය හා අග්නිදිග ආසියාවේ කැලෑවලද ගතකල මෙම අවුරුදු ගණනාව මුළුල්ලේම විශේෂයන් සහ ඔවුන් තුල සිදුවිය හැකි පරිවර්ථනය පිළිබඳ ගැටලුව ද ඔහුගේ සිත තුල හොල්මන් කලේය. 1855 දී ඔහු මෙම විෂය අලලා කෙටි ලිපියක් ලිවීය. මෙම ලිපියෙන් ඔහු තර්ක කළේ. විශේෂයෙන් (එවක පිළිගත් මතය අනුව) ක්ෂණිකව නොව සෙමෙන් සෙමෙන් බිහිවන්නට ඇති බවයි. එහෙත් මෙහිලා මෙම ක්‍රියාවලියට තුඩුදුන් පරිණාමවාදී යාන්ත්‍රණය කුමක්දැයි ඔහු විස්තර නොකළේය. කලින් ඩාවින් මුහුණපෑවක් මෙන් මොහුටද මුහුණපාන්නට සිදූවු එකම ගැටළුව මෙයම විය. පරිණාමය සිදුවූ බව ඒත්තු ගැන්ම පහසුය. එහෙත් සැබැවින්ම එය සිදුවූයේ කෙසේද යන්න ගැටළුවකි. මෙම ප්‍රශ්ණය මත ඔහු ඩාවින් සමඟ ලිපි කීපයක් හුවමාරු කරගත්තේය. තමා පරිණාමවාදී මතයේ පිහිටා එක්තරා පර්යේෂණ වගයක් කරමින් සිටින බව මෙහිදී ඩාවින් (වැඩිහිටි පුද්ගලයා) පිළිගත් නමුදු, තම සටහන් අතර අනාගතයේ පළකිරීමට බලාපොරොත්තු වන මහා ග්‍රන්ථයේ අත්පිටපත් දෙකක් තිබියදී පවා ඔහු ඒ කිසිවක් එළිදරව් නොකලේය. ගැටළුවට පිළියම් සෙවීමට ඔහු වොලස්ටම ඉඩහරින ලදී.
මලයාවේ ඔහු(වොලස්) කළ සංචාරයේදී මීට විසඳුම් ලැබුණි. 1858 ගිම්හාන සෘතුවේදී ඔහු ටර්නෙට්හි සිටියදී මැලේරියාවෙන් ඔත්පලව හුන් අන්දමත් උණ බසින අතරවාරවලදී විශේෂයෙන් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් තමා දැන සිටි සියළු කරුණු සැලකිල්ලෙන් විමසා බලමින් රෝගය ගැන නොසිතා කාවදින අයුරු විස්තර කරයි. අවුරුදු දහයකට ඉහතදී ඔහු කියවූ මැලතස්ගේ ග්‍රන්ථයේ එන කරුණු හදිසියේම ඔහුගේ සිතට නැගිණි. නිරතුරුවම වර්ධනයවන ජනගහනය, ජීවන සටන, වඩාත් හොඳින් අනුවර්ථනය වූවන්ගේ ප්‍රවර්ථනය හා ප්‍රචාරණය යන ඩාවින්ගේ සිතට නැඟුණු අතර එමගින් ඩාවින්ගේ මතයම ඔහු සිත තුලද ජනිත විය. තනි පංගලමේ පර්යේෂණයන්හි යෙදෙමින් කෙන්ට්හි වෙසෙන පුද්ගලයෙකුගෙන් සැතපුම් දහස් ගණනක් බැහැරව වෙසෙන තවත් පුද්ගලයෙකුගේ සිත තුලද ස්වාභාවික වරණය ජනිත වූයේ මේ ආකාරයෙනි.
වොලස් පැකිලෙන සුළු මිනිසෙකු නොවීය. උණය සුව විය. වරණය මගින් පරිණාමය සිදුවන ආකාරය පැහැදිලි කරමින් ඔහු පිටු විස්සක ලිපියක් ලිවීය. විශේෂයන් පිළිබඳ ගැටලුව අලලා ඩාවින් පර්යේෂණයන්හි නිරතව සිටින බව වොලස් දැන සිටි අතර, මේ නිසා එංගලන්තයේ සිටින තම අවිධිමත් නියෝජිතයා ලෙස ක්‍රියාකිරීමට සුදුසු පුද්ගලයා ඩාවින් විය යුතුයැයි ඔහු කල්පනා කලේය. මෙහි ප්‍රථිපලය වූයේ ඩවුන් හවුස් හි විසු ඩාවින් වෙත වොලස් විසින් මලයාවේ සිට පාර්සලයක් යවනු ලැබීමය. එහි අඩංගු කරුණු ප්‍රමාණවත් අගයකින් යුක්ත වේ යැයි ඩාවින්ට හැඟේ නම්, එය මුද්‍රනයෙන් පලකරවන මෙන් ඉල්ලීමක්ද ඒ සමඟ විය.
එහි සඳහන් කරුණු ප්‍රමාණවත් අගයකින් යුක්ත වූවා පමණක්ද? ඒ ඩාවින්ගේ මතයද විය ! සැබැවින්ම මෙහිදී වැඩිහිටි මනුෂ්‍යයා තුල හටගත් දෙගිඩියාව කොතෙක් වීද යන්න ඔබටම සිතාගත හැක. මෙම මතයම ඔහුගේ සටහන් පොත තුල අවුරුදු විස්සක් තිස්සේ තිබිණි. ඩාවින් විසින් එය වඩාත් සවිස්තරව ලියා තිබුණි. ඒත් වොලස්ගේ කෙටි රචනාවෙහි ඩාවින් දශක දෙකක් තිස්සේ දැරූ පරිශ්‍රමයේ ප්‍රථිපලයම වඩාත් පැහැදිලිවත්,වඩාත් ප්‍රබල අන්දමිනුත් දැක්වේ. වොලස්ගේ රචනාව මුද්‍රණයටම සූදානම්ව තිබිණි. එහෙත් ඩාවින්ගේ දල සටහන් තවමත් මුද්‍රණයට සුදුසු තත්වයේ නොවීය. ඔහු මහත්මයෙකු ලෙස ක්‍රියාකල යුතුය. ඉදින් වොලස්ට හිමි විය යුතු ගෞරවය ඔහු කෙරෙන් පැහැරගන්නේ කෙසේද? අවසානයේදී මේ දෙදෙනා අතර ගිවිසුමක් අතිකරගන්නා ලදී. ඩාවින් විසින් තම මිතුරන්ගේද උපදෙස් පරිදි වොලස්ගේ කඩදාසි තමන්ගේ සටහන් කීපයක්ද සහිතව ලන්ඩන්හී ලීනියන් සමාජය වෙත ඉදිරිපත් කරන ලදී.
ඩාවින් යුහුසුළු විය. එහි ප්‍රථිපලයක් වශයෙන් 1858 ජූලි මාසයේ ලන්ඩනයේදී උගත් ස්වභාවධර්ම විද්‍යාඥයින් සමූහයක් ඉදිරියේ කියවනු ලැබූ ඒකාබද්ධ වාර්ථාවක් මගින්,අවසානයේ ස්වාභාවික වරණය ඔස්සේ පරිණාමවාදය ලොවට හෙලි කරන ලදී. ඊළඟ වර්ෂයේ නොවැම්බරයේදී ඩාවින් ජාති සම්භවය නැමැති මහා ග්‍රන්ථය මුද්‍රනද්වාරයෙන් නිකුත් විය.
ප. ලි :-
මේ පහත සඳහන් කෘතියේ තිබූ කොටසකි. මෙම කෘතිය සරල සිංහලෙන් පරිණාමවාදය ගැන රසවත්ව විස්තර සහිතව ඇති එකකි. ඒ කාල වකවානුවේ ඓතිහාසික තොරතුරුද ඇතුලත්ව මෙය සිත්ගන්නා සුළු අයුරින් ලියා තිබේ. පරිණාමවාදය යන්න දැන් ලෝකය තුල එතරම්ම පිළිගන්නා මතයක් නොවුවත් පරිණාමවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල නොහැකි අවස්ථාද ඇත. ජීව විද්‍යාව ගැන පුළුල් අවබෝධයන් නැති අයට පවා පරිණාමවාදය ගැන අදහසක් ගැනීමට මෙම කෘතිය යොදාගත හැක.
කර්තෘ :- ආචාර්ය මයිකල් ජෙ. කෙනී
මුල් කෘතිය :- “ටීච් යුවර් සෙල්ෆ් ඉවල්‍යුෂන් “
පරිවර්ථන පොතේ නම :- පරිණාමය
පොතේ අංකය :- ISBN 955-20-1431-X
පරිවර්ථකයින් :- ජී. ඩබ්ලිව් නන්දිසේන
ඇම් එච් ග්‍රීටා ද සිල්වා
ප්‍රකාශකයෝ :- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
පිටු ගණන :- 233(A5)
මිල :- රු. 150/=
චරිතප්‍රදාන පොත් කියවන්න කම්මැලි අයියෝ.
ReplyDeleteඋබ දාපු නිසාම කියෙව්වා.
ජය !
ela ela maachan..
ReplyDeletemehema hari akurak kiyewwa uba nisa..
මේ බ්ලොගයට ද මගේ බ්ලොගයට සිදුවුණා සේ හිත්පිත් නැති බොට් ඇනෝලා ගෙන් ප්‍රහාර එල්ල වෙන බව පෙනේ.
ReplyDeleteමේවා ඔබට ස්පෑම් ලෙස නම්කර තත්වය තරමක් සමනය කර ගත් හැකිවෙනු ඇත.
මං දන්නවා මේ පොත ගත්තු හැටි.
ReplyDeletehttp://ansathudinapotha.blogspot.com.au/2012/09/my-book-fairs.html
අයියෝ බොට් ලා එල්ලිලි මේකටත්. මගේත් එක පොස්ට් එකකට තාමත් මේ ප්‍රහාරය වදිනවා.
ReplyDeleteme mukuth therenne na ban.
ReplyDeleteවෙන්න පුලුවන්...අඩුතරමෙ ඩාවින් මොකක් හරි හොයාගත්තා කියන එකවත් ටච් එකේ නැත්තං නොතේරි යන්න පුලුවන්...ඒ තරං හිතන්න එපා...
Deleteතෝමස් අල්වා එඩිසන් නිසා ටෙස්ලාගේ දක්ෂතා හැංගුනා වගේ සීන් එකක්
ReplyDelete'..........පරිණාමවාදය යන්න දැන් ලෝකය තුල එතරම්ම පිළිගන්නා මතයක් නොවුවත්.....'
ReplyDeleteමචං ඇත්තටම පරිනාමවාදය ලෝකය දැන් එතරම් පිලිගන්න මතයක් නොවෙයිද? එහෙම නම් දැන් පිලිගන්න මතය මොකක්ද?
- ඇනෝපාල
අපි 10 වසරෙ නිවුටන් නියම ඉගෙන ගන්නවා..නිවුටන් නියම වලින් චලිතයේ එක්තරා දේවල් ටිකක් විස්තර කරන්න පුලුවනි..නමුත් අයින්ස්ටයින්ගේ මත ක්වොන්ටම් වාදය වගේ දේවල් වලින් නිව්ටන් ගේ පිසික්ස් කැඩෙනවා..
Deleteඔය වගේම දෙයක් පරිණාමවාදය පැත්තෙන් තියෙනවා.. පරිණාමවාදයේ එන උපකල්පන බොහොමයක් බැලූ බැල්මට සත්‍යයි..නමුත් සමහර පරීක්ෂණ වලින් පරිණාමවාදය ඔප්පු වෙන්නෙ නැහැල්ලු..
මට ඒ ගැන වැඩිපුර දැනීමක් නම් නැහැ..ඒත් පරිණාමවාදය කියන්නෙ එක්තරා සාර්ථක පරිකල්පනයක්...
පැහැදිලි කිරීමට ස්තුතියි..
ReplyDeleteමගේ ජීව විද්‍යාව දැනුම නම් ඉතාම අල්පයි. ඩාවින්ගෙ කාලෙ පල්ලියෙන් සහ විද්‍යා ක්ශේත්‍රයේ අයගෙන්ම ප්‍රතිවිරෝධතා එල්ල උනා කියල නම් අහලා තියෙනවා. නමුත් පරිනාමවාදය දැන් එතරම් ලෝකය තුල පිලිනොගන්නවාය කියන කාරනය නම් ඇහුවමයි. මොකද ෆ්‍රොයිඩ්ගෙ මනෝ විශ්ලේශනය, අයින්ස්ටයින්ගෙ සාපේක්ශතාවාදය, මාක්ස්ගෙ මාක්ස්වාදය අතර එක පෙලට තියලනෙ තාමත් පරිනාමවාදය ගැන කතාකරන්නෙ. එහෙම නේද?
අනික, අයින්ස්ටයින්ගෙ සාපේක්ශතාවාදය හෝ ක්වොන්ටම්වාදය නිසා නිව්ටන්ගෙ ෆිසික්ස් කැඩෙනවා කියල කියන්න පුලුවන්ද? මම හිතන්නෙ අයින්ස්ටයින් නිව්ටන්ව අතික්‍රමනය කලා මිස නිශේධ කලේ නැහැ. නිව්ටන්ගේ ෆ්‍රේම් එකට නිව්ටන්ගෙ තියරිය හරි. ඒ ෆ්‍රේම් එක එදිනෙදා ජීවිතයටත් හරි. ඒකනෙ තාම 10 පන්තියට, උසස් පෙලට ඒවා උගන්නන්නෙ. (ලංකාවෙ විද්‍යා අධ්‍යාපනය අප්ඩේට් වෙලා නැති හින්දම නෙමෙයි!)
මෙතනදිත්, එදා පරිනාමවාදයෙන් පැහැදිලි නොකල තැන් දැන් පහදලා තියෙන බවද දන්නෙ නැහැ, පරිනාමවාදය දැන් එතරම් ලෝකය තුල පිලිනොගන්නවාය වශයෙන් කියවුනේ. මම විකිපීඩියාවෙත් ඉක්මනින් බැලුවා... සාමන්‍යයෙන් වෙන ඕනම වාදයකට / තියරියකට තියෙන "criticisms on...." කියල පරිනාමවාදය පිටුවෙ නැහැ.!
- ඇනෝපාල