කවුද ගොයියෝ කියන්නේ?
ගොයියා කියන්නෙ කවුද? මේකට තියෙන්නේ සරල උත්තරයක්. ගොවියෝ කියන්නේ කොච්චර ලොකු කරලා කතා කලත් ඇත්ත වශයෙන්ම මෝඩ සෙට් එකක්. දැනට ලංකාවේ ගොවිතැන් කරන අති බහුතරය ගොවිතැන ගැන තාක්ෂණය ගැන ලොකු හැදෑරිමික් නැහැ. එයාලෙ ගාවිතැනට එන්නේ කරන්න වෙන දෙයක් නැති නිසා.සහ ලේසියෙන් කරන්න පුලුවන් එකම රස්සාව ඕක නිසා. සාහිත්‍ය වලදි ටීවී එකේදි ගොවියා කොපමණ උඩ දැම්මත් ඇත්තටම ගොවියෝ වැඩිදෙනෙක් දක්ෂ පිරිසක් නෙමෙයි. එයාල ක්ශේත්‍රයට එන්න වගේම පවතින්නත් රජයේ තිබෙන ගොවි සහනාධාර සහ කෘෂි රසායනික හේතු වුනා. මෙයාල වැඩිදෙනෙක් ට මේ කෘෂි රසායන තහනම සහ රූපවාහිනි මාධ්‍යවලින් පෙන්වන කාබනික බයිලා ග්‍රීක් වගේ.
කවුද වස වලට පරීක්ෂා කලේ.
එලවලු පලතුරු සහ ධාන්‍ය වර්ගවල වස තියන බවත් ඒවා පරිබෝජනය කලාහම ලෙඩරෝග එන බවත් තමයි කිය්නනේ. ඒත් කොයිකාලේ මොන එලෝලු වල කොපමණ විස තිබුනාද කියලා පර්යේෂණ දත්ත නැහැ. රජරට වකුගඩු ලෙඩ ගත්තාම ගොවීන් විජලනයට ලක්වීම සහ ස්වභාවිකවම ඒ පොලවේ තිබෙන ඛනිජ ද්‍රව්‍ය වකුගඩු ලෙඩට ආසන්නම හේතුව ලෙස කොපමණ කිව්වත් පිරිසක් ඒවා නොදැක කෘෂි රසායන වලටම වැරැද්ද පටවනවා. ඉතින් දැන් එන දත්ත අනුව ලංකාව බෝග වලට චීනය ඉන්දියාව හෝ වෙනත් රටවල් තරම් කෘෂි රසායන ගහන්නේ නැහැ. ලංකාව ඒ අතින් පහලින් තමයි ඉන්නේ.
සහනාධාර ගොවිතැන
ගොවිතැන කියන එක වාණීජ මට්ටමට ගෙන එන්න නම් ගන්න ඕනි ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග තිබුනා. ඊශ්‍රායලය වතුර වලට සල්ලි අය කරනවා. මොකද වාර්ි ජලය එහෙම නැතිනම් සකස් කරලා කුඹුරු වතුපිටිවලට එවන ජලය කියන්නේ මුදලක් එකත් ුෙවන දෙයක්. ඒ ජලය තවමත් නිකන් දෙනවා. ඒ වගේම මෑතක් වෙනකල් වී වගාකරන ගොවීන්ට නොමිලයේම පෝර දෙන්නත් රජය කටයුතු කලා. ඒ සහන නවත්වලා ගොවිතැන වාණිජ මට්ටමට ගන්න උත්සාහ අරගෙන කුඹුරු ඉඩම් වල වවන්න පුලුවන් වී විතරයි වගේ තියෙන පැරණි නීති වෙනස් කලා නම් ඇත්තටම තාවකාලිවක ශොක් එකක් වුනත් දිගුකාලීනව යම් හොදක් වෙන්න තිබුනා. ඒත් ඒ කිසිම දෙයක් නොවී තමයි එකපාර කෘෂි රසායන තහනම ආවේ.
ඉස්සරහට එන ඒවා හොදද
දැන් කාබනික පෝර විදිහට එන්නේ මොනවද? එන්න නියමිත මොනවාද? කාබනික පෝර කිව්වාම රසායනික පෝර වගේ නිසි සංයුතියක් නැහැ. එක එක අය හදන කාබනික පෝර එක එක සංයුතියෙන් තමයි තියෙන්නේ. ඉතින් කාබනික පෝර හදන්න ගන්න දේවල් අඩු වීමත් එක්ක නාගරික කැලි කසල වගේම පිටරට කැලි කසල පවා කාබනික පෝර වෙන්න ගන්නවා. මොකද ඉල්ලුමට තමයි නේ සැපයුම. ඉන් ප්සසේ දැන් දූෂනය වෙනව ාකියලා චෝදනා කරන පස අපි කිසිසේත් නොදන්නා බැර ලෝහ සහ අපද්‍රව්‍ය වලින් දූෂණය වෙන්නට ඉඩ තියෙනවා. කොළඹ තැන්කීපෙක ගොඩ ගහලා තියෙන විශ රසායනික අපේ කුඹුරට වත්තට කුඩුකරලා අඹරලා ගෙනත් දාන හෙට දවසක් ඒවි. ඒක සුන්දර එකක් වේවිද? ඒ වගේම පිට රටවලින් කාබනික පෝර එක්ක ඒ එන්න නියමිත ජීළුින් පාංශු ජීවින් අපේ පරිසරය එක්ක හුරු වේවිද? සමහර විට විනාශකාරි ලෙඩ රෝග ආදියත් රට ඉදන් එන කාබනික පෝර හරහා එන්නට හැකියාව තියෙනවා.
කාබනික තෙල්
දැනට කාබනික කෘෂී රසායන තෙල් කියලා වර්ගයක් එනවා. සාමාන්‍ය පිලිගැනීම අනුව කෘෂි රසායනික ද්‍රව්‍ය රටින් මෙහෙට එන්නට පෙර ඒ රටවලම පර්යේෂන කරනවා. ඒ අනුව තමයි අනුමත වෙලා එන්නේ. ඒත් දේශියව නිපදවන කාබනික ද්‍රව්‍ය කොහොම මොන විදිහට හදනවාද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඒවායේ අන්තර්ගත වෙන දේවල් පරීක්ෂා කරන පහසුකම් ලංකාවේ ඇත්තෙත් නැහැ. සල්ෆර්, කොහොඹ තෙල්, කුරුධු තෙල් ආදී ස්වාභෘවික සංඝටක වුනත් යම් යම් විදිහක විස වෙන්නට හැකියාවක් තියනෙවා. ඒවා ගැන නිසි අධ්‍යනයක් නැතිව හුදෙක් කාබනික ලේබලය යටතේ එන්නට නියමිත කෘෂි රසායන කියන්නෙත් ඉස්සරහට අවුලක්.
දැනට කාබනික ගොවිතැනට කට්ටිය සෙට් වෙලා ඒකත් තාප්පවලෙ සිතුවම් ඇදීම වගේ වෙලා තියෙනවා. පිරිසක් කොහොමත් ඉතින් ඕවා කරනවා. ඒත් සමස්තයක් විදිහට අපිට ඉස්සරහට ආහාර මිල අසාමාන්‍ය ලෙස වැඩිවීමකට මුහුන දේනනට වෙනවා. අපේ තේ පොල් රබර් ආදි වගා වලට සිදුවන හානි නිසා අස්වනු වල අඩුවීම එක්ක ඒ කර්මාන්ත වලටත් අවධාමක් එනවා. හැමදේම සුබවාදීව දකින්න කියන අය ඉන්නේ ටීවි කැමරා ඉස්සරහා. එයාලට බොහෝවිට තවත් ආදායම් මගක් තියෙනවා. ඒත් ගොවිතැනෙන් පණ ගැටගහගත් ලොකු පිරිසක් මේ නිසා අසරණ වෙනවා. ඒ වගේම ඉදිරියේදි උද්ධමනය එක්ක ආහාර හිගයක් ආවොත් එහි ප්‍රථිපල 69 ලක්ෂයට වගේම අපි හැමෝටමත් යහමින් විදගන්න සිද්ද වෙනවා.
ගොවියෝ විතරක් නෙමෙයි ගොඩක් ලංකාවේ ඉන්න උං කරන හැම ජොබ් එකම කරන්නෙ මෙළෝ තේරුමක් නැතුවනේ. ඔය කෘෂිකර්ම අමාත්‍යංශේ ඉන්න ඩිග්‍රි කාරයෝ කරන ලබ්බක් නෑනෙ.
ReplyDeleteසෞම්යාට දිව දානවා මයි.
ReplyDeleteඋඹේ අම්මට දිව දැම්මත් අපිට මොකද බං😂
Delete