Friday, October 1, 2021

අධිපරිබෝජනය දැන් තිත්තත ඇයි?


අපි කැලේ ඉන්න කාලේ කෑවේ බිව්වේ අපට ලැබෙන දෙයක්. ඒ ලැබෙන දේ අවසාන කාලේ අපිම වවපු ධාන්‍ය වුනා. ඊට කලින් යුගයක අපිම ඇතිකල සතුන්ගෙන් ලබාගත් මස් සහ කිරි වුනා. ඊටත් කලින් කාලෙක අපි දඩයම් කරගත් සතුන ්වුනා. ඒත් අපි නූතන යුගයට එද්දි අපට පෝශනයට නුවමනා එත් රසයට හෝ කුමක් හෝ ආතල් එකකට කොිටින්ම මොකටද කියල අපිටත් හිතාගන්න බැරි තරම් දේවල් තොගයක් ගිලිනවා. ඒක තමයි ඉතින් හැටි. ඕක ඉතින් ඇදුම් පැලදුම් නිවාස යාන වාහන ආදී හැම ක්ශේත්‍රයකම. කොටින්ම අධ්‍යාපනයේ පවා මුල් කාලයේ පැවති ජීවිතය ආරක්ෂාකරගැනීමේ මූලික ශිල්ප ක්‍රම ඉගනීමේ සිටි ලෝකයේ කෙලවර සොයාගැනීම ආදී නොයෙක් මනස්ගාත අපි අද කාලේ ඉගෙනගන්නවා. ඇත්තටම අපිට සමහර දේවල් මේ මෙලොව ජීවිතයට මෙලෝ වැඩක් නැහැ ඒත් අපි ඉගෙනගන්නවා. ඒ අතිරික්තය ඇවිල්ලා මේ සමාජය විසින් නිර්මාණ්‍ය කරපු දෙයක්.


අතිරික්තය පට්ට ගැසීම

මේ අමතරව ලැබෙන සහ ලබාගන්නා දෙේවල් අපිට මෑතක සිට පොඩ්ඩක් ඩාම් ඪූම් වෙලා තියෙනවා. උදාහරණ විදිහට අපිට තුන්වේලකට මෙච්චර බත් ගිලින්න ඕනි නැහැ. මේක ධාන්‍ය හෝ එලවලු වලින් පුරව ගත්ත නම් ලේසියි. ඒක ඇත්තක්. ඒත් ඕනි රටක වැඩිපුර ගිලින ජාතිය කියන්නේ ෆික්ස් දෙයක් නෙමෙයි. යුරෝපීය ජනතාව දැන් හිතලා මතලා කිරලා මැනලා කොල කනවා. ඒත් තාමත් අමරිකානුවෝ සහ උතුරු අර්ධුගෝලයේ බුවාලා ඇති පදම් මස් ගිලිනවා. මොකද මස් කියන්නේ එයාලට එයාලගේ තත්වයෙ ්හැටියට සුලබ කෑමක්. ඉන්දියාවේ උතුරේ ඉන්න මිනිස්සු ආටා පිටි වලින් හදන කෑම වැඩිපුර කනවා. මොකද උන්ට ලාබෙට ලැබෙන සුලබම දේ ආටා පිටි. අප්‍රිකාවේ සමහර රටවල මූලික කෑම තමයි මඤ්ඤාක්කා මඥ්ඤාක්කා වල ඇති හොදක් නිසා නෙමෙයි ඒ. මඤ්ඤකේකා සහ අල වර්ග තමයි ඒ රටවල වැවෙන්නේ. ඔ්‍ය විදිහට තිරිගු ඉරිගු කිරි බිත්තර වගේ විවිධ ආහාර වැඩිපුර ගන්න රටවල්ෙ ලා්කේ ඕනි තරම්.

ඒවා පෝශදායිද?

මෙහෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල ආහාර වේල සහ සාමාන්‍ය මිනිස්සු ගිලදමන විදිහ පෝශදායි එකක් නෙමෙයි. හොදට සකසපු මස් ගිලලා හැන්දෑවට ගිහින් අඩියකුත් ගහලා එන දියුනු රටවල ජීවන රටාව බහුතරයක් පෝශදායි කියන්න බැහැ. ඒ වගේ අනෙක් රටවලත් තියෙන ආර්ථික තත්වය අනුව වඩාත් පුරුදු වෙච්චි ආහර ගිල දමනවා විනා ඕවා ඉන්ඩීටේල් හොයලා බලලා ගිලිනවාද? ඔව් එහෙම අයත් ඇති. ඒත් මගේ පුද්ගලික අදහස තවමත් එහෙම නැති පිරිස තමයි වැඩි ඇත්තේ.

මේ ඇයි මේවා..

මේ කතා කරන්න එන්නේ දැන් ආනයන හෙවත් රටින් එන්න බැරි නිසා දැන් එකඑක දේවල් හිගපාඩු වෙනවා. ඒ අතර කෑම බීම පැත්තෙන් ගත්තොත් අහිමි වෙනකොට දුක වැඩිවෙන හාල්, තිරිගු පිටි, කහ විතරක් නෙමෙයි කිරිපිටි වගේ දේවලුත් දැන් ටික ටික හිග වෙනවා. ඒ හිග වෙද්දි අර මම කලින් කියපු විදිහට ඇයි මේවා කන්නම ඕනිද? ඒවා කෑව වැඩි නැද්ද ආදී බයි හෑලි ලියනෙවනවා. උදාහරණ විදිහට අපේ රටේ එහෙමට හරක් කිරි වලින් ස්කෝ කරන්නේ නැහැ. අපේ ගොයියෝ හරකගෙන් දියුනු රටවල් වගේ ලීටර් පාලහ විස්ස කිරි අදින්න දක්ස නැහැ. ඉතින් අපේ හරක් ඔය වියලි කලාපේ ඉන්න උන් පෙනුමෙනුත් සවුත්තුයි. ඒක අපිට ටිකක් හොද බිස්නස් එකක් නෙමෙ වගේ තමයිපේන්න්. ඒ නිසා කිරි කිරිපිටි විදිහට රටින් ආවා.

දැන් කිරි පිටි නැති වෙද්දි කිරි පිටි වල තියෙන අගුන අපිට වැඩියෙන් අහන්න ලැබෙනවා. තුන්වේල බත් කෑමත් ඒ වගේ. ඇයි තුන්වේල බත්ම කන්නේ කියලා ඉදලා හිටලා ඇහුන දොස්තර කතා දැන් අපිට නිතර ඇහෙනවා.

ඇත්තටම මේවා තව ගැඹුරට යද්දි බෙහෙත් හේත් නැති වෙද්දිත් අපේ මුත්තා ආත්තා අර අහවල් සෑය හැදුවේ බෙහෙත් බීලා නෙමෙයි. ඒවා ස්වභාවයෙන් ගහෙන් කොලෙන් ලැබුනා කියලා බේත් නැතිවීමත් සාධෘරන කරනය වෙයි. තවත් ඉතින් අපේ රටේ බේත් මාෆියාව නිසා ලෙඩෙක් බොන බේත් ප්‍රමාණ්‍ය වැඩි වීම වගේ ඒවත් වැඩිපුර හයිලයිට් වෙයි. හැැබයි ඉතින් මේවා අර අහිමිවීමේ දුක පාලනයට කියන බයි අදෝනා මිස සැබෑව නෙමෙයි කියන එක කට්ටියට තේරෙයිද? නැත්නම් අඇන්දෙයිද? අපි ටිකක් බලමු නේද?

5 comments:

  1. ආපහු දකින්න ලැබීම සතුටක්. හිතුව වගේම පෝස්ට් එකේ සුපුරුදු මිස්ටේක්ස් නැව් ගාණට. අමිලට පුරුදු විදිහ නෙව.

    😃😃😃

    කන එකා කනව. කෝමත් කනව. උට ඒක පෝෂ්‍යදායක ද නැද්ද අධිපාරිභෝජනයද නැද්ද කියනෙක අදාලම නෑ

    ReplyDelete
  2. ලෝකේ බොහෝ දෙනා ගිය හා යන අත අර සලම්බයද මොකාද ලාම්පු දල්ලට විහින් ගිහින් නැහෙන ක්‍රමේ

    ReplyDelete
  3. හැමදේම වෙන්නේ හොඳට කියලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ

    ReplyDelete