Tuesday, October 19, 2021

රට යෑම අවුලක්ද?


රට ගැන තියෙන ආකල්පය පුම්බපු එකක්. මට හමුවෙලා තියෙන ඉන්දියන් කාරයෝ නේපලි වගේ අපේ රීජන් එකේ නොවන අය රට ගැන තියෙන මෙව්වා එක හරි අඩුයි. බහුතරයක් දෙනාට ඒ දියුනු රටවල පොලිටික්ස් ගැන තියෙන ටච් එකත් හරි අඩුයි. ඒකට අපි සෙට් වුනත් කතා කරන්නේ දේශපාලනය ගැන. හැම තිස්සේම අපේ රටේ දේශපාලනය රට රටටාදරය හිට් මාතෘකාවක්. ඉතින් ඒ රට දාල යන එක ගැන තියෙන්නෙත් එහෙම නෝක්කාඩු තත්වයක්. 


ඇයි මෙහෙන් ඉගෙනගෙන යන්නේ.. 


විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් විශ්ව විද්‍යාල නොමිලේ අද්‍යාපනය යටතේ අවුරුද්දකට තුන් හාරසියක් වත් සරසවි වලින එලියට එනවා. ඒ වගේම තව එච් එන් ඩී එන් ඩී ටී ආදි ඒවගෙනුත් එයාල එලියට එනවා. ඒ එන හැමෝම ගත්තොත් හොද ඉහල මට්ටමේ අයට ලැබෙන ජොබ් එක විදුලි සංදේශ ජාල නිර්මාණ්‍ය කිරීම. සහ ඒ දේවල් සැලසුම් කිරීම. ඒත් ලංකාව දැන් ඒ ජාතියේ රැකියා වලින් පිරිලා. තවදුරටත් මෙහෙ සැලසුම් කරන්න කියලා යමක් නැහැ. ඒ තරම් සංකීර්ණ මොල මෙහෙ පාවිච්චියට ගන්නේ පොඩි පොඩි මැනේජ්මන්ට් වැඩට. 


අද ටෙලිකොම් ආයතනයක ලංකාවේ රැකියාවට යන ඉංජිනේරු මහතෙක්ට ඉංජිනේරු රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින්. මැනේජර් වැඩක් වගේ එකක් තමයි ලැබෙන්නේ. ඉතින් අපේ රටේ මිනිස්සු බදු ගෙවලා ගෙවලා ඉගැන්නුවත් ඒ අදාල කෙනාට තමුන් ගත්ත සුදුසුකමට අදාල රැකියාව ඒ තත්වය මෙහෙ නැත්නම් මොකද කරන්නේ? යන්න වෙනවා. යම් අයෙක් හොදටම ඉගෙන ගෙන මෙහේ ඉතාම අඩු තත්වයක රස්සාක් කරන්න ඕනි ඇයි? 


ලබාගත හැකි සමාජ ජීවිතය 


කොපමණ පොහොසතෙක්ට වුනත් ලංකාවේ ලග පන්සලේ පීකරේ නවත්වන්න බැහැ. ඔය ඉතාම සුලු කාරණාවක්. මම ජීවත්වෙච්ච මහරගම නුගේගොඩ කැළණිය වගේ හැම පැත්තේම මිනිස්සුන්ට උදේට නැගිටලා දුවන්න හිතෙන ලස්සන පාරක් නැහැ. ඒ හැමෝම පාරට බැස්සාහම ට්‍රැෆික් එකකට මුහුන දෙන්න ඕනි. ලයිසන් ගන් ගියාම පගාව දෙන්න ඕනි, රජයේ තැනකට ගියාම රස්තියාදු වෙන්න ඕනි. වැඩක් කරගන්න ගියාම කනෙක්ශන් හොයන්න ඕනි. ඔය දේවල් අපිට වෙනස් කරන්න පුලුවන්ද? පුලුවන්. ඒත් ඒකට ලොකු කැපවීමක් කරන්න ඕනි. ඊට වඩා ලේසියි රට මාරු කරන එක. යම් මට්ටමකින් ඉහලට යන උදවියට ඒ සුදුසුකම් ආදියට තව රටක හොදට ජීළුත් වෙන්න පුලුවන් නම් ඒ උදවිය යන එකේ වැරැද්දක් අපිට පෙන්වන්න පුලුවන්ද? 


කොටින්ම දැන් රටේ ජනාධිපති සහ මුදල් ඇමති වුනත් ලංකාවේ එයාලට ගෙවපු යම් තරමක උසස් ජීවිතයට වඩා ලොස් ඇන්ජලීස් ජීවිතය ප්‍රිය කල උදවිය. එයාල දැනටත් නිවාඩුවක් පාඩුවක් ලැබුනාම ගිහින් තමුන්ගේ එහේ ගෙවල් දොරවල් පවුල් බලලා එනවා. ඔය රාජපක්ෂවරු කියන්නේ කවදාවත් ඈත ගමක දුක් විදින පීඩිත පන්තියෙ ේහිටපු අය නෙමෙයි. එයාල මෙහෙත් යම් තැනක හිටියා. ඒත් එයාලටත් මෙහෙ ජීවිතයට වඩා එහෙ ජීවිතය හොදයි කියලා හිතෙනවා නම් අපි ගැන කවර කතාද ඉතින් 


ගියා ඉතින් මොන සැපද? 


ඕනිම දෙයක වාසි අවාසි තියෙනවා. අපිට උරුම වෙලා තියෙන දකුනු ආසියානු ජාන සෙට් එකට අදාල විනෝද වැඩ, ඒ සමාජ දුර්වල කම් ප්‍රබල කම් ආදිය හැම එකම රටවල් මාරු කරාම ඒ විදිහට ලැබෙන් නැහැ. උදාහරණ විදිහට ලංකවේ ඉද්දි යම් නිලයක කෙනෙක්ට බොහෝ විට ගරු සරු ලැබෙනවා. ඒත් ඔසී රට නවසීලන්තය යුරෝපා රටවල එහෙම කෙනක්ට තව කෙනෙක් ගරු කරන් නැහැ. ඉතින් උපන්දා ඉදලා යම්ගරු සරු විදපු කෙනෙක්ට එහෙ ගියාම ටිකක් අපහසුතාවකට මුහුන දෙන්න වෙනවා. 


එහේ ගිය අයත් අපි එක්කම එකතුවෙලා එහේ ආන්ඩුව නැතුව මෙහෙ ආන්ඩුව විවේචනය කරනවා. මෙහෙ සංචාරක ස්ථා බැලුවම අනේ කියලා කමෙන්ට් කරනවා. ඉදලා හිටලා එහේ ජීවිතය ගැන රට පොය්යක් නයෙක් ඇරියට මෙහෙ නාට්ටි බලනවා. මෙහෙ සුපර්ස්ටා වලට එස් එම් එස් ගහනවා. ඒක එහෙම තමයි. කෙනෙක්ට රට ගියොත් ඒ අහිමිවෙන දේවල් වලට වඩා දෙයක් මෙහෙදි ලැබෙනවා නම් ඒ කෙනාට නොයා ඉන්න පුලුවන්. ඕනි නම් ගිහින් අනේ එහෙ වැඩක් නැහ කියාල එන්නත් පුලුවන්. 


පාස්පෝට් පෝලිමෙන් මොකද්ද පේන්නේ. 


එතන මූලික වශයෙන් පාස්පෝට් පෝලිමෙන් පේනවා එතන පෝලිමක් තියෙන විත්තිය. මාසයක් දෙකක් සති කිහිපයක් තිස්සේ පෝලිමක් තියෙනවා කියන්නෙම එතනින් අපේ රට ගැනත් යම් ආතල් එකක් පෙන්වනවා. වෙන රටක නම් පාස්පෝට් පෝලිම දැක්කහම ඒ වෙනුවෙන් විසදුමක් එනවා. ඒත් මෙහෙ වෙන්නේ පාස්පෝට් පෝලිමට ගිහින් මීඩියා කාරයෝ මොකද අනේ රට යන්නේ කියලා අහනවා. ඒ ඇර පාස්පෝට් පෝලිම නැතිකරන්න විදිහක් ගැන ලොකු කතාවක් නැහැ. 


පාස්පෝට් ඔෆිස් එක කරන්නේ අදාල ලියකියවිලි ටිකක් අරගෙන ඒ ලියකියවිලි හරියට තියෙනවා නම් අදාල මිල අරගෙන පාස්පෝට් එක නිකුත් කරන එක. ඕක අතිශය සංකීර්ණ දෙයක් නෙමෙයි. අවශ්‍ය නම් ඕකේ වේගය වැඩි කරන්න දවසකට දෙන පාස්පෝට් ප්‍රමාණ්‍ය වැඩි කරන්න පෝලිම අඩු කරන්න ක්‍රම ඇති. ඒත් ඒ දේවල් ගැන එහෙමට අවධායක් නැහැ. ඉතින් ඔය වගේ රටක පෝලිමක ඉන්න මිනිහකේට හිතෙයිද තවත් මේ රටේ ඉන්න. නැහැ නෙව. 


ඔය පාස්පොට් ගත්තට යයිද? 


ඇත්තටම පාස්පෝට් ගන් හැමෝටම සුදුසුකම් නැහැ. සමහර අයට ඉංගිරිසි බැහැ. තවත් අය හිතාගෙන ඉන්න රැකියාව ලගටවත් සුදුසුකම් නැහැ. ඒත් ඉතින් හැමෝමට හැමදේම එකපාර තේරුම් යන්නේ නැහැ. සමහර අයට ටිකක් කලින් තේරෙනවා. තව අයට ඒජනසියකට සල්ලි ගෙවලා අහු වෙලා මාට්ටු වුනාහම තමයි යමක් කමක් තේරෙන්නේ. එතකොට පෙරහැර ගැහින් සල්ලිත් ඉවර වෙලා ඉවරයි. ඒක ලෝකස්ස්බාවය ඉතින්. 


රට හදන්නේ නෑද එතකොට 


ඇයි අපි රට හදන්න ඕනි. දැන් ලෝකේ රට හැදීම වගේ බරපතල දේවල් ගැන හිතන මිනිස්සු එන්න එන්න අඩු වෙනවා. රට හදනවාට වඩා ඉංගිරිසි හදාගන්න එක, මොනාහරි ඉගෙනගන්න එක, බොරුව දලා වීස එකක් ගහගන්න එක ලේසියි. අපි පුද්ගල ජීවිතය දිහා බැලුවත් අපි හොදට සූම් කලොත් රටට ආදරෙයි, අපි රට හදනවා, දැන් මේ හදන ගමන් ඉන්නේ. කියනඅ යගේ ජීවිත අස්සේ තුලත් තියෙන්නේ එයාලගේ පුද්ගලික සුඛ විහරණය. පාර්ලිමේන්තු මන්තිරිවරුන්ට දැන් වගේ ගහන්න කරන්න ගසාකන්න බැරිවුනොත් ඇත්තටම ඒ පුටු 225 පුරවගන්න එකත් ලේසි වෙන එකක් නැහැ. 


මිනිස්සු රට යන එකෙන් පෙන්වන එකම දේ මිනිස්සු රට යනවා කියන එක විතරයි. ඒකෙන් වෙන මොකවත් පේන් නැහැ. රටට හොද දක්ෂයෝ ඕනි නම් ඒ අය නවත්වා ගන් එක හෑලි වලින් කරන්න බැහැ. ඒම දක්ෂයෝ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සමාගම් හෝ රාජ්‍ය අංශය ඒක කරගනීවි. 


10 comments:

  1. රටවල් තියෙන්නේ යන්න. එතකොට නොයන එක. ඔව්. ඒකත් කාටහරි කිව්වැකි නොයන්න තමයි රටවල් තියෙන්නේ කියලා. මොකද තිබුනේ නැතිනං යන්න බැහැ.

    ලිපියේ අන්තර්ගතයේ තිබෙනවා පිරිත් ගැන. පිරිත් ටිකක් ඇහෙන එක පිනක් නේද. උදේට හවසට පිරිත් ටිකක් ඇහෙන එක කොච්චර වාසනාවක්ද.

    සමස්තයක් ලෙස ලිපියට එකගයි.

    ReplyDelete
    Replies
    1. කිතනුවෙකුට, හින්දු හෝ ඉස්ලාම් භක්තිකයෙකුට, ආගමක් නැත්තෙකුට උදේ හවස පිරිත් ඇහෙන්නට සැලැස්වීමෙන් පින් ලැබෙන්නේ කාටද?

      Delete
    2. මිත්‍යා දෘෂ්ඨිකයෙන් යමෙක් මුදවා ගන්නවා කියන්නේ කොයිතරම් පිංකමක්ද? පිරිත් ශ්‍රවණය කරන සැමට පිං සිදුවෙනවා.

      Delete
    3. කැමති කෙනෙක්ට කැමති දෙයක් තමුන්ගෙ ඇහෙන සීමාවෙ ඉදන් අහන්න ඕන තරම් තාක්පශනික පහසුකම් අද තියෙනවා.. හිතන්න ඔහෙගෙ ගෙදර ට ගෙවල් දෙකක් එහා හදිසියේ මුස්ලිම් පල්ලියක් හෝ හින්දු දේවාලයක් දාල ඒකෙ ඒ යාතිකා දානවා.. ඒ ආගම් අනුව ඒවත් මහ බලගතු දේවල්.. ඉතිං ඒ ආගමික පාර්ශව බලවත් නම් ඔහෙට සිද්දවෙනව උදේ හවා ඒ කන්දොස්කිරියාව අහං ඉන්න.. ශබ්ද දූෂණය ගැන නීති හරිහැටි ක්‍රියාත්මක වෙන රටක නම් දාන එකෙන් පින වෙනවද මොන ආගමද අදාල නෑ ශබ්දය අවශ්‍ය පමණට වඩා වැඩි නම් ඒවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා..

      සාමාන්‍යයෙන් දියුණු රටවලට යන්න මෙ රටවල් මිනිස්සු කොපමණ උත්සහ ගන්නවාද.. ඉතිං නොයන අයට නොයා සිටින්නට තියෙන කැමැත්තට වඩා බහුලව තියෙන්නෙ සුදුසුකම් නැති කම. සහ එහෙ ගිහින් ලැබෙන තත්වයෙ මදිකම වගෙ බාදාවල් ටිකක් විතරයි.

      Delete
    4. "මිත්‍යා දෘෂ්ඨිකයෙන් යමෙක් මුදවා ගන්නවා කියන්නේ කොයිතරම් පිංකමක්ද? පිරිත් ශ්‍රවණය කරන සැමට පිං සිදුවෙනවා."

      උදේ අටෙන් පස්සෙ වගේ පිරිත් දැම්මම තමයි ගොඩක්ම මිත්යාදෘශ්ටිකයෝ ගලවගන්න පුලුවන් වෙන්නෙ

      Delete
    5. මොන දුස්ටිකයෙකුට වුනත් මල කරදරයක් කණ පැලෙන්න දාන් ලවුඩ් ස්පීකර්, පිරිත්ද, යාඥාද, සිංදුද, කතාද අදාල නෑ, අධික ශබ්දය වදයක්

      Delete
  2. https://www.youtube.com/watch?v=jHx5rePmz2Y

    ReplyDelete
  3. පන්සලේ පිකරේ ලොකුම ප්‍රස්නේද? අරාබියට, ඉන්ඩෝනිසිආවට ගිහින් බලන්න. ප්‍රස්නේ අපේ මිනිස්සු තමන්ගේ පරම්පරා දේශපාලනයෙන් පිට කිසිම දෙයක් නොදැකීම. කම්මමැලි කම, හොරකම. දියූණු රටවල මේ වැඩ වලින් වැඩක් නෑ. යන එකා හැදෙන්න ඕන.

    ජොබ් නැති එක නම් ඇත්ත. අද ලෝකේ රට යාම සාමන්‍ය දෙයක්. රට යාම සැප පහසු සල්ලිම විතරක් නොවේ.

    ReplyDelete
    Replies
    1. අරාබියට සල්ලිලි තියෙන නිසා එහෙ රස්සාවලට යනවා. ඒ ඇර ලංකාවේ අය ඉන්දුනීසියාවට හෙම යන්නන අමුතුවෙන් ට්‍රයි කරනවද? එක අපායක ඉදන් තව අපායකයට යන්නන ආයේ පිස්සුවක් ඇතැයි.

      Delete