ඇයි ඉතින් ගියේ
ලොක්ඩවුන් එක අස්සේ යන්න හොද නැති බව දැනගෙන උන්නා. ඒත් ඉතින් ටික ටික කොවිඩ් බය අඩු වීම එක්ක ගෙදරට වෙලා ඉන්න එක ඇති වුනා. එ ්ගමන අපි චාරිකාවක් යමුත කියලා කතා වෙලා කට්ටිය සෙට් වුනා. මුලින්ම චැට් දෙක තුනක් ගිහින් මේ නිලාවැලි ගමන ඉතුරු වෙලා ස්ථිර වුනා.
රටේ සීයට 71%ක් දැන් එන්නත් අරගෙන ඉවරයි. ඉතුරු පිරිස බොහෝ අය පොඩි ළමයි සහ එන්නත ගන්න බෑ කියන අය. ඒ අය අවධානමේ තමයි. යම් විදිහකින් ඊලග රැල්ලක් ආවොත් එයාල සෙතපෝච්චි වෙයිත් තමයි. ඒත් දිගින් දිගටම යමක්පාලනය කර ගෙන ඉන්න එකේ අවසානයක් තියෙනවා. ඇරත් වසංගතයකට 100%ක්ම එන්නත් කරනය කරන්න ඕනි නැහැ පාලනය වෙන්න. 70%ක් කියන්නෙත් සාපේක්ශව හොද මට්ටමක්.
අපේ ලොක් ඩවුන් එක
අපේ ලොක් ඩවුන් වලදි හැමදේම අත්හරින්න කියලා කිව්වා මිසක මිනිස්සුන්ගේ ගති සොබාව ගැන වැඩි සැලකිල්ලක් දැක්කුවේ නැහැ. ඒත් දියුනු රටවල ලාක් ඩවුන් එක අස්සේ වුනත් ලගපාත තැනකට ගිහින් ටිකක් ඇතට ඈතට වෙලා විනෝද වෙන්න පහසුව දීලා තිබුනා. ඔස්ත්‍රේලියාවේ වුනත් ලොක් ඩවුන් එක අස්සේ ලග කඩපලට යන්න උද්‍යානයට යන්න ඉඩ දීලා තිබුනා. අපේ ඉතින් හැම දේම තදබල ලෙසටම නේ වැඩ. ඒ නිසා මිනිස්සු ගොඩ දෙනෙක් හරි පීඩනේක තමයි හිටියේ.
අයි ටී කාරයින්ගේ පීඩනය
අයි ටී කරන අය තමයි චාරිකාවට මාත් එක්ක එකතු වුනේ. එයාල කියන විදිහට එයාල දවසේම තිරය ඉදිරිපස තමයි ඉන්නේ. ඉස්සර වගේ යනු එනු කාර්යාල ගමන් බිමන් සෙට් වීම මොනවත් නැහැ. උදේ ඉදන් හවස දක්වා තිර බලාගෙන ගෙදර ඉදන් වැඩ. ඒක පට්ට බෝරින් වැඩක්. එහෙම වුනාම තරහ එනවා. මානසික කේස් එනවා. ගෙදර ඉදන් වැඩ කරන අයි ටී කරයෝ කියන්නේ රටට ආදායම ගේන වැදගත් පිරිසක්. එයාලට විසේසයෙන් නම් සලකන්න ඕනි නැහැ. මොකද ලංකාවේ විසේසෙන් සලකන්න ගිහින් හොදටම කෙලවගෙන නේ ඉන්නේ. ඒත් එයාල මුහුනදෙන ත්තවය ගැන යම් මානුෂිය පැත්තකින් හිතන වගකීම ලොක් කරන අරින පිරිසට තියෙනවා.
ආරම්භය
මම ඉතින් තොරණ හන්දියෙන් නේ සම්බන්ධ වෙන්නේ. මම යන කාර් එක ගම්න් ආරම්භ කලේ ගම්පහ තැනකින්. ඉතින් මම කඩවතට ගිහින් ටික වෙලාවක් හිටියා. කඩවත ටවුමේ වෙනදා වගේ කඩ නැහැ. වෙනදා නම් චාර්කාවකට කඩවතින් එකතු වෙද්දි මම කඩේටකට ගිහන් තේ වතුර එකක් බොනවා. ඒත් එදා කඩවල් ඇරලා තිබුනේ නැහැ. අපි පාන්දර 5ට විතර ගන පටන් ගත්තට මොකද ඒ වෙද්දිත් නුවර පාරේ වාහන තිබුනා.
තේ වතුර
අපි මුලින්ම තේ වතුර බිව්වා පොල්ගහවෙල පැනලා ගොඩවෙල තේ කඩෙන්. ඒ ගොඩවෙල පොල ගාව තේ කඩේ ලක්ෂණ ගෑනුලමයටත් ඇහැදාගන අපි තේ බිව්වා. අපේ දෙවැනි කාර් රිය අපිට සම්බන්ධ වෙන්නේ කෑගල්ල දිහාවේ ඉදන්. ඒකපොල් ගහවෙලට තමයි එනවා කියලා තිබුනේ. ඉතින් අපි ගොඩවෙල ඉද්දි උන් ආවා. ආවට මොකද උන්ටත් තේ වතුර බොන්න ඕනි වුනා. එ ්ගමන ආයේ කුරුණෑගල දිහායින් තේ වතුර බොන්න ආයෙත් වාහන නැවැත්තුවා.
හත අට වෙද්දි දඹුල්ල හරියට ආවා. වෙලාවේ ටිකක් වැඩියක් වගේ තේරුන නිසා පිදුරංගල සීගිරි පැත්තේ රවුමක් දාන්න හිතුවා. හිතලා කොස්කැලේ හරියෙදි කෝල් කරලා විස්තර අහගත්තා.
පිදංුරංගල
අපි උදේ හත අට විතර වෙද්දි පිදුරංගල බලන්න සෙට් වුනා. දැන් ටිකට් ගන්න ඕනි නැහැ. පිදුරංගල පන්සලේ දේවාලේ නම් පට්ට සෙනගක් හිටියා. මේ කොවිඩ් වෙලාවෙත් දේවාල වල තියෙන බිසි එක නම් බලන්න ලස්සනයි. අපි ගමන හෙමෙන් හෙමෙන් උඩට නැග්ගා. මාත් කන්දක් නගින්න ගත්තේ සෑහෙන කලකට පස්සේ. ඒ නිසා ටිකක් අමාරුයි. ඒත් ඉතින් පැයබාගයක් පැයක් විතර යද්දි අපි පිදුරංගල උඩට නැග්ගා.
නැගලා වටපිට බලද්දි අපේ රටේ ඒ අවට කියලා හිතන්න පුලුවන් කොල්ලෝ කෙල්ලො ටිකක් හිටියා. ඒ ටිකකින් සුදුපාට ගවුමක් ඇදගත් සුදු තරුණියක් ආවා. අපේ කෙල්ලෝ චූටියට බුරිය වැහෙන්න බෙල්බොටම් ගහලා හිරට ඇදලා හිටියා. සුද්දි හුලගට ගහගෙන යන මනරම් සුදුපාට ඇදුමක් ඇදගෙන හිටියා. සුද්දිගේ ඇග ලස්සනයි. අපේ කට්ටියට වඩා එතනදී නම් සුද්දි කිසි ගේමක් නැතුව කැපිලා පෙනුනා.
පිදුරංගල ගියාට අපි නම ්පුක පෙන්වන්න ගියේ නැහැ. මොකද අපිට කලින් පුක පෙන්නපු කට්ටියක් හිරේ ගිහින් තිබුනා. පිදුරංගල උඩ පරණ චෛත්‍ය නටඹුන් වගයක් තියෙනවා. එතන්ට සීගිරිය සහ අවටත් ලස්සනට පේනවා. ඒක නගින්න අමාරු මිශන් එකක් නෙමෙයි. උඩ හරියේ නම් වැටෙන්න පුලුවන් තැන් තියෙන නිසා ටිකක් අත්වැල් වැටක් එහෙම ගහනවා නම් වටිනවා. මොකද ඕවා හිට් වෙද්දි සෑම කොල්ලයි බල්ලයිම තමුන්ගේ ෆිට්නස් ලෙවල් එක ගැන කිසිම තක්සේරුවක් නතුව මුදුනට නගින්න ගන්නවා. ඉන් පස්සේ එකෙක් මැරුනොත් ඕවා තව අවුරුදු ගානකට වහලා දානවා. ඒනිසා වැටිලා මැරිලා වහලා දාන්න කලින් ආරක්ෂිත වැට ආදිය හදනවා නම් වටිනවා.
සිගිරිය බායි ඈ
සීගිරියත් බලන්න ඕනි කියලා අපි කතාවෙවි පිදුරංගල බැස්සා. බැස්සට මොකද සීගිරියට යන්න තියෙන පාරවල් වහලා. පාරේ වාහනය දාලා පයින් ගොඩක් දුර යන්න ්නි. ඒ සීගරියේ හිටිය පාලක කන්ඩායම කිසිම සපෝටිව් ගතියක් නැහැ. මේ කොවිඩ් හැදිලා ලෑල්ලට හිදිලා ඉන්න වෙලාවක මිනිස්සුත් අඩු එකේ ඇයි පාක් වහගෙන දගලන්නේ කියලා දන්නේ උඩ ඉන්න දෙයියොයි එතන හිටිය පුරාවිද්‍යා ආදී පාලක නඩෙයි තමයි. සමහර විට ඔ්‍ය වගේ තැන්වල සංචාරකයින්ට පහසුව සලසනවාට වඩා වෙනේන් වෙන වෙන මෝඩ වැඩ. ඉතින් ඒ ගනන් ඉස්සීමත් එක්ක අවට වැහි වලාකුලු ලොඩ් වෙන්න ගත්ත නිසා අපිට සීගිරිය ගැන අදහස පැත්තකට දාන්න වුනා.
කන්තලේ හරහා
ඉතින් සීගිරියේ ඉදලා කන්තලේ යන මගදි අපි කෑවා. කන්න කලින් තැඹිලි ගෙඩියක් බොන්න නවත්වන්න කියල කිව්වත් කෑවටත් පස්සේ තමයි තැඹිලි තියෙන තැනක නැවැත්තුවේ. එතැන තැඹිලි නම් සුපිරි ඈ. තැඹිලි වල්ල කැපුව ගමන්මයි. වතුර ඇත්තටම රසට තිබුනා. ඉන් පස්සේ අපි කන්තලේ හරියට යද්දි වැස්ස ලෝඩ් වෙනවා. වැස්ස වහින්න ඔන්න මෙන්න තියලා අපි කන්තලේ ඩෑම් එකේ ටික දුරක් ගිහින් පොටෝ ගැහුවා. ඉන් පස්සේ පොද වැස්සෙත් කන්තලේ වැව් බැම්ම උඩ ඉදන් පොටෝ ගැහුවා. කන්තලේ වැව් බැම්ම පටට තැනක්. ඒ වගේ තැනක් අපිට බලන්නට ආතල් ගන්නට හැදුවාට අග්බෝ 2 ඔයාට පිං ඈ.
කින්නියා බලා
කන්තලේ පැනලා කින්නියා වලට මැප් කලාම ගූගලා ඇතුලේ පාරක් පෙන්නුවා. මහවැලි ගග මූදට වැටෙන්න කලින් තියෙන ඩෙල්ටාවේ කොටසක් කියලා සැක කරන්න පුලුවන් මහා තෘණ බිම් වගුරු බිම් පහත් බිම් මැදින් අපි කින්නියා වලට ලගා වුනා. ඒ පහුකල ග්මමාන බොහොමයක් මුස්ලිම් ඒවා. ඉතින් කින්නියා වල තමයි ලංකාවේ දිගම පාලම තියෙන්නේ කියලා ඒක බලන්න හිටියත් ඒ හරියෙදි වැස්සා. ඇරත් පාලමේ මක්කා බලන්නද එච්චර දෙයක් නැැහ නෙව.
වහපු මාබල් බීච්
මාබල් බීඡ් එකේ මාබල් අලුතින් අල්ලනවාද මන්දා එතන කඩාගෙන හමුදාවෙන් හදනවා.මහ පාරේ මාබල්සි බීච් එකට හැෙරෙන තැන කිසිම දැන්වීමක් තිබුනේ නැහැ. එතන්ට ගිහින් ඇතුල්වීමේ දොර බැලුවාම එතන දැන්වීඹක් ගහලා වහලා කියලා තියෙනවා. ඉතින් අපි අමාරුවෙන් කිලෝමීටර 3ක් විතර ගිහින් හැරිලා ආවා. මට පෙනුන විදිහට මාබල් බීච් එකටත් ටිකට් කවුන්ටරයක් සවි කරලා එතනිනුත් ගානක් කපන්න තමයි ඒ ආරක්ෂක අංශ හදන්නේ.
ත්‍රිකුණාමලයට
කොළම එක්ක බැලුවාම ත්‍රිකුණාමලය පාලු තැනක්. ලොකු කලබලයක් නැහැ. වාහන අඩුයි. අපි චීන වරාය පැත්තෙන් හිමින් හිමින් ත්‍රිකුණාමලයට ආවා. ඇවිත් ටිකක් එහෙ මෙහෙ බලලා කරලා නිලාැවැලි බලා පිටත්වුනා මොකද රෑ වෙන්න කලියෙන් අපිට නවාතැනක් හොයාගන්න ඕනි නිසා. අපිට ගමන නිලාවැලි දක්වා එන්න පුලුවන් වෙයිද පොලිසියෙන් නවත්වයිද කියන බය තිබුනා. ඒ වගේම අපි බුක් කරන තැන ඇත්තටම නිලාවැලිද ඒක හොදද කියන සැකයත් තිබුනා. ඒ නිසා අපි එහෙට ගිහිල්ලම බුක් කරනවා කියලා ඇද ඇද හිටියා.
ඒ නිලාවැලි ඕෂන් කොන්ඩෝ කියලා පෙන්වුප තැනට අපි ගියා. එතන 6 දෙනකුට ගංජා ගහන්න මත් ද්‍රව්‍ය ගන්න ඉතාම සුදුසු තාලේ කොන්ඩෝ තියෙනවා. ඒත් ඒ තැන නිලාවැලි නෙමෙයි. නිලාවැලි ඉදන් කිලෝමීඨර දෙකකට වඩා ත්‍රිකුණාමලය පැත්තට වෙන්න තමයි ඒ නිලාවැලි ඕෂන් කොන්ඩෝ තියෙන්නේ. ඒ පාර අපේ අනෙක් කාර් රියේ මිතුරකට මතක තිබුනා ඊඨ කලින් ආ වතාවක ඔවුන් නැවතුන තැන. අපිට පූල් එකක් තියෙන එක අනිවාර්ය වුනා. ඕශන් කොන්ෙඩෝ එකට වඩා නිලාවැලි බීච් එක අහ සන්ස්ටාර් එක ගනන් අඩුයි. ඒකත් අපි එතන්ටට යන්නන හේතුවක් වුනා.
ඉතින් අපි ඒ සන්ස්ටාර් බීච් රිසෝට් කියන නිලැවිලි වෙරලට මීටර 500ක් විතර දුර තැනක නැවතුනා. නැවතිලා ඇගපත හෝදන්නෙත් නැතුවම අපි නිලැවැලි වෙරලට ගියා. නිලාවැලි මූලික වෙරල මඩ ගතියක් තිබුනා. අපි බහිනකොට මඩ කැලතෙනවා. එච්චරම සැරට නැතිවුනත් ඊලග දවසේ ත්‍රිකුණාමල මහජන මුහුදු වෙරල තරම් ලල් එක්ක තිබුනේ නැහැ නිලාවැලි වල. වාහන නවත්වන්න ගිය ගාන නිසා අපි නැවතත් නිලාවැලි බීච් එකට ආවේ නැහැ. ඇරත් අපි නිලාවැලි කෙරල් දූපත බලන්න ගියෙත්නෑ ඒක ස්කිප් වුනා.
රෑ
රෑ ඉතින ්සිරිත් පරිදි මිතුරන් මිලදී ගෙන තිබුන අදිමිල එතනෝල් බෝතලය පානය කලා. ඒ එක්කම ද්‍රවිඩ මිතුරන් පිරිසකුත් අපි එක්කම අපේ නවාතැනේ වෙනත් කොටසක හිටියා. ඔවුන් අපිට ඔවුන් පුලුස්සාගත් රසවත් බාබකිවු මස් දුන්නා. අපිත් අපි ගාව තිබුන බයිට් ආදිය දුන්නා. දෙමල වචනයක් අපිට බැහැ. සිංහල ඔවුන්ට බැහැ. එත් එතනෝල් වලට පුලුවන් අපි එකතු කරන්න. ඒ කරලා රෑ විදුලිය විසන්දි වීමක් තිබුන නිසා අපි හදිසියේම නින්දට ගියා.
හිතුනොත් ඊලග දවසත් ලියාල දාන්නම්..
උදෑසන තේ බොමින් |
පිදුරංගල උඩ |
පිදුරංගල |
තැඹිලි බොමින් |
තැඹිලි බොන්නන නැවතූ තැන |
කන්තලේ වැව් බැම්ම මත සිට |
කන්තලේ වැව උඩ |
මාබල් බීච් යාබදව |
චීන වරාය යාබද |
කලින් බැලූ ඕශන් කොන්ඩෝස් |
අපි නැවතුන සන්ස්ටාර් |
හෝටලේ අරලිය මල් |
මාබල් බීච් වලා ආසන්නයේ |
එළම. ඉතිරයත් ලියල දාහම්
ReplyDelete+++++++++👌🙏😊
ReplyDeleteපිංතූර ටික හොඳ කොලිටි. මොකක්ද ෆෝන් එක?🤔
Deleteඉතුරු ටිකත් දමනු.
ReplyDeleteඑල ද බ්‍රා....
ReplyDeleteනැවතුන තැන ගනන්මිනුන් කොහමද
සබ්බ පාපස්‌ස අකරණං
ReplyDeleteකුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානසාසනං
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
+++++++++++
ReplyDelete