Sunday, August 28, 2011

ඩුප්ලිකේට් ෆයිල් හොයන හැටි..(duplicate file finder) Linux

වැදගත්කම
අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්ණයක් වෙනව ඩුප්ලිකේට් ෆයිල් තබාගැනීම අපේ දෘඩ තැටිය තුල.උදාහරණ විදියට විටින් විට විශාල ප්‍රමාණයෙන් අපි ලබාගන්නා සංගීත ගොනු හැසිරවීමේදී එකම ෆයිල් එක තැන් කීපයක විවිධ නම් වලින් තිබීම කරදරයක්..ඒ වගේම ඒක අපේ දෘඩ තැටියේ ධාරිතාවය අපතේ හරින්න මූලික වෙනව..මේ වගේ අවස්ථාවල භාවිතා කරන්න කුඩා මෘදුකාංග කැබැල්ලක් තිබෙනව ලිනක්ස් වලදි..ඒක තමා එෆ් ස්ලින්ට් කියන්නෙ...(FSlint)


ගන්න ප්‍රයෝජන....
අපි විසින් දෘඩ තැටියේ ස්ථාපනය කරගනු ලබන හෝ ස්ථාපනය කිරීම පිණිස තබාගන්නා ගොනු සැකසීමත් මේ මෘදුකාංගය හරහා කරගන්න පුලුවනි....විවිධාකරයේ පාටිෂන් ගනනාවක විවිධ ස්ථානවල ඇති ඩිරෙක්ටරි සහ අනෙකුත් ගොනු ඉතා පහසුවෙන් හඳුනාගන්න පුලුවනි මේ හරහා...

රූපයේ දැක්වෙන විදියට මේ මෘදුකාංගය හරහා අපිට පුලුවනි මේ ආකාරයට මෘදුකාංගය හරහා ඩුප්ලිකේට් ෆයිල්ස් එහෙම නැතිනම් එකම ෆයිල් එක තැන් කීපෙක තියෙනකොට අපිට අඳුන ගන්න..ඒ තියෙන ස්ථානය අපිට ඒ ඩුප්ලිකේට් ෆයිල් එක ඉදිරියෙන්ම පෙන්නුම් කරනව..අපිට අවැසි කොපි එක තබාගෙන අනික් ෆයිල් එක ඩිලීට් කරගන්න මේ හරහා අපිට පුලුවන් වෙනව...


ස්ථාපනය කරගන්නා ආකාරය...
 මේ මෘදුකාංග කැබැල්ල සඳහා අපිට වැයවෙන්නෙ මෙගාබයිට් එකක්ටත් අඩු ප්‍රමාණයක් දෘඩ තැටිය තුල.පහත රූපයේ දැක්වෙන විදියට Application>>Accessories>>terminal එකට යන්න ඔන මුලින්ම...
දැං ඒක එබුවම එනව නිකම් ටයිප් කරන්න විතරක් තියෙන ස්ක්‍රින් එකක්..
ඒ ස්ක්‍රින් එක ඇතුලෙ කලින්ම අපි ඉන්නෙ ඇඩ්මින් බවට සහතික කරන්න වෙනව ඒකට අපි
sudo -s
කියන කමාන්ඩ් එක ගහනව උබන්ටු සහ ඩේබියන් මූලිකවුන ලිනක්ස් සංස්කරනවලටමේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න වෙලාවට..

ඉන් පස්සෙ 
 apt-get install fslint
කියන එක ටයිප් කරල එන්ටර් කී එක එබුවම වැඩේ ගොඩ...
දැං ඉතින් පහත පරිදි අපිට පුලුවනි  මේ මෘදුකාංගය තිබෙන තැනට යන්න....



මේ සොෆ්ටිවෙයාර් එක දාගන්න පුලුවන් ලිනක්ස් සංස්කරණ මොනවාද..

ඒකනම් හරිම ලොකු පරාසයකි ..ෆෙඩෝර සූස් වගේ ඒවත් ඩේ බියන් වලත් මේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් මැනේජර් හරහාද මේ මෘදුකාංගය කිසි ප්‍රශ්ණයකින් තොරවම ස්තාපනය කරගන්න පුලුවනි..

තව වැඩිදුර විස්තර ඇවැසිනම් මේ ලින්ක් එක හරහා ගන්න පුලුවනි. 
මට හමු උනා මේ පිළිබඳ කියවෙන වීඩියෝ එකකුත් ඇත්තටම වීඩියෝ එකෙන් බලාගන්න පුලුවනි කෝමද මේ මෘදුකාංගය එක්ක වැඩකරන්නෙ ඒක ස්ථාපනය කරගන්නෙ කියල....

 





2 comments:

  1. මේක ලිනක්ස් වලට විතරද, එක්ස් පී, සෙවන් වලට බැරිද?

    ReplyDelete
  2. සර්ච් කලාම නම් ගොඩක් මෘදුකාංග එනව..ඒත් වින්ඩෝස් වල නොදන්න මෘදුකාංග හිතුමනාපයට ස්ථාපනය කරගැනීම අනතුරුදායකයි..
    බලැති වෛරස ආරක්ෂක මෘදුකාංගයක් තිබේනම් අන්තරාය අඩුයි..

    මම දන්න වින්ඩෝස් යාලුවො කීප දෙනෙක් මේ ආකාරයෙ වින්ඩෝස් ඇප්ලිකේෂන් එකක් භාවිතා කරනව..මම අහල බලන්නම්..
    මේක නම් ලිනක්ස් විතරයි පුලුවන්...

    ReplyDelete