Thursday, August 4, 2011

කාන්තා විමුක්තිය..


කාන්තා විමුක්තිය..
කාන්තාවන්ට විමුක්තියක් අවැසියැයි කාන්තාවෝම කියති.එයින්ම ඔවුන්ට විමුක්තිය නැතැයි ඔවුන්ම කියා ගනිති.කෙනෙක් අර මහ අලි සයිස් පොතක් පෙරලන දසුනක් දමා කාන්තාව තේරුම් ගැනීම නැමැති නමක් තමා තිබුනි ඒ තරන් කාන්තාව තේරුම් ගැනීම අවුල් බව එයින් හැඟෙයි..ලංකාවේ කාන්තාවන් අයිති වන්නේ අලි හැරවීමට සිග්නල් දමන යාලේ දුවන වාහන වලටය..

අලි හැරවුයේ කෙසේද යත්...
යටගිය දවස රුහුනු රට යාල නම් පෙදෙසේ අලි බලන්නට එන සංචාරකයින්ට සේවා සපයන රියක් හසුරුවන කොල්ලෙකු වීය.ඌට මාර්ග අවසර පත් හෙවත් ලැයිසොන් නැති එකෙකි..වෙනත් පාරවල් වල යෑමට ලැයිසොන් අවැසි හෙයින් ඌ ලැයිසොන් කාඩ් එකක් ගැනීමට ඉල්ලුම් පත්තර දැම්මේය..කොල්ලා අමාරුවේන් සිග්නල් කෑලි ටික ඉගෙන ගෙන විභාගය ඉහලින් සමත් විය.එහෙත් හැකියාව පෙන්වීමේ ප්‍රායෝගික පරීක්ෂණයට ඔහු මුහුනදිය යුතු විය.ඉතින් මෙසේ පුහුනුවන අතර වැරදිම හොයන අධීක්ෂක තැන එක්වැරැද්දක් කොල්ලා විසින් කරනු හොඳින් නිරීක්ෂණය කරන ලදී එනම් වැරදි පස සංඥා එළි දැල්වීමයි.එනම් වම්පසට හරවන විට දකුනුපසට අදාල සංඥාවත් දකුණුපසට හරවන විට වම්පසට අදාල සංඥාවත් දැක්වීය..දැන් වැරදි හොයන රථවාහන අධීක්ෂක තැනට හරිම සතුටුය..හරි දැන් තමුසෙ ෆේල් නේ දැන් කියනව මට නිකමට දැනගන්න තමුසෙ මොකද ඒ දිගටම වැරදි එක දාන්නෙ...සර් මම අලි පස්සෙන් එලවන වෙලාවට වමේ සිග්නල් එක දැම්මම උන් හිතන්නෙ වමට හරවනව කියල..ඉතින් අලිය සරීරෙ ආම්බාන් කරන් වමට කපනකොට මම දකුනට හරවල යනව..අලිය බෙන්ඩ් එක හරිගස්සන් එනකොට මම හොඳ දුරක ඉන්නෙ ...ඒ කොල්ලාගේ උත්තරය විය..
ලංකාවේ ගෑනුද එසේය.කැමතියැයි පේන දැට අකමැතිය අකමැති දේට ඇලුම් කරයි ලොබ බඳියි.
විදුලිබල මන්ඩලයේ විසු එක්තරා යකඩ ගැහැනියක් පිළිබඳ රසවත් තොරතුරු කීපයක් මා සතුව ඇත.උදාහරණ දිම බණ සියයකට වඩා තේරුම් ගැනීමේ පහසුව ඇති කරන බැවින් මෙසේ කියමු.

යකඩ ගැහැනිය..01

මේ කාන්තාව වෘත්තියෙන් සහකාර ඉංජිනේරුවරියක විය.එකල අද මෙන්ම පිරිස් අතර විවිධ ප්‍රස්න ඇති කාලයක් විය.වරක් මේ ඉංජිනේරුවරිය විසින් එක්තරා රැහැන් පද්ධතියෙක් නිරීක්ෂණය කිරීමට තාක්ෂණ නිලධාරියෙක් පත්කරන ලදී.ගසක් කැපීමේ අවස්තාවක් වූ බැවින් රැහැන් බෑ යුතුයැයි තාක්ෂන නිලදරුවා සහකාර ඉංජිනේරු නෝනාට දැනුම් දෙන ලදී.රැහැන් බෑම යනු මණ්ඩලය පැත්තෙන් වෙහෙසකර ක්‍රියාවකි.එහෙත් ගස කපන්නන් එසේ රැහැන් තිබියදී ගස කැපීමට අකමැති විය.එකක් විදුලිය වැදේය යන බියය.අනික රැහැන් මත වැටුනොත් තාක්ෂණ නිලධාරියා අධීක්ෂණය කරන බැවින් අනිවාර්යයෙන් වන්දියක් ගෙවිය යුතුය.ගස් කපන්නන් ගේ ඉල්ලීමසලකා බැලු තාක්ෂණ නිලධාරියා රැහැන් බාන්නදැයි සහකාර ඉංජිනේරැවරියගෙන් විමසයි..
අදම ගහ කැපෙන්න ඕනි..තව දවස් දෙන්න බෑ ඔය වැඩේට.ඒ වගේම කිසිම රැහැනක් බෑවෙන්නත් බෑ..හරිද?/
එය  ඉංජිනේරුවරියගේ අවසාන තීරණය විය.එහෙත් ගස් කපන්නන් අකමැති වූ බැවින් නැවතත් තාක්ෂණ නිලධාරියා ඉංජිනේරුවරිය අමතයි..මිස් මේ අය කපන්න බෑ කියනව නේ..
වහා අසුනින් නැගිට්ට ඉංජිනේරුවරිය වහා රියදුරෙකු කැඳවා අදාල ස්ථානයට ගොස් ගසේ අතු පසෙකට ඇද කපා ඉන්පසු ගස කොටස් වශයෙන් කපන්නට යැයි පවසා එසේ නොමැතිව කිසිදු හානියක් රැහැන් වලට කලොත් අනිවාර්යෙන් ම උසාවි යන්නට සිදු වෙන බව පවසා..ගහ කැපෙන අයුරු පැය දෙක තුනක් බලා සිට කාර්යාලයට පැමීන ඇත..සවස කාර්යාලයට ආ සහකාර ඉංජිනේරු ඇතුලු පිරිස අමතා..හරියට කෙලින් කතා කොරගන්න බැරි බොලා පිරිමිද කියා අසා තාක්ෂණ නිලධාරියාගේ මුහුන ලැජ්ජාවෙන් රතු කරන්නට ඇය සමත් වී ඇත.

යකඩ ගැහැනිය 02

එකල විවිධ සුලු සුලු කන්ඩායම් විදුලිබල මන්ඩලයේ කඩා තිබුනේ වැඩ පහසු කර ගැනීමටයි..බොහෝ විට මොවුන් මොන මොන අවුල් තිබුනත් සතියට දෙතුන් වතාවක් එතනෝල් වලින් සප්පායම් වීම නම් අනිවාර්යෙන්ම සිදු විය.එක් පාටියක එනම් කොටසක අයෙක් දිනක් මැඩම් හමු වන්නට ආවේය..උදෑසන මැඩම් විසින් සියලු කන්ඩායම් සඳහා වැඩ බෙදා දෙනු ලබන අතැර යලිත් වටයක් උඹට තේරුනාද?/මොකද්ද?/උඹට??කියා යලිත් පැවසු දේ ඔලුවට ගියා දැයි බලයි.ඉදන් මේ පෙරට්ටුව හමාරව අයෙක් විත් ඇඹරි ඇඹරි සිටියි..
මැඩම්: මොකද සිරිපාල ඇඹරෙන්නේ තොට පනුගායද අද යන් නැද්ද වැඩට?
සිරිපාල:මැඩම් මට පොඩි කාරණයක් කියන්න තියනව මැඩම්ට.(ඇඹෙරෙමින් බිම ඉරි අඳිමින් සිරිපාල කියයි)
මැඩම්:කාරණයක්,තෝ බැඳල නේද?/ගිහින් කියාපිය තොගෙ ගෑනිට කාරනේ..මෙතන කෙකර බාන්නෙ නැතුව..අවට සිටි කාර්යාලයේ සියලුම සේවකයිනිට ඇසෙන පරිදි සහකාර ඉංජිනේරු මැඩම් කෑ ගැසුවාය.ඒ ඇසිල්ලෙකින් භූමිතෙල් දුටු ගැරඪි පැටියෙකු මෙන් වහ වහා සිරිපාල මාරු වන්නට විය.එහෙත් යලිත් මේ සිරිපාල..යැයි මැඩම් අමතන්නට වූබැවින් යලිත් හැරි එන්නට සිරිපාලට සිදුවිය.
මැඩම්: හා දැන් කියපන් බලන්න කෙපර බාන්නෙ නැතුව කාරනේ..
සිරිපාල:මැඩම් අර අපේ පාටි එකේ ආරි ඉන්නව නේද?/අර ආරි මැඩම් අර පන්සල් හන්දියෙ ඉඳල එන්නෙ..
මැඩම්:හරි හරි ඉතින් ඔය ඉන්නෙ මොකද?/ඌට මොකක් හරි අමාරුවක්ද??
සිරිපාල:මිනිහ මහ වසවර්තිය.මැඩම් මට වෙන පාටියකට දාල දෙන්න පුලුවන්ද?/
මැඩම්: ආ බොලාට හැන්දෑවට කසිප්පු කෙලල පඳුරු ගානෙ එකට බුදියං වැනි වැනි කරේ එල්ලිල ගෙවල් වල යන්න පුලුවං එකට වැඩ කරන්න බෑ.. අනෙ මගෙ කට ..පලයං යන්න..ඌ එක්ක හිටිය කියල බොට මක් වෙනවද?මොනවහරි උනොත් කියපං එතකොට බලන්නම්..දැං කේන්දර හදන්නෙ නැතුව ගිහින් වැඩක් බලාගන්න..යැයි කීය.
ගැහැනිය යනු අපසමාජයේ තැනක් නැති දෙවන පන්තියේ කෙනෙකු නොවේ..ඇය සතු තැන සදාගැන්ම ඇගේම වගකීම වෙයි..


6 comments:

  1. අන්න ගෑනු.. දැන් කාලේ ඉන්නේ වැඩිපුරම මනස්ගාත කරලා ගෙදරට නෝනල වෙන්න යන අය.. ඒකයි අමුතු විමුක්තියක් හොයන්නේ

    ReplyDelete
  2. ඔය වගේ නියම චරිත පොලිස් සේවයේ බහුලව ඉන්නවා

    ReplyDelete
  3. ඔහොම කාන්තාවන් කිහිපදෙනෙක් ගැන මමත් දන්නවා. නමුත් මේ සාමාන්‍යය නොවෙයි. සුවිශේෂය.

    අනික කාන්තා විමුක්තිය කියන එක එන්නේ වෙනත් පදනමක් එක්ක. උදාහරණයක් විදිහට භාෂාව පිරිමියි. ඒ තුළ කාන්තාව යනු පිරිමි භාෂාවේ නිර්මිතයක්. අර ලොකු පොත ගැන පෝස්ට් එක මට මතක විදිහට ඊට දාල දෙයක් ඉඟි කලේ.

    මෙතන ප්‍රශ්ණේ කාන්තා විමුක්තිය කියන එක අපේ අම්මණ්ඩිලා ගත්තු විදිහ. ඒ ටෝක් වලටනං මටත් මල පනිනවා.

    ReplyDelete
  4. හැමදේම ඉවසන් ඉන්න ගැහැනු බහුතරය සාමාන්‍ය කරනය වීමත් හරි අසාමාන්‍යයයි..

    ReplyDelete
  5. කාන්තා විමුක්තිය කියලා ගෑනු ජාතිය රට දෙවනත් කරගෙන කෑ ගහනවට මන් විරුද්ධයි.. මොකද ඔය කෙහෙල්මල් විමුක්තියකට වඩා ඕනෙම ගෑනියෙක් හෝ මිනිහෙක් තමන්ගෙ පෞරුශය හදා ගත්තා හෝ ඕනෙ කෙනෙකුට පෞරුශය හදා ගන්න අත දුන්නා නම් එච්චරයි....

    ගෑනු පිරිමි දෙකොටසම මිනිස්සු. ජෛව විවිධත්වය කොහෙටත් පොදුයි.. තමුන්ගෙ ඉඩ හදා ගන්න එක මම නම් කියන්නෙ පුද්ගල මූලික දෙයක්. සමූහයක් වශයෙන් එතන කොරන්න ඈති එකක් නෑ

    කොටින්ම ඈයි ඉන්දි මේ අයට යකඩ ගෑනු කියන්නේ? ඒක යකඩ බව නෙමෙයි. සෑබෑ පෞරුශය .... ඒ අය නියම ගෑහෑනු කියන්නත් මම කෑමති නෑ. ඒ අය නියම මිනිස්සු !!!!!....

    ReplyDelete
  6. ලිපිය නියමයි (සොරි ඒක කියන්ඩ බෑරි වුනා..) ජය!

    ReplyDelete