Wednesday, April 4, 2012

අලුත් අවුරුද්ද මොඩ් කරමු

මා දුම්රියට නගින දුම්රිය ස්ථානයේ කුඩා පවුලකි. පවුලක් කීවාට එතන ඇත්තේ දෙදෙනකි. ඔවුන් නම් මවක් සහ ඇගේ කුඩා පුතුය. බහ තෝරන යම්තම් ඇවිදින වයසෙ  පුංචි දරුවෙකි. මේ දෙදොන දුම්රිය ස්ථානයට එයි. ටික වේලාවක් මව සමග පුතා බංකුවේ වාඩි වී සිටින මුත් ටිකකින් පොඩි එකාට ඇවිදීමට උවමනා වෙයි. ඔහු ඇවිදින්නට යයි. කන්තෝරු යෑමට සැරසී සිටින ඇඳුෙමන් සිටින පොඩි ලමයාගෙ මව කොල්ලා පසුපසින් ගොස් ඔහුව අල්ලයි. දුර යෑමට නොදෙයි. ඔය විච්චූරණය අතර බිම දුවන්ට හදන කොල්ලා අල්ලා ඔහුගේ අම්මා විසින් වඩා ගනී. වඩා ගන්නා විට ඔහු ගේ මූන බෙරිය. වඩාගත් පසු කොල්ලාට කෙලින්ම බිත්තියේ ඇති පිංතූර ටිකක් පෙනේ. එනම් බුදුන් ප්‍රමුඛ මහ සංඝයා දනට වඩින පිංතූරයකි. ඒ වඩාගෙන අම්මාගේ අතේ සිටින පොඩි ලමයා අත්දෙක එකතු කර සාදු කියා අර පිංතූරයට වඳියි. එක දවසක් නොව මා කීප දිනක්ම පොඩි ලමයා එසේ කරනු දිටිමි. 
දිනක් දෙකක් මවට සහ පිරිසට මේ සිද්ධිය පෙනුනු අතර අනෙක දිනවල ඔවුන්ට මේ පුතාගේ වැඳීඹ නොදක්නා ලදී. දිනක් ඒ තරුණ මව පැවසූ ආකාරයට එ් කුඩා ලමයා දිවා කල ගත කරන්නේ ආච්චි සීයා සමගය. ආච්චි සීයා දෙදෙනා විසින් අර කුඩා ලමයාට බුදුන් දුටුකල වැඳිය යුතු යැයි උගන්වා තිබේ. ඒ නිසා අර කුඩා දරුවා වඳී..
මා කුඩා කලද එසේය. කෙතෙක් දඟ කලත් මගේ අවට සිටි අක්කලා සහ නැන්දලා මා පන්සලට එක්කරං යති. තවද සවස මල් කැඩීම පහන් තැබීම හඳුන්කූරු දැල්වීම වැනිවැඩවලට පොඩි අපි දායක කර ගැන්නට අපේ නැන්දලා ආච්චිලා සීයලා වගබලා ගති. ඒ නිසා බොහො කලක් ගතවී අද දක්වා අපි අතර ආගම සම්බන්ධයෙන් එකම ආකාරයෙ හැඟීමක් පවතී..


ලොකයෙ ්බටහිර සහ අමෙරිකානු ක්‍රමයට අනුව අද ආගමක් රහිත වෙමින ්පවතින පිරිස වැඩිය. කිනම්හෝ හේතුවකට සමහර දියුනු රටවල ආගම අදහන පිරිසහෝ දර්ශන පිලිගන්නා පිරිස අඩුවී ඇත. එය ලෝකයේ දියුණුවක් ලෙස සමහර අය සිතති. අපි කුඩාකල දකින හැම පිළිමයටම වැන්දාට ලොකුවූ පසු අපිට වැඳිය යුත්තේ කුමටදැයි අදහසක් එයි. එය බොහෝ දුරට හිතන සමහරු කිසිවෙකුටවත් නොවැඳිය යුතුයැ කියා කියති. 
අද සිංහල අවුරුද්දට ගැනත් ඇත්තේ එවන් උදාසීන ගතියකි. ඔය නැකැත් විශ්වාස කරන ගණනට වඩා නොකරන ගණන වැඩිය. නමුත් අවුරුද්දට ගෙවල් සේදීම, අලුත් ඇඳුම් ගැන්ම, කෑම රසට ඉවීම ආදි දේ තවමත් බොහෝ අය සිදුකරනු ලබයි. වෙනත් රටවල් සමග ගන්නා විට ලංකාවේ විශේෂ නිවාඩු නැත. එංගලන්ත සංචාරය සමග එංගලන්ත ජාතිකයන් බොහොමයක් ලංකාවට විත් මැච් බලයි. නමුත් ලංකාවේ අපිට සල්ලි තිබුනත් කාර්යාලවල නිවාඩු ගැටලු නිසා එවන් කාලයක් වෙන්කරගන්නට බැරිය. චීනය වැනි රටවල ඔවුන්ගේ අවුරුදු කාලය බොහෝ උත්කරශවත්ව සමරණ අතර සතියක දෙකක නිවාඩුවක් ඔවුංෙග් බොහෝ අයට හිමිය. එහෙත් අපේ රටේ එසේ නැත. අවුරුදු උලෙලක් වුවත් නිවාඩු ලැබෙන්නේ දවස් දෙකකි. ඒ දවස් දෙකට කල හැකි දේ අති සීමිතය. පුද්ගලික අංශයේ නම් නිවාඩු තිබෙන ප්‍රමාණයත් අඩු නිසා නිවාඩු ගැන්ම මහ බරපතල ගැටලුවක් වෙයි. එනිසා ගම් රටවල් වල ගොස් නිදහසේ සිටින්නට තිබෙන කාලය අඩුය...
අවුරුද්දට බොහෝ දෙනා ටීවි බලති. වැඩ අල්ලන විටත් නොනගතය විටත් ගම්බද ජනතාවෝ බොහොමයක් රූප පෙට්ටිය දිහැ කට ඇරගන බලාගෙන සිටිති. එහි යන නව අනූවක් ව්‍යාදි සහ අට අනුවක් විජ්ජා බලමින් සිටිති. සමහර නාලිකාවල යන්නේ එදිනට චිත්‍රපටය. චිත්‍රපට බලන්නට සමහරු අවුරුද්ද අවස්ථාවක් කරගනිති...
පබ්ලිස් සිල්වා සහ පිරිස කෙතෙක් කියාදුන්නත් අපේ අය ලේසියෙන් කෑමක් අලුතින් හදා ගන්නට සිතන්නේ නැත. කැවුං කොකිස් ගෙඩියේ සිට අච්චාරු ඩිංග පවා කඩෙන් මිලදී ගෙන රස කැවිල සදන අයට හොද්දබොර කරමින් අවුරුදු ගෙවා ගනිති. 

4 comments:

  1. මම හිතන්නේ දැන් අලුත් අවුරුද්ද කියල දෙයක් ඉතිරි වෙලා තියෙන්නේ මාධ්‍යය (බොහෝ විට රූපවාහිනිය) හින්ද කියල. අවුරුද්දට මාසෙකට විතර කලින්ම සුදානම් වෙන නාලිකා නැකතට ආහාර අනුභවයෙන් පස්සේ චිත්‍රපටයක් පෙන්නලා අවුරුදු උත්සවය ඉවර කරලා ඊට පහු වෙනිදා ඉඳල වෙසක් දවස වෙනුවෙන් දැන්වීම දානවා. අලුත් අවුරුදු උත්සවයක ප්‍රධාන අරමුණු විය යුතු 'නව ආරම්භයක්' කියන දේ ගැන මිනිස්සුන්ට බොහෝවිට හැඟීමක් ඇති කියල මට දැනෙන්නේ නෑ. කවුරුවත් කරන නිසා මිසක් තමන් උනන්දුවෙන් අවුරුදු සමරන්නේ කීදෙනාද?

    ReplyDelete
  2. හැම දේම වෙනස් වෙලා.. විනාස වෙලා..

    ReplyDelete
  3. අපි විඳපු අවුරුද්ද අපේ ළමයින්ටක් විඳින්න ඉතුරු කරන එක අපේ යුතුකමක් ! ජාතියක් අනන්‍ය වෙන්නේ සංස්කෘතිය නිසා !

    ReplyDelete
  4. අවුරුද්දට වත් හරියමන් නිවාඩුවක් ගන්න බැරි එක නම් ලොකුම අවුලක් තමා. Specially Private sector එකේ අපි වගේ අයට

    ReplyDelete