ඩොයිලිගේ දින පොත නැමැති පොත සකස් කර ඇත්තේ උඩරට ප්‍රථම ඉංග්‍රීසි දිසාපති ලෙස වැඩකල ජෝන් ඩොයිලි මහත්මයාගේ දිනපොත් සටහන් උපයෝගී කොටගෙනය. එම දිනපොත දිගින් දිගටම ලියා ඇති මුත් එහි 1814 වර්ශය සම්පූර්ණයෙන්ම නැති වී ඇත. එම වකවානුව වැදගත් වන්නේ 1815 මාර්තු වලදී ඉංග්‍රීසින් විසින් සම්පූර්ණයෙන් උඩරට අල්ලා ගැනීමට හේතු වූ කරුණු සහ උඩරට රජ තුමාගේ පිරිහීමට හේතු වුන කරුනු බොහොමයක් ඇතුලත් වන්නේ 1814 වර්ශයට වන හෙයිනි.
පිලිමතලව්වේ මහ නිලමේ විසින් එවකට 18වන වියේ සිටි කන්නසාමි නැමැත්තා රජ ලෙස පත්කරගත්තේ පසු කලෙක රජ කම ගැනීමේ සිතක් නිලමේ සතුව තිබුන නිසාය. මේ පොතත් ඉතිහාසයත් බැලූ බල්මට බලන අයෙක්ට සිංහලේ අවසාන රජතුමා නරක අයෙක් ලෙස දිස්වීමට හැකි වුවත් ඔහු සතුව නායකයකු සතු විය යුතු බොහොමයක් ගති ගුණ නොමඳව තිබී ඇත. අවසානයේ සිංහල රදලයින්ගේ පාවාදීම් නිසා රජතුමාට නික්මෙන්නට සිදු වුවත් රජතුමා විසින් ඉංග්‍රිසින්ට යටත් නොවීමේ දැඩි ප්‍රතිපත්ති වල නිරතව ඇත.
ජෝන් ඩොයිලි විසින් පහතරට මෙන්ම උඩරට සිටි රදලයින් සහ සාමාන්‍ය ජනතාවට තෑගි ලබාදෙමින් එම සමාජයේ තොරතුරු රැස්කරගන්නා ක්‍රමයක් පවත්වාගෙන ඇත. එවකට ජෝන් ඩොයිලි රජයේ භාෂා පරිවර්ථකයා මෙන්ම කොළඹ දිසාපති තැනද වූයේය. මෙය අති සාර්ථකව සූක්ශමව කලේ යැයි ඇතැමෙක් සඳහන් කර ඇතත් සිංහලේ රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් කිහිප විටක්ම ඩොයිලිගේ දූතයින් හඳුනාගෙන ඔවුන්ට රජකාලේ දඬවම් ලබා දී ඇත. එසේම මල්වත්ත විහාරයේ උන්නාන්සේලා ඩොයිලි සමග වැඩිපුර ඇයි හොදයි කම් දක්වනවා යැයි රජුට හැඟී ගොස් ඇති බැවින් ඔවුන් සමග තිබූ ගනුදෙනු බොහොමයක්ම රජු විසින් අඩු කොට තිබුනි. අවසානයේ ඩොයිලිගේ ළඟම හිතවතෙක් වූ වත්තල අප්පු නැමැත්තා උඩරට රජු විසින් අල්වා උල තබා මරන තැනට පත්කරන ලදී.
උඩරට රාජ්‍යෙය් වැටීම ගැන මගේ අදහස නම් ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජතුමා සැබැවින්ම සැබෑ දක්ෂයෙක් වී තිබුනි. දැනට නුවර යැයි අපට හඳුනාගන්නට ඇති නුවර දලදා මාලිගයේ කොටස්, නුවර වැව, අවට පාර ආදිය රජතුමාගේ නිර්මාණයන්ය. ඊට අමතරව ඩොයිලිගේ පොතේ සඳහන් වන අන්දමට රජතුමා වැසියන් ගැනද හොඳ අවබෝධයකින් කටයුතු කොට ඇත. උඩරට රාජ්‍යය වැටීම කෙරෙහි උඩරට රාජ සභාවෛ් එවක සිටි මහාධිකාරම් වරු සහ නිළමේ වරුන් සතුව තිබූ රාජපක්ෂ භාවයේ අඩුපාඩුව හේතු වී තිබේ. රාජාන්ඩුවක පැවැත්ම රඳා පවතින්නේ ඉහළ සිට පහලට රජතුමාගේ අණසකට යටත් වීම මතය. නමුත් ඇහැලේපොල,පිළිමතලව්වේ,මොල්ලිගොඩ ආදී ප්‍රධාන අධිකාරම් වරුන්ම රජතුමාට විරුද්ධව ඉංග්‍රිසින්ගේ පැත්ත ගත්තේය.
1806 දි පමණ සුදු හමුදාවක් නුවර ආක්‍රමනය කරන්නට ගියේ මහ නිලමේ වූ පිළිමතලව්වේගේද රහස් උදව් ඇතිවය. නමුත් ඒ මුලු හමුදාවම එකෙක් හැර සමූළඝාතනය කරන්නට රජු සමත් විය. එවන් අවස්ථාවක ඒ යටත් වූ සුද්දන්ද සමූළඝාතනය කිරීම ඩොයිලි විසින් හෙලා දැක ඇතත් අනුන්ගේ රටක් පැහැර ගන්නට ගිය කිසිම බාහිර සේනාවක් පරාජයේදී උතුම් සැලකිලි ලැබිය නොහැකිය. ඔවුන් අනිවාර්යෙන් ඒ රාජ්‍යෙය් හමුදාවෝ අතින් මරණයට පත්වීමේ අවධානම ගනිති. ඒ කන්ඩායමේ නායක වූ කැප්ටන් ඩේව් නැමැත්තා ඝාතනය වූයේ රජුගේ සිර භාරයේදීය. ඩොයිලිගේ දිනපොත් මුල් පරිච්ඡේද වල ඩොයිලිගෙන් නොයෙක් තෑගි ලැබූ අධිකාරමලා දිසාවේලා මේ ඩේව් නම් සුදු නිළධාරියා නිදහස් කර දෙන්නැමැයි කොළඹ සුදු ආන්ඩුවට කියා විශේෂ සත්කාර ලබා ඇත. නමුත් ඩොයිලි ලාට ඩේව් නිදහස් කරගන්නට ලැබී නැත. ඔහු රජුගේ සිර භාරයේදීම මිය පරළොව ගොස් ඇත.
උඩරට රාජ්‍යෙය් වැටීමට උඩරට පැවති කාලය අනුව වෙනස් නොවූ කුල පරතරය සහ රාජ්‍ය පාලනය සම්බන්ධ වත්පිළිවෙත්ද හේතු වන්නට ඇත. 1815 දී සුද්දන් උඩරට අල්වා ගත් පසුද පාතරට කරාවේ දුරාවේ මිනිසුන්ද ගොවිගම වංශිකයින් මෙන් දෝලාවලින් ගමන් කරන්නේ යැයිද එසේ කිරීම උඩරට වංශවතුන්ට නින්දාවක් යැයිද සංඝයා වහන්සේ විසින් එවකට නුවර පැමිණ සිටි රොබට් බ්‍රවුන්රිග් (General Sir Robert Brownrigg) ආන්ඩුකාරයා වෙත චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට ඇත.උඩරට පවතින කුල සම්ප්‍රධායන් එසේම තිබිය යුතු බවත් එහෙත් රාජකාරි ආදිය පිණිස පාතරට සිට උඩරටට පැමිණෙන පාතරැටියන් දෝලාවෙන් ගමන් කිරීම ගැටළුවක් කරනගෙත යුතු බවටත් බ්‍රවුන්රිග් විසින් දන්වා ඇත.
පාතරට එවකට වසර සියගනනක සිට විදෙස් පාලනයට නතු වූ වටපිටාවක් තිබී ඇත. එවන් පසුබිමක පහතරට පහත් කුලවල ජනයාට තිබූ නිදහස උඩරට විසූ පහත් හෝ ගොවිගම නොවුන කුලවල ජනතාවට නොලැබී යන්නට ඇත. රජතුමාට පක්ෂව තවදුරටත් කටයුතු කිරීමෙන් තමුන් තවත් මේ නරාවලේම මිය යෑ හැකි බවක් මහජනයාට සිතෙන්නට ඇත. ඉංගිරිසි ආන්ඩුව ආ තැන ඇහැලේපොලට රජ කම ගන්න ආශාවක් තිබු අතර ඇහැළේපොල ඒ තනතුරට සුදුස්සෙක් විය. නමුදු ඇහැළේපොල විසින්ද පෙර දිසාවේ තනතුර කල ජනයාට දැඩි පීඩා ගෙනදෙන පාලනයක් ගෙන ගිය නිසාද ඇහැලේපොල පැරණි කුල මල ආදිය දැඩිව සැලකූ අයෙකු නිසාද ඔහුගේ පත්වීමට එරෙහි උඩරට නායකයින් සිටි නිසාද ඇහැලේපොල උඩරට මහ තැනින් විසිවී ගියේය.
ඇහැළේපොලවත් මොල්ලිගොඩ දිසාවේවෙත් පිළිමතලව්වේ දිසාව වත් රජතුමා අසල බොහෝ කලක් සිටි සේවකයින් වූ නමුත් රජතුමාට තිබූ ශටකපට ගති බොහොමයක් ඔවුන් සතුව තිබු බවක් පේන්නට නැත. වඩාත් ජනප්‍රිය කතාවක් වන ඇහැළේපොල කුමාරිහාමි සහ මද්දුම බණ්ඩාර ඝාතනය කිරීම යනු ඇහැළේපොලගේ තිබූ ගොන් කම ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ඇහැලේපොල සබරගමුව දිසාව ලෙස පත්ව සබරගමුවේදී රජතුමාට එරෙහිව ඉංග්‍රිසින්ගේ උදව් ගෙන රජුට විරුද්ධව සේනා සංවිධානය කරන විට ඇහැළේපොල සිය බිරිඳ සහ දරු තිදෙනා කන්දේ නුවර රජතුමා අසල තබා යෑම අණුවන කමකි. මින් පෙර රජතුමාට එරෙහි වූ පිළිමතලව්වේ මහ නිළමේ මේ වරද නොකොට ඔහු රජතුමාට එරෙහි වන්නට බොහෝ කලකට පෙර සිය පවුල සහ දරුවන් රජතුමා සිටින මානයෙන් ඉවත් කරගත් බව සඳහන්ය.
උඩරට රජතුමාට මත්පැන් හුරුකලේ ඩොයිලි විසින් මෙහෙයවන ලද මොල්ලිගොඩ විසිනැයි කතාවක් තිබේ. මේ ඩොයිලි දිනපොතේ 1814 වර්ශය ගැන සඳහනක් නැති වුවත් නුවර මහ දිසාව ලෙස ඩොයිලි පත් වූ විට 1815 දී ඔහුට වයින් බෝතල් රාශියක් කොළඹින් යැවේ. ඒ අවස්ථාවේදී මේ පුරුද්ද තව දුරටත් ව්‍යාප්ත කිරීම සිංහල සමාජයේ ඉංග්‍රීසින්ට එරෙහි විරෝධය වැඩි වන්නට හේතු වේ යැයි සටහනක් ඩොයිලි දිනපොතේ වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මතට හුරුවීමත් ඔහුගේ විශ්වාසවන්තයින් ඝාතනය කිරීම සහ රජු සහ ඇමති මණ්ඩලය අතර විරසකයක් හට ගැනීමත් නිසා රජුට නරක කලදසාවක් උදා වීය.
ගිරවුන්,තොප්පි, ඇඳුම්, මාලු,විසිතුරු බඩු තෑගි ලෙස ගත් බොහෝ සිංහලයෝ ඩොයිලිට සිංහල රටේ විස්තර කේලාම් ලෙස කියා ඇත. ඒ අතර අපේ මහ ගරුතර සංඝරත්නයේ උන්නාන්සේලාද සිටී. උඩරට රාජ්‍යය ගැන ඉංගිරිසි දිසාපති ඩොයිලිට කේලාම් කියපු හාමුදුරුගොල්ලාද කිහිප දෙනෙක්ම සිටිති. නමුත් බොහෝ ඔත්තුකරුවන් දී ඇති තොරතුරු සැබෑ යැයිද රජතුමාට ඉංගිරිසි පාලනය ගැන ඔත්තු නොලැබුනේ යැයිද සිතීමට හැකියාවක් නොමැත. රජතුමා රට වටේටම ඉංග්‍රීසි පාලනයක් තිබියදී පවා ලංකාවට විත් උණ හැදීම නිසා පිටව යන්නට සිද්ද වුන ප්‍රංශකාරයින් සහ පැරණි ලංසින් සමග සම්බන්ධකම් පවත්වාගන යන්නට මුල් කාලයේදී සමර්ථව තිබේ. ප්‍රංශකාරයින් ත්‍රිකුණාමලයට පැමිණියත් ඔවුන්ට මෙහි වැඩිකලක් වසන්නට හැකියාවක් නොවුනේ උණ රෝගය පිරිසට වැළඳීම නිසාය.
රජතුමාද ඔහුගේ අණසක තිබුන තැන්වලදී ඉංගිරිසි ඔත්තුකරුවන්ට දැඩි දඬුවම් පමුණුවා තිබේ. ඉතිහාසය අයිති ඉතිහාසයට මිස වර්ථමානයට නොවේ. දැන් සුද්දන් අපේ රට අල්ලාගෙන ඉවරය. සුද්දන්ගෙන් නිදහස ලබා පත් වූ ජයවර්ධන, බණ්ඩාරනායක, සේනානයක,කොතලාවල ලා පමණක් නොව රාජපක්ෂ පවා පහතරට ප්‍රභූන් විය. උඩරැටියෙකු ලසෙට ලොකු තැනකට ආවේ මගේ මතකයට අනුව සිරිමා රත්වත්තේ මැතිනියත් ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාත් පමණි. සිරිමා මැතිණියටද දේශපාලනය ආවේ ශරීරයේ යට අර්ධයට පහතරට සොලමන් ඩයස් මුදලිඳුගේ පුත්‍රයාගෙන් සත්කාර ලැබීමේ පිනෙනි.
ජෝන් ඩොයිලිගේ සටහන් අතර ශ්‍රී පාදස්ථාන අඩවියේ ගවරා නමින් අං පහතට හැරුන මී හරකාගෙන් බාගයක් සයිස් වෙන සතෙකු සිටි බවත් එයින් එකෙක් අල්ලා වරක් කන්දේනුවරට ගෙනා නමුත් ඌ මසක් වත් ජීවත් වූයේ නැතැයිද සඳහන් වී ඇත. මේ සතා දැන් ඇති බවක් මා දන්නේ නැත. දැන් ඌ වඳවී ගොස් ඇතිවා විය හැක. නැතහොත් කඳුකරයේ සහ ඝන කැලෑවල සිටින අලින් උසින් අඩු පෙනුමෙන් කාලවර්ණ කුරු අලින් වනවා සේ සිරිපා අඩවියේ සිටි විශේෂ මී හරක් ජාතියක් වන්නටද පුලුවන. ජෝන් ඩොයිලි ද ඉංගිරිසින් උඩරට අල්වාගන්නට පෙර සිරිපා වඳින්නට ගොස් ඇති අතර ඒ ගමන් විස්තරයේ දුරද ඇතුලත් වාර්ථා කොටසක්ද දිනපොතේ ඇත.
අපේ රටේ මිනිසුන් සහ අපේ දේශයේ අතීතයේ පාවාදීම් කෙසේ සිදුවීද යන්න බුද්ධියෙන් විමසා බලා දැනගත හැකි කෘතියකි ඩොයිලිගේ දිනපොත. සමහර අයෙක් ඩොයිලි කපටියෙකු ලෙස දක්වා ඇත. සැමවිටම රජකමම අපේක්ෂාවෙන් වස්තු සහ බල තණ්හාවෙන් ක්‍රියාකල ඇමති මණ්ඩලය ඩොයිලිට සිය ශටකපට කම් වපුරන්නට සරු බිමක් තනා දුන්නේය. මා මේ කෘතිය බලා අදද ඒ වැනි වස්තු තන්හාවෙන් සිය ජනයාත් රට ජාතියත් ක්‍රමයෙන් විදෙස් රටවලට(චීනයට) විකුනමින් අපි නං රට ජාතිය ආගම ආරක්සා කොරනවා යැයි කට්ටියක් සද්දෙන් බෙරිහන් දෙති. සංඝයාට දුටු තැන වඳිමින් මල් වට්ටි උස්සන් විහාර වන්දනාවේ යන සුදෝ සුදු ඇඳුම් ඇඳගත් කපට නරියන් අද මෙන්ම එදාද සිට ඇති බව මේ පොත බැලූ විට වැටහේ.
පොත :- ඩොයිලිගේ දිනපොත
සංස්කරණය :- එච් ඩබ් කොඬ්රින්ටන් මහතා
පරිවර්ථනය :- ධර්ම ශ්‍රී ගුණපාල
ප්‍රකාශනය :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
මිල :- රු 125/= (1994 ප්‍රථම මුද්‍රණය)
පොතේ අංකය :- ISBN 955-20-1109-4

බොහොම වටිනා සහ ප්‍රයෝජනවත් ලිපියක්. ඔය ඩොයිලිගේ දිනපොත මට තාම කියවන්න ලැබිල නෑ. ලියල තියෙන විස්තරය කියවපුවම පොතක් අරගෙන හරි කියවන්න හිතෙනවා.
ReplyDelete----------
48 ලැබුණයි කියන නිදහස තාමත් තියෙන්නේ voice cut වල විතරයි. එක මේ රට ඇතුලේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා නෑ කවදාවත්. රාජපක්ෂ මහත්තයත් යුද්ධෙ ඉවර කරලා අපිට පාරේ බැහැල යන්න නිදහස ලබා දුන්නා. එත් නිදහස කියන්නේ පාරේ බැහැල යාමේ හැකියාව ට නෙමේ. නිදහසේ පුළුල් අර්ථය රටේ බහුතර "දේශප්‍රේමී( කියල කියාගන්න )" ජනතාව තාම තේරුම් අරගෙන නෑ. ඒ අය ට තේරුම් ගන්න දෙන්නෙත් නෑ. රටේ අවාසනාව.
ජනතාවට අවශ්‍ය දේට වඩා වැඩි දෙයක් දෙන්න ටිකක් අමාරුයි. අනික එහෙම දෙයක් දෙන්න ප්‍රජාතන්ත්‍රවාදය අනුව රජයක් බැඳිලත් නැහැ. අපේ ජනතාවට ඕනි දේවල් ටික දෙන්න තමයි අපේ රජය උත්සාහ කරන්නෙ. එතනින් එහා දේවල් දෙන්න ගියොත් වෙන්නෙ අකුලගෙන ගෙදර යන්න.
Deleteමානව හිමිකම් වලට වඩා පාරවල් ලොකුයි. අපිට බැහැල යන්න පුලුවන්. පාරවල් නැතුව මානව හිමිකම ්දුන්නොත් මිනිස්සු චන්දෙ දෙන්නෙ නැහැ..නමුත් පාරවල් හැදුවම චන්දෙ දෙනවා. ඉල්ලන දේ මිස වෙන දෙයක් දෙන්න හරි අමාරුයි මේ ක්‍රමය යටතේ.
ReplyDelete//ඇහැළේපොලවත් මොල්ලිගොඩ දිසාවේවෙත් පිළිමතලව්වේ දිසාව වත් රජතුමා අසල බොහෝ කලක් සිටි සේවකයින් වූ නමුත් රජතුමාට තිබූ ශටකපට ගති බොහොමයක් ඔවුන් සතුව තිබු බවක් පේන්නට නැත. //
මලයාලම් කාරයන්ට ආයි එව්ව උගන්නන්න ඕන නෑ අමුතුවෙන්.
ඔය ඩොයිලිගෙ දින සටහන් වගේම කියවන්න වටිනව බ්‍රවුන්‍රිග්ගෙ ලිපි එකතුකරල තෙන්නකෝන් විමලානන්ද ලියාපු "උඩරට කැරැල්ල" පොත් මාලාවත්. පාවල දුන්නු උන්දල සහ වීරයො වෙනස්වේ නිසාද මන්ද ඒ ගැන ලොකු උගත්තුත් වැඩි කතාවක් නෑ.
අගේ ඇති වැඩක් මේ ගැන ජාලෙ සටහන් කරල තියපු එක.
රජතුමා ගේ ප්‍රධාන ඇමති හෙවත් අග්‍රාමාත්‍ය වගෙ හිටියෙ ඇහැලේපොල. එතකොට ඇහැළේපොල අනිවාර්යෙන් රජතුමාගේ වස්තුව තිබෙන තැන් ටිිකක් හරිදැනෙගන ඉ්නන ඇති.
Deleteසුද්දො ඇවිත් රජතුමා අමාරුවෙන් හොයාගෙන උන්දැගෙන් විස්තර අහැගෙන වස්තුව ටික එකතුකරලා කොල්ලකාගෙන එංගලන්තයට පටෝනකල්ම ඇහැලේපොල සහ අනික් අධිකාරම්ලා ටික බකං නිලා ඉදලා තියෙනවා.
අඩුතරමෙ ජාතිය ආගම වගේ වෙළඳ සලකුනු ටික පැත්තකින් තිව්වත් අර නිධන් ටික හාරල තියාගන්න උන්ට මොලේ තිබිල නැහැ නෙව..
පොතේ මිල දැක්කම දුක හිතෙනව.අද කාලෙ බත් පැකට් එකකුත් මීට වඩා මිලයි!
ReplyDeleteපරණ පත පොත නේ..ඒ නිසා වෙන්න ඇති. මේ පොත මුද්‍රනය කරලත් දැන් වසර විස්සක් විතර නෙව.
Deleteකියවන්න වටිනා පොතක්. අද වගේම එදත් පාවා දෙන්නෝ ඉඳපු නිසා තමයි රට සුද්දා අල්ලා ගත්තේ. සුද්දා අල්ලා නොගත්තා නම් සමහර විට මීට අන්ත වෙන්නත් තිබුනා. කොහොම උනත් අපි වීරයෝ ලෙස සලකන සමහරක් අවස්ථාවාදී පාවාදෙන්නෝ. අවසාන රජු කෘර වුනේ මේ පාවා දෙන්නන් නිසා ඇතිවූ ක්‍රෝධය නිසා වෙන්න පුළුවන්.
ReplyDeleteකන්නසාමි රජගේ අවසන් කාලයේ සිටිය හමුදාවෙ මලබාර්,මැලේ,මරක්කල මිනිස්සු ඉඳලා තියෙනවා. සමහර අවස්ථාවල එකදු සිංහලයෙකු හෝ රජුගේ හමුදාවෙ හිටියෙ නැහැ කියල ඩොයිලිට තොරතුර කියපු අය කියලා තියෙනවා. කොහොම වුනත් සුද්දන් අපේ රට අල්ලාගත්තෙ නැත්තං මේක පැපුවා නිව්ගිනායාව වගේ පාරක් තොටක් නැති තැන් තැන්වලගෝත්‍රික ජනතාව පොදි ගැහිල ඉන්න කුල මල වලින් වෙන්වුන..කෘෘර දඩුවම් ලබාදෙන,තැනක් බවට පත්වෙනවා. අපි අකමැති වුන්ත අපි මෙ ඉන්නෙ සුද්ද හදපු රටේ.
Delete/* පාතරට කරාවේ දුරාවේ මිනිසුන්ද ගොවිගම වංශිකයින් මෙන් දෝලාවලින් ගමන් කරන්නේ යැයිද එසේ කිරීම උඩරට වංශවතුන්ට නින්දාවක් යැයිද සංඝයා වහන්සේ විසින් එවකට නුවර පැමිණ සිටි රොබට් බ්‍රවුන්රිග් (General Sir Robert Brownrigg)ආන්ඩුකාරයා වෙත චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට ඇත. */
ReplyDeleteමොන බොරුද හසන්ත? අපේ බුද්ධ පුත්තරයෝ එහෙම දෙසයිද?
මේවා ඩොයිලියගේ පට්ට පල් බොරු. ඩොයිලියා චැනල් ෆෝ එකේ පේ රෝල් එකේ ඉන්න ඇති.
සාමාන්‍යෙයන් වංශ කතා ආදිය ලියන්නෙ මතු කලෙක ප්‍රෙයා්ජනයට ගන්නවා කියල හොදටම දැනගෙන. නමුත් දිනපොත් ලියන්නෙ තමුන්ගේ මතය හෝ තමුන්ගේ චර්යාව ලියා තැබීම සදහා වගේ සරල දේකට. මම නම් හිතන්නෙ මේ දිනපොත පසුකලෙක ප්‍රකාශයට පත් කරාවි කියල ඩොයිලි හිතන්න නැතුව ඇති.
Deleteඇත්තටම එ කාලෙ මිනිස්සු හරි නරකයි නෙද?කෙලම් කියන නරක පුරුද්ද දැන්වගෙ නෙමෙයි එකාලෙ තිබිලනෙ.සින්හලයට බැරිම වැඩෙ නෙ ඔක
ReplyDeleteකේලම් කීමට හෝ ඇහීමට වඩා අමාරුයි කේලම් වලින් නිවැරදි තොරතුරු ෆිල්ටර් කරගන්න එක.ඒ හැකියාව ඩොයිලි ලොක්කට තියෙන්න ඇති.
Deleteලංකාවේ සිදී විදේශිකයන් විසින් රචිත බොහොමයක් පොත්පත්වල අපේ චර්යා රටාව හොඳින් විග්‍රහ කර තියනවා. ලංකාවේ තොරතුරු සඟවා ගැනීම පිණිස බොරු කියපු අවස්ථා තිබුනා කියා මම අහලා තියනවා. කෙසේ වෙතත් මේ පොත් ඓතිහාසික තොරතුරු මූලාශ්‍ර ලෙස ඉතා වැදගත්.
ReplyDeleteඒ විතරක් නෙමෙයි මේ පොත සංස්කරනය කරද්දි හෝ ඊට පෙර මේ පොතේ නෑ කියල කියන කොටස් හිතාමතාම අයින් කරලා කියලා මට හිතෙනවා.
Deleteඩොයිලි, ක්වේරෝස් ආදීන්ගේ බොහෝ පොත පත එතරම් අපක්ෂපාතී බවක් දක්නට නැහැ. ඇහැලේපොළ සහ පිළිමතලව්වේ ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇති මත බොහොමයක් පිළිබඳ මම නම් එතරම් විශ්වාස කරන්නේ නැහැ. මවිසින් මෙයට කලකට පෙර ලියූ ආඩී පිළිබඳ ලිපිවලත් මේ කරුණු සඳහන් කළා. ඒ පමණක් නෙමෙයි උඩරට ගිවිසුමත් ව්‍යාජයක් කියන එකයි මගේ මතය. මේ ගැන බොහෝ පර්යේෂණ විය යුතුව තිබෙනවා. නමුත් එය නිසි අයුරින් වන්නේ නැහැ. ආගිය තොරතුරු ලියන හසිත මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇත්තෙක්.
ReplyDeleteමේ ලිපිය ඉතාමත් වටිනවා. මැතිණිය ගැන ලියවුණු කොටස නම් සත්‍යයක්.
ඇහැළේපොල ගැන නම් මට හිතෙන්නෙ මිනිහ ඒ තරම් මීටරයක් නෙමෙයි..පහතරට සමහර පලාත් වල දිසාව වශයෙන් හිටියෙ සිංහල අය උදාහරණ විදියට සොලමන් ඩයස්,මඩුවන්වෙල ආදින් දක්වන්න පුලුවනි. නමුත් ඩොයිලි සහ බ්‍රවුන්රිග්ට ඇහැලේපොල ඒ තරම් ඇල්ලුවෙ නැහැ. බොහෝදුරට ඩොයිලිට නුවර රජකම වගේ එකක් තියාගන්න ආසාවක් තියෙන්න ඇති.
Deleteඑකම ඉතිහාසය තමයි හැමදාම එක තැන කැරකෙන්නේ.
ReplyDeleteඅපේ රටේ මිනිස්සුන්ව විදේශිකයන්ට තේරුම් ගන්න අමාරු ජාතියක්,,කාලයක් ඉදලම බලන්න ඕනා රට ඇතුලෙම
ReplyDeleteවිදේශිකයින් නම් අපිව ගාන්ට තේරුං අරගෙන අපේ පොලවෙ වවල කාල බීල ඒ මදිවට ඒව උන්ගෙ රටටත් ගෙනිච්ච. අපේ උන් ආවට පස්සෙ අපේ උන්ටික කාල අහක්වෙලා තව කන්න බලනකොට බඩු ඉවර නිසා රට ගිහින් උන්ගෙන් හිගාකාල ඇවිත් සිංහලෙන් උන්ටම බනිනවා.
Deletethanz , පොත හොයාගෙන බලන්නම්.
ReplyDeleteකවිකඳුර සහ ධවල කඩුල්ල මතක් උණා!
ReplyDeleteමෙදාපාර ගොඩගේ එකට ගියහම ඔය පොත ගන්ඩ ඕන..
ReplyDeleteමේ පොතයි.. ඔතෙලෝ නාට්‍යයයි ගන්ඩ ඕන කියලා ලිස්ට් එකට දාගත්තා.
පොතේ අලුත් පිටපත් නම් තියෙද දන් නැහැ..මේ සටහන් ටිකම වෙන කෙනෙක් පරිවර්ථනය කරලා තියෙනවා කියල මම දැක්ක ඉන්ටනෙට් එකේ..
Delete1815 ට කලින් ඔහු කලේ spymaster රෝල් එක. මීගමුවෙන් උඩරටට ගිය ඔහුගේ ඔත්තුකරුවෙක් ගෑන විස්තර තියනව.
ReplyDeleteපසු කාලයක ( මුලු රටම යටත් වූ පසුව) පසුව ආ ඉන්ග්‍රීසි ජාතිකයන් ඔහු gone native කියල හෙලා දෑක්ක.
ඔවු එතනදි ඩොයිලි තනිවුන ගතියක් තියෙනවා. ඩොයිලි මොන වැඩේ කලත් ටිකක් මැදහත් නිවුනු විදියට තමයි කලේ. ඒක එයාලගේ අයටයි අපේ අයටයි දෙගොල්ලන්ටම දිරවන්නෙ නැතුව ඇති.
Deleteඉතාම වටිනා බ්ලොග් වියමනකි. ස්තුතියි ඔබට
ReplyDeleteඉතාමත් අගනා සටහනක් අමිල මේ ගැන ලියැවුණු තවත් පොත් කීපයක්ම තියනවා මට මේ වෙලාවේ ඒ පොත්වල නං ටික අමතකයි.
ReplyDeleteඩොයිලි ලෝක අන්ඩපාලයෙක් කියන එකට ආයෙ සැකයක් නෑ.
ReplyDeleteඋග්‍ර මාක්ස්වාදියෙක් වන සුචරිත ගම්ලත් ට අනුව නම් රාජසිංහ ඔය කියන තරම් කලු චරිතයක් නෙවෙයි. පොර කරපු ගොඩක් වැඩ (පට්ට නාකි වෙලා පොඩි කෙල්ලන් කසාද බැඳීම වගේ) ඒ කාලෙ කොහොමත් තිබුනු සම්ප්‍රදායයන් ඉටු කිරීම්.
අනික (ගම්ලත් ට අනුව) රාජ ද්‍රෝහී වීමට දඬුවම ඒ කාලෙ නීතියෙ හැටියට හත් මුතු පරම්පාරාවකම උන් මරන එක ලු. ඇත්තටම ඇහැලේපොල ගෙ පවුල විතරක් මරලා රාජසිංහ කරලා තියෙන්නෙ සැර අඩු දඬුවමක්!
මේක ඇත්ත වෙන්න ඇති, මොකද අර ප්‍රසිද්ද කවියෙත් තියෙනව නෙ
නීතිය මගෙ නොවෙයි එය දැන ගත් නමුදු
බීතිය සිදු කළේ ඇහැලේපොල මැතිඳු
කියලා.
සුනේත්‍රා රාජකරුණානායක ගෙ කවිකඳුර කියන පොතේ ඔය කාලෙ ගැන සෑහෙන සාධාරනයි කියල හිතන්න පුලුවන් අකවුන්ට් එකක් තියෙනවා.
සිරිමා මැතිණියටද දේශපාලනය ආවේ ශරීරයේ යට අර්ධයට පහතරට සොලමන් ඩයස් මුදලිඳුගේ පුත්‍රයාගෙන් සත්කාර ලැබීමේ පිනෙනි. //
ReplyDeleteඅපූරු කියමනක්.සහතික ඇත්ත.මම ඔබේ බ්ලොග් එකට ආපු පළමුවැනි වතාව.මේ පොත සල්ලිවලට ගන්න ඕන කියල මට හිතුන.හැබැයි රාජාන්ඩුව අහෝසි වීම ගැන නම් මම සතුටුයි.නැත්නම් අදත් රාජසිංහල නඩත්තු කරන්න බදු ගෙවන ජනතාවට සිදුවෙනවා.සුද්දො කරපු ලොකුම සේවය රාජාන්ඩුව අහෝසි කිරීම. බ්‍රිතාන්‍යත් මොන තරම් වියදමක් කරනවද එක පවුලකට.ඒ රටෙත් ඒ ගැන විවේචන තිබෙනවා.
රාජකීයන්ට සහ නිළමේවරුන්ට තිබුන අදිකාරි බලය සිවිල් සේවයට යටත් කරලා තියන්න ක්‍රම ක්‍රමයෙන් බ්‍රවුන්රිග් විසින් උත්සාහ ගත්තා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම නැතිකරලා දාන්න නම් බැරිවුනා. ඔයින් වසර ගානකට පස්සෙ සබරගමුවෙ හිටපු මඩුවන්වෙල රටේ මහත්මයා වැනි අයත් සිංහල ක්‍රමයට ජීවත්ෙවන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා.
Deleteදැන් ඉතින් අමිල කියන්නේ එක, එක මිනිස්සුන්ට තෑගි දීලා අහගන්න කතා ඔක්කොම ඇත්ත කියලද? :)
ReplyDeleteඔය වගේ විදේශිකයන්ගේ අත්දැකීම් ගොඩක් දුරට ඔවුන්ට තේරෙන විදියට ලියලා තියෙන ගතියක් මට නම් දැනෙනෙන්නේ. මෑතදී 'වැද්දන්' ගැන පොතක් කියෙව්වා. ඒවායේ තියෙන කරුණු ගොඩක් පරස්පර විරෝධී. නැත්නම් අපිට තේරෙන්නේ නැති දේවල්. වැද්දන්ටවත් තේරෙයිද දන්නේ නෑ.
හැබැයි කියවලා බලන්ට වටිනා පොතක් වගේ. මධූ කියවලා ඉවර උණාම, මාත් ඉල්ලගෙන කියවන්ට ඕනි. :D
පොඩි කුමාරිහාමි නුවර යුගයේදීත් කුමාරිහාමියෙක්ම වුනානම් ඒ කාලය ගැන සතුටුවෙන්න පුලුවන් වෙනවා. නමුත් රොඩි කෙල්ලක හෝ පහත් කුලයක කෙනෙක් වුනානම්.. ඇතිවන තත්වය ශෝචනීයයි.
Deleteඅපායට බියෙන් මත්පැන් නොබිව් මට
ReplyDeleteඋපායෙන් පොවා යළි මා ගෙන සතුට
පපාදර සිටිය සුරතල් කුමරු සෙට
කපා දැමු හෙයින් විය සතුරන්ට රට
මන් ගාව තායනවා ඕක
ReplyDelete