අනුරාධපුර ගල්පාලම පාරේ පුරාණ නටඹුන් සිද්ධස්ථාන රැසක් තියෙනවා. එයින් විජයාරාම ආරාම සංකීර්ණය බලන්නට දේවල් තියෙන තැනක්. එච් සී පී බෙල් මහතා තරම් ඈත අතීතයේදී මේ විජයාරාම ආරාම සංකීර්ණයේ කැණීම් කටයුතු සිදුවෙලා තියෙනවා. පේන හැටියට සාමාන්‍ය අනුරාධපුරේ තියෙන නටඹුන් ආදියට වඩා විජයාරාම ආරාම සංකීර්ණයේ නටඹුන් අලුත් ස්වභාවයක් ගන්නවා. මේ විජයාරාමයට යන්නේ අනුරාධපුරයේ ඉදලා ගල්පාලම පාරේ ගිහින් .ලිංක් එක මේං https://goo.gl/maps/qfgzT4EmBtF2 .
ක්‍රිස්තු වර්ශ 7*10 සියවස් වලට අයිති නටඹුන්ය කියලා තමයි එච් සී පී බෙල් මහත්තයා එක්දාස් අටසිය ගනන් වලදී කියලා තියෙන්නේ. ඒ කාලේ එතුමා හාරද්දි මෙතන පරන මහායාන පිළිම ආදිය හම්බෙලා තියෙනවා. ඒ අනුව මේක මහායාන වැදුම් පිදුම් ස්ථානයක් කියලා සදහන් වෙලා තියෙනවා. ඒත් චෛත්‍ය සාමාන්‍ය බුදුපිළිම ආදී දේත් මේ අවට විසිරිලා තිබුනා.
ඇතැම් තැන් ගවේශනය කරන්න හාරලා. ඒ හෑරුවට පස්සෙත් ආයෙම යට වෙලා. අපි ගියේ සෙනසුරාදා දවසක. දිග සති අන්ත නිවාඩුවක් නිසා සෙනග වැඩියි මුළු අනුරාධපුරේම. සමාධි පිළිමය, රුවන්වැලි සෑය, සිරිමහාබෝධිය වගේ තැන්වල සැමන් පැක් වෙන්න සෙනග. ඒත් විජයාරාමේ අපි යනකොට අපි විතරයි සෙට් එකකට උන්නේ. ඉන් පස්සේ සුද්දො සෙට් එකක් ආවා. අනුරාධෙපුරේ පූජා නගරය බොහොම කලබල නම් ඒ වගේ වෙලාවකට යන්න කියාපු තැනක් තමයි විජයාරාම ආරාම සංකීර්ණය කියන්නේ.
මේ ඉහත තියෙන්නේ තනි ගලෙන්ම නිම වුනු පඩිපෙල සහ මුරගල්. මේවා පලලින් අඩුයි. මේ වගේ තැන් සහ පහල පිංතුරේ තියෙන කුඩා වැසිකිලි පද්ධති අනුව මේ තැන මෙහෙනින් වහන්සේලා වැඩ වාසය කල තැනක් වේනන ඇතිය කියලා අපි එක්කගිය කේ ජී කීර්තිරත්න ඡායාරූපශිල්පී මහත්මයා කිව්වා. මේ වැසිකිලි වල වාඩිවුනත් සිදුරු හෙම සෙට් වෙන්නේ පුරුෂ ලිංගය තියෙන තැනට නෙමෙයි. ස්ත්‍රී ලිංගය තියෙන තැනට. අපි වාඩිවෙලා කක්කා කරන්න ගියේ නැහැ. ඒත් ලාවට වාඩි වෙල බැලුවා මේවා කොහොමද පාවිච්චි කරල තියෙන්නේ කියලා.
මේ වගේ වැසිකිලි පද්ධති රැසක් තිබුනා. ඒ අනුව මේ ස්ථානයේ ස්වාමින් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා රැසක් වැඩවාසය කල බවට අපිට සිතාගන්නට පුලුවන්කම තියෙනවා. කුඩා ආරාමයක් වගේ ගොඩනැගිල්ලක නටඹුන් තියෙනවා. ඒ යාබදවම වගේ මේ වගේ වැසිකිලි පද්ධතියක් දකින්නට ලැබෙනවා. අපේ අය වැසිකිලි කරන වැඩේ පවා එදා හරි ලස්සනට ආට් එකට කල දෙයක්යකියලා ඉහල පිංතුරය බැලුවාම පේනවා ඇති.
මේ බුදුපිළිම වහන්සේ ගේ හිස නැතිවුනත් ඉතිරි කොටස් දෙක සැහෙන තරමින් ආරක්ශා වී තිබුනා. මේ ස්ථානයේ විශාල බුදුපිලිම තවත් හමුවෙන්නට ඇති. අපිට වැඩි විස්තරයක් දැනගන්න කවුරුවත් වැදගත් කෙනෙක් එතන හිටියේ නැහැ. කැණිම් කරන සේවක මහතුන්ට මේ ස්ථානය ගැන වැඩිදුර අදහසක් නැහැ.
මේ රවුමට තියෙන උළු වගේ තුනී ගැඩොලු ජාතියකින් හදාපු එක පැරණි ආරුක්කුවක් වන්නට ඇති කියලා තමයි අපිට හිතුනේ. එය ඉතාම සංයමයෙන් රවුමට සකස් කරලා තියෙනවා. ඒ කාලේ අද වගේ කොන්ක්‍රිට් තාක්ශනය තිබුනේ නැති නිසා රවුම ගන්න සෑහෙන මහන්සියක් වෙන්නට ඇති දොරටු වලදි.
මේත් පරණ තාලේ වැසිකිලි පද්ධතියක්. අපරාදේ කියන්නට බැහැ මේ ස්ථානය හෙවත් අනුරාධපුර විජයාරාමේ වැඩවිසූ සංඝයා වහන්සේලා හොදට මුත්‍රා කරන වැඩේ නම් කලාවටම කරලා තියෙනවා. ඒ වැසිකිලි ගිය ආකාරය විදහා දැක්වෙන පුරාණ වැසිකිලි හැම තැනම වගේ තිබුනා.
මේ මොකද්ද හැබෑට. මේ ගරාවැටුන පැරණි ආරාම සංකිර්ණයක ගල් කොටසක්. මෙතන තමයි ද්වාරය. ඒ කිව්වේ දොර. ඉහල තියෙන පිංතුරයේ පැරණි යකඩ කොටසක් පවා තවමත් යාන්තමට ඉතිරි වී තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ පැරනි යුගයේ මේ ගලට විශාල දොරක් සම්බන්ධ වෙන්න යකඩත් උපයෝගී කරගෙන තියෙනවා. ඒ සම්බන්ධකරලා තිබුන දොර බිම ඇතිල්ලිලා තියෙනඅ ාකාරයට දොර මහ විසාල එකක් වෙන්නට ඕනි. ඒ විදියට බිම ඇතිල්ලිලා ගිය පාරවලුත් මේ පහල තියෙන ගල් පතුරේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ සලකුනක් අපිට සොයාගන්න පුලුවන් උන එක ගැන අපි සතුටු වුනා.
මැද මහා ටැංකියක් වගේ තියෙන මෙතැන භික්ෂූන් වහන්සේලා නාපු තැනක්ද දන්නේ නැහැ. සෘජුකෝණාශ්‍රාකාර අවකාශයක් සහිත වලක් ආකාරයට මෙතන නිම වෙලා තියෙනවා.
මේ මුරගල් අනුරාධපුර පැරණි මුරගල් හා සමාන වෙන්නේ නැහැ. ඒත් විජයබාහු රාජ මාලිගයේ මුරගල් එක්ක ලාවට සමාන කමක් තියෙනවා. ඒ අනුව මෙය අනුරපුර යුගයේ අවසාන සමයේ කල ආරාම සංකීර්ණයක්ය කියලා අපිට හිතන්නට හැකියි.අ නෙක් පසින්පුරාවස්ථු රැසක් තවමත් හොදින් ආරක්ශා වී තිබෙනඅ ාකාරය බැලූ විට මෙය අනුරපුර යුගයේ අවසාන භාගයේ විහාර කර්මාන්තයක් කියලා තමයි අපිට හිතුනේ.
මේ තියෙන්නේ චෛත්‍ය වහන්සේ. මේ චෛත්‍යය හැම එකක්ම අද තියෙනවා වගේ බෙල් හැඩේට සුදුපාටට බැබලි බැබලි තිබුනාය කියාල හිතන්න අමාරුයි. ඒ කාලේ චෛත්‍ය වල හැඩය සැකැස්ම පවා මොන විදියට තිබුනාද කියලා අපිට කරන්න පුලුවන් නිගමනයක් විතරයි.
විජයාරාම පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත තියෙන්නේ. අපිටත් මේ තැන ගැන විස්තර කිව්වේ ගල්පාලම බලන්න ගියාම එතන හිටපු අයෙක්. ඒ ළගපාත ගල්පාලම ලග තිබුන කිරිබත්වෙහෙර හොද තැනක්ද එතන බලන්න දේවල් තියේද කියලා ඇහුවාම අයෙක් කිව්වේ එතන්ට වඩා විජයාරාමේ නටඹුන් සුපිරී.කියලා. විජයාරාමෙ කියන්නේ ටිකක් ස්ටඩි කරන්න ඕනි තැනක්.
මෙ පුරාවිද්‍යා ස්ථානයේ තඹපතක් සොයාගෙන තියෙන්නේ නිධන් හොරුන් විසින් සාරන ලද පස්ගොඩක තිබිලා. ඒ තඹපතේ එදා එච් සී පී බෙල් මහත්තයාගේ කාලේ සොයාගත්තා වගේ තඹපතක් සොයාගෙන තිබුනා 2015 වර්ශයේදී. ඒ තඹපත අනුව මෙතැන මහායාන අදහස් තිබුන තැනක් බවට පිලිගැනීම් තියෙනවා. මකර තොරන් කැටයම් ආදියෙත් මහායාන ගති ලක්ශන තියෙන බව තමයි විශ්වාස කෙරෙන්නේ. කුලතුංග කියෙන ආචාර්යතුමා කියපු විදියට මේ ආරාම සංකීර්ණයේ පිවිසුම තියෙන්නේ අභයගිරිය දෙසට. මහාවිහාරය තිබුනා යැය ිසැලකෙන මූලික පූජා භූමියට දුරින් අභයගිරිය ආසන්නයේ තමයි මේ විජයාරාමය තියෙන්නේ. ප්‍රසිද්ධ නටඹුන් තියෙන තැන් එක්ක බැලුවම මදක් ඈතින් තමයි මේ පුරාවිද්‍යා ස්ථානය තියෙන්නේ.
පුරාවිද්‍යාව විශයක් විදියට හිතුවාම මේ නටඹුන් අයිති ක්‍රි.ව 8-11 කාලයට අනුව විදෙස් රටවල අපිට ආසන්න ඉන්දියාව, ඉන්දුනීසියාව, සියම් රට , රාමඥ්ඤ දේශය ආදි රටවල නටඹුන් එක්ක මේ අපේ නටඹුන් ස්ථානයේ සමානකම් මොනාවද කියලා හොයන්න පුලුවන්නම් වටිනවා. මොකද මේ කාලේ වගේම ඒ කාලෙත් ලෝකයේ රටවල් එකිනෙක සම්බන්ධයි. එතකොට ඒ තැන්වල තියෙන පුරාවස්තු සහ අපේ ඒවා අතර සහසම්බන්දතා තියේනම් ඒවා සොයාල බලලා ඉතිහාසයේ හිදැස් සම්පූර්ණ කරගන්න අපිට අවස්තාවක ්ලැබෙනවා.
අනුරාධපුරයේ යන හැම වෙලාවකම අපි මහ නඩයක් රුවන්වැලි සෑහේ බසවක්කුලම වැවේ, සිරිමා බෝදියේ යනවා. ඒත් ටිකක් වෙනස් විදියේ නටඹුන් ස්ථාන රැසක් මේ අනුරාධපුරය ආසන්නයේ තියෙනවා.ඒවා ගැන අධ්‍යනය කරන එක ඒවා බලන්න යන එක හැකිනම් ඒ පුරාවිද්‍යා අංශ වලින් තොරතුරු අහලා බලන එක වටිනවා. මේ වගේ ආරාම සංකීර්ණ කියලා හොදටම පේන්න තියෙන තැන් වල වැදගත්කම අද හොයාගන්න වෙලා තියෙන්නේ නිධන් හොරුන්ගේ පස් ගොඩවල් මතින්. අපේ ඇත්තෝ ඉතිහාසය ආගම ජාතිය කිව්වොත් මරාගන්න යනවා. ඒත් නිසි ආකාරෙන් බැලුවේ නැතොත් ් තැන් වල නිධන් හාරලා විනාස කරනවා.
මේ ස්ථානවල කවුරුහරි මුස්ලිම් ඇත්තෙක් හෝ දෙමල ඇත්තෙක් නැගලා පොටෝ එකක් ගැහුව නම් ඔන්න මෙතනත් නැතිවුනා විනාසවුනා කෙලවුනා ය කියලා සෝසල් මීඩියා කලම්බාවි ඒ නිවුස් එක. ඒත් මේ තැන් නිකම්ම තියෙනකොට කාගෙවත් හව්හරණක් නැහැ. අපේ ප්‍රකට තැන ්වගේම අප්‍රකට පුරාවිද්‍යා ස්ථාන ගැනත් අපි අවධානේ දෙන්න ඕනා. ඒ තැන්වල හාස්කම් නැතත් අපේ පොඩි උන් එක්ක ගිහින් ඒ තැන් බලන්නට කියන්නට ඕනා. ජාතිය ආගම ගැන වරු ගනන් දෙසාබාන රූපවාහිනී සාකච්චාවකට නෙරවගෙන නිදි කිරනවාට වඩා මේ වගේ තැනක් බැලුවාම ඇත්තටම අපේ මුතුන් මිත්තන්ගේ වැඩ කිඩ ගැන පොඩි කික් එකක් ඇගට එනවා.
මේ පහල ඇති මගේ වීඩියෝ එක. වීඩියෝ කලාව මට ටිකක් ආගන්තුකයි. ඒත් තැනක් ගැන විස්තර කරද්දි වීඩියෝ දත්ත වැදගත්. ඉතින් ඔයාල ඒකත් හැකිනම් බලලා අඩුපාඩු පෙන්නලා දේවිය කියලා හිතනවා. ඒ වගේම පොඩි හරි දෙයක් අලුතින් දැනගත්තානම් මේ පෝස්ටුව පේස්බුක් එකේ එහෙම සෙයාකරන්නත් අමතක කරන්න එපා. අපි තාම පරණ මිනිස්සු. තොරන් සයිට් වල වගේ ඇඩ් නෑ, අරක බලන්න මේක බලන්න මෙතන ඔබන්න කියල ලිංක් ඔබ්බල නැහැ, මහා නිවුස් චැනල් වල වගේ බූස්ට් කරන්න සල්ලි නෑ. ඉතින් ඔහෙලා සෙයාකරන ටිකකින් තමයි අපේ බ්ලොග් වල හිට් රේට්ටුව රදා පවතින්නේ.

අනුරාධපුර ඉදං මේකට යන මාර්ගය මොකක්ද අමිල? අද තමයි මෙහෙම තැනක් ගැන ඇහැව්වෙත්.
ReplyDeleteඅනෙ මචං දැන් ගූගල් මැප් හරි දියුණුයි.. උඹ අනුරාධපුරේ විජයාරාමේ කියලා මැප් එකේ ගැහුවම බබා වගේ පාර එනවා..අයේ අතනින් මෙතනින් අහන්න ඕනි නැහැ.
Deleteඅනුරාධපුරේ ගියාම ගොඩ දෙනෙක් යන්නෙ හැමෝම යන ජනප්‍රිය තැන් වලට විතරයි. ඒ ගිහිල්ල නිකං බොරුවට මිනිස්සු ගොඩේ කිසිම දෙයක් හරියට බලාගන්න හම්බවෙන් නෑ. මේ වගේ තැන් තමයි බලන්න යන්න ඕන.
ReplyDeleteමේ තැන සංවර්ධනය කරලා තියෙන්නේ මෙතන තියෙන වනගත පරිසරය නිසා. අනුරාධපුරේ මූලික සිද්ධස්ථාන වගේ කාශ්ඨක පරිසරයක නෙමෙයි මේ සිද්ධස්තානය තියෙන්නේ. එක ගමනක් මේක වැඩිදියුනු කරන්න උත්සාහ කරල තිබුනෙත් මෙතන තියෙන නිස්කලංක සීතල පරිසරය නිසා.
Delete++++++++
ReplyDeleteඔබ කියන කතාව සහතික ඇත්ත. මමත් ගියා ඔක්තෝබර් මාසෙ. බලු බල්ලෙක් නෑ. හැබැයි සමහර ගොඩනැගීම් අති විශිෂ්ටයි. බටහිර ආරාම කියන්නෙත් මේ ප්‍රදේශයටම නේද?
ReplyDeleteඅපිට හරියට බලන්න වෙලාවක් තිබුනේ නැහැ. ගොඩාක් නටඹුන් තියෙනවා. අක්කර විසිතුනක් කියලා තමයි විස්තර වල තිබුනේ.
Deleteplus code : 99VV+GW Anuradhapura
ReplyDeletePlus codes work just like street addresses. When an address isn’t available, you can use a plus code to find or share a place on Google Maps, like your home or business