පහුගිය දවසක යාලුවෙක් එක්ක කතා කර කර ඉන්න ගමන් එබෝලා ගැනත් කතාවුනා.
ඈ බං එබෝල ලෙඩ්ඩු ටික ඕකකෝම එකතු කරලා කාරුවත් නැති දූපතකට දාලා තිව්වොත් හරි නේද? මම කිව්වා.
ඔවු නේ..එතකොට ඒ අයට වෙනම සලකලා අනික් අයට පැතිරෙන එක නවත්තන්න ඇහැක් වේවි. මිතුරා කිව්වා..
ඒත් එක්කම මිතුරා තව අදහසක් ගෙනාව. ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් ඒඩ්ස් හැදිච්චි මිනිස්සු ටික වෙන්කරලා එක තැනක ගාල් කරලා බෙහෙත් කරන්න පුලුවන් නම් ඒකත් හොදයි. එ්ඩ්ස් හැදුන උනුත් තැන් තැන්වල ගිහින් අනින හින්දනේ ඒක පැතිරෙන්නෙ.. යාලුවා තව කතාවක් එකතු කලා.
මේක හරිම කෲර කතාවක්. එතනදි අපි බොහෝවිට ඒ අය මැරෙන්න ඉන්න අය කියලා සලකලා ලෙඩ්ඩු ටික සාමාන්‍යයෙ සමාජයෙන් පැත්තකට කරලා තියනවා. ඒකෙ අවුලක් මටඒ වෙලාවෙ නොපෙනනුනාට මේ ෆිල්ම් එක බැලුවාම ඒක මහ නරක සිතුවිල්ලක් කියලා හිතුනා.
මිනිස්සු කියන්නෙ විශාල මතක ධාරිතාවක් තියෙන සමාජීය සත්වයෙක්. මේ ලගදි වසර ගණනාවක් තිස්සෙ පතලක හිරවෙල හිටපු මිනිහෙක් හොයාෙගන තිබුනා චීනෙන්. ඒ මනුස්සයාගේ මානසික තත්වය දුර්වල වෙලා තිබුනා කියලා වාර්ථා වල තිබුනා. ඕනිම මසුස්සයෙක් ජීවත්වෙන සාමාන්‍ය සමාජයෙක් තරමක් ඈත් වුනාම මානසික වැටීමක් සිද්ද වෙනවා. ඒ වගේම කාත් කාරුවත් නැති විදියට අසරණ කරලා සිරගත කලාමත් ඒ අය මානසිකව ඇද වැටෙනවා.
දැන් කාලෙ නම් අහම්බෙන් එකතැනකට එකතු වෙන මිනිස්සු (උදාහරණ විදියට බස් නැවතුම්, දුම්රිය ස්ථාන, දුම්රිය, බස්, පොදු ස්ථාන,ව්‍යායාම කරන තැන්) ආදියෙදි මිනිස්සුන්ට තම තමන්ගෙම ලෝකවල ජීවත්වෙන්න පුලුවන් හැකියාව , අලුත් මොබයිල් ෆෝන් සහ ස්මාට් ඩිවයිස් සංකල්පය නිසා. කෝච්චි පෙට්ටියක යන ලංකාවෙ මිනිස්සු පවා ඉස්සර වගේ එකිනෙකා අදුනගන්න උස්සාහ කරන්නෙ නැහැ. එක එක්කෙනා තම තමන්ගේ පෝන් වලි්න කෝල් ගන්නවා, සිංදු අහනවා, සමහරු ගේම් ගහනවා, ඉන්ටනෙට් යනවා... ආදී දේවල් කරනවා.
මේ ෆිල්ම් එකේ කියවෙන්නෙ අවධානම් සහගත තත්වයක ඉන්න පිළිකා රෝගියකුගේ සම්බන්ධතාවයන් ගැන. ෆිල්ම් එකේදි ඒ අවධානම් සහගත තත්වයක ඉන්න අය මානසිකව මුහුනපාන ගැටළු ආදිය ගැන ස්වල්ප වශයෙන් වුනත් ටිකක් ගැඹුරින් කතා කරනවා. ෆිල්ම් එක ඒ වගේ පිළිකා රෝගී යොවුන් වියේ දෙන්නෙක් ගේ ආදර කතාවක්. පැය දෙකහමාරක් තිබුනත් කදිමෙට ගලායන විදියට ෆිල්ම් එක හදලා තියෙනවා.
පිළිකා රෝගීන් කියන්නෙ මරණයට ගොඩාක් අවධානමක් තියෙන පිරිසක්. සමහරු තමුන් මැරෙනවා ය කියලා හොදටම දන්නවා. ඒ වගේම පිළිකා වාට්ටුවක් ගත්තොත් ඒ අසල වටපිටාවෙ ඉන්න දැන අදුනගත්ත අය මැරෙන එක අනික් රෝගීන්ට පේනවා, දැනෙනවා. මැරෙන්න ඉන්න රෝගියෙක් දිහා ඒඅය ජීවත්වෙන සමාජයේ සමීපතමයින් දක්වන්නෙ විශේෂ සැලකිල්ලක්. ඒ නිසා ඒ පිළිකා රෝගින්ට සාමාන්‍ය ජීවිතයක් සාමාන්‍ය සමාජ වටපිටාවක් ගොඩනගාගන්න මොන රටේදි වුනත් අපහසුයි.
හුදෙක් ආදර කතාවකට එහා ගිය එවැනි රෝගීන්ගේ මානසික මට්ටම් ගැන කතාකරන හොඳ ෆිල්ම් එකක් විදියට තමයි The Fault in Our Stars මම දකින්නෙ. කොයික වුනත් ආදර කතාබලන්න ආස අයට. විචිත්‍ර ලෙස දේවල් දකින්න ආස අයට වුනත් වරදක් නැතුව බලන්න පුලුවන් එකක්. ෆිල්ම් එකේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර අලංකාර රූපරාමු කිහිපයකුත් ඇතුලත් වෙනවා.
IMDB Link :- http://www.imdb.com/title/tt2582846/?ref_=nb_watch_?ref_=nv_wl_img_1

ඇත්තටම මෑත කාලය මම බලපු හොඳම ෆිල්ම් එක. කතා දෙකක් නෑ
ReplyDeleteරුසියන් කාරයත් හොඳයි කියනවනම් පිචර් එක බලලම එන්නම්කෝ
ReplyDeleteමට තාම මේක බලන්න වුනේ නෑ.. බලන්නයි හිතාගෙන ඉන්නේ..
ReplyDeleteහොඳ ෆිල්ම් එකක් වගේ, හොයන බලන්න ඕන, මම බැලුවා එකක් එකේ ඔරිජිනල් ඩී වී ඩී එක මගෙන් මොකෙක් හරි යාලුවෙක් උස්සලා, මට දැන් නම මතක නෑ, එක බැලුවේ මට කම්පියුටරයක් නැති කාලේ, උසස් පෙලට රොටරි යන කලේ හැම මාසෙකටම දෙකක් උස්සන් එනවා, කොහොම හරි ඒ කතාවේ පෙම්වතා දරුණු හදවත් රෝගියෙක්, පෙම්වතිය පිළිකා රෝගියෙක්, දෙන්න දෙන්නට දුක් දෙන්න අකමැති නිසා තමන්ගේ ලෙඩ දෙන්නගෙන් හංගනවා, ඉතිරිය හිතා ගන්න. දන්නවනම් එකේ නම හොයලා දියෝ.
ReplyDelete