Saturday, August 3, 2013

Rathupaswala Weliweriya අවියෙන් දුන් වතුර




පිරිසිදු වතුර තවනම් ලිංවල ද නැත..
නාන සෝදනා ජලයද විස වි ඇත
පේන පේන හැමතැනකම විපත ඇත
යන එන දනා හැම සෝකෙන් බරව ඇත..


ආගම් බේද ජාතිය කුල පසෙක තබා
කූඹින් වගේ ගම විසු සැම එකතු වෙලා
ස්වාමින් වහන්සේ සුරුවම් පෙරට දමා
රතුපස්වල ඇත්තො සටනට පෙරට ගියා..


පැය ගානක් දින ගානක් ගෙවිල ගියා
මහජන විරෝධය ගානක් නැතිව ගියා
පැක්ටරි වැසුම ගැන පොරොන්දු පිරිල ගියා
පොරොන්දු නම් ගමටම උතුරලා ගියා..


මර බිය නැති කරනු පිණිසම පේ වෙච්චී..
මර වින තුමත් මහජනයට සෙට් වෙච්චී
මර වින කරනු මිස විනයක් නැති වෙච්චී
ඒකා හූව කාගෙන ගොස් නැති වෙච්චී..


වතුර ගැන කතා දිග දිග ඇදුන නමුත්
කිසි වෙනසක් වෙන්නේ නැහැ නෙවද තවත්
කියලා පිරිස රැස් වී මහ පාරෙ තවත්
ඉදිරියටමැ ගියා බිය නැති වී ගියා ලෙසින්..


කඳුලු ගෑස් වතුර බැරැල් දැක්කෙ නැත
රබර් උණඩ නම් කිසිවෙකු දැකල නැත
ජීව උණ්ඩ කොපු තැන තැන දැකල ඇත
සෝන වගේ විය වැලිවේරිය දසත..


රටට ආදරේ ජන මන සුව පිණිස වන
රජය හරිම ආලය පෙන්වා යසට
ජහමන වෙතට අවි ගෙන පෙන්වා රගට.
පවස නිව්ව හැටි කදිමයි බලන්නට..


නරක වතුරු බී මියැදෙනු කමක් නෑ..
මැරෙන කොට ලැබෙන ගරු කම් ලොවෙත් නෑ..
වැනෙන විපක්ෂය මේවා දකින් නෑ..
ආශ්චරිය දැක දැක අපි සැලෙන් නෑ..






5 comments:

  1. වැනෙන විපක්ෂයක් නිසා තමයි මේ කරුමේ.

    ReplyDelete
  2. මොකුත් නොකියමි

    ReplyDelete

  3. wenenne thoge ata dekada

    ReplyDelete
    Replies
    1. වැනෙන්නෙ නැත්තං ඒක අවුලක් නේද? වැනෙන්නෙ නැතුව ඇතුලෙ තියනවා කියන්නෙ ඔපරේෂන් කරන්න ඕනි කේස් එකක්..

      Delete
  4. Meka gayapu eka kawi bana kiyanntath naraka naha

    ReplyDelete