Tuesday, August 6, 2013

මැරුනට වතුර ලැබුනද?

ශරීරයට සාෙප්ක්ෂව මිනිහාෙග් කපාල ධාරිතාවය වැඩිය.ශරීරෙය් බරට සමානුපාතිකව ෙමාලෙය් බර වැඩිම සතා මිනිහාය. නමුත් ෙලාව වටා සිටින සියලුම ෙහා්ෙමා් ෙස්පියන් ෙස්පියන්ස්ලා ඒකම අකාරයට සිතන පතන අයවලුන් ෙනාෙවති. සමහර ජන සමූහයා වඩාත් ක්‍රමානුකූල ශිෂ්ඨාචාරයට අනුගත වී අැති අතර තවත් අප්‍රිකානු දකුනු අැමරිකානු සහ අග්නිදිග අාසියානු කලාපවල සුළුතරයක් ශිෂ්ඨාචාරගත ෙනාවී පැරණි ෙගා්ත්‍රික පන්නයටම ජීවත් ෙවති.

ඒ් අතර ෙගා්ත්‍රිකත්වයත් ශිෂ්ඨාචාරයත් අතර වූ විෂාල මනුෂ්‍යෙයා් ප්‍රමාණයක් ෙලා්කෙය් ෙවෙසෙති. ඒ අතරින් සමහර රටවල මනුෂ්‍ය කැළ දිගු කාලීන සැලසුම් සකස් කිරීමේ සමතුන් වෙති. ඔවුන් ඔවුන්ට ඇති සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගෙන බොහෝ මනුෂ්‍යයින්ට සතුටින් ජීවත් විය හැකි ආකාරයට සිය පාලන ක්‍රමයන් සකස් කර ගනිති. ඒ වැනි රටවල මනුෂ්‍ය ශරීරයකට ඇති වටිනාකම වැඩිය. කොටින්ම එවන් රටක සුනඛයෙකුට පවා විශාල වටිනාකමක් ඇත.

අප වැනි රටවල ඇත්තන්ගේ කපාල ධාරිතාවය පෙර කී මිනිසුන්ගේ තරම්ම භෞතිකව දියුනු වුවද අපි වැනි රටවල ඇත්තෝ බොහෝ විට කොට සිතුවිලි වලින් යුක්ත වෙති. සිදුවීමක් හෝ දෙයක් දෙස බලන මාන සහ කෝණ ගනන කුඩාය. එවන් රටවල සිටින පාලක පාලිත සියල්ලෝම සිටින්නේ බියෙනි. විවිධ සමාජිය, මානසික සහ ආර්ථික හේතුන් මත බොහෝ විට එවන් රටවල මනුෂ්‍යෙයා් සතුටින් සිටිනවා යැයි නොපෙනේ. එවන් රටවල මනුෂ්‍යයින්ගේ ක්‍රීඩාව, කලාව, සාහිත්‍ය සම්බන්ධ ශිෂ්ඨාචාරගත නැඹුරුවද අඩුය. වෙනත් ප්‍රයිමේටාවන් සිය රූපයන් රූපවාහිනියේ දකින විට ප්‍රතිචාර දක්වනවා සේ ඔවුන්ද ප්‍රතිචාර දක්වති. දෙයක් ගැඹුරින් සහ පුළුල්ව සිතා බලා ප්‍රාෙයා්ගිකව සිතීමට ඇති ජනයා අප වන් රටවල අඩුය. නමුත් ඇතිකරගත් යම් යම් අධ්‍යාපනික කුශලතාවයන් නිසාද අඩුපාඩු දැකීමේ නොමද හැකියාව නිසාද මේ රටවල ඇත්තන් දෙයක වැරදි දැකීමට නම් උපන් හපන්නුය. නමුත් වැරදි වලට පිලියම් යෝජනා කිරීමත් ඒවා බිම් මට්ටමටම ක්‍රියාකාරී කරගැන්මටත් බොහෝ මනුෂ්‍යෙයා් අසමත්ය.

වාරිමාර්ග තැනීමේ ලංකාවේ වගකීම ඇත්තේ රාජ්‍ය ආයතන ව්‍යුහයන්ට වෙති . නමුත් රට පුරා ඇති වාරිමාර්ග නිසි අයුරින් ප්‍රමිතියට අනුකූලව අවශ්‍ය අයුරින් නිසි කලට නඩත්තු නොවන බැව් ගොවි ජනයා නන් දෙසින් මැසිවිලි නගති. මෙවන් ගැටලු ලේසි පාසු ඒවා නොවේ. මේ දේවල් වලදී ජනයාට ගොවිතැන් බත් කරගැන්මට නොහැකි වීම හේතුවෙන් නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුන පාන්නට සිදු වේ. මෙවන් විපත් වලට බොහෝ විට පසුපසින් ඇත්තේ රටේ නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහලට පැමිණි නිළධාරින් සහ ඒ හා අත්වැල් බැදගත් පාලක පිරිසය. හුදෙක් පාලක පිරිස පමණක් මේවැන් කාරණාවලදී වැරදිකරුවන් කිරීමට වම් පසට බර පක්ෂ සහ පුවත් සේවා සමත් වෙති. නමුත් මේ වැනි කාරණා බොහොමයක පිටුපසින් චීන මහා ප්‍රාකාරය මෙන් සවිමත් නොසෙල්වෙන අකාර්යක්ෂම රාජ්‍ය දේහයක් සහ එහිම සිට එයම කමින් ජීවත් වෙන නිළධාරි කැළක් සිටින බැව් අපේ ජනයාට මොහොතකට අමතක වෙති. අපිට පිටතින් සතුරා සිටින විට අපිට පහර දීමට ලේසිය. එවිට ඌ අපේ එකෙක් නොවේ. නමුත් ඇතුලේම සතුරන් සිටින අපේ රටේ මිනිසුන් නිතරම වෙනත් දිහාවල් වලට ඇඟිලි දිගුකරමින් සිය මානසික සතුට නිබඳවම ළඟා කර ගනිති.

ඇල් වතුර සම්බන්ධ ගැටළුවන් දැන් අපේ රටේ ගම්පහ පළාතේ පැනනැගී එයින් කිහිප දෙනෙකු මිය පරළොව ගොස් ඇත. එවන් යමක් ඇතැයි කිසිදු අන්තර්ජාලයේ එතරම් හාවක් හූවක් නොවූ කලෙක මා මට ඇසුනු යමක් බ්ලොග් අඩවියේ පළ කලෙමි. එයින් පසු දින මේ අවාසනාවන්ත සිදුවීම සිදු විය.

මේ පුවත තුල ඇති දුක්ඛදායක වතුර ගැටළුව වනාහි සරල එකක් නොවේ. මේ අතර පළ වූ සමහර වාර්ථා වලින් කියවුනේ ගම්පහ යන පළාතේ භූගත ජලය සම්බන්ධ ගැටළුවක් කලක පටන් තිබෙන බවත් මේ කර්මාන්ත ශාලාවට අදාල නැති ගම්පහ පළාතේ තැන්වලද භූගත ජලය අපිරිසිදු වී ඇති බවකි. එයින ්ගම්‍ය වන්නේ කර්මාන්ත ශාලාව කිසිවක් සිදු නොකලේය යන්න නොවේ. නමුත් කර්මාන්ත ශාලාවෙන් වරදක් වී නම් එයට කර්මාන්ත ශාලාව වැරදි යැයි සාධක අනුව සොයා බැලීම කළ යුතුය. එසේ නොමැතිව මේ ප්‍රෙද්ශයේ ජලය වෙනත් භූගත හේතු නිසා දූෂණය වී නම් එයද සලකා බැලිය යුතුය. මහ පොළවේ වතුර නරක් වීමට ඇති එකම විශාලම හේතුව කර්මාන්ත ශාලාව පමණක් නොවේ. වෙනත් හේතුද තිබිය හැක. කර්මාන්ත ශාලාව වැසූ පමණින් එකවර ජලය පිරිසිදු වී හතරමහ නිධානය පහල වූවාක් මෙන් ක්ෂණික විසඳුම් ලැබෙන්නේද නැත.

ජනතාවගේ දෙසෙන් නැගෙන චෝදනා සත්‍යය. වත්මන් පාලක සහ නිළදාරි පැලැන්තියේ පොරොන්දු විශ්වාස කිරීම කළ නොහැක. අනික වතුර වැනි ගැටළුවක් කල් දැමීමද කළ නොහැක. ඔවුන් ඔවුන්ට හැකි පමණින් විරෝධය පළ කොට බොහෝ දෙනෙක් තුවාල ලබා කිහිප දෙනෙක් මිය පරළොව ගියෝය. නමුත් පාලකයින් නිළධාරින් සහ රටේ බුද්ධිමත් මාධ්‍යෙව්දින් සහ අනෙක් උගතුන් සිතිය යුත්තේ අර ගැමියන් සිතන අයුරින් නොවේ. ඊට වඩා එහා ගිය ගැඹුරක් දැකීමට අනෙක් පිරිස සමත් විය යුතුය.

නිරායුධ මිනිසුන්ට වෙඩි කෑමට ලැබීම ආශ්චර්යමත් දෙයකි. එය උතුරේ දකුනේ හෝ ලෝකයේ කොතැන වුවත් පිලිකුල් සහගත වැඩකි. එහි කිසිදු තර්කයක් නැත. නමුත් මේ සිද්ධිය තුල ඇති දේශපාලනය තැන් තැන්වල තබා සිල්ලරට කිරීමෙන් මේ ජනයාට ඇතිවෙන සෙත කිම? එනම් මේ හමුදාව පැමිනීම වෙඩිකෑම සහ එය උතුරට සෙට් කර කිරා බැලීම තුල අර පීඩාවට පත් මහජනතාවට ඇතිවෙන කෙංගෙඩිය මොකද්ද?

ඔවුන්ට බොන්නට වතුර ලැබේද?

තවත් සිරි ලංකාවේ කර්මාන්ත ශාලා මේ වගේ ඒවා ඇතිවිය නොහැකිද?

ලංකාවේ මේ කර්මාන්ත ශාලා වැනි ඒවා පටන් ගන්නට පෙර ගතයුතු වාර්ථාදිය ගියේ කොහිද? කර්මාන්ත ශාලාවලින් පිටවන දේවල් ගැන බැලීමට අපේ යාන්ත්‍රන නැතිද?

තවදුරටත් මේ මිනිස්සු පිඩාවට පත්වෙලා තියෙන්නෙ කර්මාන්තශාලාව නිසාම නම් ඒ කර්මාන්ත ශාලාවෙන් විපතට පත් අයට වන්දියක් ලැබෙන්නෙ නැද්ද?

මෙවන් අපිරිසිදු ජලය පිරිසිදු කිරීමේ විධිමත් යාන්ත්‍රන තිබේද?

මා කලකට පෙර මගේ අඩවියේම හුවමාරු කල වීඩියෝවක තිබුනේ යුනෙස්කෝ ආධාර යටතේ කල්පිටිය දූපත් වල ජනයාට ළිං වතුර පිරිසිදු කරගැන්මේ ක්‍රොෙමා්පායන් හඳුන්වා දී ඇති ආකාරයයි. එහිදී ඒ සුද්දන් සහ ලංකාවේ බුද්ධිමතුන් එකතු වී කල්පිටියේ කිවුල් ලිං වතුර භාවිතයට සුදුසු මට්ටමටම පිරිසිදු කරගෙන තිබුනේ ලිඳ අවට ඝන සැරට කඩොලාන ශාඛ වැවීමෙනි. මෙවන් කඩොලාන ශාඛ ගොන්නක් මැද මිරිදිය පවතින අකාරය විදහා දක්වන රූපරාමු කොටසක් ලයිෆ් ඔෆ් පයි නැමැති සම්මානනීය සිනපාටයේද අඩංගු වුනි. සමහර ගස් ජාති ජලයේ ඇති අහිතර දේ උරාගනිති. එසේත් නැතිනම් ජලයට විවිධ ඛනිජයන් එකතු කරගැන්මෙන් ජලය පිරිසිදු කරගැන්මේ ස්වාභාවික ක්‍රමද ඇත. ඇත්තේ ආම්ලික ගතිය නම් කිවුල් ජලය පිරිසිදු කිරීම් තරම් සරල නොවිය හැක. නමුත් ගැටළු වලට විසඳුම් තාක්ෂණය හරහා හෝ සොයාගත යුතුය. අලුත් අලුත් දෑ සොයාගන්නට බැරි වූ කල ඉතිරි වන්නේ මර ගී ගයමින් ලැගීම පමණකියි මෙයට වසර හැට හැත්තෑවකට එපිට කුමාරතුංග මුණිදාසයෝ කියා ඇත.

වැසි ජලය එකතු කර භාවිත කිරීම් වැනි විකල්ප වැඩසටහන් මේ වැන් වතුර අඩු පළාතකට යෝජනා කළ හැකියි නේද?

මේ කියන කාරණාව කෙනෙක් විහිලු ලෙස දැකිය හැකි මුත් මා ජීවත් වූ හම්බන්තොට ප්‍රෙද්ශයේ කලක් මෙවන් ජල ටැංකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුනි. මා දන්නා ආරණ්‍ය සේනාසනයකට වතුර ලබාදීමට එක් ප්‍රබලයෙක් උත්සාහ කල අතර ඒ සිද්ධියට අදාල ස්වාමින් වහන්සේ නමක් කියා සිටියේ වැසි ජලය ඉතිරි කරගත හැකි ක්‍රමයක් නල ජලයට වඩා යෝග්‍ය විය හැකි බවයි. මන්ද ශ්‍රී ලංකාවේ බිල් වැඩිවෙන තාලයට අනුව ටික කලකින් වතුර බිලද මිනිසුන්ට ගෙවාගත නොහැකි මට්ටමට ළඟා විය හැකි බැවිනි. කොළඹ මහනුවර වැනි තරමක් දූෂිත වායු වටපිටාවක් ඇති පැතිවලින් වැටෙන වතුර කෙලින්ම බීමට ගත නොහැකි විය හැක. නමුත් ගම්පහ වැනි පලාත්වල වැසි ජලය පෙරා ගැන්මෙන් පසු කෙලින්ම බීමට ගත හැකි මට්ටමේ තිබිය හැක. මේ වැසිජලය එකතු කරගැන්මේ විවිධ ක්‍රමවේද ඇත. පොළව යට ඉදිකරනු ලබන විශාල ටැංකි සහ පොළොව මත ඉදිකරන ටැංකි වල ජලය එකතු වේ. වහලට වැටෙන ජලය නිසිලෙස පෙරා සුදුසු පරිදි ටැංකි ගත කොළහොත් සති කිහිපයක් යනතෙක් ඒ වතුර භාවිත කළ හැකි බැව් මා අසා ඇත.

මා ජීවත් වූ හම්බන්තොට පැත්තට වඩා කොළඹට වැටෙන වැසි ප්‍රමාණය වැඩිය. කොළඹ වහින බොහෝ අවස්ථාවල ගම්පහටද වැසි වැටේ. මසක් පමණ වැසිජලය ගබඩා කරගත හැකිනම් බොහෝ වැඩ කටයුතු වැසි ජලයෙන් කරගන්නට හැකියාව ජනයාට ලැබේ. අඩුතරමේ බොන්න සහ අත්‍යාවශ්‍ය ඉවුම් පිහිම් කටයුතු වලට හෝ මේ පිරිසිදු වැසිජලය භාවිත කල හැකි වෙනු ඇත. දුප්පත් ජනයාට මේවා ඉදිකරගන්න මුදල් අමාරුය. එක්කෝ මහ ආණ්ඩුවෙන් සල්ලි දිය යුතුය. නැතිනම් දානපතියන් හෝ රාජ්‍ය නොවන සංවිධාන වලින් ද්‍රව්‍යමය හෝ තාක්ෂණික වශයෙන් ආධාර ලැබිය යුතුය. රාජ්‍ය නොවන සංවිධාන බෙහොමයක් දැන් ලංකාවේ අක්‍රිය වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන ගසා කති. නමුත් සුවල්ප හෝ සහනයක් ඒවා හරහා මහජනයාට ලැබුනි. දැන් ඒකත් නැත.

අර මනුස්සයින්ට වතුර බට දැම්මාට පන්දාහකට අධික ජනයාට වතුර ලබාදෙන්නට පාරේ මහ බට වල ඇති වතුර ඇතිවෙයිද?

එසේ වතුර මදි වුවොත් ඒ මහ බටයෙන් වතුර ලැබෙන අනික් මනුස්සයින්ට වෙන්නෙ මොකද්ද?

මීට අමතරව කල්පනා කරන අයකුට දැනට වතුර ගෙනයන බටයක් සිදුරු කොට තවත් පන්දාහකට වතුර ලබාදීම තුල ඇතිවෙන ගැටලු බොහොමයක් කල්පනා විය හැක. සැබැවින්ම ලංකාවේ ගම්පහ පළාතට ඇති පානිය ජලය විශාල වශයෙන් ලබාගත හැකි තැන් කොපමණ තිබේද? ඒවායේ ධාරිතාවය කෙතෙක්ද යන්නයි. යම් විදියකින් සියල්ලන්ටම හැටට හැටේ වතුර බෙදාගෙන ගිය පසු හැමෝටම දවසට පැයකට දෙකකට වඩා වතුර ලැබෙන්නේ නැති විය හැක. එය හරියට ලංකාවේ ගම් දනව් වලට ලයිට් දෙනවිට ගැමියන්ට ගෙවාගන්නටත් අපාසු මට්ටමකින් ලයිට් බිල අහස උසට නගිනවා වන් වැඩකි.

මේ කර්මාන්ත ශාලාව ගැන තිබුන වරුණා අනුව මෙය ලෝකයේ තෙවන අත්වැසුම් නිශ්පාදනා ගාරයක් ලෙස තැනක හඳුන්වා තිබුනි. ඔවුන් නිසි ජල ප්‍රතිකාර ක්‍රම භාවිත කළ බව දිවුර දිවුරා එහි පාලකයින් මහ ජනයාට කියලා තිබුනි. කෙසේ වුවත් මේ කර්මාන්ත ශාලාව ඔය කියන තරම් අලි විසාල ධාරිතාවයක් සහිත එකක් නම් මේ අප ජලය පිරිසිදු කිරීම ඔවුන්ට මහ කජ්ජක් වන්නේ නැත. මේවා යට ගහන්නට එක එක දේශපාලුවන්ට මෙවන් කර්මාන්ත ශාලා වලින් මුදල් පොම්ප කළ යුතුය. එසේ කිසිවෙකුට මුදල් නොදී පගා නොදී මෙවන් කර්මාන්ත ලංකාවේ ඇති කල හැකි නම් ඒ මනෝ ලෝකවල පමණි.

මා අසා ඇති පරිදි ටයර් සහ රබර් ආශ්‍රිත කර්මාන්ත යනු දැඩි ලෙස පරිසර දූෂණය කරන කර්මාන්තයෝය. සමහර දියුනු රටවල එවන් කර්මාන්ත සඳහා දැඩි පාරිසරික රාමු ඇත. එලෙස ඇති රාමු තුල නීති රෙගුලාසි නිසිව ක්‍රියාත්මක වන විට ඒ කර්මාන්තයෝ එවන් රටවල කිරීම කරමාන්ත කරුවන්ට පාඩුවකි. එබැවින් අප වැනි තමුන්ගේ ගෙදර ගාවින් කුණු ටැට්ටෙරේ ගියත් අනුන්ගේ වත්තට කුනු වැටෙනවා නම් සද්ද නැතුව ඉන්නට හැකි භක්තිමත් ජනතාවක් සිටින රටවල් එවන් කුණු වැඩි කර්මාන්ත කරුවන්ට ආශිර්වාදයකි. ලංකාව යනු කර්මාන්ත අරඹන්ට සුදුසු රටක් ලෙස ලෝකයා හඳුනා ගත් රටක්නොවේ. මෙහි ඇති සුවල්ප කර්මාන්ත පවා එක්කෝ මේ රටේම සිටින කවුරුහෝ අමාරුවෙන් කරන ඒවාය. නැතහොත් ගාමන්ට් වැනි පිටරට සිට පිනට ලබාදෙන කර්මාන්තය. එසේ නොවන කර්මාන්ත ශාලා ඇත්නම් බොහෝ විට ඒවා ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ පමණි.

මෙවන් කර්මාන්ත ශාලාවෝ ඇතිවීමට එක් සරල හේතුවක් වැලිවේරිය තුන්වෙන මරණයෙන් අපිට ලබාගත හැක. ඒ මැරුණ අය ෆැක්ටරියක වැඩකරන අහිංසක කම්කරුවෙකි. ඔහුගේ මිනිය වලදා ගන්නට පවා මුදල් නැති බව ඒ අම්මා පවසා තිබුනි. බොහෝ අයට වෙඩි තැබීම පෙනුනත් එවන් මනුෂ්‍යයින් මුහුන පා ඇති දුර්දාන්ත තත්වය නම් වැටහෙන්නේ නැත. එවන් රැකියා විරහිත පිරිස වැඩිවන විට අවධානම වැඩි කර්මාන්ත වලටද මනුෂ්‍ය ආකර්ශනය වැඩිය.

ඩිෆිකල්ට්, ඩර්ටි, ඩේන්ජරස්...අමාරු, කැත, සහ අවධානම් සහගත රැකියාවන් මේ දිනවල ලක්ෂ ගනන් වලට ලංකාවේදී සේල් වෙයි. ඒ කොරියානු රටේ රස්සාය. එසේ ලැබෙන ිසියලු රැකියා අමාරු කැත හෝ අවධානම් රැකියාය. එවන් රැකියාවකට මනුස්සයෝ කොරියානු රටේ සොයාගත නොහැකිය. එබැවින් ලංකාවෙන් මිනිස්සු කොරියාවට ගොස් ලොකු සල්ලියක් සොයා ගනිති. නමුත් ඒ යන්නෙත් ලංකාවේ මධ්‍යම පාන්තික යමක් කමක් සුලු බලයක් ඇති පිරිසය. එයිනුත් හැලී ගිය ජනයාට ඇති වී ඇති ව්‍යසනය ගැන නිසි රූපයක් කිසිවෙක් ළඟ නැත.

මා මේ වටින් ගොඩින් කීවේ රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වැසීමෙන් එහි වැඩකල සේවකයින්ට ඇතිවන තෙරපීම කිසිවෙකු මෙතෙක් නොසලකා ඇති බවකි. රස්සාවක් නැතුව ආන්ඩුවෙන් ජීවත් වීමේ හැකියාව ඇමරිකාවේ නවසීලන්තයෙ නම් හැකිය. නමුත් ලංකාවතුල එක් මනුස්සයෙක්ට රස්සාව නැති වීම දරු පවුලක් අසරණ වීම මහමගට වැටීම දක්වා දිගුය. සමහර විට අරගෙන ඇති ණය ආදිය නිසා ඔවුන්ට ගොඩ ඒමට හැක්කේ කවදාදැයි ඔවුන්ටම සිතාගත නොහැක. කර්මාන්ත ශාලාව කෙතෙක් අපිරිසිදු වුවත් පාලකයා නරුමයෙක් වුවත් අපිට අහිංසක මනුෂ්‍යෙයා් නම් ගම් වැසියෝ පමණි යන නරුම සිතුවිල්ල මත තීරණ ගැනීම එතරම් හොඳ නැත.

මා විශ්වාස කරන්නේ ගමේ බෝක්කු උඩ රැකියාවක් නැතිව ගංජා ගහන උන්, රස්සාවක් නැතිකමට ගාමන්ට යන කෙල්ලන් ලංකාවේ අන්තර්ජාලය භාවිත කරනවා අඩුය. ඇත්තේ බොහෝවිට සමාජ සම්මතයන්ට අනුව උගත් පිරිසකි. ඔවුන්ද කවුරු හෝ වෙඩි තැබූ විට තුවාලය දෙස බලන්නේ නැතුව වෙඩි තැබූ එකාගේ ජාතකය හොයා උන් ගැන දැඩි වෛරයකින් ක්‍රෝධයෙන් බලති. නමුත් අන්තර්ජාලයේ සිටින පිරිස බුද්ධිමත් යැයි මඳකට සැලකුවොත් මගේ නම් අදහස උඹලා පට්ට ගැමියන්ය. කොටින්ම ඉස්සර අපේ තාත්තා සමඟ මා අයිස් පැකට් බොන්නට පුංචි මහත්තයාගේ කඩේට ගිය විට ඇසුන කතාවලටත් වඩා මේ බුකියේ සහ සමහර බ්ලොග් වල දැක්ම පටුය. බොහෝ ජාලගත වැසියන්ටද අවශ්‍ය රස බයිට් එකකි. පට්ට ගැහීමට නිවුස් එකකි. පහරදී මැඩීමට සතුරෙකි.

13 comments:

  1. පිස්සු නම් කතාකරන්න එපා වැහි වතුර එකතු කරන්න.තනිකරම චින්තනයට විරුද්ධයිනෙ මොකද ඒකට වැහිපීලි දාන්න වෙනව ඒකෙන් ඩෙංගු මදුරුවො බෝවෙනව.වතුර නැතුව ඉන්නව වගෙද ඩෙංගු හැදිල මැරෙන්න වුනොත්.වෙන ඒකක් තියා තව ටික දවසකින් රම්පෙ වවන එකත් තහනම් කරයි හෝ දඩ ගහයි.

    ReplyDelete
    Replies
    1. දැලිපිහිය වුනත් වැරදි අය අතට ගියාම වැඩේ සවුත්තු වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ග්‍රාම නිළදාරි මහත්තය, පී ඇච් අය් මහත්තය, පොලිස් නිළදාරි මහතෙක් ඇතුලත් රාමුවක් තියෙනවා. ඒ රාමුව ඇතුලෙ යන්නෙ නැතුව එක එක්කෙනාට හිතුමතේට වැඩ කරන්න ගියාම අවුල් ඇතිවෙනවා.

      Delete
  2. Mama Ansathu Dinapoth itha aashawen kiyawana blog ekaki.Kese wuwada,mehi bhawitha karana bhashawe uktha akyatha sambandhaya anthimay.Ese wanne Chathuranga eya wuwamanawenma nosalaka hara nam ,eya ohuge aythiyaya.Mak nisada,meya ohuge blog eka bawini.Maa keewemi,Maa keeweya,Api kiyaay,Maa wisin kiyay ,Manushyan wethi,Owun karay....,mewa waradiy! Mama keewemi,Api kiyamu,Maa wisin kiyana ladee,Owuhu karathi,Manushyayo karathi.Ape bhashawa apita aadambarayak neda?Meya constructive criticism ekaki.Sthuthiy!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් අන්තර්ජාලය ආවට පස්සෙ ඉංගිරිසි බාසාවෙත් යම් යම් සුලු වෙනස් කම් වුනා. ඉස්සර නිවුස් කියපු බර සාර විදියට දැන් නිවුස් කියන්නෙ නැහැ. ටිකක් කලින්ට වඩා සරලයි. බී බී සී වුනත් එහෙමයි.
      අපේ සිංහල බාසාවේ යනවා කියන එක අතීත කාලෙන් කියන්න විධි හතර පහක් තියෙනවා. ගියා, ගියේය, ගියෝය, ගියාය, ගිය සේක ආදි වශයෙන්. නමුත් ඔ්‍ය කියන මොක යෙදුවත් අදහසේ කිසිම වෙනස් වීමක් මට පේන්නෙ නැහැ. නංගී ගියේය කිව්වත් නංගී ගියාය කිව්වත් ඒ දෙක අතර වටහාගන්න බැරි තරම් විසාල අවුලක් නැහැ. මේ වගේ බාසාවේ කිසිදු අර්ථයක් නොපෙනෙන ව්‍යාකාරණ ආකාර වෙනස් වී කථන බසත් ලිඛිත බසත් මිශ්‍ර ජනයාට කියවන්න ආස හිතෙන තැනකට බාසාව පැමිණිය යුතුයි කියලා මම හිතනවා.

      මම ලියන කාරණෘ වල ඇතුලත් දේ මනුෂ්‍යයින්ට මගේ වචන සහ වාක්‍ය හරහා තේරුම් ගන්න පුලුවන් නම් මම හිතනවා එයිට එහා දෙයක් ඕනි නැහැ. එක්තරා කලෙක ලංකාවේ ඉගනගන්න හැකියාව ලැබුනෙ පංසල ඇසුරේ හිටපු යම් කිසි නිළ සහ ධන බලය හිමි පිරිසකට විතරයි. නමුත් අද ඒක හැමෝටම ලැබිලා තියෙනව. ඉතිං අර කලිං අපේ බාසාවෙ තිබුන රාජකිය ගතිය බාසාව ඇතුලෙ තියෙන කටෝර ගතිය ඇරලා අද භාවිතයට සුදුසු වෙන විදියට කස්ටමයිස් කරගත්තට කමක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

      Delete
  3. ඔබ විසින් ඉදිරිපත් කර අැති අදහස් ඉතා කාලෝචිත බව මම දපිලිගනිමි. නමුත් ඔබ විසින් අමතක කර අැති කරුණ නම් මෙම ඛේදවාචකයට වගකිවයුත්තන් පිලිබදව සදහන් නොකිරීමයි. මෙය ස්වාභාවික සිදුවීමක පුතිඵලයක් නම්, ඔබ විසින් අන්තර්ජාලය භාවිතාකරන්නන් හට "උඹලා පට්ට ගැමියෝ" යයි සමච්චල් කිරීම සාධාරණ වියහැක.(මෙහිදී "ගැමියෝ" යනුවෙන් අදහස් කරන්නේ "නූගත්" යන්න මිස ග්‍රාමීය පලාතක ජීවත්වන්නා නොවේ.) මෙම සිදුවීම් මාලාවම මිනිස් ක්‍රියාකාර කම් වල ප්‍රතිඵලයන්ය.
    මිනිසුන් ඒ පලාතේ පදිංචං වී සිටීම.
    ඒ වැනි පරිසරයක ජීවීන්ට අහිතකර අපද්‍රව්‍යය පිට කරන කර්මාන්තශාලාවක් පිහිටුවීම.
    වගකිවයුතු අායතන වලින් ඒ සදහා අවසර ලබා දීම.
    අපද්‍රව්‍යය පිටකිරීමේදී අනුගමණය කලයුතු ක්‍රමවේදය නොසලකා හැරීම.
    පලාත්වාසීන් විසින් තම ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වී අැතිබවට කරනලද පැමිණිලි නොසලකා හැරීම.
    ඉන්පසුව ජනතාව දිනකහිපයක් පුරා සාමකාමී උද්ඝෝෂණ වල නිරතවීම සහ ඒයද නොසලකා
    හැරීම.
    අධිකරණ්‍ය විසින් කර්මාන්තශාලාව වසාදැමීම පිලිබදව තීන්දුවක්දීම දින 22න් කල්දැමීම.(උද්ඝෝෂණය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම අැරඹෙන්නේ ඒ අධිකරණ තීන්දුවෙන් පසුවය.)
    ජනතාවගේ ඒදිනෙදා මූලික අවශ්‍යයතාවයක් වන ජලය පිලිබදව බලධරයින් විසින් ක්ෂනිකව ගතයුතු ක්‍රියාමාර්ග අතපසු කිරීම.
    උද්ඝෝෂණය විසුරුවා හැරීමට පෙර සාකච්චා මට්ටමින් විසදීමට කිසිදු වගකිව යුත්තෙකු ඉදිරිපත්නොවීම.
    සාකච්චාවනට යයි කියමින් අාරක්ෂක ලේඛම් වරයා ඉදිරිපත්වීඹ හෙවත් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යාම.
    ඉන්පසු අැති වූ අවාසනාවන්ත සිදුවීම්.

    ඉහතසදහන් සියළු සිදුවීම් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒ තුලින් අහිතකර ප්‍රතිඵල අැතිවන ක්‍රියාකාරකම් වලින් වැලකී සිටියානම් මෙහි අවසානය මෙතරම් අනවේදනීය නොවනු අැත.
    .


    හැරීම.

    ReplyDelete
    Replies
    1. වැඩ කල් දැමීම කියන එකත් අත්‍යාවශ්‍ය වැඩ කල් යෑම කියන එකත් රටේ පරිපාලන දේහය ඇතුලටම කිඳා බැහැපු දෙයක්. වඩා මනුෂ්‍යයින්ට හිතකර වටපිටාවක් තනනවා වෙනුවට එක් එක් මතිමතාන්තර සහ පුද්ගලයින් ගොඩයන ක්‍රමයක් තමයි අද තියෙන්නෙ.

      මෙතනදි ජල සම්පත් මණ්ඩලය දීපු වාර්ථාවක තමයි ජලයේ පී ඇච් අගය අඩුය ඒවා බොන්න නුසුදුසුය කියලා තියෙන්නෙ. ඉතිං ඊට කලිං ඒ වාර්ථාව රරජජයේ රස පරීක්ෂක හරහා ගන්න ඒ ගම්වල ඉන්න මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ට හැකියාවක් තිබෙන්නට ඕනි.

      අපි දැක්කා අවසාන ජවනිකා වල ලංකාවේ ඉන්න ජනප්‍රිය පූජක වරු ජනප්‍රිය මිනිස්සු ඒ සිද්ධියට බැහැල තියෙනවා. ඇයි ඔය වෙඩි තිව්වට පස්සෙ සුව දුක් හොයන්න ගිය, රනිල්, ෆොන්සේකා, මැල්කම් රන්ජිත්, සහ අවශේෂ පොරවල් වලට අර කලිං උද්ඝෝෂණ කරපු වෙලාවෙ යන්න බැරිවුනේ. උද්ඝෝෂනය දිගින් දිගටම මාධ්‍ය වල ගියා. ඒත් හෙඩ් ලයින් එකේ යනකල් කවුරුත් ඒවා ගනන් ගන්නෙ නැහැ.

      ඒ වෙලාවෙ ඒ මිනිස්සුන්ගේ බර කරට ගන්න කවුරුත් නැහැ. නමුත් මිනියක් ආවම මිනිය කරගහල ගොඩයන්න මිනිස්සු ගොඩායි.. මොකද මිනියක තියෙන දේශපාලනික වටිනකම වැඩියි. මම මතුකරන කාරණාව වෙන්නෙ සිද්ධිය තුල ඇති පොපියන බුබුලු වලට ලැබෙන ආකර්ශනයෙන් අරික්කාලක් වත් සිද්ධියට යොමුවෙන්නෙ නැති එක ගැන.

      Delete
  4. වැසි ජලය එකතු කරගැනීම සඳහා කලයුතු මූලික වැඩකටයුතු වලට යන වියදම ගැන ඔබ දන්නවාද?.එදා වේල අපහසුවෙන් සරිකරගන්න මිනිසුන් මේ මුදල් සපයා ගන්නේ කෙසේද?.මේ ජනතාවට එරෙහිව කලේ මුළුමනින්ම අපරාධයකි.එය කිසිසේත්ම සාධාරණී කරණය කල නොහැක.

    ReplyDelete
    Replies
    1. ඔය මූලික වියදම අඩුකරගන්න ක්‍රම තිබෙනවා. සාමාන්‍යෙයන් එක් අයකු ලොකු ටැංකියක් ගහනවාට වඩා සමූහයක් විදියට ටැංකි ඉදිකරන එක වාසිදායකයි. ඔය ටැංකි ඉදිකරගන්න මුදල් නැති මිනිසුන්ට අනිවාර්යෙන් ඒකට සහනයක් තියෙන්නත් ඕනි. නමුත් සහනය කියන්නෙ කිසිම වටිනකමක් දැනෙන්න නැතිවෙන්න ටැංකියක් ගේ ඉස්සරහාට මවල දෙන එකනම් නෙමෙයි.

      Delete
  5. ඔබ ගැමියා කියන්නෙ කාටද?
    සියලු සමාජ ආයතන කුණුවී ඉහඳ පනුවන් ගසා ඇති වකවානුවක තුවාලය දෙසට වඩා තුවක්කුව දෙස , උණ්ඩය එවිමට අණදුන් එකා දෙස නිවැරදිව බැලීම වඩා නිවැරදි නොවේද?
    මේ තුවක්කු නිහඬ කල යුතුයි. තුවාලෙට විතරක් බෙහෙත් කරලා වැඩක් නෑ. නිහඬව හිටියොත් ඔබට හෝ ඔබේම අයෙකුගෙ ඔලු කට්ට පසාරු කරගෙන වෙඩි උණ්ඩ ගමන් කරයි. ඔයා හෙන පට්ට නාගරිකයෙක් වගෙ කතා කලාට ඔයත් හොඳ ගම් මැට්ටෙක් තමා. එක නිසා තමා වැලිවේරියේ ප්‍රස්නෙ ඔයාට වතුර සම්බන්ධ ප්‍රස්නයක් විතරක් වෙලා වැහි වතුර ටැංකි විසඳුම් ගැන කතා කරන්නෙ. එහෙම නැතිනම් ගම හම්බන්තොට නිසා ඇඳුම් ඇන්ඳට ලැජ්ජාව නැතිව ඇති.
    ලංකාවේ නොවේ ලෝකේ ඕනම රටක සිදුවෙන බොහෝ දේ දේශපාලනිකයි. ලෙනින් දිනලා සාර් රජ පෙලපතේ නොදරුවෝ පවා මරා දාන්නේ ඇයි? අනිත් උන්ට ඔලුවට වෙඩි තියාගෙන යටත් නොවී ජීවිත පූජා කරන්න නියෝග දීපු චේ ගූ වේරා ඔහුව නොහඳුනන සොල්දාදුවෙකුට` මම චේ., මාව උඹලට වටිනවා ` කියලා ටික වෙලාවකට හරි පණ බේර ගත්තෙ ඇයි?
    ඒ විදියට බලද්දි අදටත් ජීවතුන් අතර ඉන්න විජේවීර දරු පවුල හා ඝාතනය වූ ආර්. ප්‍රේමදාස පිලිබඳව අප දේශපාලනිකව කියවිය යුත්තේ කෙසේද?
    වැලිවේරියෙ පටන් ගත්තේ වතුර ප්‍රශ්නයක් තමා. එත් ඒක අවසාන වෙලා තියෙන්නේ අපේ රටට විතරක් නෙමේ. මුලු ලෝකයටම බරපතල අනතුරු ඇඟවීමක් ඉතුරු කරමින්.
    උතුරේ යුද්දයේ අවසාන කාලයේදි මනුෂයත්වයට නිගා දෙන බොහෝ දේ සිදු වී ඇති බව ශ්‍රී ලාංකීක සිංහලයෙකු ලෙස මා පිලි ගන්නවා.අප ශිෂ්ට සම්පන්න ජාතියක් නම් කල යුතුව තිබුනේ එම වැරදි පිලිබ්ඳව ඉතාමත් විනිවිද භාවයෙන් යුත් පරික්ෂණයක් සිදු කර වරදකරුවන්ට නිසි දඳුවම් පැමිනවීමයි. එහෙත් බොහෝ වැරදි සිදු වී ඇත්තේ ඉහලම අයගේ සෘජු නියෝග යටතේ බැවින් තමන් විසින් තමන්ටම වෙඩි තබා ගත නොහැකි කමේ හෙවත් කෑදරව රස බැලූ බොජුනක දිරවාගත නොහැකි කරුමය පලකයින් ගෙවමින් සිටී.
    ඔවුන්ගේ කරුමය අපට නම් කමක් නැත. එහෙත් වැලිවේරියේදි ඔවුන් අත්හදා බැලුවේ උතුරේ යුද්දයේදි කටයුතු කල ආකාරය දකුනට ආදේශ කල හැක්කේ කෙසේද යන්නයි.
    ගම් මැට්ටා වන මගේත් , නගර මැට්ටා වන ඔබගේත් හිස මත හෙට දිනයේ කඩාපාත් වෙන හෙණ ගෙඩිය එයයි. ඔබගේ, මගේ බිරිඳ, දුව දූෂණය කර මරා පයින් ගසමින් විනෝද වන ෆෝන් වීඩියෝ ක්ලිප්ස් ලොව පුරා සැරි සරන ඇරඹුමක තිඹිරිගෙය වැලිවේරියයි.
    ඔබ වැලිවේරිය සිදුවීම වෙනුවෙන් වැහි වතුර ටැංකි විසඳුම් සොයමින් ඉන්න. එයින් එක් ටැංකියට පැන දිවි නසා ගැනීමට හැකි වුවහොත් එයද වාසනාවකි. මන්ද මිනිමරු රෙජිමයෙ කුලී හේවායන් ඔබට නිදහසේ සියදිවි නසා ගැනීමටද ඉඩ නොදී සිටිය හැකි බැවිනි.

    ReplyDelete
    Replies
    1. පඩ ඇරලා උඩ යන්න පුළුවන් නම් මිනිස්සු රොකට් හදන්න මහන්සි වුන එක තේරුමක් නැහැ කියලයි මම හිතන්නෙ.

      Delete
    2. මිනිස්සු රොකට් හදලා උඩත් යවලා ඉන් ගොඩාක් දුරටත් ගිහින් ඉන්න කාලෙක අමිල චතුරංග පඩ ඇරලා උඩ යන්න හදන්නේ ඇයි කියන එක ගැන තමා මම කතා කරන්නෙ.බොරුවට නිදගෙන ඉන්න එකාව ඇහැරවන්න බෑ කියන්නේ කට කහනවට නෙමේ.

      Delete
  6. මේ දේශපාලන කේස් නං මන් කතා කරන්නේ නෑ අප්පා .... දැනට බීමට සුදුසු ජලය මුළු ලෝකෙටම තියෙන්නේ 2% ලු .. ඒ නිසා ජලය ගැන අරපරිස්සමින් කටයුතු කල යුතුයි ..

    ReplyDelete
  7. //උඹලා පට්ට ගැමියන්ය. කොටින්ම ඉස්සර අපේ තාත්තා සමඟ මා අයිස් පැකට් බොන්නට පුංචි මහත්තයාගේ කඩේට ගිය විට ඇසුන කතාවලටත් වඩා මේ බුකියේ සහ සමහර බ්ලොග් වල දැක්ම පටුය//

    හරියට හරි බොහෝ දෙනෙක් තමන්ගේ මතය ඔප්පු කරන්න දගලනවා මිසක් අනිත් මිනිස්සුන්ට ඇහුංකං දෙන්නේ නැ

    //මා විශ්වාස කරන්නේ ගමේ බෝක්කු උඩ රැකියාවක් නැතිව ගංජා ගහන උන්, රස්සාවක් නැතිකමට ගාමන්ට යන කෙල්ලන් ලංකාවේ අන්තර්ජාලය භාවිත කරනවා අඩුය.//

    එහෙම එකෙක් ආවත් ලැබෙන අවස්ථාවන් ලැබෙන වරප්‍රසාද පිළිගැනීම අඩුයි නේද, අර වැඩිපුර ඉන්න //බොහෝවිට සමාජ සම්මතයන්ට අනුව උගත් පිරිසකි// ‍''කාණුපණු ගං කබරයො එනව මෙතන ලාබෙට දෙන ඉන්ටරු නෙට්'' කියලා නිකං අලුක්කාලට දාලා නේද බලන්නේ ,

    ReplyDelete