ඉතිං යාලුවනේ අද අපි කතාන්දරයක් අහන්නයි යන්නෙ. එකෝමත්
එක රටක රජතුමෙක් මනමේ නාට්ටිය බැලුවා. බලලා ඉවරවෙලා කඩුව වැදි රජාටත් කොපුව මනමේ
කුමාරයටත් ලබාදීපු දර්ශනය දැකල සංවේගයට පත්වුනා. ඇත් අස් රිය පාබල කඩු දුනු හී
බලකායන් හිටියත් කොපු බලකායක් තමුන්ට නොමැති බව රජතුමානෝගේ නුවණට වැටහුනා. කොපු
බලකාය රජතුමාගේ මනසට ආවේ මනමේ කුමාරිය කඩුවේ කොපුව කුමාරයට දෙන දර්ශනේ දැක්කට
පස්සෙ. කොපුව දික්කරපු නාටකීය අවස්ථාව දැකපු රජතුමාට හිතුනා කොපුව දෙන එකත් අමාරු
කාරණාවක්ය කියලා.
කොයි තරම් පුරෝහිතයො හිටියත් රජතුමාට බිසොවුන්ගේ කීමට
පිටින් යන්න බැරිවුනා. බිසොවුන් නාන්සෙගෙ ඉල්ලීමක් තිබුනා රාජ සේවයේ අමතර සේවයක්
වන අන්තප්පුර සහ ලොලු සේවයේ නියෝජනයක් හමුදාව තුල තියෙන්න ඕනි කියලා. ලොලු සේවය
කියන්නෙ අන්තප්පුර සේවයේමෙ කොටසක් සමහර කුමාරවරු කුමාරියන්ට කැමති නැහැ. ඉතිං එහෙම
අයට තැන දෙන්න පොඩි තැනක් තිබුනා ලෝල සේවය නමින්. නමුත් ලෝල සේවය වැඩිය ජනප්‍රිය
කලේ නැහැ. ඒකට බැඳෙන්න ඇමතිවරු මග බලාගෙන හිටියා. අනාගත කුමාරයාගේ ලෝලයෙක් වෙලා
ඉන්න එක තමුන්ගේ දේශපාලන දිවියේ පසුපස ශක්තිමත් කරන එකක් කියලා අමතිවරු දැනගෙන
හිටියා. ඒ නිසා ඉතාම රහසිගතව තමයි ලොලු සේවය තබා ගත්තෙ.
මහා කොපු බලඝනය හමුදාවට එකතුවීම මහා ලොකු නවමු දේශයක රන්
හිරු රැස් වැටීමේ ආර්ම්භයක් කියලා අණබෙර කාරයො කිය කිය ගියා. ඉස්සර අණ බෙර තිබුනෙ
පණිවිඩ ඇත්ත ඇති සැටියෙන් කියන්න. නමුත් අණබෙරය හරහා රජතුමාගේ ප්‍රශස්ති වයන්න
පටන් ගත්තාම ඒකෙනුත් රජකමේ තේජස වැඩිවෙනවා කියලා රජතුමාගේ බුද්ධිමත් අමතියෝ
රජතුමාට පැහැදිලි කරලා තිබුනා. මහා කොපු බලඝනය ඉතිහාසයේද තිබූ උදාර සංකල්පයක්ය. ඒ
හරහා කාන්තාවට නිසි තැන ලැබෙනවාය ආදි වශයෙන් එක එක ජාතියෙ සෙල්ලිපි, පුස්කොළ සහ
අණබෙර රටපුරාම ගියා.
කඩු වල කොපු ටික අරං යන එක බරක් විදියට දැකලා ඒකට
විශේෂයෙන් සැකසුන කොපු රැගෙන යෑමේ මහා බලඝනයක් ඇතිකිරීම කියන්නෙ මහ මෝඩ වැඩක්
විදියට ඇමති මණ්ඩලයේ සමහර බුද්ධිමතුන් දුටුවා. සමහර අය ඈත රටවල දිසාපාමොක්
ආචාරින්ගෙන් බොහෝ කලක් සිල්ප උගෙන ඒ රටවල දේශයන්හි ශිල්ප දක්වපු අය. නමුත් මේ
රටේදි ඔවුන් බලන්නෙත් කෙසේ හෝ ලොලු කන්ඩායමට පැනලා රජතුමා හෝ කුමාරයින් ලොවලා
තැනක් ලබාගන්න. ඉතිං අර දිසාපාමොක් ආචාරියො හෙම මේ රටට සැපත් වුනොත් වහාම මේ යක්කු
තමුන්ගෙන් ඉගනගත්ත මිනිස්සු කියලා කියන එකක් නැහැ. ඒ තරමට විලි ලැජ්ජ හිතෙනවා ඇති
ඒ රටවල දිසාපාමොක් ආචාරින්ට.
අනික රජතුමා නෙමෙයි මොන නායකයා වුනත් ගන්න තීරණ ගත
යුත්තේ නාට්ටියක් බලලා හෝ නාට්ටි අනුව නෙමෙයි. නමුත් නාට්ටි සහ රාජසබාව අතර
වැඩිවෙනසක් නොතේරුන රජතුමා නාට්ටිය කියන්නෙත් මහා රාජ සබාව වගේම දෙයක් කියලා
හිතන්න ඇති. ගායනා නැටුං වගේම වලි තිත්ත කුනුහබ්බ හෙමත් හීනියට රාජ සබාවෙ හුවමාරු
වුනා කියන එක කාලයක් ඔය රාජසබාවේ පුටු වල තැන් තැන්වල හිටපු මහ රජතුමාට තේරුනා.
ඒත් නොතේරුනා වගේ හිටියා.
කොපු බලකාය පිහිටුවන්න සියලු දේ තීරණය වුනා. රාජ සබාවෙ
හිටපු ඉහ නිකට පැහුනු එක් පුරෝහිත නාකියෙක් විතරක් රජතුමාගේ මේ ඥාණාන්විත
වැඩේට පොඩ්ඩක් හිනාවෙලා.. මහ රජතුමනි අපිට
දැන් සතුරොත් නැහැ එහෙමට යුද්දෙකුත් නැහැ. මොකොටෙයි රජතුමනි ගෑනු ඔය කොපු බලකායට
ගන්නෙ. ? කොපු බලකායට ගෑනු හොදයි ඉතිං වෙන වැඩ ඔලට නම්. ඔන්න ඉතිං විදෙස් දිහායින්
නාකි සුද්දො කාරිය මසුරන් අරං ආවම ඒ මසුරන් එක දෙකක් අපිට ගන්න ඔය කොපු බලකා දාල
ගෑනු පෝලිං ගස්සලා දාන්න පුලුවනි. ඒත් මහ රජතුමනි ඔබ තුමාම කොයි තරං නං වෙලාවල් වල
කියන රටේ උත්තරීතර කාන්තාව කියන කෙනා ඔය
කොපු බලකා අස්සෙන් ගොඩක් යටට යනවා නොවැ.
අනික් ඇමැත්තෝ සියල්ල අර මැන්ටලේ දිහා රවලා බැලුවා. මේ
අලුත් වැඩපිලිවෙලේ තියන වටිනකම නවීන ලෝකෙත් එක්ක නැති මේ පරණ සීයා උපදේශක දන්නෙ
නැහැ කියල තරුණ රාජ සභිකයෝ කතා කලා. තව රජ තුමාට සමීප එක් ඇමැත්තෙක් නැගිටලා ලෝකේ
විවිධ දේශාන්තර වල තිබෙන බුරි වඩන බලකාය, අන් තල්ලන බලකාය, හොක පූදන බලකාය
කටේ ඇසන බලකාය ආදි විවිධ බලකා ගැන ලොකු විස්තරයක් කලා. විස්තරෙන් පස්සෙ කිසිම
හැලහොල්මනක් නැතුව මද සිනාවෙන් හිටපු නාකි පුරෝහිතට රිදෙන්න ඇති කියලා රාජ සබාවේ
අය හිතුවා.
දැන් ඉතිං බලකාය හදන තීරනේ රාජ සම්මත වෙලා ඉවරයි. රජතුමා
යමක් ඉතිං සිතුවෝතින් හෝ රජතුමාගේ මයිල් ගහකට හිතුනොත් හරි හරි ඒක වෙනවා ම නොවැ.
මහා ඉන්ද්‍ර මහා රජතුමාගේ නායකත්වයෙන් කියලා පටන් ගත්තු
හැමතැනටම අල්ලන ටයිල් එක එතන්ට අල්ලා ඒක උඩ තිබුන රෙද්ද රජතුමා පලල් කරලා දැම්මා.
ඉන් පස්සෙ කොපු බලකාය නැටුමකින් වැඩ පටන් ගත්තා. හමුදා සේවයට ඉන්න ලොකු තැන්වල කඩු
වල කොපු බලාගන්න තමයි මේ අලුත් බලකාය. කඩු පුහුනුව ටිකකුත් මේ සුවිට් ගෑනු ලමයිට
ලැබුනා.
දැන් රටේ දිසාපාමොක් තුමාල වැහි වැහැලා. සන්දේස තාප්ප
පුරා අර දිසාපාමොක් මේ දිසාපාමොක් ගෙන් ඉගනගන්න කියලා. ඒ නිසාදැන් අංගනාවොත් පුර
අංගනාවක් වෙන්නත් ඉගනගන්න එපාදෑ කියලා හෝ ගාල ඉගනගන්නවා. ඉතිං මේ විදියට ඉගනගත්ත
අංගනාවෝ රාසියක් නිසි රාජ කාරියක් සොයාගන්නට බැරිව සොවින් තැවෙමින් සිටියා. මේ
අලුත් කොපු බලකායට ලොකු ඉල්ලුම් පත්තර සංදේශ තොගයක් ලැබුනා.
අපේ රජතුමා රජ පුටුවට ගෙනල්ලා රජතුමට බත් වඩලා, රජතුමාට
සළු අන්දලා රජතුමාට කරන්න ඕනි ඔක්කොම තේවාවන් කරන ඇමති මැති රජ සේවක අන්තප්පුර
වාසින්ට නොසලකා ඉන්න රජතුමාට බැහැ. මොකද රජතුමා හොඳ මනුෂ්‍යත්වය හඳුනන රජෙක්.
ගැමිකම පුකේ තියෙන රජෙක්. රජතුමා දැනටත් මාසෙකට වතාවක් විතර පොඩි ගල් පොත්තක් රාජ
සබාවට ගෙනල්ලා ඒක උඩ වාඩිවෙනවා. මොකද රජතුමා පොඩිකාලෙ හැදුන ගස් ගල් උඩ ජීවිතේ
තිබුන කටුක බව පුකට දැනෙන් ඕනි නිසා කියල තමයි නයි ටී එන් කියන අණබෙර සේවය
කියන්නෙ.
අම්මේ, ඉතිං රජතුමාගේ පුකට ගැමිකම දැනෙන් ගල් පොත්ත
උඩින් වාඩි වෙනවා. එතකොට ඔලුවට ගැමි කම දැනෙන්න ඔලුවට ගල් ගෙඩියක් අත අරින්න වත්
වෙයිද. මේ අණ බෙර අහපු නොදරුවෙක් අම්මගෙන් පස්නයක් ඇහුවා. අම්මා ඉක්මන්ට දරුවාගේ
කටට එක්ක ගහලා. රජතුමාට කතන්දර කියනකොට උඹට කටට එන හැම එකම කියන්න බැහැ. තේරුනාද.
අර අණ බෙර වල යනවා වගේම රජතුමාගේ හොද විතරයි තෝ කියන්න ඕනි පරයා.. තේරුනාද?
අම්මා අර පොඩි එකාට කාරණාව බොහොම කරුණාවෙන් පහදලා දුන්නා.
ගල් කතාව නිසා කොපු බලකායට මානවිකාවො බඳවාගත්ත හැටි ගැන
කියන්න බැරිවෙනවා තව පොඩ්ඩෙන්. ඉතිං විය යුතු පරිදිම ලොකු දිසාපාමොක් තැන්වලිං
ඉගනගත් ලොකු දිසාපාමොක් කෙල්ලො ටිකක් කොපු බලකායෙ ලොකු අය වුනා. ඒ අතරට ඇමති මැති
සහ රජතුමාට සහ එතුමාගේ පරපුරට සේවය කරන අය ටිකකුත් අර කොපු බලකායෙ නිළදාරින්
විදියට පත්වුනා. ප්‍රීතී ප්‍රීති.. සතුට සතුට.. ඉතිං ගංතුලානේ ඔය පොඩියට තියෙන
යන්තං අටෝපු දිසාපාමොක් කොටුවක යන්තං අකුරු කොරපු ඒත් ඉතිං රාජ පහස යාන්තමින් හෝ
තියෙන ටික දෙනෙක් පත්වුනා කොපු බලකායේ සෙබලියන්ට.
බුරිය පේන්න හැට්ටෙ අඳිනවාද බුරිය පේන්න නැතිවෙන්න
හැට්ටෙ අඳිනවාද කියලා ලොකු වාදයක් ගියා මේ කොපු බලකාය පිහිටුවනකොට. ඒ පාර තීරණයක්
ගත්තා හැට්ටේ බුරිය පෙනීම ගැන අවසන් තීරණයක් ලබාදෙනතුරු කොපු බලකාය හැට්ට අඳින්න
ඕනි නැහැ කියලා.ඒ කිව්වෙ කොපු බලකා වෙ සෙබලියන්ගේ උඩට මුකුත් නැහැ. හපොයි වෙච්චි දෙයක්. හොඳට ගලේ බැන්ද බඹර වගේ
හැඩට තිබුන තං කෑලි එල්ලි එල්ලි කෙල්ලොන්ට අතන මෙතන දුවන්න වුනා මේ බුරි වාදය
නිසා. කොහොම වුනත් බුරිය පෙනීම නිසා සිදුවන සදාචාර හානියත් මෙවන් බලකායක් බොහෝ
කලක් බුරිය පෙනි පෙනී තිබීමෙන් වෙන සංස්කෘතික හෝදපාලුවත් නිසා බුරිය පේන හැට්ටෙකට
වඩා මේ ඔක්කොම පේන්න නිකං තියෙන එකහොදයි කියලා විද්වතුන් කිව්වා. ඒ අස්සෙ ඉතිං අණ
බෙර කාරයො පෙන්වන නාට්ටි වල ගියා. අනේ අපිටත් මේ අලුත් බලකාය නිසා හැට්ටෙයක් නැතුව
මොකුත්නැතුව උඩ පේන්න තියං ඉන්න එකේ වාසිය හොඳට වැටහුනා. ඒකට අපේ මහා ඉන්ද්‍ර
රජතුමාට ඉස්තූති වන්ත වෙන්න ඕනි කියලා නාට්ටි
කෑලි ගියා.
කොපු බලකාය මේ විදියට හැට්ට නැතුව හිටියෙ ටික කාලයයි.
කොපු බලකායෙ නිලයක් දරපු දැරිවියක් රාජ කුමාරයෙක් එක්ක සම්බන්ධ වෙලා තිබුනේය.
තිගේ තනය මෙතරම් පෙරට වඩා කළු ඇයිදැයි විමසාලා බලා ඒ එතරම් කලු වන්නේ කොපුබලකායේ
තවමත් නොවිසදුනු හැට්ට මෝස්තරයේ බුරි ගැටලුව නිසා බැව් දැනගත්තේයැ. එසැනින් කිපුන
කුමාරයානෝ රජතුමා අසලට ගොස් මේ ගැන පවසාලා ඒ කොපු බලකායට උඩ ඇදුමක් නියම කලෝය. හමුදාවේ
හැට්ටය සොයාගත් කුමාරයා ලෙස මේ මල් කුමාරයා පත්විය. ඉතිහාස පොත්වල හමුදාවේ සැට්ටය
සොයාගන්ම නමින් නවතම පාඩමක් ද එකතු විය. (මේ හමුදා අංගනාවන්ට කලිං හැට්ටයක් තිබුන
බව කාටත් මතක තිබුන නමුත් එය මහජනයා විසින් හිතාමතා අමතක කරන ලදී)
ඉතිං කොපු බලකාය සැදුනි. සතුට, ප්‍රීති, ගැටිත් දාර වගේ
අනුඛන්ඩ කිහිපයකුත් මේ කොපු බලකායට ඇතුලත් වුනා. මේකෙ නිල නැටුම වුනේ මනමේ
කුමාරයාට කොපුව දීමේ අවස්ථාව නිරූපනය වෙන නැටුම. නිල සතා ගොනා වුන අතර නිල පක්ෂියා
කුකුළා ලෙස නම් වුනා. කාලයාගේ ඇවෑමෙන් කඩුවේ කොපු දැමීම කියන එක සරඹ වලට පමණක්
සීමා වුනා. නමුත් කොපු බලකායට ඇති තරම් වැඩ තිබුනා. කොපු බලකාය ඒ රාජ හමුදාවෙ නම
දීප්තිමත් කරපු තවත් එක බලකායක්.
මගේ අම්මෝ!!!!පුදුම ලියවිල්ලක් මේක නම්.ඉතාම ඉහලින් රස වින්දා.මම උඹේ බලකා සහ අනුඛන්ඩ නම් කිරිල්ලට හරිම කැමතියි.බ්‍රිගේඩියර් කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ.පරිස්සමින් බලලා වරෙන්.
ReplyDeleteඅඩුවෙලා තිබුනේ ඔය බලකාය විතරයි මහිතේ....
ReplyDeleteMaha indra raja tay,Mal kumarayatay gahuwe nathnam umbata ninda yanne naha neda? Umba Polommaruwe ne,Eerisiya ethi neda Ban?Panthi bedaya neda ban?
ReplyDelete