Thursday, August 29, 2013

අපේ මාලු වාඩි චාරිකාව.tour of fishing huts

මේක මාලු වාඩියක් කිව්වට තියෙන්නෙ හැටන් මස්කෙළි පළාතෙ. ඉස්සර සුද්දගෙ කාලෙ සුද්දො හරි ආසයි නේ උන්ගේ රටේ විදියට මාලු බාන්න. ඔය විදියට මාලු බාන්න ඕනි නිසා හෝටන් තැන්නට පිටරට ට්‍රවුට් කියන මාලු ජාතිය ගෙනැත් දැම්මා කියලා කතාවකුත් තියෙනවා. සමහර විට හෝටන් තැන්න කියන එකට සුද්දගේ හිත ගොඩක්ම යන්න ඇත්තෙ ඒ හරියෙ තියෙන සෞම්‍ය කාලගුණය සහ පසුබිම ඒ රටවල තිබුන පසුබිමට සමාන හින්දා වෙන්න ඇති.

අපි ගමන ආරම්භ කලේ සිකුරාදා රෑ. සාමාන්‍යෙයන් රාත්තිරි ට්‍රිප් පටන් ගන්නෙ නැහැ. නමුත් අපි රෑටම යන්න තීරණය කලා. මුලින්ම අපි ටිකට්ස් වෙන් කරගත්තා දුම්රියේ. බදුලු දුම්රියේ රාත්‍රි තැපැල් එකේ තමයි අපි ගියේ. රාත්‍රි තැපැල් දුම්රියෙ 3 වන පංතියේ නිදන මැදිරි වල තමයි අපෙ කන්ඩායම ටිකට් බුක් කරගෙන තිබුනෙ. හොඳ වෙලාවට ටිකට් බුක් කරගෙන තිබුනෙ. නැත්තං දෙවන පංතියේ පවා හිටගෙන මිරිකිල තෙරපිල සෙනග.
ඉතිං කොටුවෙන් කෑලි හතරයි. ගම්පහින් තව කෑලි තුනකුයි වගේ සෙට්වුනා ගමනට. අපි කෝච්චියේ මගදි සිංදු කිව්වා. නිදන මැදිරිවල සිංදු කියන එක අනික් මගීන්ට බාධාවක්. ඒක අපිට හිටපු සේවක මහතා අවබෝධ කරලා දුන්නා. නමුත් එක ජෝඩුවකට ඇර අනික් අයට අපි සිංදු කියන එක වදයක් වෙලා තිබුනෙ නැහැ. අති බහුතර ඡන්දයෙන් අපේ සිංදු කීම උඩට ආපු නිසා අපි වැඩේ නැවැත්තුවෙ නැහැ. වවුලයේ ගෙදර ආවනං එල්ලිල ඉන්න ඕනි. ලංකාවෙ කෝච්චි දුවන්නෙ ලංකාවෙ. ඉතිං ඒක ඒ විදියට කුජීත විදියට තියාගන්න එක අපේ වගකීම.
සමාරවිට වෙන රටවල මගීන්ට බාදා වෙන විදියට කෑ ගහන්නෙ හු කියන්නෙ සහ විවිද දේවල් පානය කරන්නෙ නැතුව ඇති. ඒ ඉතිං බොලං ඒ රටවල නෙව. මේ අපේ රට. අපේ තියෙන සක්කිලි ගති ටික නැට්ට උස්සල පෙන්නල යන එක අපේ යුතුකම. ඒ නිසා අපි දන්න සිංදු කවි කතා විරිදු ගොඩක් කිව්වා. හැබැයි අසභ්‍ය ඒවා අපි කිව්වෙ නැහැ. මොකද පොඩි ලමයි හිටපු නිසා. ලක්ෂණ නංගිලා හෝ අක්කලා තුනක් හතරක් හිටියා. එයාලත් හොර පූසියො වගේ නිදි කිර කිර සිංදු අහ අහ හිටියා. එයාලට ආසාවක් තිබුනා අපිත් එක්ක ජොයින් වෙලා පොඩි ෆන් එකක් ගන්න. නමුත් ඉතිං දන්නෝ නේ ලංකාවෙ හැටි. පිට සෙට් එකක් එක්ක සෙට් වෙන්න තියා සමහර දෙමව්පියො තමුංගෙ දෝනියන්දැට ඒ දිහා බලන්නවත් දෙන්නෙ නැහැ. හරිම තද නීතියක් නෙව ගෑනු ළමෝට මෙහෙ තියෙන්නෙ.
සිරාවට මට මේ චාරිකා යන නොයෙක් වතාවල ලාංකිය ගෑනු ගැන දුක හිතෙනවා. හැමෝම නොවුනත් අති බහුතරය හිරවෙලා. බඳිනකං ගෙදරට රිපෝට් කරන්න ඕනි. බැන්දම මිනිහට පැය බාගෙන් බාගෙට සමහර විට අප්ඩේට්ස් දෙන්න ඕනි. බුදු හාමුදුරුවො පහල වෙච්චි සමාජයට කලිං තිබුන බමුණු සමාජයට වැඩියෙං තාම සුට්ටයි අපි දියුනු වෙල තියෙන්නෙ. ඩෙනිම් ඇඳල කොටට පලල අරුමෝසම් දාල ගියාට ආකල්පිය වශයෙන් පට්ට හිරවීමක හිරවෙලා ඉන්නෙ ලංකාවෙ ගෑනු.
අපි රෑ දෙකට දෙක හමාරට විතර හැටන් වලින් බැස්සා. කෝච්චිය ඇතුලෙ නැටුංගැයුංබයිලා සපිරි විනෝද සාගරයක හිටපු නිසා සීතලනොදැනුනාට දැන් දැන් ඇඟට සීතල සුළඟ වදිනවා. හැටන් තියා කොළඹ වුනත් රෑ දෙකට විතර පුදුම සීතලනේ තියෙන්නෙ. ඉතිං මේ අව් අස්සෙ අපි යොදාගෙන තිබුන විදියට අපි ඒ උදේ වෙනකල් පැය කීපය නවතින්න යොදාගෙන තිබුන තැනට ගියා. එතන්ට යන්ට කලියෙං ඒ තිබුන රෑ කඩේකින් රොටි කිහිපයක් බඩට දාගන්න අපි අමතක කලේ නැහැ.

ඉන් පස්සෙ කාල අහක් වෙලා අපි නිදාගන්න තිබුන තැනට ගිහින් නිදාගත්තා. නිදාගන්න අපි යොදාගත්ත තැන බිමට ලෑලි අල්ලල තිබුනෙ. එතන සීතල අඩුයි ඒ නිසා. අපි රොටි කෑව කඩෙන් අසා දැනගත් විදියට උදේ හයට නල්ලතන්නියට බස් එකක් තියෙනවා හැටන් වලින්. ඉතිං අපි උදේ හයට නැගිටින්න හිතාගෙන පොඩ්ඩක් මූන කට යන්තමට හෝදගෙන නවාතැනේ නිදාගත්තා.
හයට යන්න පහමාරට වත් නැගිටින පිවිතුරු අදහසින් නිදාගත්තට මොකෑ කාටවත් පහමාර හය වෙනකොට නැගිටුනේ නැහැ. මොකෙක් හරි අපි එක්ක ගිය ගෝතයෙක්ගේ පෝන් එක සද්දෙ වෙන්න ගත්තා ඔන්න හයට විතර. පුදුම කන්දොස්කිරියාවක්. අපි උදේ නැගිට්ටෙ ඌට දෙස් දෙවොල් තියාගෙන. නැගිටලා හොඳ ළමයි වගේ රෑට දත් පේන් නැති නිසා උදේට විතරක් දත් මදින අපි හොඳට දත් ටික මැදලා මූන සෝදගත්තා අයිස් වගේ වතුරින්.

දැන් ඉතිං බස් බැලිල්ල තමයි තියෙන්නෙ. මස්කෙළියට යන එක තමයි අපේ අරමුණ වුනේ. හැටන් වලින්ම වාහනයක් අරං යන්න අපි හිතුවත් මස්කෙළිය කියන්නෙත් සැළකිය යුතු ටවුමක් නිසා එතන්ටම ගිහින් බස් අපි එතන ඉදලා යන එක ගැන කල්පනා කරන්න ඕනි කියලා හිතුවා. ඉතිං මස් කෙළිය බස් නැවතුමට ආව විතරයි අපේ සමහර ජනී ජනයා අතර කසුකුසුවක් හටගත්තා උදේ කෑම ගැන. උදේ කෑම හතහමාරට විතර ගන්න ඕනිද මන්දා. ඒත් ඉතිං හැම මතේටම තැනක් තියෙන්න ඕනි හැම යාලුවම ‍ෙෆන්ඩෙක් කියලා සංගත් කියන්නෙ. ඒ නිසා ඔන්න අපි බස් එක පෙනි පෙනි පොඩි පෙට්ටි කඩයක් ඇතුලට රිංගුවා.

රිංගුවට මොකද ඒක අස්සෙ අපේ මලු ටික දැම්මම කඩේ වේටර් කොල්ල හැරෙන්නත් ඕනි අමාරුවෙන්. කෝම හරි රොටී සහ උලුඳු වඩේ වලිං අපි පාතරාසය සපුරා ගත්තා. පාතරාසය කියන්නෙ බ්‍රෙක් ෆස්ට් එකට මතක විදියට. කස්ටිය විනාඩි දෙක තුනෙන් කනවා කිව්වට කෑම අපට ලැබෙන්නත් විනාඩි දහයක් විතර ගියා. ඒ නිසා අර තිබුන බස් එක ගිහින් අපි කාල හමාර වෙනකොට.
මුලින්ම කාල ඉවරවෙලා කඩෙන් එලියට බැස්ස සහෝ දුවල ගිහින් බස් එකෙ නැගලා සීට් එකකත් වාඩි වෙලා. අනික් උන් කාල සල්ලි දීල දුවගෙන එනකල් බස් එක හිමිට අද්දනවා. ඉන් පස්සෙ කාල ඉවරවෙලා කඩේන එලියට බැස්ස බැස්ස එකා හෝ ගාල බස් එකට දුවනවා. දුවලා නැගගත්තා මස්කෙලි බස් එකේ. හප්පා මම වාඩිවුනේ විබාගෙට යන්නද කොහේද යන කෙලි නැට්ටියෙක් ගාව. පොඩි ගෑනු ලමයෙක්. අපිට ඉංගිරිසි වචනයක් දෙකක් තලාගන්න හැකි වුනාට අපේ රටේ දෙක වෙනි බස වෙච්චි දෙමල බැරි අකේ අරුමෙ තේරෙන්නෙ එතකොට.

ආ නංගි එක්සෑම් යනවද කියලවත් අහන්න දෙමල දැනගෙන ඉන්න එපායැ. ඒ නංගිත් අපරාදෙ කියන්න බැහැ හොඳ භක්තිමත් තැනැත්තියක්. කෝවිලක් දැක්කද පොඩ්ඩක් පස්ස උස්සලා ඔලුව නමාල පොඩි ගරුසරුවක් දානවා. ඒ නංගිලා ලොකු වෙලා හොඳ කෑලි බවට පත්වෙලා කොළඹ ඇවිත් ආයෙත් ගම්වලට යනකොටත් ඔය වගේ සිරිත් ගමට ආයේත අරං යනවා නම් හොඳයි. ගොඩ අයට ටිකක් ඈතට ගියාම මුල හරියෙ සීන්ස් සම්පුර්ණයෙන් අමතක වෙනවා.
අපි මස්කෙලියෙන් බැස්සා උදේ නවයට විතර. දැන් ඉතිං අපේ වැඩේ තමයි මරේ වත්තෙ ෆිෂින් හට්ස් වලට යන්න වාහනයක් හොයා ගන්න එක.අපි යන ෆිෂින් හට්ස් කියන තැන අපි වියලි ආහාර එලවලු අනම් මනම් හාල් ඇටේ සිට සීනි කැටේ දක්වා අරං යන්න ඕනි. අපෙ යාලුවො දෙන්නෙක් ඒවා මිලදී ගත්තා. අනික් පිරිස තැන් තැන්වල. ඒ අය යන්න වාහනයක් හෙව්වා. අපිට නල්ලතන්නිය බස් එකේ යන්නත් තිබුනා. නමුත් නල්ලතන්නි පාරෙ බැහැලා කිලෝමිටර් දහයක් පාලවක් විතර දුර තියෙනවා ෆිෂින් හට්ස් වලට.
මරේ වත්තට යන්න බස් එකකුත් තියෙනවා. ඒ බස් එක උදේ 11ට විතර තමයි යනව කියල තිබුනෙ. අපි ඉතිං පොඩි ඩිමෝ බට්ටා වගේ වාහන තමයි කතා කලේ. ලැබුන ආරංචි වල හැටියට සාමාන්‍යෙන් රළු භාවිතය සඳහා සැකසුනු වාහනයට ඇර ඒ පාරෙ යන්න බැහැ. ෆෝ වීල් වාහන හයර් කරන් යන්න තරම්ම අපි පෝසත් නෑනෙ. ඉතිං වාද විවාද වලින් පස්සෙ අපිට යන්න සහ එන්න රුපියල් හාරදහට ඩිමෝ බට්ටෙක් සෙට් කරගන් පුළුවන් වුනා. මේ හාරදාහ කිව්වට මේකෙ නියම ගාන පහක් හයක් විතර වෙනවා. මිනිහා කලිං ගාන කිව්ව මෝඩ කමට ගියා වගේ කියලා තමයි හිතුනෙ.

අපි ගිහින් දාල ඊළඟ දවසෙ ආයිත් අපිව එක්කරං එන්න ගියොත් ගාන ඩබල්. ඒ නිසා අපි අපිත් එක්ක ඒ ගිය රියදුරු අරුන්ව නවත්වගන්න අපි කැමති වුනා. අරුන් කියන්නෙත් එල කොල්ලෙක්. අපිට පොඩි භාෂා අවුලක් තිබුනට අපිට සෙට් වුනා මිනිහා සුටුස් ගාල. සිරාවටම මම හිතන්නෙ අපේ ආන්ඩු කරන උන් හිතාමතාම තමයි අපිට දෙමල බාසාවත් අරුන්ලාට සිංහල බාසාවත් ඒ තරම් බරක් දාල උගන්වන්නෙ නැත්තෙ. එහෙම අපි ඔක්කොම එකිනකා අදහස් හුවමාරු කරගන්න මට්ටමට දියුනු වුනානම් අපි ඔක්කොන්ටම තේරෙනවා අපිට මේ දේසපාලන,නිළධාරි පාලකයෝ හැමදාම අනික් ජාතියෙ එවුන් හතුරෝය කියලා පෙන්නලාඑකම ජාතියෙ බෝල බස්සනවා කියලා.
අපි නල්ලතන්නියට එනකල් වැඩි අමාරුවක් නැතුව ආව. ඩිමෝ බට්ට කිව්වට ඒකෙ පැදුරු කීපයක් දාගෙන බිම ලැගගෙන තමයි අපි වත්තට ගියෙ ආවෙ. හරිම දුෂ්කර තත්වයක්. නල්ලතන්නියෙන් මරේ වත්තට වාහනේ දැම්ම විතරයි එතෙක් තිබුන ගැස්සිල්ල දෙගුණ තෙගුණ වුනා. වත්ත අයිති වෙන්නෙ වතු අධිකාරිවරයාට. වතු අධිකාරිවරයාට අයිති වත්තෙ පාරවල් හදන්න ඕනි ඒ අධිකාරිතුමා. ඒ නිසා මහින්ද චින්තනයෙන් මග නැගපු,ගම නැගපු පාරවල් තිබුනෙ නැහැ වත්ත ඇතුලෙ. ඒත් සමහර තැන්වල කොන්ක්‍රිට් කරලා තිබුන පාර.

වතු අධිකාරි තුමාට ෆිෂින් හට්ස් වලට යන්න විතරක් පාර හදන එක පාඩුයි. අනික් ඉතිං ප්‍රවාහන අවශ්‍යතාවලට ලොකු පරණ වෑන්,ඩිමෝ බට්ටා සහ මහටැක්ටර යොදාගන්නවා ඇති. වත්තක් කියන්නෙ වත්ත ඇතුලෙ මිනිස්සුන්ගේ ලෝකය. අපි කොයි තරම් ධර්ම කතා දේශනා ආදිය ඇහුවත් මේ වතු ජනයාගේ ගැටලුවලදි වතු ඇතුලෙ වැඩකරන මිනිස්සු කියන්නෙත් අපිට වගේම මානව අයිතින් තියන මිනිස්සු කියාල පිලිගන්න අපි කැමති නැහැ. දැන් දැන් නිවුස් වල එක එක වතුවල සිදුවන විෂමාචාර ගැන වාර්ථා යනවා. මම හිතන විදියට මාධ්‍ය වලින් ඔය සිද්ධියක් දෙකක් උඩ දැම්මට ලංකාවෙ බොහොමයක් විසල් වතුවල වැඩකරන මිනිස්සු නොයෙකුත් දුක් ගැහැට විඳිනවා හරියට ඒබ්‍රහම් ලිංකන්ට කලින් ඇමරිකාවෙ හිටිය වහල්ලු වගේ.

අපි වත්ත දිගේ ලැයිම් පහුකරගෙන ෆිෂින් හට් වලට යනකොට පිටිපස්සෙ ඔහේ ලැගලා හිටපු අපේ අස්ථි පංඡරය ඇඹරිලා ගිහින් වගේ දැනුනා. අපි බැස්සම වත්තෙ සුපිරින්ඩන්ට් වගෙ කොල්ලෙකුයි තව උයන යාලුවයි අපිට එකතු වුනා. අපි තමයි එදා ඒ හට්ස් හතරෙම හිටපු එකම සෙට් එක. ඒ කිව්වෙ වෙන කන්ඩායම් හිටියෙ නැහැ. සිරිපාදෙ කාලෙට නම් කස්ටිය එනවා කියලා උයන යාලුවා කිව්වා. උයන යාලුවා කියන එක වටින්නෙ නැහැ. නමුත් අවාසනාවට මට උයන්න හිටපු අයියගේ නම මතක නැහැ. ඒ ගැන සොරි වෙන්න ඕනි.

16 comments:

  1. උඹ වගේ මී හරක් ගැන මේ වාක්‍යයෙන්ම හිතාගන්න පුළුවන්

    "වවුලයේ ගෙදර ආවනං එල්ලිල ඉන්න ඕනි. ලංකාවෙ කෝච්චි දුවන්නෙ ලංකාවෙ. ඉතිං ඒක ඒ විදියට කුජීත විදියට තියාගන්න එක අපේ වගකීම"

    මිනිස්සුන්ට කරදරයක් නොවී, අනුන්ගේ නිදහසට ගරු කරපු සමාජයකට උඹලා තවත් එක පිළිලයක් විතරයි !!!!

    ReplyDelete
    Replies
    1. උඹ වගේ හිතපු එකම එකෙක් ගාඩ් ට ගිහින් කේලම් කිව්වා.. ඌ ඇර වෙන කිසිම මිනිහෙක්ට අපේ සිංදු විනෝදයක් මිස කරදරයක් වුනේ නැහැ..සමහර පොඩි ලමයි ඉන්න අම්මලගෙන් පවා අපි නිකමට ඇහුවා කරදරයක්ද කියලා.. ඒ අය පවා කිසි අවුලක් දැක්වුවෙ නැහැ..

      හැත්තෑවක් ඉන්න පෙට්ටියේ එක ගෝතයෙක්ගේ නිදහස ගැන සලකනවාද නැත්තං අනික් මිනිස්සු ආතල් එකේ අහං යන සිංදු ගැන සලකනවාද?
      මන්දා උඹලට වෙලා තියෙන්නෙ ඔලුවෙ බස්සගත්ත පෙට්ටිය ගලවගන්න බැරි කම..
      එංගලන්ත සුද්දෙක් වුනත් ලංකාවෙ කොච්චියකට නැග්ගම දොරවල් වහන්නෙ නැති එක අවුලක් කියල හිතන්නෙ නැහැ.. උන් හිතන්නෙ උන්ට ඒක පොටෝ ගහන්න දීපු චාන්ස් එකක් කියලා..

      උඹල වගේ ජොකාගෙන් විතරක් සුද්දො වෙන්න දගලන කලු සුද්දොන්ට වඩා ඔරිජිනල් ඇමරිකන් බ්‍රිටිස් සුද්දො ඇත්තටම හොදයි.. උන් දන්නවා ලෝකෙ රීජන් වයිස් මිනිස්සුන්ගේ චර්යාවන් ගති සොබාවන් ආදිය වෙනස් වෙනවා කියලා..

      අපි සෙට් එකක් බොංගො එකක් අරගෙන එකපාරක් නුවරදි තෙරපුන කෝච්චියකට නගින්න ඉඩ නැති නිසා ෆ්ලැට් ෆෝම් එකේ එහෙ මෙහෙ ඇවිද්දා.. කෙල්ලො වගයක් අපිට ඈත ඉදන් කතාකරලා නගින්න ඉඩ දුන්නා.. මොකද උන් දන්නවා බොංගො එක තියෙන නිසා සිංදුවක් ගගහා ආතල් එකේ යන්න පුලුවන් කියලා..

      මොක නැටුවත් කමක් නැහැ අපේ ආතල් කඩන්න නම් එපා කියන අමුතු පැලැන්තියකට අනුගත වෙන්න දගලන උඹලට වඩා ලංකාවෙ මිනිස්සු සීයට අනූවක් ආකල්ප අතින් නියමයි..ඈත ගමක ටවුමක නොදන්න මිනිහෙක් ආවම මිනිස්සු උගේ පුද්ගල නිදහස බලන්නෙ නැතුව සුහදව කතා බහ කරනවා.. උදව් කරන්න හදනවා..

      සමහර විට ලග ඉන්න එකා මලත් පොලිසිය එනකල් වතුර වත් දෙන්න ඉදිරිපත් වෙන්නෙ නැති දියුනු සංස්කෘති වලට අපිවගේ ගැමියො ආගන්තුකයෝ වෙන්නත් පුලුවනි..

      Delete
    2. ලෝකේ කලාපෙන් කලාපෙට මිනිස්සුන්ගේ චර්යා රටාවන් වෙනස් වෙනවා. ඕකට තමා සංස්කෘතිය කියන්නේ නැතුව රෙද්ද බැනියම ඇඳන් ඉන්න එක නෙමෙයි. ඉන්දියානු සංස්කෘතියට උන් අදින පළදින හැටි කන බොන හැටි වගේම කෑකෝ ගහන හැටි ඉංග්‍රීසි කතා කරන හැටිත් ඇතුලත් වගේම එක ලෝකේ පුරාම promote කරනවා. අපි හිතන් ඉන්නවා කියන්නේ රෙද්ද බැනියම අඳින එක හෝ සුද්දෝ වගේ ඉන්න එක තමා ethics හෝ manners කියල. එක තනිකර විහිළුවක්..

      Delete
    3. @ Anonymous... ane puka diyan gon pakaya.!!

      Delete
    4. @ Anonymous... ane puka diyan gon pakaya.!!

      Delete
  2. ගමන නං පංකාදු යි වගේ. පින්තූර ටිකත් මරු :) අපේ තාත්තගේ ගම බදුල්ල. ඒ නිසා අවුරුද්දකට වතාවක් ඔය රූසිරි බලා ගන්න මට අවස්ථාවක් ලැබෙනවා.

    //ඩෙනිම් ඇඳල කොටට පලල අරුමෝසම් දාල ගියාට ආකල්පිය වශයෙන් පට්ට හිරවීමක හිරවෙලා ඉන්නෙ ලංකාවෙ ගෑනු// මේක නං ඇත්ත ම කතාවක්. මගේ යාළුවෙක් හිටියා ඉස්කෝලෙන් ට්‍රිප් යනකොට අම්ම යි තාත්ත යි බස් එක පිටිපස්සෙන් එනවා වාහනෙන්. තාමත් ඉතින් ඒකේ වැඩි වෙනසක් නෑ :(

    ReplyDelete
  3. තොපිත් එක්ක මම එදා ඒ නිදන මැදිරියේ හිටියනම් තොපි වගේ අවජාතක වල බල්ලන්ව මකලා හදනවා. මම එහෙම කරලා තියනවා කීප වතාවක්ම. පොදු වාහනයක යන අනික් අයගේ නිදහස ගැන හිතන්න දන්නැති තොපි වගේ පාහරයෝ නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ. මේ වගේ ගොන්පාට් නොලියා හිටපිය. ලිව්වොත් මම දිගටම තෝ ගැන පුළුවන් හැම සයිට් එකකම ලියනවා.

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ, පුළුවන්නං ලියහං. හැම සයිට් එකකම ලියලා ඊට පස්සේ ඒකේ කොපියක් ගූගල්ටත් ෆෝවඩ් කරහං. තොපිලා වගේ ලොන්තපෝල් අදහස් තියෙන ගොබිලෝ නිසා තමා ලෝකේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ. මුං සිංදු කිව්ව එකෙන් ඇතිවෙච්ච අනවශ්‍ය ප්‍රශ්න මොනවද? නිකං තේ කෝප්පේ කිඹුල්ලු නොදැක වූ කරලා බුදියගනිං බං...

      Delete
    2. @ AnonymousAugust 29, 2013 at 11:54 AM

      මට පේන්නෙ කවුරු හරි අවජාතක බල්ලෙක් ඔයාගෙ නමත් මකල. නැත්තං ඔච්චර වීර ක්‍රියා කරපු ( මම එහෙම කරලා තියනවා කීප වතාවක්ම) ඔයා වගේ ජාතික වීරයෙක්ට ඇනෝ එන්න ඕනෙ නෑනෙ

      හැකි ඉක්මනින් හැම සයිට් එකකටම ලියන්න. එතකොට ගූගල් ඔයා ගැන දැනගෙන ඔයා කරන්න වෙහෙසෙන සමාජ සද්කාර්යය ගැන පැහැදිලා ඔයාගෙ හරි තාත්තව හොයල ඔයාගෙ අම්මට ගෙනත් දෙයි. එතකොට ඔයාට පුලුවං ඔයාගෙම කියල නමක් දාගෙන දෙයියනේ කියල තව තවත් ඔය වගේ වීර ක්‍රියාවල නිරතවෙන්න

      Delete
    3. // මම දිගටම තෝ ගැන පුළුවන් හැම සයිට් එකකම ලියනවා. //

      අන්න හරි ලියපන්.., මම පස්සෙන් ඇවිල්ල හරි තොගේ ලියන එව්වාට කොමෙන්ට් කරනවා මලේ.., මාර ආතල් නෙහ් හෙහ් හෙහ් හෙහ්...!
      අමිල මම ආවේ උඹේ වාර්ථාව කියවන්න. ඒත් උනේ මේ ප්‍රැන්සිස් ගේ පොන්සි කතාව අහන්න.., සොරි මේ පොස්ට් ඒකේ මූ රීපු තැන මගේ අදහස ලියන්න උනාට..!
      ඔයා ලියන්න ඇනෝ මල්ලි.., ලියලා ගුලි කරලා දෙපැත්තට කරලා ඇතූලටම ගහගන්න..!! එතකොට හරි..!
      මම යනවා ඈ...!
      හුයෑක් හූ..!!

      Delete
    4. ඉතින් බොල අවජාතකයෝ තොට මගේ කොමෙන්ට් හොයා හොයා මගේ පස්සෙන් මගේ පුක හෝදන්න එන්න වෙන එකම තොට දඬුවමක් නෙවෙයිද බොල

      Delete
    5. ඔන්න එක්තරා රටක නිදන මැදිරියක අසංවර කොල්ලෝ වගයක් සිංදු කියනවා. එක අහිංසක ගැමියෙක් අමරදේවගේ වගේ සිංදු යන සිටි එෆ් එම් වගේ නිදාගන්න සුදුසු රේඩියෝ චැනල් එකක් දාගෙන පෝන් එකේ ඇබ දෙක කනේ ගහගෙන අමරෙගේ සිංදුව අහගෙන සෝක් එකට නිදි කිරනවා..

      ඒ අහිංසක ගැමි මගියාට එහා අසුනෙ හිටිය වීර මගියෙක් " තොපි වගේ අවජාතක වල බල්ලන්ව මකලා හදනවා" කියලා අර කොල්ලෝ ලගට ගියා. ඔන්න එක කොල්ලෙක් හිටියනම් හෝ දෙන්නෙක් හිටියනම් වීරයාට දිනන්න තිබුනා. නමුත් එතන කොල්ලො හතක්..

      ටික වෙලාවක් කෝලහාලය ගිය අතර වඩාත් කෝප වූ වීර මගියා.." පොදු වාහනයක යන අනික් අයගේ නිදහස ගැන හිතන්න දන්නැති තොපි වගේ පාහරයෝ නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ" කියලා කෑ ගහනවාත් ඇහුනා. විනාඩියක් විතර ටිකක් කෝලහාල සද්දයක් ඇහුනා දුම්රියේ දොර දෙසින්..
      ඉන් පස්සෙ වීර මගියාගේ කටහඩින් දොරකඩ හරියෙන් කෑ ගහන සද්දයක් ඇහෙනවා පෙට්ටියෙ ඉන්න අනික් මගීන්ට..අයියෝ මල්ලිලා මට රෙන්න තියෙන පුක.. අයියෝ මල්ලි මං කල වැරැද්දක් නෑනෙ.. "මම එහෙම කරලා තියනවා කීප වතාවක්ම" ඒත් අද තමයි ම්ල්ලිලා වගේ කරුණාවන්ත කස්ටියක් හම්බුනේ කියලා බොහොම දැඩි හඩින් කෑ ගහනවා..

      කෝච්චි පෙට්ටියෙ හිටපු අය සමහරු රහසින් කතා වෙනවා ඇහුනා.. ඒ මනුස්සයාගේ නේ මෝඩකම....දැන් ඉතිං රෙන වාරයක් ගානෙ මතක් වෙයි කරපු වීරකමේ මහත..

      ටික වෙලාවකින් වීරයා පස්ස අල්ලගෙන ඉස්සරහට නැමිලා එනවා ආයිත් අර පරන සීට් එකටම. එතකොටත් අර අහිංසක වීර නැති ගැමි මනුස්සයා හෙඩ් පෝන් එකෙන් අමරෙගේ සිංදු අහන ගමන් නිදියනවා..

      මහත්තයා පස්සට ඇබ ගහගන්නවාට වඩා ලේසියි රුපියල් එකසිය පනහක් දීල පිටකොටුවෙන් හෙඩ් පෝන් එකක් අරගෙන කනේ ගහ ගන්න එක. අනික මාත්තියා මාත්තයට රුපියල් පන්සියක් දීල ටිකට් බුක් කරගන්න පුලුවන් නම් රුපියල් එකසිය පනහක් දීල හෙඩ් පෝන් එකක් අරගන්න පුලුවන් නේ.. කියලා අර අහිංසක මගියා පොඩි දැනමුතු කමක් දුන්නා..

      වීර මගියා හුම් කියාගෙන වාඩිවෙන්න හැදුවා විතරයි.. වාඩිවෙනකොට අම්මොහ් ගෑවුනා වේදනාවට..

      Delete
  4. ඔතන ඉඳලා සිරිපාදේ ගිහින් එන්න පුළුවන් පැය තුන හතරකින්

    ReplyDelete
  5. TROUTමාළුවා තාම ඒවගේ ඉන්නවාද? TROUTට අපි ලංකාවේ කියන්නේ මොකක් කියාද?

    ReplyDelete
    Replies
    1. ට්‍රවුට් ඉන්නව
      ඌට සිංහලෙන් කියන්නෙත් ට්‍රවුට්ම තමා

      Delete
  6. //ඒ නංගිලා ලොකු වෙලා හොඳ කෑලි බවට පත්වෙලා කොළඹ ඇවිත් ආයෙත් ගම්වලට යනකොටත් //
    :v

    ReplyDelete