ආදරය සෙක්ස් සහ විවාහය. මේ දේවල් තුන අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕනි. ඒහෙම දෙයක් නැහැ කියල හිතන මිනිස්සු වාසනාවන්තයි. කොයි තරම් දාර්ශනිකව පැහැදිලි කලත් ආදරය ලිංගික ජීවිතය සහ විවාහය කියන දේ අතර මිනිස්සුන්ගේ මනස දෝලනය වෙනවා.
මෙතන විචල්‍යයන් තුනයි. ආදරය ලිංගික ජීවිතය සහ විවාහය. තව ඉතං අපේ පරිසරය කියන සාධකය සහ අපිට ආදරය කරන්න ලැබෙන මාර්ගය, ආදරය කරන්න ලැබෙන පුද්ගලයා අනුව අපේ ජීවිතයේ විශේෂ සම්බන්ධතාවල ස්වරූපය තීරණය වෙනවා.
වැල කතාවල තියෙන විදියට නම් වැඩිපුර ගෑනු කැමති වෙන්නේ අඟල් දොලහක් දිග පුරුෂ ලිංගයක්, මස් තියෙන ඇඟක් ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුලුවන් පිරිමි ඇඟක් කියන සාධක වලට. ලංකාව වගේ ලිංගිකත්වය කියන දේ අධිපීඩනයකට ලක් කරලා පැක් කරලා තියෙන සමාජයක කාන්තාවන් හා පුරුෂයින් ලැබෙන ඕනෑම අවස්ථාවක සෙක්ස් කරන්න කැමති වෙනවා ඇති. සුනාමිය වෙලාවෙ ගහගෙන ගිහින් මැරිච්ච ගෑනු බදන් සෙක්ස් කලේ මානසික රෝගින් නෙමෙයි. ඒ අතර සද්ගුණවත් උපාසක මහත්වරුත් බාගෙදා ඉන්න ඇති. මොකද ඒක අපේ ජීවිතය තුල ලිංගික ජීවිතයට ලබාදෙස අතිශය පීඩාකාරී පරිසරය නිමාවෙලා සිතු සිතු අතේ ලිංගික ආශාව එක්ක හැප්පෙන්න ලැබුන චාන්ස් එකක්. බස් එකේ කොච්චියෙ විතරක් නෙමෙයි සමහර විට පෝලිම් වලදි පවා මිනිස්සුන්ගේ ජැක් විදියට එලියට පනින්නෙ ඒ සංස්කෘතිය සදාචාරය විසින් වහල දාල තියෙන ලිංගික ආශාව.
ඉතිං මේ සමාජයේදී ඉඩ ලද විටක කොටු පනින්න කැමති ගැහැනියක් කියන්නෙ දුර්ලබ සතෙක් නෙමෙයි. දැඩි සමාජ ආර්ථික සංස්කෘතික පීඩනයක් තුල ඉඳගෙන ඒ කොට්ටෙන් ටිකක් හරි එලියට පැනලා සෙක්ස් ටිකක් කරන්න ගත්තාම ඒ ගෑනු දක්වන චර්යාවන් දිහා බලලා අපි නිගමන ගන්න එක වැරදියි. ගෑනු කියන්නෙ සෙක්ස් පිණිස දෙයියන් විසින් මනුලොවට එවන ලද යුනිට් විශේෂයක් විදියට බාගෙදා ඒ වගේ වෙලාවකදි මිනිස්සුන්ට ගෑනුව පේන්න ගන්නවා. ඒ වෙලාවට ඒ මොහොතට ඒ කතාව සත්‍යයි. නමුත් ඒක පවතින දෙයක් නෙමෙයි.
දේව කතා ආදර කතාවල ඉන්න ගෑනු මිනිස්සු බදාගන්නෙ ආදරය. ආදරය කියන නිර්මිත ලෝකය තුල සැරිසරන බූතාත්ම අපිට ආදර කතාවල දේව කතාවල දකින්න පුලුවන්. කවුරුත් දේව කතා දැකලා තිබුනාට දෙවියන් දැකල නැහැ. ඉන්නව කියන දෙය්යො එකපාර මිනිස්සු දහස් ගන්න ඉන්න තැන්වලට වඩින්නෙ නැති නිසා දෙවියන් ඉන්නවා කියලා ඔප්පු කරන්න අමාරුයි. දෙයියො කියන්නෙ මිනිස් මනසේ තියෙන චිත්ත රූප ජාතියක්. ඒ වගේ ආදරය කියන්නේ මිනිස් මනසේ නිර්මිතයක්. අලි බල්ලො ඉබ්බො සෙක්ස් කරන්න ඉස්සෙල්ල ලව් කරනවාද? දන් නැහැ. නමුත් ආදරය කියලා දෙයක් තියනවා කියලා හැමෝම තම නැණ පමනින් දෙයක් දකිනවා. එක් එක් අය ආදරය දකින විදිය වෙනස්. හරියට නොපෙනෙන පිංතූරයක් නැති දෙයියෙක් අපිට එක එක්කෙනාගේ සිතේ විවිධාකාරයෙන් මැවෙනවා වගේ.
පෝන් එකෙන්, චැට් එකෙන්, හෝ වෙනත් විදියකින් ආදරයක් පැවතුනාට. සැබෑවටම ආදරය කියන්නෙ මුලාවක්.වෙන කෙනෙක් එක්ක පෝන් එකෙන් කතා කරන ගමන් වෙන කොල්ලෙක් නලවන ගමන් තවත් මිනිහෙක් එක්ක සෙක්ස් කරන සීන්ස් තියෙන්නෙ පොත් වල විතරකි නෙමෙයි. එක කොල්ලෙක් ෆෝම් කරන ගමන් තවත් කොල්ලෙක් චැට් එකේ තියන් ඉන්නෙත් මනෝරාජික සයිබර් එක තුල නෙමෙයි. මේ අපි ජීවත්වෙන අවකාශයේමයි. වරු ගන්න චැට් කරන කතා කරන හුවමාරු වෙන කැපකරන ආදරය කියන දේ එක මොහොතකදි සමතලා වෙලා යනවා. එතකොට හිතෙනවා ඇත්තටම ආදරය කියන්නෙ මායාවක් කියන කතාව.
එහෙම ආදරය සම්පූර්ණයෙන් එපා වුන කෙනෙක් තවත් ආදරය කරන්නෙ නැහැ. තවත් සම්බන්ධතා තියේවි. නමුත් ආදරය මනෝරාජික බැඳීම් කියන දේ එතන නැහැ. හුදෙක් සරීර බන්ධන ඇති වෙලා නැතිවෙලා යාවි.
ආදරයේ විචලතාවයන් ගැන කතා කරන ලස්සන ෆිල්ම් එකක් ලැබුනා. ඒකෙ නම ක්ලෝසර්.
Closer (2004)
හරියටම හරි ආදරය කියන දේ එක එක්කෙනා තම තමන්ගේ හැඟීම් එක්ක එක එක විදියට අර්ථ කථන දීලා විවිධ මට්ටම් වල තියන්න හැදුවත් තම තමන්ට ලැබෙන භෞතික වටිනාකම් හා රාගය වගේ දේවල් එක්ක පටලවා ගන්න එකයි වැරැද්ද. හරියට අසෝකමාලාගේ ලස්සන රූපයට වශීවෙලා සාලිය කුමාරයා රජකම අතහැරියා වගේ. අසෝකමාලාට ලස්සන රූපයක් නොතිබුණානම් එහෙම කතන්දරයක් නැති වෙයි. අනෙක් අතට අසෝකමාලාට රාජකුමාරයෙක් පෙම් නොකලා නම් අසෝකමාලාත් අනෙකුත් භෞතික තත්ත්වයන් යටතේ ඒ ප්‍රේම කතාවට තිත තියලා තියෙයි.
ReplyDeleteඅසරණ, දුප්පත්, පෝසත්, ලස්සන වගේ තත්ත්වයන්ට යටහත් නොවී නැතිව මැදිහත්ව ආදරය කරන්න පුළුවන්නම් ලෝකෙ හැමෝටම දෙන්න පුළුවන් එකම ආදරයක් බව තේරේවි.
Yep..m... you are correct!!!
Deleteදකුනු ආසියාවම ලිංගික පීඩනයේන් උපරිම රටවල්. ඒකට හෙතුව විදිහට මට පෙන්නේ මිනිස්සුන්ගෙ හැගීම් තෙරුම් නොගත් පටු නීතී රීතී පද්ධතිය කියලා. අපි ගොඩක් වෙලාවට පටු සංස්කෘතියක් ඇතුලේ හීර වෙලා දගලනවා. අන්තිමට මේ දේ තමා ඉතුරු වෙන්නේ
ReplyDeleteලිංගිකත්වය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන ආගමික අන්තවාදීන් හදපු යල් පැනගිය නීති කවදාවත් වෙනස්වෙන්නෙ නම් නෑ.කවුරු හරි ඒවා වෙනස් කරන්ඩ හැදුවොත් ඒකා සදාචාර විරෝධියෙක් විදිහට හංවඩු ගහලා දාන සමාජෙම ඒ සදාචාර විරෝධී කියන දේවල් හොර රහසේ කරනවා.බලමුකෝ ෆිල්ම් එක හොයාගන්ඩ.
ReplyDeleteමේ ලිපියේ කරුනුවලට මම ගොඩාක් දුරට එකඟයි.
ReplyDeleteආදරය කියන දේ අර්ථ දක්වගන්න හරි අමාරු දෙයක්. සංකල්පීය තලයේ තියෙන්නේ තව දෙයක් භාවිතයේ තියෙන්නේ තව දෙයක්. හැමෝම අර මනෝරාජික සංකල්පය පස්සේ ගිහින් කරන්නේ තමන්ව රවට්ටගෙන තමන්ව market කරගන්න දගලන එක. ඒක අස්සේ ඇත්තටම හැංගිලා තියෙන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කරන්න දගලන අනුවර්තනයක්.
ReplyDeleteමේක ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම පොදු තත්වයක්...
ආවා ආවා ආවා.. ලකෆ්‍රෑන්ස් ආයෙමත් ආවා!!
ReplyDelete