Thursday, September 19, 2019

දීප උයන

දීප උයන ලෙස දැන් පොලොන්නරුවේ අලුත් උයනකි. එය සාමාන්‍ය පාක් එකක් ලෙස නිමකර රුපියල් විස්සක ටිකට් එකකට පවුල් පිටින් ගොස් විවේකය ගත කල හැකි කුඹුක් සෙවන ඇති කුඩා අවකාශයකි. පැරණි දීප උයන ලෙස හදුන්වන කොටස පිහිටියේ ඒ අලුත් උයනට පසුපසින් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නටය. ඒ පැරණි දීප උයනේ පැරණි නිර්මාණ රැසක් පිහිටා තිබේ..


නිශ්ශංකමල්ල රජතුමාගේ පැරණි රාජ සභාව ද පිහිටා ඇත්තේ මේ පැරණි දීප උයනේම හෝ ඊට ආසන්නවය. ඒ ආසන්නයේම ධවලාඝරය නමින් වූ හදුනා නොගත් ගොඩ නැගිල්ලකි. ඒ යාබද පුරාණ ජල උද්‍යානයක යැයි සැක කල හැකි මාහැගි නටඹුන් පෙලකි.

ජල උද්‍යානය

මේ ජල උද්‍යානයේ වැඩ ගොඩකි. එහි ජල ටැංකිය ලෙස හදුන්වන ලද මහ විසාල ටැංකියකි. එයින් පහල නූතන ෂවර් සහිත බාත්රූම් මෙන් බැස නාන්නට හැකි ගලින් කල සුපිරි කුටියකි. නාන ගමන් ආතල් ගන්නට දෝ ඒ නාන කුටියේ ලස්සන කැටයම්ද කර තිබේ.

මේ නාන ජලය වැටෙන්නේ පහලින් ඇති පොකුණකටය. ඒ පොකුණට ඊට යාබදින් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ඒමට තැනූ කුඩා සෙරොව්වක්ද තිබේ. මේ සියල්ලම දැන් තියේනනේ පොලොන්නරුවේ තානායම යැයි සලකන තැනකය. එහි දැන් ආමි එකේ මොකක්දෝ ලබ්බක් ඉදිකර ඇත. මා සිතන්නේ වැව ආසන්නයේ සුද්දා කාලේ මේ නව ඉදිකිරීම් ඉදි කරන්නට ඇත. වැවාසන්න හුලං වදින කදිම තැන නිසා සුද්දෝ හෝ අපේ ඇත්තෝ නව තානායම ඉදි කලත් ඊට යාබදවම අපේ රජ දරුවන්ගේ සැප උයනක් තිබී ඇත..

මේ ස්නානාගාරය ගැන බලන විට මට සිතුනේ ජල ටැංකියෙන් බාත්රූම් කොටසට එන චැනල් එක පැරණි ඖෂද හෝ ස්පා වැනි සත්කාරයක් විය හැකිය. දැන් කාලේ වගේ නාන්ට සබන් නොතිබුන කාලේ රජ සිටුමැතිවරු සහ අන්තප්පුර කෑලි ටික වේලාවක් නා ඉන් පසු ඖෂධීය ජලය නාගෙන පසුව ඒවා මුසුවූ පොකුනට බැස සැපට නාගන්නට ඇතිය.

මේ ඇති පොකුන කොටස් කිහිපියක් සහිත විසාල එකකි. මාලිගා මණ්ඩප සහ ඒ අසලම ඇති පොකුණ මගින් රජතුමා සහ පිිරිස බොහොම කූල් එකේ කල් ගත කරන්නට ඇති බව සිතාගත හැකිය.

මට යන්නට බැරි වුන තවත් තැනක් තිබේ. එය හොදින්ම පෑදී තිබුනත්යන්නට විදියක් හිතාගන්නට බැරි නිසාත් එහි එතරම් ලල් එක්ක නොතිබේ යැයි සිතුන හෙයින්ද එය බලන්නට නොගියෙමි. එය නම් පරාක්‍රම සමුද්‍රය මැද ඇති ගිම්හාන මාලිගාවයි. එයද රජ සිටුමැතිවරුන් එකල පාවිච්චි කල මාලිගාවක් වන්නට ඇත.

වර්තමානයේ මේ ඉදිකිරීම් අසලම වාගේ කෞතුකාගාරය්ක පිහිටා තිබේ. ඒ කෞතුකාගාරය බැලිය යුතුම තැනකි.


ධවලාගාරය සහ නටඹුන් 

පරාක්‍රම සමුද්‍රයට යාබද ගොඩනැගිල්ලක් 

ජල ටැංකිය 

එදා නාන කාබරේ 

නාන්නත් දාපු කැටයම් 


පැරණි සොරොව්ව 

වටේට ලස්සනට ඉදිකල සුන්දර පොකුණ 

පොකුණ ඈතින් 

ධවලාගරය 

3 comments:

  1. උබ මේ සේරම ටික එක දවසේද බැලුවේ අමිල? සැහෙන්න තැන් වල ගිහිංනේ. කෑම එහෙම කොහෙන්ද ගත්තේ? එච්චර මිනිස්සු මෙව්වා බලන්න එන්නේ නෑ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. මම උදේ පාන්දර 6ට පටන් අරන් හවස දෙක විතර වෙනකල් බැලුවා.. ජනප්‍රිය සිද්ධස්ථාන වෙන කිරිවෙහෙර, හැටදාගේ වගේ තැන්වල තියෙනවා පොඩි කඩ කෑලි..එකකින් උදේට සෝටිස් කෑව..හවස නම් ඇවිල්ලා ඔය අලුත් දීප උයන දිහැන් බත් කෑවා.. මිනිස්සු නැත්තේ ඔය තැනට යනකොට යාන්තම් කලුවර ඈත් වෙලා ඉර පෑව්වා විතරයි.. මන්දා මට කොරගන්න හැකි වෙයිද කියලා..මම බලාපොරොත්තු වෙනව ඔය වගේකකුලා සාක්කුවෙ ්දාගෙන අනෙක් තැනුත් බලන්න යන්න..මිනිස්සු අඩුයි.ඒ වගේම පොටෝ ආදියට ගැලපෙන මෙව්වා එක.

      Delete