අසපුවට බට මල්සරා
පවුරක් වගේ දුක් තැන් පෙන්නුවා මට..
පූරුවෙ පවක් තිබිලා අපෙ කරුමයට..
බණ ඇහු කිව් දෙදෙන අසුවිය බැම්මකට....
ගියමුත් පංති පෙරදින ඇඳ සූට් එක...
මා හට තේරුනේ නෑ එහි ආට් එක...
සිටිමුත් වස් දෙකක් වන්නට නීට් එක
එෆ් තුන වුනා ෆයිනල් එකෙ චාට් එක....
මා දැන සිටිමි ඇය අමතක නොවන බව...
මා දැන සිටිමි ජොබකුත් සෙට් නොවන බව..
මා දැන සිටිමි මව්පියො වැලපෙනා බව...
මා දැන සිටිමි අසපුව මට සරණ බව...
ආ සැනකින්ම නුඹ සසුනට ගන්ට බැරී
එක්වර නුඹව විස්වාසෙට ගන්න බැරී
කරමින් ඉදොත් පිලිවෙත් නුඹ අපට ඇරී
දෙන්නම් නූඹට මාවත නිවනටම සරී...
යෞවන තරුන ඇත්තන් එක්වෙලා පැන
පිහිටුන තරුන සංගමෙ මම විය සබා තැන..
මෙහෙනිය පිහිටුනේ එහි අනු සාස තැන..
ඒ සංගමේ අපහට දුනි කෙලෙස් ඇන...
වව්ලන් කෙදින නම් අතු උඩ වසන්නද...
බස්සන් කෙදින දාවල සැරි සරන්නද...
කොහුමිට කෙදින කොයිරට දලු දමන්නද?
තුනු සිත් කෙදින එක් වු පසු තවන්නද?
wimalarathne kumaragame sihi uni
ReplyDeleteමේ මොකෝ මේ....
ReplyDeleteමාර සිද්ධිය!
ReplyDeletehapoi
ReplyDeleteබෝම පින් කොමනේට් දැම්ම අයට සහ කියෙව්ව අයට...
ReplyDelete