අත්ත උදේ කිරි අම්මට දෝං ගාල ගැහුව...කොහේදෝ සිට ගෙදරට පහත් වූ ලොකු කෙලීගේ යාලු කොල්ලෙකුට මහ හයියෙන් පොඩි එකා කියනු සයිමන්ට ඇසුනේය..පොඩි එකාට දැන් අවුරුදු 2කි ඌ හරි බුහුටි කොල්ලෙකි..සයිමන් ලඟදී හිටවපු කෙසෙල් ගසට ගෙදර උන්දැ ඉඳුල් වතුර දැම්මාය කියා උදේ පාන්දරම ගෝරි ගත්තේය..ඒ ගෑනි වැඩිපුර කටගහගෙන ආ නිසා සයිමා ගෑනිගේ කොන්දට දෝයි ගා පාරක් ගැසුවේය..ලොකු කෙලී පමාලි රට සිට පැමිණි පසු කොල්ලන් කීප දෙනෙකු ගෙදරට එක්කරන් ආවාය..මේ පමාලි එක්කරන් ආ 4 වෙනි කොල්ලා වෙයි..ඇය හිටිය තැනදී ලැබුන පරිඝනකයෙන් සහ ටෙලිෆෝනයෙන් හඳුනාගත් යාලු කොල්ලෝ වූහ..සයිමා ගේ ගෑනි වන සිරියා ට නම් මේවා වගේ වගක් නැත..
මේ අතර කොල්ලා ගොස් චාමර නම් වූ දැන් පැමිණි අලුත් පමාලිගේ යාලු කොල්ලා සමඟ කතා කරනු සයිමා හට ඇසේ..ඌට අවුරුදු 2ක් ඌවාට පන්ඩිතකම නම් බෝය..
මාද ගෑනියෙකු සේ කාමරයට වී ඉන්නේ නැතුව හරිනම් ආපු චාමර නම් වු පමාලිගේ යාලුවා සමඟ කතා කල යුතුයි..ඒත් ඉතිං මොටෑ මම කතා කොරල...
උෟ එන්නෙ අපෙ කෙල්ල බලන්න නේ..අපි වාගෙ නාකි මොකට රිංගනවද ඔව්ව අස්සෙ සයිමා වහල දෙස බලමින් කල්පනා කරයි..
පමාලි ගේ නංගී නිමාලිය ඇයගේ ළමයා සීයා වන සයිමා විසින් හදුන්වන්නෙ කොල්ලා කියාය..මේ සඳූ මේ මගේ පෝන් එක ගෙනත් දෙන්න..පමාලි තරම් සමාජසීලි නොවූ නිමාලි කොල්ලා ලව්වා පෝන් එක ගෙන්නාගන්න දඟලයි..අම්මෙ මට බැහැ බන්..උඹට යන්න බැරිය කොල්ලා කීය..මේ චාමර ආපසු කොල්ලා කට වැරැද්දූ දෙවන වතාවය..චමී.. මේ කොල්ල අර අල්ලපු ගෙදර කිකිනි කියල කෙල්ලෙක්,, මෙයාට වඩා මාස ගානකින් වැඩිමල්,,මේ කොල්ලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ නෙ..යනව සෙල්ලමට...
ඉතිං කොල්ලො කොහොමත් කෙල්ලො හොයං යනව තමා...ඒ චාමරය..එය අසා කොල්ලා පසෙක සිට ඇඹරෙන්නට විය..අවුරුදු දෙකක බුහුටි එකෙකු වූ කොල්ලාගේ ඇඹරීම ඉතා විනෝදජනක විය..
සෙල්ලමට ගියාට නම් කමක් නෑ චමී මේ කොල්ල ඒ කිකිනිල කතා කරන නරක වචන පුරුදු වෙල ඒව කියනව ගෙදර ඇවිත්..පමාලි කොල්ලගේ කට නරක්වූ ආකාරය විද්‍යාත්මකව පහදා දෙයි...ඒ ගෙදර කිකිනි අම්ම එක්ක තරහ උනාම අඬන්නෙ කුනුහරුපයක් කියාගෙන...
නිමාලිට ෆෝන් එක අවැසිව ඇත එහෙත් ෆෝන් එක ගැනීමට නම් සාලය හරහා යා යුතුය ලමයෙක් සිටින මවක් උවත් තවමත් අවුරුදු 21-22 වයසේ පසුවන නිමාලි අක්කගේ යාලුවා වන චාමර ඉදිරියෙන් යෑමට බයය..පමාලි අක්කේ මට ඔය සඳ අතේ ෆෝන් එක එවනවද??නිමාලි කුස්සියේ සිට කෑ ගසයි...
මෙ ඔයා බබෙක් නෙමෙ නේ.ඇවිත් අරන් යන්න...පමාලි කියයි..මේ අතර තඩි සයිස් ටීවී එකේ සාදන කෑමක් අස්සේ සිරවී මේ කිසි දෙයක් නෑසෙන තාලෙට චාමර ටීවී එක ඇතුලෙ සිටී..
මේ කතා අස්සේ ඉස්කයිප් ෆේසිබුක් හරහා හඳුනාගත් පමාලිගේ පවුලේ,, ඇය කියා ඇති සහ සිතින් සිතාගන්නා ලද තොරතුරු චාමරගේ මතකයට එයි..පමාලි ගේ මව බොහෝකලක් පිටරට සිට ඇති අතර කුඩාකල මේ නංගි සහ මල්ලී බලාකියාගෙන ඇත්තේ පමාලි විසිනි..පමාලිට කෑම බී ම සියල්ල සපුරා ලිය හැකි උවත් ඇයටත් ඇගේ මල්ලී සහ නංගීටත් සෙනෙහස ආදරය නම් මහා හිස්තැනක් ම විය..ඒ හිස්තැන නිසාම දෝ තිදෙනාම පාසලේ උසස් පෙල මට්ටමට යන්නටත් පෙර ප්‍රේමය නැමැති දැලේ බැදෙන්නට විය..
ඔවුන් තිදෙනාගේ වයස් පරතර වසර දෙකෙන් දෙකට විය...අවසන මේ ප්‍රේම සාර්ථක වී අවුරුදු 19ක් වන විට දරු සුරතල් බැලීමට තරම් නිමාලි නංගී වාසනාවන්ත විය..බිඳුනු ප්‍රේමය ට කොටින් සමඟ හෝ වාඩුව ගන්නෙදෝ සිතමින් මල්ලී හමුදාවට ඇතුලු විය..
බෝ කලක් පැවති..පමාලි අක්කාගේ පෙම හදිසියේම වෙන අතක් බලාගත් හෙයින් පමාලි මව පැමිණ සතියෙන් දෙකෙන් ඩුබායි යන්නට ගියාය...
පුතත් කේක් කනවද?? කියා කොල්ලාගෙන් අසමින් කේක් බන්දේසියක් සහ කෙසෙල්ගෙඩි ඇවරියක් සහ වැඩිසීනි නෙස්ටමෝල්ට් එකක් චාමර පිණිස ටීපෝ එක උඩ විය...මෙයින් කේක් කැබැල්ලක් අතට ගත් චාමර කොල්ලා හටත් කේක් කන්නට කතා කලේය..කොල්ලා හොඳින් බන්දේසිය දෙස බලා තමන්ට තේවතුර එකක් නැති බව දැක...කෝ ලොකු අම‍්මෙ කන්න කීවට මට තේ නෑ යැයි කීය..චාමර කෙසෙල් ගෙඩියක් කා ලෙල්ල බන්දේසියෙන් තැබූවිට කොල්ලා මං ගිහින් වීසි කරල එන්නද??යැයි ඇසීය..චාමර ,,එපා පුතා පස්සෙ වීසි කරමු යැයි කීය...
හා ...අපි දන්නෑ..සාදු මේ මාමට ගහයි නේද සුදු අම්මි...පමාලිගෙන් අසන්ට විය..දවසක් මේ කොල්ලට කිව්ව කෙසෙල් ලෙලි හැමතැනම දමන්න එපා පංසලට ගියාම හාමුදුරුවො ගහයි කියල ඒක තමා මේ කියවන්නෙ..මා තේ බිව් කෝප්පය කුස්සියෙන් තබා කොල්ලා උගේ තේ එක රැගෙන ඒමට ගිය වේලේ පමාලි චාමරට කීවේය....
පමාලි උයන්ට ගිය අතර චාමර සාලේ තනි විය..කොල්ලා ඔහුගේ සෙල්ලම් බඩු එක එක ගෙන චාමරට පෙන්වයි..සමහරක් ඒවායේ පැකින් කඩාවත් නැත..සමහරෙක ඇත්තේ කෑලි පමණි..මේ පුතා මෙහෙ එන්න යැයි චාමර කොල්ලාට මිදි පාර්සලය දුන්නේය..
බස් එකෙන් බැස්ස ගමන් එතන ම ඉන්න..කොහෙවත් යන්න එපා..යැයි එන්නට පෙර පමාලිගෙන් අනුසාසනා ලැබුනත්,,වහා කඩේකට පැණ මිදි 200ක් හා කෝඩියල් බෝතලයක් චාමර විසින් මිලදී ගත්තේය..මිදි කොළඹ ඒවා තරම් හොඳ තත්වයේ නැතුව උනත් මිලදී ගන්නට යමක් කල්පනා නොවුන බැවින් මිදිම තෝරා ගති...
කඩෙන් මේ ආම්පන්න මිලදී ගෙන කෝල් එකක් දී බලන විට පමාලි තව විනාඩි 10ක් ඉන්න එනවායැයි කීවාය..
හරි මම එහෙනම් අනිද්ද එන්නද කියා ඇසුවාට චාමර තමා හමුවන්ට ඒවි යයි අනිවාර්යෙන්ම පමාලි නොසිතීය..ඉන්පසු ඊයෙ රෑ කතා කොට එහෙනම් අපි හෙට ඔයාලයෙ දිහෑ...ඔයා ටවුමට එන්න මමත් එන්නම් ..අපි හිතුන බස් එකක හිතුන පැත්තට යමු..
ඕනි නෑ ලමයො ඔයා ගෙදර එන්න පමාලි කීයේය..ඇය සමඟ රවුමක් යෑමට සිටි චාමරට සිය හීනය ලඝු කොට ගන්නට විය..
හරි මම එන්නම්..එහනම් මෙහෙන් 0730ට ඔහෙට 1030 වෙනකොට ඇති හරිද??
හරි හරි එනවකො..
මේ අපි දෙන්න නිකං ඇන්ටියි පුතයි වාගෙ වෙයිද දන් නෑ නේ...
මේ චමී...මගෙන් අහගන්න එපා හරිද..මට මතකනේ ස්කයිප් එකේ..මිනිහගෙ තරම..නෑ සමහරවිට සීයයි මිනිබිරියි වාගෙ වෙයි...
විනාඩි 10ක් ගිය තැන චාමර ෆෝන් එකේ වෙලාව බැලීය..දැන් නම් වෙලාව හරි වාගෙය..මිස් එක්ක ගහන්නට හදනවාත් සමඟම තුන් සක රියක් පැමිණ නවත්වා..මේ චමී...යැයි ඇතුලෙන් කෑ ගැසීය...
දෙදෙනා තුලම විස්මයක් ඇතිවිය..අමාලි සිතුවෙ මේ චාමර කීවතරන් නරකක් නෑ.කෙට්ටුත් නෑ...
චාමර සිතුවේ...සික් අපරාදෙ මම කෙල්ල කැත ඇති කියල තමයි අර බෝඩිමෙ නිකං හිටපු මිගාරයවත් ඇදන් ආවෙ නැත්තෙ..සික් මේ කෙල්ල කොයි තරං හොඳද අර මිගාරයගෙ පතෝල කුමාරියට වඩා...
කොල්ලා මිදි පාර්සලය රැගෙන ගොසින්,සැනෙකින් ආපසු විත් තැන් කූ යැයි කීය..කුස්සියෙන් සිනා හඬ අතරින් සිරියා ඇන්ටි හෙවත් පමාලි ගේ මව කීවේ..පුතේ දෙනකොට තැන් කූ කියන්නෙ නැතුව දැන් කියල මොනාටද??
ඉතිං කිරි අම්මෙ මට මතක් උනේ නෑනෙ...කොල්ලාද උත්තර දුනි...
කොල්ලාට ඇති පත්තර ගෙනත් චාමරට පෙන්වීය..ඉන්පසු ඔහුගේ පිංතූර පොත් ගෙනත් පෙන්වීය..මේ අතර නැති වූ කුමක් හෝ කොල්ලා සොයන්ට විය..අම්මෙ අර ගනන් කරන එකයි අයන්න කියන එකයි නෑනෙ...
කුස්සියට ගොස් ගජරාමෙට උයමින් සිටි මව්ට කරදර දෙන්නට විය..බලන්න පුතේ ඔය කොහෙ හරි ඇති..නිමාලි කීය..
දැන් පුතාගේ කිරි අම්මා වන සිරියා ඇන්ටිද පැමිණ සෙව්වත් හමු නොවීය..ඉන්පසු බලන්න පුතේ කිරි අත්ත ගත්තද දන්නෙ නෑ යයි කීය...
කිරි අත්තේ කිරි අත්තේ මෙග් අර අයන්න කියන එක දැක්කෙ නැද්ද???මම දැක්ක අයන්නක්නෑ කොලු අර සුදු අම්මගෙන් අහන්න..කොල්ලාගේ සීයා කියන්නට විය..මොහු මේ සොයන්නේ අකුරු ඇමිණිය හැකි කුඩා සෙල්ලම් පුවරුවක් විය හැකි බැවු චාමරට පසක් විය..ඒ අතර වටපිට කියවන්ට හෝ යමක් ඇති දෝයි චාමර විමසා බැලීය...කතා පොතක්...සුජීව ප්‍රසන්න ආරච්චි ඒ වර්ගයෙන් පොත් 3-4ක් වුව සොයා ගැනීමට පුලුවන් විය..එහෙත් චාමරට එය දිරවන විශයන් නොවීය..
කොලුවාද එහෙට මෙහෙට වන්නට විය..චාමර සාලයේ තනි විය..රූපපෙට්ටිය සහ ෆෝන් රේඩියෝව චාමරට තනි රකින්ට විය..
පුස් බයිසිකලයක් ගේ ඉස්සරහ නවත්වන හඩින් චාමර ගේ සිත කලබල විය...මේ කවුද?/ඇවිත් කුස්සියේ සිට දිව ආ අමාලි අම්මාට ඇසෙන සේ කෑ ගැසුවාය..
ආ මේ මලී දන්න කියන කෙනෙක්නේ..
මාව අඳුනන්න බැරිද පැමිණි තැනැත්තා පමාලි ගෙන් විමසීය..
බෑ..
දැන් අවුරුදු ගානක් රට හිටපු එකේ අපිව අමතක වෙල ඇති...
ආ පුද්ගලයා අඳුනන හා පමාලි අඳුනන කීප දෙනකුගේ නම් ගම් කිව් නමුත් දෙදෙනාම අඳුනන කීප දෙනෙකු හැර වෙනත් සම්බන්ධයක් සොයාගත නොහැකිවිය..මේ දෙබස් අසාගෙන ගුවන් විදුලි නාටකයකට මෙන් සවන් දීගෙන සිටි චාමරට මෙය ගැටලුවකි..
ඒ පුද්ගලයා බැඳපු කෙනෙකු වන බව පමාලිගේ මව ඔහුගෙන් විමසූ කාරනා කාරනා වලින් දැනගත හැකිවිය..නමුත් සරමක් ඇදගෙන හඩු පෙනුමැති ශර්ට් එකක් ඇඳ පැමිණි මොහු මනමාල හිතකින් නොපැමැණි බවනම් චාමරට ස්ථිර විය...
පමාලි ගැන පවුලේ අය ගැන කතා කල මොවුන් වෙනත් විදේශ රැකියාවන් සම්බන්ද දේපිළිබඳ කතාව වෙනස් කරන ලදී..මේ අතර හොදින් සකසා තිබු කෑම මේසයට දවල් වන බැවින් චාමර කෑම මේසයට යන ලදි..
නිමාලිද රෑකියාවකට පිටරට යෑමට සිටින බැවි න් ඒ සම්බන්ද දේකටය මේ අමුතු මිනිස පැමිණ තිබුනේ...
සිරියා....=දැන් පුතේ මෙහෙමයි ඔයා ඔය හොයල තියෙන්නෙ සැලුන් එකක් මේ ළමයිට ඕව බෑනෙ..ඉතිං ගෙවල් වැඩට හෙම තමයි හෙව්වෙ..මේ පාර මේ දෙන්නම එක්ක යන්න කියල තමා ඔය තැන් තැන් වල හෙවිල්ල කරන්නෙ...
ඒත් ඉතිං මේ හුරතල් කොල්ල දමල රට යනවට මමනම් බිංදුවක්වත් කැමත් නෑ..
ආගන්තුකයා...=මේ අයට සහතික නැති නිස කෝමත් කෙලින්ම සැලුන් එකකට කියල වීස ගන්න අමාරුයි..ගෙදරට කියල අරන් පස්සෙ තමයි ඒක වෙනස් කරල ගන්න වෙන්නෙ..
හ්ම් එහෙනම් එහෙම තමා ඒ අයගෙ පවුල් සංස්ථාව හැදිල තියෙන්නනෙ නේ...?
ReplyDeleteස්තුතියි ඔබට
ReplyDelete