Tuesday, June 21, 2011

ජෙනුයින් සොෆ්ට්වෙයාර් ගන්න සල්ලි නැති අපි ඇත්තටම දුප්පත්ද??



පරිඝනකයක් මිලදී ගන්නා විට එහි මෘදුකාංග පහසුකම(Softwares )  කෙතෙක්දැයි සාමාන්‍යයෙන් සලකා බැලිය යුතු වෙයි..නමුත් ලංකාවේදී පරිඝනකය යනුවෙන් අපි දකින්නේම එහි ඇති හාඩ්වෙයාර් පහසුකම් පමණි.වෙනත් බොහෝ දියුණු බටහිර සහ වෙනත් රටවල විකිණීමට ඇති පරිඝනක ඔබට අන්තර්ජාලයෙන් පහසුවෙන් බලාගත හැක.. එහිදී සාමාන්‍ය වැසියන් භාවිත කරන අලුත් පරිඝනක විකිනීමට ඇති ‍විටක එහි ඇති දෘඩමය තාක්ශනික මෙවලම් වල ක්ශමතාවය මෙන්ම එහි ඇති මෘදුකාංග පිළිබඳවද මනාව සඳහන් කරනු ලබයි..එයට පැහැදිලි සරල උදාහරණයක් නම් ලංකාවට ගෙඩිපිටින් එනම් කෑලි වෙන වෙනම නොව සම්පූරනයෙන්ම ගෙනඑන පරිඝනක (branded computer)සහ ‍කුඩා ප්‍රමාණයේ පරිඝනක වල (laptop, palmtop, notebook)  එම පරිඝනකය මිලදී ගන්නා අවස්ථාවේදීම පරිගණකයට මෘදුකාංග ඇතුලත් කොට ඇත..ඒවාට අමුතුවෙන් අලුතින් මූලික මෘදුකාංග (operating systems)  ඇතුලත් කොටගත යුතු නොවේ..එහෙත් ඉදිරියට වැඩකරගෙන යෑ‍මෙදී භාවිත කරන්නාගේ අවශ්‍යතාවය සහ රුචිකත්වය මත වෙනත් අවැසි වැඩසටහන් ඇතුලත් කොටගත හැක..මෙහිදී දැනට ලබාදෙන නවීන වින්ඩෝස් ඇපල් හා වෙනත් ලිනක්ස් පරිඝනක මූලික මෘදුකාංග සමඟ නොමිලේම වෙනත් සාමාන්‍ය භාවිතයට අවැසි මෘදුකාංග කීපයක් ඇතුලත් කොට එවයි.උදාහරන ලෙස නවතම වින්ඩෝස් 7 සංස්කරණය සමඟ සාමාන්‍ය ලිපියක් ලියා ගත හැකි මට්ටමේ වර්ඩ් පෑඩ් එකක්ද.ගෘහස්ත භාවිතයේදි වන යෙදීම් සඳහා සරල වීඩියෝ එඩිටිං යෙදීමක්ද,,වීඩියෝ සහ ශබ්දය රසවිඳීමේ අවශ්‍යතා සඳහා මීඩියා ප්ලේයර් විශේෂාංගයද,,සීඩී ලිවීම හා කියවීම සඳහා සීඩී ලිවීමේ මෘදුකාංගයක්ද නොමිලේ ලබ‍ාදෙයි...මේ ලබාදෙන මෘදුකාංග විසාල ප්‍රමාණයේ වෘත්තීය අවශ්‍යතා සඳහා නොගැලපුනත් සාමාන්‍ය ප්‍රමාණයේ වැඩකටයුතු සඳහා සෑහේ...

විවෘත ලිනක්ස් මෘදුකාංග..

ලිනක්ස් මෘදුකාංග පද්ධති කලකට පෙර බොහෝ ජනප්‍රිය වූයේ ජාලකරණ අවශ්‍යතා සඳහා වෙයි.. නමුත් අද ‍වනවිට ලිනක්ස් මෘදුකාංග බෝ සෙයින් ජනප්‍රිය වෙමින් පවතී..මුදල් මත පදනම් නොවූ රාජ්‍ය නොවන සංවිදාන සහ ලෝ පුරා විසිරී පැතිරී ඇති ලිනක්ස් දියුනු කරන්නන් විවිදාකාරයෙන් වඩා ජනතාවට සමීප වන ලෙස ලිනක්ස් මෘදුකාංග තනා ඇත..මේ ලිනක්ස් යනු කලකට පෙර පැවති  අකුරු ටයිප් කර විධාන ලබාදීම මඟින් බොහෝ ඉදිරියට ගොස් බහු ස්පර්ශ තිර තාක්ශනයට (multi touch system) පවා අති සාර්තක ලෙස එලැඹ ඇත..සාමාන්‍යයෙන් සෝස් කෝඩ් හෙවත් මූලික කේත භාවිතය නිදහස් වීම නිසා ලෝ පුරා සිටින බුද්ධිමත් පරිඝනක තාක්ශන ශිල්පීන් විසින් දියුණු කරන ලද ප්‍රබල පදනමක් ලිනක්ස්‍ බොහෝ සංස්කරන සතුව පවතී..නිවසේ භාව්තයට ගැනීමට සුදුසු ලිනක්ස් සංස්කරන කීපයක් ලෝකයේ ඉතා ජනප්‍රිය මෘදුකාංගවලට අභියෝග කරමින් ‍ඔවුන් හා කරට කර ගමන් කරයි..ඒවායින් ලංකාව තුලද උබන්ටු ෆෙඩෝරා සහ ඕපන් සූස් නම් මෘදුකාංග සිසුන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද ජනප්‍රිය වෙමින් පවතී.. උබන්ටු මෙහෙයුම් පද්ධතිය ලංකාවේ ස්කූල් නෙට් නම් ජාලය හරහා නොමිලේම විනාඩි ගනනාවක් ඇතුලත බාගත කිරීම් කලහැක..එසේම සමහර ආයතන මඟින් නොමිලේම මෙම මෘදුකාංග තැටි ලෙස එවනු ලබයි..එමෙන්ම මේ මෘදුකාංග වලට සේවා සපයන්නේ එසේ මෙසේ අය නොවේ උබන්ටු සොෆ්ට්වෙයාර් සඳහා අනුග්‍රහ දක්වන මාක් ෂටල්වර්ත් නැමැත්තා කර්මාන්ත සඳහා පරිඝනක මෘදුකාංග සැකසීමේ යෙදී සිටින ලෝ ප්‍රකට ධනවතෙකි..මේ ඔපරේටින් සිස්ටම් ඉන්ස්ටෝල් කලපසු සාමාන්‍ය භාවිතය සඳහා වෛරස ආරක්ශන මෘදුකාංග අවැසි නොවේ..මන්ද ලෝකයේ සිටින විශාල බුද්ධිමත් ක්‍රමලේඛන ශිල්පීන් හරහා එම මෘදුකාංග වලට අවැසි යාවත්කාලීන වීම් සිදුවන බැවිනි..බොහෝ මෙවැනි ඔපරේටින් සිස්ටම් සමඟ නොමිල‍යේම වාගේ අපට යූසර් ගයිඩ් එකක් හෙවත් අත් පොතක් ලැබේ..ලංකාවේද භාවිත කරන්නන් මීට වඩා ඉහල ගියහොත් මේ සියලු අත්පොත් සිංහලෙන්ම ගත හැකි වනු ඇත..සාමාන්‍ය පරිගණකයකින් ලබාගන්නා බොහෝ දේවල් මේ ලිනක්ස් ඕඑස් තුල ඇත..ඔෆිස්.ගේම්ස්,වීඩියෝ එඩිටින්,ෆොටෝ එඩිටින්,ඉන්ටර්නෙට් ආදි බොහෝ දේ සඳහා නිර්මාණය වූ ,,සිය ගනන් මෘදුකාංග කට්ටල විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා නොමිලේම ස්ථාවර ලෙස ලබාගැනීමේ හැකියා ව මේ ලිනක්ස් බාවිත කරන්නන්ට නොම්ලේම ලැබේ..
           මේ කෙසේ කීවත් නිකම් නිකන් දුන්නත් මේ ඕපන් සෝස් එපා යැයි කියන පිරිස සිටිති..වෙනස් වීමට අකමැති බොහෝ අය පරිගණකයට වින්ඩෝස් හැර වෙනත් විකල්ප නොදකිත්..මේ ලිනක්ස් සහ වින්ඩෝස් සන්සන්දනය කිරීම නම් අමනෝඟඳ ක්‍රියාවක් වෙයි..එය නිකම් ‍වෙනස් වර්ග දෙකක ‍නවීන කාර් සෙට් හෝ රේඩියෝ කැසට් දෙකක් සන්සන්දනය කිරීම හා සමානය..එකක හඬ වැඩි කිරීමේ බොත්තම රවුංය අනිකේ දිගය..එකක් ‍සී ඩී දමන්නට පුලුවන් එකකි අනෙක මෙමරිකාඩ්ද දැමිය හැකි එකකි..අපි කුඩා කල සිට දැක ඇත්තේ වැඩ කර ඇත්තේ වින්ඩෝස් සමඟ වෙයි නුපුරුදු දෙයක් කෑමේදී,බීමේදි,හා භාවිතයේදී ඇතිවන ස්වයංක්‍රිය පිළිකුල මුසු බය සොෆ්ට්වෙයාර් භාව්තයේදීද අදාල වෙයි..එනම් වින්ඩෝස් වලින් ලිනක්ස් විසඳුම් සඳහා නැඹුරු වීමේ බිය වෙයි..කෙතරම් භාවිත කරන්නාට පහසු ලෙස තැනුනත් ලිනක්ස් ජනප්‍රිය නොවීමට එක් හේතුවකි ඒ...
අනික නම් අසහාය මාකටින් ව්‍යාපාරයයි..අද ‍ඔබ විසින් යන පොත් ප්‍රදර්ශනය,,බලන පරිඝනක අධ්‍යන වැඩසටහන..සහ ඔබ ආසම කරන රූපවාහිනී වැඩසටහන, සතිපතා පත්‍රයේ ඇඩ් සහ මල් කොටසේ මේ මෘදුකාංග සම්බන්ධ නොයෙකුත් වර්ණ චිත්‍ර විදහා දක්වයි..මයික්‍රොසොෆ්ට් සමාගම මඟින් විශ්ව විද්‍යාල තුල ඉගෙනුම ලබන සිසුනට තම පරිඝනක මෙහෙයුම් පද්ධති ලාබෙට හෝ සමහර විට සම්පූරණයෙන්ම නොම්ලේ දෙති..ඔවුන් වින්ඩෝස්වලට වහල් වී වින්ඩෝස්වල ම හිර වීම එම මෘදුකාංග සමාගමේ වාසියට හේතු වෙයි..
තාක්ශනිකව ලිනක්ස් දියුණු කිරීමට මානසික අතින් දියුනු ශල්පීන් බොහෝ වූවත් ඔවුනට ඒවා මාකටින් කිරීමේ ක්‍රමවේදයක් නොමැත..මන්ද ඔවුන් ලාබ ලබන අයවුලුන් නොවන බැවිනි..ලිනක්ස් සඳහා සොෆ්ට් වෙයාර් ලියන..සහ බෙදාහරින සමහර අයවලුන් එම වෙබ් සයිට් වල දැන්වීම් ‍පල කොට ආදායම් ලැබීමට තරම් දුප්පතුන් වන අවස්ථාද ඇත...
අඩුබල පරිඝනකවලින් වැඩි කාර්යක්ශමතාවක් ගතහැකිවීම..එදිනෙදා ජීවිතයෙදි සහ වෙනත් අවශ්‍යතාවලදී තෝරාගැනීමට විශාල ප්‍රමාණයක් නොමිලේ දෙන මෘදුකාංග පැවතීම..අන්තර්ජාල පරිහරණයේදි දත්ත සහ වෙනත් පරිඝනක උපාංගවල ආරක්ශාව තහවුරු වීම..ඉතා කුඩා රලු ඉඩක් තුල බාවිතා කල හැකි නිසා කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර සඳහා ‍බාවිත කල හැකි වීම ලිනක්ස් තුල ඇති අටෝරාසියක් ප්‍රයෝජන වලින් කීපයකි..

භාවිතා කිරීමේ විවෘත මෘදුකාංග (open source application software)

කාර්යාල කටයුතු

     කාර්යාල කටයුතු සඳහා ජනප්‍රියම මෘදුකාංගය නම් වින්ඩෝස් ඔපිස් වන අතර ඒ හා සමාන සහ ඊට ත් තරමක් එහා ගිය මානයන් විවෘත කොට පෙන්වන ඕපන් සෝස් නිර්මාන දැන් කරලියට විත් තිබේ..මෙයින් ලිබ්‍රා ඔපිස් සහ ඕපන් ඔෆිස් ජනප්‍රිය ඒවා වෙයි..ඊට අමතරව ඇබි වර්ඩ්..නියුමැරික්ස් ආදී ‍මෘදුකාංගද වෙයි..මේ මෘදුකාංග ‍බොහොමයක් ලිනක්ස් මෙන්ම අනෙකුත් සෑම වින්ඩෝස් සංස්කරණයන් සමඟ කිසිදු ගැටලුවකින් තොරව ක්‍රි‍යාකරනු ලබයි..සම්පූරණයෙන්ම පාහේ නොමිලේදෙනු ලබන මේ ඔෆිස් කට්ටල වල තාක්ශනික ගැටලු ඇතොත් වහා අන්තර්ජාලය හරහා ඒවාට විසඳුම් ලබා දෙයි..මා දන්නා ලංකාවේ ආයතන කීපයක් සිය පරිපාලන වියදම් අවමකිරීමේ ක්‍රමයක් ලෙස මේ වෙනත් ඕපන් සෝස් ඔෆිස් සඳහා මාරු වීමේ ක්‍රමවේදයක් දියත් කරනු ලැබීය..ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව එයින් මතකයට නැගෙන එකකි..ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද සි‍ය අධික මෘදුකාංග වියදම අඩුකර ගැනීමට විශාල ලෙස මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය අවැසි නොවන අයවලුන් සඳහා ඕපන් ඔෆිස් ලබාදීමේ මූලික සංගණන කටයුතු අරඹා ඇත..

වීඩියෝ එඩිටින්...

වීඩියෝ එඩිටින් වලට නම් ලිනක්ස් සහ වින්ඩොස් වල යන දෙකේම සුමටව වැඩකරන ප්‍රබල මෘදුකාංග නැත..ලිනක්ස් අතුරුමුනත තුල වැඩකල හැකි වාණිජ මට්ටමේ ප්‍රයෝජන සඳහාද උපයෝගි කරගත හැකි මෘදුකාංග විශාල ලෙස දැන් භාවිතයට එක් වෙමින් ඇත..කලකට ඉහත ඩයලොග් ටීවී හරහා විකාශය වූ ලර්න් ටීවී (Learn TV) සහ ධර්මවාහිනී යන කුඩා රූපවාහිනී නාලිකා දෙකේ සියලු වීඩියෝ එඩිටින් කටයුතු සිදුවූයේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති පාදක කොටගත් මෘදුකාංග වලිනි..එකල සිනලේරා නම් වු මෘදුකාංගයකුත් වෙනත් මෘදුකාංග කීපයකුත් ඒසඳහා ඉතා සාර්තක ලෙස බාවිතා කරන ලදී..මීට අමතරව දැනට රජයෙන් ගෙනයන මෘදුකාංග වැටලිමේ ක්‍රමය නිසාත් හාඩ්වෙයාර් අඩු පසුබිමක වැඩි කාර්යක්ශමතාවක් ගතහැකි නිසාත් දැන් කුඩා ප්‍රමාණයේ වීඩියෝ එඩිටිං (video songs, function covering)කරනු ලබන අයද ලිනක්ස් පාදක වීඩියෝ එඩිටිං කරා යොමුවීමේ ප්‍රවනතාවක් ද ඇත..

පින්තූර සැකසීම..

   පින්තූර සැකසීම කිව් සැනින් මතකයට නැගෙන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි..එහි ඇති සියලු ගතිගුන වලින් නොඅඩුව තවත් දියුනු දෘශ්‍ය උපකාරක සහිත පින්තූර සැකසීමේ මෘදුකාංගයක් ලෙස ගිම්ප් (Gimp)දැක්විය හැක..මේ ගිම්ප් මෘදුකාංගය නම් ලිනක්ස් වින්ඩෝස් යන දෙකෙන්ම කරදරයක් නැතිව ධාවනය කල හැක..‍මඳක් ෆොටෝෂොප් වලට වඩා පෙනුමෙන් වෙනස් උවත් කිසිදු ආයාසයකින් තොරව පුහුනු පුද්ගලයෙක්ට මේ පින්තූර සැකසුම් මෘදුකාංගය භාවිත කල හැක..
අන්තර්ජාල පහසුකම්..
    ස්කයිප් ‍වැනි මෘදුකාංගද ඩික්ශනරි වැනි මෘදුකාංගද ජාලකරන ක්‍රමය හරහා ලබාගැන්මේ පහසුව ලිනක්ස් සතුව ඇත..ස්කයිප්ද..ගූගල් ක්‍රොම්,ෆයර්‍ෆොක්ස්,ඔපෙරා වැනි බ්‍රව්සර්ද කිසිම අවහිරතාවයකින් තොරව ලිනක්ස් වල මෙන්ම වින්ඩොස් වලද නොමිලේම ස්ථාපනය කරගත හැක..අන්තර්ජාල බාවිතා කරන මෝඩම, වයර් රහිත උපාංග,මොබයිල් ෆෝන් බොහොමයක්ද ලිනක්ස් සමඟ එකසේ ක්‍රියාත්මක වේ..එහෙත් සමහර අවස්ථාවල උපාංගය හඳුනාගැන්මේ දෝශ (driver issues) ලිනක්ස් සමඟ පැමිණියත් එම උපාංග බොහෝවිට අනුමත ප්‍රමිතියට අනුව නියම තත්ව වල ඒවානම් එසේ වීමේ හැකියාව අඩුය..සරලවම කීවොත් වෙළදපොලේ තිබෙන වයර්ලස් මොඩම් සියල්ලම සමඟ ලිනක්ස් වැඩ කිරීමට පහසුකම නොතිබෙන්ට පුලුවන..එහෙත් බොහෝ විට එය ලෝපතල නිශ්පාදනයක් නම් එය ලිනක්ස් මඟින් හඳුනාගනී...

ඉංජිනේරුමය සහ නිර්මාන සැකසීමේ අව්‍ශ්‍යතා..

මේකියන ඉංජිනේරුමය අවැසිතා වන කැඩ් ඩ්‍රෝවින් ඇඳිම සහ ත්‍රිමාණ සජීවීකරන මෘදුකාංගද ලිනක්ස් වල පැවතියත් ලියුම්කරු ඒ ආශ්‍රිත කිව් කැඩ්(Q cad) නැමැති මෘදුකාංගය පමණක් දැක ඇති අතැර මාකලින් කී ධර්මවාහිනී නම් ස්ටූඩියෝවේ ත්‍රිමාණ සජිවිකරනද සිදුකරන ලද්දේ ලිනක්ස් වලින්ම බැවි කීමට දනිමි..

විවිධ මුලික පද්ධති(operating Systems) වලට අදාල පොදු බාවිත මෘදුකාංග (application software)
තැනීම..
 
බොහෝ ජනප්‍රිය බාවිත මෘදුකාංග (application software) බොහොමයක් ලිනක්ස්, වින්ඩෝස්,ඇපල් යන වේදිකා තුන හතරටම හරියන ලෙස බාගන ස්ථාපනය කිරීමේ හැකියාවෙන් දැන් සමන්විත වෙයි..
*වීඩියෝ ඕඩියෝ සඳහා වී එල් සී, එම් ප්ලේයර්,(Vlc,Mplayer)
*අන්තර්ජාල ඇමතුම් සඳහා ස්කයිප්...(skype)
*වෙබ් බ්‍රව්සර්(web browser)
*සිංහල යුනිකෝඩ් පැකේජය (sinhala and tamil unicode installation pack)

එසේ විවිධ ඔපරේටින් සිස්ටම් සඳහා එකලෙස අවසන් ප්‍රතිපල ලබාදෙන ඇප්ලිකේශන්‍ සොෆ්ට්වෙයාර් සඳහා සීමිත උදාහරන කීපයක් වෙයි..

වලාකුල් පරිඝනක ක්‍රමවේදය..(cloud computing)

මෙය දැනට ඉහල පරිමාවකින් යුතු ජාලකරන සැකසුමක් සහිත (Wideband Network Facility)රටවල සාර්ථක ලෙස බාවිතා වන ක්‍රමවේදයකි..මෙය සංකල්පීය ලෙස ගතහොත් වෙනස්ම ආකාරයකි..එනම් දැන් මෙන් සියල්ල දෘඩ තැටිවල ඔබාගැනීමේ ක්‍රමවේදයක් මේතුල නැත..වලාකුල් ලෙස චිත්‍රනය කරනු ලබන විවිධ භෞතික ස්ථානවල ඇති දත්ත ගබඩා මඟින් ලබාගන්නා දත්ත මත පදනම් වූ ක්‍රමයකට මේතුල ක්‍රියාකාරකම් සිද්ධ වේ..මෙහිදී ස්කයිප් වෙබ් බ්‍රව්සර මෙන් කුඩා ප්‍රමාණයේ මෘදුකාංග කොටසක් පමණක් පරිගණකය තුල ස්ථාපනය කරනු ලබන අතර අනෙකුත් බොහෝ දේ ජාලය හරහා සිදු වෙයි..අප සරල උදාහරනයක් ගමු අපි ඊ මේල යවනවිට අකුරු විසාල කිරීමට සැකසීමට සීමිත අවස්ථාවක් අපිට ලැබේ ඒ හරහා ඊ මේලය හරහා යවනු ලබන අකුරු වෙනස් කල හැක..මෙය අපිට ඉතා සරල ලිපි සැකසුම් ක්‍රමයක් ලෙස බාවිත කල හැක..ගූගල් ඩොක්ස්
නමින් මේ ආකාරයේ ..ලිපි සැකසුම් ක්‍රමවේදයක් ක්‍රයාත්මක වෙයි..ඒ හරහා අන්තර්ජාලය හරහාම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එකම ලිපිය දහස් ගානකට එකවර ලබාගත හැකි ලෙසද සැකසිය හැක..අවැසි නම් එම ලිපිය සේව් කර තැබිය හැක..ඔබ ලෝකේ කොතැනක සිටියත් ඔබට තරමක් වේගවත් අන්තර්ජාල පහසුකම ඇත්නම් ඔබ නැවැතුවූ තැන් සිට ලිපිය සැකසිය හැක..දැනට ඔපිස් පැක් එක තුලැති බොහෝ දේ සරලවම මේ ගූගල් ඩොක්ස්(google docs) තුල ඇත..පවර්පොය්න්ට්..එක්සෙල් වැඩද මේ ඩොක්ස් හරහාම කරගත හැක..දැනට නම් ගූගල් ඩොක්ස් මුදල් අය නොකර සේවය සලසයි..එහෙත් මීට වඩා වෙනස් ඔන්ලයින් ප්‍රෝග්‍රැම් අන්තර්ජාලයේ ඇත..මෙහිදී අපිට අන්තර්ජාල පහසුව සඳහා වියදමක් දරන්ට වූවත් සාමාන්‍යයෙන් දිනකට පැය ගානක් ලිපි හෝ පරිගනක වැඩ කිරීමට නොමැති සාමාන්‍ය ජනයාට මෙය අලුතින් මිලදී ගන්නා නව සොෆ්ට් වෙයාර් එකක් තරම් සාක්කුවට බර වන විසඳුමක් නොවනු ඇත..මේ අයුරින් වෙබ් එක හරහාම ,,දැනට දත්ත සැකසුම්,එකවුන්ට් ,,පින්තූර සැකසීම් ආදි මෘදුකාංග සුලු මුදලකට හෝ සමහරක් නොමිලේම අන්තර්ජාලයේ සොයාගැන්මට හැක...ආයතනික මට්ටමින් මේ (cloud computing)සේවාව ලබාගැනීමේ ක්‍රමවේද ද දැන් දැන් ජනප්‍රිය වේගන එයි...අඩු මූලික උපාංග බාවිතයෙන් වැඩි වාසි ගත හැකි වීම මෙහි ඇති වාසිය වෙයි..එහෙත් විශාල ධාරිතාවල ජාලකරන පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් අවැසි වීම මෙහි ඇති මූලික දුර්වල තාවයකි..
මුදල් නැතිකම තාක්ශනයට බාදාවක් නොවේ එහෙත් යාවත්කාලීන දැනුම නම් වූ දේ නම් තාක්ශනය සමඟ ඉදිරියට යෑමට අත්‍යාවශ්‍ය වේ..සියල්ල කවුලුවක් තුලින්ම දකින්න උගන්වන අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව ගුරුවරයාගෙන් ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නා මට්ටමට එනම් කීකරු නොවූ මූසිලයින් තනන මට්ටමට ගෙන ආයුතුය..කී වදේ අහගෙන කටපාඩමින් පොත් වල ඇති දෑ කොල වල ලියන අප ට බාල පරපුර ද සියලු වැරදි වලට ලොක්කන්ට සහ ඇමරිකාවට දෙස් තියන දේවාල කපුවන් ගෙන් ඉදිරියට ගත යුතුය..
නැතොත් ලංකාව සිතියමකින් හෝ නොදැකපු ඇත්තන්ට අපේ රටට එරෙහි කුමන්ත්‍රන කරනවාය කියා බැනුම් ඇසීමට හෙටද සිදුවනු ඇත..

මා මෙය ලියන ලද්දේ රාවය පුවත්පතේ පලවූ

මෘදුකාංග තහනම සහ පරිගණකය වරප්‍රසාද ලත් පන්තියක බූදලයක් කිරීම

ලිපියට ප්‍රතිචාර වශයෙන් වන අතර මෙහි මෘදුකාංග එනම් ඕපන් සෝස් මෘදුකාංග භාවිතා වන ස්ථාන ගැන මාගේ ලිපියේ ඇත්තේ අඩු තොරතුරු ප්‍රමාණයකි ..එය ලිපියේ අඩුපාඩුවකි. අප වෘත්තීය මාධ්‍ය වේදින් නොවේ..එහෙත් මේ කියවන අය ඇත්තටම ඕපන් සෝස් වලින් දුවන සිස්ටම් ධාවනය වන ස්ථාන දනී නම් කොමෙන්ට් කරන මෙන් ඉල්ලා සිටිමි..
මා මෙය රාවය පුවත්පතේ අදාල ලේකඛයාට කතාකොට අවධානයට යොමුකරන ලදී ..ඉන්පසු මෙය ඊ මේල් කරන ලදී.ඔහු විසින් එයට කරනු ලබන්නේ කුමක්දැයි මා නොදනී..එහෙත් මා හට කල හැකි සුලු දේ මා කලෙමි..


18 comments:

  1. කියෙව්වහම ඇඩුන. මේ ලිපිය ගැන මම වචන දෙකකින් මගේ සතුට පල කරමි.

    එළ කිරි...

    ReplyDelete
  2. හොඳ ලිපියක් සහෝ ...මගේ නම් අදහස නිදහස් මෘදුකාංග හා වානිජ මෘදුකාංග අවශ්‍ය පරිදි යොදා ගන්න එකයි කරන්න ඕනි කියල මොකද සමහර වාණිජ මෘදුකාංග වලින් කරගන්න දේවල් නිදහස් මෘදුකාංගයකින් කරගන්න ඉතාම අමාරුයි . විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේදි , අනික් අතට අපේ අය වානිජ මෘදුකාංග භාවිතා කරන ගොඩක් වැඩ නිදහස් මෘදුකාංගයකිනුත් පහසුවෙන් කරගන්න පුලුවන් .

    ReplyDelete
  3. katawa atta

    habai Suddanta tikak hor kalata kamak na
    un ape ratawal wala dewal uduragena gihin sapa widina eke....

    yatath wijitha widihata tiyagena hora kapu dewal ohoma hari aran prayojana gattata kamak na

    ReplyDelete
  4. කියල වැඩක් නෑ... නිලම ලිපියක්! මමත් මේ ගැන බුවාගෙ මතය එක්ක එකඟයි. ඔය දෙකෙන්ම ගත යුතු දේවල් තියෙනවා. වෘත්තීය මට්ටමේ සමහර දේවල් වලට විවෘත කේත මෘදුකාංග තවම දියුණු වෙලා මදි. නමුත් කෙනෙක්ට සම්පූර්ණයෙන්ම වාණිජ මෘදුකාංග වලින් ගැලවෙන්න පුළුවන් යම් දවසක් එයි නුදුරේදිම....

    ReplyDelete
  5. මේ ලිපිය ගැන විතරක් නෙවෙයි... සමස්ත මූලික ලිපිය තුළම ඕපන් සෝස් පිළිබද කළ ප්‍රකාශය ගැන මම එම මාධ්‍ය වේදියාට පැවසුවා...ඒ සම්බන්ධව ගන්න පියවර කුමක්ද කියා නම් ඔහු සදහන් කලේ නැහැ..මම තවදුරටත් උත්සාහ කරන්නම්

    ReplyDelete
  6. නියමයි ගොඩක් වැදගත් ලිපියක්.........

    ReplyDelete
  7. සුපිරි. ගොඩක් අය බය වෙලා ඉන්න දෙයක් මේ ඕපන් සෝස් කියන්නෙ!! ඒ වගෙ අයට බොහොම හොද පිළිතුරක්. අප තව දුරටත් අපව සිය පාලනයට යටත් කර ගන්නට වෙර දරන වාණිජ මෘදුකාන්ග වලට වහල් විය යුතු නැත.

    ReplyDelete
  8. රෙස්ලින් බලන්න ඔනෑ නම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  9. රෙස්ලින් බලන්න ඔනෑ නම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  10. නිදහස් වචන ටික මරු.. හැම වචනෙකම වටිනාකම කියලා නිම කරන්න බැ.. මරු ටෝක් ටික

    ReplyDelete
  11. ඔබ සැමට ප්‍රතිචාර දැක්වූවාට තුති.....

    ඇත්තෙන්ම මාධ්‍යවේදියා මේ සම්බන්ධව කියන කාරනා සමහරක් අවිවාදිතයි...
    රජය සමාගම් සමඟ සාකච්චා කොට මිල අඩු කරගැනීම..වාගෙ දේවල් විය යුතු දේවල්...
    මේව දියුනු රටවල සාමාන්‍යයයි..

    බහුතර ජනතාවගේ ආකල්ප ගැන ප්‍රස්නයකුත් මෙතන තියෙනව..
    දැන් ඔන්න ලැප්ටොප් වලට එන්නෙ ඔරිජිනල් ඕ එස් එක වින් 7 නේ මේ දවස්වල..
    ඉතින් ඔරිජිනල් ඕ එස් එකට වෙන හොරකොපි පොටෝසොප්,ඔපිස්,හෙම දාන්න බෑනෙ...
    ඊට පස්සෙ සික් මේකෙ ඔපිස්වත් දාන්න බෑ කියල අමාරුවෙන් පාටිෂන් කරල..හොර වින් 7 දමල හොර කොපි ඇප්ලිකේශන් ටික දමාගන්නව..
    සමහර විට ඒ ලැප් එකෙන් කොරන්ෙන ෆේස්බුක්,ඊ මේල්,ස්කයිප්,වීඩියෝ බැලීම වාගෙ දේවල් ටිකක් විතරයි....

    ReplyDelete
  12. Open Source Roxxx.....Virus ne..hardware prashna nee...ape sama "Harak" mewa gena danne nethiwa ude hawasa Bill Gates wa posath karanna hadanawa...

    ReplyDelete
  13. මේ ලිපිය නම් ඇත්තටම එළකිරි. මගේ තියෙන්නෙ ඔරිජිනල් වින්ඩෝස් OS එකක්. හරියට පතෝල වගේ. විශේෂ හොඳකුත් නැහැ. නරකකුත් නැහැ. ඒත් මේක කියවුවාට පස්සෙ නම් ලිනක්ස් වගේ එකකට ආසාවක් ඇති වුනා. මට OS එක මාරු කරන්න වුනොත් අනිවාර්යයෙන්ම මගේ මීලඟ විකල්පය වින්ඩොස් හොර කොපියක් නම් නෙවෙයි.
    ආයෙත් කියනවා ලිපිය නම් සුපිරියි.ඒක කොමෙන්ට් කරන්න ඕන නිසා කියනවා නෙවෙයි. හදවතින්ම කියන දෙයක්...කවුරු හරි දන්නවනම් මේ කාරණය මීට වඩා හොඳට ලියපු තැනක් අනේ අපිටත් කියන්න..

    ReplyDelete
  14. niyamai.niyama adahas tika

    ReplyDelete
  15. එළ කිරි.ilaga akedi Android ගැනත් දාමු.
    thanks

    ReplyDelete
  16. මචං උඹේ කතාව සහතික ඇත්ත.ඕපන් සෝස් ගැන කට්ටියට නිසි අවබෝධයක් නෑ.මම පුද්ගලිකව උබුන්‍ටු,ෆෙඩෝර, සහ අනෙකුත් ලිනක්ස් පද්ධති බාවිතා කරන නිසයි මේ කියන්නෙ.ඔය ගැන මමත් ලිපියක් ලියන්න තමයි හිටියේ තාම වෙලාවක් ලැබුනෙ නෑ.

    ReplyDelete
  17. ගොඩක් වටිනා ලිපියක්

    ReplyDelete